ටුඩේ මෝනින් ඒ කියන්නේ අද උදේ... මං රාජකාරි... ඒ කියන්නේ අඛණඩ රාජකාරි... අකණ්ඩ කියන්නේ ඉතිං කන්ටිනිව් රාජකාරි.. ඩියුටි කන්ටිනිව් කියන්නේ ඉතිං කන්ටිනිව්..ෂරිය... ඉතිං උදේට කන්ට මොනවා හරි ගේන්ට ඕන හින්දා ජයේ අයියට ටිකක් බලා ගන්ටය කියලා මං ගියා පාර පැත්තට මොනවා හරි ගේන්ට කියලා...
උදේ හයයි හතළිස් පහ වෙද්දී ඉතිං හැම කඩේම ඇරලත් නැහැ..ඇරලා තිබුනත් ඒ හැටි දෙයක් ඇත්තෙත් නැහැ.. ඒ හින්දා රෑං ගාලා ගියා සුවර් එකටම ඇරලා තියෙන කඩේ වෙච්ච හොස්සපිටැල් එක ඉස්සරහා කඩේට... බයිසිමෝටෝව නවත්තලා කඩේට ඇතුළු වෙන ගමන් ඇහැ ගියේ හොස්ස පිටල් එක පැත්තේ ඒ කියන්නේ පාරේ අනිත් පැත්තේ තිබුණ බස් නැවතුමට... උදේ වැඩි හින්දා බස් හෝල්ට් එකත් නිකං පාළු වෙලා වගේ... නැත්තං දවල් වෙද්දී ඔතන නිකං තොරණ වගේ ප්ලේස් එක.. හප්පා ඇෂ් වල පොට යනවා හරියට බලන්න ගියොත්... ලෂ්ෂන දේවල් බලන්ට හම්බ උන දෑෂ් දෙකට ලෂ්ෂන දේවල් දකින්ට දෙන්ට එපායෑ.. හා නැද්ද මං අහන්නේ..? මේ දෑෂ මගේ පිංවංතයි... ෂෙහ්..මොන... වයසක ගැහැණු මනුස්සයින් දෙන්නෙක් සහ එක ලමිස්සියක් හිටියා... දෑෂ ටිකක් විතර බාල පින් කරලාද කොහේද..?
ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියනවා නෙව.. ඉතිං අර හිටිය ලමිස්සි දිහා බැලෙන එක අහන්ටත් දෙයක්යෑ... ඒත් පොඩි අවුලකට තිබුනේ පේන්ට තිබුනේ මුහුණු පොඩිය විතරයි... ඒ කියන්නේ කලුම කලු ලෝගුවකින් සරීරය වැහිලා.. ඒත් මුහුණ රවුමට පේනවා... ලස්සන ළමෙක්... ඇස් දෙක ඔක්කෝටම වඩා ලස්සනයි... කඩේ මුදලාලි බර ගණුදෙනුවක... ඒ හින්දා හිටිය ගෝලයෙකුගෙන් අහුවා තැටි පාන් බාග ගෙඩි තියේද කියලා.. හරි බඩු තියෙනවා.. උදේට රස්නේ පිටම තැටි පාන් කෑල්ලක් හොඳි ටිකක් එක්ක බඩට බස්සන්න හිතං ආව එක කර ගතෑකි වගේ... දැම්මා ඕඩරේ...
පාන් බාගේ ගෙඩියයි.. පරිප්පු එකයි පාර්සල්... ගෝලයා ගියා ඇතුලට... මං ආයෙම බලන් ඉන්නවා ඇහැට පේන්ට තියෙන එකම දැක්ම දිහා... අර ළමයගේ ඇස් දෙක... හප්පච්චියේ පුදුම කලබල දෑසක් ඒක... එහෙ මෙහෙ දුවනවා... මං ඉතිං බලං ඉන්නවා... මොනවද මෙයා මෙච්චරට ඇස් කරකව කරකව බලන්නේ කියලා... ළඟ ඉන්න වයසක ගෑණු කෙනෙක් මෙයාගේ භාරකාරයෙක් වගේ පේන්න තියෙන හින්දා උන්දැට හොරෙන් කොල්ලෝ දිහා බලනවද කියලයි මට මුලින්ම හිතුනේ.. ඒ තරමටම ඇස් දෙක චංචලයි... ඒත්...
ටික වෙලාවක් යනකොට මට තේරුනේ මෙයාගේ ඇස් දුවන්නේ වෙන දිහාවක කියලා... ඒ වෙනකොට හතට කිට්ටුයි... කලාපේ වැඩට යන ගෑනු ළමයි හතට කලින් කාඩ් එක ගහන්න කලබලෙන් මෙතැනින් ඇඳිලා යන වෙලාව... මෙයාගේ ඇස් දුවන්නේ ඒ ගෑණු ළමයින් පිටි පස්සේ... කලාපේ නංගිලා උදේට පාරට බහිනවා කියන්නේ අමුතුම ෆැෂන් ෂෝ එකක් නෙව.. ඒ ඒ කාලෙට එන හැම විලාසිතාවම ඔය වෙලාවට දැක බලා ගතෑකි... ඈත ගං රටවල ඉඳන් ආව බොහෝමයක් ළමයි තමුන්ට ඇහැකි උපරිම ආකාරයෙන් ලස්සනට සැරසිලා යන එන එක බලං ඉන්න වටින සුන්දර දර්සනයක් නෙව...
සාමාන්‍යයෙන් කොල්ලෙක් ගෑල්ලමයි දිහා බලනවා වගේ මේ ළමයත් පාරේ යන එන ගෑණු ළමයි දිහා ඇස් උළුක් කරගෙන බලං ඉන්න ගමන් තමුන්ගේ ලෝගුව අස්සෙන් අත් දෙක පුළුවන් තරමට එළියට ගන්න උත්සහ කරන ගතියක් මං මුලින්ම දැක්කේ... ළඟ ඉන්න ගෑණු කෙනාට නොපෙනෙන්න වගේ හොරැහින් උන්දෑ දිහා බලලා හිමිහිට ලෝගුවේ අත් දෙක උඩට අදින ගමන් ලෝගුවට යටින් උස්සලා ටිකක් පස්සට ඇඳලා තමුන් දාගෙන හිටිය රෝස පාට ලස්සන සෙරෙප්පු දෙකත් එක්ක සුදු පැහැති පාද යුග්මය යාන්තමින් එළියට පේන විදියට හදලා ඒ දිහා බලලා තමුන්ටම හිනා වෙලා ආයෙමත් පාරේ යන ගෑණු ළමයි දිහා බලං ඉන්න ආකාරය මට තත්පර ගානකදී මීටර් උනා...
ඉතිං ඔය ටික දැක්ක ගමන් කඩේ ඉඳලම මගේ හිතේ කයි පඳ බැඳූනා කියලා කියන්නත් දෙයක්ද... ඒත් ලියන්න කොලයක්වත් පැන්සල් කොටයක්වත් නැති හින්දා හිතට නැඟුන පඳ එහෙමම මුමුණ මුමුණ මං හිටියා.. ඒ එක්කම තමා කඩේ ගෝලයා...
"පාන් බාගයයි..පරිප්පු එකායි...ආ මෙන්න"
කියලා මට දික් කලේ.. ඉතිං ඒක අතට අරං සල්ලි ගෙවලා මං බයිසි මොටෝවත් ඉට්ටාට් කොරං ආයෙම ආවේ අර නංගිට හිනාවකුත් දාලා... මොනවා උනත් විනාඩි කිහිපයකින් මට ලොකු කතාවක් කිව්ව කෙනෙක් නෙව... ළමයත් ඔහේ හිනා වේගන ආවත් එක පාරටම තමුන්ගේ අහලින් ඉන්න ගෑණු කෙනා දකියිදෝ කියලා වගේ බයෙන් ඒ හිනාව හංග ගන්නවත් මං බලාගෙන... එච්චරයි කතාව... මම එන්න ආවා.. උදේම රස්නේ පිටම දුම් දාන පරිප්පු හොද්දත් එක්ක රස්නේ පාන් කෑල්ලක් කාලා ප්ලේන්ටියකුත් හදං බීලා කොම්පීටර් උන්නැහේව ඇහැරෝගෙන එච්චර වෙලා හිතේ බැඳි බැඳි තිබුන කයියේ පඳ ටික ස්ථීරසාරව බැඳලා දැම්මා.. ඔන්න ඔහොමයි කයියේ පඳ බැඳුනේ...
අප්පොචිචියේ ඒ පාර මොකක්ද මාරෝ....
ReplyDeleteකයියේ නිමිත්ත කියෙව්වා කවියට ඉස්සෙල්ලා,
ReplyDeleteදැන් කවිය කියවලා බලඥ්ඥං..
කවියට උත්තර දෙන්න ගියේ නැත්තේ මගේ අදහස ප්‍රසිද්ධියේ කිව හැකි එකක් නොවන නිසා. මේ කයි නිමිත්ත බැලුවම මට දැන් අත නලියනවා. ඒත් මං මක්කොරන්නද? කිසිම දිනක කිසියම් සිරිතක් විරිතක් විවේචනය කිරීම මගේ සැටි නොවෙයි. ඒක නිසා මං මක්කොරන්නද???
ReplyDeleteඒ කියන්නෙ උඹ වෙනදට කලාපෙ කෙල්ලන්ගෙ පැෂන් දිහා ඇහේ පොට යනකං බලන් ඉන්නව.
ReplyDeleteමාතෘකාව ගැන මෙතන කතා කරන්න ඕන නෑ.
බලපං මාරයා උඹ කියපු කිසි දෙයක් මූට ඇහිලා නෑ. නොකියපු තුන්හිතකිවත් නොහිතපු දේවල් නම් අපූරුවට ඇහිලා.අනේ මෙහෙමත් යාළුවෝ.
Deleteඈ මාරයියේ.. දැං කවුරුවත් ඇහැව්වයි බොලාගෙන් කයියට නිමිත්ත උනේ මොකෑ කියාලා..... හික් හික්.....
ReplyDeleteකයි කියවන්න කම්මැලියි .. කතාව රස වින්දා
ReplyDelete:)
ෂෙහ් .. ඕව අල්ලල දාන්ට අයියා. ඒ වගේද පානුයි, උණු උණුවෙ පරිප්පුයි. මට නම් දැන් බඩත් ගිනියි වගේ. කෑම ටයිම් එක. එහෙනම් මම ගියා.
ReplyDelete"රෝස පාට ලස්සන සෙරෙප්පු දෙකත් එක්ක සුදු පැහැති පාද යුග්මය" දැකලා උදේ පාන්දරම "කයිය පද බැඳගන්න" ඇති නෙහ්......
ReplyDeleteඑකනම් ඉතින් ෂුවර් එකටම වෙන්න ඇති. මං දැක්ක වතුපිටිවල ඉස්පිරිතාලෙට හැරෙන තැන මාරයාගේ පොට් එකේ සිතියම් ඇඳුනු සරමක් වනල තියනවා.
Deleteහික්..හික්..හික්.. කුරුක් කුරුක්..
Deleteලස්සනට වශී උනා වගේ...!!
ReplyDeleteලස්සන කෙල්ලෙක්ගේ ආසාව ගැන, ආසාවෙන් මිමිණු කයි පද ...
ReplyDeleteකයි නිමිත්ත කිසි අඩුපාඩුවක් නැතිව විස්තර කරල තියෙන්නෙ... ඒකෙන් තව කතා ගොඩකුත් ලියන්න පුළුවන් වෙයි මාරයට...
ReplyDeleteෂික්... උණු උණු අල හොද්දක් එක්ක තැටි පාන් කන්න පෙරේත කමක් ආව නෙව...
ඔයාගේ ඇස් තමයි අනේ ඇස්
ReplyDeleteඒ කෙල්ල මුස්ලිම් කෙල්ලෙක්ද අයියේ?
ReplyDeleteමාතෘකාව කණපිට ගහන්න එපා කවුරුවත් !!!
ReplyDeleteමට ඇත්තටම දුක හිතුණ අයියෙ ඒ ගෑණු ළමය ගැන. කොයි ගෑනු ළමයත් කැමතියි තමන්ගෙ ලස්සන අනිත් අය දකිනවට
ReplyDeleteකයියෙ නිමිත්ත මේමනං කයිය කෝම තියෙයිද කීලා මං මේ කල්පනා කරේ..
ReplyDeleteඇයි මම කනපිට ගහල කියෙව්වේ ?
ReplyDeleteමමත්...
Deleteකතාවට යටින් කතාව නියමයි...
ReplyDeleteඔහොම තමා ඔය ගෑනු ලමයින්ට කිඩිම නිදහසක් නෑ නේ
ReplyDelete