දෙව් ලෝ සැප ගේ ඇතුලේ ගලා ගලා යද්දි කාලය ගත උනා බොහෝම වේගෙන්... ඔය කොයි කවුරුත් වගේ අපිත් හිටු කියලා අනාගතේ ගැන හීන මැව්වා... අරක මෙහෙම කරමු..මේක අරෙහෙම කරමු කියන ගමන් ඒ ඒ දේවල්වලට මරා ගන්නත් අමතක කලේ නැහැ කියමුකෝ...
ඔන්න ඔහොම ඉද්දී තමා මගේ ඕ ලෙවැල් පොරතිපලේ ආවේ.. ඒ අනුව දැන් මං ආයේ ඉස්කෝලේ යන්න එපැයි.. මදෑ විගහට රස්සා කොරලා ගෙවල් හදලා පිළිවෙලක් වෙන්න ප්ලෑනක් ගැහුවා... ඒත් ඉතිං නොයත් බැහැනේ..ඕං ඉතිං ඒ ලෙවැල් කොරන්ට හිතං පටන් ගත්තා ඉස්කෝලේ යන්ටත්...
හැබැයි ඉතිං දැන් පොඩි අවුලකට තිබුනේ කලින් උදේ වරුවේ ඇති පදමට පෙං කෙලියට මොකද ඉස්කෝලේ යෑම ආරම්භ උනත් එක්කම ඒ දේ ඒතරමට කර ගන්න ආමාරුයි..මොකද උදේ ඉස්කෝලේ ගෙහුන් හවස ගෙදර එද්දී මලයා කාරයත් ගෙදර ඇවිත්නේ.. එයින් මෙයින් උනේ ඒකගේ ඇස් වහලා එහෙ මෙහ අහු කොන් අල්ලගෙන මොන මොනවා හරි කොරං ජීවත් වෙන්ට තමා... හැබැයි මේ වෙද්දී මලයා ටිකක් විතර අපි දෙන්නා එක්ක ඔරොප්පුවෙන් වගේ හිටිය වග තේරෙන්ට තිබුනා...
ඔන්න ඔහොම ඉද්දී තමා ඒ අප්සැට්ම දවස උදා උනේ...
එදත් මං වෙනදා වගේම ඉස්කෝලේ ගියා... හවස ආවා..හුටස් රංගි ගෙදර නැහැ.. අනිත් අයත් රංගි නැහැ කියලා වගක්වත් නැති ගානට ඔහේ ඉන්නවා..බැරිම තැන මං ඇහුවා "කෝ රංගි කියලා...?"
"ආ එයාව ආපහු එක්කං ගියා මහ ගෙදර.." අම්මා කිව්වේ වගේ වගක් නැතිව...
දැන් මොකද කරන්නේ..? මොකද හදිසියේ මෙයාව ගෙදර ඇරියේ..? මං එනකල් ඉන්න බැරි තරමට මොකක්ද තිබුන හදිසිය..? අඩුම ගානේ මට පණිවිඩයක්වත් තියලා ගියේ නැද්ද..? එහෙම හිතලා මගේ කාමරේ හැම අස්සක් මුල්ලක්මත්.. තිබුන හැම පොතක් පත්තරයක්මත් පෙරල පෙරල බැළුවා කොහේ හරි පුංචිම පුංචි ලියුමක්වත් තියලා ගිහිං නැද්ද කියලා බලන්න.. ම්හූ..මොන කිසිම තැනක කිසිම දෙයක් නැහැ...
මොනවා උනත් ගෙදර උන්දලට වෙනසක් පෙන්නන්නත් බැහැ..නොකර සද්දෙන් කල්පනා කරනවා ඇර... ඒත් ඉතිං එහෙමයි කියලා බකං නිලාගෙන හිටියැකියෑ... දවස් දෙක තුනක් ඔහේ බලං ඉඳලා අන්තිමට අපේ අයියා කාරයෙකුගෙන් බයික් එහෙකුත් ඉල්ලගෙන පැස්ටෝල් ටිකක් එහෙම ගහගෙන ඒන එකක් කියලා ගියා මහ ගෙවල් පැත්තේ.. හැබැයි තව දෙයක්.. ඒ පැත්තට ගියාට මහ ගෙදරට යන්න විදියක් මට තිබුනේ නැහැ..
මොකද ඔයිට කලියෙන් වංගියක ෂීයා පප්පා එක්ක වලියක් දාගෙන මං ආයේ උන්දෑ ඉන්නකල් මහ ගෙදරට අඩියක් තියන්නේ නැහැ කියලා ප්‍රකාශයක් නිකුත් කරලයි තිබුනේ... උන්දැත් තෝ මං ඉන්නකල් මේ පැත්ත පළාතේ එන්න එපා කියලා උත්තර බැඳලයි තිබුනේ... ඉතිං එහෙ යන්ට හැටියක් තිබුනේ නැහැ... අනික ඉතිං ලයිසනුත් නැතිව කිලෝමීටර් විස්සක් විතර තනියම මේ පත බයික් එහෙකුත් පැදගෙන ඔහේ ගියා කියලා අපේ මෑණියන් වහන්සේ දැනගත්තොත් තව හුටස් පටස් එකක්නේ.. ඒ හින්දා මගේ කල්පනාව තිබුනේ එහෙ ගියාට ගෙදරට නොයා පාර අයිනෙන් හක්කලං කොරන්න..කොයි වෙලේ හරි කෙල්ල එන්නේ නැතෑ මිදුලට කියලා හිතං...
එහෙම හිතලා ගෙහුං වරුවක් තිස්සේ පැස්ටෝල් පුච්ච පුච්ච ගේ අහල පහල ගැවසුනත් කෙලී නෙවෙයි මිදුලට ආවේ... අන්තිමට බලලා බලලා බැරිම තැන මං ආයෙත් ආවා ගෙදර... එහෙම පලක් නැති ගමන් දෙක තුනකින් පස්සේ ඒකත් නැවතුනා... එතැන ඉඳන් ඉතින් ජීවිතේ අපායක් තමා... රෑ වෙනවා එලි වෙනවා තේරෙන්නේ නැහැ... කෑවද බිව්වද මතක නැහැ... කාමරේ දොර වහගෙන මූණ කොට්ටේ හිර කරං තමා ජීවිත් වෙන්න උනේ.. ටික වෙලාවක් යද්දි මටත් නොදැනිම කොට්ටේ තෙත් වෙන්නම කඳුළු ගලාගෙන යන්නේ කිසිම විදියකින් නවත්තන්න පුළුවන් හැටියකට නෙවෙයි.. නින්ද කියන එක හීනයක් විතරයි...
ඔහොම ටික දවසක් ගියා..ඉස්කෝලේ ගියාට ඉගෙන ගන්න තරං කැමැත්තක් තිබුනෙත් නැහැ...ඒත් කොහොම හරි ගියා... ටික දවසක් යද්දී තාත්තාගෙන් යන්තමට ඔත්තුවක් ලැබුනා.. ඒ තමා මල්ලි කොහොම හරි අපි දෙන්නගේ සීන් එකක් දැකලා අම්මට කියලා වග... අම්මා කලබල නොවී මං ඉස්කෝලේ යනකල් ඉදලා කෙල්ල ගමේ දාලා ඇවිත්... කාහංකෝ පරිප්පුව..අරූ හික් මීයා වගේ හිටියේ ඒක තමා... ඕනම තුවාලයක් කාලය විසින් හොඳ කරනවා කියන නියමයට අනුව ටික දවසක් යද්දී මුලදී තරංම අමාරුවක් නැතිව ජීවිතේ ගැට ගහගන්න මට පුළුවන්කම තිබුනා... මගේ කල්පනාව උනේ.. මොන මගුල හරි කරලා ඉක්මනට මනුස්සයෙක් වෙන්න ඕන කියන එකයි... ඒ වෙනුවෙන් මං ටික ටික වැඩ කලා... රංගි මං වෙනුවෙන් බලං ඉඳී...
වෙනදා වගේම ඉස්කෝලේ යන ගමන්ම කීය කීය හරි අතට හම්බ වෙන්න මොනවා හරි වැඩක් පලක් කලා... ඔහොම ටික දවසක් යද්දී එක්තරා දවසක මං ඉස්කෝලේ ගෙහුන් ඇවිත් ආපහු ගෙදර එද්දී අම්මා හිටියේ නැහැ..හැබැයි මං ගෙදර ඇවිත් ටික වෙලාවක් යනකොට අම්මා ගෙදර ආවා බොහෝම හොඳට ඇඳ පැළඳගෙන... හැබැයි එදා අම්මා කොහේවත් යන වගක් මට කියලා තිබුනේ නැහැ... අම්මා ආව හදිසියේ හැටියට මට තේරුනා මං ගෙදර එන්න කලින් එන්න බලං ගිය ගමනක් උනත් ටිකක් පරක්කු වෙලා එන්න වෙලා කියන එක.. ඒ හින්දයි අම්මා ගමනක් ගිය වග මට එදා දැන ගන්න උනේ... කොහේද ගියේ කියන ප්රශ්නය මගෙන්... උත්තරය අම්මගෙන්..
"පොඩි ගමනක්.."
"පොඩි ගමනක් යනවද මඟුලකට යන විදියට ඇඳගෙන.."
අම්මා මොනවත් කිව්වේ නැතත් තාත්තගෙන් දැනගන්න ලැබුනා කොහේද ගිහින් තියෙන්නේ කියලා... ඒ රංගිගේ මඟුල් ගෙදර... ඔව්..රංගි කසාඳ බැඳලා...අපේ ගෙදරින් ගිහින් මාස තුනක් යන්න කලින් රංගිගේ කසාඳයත් කරලා දෙන්න නෑදෑයෝ ටික සමත් වෙලා තිබුනා... මට දැන ගන්නවත් නොතියා...
හිතේ තිබුන අන්තිම බලාපොරොත්තුවත් නිකංම දිය වෙලා ගියා... එදා ඉඳන් පටන් ගත්තේ හොඳට බොන ෂීන් එකක්... කාමරේ ඇඳ යට අරක්කු බෝතලයක් නොතිබුන දවසක් නැහැ... මහා පරිමාණෙන් නැති උනත් හැමදාම හවස් වෙද්දී දෙකක් නවලා වැටිලා බුදියන ගානට හුරු උනායින් සිහිය නැතත් ජීවිතේ රැකුණා කිව්වොත් හරි...සමහර දවස්වලට උදේට නැගිටින්නෙත් ඇඳ යට තියෙන බෝතලෙන් එක උගුරක් කටේ හලං... නැත්තං ඔළුව කකියනවා උදේ වරුවම...
තාත්තා තත්වේ ටිකක් තේරුං අරං හිටියේ... ඒත් වචනයක්වත් කිව්වේ නැත්තේ උන්දැත් තරුණ කාලේ ඔහොම ප්‍රශ්නයකට මුහුණ දීලා තිබුණ හින්දා වෙන්න ඕන... ටික දවසක් ඕනාවට එපාවට ගිය ඉස්කෝල ගමනත් නැවතුනේ ඔය කරදර අස්සේමයි... බොන්න උනත් සල්ලි තියෙන්න එපෑ... ඒ නැතත් ඒ වෙනකොට ගෙදර ආර්ථිකේ අන්තිමයි... ගෙදරට බලන්න වගේම මට ඉගෙනගන්න තරමට ආදායමක් තිබුනේ නැති හින්දා ඒ තීරණය හැර එවෙලේ ගන්න වෙන තීරණයක් තිබුනේ නැහැ... ඒ හින්දා අතට අහුවෙන ඕනම දෙයක් කරමින් කීය කීය හරි හොයා ගන්නත්... කිසිම දෙයක් ගැන ඕනවට වඩා නොහිතන්නත් හුරු වෙමින් යාන්තං ජීවිතේ ඇඳගෙන ගියා... එයින් පස්සේ ටික කාලයක් යද්දී ජීවිතේට තව කෙනෙක් එකතු උනේ මටත් නොදැනීමයි... ඒකෙන් පස්සේ තමා ආයේ බීම අතෑරලා ඉතිරි කරන පැත්තට යාංතං පැන ගත්තේ...
හරි එතකොට රංගිගේ කතාව මෙතැනින් ඉවරද..? නැහැ... ඒක තව දුරටත් ඇදී ගියා.. ඒ කොහොමද..? රංගි බැන්දේ කාවද..? ඒ මඟුලට මොකද උනේ...?අපි අයේ හමු උනාද නැද්ද..? හමු උනානං ඒ කොයි තරං කාලයකට පස්සෙද..?
මං එක
ReplyDeleteහිකිස් නිකමට සිංහල බ්ලොග් කියවනයේ සයිඩ් බාර් එක බැලුවේ.... :)
Deleteහප්පේ උන වැඩක්....කමක් නෑ කොල්ලෝ තව බස් තියනවනේ.
ReplyDeleteවිනාඩියෙන් දෙක.
Deleteකුතුහලය සංත්රාසය පිරි කතා මාලාවක් . ඔහොම යමුකො .
ReplyDeleteමේක නම් පුදුම ආදර කථාවක්... ලොමුඩැහැගැන්වෙන භයංකාර දර්ශන ඉදිරියට එයි වගේ... රංගි බැන්දා කියලා දැනගත්තම මාරයට මාරයා ආවේශ වුනේ නැද්ද ?
ReplyDeleteඒක නෙමෙයි වෙලාවක අපේ පැත්තටත් එන්නකෝ පොඩ්ඩක් දැන කියාගෙන යන්න...
මම සිරාගෙ කාමරේ සිරා
ඉවරයි කිවුවට ඉවරම නෑ වගේ.
ReplyDeleteදැං ඉතිං කියහංකො රංගි බැන්ද එකාගෙ පැටිකිරියත්.
ඇයි ..රංගිගෙ ඒ මගුල කැඩුනද ? රංගිගෙ දැන් මගුලත් ( තියනවනං ) නොකඩා උඹ ඕන මගුලක් ලියපං.. :D
ReplyDeleteඅද නම් කඳුළු! අම්මා හොරෙන් රංගිව ගෙදර ඇරලා, හොරෙන්ම එයාගෙ මගුලටත් ගිය එක ගැන ලොකු තරහක් වේදනාවක් ඇති උනා. රිද්දීමේ උපරිමය, දෙමව්පියන්ගෙ ඒ හැසිරීම්.
ReplyDeleteඅම්මාගේ පැත්තෙන් අම්මා පව් නැද්ද? මේ චාරයක් නැති කොලුවෝ කරන වැඩ වලට........ :D මං පරිස්සං කරන්නං කියලා ගෙන්නාගෙන එන්න ඇත්තේ කොච්චර ලොකු විශ්වාසෙකින්ද මේකා තාම පොඩි එකා කියලා...... බැලුවහම අම්මා හිතපු තරම් පුතා පොඩි නැහැ........... :)
Deleteහ්ම්ම් ඔව් - ඒක අම්මගෙ පැත්ත. මම බැලුවෙ මාරයගෙ පැත්තෙන්.
Deleteයුගයේ ජනප්‍රියම ආදර අන්දරය~ මාරයාගේ ආදරය :)
ReplyDeleteහරිම ලස්සනයි. කොල්ලෙකුට උනත් ආදරයේ අරුමය තේරුම් යනවිට ඒ ආදරය රදවාගන්නාට හිත බලකරන කොට දුක කදුලක් වෙලා ගලායන බව සත්‍යයක්. හින්දි උනත් එය නිවරැදිව පිළිබිඹුවන ටිකක් පරණ ෆිල්ම් එකක් තමයි. Dil Chahta Hei. මාරයා මේකේ ඇක්ටිං කරාද කියල නං මතක නෑ.
ReplyDeleteකෙල්ලො වෙනුවට බීම... හොඳ ආදේශනයක්.. මට හිතා ගන්න බැරිම සීන් එක ත්මයි ඔච්චර වැඩකරු වෙච්ච මාරයාට රංගිව පන්න ගන්න බැරි වුනේ ඇයි කියන එක... අපිට නොකියන මොකුත් තියෙනවද මචන්?
ReplyDeleteඅනේ මන්දා... දැං මොකද කියන්නේ....?
ReplyDeleteහැබැයි එකක් කියන්නම් මාරයියේ... මාරයියා දැනගෙන හිටියනේ අම්මා බාල්දිය දානවා කියලා.... එහෙම එකේ අම්මලා ගහලා තියෙන්නේ මාර ප්ලෑනක් නේ.... පුතන්ඩියගේ ඇස් වහලා ඔච්චර හරියක් කරපු අම්මා තමයි අම්මා.... අපේ අම්මනම් හැරෙන කොට අපි දන්නවා මොකද්ද ඊළඟ එපියෝඩ් එක කියලා.....
මලයා හෙනහුරා වෙයි කියලා නම් මට හිතුනා.... මං හිතුවේ මලයත් රංගිට ලවු කරන්න ඇතියි කියලා.. හි හි... ( හැබෑට ඒකද දන්නෑ උනේ....)
මට පුරස්නයක් තියෙනවා.... මාරයියා බොන්න පටන් ගත්තම අම්මා මොකද කිව්වේ....? මම දන්නවා ඒ කාලේ කොල්ලෝ බොන එක ඒතරම් අරුමයක් නෙවෙයි කියලා.... ඒත් මේ හොදට හිටපු එකා එකපාරටම බොන්න ගත්තේ මේ කේස් එක හින්දා කියලා අම්මා දැන ගන්න ඇති නේ......
තරහ වෙන්න එපා මාරයෝ.. ඕක කරගත්තා නම් හරියන්නෙත් නැහැ. ඒ මොකද කතාව කියවනකොටම තේරෙන විදිහට එක ශාරීරික කිට්ටුවන්ත භාවය මුල්කරගෙන නොගැලපෙන දෙන්නෙක් ඇතිකරගත්ත බැඳීමක් හින්දා. වැඩි විස්තර මගේ බ්ලොගේ පොස්ටුවක ඇති.. http://lankapriyagesithivili.blogspot.com/2011/07/blog-post_28.html
ReplyDeleteමමත් වින්දා මාරේ.ඊටත් වඩා ගොඩාක් විඳෙවුවා. අවුරුදු ගානක්, ඒත් අහම්බෙන් මගේ ජීවිතේට එබුන පුංචි කෙල්ලෙක් වෙනස් කලා මුලු ජීවිතේම. දැන් මම ඉහලට නිවැරදිව ශක්තිමත්ව.සැලකිය යුතු වේගයකින්..!
ReplyDeleteජය..!
ඕයි... තමුසේ කතා සාගරයක්නෙ....!
ReplyDelete..............
එතකොට අර ගම්පහ ටවුම මැද්දෙ බයිකෙන් කෙලගෙන ගියේ හැප්පියන් කියලා රංගිලාව දැකලද? නැත්තං අර අනිත් ශීන් එක දැකලද?
ඒයි බං මූ බයික් රේසුත් පදිනවද?
Deleteමොකද්ද ඒ කතාව?......අහුවෙයන්කෝ ආයේ අපේ ඒරියා එකේ හයියෙන් පැදල.
Deleteමලයා හරියට මොසාඩ් එකේ පොරක් වගේනෙ. හීන් නූලෙන් අඹරලා තියෙනවා ආය නෝ හෙල්ලුං!
ReplyDeleteඉතිරි ටිකත් ලඟදීම දානවා නේද?
ඊළග එපියෝඩ් ඉක්මනටම දාමු බලන්න... මට පේන්නේ අවසනාවට ඇත්ත කථාවක් වගේ..
ReplyDeleteහපෝයි !,
ReplyDeleteමේකට මොකක් කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ.
කොහොම වුනත් අර කථාවක් තියෙනවානේ කොයිදේ වෙන්නේත් හොදටයි කියලා.
සරත් ලංකාප්‍රිය කියනවා වගේ, ඔහොම සිද්ධවෙච්ච එක හොදයි.
කොහොම වුවත් කථාව (කියවන්නාට නම්) ලස්සනයි.
හරිම දුක්බරයි සෝචනීයයි කුජීතයි....
ReplyDeleteඅයියෝ...
ඉතිං ඊටපස්සේ....
මේ වගේ තිබිලා නැති වෙන ලව් වලට එහා ඉල්ලලා නොලැබෙන ඒවා. කඳුළ, නිදිවැරීම, දැන් කාලෙන් නම් ඉන්ටර්නෙට් වත් තියෙනවා.
ReplyDeleteහ්ම්ම්ම්
ReplyDeleteඅනේ මන්දා මන් ඔවුවා....
හිතල බැලුවම හැමෝම හරි
කතාවෙ ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මගින් නවත්තන්නෙ නැතුව
පොඩි කාලෙ කතාවක් වුණත් දුක හිතුන මට. ඒත් අයියෙ, අම්ම අරන් තියෙන්නෙ බුද්ධිමත් තීරණයක්.
ReplyDelete//දෙව් ලෝ සැප ගේ ඇතුලේ ගලා ගලා යද්දි..//
ReplyDeleteඕවා ගලාගෙන යනවා දැකලා වෙන්න ඇති මල්ලි කේලම කිව්වේ...
මොනවා උනත් දුක් සීන් එකක්..නේද.. ඔහොම තමයි ජිවිතේ..
මුල කථා ටික හිනහවෙවී කියෙවුවට... දැන්නම් ඇඩෙන්නත් එනවා.....
ReplyDeleteපැණි බේරෙන ප්‍රේමයේ සිට කඳුළු බේරෙන විරහව දක්වා.. ඊළඟට ?
ReplyDeleteඅගෙයි , හොඳම කෑල්ල අන්තිම චේදෙයි...
ReplyDelete:)
මේක මෙගා නාට්‍යයක් වෙනවා වගේ...
ReplyDeleteවට් නෙක්ස් ඈ........
ReplyDeleteවිරහව = බෝතලේ
ReplyDeleteමාර ආදරය නියමෙට ගලාගෙන යනවනේ.. බලමු ඉස්සරහට මොකො වෙන්නේ කියලා...
ReplyDeleteගහමුකො අය්යේ බයිස්කෝප් එකක්.............
ReplyDeleteඊළඟ කොටසින් මාරයාගේ කඩු පයිට්, සරාගී ආදර රැඟුම්.
ReplyDeleteමාරයා රංගිව පන්නාගෙන හඳ පානේ තිරික්කලේ ගිය හැටි.රංගිගේ අයියලා සැට් එක සමඟ මාරයාගේ ලොමු දැහැගැන්වෙන සටන් ජවනිකාව.රංගිගේ අයියා මාරයාට කඩුවෙන් අනිද්දී මාරයා අතින් අල්ලා ලේ බේරෙද්දී කඩුව කඩා දමන හැටි සහ ඉන් ඇන අයියා මරන හැටි.එක වරම මිය නොයන අයියා මෙච්චර වෙලා ඉණේ ගසාගෙන හිටි පිස්තෝලයෙන් මාරයාට වෙඩි තබන හැටි සහ රංගි මැදට පැන වෙඩි පහර බඩට වද්දාගෙන (ස්ලෝ මෝෂන් ) මාරයා බේරාගන්නා හැටි.ඉන්පසු මාරයා රංගි ඉස්පිරිතාලෙට ගෙනයන්නේ නැතුව පැය ගාණක් හුස්ම ඇද ඇද පෙම් කතාව අහං ඉන්න හැටි.මාරයාගේ අළුත් කෑල්ලගේ අතත් මාරයාගේ අතත් එකට එක්කොට මිය යන අයුරු අතුලත් අති බිහිසුණු කොටස බලාපොරොත්තු වන්න.
අම්මෝ හති!!!
ඇත්තමයි අයියේ කතාව නම් අල්ලලා ගිහින් තියෙන්නේ ඒත් බොලා මේ කොටස් කඩන්නේ නැතුව ටිකක් දිගට ලිව්වා නම් අහවරයිනෙ.
ReplyDeleteමළයට හිතුනද දන්නෙ නෑ මූ බෙදා හදාගෙන කන්න දන්නෙ නැති එකෙක්ය කියලා...ඒකද කොහෙද උදැල්ල දාල තියෙන්නෙ..
ReplyDeleteකොහොමත් ඉතින් හොරා කනකොට දැනෙන රහ හොර අහු උනාම නෑනෙ..සෑහෙන විඳවන්න ඇති. මොකද නිකම්ම නිකන් ආදරයකුත් නෙමේනෙ..සෑහෙන තරම් දුර දිග එකක්නෙ..හැබැයි ඉතින් රංගි බැන්ඳට පස්සෙත් ඕවා තිබුනා කියලා ලියන්න නම් හිතාගෙන ඉන්න එපා. මොකද ඒවා කැත වැඩ ඔන්න මාරයෝ
ෂික් යකෝ අපි කාපු බූට් මොනවද මෙන්න මේවනෙ බූට්...කොහොම වුනත් රංගි කරේ කැත වැඩක්. වුනේ මොකක්ද කියලා උඹට පොඩි හෝඩුවාවක් හරි දෙන්න තිබුනා..
ReplyDeleteමන් මේ කල්පනා කොලේ අරක්කු කියල දෙයක් මේ ලෝකේ නොතිබුනා නම් කොල්ලො කීදෙනෙක් වලකජ්ජ ගහලද මෙලහකට
ReplyDeleteඅප්පේ මාරම සීන් එකක්නෙ.රංගිත් ඔහේ බැදලානෙ ගානක් නැතුව.
ReplyDeleteඉතින් ඔච්චර බොනකම් අම්මල දැක්කේ නැද්ද . අවුරුදු 16 නේ . මට නම් මේ කතාවට හිනා වෙන්න බැහැ. ඉස්කෝලේ යන ළමයෙක්ට වෙන්න පුළුවන් නරකම දෙයක් මේ .
ReplyDeleteඋඹට වෙලා තියෙන්නේ මට වෙච්ච එකේ අනිත් එක.
ReplyDeleteබලං යනකොට, උඹ නොකරපු දෙයක් තියෙනවද මාරයො?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
පොඩි උනාට මලය ලොකු උදැල්ලක් නේ දල තින්නේ අය්යාට.....
ReplyDeleteමිනිහට ඉරිසියා හිතෙන් ඇති "මාරයට වැඩ පුරුදු වෙන්න එකක් ගෙදරටම ගෙනල්ලා දීලා" කියල ගමේ උන් කියනකොට
අඩේ අයියේ. බලාගෙන යද්දි උඹයි මමයි එකම බෝට්ටුවේ. අපේ අම්මම තමයි මගේ ලව් එකටත් කෙලියේ ඒකිව ගෙදර යවලා. බොන සිද්දියනම් එමමයි. දැන්නම් කෙල්ල පාඩුවේ ඉන්නවා කොල්ලෙක් සෙට් කරගෙන. තාම බැදල නෑ.
ReplyDeleteමාරයා කියන්නෙ මාර අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් නෙව..
ReplyDeleteබෝතලේ.....:P
ReplyDeleteහපොයි දෙවියනේ දුක තමා.හැබයි මටනම් හිතෙනවා අම්මා රංගිව ගෙදරින් යවපු එක හොදයි කියලා
ReplyDeleteපරාජිත මාර ආදරයක ආත්මීයගත තඳුලු
ReplyDeleteදාන්න නමක් බැලුවේ
ඇඩෙනවා...........
ReplyDeleteහප්පා . . ..රංගිගේ කතා ටික ඔක්කෝම කියෙව්වා . . කලින් ඒවට කොමෙන්ට් දැම්මේ නම් නෑ . . . දුක තමා මාරයෝ . . .
ReplyDeleteකෙල්ලෙක් නිසා බොන්න පටන්ගන්න ඒක නං අමු ගොන් කමක්
ReplyDeleteහපොයි. මට උඹ ගැන දුක හිතිච්ච එකම සහ අන්තිම වතාව....
ReplyDelete