05 September 2012

රාගයෙන් ඇරඹී ආදර ගීතය...ගින්දරත් එක්ක පුළුන් තියන්න හොඳ නැත...

ඒක අමතක නොවන රාත්‍තිරියක්... එච්චරයි මට කියන්න තියෙන්නේ...

නෑනා ගෙට එද්දී ..අමතක කරන්න එපා මේ වෙනකොට තත්වය...අපි මතක් කරගමු...අපි කිව්වට මංම තමා මතක් කරන්න ඕන...

මුලින්ම ඉස්කෝලේ යන එනකොට හිත ගිය කඩවත නවය කණුවේ ඉඳන් ගෝතමියට ගිය ‍ගෑල්ලමයා... ඒක අප්‍රකාශිත ඒක පාර්ශවීය ආදරයක්... සමහර විට එයා දැනං ඉන්නත් ඇති... ඒ දවස්වලනං මං එහෙම හිතුවේ නැහැ..ඒත් පස්සෙන් පහු ගෑණු ළමයි එක්ක ආස්සරේ නිස්සරේ කරනකොට දැනගත්තු කාරණාවලට අනුව අපි නොදන්නවා කියලා හිතලා කෙල්ලෙකුට හිතිං ට්‍රයි කලත් උන්දලා අපි හැරෙනකොටම දන්නවා අපි මොකාටද එන්නේ කියලා... හැබැයි කවදාවත් ඒ වග දන්න විත්තියනං කියන්නේ නැහැ... ඒ හින්දා ඒ දවස්වල මං හිතුවට ඒ ළමයා මාව දන්නේ නැහැ කියලා..දැන්නං මං දන්නවා අනිවාර්යයෙන් දැනං ඉන්න ඇති... ඒක ඒ හැටි නැගලා ගිය දෙයක් නෙවෙයි උනත් එක්තරා කාලයකදී ඒකත් එකක් නෙව...

බාප්පගේ වෙඩිම අස්සේ පැණි හලපු ළමයාගේ කතාවස්තුවත් ඔය කිට්ටුව පාතම තමයි... ඒත් එක්කලාම මං එක පාරක් ලිව්ව මෙන්න මේ කතාවත් ඔය අස්සේම සිද්ධ උනා... ඔන්න ඔය කතාවෙන් පස්සේ තමා මේ නෑනගේ කතාව එන්න ඕන.. ඔන්න නියම පිළීවෙල...

එකක් ගැන හිතේ තියං ඉඳලා... එයින් පස්සේ වෙඩිමකදී තවත් එකකට ට්‍රයි කරලා ඒකත් චක බ්ලාස් වෙලා... අන්තිමට මල ගෙදරක නිදි මරාගෙනත් එකකට ට්‍රයි කරලා ඒ වෙනුවෙනුත් අම්බ කස්ටක් කාලා.. ඒ හැම එකක්ම ඇකී මැකී යමින් පවතින අවස්ථාවේ තමා මේ කතාව සැටමෝල් වෙන්නේ...

කලින් කතාවේදී කිව්වා වගේ දැන් ඔන්න නවයෙන් පස්සේ සාලේ ඉතිරි වෙන්නේ මමයි රංගියි විතරයි... අම්මලා නැඟිටලා ගියාට පස්සෙත් රංගි නෙවෙයි සැටියට යන්නේ... මං හිටපු ස්ටූල් එකේම පැත්තකින් ඇල වෙලා ටීවී බලන්න පටන් ගන්නවා... මට හරියටම කතාව මොකක්ද කියලා මතක නැතත් එදා ගියේ හින්දි චිත්‍රපටියක්.. ඒකත් හෙන ලව් ස්ටෝරියක්... දැන්නං ඉතිං හින්දි චිත්‍රපටියක් කිව්වම ඔහේ බලං ඉන්න ඇහැකි දෙයක් උනාට ඒ කාලේ බොක්කටම වදින කාලයක්නේ... දැන් අපි දෙන්නම ඇස් දෙක ටීවී එකේ අලවගෙන කට ඇරගෙන බලං ඉන්නවා... ඒ අතරේම අපිටත් නොදැනී අපි දෙන්නා බොහෝම සමීප වෙලා..

අපිට නොදැනී කිව්වට ඉතිං ඔය ස්ටූල් එකේ අඩි දෙකහමාරේ පළල දෙන්නෙකුට ඈත් වෙලා ඉන්න ඇහැකි ඉඩක් නෙවෙයිනේ... ඒත් ටිකින් ටික මටත් තේරෙනවා මොනවා නමුත් අමුත්තක් හිතටයි කයටයි දෙකටම දැනෙන ආකාරය... මං විතරක් නෙවෙයි රංගිත් නොසන්සුන් කියලා මට තේරෙන්න ගත්තේ කුළු හරකෙක් පිඹිනවා වගේ තදින් හුස්ම ගන්න හැටියට..බලං ගියාම මමත් එහෙමම තමා...

මගේ අතක් එයාගේ කරවටේ ගියේ කොයි වෙලේද කියලා මට මතක නැහැ.. එයා ඒ අත අල්ලගෙන ඇඟට තද කරගන්නවා මට මතකයි...මේ වෙනකොට මං ටීවී එකේ ඇහැ අලවං හිටියේ නාම මාත්‍රිකව විතරයි... එක් ඇසිල්ලක මං එයා දිහා බැළුවා... එයත් ඒ තත්පරේදීම ඒ වැඩේම කලා... විශාල වෙච්ච ඇස්...බියපත් බැල්මක් මා දිහාට හෙළුවා...සැලෙන රෝස පාට ‍දෙතොල්...මහ රෑක... සාලයක් මැද්දේ...අපි දෙන්නා විතරයි... 

"බොනී මහත්තයා ඇ‍ඳේ වාඩි වෙලා සිගරැට් එකක් ඇඳ ඇඳ ඉන්නවා.. අළුතින් ගෙදර වැඩට ආව කෙල්ල කොස්සත් අරං එනවා කාමරේට...බොනී මහත්තයා අල්ලගන්නවා කෙල්ලගේ අතින්... ඒත් එක්කම කෝච්චිය යනවා..." ඔය කෑල්ල ගියේ මං හිතන්නේ අපි නොදන්න ලයිව් එකේ...අර චූටි මල්ලියි පොඩි මල්ලියි කරපු එක..මතකනේ..අන්න එකේ..

දන්නවනේ ඒ කාලේ චිත්තරපටිවල ඔය වැඩිහිටියන්ට පමණයි කෑලි යනකොට පෙන්නන්නේ ඔහොම දර්ශනනේ... එක්කෝ කෝච්චියක් යයි..එහෙමත් නැත්තං ‍වීදුරුවක් බිම වැටිලා බිඳිලා යයි...ඔන්න ඔය වගේ කේස්නේ පෙන්නන්නේ.. දැන් මෙන්න මේ අවස්ථාවේදීත් කොච්චියක් ගියා කියන්න ඕන නැහැ..හැබැයි කෝච්චියේ දුමනං ගියා කිව්වොත් හරි..වීදුරුව බිම වැටුනට බිදෙන්න නොදී පරිස්සං කරලා බිම වැට්ටුවා කිව්වොත් ඒකත් හරි...කොහොම හරි ඔන්න ඒ ෂීන් එක උනා... ඔය කොයි ෂීන් එකෙනුත් අන්තිමට තියෙන්නේ එකම දර්ශනයක්..ඒ තමා නිළිය අඩන එක... නළුවා සනසන එක.. මෙතැනදිත් එහෙමම තමා..මොකටද ආයේ ලෝකයේ පිළිගත්ත රංඟන රීති අභියෝගයට ලක් කරන්නේ...ඉතිං අවසානයේදී රංගිත් ෂේප් වෙලා මාත් නිවී සැනසිලා එදා කතාව අහවර උනා...

පහුවදායින් පස්සේ ඉතිං අපි කල්පනා කලේ මේක දුරදිග ගෙනියන දෙයක්ද කියන එකයි... මගේ පැත්තෙන් මට ලොකු අවහිරයක් තිබුනේ නැහැ. රංගි මට වඩා අවුරුදු දෙකක් විතර වැඩිමල් විත්තිය ඇත්ත..ඒත් ඒක මට ගැටළුවක් උනේ නැහැ... තාත්තා කොහොමත් මට නිදහසේ තීරණ ගන්න ඉඩ දුන්නා... ටිකක් කුරු කුරු ගෑවත් කවදාවත් අරක අරෙහම කරපං කියලා අණදීම් නැහැ... අම්මා හැබැයි ටිකක් තදයි... අනික අම්මාගේ තීරණය දෙපැත්තටම බලපානවා... මොකද අපි දෙන්න ගැනම අම්මට අයිතියක් තියෙන හින්දා... ඒත් මං බාරගත්තා නියම වෙලාවට අම්මට කියලා මේකට කැමැත්ත ගන්න කොටස මං කරගන්නං කියලා... එයින් පස්සේ රංගිට ලොකු ප්‍රශ්නයක් තිබුනේ නැහැ... අපි දෙන්නා අපිටම වෙන් වෙච්ච ලෝකයක් ගේ ඇතුලේම හදාගත්තා... දවල්ට අම්මා ගෙදර නැති වෙලාවල් ඕන තරං තිබුනා... තාත්තා දවල් කාලේ ගෙදර හිටියේ නැතිම තරං..මල්ලි ඉස්කෝලේ... ඉතිං තව වෙන මොනවද...? යන්න තියෙන අන්තිම දුරට නොයා... සෑහෙන දුර ගමනක් අපි ගියා... අඩු වයසක හිටිය කොල්ලෙකුට ඔයිට වඩා අත්දැකීමක් තවත් කොහේද..? 

කොටින්ම මගේ රස්තියාදු ගැහිල්ලත් ටික ටික අඩු උනා... ඇඹලයා වගේ ගේ ඇතුලේම ඉන්න කාලය වැඩි උනා... එතෙක් කාලයක් රස්තියාදු ගහපු සෙට් එකේ උන් මගේ පැමිණීම අඩු වීම ගැන සෑහෙන්න හෙව්වා... අන්තිමේදී උන් විහිළුවට කියන්න ගත්තේ "මාරයට වැඩ පුරුදු වෙන්න එකක් ගෙදරටම ගෙනල්ලා දීලා" කියලයි... ඒත් ඉතිං ඒවා මට ඇහෙන්න මිස වෙන කාටවත් කියන්න ගියේ නැහැ... මටත් නිකං රටක් රාජ්ජයක් අයිති උනා වගේ හිටිය දවස්නේ... නිකං වේලී වේලී හිටිය එකාට මෙහෙම දෙයක් එක පාරටම ලැබුනම...අනික නෑණන්ඩි ලස්සන කියන එකෙත් හොඳම හරිය... චතුරිකා පීරිස්ගේ නිවුන් සහෝදරී වගේ... ආයේ ඉතිං තව කුමන කතාද...? ඔන්න ඔහොම දවස් ගෙවිලා ගියා... මං හිතං හිටියේ මං හීන ලෝකෙක පාවෙනවා කියලා... කිසිම කරදරයක් හිරිහැරයක් බාධාවක් නැතිව අපි ආදර යාත්‍රාව පැදගෙන පැදගෙන ගියා... කියන්න කිසිම වරදක් තිබුනේ නැහැ..

ඒත් එක පාරටම අපි නොදැනම අපිට හතුරෙක් ඇති උනා... ඒ කවුද..? අන්තිමට මොකද උනේ..? රංගි මට නොකියපු රහස මොකක්ද..? කොහොමද මට කෙල උනේ..? ඒ හැම දේමත් ඉස්සරහට එනවා...

136 comments:

  1. Replies
    1. ඇයි අද වැඩේ ගැස්සුනාද..?

      Delete
    2. 650 ට සුභ පැතුම්.......

      ඇයි ජුංඅලයගෙ කතා ඉවරද ?

      Delete
    3. බොහෝම ස්තූතියි... ජුංගේ කතා තව කීපයක් තියෙනවා..හැබැයි ඒවත් 18+

      Delete
    4. 18+ වීම නං ඉතින් ගැටළුවක් නෙවෙයි...ජුංඅලයගෙ අපේ කතානේ...

      හැබැයි ඒව කිව්වා කියල ජුංඅලයගෙ පිරිසිදු චරිතයට මොනවත් වෙනවනං නොකියම හිටපන්...:D

      Delete
    5. මං හිතන්නේ ජුංව ඒකෙන් නරක් වෙන්න පුළුවන්... අපි නරක් උනා වගේ නෙවෙයි ජුමා නරක් උනාම...

      Delete
  2. දැන් නිදහසේ මේක කියවන්ඩ පුලුවන්

    ReplyDelete
    Replies
    1. බොටත් තියෙන ප්‍රශ්න...

      Delete
  3. ෆ්ජ්ව්බ්ඩ්ව්ඛ්ව්ඩ්ව්ෆ්බ්ග්

    ReplyDelete
    Replies
    1. 3 නෙ :( (කියවලම එන්නං)

      Delete
    2. අදත් කොමෙන්ට් කරන්න බෑ. ඊලඟ වටේ බලමු!

      Delete
  4. අපිට කොහෙන්ද පූසෝ මාළු..

    ReplyDelete
  5. අමුතුම ස්ටෝරියක් මාරයියගෙන්.... වහෙං ඔරෝ කිව්වත් මගෙ කැත හිත දේවල් මවාගෙන සීන් එක හදාගත්තා ඕං... ඒ කාලේ මාරයියට කොන්ඩෙ තියෙන්න ඇති නේද... ඉතුරු කොටස තමා හොඳම හරිය හැමදාමත් වගේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනේ කියන්නේ...කැතටමයි හිතන්නේ...
      කොණ්ඩේ නං මේ තාමත් තියෙන්නේ...:)

      Delete
  6. දුශ්ඨයා කවුද .... කෙල්ල චපලයි ද ? කොල්ලා ඇඩුවාද ......

    ReplyDelete
  7. මාරම ස්ටෝරි එකක්නෙ . මේ මෙච්චර හොදට මතක තියෙන හැටි .

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා විස්තර ඇතිව මතකයි..ඒත් ඉතිං ඒ හැම දේම ලියන්න බැහැනෙව මෙතන...

      Delete
  8. අයියෝ අම්මෝ මාරයියේ 18+ කියල ගහපන් උඩින්ම...

    ReplyDelete
    Replies
    1. එහෙම ගහපුවාම තමා පොඩි උන් දුවං එන්නේ බලන්න.. ඒ හින්දා නොගහම හිටියා :)

      Delete
  9. Replies
    1. දවසේ වියදම හොයා ගන්නේ කොහොමෙයි එහෙම නැතිව..?

      Delete
  10. හෆොයි මම හිතන් හිටියෙ මාරයිය අපිව අන්දවන්න යනව කියලා. මම හිතුවා ‍ෆිල්ම් එකේ බය හිතෙන කෑල්ලක් යද්දි මාරයිය රංගි ට බය වෙන්න එපා කියයි, එක්කො නරක කෑල්ල්ක් යද්දි ටී වී එක ඕෆ් කරල රංගිව එතනින් එළවයි වගේ අහිංසක දේවල් ටිකක්.... බලද්දි ඇත්ත මොකද්ද වෙලානෙ...........

    ReplyDelete
    Replies
    1. ඇත්ත මොකක්ද වෙලා තමා ඒත් මෙව්වත් ඉතිං අහිංසක තමා අප්පා...

      Delete
  11. මේ කතාව ඉවර වෙනකම් කමෙන්ට් කරන්නෙ නෑ කියලා මම හිතාගෙන හිටියට මාරයියට පුලුවනෑ මගෙ හිත කියවන්න. ඔන්න ඔහෙ කමෙන්ට් කලා.

    ReplyDelete
  12. බය හිතෙන ප්‍රේම කතා ඉල ඇදෙන සටන් ජවනිකා ඇතුළු අත්භූත විහිළු පිරුණු මාරයාගේ ප්‍රේම කතා.. අම්මේ මාරයියේ.. ඇඟ හිරි වැටුනා.

    ReplyDelete
    Replies
    1. ආයිත් මම කියන්න ඕනැයෑ... මේ කියපු ටිකම තමයි.....
      කොදු නාරටිය දිගේ හීනි සීතලක් දැනී ගෙන ගියා...

      ආයිත් මොකටද බොරු කියන්නේ.......

      Delete
    2. ඇහ්... හිරුගේ කොඳු නාරටියේ මොනවා හරි ස්නායු ට්‍රබල් එකක්දෑ..?:)

      හැමදාම නැහැ හැමතැනම නැහැ ක්සැන්ඩරය...

      Delete
    3. ‌හොදට තියෙන ස්නායු ට්‍රබල් වෙනවා මේවා මෙහෙම කිව්වම....

      ටෙලි නාට්ටි වගේ නෙ‌ෙවයි නේ... ඇත්ත කතා වල අර මොකද්ද එකක් වැඩී නේ....

      ඒකනේ ඔය ගොඩක් ෆිල්ම් වල බොරුවට හරි "based on a true story" කියලා දාන්නේ....

      Delete
    4. //ටෙලි නාට්ටි වගේ නෙ‌ෙවයි නේ... ඇත්ත කතා වල අර මොකද්ද එකක් වැඩී නේ....//

      ඒකනං ඇත්ත...

      Delete
  13. ඔච්චර හරියක් කරගත්තට පස්සේ අන්තිමට මොනා වුනාම මොකද?

    ReplyDelete
  14. නිකං වේලී වේලී හිටිය එකාට මෙහෙම දෙයක් එක පාරටම ලැබුනම.

    ReplyDelete
  15. යකෝ මේවට දාපිය 18+ කියලා. බලහල්ලකෝ අපිට ඔෆිස් එකේවත් නිවිහැනහිල්ලෙ වැඩක් පලක් කරගන්න මුන් දෙන්නෙ නැති හැටි....! කොටියම කාපිය...!

    ReplyDelete
  16. "යන්න තියෙන අන්තිම දුරට නොයා... සෑහෙන දුර ගමනක් අපි ගියා.."

    මේකෙන් කිව්වේ මොන තරම් දුරක්ද කියන එක තේරුනේ නැහැ. ඒත් අහන්නෙත් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඇහුවත් කියන්නෙත් නැහැ..:)

      Delete
    2. ඔය කියන්නේ රාමා, මස්කෙළියේ නොයා ගලේවෙල ගියා කියන එක....

      Delete
  17. නැවතිල්ලෙ හුස්මක් අරන්... හිතල ලියමු... ඉංග්‍රීසි කියමන්ක් තියෙනව මෙහෙම..

    “Don’t Make Decisions When You’re Angry. Don’t Make Promises When You’re Happy.”

    නිකමට කීව්වෙ... මට හිතුන නිකම් මොකක් හරි ආවේගයක් නිසා ලියාගෙන ලියාගෙන යනව කියල...

    ReplyDelete
    Replies
    1. අපොයි නැත අයියා... බොහෝම නිවාඩු පාඩුවේ ලියන්නේ... හැබැයි ඉතිං මෙයිට වඩා රටාව වෙනස් කරලා බැහැ... හුස්ම අරං ලියන්න ගියාම මට කම්මැලි හිතිලා මකලා දාන පෝස්ට් ගොඩට වැටෙන්න ඉඩ තියෙනවා...

      Delete
  18. හා.... ඕකට පස්සෙ තමයි මාරයා සසර කළකිරිලා මහණ වෙන්න වනගත වුනේ....
    ඔහොම වෙනවා... නැට්ටට කිරි එරෙන්න ඉස්සර වෙලා නැට්ට වනන්න ගියාම...

    ඇල්

    ReplyDelete
    Replies
    1. හපෝ මහණ උනේ ඔයිට කී කාලෙකට පස්සෙද..? ඒ වෙනකොට ඉතිං කෙරෙන්න ඕන දේවලුත්..කරන්න ඕන දේවලුත් කෙරිලා හමාරයි...

      Delete
    2. ඒකනේ ඉතින් මහන උනේ :P

      Delete
  19. මොකෝ මේ කලබලේ.....

    අනික දැන් මේකත් කතන්දර බ්ලොගේ වගේ වේගෙන යනව....

    ආතල් කඩන්න එපා බන් කොටස් කරල ටෙලි නාට්ටි වගේ

    ReplyDelete
    Replies
    1. බය හිතෙන කතා කියන්න එපා යකෝ..:D

      මේක මෙයිට වඩා හිමීට ලිව්වනං මේක අර මොකක්ද රසේ ඇති එකක් වෙනවානේ..ඒකයි සිටිස් සිටිස් ගාලා රෑප රාමු පන්නගෙන ගියේ...

      Delete
  20. කෝච්චි කියන ජාතිය එපා වෙන්නෙ මේ වෙලාවට තමා!

    ReplyDelete
    Replies
    1. ආයිත් එන්නෑ කිව්වා නේද....

      මාරයියේ.. මෙන්න මෙයා ඇවිල්ලා......

      Delete
    2. අම්මපා... මේ බුද්ධියා ඇවිත් නේද..?

      දැන් මට මතක් වෙන්නේ අර හිරු එෆ් එම් එකේ ඉස්සර නිතර ඇහෙන වාක්කියක්... "සියල්ලට ඉහළින් සියල්ල දකිමින්.."

      Delete
    3. අ‍ඩේ හිරු,
      ඒක මතක තියාගෙන හිටියද? මං කිව්වෙ එදාට එන්නැ කියලනේ.... මේ අදනේ හිරු..... බොරුනං එදා කමෙන්ට් එක බලන්න. හෙහ් හේ....

      .............
      මාරේ,
      සියල්ල දකින්න තමා ආවේ. කෝ කෝච්චියක් යැව්වනේ... නැතන් උඔ කරට අද දාගත්තට පස්සෙ මෙහෙම කරන්ඩ ඇති. මුලින්ම XXXX X XXX XXX XXXX XXXX XXXX ඊට පස්සෙ XXXX XXXXX XXXX XXXXXXXXXX XXXXX XXXXXX XXXXXX XXXXX XXXX XXXXXX XXXX XXXX. එතකොටම රංගියා අඩන්ඩ තියාගන්ඩ ඇති. නේද?:p

      Delete
    4. ෆොන් එකේ සල්ලි තියෙන කම් "සියල්ලට ඉහළින් සියල්ල දකිමින්.." තමා...
      නැති උනාම සොරි ඩොට් කොම්......

      බුද්ධි කොහොම හරි ෂේප් උනා නේ....

      Delete
    5. බුද්ධියා හීතල කස්ටයා...

      Delete
    6. //ෆොන් එකේ සල්ලි තියෙන කම් "සියල්ලට ඉහළින් සියල්ල දකිමින්.." තමා...
      නැති උනාම සොරි ඩොට් කොම්...... //

      කාටද සොරි වෙන්නේ අර ගෙදර උන්නැහේටද..?

      Delete
    7. බුද්දියෝ බංකූව උඩ දෙන්නා නැලවෙන සිත්තරක් ඇන්දානං පංකාදු පහයි

      Delete
    8. හිටිං එයිට කලින් මං අඳින්ට උඹගෙයි අර අංකල්ගෙයි ෂීන් එක..:)

      Delete
    9. අන්න නියම වැඩේ පුළුවන් නම් අටම් ... මාරයියත් කැමත් වෙයි නේ.......නේ දෑ......

      ඔව් ඔව්..... එයාගේ පර්ස් එකට.... හි හි..

      Delete
  21. හප්පේ මුන් ගිහින් තියෙන දුරක්..ඉරිසියාවේ බහ බොල මේක කියවද්දී.. මම පොඩි කාලේ හිටියේ නැහැනේ ඔය වගේ නෑනෙක් අපේ ගෙදර ..

    ReplyDelete
    Replies
    1. කනකොට රහ උනාට මල්ලි වි‍ඳෝනකොට අන්තිම අමාරුයි...

      Delete
    2. sahathika aththa mare aiye. kanakota tiyena raha dirawanakota na. maget nada wena ganu lamek ape gedara idala scool giya. mage wayasema kenek

      Delete
    3. ඒ කියන්නේ මල්ලිත්..??? කෝච්චි පැද්දද?

      Delete
    4. පැද්දදත් අහනවා. සීසන් ටිකට් තිබුණේ. හෙහ් හෙහ්

      Delete
  22. ////රාගයෙන් ඇරඹී ආදර ගීතය/////

    මාතෘකාව හරියටම හරි........

    හිතිච්ච දේ උඩිම්ම දැම්මා....
    ගින්දරයි පුළුනුයි ළඟින් තියලා වැරැද්ද කරලා තියෙන්නේ මාරයියාගේ අම්මා... ( මම මෙහෙම කිව්වට ඕක දුර දිග ගියා නං, හදන්න බැරි වැරැද්දක් සිද්ධ උනා නම් අහල අහල අයගෙන් ඔය ටික අහගන්න වෙන්නේ අම්මටම තමා....)

    ReplyDelete
    Replies
    1. අම්මලා ළමයි ගැන කොච්චරවත් හිතන්නේ "උන් තාම පොඩි උන්" කියලමනේ... ඒකනේ ඔය අම්මලා තමන්ගේ දරුවා මොන වැරැද්ද කලත් සුද්ද කරන්න උනත් යන්නේ..ඒකා තාම පොඩි එකා කිය කිය... ඒත් ඉතිං ළමයි පොඩි නැහැ..උන් වැරදි කරනවා...

      Delete
    2. මම අද වෙන තැනකත් මේ කතාව කිව්වා.....

      බැදලා ගියත් අපේ අම්මලට අපි තාම පොඩි එවුන්....ඒක නරක නෑ... ඒත් අපේ සමාජයේ දෙමවුපියන්ට දරුවන්ව වැඩිහිටියෝ විදියට දකින්න පුරුද්දක් නෑ...

      කතාවට අදාල නැති උනත් මේකත් කියන්නම්නේ... ඔය ගොඩක් කෙල්ලන්ට කොල්ලන්ට නෑදෑයෝ, දෙමවුපියන්ගේ යාලුවෝ අතින් කරදර සිද්ධ වෙන්නේ මේ හින්දා කියලයි මට හිතෙන්නේ.... මේ වගේ සිද්ධි උනත්......

      Delete
  23. shiikee api me bo pela kiyala hithan hitiyata hari naughty lamayekne, shih mata hitiye nene ohoma nenek ammapa eelaga athmewat labaganna maara bana tika kiyawanna oni

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ..මං හොඳ ළමයෙක් කියලා කවුදෑ කිව්වේ..?

      Delete
  24. 1 කොටස බලල පාඩුවේ හිටියා ත්‍රසජනක කොටස බලනවා කියලා.අප්පොච්චියේ පොඩි කමටද මෙයාලගේ වැඩ ආ...

    ReplyDelete
    Replies
    1. පොඩි උන් ඉතිං කැමතියිනේ ඔය දකින දකින දේ කරන්න... මේකත් එහෙම පොඩි කමට වෙච්ච දෙයක් තමා...

      Delete
    2. අවසර කල් රහස් තැන , පිරිමි /ගැහැණු කවුරුද වරදේ(?) නොබැඳෙන ?
      වරදක් නම් දකින්නේ නැහැ. සාමාන්‍ය දෙයක් නෙව.
      සස්පෙන්ස් එක තියල කොටස් කඩන පිළිවෙල නම් අගෙයි.. :)

      Delete
    3. //අවසර කල් රහස් තැන , පිරිමි /ගැහැණු කවුරුද වරදේ(?) නොබැඳෙන ?//

      අනිවාර්යයෙන්ම..ඕකට විරුද්ධව සමහරු ඉදිරිපත් වෙන්න පුළුවන් ඒත් ඒ අර කියන අවසරකල් රහස් තැන ලැබෙනකල් විතරයි...

      මලයා විතරයි මේ කුට්ටි කිරිල්ලට හොඳක් කිව්වේ ඒකත් මදෑ...

      Delete
  25. රාග නීශ්‍රිත - පැණි බේරෙන - කතාවක් නොවැ...

    ReplyDelete
    Replies
    1. පැණි බේරෙන..? අනේ මංදා...

      Delete
  26. වැඩේ ලෙසටම නැගලා යනවා... ඒ අස්සෙ අපිටත් නගිනවා... කවුද හැබෑට මේ මාර ආදරේට බාල්දිය දාපු එකා...

    ReplyDelete
    Replies
    1. එකනං හරි කියමු දෙක තමා ගැටළුව... කවුද කියලා ඊ ළගට බලා ගතෑකි...

      Delete
  27. සික් කොටු දැම්මා නේ වැඩේට සෙටාර් වෙද්දිම,, මේවා හරි නෑ බලධාරියා විසින් කපා හරින ලදි ඒවා ලියවන අපිට කරන අසාධාරනයක්

    ReplyDelete
    Replies
    1. එක කොටුවක්වත් නැහැ ඩිලා..කෝච්චිය දිවෙව්වා විතරයි...

      Delete
  28. අම්මල ටිකක් විමසිලිමත් වුනා මදි වගේ නේද . පැහෙන්න කලින් යුරියා ගැහුවම පලතුරු වල නියම රසය නැහැ . දැන් ඔය ඉන්නේ සේරම අත ඇරලා , .දැන් මෙව්වා මෙහෙම ලිව්වම ඒ ළමයට හොඳ මදි නේද .

    ReplyDelete
    Replies
    1. මමත්.....



      මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා...ඒත් ඉතින් උඹ තවදුරටත් නිර්ණාමිකව පන්සල් කතා ලියපු මාරයා නොවෙන බව විතරක් කියමි..

      Delete
    2. @බින්දි...

      ‍අම්මලා සැලකිලිමත් උනා මදි තමා... ඒත් සැලකිලිමත් උනත් උවමනාව ඇති එකාට අම්ම‍ලගේ ඇස් වහලා වැඩ කරන එක මහ දෙයකුත් නෙවෙයි... මෙන්න කෙටි කතාවක්...මහණ වෙලා ඉන්න කාලේ... ලොකු පලහිලවුවක් ගියා දහම්පාසලේ ගෑණු ළමෙකුට කොල්ලෙක් පිහියෙන් අනින්න යනවා කියලා.. හේතුව තමා ඒකි කොල්ලා එක්ක යාළු වෙලා හිටලා දැන් බැහැ කීම... මේක දුර දිග ගිය වෙලේ තමා මං අත දැම්මේ... ගෑණු ළමයා බොහෝම දක්ෂ උගත් වගේම බාහිරින් සංවර ළමෙක්..අම්මට තාත්තට කීකරු තාලෙට හැදුන.. කොල්ලා තාඩ පෙනුම..හිටියේ ඉජාර් එකේ.. හැබැයි මං ජීවිතේට දැක්ක අහිංසකම කොල්ලෙක්... ඒත් මේ සිද්ධිය වෙන වෙලාව වෙනකොට මං කොල්ලව ඒ තරමට තේරුම් අරං තිබුනෙත් නැහැ...

      කෙල්ලගේ අම්මා තමා ප්‍රශ්නේ මං ගාවට ගෙනාවේ...
      "බලන්න හාමුදුරුවනේ මේ අපේ ළමයට ඉන්න දෙන්නේ නැහැනේ අරූ.. අපේ ළමයා ඔය වගේ එකෙක් එක්ක යාළු වෙනවා තියා කතා කරන්නවත් යන එක්කෙනෙක් නෙවෙයි.. මාත් එක්ක ඉන්නේ යාළුවෙක් ගානට..කොල්ලෙක් විහිළුවක් කලත්... යාළු වෙන්න ඇහුවත් ඇවිත් මුළින්ම කියන්නේ මට..එහෙම එකේ මං දන්නේ නැද්ද එහෙම එකක් තිබුනනං.."

      එච්චර වෙලා කෙල්ල හරි ඇති කියලා හිතං හිටිය මට ආයේම මේක ගැන හිතන්න ඕන උනා.. ඒත් එක්කම මං ජීවිත කාලෙට ඉගෙන ගත්ත දේවල් උඩ පිහිටලා මෙන්න මේ ටික විතරක් කිවුවා..

      "උපාසක අම්මේ ඔය ළමයි කොච්චර යාළුවෝ වගේ ආස්සරේ කරං ඉන්නවා කිව්වත් පාරේ සිද්ධ වෙන දාහක් ජාති ඇවිත් උපාසක අම්මා එක්ක කිව්වත් හිතන්න එපා එයාට නොකියන්න ඕන දෙයක් ඇති උනොත් ඒක කවදාවත් ඇවිත් අම්මට කියයි කියලා... එතනදී ඔය කොයි තරං යාළුවෝ වගේ ළමයි හැදුවත් හංගන්න ඕන දේ ළමයා හංගනවාම තමා" කියලා...

      උපාසක අම්මගේ මුණ දෙක උනා..මාත් එක්කත් විස්සෝප උනා.. ඒත් අන්තිමේදී මං දෙපාර්ශවයම එක්කාසු කරලා ගෙනත් තිබ්බා නඩු විභාගේ... කොල්ලා නඩුව පරදින්න ඔන්න මෙන්න තියෙද්දී තුන්වෙනි පාර්ශවයක් ආවා එතැනට.. ඒත් ගෑණු ළමෙක්.. අර කොල්ලට කෙල්ල දීපු හැම ලියුමක්මත් තිබුනේ ඒ තුන්වැනි පාර්ශවේ ගාව.. කෙල්ල නෝන්ඩි වෙයි කියලා හිතලා ඒ කිසිම දෙයක් ගැන ඌ නෙවෙයි කට ඇරියේ.. ඒත් ඌට සිද්ධ වෙන්න යන අසාධාරණේ දැන ගෙන අර කෙල්ල හිතවත්කං පැත්තක තියලා ගෙනත් හැම දේම පෙන්නුවා... අර උපාසක අම්මටයි ගෑණු ළමයටයි කර කියා ගන්න දෙයක් නැහැ... බැලින්නං අවුරුද්දකට එහා පැත්තේ මේ කොල්ලගෙන් චොක්ලට් කාලා තෑගි අරං මූව හාවා කරලා දැන් මේ වෙන සල්ලි තියෙන කොල්ලෙකුට දැල වැටීගෙන එන හින්දා මේකව අහක් කරන්න ලෑස්ති වෙලා තියෙන්නේ... අර කොල්ලා නෙවෙයි පිහියෙන් අනින කතා කියලා තිබුනේ..ඌ ගැනයි මේ කතාවයි දන්න උගේ යාළුවෝ... අන්තිමට කෙල්ල අඩනවා..කෙල්ල අඩනවා බලං කොල්ලා ආඩනවා.. එයින් පස්සේ ඒ වලිය අහවරයි.. හැබැයි කොල්ල එයින් පස්සේ මාත් එක්ක පුදුම විදියට හිතවත් උනා.. අදටත් ඒ හිතවත්කං එහෙමමයි.. කෙල්ලනං ඉතිං හැල හැප්පිලි ගොඩක් මැද අදටත් ඉන්නවා... අන්තිමට හිරෙත් ගියා..කොල්ලා පුදුම ලස්සන ජීවිතයක් ගෙවනවා... ඔන්න අම්මලා බොහෝම විමසිල්ලෙන් ඉඳලත්... අම්මලා දූලා යාළුවෝ වගේ ඉඳලත් කොලේ වහපු තරමක්... හුටස් මේක පෝස්ට් එකක් නේද..?:)

      අර යූරියා කතාව මං සීයට දෙසීයක් පිළිගන්නවා.. ඒත් ඒ දේවල් එහෙමම උන එක ගැන මං අද සතුටු වෙනවා... එකම පීල්ලේ නොයා වෙනස් පීල්ලක ගමන් කිරීමට ලැබීම අමුතුම ආශ්වාදයක්.. ඒක තේරෙන්නේ ඒක විඳින කෙනාටයි...

      ඊ ළඟ කාරණාව තමා මේවා මෙහෙම ලිව්වා කියලා ඒ කවුද කියලා මේක කියවන අය අඳුරන්නේ නැති වීමයි... එයත් මේ ලෝකේ ඔය කෝටි ගානක් අතර තවත් එක චරිතයක් විතරයි...

      @ලකී...

      දනිමි..ඒත් මේ කතා ටික නැතිව මාරයා අසම්පූර්ණයි... පන්සල් කතා කියන්නේ එක පැත්තක් විතරයි. අනිත් පැත්තත් උඩට එන්න ඕන අමාරුවෙන් හරි... එතකොටයි මිකිහෙක්ගේ ජීවිතේ හැබෑ තත්වේ අනිත් අයට අවබෝධ කරගන්න බුළුවන් වෙන්නේ.. එහෙම නැති උනොත් අපිත් බ්ලොග්වලින් බුදු උන ගානට තියෙයි... එහෙම අය නැහැ නෙව...

      Delete
    3. අර කියුවා වගේ රහට ලියන්ඩ තිබ්බ පෝස්ට් එකක්

      Delete
    4. "දනිමි..ඒත් මේ කතා ටික නැතිව මාරයා අසම්පූර්ණයි... පන්සල් කතා කියන්නේ එක පැත්තක් විතරයි. අනිත් පැත්තත් උඩට එන්න ඕන අමාරුවෙන් හරි... එතකොටයි මිකිහෙක්ගේ ජීවිතේ හැබෑ තත්වේ අනිත් අයට අවබෝධ කරගන්න බුළුවන් වෙන්නේ.. එහෙම නැති උනොත් අපිත් බ්ලොග්වලින් බුදු උන ගානට තියෙයි... එහෙම අය නැහැ නෙව..."
      මේ ටිකට පට්ට ලැයික් ආ ....

      Delete
    5. මාරයියේ... .මාත් එකඟයි මේ කතාවට.මේක දාහක් කතා අතරේ එක කතාවක් විතරයි....

      Delete
    6. 100 % ක් වෙන කෙනෙක්ව තේරුම් ගන්න බැහැ . දරුවන් ගැන වුනත් එච්චරයි . ඒ වුනත් මෙතන ගෙදරදීම නේ . ඒකයි මන් එහෙම හිතුවේ . වෙච්ච දේවල් ආපහු ගන්න බැහැ තමයි. මන් කිව්වේ තමා ගැන නෙමේ ඔය මේ කතා වලට සම්බන්ධ අනෙක් ළමයා අපහසුවට පත් වෙන්නේ නැද්ද කියල මට හිතුන .

      Delete
  29. තාම 16+ කෑලි. අපි බලං ඉන්නවා 18+ එනකම්......... හික් හික්

    ReplyDelete
    Replies
    1. හිටිං 60+ බණක්වත් දාන්න

      Delete
    2. වරෙං බං බනක් නොදා බනක් වෙන මොනා හරි කරමු.... හික් හික්

      Delete
  30. යකෝ අර ඒ දවස්වල ඩෙස්ක් එක අස්සෙ තියං කියෝපු පත්තරේක ස්ටෝරියක් වගේනෙව.සීන් එකේ විස්තරේ විතරයි අඩු.

    ReplyDelete
    Replies
    1. ඒ පත්තරවල මෙහෙම කෝච්චි යනවෑ..කෙලිම්ම සතා මරනවා මිස..

      Delete
  31. උඹ දන්නවනේ මම මේ දිහා බලන්නේ ව්‍යාපාරික ඇහෙන් කියලා... මේක තව පොඩ්ඩක් පුළුල් කරලා ගහමු පත්තරයක් බන්....

    කාමරේ පුරා අලවලා තිබ්බ අයගේ නම් කියද්දි මතක් වුනේ.... අනේ ඒවා කී දෙනෙක් බිත්තියෙන් ගැලවිලා යට ලීයේ නාරිලතා මල් වෙන්න ඇතිද ඒ කාලේ....

    ReplyDelete
  32. බෝ පැලේ වගේ ඉන්න මම නරක් වෙනවා සහතිකයි මේ මාරයාගේ කතා තවදුරටත් කියෙව්වොතින්....

    ReplyDelete
    Replies
    1. ඔයා බබා.. අපි නාකා... හනේද කියන්නේ..:)

      Delete
  33. මාරයියට බාල්දිය පෙරලපු එකාට මාගේ බලවත් විරෝධය!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කිව්වා...

      Delete
  34. කතාව දැන් දැන් ඉන්ට්‍රස්ට්ස් වැඩියි.

    ReplyDelete
  35. වීදුරුව බිදෙන්නෙ නැතුව බිම දැම්මෙ කොහොමද, මෙයා වීදුරුව බිමින් අරන් තියල වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ආ ඒවා තාක්ෂණිකව කල හැකි දේවල්...

      Delete
    2. ගුරු මිස්ටිය තියාගෙනවත් කියලා දෙන්න එපා ඔන්න..කොල්ලො ටික අත්හදා බලන්න ගිහින් විජ්ජුම්බරයක් වෙයි

      Delete
  36. මාත් ඇස් වහන් බයෙන් බයෙන් බැලුවා 18+ නේ ....
    මක්කෙය් මාරය්යේ ඊට පස්සේ උනේ....

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ උනේද..? ඔහොම යංකෝ කියන්ට...

      Delete
  37. කෝච්චියක් යනවා නෙමේයි, ටිපර් එකකින් ගල් ලෝඩ් එකක් බානවා තමයි පෙන්වන්න වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ අධ්‍යක්ෂකවරයකු වීමේ හැකියාව පෙන්නුං කරනවා...

      Delete
  38. ඒ හාපැටියව නරියෙක් පස්සෙන් කැරකෙනවා කියලා ගෙනල්ලා අතඇරියේ කොටි කටකටනේ බං

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ සැමයියගෙ කුසු සිතුගේ කතා වස්තුව වගේම කතාවක් වෙයි වගේ ඈ...

      Delete
  39. අයියේ මාව නාවපන්කෝ.........

    ReplyDelete
  40. කුමරි බඹසර හැඬූ දා වුණේ නැහැනේ :D

    ReplyDelete
  41. "ගුලි" ගෙ නවකතාවක් වගෙයිනෙ.

    ReplyDelete
  42. එහෙනම් එහෙමයි උනේ.ඈ........!

    ReplyDelete
  43. මම ඔබට කාරුණික යෝජනාවක් කරන්න කැමතියි. කාමය වෙනුවට ශ්රුන්ගාරය ඇතිවන විදිහට මේ ලිපියේ ඉදිරි කොටස් වල භාෂා විලාශයේ කිසියම් වෙනසක් කලොත් රසය වැඩිවන බවයි මටනම් හිතෙන්නේ.


    අසමි දකිමි සොයමි ලියන වි


    ReplyDelete
  44. හ්ම්ම් මාරයා මල්ලිත් ඉතින් සොබාවික මනුස්සයෙක්නේ.. ඒකයි මේකෙන් ඔප්පු වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සොබාවික???? හොඳ සොබාවික........... හෙහ් හෙහ් හෙහ්......

      Delete
  45. Nodakin me kochchi walata lankawe wage parakku wela yanna berida.

    ReplyDelete
    Replies
    1. 650 ට සුබ පැතුම් සමගින්.......

      Delete
  46. maraya nam gama wenada kara wene kenkuge ath dakeemak widiyata liyapan.,
    mata terena wediyata mehema giyohtm =umba ona ewa epa ewa okkoma liyapa me blog nawatttanwa . mama kamthi na ekaa.
    e nisa liyana ekak liyana wena kenkwa gawala.

    ReplyDelete
  47. //ඊ ළඟ කාරණාව තමා මේවා මෙහෙම ලිව්වා කියලා ඒ කවුද කියලා මේක කියවන අය අඳුරන්නේ නැති වීමයි... එයත් මේ ලෝකේ ඔය කෝටි ගානක් අතර තවත් එක චරිතයක් විතරයි...\\

    රංගි ගැන රුක් සටහන් දාලා, ඒ කිව්වේ පවුලේ අලගිය තැන් මුල ගියතැන් දාලා ලියලා තියෙනවානේ අය්යේ. ඉතිං ඔන්න මං කියන්නම්, ඔයා මළ දාක මළ ගෙදර යන සමහර අය මුලින්‍ හොයන්නේ කෝ මෘත කලේබරය කියලා නෙමෙයි............

    ඒ කොහොම වුනත් ඕපදූප ලැදි මනස මේ කථාවේ ඉතිරියත් කියවන්න මනාපයි.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකට මං මනාපයි හික් හික් +++++++++++++++

      Delete
  48. hama post ekama kiyewwata comment danna amarui mare ayye.eth kiyawanawa hode..siyalu jawanika chiththa rupa lesin narabana ladi..marai...

    ReplyDelete
  49. hama post ekama kiyewwata comment danna amarui mare ayye.eth kiyawanawa hode..siyalu jawanika chiththa rupa lesin narabana ladi..marai...

    ReplyDelete
  50. මාරේ අර අක්ක බැඳපු එකා එහෙම බ්ලොග් කියවන්නේ නැතැයි?

    ReplyDelete
  51. මම නම් ඇස් දෙක වහගෙන ඇඟිලි අතරින් බැලුවෙ ඔන්න.... හික්ස්...

    ReplyDelete
  52. ඇඹලයො වගේ අපි ඔක්කොම කොටස් ටික කියෙව්වාම අන්තිම කොටසෙ, නිර්මාණයක් පමණි කියලා හෙම දාන්න අදහසක් නෑ නේද මාරෙ?

    අන්තිමටකෝච්චියත් බිංගේ ඇතුලෙන් ගියේනෑ නේ?


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  53. අනෙ මන් දන්නේ නෑ ඕවා................

    ReplyDelete
  54. පස්ට ඈ.....සෝ...මාරයාස් ෆේවර් ඊස් චතුරිකා පීරිස්...ඔහොම යං...

    ReplyDelete
  55. මෙච්චර හොද ලව් අකට දුශ්ඨයෙකුත් පාත් උනාද? එහනම් ඒකත් බලමුකෝ..

    ReplyDelete
  56. මාරයියටත් ඉන්නෙ මරු අක්කල ඈ..... අපේ එවුන්නම් අල්ලපු ඇඳේ නිදාගන්න දීල පහුවදා උදේට කෑගහනව "උඹ රෑ තිස්සෙම ලී ඉරනව මට නිදාගන්නවත් නෑ" කියල.

    ReplyDelete