කාටද දැන් මතක බ්ලොග් මැරතන්..?
මටනං මතකයි... ඕක ඉස්සර සිංහල බ්ලොග් කියවනය මඟින් සිංහලෙන් බ්ලොග් ලියන අයව උනන්දු කරවන්න කරාපු වැඩ සටහනක්... මට මතක හැටියට පැය 24ක් විතර එක දිගට තියෙන වැඩක්...
කරන්න තියෙන්නේ මුලින්ම සිංහල බ්ලොග් කියවනයේ ඇති බ්ලොග් මැරතන් තරඟයට ඉදිරිපත් වීමේ පෝරමය පුරවා ඒකේ රෙජිස්ටර් වීමද කොහේද..? මං මුලින්ම බ්ලොග් කියවන්න ආව දවස්වල හැම තැනම ඔය බ්ලොග් මැරතන් එක ගැන කතාව.. එතකොට කොහේද ඉතිං අපිට බ්ලොග්... අපි ඒ දවස්වල ජබොග්... රෙජිස්ටර් උනාට පස්සේ මං හිතන්නේ ඔය බැනර් කෑල්ලකුත් හම්බු උනාද කොහේද තම තමුන්ගේ බ්ලොග්වල එල්ලා ගන්ට... ඒ දවස්වල යන යන තැන බ්ලොග්වල මැරතන් දුවන්න ලෑස්තිය...
කට්ටියම වැඩේට සෙට් උනාට පස්සේ අඳාළ තරගේ තියෙන දවසට ඉතිං තියෙන්නේ පණ දාගෙන මැරතන් දුවන්න තමා... ඒ කියන්නේ විනාඩි පහලොවෙන් පහලොහටද කොහේද පෝස්ට් එකක් දාන්න ඕන.. එක දිගට පැය විසි හතරක් ඇතුලත සෑම පැයකටම පෝස්ට් හතරක් විතර වැටෙද්දී තරගේ අහවර කරනකොට පෝස්ට් සීයකට ආසන්න ගානක් නිකංම වැටිලා...
මං ඉතිං ඒ කාලේ මැරතන් දුවනවා තියා බ්ලොග් එකක් ලියා ගන්නවත් නොදැන හිටිය හින්දා කොහොම හරි මුලින්ම මැරතන් එකක් දුවන හැටි බලං හිටියා... හප්පා වැඩේ යනවා ගජරාමෙට... ඒක හරි අපූරු වැඩේ... පස්සෙන් පහුනං එක මැරතන් එකක් වෙලාවේ මාත් ටිකක් විතර වතුර ගැහුවා වගේ මතකයි... වතුර ගහනවා කියන්නේ කමෙන්ට් කිරිල්ලට... ඒ පාර මං වගේම මට මතකයි අපේ හා පැටික්කිත් වතුර ගැහුවා හෝ ගාලා... තරඟ කරපු අය හුග දෙනෙක්ව හරියටම මතක නැතත් අපේ ප්‍රවීණ බ්ලොග් කරුවකු වන "බිඟුවා" (දැන්නං බිඟුවාව නොදන්න අයත් ඇති.. ඒත් ඒ දවස්වල බිඟුවා සහ දුකා කියන්නේ අළුත් උන්ගේ බ්ලොග් හොය හොය ගිහින් කමෙන්ට් කරපු අත හිත දීපු උන් දෙන්නෙක්...බිඟුවා නොගිය තැනක් හොයා ගන්න අමාරුයි ඒ කාලේ.. දැන්නං මෑන් සද්දේ වහලා...) එහෙම වැඩේ කරට අරං කරගෙන ගියා කියලා මතකයි... ඒ එක්කම නීනුවා නොහොත් දැන් අර පස් වෙනි මණ්ඩලයේ පෝස්ට් ලියන නෙරංජියාත් ඒ දවස්වල ඕකේ හෙන කකුලක් වෙලා හිටියා වගේ මතකයක් තියෙනවා.. හැබැයි මැරතන් එකෙන් පස්සේ ඒකි තව කවුරු හරි කොලුවෙක් එක්ක...(මට මතක හැටියට තිමිර වෙන්න ඕන...) මහා බ්ලොග් වලියක් දාගෙන හිටියා වගෙත් මතකයි...
දැන්නං මතක ඇති කාලෙක බ්ලොග් මැරතන් එකක් දිව්වේ නැහැ... ඒ දවස්වල ඉතිං දැන් වගේ බ්ලොග් ගොඩක් තිබුනෙත් නැති හින්දා මැරතන් එකෙන් ලොකු තල්ලුවක් ලැබුනා බ්ලොග් ලිවීමට... ඒ විතරක් නෙවෙයි අපි වගේ උන්ට බ්ලොග් පටන් ගන්නත් ඒක උත්තේජනයක් උනා...
ඔය බ්ලොග් මැරතන් එකෙන් සිද්ධ වෙන තව දෙයක් තමා තමුන්ගේ බ්ලොග් ලිපි ගාන හිටු කියලා ඉහල යන එක... හරියට තරඟ කලොත් කලින් දවසට වඩා පෝස්ට් 100ක් විතර වැඩියෙන් තමා පහුවදාට බ්ලොග් එක තියෙන්නේ.. ඒත් මං දන්න සමහරු මැරතන් එකෙන් පස්සේ ඒ ලිපි සෑහෙන හරියක් මැකුවා.. මොකද විනාඩි ගාන අතරේ ලියන්න ගියාම දිග පෝස්ට් නැහැ.. වැඩි හර බර ගතියක් ඇත්තෙත් නැහැ... සමහරු කවි ලිව්වා..සමහරු අහලා තියෙන කතන්දර ලිව්වා... ඔය අස්සේ මට මතකයි බිඟුවා හරි කවුරු හරි ජ්‍යොතිෂ කවි පොතකින්ද කොහේදත් කවිය කවිය දාන්න ගත්තා... එහෙම බැළුවම තමන්ගේ බ්ලොග් එක අනවශ්‍ය ලිපි ගොඩකින් පිරිලා යන එක තමා වෙන්නේ.. හැබැයි ඉතිං මොක හකුරත් හකුරක්නේ කියලා හැම පෝස්ට් එකක්ම පෝස්ට් එකක්නේ කියලා හිතලා නොමකා හිටියොත් තමුන්ගේ ලිපි ගාන නිකංම ඉහළට ගිහිල්ලා... ලේසි වැඩක්යෑ ඒකත්... අද ලිපි සීයක් තියෙන කෙනෙක් මේ තරගෙට එකතු උනොත් හෙට පුළුවන් දෙසීයයි කියලා සැමරුමකුත් දාන්ට...
හැබැයි ඔය දේ හින්දම සමහරු තමුන්ගේ ස්ථීර බ්ලොග් එකෙන් නැතිව තාව කාලිකව අටෝ ගත්ත බ්ලොග් වලිනුත් වැඩේ ඇදගෙන ගියා... ඒ කොහොම කලත් ඇත්තටම ඒ කාලේ මේ මැරතන් හරහා බ්ලොග් ලියන කියවන දෙපාර්ශවයටම ලොකු සතුටක් ලැබුනා කියලනං කියන්ට ඕන...
ඒත් දැන් වෙද්දී බ්ලොග් මැරතන් එකක් තිබුන කාලයක් මතක නැහැ... එව්වට මොනවා උනාද කියලා දන්නේ දෙයියෝ තමා... එක අතකින් දැන්නං ඉතිං අමුතුවෙන් උනන්දු කරේ නැතත් ලියන්න කට්ටිය ඕන තරං ඉන්නවා වගේම කියවන්නත් ඉස්සරට වඩා විශාල පිරිසක් ඉන්නවා නෙව...
හදිසියේම මැරතන් එකක් ගැන මතක් උනේ මගේ ලිපි ගාන බලනකොට ඒක නොදැනිම හයසිය පණහත් පන්නගෙන ගිහින් කියලා දැක්ක හින්දා... බ්ලොග් මැරතන් එකක් තිබුනනං දවසින් ඕක හත්සිය පණහා පයිනවා නේද කියලා හිතුන හින්දයි මැරතන් මතක් උනේ... ඒ දවස්වල ආසාවෙන් හිටියට මැරතන් එකක් දුවන්න ඒක කවදාවත් කරන්න උනේ නැහැ නෙව... ඔන්න ඕකයි මැරතන් මතක් වෙන්න හේතුව...
1 ද?
ReplyDelete:-X
Deleteකමෙන්ට් මැරතන්..
Delete:) නැතුව නැතුව මචං, අපිටත් ඉතිං පොඩි ජොලියක් තියෙන්න එපැයි. අනික මේ මැරතන් එක තියෙන්නෙත් මාර බ්ලොගේ විතරනේ.
Deleteහහ් .. යසයි වැඩේ. මැරතන් දුවන්න, අපිට කමෙන්ට් කරලම පනයයි. :)
ReplyDelete650 කෑලිත් නෑ.... 665යි :)
ReplyDeleteදිගටම ලියන්න - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බිඟුවා මා නොදනිමි. ඒත් ඒ වගේ දැන් මේ අපේ ගිම්සිනා නගා ඉන්නෙ. එයාත් නොපීරපු තැනක් නෑ නොවෑ බ්ලොග් අවකාශයෙ.
ReplyDeleteලස්සන කවි ටිකක් මේ ටිකෙ ලියන්නකෝ...
ReplyDeleteෂහ්, අමතක වුණානෙ තැන බුක් කරල පෝස්ට් එක කියවන්න.
ReplyDeleteමමත් කියවලම ඇවිල්ලා කොමෙන්ට් කෙරුවෙ, 1 පොඩ්ඩෙන් මිස් වෙලා තියෙන බව පෙනුන නිසා :/
Deleteවෙලාවක් තියෙන හැටියට තමයි මමත් ලියන්නේ. ඒත් වෙලාව තියෙන වෙලාවට ගොඩක් ලියලා තියාගන්නවා. මේක ඉස්සරහ ඉඳගත්තම ලියන්න පුළුවන් කජු කනවා වගේ. ඒත් ඉතින් හොඳ එකක් ලියවෙන්නේ කලාතුරකින්
ReplyDeleteඉතින් ඔය නිවාඩු දාලා බුදියා ගන්න දවසක දාහංකෝ පැයකට හතරක් පහක් ගානේ අපි එපා කියනවද බලන්න
ReplyDeleteඉතින් රටට ජාතියට හා ජනාධිපති තුමාට සෙත් පතා ඒක පුද්ගල මැරතන් ධාවනයක නිරත වෙමුකෝ
ReplyDeleteපහුගිය අවුරුද්දට මම ලියල තියෙනවා පොස්ට් විසි ගානක් ද කොහෙද... වැඩියෙ ඔය මැර තන් පිටිපස්සේ යන්න හොඳ නැහැ..
ReplyDeleteඑහෙමත් කාලයක් තිබුන නේද...?හෙහ්,...හෙහ්...හෙහ්...!!!
ReplyDeleteමගෙන් සුබ පැතුම් !!!!!
ReplyDeleteමමත් බ්ලොග් වලට අලුත් නිසා ඔය මැරතන් කතාවක් නම් දැනගෙන හිටියේ නෑ. ඒ ගැනත් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි. :) :) :) :) :)
මැරතන් දිවිල්ල කොහොම වෙතත් බ්ලොග් මැරතන් එකක් දුවනවා කියන්නෙ ඉතින් පට්ටම ගේමක් වෙන්න ඇති. ආයෙමත් සැරයක් බ්ලොග් මැරතන් එකක් තියෙනවානම් මාර අයියත් දුවන්න ගන්න. අපිට බැරියෑ වතුර ගහන්න. ( ඕනෙනම් මඩ වතුර උනත් බැරියෑ :P )
ReplyDeleteමාර අයියා වගේම මමත් ඒ කාලේ මේ බ්ලොග් අවකාශයට අලුත් නිසා මැරතන් එකක් ලියන්න බැරි උනා. නමුත් මම මැරතන් ලිව්ව හැටිනම දැක්කා. දැන් මැරතන් තියා බ්ලොග් ලිව්වත් වගේ වගක් නැති පාටක් ඉස්සරනම් අමුතු ගතියක් තිබුනා. නේද.
ReplyDelete//ඔය බ්ලොග් මැරතන් එකෙන් සිද්ධ වෙන තව දෙයක් තමා තමුන්ගේ බ්ලොග් ලිපි ගාන හිටු කියලා ඉහල යන එක... හරියට තරඟ කලොත් කලින් දවසට වඩා පෝස්ට් 100ක් විතර වැඩියෙන් තමා පහුවදාට බ්ලොග් එක තියෙන්නේ.. ඒත් මං දන්න සමහරු මැරතන් එකෙන් පස්සේ ඒ ලිපි සෑහෙන හරියක් මැකුවා..
ඇයි සමහරු මැරතන් ලියන්නම බ්ලොග් හදන් හිටියේ ඒ ගැන ලියන්න අමතක උනාද.? :D
ඉතින් මාරයියෙ ඔයා පටන් ගන්නකො ආයෙ එහෙම මැරතන් එකක්. මම වතුර ගහන්නම්
ReplyDelete//ඒ කියන්නේ විනාඩි පහලොවෙන් පහලොහටද කොහේද පෝස්ට් එකක් දාන්න ඕන.. එක දිගට පැය විසි හතරක් ඇතුලත සෑම පැයකටම පෝස්ට් හතරක් විතර වැටෙද්දී තරගේ අහවර කරනකොට පෝස්ට් සීයකට ආසන්න ගානක් නිකංම වැටිලා...//
ReplyDeleteආයෙ තියනවනම් කලින් කියපං මාරයියේ.. නිවාඩුවක් දාල ගෙදර ඉදල හරි ලියන්නම්.. :)
බිඟුවා තාම ලියයි... ඒත් ඉඳහිට...
ReplyDeleteරන්දිලුත් බ්ලොග් මැරතන් එකට හිටු කියල ලියාපු කෙනෙක්..
වෙබ් එකේ සිංහල ව්‍යාප්ත වෙන්න මේ කොයි දේත් උදව්වුනා කියල හිතේ
වැඩකට ඇති දේකින් පුරවන එක ලියන්නාගෙ යුතුකම දැන් ඉතින්
පෝස්ට් 1000ත් ඉක්මනට ලියන්න ලැබේවා අයියා.
ReplyDeleteදැනටත් ඔය මැරතන් එක නොතිබ්බට ගොඩක් අය තරඟෙට ලිපි ලියනවා
බ්ලොග් ලියන එකෙන් ජිවිතෙට ගොඩක් සුන්දර අත්දැකීම් එකතු වෙනවා නේද... මම නම් බ්ලොග් ලියන්න ගොඩක් අලුත්... මේ ලිපිය ගොඩක් වටිනවා බ්ලොග් වල ඉතිහාසේ ගැන අපි වගේ අලුත් අයට දැනගන්න.....
ReplyDeleteඇයි බං, මතකෙයි එතකොට 'කයි මඩුව' එහෙම. :)
ReplyDeleteඇයි බං මාරෙ මේ ලඟදි තිබ්බෙ මැරතන් එකක් දවසකට එක ගානෙ සතියක්ද දෙකක්ද පෝස්ට් දාන්න. හැබැයි ඇත්තම කිව්වොත් quantity මිසක් quality එකක් නම් එච්චර තිබ්බෙ නෑ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
.
ReplyDeleteමාරයා
ReplyDeleteස්තුතියි බිඟුවා මතක් කලාට කවදාවත් නොදැක්කට හැමෝටම මාර හයියක් උනා බිඟුවා. ඒ කාලේ බිඟු රැජිණ නොදන්න කෙනෙක් නෑ. බිඟු පැටියට නම් දාන්න හැමෝම උනන්දු උනා. දැන් මී වදේ තියෙනවද කියලවත් හොයන්න බෑ වගේ. බිඟුව ආපහු ඇදල ගනිමු අපි. ඒ වගේ උන් හරිම වටිනවා. උඹටනම් ඒ වගේ අතුතුරු ආන්තරාවක් නොවේවා කියල පතනව.
දුකාව දැනං හිටියත් බිඟුවව නම් දැනන් හිටියේ නෑ... ඒක නිසා මාරයියාගේ පෝස්ට් එක කියවිල්ල පැත්තක තියලා බිඟුවාව බලන්න ගිහින් ටෙස්ට් එකකට උත්තරත් දීලා ආවා.. තැන්ක් යූ මාරයියේ....
ReplyDeleteමම නම් මේ අවුරුද්ද කොහොමත් මැරතන් වගේ තමා.. හි හි... ඇයි ඉතිං පහුගිය අවුරුද 2කටම දාලා තිබුනේ පොස්ට් 5-6 නේ...
මේ ටිකේ පැල බැදගෙන මේක කියෝපු නිසා මාත් ඔය 650 හෙන් බාගයක් වත් කියෝලා නැතෑ මේ වෙනකොට... හි හි...
ඒකත් මරු වැඩේ හැබැයි :)
ReplyDeleteබිගුවාව නම් මට හොදට මතකයි. මාත් පටන් ගත්තනේ බ්ලොග් එකක් 2009 නොවැම්බර් වල. හැබැයි එදා ඉදලා අද වෙනකම් දාලා තියෙන්නේ පටන්ගන්නකොට දාපු පෝස්ට් එක විතරයි.:D ඒ පෝස්ට් එකටත් මුලින්ම කොමෙන්ට් කලේ බිගුවා. පොර දැනටත් ඉදලා හිටලා පොස්ට් එකක් දානවා.
ReplyDeleteමේ ඉතිහාස කතාව දැනගත්තේ අදම තමයි ඕන්.
ReplyDeleteමේ දාන ටිකත් කියවන්න බැරුව ඉද්දි තව කියවපල්ලකෝ දවසකට සීයක්. හුහ්. ඒකත් එකෙක්ගෙත් නෙවෙයිනේ.