07 September 2012

හිරුණිකා නංගි..මංගල අයියා සමඟින් ෆොන්සේකා උන්නැහේ...

හිරුණිකා සංධාන වේදිකාවට...

ජිල්මාට් නැතැයි මංගල කියයි...

සරත් ෆොන්සේකා ඇමති ධූරයකට...

දේශපාලන කතානං ඕනෑම නැහැනේ... ඒත් ඉතිං අද දවල් අහම්බෙන් වගේ මටත් සිරිකොත ගාවින් යන්ට උනා... සිරිකොත කිව්වේ අර අරක තමා.. මේ ළඟකදී ගෙදර ගෝලයෝම ගල් ගහගත්තු..එයිට කලියෙන් ලොක්කට එරෙහිව උපාවාස උද්ඝොෂණ එනකොට ලොකු අයියා විසින් පාර කාපට් කර ලොක්කා බේරා දුන්නු.. ආන්න ඒ සිරිකොත...

වැඩියම නෙවෙයි යන්තමට වගේ උත්සව සිරියක් ඒ පැත්තේ තිබුණ හින්දා ඩිංගක් නැවතිලා හැරිලා බැළුවා... එහෙමටම නෙවෙයි ඒත් තරමක පිරිසක් හිටියා.. හැබැයි අර ගල් ගැහීමේ මහා මංගල්ලයට වගේ හෝ ගාලානං හිටියේ නැහැ... එයින් විස්සෙන් පංගුවක්වත් නැති තරං.. ඒත් ඉතිං කොළ ඇඳ ගත්ත වයසක පහේ ගෑණු පිරිමි ටිකක් ගේට්ටු ගාව හක්කලං කොරනකොටයි මතක් උනේ අලින්ගේ 66 අදද කොහේද කියලා කොහේ හරි තිබිලා කියෙව්වා නේද කියලා... 

ඒ වගත් බලාගෙන සාධුකාරෙකුත් දීගෙන මං යන ගමන ගියා... ආපහු ආවේ රෑ දහයට විතර... ඒ ඇවිත් බ්ලොග් බල බල යද්දී මෙන්න හිරුණිකා සංධාන වේදිකාවට නැග්ගළු... ඒ හැටි අවුලක් නැහැ... ඕක ඉතිං කවදා හරි වෙනවා කියලා දැනං හිටිය හින්දා.. ඒ වගේම හිතුව දෙයක් තමා හැරෙන තැපෑලට ඒකිට මඩ ගොඩක් වඳිනවා කියලත්... ඒ හිතලා තව ටිකක් බලං යනකොට මෙන්න හිරුණිකා උඩ පැන පැන හිනා වෙවී සම්මුඛ සාකච්ඡාවකට පෙනී ඉන්න වීඩීයෝවක් නිකුත් වෙලා...අන්න අපේ රාටේ මාධ්‍යය... කබරයි තලගොයි කරං කාලා දැන් තමා මතක් වෙලා තියෙන්නේ මේ කබරයනේ බොල කියලා... ආතල් කෝටියයි... 

දැන් දවස් දෙක තුනකට කලියෙන් මංගල උන්නැහේ කියලා තිබුනා කොම්පීටර් ජිල්මාට් කියලා දෙයක් නැත..ඒවා ආණ්ඩුව විසින්ම තමන්ට විරුද්ධව පතුරවා හැරිය පස්ට කෙබරය කියලා...අනේ අර හිටපු හමුදාපති තැන්පත් උතුමාට මොනවා හිතෙනවා ඇද්ද මේ වෙලාවට... කලින් වතාවක් අර කාල් ලාන්ත ‍කොලුවා කියපු කට හැකර කතාව අහලා තක්බීර් වෙලා හැරෙන්න කලියෙන්  මේ යෝධයා මෙහෙම කිව්වම ඒ මනුස්සයා මොන වගේ තත්වෙකටද පත් වෙන්නේ..? 

අංක එක වෙලා ඉවරයි... අංක දෙක කියලා ඉවරයි.. අංක තුන උනත් එකයි නොවුනත් එකයි.. හැබැයි එහෙම වෙන්නත් බැරිද මේ වෙන දේවල් එක්ක බැළුවම... හැබැයි ඉතිං අද හිරුණිකාගේ උඩ පැන පැන හිනා වෙන වීඩියෝ එක එළියට ආවා වගේ නෙවෙයි එයිට වඩා දේවල් උන්නැහේට විරුද්ධව එන්න ඇහැකි... ඒවා ඔය ලොකු අයියාගේ නඩු තීන්දු වගේ නෙවෙයි එයිට එහා ගිය දේවල් වෙන්න ඇහැකි...

මොනවා උනත් ෆොන්සේකා මහත්තයා තව අවුරුද්දක් යන්න කලියෙන් තේරුමං ගනී ලාල්කාන්තලා මංගලලා එක්ක ගත්තම විමල් ගොයියා මොනතරං හොඳ එකෙක්ද කියලා...

හා මං ගියා..නිදි මතයි... 
-----------------------------------
හැබැයි අපරාදේ කියන්න බැහැ හිරුණිකා කෙලී හරි සිරියාවට උඩ පැන පැන හිනා වෙනවා... ආසාවේ බැරුවා... 

හීනෙන්වත් පෙනියං...:D

38 comments:

  1. අනේ බං මේ මකබාවවල් ලියන වේළාවේ රංගී අක්කගේ කතාවේ ඉතූරු ටිකවත් ලියුවානං පුරුදු වෙන කොල්ලෙක්ටවත් ප්‍රයෝජනයක් වෙනවා. අද මම එකද කොහෙද.

    ReplyDelete
    Replies
    1. උඹ කෙල හල හල බලන් හිටිය නේද ඒක කියවන්න මල්ලි .. පවු.. ?

      Delete
  2. හුට්ටාරේ..හුට්ට පටාරේ

    මම තමයි බොල අද එක.

    ReplyDelete
  3. මාරම සීන් එක කියන්නේ හිරුනිකා සංධාන වේදිකාවේ නැග්ග කථාව දන්නේ නැතුව එයාගේ හිචි බිචි වීඩියෝ එක බලපු සංධාන ඇත්තෝ ඒ ඇත්තිට ගොසිප් එකේ පලු යන්න බනිනවා. ඒ අස්සේ ඒ වගක් නොදැන හිටපු විරුද්ධ ගොයියෝ ඒ ඇත්තිට බැනපු එවුන්ට පලු යන්න නෙලනවා. හෙට තමා දිනේ..කමෙන්ට් ලයික් ඉල්ලා අස් කර ගනීද? නැත්නම් අධෝ මුඛය ඛණ්ඩනය කොට ස්වර්ගස්ථ වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අටම්පහුරයා එකයි දෙකයි දෙකම අරං. අපිට ඉතින් හැමදාම වගේ තුන තමා ඉතුරු.

      Delete
    2. එහෙනං හිරූ.. ඔයත් පබා නංගී කොළදේම කොළා නේද? ඇයි අනේ හදිස්සි උනේ ඡන්දෙකින් දිනලා ඇවිල්ලම පනින්න තිබුනනෙ..

      Delete
  4. අනේ එහෙම කියන්ට එපා දෙයියෝ , අවුරුද්දක් විතර දගලලා මම අද එක උනේ. මේකා මගේ ලෝකයේ වීරයෙක්නේ , ඉතින් එක වෙච්චහම තන්තෝස නැද්ද.
    ඔන්න 5ත් මම .

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ...පොඩි කොමියක්නෙ දැම්මේ....මොකෝ එක උනා කියල මාරයියා තෑගි දෙන එකක් ඈ...අඩුම තරමේ අපේ බ්ලොග පැත්තෙවත් එන එකක් ඈ....

      Delete
  5. හිරුනිකා උඩ පයින එකනං පස්ට ඈ...

    ReplyDelete
  6. අනේ හිරුණිකා උඩ පනින එකේ ලිංකුවක් දීපල්ලෝ....

    ReplyDelete
    Replies
    1. මෙන්න ලින්ක් එක !

      http://www.youtube.com/watch?feature=player_embedded&v=StOMvKOnP6s

      Delete
  7. අයියෝ හිරුනිකා ඔහොම කරනවා කියල අපි දැනගෙන හිටිය... අර රන්ගි දැරිවි ගැන ලියහන්කෝ අයියේ ... (ආදරේ වැඩි කමටද කොහෙද දැරිවි කියල කිය වුනා )

    ReplyDelete
  8. "හිරුනිකර්" උඩ පැනලා "කොහොමද මගෙ ජම්ප්" එක කියලා අහැව්වේ නැතෑ???

    ReplyDelete
    Replies
    1. පැනපු ජම්පෙකට ලග හිටිය මිනිහගේ සපත්තුව පැලුනද කොහේද?
      මේ පැරනි රසාංගය මතකද?
      ඔන්න සුපර් පොරක් හිටියා ඕනම කෙල්ලෙක්ගේ ඇදල ඉන්න නිකර් පාට කියන්න පුලුවන්. ඉතිං මිනිහා ඒක ටක්කෙටම කියනවා.
      "ආ. ඔයා ඇදල ඉන්නේ රතු පාට එකක්"
      "ඔයා නං කලු පාට එකක්"
      "බබාගේ නිකර් එක් සුදු පාටයි"
      ඔය වගේ මේ මිනිහා හැමදාම ඕක හරියට කියන ‍එකට තරහ ගියපු කෙල්ලෙක් හිතුව මං අද ඕකට සහාද පාඩමක් උගන්නවා කියලා. එදා නෝ නිකර් ගිහිං ඇහුවා " හරි තියනවා බලන්න මගේ එක මොන පාටද කියලා"

      මිනිහගේ ක්‍රමේ දාලා මොන විදියට දැගලුවත් කියන්න බැරි උනා.

      ඒ පාර මිනිහා ඔලුව නස කස කියනවා "අද අවුලක් වෙලා නේ. මගේ සපත්තුව පැලිලා කියලා"

      මිනිහගේ ක්‍රමය - කණ්ණාඩිය වගේ පොලිෂ් කරපු සපත්තුව සහිත පාදය ඉදිරියට දමා උඩ ඇති දෙය පරික්ෂා කිරීම

      ප.ලි. - මේක පැරණි රසාංගයක් කියන්නේ දැං වගේ හැම කෙල්ලම ජීන්ස්, කකුල් දෙකේ බෑයවල් ඒ දවස් වල ඇන්දේ නැති නිසා.
      හිනා යනවද මන්ද?

      Delete
  9. http://www.gossip9.com/2012/09/blog-post_664.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+sbu%2Fblogs+%28Sinhala+Blog+Reader%29

    ReplyDelete
  10. හිරුණිකා මහින්ද මාමිට සහය දෙන්න තීරණය කරපු එකේ වැරද්දක් මමනම් දකින්නේ නෑ. හිරුණිකාලා කියන්නේ දේශපාලනෙන් නඩත්තු වෙච්ච පවුලක්. ඔය කොයිතරම් වොයිස් කට් දුන්නත් මහින්ද මාමි ඇල්විටගල ෆ්ලැට්ස් වලින් යන්න කියලා; දීලා තියෙන පෙජරෝ එක ගත්තම හිරුණිකාලට වෙන්නේ පාරට බහින්න. ඒ වගේම භාරත මාමිගේ ෆයිල්ස්ත් මහින්ද මාමි ගාව ඇති. "දුව, ඔයා අපේ ස්ටේජ් එකට නගිනවද? තාත්තිගේ අහවල් ෆයිල් එක අදින්නද?" කියලා අහන්න විතරයි තියෙන්නේ.

    ඒ අයට මහින්ද මාමිගේ දේශපාලනයෙන් තොරව පැවත්මක් නෑ. නශ්ඨකාමී විපක්ශයකට මුක්කු ගහනවට වඩා අනාගතයක් ඇති දුවන අස්වයෙක්ට ඔට්ටු අල්ලන්න හිරුණිකාගෙන් පැත්තෙන් ගත්ත්ම ප්‍රැක්ටිකල්. ඒක හරිම සිම්පල් ප්ලැන් එකක්.

    හිරුණිකා එක්ක මහින්ද මාමි එළවන්න සිහින දැකපු අයගේ ආතල් කැඩිච්ච එකනම් පවු හැබැයි.

    සරත් ෆොන්සේකා මහත්තයත් මුලින්ම ඕක තේරුම් ගත්තානම් මෙළහකට දෙයියනේ කියලා කොහේ හරි සැප රටක තානාපතිකමක් අරන් හවානා සිගාර් එකක් ගහගෙන ආතල් එකේ ඉන්නවා. දූලා දෙන්නටත් ආතල් එකේ එහෙමෙහෙ යන්න තිබුණා [දැන් එහෙම බෑනේ, පාස්පෝර්ට් බ්ලැක් ලිස්ට් කරලනේ තියෙන්නේ]. බෑණන්ඩියටත් ශේප් එකේ බිස්නස් එක ගෝඨා අන්කල් එක්කම ගොඩ දාගන්නත් තිබ්බා. කොහෙද පවට පින දෙන්න බෑනෙව.

    අනිත් අතට මහවංශෙත් නම ලියවෙනවා හිටපු හොඳම සෙන්පති කියලා, "ගෝටාස් වෝර්" එකෙත් නම දාගන්න තිබ්බා "ගෝටාස් වෝ feat ෆොන්සා" කියලා. දැන්වත් මිනිහට මෝළේ පැදීලානම් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මහින්ද මාමිට අකමැත් කස්ටියත් හිරූ නගාට කැමති ඇතිනේ. ඉතිං හිරෑ නගා නැග්ගාම උනුත් නැග්ගා වගේ තමයි. අන්තිමට “මහින්ද මාමිට තව චන්ද ගොඩායි“

      Delete
    2. ඔච්චර දේවල් කරන මහින්ද බොලාට තාම හොඳ එකනේ වැඩේ. මොනා කරන්නද ලංකාවේ බහුතරයක් ගොන්නු වුන පව ගෙවන්නේ අපි

      Delete
  11. Maalan ge comment ekanam siraawatama eththa... fatta machan

    ReplyDelete
  12. තව ටික දවසක් යන කොට අර මුකුත් මතක තැති ඇරි. දුමින්දත් සැලෝලයිට් හිරුනිකාට "සුදු අයියා" වු‍නොත් පුදුම වෙන්න එපා පුතේ.. අර අනර්කලි කෙලිගේ මූණු පොජ්ජත් හිරුනිකා දැරිවිගේ මුණු පොජ්ජ ‍වගෙයි ටිකක්. බලාගෙනයි. වැල්ලවත්තේ දුමින්ද‍යගේ පොට් එකට එක්කං යයි.

    ReplyDelete
    Replies
    1. හිතට ගොඩක් අමාරුයි වගේ.

      Delete
    2. අමාරු නැ‍ෙතයි අයියේ.. අපේ නංගිලාටත් ඔය මොකෑවත් මතක නැතිය කිව්වොත් එහෙම. දැං ඔය අන්ර්කලි නගා කසාද බදින්නේ නැහැයි කියනවා වගේ හිරුනිකා නංගිත් ‍එහෙම කිව්වොත් විලිසංගේ ඇතුව වසන්නේ කොහොමෙයි.

      Delete
  13. හොඳ ලිපියක්. හිරුණිකා වටකරගෙන විපක්ෂ බැලයන් නටන්න හදපු නාඩගම ඉවරයක් කරගන්න බැරිවුන නිසා උන් ඇය සමග වෛරෙන් ඉන්නෙ.
    මේකත් කියවන්න.

    "ගියා.. ගියා... දාල යන්න ගියා.... හිරුණිකා...!"
    http://janasenaa.blogspot.com/2012/09/blog-post_6.html

    ReplyDelete
  14. මාරයෝ පොඩි කතාවක් තියෙනවා බලන්න.

    http://deshakaya.blogspot.com/2012/09/blog-post_6.html

    ReplyDelete
  15. හිරුනිකා ගැන විතරක් නෙමෙයි. ඒ ප්‍රශ්නේ ඇදගෙන ආන්ඩුවේ ඇතුලෙම ඉන්න උන් ලොක්කට ගේම අදින්න හැදුවත්. මේ ඉන්නේ ජේ ආර් වත්, ප්‍රෙමදාසවත්. නොවෙයි මහින්ද. එංගලන්තේ, ඇමරිකාව විතරක් නෙමෙයි ඉන්දියාවට වත් බය නැති එකා මේ පඟර නැට්ටන්ට බය වෙයිද. ෆොන්සේකා මහත්තයත් ඇමති කෙනෙක් උනොත් පුදුම වෙන්න දෙයක් නෑ. හිතාගන්නම බැරි දෙයක් උනොත් ඇර.

    චන්දේ ඉවර උන ගමන් දුමින්ද සිල්වා මැතිතුමා ලංකාවට එනවා. භාරතට වෙඩි තිබ්බේ වෙන එකෙක් කියලා ඌ පිළිගන්නවා. දුමින්ද ආයෙත් පාර්ලිමන්ට් එනවා. මොනවද කැට.

    ReplyDelete
  16. ජේ. ආර්. ගේ ව්‍යවස්ථාව. අවසාන උත්තරය ඒක. ශ්‍රී ලංකාවේ මොනම දේශපාලන ප්‍රශ්නෙකට වුනත් මුලින්ම දෙන්න පුළුවන් අවසාන උත්තරය තමයි ඒක.

    ReplyDelete
  17. මමත් දැක්ක ඒක ..ලස්සනට උඩ පනිනවා ..නේ

    ReplyDelete
  18. අයියලා නංගිලා උන්නැහේලා විතරක් නෙවෙයි, කවුරු කවුරු ඔහොම තමයි..

    (සික්...අර උඩ පනින කැත :D )

    ReplyDelete
  19. වැඩක් නෑ මාරෙ අයිය කතා කරල... හිරුණීකාට සප් එක දීගෙන ආණ්ඩුව පෙරලන්න පස්සෙන් ගිය උන්ට මොනව හිතිල ඇද්ද?... ඒ වගේම කලින් බැනපු උන් මොන විදිහට ගුණ ගායනා කරයිද?...

    උඩ පනින එකක් දැක්කෙ නෑනෙ බන්... ලින්ක් එකවත් දාන්න තිබුන... ;)

    ReplyDelete
  20. මෙතැන කමෙන්ට් කරලා තියෙන හුගක් උන් කතන්දරේ හරියට දන්නේ නෑ වගේ. කවුරුවත් හිරුණිකාට සප් 1 දීගෙන ආණ්ඩු පෙරලන්න හැදුවේ නැහැ. හිරුණිකා හැදුවෙත් නෑ. ලකී කියන්නේ පට්ට ශ්‍රී ලංකා කාරයෙක්(මහජන පක්ෂය කියලා එකක් තිබුනාට හුගක් උන්ට ශ්‍රී ලංකා එකෙයි මහජන පක්ෂයේයි වෙනසක් නෑ). හිරුණිකා වටේ ඉන්නෙත් ශ්‍රී ලංකා කාරයෝ විතරයි. උන්ට ඕනි ලකී මරපු පලිය ගන්න විතරයි.එතනින් එහාට උන් බලාපොරොත්තු ආණ්ඩුවේ ජොබ් 1 ක් ගන්න, ළමයෙක් ඉස්කෝලේට දාගන්න වගේ දේවල්. එහෙම නැතුව ආණ්ඩු පෙරලන්න උන්ට ඕනි නෑ. හිරුණිකා විපක්ෂයට සෙට් වෙලා ආණ්ඩුව එක්ක ගේම ඉල්ලයි කියන එක විපක්සෙ උන්ගේ හීනයක් වීතරයි. ඒ හීනෙ බිදුනාම හුගක් උන්ට රිදිලා වගේ.

    අර හිරුණිකා උඩ පනින වීඩියෝ එකේ වැරද්ද මොකක්ද කියන්න මං දන්නේ නෑ. ලංකාවේ දෙමව්පියෝ මැරිච්ච උන් හුගක් ඉන්නවා.ඒ කවුරුවත් හැම දාම අඩාගෙන නොකා නොබී ඉන්නේ නෑ. මිනිය වලලනකම් විතරයි අඩන්නේ. එකිත් සාමන්‍යය මනුස්සෙක්. ඊයේ හිරුණිකා කිව්වා ගිලෙන විපක්ෂයකට එකතුවෙලා වැඩක් නැහැ කියලා. දේසපාලනේ කියන්නේ කබරගොයත් තලගොයා කරන, කපන්න බැරි අත සිඹින, අම්මා අප්පත් විකුණන, අපි උඹලා වගේ වැදගත් මිනිස්සුන්ට නොගැලපෙන සෙල්ලමක් මාරයියේ.

    එහෙව් සෙල්ලමකදී හිරුණිකා සෙල්ලම් කරන විදියේ වැරද්දක් මං දකින්නේ නෑ. මං අගය කරනවා ඒකිගේ දයිරිය..

    ReplyDelete
  21. නොදකිං අර කතාවෙ ආතල් කඩලනේ..... මැදිං එව්ව මෙව්ව ඔබලා.

    ReplyDelete
  22. කෝ තාම බුවාගේ කොමෙන්ටුව පරක්කු මොකද?

    ReplyDelete