සංධානය නැගෙනහිරින් පැරදුනද නුඹ දිනිය යුතුය.. නුඹ පැරදුනහොත් අනික් කවුරුන් දිනුවද එයින් පල නැත... ලයිස්තුවේ නුඹට ඉඩ මදි වන තරමට වැදගතුන් පිරී ඇති හෙයින් නුඹ අද තනි සටනක නියැළුනද අතීතය මතක සිංහල මිනිසුන් නුඹ තනි නොකරතැයි සිත කියයි...
පළාත් සභාවකට නොව පාර්ලිමේන්තුවට යායුතු ඔබ වැන්නෙකුට නැගෙනහිරින් නොව ලංකාවේ ඕනෑම පළාතකින් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ඇත..එදා ඔබ ඊළාම් කොඩිය බිම දමා ජාතික කොඩිය එසවූයේ ඔබ වෙනුවෙන් පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන්මය... එය අමතක අය සිටී නම් එය ලැජ්ජාවට කරුණකි...
අද කුමක් වූවත් හෙට ඔබ නැගී සිටිය යුත්තේ ජයග්‍රාහකයකු ලෙසින් මිස අන් අයුරකින් නොවන බව කිව යුතුය... වාරිය පොල හිමි පරපුරේ උරුමය හිමි නුඹට ඡන්දයක් දෙන්නට මා හට අයිතියක් නොතිබීම ගැන කණගාටු වෙමි. නුඹ වෙනුවෙන් කතා කරන්නට නොහැකි තරමට පපුවේ අමාරුව හැදුන නායකතුමා ගැන කණගාටු වෙමි... එපමණයි...
කොටි කොඩිය බිම දැමූ ඔබ වෙනුවෙන් මාගේ පංගුව...

මම එක.
ReplyDeleteමිනිහනං නියම සිංහයෙක් තමයි.
Deleteමම දෙක
ReplyDeleteදේසපාලනේ ගැනනම් වැඩි කැමැත්තක් නැත
ලිපිය හරිහැටි කියවන්නේ නැතිව කමෙන්ට් කලාම ඔයවගේ දේවල් වෙනවා.මටත් පල්ලෙහා වුනා..මෙතන දේශපාලනයක් නෑ යාළු..තව සැරයක් කියවන්න.
Deleteසියළු දේශපාලකයෝ එකය. මාගේ ජීවිතයේ මා උගත් එකම දේශපාලන පාඩම එයයි.
ReplyDeleteකවුද මාරයියේ මෙයා???
ReplyDelete[[නුඹ වෙනුවෙන් කතා කරන්නට නොහැකි තරමට පපුවේ අමාරුව හැදුන නායකතුමා ගැන කණගාටු වෙමි.]]
ReplyDeleteඉන් අදහස් කළේ විමල් වීරවංශ මොහුට සහාය නොදැක්වූ බවද? මා එවැන්නක් දැන සිටියේ නෑනෙ.
ඔහ් පලයන් ... එහෙනම් මේක ප්ලාන් කරලා හැදුනු හාර්ට් ඇටැක් එකෙක් නේ. දන්නේ තේරුනේ සිං කොන් එක... මම හිතුවේ නෑ ජයන්ත විජේසේකරට මෙච්චර කැපිල්ලක් තියනවා කියලා.
Deleteආ..... ජයන්ත විජේසේකරද? මම හිතුවා මහින්ද විජේසේකර කියලා...
ReplyDeleteඅළුත් බ්ලොග් එකක් ලිව්වා..අප්පේ සින්ඩි වලට තියෙන පෝලිම..මෙතන ලින්ක් එකක් දානවා ...තරහ නෑනේ..ජ්‍යොතිෂ බ්ලොග් එකටත් මුල් කාලේ පාඨකයෝ ටිකක් අල්ල ගත්තේ මාරයාගේ හෝරාවට කමෙන්ට් කරලා තමයි....
අනන්තය
මහින්ද විජේසේකර අපායට යන්න දින ගනිනවා...
Deleteකලින් කමෙන්ටුව දැම්මේ ලිපිය හරියට කියවලා නෙවෙයි..(කොහේද?උවමනාව වෙනින් එකක්නේ..)මේ මිනිහව අදහන්න වටිනවනේ..කොටි කොඩිය බිමදාලා සිංහ කොඩිය උස්සපු වීරයෙක්නේ...
ReplyDeleteමම මොවුනට කියන්නේ කාඩ් බෝඩ් වීරයින් කියාය , කොටි කොඩියක් බිම දමා පාගා කරන වීරකම් මාරයා වැනි ලිං මැඩි දේශපාලන ගොබිලන්ට චූන් වීමට හැර ඇති අන් පලක් නොමැත , මොහුගේ නායකයා ඇතුලේ ජානිපේ හිකනලුන් සන්ධානයෙන් නොව ලාංකීය දේශපාලනයෙන්ද මක බැවී යන තරමට රටට යහපත්ය .ඒ කොටි කොඩි පැගිමෙන් දෙන ගැලරියේ ආතල්වලට සාපේක්ෂව බරපතල හානියක් මොවුන්ගේ ගෝත්‍රික මතවාදයන්ගෙන් රටට මෙන්ම සන්ධාන රජයටත් සිදුව ඇති බැවිනි !
ReplyDeleteඔබ වැනි අසහාය , අපරිමේය මතවාදී චින්තනයකින් යුතු පුද්ගලයෙකු ලිඳෙන් ගොඩ විත් රටට , ජාතියට , මනුෂ්‍යන්ට කල අනුපමේය මෙහෙවර ගැන අපිදු මඳක් දන ගැනීමට කැමැත්තෙමු. මඳක් ඒ ගැන අපව දැනුවත් කරන්න.
Deleteමොකුත් නොකළ , කරන මිනිසුනට අවලාද නගන කුහක ගස් ගොබිලෙකු නම් කිසිවක් නොකියා සිටින්න. අපි වටහා ගන්නම්...
හහා මාරයාට යමක් කී විට මහසෝන් පිල්ලියට තද වී ඇති අපුරුව , රටට ජාතියට කල කී දෑ නිර්නාමික බ්ලොගර් ප්රෆයිලයකට මුවා කීමෙ ඇති වලංගුතාවයක් නොමැත , ඔබගේ කමෙන්ටුව වෙනුවෙන් අනෙන්‍යතාවය හෙලි කිරීමේ අවශ්‍ය තාවයක්ද නැත , මන්ද ඔබ මොනවා හිතා ගත්තත් මට ඇති වැඩකුත් නැත . නමුත් මා ත්‍රස්ත දේශපාලනික පක්ෂයක සමාජිකයෙකුව සිටියේ හෝ ඔවුන් වෙනුවෙන් වාහන් හයිජැක් කලේ හෝ නැති බවත් , රටට වින කරන ගෝත්‍රික අන්තවාදයන් පතුරවන පක්ෂ වල කොන්ඩම් විරෝධතා වල කොටස් කාරයෙකු වත් නොවෙන බව කිව යුත්ය
Deleteබුවා සේර් ...
Deleteමා නිර්නාමික බ්ලොග් ප්රෝෆයිලයක් ලු ...
මගේ කමෙන්ටුව වෙනුවෙන් ඔහුගේ අනෙන්‍යතාවය හෙලි කිරීමේ අවශ්‍ය තාවයක්ද නැතිලු ..
දෙන්නම එක බෝට්ටුවේ නේද ?
අනේ මන්ද මොනවා හරි ගහල ඉන්න ගමනද උත්තර කෙටුවේ ?
එහෙම නැත්නම් තමන් කියන දේ තමන්ටම තේරෙන්නේ නැති මාන්දමිකයෙක් වත්ද ?
කොහොම උනත් ඔබට ඔබගේ කෙරුවාව ගැන කීමට අබ ඇටක දෙයක් නැහැ නේ ...නොකළ දේ කියනවා ඇරෙන්න . එහෙනම් මේකෙන්ම කතාව නවත්වමු.... සුබ දවසක් ...
//රටට ජාතියට කල කී දෑ නිර්නාමික බ්ලොගර් ප්රෆයිලයකට මුවා කීමෙ ඇති වලංගුතාවයක් නොමැත//
Deleteඕයි මහසෝනෝ තොට තේරෙන්නෙ මන්තර විතරද ? නිර්නාමිකයි කිව්වේ මම ගැන (මගේ බ්ලොග් ජිවිතේ කොතනකවත් අනුන්ගේ නිර්නාමික කම හොයලා නැති බව ඔහේ දන්නේ නැතුව ඇති,නිර්නාමිකත්වයට බය අය තමා ඇනෝ බ්ලොක් කොරන් ඉන්නේ ) , මම ඔය වාක්‍යයෙන් කියන්නේ මම නිර්නාමිකව ඉඳගෙන මම කල කී දේවල් කියල මොනව කිව්වත් ඔප්පු කරන්න බැරි නිසා වලංගු නැතිය කියන එක , ඔබට පිලිතුරු දෙන්න මගේ නිර්නාමිකත්වය නැති කරගන්න අවශ්‍ය නැය කියලයි ඊලඟට කියල තියෙන්නෙ
ප.ලි - ආන්න උඹල සපෝට් කරපු එකා දිනලා , ගහපල්ලා රතිඥ්ඥා
ප.ලි 2 - නොකල දේවල් සමහරක්ගේ කරපු දේවල් වලට වටිනා බව තේරෙන්නෙ නැත්නම් කණගාටුයි , ජෙප්පො හෝ ජානිපේ උන් කරන දේවල් නොකර ඉන්න එකත් ඒ වගේ
Deleteහරි හරි , මේ මල යකාට කරුණු තේරුම් බේරුම් කරලා දුන්නට සතුටුයි. දොරේ මං මන්තර ඇරෙන්න වෙන මොන කෙන්ගෙඩියක් දැනගන්නද ? :D
Deleteඋඹලගේ ගෙවල් පැත්තේ මෙතෙක් කල් ආ ගියෙත් නැහැ. හෙට ඉඳන් දිෂ්ටි දාන්නම්. පරිස්සම් වෙලා හිටු. :D
රතිඥ්ඥා ගහන්නේ මොකටද ? මට ඔය එකෙක් වත් පෙන්නන බැහැ. නමුත් යමෙක් කල හරි දෙයක් ඔහුගේ දේශපාලන භාවිතාව හින්ද නරකයි කියන්න තරම් මේ යකා කුහකත් නැහැ.
This comment has been removed by the author.
Deleteජනිපේ කියන්නේ ජනතාව නිගාවට පත් කරන පෙරමුණ කියන එක. ලොක්කා බනින්න ඇති ගියොත් එහෙම ෂෆල් එකේදි වෙන දේ කියලා. කොහොම හරි කාළකන්නි පක්ෂයක්.
ReplyDelete+++++++
Deleteඒ පැත්තෙත් බත් කන හරක් හිටියොත් ඕක වෙන්නෙ නෑ.හැබැයි පරණ වින්ද දුක මතකනම් මෙයා උඩින්ම එන්න ඕනෙ.අනිත් පැත්තෙන් නිළි නංග කෙනෙක් ඉල්ලනව කියල ආරන්චි නෑ නේද?
ReplyDeleteකවුද බන් මේ බුවා?
ReplyDelete@ දුකා
Deleteත්‍රිකුණාමලයේ උසාවි සංකීර්ණයේ ජාතික කොඩිය නො ඔසවා අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පැවැත්වීමට ගිය අවස්ථාවක බලෙන්ම පැමිණ තමන්ම අලවංගුවකින් වලක් හාරා ජතික කොඩිය ඔසවා ගිය කෙනෙක්. එවකට ජනතා විමුක්ති පෙරමුණේ පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
@දුකා - මෝඩ චණ්ඩියෙක් ! විමලයට වඩා පොඩ්ඩක් ඉස්සරහින් මොකද, කට විතරක් නෙවෙයි තේරුමක් නැති වුනත් වැඩත් තියෙයි
Deleteඑකඟයි
ReplyDeleteසත්‍යවශයෙන්ම වැඩකරනවානම් ඇත්තටම අපිට අද කාලේ අවශ්‍ය මේ වගේ අය, හැබැයි කවුද දන්නේ බොරුද කරන්නේ කියලා ?
ReplyDeleteකතා කරන්න තිත්ත වෙලා තියෙන දේශපාලනේ ගැන මෙහෙම දෙයක් අහන එකත් මී පැණි වගේ... නෙගටිව් පැත්තටම කියනවා නෙවෙයි.. ඒත් ඔය කෙලින් තියෙනවාය කිව්ව කොන්ද බලු නකුටක් කරන්න පුළුවන් විදියේ මැරවර, ව්‍යාපාරික දේශපාලුවෝ මේ රටේ හිඟ නෑ.... ඔවුන් කොට්න්ට වඩා භයානක බවයි මගේ අදහස....
ReplyDeleteඔය ලොක්කාගේ කටේ තරමට නැති වැඩ ගැන නම් මටත් හොද අත්දැකීම් තියේ. දේශපාලනයෙන් නම් වැඩක්ම නැත.දේශපාලනේ නම් එපාම එපා :/
ReplyDelete
ReplyDeleteත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිපලය.
ඉතඅක- 44,696 (30.03%)- ආසන 3යි
එජනිස- 43,324 (29.30%) - ආසන 3යි
ශ්‍රීලමුකො- 26,176 (17.7%) - ආසන 2යි
එජාප- 24,439 (16.53%) - ආසන 01යි
ජානිපෙ- 9,522 (6.44%) - ආසන 01 යි
Read more: http://www.gossip9.com/#ixzz25wwQZjzE