ඔන්න හොඳ ප්‍රශ්නයක්... ඊයේ දවාලේ මං පෝස්ටුවක් දාලා ටිකක් නිදා ගත්ත අතරේ කවුදෝ මංදා මට කමෙන්ට් එකක් දාලා තිබුනා... මෙන්න ඒක...
"මේ මාරයා කවුද කියල මම හොයල බැලුව. මම මෙයාගේ හැම පොස්ට් එකක්ම කියෙව්වා. මෙයා ගැන ඇත්ත මම දෙන්නම්. රන්ගි ගැන ඇත්ත නම් රන්ගි මෙයා නිසා ප්‍රෙග්නන්ට් උනලු . රන්ගි කියන්න පුංචි අම්මගේ දුව.. ඊට පස්සේ වෙන මනුස්සයෙක්ගේ ඇගේ එල්ලුව අම්ම. අම්ම ඊ හොයල බැලුවේ නැත්තේ කියල කට්ටිය අහල තිබුනනේ. ඒ අම්ම ගැන ඇත්ත නම් එයට ඒවා ලොකු දේවල් නෙමේ..ගමේම ඉන්න සල්ලි කාරයෙක් එක්ක සල්ලි වෙනුවෙන් බුදියෙන ගනියෙකුට තව මොනවද... මල්ලි කියන්නේ අංක එකේ කසිප්පු ජාවාරම් කාරයෙක්.. මාරයාගේ තව කතා තියෙනවා කවුරු හරි අහල බලන්න.. පිළිකාවක් තිබිල ඔපරේසන් කරලා ඉන්න මනුස්සයෙක්ගේත් පපුව මිරිකලා අතල් ගත්ත පොරක්.. ඇත්ත හොයාගෙන යන්න ඕනි නම් මෙන්න ලිපිනය අංකය හරියටම දන්නේ නැහැ 70 වගේ තමයි හිතන්නේ ඒ හරිය වැව පාර වෑ බඩ"
මං ඉතිං හොදට දපලා බුදියලා ඇහැරිලා මේ පැත්තේ කරක් ගහනකොට මෙන්න මයේ හිතවතුන් කිහිප දෙනෙක් ඒක දැකලා මට දන්වලා තිබුනා... මමත් ඉතිං කලේ ඕක ස්පෑම් ගොඩට යවලා නිකං හිටිය එක.. ඒත් ඕං දැන් ඒක හැම තැනම දාගෙන යනවා කමෙන්ට් එකක් හැටියට... ආයේ ඉතිං ඕවට උත්තර මංම දෙනවා ඇර කාටවත් තියන්න ඕන නැහැනේ...
ඉතිං මේ කමෙන්ටුවෙන් කාරණා කිහිපයක් කියන්න මේ කෙනා උත්සහ කරලා තියෙනවා..
මාරයා කියන්නේ ටොම් පචය
රංගි මාරයා අතින් බඩ වී ඇත
මාරයාගේ අම්මා නරක ගැහැණියකි
මාරයාගේ මල්ලි කසිප්පු මුදලාලි කෙනෙකි.
මාරයා වලත්තයෙකි
රයිටෝ..ඔය ටිකනේ මූලික කාරණා ටික... හරි ඒ ටික පැත්තකින් තියලා දැන් ආයේ හැරෙමු වෙන පැත්තකට...
මං මේක පියාගෙන එද්දී තැනිත් තැන සඳහන් කරලා තියෙනවා මාරයා කියන්නේ සුදුම චරිතයක් නොවන වග.. හැබැයි මං කලුම චරිතයකුත් නෙවෙයි... කලු සුදු මුසු වෙච්ච අළු චරිතයක්...ඒ තමයි මාරයා... හැබැයි මාරයා කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච උත්තමයෙක්වත්..අමුතු සතෙක්වත් නෙවෙයි.. මේ සමාජයේ තවත් එක පුංචිම පුංචි කෑල්ලක් විතරයි... ඒ වගේමයි මාරයා වගේ උන් මේ ලෝකේ තව ඕන තරං ඉන්නවා...අනිත් උන් වගේම මාත් එක මිනිහෙක් විතරයි... දැන් මේ මිනිස්සු කියන ජාතිය සර්ව සම්පූර්ණ දැහැමි ජාතියක්ද..? නැහැ පින්වතුනි... අපි හැමෝගෙම ඇතුලේ කුණු තියෙනවා... අපේ කතාව වටේ කුණු තියෙනවා.. අපේ කතාවල ඉන්න අයගේ කුණු තියෙනවා..ඒ තමා මිනිස්සුන්ගේ හැටි.. ඉතිං මාරයා විතරක් පස්ට කිරි සුදු පොරක්ය කියලා කවුරු හරි හිතං හිටියනං ඒක ලොකු වැරදීමක්.. හැබැයි මාරයාතුමා වෙච්ච මං ඔය කිසිම දෙයක් කවදාවත් නැහැ කියලා නැහැ... ඇත්ත මගේ ඇතුලේ දෙයියෙක් වගේම යකෙකුත් ඉන්නවා.. සමහර විට මං ඒ වග කියලා තිබුන තැන මේ කෙනාට අහු වෙලා නැතිව ඇති...
ඇත්තටම මගේ අරමුණක් තියෙනවා මේ බ්ලොග් එක තුළින් මාරයගේ සම්පූර්ණ ජීවිත කතාවම එළියට දාන්න... ඒ වග අද ඊයෙක නෙවෙයි මං හිතුවේ බොහෝම ඉස්සර කාලෙකදී... ඒ වග මං දන්න කියන කීප දෙනෙකුට මං කියලත් ඇති... ඒ වගේම එහෙම කිව්වම සමහරු මට බොහෝම තදින් බනින්නත් ගත්තා එහෙම කරන්න එපාය කියලා... ඒත් ඉතිං මගේ අරමුණ නරක එකක් කියලා මං හිතන්නේ නැහැ..මිනිහෙක්ගේ ඇතුලේ තියෙන හොඳ වගේම නරකත් එළියට දැමීමෙන් මං බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙකුට ඒ දිහා බලලා තමුන්ගේ ජීවිතේ එක දසමයකින් හරි වැරදි පැත්තෙන් ගලවගෙන හරි පැත්තට ගෙනියන්න තල්ලුවක් දෙන්න... මොකද මට වැරදුන තැන් බොහෝමයි... ඒ වගේම ඒ ඒ කාල වලදී මට ඒ දේවල් වල හොඳ නරක කියා දෙන්න කවුරුවත් හිටියෙත් නැහැ... හුඟාක් ප්රශ්නවලදී තනියම කල්පනා කරලා ගත්ත තීරණ උඩයි මම අද වෙනකල් පැවතුනේ... ඒ තීරණ හින්දා මට හරි ගිය තැන් වගේම වැරදුන තැනුත් ඕන තරම් තිබුණා... හැබැයි ඒ හැම එකකින්ම මං පාඩමක් ඉගෙන ගත්තා... එයින් වැදගත්ම පාඩම තමා වරදින්නේ කොහොමද කියන එක... :)
හරි දැන් අර මූලික කාරණා වලට ආයෙම එමු.. එයින් මාරයා ගැන තියෙන චෝදනා වලින් එකක් තමා රංගි මාරයා අතින් බඩ වීම කියන එක.. හනේ එහෙම වෙන්න එච්චර හරියක් කරන්න එපයි... අනික එහෙම උනානං මං හිතන්නේ රංගිව මට බන්දනවා ඇර අපේ ගෙවල්වලින් කෙල්ලව වෙන කොහේවත් එක්ක යන්නේ නැහැ... අනිත් දේ තමා රංගිට අද වෙනකල්ම දරුවේ නැහැ වගේම රංගි අකමැතිම කාරණයත් ළමයි හැදීම... ඕවට ඉතිං උත්තර දුන්නට වැඩක් ඇතෑ...
එතකොට මාරයා කියලා තියෙන්නේ පචද..? ඒකටත් කියන්න තියෙන්නේ කණගාටුයි..මෙච්චර දවසක් කිව්ව හැම දේම ඇත්ත..හැබැයි නංගං ස්ථාන වෙනස් කරලා තියෙනවා..ඒ මගේ ආරක්ෂාව ගැන හිතලා නෙවෙයි අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතලා... ඒ වගේම කිසිම කාරණාවක් වෙනස් කරලා නැහැ..හැබැයි කෙනෙකුට අවාසියක් වෙයි කියලා හිතෙන දේවල් නොකියා ඉන්න පරිස්සම් වෙලා තියෙනවා... ඔය අපේ කතාව කියන එක ලියං එද්දී නෑදෑයින්ගෙන් වෙච්ච හුඟාක් දේවල් මං නොකියා මඟ ඇරියේ ඒවා එහෙම ලිව්වොත් ඒවයින් වඳින්නේ එහෙම කරලා දැනට මිය පරලොව ගිහිං ඉන්න අයට වඩා ජීවත්ව ඉන්න අයට නිසා... නැත්තං ඒ වගේ දේවලුත් ලියලා දාන්ට තිබුනා කිසිම අවුලක් නැති.. ආන්න එහෙම කපා හැරිය දේවල් මිස සත්‍ය විකෘති කරලානං ලියලා නැත මෙතෙක්...
ඊ ළගට වැදගත්ම ප්රශ්නය.. මාරයා වලත්තයෙක්ද..? අනිවාර්යයෙන්ම ඔව්... කතා දෙකක් නැතිව මං පිළිගන්නවා මං අංක එකේ වලත්තයෙක්.. මොනවා කරන්නද කන්නේ ඉටිපංදං හඳුන්කූරු නොවුනු කලට... මනුස්ස සරීරයක් ඇතිව උපන් කොට... ඒ සරීරයට හැඟීම් දැනීම දැනෙන කොට... හැකි තාක් ඒ හැඟීම් දැනීම් පාලනය කරගත්තතත් හැම වෙලේම හැම තැනදීම ඒක එහෙම කරන්න බැරි උන තැන් ඕන තරං මගේ ජීවිතේ තියෙනවා.. මං උත්සහ කරන්නෙත් ඒ වගේ තැන් ක්‍රමානුකූලව ලියලා දාන්න... හැබැයි ඔතනදී මං කැමති නැහැ මේක වැල බ්ලොගයක් බවට පත් කරන්න.. ඔය රංගිගේ කතාවේදී උනත් මට තව හිමිහිට ඒක ලියං යන්න තිබුනා... හුගාක් දෙනා පොර කකා කියවන්නත් තිබුනා.. ඒත් කාරණාවට මුල පිරුණු හැටි මිස ඒ දේ කරද්දී මෙන්න මෙහෙමයි කලේ කිය කිය රස කරන්න මට උවමනාවක් තිබුනේ නැහැ... ඉතිං ඒ චෝදනාවට මට කියන්න තියෙන්නේ ඔව් මං වලත්තයෙක්... වලත්තකම් නැති උදවිය මට ඒකට සමා වෙන්ට ඕන හොඳද..?
අනිත් කාරණා දෙක මගේ අම්මයි මල්ලියි ගැනනේ... මං කැමතියි ඒ කිව්ව කෙනා ඒ කාරණා ගිහින් ඒ අය එක්කම විසඳගන්නවනං.. මොකද මං බැඳීලා ඉන්නේ මං ගැන කියන්න මිස අනිත් අය ගැන කියන්න නෙවෙයි... අම්මා උනත්..තාත්තා උනත්..මල්ලි උනත් ඒ අයට ඒ අයගේම ජීවිත තියෙනවා.. ඒවා පාලනය කරන්න හෝ හසුරුවන්න මට හැකියාවක් ඇත්තෙත් නැහැ... එයාලා කරන කියන දේවල් මං සීයට සීයක් දන්නෙත් නැහැ... ඒවා එයාලට අයිති ජීවිත..මේ මගේ ජීවිතේ... මං එයාලගෙන් අහක් වෙලා ඉන්නේ කියලා මේ බ්ලොග් එක කියෝපු ඕන කෙනෙක් දන්නවා... එහෙම තියෙද්දී මට උවමනාවක් නැහැ එයාලගේ දේවල් ගැන කැට තියලා කතා කරන්න...
-----------------------------------
රයිටෝ එහෙමනං මෙන්න දැනට කාලෙකට කලින් ඒ කියන්නේ හරියටම කිව්වොත් 2011/04/28 වෙනිදා මං දන්න කියන නංගි කෙනෙක් එක්ක සිදුකල කතා බහක්...
-------------------------------------------------------xxxx : අර තිත්ත කථා කවද්ද ලියන්නේ ආයේ me: වෙලාවට ලියන්න ඕන තාම ඒකට ආවේ නැහැ xxxx : ම්ම් me: ඒවත් එක්කම බ්ලොග් එක ඉවර කරන්නයි ඉන්නේ xxxx: ඒකනේ අවුල ඇයි ඒ?9:15 AM me: ඒ කියන්නේ xxxx : ඔයාට කවදාවත් ලැබෙන්නේ නැහැ ඔය කථාව ලියලානවත්තන්න me: අද වෙනකොට මිනිස්සු දකින්නේ මගේ හොද පැති විතරයි ඒත් ඒ ටික ඉවර උනාම මමම පටන් ගන්නවා අදුරු පැති ගැනත් ලියන්න ටිකක් අමාරුයි මිනිස්සු එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්9:16 AM ඒත් මං ඒ දේ කරන්න ඒන මැරෙන්න කලින් xxxx ම්ම් හා me: මම කලිනුත් කියලා තියෙනවනේ මං ගාව දෙවියයි යක්ෂයයි දෙන්නම ඉන්නවා කියලා
-------------------------------------------
ඉතිං කියන්න තියෙන්නේ කවුරුවත් වද වෙන්න උවමනා නැත.. ඒ ටික මංම කියන්නං ඉස්සරහට... එහෙම නොකියන්න තීරණය කල දේවල් මා ළඟ නැත... රයිටෝ..එහෙනං ඔන්න මං කැපුනා... :D
-------------------------------------------
ඉතිං කියන්න තියෙන්නේ කවුරුවත් වද වෙන්න උවමනා නැත.. ඒ ටික මංම කියන්නං ඉස්සරහට... එහෙම නොකියන්න තීරණය කල දේවල් මා ළඟ නැත... රයිටෝ..එහෙනං ඔන්න මං කැපුනා... :D
1 ද? :-)
ReplyDelete2 da ?
ReplyDeleteඅයියා ගැන වගේම ඔය කියාපු ලිපිනයත් මගේ බ්ලොග් එකෙත් ඇනෝ කෙනෙක් දමා ගිහින් තිබුනා. මම ඒක දැක්කේ දැනුයි. ඒක ඩිලීට් කරලා දැම්මා. මම මගේ පෝස්ට් වල කොමෙන්ට් නිකම්ම පබ්ලිෂ් වෙන්න දාලා තිබ්බේ. දැන් මම ඒක වෙනස් කලා.
ReplyDeleteඑක එක්කෙනා කියන දේවල් වලට උත්තර බඳින්න යන්න අවශ්‍යය නැති වෙයි. තමන්ගේ කතාව ඇත්ත නම් තව මොනාද.
අපේ රටේ මිනිස්සුන්ට ඇත්ත කියන්න බෑ. මේ රට බොරුවෙන්ම ජීවත් වෙන්න හදලා තියෙන රටක්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් උනත් හැදිලා තියෙන්නෙ ඒ විදියට..
අර කමෙන්ට් එකේ තියෙන දේ සියල්ල ඇත්ත කියල මොහොතකට හිතමු. ඉතින් මාරයාටත්, සම්බන්ධ අනිත් අයටත් ඒක ප්‍රශ්නයක් වෙනවා හරි නැතා හරි අහක ඉන්න අයට තියෙන රුදාව මොකක්ද ?
ReplyDeleteඇත්තම කියනවානම් බ්ලොග් ලියන කෙනෙක් ළඟදී මුණ ගැහුණු වෙලාවක කෙරුණු කථා බහක බ්ලොග් මඩ/වලි ගැනත් කථා කෙරුනා. එතනදී ඔය උඩින් මම කියල තියෙන දේ ඒ විදියටම කතා කෙරුනා.
මඩ ගහල හරි, කාගේ හරි අසහනයකට සහනයක් ලැබෙනවනම් අපිට ඒ ගැනත් සතුටු වෙන්න පුළුවන්.
බොරුවෙන් උපන් , බොරුවම ආත්මය කරගෙන , බොරුවෙහිම ගැලී ජිවත් වන ආත්ම වංචනික සමාජයකට ඇත්ත ටිකක් වත් කල කල හුණු අළු ගෑවුනු කඩියන් මෙන් කුලප්පු වීම හැර අන් කිසිවක් කල නොහැකිය. ... කලබල වෙන්නේ මොකටද ?
ReplyDelete:)
උඹට වෙලා තියෙන දේවල් වල හැටියට ඕව මොනවද බං. ඔන්න ඔහෙ අතඇරල දාහං.
ReplyDeleteමේක දිගටම කියවගෙන ආපු එවුවො උඹේ හැටි හොඳටම දන්නව.
මාරයා වසවර්තියෙකි. නැට්ට නැති පූසෙකි. වල් බළලෙකි. අහිංසක ඉත්තෑවෙකි
ReplyDeleteමේකට ලයික්....!
Deleteමාත් මේකට ලයික්..
Deleteතවත් එකතු කරනවානම් මාරයා බේබද්දෙකි ,හීරළුවෙකි. කපටියෙකි.සෙක්කෙකි.
මාත් ලයික් !
Deleteමගේ බ්ලොගෙත් මේ කොමෙන්ටුව දාලා තිබුනා.ඒත් වැඩිය නොහිතා එහෙම්ම ස්පෑම් ගොඩට යවලා බුකියට ආවාම මේ ලින්ක් එක දැක්කේ.... ඒක දාපු එකා මොකෙක් උනත් මාරයා කියන එක මරයා කියලා ලියන පොරක්.
ReplyDeleteමොනා කරන්නද මාරයියේ කුහකත්වය මිසක්.ඒ කොමෙන්ට් එක දාපු එකා මේ බ්ලොග් එකේ කොමෙන්ට් කියවනවනම් මේකත් කියවයිනේ...
බ්ලොග් ලෝකේ මම ගොඩාක් ගරු කරන චරිත අතරින් මාරයා අයියා උඩින්ම ඉන්නවා...
අර අන්තිම ටික කියෙව්වම මට හිතුනේ බ්ලොග් එක නවත්තන්න හදනවා කියලා.එහෙම උනොත් ලොකු අපරාධයක්...
මම මේ කමෙන්ට් එකට උත්තරයක් ටයිප් කරලා පබ්ලිශ් කරන එක නැවැත්තුවේ උඹ මේකට උත්තරයක් දෙයි කියලා දැනුන නිසා.. ඒ නිසා මම ඒ ගැන මෙතන කියන්නම්..,
ReplyDeleteමම දැක්ක විදිහට ඒක ෆේක් ප්‍රොෆයිල් එකක්... ඉතින් ඒ ෆේක් එක හිමි ඇත්ත එකාගේ සහෝදරයෝ කුඩු ගහනවද, ගංජා ගහනවද, එහෙමත් නැත්නම් බඩු ගහනවද කියන එක අපි දන්නේ නෑ.. එයාගේ අම්මා කී දෙනෙක් එක්ක නිදා ගත්තද කියලා අපි දන්නෙත් නෑ... සමහරවිට එය දන්නෙත් නැතුව ඇති.. මොකද අම්මා එයාට කියයිද පුතේ මම මෙච්චර ගානක් එක්ක හිටියා කියලා... ඒ නිසා මට මේ කමෙන්ට් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ එක දෙයයි... සැතපුම් ගනන් දුර ගෙවාගෙන ගිහින් අනුන්ගේ කුණු ඇදලා ගන්නවාට වඩා ලාභයි මහත්තයෝ ගෙදර ගිහින් වැඩිහිටියන්ගෙන් එයාලගෙ ඒ කාලෙ ගැන අහලා කික් එකක් ගන්න එක...
ඊලඟට ඔය කළු සුදු පැත්ත... මාරයාට මතක ඇති ඉස්සෙල්ලාම අපි මුණ ගැහුණ දවස උඹලගේ බෝඩිමේ... එදා අපි කාලයක් එකට අදුරන යාළුවෝ වගේ ඔය ගැන කථා කලා.. මිනිස්සුන්ගේ ලිංගික ජීවිතය ගැන උන් උන් බලාගනීවි... මට කියන්න තියෙන්නේ ඔය කමෙන්ට් එක දාපු මහත්තායාට ඔයාට එහෙම ලයිෆ් එකක් නැත්නම් ඒකට පිළියමක් යොදාගන්න, අනුන්ට ඉරිසියා නොකර...
දැන් ගොඩාක් අයට හිතෙන්න පුළුවන් ඇයි මම මෙහෙම කමෙන්ට් එකක් දැම්මෙ කියලා... මාරයාගෙයි මගෙයි දැන හැදුනුම්කම් වගේම යම් යම් හිත් නොහොඳකම් තියෙන්න පුලුවන්... ඒත් බ්ලොග් ක්ශේශ්ත්‍රය තුලට පුශ්ගලිකත්වය ගේන එකට මම තනිකරම විරුද්ධයි.. ඒකෙන් වෙන්නේ බ්ලොග් කරුවෝ අපිට නැතිවෙන එක... මාරයාට සහ මට මේ වගේ දේවල් ශරගැනීමේ හැකියාව තියෙනවා.. ඒත් හෙට දවසේ ඉලක්කය කවුරු වෙයිද දන්නේ නැහැ... අනුන්ගේ ප්‍රශ්ණ වලටත් බ්ලොග් වහන අය ඉන්න මේ කාලේ තමන්ට එන චෝදනා දරා ගන්න හැකියාවක් ගොඩාක් දෙනෙක්ට තියෙයි කියලා හිතන්න අමාරුයි...
මේ ගැන පෝස්ට් එකක් ලියන්න කල්පනා කලත් කමෙන්ට් එකක් හැටියට දැම්මේ මගේ බ්ලොග් එකේ තේමාවට ආයෙත් ඉක්මනට පිවිසෙන්න අදහසක් හිතේ තියෙන නිසා...
ලයික් නෑනෙ කොටන්න
Delete"මාරයාට සහ මට මේ වගේ දේවල් ශරගැනීමේ හැකියාව තියෙනවා.."
Deleteමාරයව ඔයාගෙ ගොඩට දාගන්න එක ගැලපෙන්නෙ නෑ.
"මාරයාට සහ මට මේ වගේ දේවල් ශරගැනීමේ හැකියාව තියෙනවා.."
Deleteමාරයව ඔයාගෙ ගොඩට දාගන්න එක ගැලපෙන්නෙ නෑ.//
මෙන්න දවසේ හොදම කතාව....ඇත්තම කියලා තියෙනවා ඉන්දික අය්යා.
//දැන් ගොඩාක් අයට හිතෙන්න පුළුවන් ඇයි මම මෙහෙම කමෙන්ට් එකක් දැම්මෙ කියලා//
Deleteඅනේ පකඩයො, අම්මව අප්පව උනත් විකුනන් කන්න තරම් කෙප්ප කෙලින උඹ කියන එව්ව ගැන හිතන්න අපිට පිස්සුද
මාරයියා කලබල වෙලා වගේයි..... ලොකු අයගේ කතා වලට කට දාන්න එපා කියලා තියෙන නිසා සද්ද නැතුව යන්න හදලත් මේ ටික කියන්නම ඕනෙ කියලා හිතුනා....
ReplyDeleteමේවට කලබල වෙන්න ඕනෙ නෑ කියලා මහණදම් පුරපු මාරයියා අපිට වඩා හොදට දන්නවා නේ....
මේ ඊයේ පෙරේදා බ්ලොග් අතරට ඇවිල්ලා මුල ඉදලම මාරයියාගේ කතා කියෝපු මට වඩා, මාරයියාව කියවන අනිත් අය මාරයියා මොන වගේ මිනිහෙක්ද කියලා දන්නවා ඇතියි කියලා මං හිතන්නේ...
එහෙම එකේ මට හිතෙන්නෙත් මඩ ගැහිල්ල කරන්නෙත් බඩ වඩා ගන්න හදන කෙනෙක් කියලා තේරුනොත් ඔන්න ඔහේ මඩ ගහපන් කියලා පාඩුවේ ඉන්න එකයි ඇත්තේ කියලා... පෝස්ට් එකක් නොදැම්මත් මේ කමෙන්ට් එක දැක්කනම් මට හිතෙන්නේ ඔය ටිකම තමා.... මකලා දාලා නිකම් හිටියත් කතාව එච්චරයි නොවෑ....
මාරේ අයියා, ඔයාට මම මෙහෙම කියනවට මුකුත් හිතන්න එපා.
ReplyDeleteමම ඇත්තටම ආඩම්බර වෙනවා ඔය කමෙන්ට් එක දාපු පුද්ගලයා ගැන. ඒ වගේම මන් සතුටු වෙනවා එයා ඔය වගේ දෙයක් කීම ගැන. මොකද එයා ඔය වගේ දෙයක් කියන්න තරම් ශ්‍රේෂ්ඨයෙක් වීම ගැන.
ඔය කමෙන්ට් එක දාපු කෙනා කුමර බඹසර රැකපු අහිංසක කොල්ලෙක්. (කවදාවත් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැති ජීවිතේ තරුණ කාලේ ගොබ්බයෙක් වගේ ජීවත් වෙච්ච කෙනෙක්.)
බස් එකේදී කෙල්ලෙක්ගෙ ඇඟට හෙත්තුවක්වත් දාපු නැති මහත්තයෙක්. (උඹලා අපි වගේ උන් තමා බන් වලත්තයෝ)
එයාගේ පරම්පරාවම හොඳ වැදගත් නම්බුකාර උදවිය. එයාලට සාපේක්ෂව තමයි අර මාරයාගේ අම්මයි, මල්ලියි ගැන කියලා තියෙන්නේ. කේලාම් කීම, අපහාස කිරීම, අනුන්ගේ ඕපා දුප සෙවීම, etc... වගේ දේවල් වැරදි නෙමෙයි.(හැබැයි පුතේ, අපිටනම් කූඹියෙක් මැරුවත් අලියෙක් මැරුවත් ප්රාණඝාතයක්ම තමයි.)
ඉතින් මහත්තයෝ මූණ පෙන්න පෙන්නා මේවා ලියන්න අමාරු නිසා ඇඳගෙන ඉන්න සරම උස්සලා මූණ වහගෙන මාරයාගේ ඉතුරු රෙදි ටිකත් ගලවන්න ඇවිත් යන්න.
මාරයියෙ මේ දවස් වල පට්ටම බිසි...ඒ හින්ද සැප්තැම්බර් මාසෙ හැම පොස්ට් එකක්ම මිස් වුනා..ඒත් මෙක දැක්කම ඔක්කොම පැත්තක තියල ආයෙත් මුල ඉඳන් කියෙව්වා..ඒ හින්ද අර කමෙන්ට් කාරයට පින් සිද්ද වෙන්න මෙ පොස්ට් එක ලිව්ව එක හොඩට ගියා..
ReplyDeleteතව ටික දවසකින් මෙ කැම්පස් වැඩ ඉවර වුනාම මට ආසයි උඹටත් නිදහස් මටත් නිදහස් උඹ අර උයාගෙන කන දවසක ඒකටත් අඩුම කුඩුම ඇන්න ඇවිත් (ඔනි නම් උඹට කාලකුත්) උඹත් එක්ක සහයොගෙන් උයල කාල උඹෙ කතා අහන්න..මම දන්නව හැමදේම වගෙ මට මේකත් කරන්න බැරි වෙයි බොහො විට ඒ වගෙම උඹෙ ඒ තනියෙන් බොඩිමෙ උයාගෙන ආතල් එකෙ කාල බීල ඔහෙ ඉන්න දවස මාත් එක්ක බෙදා ගන්න තරං උඹට ලොභ වෙන්න පුලුවන් කියලත්..
ඒ කොහොම වුනත් උඹ තරං ජිව්තේ හැල හැප්පුන මනුස්සයෙක් මම දැකල නැ..ඒ හැමදෙකින්ම ඔලුව උස්සගෙන පිස්සු නොහැදි උඹ ඔහොම හිනා වෙලා ආතල් එකෙ ඉන්නෙ කොහොම ද කියලත් පට්ට පුදුමයි..පොඩ්ඩක් අතින් දාල රස කරල ලිව්වත් මේව උඹ ඔක්කොම අත් විඳපුව නෙ.අපේ අම්මා අර මට කියවන්න කියන්න ධනාමත්ක පොත් වල මිනිස්සු ජීව්තේ මූන දිල තියෙන්නෙ පිචං කේස් වලට උඹ එක්ක බලපුවම..
සිරාවට ජීව්තේ චාටර් කියල මම වොරි වෙන කේස් හැම එකදිම මට උඹෙ මෙ පොස්ට් මතක් වෙනව මචං.. උඹට තියෙන ජිව්ත අත්දැකීම එක්ක බැලුවම අපේ ජීව්ත වල අපි මොකුත් අත් විදල දැකල ම නැ වගේ..හරියට අර කුඩුවෙම ඉපදුන එකෙම ඉන්න කුඩුව තියෙන ගෙදර තමයි මුලු ලොකෙම කියල හිත ගෙන ඉන්න සතෙක් වගේ..
අනේ යකෝ මේවට උත්තර දෙන එකත් බොරු වැඩක්නේ. උඹනම් පිස්සෙක් මේකෙන් වෙන්නේ ඒ වගේ උන් තව ෆෝම් වෙන එක. උඹට කරන්න තිබුනේ ඒ කොමෙන්ට් එක තියෙන්න ඇරලා කොමෙන්ට් එකට උත්තරයක් දෙන එක. නැත්නම් ස්පෑම් ගොඩට දාලා නිකන් ඉන්න එක. උඹ කරලා තියෙන්නේ ඌට ෆුල් පබ්ලිසිටියක් දෙන එක.
ReplyDeleteඵල ඇති රුක්වලට තමයි බන් වල් කොල්ලෝ ගල් ගහන්නේ...
බ්ලොග් අවකාශේ හැමතිස්සෙම පහර වදින්නෙ මාරයට. පොළු වදින්නෙ පළ ඇති රුකට මිසක් ගෙඩි නැති කණාටු ගස් වලට නෙමෙයි. මාරයට ඊරිසියා කරන ගොඩක් දෙනෙක් ඉන්නවා.
ReplyDeleteමම විශ්වාස කරන එක දෙයක් තමයි, අපේ ජීවිතයේ අපිට කවුරු හරි ඊරියා කරනවා කියන්නෙ අපි ඒ මිනිස්සුන්ට ලබා ගන්න බැරි දෙයක් ලබාගෙන තියෙනවා කියන එකයි. ඒ නිසා පුළුවන් තරම් ඊරිසියා කාරයෝ හදා ගන්නව එක තමයි හොඳම දේ. ඒ කියන්න අපේ ජීවිත සාර්ථකයි කියන එක.
මේක නම් සිරාවට ම ඇත්ත බන් ...
Deleteඊයේ අපි කතා උනා ඉස්සර මට හිටි ඉරිසියා කාරයෙක් ගැන . .
පොරට පට්ට ඉරිසියයි මම ගන්න පඩිය ගැන (මම් ඉතිං ගොනා වගේ අහද්දී කිව්ව නිසා තමයි ඌ දන්නේ) හොඳ ම වැඩේ ඌට රට එන්න වීසා එකට සල්ලි දුන්නෙත් මම ඌ මට ඒක ටික ටික දෙන්න ඇති (දුන්නද කියලා මතකත් නෑ) (ඉස්සර කටාර් ඉන්න කාලේ පොරක් හිටියා ජොබ් වීසා එකෙක් තිබ්බොත් ඒවා විකුනනවා - රට ගිය ගමන් නිසා ලංකාවේ අයට රට යන්න උදව් කරන්න මාර උනක් මට තිබ්බා)
ඉතිං මම ඉන්ක්‍රිමන්ට් එකක් හම්බ උනු ගමන් බෝනස් හම්බ උනු ගමන් කියන්නේ පොරට . . .
@දුකා
Deleteපව් බොල...කවදා හරි දවසක මිනිහ හාට් ඇටෑක් එකකින් මැරෙනවා...ශුවර්....
//ඉතිං මම ඉන්ක්‍රිමන්ට් එකක් හම්බ උනු ගමන් බෝනස් හම්බ උනු ගමන් කියන්නේ පොරට . . . //
ඔහේ කරන මේ වැඩෙත් යම් තරමකට ඉරිසියාවක ලක්ෂණයක් තමයි.
@jothisha!
Deleteඒක පරන කේස් එකක් . . දැන් නම් අදාල නැති උන් ඕනම නෑ කියල හිතලා පොරව අයින්ම කරලා ඉන්නේ . :D
අනෝ කමෙන්ට් දාන්නේ කෙලින් ඇවිත් කියන්න තරම් කොන්දක් නැති මිනිස්සු... ඉතිං ඒ වගේ දේවල් වලට කලබල වෙන්න නරකයි...
ReplyDeleteඔය කොමෙන්ට් එක ඒ පැත්තෙත් දාල තිබ්බ. පැහැදිළිවම මඩක් කියල පේන නිසා අනුමත කළේ නෑ. ඔය මඩ කොමෙන්ට් එක වැටුනේ මාරයා හිරුණිකා ගැන ලියපු ලිපියට. දේශපාලන මතවාද නිසා පුද්ගලික ජීවිතයට මඩ ගැසීම හරිම කැත පුරුද්දක්.
ReplyDeleteකෝ බන් හෙළ වදන්...
Deleteබ්ලොග් පොස්ට් දමන්නේ කියවීම පිණිසය.කියවා තේරුම් ගැනීමට නොහැකිනම් නොකියව සිටීම මැනවි.ඔය පුත්ගලයා පොස්ට් එක තේරුම් අරගෙන ඈත්තේ ඔහු දන්නා කියන ඔහුට සමීප ආකාරයටය.එම නිසා ඔය කරුණු ඔහුට අදාල දේ මිසක් පොස්ට් එකෙන් කියන දේ නොවේය.
ReplyDeleteමාරය මල්ලිගේ මේ මාර භූමියට මමත් නිතර පය තියන කෙනෙක්. ලියල තියෙන හැමදේම කොමෙන්ටුත් එක්කම කියවනවා. අද විතරක් මේ හිතට එන දේ කියල යන්නම හිතුනෙ අද නොකියන දේ ආයෙ කවදා කියන්නද කියල දැනිච්ච නිසා...මම කියන්න යන්නෙ අර කොමෙන්ටුව ගැන නොවෙයි. ඒකට දීපු පිලිතුර ගැන. ඔබතුමා ලියපු දේවල් අතරින් මම කියවපු හොඳම ලියවිල්ල මේ...ධර්මානුකූල අපූරු පිලිතුර. ඒකෙත් ඉගෙනගන්න බොහෝ දෙවල් තියෙනවා උවමනාව තියෙන කෙනෙකුට...හිතේ කුහකකම නැත්තම්.
ReplyDeleteමේ ලියන දේවල් මේවා කියවන මොලේ තියෙන අයට බොහොම වටිනවා මල්ලි. ඒ හින්ද නොකඩවා ඔය හිතන් ඉන්න විදිහටම ලියන්න. තව තවත් වර්ධනය කරගත්තු ජවයෙන් යුතුව ලියන්න.මේ කෙටි ජීවිත කාලෙ ඉතිරිවෙලා තියෙන නිමේෂය ගෙවිල යන්න කලින් සටහන් අතර ඉතිරිකරල යන මේ දේවල් සංසාර ගමනෙදි වුවමනාවක් තියෙන එක්කෙනෙක් හරි ප්‍රයෝජනයක් ගනීවි
ඔබට සුභ පැතුම් ඔබගේ ඉදිරි වැඩකටයුතුවලට..
(ඔය කියන මඩ කොමෙන්ටුවනම් වැඩි දෙනෙක් මායිම් කරන්නෙ නෑ කියන එක විශ්වාසයි. මෙහි යන එන අයගෙන් වැඩිම වුනොත් දෙතුන් දෙනෙක් ආකර්ශනය වෙලා ඒ අයගෙත් අර ඊර්ශ්‍යාව කුහකකම පිරුන හිත්වලට වින්දනයක් ලබාගනිවී.)
මාරයාගෙ චරිතය ඝාතනය කර පලාත් පාලන මැතිවරණයෙන් සන්ධානය ලැබූ නියත ජය වලක්වා කොටස් වෙළඳ පල කඩා වැටීමට සැළැස්වීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කරන්නට උත්සාහ කල නින්දිත ප්රයත්නය හෙලා දකිමු.
ReplyDeleteජයවේවා !
Deleteඇනෝ කියන්නෙ අහවල් එක නැති එවුන්නෙ, ඉතින් උන්ගෙන් කාටවත් "අතවරයක්" වෙන්න විදියක් නෑ.එතකොට ඇනෝලා තමයි හොද ළමයි.(අනේ #කේ)
ReplyDeleteමම බ්ලොග් කෙරුවාවට අලුත් වුනාට ආරම්භයේ ඉදලම ඇනෝ ප්‍රහාර.... තව ඉවර නෑ. මට නම් වැඩේ මාර ජොලි.(උඹටත් එසේම වේවා.....!!!)
අපරාදෙ මේක ලියන්ට ගිය කාලය. මේ වෙලාවෙ වෙන පෝස්ට් එකක ලිව්වානම් ඉවරයි. මොකද මේ හැම වෙලාවෙම කවුරු හරි කියන ඒවට උත්තර බඳින්නෙ?
ReplyDeleteඅයියා කිව්ව කමෙන්ට් එක මගේ බ්ලොග් එකේත් දාලා තිබුණා. ඒක මම ඩිලීට් කළා වගේම "පුද්ගල අපහාසයන් සඳහා ඉඩක් නැති බව දැනුම් දුන්නා"
ReplyDeleteaththatama meka liyapu welawe wena mokak hari liwwa nam man horenma eka balala comment 1kuth noda maaru wenawane. Maraiye owata uththara danawa kiyanne rilawnta aathal danawa wage wedak.
ReplyDeletePixsuneh
Kaka kiyanawa wage un monawa kiwwath ithin apita paanye.
පළ ඇති රුකටම තමා ගල් ගහන්නේ
ReplyDeleteඅනේ මාරයියෙ. ඇයි මේ නමක් ගමක් නැති මිනිහෙක් වෙනුවෙන් කාලය වැය කළේ.
ReplyDeleteඕන මෝඩයෙක්ට තේරෙණවා ඒ කමෙන්ට් එක නිකම් ඔයාව අවුස්සන එක කියල. තවත් ඉස්සරහට ඔහොම කමෙන්ට්ස් එයි. ඒවටත් මෙහෙම ලියන්න ගත්තොත් වෙන වැඩක් නෑනෙ.
මට කියන්න තියෙන්නෙත් දුමී අයියගෙ කතාව තමයි. පල ඇති රුකටනෙ හැමදේම. මොකද අපේ කියල බ්ලොග් නැතුවයැ. අපිට කියන්න එනවද කවුරුත් මෙහෙම.
මෙහෙම එකක් දැක්කම වෙනදට වඩා ටිකක් වැඩියෙන් බත් බෙදාගෙන කන්න සතුටට, ඔයාගෙ තැන දැනගෙන
ඒ නීච, අධම, බියගුලු ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකිමි
ReplyDeleteඅනේ පලයන් යන්ඩ උඹත් ඔය සක්කිලි වැඩේ කරන බල්ලෙක්
Deleteමාරයියා මාත් මේක අද උදෙම දැක්කා බ්ලොග් කමෙන්ට් එකක් විදිහට.
ReplyDeleteඋබට කියන්න තියෙන්නේ අර හින්දි වදන තමයි.
“බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ..“
ජය !
උත්තර දීපු එක හොඳයි . නැත්නම් ඉතින් ඕක වවාගෙන කනවනේ .
ReplyDeleteAne manda munta opa duupa katha kara kara inna thiyanawa nam wena deyak naha.
ReplyDeleteඔන්න අද මගෙත් comment එකක් දල තිබුණා.. මමත් එක අයින් කරලා දැම්මා.. ඇයි යකෝ මම එන්නේ අයියගේ කතා කියවන්න මිසක් හතර වරිගේ ගැන හොයන්න නෙමේනේ.. මට මොකෝ අයියේ උඹ කා එක්ක නිදා ගත්තත්...? මම රංගි බඳිනවද නෑනේ. ඉතින් මට මොකෝ... මිනිස්සු හැමෝම වල්. ඒක කොයි වෙලාවේ හරි මතු වෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක නිසා මිනිස්සු එහෙම මනින්න එපා. මොනවා කරන්නද...
ReplyDeleteමුකුත් නොවුන වගේ ඉමු..
කොමෙන්ටුවක් වෙනුවෙන් පෝස්ට් 1ක් ලියන්නෙ මොකටද බං. 500කට වඩා ලිපි මේකෙ තියනවනේ උඹගැන තේරුම්ගන්න.
ReplyDeleteඅනේ බන් . . ගනන් ගන්නේ නැතිව හිටින් . . . බල්ලෝ බිරුවට කඳු පාත් වෙනවද?
ReplyDeleteඅනික ෆේක් ප්‍රොෆයිල් එකක් ලු නේද? එහෙම කිව්වම නම් හිනා යනව වගේ ඕයි . .
ඔව් බං මටත් ටිකක් හිනා තමයි ඒකට.
Deleteසිරාවටම...දුකා අයියා...මට ඕක හිතුනෙ මේකෙ එකම එක කොමෙන්ට් එකක් දැකල.
Deleteටිකක් හිනා වෙන්න ඇවිත් ගියාට පස්සේ ගොඩක්ම අඩන්න හිතුනා ඒ අයියාගේ කමෙන්ට් එක දැකලා.....!!!!
Deleteමේ උරුලෑවා යන යන තැන ගන්දස්කාරේ, ඒ උනාට හිතන් ඉන්නේ සඳුන් සුවදයි වගේ.
Deleteපැත්ත පලාතේ එන්න දෙන්න හොද නෑ ඉලපතට හුලිජ්ජ කරල ගහල පන්නන්න ඕන.
අපරාදේ පෝස්ට් එක...
ReplyDeleteඑක එකාලා පිස්සුවෙං වගේ ඔය කමෙන්ට් දැම්මට මාරයගේ බ්ලොගේ පෝස්ට් ටික කියෙව්වම මාරයියා ගැන හිතාගන්න අපිට පුළුවංනේ...
(ඒ කොමෙන්ට් එක දාපු කෙනාම මෙතන සුපුරුදු නමින් කොමෙන්ට් කරලද කියලා සිතමින්...)
ReplyDeleteඅය්යෝ මාරයෝ මේවා ගණන් ගන්න එපා .
ReplyDeleteහැබැයි නරක ටික ලියල බ්ලොග් එක නවත්තන්න නම් එපා.
හෆොයි අයියා..
ReplyDeleteපළ ඇති රුකටම තමා ගල් ගහන්නේ.........
ReplyDeleteමාරයගේ කනත්තට අද තමයි ආවෙ.මට අගක් මුලක් තේරෙන්නේ නෑ මේකෙ. මඩ කරියන්ගේ කියුම් කෙරුම් වින්දනේකට හරෝගනින් මචං
ReplyDeletePasstai aiya
ReplyDeleteඔබ නොකළ දේ කෙනෙකු කියනවනම් එය ඔබ පිළිබඳව ඇති පැහැදිලි තරහව හෝ ඉරිසියාවයි ..
ReplyDeleteමේ මාරයා කවුද කියල මම හොයල බැලුව. මම මෙයාගේ හැම පොස්ට් එකක්ම කියෙව්වා. මෙයා ගැන ඇත්ත මම දෙන්නම්. රන්ගි ගැන ඇත්ත නම් රන්ගි මෙයා නිසා ප්‍රෙග්නන්ට් උනලු . රන්ගි කියන්න පුංචි අම්මගේ දුව.. ඊට පස්සේ වෙන මනුස්සයෙක්ගේ ඇගේ එල්ලුව අම්ම. අම්ම ඊ හොයල බැලුවේ නැත්තේ කියල කට්ටිය අහල තිබුනනේ. ඒ අම්ම ගැන ඇත්ත නම් එයට ඒවා ලොකු දේවල් නෙමේ..ගමේම ඉන්න සල්ලි කාරයෙක් එක්ක සල්ලි වෙනුවෙන් බුදියෙන ගනියෙකුට තව මොනවද... මල්ලි කියන්නේ අංක එකේ කසිප්පු ජාවාරම් කාරයෙක්.. මාරයාගේ තව කතා තියෙනවා කවුරු හරි අහල බලන්න.. පිළිකාවක් තිබිල ඔපරේසන් කරලා ඉන්න මනුස්සයෙක්ගේත් පපුව මිරිකලා අතල් ගත්ත පොරක්.. ඇත්ත හොයාගෙන යන්න ඕනි නම් මෙන්න ලිපිනය අංකය හරියටම දන්නේ නැහැ 70 වගේ තමයි හිතන්නේ ඒ හරිය වැව පාර වෑ බඩ
ReplyDeleteඉතිං මට පාං ද? මාරයා කවුරු උනාම මට මොකෝ.යකෝ අපි මේකට ඇවිත් මාරයා ලියලා තියෙන එකක් කියෝලා හිනාවෙලා කොමෙන්ට් එකක් දාලා යනවා මිසක් වෙන මොකක්වත් කොරන්ඩ යනවද? ඌ වලත්තයෙක් උනාම මට මොකෝ.ඇයි ඌ මගේ ගෑනි එක්ක බුදිය ගන්ඩ එනවද? උගේ අම්මගේ කැරැට්ටුවවත් උගේ සහෝදරයගේ කැරැට්ටුවවත් මට පඩේකටවත් වැඩක් තියෙනවද? මොකද ඌට මගේ සහෝදරියෙක්ව බන්දලා දෙන්ඩ යනවද?
නිකං බොරුවට කාලේ කන්නැතුව බ්ලොග් කියෝනවනං කියවලා ලැප වහලා දාලා නිදා ගනිං
//ඉතිං මට පාං ද? මාරයා කවුරු උනාම මට මොකෝ.යකෝ අපි මේකට ඇවිත් මාරයා ලියලා තියෙන එකක් කියෝලා හිනාවෙලා කොමෙන්ට් එකක් දාලා යනවා මිසක් වෙන මොකක්වත් කොරන්ඩ යනවද? ඌ වලත්තයෙක් උනාම මට මොකෝ.ඇයි ඌ මගේ ගෑනි එක්ක බුදිය ගන්ඩ එනවද? උගේ අම්මගේ කැරැට්ටුවවත් උගේ සහෝදරයගේ කැරැට්ටුවවත් මට පඩේකටවත් වැඩක් තියෙනවද? මොකද ඌට මගේ සහෝදරියෙක්ව බන්දලා දෙන්ඩ යනවද?//
Delete++++++++++++++++++++++++++++++++++++++++++++++
මෙන්න කොමෙන්ට් ++++++++
Deleteමාරයෝ මටනං මගේ බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක දැකලා උඹව එපා උනා බං , මම මේ උබේ බ්ලොග් එක බලන අන්තිම දවස
ReplyDelete++++++++++++++++++
Delete+++++++++++++++++++++
Delete:-) ඇයි අපි...? අපි වගේ හැදිච්ච කොල්ලො කොහොම මේ වගෙ වල් බ්ලොගේකට එන්නද ? ... හික්z.
Deleteපෞද්ගලිකත්වය පාදක කරගත් අපහාස කමෙන්ටුව තරයේ හෙලා දකිමි !
ReplyDeleteඔය වගේ කමෙන්ටුවක් වැටුණු පමණින් උඹට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න හිතෙනවා නම් බ්ලොග් අවකාශයේ උඹේ ප්රතිරුපය ගැන උඹ ඉන්නේ අවතක්සේරුවකින්
++++++++++++++++++++
Delete++++++++++++++++++++++++++++++++++++++
Deleteමාරයාට එල්ලවුණු චෝදනා වලට ඔහුගේ උත්තර දීම ඉතාමත් විදිමත්.මම කැමති ඒ විදියට. එක ඉතාමත් ඉවසීමෙන් ලබා දුන්න ඉතාමත් පරිපුර්ණ උත්තරයක්.ඒ පිළිතුරෙන් ඔහුසතු ප්‍රබල ජිවන දෘෂ්ටිය ප්‍රකට වෙනවා. මම ඔබට ජය පතනවා.
ReplyDeleteඕව නම් මොනවද මාරයා අයියා ... ඕව කියවන්නේ පුකට පුක තියාගෙන නිදා ගන්න එවුන්නේ, කොන්දක් නෑ කෙලින් ඇවිත් යමක් කියන්න .
ReplyDelete(පුක යනු කුණු හරුපයක් නොවන බව බ්ලොග් ප්‍රවීණයෝ සහතික කොට ඇත)
heluwen anutmatha karala deu pahara ema anota
ReplyDeleteane marayya owa ganna ganna epa ban. ganu ayawth nokarna wada karana pendek nisa oya tarama kala bala wenna epa.
ReplyDeleteoka liyapa uekata wallatta hangeemak thiya, e wage hangeemak danneth nathi ponz kenek
මේක මලයා. හිතේ අමාරුවට ලියන්න ඇත්තේ .. අර දුමියයි දුකයි කිවුව වගේ පල ඇති රුකට තමයි පොලු වදින්නේ. උඹේ බ්ලොග් එකට මම කැමති ප්‍රධාන හේතුව එකෙන් මම දකින උඹේ විවුර්ත භාවයයි.. ඉන් එහාට මොනවා ලියන්නද ? තමුන්ට පලවෙනි ගල තමුන්ම ගහ ගත්තාම ගල් ගහන්න එන උනුත් අන්දොස් වෙනවා මල්ලි..
ReplyDeleteඒකනේ සරත් අයියේ මාරයම මාරයගේ රෙද්ද උස්සලා පෙන්නන එකේ , ඇනෝලා මොකටද ජංගිය ගලවන්ඩ
Deleteමාරයා කවදාවත් -ක තියන් ඇටවලින් කෙලින් නැ
මාරයා.. ඔය තරමට පස්සෙන් යන්න තරං අනොගේ කොමෙන්කටුවේ ඇති දෙයක් නැහැ. මාරයා ඒ පිලිබද පිළිතුරැ සැපයීම හොදයි. නමුත් කිසිවෙකුත් ඊට පිළිතුරු අව්ශ්ය බව නොකියන අතර එම කොමෙන්කටුව පිදුරු කෙන්දක් තරම්වත් වටිනබවක් දක්වා නැහැ. කරුමේ කියන්නේ ඒ පිදුරු රොඩ්ඩ හරියටම මාරයාගේ නහයට වැටිලා මාරාවේශ වෙලා නොවැ. ඔය වල්බූරු නිදහසින් වල්බූරු ප්‍රයෝජන ගන්න ෆකින් ඇනෝලට ඇනෙන්නත් එක්ක ඒකෙන්ම ශක්තිය අරගෙන තව හොද පෝස්ට් කටු දාන්න මාර ශක්තිය ලැබෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. බුදුන්ගේ දහම සත්‍යයි. සත්‍යයි. තව බණ කියපිය. මාරයා ගේ හොද ටික එන්න කල් යයිද මෙයා..
ReplyDeleteමේක ලියන්න ඕනෙ පෝස්ට් එකක් කියලා මම නම් හිතන්නෙ නෑ බං! ලියනවාම නම් සියලු සැක සංකා දුරුවෙන්න ලියන්න ඕනෙ. නැත්නම් මොකුත් නොලියම නිකා ඉන්න ඕනෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
මේනම් මාරයට කෑල්ලක් සෙට් කරන්න හදපු කපුවෙක්ගෙ වැඩක්.//මාරයා කියන්නේ සුදුම චරිතයක් නොවන වග.. හැබැයි මං කලුම චරිතයකුත් නෙවෙයි... කලු සුදු මුසු වෙච්ච අළු චරිතයක්..//ඒ කියන්නේ අපි අපි වගේ....
ReplyDeleteහික් හික් හිනාත් යනවා බන් උඹට වෙන වැඩ...
ReplyDeleteඅනේ අම්මපා ඔය ලියපු එකා "මාරයා" කියන වචනෙ තේරුමවත් දන්නෙ නැතුව ඇති. මට පේන්නෙ උඹේ සුදුම දැකලා කලු දාපු ගමන් කට්ටියට දරා ගන්න බැරිව ඇති. හැබැයි මේකෙ සමහර කමෙන්ට්ස් දැක්කම හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැනලා වත්ද කියලා මට හිතෙනවනෙ...හෙහ් හෙහ් හෙහ්...
හා හා. හොද හොඳා ලියහංකො අර තව කලු එව්වත්..
ReplyDeleteඒව තද කලුද දන්නෙ නෑ නේ.....