මේකට මුලින්ම මුල ඇල්ලුනේ ඊයේ උදේ පොලේ ගිය වෙලේ... දන්නවනේ ඉතිං මගේ පොලේ යෑම ගැන... විවේකී ඉරිදා දවසේ උදේම වැඩ ඇරිලා ගෙදර ඇවිත් ලැපා සහ පොත් පත් සහිත බෑගය ගෙදරට දාලා ටිකක් ලොකු උරයක් එහෙම ඇන්න ගියා පොල පැත්තට... යද්දී මං මුලින්ම මේක දැක්කට පොලේ තියෙන පොල් දෙල් ගැන හිත හිත ගිය හින්දා ඒ හැටි හිතට වැදුනේ නැහැ...
පොලට ගෙහුන් ඕන කරන කලමනා අරගෙන එහෙ මෙහෙ කැරකිලා එයින් පිටත් වෙලා එනකොට තමා මට මේක හරියටම මීටර් උනේ... ඒත් අර බඩු මුට්ටු එක්ක මොන නැන්දම්මලාද..? මං ගෙදර ආවා... ඒ ගෙදර ඇවිත් බඩු මල්ල තියලා ආයේ හිස් ගෑස් ටැංකියත් බයිසි මොටෝ එකේ බැඳගෙන ගියා වේයන්ගොඩ පාර දිගේ ගෑස් එකක් ගේන්ට... ඒ යද්දිනං නැන්දම්මාගේ වග තුග විස්තර ඇහෙන්ටත් උනා... ඒත් දැන්ම බැහැ නෙව මං ගමන ගියා.. ගෑස් එකත් ඇන්න ආපහු එද්දී ආයෙම නැන්දම්මාගේ චරෝ බරෝව... මං කන් දෙක වහගෙන ඇස් දෙක ඇරගෙන ආවා... ඒ එන ගමන් අතර මග තිබුන ඔය උදේටයි රෑටයි කෑම දෙන අක්කා කෙනෙක්ගේ කඩේකින් ගැහුවා කිතුල් පිටි කැඳ වීදුරුවක්... හප්පා අමර රසයි.. ආයේ යන්ට ඕන වෙලාවක අක්කගේ කැඳ එක ගහන්ට... දැන් උදේ කෑම ගැන බල බල ඉන්ට දෙයක් නැහැ අනිත් වැඩ ටික බලා ගතෑකි...
ඉතිං පින්වතුනි කතාව එච්චරයිද..? නැහැ.. ගෑස් එක නියමිත තැන තියලා ඒකට ලිප එහෙම හයි කරලා..කලින් ගෙනාව එලෝලු කලමනා ටික අස් පස් කරලා තියලා ආයෙම මං ගියා තව වැඩකට.. ඒ තමා මගේ බයිසි මොටෝ එකේ දෙපැත්තේ තියෙන අර දෙක... ඔව් ඔව් අර පෙට්ටි දෙක අබලන් තත්තෙට ඇවිත් හින්දා ඒකට අළුතින් ෆ්‍රේම් එකක් ගහන්ට බලන්ට... පෙරේදා දිහාවේ මං ඕකට යකඩ බට ගේන්ට ගියා නෙව.. කඩේ ගන්ට තියෙන අගල් බාගේ ගැල්වනයිස් බට අඩි නවයක් රුපියල් 750ක් විතර වෙනවා..මිලට වඩා අවුල ඒ බටේ ටිකක් වැඩේට මහත වැඩි වීමයි.. ඒ හින්දා මං ගියේ අර තිරිවීල් වල රෙද්ද හයි කොරලා තියෙන බට සෙට් එකක් හොයන්ට.. මොකද ඒවා හීනියි තරමක ශක්තිමත්... අළුතින් සුදු යකඩ කූඩු ගහන තැන්වල ඕවා අහක් කරනවනේ... එහෙම තැනක් බල බල ගියත් වැඩේ හරියටම සැට් උනේ නැහැ.. ඒ පාර ගියා මං දන්න කියන පරණ යකඩ බඩු විකුණන තැනක් හොයන්ට වැලිවේරිය පැත්තට... එතනත් වහලා..මොනවා කොරන්ටද..
ඒ පාර ආයේ එද්දී යක්කල අළුත්ගමුව හරියෙදී තැනක් අහු උනා... එතැන තිබුනා ඩීසල් තිරිවීල්වල අහක් කරපු බට සැට් වගයක් කැලේක දාලා... ඒත් එතැනත් මට හරියන අන්දමේ ඒවා නැහැ..තව ටිකක් බලද්දී මෙන්න යකෝ තියෙනවා මහේන්ද්‍රා ජීප්පුවකින් අහක් කොල බට කූඩුවක්... එකෙනං තරමක් හරියන බට ටිකක් තිබුනා... ඒ පාර ආයුධ ටිකකුත් ඉල්ලාගෙන ඒවායින් මට හරියන බට කෑලි ටිකක් ගලෝලා යකඩ කපන කියතකුත් ඉල්ලගෙන බට ටික මට උවමනා ගානට කෑලි වලට කපලා මිටියක් බැඳලා අරං ආවා... රුපියල් 300යි.. පැස්ටෝල් ටිකක් ගියා උනත් කඩේ යකඩවලට වඩා වැඩේටත් හොදයි ලාබයි... ගෙදරට ඇවිත් ගලෝලා දාලා තිබුන පෙට්ටි දෙකෙන් එකකුත් බැඳගෙන ගියා යකඩ වැඩ කොරන තැනකට... ම්හූ..එතන යමරෙට වැඩ.. එයිට අමතරව මේ බට නවන්න උවමනා බඩු නැති කතාවක් කිව්වා.. ඒත් ටිකක් උත්සහ කරන්න පුළුවන් උනත් වැඩ වැඩි හින්දා අගහරුවාදා දිහාවේ එන්ට බැරිද ඇහුවම මං ඒකට එකඟ වෙලා ආයෙම ආවා.. මොකද මෙතැන වැඩ හොඳයි..පිළිවෙලයි... කියන විදියකට කරලා දෙන්න උත්සහ කරනවා..සමහර තැන්වලට ගියාම අපේ උවමනාව පැත්තක තියෙද්දී උන්ට ඕනෑ හැටියකට කරන්නනේ දඟලන්නේ... ආයුධ ආම්පන්න තියෙනවනං ඔය කාගෙවත් ගණන් බලයි මේ පුතා... තනියම කොරනවා ඇර... ඒ පාර දවසේ ප්ලෑන් කොරං හිටිය වැඩේ බකල් උන හින්දා ආයෙම ගෙදර එන ගමන් නැවැත්තුවා නැන්දම්මාගේ විස්තරේ අහන්ට...
සාජන්ට්ගේ නැන්දම්මා... සැන්ඩෝ හැරිස්ගේ අළුත්ම නාටකේ... තියෙන්නේ මෙතැන තියෙන හෝල් එකේ.. අර කලින් දවසක අපේ ෆොන්සේකා මහත්තයා ඇවිත් කතා පවත්තලා එහෙම ගියේ ආන් ඒකේ...එදා මං හිටියේ බැල්කනියේ නෙව.. ඒ හින්දා ඇහුවා කීයද බැල්කනි ටිකැට් එක කියලා... වැඩිය නැහැ රුපියල් 100 යි.. යකෝ කොළඹ ගෙහුන් බත් එකක් ගන්ටත් බැහැනේ ඒ ගානට... (මෙහෙනං පුළුවන්..:D)
3.30 හා 6.30... දර්ශන වාර දෙකයි... කාලෙකින් නාට්ටියක් බැළුවෙත් නැති හින්දා ඕන එකක් කියලා ඒක බලන්ට තීරණය කොලා... කොහොමත් මං අද හිතං හිටියේ දවල් කාලේ ප්ලෑන් කොරපු වැඩ ටික කොරලා හවස 6.30ටවත් නිස්ටඹුව ගැමුණුද කොහේද කියලා ගහලා තිබුන හෝල් එකට ගෙහුන් අර "වර්ණ" ෆිල්ම් එකවත් බලන්ට කියලා... ඒත් දැන් දවල් කාලේ ඉතිරියිනේ ඒ පාර මං තීරණය කොලා හවස 3.30 ෂෝ එක බලනවා කියලා... ඒ පාර ගෙදර ගෙහුන් හොද්දක් බතක් උයාලා නාලා කරලා බඩ පැලෙන්ට කාලා ටිකක් පැත්ත වැටිලා එහෙම හිටලා ආවා දෙකයි හතලිස් පහට විතර...
ගත්තා ටිකට් එකක්..ගියා පෝලිමට... පෝලිං 3යි... එකක් 500 ටිකට්... කවුරුවත් නැද්ද මංදා ඒකේ... ආයේ තිබුනා 200 යේ ටිකට් පෝලිම..ඒකේ හරියට සෙනග... මං ඉතිං දුප්පතා වෙච්චි 100 ටිකට් පෝලිමේ... කිසි කරදරයක් නැතිව බැල්කනියේ ඉස්සරහාම සීට් එකක් හම්බ උනා... එතනට ස්ටේජ් එක පේනවා ගින්දර ටිකට... දෙයීයේ අය තමා පහල ඉන්නේ.. 500 අය ඉස්සරහම පේලි දෙකේ... අවසානෙදීනං එකේ හත් අට දෙනෙක් හිටියා... අපරාදේ ඒකත් 200ම කලානං ඒ පුටු පේලි දෙකම පුරවන්නත් තිබුනා... හැබැයි 100ද 200ද 500ද කියලා නැහැ හැමෝටම ටකරං පුටු... අවුලක් නැහැ පදිංචියට ආවා නෙවෙයිනේ...
පෝලිමේ පැය බාගෙකුත් හිටලා ඇතුලට ආවා.. තුන හමාරත් උනා..ම්හූ පටන් ගත්තේ නැහැ.. අන්තිමට යන්තං 4ට පටන් ගත්තා... ඒ වෙද්දී බැල්කනිය පිරිලා හොඳට... මං පුටු ගාන ගැන්නා... 88යි... පස්සේ අවසාන පේලියකුත් දැම්මා නාට්ටිය පටන් ගන්න ඔන්න මෙන්න කියලා... එතකොට කට්ටිය 100ට වඩා වැඩියි... ඒ කියන්නේ බැල්කනියෙන් ආදායම 10000 ක් විතර ඇති... යට තට්ටුවේ 200යේ අයත් බැල්කනියේ හිටි ගානේ හැටියට ගණන් බැළුවොත් 400ක් විතර ඇති... ඒ කියන්නේ එතනත් 80000ක් විතර කවර්... සම්පූර්ණ දර්ශන වාරයකින් ලක්ෂයක් ෂේප් කරගතෑකි.. එතකොට වාර දෙකින් ලක්ෂ දෙකක් බැරි නැහැ.. කොහොමත් ෂෝ එක ඉවර වෙලා එළියට එද්දී 6.30 ෂෝ එකට දවල් හිටියට වඩා දිග පෝලිං ගැහිලා හිටියා... ඒ හිටිය ජනසන්නිපාතේ බැළුවම ලක්ෂ දෙක හමාරක්නං හොයන්න බැරි කමක් නැහැ කියලයි මගේ කල්පනාව... මේ ටික කිව්වේ නාට්‍යක ආදායං පැත්ත ගැන උනන්දු කෙනෙකුට පොඩි අදහසක් ගන්න උපකාර වෙයි කියලා හිතලා...
හරි ඉතිං නාට්ටිය පටන් ගත්තා... දයාවතී නොහොත් සුසිලා කෝස්ටගේ... තමුන්ට හුරු පුරුදු රංගනය... ඒ කිව්වේ වස්ටි අම්මා රංගනය යටතේ බොහෝම සැහැල්ලු රඟපෑමක් කරගෙන ගියා.. අර සුවර්වාරහිණියේ තිබුන කොමඩි ඉස්ටාර් තරගෙන් පොරසිද්ධ උන කෙස්ටු මෑන්..මට නම මතක නැහැ අප්පා.. ඔය ඉස්ටාර්ලගේ නං මතක තියා ගන්න ගියොත් වෙනම මෙමරියක් තියා ගන්ට එපෑ..රටේ ඉස්ටාර්ලා වැඩියිනේ ඉන්න ජනගහනෙට වඩා...
සුපුරුදු පරිදි සැන්ඩෝ හැරිස් තමා සාජන්ට්... ඔය අනං මනං අතරේ මට විතරක් නෙවෙයි මුළු නාට්ටිය ප්රේක්සකයින්ගේ ඇස්..කන්..හිත් හැම දේම ඇඳිලා ගියේ නාට්ටියේ හිටිය සූටි ගෑණු ළමයාට තමා..මයෙ අම්මේ සෝ එක අවසන් වෙද්දී කෙල්ල පෙනුනත් ඇති සාලාවම කුල්මත් වෙනවා.. ඒ තරමටම කොමලේ...
නාට්ටියට චරිත අටයි...
සාජන්ට්...
නැන්දම්මා..
මාමා..
ටානි නොහොත් නැන්දාගේ දුව...
ගීතිකා නොහොත් නැන්දාගේ බෝඩිං කාරි...
විලී නැමැති නැන්දගේ හොර පොර උන මාළු කාරයා...
චිත්තර පටි අධ්‍යක්ෂක..
අධ්‍යක්ෂකගේ ගෝලයා..ෆූසෝ...
කතාව සරලව කිව්වොත් ටානිට සාජන්ට් සැට් වෙන්නේ ෆේස් බුක් එකෙන්... අවසානෙදී සාජන්ට් එනවා ටානිගේ ගෙදරම බෝඩිං වෙන්ට.. ඒ අස්සේ ගීතිකා හරහා නැන්දයි දූයි දෙන්නම චිත්තරපටියකටත් රඟපාන්ට යනවා... කොහොම හරි ඔය අවු අස්සේ සාජන්ට්ගේ ආණ්ඩුවේ රස්සාව හින්දා ටානිටයි සාජන්ට්යි කසාදෙත් කොරලා දෙනවා නැන්දයි මාමයි එක්කාසු වෙලා... මාමා නෝන්ජලයා.. නැන්දා විලීගේ තෝර මාළු කන්ට යනවා... දුවත් නොමඟ යයි කියලා කල බල වෙන සාජන්ට් නැන්දා එක්ක ගේමෙන් ඉන්නවා... සාජන්ට් චිත්තර පටි නළු සීන් එකටත් එන්ටර් වෙනවා... හැබැයි අවසානෙදී අධ්යක්ෂකයි ගෝලයයි දෙන්නම එලෝ ගන්නවා.. ඒ නිකං නෙවෙයි තමුන්ට දුන්න නළු ගාස්තුවට තවත් රුපියලක් වැඩි පුරත් දීලා... ඒ විතරක් නෙවෙයි තොර මාළුවත් එක්කම විලීටත් සීන් එකෙන් අහක් වෙන්ට සලස්සනවා... ඒත් චිත්තර පටි පිස්සුවට කෙල උන හින්දා අන්තිමට ටානි සාජන්ට්ව එලෝනවා ගෙදරින්... හැබැයි සාජන්ට් යන්ට කලියෙන් කොරන්ට ඕන දේවල් කොරලයි තියෙන්නේ... සාජන්ට් යද්දිම ටානි ඔවෑක්...
ආයේ බෑනා ඕන වෙනවා... බෑනා එනවා... මහ ජෝඩුව පන්නන තරමට ටෝකක් ඉසූ කරනවා... ඒත් අන්තිම මොහොතේ ලොකු දේශනාවක් තියලා කස්ටියම සමඟි වෙනවා... ඔය අන්තිම සීන් එක කිස්ටු වෙද්දිනං පොඩි ඒකාකාරී ගතියක් තියෙනවා.. ඒත් අවසන් විනාඩි පහේදී සාජන්ට් තමුන්ගේ සුපිරි ටෝක නිසා නාට්ටිය ගොඩ දානවා ලෙසටම... අන්තිමටම සාජන්ට් මෙහෙම අහනවා ටානිගෙන්...
ලෝක යිතිහාෂෙටම අමරණීය පෙම් යුවලවල් 4යි ඉටියේ... කවුද කීලා දෙන්නවද..?
නැහැනේ රත්තරං..කියන්නකෝ...
රෝමියෝ ජූලියට්...
රාමා චීතා...
චාලිය අචෝකමාලා...
............................
........................
...................
...........
මහින්ද චිරන්ති...
(නාට්‍ය නිමි.)
නැහැනේ රත්තරං..කියන්නකෝ...
රෝමියෝ ජූලියට්...
රාමා චීතා...
චාලිය අචෝකමාලා...
............................
........................
...................
...........
මහින්ද චිරන්ති...
(නාට්‍ය නිමි.)
දෙන්නාගේ අංග චලනයන්ගෙන් ඒ ඒ පෙම් යුවළවල් නිරූපනය කරන ගමන් අවසන් නම් දෙක කිය වෙද්දී ටානි කොර වෙන හැටිත් ප්රේක්ෂකා ගාරය හිනාවෙන් ඇළලී යන හැටිත් බලං හිටිය මට ඉබේම අත්පොලසං ගැහුනා... අපහාසයක් උපහාසයක් එතන නැහැ..හාස්‍යය මිස...
අපි කවුරුත් හිතන දෙකයි පණහේ නාට්‍යයක් ගානෙන් හිතං මුල ඉඳලාම බලං හිටියා උනත් අවසානයේදී නැවතිලා රංගන ශිල්පීන්ට අත්පොළසන් දීමෙන් උපහාර දක්වන අවස්ථාවේ මුල පටන් අග දක්වාම ලෝබ නැතිව අත්පුඩි ගැහුවේ රුපියල් සීයකට මේ හුගාක් වැඩි දෙයක් හින්දමයි...මම විතරක් නෙවෙයි... මුළු ප්‍රේක්ෂකාගාරයේම සිටි අය එයින් පිටතට ආවේ නොනවතින අත්පුඩියකින් ඔවුන්ට කලගුණ සලකලයි... බරපතල දේවල් නැතත්... සරල විනෝදය හරහා ඔවුන් නාට්‍ය වේදිකාව ආරක්ෂා කරන මුර කරුවන් වගේ පිරිසක්ය කියන ටික මගේ හිතේ අවසානෙදි ඉතිරි උනයි කිව්වොත් ඒක හරි...
හෙට අනිද්දටම "වර්ණ" බැළුවට පස්සේ මට ඒ ගැන මොනවා හිතෙයිද කියලානං දන්නේ නැහැ...
-----------------------------
පලි...
වේදිකා නාට්‍යවලට තවමත් මිනිස්සු නැත්තේ නැහැ. පුටු හතරයි..මල් පෝච්චි දෙක තුනකුයි..කොස්සකුයි... පැදුරක් හා ගමන් මල්ලකිනුයි වේදිකාවට එල්ල කරපු ලයිට් හයක එළියෙන් හා බෆල් දෙකක ශබ්ද විකාශන පද්ධතියකින් සැන්ඩෝ හැරිස් කරපු ටික හොඳටම ඇති. මිනිස්සුන්ට දරන්න පුළුවන් ගානකට හා නිශ්පාදන වියදම් පාලනය කරගෙන කටයුතු කරනවනං හා අඩුම පහසුකම් සහිත රංග ශාලාවලට සරිලන අන්දමින් හදනවනං තාමත් රටේ නාට්‍යවලට ඇති ඉල්ලුමේ අඩුවක් නැහැ... නාට්‍ය නිෂ්පාදකවරු දොස් කිය කිය ගියාට මේක කඩං වැටිලා නැති දෙයක්.. හැබැයි අනුන්ට දොස් තිබ්බට නිශ්පාදකයින්ගේ නිර්මාණ කඩං වැටිලා කියලා තමුන් අවබෝධ කරගන්න තාක් කල් ඕවා ඔහොමම තමා...
1
ReplyDeleteදැං ඔය ලක්ෂ දෙකහමාරක ආදායම හොයන්න උඹ නාට්‍යයක් කරන්නද හදන්නෙ.
Deleteනාට්‍ය ඉවරඋනාට පස්සෙ ඒකෙ රඟපාපු නලු නිලියො හම්බවෙන්න එහෙම අවස්ථාවක් දුන්නනං සැන්ඩෝ කොහොම වෙතත් අර ගෑල්ළමයටනං ඉන්න හම්බෙන එකක් නෑ.
ෂික්..එහෙම අවස්ථාවක් දුන්නේ නැහැනේ හැබෑට...
Deleteමදැයි එක වෙන්න හිතන් ආව...දෙක ද?
ReplyDeleteමේ දෙමළ ණ යන්නේ පොරසන්නලා එක්ක ඕක ටිකක් කරදරයි මල්ලි..වෙන දවසකවත් බලමු...
Delete"සාජන්ට් යද්දිම ටානි ඔවෑක්".....මෙන්න සුපිරිම වැකිය. මටත් ඔවෑක් ගාල හිනා ගියා මේක කියවල. ඒ කියන්නෙ මාරයත් හොඳ විහිලු කාරයා. නරකද "මාරයාගේ නැන්දම්මා" කියල නාට්ටියක් පටන් ගත්තොත්.
Deleteඒකනං නරක අදහසක් නෙවෙයි..අවුලකට තියෙන්නේ කී වෙනිද කියන එකයි..:D
Deleteමුට ලස්සන නමක් තියනවා මාරයෝ ''කොනදෙමළා''
Delete(මගේ ද්‍රවිඩ මිතුරන්ට අපහාසයක් නොවේ)
මාර දිග පෝස්ටුවක් නේ... නිවීහැනහිල්ලේ බලන්නම්කෝ...
ReplyDeleteදිග වැඩී වගේද අළුත් මලේ... මොනවා කොරන්නද ලියන්ට ගියාම හතර අතේ හක්කලං ගහලනේ කතාවට එන්නේ...
Deleteබලන්නම ඕන... නූලෙන් මිස් වුනා..
ReplyDeleteආපුදෙන්කො ආයෙ..:)
කවුද..? නැන්දම්මද..?:D:D:D
Deleteනාට්ටියක් බලාපු කාලයක් මතක නැහැ,... මාරයා වගේ නිදහසේ ඉන්නවානම් අපිටත් බලත හැකි
ReplyDeleteඅඹු දරුවෝ එක්කලා ආව හුඟ දෙනෙක් මෙතනත් හිටියා..ඒත් අත දරුවෝ අරං ආව උදවිය වින්ද දුක දැක්කම මට හිතුනේ බැන්ද මිනිස්සුන්ට ළමයි වෙනුවෙන් කොයිතරං දේවල් කැප කරන්න වෙනවද කියලා...
Deleteඒ අතරෙම මගේ වම් පැත්තෙන් වාඩි උන මාත් එක්ක පෝලිමේ යද්දි එකටම ගිය හතරදෙනාගෙන් යුතු පවුල... තාත්තා මැදි වයසේ..සුදු සරමයි කමිසෙයි ඇඳලා හිටියට හුඟක් මහන්සි වෙලා හම්බ කරන ගතිය පේන්න තිබුනා..සමහර විට පොලක වෙලෙන්දෙක්..එහෙම නැතිනං වගා කටයුතු කරන මනුස්සයෙක් වගේ ගති ලක්ෂණ... දුවයි පුතයි බොහෝම හොඳට හැදුන උදවිය වගේ.. පුතාට මං හිතන්නේ දහ අටක්වත් ඇති.. දුව එයිට වැඩි ඇති වගේ පෙනුනේ... අම්මා සරල කාන්තාවක්... කොල්ලා තාත්තා වගේම මැරෑටි පෙනුමක් තිබුනට තාත්තයි පුතයි දෙන්නම බොහෝම නිවිච්ච අය... අතරින් පතර තාත්තා එක්ක කතා කරන්න උනා... ඒ වෙලාවක කිව්ව දෙයක් තමා...
"මොනවා උනත් මෙයාලට මෙහෙම එකක්වත් පෙන්නන්න එපෑ හම්බ වෙන වෙලාවටවත්.."
තරුණ වයසේ දුවටයි පුතාටයි දෙමාපියෝ නැතිව ඕක බලන්න බැරිකමක් නැහැ... ඒත් හතර දෙනාම ඇවිත් සමඟියෙන් සතුටෙන් ඕක බලලා යද්දී ඒක දැකපු මටත් සතුටක් දැනුනා... දුප්පත් වෙහෙස මහන්සි වෙන ගති පේන්ට තිබුණත් ඒ සතුටින් ඉන්න මිනිස්සු කියලා... විශේෂයෙන්ම අතිශයින්ම නාගරීකරණය වීගෙන යන පරිසරයක...
නිදහස තියෙන්නේ කොහේද ලංකායියේ...?
Reply කෙමෙන්ට් ඒකක් වුනාට ඒකත් අපූරු පෝස්ට් එකක් මලේ....
Deleteඇයිද මන්ද මට මේ දුක දැනෙන්නෙ.......
මාරයෝ මම උඹට ආදරේ ඔන්න එය හන්දා
Deleteපොස්ට් එකටත් වඩා..මාරයාගේ මේ රිප්ලයි එක හිතට වැදුනා..!
Deleteෂා.. මාරයියාට නැන්දම්මෙක් සෙට් වෙලාද කියලා බැලුවා.. හි හි... ඇත්තට මාත් හිතං හිටියේ බලන්න කලින් කන් දෙකට ඇබ දෙකක් එහෙම ලෑස්ති කරගන්න ඕනෙ ජාතියේ නාට්ටියක් කියලා ඕකත්.... ( ඔය හිනා යන ඒවා මට ටිකක් බලන්න අමාරුයි...)
ReplyDeleteමාරයියගේ බයිසිමොටෝ එකේ කතාව කියවද්දි මට හිතුනේ වැරදිලාවත් අපේ මහත්තයගේ නෑදෑ පරම්පරාවේ එක්කෙනෙක්ද දන්නෑ කියලා...
පුදුම වදයක් තියෙන්ෙන් බයික් එකේ හරි වෙන මොකක් හරි බඩුවක් කැඩුනම.... ඔය තියෙන තැනකින් හරි හමන් එකක් අරං එන්නෙ නැතුව පංචිකාවත්තෙයි, දෙල්කද හරියෙයි දවස් දෙක තුනක් රවුන් ගහනවා මාවත් ඇදගෙන.... ඊට පස්සේ හම්බුවෙන කුණුගොඩවල් ඔක්කොම කරගහගෙන ඇවිත් වෙල්ඩින් කර කර, යකඩ කප කප ගේ විනාස කරනවා... ඉලෙක්ට්‍රික් බඩු ගැනත් ඔය සන්තෑසියම තමයි.... 100 ට කරගන්න පුළුවුන් වැඩේ මෙයා දවස් ගානක් නටලා 1000ක් විතර වියදම් කරලා තමයි කරන්නේ.. හපෝයි...... මට පෙන්නන්න බැරි මලකඩ කාපු යකඩ කෑලියි , අවුරුදු 60-70ක් පරණ කුණු ගොඩවලුයි ගොඩ ගහන් ඉන්න එක තමයි.....
( හැබැයි ඉතිං මගෙත් අකමැත්තක් නෑ..... ඕනෙ දෙයක් කියන පරක්කුව විතරයි .. හදලා දෙනවා පුළු පුළුවන් හැටියට... හි හි... )
යකෝ ඔහොම මිනිහෙක් ලබන්ට පිං කොරලා තියෙන්ට ඕන... හැබැයි ඉතිං අහල පහල උන්දලා එක්ක රැස් පෙන්නන්ට හිතං ඉන්නවනං එහෙම වැඩේ ටිකක් අමාරුයි... මොකද අනිත් එකා ගන්න ගන්න දේ ගෙඩි පිටින් නොගෙන තමුන්ට උවමනා විදියට තමන්ගේ මහන්සියෙන් හදන්ට දඟලන හින්දා... ඒත් මතක තියා ගං උඩින් නොපෙන්නුවට ගෑණු බොට ඉරිසියා කොරනවා කියලා...
Delete//100 ට කරගන්න පුළුවුන් වැඩේ මෙයා දවස් ගානක් නටලා 1000ක්//
ඕක ඔහොම පෙනුනට ඇතත්ටම ඒක එහෙම නෙවෙයි කියලා නොදන්නවද..? 100ට ගන්න දේ කොහොම උනත් තමුන්ට හරියටම ගැලපෙන්නේ නැහැ කියලා තේරෙන්නේ ටික දවසක් ගියාමයි.. 1000ක් වියදං කරලා කල දේ 10000ක් වටින වග තේරෙන්නේ කාලයක් යනකොටයි...
ඒක නෙවෙයි ගෙදර ඕන කරන ආම්පන්න තියේද ලොකු තැන ගාව... මං කිව්වේ මේ වැල්ඩිං ට්‍රාන්ස්පෝමර් එහෙම..?
හප්පා.. ගොඩක් බඩු තියෙනවා එයා ගාව.. වෑල්ඩිං ට්‍රාන්ස්ෆොමර් එකක් විතරයි නැත්තේ... ඒක නම් ඉතිං කුලියට ගන්න පුලුවන් නේ... බර වැඩි නිසා ගෙනාවේ නෑලු... එයා ඕනේ වැඩක් පොඩ්ඩක් කල්පනා කරලා බලලා කරන්න ට්‍රයි කරනවා.... ඒ අතිං නං පිං කඳක්..
Deleteහැබෑට මම නරකක් හිතලා කිව්වේ නෑ මාරයියේ.. මාත් ආසයි එහෙම වැඩක් පලක් කරගන්න පුළුවන් උන එකට.. හැබැයි කැඩිච්ච බඩු ගොඩ ගහගෙන ඉන්න එකට මං අකමැතියි... පරම්පරා දෙකක් විතර පරණ යකඩ කෑලි ගොඩක් තියෙනවා ගෙදර..... හි හි
///රැස් පෙන්නන්ට හිතං ඉන්නවනං///
රැස් ටිකක් තියෙන්නත් ඕනේ මාරයියේ.. මොකද එහෙම නැතුව ඉන්නකං අපේ අම්මලා හිතන්නේ මං දුක් විදිනවා කියලා.... එයාලගේ හිත් හදන්නත් එපැයි.... පොඩි කාලේ ඉඳන් ඉතිං දෙන්න පුළුවන් සැප ඔක්කොම දීලා හදපු කෙල්ලනේ මං..... හි හි.... ( ඕනේ වැඩක් කරන්න පුළුවන් කියන එකේ අගේ නොතේරෙනවා නෙවෙයි එයාලට.. හැබැයි ඒක පිටට පේන්නේ නෑ නේ...)
////1000ක් වියදං කරලා කල දේ 10000ක් වටින වග තේරෙන්නේ කාලයක් යනකොටයි...///
Deleteහාපෝ.. මාරයියා හරියන්ෙන් අපේ නැන්දම්මටයි මාමණ්ඩිට.... අපරාදේ තව දුවෙක් හිටියනං ඉල්ලලා දෙන්න තිබ්බා.. හි හි.. ඒ දෙන්නත් ඔය වගේ කතා තමා කියන්නේ... කතාව ඇත්ත උනාට විදින කරදරේ හැටියට වැඩේ වටින්නේ නැති උනාම තමයි මට යකා නඟින්ෙන්... හි හි
මං මේ කියන්න ආවේ උදේට පොලේ යනවට වඩා හවසට යන එක හොඳයි කියලා... ගණන් ටිකක් අඩුවෙනවා වගේම හංගගෙන ඉන්න හොද බඩුත් එළියට එන්නේ හවසට... හි හි.. පොල් එහෙම...
එක දෙයයි මිනිහට වැරදිලා තියෙන්නේ...හිකිස්
Deleteහිරූ උඹ ඕක පිළිගන්න අකමැති වුනාට හස්බන්ඩා චික් මැග්නට් එකක්නෙ, DIY Dude නෙ. හයියෝ සල්ලි! අන්න මම ආසම බුවෙක්.
Deleteඒගමන්ම මාරයාටත් කියන්නම්කෝ. මේක නම් උඹෙන් බැණුම් අහන කතාවක් මාරේ.
ඔය ෆ්‍රේම් එක ස්ටේන්ලස් ස්ටීල් වලින් ගහන්න හෙන ගානක් ඉල්ලනවද? ආයෙ උඹට ඕක කවදවත් හදන්න වෙන්නෙ නෑ එතකොට. ආ දැන් බැණපං "උඹ මේ කුණුහබ්බ කතා කරනවා ...."
මම නම් අන්තිමට බැලුවේ අපි දෙන්නමපුහුණු කරපු නාට්ටියක් බං මේ ඉස්කෝලෙදි
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
එක අත්තේ එක ජාතියේ කුරැල්ලෝ වහනවා කියන්නේ ඇත්තද කොහෙද බං ,
Deleteඉයියේ බ්රේක් බයින්ඩ් වෙලා රෝදයට කෙලවෙලා පස්සෙන් කාර් එකකුත් ඇනලා බයිසි මොටෝව කැඩිලා අද දවසම බඩ් මුට්ටු හොයලා .
ඇල්කොහොල් චාජස් එක්ක 16000කට බඩු බනිස් කොරගන හදලා දැනුයි ඉවර කෙලේ. කාට හරි කියලා කොරානං කීයක්ද , අනික අපිට ඔන විදිහට කොරලා දෙන්නෙත් නෑ.
අහල පාල සංකර ගෑණියෙක් අපේ ගෑණිට කියුවලු මෙහෙම
// ඔයානං හරි ලකී අනේ , ඔයාගේ මෙයා නං ඔයාට ඔක්කොම හදලා දෙනවා , අපේ එක්කෙනාට බල්බ් එකක් වත් මාරු කරන්ඩ බෑ අනේ , ඉයියේ පෙරෙයිදා මම මේසයට පුටුවක් තියලා එයාට අල්ලා ගන්ඩ කියලා සාලේ ලයිට් එක මාරු කෙරැවේ//
( මොකද මන්දා උන්දෑ මාත් එක්ක කතා කොරනවට අපේ උන්දැ මනාප නෑ නෑ වගේ)
වෙල්ඩස්ලා නං අන්තිමයි මටනං තාම හම්බුන්නැ අපිට ඕන විදිහට කොරලා දෙන එකෙක් .
අම්මපා මමත් හිතාගන ඉන්නේ මේ කරදර ටිකක් ඉවර උනාට පස්සේ සල්ලි එකතූ කරලා එයාකූල් ටුන්ස්පෝමරයක්වත් ගන්ඩ
මේක බැලුවට පස්සේ නාට්‍යක් බලන්න ආසාවක් ඇතිවුණා.
ReplyDelete17
ReplyDeleteකාලයක් තිබුනා එන හැම එකක්ම බලපු. පස්සේ ඒවා එන්නේ නැති ගානට ගියා. දැන් වුනත් මම හිතන්නේ අවුරුද්දකටම එකයි දෙකයි වේදිකා නාට්‍ය මෙහෙ එන්නේ..
Deleteඑහෙම ඉඳල හිටලා එන එකත් "ඒත් අත දරුවෝ අරං ආව උදවිය වින්ද දුක දැක්කම මට හිතුනේ බැන්ද මිනිස්සුන්ට ළමයි වෙනුවෙන් කොයිතරං දේවල් කැප කරන්න වෙනවද කියලා... " සහ තවත් වැඩ නිසාම බලන්න වෙන්නේ නැහැ..
බලමු ඉදිරි අනාගතයේ ...
මහින්ද,චිරන්ති.............මාරම අමරණීයයි නේද???
ReplyDeleteමහින්ද චිරන්තිත් අමරණීය පෙම් යුවලක් උනා එහෙනම්. කාටද ආඩම්බර ?? රාජපක්ෂ පරම්පරාවටම නේ ...හිකිස්
ReplyDeleteමම අන්තිමට බැලුවේ මනමේ...... ගැබ්බර මිනිසා, බල්ලොත් එක්ක බෑ, තාරාවෝ ඉගිලෙති වගේ ඒවා එක දිගට ආවත් බලන්න වුනේ නෑ. බලපු නාට්‍ය වලින් හිතට අල්ලා ගිය එකකට තියෙන්නෙ තාරාවෝ ඉගිලෙත් තමා.
ReplyDeleteඅපරාදේ.. ඔච්චර වියදං කරපු සල්ලි නාටකයේ අන්ති8 වචන දෙකෙන් කාපාසිනියා කරල දැම්මනේ. ඔහොම යං මාරයෝ.. උඹට උණ ගැණෙන්න දෙන්නං ඉදිරියට. මීට ශිරන්ති
ReplyDeleteනාට්‍ය අන්තිම ජවනිකාව නිකම් බැලුව වගේ දැනුන..නාට්‍යයක් බලන්න ආස හිතුන..කොහෙද ඉතින්...දුරු කතරින් ම්දිල ඉන්න එපායැ සේරටම කලින්....
ReplyDeleteමිනිස්සු ච්ත්තරපටියක් නාට්ටියක් බලන්න යන්නේ විනෝද වෙන්න මිසක් තියෙන ප්‍රශ්ණ මදිවට අනුන්ගේ ප්‍රශ්ණත් ඔලුවේ දාගන්න නෙමෙයි නේ. ඉතින් හදපු එකාටවත් තේරෙන්නේ නැති මල ජරාවක් හදාගෙන සම්බාව්ය ලේබල් එකක් ගහගෙන සිනමාවයි නාට්ටියි කඩන් වැටිලා කියලා මොර දෙනවා. ඒවා කඩන් වැටිලා නෑ. කෑ ගහන උන්ගේ මොලේ වෙන කොහාටද කඩාගෙන වැටිලා. ඔය සම්බහිය කියන ඒවත් රහට දෙන නාට්ටි කාරයෝ වගයක් හිටියා උන් සමහරක් මැරිලා, අනික් උන් වන්දිබට්ටයෝ වෙලා. අප කුමක් කරමුද මිස්ට මාරේ...
ReplyDeleteමහින්ද චිරන්ති ආලෙ කෙසේ වෙතත් ශිරන්ති නෝන හොඳ අම්ම කෙනෙක්. එයාගෙ මූණෙ උලන ජාති තමා වැඩිය ප්‍රිය නැත්තෙ. ගොඩක් නිහඬව හොඳ වැඩ කරපු කෙනෙක් අප්‍රසිද්ද කාලෙ. දරුවන් එක්ක ගොඩක් දුක් විඳපු කාලයකුත් තිබුන එයාට.
ReplyDeleteහම් හම් විස්වාස කටයුතූ අාරංචී මාර්ගවලින් මමත් ඔය වගේ ආරංචි ගොඩක් අහලා තියනවා . සමහරක් එව්වානං විශ්වාස කොරන්ඩත් බැරි තරම්, ඒත් එව්වා ඇත්ත
Deleteමේක කියෙව්වම නම් මටත් නාට්‍යයක් බලන්න හිතුන. කොහෙද සෙනඟ අස්සෙ තෙරපිල හරියට ෆෑන් ටිකක් වත් නැති හෝල්වල ඉහින් කනින් දාඩිය දාගෙන ටකරන් පුටුවක පැයක් දෙකක් ඉන්නව කියල හිතෙනකොටත් මරන්න වගේ.
ReplyDeleteමාරයෝ මම වගේ ඔය සයිඩ් බොක්ස් ගලවලා . පිටිපස්සේ හැන්ඩ් ග්රීප් එකත් ගලවලා ඒකට බැකට් එකකුත් හයි කොරලා දාහං බොක්ස් එකක්, පට්ටෙට ඉඩ තියනවා . ලෙඩ දෙන්නෙත් නැ ලොක් එකත් හොදයි.
ReplyDeleteමාරයියා දැනගෙනම අර අන්තිමට කියන කපල් එකේ නම අහන්නමද මන්දා ගිහිං තියෙන්නේ...
ReplyDeletemokada kiyanne karamuda marayage horawa nattaya. maraiya amuthuwen ragapanna one ne oya kiyana ewwama deka 3k kiwwanam ethi.
ReplyDeleteබලනවා නං බලන්ඩ හොද ප්‍රහසන නාට්‍යක් " පරාස්ස " නව නිර්මාණ්ය ....
ReplyDeleteඅන්තිමට වේදිකා නාට්ටියක් බැලුවෙ ස්කෝලෙ යන කාලේ....
ReplyDeleteනැන්දම්මා රුපියල් සීයයි කියද්දී මම බැලුවේ මොකටද මේ නිකන් හම්බෙද්දී සල්ලි දීලා ගන්නේ කියලා :)
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++
Deleteයකෝ මඩිස්සලයාගෙ මේ කොමෙන්ට් එක තමයි වසරේ හොඳම කමෙන්ට් එක.නිශානයො මේක උඹේ හොඳම නිර්මාණය වෙන්න ඕනෙ.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
චැහ දන්නවනම් බස් සම්මාන උළෙලට ඉදිරිපත් කරනවා :)
Deleteමාරයාගේ අන්තිමට කියල තියන ජෙදෙට මම හෙනම කැමතියි.. නියමයි මාරයා.. සුපිරි විචාරයක්..
ReplyDeleteමටත් දැන් හිතෙනවා නාට්ටියක් හදන්න.... අගට දානව ඔය වගේ අමරණීය යුවලවල් කීපෙකගෙ නම් ටිකක්... දුමින්ද - හිරුනිකා වගේ... බයිසි මොටෝවෙ ගිහින් හරකෙක් හප්පිච්ච දා (හරකටත් ඔහොම්මම හිතෙන්න ඇති ) ඉඳල මම නෙවෙයි ඔය උලව්වෙ යන්නෙ.
ReplyDelete''මාරයට පොඩි දෙයක් අල්ලන් හොඳට ලියන්න පුළුවන් නේද . අන්න බ්ලොග් '' ඔන්න ඔහොමයි අපිට ගෙවල් වලින් නෝක්කාඩු අහන්න වෙන්නේ
ReplyDeleteපුටු හතරයි..මල් පෝච්චි දෙක තුනකුයි..කොස්සකුයි... පැදුරක්
ReplyDeleteYour blog title is misleading. I was curious to know about 'this 'rupiyal seeye nandamma'.
ReplyDeleteමේව කියවනකොට මටත් හිතෙනව හැම දේකින්ම ඈත් වෙලා තනියම ජිවත් වෙන්න,
ReplyDelete