"බඩා" ගැන සිහි කරද්දී මගේ මතකයට මුලින්ම එන්නේ කලු පසු බිමේ රතු පැහැති අකුරු හා හැඩතල කිහිපයක් ඇඳුන තරමක දිස්නයකින් යුතු කවරයක් සහිත ලොකු පොතකින් මගේ කන හරහා ඇඳී ගිය වේගවත් පහරක්ය...
එවකට මා අට හැවිරිදි හෝ නව හැවිරිදි වියේ පමණ පොඩි එකෙකු වූ අතර "බඩා" වයස අවුරුදු දහ අටකට ආසන්න නැඩ තරුණයකු විය... එවන් අයකුගෙන් මා වැනි පොඩි එකෙකු හට වැදුන පහර දරා ගැනීම කිසිසේත්ම පහසු නැත..එහෙත් මා නොවැටී සිටියා මතකය.. ඒ ඇගේ හයියකට වඩා සිදු වූයේ කුමක්දැයි සිතා ගැන්මටවත් නොහැකි වූ නිසාය.. එහෙයින් මා තරමක් විසි වූ මුත් නොවැටී බලා සිටියෙමි... අනතුරුව සිහි උපදවාගෙන කම්මුලත් අල්ලාගෙනම ගෙදර දිවීමි... එයින් පසුව පොලිසි යාමකුත් බඩාට පොලිසියේදී තදින් අවවාද කිරීමකුත් දෙපක්ෂය සමාදාන වීමකුත් විය... ඒ මා සම්බන්ධ කාරණාවකට පොලිසි ගිය ප්‍රථම වතාව විය...
බඩා මට පහර දුන්නේ වෙනකක් නිසා නොව මා ඒ වන විට සෙල්ලම් කරමින් හුන්නේ බඩාගේ බාල මලණුවන් වූ දමින්දයා සමඟ වූ බැවිනි... බඩා පොතකුත් රැගෙන ඔවිට අසලින් යන විට බඩාගේ මලයාත් මමත් තව කිහිප දෙනෙකුත් සිටියේ කුමක් හෝ ක්‍රීඩාවක යෙදෙමින්ය... එක් වරම මලයාව දුටු විට ඕවිට පැත්තට හැරුන බඩා ඌට බැන වඳින්නට වූ අතර වහාම ගෙදර දුවන්නට අණ කලේය... අනිකුත් කොල්ලන්ද තරමක් එහෙට මෙහෙට වූ අතර මා කිසිවක් නොකොට බලා සිටියේ බඩාගේ ගණු දෙනුව ඇත්තේ සිය මලයා සමඟ මිස මා සමඟ නොවන බැවිනි... මා සිටියේ බඩා ගිය පසු ඉතිරිව ඇති අය සමඟ දිගටම ක්‍රීඩාව පවත්වාගෙන යාමේ කල්පනාවෙන් මිස බඩා ගැන කල්පනාවෙන් නොවේ... එහෙත් සිය ගෝරණාඩුවට සිය මලයා පමණක් නොව අහල පහල පොඩි උන් පවා බිය විය යුතුයැයි සිතා සිටි බඩාට මා නොසැලී සිටීම ගැටළුවක් විය... එයට ප්‍රතිචාරය වූයේ අත තිබූ පොත මාගේ කණ හරහා යාමයි... අවසානයේ එය පොලිසියෙන් නිමා විය... ඒ බඩා ගැන මට ඇති අමතක නොවන ප්‍රථම මතක සටහනයි...
කවුද මේ බඩා..?
බඩා යනු කිව යුතු කතා රාශියක් ඇති අමුතුම එකෙකි... පෝසත් කෙල්ලෙකුට පෙම් කල දුප්පත් කොල්ලාගේ චරිතය හෙබවූ අයෙකි... මිනී මැරුමක සැක කරුවෙකි... මැරී ඉපදුන එකෙකි.. ගලේ ගසාවත් මරන්නට බැරි එකෙකි... බේබද්දෙකි... නිතී විරෝධී වැඩ ගණනක නිරත වූවෙකි... උපාසකයෙකි... කරන්න තියෙන හැම දේමත් කල.. වෙන්න තියෙන හැම දේමත් උන එකෙකි... හොඳම දේ නම් අදටත් ජීවතුන් අතර සිටින්නෙකි... එසේ ජීවත්ව සිටීමම පුදුමය උපදවන්නා වූ කාරණයකි...
බඩා යනු එහෙවු එකෙකි... එහෙවු යකෙකි...
තවත් කතා මාලාවක ඇරඹුමක්
ReplyDelete"බඩාගේ කතා..." කියල ලේබල් එහෙකුත් දැම්ම නම්
Delete:)
එහෙනං බඩා කියන්නේ දේශපාලකයෙක් හා දේශප්‍රේමියෙක් වෙන්න ඇති........ තවත් කථෘ සෙට් එකක් වගේ තමා ..........තිත් දෙකයි ඩී
ReplyDeleteඅමුතු අකුරක් " ථෘ " ලියවී ඇති අතර එය "ථා" ලෙස වෙනස් විය යුතු බව සලකන්න
Deleteඅනිවා තව මෙගා සීරියස් එකක ඇරඹුම ...:D
ReplyDeleteදැන් පටාන් ගන්න යන්නේ " බඩ බඩ " කතා මාලාවක්ද....
ReplyDeleteබඩා කිව්වම මටත් නිකන් හොයාගෙන ඇවිත් උඹේ කණ හරහා දෙන්න හිතුනා...!
ReplyDeleteගහන්න තමා වටින්නේ...මූණ දිහා බලාගෙන බඩා කියන්න දුක නැද්ද මං අහන්නේ :P
Deleteබඩාගෙ තාත්තත් කැළණියෙ ද???
ReplyDeleteබඩාට බය වෙන්න දෙයක් නැහැ. ඌ තවත් ඉහලට යයි ගොඩක් වෙලාවට...
ReplyDeleteතවත් මුල්ගලක්...පැල නොවී පන්සල් කතාව මෙන් ඉදිරියට ගලායයි කියා සිතමි...
ReplyDelete( බ්ලොග් ලෝකයෙ බඩා ට්‍රෙන්ඩ් එකක් පටන් ගනියිද දන්නෙ නෑ..):D
බඩා ගැන සීරීස් එකක්... මල් හතයි...
ReplyDeleteමේක නිකම් මෙගා එකක් පටන් ගන්න කලින් යන හධුන්වාදීමේ වැඩසටහනක් වගේ.... මාරයියටත් පුළුවන්නේ ඔය ඔක්කොම කතා ටික දාලා මෙගා එකක් කරන්න.. නියමෙට හිට් වෙයි.....
කනට ගැහුවට පලිය ගන්ඩ වගේ හදන්නේ අවුරැදු 20කටත් පස්සේ
ReplyDeleteසිරා කතාව !
Deleteබාඩාගේ අවසානයක ආරම්භය !
ඔය එක එක්කෙනා කියන ඒවා නොහිතා ලියපන්
ReplyDeleteබඩා කවුරු වුනත් දේශපාලනයට එන්න හොඳ සුදුසුකම් ගොඩක් තියෙනව එකක් ඇර. දුප්පත් කම තමයි පරහකට තියෙන්නේ.
ReplyDeleteබඩා කතා මාලාව ඉදිරියේදී..
ReplyDeleteඅපෝ මේ වගේ බඩාලනම් දැන් ඕන තරම් :D
ReplyDeleteබෙල් තුනම නම් ගහලා, තාම නෑ නේ නළුවෝ ආවේ සභාවට....
ReplyDeleteබඩා මේක දැක්කොත් ආයි ලෙඩේ
ReplyDeleteමේ මුල්ගල මෙතනම පැළ උනොත් බඩාගෙන් කොහෙම වෙතත් මෙතන ඉන්න උංගෙන් කන්න තමා වෙන්නෙ. :D
ReplyDeleteබඩා මේක කියවලා මාරයා අයියා හොයාගෙන එයි ද දන්නෙ නෑ ආයෙම..
ReplyDelete: D
බඩාගේ ජීවදත්ත පත්‍රිකාව විශිෂ්ටයි. නොනවතින බඩා රැල්ලක මාර ඇරඹුමට සුභපැතුම්.
ReplyDeleteFB ප්‍රෝ පින්තූරෙ තියන බැල්ම දාගෙන බඩා දිහා බලාන හිටියද ? අම්මප ගහන්න හිතෙන්නෙ නැද්ද ,
ReplyDeleteඑහෙනම් මාරයත් ගුටිකෑ එකෙකි.
ReplyDeleteඅන්න දුමියට පත්තු වෙලා . .
ReplyDeleteඋඹ කන්නයි යන්නේ කොල්ලෝ . .
නෑ නෑ ඒ බඩා ජොලි බඩෙක් බන් . . මම කිව්වේ ඇත්ත එකාගෙන් ආයේ කන්නද හදන්නේ කියලා
හික් හික්
කනේ පාරක්නෙ අයියා ඔන්න ඕක අමතක කරලා දාන්ඩ :)
ReplyDeleteකමින් සූන් "ද බඩා කථා"
ReplyDeleteබඩාගේ කථා මාරයාගේ හඩින්...හික් එළ..ඈ
ReplyDeleteබඩා කියද්දි මට මතක් වෙන්නෙ අපේ පොඩි අයියා. හරිම එපා කරපු එකා වෙච්චි, ඉතින් තද උන ගමන් බඩා කියලා දුවනවා පුලුවන් තරම් ඈතට, අල්ලගන්න බැරි වෙන විදිහට.
ReplyDeleteඑල එල..... ඔහොම යං ඔහොම යං... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බලමු බලමු... අපිත් බලමු...
ReplyDeletenext
ReplyDeleteපොඩ්ඩක් ඉන්නවා ඕයි, පටවනවා.
ReplyDelete(LOADING...PLEASE WAIT.)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මං බැලුවා බඩා මහත්තයා ගැනද කතාව කියලා.
ReplyDeleteපිළිගන්න............ මෙන්න බඩා!!!!
ReplyDeleteකියෙව්වෙමි..!!
ReplyDeleteඉතිං මාරයා බඩා ට රිටර්න් එක දුන්නෙ නැද්ද ?
ReplyDelete