බඩා පළවෙනි කොටස මෙතැනින් කියවන්න... අද එතැන් සිට...
---------------------------------------------
නිතරම නොවුනත් ඉඳ හිට කරන්නාක් මෙන් දහවල දානය වැළඳීමෙන් පසුව ආවාසය ඉදිරි පිට හාන්සි පුටුවට වී නින්දත් නොනින්දත් අතර කල් ගෙවීමට කැමැත්තෙමි. කරන්නට බර පතල වැඩක් නැති නම් කාමරයට වී පැයක් පමණ නිදා ගත හැකි වූවද.. සවස් කාලයේ ආරාධනා ලැබූ පාංශුකූලයක් වේ නම් එසේ නින්දට නොවැටී මඳ වේලාවක් හාන්සි පුටුවේ නිදි කිරීම ගතටත් සිතටත් සුව ගෙන දේ... නිරන්තරව යෙදෙන්නා වූ පිරිත් පිංකම් නිසා රාත්‍රියෙහි නින්දට අවසර ඇත්තේ එහෙමත් දවසකය... එසේ හෙයින් මෙසේ ලද අවසරයෙන් දහවල නින්දට වැටීම අරුමයක් නොවේ...
මඳ වේලාවක් නින්දෙහි ගැලී සිටියද මිදුලේ කුමක් හෝ සිදුවන බවක් හැඟුණෙන් සෙමින් දෑස් විවර කොට අවට බලනා කල්හී දකින්නට ලැබෙනුයේ දින කීපයක සිටම මේ වේලාවට දක්නට හැකි දසුනමය...
දහවල් ආහාරය ගෙන අවසන දාන සාලාව අස් පස් කොට උවමනා නම් නින්දට වැටීමට වූවද හැකියාව තිබුනත් බඩා එසේ සිටින්නේ නැත... ආවාසයෙහි ආලේප කිරීමට ගෙන ආ තීන්ත තිබී හිස් උන බාස්කටුවක් රැගෙන එය තමා අසල බිම තබාගෙන බඩා ආවාස මිදුලෙහි තණ කොළ ගලවයි...
සිය තරබාරු සිරුර ඉණ ගාවින් නවා සිටගෙනම තණ කොළ ගැලවීම් ඔහුගේ සිරිතයි.. කිසි විටකත් පහසුව තකා බිම වාඩි වී හෝ ඇණ තබාගෙන තණ කොළ ගැලවීමක් ඔහු නොකරයි. සිය ශරීරයේ ඇති තර බාරුව අඩු කරලීම පිණිස ඇවසි ව්‍යායාම් ලැබීම සඳහා මෙම ක්‍රමය යෝග්‍ය යැයි සිතා හිටගෙන සිටින ගමන්ම කඳ මැදින් දෙකට නැවී ආවාස මිදුලෙහි තැණින් තැන වැලි අස්සෙන් මතුව එන ලපටි තණපත් එකින් එක උගුල්ලා අසල ඇති බාස්කටයට දමමින් පැයක් පමණ කාලයක් මිදුල පුරා සැරි සරයි... ඔහුගේ ගැලවීම නිම නොවන්නාක් මෙන්ම ආවාස මිදුලෙහි තණ පැලෑටි නිමවන්නේද නැත... ඒවා දිනපතාම සිහින් දළු දමමින් මතුවේ...
වැඩ කිරීමේදී කිසිදු අලස කමක් බඩා තුල ගෑවීවත් නැත... ඇඟිල්ලෙන් ඇන අරක කරන්න මේක කරන්න යැයි කිව යුතු නොවේ... වරක් කරනු බලා සිටි පසුව හිමි හිමිහිට ඒ ඒ දේවල් උගෙන ඒවා නිසි ආකාරයෙන් කිරීමට බඩා සමත්ය... ආවාසය මෙන්ම පන්සල් මිදුලද පිලිවෙලට තබා ගැනීමට බඩා නිතර වෙහෙසෙයි... දානය පිළිබඳව වූ කාරණා ඉෂ්ඨ කිරීමෙහිද.. අනිකුත් වතාවත් ආදියට උවමනා දේ සකස් කිරීමෙහිද බඩා දක්ෂයෙකු වීමට වැඩි කලක් නොගියේය... මසක් වැනි කාලයක් තුලදී සියළු කරුණු කාරණා මැනවින් උගෙන කටයුතු කිරීම නිසා මා හට වූයේ මහත් පහසුවකි... මේ වන විට බඩා පන්සලට විත් මාස තුනක් පමණ ගෙවී ඇත... ඒ කාලය මුළුල්ලේදීම ඔහු මත් පැන් බිඳක් හෝ කටේ නොගෑ බව මා සහ සුද්දෙන් දනිමි... පන්සල් වත්ත පහළට වී කාටත් නොදැනෙන සේ බීඩියක් උරනවා මා දැක ඇතත් ඒ නිතරම නෙවේ... කලාතුරකින්ය... තුන් වේලට කසිප්පු බිවූ එකකු මෙසේ සිටීම අරුමයකි... ඒද දිනක් දෙකක් නොවේ වසර පහළවකට එහා කාලයක සිටය...
ගමේ උදවිය අද බඩාව දුටුවහොත් කුමක් සිතාවිද...? ගමේ උදවිය තබා පවුලේ උදවියවත් මෙවන් දෙයක් අදහන්නේ නැත... එයට ගම්මුන්ට දොස් කියා පලක් නොවේ... බඩා ගැන දන්නා කිසිවකුත් බඩා මෙසේ වේවියැයි සිහිනෙකින් වූවද සිතනු නැත... බඩාගේ අතීතය එතරම්ම අඳුරුය...
-------------------------------------------------
සාමාන්‍ය පෙළ දක්වා උගත් බඩා සිය පාසල් දිවිය නතර වූ දින වකවානු මට පැහැදිලිව කියා නැත.. කෙසේ වූවද මට මතක කාලයේ බඩා පාසල් යනවා මා දැක නැත... එහෙත් බඩාට වඩා වසරක් හෝ දෙකක් බාල සොයුරු සනත් අයියා පාසල් යනවා මට මතක ඇත... එයින් පහළ සොයුරන් නම් මා සමඟින්ද පාසල් ගොස් ඇත...
බඩාගේ පවුල තරමක් බරපතලය... බඩා පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සොයුරියකුත් සොයුරන් හතර දෙනෙකුත් විය.. ඒ අනුව බඩාත් ඇතුළු සහෝදර සහෝදරියන් හය දෙනෙකු සිටි පවුලට කන්න අදින්න දීම බඩාගේ මවටත් පියාටත් පහසු වූයේ නැත... එවකට ගමේ වූ කුඩාම ගෙය හිමිව තිබුණේ බඩාලටය... එය පල දෙකකට සකස් කරනු ලැබූ කුඩා කටු මැටි පැලකි... ගෙයි ඉදිරි දොරටුවෙන් ඇතුළු වීමට තිබුණේ කුඩා උන් වූ අප වූවද දෙකට නැමීගෙන මෙන්ය... බඩාගේ පියා නෑ කමට මා හට අයියා කෙනෙකු විය.. ඒ අනුව බඩාට මා බාප්පා කෙනෙකි... තරමක් බී ගත් විට බඩා නෑදෑ කම් සිහිකරන අවස්ථාද ඇත...
"මේ ඉන්නේ මගේ බාප්පෙක්නේ බොල"
යැයි කියමින් එවැනි විටකදී බඩා අප බදාගෙන ඉඹින්නට සැරසෙයි... එහෙත් බඩාගේ නියම වගතුග දන්නා අපි ඒ නෑදෑකං වැඩිදුර යෑමට පෙර එතැනින් මාරු වීමට වග බලා ගන්නේ ආදරේ වැඩි වී සුළු මොහොතකින් පැරණී ආරවුල්ද සිහිකිරීමට බඩා පටන් ගන්නා බව දන්නා හෙයිනි... මේ මා පමණක් නොව මුළු ගමම දැන හුන් බඩාය... බඩාගේ ආදරය එවැනිය...
දැව කරුමාන්තයට සමීප රැකියාවක නිරත වූ බඩාගේ පියා සිය දෛනික ආදායමෙන් තමාට හැකි පමණින් දරුවන් පෝෂණය කලේය... බඩාගේ මවද දවස තිස්සේම මහන්සි වී දරුවන්ට උවමනා අඩු වැඩිය සකස් කරමින්..එයට උවමනා දේ සොයමින් කල් ගත කලාය... බඩා හැරුණ කල අනිකුත් දරුවන්ද සිය පවුලේ නඩත්තුවට ඇවසි දේ සපයන්නට කුඩා කල පටන්ම පුරුදුව සිටියහ... පාර තොටේ යද්දි එද්දී දකින් හනස්ස පොල් අත්ත පොල් ගෙඩිය පමණක් නොව කුඩා දර කැබැල්ල පවා ගෙදර උස්සාගෙන යන්නට ඔවූහූ මැලි නොවූහ.. පාසල් ඇරී ගෙදර එන විට පවා හමුවන ඕනෑම දෙයක් අහුලාගෙන ඒමට දෙවරක් කල්පනා නොකරයි...
හවසට බෝල ගසන්නට එන බඩාගේ බාල සොයුරා ආපසු ඇඳිරි වැටෙද්දී ගෙදර යන්නේ ඕවිටෙන් ගලවාගත් වැල් ගොටුකොල මිටක්..එසේත් නැතිනම් පුරන් වූ ලියද්දිකින් නෙලා ගත් දිය හබරල මිටක්වත් රැගෙනය... ඔහුට ඒවා ගලවාගන්නට අපිදු උදව් කරන්නෙමු... ඒ එසේ යමක් ගෙදර ගෙන ගිය විට පසුවදාද ඔහුට ගෙදරින් පැන ගැනීමට එය පහසුවක් වන බව දැන හුන් නිසාය... අයිතිකාරයින් නැති වත්තකින් පුවක් ගෙඩියක්..කජු ගෙඩියක් පවා අත නෑර ඇසිලීමට බඩාගේ බාල සොයුරන් පුරුදු වී සිටියේ සිය පවුලේ ඇති දුෂ්කරතාවයන් මැනවින් හඳුනාගෙන තිබූ නිසාය... එදා අනන්ත දුක් වින්ද ඔවුන් අද වන විට හොඳින් සමාජයේ ජීවත්වන බව මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ද අවසාන කාලවලදී ධනවත් උගත් දූදරුවන් සිටි අයගේ දෙමාපියන්ට වඩා සැප ඇතිව දිවි ගෙවා අවසන් ගමන් ගිය වගද සඳහන් කල යුතුමය.. ඒ එම දරුවන්ට උපහාර පිණිසය...
අනිකුත් දරුවන් එසේ වූවද බඩා එසේ පවුලේ බර කරට ගත් ස්වභාවයක් මා දැක නැත.. මා දන්නා කියන කාලයේදී සිටම බඩා කලේ ජේත්තුවට හැඳ පැළඳ ගම වටා සැරිසැරීමය... ඔහු ඇසුරු කලේද ගමේ සිටි කසිප්පු කාරයින් බූරු කාරයින්වය... ගමේ මළ ගෙයක් බූරු පිටියක් වෙයි නම් බඩා එතැන සිටිනවා මෙන්ම කොහේ හෝ හොර අරක්කු පෙරිල්ලක් ඇත්නම් බඩා එතැනද සිටිනු ලබයි... අනිත් සහෝදරයින්ට වඩා බඩා පවුලට සැලකීම අඩු බව ඒ කාලයේදීම අප විසින් දකින ලදි...
බඩා එකල ප්‍රසිද්ධ වූයේ ආටෝපෙට අඳින්නට මෙන්ම ගැහැණුන් සමඟ සබඳතා ඇති කර ගැනීමට සමත් අයකු ලෙසින්ය...
බඩා ඇත්තෙන්ම තරුණ අවධියේදී මනා පෙනුමක් තිබූ අයෙකි... වඩා උස නැතත් රතු පැහැති සමත්.. පිරුණු දේහයත් සිහිපත් කලේ උත්තර භාරතීය නළුවකුගේ හැඩ රුවය... එයටම සරිලන සුකුරුත්තං වැඩ නිසා බඩා දෙස පිටතින් බලන කිසිවකුටත් බඩාගේ වරදක් දැකීමට නොහැක... සැපට හැඳී වැඩුන ධනවත් සෙල්ලක්කාර තරුණයකුගේ පෙනුම ඔහු වෙත විය...
බඩා පිළිබඳව සඳහන් කිරීමේදී මුලින්ම සඳහන් කල යුත්තේ ගමේ සිටි පවුලක මෙහෙකාරකමට හිටි.. පසුව වස බී දිවි නසා ගත් තරුණියක පිළිබඳවය...
ඇය සිටි ගේ පිහිටියේ බඩාගේ නිවසට ගෙවල් කිහිපයක් දුරිනි... තරමක් රූමත් ඇය කොහේ සිට පැමිණි අයකුද..කාගේ කවුදැයි මා දන්නේ නැත... එහෙත් අය සේවය කල නිවස හිමි අය මාගේ ඥාති සොයුරකු වේ... බඩා මුලින්ම ගැහැණියක ගැන මා හා කියා ඇත්තේ මැය පිළිබඳවය... අහිසංක කෙල්ල බඩාගේ ලස්සනට රැවටී බඩා හා පෙමින් බැඳේ... එහෙත් බඩා ඇයට අවංක වූයේ නැත... ගෙදරින් කන්නට නොලැබෙන රස කෑම බීම ඇය හරහා බඩාට ලැබෙන්නට වූ බවත්.. දිනපතාම ඇය සිටි නිවස පිටුපස දර මඩුවට බඩාට කෑම එකක් ගෙනවිත් දෙන බවත් බඩා මට කියා ඇත... ඒද නිකම්ම නොවේ... ගෙදර අයට බෙදනවාට වඩා සරු ආකාරයටය... මස් ඇති දාට මස් ලොකු මස් කුට්ටියක්ද.. බිත්තර ඇති දාට බිත්තර දෙක දෙක පිටින්ය... බඩාද ඇයගේ බත් පිඟානට වග කියා පසුව ඇයටද වග කියා ඇත... ඒ ඇයගේම උවමනාව පිට යැයිද කියා ඇතත් එය දන්නේ ඔහුත් මිය ගිය ඇයත් පමණි...
එහෙත් කාලයත් සමඟින් බඩාගේ අවධානය යොමු වූයේ ගමේ සිටි වෙනත් තරුණියක වෙතය... අවසානේදී පෙරකී මෙහෙකාර තරුණිය බඩාගේ මඟ හැරීම හමුවේ අසරණව වස බී මිය පරලව යන ලදි...
"මං මොනවා කරන්නද හාමුදුරුවනේ... ඒකිව බඳින්න මං පොරොන්දු උනායෑ... ඒකි බෙද බෙද ගෙනත් දුන්නා මාත් කෑවා... අනිත්වත් දුන්නා ඒවත් කෑවා... පස්සේ මෙන්න මේකි බඳින්න කතා කරනවා... එතකොට මං සුමුදුට කැමැත්තෙන් හිටියේ.. කොහොමටත් ඒකිව බඳින්න පුළුවනෑ.. මං හිමිහිට ඒකිව බලන්න යන එක නැවැත්තුවා.. පස්සේ තමා ඔය වහ බිව්වේ... ඒ හැදුවෙත් මාව බය කරන්න... ඒත් වැඩේ ගැස්සුනා..."
ඒ ඇගේ මරණය ගැන බඩාගේ ප්‍රකාශයයි... එහි පසුතැවිල්ලක් නොවූ බව පමණක් මා දනිමි...
1
ReplyDeleteමුලින්ම කොමෙන්ට් කරන්න තරඟයක් තියනවද?
Deleteහැමදාම 1 වෙන්න පොරකන ඔබේ වෑයම මමද නිතරම දකිමි... සැබෑවටම ඔය වැඩේ අර්ථය කුමක්ද ?
Deleteමේක ඒ හැටි ලොකුවට හිතන්න ඕන නැහැ... මගේ හිතවතුන් කිහිප දෙනෙක් අතර කෙරෙන සුහදාත්මක විහිළුවක් පමණයි...
Deleteසෙල්ලමකි පිංවතුනි, සෙල්ලමකි.
Deleteවැරදි වැටහීමක් ඇති නොකරගනු ඇතැයි සිතමි.... නොදන්න හින්දයි ඇහුවෙ...
Delete:)
Delete2
ReplyDeleteඒකත් හොඳා කණට ගහපු අතින්ම වඳින්න වීම.
ReplyDeleteඅනේ මන්දා... කනට ගැහුව පලිය ගන්නද කොහෙද හතර අතේ නෙලලා... වෙනද ලියන විදියට වඩා ටිකක් වෙනස් වගේ...
ReplyDeleteකොහොම වුනත් මේ වගේ මාර අත්දැකීම් කියවන්න නම් මම කැමතියි..
මාර හෑලි...
ReplyDeleteඌගේ බඩ පලන්ඩ එපැය
ReplyDeleteඅර කිව්වත් වගේ බඩ පලලා මදි කරලා තියෙන හරියට...
Deleteඅනේ මන්දා මෙහෙම මිනිස්සු :(
ReplyDeleteපසුතැවෙන්න තරම් දෙයක් බඩාගේ හිතේ නොතිබෙන්න ඇති...
ReplyDeleteබඩා යහමින් හැමදේම පුරවන යන එකෙක් නේ බැලුවාම.. ඒ වුනත් ඉතින් බඩා ගේ බඩ වගේම ඇති ඔළුවත්
ReplyDeleteඅවසරයි හාංදුරුවනේ... තමුන්නාන්සේ මහණවුනේ කවදැයි?
ReplyDeleteඔය වගේම කෙනෙක් මටත් මුණ ගැහිලා තියෙනවා... දැන් දරු සම්පත් බලන සැමියෙක්... ඔහුගේ පෙර සිටි පෙම්වතියක ආදර සබදතාව නවත්වනවා කිව්වාම කෝච්චියට පනිනවා කිව්වට මිනිහා සීරියස් අරන් නෑ... ඒත් ඒ කෙල්ල ඇත්තටම එහෙම කරලා මිය පරලොව ගිහිල්ලා... මිනිහා අදටත් ඒ ගැන සිහිපත් කරලා මධුවිතෙන් හිත තෙමා ගන්නවා...
ReplyDeleteදැං බඩා බිත්තර දෙක ගානෙ කනව දැකලද උඹත් එහෙම කන්න පුරුදු උනේ.
ReplyDelete+++++++++++ අනිත් එව්වත් බඩාගෙ එකවුන්ට් එකටම බැර කරාවි
Delete+++++++++++++++++++++++++++++++++++++++++++
Delete"ඔහුගේ ගැලවීම නිම නොවන්නාක් මෙන්ම ආවාස මිදුලෙහි තණ පැලෑටි නිමවන්නේද නැත... ඒවා දිනපතාම සිහින් දළු දමමින් මතුවේ..."
ReplyDeleteරාජා හෝ 'මා හෝ' ගංගා හෝ :-)
මෙවැනි චරිත ඔබ හොදින්ම දන්නා අභිධර්මයේ චරිත විග්‍රය තුලින් විශ්ලේෂණය කළ හැකියි. පුදුමේ කියන්නේ මේ මිනිස්සුන්ගේ මෝහය මිසක වෙන වරදක් නැහැ. සිතේ රජසයි තමසයි සමෝසමව ඇති මෙවැනි මිනිසුන්ට අනුකම්පා කරනවා හැර වෙනත් දෙයක් කළ නොහැකියි. ආයූර්වේදයට අනුව ගත්තත් මේ අය වැඩියෙම තමස් බහුලයන්. මොනවා කරන්නද? උපන්නාට වැනෙනවා විනා වෙන කාරියකට සිත යොමු කිරීමේ සමත් බවත්, නිපුනත්වයත්, මේ අයට නැහැ.
ReplyDelete"උපන්නාට වැනෙනවා විනා..."
Deleteමේ වගේ අය නොවැ බහුලවම ඉන්නේ .. වැනෙන විදිහ විතරක් පොඩ්ඩක් වෙනස්..
;)
මේ පළවෙනි කොටසට පස්සෙ දෙවෙනි කොටස දාහන් මුල ඉඳන්. නැතුව දෙවෙනි කොටසෙ මැදින් පටන් ගත්තහම හරි තුන් වෙනි කොටස දැම්මම හරි අපි නිකන් කරකෝලා අත ඇරිය වගෙ ස්ක්‍රීන් දිහා බලන් ඉඳලා අන් අය ඉදිරියේ අපහසු තාවට පත් වෙනව.
ReplyDeleteඅපි ඔය ලින්ක් දිගේ ගිහින් බොට හිට් එකක් වැඩිපුර දීලා බ්ලොග් බලන ජාතියෙ නෙමෙයි හරිය.
මතක තියන් කියවන්නෙ මතක තියන් හරිය.....:)
ඇයි යකඩො ... ඌව කන්නෙපායැ, කරපු අලුගුත්තේරු වැඩේට.
ReplyDeleteබඩා මුල් අවදියේ ගතකල ජීවිතයත් එක්ක බලද්දි ඒ මරණය බඩාට ලොකු වියවුලක් ගෙන නොදෙන්නක් වෙන්න ඇති. බඩා පන්සල් ජීවිතයට හුරු උන හැටිත් කිව්ව නම් තමයි හොඳ.
ReplyDeleteඒ උනාට බඩා පව් වගේ..
ReplyDeleteබඩා පව්? එතකොට උගේ අලුගුත්තේරුකම හින්ද මිය පරලොව ගිය අර කෙල්ල.?...
Deleteඑයා පවූවූවූවූ...
Delete//එයා පවූවූවූවූ...//
Deleteමරු කොමෙන්ටුව
බඩාත් යකාගේ පොරක්නේ බලාගෙන ගියාම...
ReplyDeleteබඩාගේ ඉතිරිය බලන්නේ නැතුව බෑ නෙව මොකුත් කියන්ට... සමහරු ඉන්නවා ඔය වගේ තමන්ගේ ජීවිතෙත් අනුන්ගේ ජීවිත වලත් කිසි බරක් පතලක් නැතුව හිසිරෙන අය...
ReplyDeleteමේකෙ පේනවට වඩා මොකුත් තියනව වගේ පේන්නෙ නැද්ද? මම හරිද බලමුකෝ ඊළඟ කොටසත් කියවල.
ReplyDelete