"හරි වැඩේනේ..සුමුදු අක්කා පැනලා ගිහිල්ලනේ..."
"ඇහ්... ඒ කා එක්කද..?"
උදේම තාත්තා විසින් කියූ ප්‍රවෘත්තියේ වැඩි විස්තර දැන ගැන්මට රිසි වූ මා විමසීය... කුඩා එකකු වූවත් මේ වන විට කෙල්ලෙක් පැන යන්නේ කොල්ලෙක් සමඟ බව මා විසින් දැන සිටියෙමි. පැන යන්නේ ඇයිද යන්නත් එයින් පසුව කුමක් කරන්නේද යන්නත් එතරම් දැන නොසිටියත් මේ පැන යාම යනු සම්මතයට විරුද්ධ දෙයක් යන්න පමණක් දැන හුනිමි... එහෙයින් සුමුදු අක්කා පැන යාම මා හට අරුම පුවතක් විය... ඒ කෙල්ලෙක් පැන යාම නිසාම නොව... පැන ගිය කෙල්ල සුමුදු අක්කා වීම නිසාය...
සුමුදු අක්කා යනු කෙල්ලන් පස්දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමහළු දියණියයි... ඇය සැබවින්ම රූමත්ය...(අදටත් එසේමය...) එසේම ඉගෙනීමට සමත්ය... පවුලේ බාල දියණිවරුනට වඩා ඇය තරමක් වෙනස් චරිතයකි.. ඇයට වඩා බාල දැරියන් සියල්ලක්ම පාහේ මා හා මල්ලි සමඟ සෙල්ලම් කරන්නට එයි... අපි එකතුව සෙල්ලම් ගෙවල් දමන්නෙමු.. වැලි බත් උයන්නෙමු... හොරා පොලිස් මෙන්ම හැංගි මුත්තංද කරන්නෙමු.. වැසි දවසට ගේ තුලට වී ගැහැණු පිරිමි මල් පලතුරු වැනි ක්‍රිඩාවක් හෝ කාඩ් කුට්ටමක් ගෙන ජෝඩු බැලීම වැනි සරල ක්රිඩාවකද නිරත වන්නෙමු..එහෙත් ඒ කිසිවකට සම්බන්ධ වූයේ සුමුදු අක්කා නම් නොවේ...
කාමර හතරකින් යුතු විසල් නිවසේ තනි කාමරයක් හිමිව තිබුනේ ඇයට පමණී... එම නිවසේ ඕනෑම කාමරයකට කිසිදු වග විභාගයකින් තොරව යෑමට අප හට හැකියාව තිබුණද සුමුදු අක්කාගේ කාමරය දේවාලයක් මෙනි.. එහි දේවතාවී මෙන්ම කපුවාද ඇයම වේ.. ඇගේ අවසර නැතිව එහි ඇතුළු වීම අප වැනි නර පණුවන් හට තහනම් කාරියකි... එය මා හට පමණක් නොව ඇගේම සහෝදරියන්ට වූවද එසේමය... මෙවැනි ගති සිරිත් ඇතත් ඇය නපුරියක ලෙසින් හඳුන්වන්නට මා කැමති නැත..
ඇත්තෙන්ම අය ඉතාමත් යහපත් දැරිවියකි... සිය පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමටත් තමාගේ සීමාවන් අන් අයට වසා තිබීමත් හැර ඇය සෑම අතින්ම අප හට කරුණාව දැක්වූ අයෙකි... නොදන්නා කරුණක් අසා ගැන්මට වැනි දේකට හෝ ඇය සතු පත්තරයක් කියවීමට හෝ උවමනා වූ කල ඇය ඇගේ කාමරයට එන්නට අවසර දෙයි.. කියා දිය යුතු දේ මැනවින් පැහැදිලි කොට කියා දෙයි... ගුරුවරියකට සෑම අතින්ම ගැලපෙන ලක්ෂණ ඇගේ දක්නට ලැබුණි... කෙල්ලන් පිරිණු ගෙයක් වූවද අනිකුත් කාමර යකා නැටූ සොහොන් පිටි මෙන් වද්දී ඇයගේ කාමරය ඉතාමත් පිරිසිදුවටත්.. පිළිවෙලටත් තිබූ ආකාරය අදටත් මා හට මතකයේ ඇත... ඇත්තෙන්ම සුමුදු අක්කා යනු කෙල්ලන් අතර සොයා ගැන්මට අසීරු අන්දමේ ගති සිරිත් තිබූ යහපත් දියණියක වූවාය...
එහෙත්... පවුලේ සියළු දෙනාගේම ගෞරවයට පාත්‍ර වූ ඇය නිවසින් පැන ගොස් තිබුණි.. එසේ පැන ගියේ කා සමඟින්ද..?
මා විමසූවත් තාත්තා එයට පිළිතුරු දීගන්නට නොහැකිව මෙන් මා දෙස බලා සිටියේය... තාත්තා සිටියේ දැඩි වේදනාවකින් බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි... සුමුදු අක්කා යනු තාත්තාටද තමාගේම දියණියක වැනිය... අප කුඩා කල අම්මා රට යෑමෙන් පසුව වැඩි වශයෙන් ගැවසුන තැන් කිහිපයක් විය.. එයින් එක් තැනක් වූයේ දෙවැනි මහප්පලාගේ නිවසය... ඒ මහප්පාගේ දෙවැනි දියණිය වූ අපගේ අක්කණ්ඩිය අප කෙරෙහි වූ සොයා බැලීම නිසාය... ඒ පිළිබඳව වෙනම ලිපියක් ලිවිය යුතුය... ඇයත් ඒ තරමටම මගේ ජීවිතයේ වැදගත් චරිතයකි...
අනිත් තැන වූයේ සුමුදු අක්කාගේ නිවසයි.. එහි වූ අක්කලා සියළු දෙනාගේම ආදරය මටත් මල්ලීටත් හිමිව තිබුණි... මහප්පාගේ දියණීය වූ අක්කා මෙන්ම සුමුදු අක්කාගේ දෙවැනි නැගණිය වූ අරුණි අක්කාද අප දෙදෙනාව අල්ලාගෙන තඩි බැලීමත්..නෑවීම හා කැවීම පෙවීම වැනි කටයුතුත් උනන්දුවෙන් යුතුව කරන ලදි... අම්මා නැතිව හැදුනු ලමා වියේදී ඔවුන්ගේ සොයා බැලීම් අප හට මහත් වූ අනුග්‍රහයක් විය...
සුමුදු අක්කාගේ පියා වූ කරුණේ අයියා ජීවිතයෙන් වැඩි කලක් සිටියේ විදෙස්ගතවය... ගමට මුලින්ම ටෙලිවිෂන් එකක් ගෙන ආවේ කරුණේ අයියා වූ අතර ඒ කාලයේ රාත්‍රී කාලයට එම නිවස කුඩා සිනමාහලක් වැනි විය... විශාල ගෙයක් වූ කරුනේ අයියලාගේ ගෙදර සාලය පුරා ගම් වැසියන් වාඩි වී ටෙලිවිෂනය නරඹන ලදි... වේලාසනින් පැමිණ තැනක් අල්ලා ගන්නට බැරි වූ උදවිය නිවසේ පිටත සිට ජනෙල් කූරුවල එල්ලී ටෙලිවිෂනය නැරඹූවේද කිසිදු අකමැත්තකින් නොවේ... කුඩා උන් වූ මටත් මල්ලිටත් සෑම විටම ඉදිරි පෙලේ අසුන් හිමි විය.. අසුනක් නැතිනම් අරුණි අක්කාගේ ඔඩොක්කුව හෝ හිමි විණි... ගමම පැමිණ ටෙලිවිෂනය නැරඹුවද සුමුදු අක්කා නම් එම වේලාවට කාමරයෙන් පිටතට එන්නේ නැත...
පාසල ඇරී ගෙදර ආ පසු කෑම කා සුමුදු අක්කලාගේ නිවසට දිවීමට අප එකල පුරුදුව සිටියේය... ආපසු අපව එක්කාගෙන යාමට තාත්තා ඇතැම් විට පැමිණෙන්නේ රෑ හත අට වූවාට පසුය... එසේ නැතිව වේල පහම ආපසු එන්නට පිටත් වූවහොත් සුමුදු අක්කලාගේ බල්ලා වූ "ඩොඟියා" අප පසුපස විත් අප ගෙදරට පැමිණි පසුව පිටත්ව යයි... සුමුදු අක්කලාත් අපත් අතර වූ බැඳීම මෙසේ ලිපියකින් දෙකකින් විස්තර කල හැකි අන්දමේ එකක් නොවන අතර එය දිගින් දිගටම කියන්නට යෑම කියවන ඔබ හට කරදරයක් විය හැක. එහෙත් සමාවන්න... ඇතැම් තැන්වලදී එම සොඳුරු අතීත මතකය විසින් පාලනයකින් තොරව මා හට ලියන්නට වචන උපද්දවයි.. ඒ කුඩා කල අප හට ඔවුන්ගෙන් ලැබුන ආදරය දයාව සෙනෙහස පිළිබඳව වූ මතකය අවදි කිරීම පවා මා හට සතුටක් උපදවන කාරියක් බැවිනි...
නෑදෑ කමට අපේ තාත්තා සුමුදු අක්කාගේ මවගේ බාප්පා විය... ඒ අනුව ඇයව අප අමතන ලද්දේ පේමක්කා යන නමිනි... අම්මාට අක්කා කියන ගමන්ම දියණිවරුන්ටද අක්කා කීමට අප පුරුදුව සිටි අතර ඔවුන් අතැම් විට අප හට "බාප්පා" හෝ "මාමා" යනුවෙන් ආමණ්ත්‍රණය කලේ කොලොප්පමටය... එවිට "ආ දුවේ" යැයි කියා අපද විහිළු කල බව මතකයේ ඇත...
කරුනේ අයියා වැඩි කලක් සිටියේ විදෙස්ගතව බව මා විසින් පෙරදී සඳහන් කරන ලදි... පිරිමියකු නොමැති නිවසට වට පිට ඇස් නිරන්තරයෙන්ම යොමුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ... ගැහැණු රොත්තක්ම සිටින තැනක් හෙයින් එම අවධානය වෙනත් තැනකට නොමති තරම් විය... එසේ තැන්වලට උදව් උපකාර කිරීමට සැදී පැහැදී සිටින්නවුන්ගෙන් අඩුවක්ද නැත. එහෙත් කරුනේ අයියාගේ ඉල්ලීම මත පවුලේ වැඩිහිටියකු වූ අපේ තාත්තාගේ නිරන්තර සොයා බැලීම් නිසා පිටතින් එල්ලවන උවදුරු බොහෝ සෙයින් වැලකී තිබුණි. තාත්තාට පේමක්කා හා දියණියන් අප මෙන්ම දරුවන් වූ අතර පේමක්කාටද මාත් මල්ලීත් යනු සිය දියණියන් මෙන්ම වෙනසක් නොකොට සැලකූ පුතුන් දෙදෙනෙකු විය... වෙනසකට තිබුනේ අප හට පුතේ නොකියා මල්ලියේ කියා ඇමතීමයි... ඒ ඇමතීම අදටත් එසේමය...
දක්ෂ කාන්තාවක වූ පේමක්කා එවකට ගමේ සිටි දක්ෂතම කේක් සාදන්නිය.. කොන්ඩා සැකසුම් ශිල්පිනිය... කාන්තා ඇදුම් නිර්මාණකාරිය.. සූප වේදිනිය වූවාය... මෙකී නොකී හැකියාවන් රැසකින් මෙන්ම පෙරදිග නැටුම් කලාවෙහිද පරතෙරට ගිය කලාකාරිනියක වූවාය... ඇයගේ නැටුම් ගුරුවරුන් අතර මා හට මතක අන්දමට චිත්රසේනයන් හා පණීභාරතයන් පවා සිටියේය... එසේ වූ පරිපූර්ණ කාන්තාවක වූ ඇයගේ සියළුම දක්ෂතා සිය දරුවන්ටත් ටික ටික හෝ පිහිටා තිබූ අතර සුමුදු අක්කා හැර අන් සියළු දෙනාම කුඩා කල සිටම ගෙදර දොර වැඩවල නිරන්තර පුහුණුව ලද අය වෙති.. එහෙත් සුමුදු අක්කා කුස්සියේ ගැවසීම හෝ වත්ත පිටිය සුද්ද කිරීම හෝ දැකිය නොහැකි දසුන්ය... ඇය පවුලේම වැඩි සැලකුම් ලැබූ.. සැප විඳි ළමයා ලෙසින් හඳුන්වා දීමේ වරදක් නැත... ඇයට තිබුණේ ඉගෙනීමට වෙහෙසීම පමණි... ඇය එම කාර්ය හොඳින් කරගෙන ගිය බව දනිමි....
ටික කාලයක පටන් තාත්තා සුමුදු අක්කලාගේ නිවසට යන එන වතාව අඩු කල අතර අපවද එහෙ යාම ක්‍රමයෙන් වලක්වන ලදි... ඒ ඇයිද කියා විමසූ විට පැහැදිලි උත්තරයක් නොදුන්නත් පසුව දැන ගන්නට ලැබුනේ අප නොගියාට එහි අඩුපාඩු සොයා බලන්නට කෙනෙකු සිටිනා වගය...
බඩාගේ නිවස තිබුනේ සුමුදු අක්කාගේ නිවස ඉදිරිපිට පාරේ අනිත් පසය... ගෙවල් දෙක එක එල්ලේම නොපිහිටි අතර සුමුදු අක්කලාගේ නිවසින් මීටර් තිහක් පමණ පැත්තකට වන්නට බඩාගේ නිවස පිහිටියේය... බඩාලා හා සුමුදු අක්කලා අතර එතරම් ඇයි හොඳයියක් එවකට නොතිබූ අතර බඩාලා පිළීබඳව කැමැත්තක්ද එම පවුලේ නොතිබුණි.. එහෙත් කුමන හෝ කරුණක් නිසා එම තත්වය වෙනස් වී තිබුණි... බඩා ප්‍රථමයෙන් සුමුදු අක්කලාගේ මව වූ පේමක්කාට හිතවත් විය... එයින් පසුව දරුවන්ටද හිතවත් විය... බඩාගේ නිවසේ උදවියද ක්‍රමක්‍රමයෙන් සුමුදු අක්කලාගේ ගෙදර යන්නට එන්නට පටන් ගති... ගම්මු එක එක කතා කියන්නට ගත් මුත් අපේ තාත්තා ඒවාට අකැමති විය...
"කවුරු මොනවා කිව්වත් උන් එහෙම නැහැ.." යැයි අපේ සිල්ලර කඩේට බඩුවක් මුට්ටුවක් ගෙන එන්නට විත් කුමන හෝ කරුණක් කියා සිනාසෙන අයකුට තාත්තා කියන්නේ නොමනාපයක් මුහුණේ තවරාගෙනය...
"ඔවු ඉතිං අයියට උන්ගේ වැරදි කියනවා අහං ඉන්න අමාරුයිනේ..." කියමින් ඔවුන් එවිට ඉවත්ව යති... එසේ පේමක්කලාව සුද්ධ කලත් ඔහු අපහට එහෙ යන්නට නොදුන්නේය...
"කවදා හරි කරුනේ ආව දවසක අපිටත් බැනුං අහන්න වෙනවා ඕවාට උල්පංදං දුන්නය කියලා.. තොපි දෙන්නා මෙන්න මෙහෙට වෙලා හිටු..." මොනවට උල්පංදං දෙනවාද යන්න නොකියා එසේ කියන තාත්තා අපව මහප්පලාගේ ගෙදරට යවයි...
මෙසේ ටික කලක් ගත වූ පසු දිනක උදෑසනම කඩේ විවෘත කර සුළු මොහොතකින් පැමිනි කිසිවකු තාත්තා හට කුමක් හෝ කියන ලදි.. වහාම කඩේ වසා තාත්තා පිටත්ව ගොස් සුළු මොහොතකින් නැවත පැමිණියේය... නැවත කඩය අරින ලද නමුත් ඔහුගේ මුහුණ අඳුරු වී තිබිණි...
එයින් පසුව කඩයට ආ එකියක මොන මොනවාදෝ කියා අවසන
"මුලින් අම්මට හේත්තුව දාලා පස්සේ දුව ගත්තා.. ඕකට තමා අයියලවත් අහක් කරලා ඩෙගා නැටුවේ... දැන් ඔය කොරලා තියෙන්නේ..." යැයි කියමින් පිටත්ව යන ලදි...
මා තාත්තා අසලට කිට්ටු විය...
"මොකක්ද තාත්තේ ඒ මනුස්සයා කිව්වේ..?"
---------------------------------------------------------
1
ReplyDeleteසුන්දරයයි සම්මත ගමේ රළු මුහුණුවර
Deleteහෑ....ඉස්සරවෙලාම මම ඇවිත් කියවද්දී තිබුනේ මේ වචන ටික නෙමේනෙ :0
Deleteහැබෑටම කොහොමද එහෙම වුනේ.?????
Deleteමමත් අහන්නෙ ඒකමයි. මොකද වුණේ?
Deleteමැජික් ලු හොඳේ :D
Delete2
ReplyDeleteමාරයියගේ හෝරාවෙ දෙකටවත් එනවා කියන්නෙ ලොකු දෙයක්නෙ. හා නැද්ද මං අහන්නෙ.
Deleteබත් කකා ඉන්න ගමන් ලොග් වෙලා හරිම අමාරුවෙන් මේ තැනවත් රැක ගත්තෙ.
බඩා ගැන කියනවනම්.... ලෝකෙ කාල වතුර බීපු එකෙක් වගෙයි. අනිවා සුමුදු අක්කා (දූටත්) පොල්ල තමයි.
.
ReplyDeleteහපොයි... සුමුදු මුදු අක්කා...
Deleteමදෑ :-(
ReplyDelete// කුඩා එකකු වූවත් මේ වන විට කෙල්ලෙක් පැන යන්නේ කොල්ලෙක් සමඟ බව මා විසින් දැන සිටියෙමි//
ReplyDeleteනොදැන හිටියානම් තමා පුදුමේ. :P
එතකොට මේ වැඩෙත් කොරලා තියෙන්නෙ බඩා ???
බඩාව තියලා වටින්නෙ නෑනෙ
4
ReplyDelete4 ත් නැති වෙලා. සිහ්. යමි කියවන්න :/
Deleteබඩාට "බඩා" නම වැටුනෙ බඩාගෙ බඩට සම්බන්ධව නෙවේ නේද? :)
Deleteඅක්කලාගේ උකුලේ ඉන්න පුරුද්දක් තිබිල වගේ .. කලින් කතාවකත් කිව්වේ .. :)
ReplyDeleteආ ''කොළඹ ක්‍රමය'' ගැන කතාවක්
ReplyDeleteමාරයා ලියන ශෛලිය වෙනස් කරලා නේද?දැං ලිපි දෙක තුනක්ම මේ වගේ.
ReplyDeleteමාරයියාගේ නෑදෑකම් ටික කියෙව්වම ඔලුව කැරකෙන්න ගත්තනේ..... :(. ඒ නිසා වැඩිය ඒවා ගැන හිතන්නැතුව ලිපිය කියෙව්වා.
ReplyDeleteමේක කරලා තියෙන්නෙත් බඩා ද..??
ReplyDelete12
ReplyDeleteඅපරාදේ කෙල්ල, එහෙමත් කියන්න බෑ.., කාරණා කාරණා දැනනොගෙන කිසිදෙයක් කියන්න අහකයි.., අබුද්දස්ස කාලේ නෙව..!
ReplyDeleteකතාවේ ක්ලයිමැක්ස්[?] එකට මඟින් මඟට ඉඟි දීලා තියෙන එක මරේ මරු වැඩේ..!
බාඩා මාර පොරක්නේ බං !
ReplyDeleteඅපේ උන් ඉස්සර හංගගෙන කියවපු සමහර පත්තර වල ගොඩක් කතා මේ ආකෘතියෙන් යන්නේ.
උබ ලියපු එක එහෙමයි කිව්ව නෙවේ සහෝ..!
මම ඒත් කම්පනා කළේ .... ඔය තරම් ඒ ගැන අත්දැකීම් තිබිලත් මාරයිය එහෙම නොකළෙ ඇයි කියල.
ReplyDeleteහරි සරල නමුත් එල ස්ටෝරියක්...
ReplyDeleteඑහෙව් පිංවන්ත පොරවලුත් ලෝකෙ ඉන්නව එහෙනං ඈ... මේක මනඃකල්පිත කතාවක් නේද? එහෙම හිතලවත් හිත හදාගන්න....
ReplyDeleteබලාගෙන යනකොට බඩා එසේ මෙසේ එක්කෙනෙක් නෙමේ . අර අම්මයි දූයි දෙන්නත් නරකම නෑ .
ReplyDeleteබඩා යාකගේ පොරක් කියලා මම ඉස්සෙල්ලා පොස්ට් එකේ කිව්ව් කථාව හරියටම හරි වගේ...
ReplyDelete26678
ReplyDelete'ඇතැම් තැන්වලදී එම සොඳුරු අතීත මතකය විසින් පාලනයකින් තොරව මා හට ලියන්නට වචන උපද්දවයි..'
ලියහං බං අපි ඉන්නවනෙ කියවන්න.
මටනං පේන්නේ මාරයට රාවණා වර්ගයේ ප්‍රොසෙසරයක් සවි කර ඇති බවකි. ඉස්තරම් අටුවාටීකා සැපයීමකි. සුපිරි උපමා උපමේය වර්ණනාය. මෙකි නොකි දේ පිරිලාය. හත්ඉල්ව්වේ පොතක් ලියපියෝ අපිත් සපෝරට් එකක් දෙනවෝ.
ReplyDeleteබඩා සෙල්ලම් බඩුවක් නෙවේය වගේ.
ReplyDeleteබඩා තමයි බඩා..
ReplyDeleteමාරයගෙ වටපිටාව කථා ලෝකයක් නොවැ...
ReplyDeleteඇත්තමයි මේකා "මාර" බඩෙක් නෙ
ReplyDeleteමා විසින් දැන සිටියෙමි.,, ව්‍යාකරණ ගැනත් හිතුවනම්,,,,
ReplyDeleteහ්ම්ම්.... :/
ReplyDeleteඅන්තිමට බැලුවහම මේ කථා සිරීස් එක පන්සල් කථා සිරීස් එකේ කොටසක් නේද
ReplyDeleteඑකත් හරියට ඇඩ් අස්සේ මෙගා නාටියක් බලනවා වගේ... :D