හරි දැන් ෆුටා ඉවරයි. හරි හරි දැන් කෑ ගහන්න එපා ෆුටා ඉවර නැහැ ඒක ලොකු ජයග්‍රහණයක්ය.. ඒක හරහා ලොකු මතවාදයක් ඇති උනාය.. මේක දිගින් දිගටම යන සටනක්ය කියලා... ඒ කතා කොහොම කිව්වත් මේක ලංකාව... මේකේ ඉන්නේ අමුතු මිනිස්සු..හරිනේ... මේ උදවියට ඔයිට වඩා ලොකු දේවල් උනත් අමතක කරන්න ඒ හැටි කල් නොගිය එකේ මේ ෆුටා වගේ එකක් අවුරුදු ගණන් මතක තියාගෙන සටන් කරන පුරුද්දක් ඇත්තේ නැහැ. එහෙම වෙනවනං ඒ වෙන රටක...
"ඒ රටවල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ..." එහෙම කියන්නේ මං නෙවෙයි ජිප්සීස් නායක සුනිල් පෙරේරා උන්නැහේ... තිස් අවුරුද්දක යුද්ධයක් තිබුනා කියලවත්... ඒ කාලේ කොළඹ බුරුතු පිටින් මිනිස්සු බල්ලෝ බලල්ලු ගානට මරලා දාන බෝම්බ කියලා පුපුරන ජාතියක් තිබුනාය කියලවත් මතක නැති එකේ මේ ෆුටා එකක් ගැන මතක තියා ගන්න අපේ අයට උවමනාවක් ඇති කියලා කවුද කියන්නේ... (ඕනනං ෆුටා සැමරුම කියලා ලබන අවුරුද්දේ පොඩි පාටියක්නං දාතෑකි...) කවුරු හරි එහෙම කියනවනං ඒ කෙනාට මං කියනවා මේහෙම...
"අනේ යන්න ලොක්කා යන්න... අපි නොදන්න මොණරතැන්න..." (ඔය ටික මං කිව්වට තමුන්නාන්සේලා අහන්න ඕන අර පොඩි ළමයා හෙවත් දීපාල් සිල්වගේ වොයිස් එකෙන් හරිය.. එතකොට තමා හිතට වදින්නේ...)
ෆුටා එකට හුටා වීම ගැන මං කතා නොකලට ඔය හැම තැනම දැන් ඒකේ විලාප ඇහෙනවනේ... ඉතිං මං අමුතුවෙන් මොනවත් ඒ ගැන කියන්න ඕන නැහැ... බත් කන හරක්ගේ අදහස් මේ රටේ උගත් උදවියට වැඩක් නැහැනේ... උන් ඉන්නේ බත් කාලා මැරීගෙන වැඩ කරන්න.. එහෙම වැඩ කරලා වෙර වීරියෙන් හොයා ගන්න හැම සතෙන්ම ආණ්ඩුවට බදු ගෙවන්න... එතකොට ආණ්ඩුවේ ඉන්න උන්ටයි.. රටේ ආර්ථිකේ හසුරවනවා යැයි කියන මහා පරිමාණයේ වියාපාරිකයින්ටයි... ආණ්ඩුවේ නිලධාරී පැලැන්තියටයි... එතැනට යන්න දත කන උන්ටයි පැලියාවට කන්න දෙන්න... එහෙම නැතිව බත් කන හරක්ට ඔය වෙන වෙන කතා වැඩක් නැහැ. ඒ ඒ කතා බලා ගන්න උගත් බුද්ධිමත් සුළු කොටසක් මේ රටේ ඉන්නවා නෙව... උන් ඒක බලා ගනී... ඕකනේ කතාව... ඉතිං මොටද මගෙ අදහස් ෆුටා ගැන... මාත් මේ රටේ ඉන්න බහුතරයක් බත් කන හරක් කරනවා වගේ බත් කාලා ඔහේ මාගේ රස්සාව කරගෙන ඉන්නං... රට හදන එක උගත් බුද්ධිමත් ඈයින්ට බාරයි...
ඒත් කරුමෙට වගේ මගෙත් කට කහනකොට ඔය මොනවා හරි ගොං කතාවක් කියවෙනවමයි නෙව.. මොකද හරක්ට කාලා නිකං ඉන්නම බැහැනේ පොඩ්ඩක් හිමින් හරි උම්බෑ නොකිව්වොත් නිකං මොකක්ද වගේ... ඉතිං මාත් ඔය හිටි හැටියේ ටිකක් හිරි ඇරලා මොනවා හරි කියලා දානවා... මොකද අතක් පයක් යනවා කියලයෑ.. නිකං තියෙන වචනනේ... දැන් ඔය අන්තර්ජාලය හරහා රටේ නායකයින් හදන.. ආගමික ප්රබෝධය හදන උන්දලා උනත් ඒ ටික කරන්නේ අත පය හොලවලා පාරට බැහැලෑ... නැහැනේ... කොහේ හරි කොම්පීටර් කට්ටක් ඉස්සරහා වාඩි වෙලා අකුරු වලින් කොටලා නෙව... ඒකනේ අන්තර්ජාලයෙන් හදන නායකයෝ පොලෝ මට්ටමට එද්දී ලොවෙත් නැති වෙන්නේ... හා නැද්ද හොඳයි... (හා හා හිනා වෙලා වට පිට බලන්න උවමනාවක් නැහැ..අපි කවුරුත් එහෙම තමා..ඕකට ලැජ්ජා වෙන්න ඕනයෑ ආයිබෝං... අපි එහෙම තමා...)
ඉතිං ඒ හින්දා මගෙත් නිකං තියෙන වචන වලින් මොනවා හරි දමලා අරින්න එපෑ...
ෆුටා හුටා වීම ගැන මාරයාට ජොලිද කියලා එකෙක් මයෙන් අහපි... නැහැ ඇත්තටම දුකයි... හැබැයි ඒ ෆුටා එකේ හිටිය උන්දලා ගැන නෙවෙයි... රටේ කෙරෙන්න ඕන දේ තිබියදී මේ එක කොනක් අල්ලගෙන ඒකෙන් ප්‍රශ්න විසඳන්න හදන උන්දලා රටේ ඉන්න උන් බත්කන හරක්ය කියලා හිතං ඕක කරේ තියං ගිය එක ගැන... රටක අධ්‍යාපනයට වැඩි මුදලක් වියදම් කිරීම මට ගැටළුවක් නෙවෙයි... මටනං ළමයි නැහැ තමා.. මගේ නිදහස් අධ්‍යාපන කාලෙත් ඉවරයි තමා.. ඒත් මට නැති උනාට අඩුම ගානේ මගේ සහෝදරයට ඉන්න කොලු පැටවු දෙන්නා හරි ඉගෙන ගන්න ඕන ඔය කියන නිදහස් අධ්‍යාපනයෙන්ම තමා... අපි කවුරුත් බයිලා ගැහුවට අපි හැමෝම බලන්නේ ප්‍රශ්නයක තමාගේ පැත්තම තමා... ඉතිං මටත් නිදහස් අධ්‍යාපනය නැති වීමත්.. ඒක දුර්වල වීමත් ප්‍රශ්නයක් තමා.. හැබැයි එහෙමයි කියලා සීයට හයක එල්ලිලා ඔහේ යන්නං වාලේ යෑමෙන් රටේ නිදහස් අධ්‍යාපනයට සේවයක් වෙනවයි කියලා කරුමෙට වගේ මට හිතෙන්නේ නැහැ...
පෙන්නන්න හැදුව අය කොහොම පෙන්නුවත් උඩ තියෙන අයිසිං ටික යටින් පේන්න තිබුන කේක් එක හුග දෙනෙකුට පෙනුනා... මොකද ඒක උස්සං ගිය උන්දලා ටික ගැන රටේ සාමාන්‍ය ජනයාට යම් තරමක අවබෝධයක් තිබුන හින්දා...
මෙතුවක් කාලයකට රටේ තියෙන ප්‍රශ්න තමුන්ට ප්‍රශ්නයක් නොවුන ඒ ඒ අයගේ ලෝකවලම හිර වෙලා ඉන්න එක්තරා පෙලැන්තියක් වගේ උන ආචාර්යවරු පිරිසක් ඒ ඒ අයගේ පඩිය වැඩි කරගැනීමේ පෞද්ගලික සටනක් පොඩි සීනි තැවරුමකින් ලස්සන කරලා රටේම ප්‍රශ්නයක් හැටියට පෙන්නන්න හැදුව එක විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට පෙනුනේ...
හා සොරි වේවා... මට අයිතියක් නැහැ රටේ සාමාන්‍ය මිනිස්සු කියලා කියන කොට්ඨාශය මේක දකින එක මෙහෙමයි කියලා කියන්න.. මං දන්නේ මගේ අවට සමාජයේ ඉන්න උදවිය එදි නෙදා කතා කරන දේවල් විතරයිනේ... මගේ අවට සමාජයේ ඉන්නේ වැඩ පොලේ සේවකයෝ... පොලේ වෙළදාං කරන උදවිය කිහිප දෙනෙක්.. (හැමෝම නෙවෙයි මං නිතර බඩු ගන්න සහ පොලේ ගියාම ටිකක් කයියක් ගහන ගමන් බඩු ගන්න අය කිහිප දෙනෙක්) එතකොට කොළ කැඳ විකුණන උදවිය.. වඩේ කරත්ත කාරයෝ... ගරාජ් දෙක තුනක උදවිය.. ටයර් කඩවල සේවකයෝ... හෝටල් දෙක තුනක වේටර්ලා... එළවළු ලෑල්ලක් දාං බිස්නස් කරන එකෙක් දෙන්නෙක්... ෆෝන් කඩයක් කරන එකෙක්... ගාමන්ට් කෙල්ලන්ට බෝඩිං කාමර දෙන උන්දලා දෙතුන් දෙනෙක්... මෑන් පවර් (ආයතන වලට දවස් පදනමට කුලියට සේවකයින් සපයන්නන්) කාරයෝ ටිකක්... අහල පහල ඉන්න මං වගේම සිකුරුටි කාරයෝ කාරියෝ ටිකක්... ලියවන පට්ටල් කාරයෝ ටිකක්... පොඩි පහේ සිල්ලර කඩ කරන මුදලාලිලා ටිකක්... ඔන්න ඔය වගේ ඈයෝ ටිකක් විතරයි...(අතරින් පතර තව තව උන් ටිකක් ඉන්නවා) ඒ හින්දා මට කියන්න පුළුවන් ඒ අයගෙන් මතු වෙන අදහස් විතරයි.. ඒ ඇරුනු කොට පොදු සාමාන්‍ය ජනතාව කියන බරපතල කොටස මට නියෝජනය කරන්න විදියක් හෝ අයිතියක් නැහැනේ.. ඒ නිසා සමා වෙන්න ඕන... මං ඔය සාමාන්‍ය ජනයා කියලා කොතැනකදී හරි කිව්වොත් ඒ කියන්නේ ඔය මං කිව්ව උන්දලා ගැන කියලා මතක තියා ගන්ට... නැත්තං මං පවුනේ...
ඉතිං මං දකින හැටියටනං ඔය කියන ෆුටා එක අන්තර් ජාලයට හා රටේ සීමිත කොටසකට මහා ප්‍රශ්නයක් උනාට අනිත් වැඩි දෙනෙකුටනං ඕක පරණ පුස්නාම්බුවකට රසයි වගේ පෙනෙන අයිසින් සීනි තැවරුමක් වගේ තමා පෙනුනේ... උන්දලා වැඩි දෙනෙක්ගෙන්
"කොහොමද සීයට හය..නැගලා යනවා නේද..?" කියලා ඇහුවම මගෙන් අහන්නේ
"ඔය කියන්නේ අර විස්ස විද්‍යාල ගුරුවරු ටික පඩි වැඩි කරන්න ඉල්ලන එක නේද..?" කියලා මිස රටේ අධ්‍යාපනයකට සීයට හයක් වෙන් කිරීම පිළීබඳව වූ යුගයේ මුළු මහත් ලාංකීය සමාජය උඩු යටිකුරු කරන ලද මහා උද්ඝෝෂනය ගැනනං නෙවෙයි... ඒ අර මං කියන සාමාන්‍ය ජනතාව ඕක දකින හැටි තමා...
දැන් කෙනෙකුට කියන්න පුළුවන්.. මාරයා ආස්සරේ කරන්නෙත් ඌ වගේම බත් කන හරක් ටිකක්නේ කියලා... ඔව් ආයිබෝං ඒකනං එහෙම තමා... මොනවා කරන්නද අහල පහල මං ගැවසෙන තැන්වල උදවිය මිස මට හම්බ වෙනවෑ ලෝක ප්‍රකට උගත්තු... මෙහෙ ඉන්නේ ඉතිං සුද්දන්ට ජංගි මහන්න ඇවිත් කීයක් හරි හම්බු කරං ගමට යන කොල්ලෝ කෙල්ලෝ ටිකක් නෙව.. ඒ ඇරුනම උන්ට කන්න දීලා..බෝඩිං දීලා අනිකුත් අඩු වැඩිය විකුණලා ජීවත් වෙන උදවිය... උන් දන්නවෑ ඔය කියන ලොකු ලොකු දේවල්...
ඉතිං උන්ට මොන අයිතියක්ද ඔය නොදන්න දේවල් ගැන කතා කරන්න.. නේද..? ඕවා කතා කරන්න ඕන ඔය දැන උගත් උදවිය විතරයි නෙව... කොටින්ම උපාදියක් තියෙන්න හරි..හෙට අනිද්දා ලැබෙන්න හරි නැත්තං ඌ කොහොමද රටේ විස්ස විජ්ජාල ගැන කතා කරන්නේ නේද..? ඒකනං එහෙම තමා ආයිබෝං.. ඒත් කරුමෙට වගේ මේ බත් කන හරක් දන්නවා උගත් උදවිය විතරක් කතා කල යුතුයි කියන ඔය සීන් කෝන් එක කොහොම උනත් අවසානෙට ඒ කෙලි හමාර වෙන්නේ තමුන් ජංගි මහලා... බත් තම්බලා... කාමර කුලියට දීලා... කැඳ වීදුරුවක් විකුණලා හම්බ කරන තුට්ටු දෙකට තව බද්දකින් කීයක් හරි වැඩි වෙලා කියන කාරනේ... මොකද ආණ්ඩුව සල්ලි මවලා ඕවා දෙනවා නෙවෙයිනේ... අනික මක් කොරලවත් ආණ්ඩුවේ දැන් ඉන්න සහ..අනගතේ ආණ්ඩු කරවන්න බලං ඉන්න ඔය එක ගොබිලෙක්වත් තමුන්ගේ කුට්ටිය අඩු කරගෙන ඔය කියන සීයට හය අධ්‍යාපනේට දෙයි කියලෑ...
අඩු ගානේ ඔය පෙළපාලි යන්න එක්කාසු උන රනිල් මහතැන් හෙට රජ උනානං දෙයිද සීයට හයක් "මේං පුතේ" කියලා...? එව්වා ඉතිං තම තමන්ගේ පපුවට තට්ටු කොරලා තම තමන්ම විසඳගන්න ඕන පුරස්න.. මං කිව්වට බැහැ... ඒ මදිවට අර වික්‍රමබාහු උන්නැහෙත්.. හා හා ඒ යෝධයා ගැන කතා නොකර ඉමු... මොකටද නේද..?
මං මේ කල්පනා කොරේ ඒක නෙවෙයි ආයිබෝං..තමුන්ට ප්‍රශ්නයක් උනාම විතරමයිනේ අපිට වෙන වෙන අය ගැන හිතෙන්නේ නේද..? දැන් බලමු මේ ආචාරිය මහාචාරියලටත් එහෙමමනේ උනේ... ඉතිං මේ බත් කන හරක් වෙච්ච අපිටත් ප්‍රශ්නයක් ආවොත්නං ඔන්න ඔය කියන උද්ගෝෂණ වලට සම්බන්ධ වෙන්න තිබුනා.. එහෙම නැතිව කාගෙවත් පඩි වැඩි කොරන්න කියලා ටෝක් දෙන්න ගිහිං අපි අපිටම කෙලවගන්නේ මොකටද ආයිබෝං... ඔන්න අපිටත් මොකක් හරි සම්තිං එකක් එන විදියකට යෝජනාවක් ඔය ෆුටා එක අස්සට දැම්මනං අපිත් බොක්කෙන්ම සප් එක දෙන්න තිබුනා.. අර ළමයි ඉන්ටනැෂනල් ඉස්කූල් යවන දීමනා... අර දීමනා මේ දීමනා වගේ... කෝ එකක්වත් නැහැනේ ඒක අස්සේ අපිට හරියන එකක්... බත් කන හරකුන්ට නොමිලේ මාසයකට හාල් මුට්ටයක්වත් කියලා තිබුනනං අපිත් අරින්නේ නැහැ ආයිබෝං... බෙල්ල කඩාගෙන තමා අපි එහෙමනං මේ අධ්‍යපනයට සීයට 6 කියලා මරාගන්නේ... හාල් මුට්ටයක් දෙනවනං අධ්‍යාපනේ හරි වැදගත් දෙයක්නේ නේද මං අහන්නේ...? නිකමටවත් අපිට පුරස්නයක් නැති එකේ අඩු පාඩුව..නැත්තං ඔය ෆුටා එකේ මහතැන්ලට තිබුනා අපේ ප්‍රශ්නෙත් ඔය ලිස්ට් එකටම දාලා අපිවත් ඕකට ඇදලා ගන්න.. කෝ අපිට හරියන ප්‍රශ්නයක් නැහැනේ... ඔන්න වැඩේ...
හප්පට උඩු ඒ කිව්වමයි මතක් උනේ...
බත් කන හරක් වෙච්ච අපි හුඟ දෙනෙකුටත් ප්‍රශ්නයක් තියෙනවා නෙව... මට ඒක අමතක උනා... ඒක මේ ඒ හැටි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි පුංචි පහේ එකක්... කියන්නත් ලැජ්ජයි ලැජ්ජයි වගේ... ඒත් ඉතිං මොනවා හරි කෙහුරක් කියලා දැම්මම හිත සුද්දයි නෙව...
අපේ පුරස්නේ තමා මේ ක්‍රමේ වෙනස් වෙන්නේ කවදද කියන එක... ඔන්න බලන්න ආයිබෝං... අපිම චන්දේ දීලා යවනවා කට්ටියක් ඉහලට... උන් මොකද කරන්නේ ගිය ගමන් උන්ගේ පඩිය වැඩි කර ගන්නවා... අපිට කෙලෝනවා...
එතකොට තව ටිකකට අපි හම්බු කොරන දේ වියදං කරවලා උගන්නලා යවනවා ඉහලට.. උන් මොකද කරන්නේ.. ඉහලට ගිය ගමන් පහල තියෙන ඉනිමගට පයින් ගහනවා... ආයේ අපේ එකෙකුට ඒ දිගේ උඩට යන්න බැහැ... ඒ විතරක්යෑ...එතැන් පටන් උන් පටන් ගන්නවා උන්ගේ කුට්ටිය ලොකු කරන්න කියලා කෑ ගහන්න... උනුත් වැඩි කරගන්නවා.. ඒක උන් වැඩි කරගන්නේ සීට්ටු කොරමෙට... ඔන්න එක කොටසක් පටන් ගත්තමා අපිට වැඩි කුට්ටිය දියවු කියලා... ඒක දෙනවා ආණ්ඩුව.. මොකද උන්ට අතින් පයින් යනවෑ... ඒක දීලා අහවර වෙද්දීම අනිත් පැත්තෙන් ටික දෙනෙක් පටන් ගන්නවා..උන්ට අච්චරනං අපිට මෙච්චර දියවු කියලා... දැන් ඉතිං ඒකත් දෙනවා.. ඒක දකින අනිත් උන් ටිකකුත් කෑ ගහනවා දිපියවු අපිටත් මස් රාත්තලක්ම කියලා.. අනේ ඉතිං උන් එය ඔය විදියට බෙදාගන්නවා... බත් කන හරක් වෙච්ච මේ පැට්ටේරියක කඹුරන අපි මොනවා කියලද කෑ ගහන්නේ... අද කෑ ගැහුවොත් හෙට දොට්ට... ඕනනං අපිත් එක්ක කෑ ගහන්න රනිල් අයියා හරි වික්‍රමබාහු හරිත් එයි... ඒත් ඒ ඇවිත් මල්ල පුරවං ගිහිං පහුවදාට අර ටිකම කරයි... අපිට මොන ආශ්චර්යද..?
මොන දේ කොහොම උනත් අපිට මේ ක්‍රමේ වෙනස් වෙන්නේ නැති එක ගැනනං ලොකු පුරස්නයක් තියෙනවා... ඇත්තටම කිව්වොත් මේක වෙනස් කරන කොරමයක් ගැන හිතා ගන්න බැරි එක තමා අපේ පුරස්නේ... ඒක එක රැයින් විසඳන්නනං එන්න අපිත් එක්ක පා ගමන් යන්න.. විරෝධතා කරන්න කියලා කියන්නනං ඕන තරං කට්ටිය ඉන්නවා... ඒත් ඔය කෑගහන එක උත්තමයෙක්වත් වෙනස් කරපියවු කියලා කෑ ගැහුවට ඒක කරන විදියක් කියන්නේම නැහැ නෙව... හරියට අර රතුපාට කට්ටිය වගේ... (උන්දලත් ඉල්ලනවා විතරයිනේ.. කරන හැටි රහසක්නේ...)
එහෙම කෑ ගහන්නනං මේ බත් කන හරක් වෙච්ච අපිටත් බැරියෑ... ඒත් අපිට නැති ඔය උගත් වියත් මහාචාරියලට ඇහැකි නේද මේකට ටක්කෙටම හරියන විසඳුමක් හදලා කියන්න.. නිකං මහින්ද අයියා පළාත් සභා චන්ද තියන්නැහේ අතන එකයි මෙතන එකයි සැරෙන් සැරේ තිය තිය ඉන්නවා වගේ ඒ ඒ අයගේ කුට්ටිය වෙනුවෙන් විතරක් කෑ මොර දෙන එක නවත්තලා පොදු වැඩකට එන්න... මොකද දැන් ඔය තියෙන වියවස්ථා අරක මේක අණ පනත් හැදුවේ අපිද..? අර පාර්ලිමේන්තුවට අපි දක්කපු උන් එක්ක එක්කාසු වෙලා ඕවා හැදුවෙත් ඔය උගත් මහත්තුරුම නේද..? අපිට ඉතිං දක්කන්න ඉන්න එකම හරක් සෙට් එකක් හින්දා ඒ ඒ කාල වලට අවුලක් නැහැ කියලා හිතෙන සැට් එක යවනවා ඇර මොකද තාම අර කියන දියසේන කුමාරයවත් ඇවිත් චන්දේ ඉල්ලුවෑ.. අඩු ගානේ රාවණවත්.. හම්මේ...රාවණා...මට කිය කිය හිටිය ඒවත් අමතක උනා...
කරුණාකරලා පින් ඇති උගත් වියත් මහත්තුරුනේ... ඔබ තමුන්නාන්සේලා අරකට මෙච්චරයි මේකට මෙච්චරයි කියලා කෑලි වෙන් කර ගන්න දඟලන්නේ නැතිව මුළු රටටම හරියන වැඩ පිළිවෙලක් හදන්න... ඒක හදද්දී දැනට තියෙන ක්‍රමය අස්සෙන්ම උඩට ඇවිත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියට ඒක හදන්න.. හරියට අර මඩ යට ඉඳන් ඒ මඩ එක්කම සටන් කරගෙන මතු වෙලා දිය හරහා ඇවිත් දිය මතුපිට පිපෙන නෙළුමක් වගේ දෙයක්.. එහෙම නැතිව පැරිෂුට් ක්‍රමයක් නෙවෙයි... දැන් කෙනෙක් කියයි අහවලාට දෙන්න එයා ඇවිත් විධායක කොරමේ වෙනස් කරලා අපිට දෙයි මඟුල් මේසේ ඇරලා කියලා... අපි නොදන්නවෑ ඒවෑ තරම... අර එක්කෙනෙක් දහ දාහකින් පඩි වැඩි කොරන්නත් කතා කලේ එක වංගියක්... ඒත් ඉතිං ඒ දහදහාට වඩා අනිත් පැත්තෙන් දෙන්න හදපු එයින් බාගෙටද කොහේද රට ගියේ නිකංයෑ...
ඒ වගේ මූ වෙනුවට අරූ කියලා ක්‍රම නැතිව හිතලා බලලා කල්පනා කරලා හදමුකෝ ක්‍රමයක් මේ තියෙන කොරමේ තුලින්ම මතු කරලා අරං ක්‍රමය වෙනස් කරවන අර පරිගණක වෛරස් එකක් වගේ තියෙන පද්ධතිය කාලා දාලා අළුතින් ලියවෙන එකක්... මට ඕවා වැඩිය පැහැදිලි කොරන්ට තේරෙන්නේ නැහැ ආයිබෝං..බත් කන හරකෙක් මෙහෙමවත් කතා කොරනව මදෑ නේද..?
අපිට ඕන දැන් තියෙන එක එකාට උවමනා විදියට ඒ ඒ කාල වලට වෙනස් කරන ක්‍රමය නැතිව කවදත් මොකා ආවත් වෙනස් කල නොහැකි හිල් නැති පාලන කොරමයක්... ඒකේ ඇතුලේ අසීමිත බලතල තියෙන නායකයෝ ඕන නැහැ... බුරුතු ගණන් ඇමතිලා ඕන නැහැ... අත්සන් ගහන්න විතරක් ඉන්න නිලධාරී ඕන නැහැ... කොටින්ම බත් කන හරක් විසින් නඩත්තු කරන පිං ගොන්නු නැති ක්‍රමයක්... දැන් වෙලා තියෙන්නේ ඒකනේ... දේසපාලුවගේ ඉදලා ආණ්ඩුවේ රස්සාවල් කරන හුග දෙනෙක්ගේ තත්වේ අපෙන් ණයට කන පිං ගොන්නු වගේනේ... උන් උන්ට හිතු හිතු වේලාවට වැඩ වර්ජනය කරලා අරක දියවු මේක දියවු කියලා කෑ ගහන්නේ උන්ට උගන්නන්න දහදිය හලපු අසරණ මිනිස්සුන්ව උගසට තියලනේ.. උන් ඔය කෑ ගහන්නේ තවත් අපේ තුට්ටු දෙකට කෙලවන්න මිස අපිට දෙයක් දෙන්නයෑ...
දැන් ඔය ෆුටා එකෙත් කට්ටිය අරක මේක ඉල්ලුවා උනාට ඒ දේවල් ලැබුනොත් එයාලා විසින් දැනට කරනවට වඩා මිනිස්සු වෙනුවෙන් කරන වැඩ ගැන තිබුනද ආයිබෝං..? එහෙම නැත්තං වෙනදා වගේම ඔහේ සුපුරුදු චරියාවන් ටික කරගෙන යනවට තව වැඩියෙන් දෙන්න කියලා කිව්වද..? ඇත්තටම මං දන්නේ නැහැ... ඒකයි අහන්නේ... නැත්තං ඉතිං වෙන්නේ එයාලා පඩි වැඩි කරගනී... එයින් පස්සේ එයිට පහල උනුත් ඒකම කර ගනී... ඕනනං දැන් සීයට හයක්ම තියෙන එකේ තව රස්සාවල් ටිකක් දෙමු කියලා අර කලා උපාධි කරලා අවුරුද්දෙන් බාගයක් පාරේ කෑ ගගහා යනවා මිස තමන් ගත්ත උපාධියෙන් වෙන කරන්න දෙයක් ඇත්තේම නැතිව වගේ හැසිරෙන උදවියට අධ්‍යාපන අංශයේ රස්සා ටිකක් මවලා හරි දෙන්න ඇමතියා ලෑස්ති වෙයි..
ඇයි රස්සා කියන්නේ තමන්ගේ උන් ටික ගොඩ දාන්නත් තව කීයක් හරි හොයා ගන්නත්..චන්ද ගොඩ වැඩි කරගන්නත් පොටක්නේ.. ඕනනං ඔය "අධ්‍යාපන සංවර්ධන සමෘද්ධි නිලධාරී" වගේ ලේබලයක් ගහලා අතිරේක/නියෝජ්‍ය/ සහකාර වගේ එක එක අනං මනං සුකුරුත්තං ටිකක් ගහලා කට්ටිය ගන්න බැරියෑ... එහෙම ගත්තත් ඒ ටිකත් යන්නේ සීයට හය ඇතුලේමනේ... ඔව්වනං කියන්න බැරියෑ ගමකට... ආන්න ඒ වගේ කෑලි කුට්ටි ක්‍රමයක් නැතිව රාජ්‍ය සේවය වැඩක් ඇති මට්ටමකට ගේන ක්‍රමයක් හදමුකෝ... එතනදී රාජ්‍ය සේවකයා විරුද්ධ නොවී එකඟ වෙන මට්ටමට යෝජනා හරි ගස්සන්න මතක තියා ගන්නත් ඕන.. නැත්තං ඕවා කොහොම හැදුවත් කිරියාත්මක වෙන්නේ නැහැනේ...
ඔය උගත් උන්නැහේලා පුළුවන්නං කරන්න ඔය කියන දේ... ඒ කියන්නේ අපිටත් පිළිගත හැකි... පක්ෂ දේශපාලනයට යටත් නොවුන පොදුවේ හැම කොටසකටම අසාධාරණයක් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්.. ඒක කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වීමට බාධා කල නොහැකි අන්දමේ නීති මාලාවක් ඇතුළුව හිල් නැති සිස්ටම් එකක් අපිට දෙන්න...
ඒක අර ජී ඇල් පීරිස්ගේ මහප්‍රාණ නැතිව සරලව සාමාන්‍ය මිනිස්සුන්ට කියවා තේරුම් ගත හැකි කොරමයක් වෙන්න ඕන... පැහැදිලිවම ඒ හදන ක්‍රමය ක්‍රියාත්මක නොකර බැරි තත්වෙට එන විදියට ඒක නිර්මාණය කරන්න... එහෙම කරලා මේ බත් කන හරක්ට ඉදිරිපත් කරන්න... එදාට බත් කන හරක් ඒකට එකතු වෙයි.. එහෙම නැතිව අරයගේ අර කෑල්ල කඩා ගැනීමේ සටනටයි.. මෙයාගේ මේ කෑල්ල කඩා ගැනීමේ සටනටයි මේ හරක්ට කතා කරන්න එපා... අපිට ඒවට වෙලාව නැහැ.. අපිට තියෙනවා අපි බත් කන ගමන් ඔහෙලටත් බත් කවන්න හම්බු කොරන්න... ඒ අස්සේ ඔය විහිළු කර කර ඉන්න අපිට වෙලා නැහැ...
අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ එහෙම අපිවත් අරං ගොඩ යන වැඩ පිළිවෙලක් හදන්න කියලයි... එහෙම අපි ඔක්කෝම ගොඩ ගිය දවසකට ඔහෙලට ඔහෙලගේ වටිනාකමට ගෙවන්න අපි විරුද්ධ වෙන්නේ නැහැ... ඒ වටිනාකම හදාගන්න එක ඔහෙලගේ අතේ තියෙන දෙයක්... කැමතිනං කරන්න... අකමැතිනං නිකං ඉන්න.. අපිට බත් වෙනුවට පිදුරු කව්වන්න එන්නේ නැතිව... ඒ හරක් අපි විකුණලා හුඟක් කල්...
හා මං නැවතුනා... ෆුටා හුටා බැරිනං ඕන වෙඩිමක් වෙද්දෙං... අපිට පාංද..? නැහැ අපිට පාංවත් නැහැ...
101
ReplyDeleteමේ අරගලය සම්බන්ධයෙන් මට මිශ්‍ර අදහස් තියෙන්නේ. ඒ නිසා මුකුත් නොකිය ඉන්නවා.
Delete:D :D අනේ මන්දා බං උබලත්..
Deleteසික් මම කොච්චර ට්‍රයි කලත් තාම 1 වෙන්න බැරි උනා නේ
Delete{අත් පොළසන්) , පස්ට විග්‍රහය...
ReplyDeleteමමත් 6%ට මනාප වෙලා හිටිය... දැනුත් එහෙමයි.. :) 6% ක්ම නැතිවට ටිකක් හරි...
This comment has been removed by the author.
Delete"ඇත්ත, මේ ආචාර්ය වරු 6% ඉල්ලන්නේ පුර්ණ සද්භාවයෙන් නෙවෙයි. 6%න් කොටසක් ඒ ගොල්ලන්ගෙම පඩි දීමනා වෙනුවෙන් තමයි. 6% දුන්නත් ආචාර්ය වරු හැමෝම තමන්ගේ සේවය උපරිමෙන් දෙන්නෙත් නැහැ තමයි. උනුත් මේ ලංකාවේ මිනිස්සු.. ලේසියෙන් හැදෙන්නේ නැහැ. ඒත් එහෙම 6% දුන්නත් රටට පාඩුවක් වෙනවාද ?"
Deleteෆුටා හුටා එපා කිව්වත් 6% දෙන්න ඕනි,හරී !!!
++++++
Deleteබුදු අම්මෝ මාර්ස් කියන්න තියෙන ටික සේරම ලෙසටම කියල තියෙනව ආයෙ අඩු පාඩු නෑ :D ++++++
ReplyDeleteඔය කොච්චර කිව්වත් ඔය මාරයා ඉන්න පැට්ටේරියට අර 'ළාමක සිල්වා' ඇවිත් මාරයාට ගැහුවොත් ඇතුලට යන්ඩ දුන්නෑ කියලා එදාට ඔය සිකුරිටි සෙට් එක උද්ඝෝෂණේ කරන්නේ ක්‍රමේ වෙනස් කරන්ඩ කියලා නෙමෙයි නේ මාරයියේ. ඒ වගේම නිදහස් අධ්‍යාපනේ දියුණු කරලා වැඩිපුර ළමයි ගන්න එක ප්‍රායෝගික නෑ කියනවනං ඔය කියන ක්‍රමේ වෙනස් කිරිල්ල ලොවෙත් ප්‍රායෝගික නෑ.අනික ඔයාලමනේ ඔය දෙගොල්ලක්ට විතරක් ඡන්දෙ දෙන්නේ.පහුගිය ජනාධිපතිවරණේට විස්සක් විතර ඉල්ලුවනේ.ඒ උනාට මිනිස්සු ඡන්දේ දුන්නේ දෙන්නෙක්ට විතරනේ.අපේ ඈයෝම දැන දැන මේ ක්‍රමේ පවත්වං යන උන්ට විතරක් ඡන්දෙ දි දී කොහොමද ක්‍රමේ වෙනස් කරන්නේ? බැරි වෙලාවත් ස්වාධීන කණ්ඩායම් ටිකක් ඡන්දෙ දිනලා ඔය ප්‍රධාන පක්ෂ ටික පැරදුනොත් මක් වෙයිද කියලවත් බලනවද අපි??
ReplyDeleteමාරයියා කියන්ට ඕන ටික ලෙසටම කියල තියේ..එල !
ReplyDelete01) මෙය හුදෙක් වැටුප් වැඩි කරගැනීමේ අරගලයක් පමණක් වුවත් සාධාරණය ,තම වැටුප්- වැඩි කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතිය ඕනැම වෘත්තිකයෙකුට ඇත . ඉතිරි කොටස සදාචාරාත්මක ප්‍රශ්නයක් වුවත් , සටන අත්හැර දැමු ස්වාභාවය අනුව තවමත් ආචාර්ය වරුනට සෘජුව චෝදනා කිරීමේ හැකියාවක් නොමැත
ReplyDelete02) මා සැම සතියකම පාහේ කොලඹත් , මාගෙ උපන් ගම් ප්‍රදේශයත් දෙකෙහිම ගත කරනා කෙනෙකු වන අතර මාරයා සඳහන් කරනා පිරිසට වඩා විවිධත්වයෙන් යුතු විවිධ සමාජ ස්ථරවල පුද්ගලයන් හා සමඟ කටයුතු කරන්නට ද ඒ හරහා අවස්ථාවක් ලැබී ඇත , මා ලද අත්දැකීම් අනුව නම් ආචාර්ය අරගලය පිලිබඳ සමාජයේ මත තුනක් විය , එකඟ ,, විරුද්ධ සහ උනන්දුවක් නොමැති වශයෙනි, මා හට මුණ ගැසුනු බොහෝ පුද්ගලයන් තෙවන කාණ්ඩයේ අයයි
03) සටනෙන් මහා ලොකු කතිකාවක් හෝ ජනමතයක් ගොඩ නැඟුනායැයි කියා මා සිතන්නේ නැත , එවැන්නක් යම් පිරිසක් අතර ගොඩ නැග්ෆී තිබුනා න,ම් අරගලය අත්හැරි ස්වාභාවයෙන් පසු එයත් අවසන් වී ඇත . තමන්ගේ ස්ථාවරය එලෙසින්ම පවත්වාගත් රජය සුපුරුදු පරිදි ජයග්‍රහණය කර ඇත
04) ක්‍රමය වෙනස් කරන්නට කථා කරන්නන් කරන්නේ පූසන්ගෙ කරේ මිණි ගෙඩි එල්ලන්නට කථා කිරීම වැනි වැඩක් පමණි , රටක දේශපාලනික , සමාජීය හෝ සංස්කෘතික දිශානතිය එක දවසකින් දෙකකින් වෙනස් වන්නේ නැත , ඒ සඳහා ක්‍රමානුකුලව පියවර තැබිය යුතුය . ඒ බව හඳුනා නොගෙන ක්රමයක වෙනසක් ගැන කථා කිරීමම ඵල රහිතය .තියන ක්‍රමය වෙනස් කරන්නට බොහො දෙනෙක් කථා කලත් ශ්‍රි ලාංකීය සමාජය ක්‍රමයෙන් වෙනස් වෙමින් යන බව මාගේ නීරික්ෂණය වන අතර එය භාහිර ලෝකයට සාපේක්ෂව ආපසු ගමනක් වුවත් බහුතර ශ්‍රි ලාංකිකයින් දරනා මතවාදයන් අනුව ඔවුනට වඩාත්ම ගැලපෙන සමාජය බිහි වෙමින් පවතිනා බැව් මාගේ හැඟිමයි . එයට අකමැති සුලුතරයට කල හැකි එකම දේ ගැලපෙන ඉසව්වකට හැකි ඉක්මනින් මාරු වීම පමණි !
ෆුටා යනුත් රාවණ රජතුමාගේ සමයේ පවා තිබුණ විප්ලවයකි. එකල එය හැඳින්වූයේ "පුතා" ලෙසටය. අරිසෙන් අහුබුදු හෙළුවානන්ගේ මගෙහි ගොස් පද නිරුක්තිය බැලූ කල, පු=පුකෙන්, තා=තාලය ඇල්ලීම යන අරුත ලැබෙයි. පශ්චාත් භාගයෙන් තාලය අල්ලන විට අවට සිටිනා උදවිය නාසය වසා ගත යුතු බව මගේ ගුරුදේවයාණන් වහන්සේ පැවසුවේ, මම කුඩා කල ශිල්ප හැදෑරීමට ගිය පළමු දවසේ කැලෑසිය තුළදී "පුතා" කල දවසේදීමය.
ReplyDeleteමේක නම් හුටා !
Deleteසැමාගෙ උත්තරයට මම ලැයික් :D
Deleteහික්
Deleteහුටා
Deleteමතක් වෙන්නෙ ඇක්ශන් ෆිල්ම් එකක කෑල්ලක් (කොටසක් ),
ReplyDeleteඑකේ පොර ශේප් එකේ අහිංසකව එනවා ටවුමට, චන්ඩි ටික මූව වටකරගෙන පොඩි පොඩි පාර්ට් දානවා, එකපාරටම බුවා හැරිලා අර චන්ඩි ටිකට නෙලාගෙන නෙලාගෙන යනව. චන්ඩි ටික වැටිල, අර බුවා වැටිල ඉන්න උන් ලඟට ගිහින් "කවදාවත් කරන්න බැරි ධර්ම" ටෝක් එකක් දෙනවා.
ප.ලි: බලමු චන්ඩි ටික නැගිටියිද, වැටිල ඉඳියිද කියල
මේ නිදිමතේ මේ හෑල්ල කෝම කියවන්නද අප්පා. මෙච්චර මාගල් ලියන්නෙ නැතුව ඩිංගිත්තක් තියන්නකෝ..නිදිමතේ උනත් කියවන්න...
ReplyDelete//ෆුටා හුටා වීම සහ බත් කන හරකෙකුගේ උම්බෑ කීම...//
ReplyDeleteමාත්තුරුකාව කියවල ස්ටෝරිය කියවන් යනකොට මට හිතුන අර ඉස්සර ඉස්කෝලෙ පොතක තිබුණු පාඩමක වගේ මේක මාත්තුරුකාව වෙනස් උනානම් හොඳයි කියල අයියා.
“බත් කන හරකෙක් කතා කරයි“ වගේ ආකර්ෂණීය හෙඩිමක් දාන්ට තිබ්බෙ.
අනේ මන්ද හෙන දිගයිනේ ඒත් අමාරුවෙන් කියෙව්වා.සුපිරි විග්‍රහයක් එයින් එහාට කතා මට තහනම්
ReplyDeleteනිසි බළධාරියා විසින් කපා හරින ලදී.... නේද නලීන් අයියෙ... හි හි...
Deleteෆුටා අරගලය මේ අයුරින් ඉවර වෙනබව මම මුලසිටම සිතාගෙන උනෙමි. එකම වෙනස වුයේ මාසයක් වෙනුවට මාස 3ක් ඇදී යෑම පමණි. එයට හේතුව අනිකුත් වෘතිකයන් මෙන් නොව බොහේ ආචාර්යවරුන්ට දෙවන තුන්වන ආදායම් මාර්ග ඇති බැවිනි.
ReplyDeleteපෙර ලිවීම: මාතෘකාව කියෙව්වම ලියලා තියෙන හරිය හිතා ගන්න පුළුවන්. ඒක නිසා උඩින් පල්ලෙන් කියව්වා. සුපුරුදු කිඳුරු විලාපයම තමයි. :)
ReplyDeleteමේකට කලින්ම රෙඩි මේඩ් පෝස්ට් එකක් ලෑස්ති කරන් උන්නා. මෙන්න ඒක රිප්ලයි එකක් විදිහට.
---------
ඇවිදින විටත් නිදියන පුතුන් ලද... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට..!
ලොකෙයේ කීකරුම ජනතාව සිටින්නේ සකල සිරින් පිරි සිරි ලංකාවේය.
මොවුනට අධ්‍යාපනයට වැයකරන මුදල අඩුකිරීම ප්‍රශ්නයක් නොවේ, පඩි වැඩි නොකිරීමද ප්‍රශ්නයක් නොවේ.
අධිකරණ ලේකම්ගේ පිට කැපීමද,
අගවිනිසුරුවරිය සේවයෙන් පහ කිරීමද ප්‍රශ්නයක් නොවේ.
බස්වල හිරවීමද, මහමඟ දහඩිය පෙරාගෙන රස්තියාදු වීමද,
මහමඟ ටිපර් රථයක හැපි මිය යාමද, මිය ගිය මවගේ හිස අතේ තියාගෙන අඩා වැටීමද, ඒ හිස අතේ තබා ගත් තරුණිය වීඩියෝ ගත කර සයිබරයේ බෙදා හැරීමද ප්‍රශ්න නොවේ.
රස්තියාදුකාර ඇමතියෙකුගේ නොහොබිනා පුත්‍රයකු බුද්ධි අංශ මේජර්වරයකුගේ කණ පැළීමද, ඒ මේජරයාම වැරදි කරු කර සේවයෙන් පහත හෙළීමද, ඇමතියාගේ කාළකණ්නි පුත්‍රයා රටේ අධ්‍යාපන ඇමතියාවීමද ප්‍රශ්න නොවේ.
දෙදහස් පන්සියකින් ජීවත් වීම ප්‍රශ්නයක් නොවේ.
ඒ පන්සීයට වඩා ටිකක් වැඩියෙන් ජීවත් වීමට හැකි බව ඔප්පු කර පෙන්නිමද ප්‍රශනයක් නොවේ.
ඇග ඇති මොළේ නැති තඩි දුමියාගේ අයියා ගෙනෙන කුඩු සල්ලි සුදු කරන ජාතික මනි ලොන්ඩරිය බවට ස්ටොක් මකට් එක පත් කිරීමද,
එය හදන්නට ගිය තිලක් කරුණාරත්න ඉල්ලා අස්වීමද,
දිලිත්ගේ මිතුරු නාලක එහි කොමසාරිස් වීමද ප්‍රශ්න නොවේ
ඇත්තටම මේ වගේ කීකරු ප්‍රශ්න නැති ජනතාවක් ලැබීමට අප පාලකයන් කෙතරම් වාසනාවන්ත විය යුතුද..?
ඒ අතින් බලනා කල්හි අපි ආසියාවේම නොව ලොවේම ඈස්චර්යය නොවන්නේද..?
ප.ලි: හැබැයි පුතේ, අපේ දෙදහස් පන්සියක මහඟු අතීතයටයි, අපේ සිංහලබෞද්ධ සංස්කෘතියටයි කෙළින්න බහුජාතික™, විදේශික™, කුමණ්ත්‍රණ™, අරාබි නිශාන්ත™, ඩොලර් කාක්කෝ™ ආවොත් නම් උන්ගේ රෙදිත් ගලවලයි යන්නේ. මුන් දන්නේ නෑ තාම මේ කළු සිංහලයන්ගේ තරම..!
ප.ප.ලි: ප්‍රශ්නයට උත්තර ලිවීමට පෙර ප්රශ්නය කියවා තේරුම් ගැනීම.
මචන් රටේ බහුතරක් ජහ මනතාවට ප්‍රශ්නයක් විදිහට නොපෙනෙන දෙයක් ප්රශන්යක් විදිහට පේන්නේ සුලුතරයකට නම් ඒ සුලුතරය කොහොමෙයි බන් ඒ ප්‍රශ්නවලට විසදුම් දෙන්නේ..? මුලින්ම බහුතරයක් ප්‍රශ්න ප්‍රශ්න විදිහට අදුනගන්න එපැයි.
මඩෙන් ගොඩ එන්න තමන් ඉන්නේ මඩේ කියලා තෙරෙන්න එපැයි බන්. තමන් ඉන්නේ මඩේ කියලා නොතේරෙනවානම් ගොඩ ඉන්න එකා හරි, තමන් එරිලා ඉන්නේ මඩේ කියලා තේරුම් ගත්තු එකා කොයි තරම් කෑගැහුවත් වැඩක් නෑ.
උඹ අහන්නේ ප්‍රශ්න වලට විසදුමක්නේ. පළමු පියවර ජහ මනතාව තමන් සිටින්නේ මඩේ බව තේරුම් ගැනීම.
මචන් චතුරාර්යය සත්‍යය ගනින් උදාහරණයකට,
1. දුක
2. දුකට හේතුව
3. දුක නැති කිරීමේ මාර්ගය
4. නිවන
එක පාරම නිවන් දකින්න බෑ. මුලින්ම දුක සහ දුකට හේතුව අදුනගෙන ඉමු :)
සිදුහත් කුමාරය සතර පෙර නිමිති දැකල කළකිරුණට පස්සෙ තමන්ගෙ යටත් වැසියන්ට මේ ජීවිතේ දුකක්. ඔක්කොම වරෙල්ලා මේකෙන් මිදෙන්න මඟක් හොයන්න කියල නෑනෙ බන්.. තමන් ඒක කරන්න ගියා මිසක්... බහුතරේකට ඕක තේරෙනකම් ඉඳල උන් එක්කම අභිණිෂ්ක්‍රමණය කරනව කියල හිටියනම් බුදු කෙනෙක් පහල වෙයි කියල හිතනවද?... ඒ වගේම උඹ ඔය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තෙ තනියම... ඊට පස්සෙ වුනත් බහුතරයකට ජීවිතේ දුකයි කියල තේරුනහම තමන් අවබෝධ කරගත්තු එක දේ දේශනා කරනව කියල හිටියෙත් නෑනෙ...
Delete...........................................................
බහුතරයක් ප්‍රශ්නෙ දැකල විසඳුම් හොයන්න පෙළඹෙන දවස හීන ලෝකෙක මිසක් මේ ලෝකෙදි නම් එන්නෙ නෑ මාලන්...
හැබැයි ට්‍රයි කලොත් සුළු පිරිසකට පුළුවන් වෙයි ගැලපෙන විසඳුමක් හොයාගෙන ඒ විසඳුම වෙනුවෙන් බහුතරය එකතු කරගන්න... දක්ෂතාවය තියෙනව නම් තට්ටයෙක්ට වුනත් පනාවක් විකුණන්න පුළුවන් කියලයි මම නම් අහල තියෙන්නෙ...
W3 ලංකා එකේ කමෙන්ට් එකකින් උපුටා ගැනේ.
ReplyDelete"""
මෙය ජයක් හෝ පරාජයක් හෝ වෙන මල ඉලවුවක් හෝ වේවා මම දකින්නේ මෙච්චරයි.
දවස් 2න් පැය කීපෙන් වර්ජන නවත්වන රටක 4000කට අඩු පිරිසක් 2/3 ක බලයක් තියෙන ආණ්ඩුවකට විරුද්දව මාස තුනක පඩිත් නැතුව වෙනත් කිසිම පොදු පිරිසකගේ ආධාරයකුත් නැතුව දවස් 100ක් සටනක් ගෙන ගිය.
මහලොකු විප්ලව නවකතා කියෝලා මකරු මරන්න පිට දෙසවලින් වීරයෝ එනකන් හීන බලන ලංකාවේ කොන්දක් නැති සෙවල මිනිස්සු මේකේ ඇද කුද අඩු පාඩු හොයල තවත් ටිකක් ආතල් ගනීවි.
යම් කිසි දවසක අපේ දරුවන්ට හරි නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබුනොත්, රටක අනාගතය වෙනුවෙන් ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ව ලජ්ජා නැතිව තනිකරලා දාල ගෙවල් වලට වෙලා නිවුස් වලින් විප්ලව කරපු අපි ගෙන ප්‍රශ්න කරනකොට, හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි.
ඔවුන් උතුරට ගියෝය - අපි උතුරේ නොවුයෙමු
ඔවුන් මාද්‍යවේදීන් කරා ගියෝය - අපි මාද්‍යවේදීන් නොවීමු
ඔවුන් පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෝය - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවීමු
ඔවුන් ධීවරයන් සොයා ගියෝය - අපි ධීවරයෝද නොවීමු
ඔවුන් ශිෂ්‍යන් සොයා ගියෝය - අපි ශිෂ්‍යයෝද නොවීමු
ඔවුන් ආචාර්යවරුන් කරා ගියෝය - අපි අචාරයවරුන්ද නොවීමු
ඔවුන් විනිසුරන් කරා ගියෝය - අපි විනිසුරෝද නොවීමු
එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.
"""
පසුව එක් කිරීම:
ඔවුන් බත් කන හරක් සොයා ආහ... හුටා..! ඒ මම..!
මාස තුනේම පඩිය හම්බ වෙනවා. ඒක එපා කියලා නෑ. ආරංචි විදියට නම්. අඩු ගානේ ඒකවත් දෙන්න සෑර් කිව්වලු. නමුත් අමිල හාමුදුරුවෝ කැමති වෙලා නෑ වැඩේට. දැන් මන්ඩලේ කචල්ලු.
Deleteඒ මාස තුනේ පඩිය අරන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කොරනවලු මාතලන් අයියෙ... (වෙන ලෝකෙකදිලු ;) )
DeleteW3 ලංකා එකේ කමෙන්ට් එකකින් උපුටා ගැනේ,
Deleteතමන්ගේ අර්ත්මර්තකමි ඉල්ලීම් ටිකකට පමණක් කේවල් කර පොදු අරමුණු බැසිල් ඉදිරියේ වශ්පකරහැරි FUTA වේ සටන උඩදාන්න යන මහතුනේ ඔයගොල්ලෝ නටනකොට මොනර නටනකොට වගේ බිජ්ජ පේනවා කියල තමයි කියන්න තියන්නේ.
ඔයගොල්ලෝ ඔය කියන 4000 වර්ජනේ කරනකොට එස් බි නම් කියුවේ "විනාඩි 10 යෙන් වැඩේ ක්‍රෂ් කරනව කියල. ඒකාලේ ඔහෙලව ආණ්ඩුව පඩේකටවත් ගණන් ගත්තේනැ. අඩුමගානේ බැසිල් සිරිමතා සකච්චවක්වත් ලබාදුන්නේ නැ. ඔයාල ගමක බලයක් වුනේ සමාජයේ අනෙකුත් ස්ථර සටනට දායක වූ නිසා. පවත්වපු එකම රැළියකටවත් පාගමනකටකත් ඔය 4000 න් 1000 වත් සහබාගි උනාද කියල හොදට හොයල බලන්න. එහෙම වුනාට මේ රටේ සාමාන්‍ය නිමිස්සු ෆුට එක වටේ එක්රොක් උනේ 6% ඉල්ලීම නිසා, එහෙම නැත්තම් ආණ්ඩුව තමන්ගේ දරුවාගේ අද්යපනෙට කෙලවනවා කියල කලින් දැනන් හිටපු නිසා, එක හරිගස්සන්න ඕනේ නිසා. මකරු මරන්න යමු කියුවේ ඔයාලා! රටේ පොඩි මිනිහ එහෙම කරන්න බැ නේද මහත්තයෝ කිවුවහම ඔයගොල්ලෝ තමයි කියුවේ අපි කියවපු පොත් වල වීරයා මකර මැරුවා අපිත් එක්ක යමු කියල. මකර මරන්න ගිය ඔහෙලා කඩුව පුකේ ගහගෙන එලියට අවහම අපිට අයිතියක් නැද්ද ඔහෙලගෙන් අහන්න මකර මැරුවද මකර ඇරියද කියල අහන්න. අපිට කියන්න තියෙන්නෙත් කොලේ මොකද්ද කියල හදවතට හදවතට එකඟව දෙන්න උත්තරයක් තියෙනවද කියල දැන්මම කල්පනා කලොත් හොඳයි, කියන එක තමයි
අපි උතුරට ගියෙමු - අපි උතුරේ නොවුමුත් උතුරේ උන් අපට සහය විය, අපි උතුරේ උන් නැවත රැවටුයෙමු
අපි මාද්‍යවේදීන් කරා ගියෙමු - අපි මාද්‍යවේදීන් නොවුමුත්උන් අපට සහය විය, උන් රවටන එක අපට සුළු වැඩක් විය
අපි පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෙමු - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවුමුත්උන් අපට සහය විය, දැන් උන්ට උන්ගේ වැඩක් බලාසිටිය හැක
අපි ධීවරයන් සොයාගියෙමු- අපි ධීවරයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ගේ ඇම උන්ටම ගිල්වුගෙමු.
අපි ශිෂ්‍යන් සොයාගියෙමු - අපි ශිෂ්‍යයෝද නොවුමුත් උන් අපට සහය විය, උන්ව හැම දාම මෙන් මෙවරද කඩේ දක්කුවෙමු
අපි ආචාර්යවරුන් සොයාගියෙමු - අපි අචාරයවරුන්ද රැවටුයෙමු, ප්‍රදාන පෙලේ සමිති දෙකක පොරවල් උගුර කඩාගෙන බෙරිහඳුන් අතර අපි පුකෙනුත් සිනා සුනෙමු.
අපි විනිසුරන් කරා ගියෙමු - අපි විනිසුරෝ කෙසේ වෙතත් උන්ගේ සංගම් කිපයක්නම් රැවටුයෙමු.
එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. මලත් අපේ ගේම් වලට අනුන් කඩේ යැවීම අපිටනම් පිනකි. අනේ FUTA!
1.එකඟයි
ReplyDelete2.පවතින තත්වය යටතේ කිසිසේත් කල නොහැකියි
:)
නොදකින් විතරක්
Deleteස්තුතියි :)
Deleteඇස්. බී. සහ බන්දුලගේ වය ශීර්ෂය වැඩි කරනු කියල සටන් පාටය ගහ ගත්ත නම් එතුමන්ලා දෙන්නවත් මේ ගමනට එක් කොර ගන්න තිබුණා. මේක මේ 6% ඇඩ් එකක් නොවුනානම් හරි. ඒ වගේ තේරෙන භාෂාවෙන් කිව්වා නම් ඉවරයි. කවුරු කවුරුත් කඩේ ගිහින් තියෙන්නේ බැලුවම මේ දෙන්නටනේ.
ReplyDeleteයුද්ධය නැතිවත් ආරක්ෂක වියදම් වැඩි වෙන රටක අධ්‍යාපනේට 1.8%ක් වත් නොමැති කල බත් කන හරක් කවුදැයි පැහැදිලි කරන්න ඕනා නෑ..
ReplyDeleteමොනවා කියන්නද? මම මුල සිටම මාරයාගේ මතයට විරුද්ධව සිටියේ. ඒත් මට මේක තාම ජයක්වත් පරාජයක්වත් විදියට දකින්න බැහැ. අපි බලමු...... කාලය මේ සියලු ප්‍රශ්න වලට විසඳුම වේවි. මාලන්ගේ දෙවනි කමෙන්ටුව එක්ක මමත් එකඟයි.
ReplyDeleteඔවුන් උතුරට ගියෝය - අපි උතුරේ නොවුයෙමු
ඔවුන් මාද්‍යවේදීන් කරා ගියෝය - අපි මාද්‍යවේදීන් නොවීමු
ඔවුන් පවුද්ගලික අංශයේ සේවකයන් කරා ගියෝය - අපි පවුද්ගලික අංශයේ සේවකයන් නොවීමු
ඔවුන් ධීවරයන් සොයා ගියෝය - අපි ධීවරයෝද නොවීමු
ඔවුන් ශිෂ්‍යන් සොයා ගියෝය - අපි ශිෂ්‍යයෝද නොවීමු
ඔවුන් ආචාර්යවරුන් කරා ගියෝය - අපි අචාරයවරුන්ද නොවීමු
ඔවුන් විනිසුරන් කරා ගියෝය - අපි විනිසුරෝද නොවීමු
එබැවින් අපි නිහඬව සියල්ල රස වින්දෙමු. ඔවුන් අප සොයා එන බවද අපි දන්නෙමු. එත් ඒ අන්තිමටම බැවින් අපිට සතුටුය. අපිව අන්තිමට තේරීම ගැන අපි ඔවුන්ට පින් දෙන්නෙමු. මලත් අනුන් කන ගේමවල් රසවිඳ මියයාම අපිටනම් පිනකි.
මම කැමතිම කෑල්ල මේ.
අයියෝ සල්ලි
Deleteමේකෙන් එකම එක හොඳ දෙයක් උනා. ආන්ඩුව භාන්ඩ කීපයකම් මිළ වැඩි කර ගත්තා කිසි කරදරයක් නැතුව. කොටස් වෙළඳ පොලත් භුක්තියට සවි කර ගත්තා. කැම්පස් යන අය විශේෂිත පිරිසක් කියලා පිලිගන්න බලකලා. එයාලගේ දරුවෝ ඉගෙන ගන්නෙත් නිදහස් අධ්‍යාපනයෙන් නෙමෙයි පෞද්ගලික අධ්‍යාපනයෙන් කියන එක එලි උනා. එහෙම බැලුවම අන්තරේ කොල්ලෝ සෑහෙන අවංකයි. අපරාදේ අර කොල්ලෝ දෙන්නා. දෙකකඉන් නැවතුන එක ළොකු දෙයක්. දෙසරයක් බිලි දුන්නා වගේ කොල්ලෝ ටුක මරන්නේ නැතුව.
ReplyDeleteකැම්පස් යන දරුවන්ට මට කියන්න තියෙන්නේ එක දෙයයි. මේක මහ අමුතු රටක් පුතේ. අපේ රටේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වඩා බොහෝ වෙනස්, ණය වෙලා හරි ඉන්ගිරිසි ඉගෙන ගෙන, සහතිකෙත් අරගෙන රටෙන් චුත වෙයන්. මේ රට හැදෙන්නේ නෑ. උඹලා හැදියන්. මොකෝ හැම එකාටම ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න පුළුවන් එකා හිඟන්නෙක් වෙන්න ඕනත් නෑ. ඒ නිසා කැම්පස් එකට සිලෙක්ට් උනත් නැතත්. ඉංග්රීසීයි කොම්පියුටරුයි ඉගෙනගනින්. මේක ආත්මාර්ථකාමින් පිරි දේශයක්. තව එක දෙයක් කොච්චර ඉගෙන ගත්තත් නිහතමානී වෙයන්..
"මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු"
"මා හරි උගතා මා හරි ජගතා කියනා මිනිහා මෝඩයෙකි"
"තමන් හිසට තම අතමය් සෙවනැල්ල"
//මේක මහ අමුතු රටක් පුතේ. අපේ රටේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වඩා බොහෝ වෙනස්, ණය වෙලා හරි ඉන්ගිරිසි ඉගෙන ගෙන, සහතිකෙත් අරගෙන රටෙන් චුත වෙයන්. මේ රට හැදෙන්නේ නෑ. උඹලා හැදියන්//
Delete+++++++++++++++++++++++++++++++++
මාතලන්: //මේකෙන් එකම එක හොඳ දෙයක් උනා. ආන්ඩුව භාන්ඩ කීපයකම් මිළ වැඩි කර ගත්තා කිසි කරදරයක් නැතුව//
Deleteමේක Contradiction එකක්. ෆුටා අරගලය ගැන මිනිස්සු සවිඥ්ඥානක නැතිනම් ඒක බඩුමිල වැඩිකිරීමට හේතුවක් කරගන්න බෑ. ඔන්න ක්‍රිකට් මැච්එකක් උනානං හරි. :)
සියලු අදහස් අතරින් මා සිත් ගත්තේ මාතලන් ගේ අදහසයි..විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස ඔබේ අදහසට එකඟ වෙන අතර ඔබේ උපදේශයද පිලිගනිමි.
Deleteහැම එකකිංම වෙන්නෙ අපිට හුටා වෙන එක තමයි.
ReplyDeleteඋඹ කිසිම උගත් මිනිහෙක් ආස්සරේ කරන්නෙ නෑනෙ බන්... ඒක හින්ද උඹ කියන ඒවා වැඩක් නෑ :)
ReplyDeleteඅන්තිමට කියල තියෙන විදිහෙ සිස්ටම් එකක් හදන එක නම් ඔය එක උගතෙක්ගෙ අතින්වත් වෙන්නෙ නෑ මාරෙ අයියා... ඒක හදන්න වෙන්නෙත් බත් කන හරකුන්ටම තමා... හැබැයි මට ඉර හඳ වගේ විස්වාසයි එදාට හරක් ටික මරපියව් කියල කියන්නෙත් ඔය උගත් බුද්ධිමත් උන්මයි...
පෝස්ට් එක එල... (තවත් බත් කන හරකෙක්ගෙන් ඇගයීමක් :) )
හැමදේම උපරිම සති දෙකයි ආයුබොවන්... මේ ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටේ නොවැ...
ReplyDeleteමාරය කියන කතාව හරි. ක්‍රිකට් වගේ දේවල් ගැන තරම් මිනිස්සු මේ ගැන කතා කලේ නෑ. ඇත්ත. ඒකම තමයි මේ රටේ බත්කන හරක් වැඩිපුර ඉන්නව කියන්න තියන හොඳම සාක්ෂිය.
ReplyDeleteකියන් දෙයක් නෑ.....
ReplyDeleteමෑනියන්ට සිරි! නෙලල තියෙන්නෙ මාරය හිටු කියල හෙන ගහන්නැහෙ...
ReplyDeleteසමහරු කියනව පෝස්ට් එක දිග වැඩිලු.... යකෝ කෙලින්න බඩු තියෙද්දි ආයෙ මොනව බලාන ඉන්නද? අනික මේ මාරයට...වචන පැක්ටේරියට...ෆුටා..ද ? හුටාද ?මොකක්ද එකේ වචන දෙක මාර මැසිමට දාපු හැටියෙ ඔය හැලෙන්නෙ....පොරි..නියමයි බං මාරයො...හතර අතේ වදිනව වදින්න ඔනෙ හැම එකේම ඕන්....යසයි යසයි...
කව්ද බං අර උඩ කියල තියන "මහින්ද අයියා"....? එතුමා උඹට අයියා කෙනෙක් වෙනවද ?
ReplyDeleteඋඹ බත් කන හරකෙක් කියල උඹම කියන එකේ.........අනේ මන්දා මේව කොහෙන් කෙළවර වෙයිද කියලා :))
ඕක තමා මම මුලින්ම කිව්වේ අන්තිමට වෙනවා කියලා.... කියලා මට උඩ පනින්න හිතුනේ නෑ ඇත්තටම.... විකුණන්න පුළුවන් හැම දේම , ආබාධිතයගේ ඉඳලාම විකුණගෙන කන රටේ නිදහස් අධ්‍යාපනයත් විකුණගෙන කෑවා කියලා සතුටු වෙන්න බෑෙන්.... පත්තර, ටීවී චැනල්, රේඩියෝ චැනල්, පොත්, සුපර්මාකට් එක, සිල්ලර බඩු කෙඩ්, ෆාමසිය, වින්කලේ ඔක්කොගෙම විකුණන්න පුළුවන් එක විකුණගෙන කනවා.. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට විකුණන්න පුළුවන් එකම දේ නිදහස් අධයාපනය.... සිල්ලර බඩු වලට වඩා, ස්පෙයා පාර්ට්ස් වලට වඩා, පාන් ගෙඩියට වඩා මිනිස්සුන්ට වටිනබව දන්න නිසා නිදහස් අධයාපනය විකුණන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ... අනිවාර්යයෙන්ම මිනිස්සු ගන්නවා... ඒකයි ඕය වැඩේ පටන් ගන්නකොටම තිබ්බ ගැරන්ටිය...
ReplyDeleteවෙන සමාජ ස්ථරයක ඉන්න මිනිස්සු වර්ජනයක් පටන් ගත්තම දවස් දෙක තුනකට වඩා ඇදගෙන යනන් බැරි බඩට බඩගින්න දැනෙන නිසා.... ඒත් මේ වගේ අයට ඕනේ තරම් ආදායම් මාර්ග තියෙනවා... මාසයක් දෙකක් පඩිය නැති උනා කියලා මහපාරට වැටෙන්න ඕනෙ කමක් නෑ...
ඒත් ඔය මාස තුනේ ගෙවල් වල නැවතිලා හිටිය බඩට නොකා කැම්පස් යවපු ළමයින්ගේ සහ ඒ ලෙවල් කරපු ළමයින්ගේ අම්මලාගේ තාත්තලාගේ බඩට වැටෙන බත් ටිකත් ගිනි අරගෙන මේ වෙනකොට.... අවුරුද්දක් දෙකක් වැඩිපුර උගන්නන්න වෙනවා තමන්ගේ ළමයට...
දැං ඔය විකිණිල්ලෙන් උන වැඩේ මොකද්ද නිදහස් අධ්‍යාපනයට..... තව ටික දවසකින් තව ඉන්ටනැෂනල් ස්කූල්ස් දහයක් විතර ඇරෙන එක විතරයි....
බොහොම හරි..එතුමියගේ එම ආවේගශීලී වේගවත් කතාවට අපගේ ප්‍රසාදය....
Deleteවිහිලු නොවෙයි මේ ටික හරියට හිතට වැදුන....
//ඒත් ඔය මාස තුනේ ගෙවල් වල නැවතිලා හිටිය බඩට නොකා කැම්පස් යවපු ළමයින්ගේ සහ ඒ ලෙවල් කරපු ළමයින්ගේ අම්මලාගේ තාත්තලාගේ බඩට වැටෙන බත් ටිකත් ගිනි අරගෙන මේ වෙනකොට.... අවුරුද්දක් දෙකක් වැඩිපුර උගන්නන්න වෙනවා තමන්ගේ ළමයට... //
මේකට උත්තර දෙන්න මේ අයියා කෙනෙක්ද අක්කා කෙනෙක්ද කියලා බලන්න ගියාම මෙන්න මෙහෙම කියනවා...
Deleteමෙන්න බ්ලොගර් ප්‍රොෆයිල් එක
යැවෙන්නේ සයුරිගේ පහන් යාය බ්ලොග් එකටයි සඳරුගේ හිස් අහස බ්ලොග් එකටයි.. අනේ මන්දා...
ඔන්න කෝක උනත් මම කියන්න ගියේ කවුරු උනත් මාව හොඳට දන්න කෙනෙක් නොවැ මේ කතාව කියලා තියෙන්නේ කියලා... හි හි
This comment has been removed by the author.
Deleteසමා වෙන්න හිරු..මං දැන් මේක දැක්කේ.. අද කමෙන්ට් බලන්න පරක්කු උනා... නැත්තං මං වේල පහම ඕක මකලා දානවා... උන්නැහේ ඔය ඔක්කෝම සිය අතින්ම කරගෙන ඇවිත් වෙන්න ඕන ඔය කමෙන්ට් කරනවා ඇත්තේ...
Deleteඒක අවුලක් නෑ මාරයියේ....
Deleteඒත් ප්‍රශ්නේ මේ අනිත් බ්ලොග් දෙක කොහොමද සම්බන්ධ උනේ කියලා.... මට ස්ක්‍රීන් ෂොට් එක්ක ගන්න තේරෙන්නේ නෑ......
This comment has been removed by the author.
Deleteනැහැ එතන තිබුනේ බ්ලොග් අයි ෆලෝ කියන එක යටතේනේ... ඒ කියන්නේ ඒ කෙනා නංගි කියපු බ්ලොග් දෙක ෆලෝ කරන කෙනෙක් විතරයි... මං දැන් බලනකොටනං තිබුනේ පහන් යාය විතරයි..හිස් අහස තිබුනෙත් නැහැ... ඒත් හදිසියේ ෆලෝ කරන බ්ලොග් මකන්න දැගළුවේ ඇයි කියන එකනං මට තේරෙන්නෙත් නැහැ...
Deleteමාරයියේ....
Deleteආ හරි.... මට ඒක ටැපලුනා.....
බෝ පැලේ....
බොහොම ස්තූතියි.... වැඩේ හරි ගියා... ඒකෙන් මම තවත් වැඩක් ඉගෙන ගත්තා... හි හි.....
ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හැටි...
Deleteඕන කරන පේජ් එක ඔපන් වෙලා තියෙද්දී රයිට් Alt කී එකත් එක්ක PrtScn කී එක ඔබපුවාම පේජ් එක කොපි වෙනවා.. එයින් පස්සේ කොමාගේ තියෙන පේන්ට් එක ඕපන් කරලා පේස්ට් කරගන්න... ඒ එන පේජ් එක සේව් කරගත්තාම හරි... ඉතිරි කැපිලි කෙටිලි මං කියා දෙන්ට ඕනයෑ ග්‍රැෆික් ඩිසයිනර් ඔස්තාර් කෙනෙකුට නේද..? :)
ඕං බලමු නේද ඒකෙත් හැටි... අර මනුස්සයාගේ කොමෙන්ටුව හරහා නංගි අළුත් යමක් අල්ල ගත්තානේ... උන්දුට පින් දෙන්ට වටිනවානේහ්...? :D
Deleteමාරයියේ.... මම අමාරුවේ වැටිලා ඉන්නේ..... හි හි
Deleteමැක් එකක් නොවැ අලුතින් හම්බුනේ.... ගොඩක් ඒවා වෙනස්.... ග්‍රැෆික් සොෆ්ට්වෙයා ටිකත් පොඩ්ඩක් විතර මංඤඤං වගේ ... හි හි...
පිං දෙන්න ඕනේ නේන්නං.. ඒකනේ කියන්නේ.... (..........) මතක නෑ අප්පා.... මොකද්ද ඒකට කියන්නේ.............????????????
Deleteම්හු.... මතක නෑ...... හි හි.....
මටනං නංගිගේ දැනුවත් කිරීමෙන් පස්සේ හොයනකොට සී එස් 3 එකක් අහු උනා වින්ඩෝස්වලටම හරියන.. මොකක්ද ක්‍රැක් ෆයිල් එහෙකුත් තිබුනා.. ඒත් මං දන්නවායෑ ඒවායින් මොනවා කරලද වැඩේ ගොඩ දාගන්නේ කියලා.. යන්තං මාසයක් දිවුවා... ආයේ වැඩේ අප්සැට් ගියා... රෙජිස්ටර් කොරන්නය කියන්නේ.. හුහ් මංනං කොරයි...:)
Deleteඅයියෝ.. මං ගාව Windows version Adobe master collection CS 3 Windows version එකම තියෙනවා සීරියල් එක්කම.... දෙන්න විදියක් නෑ නේ....
Deleteඔය ක්‍රැක් එකේ වැඩේ නම් මට වඩා හොඳට දන්න අය ඇති මේක අස්සේ... කාගෙන් හරි අහුවා නං වැඩේ ගොඩනේ මාරයියේ...... එතන එච්චර ලොකු වැඩක් නෑ.....
හොයලා බලන්න ඕන නංගි නිවාඩු වෙලාවක... මේ දවස්වල ඒ හැටි ඕන උනේ නැහැ.. (ඕක ඕන වෙන්නේ අපේ එකෙකුට මඩක් ගහන්න ඕන වෙලා බෙල්ලක් කඳක් මාරු කරගන්න ඕන උනාමනේ..)
Deleteහා හා දැන් ගිහිල්ලා අර බමුණුතුමා කිව්වා වගේ ගේ අතු ගාලා වළං හොදලා..වත්ත පිටිය සුද්ද කරලා තියෙන තරං වැඩ ටික ඉවර කරලා මැහුමක් ගෙතුමක් කරගෙන ඉන්න... මේ නෙට් අස්සේ රිංගන්න නංගිලට අකැපැයි.. ආයේ නංගි මේවයේ ඉන්නවා දැක්කොත් බමුණුතුමා උදහස් වෙන්න බැරි නැහැ...:D:D:D
හිරු , Command (apple) +Shift+3 ඔබන්න.
Deleteෆයිල් එක ඩෙස්ක්ටොප් එකට සේව් වෙයි. එක ප්‍රිවිව් වලින් ඇරලා කපන්න කොටන්න පුළුවන්. වැඩි වැඩ දාන්න නම් බැහැ. වැඩ දාන්න ඕනේ නම් ගිම්ප් දා ගන්න.
:)
ඔයවගේ කුණ්ඩවාලම තමා මටත් පාත් වෙන්නේ
Deleteහි හි... බමුණුතුමා.... අයියෝ මාරයියේ.... හි හි... දැං කට්ටිය බලයි මෙතන මොකෝ වෙන්නෙ කියලා.. හේතු උන කමෙන්ට් එක නෑ නේ.... හි හි...
Deleteතෑන්කස් ටිරාජ්.... මේකේ Grab කියලා ඔප්ෂන් එකක් තියෙනවා.... කෙලින්ම ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් ගත්තෑකි...ඔයා කියන්නේ ඒකේ ෂෝට් කට් එක.. ඔනන් මම ඒකත් අල්ලගත්තා .... දැං... ගොඩ ගොඩ... හි හි... මම ඒක හොයා ගත්ෙත් මේ අවුලෙන් පස්ෙස්... හි හි....
මං සඳරුව වත් අවුල් කලාද... හි හි. උදේ ඉඳලා බ්ලොරුත් පිස්සු කෙලිනවනේ... හි හි...
අවුලක් නෑ... කමෙන්ට් ටික කියෝගෙන යද්දී මගේ නම දැකලා පොඩ්ඩක් ආතබූත වුණා එච්චරයි. අනික මගේ අල්ලපු ගෙදර මිනිස්සුත් මාව සැක කරන එකේ මේ හැතැප්ම සියගානක් ඈත ඉන්න උඹලට හීනි සැකයක් ඇති වුණාට මක් වෙනවද .
Deleteඔන්න නිවාඩු දවසේ මග ඇරුනු සේරම කියෝලා දැම්මා
ReplyDeleteතමුන්ම ප්‍රශ්න අහල තමුන්ම උත්තර දීගෙන මෝඩ ආතල් ගන්න එකත් බත්කන හරකුන්ගේ හැටියක් වෙන්ටැ.
ReplyDeleteමේ විරෝධතා වලින් එක ප්‍රයෝජනයක් නම් හැමෝටම හම්බ උනා. අර වෙනදට නිදාගෙන ඉන්න හරක් ටික ඇහැරලා තපුල්ලන එකම ඇති නොවැ රටේ මේ වගේ ප්‍රශ්නත් තියෙන බව මතක් වෙන්ට.
අපරාදේ සයිබර් අවකාසේ.....
ReplyDeleteමාරයාගේ දේශපාලන මතයට මම හැමදාම විරුද්දයි.
ReplyDeleteදිනපතා කියවමින් රසවිදින්නේ අනෙකුත් පෝස්ට් පමනයි.
එත් අද කතාවට එකන්ග නොවි බැහ.
ඇත්ත මේ රටේ බහුතරය මාරයා කිවා වගේ 'බත් කන හරක් ගොඩකට'(අපහසයක් නොවේ) වැටෙනව.
උන් ගැන කවුරුත් බලන්නෙත් නැහැ.
එත් උන්ගෙන් බලපොරොත්තු වෙනවා නිදහස් අදයාපනය රැක ගන්න උදව්.
මුන් නිදහස් අදයාපනය කියන්නෙ කැම්පස් ගිය සුලුතරයකගේ අයිතිය.
එත් අර 'බත් කන හරක්' සෙට් එක අයිති වෙන්නෙ ඕලෙවල් හෝ ඊට පෙර පාසල් හැර ගිය කොටසට.
උන්ට වෙන්නෙ මොකද බලන්න බල්ලෙක්වත් නෑ.එත් මේ උගත් බුද්දිමත් මහතුන් බලපොරොත්තු වෙනවා මේ 'බත් කන හරක් රැලගෙ' සහයොගය තම තමන්ගේ අනාගතය සරු විමට.
එකට උදව් නොකලොත් උන් හුහ්..."අට පාස් බත් කන හරක් දන්නවද මේවගේ අගයක්"....
ඉතින් හත්තිලව්වේ උන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන පේමන්ට් වල රස්තියාදු වෙන්න බැරි හින්දනේ උදව් ඉල්ලන්නේ. ඒ හරක් උදව් නොකලත් කමක් නෑ. කුප්ප කතා කියකිය මිනී මරමරා හැමදේටම බාල්දි පෙරලන්නැතුව ඉන්නවනම්.
Delete