18 October 2012

අන්තිම බස් එක...

කැඳවා පෙරට අන්දාලා යස රඟට..
උන්නා ළඟින් ඒ දිනවල බදාගෙන...
දෙයියා නුඹයි නුඹමයි නැහැ සැකක් හෙම..
කියමින් වටේ සැරි සැරුවා නිරන්තර...

යන්නේ වැරදි පාරේ බව කිව්වාම..
නුඹ කර තියං ගිය උන් බැන්නා අපට..
නිලැඳුම ගලවලා සුදු රෙදි අන්දාන...
උන් දැක්කුවා නුඹ හරකෙක් විලාසෙන..

මහ වැසි මැදින් හෝදාගෙන යන කලට...
ළඟ හුන් නරින් අද කොයි දැයි බලනු මැන..
කෙලවා සොඳින් වින කැටි නරි කැල මෙදින..
බේතකටවත් අද නැත තනි නොතනියට...

දුර දිග නොපෙනුනේ පෙර කල කරුමයට..
මිතුරන් අතැර එක් වූයේ නරි කැලට...
ඒ නරි නුඹව අත හැරියේ වන මැදට...
දැන්වත් කැලෙන් එනු මැන හරි පාරකට...


30 comments:

  1. මේවා දේශප්‍රේමී කවිද දේශද්‍රෝහී කවිද? :D

    ReplyDelete
  2. කතා කරල වැඩක් නෑ... පාප මිත්‍ර සේවනය...

    ReplyDelete
  3. මාරය තාමත් ගේම අතෑරල නෑ වගේ.

    ReplyDelete
  4. ඔක්කොම හරි, අර අත ඇරියේ මිතුරන් කියල කියපු එක.. පොඩි පරහක් තියෙනවා වගේ.. ආපහු එන්න හරි පාරකුත් ??? එහෙම එකක් තියෙයිද ? එක්කෝ පැනල යන්න ඕනි.. එහෙම නැතිනම් පාරක් කපාගෙන ගිහින් ආශ්චර්යයක් කරන්න ඕනි..

    අනේ නරි ටිකනම් ... බටකොළ කන කාලෙට නරි එක්ක ඉන්න වෙනවා ඇති...

    ReplyDelete
  5. කියන්න දෙයක් නැත....

    ReplyDelete
  6. LIKE!

    (රාමා කියපු එකත් හරි:"එක්කෝ පැනල යන්න ඕනි.. එහෙම නැතිනම් පාරක් කපාගෙන ගිහින් ආශ්චර්යයක් කරන්න ඕනි.."

    ReplyDelete
  7. මග හොඳට තිබේනම්
    යන්න දෑසත් පෙනේ නම්
    කිම බැදි වල යන්නේ
    දෑස නොපෙනෙන එවුන් සේ

    කියල තමයි කියන්න තියෙන්නෙ. එයාට විතරක් නෙමේ, දේසපාලකයො ගොඩක් අයට අදාලයි මේවා

    ReplyDelete
  8. අනේ පව් පොඩි එකා නෙව කැලේ ගෙනල්ල අතරමං කොරන්න .

    ReplyDelete
  9. දැන්නම් බද්දෙන් එලියට එන්න කල් ගියා වැඩියි මෙයාට ... මොනා කරන්නද අර කවුද කිව්වත් වගේ පාපමිත්‍ර සේවනය ....

    ReplyDelete
  10. හ්ම්ම් හ්ම්ම්..ටිකක් තේරුනා වගේ....

    ReplyDelete
  11. මිත්‍ර රූපකයින්ට රැවටෙන මිනිස්සුනම් එක්කෙනායැ.

    ReplyDelete
  12. තේරුනා තේරුනා ... විහින් කපාගත්ත වලවල් නෙව.
    ඒ කාලේ ඉඳන් තිබිචි ප්‍රශ්නයක්..
    තමන්ට හිතවත් අහිතවත් කෙනා අඳුනගන්න බැරි අප්පු ... රජ උනොත්
    රටට හිතවත් අහිතවත් කෙනා කොහොම අඳුන ගනීද කියන එක ....
    :)

    ReplyDelete
  13. අයියෝ පොන්සේකා..

    ReplyDelete
  14. හමුදාවෙදියි, ජනාධිපතිවරණෙදියි සරත් ෆොන්සේකා නායකත්වය දුන්නේ සංවිධානය වෙලා තිබ්බ කණ්ඩායම් වලට. ඒ තැන්වලදි තිබ්බේ නායකත්වය දෙන්න දීලා අවශ්‍ය ඉලක්කයට ලඟා වෙන එක පමණයි. මේ දෙතැනේදිම මුන්නැහේ සාර්ථකයි. ජනාධිපතිවරණය පරාජය උනත්, සුළු කාලයක් ඇතුලත ලබාගත්ත තත්වය කිසිසේත්ම පරාජයක් කියලා කියන්න බෑ. මුන්නැහේ හිරෙන් නිදහස් වෙලා එනකොට ගොඩක් දෙනෙක් බලන් හිටියේ, අර සුළු කාලේ ඇතුලත රට කරවන්න පුලුවන් නායකයෙක්ගේ ලක්ෂණ පෙන්නලා තිබ්බ නිසා. නමුත් පේන විදිහට නම් පිරිස් සංවිධානය කිරීමේදි නම් මුන්නැහේ සෑහෙන අසාර්ථකයි. ඉතින් දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි, තමන්ට කරන්න පුළුවන් බැරි දේවල් මොනවද කියලා. නැත්නම් ඉතින් තව ටික කාලෙකින් අර නම භූමි පුත්‍ර වුනාට සලකුණට අහස්යාත්‍රාවක් තිබ්බ පක්ෂෙට වෙන දේම තමයි වෙන්නේ.

    ReplyDelete
  15. හරි පාරට කිව්වෙ?

    ReplyDelete
  16. බූරුවගෙන් දහයෙ කොළය කපත හැකී...
    පොරව කැපුවෙ හේරා, නැගිටින්න නොදී....
    සෝමද, ෆොනිද, වමාද වුව කමක් නැතී....
    ආසියා හැදෙන තුරු තව ඉවසපන් සකී....

    ReplyDelete
  17. ගත යුත්තක් තිබේ විග්‍රහ කෙරුමට කම්මැලියි. අනේ මන්ද ? අයියෝ ෆොන්සේකා ?????????

    ReplyDelete
  18. මාරේ මමත් අනුමාන කරනවා මේ කාට ලියපු එකක්ද කියලා...මං හිතන්නේ මං හිතන ඉසව්වම ගැන තමා ඔයත් ලියල තියෙන්නේ කියලා...කොහොමත් ඔබ පරිනත දුර දකින කෙනෙක් නේ..

    ReplyDelete
  19. කැළේ කපාගෙනම ආවා නම් සාක්කුවටත් වාසියි...

    ReplyDelete
  20. මුන්නැහේ සිර ගත කලා කාලේ පටන් මම ලිව්වා ලොක්කා කලේ මෝඩ තකතීරූ වැඩක් කියලා.. මිනිස්සු අතරේ වීරයෙක් වෙලා උන්නේ ශවේන්ද්‍ර.. නැතුව ජනරාල් නෙමෙයි.. ලොක්කට තනියෙන් ගන්න තිබුන ක්‍රෙඩිට් එක නැති කලේ නයි ටී ඇන් එකේ සුදර්මන්ලා.. ඊට පස්සේ ජනරාල් වීරයෙක් කලේ ලොක්කාමයි. එක කේක් කපන්න දීලා.. ඊළඟට හිරේ දාලා.. හිරේ දැම්මයින් මිනිස්සුන්ගේ අනුකම්පාව ලැබුනත්.. ජනරාල්ට මිනිස්සු නෑ.. මොකෝ එයා දන්නෙ මාෂල් ලෝ.. සාමාන්‍ය නීතීය එයා දන්නේ නෑ.. අනික පොදු හතුරා.. මහින්ද රාජපක්ෂද...? රනිල් වික්‍රමසිංහද...?

    ReplyDelete
  21. බැරි දේ කරන්න ගියාම ඔහොම තමයි.

    ReplyDelete
  22. පෙන්ශොන් සැපෙන් ගෙදරට වී සිටියානම්...........

    ReplyDelete
  23. මමනම් ඔය ගැන කිව්වේ කාලෙකට කලින්....

    http://tikakhinawenna.blogspot.com/2010/10/blog-post.html

    ReplyDelete
  24. හාලු පාරේ තාර(කොන්ක්‍රීට්) දාල බසුත් යනවා ලොරිත් යනවා බයිසිකලුත් යනවා මේ අපිත් යනවා.මාරයත් යනවා, kp ත් යනවා විමලුත් යනවා මාධ්‍ය කාරයොත් යනවා. මාරය ජෙනරාල්ටත් එන්න කියනවා. හරි පාර කවුරුත් දන්නවා එත් පාරට දාගන්න බැරුවයි ඉන්නේ. KP ල විමල්ලා හයි වේ එකෙන් දාල ගාලු යනවා මාරයාල බයිසිකල් එකෙන් ගාලු පාරට දාල යනවා මොකද හයි වේ එකට බයිසිකල් කටු දාන්න දෙන්නේ නෑ. විමල්ට අලි කටක් තියනවා,KP වගේ අය අන්තර්ජාතික ගනුදෙනු කරන හැටි දන්නවා, දුමියල කළු සල්ලි සුදු කරන හැටි දන්නවා ඒ දස්කම් තියන අය නිකං ෆෙරාරි කාර් තියන අය වගේ තමයි හයි වේ එකෙන් නියම හරි පාරෙන් යනවා මීට අඩු මට්ටමේ අය බයිසිකල් කටු වලින් ගාලු පාරේ යනවා හෙමින් ගියත් හරි පාර නේ එකත් ගාල්ලට යනවනේ නැද්ද මාරයා...කාගේ කාගේත් හිත යටින් ආසාව තමයි හයිවේ එකේ යන්න වාහන නැති හින්ද හිත යටින් හූල්ලනවා. යු ඇන් පී එක නිල වශයෙන් වහල දාල රනිලුයි සජිතුයි දෙන්නත් හරි පාරේම යන්න සෙට් වුනානම් ඉවරයි නේ උන් හිටියත් වැඩක් නෑ. අනික රාජාණ්ඩුවකට විපක්ෂයක් මොකටද?

    ReplyDelete
  25. දුර දිග නොපෙනුනේ පෙර කල කරුමයට..
    මිතුරන් අතැර එක් වූයේ නරි කැලට...

    හ්ම්ම් ... මේක තමා කරුමෙට හිටියේ...

    ReplyDelete
  26. හරි පාර? එහෙම එකක් තියනවද..මෙච්චර කල් ගියේ නම් කැලේ තමා...ඒත් ඔය කියන පාර හරි වෙන්නේ සාක්කුවට්...නෑ නෑ මගෙයි උඹේයි නෙවේ....

    ReplyDelete
  27. වෛරයයි,පලිගැනීමේ චේතනාවයි එකම අරමුණ කරගෙන රටක නායකයෙක් වෙන ගමන්මගට අවතිර්න වෙලා තමන් කුහක බව කාටත් තේරුම් යන විදිහට තමන්ම ලෝකෙට ප්‍රදර්ශනය කලාම මේ ප්‍රථිපලය හැර වෙන මොකක් බලාපොරොත්තු වෙන්නද?....මෙයාගෙ කුඩේ යටින් හෙවනක් බලාපොරොත්තුවෙන් වටවුන අය ඒක නොලැබෙනකොට අයින් වෙන එක හැර ඒ අයටත් කරන්න දෙයක් නෑ..අයියෝ සල්ලි....

    ReplyDelete
  28. නියම කවි සෙට් එක මලයො..

    ReplyDelete