21 October 2012

දිග වැඩි උන කොමෙන්ටුව...


මොනවා ලියන්නද කියලා බං කල්පනා කලේ... හරියටම කියනවනං රටක හොඳ විපක්ෂයක් තිබිය යුතුයි. එහෙම නොවුනම මහ ජනතාවගේ මුර බල්ලා නැති උනා වගේ තමා. හැබැයි දැනට ඉන්න විපක්ෂයේ කිසිම නායකයෙක් ඒ දේට සුදුසු මට්ටමේ අය නෙමෙයි. මෙහෙම කිව්වම සෑමට තද වෙන්න පුළුවන් ඇයි ෆොන්සේකා මහත්තයා ඒකට සුදුසු නැද්ද කියලා... ඒත් ටිකක් කල්පනා කරලා බැළුවොත් සෑම්ට තේරෙයි උන්නැහේ දේශපාලනයට ගැලපෙන ආකාරයේ විදියේ කෙනෙක් නොවන වග... ඒක තේරුම් ගන්න තරමක් හමුදාමය අත්දැකීම් තියෙන කෙනෙකුට පුළුවන් උනත් පිටස්තර කෙනෙකුට එක පාරට තේරෙන්නේ නැති හින්දා කොච්චර කිව්වත් වැඩක් නැහැ... ෆොන්සේකා උන්නැහේ නෙවෙයි ගෝඨාභය උනත් ඒ අතින් ඒ වැඩේට සුදුසු නැහැ. මේ මෑතකදී රජයට සම්බන්ධ තීන්දු තීරණ ගන්න කෙනෙක්.. (එයා කවුද..? මං දන්නේ කොහොමද කියන ඒවා උවමනා නැහැ..ඒත් යම් කිසි විදියකින් මගේ ගනුදෙනු කරුවෙක් කිවුවම මදෑ) කතා කර කර ඉන්න වෙලාවක කිව්වේ ඊ ළගට ගෝඨා කියලා... ඒත් මං එයාට ඒ වෙලේ පැහැදිලි කරලා දුන්නා (මට තේරෙන තරමින්) ඒක සුදුසු නැත්තේ ඇයි කියන එක... ගෝඨලා ෆොන්සේකලා හොඳ උඩින් කෙනෙක් ඉද්දී ක්‍රියාකාරීව වැඩ කරන්න... මොකද හමුදාමය තීන්දු ගත්තොත් ගත්තා... ඒක හරි හෝ වේවා වැරදි හෝ වේවා කිසිම අවස්ථාවක ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නේ නැහැ.. ඒකට අවස්ථාවක් ඇත්තෙත් නැහැ... හැබැයි වැඩේ කෙරෙනවා..ඒක හොඳ උනත් නරක උනත්... 

රටක් පාලනය කරද්දී ටිකක් සංවේදී වෙන්න ඕන... (මහින්ද ඕනවට වඩා සංවේදීයි..:D ) අපි හිතමු රජයේ සේවක ප්‍රශ්නය කියලා... (ඒක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ මෙලෝ වැඩක් නැති තනතුරු හරහා පින් පඩි ගන්න පිරිස රටට ලොකු බරක් කියලා තමා.. ඒ කෙටියෙන්...) ඕක විසඳන්න ගියොත් එක රැයින් තීන්දුවක් ගන්න පුළුවන්... රජයේ සේවකයින් බඳුවා ගැනීම කප්පාදුව සහ දැනට ඇති අය ඉවත් කිරීම වගේ... ඒත් එතනදී අමතක කරන්න බැහැ ලංකාවේ හුග දෙනෙකුට මේ රජයේ සේවකයින් ඥාතීන් කියලා... තමන්ගේ අයට.. තමන්ගේ ඥාතීන්ට විරුද්ධව තද තීරණයක් ක්‍රියාත්මක වෙන්න ගියොත් මිනිස්සු ඔය සීයට හයේ ප්‍රශ්න... පෞද්ගලික විශ්ව විද්‍යාල ප්‍රශ්න වලට වඩා ඇවිස්සෙනවා... ඒක නවත්තන්න අමාරුයි.. අර අර්ථසාධක ප්‍රශ්නයට වඩා ඒක නැගලා යනවා.. ඒත් හමුදාවට සම්බන්ධ කෙනෙක් පාලකයා උන තැන කැරළි ඇති වීම ප්‍රශ්න නෙවෙයි.. උත්තර දරුණුවට ලැබෙන්න පුළුවන්... අන්තිමට වෙන්නේ රට ගිනි ගොඩක් වෙන එක විතරයි... අන්තිමට පිටින් අයට මේකට අත දාන්න පාර හැදිල්ලක් විතරයි ඒ හරහා වෙන්නේ... මං ෆොන්සේකටත් ගෝඨාභයටත් විරුද්ධ වෙන්න ඕක එක ප්‍රධාන හේතුවක්... ටිකක් ඒ ගැන හිතන්න කැමති කෙනෙකුට පාකිස්ථානය සහ මුෂාරෆ් ගැන කල්පනා ‍කලාට වරදක් නැහැ... 

රනිල් ගැන මොනවා හරි කිව්වවොත් බුවාට මාතලංට තද වෙන්න ඇහැකි.. ඒත් ඉතිං පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තමන් පත් කරලා ඒ හරහා තමන් සදා කාලික නායකයා කරගෙන පක්ෂය තුල ඇති වෙන ප්‍රශ්න තිස්ස අත්තනායකත් එක්ක තමන්ට ඕන ඕන අතට විසඳන.. පුංචි මිනිස්සුන්ගේ සහ පක්ෂයේ පහළ මට්ටමේ මිනිස්සු කියන්නේ..ඉල්ලන්නේ මොනවද කියන එක ගැන වගේ වගක් නැතිව ඉන්න කෙනෙක් හරි හමන් පාලනයක් අහු උනාම හැසිරෙන විදිය ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැ.. අඩුම ගානේ අගමැති උන ටික දවසේ ගහපු සාම ගිවිසුමවත්..ඒ දේවල් කොහොම කෙරෙනවද කියලා පක්ෂයේ හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්වත් නොදැන හිටිය හැටියට වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා හිතලා බලන්නත් වටිනවා... අද මහින්දට බනින උදවියට තියෙන නිදහස රනිල් යටතේ තියෙයිද කියලා මං අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.. කොටින්ම අද බ්ලොග් ලියන බුවාට/ සෑම්ට තියෙන නිදහස එදාට මට නැති වේවී... 

ජේවීපීය ගැන මං කතා කරන්න ඕන නැහැ... ඒ ගැන සෑම්වත් වෙන කවුරුවත් ඒ හැටි හිතන එකක්වත් නැහැ... ඒක අපි අමතක කරමු...

මහින්දගේ අඩු පාඩු ඕන තරං තියෙනවා..නැතිවා නෙවෙයි... ඒත් මේ ක්‍රමය යටතේ මේවා මෙයිට වඩා හොඳ අතට හැරෙයි කියලා කොහොමද හිතන්නේ..? තියෙන වැරදි වලට එරෙහි වෙන්න ඉන්නේ එයිටත් වඩා පෝරිසාදයෝ නං මිනිස්සු කාගැනද විස්වාසය තියන්නේ...? විපක්ෂයේ ඉඳන් කෑ ගහන උන් බලං ඉන්නෙත් තමන්ව දැනටත් වඩා හොඳින් හූරන්න කියලා දන්න හින්දා මේ තත්වය යටතේ මිනිස්සුන්ව පාරට ගන්න ඔය ඉන්න පතෝල නායකයින්ට මේ කපේට බැහැ... සජිත් ගැන ‍පහළ මට්ටමේ යූ ඇන් පී කාරයින් අතර ලොකු විශ්වාසයකුත් කැමැත්තකුත් තිබුනා.. ඒත් ඒක එයාම නැති කර ගත්තේ තමන්ගේ සගයින් වෙනුවෙන්වත් පෙනී නොසිට ඔවුන්ව පාවා දෙන තරමේ නරුමයෙක් කියලා දැන ගත්තට පස්සේ... 

තියෙන විපක්ෂ මූණු අතරේ ඉන්න හැමෝම කතා කරන්නේ මහින්දට විරුද්ධව මිස මේ ක්‍රමයට විරුද්ධව නෙවෙයි... ඔය කාටවත් ඕන නැහැ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න... හැමෝම බලං ඉන්නේ ඉන්න එකා අහක් කරලා තමන්ටත් ඒකට පැන ගන්න විතරයි... උන් මිනිස්සුන්ට කතා කරන්නේ තමන්ව එතනට ගෙනියන්න මිස වෙන කෙහෙම්මලකට නෙවෙයි... මිනිස්සුත් ඒක දන්න හින්දා අනේ උන්ගේ විරෝධතා කියලා නිකං ඉන්නවා මිසක් ඒ දේවල්වලට කර ගහන්නේ නැහැ... හුගක් බ්ලොග් ලියන දේශපාලන විචාරකයෝ මහ ජනයා කියන්නේ ගොන්නු ටිකක් කියලා සටහන් කලාට ඒ ගොන්නුන්ට මේ දේවල් නොතේරෙනවා නෙවෙයි... ඒත් විපක්ෂයේ ඉන්න උන්වත් විචාරකයිනුත් ඒක තේරුං අරං නැති එකයි අවුල... රජය හදන්න කලින් විපක්ෂය හරියට හැදෙන්න ඕන... තමුන් එකතු වෙන්න ඕන මොකක් වෙනුවෙන්ද කියලයි එයාලා මුලින් තීරණය කරන්න ඕන... 

මං එක දෙයක් කියන්නං.. ඒක මගේ හිතිවිල්ලක්... ප්‍රායෝගිකව මේකට කරන්න බැරි කරුණු මතු වෙයි.. ඒත් ඒකට තමා මිනිස්සු සාකච්ඡා කරන්න ඕන.. මේක කරන්න ඇයි බැරි සහ ඒ බැරි හේතු හදුනාගෙන ඒ හේතු නැති කරන්න ක්‍රම සෙවීමයි වෙන්න ඕන... එහෙම නැති මාරයට පිස්සු.. උගේ හරක් මොලේට ඕවා තේරෙනවද කියලා තම තමුන්ගේ වගාඩම්බර ගහන එක නෙවෙයි..ඒත් අවාසනාවට සිද්ධ වෙන්නේ ඒක.. ඒ හින්දා හැමදාමත් කට්ටිය ඔතනම තමා...

මෙන්න මගේ යෝජනාව... විපක්ෂය මේ වෙලාවේ ඉල්ලන්න ඕන විධායක ජනාධිපති ක්‍රමය හා පවතින දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් (ව්‍යවස්ථාමය) කිරීම... ඒකෙන් ප්‍රධාන දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම... අනතුරුව ඇමති වරු සීමිත ගණනක් පමණක් පත් කල හැකි... වැඩිපුර තනතුරු අරවා මේවා නැති බර අඩු පාලන තන්ත්‍රයක් ඇති කිරීම ගැන ක්‍රමයක් ඇති කිරීම... මේක කෙරෙන්න ඕන ජනමත විචාරණයකින්... මං දන්න තරමින් විධායකය අහෝසි කරන්න ජනමත විචාරණයකට පුළුවන් වෙන්න ඕන... මොකද ඕක ගෙනාවෙත් එහෙමම වීම නිසා... ජනමත විචාරණයක් නිකං හම්බ වෙන්නේ නැති හින්දා මූලිකව විපක්ෂ මංත්‍රීවරු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන ජන මත විචාරණයක් තැබිය යුතුයි කියන යෝජනාව.. ඒක පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න ඕන රහස් චන්දයකින් කියන කරුණත් ඇතිව... එහෙම උනොත් පක්ෂ විපක්ෂ භේධයකින් තොරව සාධාරණ තීන්දුවක් ලැබේවි... මොකද පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකගෙම හීනේ විධායක ජනාධිපතිකම දවසකට හරි තමන්ට ගන්න උනත්..ඒක ලොකු හීනයක් කියලා දන්න හින්දා තමුන්ට නැති එක අනුන්ට මොකටද කියලා හිතලා ඕකට විරුද්ධව අත උස්සන්න කෙසේ වෙතත් රහස් චන්දයක් දෙන්න ඉඩ තියෙනවා.. එහෙම උනොත් රටේ ජන මත විචාරණයක් තියලා මේක ඕනද එපාද කියලා අහලා තීරණයක් ගතෑකි... ඒ තීන්දුව හරියට ලැබුනොත්..(මගේ මතේට අනුව තීරණය ලැබෙයි ඕක අහෝසි කරන්න ඕන කියන තැනට..) එයින් පස්සේ පාර්ලිමේන්තුව හරහා අළුත් ක්‍රමයක් හදා ගන්න පුළුවන්... ‍ඒක දෙවැනුව විය යුතු වැඩක්.. ඒ ගැනත් මගේ අදහස් තියෙනවා උනත් මේක දිගින් දිගට ලියන්න කම්මැලි හින්දා දැනට ඇති...

ඔය විදියේ දේකට මිනිස්සු එකතු කර ගන්න අමාරු වෙයි කියලා මං හිතන්නේ නැහැ... මොකද තියෙන ක්‍රමයට මිනිස්සු කැමැත්තක් නැති හින්දා.. ඒත් විධායකය අහෝසි කිරීම වෙනුවට වෙන එකෙක් මාරු කරන තැනටනං අපේ මිනිස්සු ගෙන්න ගන්න තව දශකයක්වත් බලං ඉන්න වෙයි මහින්ද උපරිම පිස්සුවක් කෙලියොත් ඇර... 

එහෙම නැතිව විපක්ෂයේ උන් හැමදාම ඔහොම බෙලි කපා ගන්නයි බල්ලෝ වගේ පොරකන්නයි ගියොත් වෙන්නේ උඹලා වගේ පාක්ෂිකයෝ ටික හැමදාමත් අනාථ වීම සහ පොදුවේ රටට අහිතකර තීන්දු තීරණ ගැනීමට උනත් පවතින පක්ෂයට නිරායාසයෙන්ම හැකියාව ලැබීම... ඒවට රජයට විතරකි දොස් කියලා වැඩක් නැහැ.. කොහොමත් හැන්ද තියෙන එකා බෙදා ගන්නම තමා බලන්නේ... අනිත් උන් දැන ගන්න ඕන අරූ වැඩියෙන් බෙදා ගද්දී ඒකට එකතු වෙලා විරුද්ධ වෙන්න.. එහෙම නැතිව අනේ මටත් ටිකක් බෙදපං කියලා සද්දේ වහ ගන්න නෙවෙයි....

ඔය බත් කන හරකෙක් වෙන මගේ අදහස... ඔය ටික කිව්වේ බොහෝම මැදිහත්ව... මේ දවස්වල කට්ටිය වැටිලා ඉන්න වෙලේ පෙරළගෙන ගහන්න උවමනාවක් නැති හින්ද පේන්න තියෙන දේවල් විවෘතව කතා කලාට අවුලක් නැහැනේ... (නැත්තං උඹලා ගිරවු කියෝනවා වගේ කියෝන කොට අපිත් එව්වට උත්තර දෙන්න ඕන ඒ විදියටමනේ.. හා නැද්ද..?)

(ඔය පහළ තියෙන පින්තූරේ හින්දා පෝස්ට් එක සම්පූර්ණ උනාට ඒක අහක් කරහං බං... ඒකෙන් උඹගේ ෆොන්සේකා උන්නැහේටයි අවනම්බුව.. අර යෝධයට නෙවෙයි...)

---------------------------
මේක මේ සෑම්ගේ අද පෝස්ට් එකට දාපු කොමෙන්ටුවක් විතරයි.. කොටලා අහවර වෙද්දී  අකුරු හාරදහස් ගානක් කියලා එක පාර පල කරන් බැහැ කිව්වම ඒක කොපි කරං ඇවිත් මෙතන සේව් කරලා ආයේ තුනට කඩලා ඒකේ දැම්මා... ආයේ මේක මකන්නත් හිතලා මෙච්චර දිගට ලිව්ව වචන ටික මොකටද නිකංම අහක යවන්නේ කියලා ඕන එකක් කියලා මෙතනත් පබ්ලිෂ් කරලා දාන්න හිතුනා.. ආයේ වතාවක් කියවද්දී තව තවත් පැහැදිලිව ලිය වෙන්න ඕන තැන් පෙනුනත් (උදා:- රාජ්‍ය සේවය ලංකාවට උවමනාවට වැඩි බරක් වීම ගැන වගේ) කිසිම දෙයක් වෙනස් නොකරම දාන එක වඩා සුදුසුයි කියලා හිතලා ඔන්න මේ ඇමුණුම විතරක් යොදලා පබ්ලිෂ් කරනවා...

48 comments:

  1. මේකෙ තියෙන දේශපාලනේ ගැන විවේචනයක් තිබුණත් ඒ ගැන කමෙන්ට් කරොත් ඉතිං ආයෙ ආයෙ කමෙන්ට් කොටන්න වෙනව, දැන් කොටන්න කම්මැලියි. අනෙක ඔය එකෙක්ටවත් කැස්සට අපිට ඇති වැඩක් තියෙනවැයි.

    ReplyDelete
  2. මගේ නමත් ගැවිලා තියන නිසා මාරයට යමක් කියන්නම අවශ්යයි, ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නයකදී රහසිගතව කටයුතු කිරීම සහ භාෂණයේ නිදහස කියන්නේ සම්පූර්‍නයෙන් දෙකක් . මහින්ද හෝ රනිල් වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකත්වයත් ඇතුලේ සීමිත පිරිසකට සංවේදී බ්ලොග් කරුවන් දඩයම් කරන චීන ක්‍රමයේ පාලනයක් ඇති නොවෙන බව කියන්න ඕනි . භාෂණයේ නිදහස දකින්න පුලුවන් වෙන්නෙ භාහිර සමාජයේ . රනිල්ගේ පාලන කාලය ඇතුලේ රජය රිසි සේ විවේචනය කරන්න මාධ්‍ය වලට තිබුන ඉඩ කඩ තමයි එජාප රජයට එරෙහි මතවාදය ගොඩ නගන්න ජවිපය සහ හෙල උරුමය භාවිතා කලේ . දිවයින වගේ පත්තර බොහොම ප්‍රසිද්ධියෙත් හෙල උරුමය අන්තර්ජාලයෙත් "කිසිම වාරණයකින් " තොරව ඕක කරගෙන ගියා . රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහිව කටයුතු කලත් අද අයිටීන් එක හෝ ජාතික රූපවාහිනිය තරම් බලාඉන්න අසික්කිත විදිහට කඩේ ගියේ නෑ , සියලුම චැනල් බදු අරගෙන ජනහමු තියන්න , පක්ෂ සම්මේලනත් ලයිව් පෙන්වන්න කටයුතු කලෙත් නෑ වැදගත්ම කාරණය මාධ්‍ය වේදීන් ඝාතනය වුනේ හෝ රට හැර ගියේ නෑ , මේ තත්වය නොදැක්කා නම් ඒ මාරයා ඔය කාලේ දි ඇස් කන් පියාගෙන හිටපු නිසා හෝ හිතා මතාම පිලිගන්න අකමැති නිසා . ලංකාවේ භාෂනයේ නිදහස පිලිබඳ මම දකින හොඳම යුගය රනිල්ගේ අවුරුදු 2 (මේක සර්ව සම්පූර්න නැ කොහෙත්ම ) , භයානකම යුගය ප්‍රේමදාස උන්නැහෙගේ යුගය . මහින්ද ඉන්නේ අතර මැද , රනිල් ගේ බරපතල අඩුපාඩු කම් රාශියක් තියෙයි නමුත් මහින්ද ගේ පාලනයට විකල්පයක් (රට ගමන් කරන දිශානතියට විකල්පයක් අවශ්‍යයි කියල හිතෙන කෙනෙකුට ) අවශ්‍ය නම් තියන හොඳම විකල්පය රනිල් (මේ හොඳ නිර්ණය වෙන්නේ සාපේක්ෂව . හැබැයි රට මේ යන විදිහ ගැන සතුටු නම් රනිල්ගේ ලිංගිකත්වයට උනත් මඩ පාර ගහගෙන විවේචනය කරන්න ඕනි තරම් හැකියාවත් තියනවා . යුධ හමුදාවක සිටීම හෝ නොහිටීම ගැටලුවක් නොවෙයි අදාල පරිසරයට අනුව හැඩ ගැහෙන්න පුලුවන් නම් . සාර්ථක රාජ්‍ය නායකයින් වුනු හිටපු හමුදා නායකයින් ඕනි තරම් ඉන්නවා . කොහොම වුනත් ෆොන්සේකාගේ හෝ ගෝඨාගේ ඒ තත්වය නෑ කියන එකට මම එකඟයි , නමුත් සංවේදී තාවය කියන "විකුණන " නිර්නායකයෙන් නෙමෙයි , උපාය ශිලි දේශපාලන බුද්ධිය අනුව . උදාහරණයක් විදිහට ගෝඨාබය මහත්තයා පලාත් සභා අහෝසි කල යුතුයි කියල ඍජුව කරපු ප්‍රකාශය මහින්ද මහත්තය ඇත්තටම් කරන්න හිතුවත් ඔය වගේ එක පාරටම එලියට දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මාරයියා කියපු කාරණා එකින් එක අරන් රිප්ලයි කරන්න බැරුවට ම‍ගෙත් ඇහැ ගි‍යේ ‍මේ වචන කීපයට...

      //අද මහින්දට බනින උදවියට තියෙන නිදහස රනිල් යටතේ තියෙයිද කියලා මං අමුතුවෙන් කියන්න යන්නේ නැහැ.. කොටින්ම අද බ්ලොග් ලියන බුවාට/ සෑම්ට තියෙන නිදහස එදාට මට නැති වේවී...

      ජේවීපීය ගැන මං කතා කරන්න ඕන නැහැ... ඒ ගැන සෑම්වත් වෙන කවුරුවත් ඒ හැටි හිතන එකක්වත් නැහැ... ඒක අපි අමතක කරමු...//

      බුවා උඩින් කිව්වා ව‍ගේ රනිල් ඒ කා‍ලේ මාධ්‍යය අනිසි විදිහට භාවිත කලා කියල ‍දොස් කියන්න බැහැ. ‍මොකද TNL එක පවා ඒ කා‍ලේ අසරන ‍වෙලා හිටි‍යේ.තවත් ‍දෙයක් මාධ්‍ය නිදහස ගැනත් ඒකා‍ලේ අර්බුධ තිබු‍‍‍නෙ නැහැො!

      මාරයියා‍ගේ ‍/ බුවා‍ගේ සවිස්තරාත්මක ක‍මෙන්ට් වලට ස්තුතියි.

      මාරයියා සදහන් කරල තිබ්බ ව‍ගේම ‍පොදු ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය පැහැදිලියි. මාත් ඒ ම‍ත‍යේ. ඒත් ‍පොදු‍වේ එකගතාවයකට එන්න බැරි එකා මහ කුහක‍යෙක් කියල හිතන මත‍යේ සෑමා ඉන්න නිසා තමා ‍මේක ලියවු‍නේ.

      ජය !

      ** මාරයියාගේ ක‍මෙන්ට් එක ‍වෙන ‍වෙනම අරන් රිප්ලයි ක‍මෙන්ට් කරන්න බැරි තරම් දිග නිසා මුකුත් ‍නොකියා තියන්න හිතුවා. ඒත් බුවා සහ මාරයියා‍ගේ රිප්ලයි ක‍මෙන්ට් දිගට ඇ‍දෙන්න දිල මම පැත්තකට වුනොත් ඒක ‍කෙටවීමක් ව‍ගේ ‍වෙන නිසාමයි ‍මේ කමෙන්ටුව මම එතන දැම්‍‍මේ **

      Delete
  3. අපිට ඉන්නේ හොඳම විකල්පය මිසක් හොඳ නායකයෙක්වත් ආණ්ඩුවක්වත් නෙවෙයිනේ. හොඳම විකල්පය වන්නේ වෙනත් විකල්ප අහලකවත් නැති නිසා. කොහොම වුනත් හොඳම විකල්පය වුනත් රටකට දිරවන කාලයක් තියෙනවා. ඊට පස්සේ වෙනත් විකල්ප නැති නිසා මොකක් වෙයිද ? ෆොන්සේකා ගැන දුකයි. මහින්ද ගැන ඊටත් වඩා දුකයි. ඒත් තමන්,රට, ජාතිය ගැන දුක් වෙලා වැඩක් නැහැ නොවැ. පුළුවන් එකාල නැවෙන් පැන ගන්න එක තමයි කරන්න ඕනි.. මෙහෙ කවදාවත් ඔය වසන්ත අනං මනං එන්නේ නැහැ, ආවත් පවතින්නේ නැහැ.රට ජාතිය පාවාදීම අපේ ජානගත ගුණයක් .. සමහර විට මහින්දගෙන් මේ ආණ්ඩුවෙන් පස්සේ අපව "එක්සත්" ජාතීන් විසින් බලා ගනීවි - තව අවුරුදු කීපෙකින්...

    ReplyDelete
    Replies
    1. මට දාන්න තියෙන්නේ 'එම' කියල විතරයි.

      Delete
  4. maraiye me, ranil maamata bennoth apitath thada wenawa hariya. Ai yako. :)

    Monawa unath oye kalatipol gena mage tikiri moleta kisima adahasak ne. Eth ithin kepuwath kola, paramparawen ena ledak man hithanne. Samaharavita mehema giyoth eka hoda wei. Jeevithetama chanda 2e damme e 2ma paradai. Aya damme ne.

    Kohomath unp eke ranil maama ain karahama ethenta sudusu wena kauruth ne. Javipeth ehema thamai. E nisa thawa seehena kaalayak balan inna wei.

    ReplyDelete
  5. අනේ මං දන්නැ බන්ස් මේවා කතා කරන්න එක්කෝ අපි බොන්න ඔනේ එතකොට තමයි සමාජ අසාධාරණය සංස්කෘතිය දේශපාලනේ වගේ ඒවා ඔළුවට එන්නෙ... අනිත් වෙලාවට හිතුවොත් ඔ්කට ඇඩික්ට් වෙන්න පුළුවන්

    ReplyDelete
  6. තේරුමක් නෑ මාරෙ අයියා... සත පහක තේරුමක් නෑ...

    ReplyDelete
  7. දේශපාලනය යනු ගූ පොරයකි... ජනමනයා පත්කර යැවූ පිරිස ඒ ගැන බලාගනීවි... අපි හම්බකලොත් අපි කනවා මිස අපට දෙන කෙනෙකු නැත...

    ReplyDelete
    Replies
    1. අප හම්බකරනා දෙයෙහි වටිනා කම මෙන්ම හම්බ කරන දෙයින් කන්නේ මොනවාද යන්නත් තීරණය වන්නේ දේශපාලනය තුලිනි . එනිසා ඒය සුලුවෙන් තැකිය නොහැක . ඉලක්කම් 5 පඩි ගන්න අපි රුපියල් 50ට පාන් ගෙඩිය ගනිත්දී , කොටි ගනනින් පඩි ගන්නා සිම්බාවේ මිනිසුන් පාන් ගෙඩියක් ගන්නට සල්ලි ගෝනියක් ගෙනියන්නේ ඒ මිනිසුන්ගේ වරද නිසා නොව දේශපාලකයින්ගේ වරද නිසාය

      Delete
    2. මේ දේශපාලන ප්‍ර‍වාහය වෙනස් කිරීමට සිවිල් සමාජයේ අපට කල හැක්කේ කුමක්ද ? එය ප්‍රායෝගික වෙයිද ?

      Delete
    3. ප්‍රවාහය වෙනස් කරන්න කෙසේ වෙතත් රටේ නායකයො තවමත් තෝරන්නේ අපි , දේශපාලනය තිත්ත වෙලා ඡන්දෙ දවසට ගෙදර ඉන්න තැනට පත්වුනොත් අන්න එතනයි ප්‍රශ්නේ

      Delete
  8. මාතෘකාව දැක්ක ගමන් හිතුනා සැමාට දාපු කොමෙන්ටුවක් කියලා.. ඒක නිසා මුලින්ම සෑම්ගේ පෝස්ට් එක බලලා ආයිත් මේ පැත්‌ෙත් ආවා...

    මේකේ තියන කමෙන්ට් කියවනවා ඇරෙන්න මට නම් කමෙන්ට් එකක් දාන්න හිතෙන්නේ නෑ....

    ReplyDelete
  9. මමත් කියන්නෙ සිරා කියු දේම තමයි.. බුදු හාමුදුරුවො, යේසුස් වහන්සේ ආදී උදවිය දේශපාලනයට ආවත් , උන් වහන්සෙලාත් මේ ප්‍රවාහයට හසු වෙනවා. මම කියන්නෙ මහින්ද නරක නෑ.. නමුත් මහින්දට පුළුවන් නම් මේ අයාලෙ යන ගවයො ටික පාලනය කරගෙන හරි පැත්තට දක්කන්න - ඒ ටිකම ඇති.
    දැන් තත්ත්‍වය ඇවිල්ලා කිසිම ඇමතියෙකුට කිසිම තීරණයක් කෙළින් ගන්න බෑ.. අන්තිමට මහින්දම එන්න ඕන ප්‍රශ්නය විසඳන්න. අනිත් එක තමයි තමන්ගෙ පක්‍ෂයේ මිනිස්සු වැරදි කරනවා බලාගෙන මහින්ද නිකංම ඉන්න එක.. අධිකරණයට බලපෑමක් කරන්න බැරි නං හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඉට හසර හදලා දුන්න නං ඉවර නෙ.. මේ වගේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්න නිසා තමයි බොහෝ දෙනා විකල්පයක් ඉල්ලන්නෙ.. මහින්ද කියන්නෙ බොහොම කාළයක් තිස්සේ ලංකාව හොය හොයා හිටිය නායකයෙක්. නමුත් දැන් පොඩ්ඩක් පිස්සු කෙළින්න පටන් අරන්. මහින්ද නොහිටින්න අපේ රටේ යුද්ධය ඉවර වෙන්නෙත් නෑ. මහින්ද නිසා තමයි ෆොන්සේකත් කරලියට ආවෙ. නැත්තං නැට්ට පුකේ ගහගෙන විශ්‍රාම ගිහින් දැං ලොං හැලිලා ඇමරිකාවට වෙලා ඉඳියි..
    නමුත්, මිනිස්සුන්ට දැන් පේන විදියට වෙනසක් වෙන්නෙ නැහැ. හැම තැනම තියෙන්නෙ වංචාව දූෂණය අවුල්.. රනිල් ආව කියලා මේක වෙනස් වෙයි කියලා හිතෙන්නෙ නැහැ.. සමහර විට මීට අන්ත වේවි. මොකද දැන් විපක්‍ෂෙ අය ඇරියස් කවර් කරන්නත් එක්ක ගාන හොයන්න පටන් ගන්නවනෙ.
    මම කියන්නෙ නම් ඇත්තෙන්ම විපක්‍ෂයක් නෑ.. තිබුණත් නාමික විපක්‍ෂයක් විතරයි. තිබුණ ටිකත් මහින්ද ලස්සනට දිය කරලා ඇරලා...

    ඇල්කෙමියා.

    ReplyDelete
    Replies
    1. //මම කියන්නෙ මහින්ද නරක නෑ..// ,//මහින්ද කියන්නෙ බොහොම කාළයක් තිස්සේ ලංකාව හොය හොයා හිටිය නායකයෙක්//

      ඉතින් දෙය්යනේ ඔහොම එකේ ජර්මනියට වෙලා ඉන්නේ නැතුව එමුකො ලංකාවට , කොලඹ විශ්ව විද්‍යාලේ උගන්වන ගමන් රටට ජාතියට සේවයකුත් කරගෙන , ෆුටා එකත් එක්ක පාගමනක් දෙකකුත් ගිහින් ආතල් එකේ ඉන්න පුලුවන් නේ .

      Delete
  10. පොල්කිරි යහමින් දාලා හරියට ඉව්වොත් පතෝලත් රස කෑමකි...

    ReplyDelete
  11. අපරාදේ බොල මේ වෙලාවේ ජුංඅලයගේ කතාවක් ලියුවානං රටක් වටිනවා

    ReplyDelete
  12. මීට පෙර ලිපියකින්ද කියා ඇති පරිදි මාරයාගේ තර්කය වුයේ පුද්ගලයා නොව ක්‍රමය වෙනස් විය යුතුයි යන්නය. ක්‍රමය යන්නෙන් මුලිකව අදහස් කලේ විධායක ජනාධිපති ක්‍රමයේ වෙනස් වීම විය යුතුයි. එය මාරයාගේ අදහසයි ඔහුට එම අදහස දැරීමට ඇති අයිතියට ගරු කරන්නෙමි. මා දරන අදහස නම් විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිත්වයට බලය බෙදා හැර ඇති මෙම ක්‍රමය ඉතා හොඳ ක්‍රමයක් බවයි. ඈත්තේ මේ ක්‍රමයේ වරදක් නොව ක්‍රියාත්මක කරන පුද්ගලයින්ගේ එහෙමත් නැත්නම් ලාංකිකයින්ගේ (අපේ) වරදකි.විධායකයක් නොමැති පාර්ලිමේන්තුවක් පමණක් තිබී කාලයේ සිරිමාවෝ දරදඬු ජනයා තලා පෙලා දමන පාලනයක් ගෙන ගියේ නැද්ද? හැදියාව වෙනස් නොකරගත් මිනිසුන්ට ඕනෑම හොඳ ක්‍රමයක් නරක විදියට හරවා ගත හැක. වදුරාට දැලිපිහිය අහු වුනා වගේ අපේ අය බලය ලැබුනම පහල අයට වැටෙන්නේ ගහන එක අපේ හැදියාව නොවේද? ඕක විධායකය ළඟ විතරක් නොවෙයි රටේ හැම තැනම තියනවා නේද?. බස් එකට නැග්ගම කොන්දොස්තර මගීන්ට පාට් එක දාල සිය බලය පෙන්නන අපේ රටේ විධායකයට පත් වෙන කෙනා සිය බලය අනිසි ලෙස යොදා ගැනීම අහන්න දෙයක්ද?අපේ පාර්ලිමේන්තුව(ව්‍යවස්ථාදායකය) විධායකයට යටත් වී සිය බලය හෑල්ලු කරගෙන රටේ ජනතාටව වාසි වන අන්දමෙන් විය යුතු බල තුලනය නැති කර ඇත්තේ ක්‍රමයේ වරදක් නොව ඒ පත්වන මන්ත්‍රීවරුන්‌ගේම වරදිනි.උදාහරණයක් කියන්නේ නම් ඇමරිකාවේ ඔබාමා කොන්ග්‍රසයට ගෙනෙන පනතකට සිය පක්ෂයේ අය අපේ පක්ෂයේ ජනාධිපති කියන ඕනෑ එකකට අත උස්සනවා කියා අන්ධ ලෙස ඇත උස්සන්නේ නැත. ඔවුන් අත උස්සන්නේ තමන්ගේ චන්ද දායකයන්ගේ පැත්තෙන් බලා සහ පනත ගැබුරින් හදාරා රටේ අනාගතයට එය බලපාන අන්දම විමසා බලාය.ලංකාවේ මන්ත්‍රීවරු එහෙමද?ඊළඟට රටේ ජනතාව වෙන රටවල ජනතාව තමන්ගේ නියෝජතයින්ගේ රෙකෝඩ් එක බලල තමයි එලඟ පාර චන්දේ දෙන්නේ දැන් අපේ චාන්දදායකයින් මේ තමන්ගේ නියෝජිතයින් ව්‍යවස්ථාදායකය තුල චන්දය පාවිච්චි කරන හැටි හරිද වැරදිද කියන එක සලකල ද ඊළඟ පාර චන්දේ දෙන්නේ? ඉතින් මිනිස්සු තමන්ගේ හැදියාව වෙනස් කරනකම් ක්‍රම වෙනස් කරලා වැඩක් නෑ විධායකය නැතත් අගමැති කමෙන් ගානට වැඩේ දෙයි.

    ReplyDelete
  13. දැනට පලවී තිබෙන කොමෙන්ට් වලින් උදිතගේ කොමෙන්ට් එකට මම කැමතියි.. මෙතන කොමෙන්ට් ලියන්න ගිහින් මටත් උඹට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ.. කොහොම නමුත් මහින්ද මහත්තයා තවම මිනිස්සුන්ට එපා වෙලා නෑ. මම මහින්ද මහත්තයට කැමති එක හාල්පාරුවෙක් වත් ගනන් නොගන්න එකට. කොටින්ම සංඝයා වහන්සේට වැන්දට එයාලවවත් ගනන් ගන්නේ නෑ. අපේ වගේ රටකට අවශ්‍ය ඒ වගේ නායකත්වයක්. නැතුව හැම එකාටම බයේ කියන කියන් දේ කරන කෙනෙක් නෙමෙයි. දිස්ත්‍රික්ක සමුළු ටී වී එකේ පෙන්වන කොට පෞද්ගලික අංශයේ වැඩ කරපු කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනේ අපේ රටේ නායකයා මෙහෙමද මීටීමක් කොන්ඩක්ට් කොරන්නේ කියලා. ඒත් ඉන්න තප්ප හරක් එක්ක ඒ විදියේ මීටින් තියන්නේ නැතුව. රෙස්පෙක්ටබල් මීටීන් තියන්න බෑ. මම හිතුවා යුද්දෙන් පස්සේ අපේ චන්ඩියා නිහතමානී වෙලා රට ඉදිරියට ගෙනියයි කියලා. ඒත් කරුමේ කියන්නේ යුද්දෙට සුද්දෙ දීපු සෙට් එක වගේ සෙට් එකක් ලොක්කට ආර්ථිකේ නග්ගන්න නෑ. ඉන්නේ අට ෆේලියර්ස් ටිකක්. ලොක්කා මේ හොරු විස්වාශ කරනවනම් මට ලොක්කට කියන්න තියෙන්නේ එක දෙයයි. නාමල්ලට යෝෂිතලට දෙන්න ලොක්කට ලංකාව කියන රට නම් ඉතුරු වෙන්නේ නෑ කියන එක පමණයි. දැන් උනත් පරක්කු නෑ ලොක්කා.. මේ රටට විදේශ ආයෝජන අවශ්‍යයි.. ඒත් බුලත් විට විකුණන එකාගෙනුත් කප්පම් ගන්න රටක විදෙස් ආයෝජකයෝ එයි කියලා හීනෙන්වත් හිතන්න එපා.. මේ රට දියුණු කරන්න නම් කරුණාකරලා මේ සිස්ටම් හා ටීම් වෙනස් කරන්න..

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නේ මහින්දගේ නීත්‍යානුකූලව දිනා ඇති අවුරුදු හය මහින්දට දෙන්න. ඇයි මේ එලවන්න කලබල. අර අරුණි අක්ක කිව්වා වගේ ඉපදෙන්නට පෙර පෙකණි වැල කපන්න හදන්නේ ඇයි? මේ කාලය ජනතාවට පුළුවන් නේ තමන්ගේ හැදියාව වෙනස් කර ගන්න යොදා ගන්න. මං හිතන්නේ මේ විධායකය නැති කිරීමට වඩා විධායකයේ කාලය වසර 4 කට සීමා කරලා ඇමරිකාවේ ක්‍රමයට ජනාධිපති ගේ ඒ වසර 4 හරි මැද වසරට පාර්ලිමේන්තු මැතිවරණය එන විදියට ව්‍යවස්ථාව වෙනස් කලානම් ජනාධිපතිලට රජ පිස්සුව හැදෙන එක අඩුවෙයි.මොකද තමන්ගේ කාලෙන් අවු දෙකක් ගියාම ජනතාවට පුළුවන් ඕනනම් පාර්ලිමේන්තුවේ විපක්ෂයට බලය දීල ජනාධිපතිට අනතුරු හඟවන්න. සරලව කල යුත්තේ පාර්ලිමේන්තුව විසිරවීමේ බලය ජනාධිපතිගෙන් අයින් කරලා මැතිවරණ කොමසාරිස්ට දීල ඒ මැතිවරණය කාල සටහනකට අනුව නිශ්චිතවම හැම ජනාධිපති කෙනෙක්ගෙම නිල කාලයේ හරි මැද වසරේ තියන්න අනිවාර්ය කරන එකයි. 4න් 4රට වියදම වැඩියි කියල හිතෙනවනම් 6ම තියල ව්‍යවස්ථාදායකයේ mid term election එක 3න් පස්සේ තියන්න පුළුවන්.

      Delete
    2. දුටු ගැමුණු.. රටම එක්සේසත් කරලා ධාර්මික රජ කෙනෙක් උනා රට දියුණු කළා

      චන්ඩාශෝක.. අශෝක අධිරාජයා උනා.. බුද්ධාගමත් අපට එව්වා..

      චන්ඩි මහින්දත් යුද්දේ දින්නා.. ඒත්.. එතනින් එහාට... ම්හූ.....

      Delete
    3. "චන්ඩි මහින්දත් යුද්දේ දින්නා.. ඒත්.. එතනින් එහාට... ම්හූ....."

      අන්න ඒකට තමා මහින්ද ගැන දුක හිතෙන්නේ !!! :)

      ජනරාල් ෆොන්සේකා අහිමි කරගත්තු දේ වගේම මහින්දත් ගොඩක් දේ නැති කර ගන්නවානේ.. "රජෙක්" වෙන්න පුළුවන් මහින්ද එහෙම වෙන්නේ නැහැනේ.උන්නැහේලගේ පෞද්ගලික ජයග්‍රහණ "රජකම"ට අදාළ නැහැ..තමනුත්, තමන්ගේ ගෝලයොත් විතරක් ගොඩ දාගෙන "රජෙක්" වෙන්න බැහැ. අවුලක් නැහැ ඉතින් රජෙක් නොවුනට උන්නැහේටනම්..

      Delete
  14. මාරයා අයියා ඔය කියපු අදහස් කිසිම දවසක ප්‍රායෝගිකව කරන්න නම් බැරි වෙයි.

    ReplyDelete
  15. මේකට මම දකින ලොකුම හේතුව තමයි රටේ 75%ක් විතර තාමත් ITN, රූපවාහිනී බලන, නූගත් මෝඩයන්.. උන්ට පේන්නේ පාරකට තාර ටිකක් දැම්මම ඒක තමයි සංවර්ධනේ කියලා.. ඒවයිං කීයක් ආදරණීය තාත්තගෙ පටං උගේ බලුකුක්කා දක්වා සාක්කුවට යනවද කියන එක උංට ‍තේරෙන්නෙ නෑ.. තේරෙන්න තරම් අධ්‍යාපන මට්ටමකුත් නෑ.. හොඳම උදාහරණය තමයි දැයට කිරුල. මම කියනවට ඕවා තිබ්බ තැං ගිහිල්ලා බලන්න.. මුඩු බිම් හොඳයි..

    ආඩම්බරකාර තාත්තා කවදා හරි සිරිලක් මෑණියන්ට ඇරලා යන දවසත් වැඩි ඈතක නෑ.. දැනටත් රෙදි ගලවගෙන යන ගමන්.. :D

    ReplyDelete
  16. 100% uba eththa katha kala..un kawadath othana..api kawadath methana..heta gas eka petrol liter eka 20,000/- kalath minissu gahagena aragena yanawa..chandayak thibila peradunath un dinanawa..athe satha 5k nethi unath eka welak hari kala api innawa..mewwa mata therenne nehe ban..therum ganta uthsaha karantath behe..mewwa uththara nethi prashna..hebei ube lipiya godak hondai..jaya sri..!!!

    ReplyDelete
  17. මහින්ද කියන්නේ අධික කපටි මිනිහෙක් මිනිහගේ කපටි කමින් තව කොච්චර කාලයක් ඉදීද කියන එක කාටත් හිතා ගන්න බැරි වෙයි,

    ReplyDelete
  18. මහින්ද කපටි මිනිහෙක් ලු. තමන්ගේ නොහැකියාවට අනුන්ට බැනීම. දේශපාලනය ගැන මෙලෝ හසරක දැනුමක් නැති මෝඩයෝ රැලක් අරු හොඳයි , මු හොඳයි කියා කියා එක එකාට කඩේ යනවා. මෙතන ලොරි ටෝක් දාන බොලා හැම එකෙක්ම රජ පුටුවේ තිබ්බොත් වැඩ කරන්නේ මහින්ද /රනිල් ටත් අන්ත පජාත විදියට. නිකන් රට පාලනය කිරීම ගැන පඬි ටෝක් නොදී කාලේ කන්නේ නැතුව රටට හරි තමන්ට හරි පලක් ඇති දෙයක් කලොත් නේද හොඳ ?.

    පේන විදියට හැම එකාම දන්නවා රට පාලනය කල යුතු විදිය. හැබැයි රට නම් තාමත් යන්නේ රිවර්ස් එකේ .... ලොරි ටෝක් කාරයන්ගේ හැකියාව තමා ඒ!

    ReplyDelete
    Replies
    1. //නිකන් රට පාලනය කිරීම ගැන පඬි ටෝක් නොදී කාලේ කන්නේ නැතුව රටට හරි තමන්ට හරි පලක් ඇති දෙයක් කලොත් නේද හොඳ ?.//

      අනුන්ට උපදෙස් දෙන්නෙ තමුසෙත් අනුන්ගේ පඬි ටෝක් කියව කියවා කාලෙ කන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලාගෙන නිකා ඉන්නවකො

      Delete
  19. අනේ මන්ද මටත් රනිල් ගැන පැහැදීමක් නැහැ . දැන් එක පාරටම එයා හොඳයි කියල කට්ටිය කියන හින්ද මන් කල්පනා කරලා බැලුව හොඳක් මතක් කරගන්න . මනුස්සය ගැන මට එකම එක හොඳක් මතක් වුනා . සාමාන්‍ය පෙලට වැඩ හයක් කරලා අර කැකිරි කිරි හින්දා අල වෙච්ච ඇගයීම් ක්‍රමේ . හැමෝම ඕකට බැන්නට මන් නම් කැමතියි. මට මතක හැටියට ඒ කාලේ අධ්‍යාපන ඇමති රනිල් . කටපාඩම් අධ්‍යාපනයෙන් පොඩ්ඩක් එහාට ගිය ක්‍රමයක් . අනේ මන්ද කට්ටිය මට තඩි බායිද කියල මන් කිව්වේ මන් දැක්ක දේ .
    මනුස්සය ගැන නරක මතක වැඩියි. ඒ වගේම එජාපය ගැනත් .ඒ වුනාට ඉතින් දේශපාලනයේ සදාකාලික සතුරෝ සහ මිතුරෝ නැහැනේ . රනිල් ආවත් මහින්ද ආවත් ඔය ඉන්න කට්ටියම නේද දෙපැත්තට මාරු වෙන්නේ .

    ReplyDelete
  20. වෙන මොනවහරි ලියහංකො.

    ReplyDelete
  21. රාජ්‍ය සේවය ගැන මාරයා කියපු දෙයට යමක් කියන්න ඕන.මමත් රාජ්‍ය සේවයට එන්න ඉස්සර හිතුවෙ රාජ්‍ය සේවය කියන්නෙ නිකම් ඉන්න තැනක් කියල.

    ඒත් රාජ්‍ය සේවයෙ ඉන්න අය කොයි තරම් වැඩ කරනවද කියල දන්නෙ දැන්.මට නම් නිකම් ඉන්න කෙනෙක් පේන්න වත් නෑ.හැබැයි ඇතැම් තැන්වල දේශපාලන පිරවීම් නිසා අතිරික්තයක් ඇති.ඒ වගේම යාවත්කාලීන නොවූ කාර්යාලීය දේවල් නිසා යම් ප්‍රමාදයක් තියනවා.

    ගාමන්ට් වගෙ පෞද්ගලික තැන්වල මරව මරව වැඩගන්න බව අපි දන්නවා.ඒවගෙ වැඩ කරන අය රෝගී වෙනවා.රාජ්‍ය සේවයෙ පඩි අඩුයි.පෞද්ගලික අංශයෙත් ඉහල රැකියා කරන අය හැරුනම පඩි අඩුයි.
    මාරය ඉහල මධ්‍යම පාන්තිකයෙක් ලෙස මේ ගැන වැටහීම අඩු ඇති

    ReplyDelete
  22. මෙතන කොමෙන්ට් කරල තියන අයගෙ අදහස් වලට මගෙ අදහස් එකතු කරන්න ඕන කියල මට හිතුන.මම අත්දැකීමක් ලබපු මැතිවරනෙ තමයි 1994 මැතිවරනෙ.මහ ලොකු වෙනසක් වෙයි කියල මම හිතුව.මේ සිතිවිල්ලම 1956 ඉදන්ම මේ රටේ මිනිස්සුන්ට තියෙන්න ඇති.ඇත්තටම එහෙම වෙනසක් කරන්න කාටවත් බෑ.අද රනිල් බලයට ආව කියමු.වෙන එකම දේ ඉහල තනතුරු දරන අයගෙ මූණු වෙනස් වෙන එකයි.හොරා කන චෝදනාව හැමදාම හැම දේසපාලකයටම කරන එකනෙ.බඩු මිල ගැනත් හැමදාම ආඩපාලි තිබුනනෙ.
    හැබැයි මහින්ද ආවෙ නැත්නම් මේ යුද්දෙනම් කෙරෙන්නෙ නෑ.ඒ කෙලෙහි ගුනේ සදාකාලිකවම ටිබිය යුතුයි කියලයි මම කියන්නෙ.මම මහින්දට චන්දෙ දෙන්න ඒකත් හේතුවක්.
    ඒත් මොන පාලකයෙකුටවත් මහ ලොකු ප්‍රාතිහාර්යනම් කරන්න බෑ කියල මම දන්නව.
    මූණු ටික වෙනස් වෙන එකයි වෙන්නෙ.පාරවල් හදයි,සංවර්ධන ව්‍යාපෘති කරයි ණය ගනියි,පඩි ගෙවයි ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. ඉහල තනතුරු දරන අයගෙ මූණු වෙනස් වෙන එකයි//

      මේකත් අත්‍යාවශ්‍ය දෙයක් රටේ ආර්ථිකය දිහා බැලුවාම . යුද්ධය ඉවර කිරීම වෙනුවෙන් මහින්දට ටර්ම් 2ක් හම්බුවුනා , කැමති නම් දිගටම කලගුණ සලකමු , යුද්ධය විතරක් නෙවෙයි තව තව ජාතින් සදහටම ඉවර වෙයි . සමහර විට ඉවරයි කියලා ආතල් එකේ ඉන්න යුද්ධෙත් ඇත්තටම ඉවර නෑ කියන එකත් පෙනේවි .

      //හොරා කන චෝදනාව හැමදාම හැම දේසපාලකයටම කරන එකනෙ//

      මේ චෝදනාව හැමෝටම නෑ , නායකයින් වශයෙන් ගත්තොත් රනිල්ට නෑ (රනිල්ගේ ගෝලයො හොරා කන එක නම් නවතින්නෙත් නැ හැබැයි )

      Delete
    2. මම මේ දේශපාලන පෝස්ට් දැක්කම කරන්නේ අනිත් අය කියන දේ දිහා බලං ඉන්න එක විතරයි.. මොකද දිගින් දිගට ඇදගෙන යන්න ගත්තොත් මට වෙන වැඩක් කරන්න වෙන්නේ නැති හින්දා. ඒත් බුවාගේ සිතුවිලි දිගින් දිගටම රනිල්ව හෝදන්න ගත්තම පොඩි කාරණයක් මතක් කරලා දීලා යන්න හිතුනා. බු/සි මහත්තයට මතකද කාබුල් ලංකා එක. හැබැයි බු/සි කියයි ඒ රනිල් නෙවෙයි අම්මා කියලා. එතකොට අපිටත් කියන්න වෙන්නේ රනිල්ගේ අම්මට කියලා තමා බු/සි මහත්තයෝ. රනිල් හොරකං කරන්නේ නැහැ කියන්නේ බු/සි මහත්තයනේ. ඒත් ඉතිං අර කිලිනොච්චි මැදවච්චි ගෝතයට හොරකං කරන්න දුන්නම ඇතිනේ මරා ගෝඨා කැලේ විසිවෙන්නම

      Delete
    3. මොලයක් තියන හිතන්න පුළුවන් මද්‍යස්ථ මිනිස්සු කාටවත් කඩේ යන්නේ නැතුව වෙන දේ බලාගෙන ඉන්නවා. ලංකාවේ මේ වෙනකම් උනේ බු/සි මහත්තය , ඩි ඩී ටි කොලුවා වගේ තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන් , තනතුරු වරදාන බලාගෙන දේශපාලන පක්ෂයකට ලජ්ජා නැතිව කඩේ ගිය අය බලයට ගෙන ආපු ආණ්ඩු වලින් රට විනාශ කරපු එක විතරයි. ඒ ගොල්ලෝ නම් තමන්ට ඕන දේ කරගත්ත. රටත් විනාසයි. අහිංසක මිනිස්සුත් විනාසයි.

      ලජ්ජා නැතිව පෞද්ගලික ලාභ අපේක්ෂාවන් , තනතුරු වරදාන බලාගෙ කඩේ යන අයගේ ලක්ෂණයක් තමයි කොච්චර වැරදි , අඩුපාඩුකම් පෙන්වල දුන්නත් ඒවා පඩේකට මායිම් කරන්නේ නැතුව ඒවා නොදැක්ක වගේ කඩේ යාම දිගටම කරගෙන යාම.... අපි නිකන් මොකටද බොරුවට නිදි මිනිස්සුන්ට ඇහැරවන්න හදන්නේ ?

      Delete
    4. //බු/සි මහත්තය , ඩි ඩී ටි කොලුවා වගේ තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන් , තනතුරු වරදාන බලාගෙන දේශපාලන පක්ෂයකට ලජ්ජා නැතිව කඩේ ගිය අය බලයට ගෙන ආපු ආණ්ඩු වලින් රට විනාශ කරපු එක විතරයි//

      ඔය නිකන් කිසිම පදනමක් නැති චෝදනාවක් නේ මහත්තයො , මම කව්ද , මොනව කරන කෙනෙක්ද කියන එක නොදැන ඔබතුමා කොහොමද කියන්නේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් යමක් කරනවා කියලා . මට පෞද්ගලිකව කියල අමුතු වාසියක් එජාපයෙන් නම් කොහොමටත් නෑ , එහෙම යමක් කරගන්නවා නම් සන්ධානෙන් තමා . හැබැයි රටේ පුරවැසියෙක් විදිහට ඔය ආණ්ඩු කරනව විදිහ අනුව අනික් අයට බලපාන දේවල් මටත් බලපානව . , විවේකයක් ලැබුනු වෙලාවල මේ ලියල දාන්නේ ඒ නිසා (ලියන්න නිදහස තාම අපේ රටේ තියන නිසා )

      Delete
  23. // බු/සි මහත්තයට මතකද කාබුල් ලංකා එක//

    ඔය නම අහල පුරුදු වුනාට සිදුවීමක් ගැන මතකයක් නෑ , ඔබතුමාලගේ සන්ධාන දේශපාලන නායකයින් හරි මහින්ද අබේසුන්දර හරි වත් ඕව ගැන නොකියන කොට මතක තියෙන්නෙ කොහොමද ? , ඔබතුමාට සතුටු නම් රනිල් හොරෙක් කියලා ඔය කථාවේ සුල මුල ඇදලා ජංජාලේ ඇතුලේ සංවාදයක් පටන් ගන්න , මොකද රාජ්‍ය මාධ්‍ය තියා සිරසයි මවුබිම පත්තරෙයි වත් තාම ඔය පොයින්ට් එක අල්ලගෙන නෑ.

    ඒ වගේම කියන්න ඕනි රනිල් ගැන හොඳක් කියන්නේ සාපේක්ෂ මිසක් , මිනිහා රෝල් මොඩල් එකක් ගානට දාගෙන නොවෙන බව . එහෙම දේශපාලන රෝල් මොඩල් තියා අහලකින් යන එකෙක් ලංකාවේ නෑ , හිටියා නම් අන්න එදාට මමත් කඩේ යාවි . එතකන් කොයි ගෙනාගෙත් හොඳට හොඳයි කියන්නත් , නරකට නරකයි කියන්නත් බය වෙන්නේත් නෑ

    ReplyDelete
    Replies
    1. බු/සි යෝ , ඒක හොඳයි මේකා හොඳයි , අරු යවමු , මු යවමු කියල මෙතන ගූ ගොඩවල් දෙකකින් හොඳ මොකද්ද කියල කියා කියා අපිට කියල දෙන්න හදමින් තපුල්ලන්නේ නැතුව (අපි දන්නවා දෙකම ගූ කියල), දැනට ලංකාවේ තියෙන සමාජ , ආර්ථික , දේශපාලනමය තත්වය යටතේ රට ගොඩ නැංවීමේ මාර්ගය ගැන සම්පුර්ණ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. එතකොට අපිට බලාගන්න පුළුවන් ඔබ මොනවගේ ප්‍රයෝගික තලයකද ජිවත් වෙන්නේ කියල . වැඩපිළිවෙල හොඳ නම් චන්දෙ ඉල්ලන්ත් පුළුවන් නේ :P

      Delete
  24. @මහ සෝනා - උඹවත් මමවත් වැඩපිලිවෙල් වල් ඉදිරිපත් කලා කියලා ඒව ක්‍රියාත්මක වෙන්න අපි ඡන්දෙට යන්නේ නෑ නෙව . ඉන්න ගු ගොඩවල් වලින් එකක් තෝරගන්න මිසක් . අමුතුවෙන් රන් ගොඩවල් පහල කරගන්නත් බැනෙව . ගු ගොඩවල් තෝරාගැනීම ගැන මට හිතෙන දේවල් මම කියනවා , බලන එකෙක් බලයි . හොඳට දැනුවත් ඔබතුමාල ඒව කියවන්න මහන්සි ගන්න එපා

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ 93 දී ලංකික දේශපාලනයේ වික්ටර් අයිවන් රඟපාපු භූමිකාව. හේරෝ බූරුවෝ වෙනස් වේවි දිගටම කැරකි කැරකි එන්නේ ඒ චක්කරේම තමයි. ඔච්චර දේශපාලන දැනුමක් තිබ්බ වික්ටර් අයිවන් ටත් එදා වැරදුනා. ඔබ වගේ අය ගැන කුමන කතාද ?.

      ඔබ ට පෞද්ගලික ලාභ ප්‍රයෝජන ඒ ජා පයෙන් නැත්නම් ඒකට කහින එක නවත්තන්න. මොකද ඒකට නොනවත්වා කාසේ හැදිලා වගේ කැහීම මගින් , කැහීම අහන ඉන්න මද්‍යස්ථ මතධාරීන්ගේ මතයත් ඒ දෙසට බර වෙනවා. අවසානයේදී චන්දයකදී එය තීරණාත්මකව බල පානවා. තට්ටු මාරු කරා කියල ප්‍රශ්නය නොවිසඳෙන බව ඔබට වඩා අත්දැකීම් තිබෙන මෝරපු මිනිස්සු දන්නවා.

      ඔබට පවතින ක්‍රමය සම්බන්ධයෙන් ඇති අප්‍රසාදයට කර හැකි එකම දේ තමයි ඒකට මේකට කඩේ යන්නේ නැතිව , ගූ ගොඩකින් වඩා සුවඳ මොකද්ද කියල අපිට පෙන්නලා දෙන්න තතනන්නේ නැතිව , පවතින ක්‍රමයෙන් ගොඩ ඒමේ ආකාරය ගැන සම්පුර්ණ වැඩ පිළිවෙලක් ඔබට හැකි විදියට ඉදිරිපත් කිරීම. වැඩපිළිවෙල හොඳනම් ඒ ගැන සමාජ කතිකාවතක් නොවරදවාම ඇති වෙයි. දැන්වත් අපි තට්ටු මාරු ක්‍රමය අත හරිමු. පක්ෂයකට කඩේ යන එක නවත්තමු. දියුණු කිසි රටක මෙහෙම සාමාන්‍ය මිනිස්සු දේශපාලනේ ගැන වාද විවාද කර ගන්නේ නැහැ.

      Delete
    2. //ඔබ වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ 93 දී ලංකික දේශපාලනයේ වික්ටර් අයිවන් රඟපාපු භූමිකාව//

      වික්ටර් අයිවන් ල හිතපු විදිහටම වැඩ කටයුතු සිද්ධ නොවුනට ,ඒ එජාප රජය තවදුරටත් පැවැතීම වැලකුණු එකෙ යහපතක් නැත්තේ නෑ

      //ඔබ ට පෞද්ගලික ලාභ ප්‍රයෝජන ඒ ජා පයෙන් නැත්නම් ඒකට කහින එක නවත්තන්න. මොකද ඒකට නොනවත්වා කාසේ හැදිලා වගේ කැහීම මගින් , කැහීම අහන ඉන්න මද්‍යස්ථ මතධාරීන්ගේ මතයත් ඒ දෙසට බර වෙනවා//

      කලිනුත් කිව්වා වගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන නැතත් මම දරන දේශපාලනික අදහස් අනුව එකිනෙකාගේ ගුණ අගුණ කියනවා , මේ ලිපියට ආදලාව එජාපය වෙනුවෙන් කථා කලාට එජාපයේ වැරදි විවේචනය කරපු අවස්ථා වගේම රජයේ ප්‍රතිපත්තීන්ට සහය දක්වපු අවස්ථාත් ඕනි තරම් තියෙයි . ඔබතුමා ඒවා නොදැක තිබීම ගැන කණගාටු බව තමයි කියන්න තියෙන්නෙ .

      තට්ටු මාරුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයේ දකින්න තියන ලක්ෂණයක් , ක්‍රමය වෙනස් කරන්න කථා කරන මහත්තුරු ඒ ගැන කථා කරාවි . තට්ටු මාරුව අස්සේ කරන්න පුලුවන් මොකක්ද කියල මම කථා කරාවි , ක්‍රමයේ වේනසක් ගැන කථා කරන ඔබතුමාම ඒ දේ නොකරන්නේ ඇයි ?

      //දැන්වත් අපි තට්ටු මාරු ක්‍රමය අත හරිමු. පක්ෂයකට කඩේ යන එක නවත්තමු. දියුණු කිසි රටක මෙහෙම සාමාන්‍ය මිනිස්සු දේශපාලනේ ගැන වාද විවාද කර ගන්නේ නැහැ. //

      ප්‍රජාතන්ත්‍රවාදි රටක් නම් තට්ටු මාරුව නවත්තන්න හැකියාවක් නෑ , මේ දක්වා පක්ෂයක් තෝරගෙන කඩේ ගිහින් නෑ , අදාල වෙලාවට අනුව අදාල මතවාදය පිලිබඳ කථා කරනවා විතරයි .

      Delete
    3. බු /සි මචෝ , මෙතෙක් කල සාකච්චාවෙන් මට තේරිච දේ තමයි , ඔබද පැත්තක ඉඳන් මාරයාගේ බාසාවෙන් කියනවා නම් පිඟන් හෝදන , පිඟන් කඩන එවුන්න්ට අම්ම මෝ නැතුව බනින , ප්‍රතුළ දේශපාලන , සමාජීය , ආර්ථික දර්ශනයක් ඇති කියල හිතන් ඉන්න නමුත් "ඔන්න කොරපන් " කියල රෙන්ස පටිය අතට දුන්නහම කක්කි බාල්දි ඉහ පිටින් දාගෙන චු නාගෙන කිච වෙන බන්දුල ගුණවර්ධ පරම්පරාවෙන් පැවත එන කෙනෙක් බවයි. දර්ශනේ , මතවාදේ තියෙනවා ලෙසටම .. එත් වැඩේට ගියහම නාගන්නවා... වැඩක් නැහැ බන් එහෙම දර්ශනේ !

      මේ ඇති ... මං ගියා මගේ විමානෙට!
      ටටා , බායි..

      Delete
    4. // ප්‍රතුළ දේශපාලන , සමාජීය , ආර්ථික දර්ශනයක් ඇති කියල හිතන් ඉන්න //

      අපෝ මෙහෙම කිසිම දෙයක් හිතාගෙන නෑ , බන්දුලලට වැඩ කරන්න කියල අදාල තැනට යවල තියෙන්නෙ . මම මේ සයිබරේ අස්සෙ මොන මලදානේ කිව්වත් ඒක තවත් එක්ක දර්ශනයක් විතරයි , ප්‍රායෝගික දෙයක් නෙවෙයි

      Delete
  25. ඔන්න දැනට මම අන්තිම...වෙන එකෙක් වත් ආයෙත් මට පහළින් කමෙන්ට් කලොත් බලාගමු.

    ReplyDelete
  26. දේශපාලනය නේ......

    ReplyDelete