22 October 2012

ඉතිං දැන් මදෑ... ආයුබෝවන්..!

මේක හීනයක් කියලා හිතලා මං නැගිටින්න උත්සහ කලා.. ඒත්  මට තේරෙනවා මට නැගිටින්න බැහැ කියලා... මං නිදං හිටියේ බිම එළපු පැදුරක... මේක ඒ හැටිම පහසු දෙයක් නොවුනත් මට ඒක දැන් හුරු වෙලා හින්දා ගානක් නැහැ.. ඒත් පොළවේ ඇති තද ගතිය නිතරම වගේ දැනෙනවා.. ඒත් දැන් මට ඒක දැනෙන්නේ නැහැ... මට පහසුවක් හෝ අපහසුවක් දැනෙන්නේ නැහැ... අත පය තියෙනවා වගේ උනාට ඒවා පාලනය කරන්න පුළුවන් කමක් දැනෙන්නෙත් නැහැ... හැබැයි මට පේනවා මගේ ශරීරය තියෙන ආකාරය... ඒක පැත්තට හැරවිලා තියෙන්නේ... අත් දෙක නවාගෙන බෙල්ල හරියේ ගුලි කරං... දණ හිස් මඳක් නැවිලා... හැබැයි මං නිදං හිටිය ඇදුම නෙවෙයි මට දැන් පේන්නේ... මං මම කැමතිම නිල් පාට ටී ෂර්ට් එකයි ඩෙනිමයි ඇඳන් ඉන්නේ... කොහොමද මේක උනේ...?

මුලින්ම මං දැක්කා මම දොම්පේ යනවා.. මට ලොකු පාරක් හදනවා පෙනුනා.. මං ඒක බැළුවා... ඒ දොම්පේ කියලයි මට මතක... කොහොම හරි මං ඊ ළඟට හිටියේ ලා දුඹුරු පාට පෙට්ටියක.. ඒක මිනී පෙට්ටියක්... ඇතුල කුෂන් කරලද නැද්ද මංදා... ඒත් මං එකේ ඉන්නකොටම මට මාව පේනවා එයිට උඩ ඉඳන්... කීප දෙනෙක් මිනී පෙට්ටිය උස්සලා අර ගත්තා... මල්ලිත් එතන ඉන්නවා... ඌ අඩනවා මං කවදාවත් දැකලා නැති තරං බෑඟිරි ගගහා.. ඒ මදිවට මගේ මූණ අත ගානවා.. මට මේක මහ වදයක්..මං ඌට කිව්වා "ඕක නවත්තපං... මට කරදර නොකර ඉඳපන්" කියලා... ඒත් ඌ අඩනවා මොකෙක්ද එකෙක් වගේ... ඌට මං කියන දේ ඇහෙන්නේ නැද්ද..? මූ කවද්ද මෙහෙම ඇඬුවේ..? මූට පිස්සුද..?

මං හිටියේ ලොකු මේසයක් වගේ එකක් උඩ ඇල වෙලා.. පෙට්ටිය තිබ්බා ඒ අසලම මොකක් හරි එකක් උඩ.. මට එතන පේනවා... පෙට්ටිය අල්ලන්න හිටිය උන් කිසිම පිළිවලකට වැඩක් කරන්න දන්න උන් නෙවෙයි... උන් අඩමානෙට වැඩ... මට තේරුනා මේක දැන් පෙරලෙන්න යන්නේ කියලා.. මං උන්ට කියා දුන්නා මේක කරන්න ඕන විදිය... "උඹ අර මුල්ල අල්ලපං.. මේ පැත්ත අනිකා අල්ලපං... හරියට මැදට වෙන්න බැලන්ස් වෙන්න තියපං... ඔය ඔය.. ඔන්න ඉතිං පැත්තට ඇල වෙන්න යනවා.. යකෝ ඕක මැදින් අත තියපං පෙරලෙයි.." එහෙම කිව්වේ මල්ලිට... ඒත් ඌට අඩනවට වඩා දෙයක් නැහැ.. මං හිතුවා හරි.. වැඩේ වැරදුනා..පෙට්ටිය බිම... පියන අස්සෙන් මාව මාව බිම වැදුනා... මට හිනා ගියා.. මුං කවදාවත් වැඩක් හරියට කරන්න ඉගෙන ගන්න උන් නෙවෙයි... ආයෙම පෙට්ටිය හරි අතට හරෝලා මාව ඇතුලට දැම්මා.. මල්ලි ආයෙත් මූණ අත ගගා අඩනවා... මට හිනා යනවා...

මං කොහොමද මේක ඇතුලට ආවේ..මටම තේරෙන්නේ නැහැ.. හැබැයි මං මේ ඉන්නේ මැරිලා නේද... එකෙනේ මුංට මාව ඇහෙන්නේ නැත්තේ... කමක් නැහැ මැරෙන එක මං හිතං හිටිය තරං වරදක් නැහැ.. වෙනදට නිතර දැනෙන ඇගේ පතේ තෙහෙට්ටුව දැන් නැහැ.. වැසිකිලි කැසිකිලි යන්න වෙන උවමනාවන් දැනෙන්නේ නැහැ.. වැඩේ සැහැල්ලුයි.. එකම දේ මුංට මං කියන දේවල් නොතේරෙන එක... ඒ මදිවට කෙලින්නේ පිස්සු... මං පිළිවෙලට වැඩ කරනවට කැමතියි... මුං දන්නේ අඩන්න විතරයි.. අනිත් හැම දේම අනාගන්නවා... මට බැරි උනා මුංට පිළිවෙලට වැඩක් කරන හැටි කියා දෙන්න... කමක් නැහැ දැන් මං මැරිලා..ආයේ මට කාවවත් හදන්න උවමනාවක් නැහැ... ඔන්න ඕක වළලලා හරි පුච්චලා හරි දාලා අහවරයක් කරපියවු...

මට අවදිවෙන්න සෑහෙන අමාරු උනා.. ඒත් එක පාරටම සෑහෙන වෙලාවකට පස්සේ මට තේරුනා මං නැගිටලා කියලා... මැරෙන එක ඒ හැටි දෙයක් නෙවෙයි... ඇත්තටම බයක් හෝ දුකක් හිතුනේ නැහැ.. හැබැයි ටිකක් කේන්ති ගියා අනිත් උන් පිළිවෙලට වැඩ නොකරන එක දැකලා.. ඒත් පස්සේ මටම හිනා ගියා... මං මලත් පිළිවෙල හොයනවා නේද කියලා...

කොහොම උනත් කියන්න තියෙන්නේ ඕනම දෙයක් කරන නියමිත පිළිවෙලක් හා කාලයක් තියෙනවා... ඒ කල් මැනීමට අනුව පිළිවෙලට වැඩේ කලොත් වැඩේ හොඳම විදියට කෙරෙනවා.. නැත්තං වැඩේ අඩු පාඩු හිටිනවා... ඒ හින්දා හදිසියට වඩා පිළීවෙල බලනවනං හොඳයි.. නැත්තං උඹල මගේ පෙට්ටිය අතෑරියා වගේ හැම එකම අනා ගනී...

සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට...  ඒ හින්දා කල් ඇතිවම කියලා තියෙන එක හොඳයි... හැමෝටම ආයුබෝවන්...! හා හා මට පෙරළා ආයු බෝන් එපා... මගේ ආයු අහවරයි...

47 comments:

  1. එහෙම යන්න පුළුවන්ද???... තව කොච්චර නම් ලියන්න තියේද? අනිත් එක ආයේ යන්න තියන වෙලාව කවුද දන්නේ ??? ඒ නිසා බ්ලොගක් ලියාගෙන නිස්සද්දව හිටු. යන වෙලාවක යයි.

    ReplyDelete
  2. හදිසියේ මෙව්වා පේන්න ගත්තේ මොකක් හරි නොසන්ඩාල වැඩක් කොරලා කස්ටියක් පස්සෙන් එනවා ඇති.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි !.

      ඒකම වෙන්න ඕන හේතුව. එහෙමත් නැතිනම් මූට අත්තනඇට කැවිලා ( ඒ කිව්වේ මේකා අර අත්තනඇට දාපු මෝදක ගුලි ගිලලා )

      Delete
  3. මාරයියේ මොකද ගැටලුව

    ReplyDelete
  4. මලා .මේකේ මාතෘකාව ''මිනියක් කතා කරයි'' කියල වෙනස් කරන්න . දැන් ඉතින් ආයුෂ වැඩි වෙයි.

    ReplyDelete
  5. හප්ෙපාච්චිෙය්.. හිටු කියල අාණ්ඩුවට කඩේ යනකොට මට හිතුන මෙහෙම දෙයක් වෙයි කියල... කොහෙද කියන දෙයක් අහනවයැ... :P

    ReplyDelete
  6. අපොයි උදේ පාන්දරම මේ මොකෝ . මාරයලා ඉන්නේ බ්ලොග් අවකාශේ එකම එක්කෙනා නිසා මමනම් කැමති නැහැ දැන්මම වැලිගම් යනවට .

    ReplyDelete
  7. ජුංගෙ කතා ඉවර නෑ....
    පන්සල් කතා ඉවර නෑ...
    ඉතිං උඹට ඔහොම යන්න දෙන්න බෑ..............

    මූට මොනවහරි වැරදි දෙයක් කැවිලද කොහෙද.

    ReplyDelete
  8. එහෙම මැරෙන්න දෙන්න බෑ.. අනික උඹට ඕන ව්දියට මැරෙන්නත් බෑ.. පේනවනේ කොමෙන්ට්ස් වලින්..

    ReplyDelete
  9. මළ සේක කිව්වලු...
    කොහෙ මඟුලක ගියත් කමක් නෑ ඔය තියෙන ලැපා අරං පලයං අයියේ....ගිය තැනක එවුන් වත් බ්ලොගේට සෙට් කර ගත්තෑකි...හැබැයි ඉතින් එහෙ ඉඳන් දේශපාලන හෑලි ලියලා ආයෙත් මරා ගන්නවා එහෙම නෙවේ ඔන්න... :P

    ReplyDelete
    Replies
    1. ආ..අහන්න අමතක උනානේ... නිදාගන්න කලින් " ඔළුවයි කකුලුයි සීතල වෙලා " එහෙම තිබුනේ නෑ නේද හත් පණ එකේ වගේ...??

      Delete
  10. අනේ තොගෙ පිලිවෙල .... . රස්සාව කරන ගමන් නිදියලා, හීනත් බලල දැන් මෙතන මගුලක් කියනවා..

    ReplyDelete
    Replies
    1. සොරි " අවමගුලක් කියනවා" වශයෙන් නිවැරදි විය යුතුය

      Delete
  11. maarayath ehenam heenen hari meruna. Ithin minissu wechcha api gena kawara kathada, man mechcharakal hithagena hitiye merunath hina wela merenna ona kiyala vitharai. Eth dan wenas una. Merunath hina wela piliwelakata merenna ona.

    Ara anthima wakkiya erenna anek okkoma hodai.

    ReplyDelete
  12. මඟුලක් කතා කරනව. මොකද ඊයෙ රෑ නින්දගියේ නැත්ද?

    ReplyDelete
  13. මාරයා මළොත් අනිත් එවුන් මැරෙන්නෙ කොහොමෙයි ?

    ReplyDelete
  14. හික්ස්.... මරු හීනෙ...ලොතරැයියක් අරගෙන බලන්න ඇදෙයිද කියල.

    ReplyDelete
  15. අයියන්ඩිය....මටත් කියන්න මේක ලියන්න කලින් පාවිච්චි කරපු සැර බීම එකේ බ්‍රෑන්ඩ් එක නිකමට වගේ.

    ReplyDelete
  16. මට පේන්නෙ අර රනිල්ගෙ අනා වැකිය සිරාවට අරගෙන වගේ....

    ReplyDelete
  17. //සමහර විට මට කියලා යන්න බැරි වෙයි..හිටි හැටියේ නොකියම යන්න වෙයි මට... //

    හිනාවෙලා කියෙව්වට, අන්තිම හරියේ තිබ්බ මේ කෑල්ල කියෙව්වහම නිකන් මට අප්සැට් වගේ... අපි එක එක නම් හදාගෙන අපි "විකාර" ලිය ලිය ඉන්නවා... මළත් ඉතින් කොහොමද දැනගන්නේ... අඩුම ගානේ පෙට්ටිය වැටෙන්න නොදී තියාගන්නවත්...

    ReplyDelete
  18. //කොහොම උනත් කියන්න තියෙන්නේ ඕනම දෙයක් කරන නියමිත පිළිවෙලක් හා කාලයක් තියෙනවා... ඒ කල් මැනීමට අනුව පිළිවෙලට වැඩේ කලොත් වැඩේ හොඳම විදියට කෙරෙනවා.. නැත්තං වැඩේ අඩු පාඩු හිටිනවා... ඒ හින්දා හදිසියට වඩා පිළීවෙල බලනවනං හොඳයි.. නැත්තං උඹල මගේ පෙට්ටිය අතෑරියා වගේ හැම එකම අනා ගනී...
    //

    මොන මගුලක් කතා කළත් මේ ටික තමයි ලිපියෙ හරය....

    කවුරු යන්න එපා කිවුවත් යන්න වෙනව නං යන්න වෙනවා... ඒකෙ ගැටළුවක් නෑ... කකුලෙ තුවාලෙ හැදිච්ච මිනිහා මැරෙන්නෙත්, ඔළුවට උණ්ඩ තුනක් වැදිච්ච මිනිහා අපූරුවට ජීවත් වෙන්නෙත් ඔන්න ඔය ධර්මතාවය නිසා.
    යන්න ඉස්සර කෙරන්න ඕන මොනවද කියන එකයි වැදගත්, මම කියලා තියෙනවා වගේම
    "යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී"

    ඕං කිවුවා !

    ඇල්කෙමියා
    http://alchemistsdiary.wordpress.com/
    http://alchemistsdiary.blogspot.de/

    ReplyDelete
  19. ඈ මාරයියේ.. දැං උඹලා කොමෙන්ටු වලට රිප්ලයි දාන්නේත් නෑ නේ... ඉතිං මේවට උත්තර හම්බුවෙන්නැ නැති කොට මොකෝ බං උඹට උනේ කියලා ඇහුවට වැඩක් නෑ නේ....

    ඕක නිසා කියන්න තියෙන දේ කියන්නං.... මොකෝ උඹ මලාට පස්සේ ගූණ වැයුවාය කියලා උඹට ඇහෙන එකක් යෑ...

    නෑ.. එක්කෝ ඕන් නෑ.. හම්බුන වෙලාවක කියන්නං... එතකං ජීවත් වෙලා ඉදිං මැරුම් කන්නේ නැතුව....

    ReplyDelete
  20. අඩෝ මේ, මලාට කමක් නෑ.. හත් දවසේ දානෙ දෙන දවසයි, තැනයි අපට කලින් කියලා හිටපිය.. නිවාඩුවක් එහෙම දාන්නත් එපායැ.. ;)

    ReplyDelete
  21. මගුලක් කතා කරනව! මාරයගෙ හෝරාව ලියන්නෙ කවුද බොල!

    ReplyDelete
  22. SF ගැනම හිත හිත ඉඳල නින්ද ගිහින් තියෙන්නෙ...මට එහෙම හිතුනෙ මේ ටික කියෙව්වට පස්සෙ....
    //කොහොම උනත් කියන්න තියෙන්නේ ඕනම දෙයක් කරන නියමිත පිළිවෙලක් හා කාලයක් තියෙනවා... ඒ කල් මැනීමට අනුව පිළිවෙලට වැඩේ කලොත් වැඩේ හොඳම විදියට කෙරෙනවා.. නැත්තං වැඩේ අඩු පාඩු හිටිනවා... ඒ හින්දා හදිසියට වඩා පිළීවෙල බලනවනං හොඳයි.. //

    ReplyDelete
  23. උඹ තාම අර ආරක්ෂක ජොබ කරනවද බං???? කරනවනං මං ලොක්කට ලිංක් එක යවන්නං දැංම. විගහට කියහං.

    එතකොට උබට පූර්ණ කාලීනව ජ්‍යොතිෂ්‍ය වැඩ කරන්න මං උදව් කරා කියල හිත හදා ගත්තැහැකි.

    ReplyDelete
  24. අයියේ දැන්ම මැරෙන්න එපා බං තව අවුරුදු විස්සක්වත් බ්ලොග් බරණ උන්ට ෆුන් එකක් දෙන්න උඹල වගේ උන් ඉන්න ඕනේ දීර්ගායු ලැබේවා

    ReplyDelete
  25. අඩේ මේකාගේ යාළු රියල් මාරයා මූව අපායට ගෙනිහිං එහෙ යමයාගේ බ්ලොගය ලියන්ට සුජානං කොරනවා වගෙයි

    ReplyDelete
  26. ""උඹ අර මුල්ල අල්ලපං.. මේ පැත්ත අනිකා අල්ලපං... හරියට මැදට වෙන්න බැලන්ස් වෙන්න තියපං... ඔය ඔය.. ඔන්න ඉතිං පැත්තට ඇල වෙන්න යනවා.. යකෝ ඕක මැදින් අත තියපං පෙරලෙයි.." එහෙම කිව්වේ මල්ලිට... ඒත් ඌට අඩනවට වඩා දෙයක් නැහැ.. මං හිතුවා හරි.. වැඩේ වැරදුනා..පෙට්ටිය බිම... පියන අස්සෙන් මාව මාව බිම වැදුනා... මට හිනා ගියා.. "
    මටත් මේ කොටස කියවලා වැලට හිනා ගියා ඕං...

    මේ හීනය හවස් වරුවක නිදා ගන්න ගිහින් දැකපු එකක්ද?

    ReplyDelete
  27. මේ මරණයට වගකිව යුත්තේ රාජ් ය. ඌ රෙ නිල් 8 වෙනිදා දෙනවා කිව්ව බැස්ටිය මාරයියාට බොක්කටම වැදී ඇත.

    උඹ අතාරින්න එපා මාරයියේ. උඹ අහල තියනවනේ බුදු හාමුදුරුවෝ උඹේ පරම්පරාවේ මහ එකාට (බුද්ධ කාලේ මාරයාට ) කිව්වා 'ජීවිතය කෙරෙහි මාගේ ආශාවක් නැත. පැරදිලා ජීවත් වෙනවාට වඩා සටන් බිමේ මරණය මට උතුම්ය' කියල.

    ReplyDelete
  28. බඩු මුට්ටු බෙදන හැටි පිලිවෙලකට හදල තිබ්බනම් අපට ලේසියි..!
    [අර මේස කෑල්ල මට ලියන්ට ඈ!]

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එක මට ලියල දුන්නනං හොඳයි.

      Delete
    2. ඔව් ඔව් ප්‍රසන්න ලියයි දිගටම - අනේද කියන්නේ ;-)

      Delete
    3. මට දෙන්න හඳහන්, පොරොන්දන්, වෙලාවල් බලන සාස්තරේ... (අදම පටන් ගම්මු)

      Delete
    4. ඔන්න මට බයික් එක ඕනේ මගේ බයික් එකේ සවුත්තු කෑලිටික ගලවා ගන්ඩ

      Delete
  29. බම්බුව...!

    බස් පළුවන්ගේ කතාව (16)
    මාර බණ... (19)
    පන්සල් දිවිය... (67)
    .
    .
    .
    .
    .
    .
    .
    මෙන්න මේ සීරීස් පිළිවෙලකට ඉවරකොරලා පිළිවෙල ගැන කතා කොරහන්.

    ReplyDelete
  30. ලොක්ක කතා කරලා මහජන බැංකුවේ සභාපති වගේ තනතුරක්වත් දුන්නද යන්න හදන්නේ?

    ReplyDelete
  31. පෙට්ටියෙ කුෂන් වැඩ එහෙම හොදට කරලා තිබුනද ? ඇණ එහෙම ඇනුනෙ නැද්ද ?

    ReplyDelete
  32. vikaara........... monawa liyanawada manda

    ReplyDelete
  33. දේශපාලන ගැන උඹ ලියාපු දවසටනං මට හිතෙනවා උඹව මැරිලා ගියානං කියලා

    ReplyDelete
  34. නිල් පාට ටී ෂර්ට් එකෙයි ඩෙනිමෙයි කතාව මල්ලිට කියල තියන්න වෙයි. නැත්නම් ඉතින් එක්කො සුදු ජාතික ඇඳුමක් හරි, ටයි කෝට් එල්ලල හරි තියයි අඳුනන්න බැරි වෙන්න.

    ReplyDelete
  35. මට ඔය ගෑස් සිලින්ඩරෙයි ලිපයිවත් දියංකො. ඒක හොඳයි ට්‍රිප් යනකොට උඹට පින්දිදී තේ එකවත් හදාගන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete