මේක දැකපු ගමන් කෙනෙකුට හිතෙන්න පුළුවන් "හයියෝ මේ මොන අපරාදයක්ද?" කියලා... සීගිරියට හෙන වැදුනා කිව්වම ඒක ලේසි වැඩක්යෑ... අනික ඒ හෙනය පාත් වීමෙන් ආරංචියේ හැටියට එක සිංහ පාදයකට බරපතල හානියක් වෙලා තියෙනවා... ඕනනං බලන්නකෝ මං මේ ගොසිප් සයිට් එහෙකින් අමු අමුවේ උස්සපු පින්තූරේ...
පේනවා නේද..? උන්දලා කියන හැටියට අඩි අටක් උසට..අඩි හයක් පළලට මේ කඩා වැටීම සිද්ධ වෙලා තියෙනවා... එහෙම ගත්තාම මේක බරපතල හානියක්... ඒත්...
ඇයි මං ඒත් කියලා නැවැත්තුවේ... ඒ කියන්නේ මේක හානියක් හැටියට මම දකින්නේ නැති හින්දයි...
"දෙයියනේ හෙනම ගහපං මේ මාරයට.."
"මූට පිස්සුද යකෝ මෙච්චර හරියක් උනාම හානියක් නැහැ කියලා කියන්නේ.."
"හෙන වදින්න ඕන එකා හිටියදී වෙන තැනකටනේ හෙනේ වැදිලා තියෙන්නේ.."
"මූට අමු කැවිලද යකෝ මේ හෙන ගහන කතා කියන්නේ.."
දැන් තමුන්නාන්සේලා එහෙම නේද කියන්නේ..
හා හා කලබල වෙන්ට එපාලා ආයිබෝං... එහෙම එක පාරට කට ඉස්සර කොර ගන්ට එපා...
ඔය කොයි කොයි දේත් කියන්ට කලියෙන් මේකේ ඇති හොඳ පැත්ත ගැනත් අපි කල්පනා කොරන්ට එපෑ.. අර කවුදත් කියලා තියෙන්නේ ඕනෑම දේක දෙපැත්තක් ඇත කියලා... දැන් අපි මෙතැනදිත් මේකේ අනිත් පැත්ත මතු කරගන්ට ඕන... ඒත් මං දන්නවා ඔහෙලට ඉතිං මට වගේ විශිෂ්ඨ මෙව්වා එකක් නැහැ කියලා එහෙම පැත්තක් මතු කොරගන්ට.. මේ හැකියාව තියෙන්නේ මේ මං වගේ තව හෙළුව වනන කිහිප දෙනෙකුට විතරයි... එක අතකින් ඔහේලා දුක් වෙන්ට ඕන එහෙම මෙව්වා එකක් ඔහේලට නැති එක ගැන.. අනිත් පැත්තෙන් ඔහේලා සතුටු වෙන්ට ඕන එහෙම එකක් නැති වීම ගැන...
ඇහ්.. ඒ මොකටද සතුටු වෙන්නේ කියලා ඇහුවා..?
ඇයි මල වදේ මං කලිනුත් කිව්වේ ඕනම දේක දෙපැත්තක් තියෙනවා කියලා.. ඉතිං මේකටත් එහෙමම තමා.. අර මට තියෙන මෙව්වා එක තමුන්නාන්සේලාට නැති වීම ගැන දුක් වෙනවා වගේම ඒකේ අනිත් පැත්ත එැටියට සලකලා සතුටු වෙන්ට ඕන නැද්ද.. පැහැදිලියිනේ... අන්න මගේ විශිෂ්ඨ මෙව්වා එක පැහැදිලි වෙන තවත් අපූරු උදාහරණයක්...
හරි දැන් අපි මේ සීගිරියට හෙන වැදුන එකේ නරක පැත්ත අතෑරලා ඒකේ හොඳ පැත්ත මතු කර ගමු... හැබැයි රජෝ..ඒක මේ හිතන තරං ලේසි නැහැ... සෑහෙන්න අත පය කැක්කුම හැදෙන වැඩක්...
දැන් කට්ටිය අහයි නේද ඒ කොහොමද අත පය රිදෙන්නේ කියලා... ඒක වෙන්නේ මෙහෙමනේ ... දැන් අපිට තියෙනවා ලොකු වැඩක්.. ඒ කියන්නේ අර පෙරලිලා තියෙන ගල් ගොඩයි.. පස් ගොඩයි අහක් කොරන්න ඕන.. ඒ විතරක්ද ඔය පෑදිලා තියෙන කට හරහා ගල් ඉනි.. උදළු කටු එහෙම පාවිච්චි කොරලා හාරන්ට ඕන ලොකු උමඟක්... ඉතිං ඒක අත පය කැක්කුං අල්ලන වැඩක් නෙවෙයිද හා..?
හරි ඊ ළඟ ප්රශ්නය...
"මොන ලබ්බටද අපි ඔතන උමඟක් හාරන්නේ...?"
කල බල වෙන්ට එපා ඒකටත් මං දෙන්නං උත්තරේ...
ඔහේලා මේ අන්තර් ජාලේ පාවිච්චි කොරන අයනං මේ වෙනකොටත් දන්නවා ඇති සීගිරිය ගැන මේ අන්තර් ජාලේ එහෙ මෙහෙ ගිය ලිපි ලේකන ගැන එහෙම.. ඒ අතරින් අර අපේ මහා විද්වත් "සූරිය ගුණසේකර" උන්නැහේ එහෙම මුල් වෙලා හෙළි දරවු කොරපු අර සීගිරිය අවට ගම්මානෙක හිටිය වයසක ආතාගේ කතාව...
දැකලා නැත්තං මෙන්න මේක බලන්නකෝ...
හරි දැන් පැහැදිලියි නේද මං මේ මොකක්ද කියන්න යන්නේ කියලා...?
ඔන්න පුතේ වෙලාව... වැරදිලාවත් ඔය සූරිය ගුණසේකර උන්නැහේගේ කතාව විස්වාස කොරලා සිංහ පාදය ගාව හාරන්න ගියානං රටේ ඉන්න තරං උදවිය දෙස් තියයි... කොහේවත් නැති කතාවක් හින්දා මේ යසට තිබුන සිංහ පාදෙට හානි කොරලා ඒක විනාස කොරනවා කියලා... සමහර විට ඒකත් මහින්දගේ ගිණුමටම යයි.. ඔන්න ඒ පාර කාශ්‍යප රජ්ජුරුවන්ගේ කඩුවත් ඕන වෙලා කියලා...
ඒත් දැන් කිසි අවුලක් නැහැ.. පේනවනේ විවරයේ උස පලල.. උස 8යි.. පළල 6යි.. ඔය මදෑ ගින්නක් නැතිව වැඩේ කරගෙන යන්ට... දැන් තියෙන්නේ පිළිවෙලකට උමඟක් හාරං ඇතුලට යන්ට තමා... ඒක කරන්ට දස්සයෝ හොයාගන්ට පුරාවිද්‍යා එකට බැරිනං මට කියන්ට මං වැලිකඩින් හරි කළුතරින් හරි බැරිනං බෝගම්මබරින් හරි සෙට් එක හොයලා දෙන්නං.. එහෙ ඉන්නවා ඔය උමං හාරන්ට දස්ස උදවිය ඕන තරං.. ඒත් ඒ හැකියාවට අවස්තාවක් නොදී උන්දලට මුර දාන හින්දා සද්ද නැතිව හිටියට... අන්න අපේ නියම හෙළු යක්කු... පැවත එන්නේ උම්මග්ග ජාතකේ මහෞෂධ පණ්ඩිතයින්ගේ ගෝල බාලයින්ගේ පරම්පරා වලින්... ඔය උමග හාරන එක සිම්පල් කේස් එකක් එයාලට...
ආන්න එහෙම කොරලා උමඟ හාරලා කෙලින්ම අර පර සුද්දා.. ඇච් සී පී බෙල් කාරයා කොන්කිරිට් දාලා වහපු තැන හොයලා ඒකත් හාරලා.. කොන්කිරිට් හාරන එක ඉස්සර අමාරු උනාට දැන් තාක්ෂණෙත් එක්ක සුළු දෙයක්නේ... ඒක කරන්ට දැන් තියෙන තාක්ෂනේටත් බැරිනං කියන්ට මං ඒකටත් රාවණා යුගේ බෙහෙතක් දෙන්නං.. දාපු ගමන් කොන්කිරිට් එක වාස්ප වෙනවා... බෙල් කාරයා හිතන්න ඇති කොන්කිරිට් දාපුවම හැමදාටම වහන්ට ඇහැකි වෙයි කියලා..හුහ් සුද්ද කැලේ... එව්වා හඳේ...
එයින් පස්සේ අපිට ආයෙමත් දැක ගන්ට ඇහැකි අපේ අති උත්තම රාවණ ශ්‍රී රාජෝත්තමයාණන් විසින් කුවේරයා පළවා හැරලා අයිතිකරගත්ත සිහගිරියේ සැබෑ ශ්‍රී විභූතිය.. සුද්දා බය වෙලා කොන්කිරිට් වලින් වහලා හංගන්න හදපු හෙළු යක්කුන්ගේ විස්සකර්ම වැඩ ටික... වැඩිය ඕන නැහැ අර කර්කටක යන්ත්‍රයේ කෑලි බෑලි ටික හොයා ගත්තත් මදිද මං අහන්නේ...?
ඕවා මතු කරගත්ත ගමන් මුළු ලෝකෙම අපිට දණ නවයි නේද ආයිබෝං... පිස්සු හැදෙනවනේ.. මට නිකං දැනටමත් කිචි කිචි වගේ... සුද්දෝ අපිට වඳින්න එනකොට අපි ආඩම්බරෙන් උන් දිහා බලලා "චිප් චිප්" කියන හැටි... ෂෙහ්..දැනෙන ෂනීපයක්... හෙළ යකෙක් උනේ හොඳ වෙලාවට අප්පා...
අන්න දැන් ඔහෙලට තේරෙනවා නේද මේ වැදුන හෙනේ කොයි තරං හොඳද කියලා... මෙහෙම අවස්ථාවක් එහෙමත් ලේසියෙන් ලැබෙනවද අපිට... එහෙමනං දැන් අර මුලින් මට අනං මනං කියලා හිතෙන් හරි බැන්න උන්දලා වහාම මගෙන් සමාව ගන්ට ඕන... ඔව් ඔව්.. නැත්තං ඉතිං ඔහෙලටත් ලේසි වෙන්නේ නැහැ...
---------------------------------
හරි එහෙමනං තව එක කාරණාවක් කියලා මේක අවසන් කරන්නං... ඒ තමා ඔය වැදුනේ නිකංම නිකං හෙණයක් කියලනේ කට්ටිය හිතං ඉන්නේ.. නැහැ ආයිබෝං.. ඒක මේ හෙළු යක්කු වෙන අපි කිහිප දෙනෙක්ම විතරක් දන්න රහසක්.. ඔය වැදුනේ රාවණා සරයක්.. ඒක එව්වේ හදේ ඉඳලා... (තාම එහෙ හංගලා තියෙනවා අපේ ඉන්ද්‍රජිත් කුමාරයගේ ලේසර් තුවක්කුව) අහම්බෙන් වැදුන හෙනයක් නෙවෙයි ඔය... නැත්තං මෙච්චර බලගතු ඉපැරණි හෙළු ආරක්ෂක සිස්ටම් එකක් තිබුන තැනට මේ කොහේවත් යන දෙකයි පණහේ හෙන ගෙඩි පාත් වෙන්න ඇහැකිද..? ඕක මේ රාවණා රජ්ජුරුවන්ගේ අවදිවීමට පෙර උන්නාන්සේගේ ආම්පන්න ටික ගොඩ ගන්න ඕන හින්දා කරපු වැඩක්... ඒවා ටික තියෙන්නෙත් ඔය කියාපු බෙල්ගේ කොන්කිරිට් එක යට..එව්වාට අත තියන්න බෙල් ලොක්කට ලැබුනේ නැහැ... ඒවා තාමත් එතන... දැන් හෙට අනිද්දට තව රාවණ සර දෙක තුනක් එවලා ඕක පාදලා ආයුධ ටිකත් අරං රාවණා රජතුමා කල එළි බහිනවා... එතෙක් ඔබට රාවණ සිද්ධම්...
(හැබැයි පුතෝ මේවා කියපුවාම මේවට හිනාවෙන බණින උඹලට එදාට මං උන්නාන්සේ එක්ක එකතු වෙලා දෙන්නං බැටේ...)
-------------------------------------------
(ජාතින ව්‍යසනයකදී එය සැහැල්ලුවට ගැනීමක් නොවන බව කරුණාවෙන් සලකන්න)

රාවණා ගැන මේ වගේ ළිපි ලියන එකාගේ බඩට ගහන කුමණ්ත්‍රණයක් මේක. එතකොට අර වර්ගපූර්ණිකාව ලියන එකාට මොකද වෙන්නේ.. කැත වැඩ කරන්න එපා මරා....
ReplyDeleteඔන්න මාතලනෝ උඹ සීගිරි යන්න ගත්තම වෙන විපත්... :D:D:D
Deleteඅර යුද්ධ කාලේ උඹව ඇරියනං ඒ පැත්තට ප්රභාකරන් මරන්නේ හෙන ගස්සලා...
(හූරේ..මුලටම ආවේ නියම හාවා... මං මේ උඹට මේකේ ලින්ක් එකක් යවන්නද කියලත් හිතුවා... ඒත් එක්කම ඔය ඇවිල්ලා තියෙන්නේ හට්ටියටම...)
ඇත්තට මාතලන් ලොක්කා සීගිරිය ගැන කියල කට ගන්න ලැබුනෙ නෑ.. ;)
Deleteමාතලන් කියන්නේ හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්. ෂුවර් එකට මු ඔතන හාරලා නිධානෙ ගත්ත.
Deleteමාත් මාතලන්ව මතක් කරගෙන ආවේ කියන්න..කෝ කට්ටිය කලින්ම කියලනේ....
Deleteඔය අර “ අත ගාන්න” යන කට්ටිය නවත්තන්න මාතලන්ගේ බාරියාව කියවපු වස් කවියක්ද කොහෙද වැඩ කරලා තියෙන්නේ...
හි හි....
ඇත්ත කථාව !!!! ආචාරියාට ගැසූ බඩේ පාර හෙලා දකිමු
Deleteහොඳ වෙලාවට සිංහ පාදෙට හෙනේ ගැහුවේ.. බිතු සිතුවම් පැත්තට එහෙම වැදුනා නම් මං ඉඳලා හමාරයි
Deleteමාතලන් ++++ :)
Deleteමාතලංට හරි නේද උදේම... :D
DeleteThis comment has been removed by the author.
Deleteමාතලන් .. මෙන්න වැන්දා උබ අරලිය ගහ මන්දීරේ ලගින්වත් යනවා එහෙම නෙවෙයි ..., ඕනෑම නම් ඔය මාරයාගේ ගෙවල් පැත්තේ පොඩි විසිට් එකක් දාපන් ...
Deleteවිජාතික කුමන්ත්‍රණයක්....
ReplyDeleteමොන පිස්සුද..මේක හෙළු යක්කු වෙච්ච අපේ වැඩක්...
Deleteඑහෙම වෙන්න බෑ පොර සීගිරිය ගැන දන්නෙ නැ ගිහිල්ලත් නෑ
Deleteවෙනීගෙ ෆොටෝ බලන්න හදිස්සි වුනා නේද ? අන්න තියෙනවා කාමරේ...
Deleteඅනේද කියන්නේ ,ඇත්තටම ඕක හාරලා ගොඩගන්න දේවල් නිසා මේ පාර අය-වැය වෙනස් වෙයිද මන්දා ඔහොම ගිහින් ...
ReplyDelete:D :D :D
ReplyDeleteමම රෝමෙට ගිහින් ඇත. සීගිරි ගිහින් නැත !
ReplyDelete++++++
Deleteසීගිරි ගිහින් ඇත රෝමෙට ගිහින් නැත
Deleteසීගිරියටයි රෝමෙටයි දෙකටම ගිහින් නැත !
Deleteආචාරියාගේ ජොබය නැති කිරීමට දත් කෑම සම්බන්ධව අපගේ දියාරු විරෝධය. හෙන ගැහුවද? කැටපත් පවුරේ ලුණු බැදුනද ඔය මාතලං ගොයියා රහස් කාව්‍ය එළියට දාපු වෙලාවේ ඉදල වෙන දේවල්. සාපය. සාපය...
ReplyDeleteපිස්සුද මේක මේ මීවන ජයරත්නයන් වෙනුවෙන් ලියාපු එකක්... උන්දෑ මොකෝ අපි මොකෝ..දෙන්නම හෙළු යක්කු නෙව..එහ්නං..හෙහ් හෙහ්...
Delete:D
ReplyDeleteඋඹ හිතෙන්නේ ඕකට හෙනයක් පාත් වෙලාද කියලා, ඕක අනිවා පත කෙබ්බයක් වෙන්න ඕනේ, පහුගිය දවස් වල බේබිලා එහෙම ඔය පැත්තේ කැරකුනා ද දන්නෙනේ නෑ.
ReplyDeleteබේබිලා කොලානං මෙලාට මේක ලංකා චී නිව්ස් එකේ පැයෙන් පැය පුවත් වෙනවනේ.. කෝ තාම එහෙම ආරංචියක් නැහැ නේද..?
Delete///// අර මට තියෙන මෙව්වා එක ////
ReplyDeleteමොකක්ද බෝල මෙව්වා එක ?
ඒක උඹලාට තේරෙන්නේ නැහැ බං.. ඒක තේරුං ගන්නත් මෙව්වා එක තියෙන්න ඕන...:D
Deleteඋඹේ අති විශිෂ්ඨ මෙව්වා එකෙන් මෙව්ව වෙන දේවල්නං නියමයි.
ReplyDeletehttp://ctkumara.blogspot.com/2012/01/blog-post_30.html
උඹට ඔය අහවල් මෙව්ව එක පහල වෙන්න ඇත්තෙ මේ වැදිච්ච රාවණාසරයෙන් වෙන්න ඇති.
මං ඔය ගැන වෙනම ලිපියක් ලියන්න ඉන්නේ.. හිටහංකෝ...
Deleteපෝය ළඟයි... හඳ මෝරගෙන එනවා... මේ වගේ පෝස්ට් දෙකතුනක්ම ඉස්සරහට එයි....තව ටික දවසකින් සීතා හරි හනුමන්තා හරි ගැන නොලිව්වොත් ලෝක පුදුමයක් ..:)
ReplyDeleteසීතා ගැන .. :))
Deleteසීතා ගැනනං ලියන්න අදහසක් නැහැ ඒත් මං උඹ ගැන ලියන්න හිතං ඉන්නේ... අනුමානයෙන් බාගයක් හරි ඕං එතකොට... :P
Deleteඇයි රාමා කලබල වෙලා..?
මොකට කලබොල වෙන්ටද අයියා, උන්දැ ගැන ලියවෙනවනම් සන්තෝසයි...
Deleteහාරන්න යනව නං අපිත් එන්නං... මාත් හෙලුවෙං ඉන්නකොට යකෙක් වගේ කියලා සුමනක්කත් කිව්ව..
ReplyDelete:-) +++++++++++++
Deleteහික් හික් :) :)
Deleteසුමනක්කා කිව්වේ අර ඇගේ වෛරයේ එක්කෙනා වෙන්ටෑ... එයා දන්න යක්කු... ගිහිං කුවේණිට හිටපු අර රෝස පාට එකේ අයිතිකාරිගෙන් අහලා බලහං.. ආං උන්දෑ දන්නවා හරියටම යක්කු ගැන...
Deleteඅනේ බන් අය්යේ .. අන්න අල්ලපු රටේ උන් අපේ රාවනා රජතුමාගේ රූපෙට ගිනි අවුලවන්න හදන්නේ .. (ඔව් ඔව් අදම තමයි...) ඉක්මනට ඔය තියනවයි කියන අට මගුල් ටික හොයාගේන ගිහින් උන්ව කම්මුතු කරලා .. අපේ හෙලයක් රාවනා නරෝත්තමයන්ගේ පිලිම බේරගනින්කෝ
ReplyDelete( අද ඉන්දියාවේ දසේරා )
දැන් බං ඔය මෙහෙත් ඔබාමගේ බෑංකී මූංගේ පඹයෝ පුච්චන්නේ..කෝ උන්දලා කලබල වෙනවද..නැහැනේ... ඔබාමාලා වගේ තුට්ටු දෙකේ නායකයෙක්ද අපේ රාවණයන්... හෙහ් ඔය මෝඩ ඉන්දියන් කාරයෝ ඔහොමවත් ආතල් එකක් ගත්තදෙන්... අර අපේ සමහරු අර කිව්ව ඒවා පුච්චන්නැහේ...
Deleteමාරයා වර්ගපූර්ණිකාවට සපෝර්ට් නිසා හොඳා, නැතිනම් මෙතන කණක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ.:D
ReplyDeleteමේකත් මේ වර්ගපූර්ණිකාවේ යන්න තිබුන ලිපියක්..ඒත් නොවැලැක්විය හැකි කාරණයක් හින්දා මටම දාන්න උනා...
Deleteමාරයා මොකෝ යාළුවා මොකෝ ;)
Deleteමේ පෝස්ට් එකේ ලොකු අඩුවක් මම දකිනවා.
ReplyDeleteඔය හෙන ගහපු සිංහ පාදයට යටින් , සුද්දෙක් මාරයා ඉස්සරහා දිගෑදිලා වැඳන් ඉන්න පින්තූරෙකුත් දැම්මා නම් මල් හතයි.
මාරයො, ඔය නිට්ටඹුව පැත්තෙ නැද්ද බන් සුදු කබර හැදිච්ච එකෙක් හොයා ගන්න?
පොඩ්ඩක් හිටහං බං ඉවසලා... හෙට අනිද්දට සුද්දෝ පෝලිමට තියලා වන්දවන්නේ... :P
Deleteමාරයගෙ මෙව්ව එක හින්ද මගෙ මෙව්ව එකත් යන්තමට ෂෝට් වුනා යකෝ...
ReplyDeleteමේ හෙනයත් එක්ක අලවංගු උදලු එහෙමත් පාත් වුනාද දන්නෙත් නෑනෙ...
අර TV එකේ අකුනක් ආවා...අකුන නැවතුනා..හැරිල බලනකොට පස් කඩාවැටිල තියෙනව දැක්ක..කියමින් දුටු සාක්කි කියපු එකා කාසිවලට කට අරින එකෙක්ද දන්නෙත් නෑ..
:D
Deleteඅම්ම මුත්තා කිව්වත් මම නම් එදා ඉඳල කිව්වේ රාවණා ඔය නැගිටින්න හදන්නේ කියල.. ඔය පෙනෙන්නේ. අඩි 6 පළල අඩි 8 උසට ගඩොල් කැඩෙන්න හෙන පාරකින් හරියටම බෑ. මේ ටාගට් කරලා ප්‍රී ප්‍රෝග්‍රෑම් කරපු රාවණ ලේසර් එකක වැඩක්. ජයරතනයෝ ඇවිත් මේ ගැන පහදපියෝ....
ReplyDeleteඅනිවාර්යයෙන්ම... ජයරත්නයන් ඉදිරියේ පැවැත්වෙන රාවණාසම්ප්රාප්තිය වෙනුවෙන් සංවිධාන වැඩකට ගිහිල්ලා..ටිකක් එන්න පරක්කු හින්දා මංම දැම්මේ...
Deleteදැන් බැලුවම මේක කොච්චිකඩේ ගඩොල් වලින් බැඳපු ඩුප්ලිකේට් සිංහ කකුලක්නේ මාර මලේ ?
ReplyDelete++++++++++
Deleteඇත්තම කතාවනං මං දන්න තරමින් ඔය සිංහ කට මෑත කාලීනව ගඩොලින් බැඳපුවා.. පුරාවිද්‍යා සංරක්ෂණය යටතේ... පැරණි කොටස් තියෙනවා ඒවා අනුව කෙරුණ පැලැස්තරයක් තමා තියෙන්නේ.. පේනවනේ මේකෙත් යට නිකංම නිකං..පිටින් පොත්ත විතරයි වහලා තියෙන්නේ... ඔය ගඩොල්වල ගිහිං බැළුවොත් පේන්න තියෙනවා සංස්කෘතික ත්‍රිකෝණයේ මාක් එක...
Delete//පිටින් පොත්ත විතරයි වහලා තියෙන්නේ...//
Deleteඔය ප්‍රථිසංස්කරණය කරවායි කියන හැම තැනම ගහන්නෙ ඔය වගේම ප්ලාස්ටර් නේ....
හෙහ් හෙහ් හෙහ්....!!!
ReplyDeleteහෙණයක්ලු නේද? හෙහ් හෙහ් හෙහ්...!!!
හෙහ් හෙහ් හෙහ්...!
හෙහ් හෙහ් හෙහ්...!
:) එහෙමළු...
Deleteගඩොල් ටිකට හෙන වදින්න විදිහක් නෑ, ෂුවර් එකටම ඇතුලෙ අර වහලදාපු යන්තරේ තියනවා. මාරය කෝකටත් කට පරිස්සම් කරගනින්, මතකනෙ එකපාරක් --කට හෙන ගැහුව.
ReplyDeleteපොඩ්ඩක් හිටහංකෝ මං ඒවා අතර තියෙන සම්බන්ධය ගැනත් වෙලාවක ලියන්ට...
Deleteඑතකොට මාර අයියේ..රාවණා රජ්ජුරුවෝ ඇතුලෙන් කඩාගෙන එන එකද දන්නේ නෑ ඔය අපේ කස්ටිය හෙනයක් කියල බොරුවට බය වෙලා තියෙන්නේ!
ReplyDeleteඇතුලෙන් ඒමක් නැහැ මලයා..උන්නාන්සේ දැනට ඉන්නේ නිල්කල වනාන්තරේ නෙව.. අර අහලා නැද්ද මහකුඩුම්බිගල ගැන එහෙම...
Deleteඋමග මතු වුනාම කාල නිර්ණයක් කෙරෙන එකක් නැද්ද. මොකද පරණ උමග කියල අළුත් උමගක් අස්සේ ගියොත් එහෙම ....
ReplyDeleteකාල නිර්ණයක් කරන්න ඕන නැහැ..උමඟ ඇතුලේ තියෙනවා ගූගල් වලින් ලියපු සෙල් ලිපියක්.. ඒකේ විස්තර තියෙනවා කවදද කියලා.. ආයේ මොකටද වෙන වෙන ඒවා හොයන්නේ සෙල් ලිපි තියෙද්දී...
Deleteඅර ළඟදී ඔය හරියේ ටොයිලට් වගයක් හදන්න හැදුවේ.. ඒක කලානම් මුළු උමගම ගූ ගල් වලින් පිරෙන්නත් ඉඩ තිබුනා..
Deleteහෙල යකුගේ විස්තරය පැසසිය යුතුය
ReplyDeleteලගදිම බබා හම්බවෙයි වගේ !!!!
ReplyDeleteපේනවනේ අඩි හයක් උසට ඒ කියන්නේ මිනිහෙක්ගේ උසටමයි කැඩිලා ගිහිල්ලා තියෙන්නේ.එහෙම වෙලා අඩි අටක් පළලට කැඩිලා තියෙන්නේ ඇයි කියලා විදග්ධ මොළවලට තේරෙන්ඩ ඕනේ.ඔළු දහයක් තියෙන රාවණාට නෙමෙයිනං වෙන කවුරු වෙනුවෙන්ද එච්චර පළලට බිත්තිය කඩලා තියෙන්නේ.
ReplyDeleteඅඩි හය කිව්වාම හෙල යකෙකුට උස මදි වගේ නේ බන් , මම නම් හිතන්නේ රාවණා අඩි 12ක් වත් ඇති කියලා , ක්‍රිස් ගේලුත් අඩි හයට වඩා උසයිනේ
Deleteමම හිතන්නේ රාවණා මදි පාඩු ටික කුඩු පට්ටම් කරගෙන එලියට එයි
ඕකනේ කියන්නේ.. දෙන්නම වරද්දගෙනනේ... අඩි හයක් උස නෙවෙයි..අඩි හයක් පළල..උසයි අඩි අට... නියම ගානට නූලට කඩලා ඇති...
Deleteඅර බුවාගෙ බඩට ගහන එකනම් අන්තිම වැරදියි මාරේ. (මටත් හිතෙන්නෙ මේකට මාතලංගෙ පොඩී හරි සම්බන්ධයක් ඇති කියලමයි )
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
හරිම උත්කුෂ්ටයි මාරයාණෙනි..
ReplyDeleteමාගේ හද මඬල ප්‍රීතියෙන් පිනා පිනා පිනා යනවා දැනේ..
ඔව්වා නිකම්මවෙනවා නෙමෙයි , ඕක ඉගියක්
ReplyDeleteඅකුණු ගහන්නේ යකඩ තියෙන හින්දා වෙන්න ඇති . ඒ කියන්නේ ඇතුලේ මොනවා හරි ඇති. නැත්නම් මේ වගේ පහල තැනකට අකුණක් ගහන්න පුලුවන්ද . මට නම් පේන්නේ කවුරු හරි හාරලා වගේ
ReplyDelete//......සුද්දෝ අපිට වඳින්න එනකොට අපි ආඩම්බරෙන් උන් දිහා බලලා "චිප් චිප්" කියන හැටි... ෂෙහ්..දැනෙන ෂනීපයක්...//
ReplyDeleteමට මැවිලා පේනවා අප්පා.ඒ අස්සේ ශ්‍රී රවණා මතු උනාම අපේ අය ගිහින් පෙරලි පෙරලි වඳිනකොට. පුහ්..
ශ්‍රී රාවණ සිද්ධම්!!
උබලයි ලොක්කට ගහන්න තිබුණු හෙනයක්නේ සීගිරියට වැදුණේ. දෙය්යොත් දැන් පගා ගහනවලු. තුක් විතරක්.
ReplyDeleteමීවනපලානයන් කෝ තාම නෑනේ...
ReplyDeleteමාර තැනකටනෙ හෙණත් වැදිලා තියෙන්නේ ....ඇත්තටම හෙණම වැදිලද...නැත්තම්....
ReplyDeleteසීගිරියටත් බඩු හරි වගේ...
අමු අමුවේම වර්ග පූර්ණිකාවට ගැසු බඩේ පාරක්ද?
ReplyDeleteමාරයා අයියා කටවහන් ඉන්නේ නැතුව වැඩේ කනවනේ.දැන් ඕක හෙට අනිද්දා වෙද්දී ඉවරයි උමගවල් හාරලම
ReplyDeleteහෙළු යක්කු සෑහෙන්න ඉන්නවා සීගිරියේ. මමත් දවසක් දැක්කා. හොඳ ෆොරින් ටුවරිස්ට් බස් දෙකක් විතර ආවානම් හෙළු යක්කු යකින්නියෝ ගෝනි කනක්කුවේ ඉන්නවා.
ReplyDeleteහුදු මතවාද ඔස්සේ ගොස්, ඉතිහාසය ගවේෂණය කරන්නට උත්සාහ කිරීම, සිසේරියන් ශල්‍ය කර්මයක් කලයුතු කාන්තාවකට බලියක් ඇරීම වැනිය.
අසමි දකිමි සොයමි ලියන විචාරක
හික් හික් හික්..... හරිම ලස්සනට ලියලා තියනවා....මම අද තමා මේ පැත්තේ ආවේ.මම බ්ලොග් වලට අළුත් කෙනෙක්....
ReplyDeleteසිංහපාදවලට සිදුව ඇති හානිය ගැන ජනාධිපති ආරක්ෂක අංශය වගකිවයුතු නැහැ- පොලිස්පතිගෙන් නිවේදනයක්
ReplyDeletehttp://polispuwath.blogspot.de/2012/10/blog-post_25.html
බලවේගයක්.අදමයි ආවේ.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/