මේ පහු ගිය විසි පස් වැනිදා..ඔව් ඒ කියන්නේ ගිය බුරහස්පතින්දා ඔන්න ආයෙම වංගියක් මං රට තොට බලන්ට ගියා... මෙදා පාරනං තනියම එහෙම නෙවෙයි ගියේ තව සගයෝ සහ සගිච්චියෝ හතර දෙනෙකුත් එක්කලා... ඒ කියන්නේ අපි ඔක්කෝම පස් දෙනයි... පස් දෙනෙක් ඉතිං බයිසිමොටෝ එකේ යන්ටයෑ.. ඒ හින්දා කාර් පොඩ්ඩක තමා ගමන යන්ට සූජානං උනේ...
කොහොම හරි ගමන පිළිබඳ අමාත්‍ය ධූර ප්‍රධානය කිරීමේදී මට හම්බ උනේ ආහාර හා පෝෂණය පිළිබඳ අමාත්‍ය ධුරය.. ඒත් අවසානෙදී ගමනාගමන ඇමති කමත් මට බෝනස් එකක් හැටියට ලැබුනා... සංචාරක අමාත්‍ය ධූරය දරපු කෙනානං කලේ කාර් එකේ වාඩි වෙලා යන ගමන් මට වංගු කෙලින් කරන හැටියි බ්රේක් ගහන හැටියි පිලිබඳව දිගින් දිගට උපදෙස් දීමම තමා.. කොටින්ම මං ඩැයිබර් සීට් එකේ වාඩි වෙලා උන්නට මොකද ඇක්ස්ලේටරෙයි බ්රේක් එකයි සුක්කානමයි තිබුනේ සංචාරක අමාත්‍ය වරිය අතේ තමා... පොඩ්ඩ බැරි වෙනකොට රැවුම් ගෙරවුම් සහ ඇනුං බැනුං මැද මං මගේ ගමනාගමන අමාත්‍ය ධුරය හොබවං ගියා... මොනවා කරන්නද විධායක බලතල තියෙන අය යටතේ ඇමතිකං කරන්න ගියාම ඔහොම තමා...
අපේ ගමන යෙදිලා තිබුනේ කොඹළින් ආරම්භ වෙලා නිස්ටඹුව/ඌරාපොල/රුවන් වැල්ල/කරවනැල්ල/ගිනිගත්හේන/හැටන් හරහා නුවරඑළියට... කොඹළින් පිටත් උන තුන් දෙනා මහරින් අපේ හතර වැනි සඟයවත් වාහනේට දමං කෙලින්ම ආවේ නිස්ටඹුවට.. ඒ ඉතිං ගරු ආහාර ඇමති මංතුමාව දක්කං යන්ට.. ඒත් පින්වතුනි කියන්න කණගාටුයි... ආව ගමන්ම මංතුමාගේ උදහසට අර හතර දෙනාම ලක් උනා.. ඒකටත් එක්තරා හේතුවක් තිබුනා.. ඒ තමා සන්නිවේදනයේ දුර්වලතාවය..
ඒ කියන්නේ මං කලින් දවසේ මෙවුන්දලට කියලා තිබුනා "තොපි කොළඹින් පිටත් වෙද්දිම මට කෝල් එකක් දියවු" කියලා.. ඒත් ඇත්ත වශයෙන්ම කියනවනං මට එහෙම කෝල් එකක් ආවේ නැහැ... අන්තිමට මෙයාලා පරක්කු මොකද කියලා බලන්න මං කෝල් එකක් දෙද්දී මෙන්න මෙයාලා නිස්ටඹුවට කිට්ටු කරලා... මට යක්ෂයා ආරූඬ වෙන්නේ නැද්ද පින්වතුනි...
ඔහෙලම හිතලා බලන්ට ගරු ආහාර ඇමති වශයෙන් මං මගේම ප්ලෑනකට අනුව වැඩ කරගෙන ගියේ... එදා උදේ කෑමට මං දෙන්ට තීරණය කරලා තිබුනේ පාන්... පාන් කිව්වට නිකං පාන් නෙවෙයි රෝස් පාන්... ඉතිං රෝස් පාන් නිකං ගිල්ලවන්ට ඇහැකියෑ.. ඒ හින්දා මං රෝස් පාන් කන්ට හැදුවා හාල් මැස්සන් හොද්දක්... ඒකටම අල ගෙඩි දෙහෙකුත් කපා දාලා තක්කාලිත් යහමින් දාලා හොඳට හොඳ්ද තියලා ඉවුවා... එහෙම උයලා කලින් මං ගෙනාව ග්‍රොසරි බෑග් වලට මේව්වා දාලා කටවල් ගැට ගැහුවා..ඕකේ අමාරුම වැඩේ හොඳි පැකට් පහම එක සමාන වෙන්න බෙදන එකනේ.. මං ඒකත් කොහොම හරි කොලා...
එයින් පස්සේ දවාලට කෑම පාර්සල් පහක් බඳින්න ඕන... ඒකට මං කලින් දවසේ රෑම ඕන කරන දේවල් සූදානං කරලා මාළු වෑංජනේ එහෙම හදලම තිබ්බා... මගේ අදහස තිබුනේ සම්බා බතට තලපත් මාළු මිරිසට හදලා..අලයි බෝංචියි ටිකක් කිරට උයලා හින්දවලා... මුගුණු වැන්න මැල්ලුමක් හදලා බිත්තර තම්බලා... බත් එක බඳින්ට... ඒත් මගේ මෙනු එක කියවං යද්දී ඒක අහපු සංචාරක ඇමතිවරිය ටිකක් විතර නාහෙන් අඩන ගතියක් පේන්ට තිබුන හින්දා උදේම මං තව පරිප්පු ටිකකුත් උයන්ට තියා ගත්තා මෙයාලා පරක්කු වෙයි කියලා හිතලා...
ඒත් මෙන්න මං බත් ටික බෙදලා බිත්තර සුද්ද කර කර ඉද්දිම කට්ටිය ඇවිත් දොරට ගහනවා... තද වෙන්නේ නැද්ද ආයිබෝං... මගේ කේන්ති කට්ට උපරිම අංශක ගානට නැග්ගා... මං නෙවෙයි ඇරියේ දොර.. හිටපියවු තොපි එළියෙම කියලා මං තව බිත්තරේක කට්ට අහක් කරන්න ගත්තා... ඒත් අන්තිමට මට හිතුනා දැන් ඉතිං ආව උන්ගෙන් වැඩ ගත්තනං හරි.. මං තව නාගන්නත් එපෑ කියලා.. එහෙම හිතලා ඔන්න දොර ඇරියා...අපරාදේ කියන්ට බැහැ ඕං මට තද වෙලා කියලා දැන ගත්ත සංචාරක ඇමතිතුමිය ස්වකැමැත්තෙන්ම බිත්තර ටික සුද්ධ කරන්න බාර ගත්තා... එතුමිය කොහොමටත් ඔය ඉවුං පිහුං අංසෙට පුදුම කැමැත්තක් තියෙන කෙනෙක් නෙව...
ඒත් මෙන්න මං බත් ටික බෙදලා බිත්තර සුද්ද කර කර ඉද්දිම කට්ටිය ඇවිත් දොරට ගහනවා... තද වෙන්නේ නැද්ද ආයිබෝං... මගේ කේන්ති කට්ට උපරිම අංශක ගානට නැග්ගා... මං නෙවෙයි ඇරියේ දොර.. හිටපියවු තොපි එළියෙම කියලා මං තව බිත්තරේක කට්ට අහක් කරන්න ගත්තා... ඒත් අන්තිමට මට හිතුනා දැන් ඉතිං ආව උන්ගෙන් වැඩ ගත්තනං හරි.. මං තව නාගන්නත් එපෑ කියලා.. එහෙම හිතලා ඔන්න දොර ඇරියා...අපරාදේ කියන්ට බැහැ ඕං මට තද වෙලා කියලා දැන ගත්ත සංචාරක ඇමතිතුමිය ස්වකැමැත්තෙන්ම බිත්තර ටික සුද්ධ කරන්න බාර ගත්තා... එතුමිය කොහොමටත් ඔය ඉවුං පිහුං අංසෙට පුදුම කැමැත්තක් තියෙන කෙනෙක් නෙව...
අනිත් ඇමතිවරු.. ඒ කියන්නේ ප්‍රවාහන (බඩු භාර) ඇමති වරයා උන ගරු පූසා මැතිතුමා සහ උන්දැගේ වෙන්න ඇඹේණීය වෙච්ච විනෝද කටයුතු පිළීබඳ ගරු ඇමතිවරිය උන හොර පූසි මැතිතුමියත්... සංස්කෘතික හා සදාචාරය පිළීබඳව ඇමතිවරයා (ඌ තමා පූසා මැතිතුමා සහ පූසී ඇමතිතුමිය සදාචාරයට හානි වෙන අන්දමින් හැසිරීම පාලනය කිරීමට පත් කල ඇමතියා..) වූ ගරු ඉබ්බා ඇමතිතුමා යන තුන් කට්ටුව මාත් එක්ක කතා නොකර මාරුව දාලා හිටියා... (උන් දැන් දන්නවා මට මූලග්ගින්න කියලා... ටිකක් හිටියම හරියනවා කියලත් දන්නවද කොහේද... ඒ හින්දා ටික වෙලාවකින් වලියක් නැතිව වැඩේ ෂේප් උනා...) කොහොම හරි මං නාගෙන ඇවිත් බත් පාර්සල් ටිකත් අනිත් අය එක්ක එකතු වෙලා බැඳලා අහවර කරලා ඔන්න ගමන යන්ට පිටත් උනා...
එහෙම ගෙහුන් ඔන්න අපි නිස්ටඹුව කිඳීරිවැල මාර්ගයේ ගමන් කොරලා ඌරා පොල හන්දියෙන් වමට දාලා ගියා රුවන් වැල්ල පාරේ... මේ පාර බොහෝම ලස්සනයි.. මං බොහෝම ප්‍රිය මනාප පාරක්... ඉස්සර අපි ගමේ ඉද්දිත් ඉඳ හිට මේ පාරේ එනවා.. ඒ වෙන එහෙකට නෙවෙයි රුවන් වැල්ලට මෙහා තියෙන "ගෝනගල් දෙණිය" ඔයෙන් නාන්ට... ඒක හරි අපූරු තැන... ඉතිං මේ පාරේ ගොහින් ටිකක් වෙලා යද්දී කස්ටියටම සුදහගින්දර ආව හින්දා උදේට කන්ට අපූරු තැනක නැවැත්තුවා... එතන පාරේ ඉඩ ඇති තැනක වාහනේ නවත්තලා කෑම මළු ටිකත් අරං පාර අයිනේ තිබුණ ඇලපාර මැද ඇති ගල් තලාවට ගොඩ වෙලා සීරු මාරුවට හොඳි පාර්සල් දිග ඇරගෙන ගෙනාව රෝස් පාන් ටික ගිලලා.. ඉබ්බා මහත්මාගේ මෑණීයන් විසින් යහමින් ඉඟුරු එහෙම දාලා හදලා තිබුන තේ කහටත් සංචාරක ඇමතිතුමිය විසින් ගෙනාව කිරි තේත් බෙදා හදාගෙන බිව්වා...
එයින් පස්සේ ආයේම පාර තොටේ සිරි නරඹමින් අපි ඉදිරියට ඇදුනා... කාර් එකේ පිටිපස්සේ ආසනවලින් වරින් වර එක එක සද්ද ඇහෙන හින්දා ටිකක් හැරිලා බැළුවම පේන්න තිබුනේ ගරු සංස්කෘතික ඇමතිතුමා සදාචාරය රකින්න ගන්නා අනඟි උත්සහය.. අපරාදේ කියන්න බැහැ ඇමතිතුමා කොච්චර හොඳට වැඩේ කලාද කිව්වොත් පූස් ඇමතියාට පූසී ඇමතිවරියගේ අතින්වත් අල්ලන්න ඌ නෙවෙයි ඉඩ තිබ්බේ.. (ඒ වෙනුවට ඌ පූසි ඇමති වරියගේ අතින් අල්ලං ගියා කියලයි හරියටම සිද්ධිය දැකපු සංචාරක ඇමතිවරියනං කිව්වේ.. අනේ මංදා ඔව්වා..) කොහොම හරි ඔය වගේ සංසිද්ධි මැද අපි තව දුරටත් ඉදිරියට ගමන් කලා... ඒ කියන්නේ රුවන් වැල්ල නගරයෙන් දකුණු පසට හැරිලා කිලෝ මීටර් තුනක් විතර ගොහින් කරවනැල්ල නගරයටත්..එතැනින් වම් පසට හැරිලා ගිනිගත්හේන පාර දිගේ හැටන් බලාත් ගියා... හැටන්වලට යනකල් පාරනං කිසි කරදරයක් නැහැ..වාහනත් අඩුයි බොහෝම සුවපහසුවට අපි ගමනේ ආරම්භයේ සිට හැටන් දක්වාම ආවා..
ඒත් හැටන් වලදි අපිට කෙල උනා පින්වතුනි... ඇත්තම කිව්වොත් අපි හැටන් නගරයට යා යුතුව තිබුනේ නැහැ..නඟරයට තරමක් මෙහායින් තමා අපි වම් පසට හැරෙන්න තිබුනේ.. ඒත් හැරෙන තැන හොයාගන්න බැරිව අපි ගියා කියහංකෝ හැටන් ටවුමත් පාස් කොරලා කිලෝ මීටර් දෙක තුනක්... ඒත් ටිකක් යද්දී පාර වැරදුනා කියලා තේරුන හින්දා ආයේ හොයලා බලලා ආපහු හැරිලා ආවා... ආයෙමත් හැටන් නගරය පාස් කොරලා ආව පාර දිගේම එද්දි මෙන්න තියෙනවා හැරෙන තැන.. හප්පා එතැන අළුතින් පාර කාපට් කොරනවා... හැරෙන තැන කියලා මලාට හොයන්න බැහැ..ආව පාරම දෙකට බෙදිලා වගේ නෙව... බොහෝම අමාරුවෙන් යන්තං ඒ පාරට දාගත්තා.. එතැන ඉඳලනං තත්වය සෝචනීයයි... එක දිගටම පාර අබලන්... හැම තැනම අළුතින් පාර පළල් කරලා හදන්න කඩාගෙන... මොනවා උනත් මට මහින්ද අයියට බයින්න හැටියක් නැහැනේ දෙයියනේ... මෙව්වා හදපුවාම අපිටමනේ ඒවා උඩින් කරදරයක් නැතිව යන්න ඇහැකි... ඒත් අනිත් ඇමතිවරු හතරදෙනා මහින්ද අයියට එව්වා මෙව්වා කියනවා... මං දන්නවා උන් මේ කතා කියන්නේ මහින්ද අයියට නෙවෙයි මට කියලා... මං නෙවෙයි මීක් කිව්වේ... සද්දේ වහලා ඔහේ හිටියා... මොනවා කරන්නද..?
කොහොම හරි ඔය අතරේ අපි ලංකාවේ තියෙන සුන්දරම දිය ඇළි දෙහෙකුත් බලා කියා ගත්තා... එකක් ඩෙවෝන් ඇල්ල.. අනික සෙන්ට් ක්ලෙයාර් ඇල්ල... (සුද්දන්ගේ නං වලට මේවා ගිය එකනං මට කාලා ඉවසන්ට අමාරුයි ඕං... ඒ හින්දා මට ඇහැකි උන දවසක ඔය ඇලිවලට සිංහල නං දාන්ටත් මං හිතා ගත්තා...)
එයින් පස්සේ අපි නුවර එළිය නගරයට ආසන්න වෙනකොට වෙලාව හවස දෙකට කිස්ටුයි... ඒත් අපි කෙලින්ම නුවර එළී නොයා මීපිළිපාන හරහා අඹේවෙල ..පට්ටිපොළ හරහා කෙලින්ම හෝට්න් තැන්නට ගමන් කොලා... ඒ හෝට්න් තැන්නේ ඇති ලෝකාන්තය ආදී සුන්දර තැන් බලා කියා ගන්ට හිතාගෙන...
අඹේවෙලදී පාර අයිනේ නවත්තපු අපි කාල වේලාව මදි හින්දා වාහනේ තියාගෙනම දවල් බතත් කොටා බෑවා... එහෙම කොරලත් අන්තිමේදී අපි හෝට්න් තැන්නට ඇතුළු වෙද්දී වෙලාව හවස තුන හමාර විතර උනා නෙව...
ඒ පොරමාදේ හින්දා අපිට සිද්ධ වෙච්ච දුක්ම සීන් එක තමා පුංචි ලෝකාන්තය සහ ලෝකාන්තය දෙක හොඳින් නැරමුවට බේකර්ස් ඇල්ල ගාවට යද්දී රෑ උන එක... හැබැයි අපරාදේ කියන්ට බැහැ ලෝකාන්තය හා පුංචි ලෝකාන්තය කියන තැන් දෙකමනං හිතේ හැටියට ඇති පදමට බලා කියා ගන්ට හැකියාවනං ලැබුනා.. ඒ වෙන එකක් හින්දා නෙවෙයි එදා සතියේ දවසක් හින්දා කට්ටිය කවුරුවත් හිටියේ නැති හින්දා...
ඒ තැන් දෙකේදිම අපිට කාගෙන්වත් අවහිරයක් නැතිව සිරි නරඹන්න වගේම පින්තූර ගන්නත් හැකියාව උදා උනා... එයින් මෙයින් අපි බේකර්ස් ඇල්ලට යද්දී ඉර බැහැලා ගියා අපිව දාලා... මෙන්න මෙහෙම...
එතැන ඉඳන් තිබුනේ අන්ධකාරේ ගමනක්... අපි සතුව විදුලි පන්දං දෙකක් තිබුනා උනත් ඒවා වාහනේ දාලා ඇවිත්නේ තිබුනේ..කවුදෑ හිතුවේ මෙහෙම වෙයි කියලා.. අන්තිමට පාරක් තොටක් නොපෙනී දිය පාරවල් ඔස්සේ කලුවරේම පාර වෙන්න ඇති කියලා හිතං ඔහේ හිතේ හෝදිසියට ආවා... ටික වෙලාවක් යද්දි යාන්තමට හඳ එළියත් වැටුන හින්දා පොඩි පහසුවක් උනා... ඒත් අවසානෙදී යාන්තමට ඈතින් එළියක් පෙනුනම අපිට පාර වැරදිලා නැහැ කියලා දැනුනා.. කොහොමින් හරි රෑ හතත් පහුවෙලයි අපිට අපේ වාහනේ ගාවට එන්ට උනේ...අපේ පැතිවලට වගේ නෙවෙයි ඒ හරියට හවස පහ මාර වෙද්දිම කලුවරයි... හත වෙනකොට කලුවර වගේම හොඳ තරමට හීතලත් පැතිරිලා... අපි ඒ කලුවරේම හීතල විඳගෙන නුවරඑළියට එන්න ගත්තා.. ඒ අපේ නවාතැන් පොල හොයාගෙන... නවාතැන හොයාගන්න කෑව කට්ට ගැන කියන්න වදන් නැත.. රෑ අට හමාර නවය වෙද්දී නුවර එළීයේ පාරක බල්ලෙක්වත් නොමැත... පාර අහන්නට මංමුලා වූ සමනළියන්ද නැත... දුක්ඛිතය... අවසානයේ රාත්‍රී නවයත් පහු උනාට පස්සේ දහ අතේ රවුං ගහලා තැන හොයා ගත්තා... ඒත් ඒ කාපු කට්ට හොඳා කියලා හිතුනේ පහුවදා උදේ තමා...
කොහොම හරි ඔය අතරේ අපි ලංකාවේ තියෙන සුන්දරම දිය ඇළි දෙහෙකුත් බලා කියා ගත්තා... එකක් ඩෙවෝන් ඇල්ල.. අනික සෙන්ට් ක්ලෙයාර් ඇල්ල... (සුද්දන්ගේ නං වලට මේවා ගිය එකනං මට කාලා ඉවසන්ට අමාරුයි ඕං... ඒ හින්දා මට ඇහැකි උන දවසක ඔය ඇලිවලට සිංහල නං දාන්ටත් මං හිතා ගත්තා...)
අඹේවෙලදී පාර අයිනේ නවත්තපු අපි කාල වේලාව මදි හින්දා වාහනේ තියාගෙනම දවල් බතත් කොටා බෑවා... එහෙම කොරලත් අන්තිමේදී අපි හෝට්න් තැන්නට ඇතුළු වෙද්දී වෙලාව හවස තුන හමාර විතර උනා නෙව...
ඒ පොරමාදේ හින්දා අපිට සිද්ධ වෙච්ච දුක්ම සීන් එක තමා පුංචි ලෝකාන්තය සහ ලෝකාන්තය දෙක හොඳින් නැරමුවට බේකර්ස් ඇල්ල ගාවට යද්දී රෑ උන එක... හැබැයි අපරාදේ කියන්ට බැහැ ලෝකාන්තය හා පුංචි ලෝකාන්තය කියන තැන් දෙකමනං හිතේ හැටියට ඇති පදමට බලා කියා ගන්ට හැකියාවනං ලැබුනා.. ඒ වෙන එකක් හින්දා නෙවෙයි එදා සතියේ දවසක් හින්දා කට්ටිය කවුරුවත් හිටියේ නැති හින්දා...
ඒ තැන් දෙකේදිම අපිට කාගෙන්වත් අවහිරයක් නැතිව සිරි නරඹන්න වගේම පින්තූර ගන්නත් හැකියාව උදා උනා... එයින් මෙයින් අපි බේකර්ස් ඇල්ලට යද්දී ඉර බැහැලා ගියා අපිව දාලා... මෙන්න මෙහෙම...
එතැන ඉඳන් තිබුනේ අන්ධකාරේ ගමනක්... අපි සතුව විදුලි පන්දං දෙකක් තිබුනා උනත් ඒවා වාහනේ දාලා ඇවිත්නේ තිබුනේ..කවුදෑ හිතුවේ මෙහෙම වෙයි කියලා.. අන්තිමට පාරක් තොටක් නොපෙනී දිය පාරවල් ඔස්සේ කලුවරේම පාර වෙන්න ඇති කියලා හිතං ඔහේ හිතේ හෝදිසියට ආවා... ටික වෙලාවක් යද්දි යාන්තමට හඳ එළියත් වැටුන හින්දා පොඩි පහසුවක් උනා... ඒත් අවසානෙදී යාන්තමට ඈතින් එළියක් පෙනුනම අපිට පාර වැරදිලා නැහැ කියලා දැනුනා.. කොහොමින් හරි රෑ හතත් පහුවෙලයි අපිට අපේ වාහනේ ගාවට එන්ට උනේ...අපේ පැතිවලට වගේ නෙවෙයි ඒ හරියට හවස පහ මාර වෙද්දිම කලුවරයි... හත වෙනකොට කලුවර වගේම හොඳ තරමට හීතලත් පැතිරිලා... අපි ඒ කලුවරේම හීතල විඳගෙන නුවරඑළියට එන්න ගත්තා.. ඒ අපේ නවාතැන් පොල හොයාගෙන... නවාතැන හොයාගන්න කෑව කට්ට ගැන කියන්න වදන් නැත.. රෑ අට හමාර නවය වෙද්දී නුවර එළීයේ පාරක බල්ලෙක්වත් නොමැත... පාර අහන්නට මංමුලා වූ සමනළියන්ද නැත... දුක්ඛිතය... අවසානයේ රාත්‍රී නවයත් පහු උනාට පස්සේ දහ අතේ රවුං ගහලා තැන හොයා ගත්තා... ඒත් ඒ කාපු කට්ට හොඳා කියලා හිතුනේ පහුවදා උදේ තමා...









නොකියා ගියාට එළ වැඩේ. මරු ඈ.
ReplyDelete:)
Deleteකියෝගෙන යනකොට මට හිතුනේ කැබිනෙට්ටුවට තව ඇමතිවරියක් අඩුයි කියලා, නැත්තං බොට ඇමතිධූර දෙකක්ම දරන්ට වෙන්නෙ නෑනේ.... ඔය ආහාර හා පෝෂණ ඇමතිකම ලේසියෙන්ම ඒ වගේ කාන්තා රත්නෙකට දෙන්ට තිබ්බා. බොලාගෙ ගිනිපුග්ගාය උදේ තේ බොනකොටත් ගිහින් නැතුවාවත්ද නැත්නම් ලබා උපං හැටිද මන්දා... නැත්නම් මං අහන්නේ විනෝද චාරිකාවක් යන එකෙක්ගෙ මූණක හැටිද මේ? කොහොමෙං හරි ඉස්තරම් ගමනක්නෙ ගිහින් තියෙන්නේ.... ඉතුරු ටිකත් කියවලා දාන්න ඉක්මනට ලියපං... දැං ඉතින් මේ කතාව ඉවර වෙනකං බඩාගේ කතාවල් එහෙම මේක අස්සේ ඔබන්ඩ එන්ඩ එපා හරී...
ReplyDeleteමාරයියා ඉන්න තැනක ගෑණු පරාණෙකට ඔය ඇමතිකම හම්බුවෙන්නේ ඉතිං අපේ රටේ කැබිනෙට්ටුව වගේ එකකම විතරයි.... හි හි...
Deleteතිසර මාර සරණිය කියෙව්වේ නැද්ද තාම....
ඔන හිරුගෙ ඔත්තුව පස්සේ ගිහින් රස්සාව එපා කියලා මාර සරණිය කියෙව්වා.... අඩේ උඹට ආහාර ඇමති පට්ටම නෙමෙයි දෙන්න වටින්නේ ලෝක ආහාර වැඩසටහනේ අධ්යක්ෂකොම... කිරිකොස් නම් මගේ බල්ලටවත් එපා... අනික් ටික නම් මරේ මරු.... බිත්තර රොටී දැක්කහම මට ඉහිලුං නැතුව ගියා...
Deleteතිසර
Deleteකොහෙද බං බිත්තර රොටී තිබුනෙ?
දැක්කනේ මාරයියේ.. කොහොමද මගේ මාකටින්.... ඔන්න මාරයියා හෝටලයක් වත් දානවා නං මාව පත්කරගන්න මාකටින් මැනේජර් විදියට.. හි හි.....
Deleteරාජ්...
Deleteබිත්තර රොටී
තැන්කූ තැන්කූ හිරුවෝ... අනිවාර්යයෙන්ම හෝටලයක් දැම්මොත් ඒක අස් කොරන්නවත් හිරුවව ගන්නවා... :)
Deleteආයේ ඉතිං තිසරට අමුතුවෙන් උත්තර දෙන්ට දෙයක් නැහැ නෙව...
හිරුවට දෙන්න තියෙන්නේ අන්තර් බ්ලොග් සම්බන්ධීකරණ ලේකම් වගේ පට්ටමක්... හැම පැත්තම සම්බන්දීකොරනය කොරලා තියෙන්නේ...
Deleteඒක ඇත්ත... ඔක්කෝටමත් වඩා අර ලින්ක් එකක් දාලාම බිත්තර රොටී පෙන්නපු එක තමා හිතට අල්ලලා ගියේ...
DeleteThis comment has been removed by the author.
Deleteහි හි..
Deleteරාජ්ට බිත්තර රොටී කොච්චර අල්ලලද කියලා අර මාතලන්ගේ එකේ දාලා තියෙන කමෙන්ට් එකෙන් පේනවා..
මාර සරණියට මම දුන්නා හොඳ පබ්ලිසිටි එකක්...
ඒකයි කිව්වේ ඔය කේන්දර කෙරුවාව අතෑරලා හරි හොඳ රෑ කඩයක්චත් දාගත්තා නං මාරයියා ගොඩ...
මං ඒත් බැලුවා හිටි ගමන් මාරයියා අතුරුදහන් උනේ මොකෝ කියලා....
ReplyDeleteහම්මෝ.. ඇති යන්තම්.. යහතින් ඇවිත්.... ඒ ඇති.. කටු කෑවට කමක් නෑ....
හි හි...
ආවානං තමා..හැබැයි හොඳටෝම ඥාව් වෙලා... කියලා යන්ට හිටියට අන්තිම මොහොතේ හිතුවට වඩා වෙලාව මදි උනා... මුං ටික මෙහාට එනවා කිව්වේ හතට..ඒත් හය හමාර වෙන්නත් කලින් ආවානේ.. ඉතිං කොහේද කියලා යන්නේ...
Deleteමදැයි ඔයින් ගියා ....මමත් යාලුවෝ සෙට් ඔන්න ඔය හෝර්ටන්තැන්න බලන්න කෝච්චියෙන් ගිහිල්ලා ..කෝච්චිය පරක්කු වෙලා ඔහියෙං බහිනකොට හවස 6 යි ... අර ඔහියේ ස්ටේෂන් එක ලග තියෙන බිංගේ ලගින් තමයි ... හෝර්ටන්තැන්නට යන්න පිටත් වුනේ...පැය 4 විතර ඇති බිහිසුණු ගමනකින් පස්සේ ..හෝර්ටන් තැන්නේ තියෙන මහවැලි කේන්ද්‍රයේ නිවාඩු නිකේතනයට යන්තම් නොමැරී ආවා ... අපේ තිබුණු නොදැනුවත්කමටයි ... තිබුන කොලුකමටයි ආවා මිසක් ...අර පට්ට සීතලේ ... වගේම කට්ට කළුවරේ ...බලු බල්ලෙක් එන්නේ නෑ ඒ ගමන .... මතක් වෙනකොටත් ඇග කිලිපොලා යනවා....
ReplyDeleteඑහෙම කට්ටක් තියෙන්නත් ඕන ගමනක..නැත්තං පියරු බබාලා වගේ වාහනේ වාඩි වෙලා ගිහින් ආවටත් ඇති මෙලෝ රහක් නැහැ..සමහර අය මං දැකලා තියෙනවා වන්දනාවේ ගියාමත් වාහනේ ඉඳලම වැදගෙන ආපහු යනවා... අඩි දහයක් පයින් යන්න උනාමත් ඒකට කැමති නැහැ.. එයිට හොදා ගෙදර ඉන්නවා..මොකට සල්ලි වියදං කරං යනවද මංදා...
Deleteරෑ හතට විතර නොදන්න පලාතක මීදුමේ , කළුවරේ කොහොම පාර සොයා ගත්තද මන්ද . හොඳ කට්ටක් කාල තියෙන බව .ඒත් මේ වගේ සිදුවීම් නිසා තමා ගමන ලස්සන වෙන්නෙ .
ReplyDelete//රෑ හතට විතර නොදන්න පලාතක මීදුමේ , කළුවරේ කොහොම පාර සොයා ගත්තද මන්ද .//
Deleteඅපි කිරිත් එක්ක සීනි බොනවනේ... ඒකයි..:D
මංමුලා වුනු සමනලියෝ ඉන්නේ බස් ස්ටෑන්ඩ් එක හරියේ ...
ReplyDeleteඅම්මප.. හොද ඔත්තුවක්.
Deleteඔහොමත් ප්‍රසිද්ධියේ කියනවද බං..? ඕනනං මැසේජ් එකක් දාන්න තිබුනනේ...
Deleteමාර සීන්නේ මාරයටත් වෙන්නේ
ReplyDeleteමාරයියා මොනව කරනවද මන්දා?අර පානුයි හොද්දයි දැක්කම බඩ ඇකිලිලා ගියා
හොඳ ඇල් වතුර එකක් ගහලා ඇකිලිච්ච බඩ දිග ඇරගම්මු... :)
Deleteමාර ට්‍රිප් :)
ReplyDeleteනැහැ නැහැ මාර චාරිකා ...:D
Deleteආං හරි... :)
Deleteගොනගල් දෙනිය පාර මමත් ආසම පාරක්. ඒ වගේම ඔතනින් ගිහින් බුලත්කොහුපිටියෙන් දේදුගලට යන්ඩ පුදුම ලස්සනයි. ලංකාවේ අඩුම දුරකින් වැඩිම උසක් නගින පාර ඒකයි.මීදුමේ එලවල මටනම් දැන් පුරුදුවෙලා , ඔය හරියෙ මාසෙකට දෙකකට සැරයක් මම හක්කලන් කොරනාවනේ.
ReplyDeleteමාත් දේදුගල බස්නං දැකලා තියෙනවා.. හැබැයි ඒ අත්තනගල්ල අලවල හරහා යන ඒවා... වෙලාවක ගිහින් එන්ට ඕන බලන්ට... මීදුමනං අහු උනේ නැහැ තදේට..හැබැයි නාකපන වැස්ස...
Deleteලන්කාවෙ තියෙන ලසනම දිය ඇලි ගානක් බලන්න ඇහැක් පාරක්.
Deletehttp://trips.lakdasun.org/hidden-beauties-at-the-valley-of-ritigaha-oya-dedugala.htm
ස්තූතියි ඉන්දික..මේක හොඳ තොරතුරක්.. මට මෙහෙ ඉඳන් ඒ හැටි දුරක් නැහැ..බයික් එකේ ගිහින් එන්ට ඇහැකි දවසින් මේ ටික බලා කියාගෙන...
Deleteමාරයියේ නියම ට්‍රිපක්නේ පිංතූර ටිකත් පංකාදුයි.
ReplyDeleteඑන්න සමකය වටේ රවුමක් යන්න
ස්තූතියි කිව්වා...
Deleteකෝ මේ ඇමතිවරුන්ගෙ ඇමතිනියන්ගේ චායාරූප ?
ReplyDeleteඑව්වට නිසි බලධාරියාගෙන් අවසර නැහැනේ...
Deleteපූසොයි ඉබ්බොයි එක්ක මාර ආතල් එකක් අරගෙන තියෙන්නෙ!
ReplyDeleteතව හිටියා..එහෙං පිටිංම සත්තු වත්තක්...
Deleteපිස්සු හැදෙන ෆොටෝ ටික මාරයියෙ. මේක හරියන්නෙ නෑ. ආහාරා භාර ඇමති තුමියක් නම් ගේන්නම වෙනව මාරයියෙ
ReplyDeleteපිස්සු හැදුනටනං කමක් නැහැ සුදු නංගියේ පිස්සු කතා කරන්නනං එපා.. මේ හොඳා...
Deleteසංචාරක අමාත්‍යවරිය...??? හොදා හොදා.. දිගටම සංචාරය කරන්න.
ReplyDeleteඔව් එයාට තියෙන්නේ අපි අනිත් හැම දේම බලා ගද්දී ඔහේ කිසිම බරක් නැතිව සංචාරය කරන්න විතරයි.. ඒකයි එයා සංචාරක ඇමති වෙන්නේ...
Deleteහිකිස්.....මාර ට්‍රිප්..... :)
ReplyDelete:)
Deleteචාරිකා චාරිකා...
මරුටි කාර් එකක 5දෙනෙක් ගියාද බොල කදුකර පලාතෙ,.....!
ReplyDeleteමරුටියක් නෙවෙයි...
Deleteමාර වැඩේ කියන්නේ මමත් නුවර එළියේ ගිය විස්තරයක් තමයි මේ පාර ලිව්වේ. හැබැයි අද ඊයේ ගිය ගමනක් නෙවෙයි එක්දාස් නවසිය බර ගණන් වල. :). ගමනක් ගිහින් අකරතැබ්බයකට මුහුණ දුන්නාම තමයි පස්සේ කියන්න පුළුවන් කතාවක් ඉතිරි වෙන්නේ. අර මාරයලා උදේට කාපු තැන මට හිතෙන්නේ මමත් කෑම කාල තියෙනවා. මුනුපොතේ දාලා ඇති පින්තුර. නුවර එලියට යන කෙටිම පාර මේ දවස් වල ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. එක යන්නේ නුරී කියන ගම හරහාලු. එතකොට ගමන ගොඩාක් කෙටි වෙනවලු. මමත් මේ දින හයක නිල සංචාරයක් නිම කරලා ආපු ගමන්මයි. ඊයේ මුලතිව් වලට හොඳටම වැස්ස. එකත් මාර අත්දැකීමක්.
ReplyDeleteමං කියෙව්වා ඒක..හප්පා ඔෆ් ලෝ කේස් එකක් නේද..? ඔයින් ගියා මදෑ... අපිනං එහොම වෙලාවට හාවෙක් අල්ලනවා වැඩි දේවල් හොය හොය ඉන්නේ නැතිව...
Deleteඅර කිව්ව පාර ගැන හොයා බලන්න ඕන...
ඕෆ් ලෝ....
Deleteහි හි.. මාරයියා ඩූඩ් අයියගෙන් ගුටි කනවා..... එකපාරකුත් කියලා දුන්නා නේද ඕක වැරදියි කියලා... හි හි..
හුටා... ඔය ඉතිං අපේ පාරිභාෂික ශබ්ද කෝෂයේ තියෙන වදන් නෙව...
Delete(අනික හෙන්රියා දන්න ඉංගිරිසියක් තියේද..? ඔය මාලදිවයින් කාරයින්ට මොකක් හරි අට මගලයක් උගන්නනවා ඇති ඉංගිරිසි කියලා... අපි නොදන්නවද ඔය යෝධයගේ තරම...)
:D:D:D
අඩෝව්!!!
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ කැතයි හොන්ජේ....ඇමතිතුමියන්ගෙ පොටෝ නෑ...
ReplyDeleteඑතුමියලාගේ නිසි අවසරය හම්බ උනේ නැහැ තවම...
Deleteමඩ මදි නෙව.... ඉස්සර අපිත් හතරැස් බෝතල් අරන් ඩීසල් රු 200 ක ගහලා ගම්පහ ඉදන් ගැච්චුවා මාවනැල්ලට... ඒවා හිස් කරන්න රබර් ගස් අස්සට වෙලා...
ReplyDeleteයකෝ ඔච්චර දුර?ඔන්න ව.ඩ නම් තව කමක්නෑ...
Deleteඅම්මපා මුංට පිස්සු...
Deleteකූඩැල්ලො එල්ලගෙන බොන්න තියෙන ආසාවනෙ මෙයා...
Deleteකූඩැල්ලන්ට නොමිලේ වෙරි...
Deleteමුනෙන්ම පේනවා අමාත්‍ය මණ්ඩලය කචල් දාපු අගමැති කෙනෙක්ගේ ස්වරුපය . රවාගෙන ඉන්නේ නිකන් දෝෂාභියෝගයක් ගෙනත් ගානට . ඔහොමත් ට්‍රිප් යනවද . පොඩ්ඩක් හිනා වෙලා ඉන්න එපාය . දැන් ඔය අනික් කට්ටියත් ලියමු බලන්න . අපිට මඩ ගොඩාක් ඕන .
ReplyDeleteපින්තුර ටික නම් මල් හතයි. ඔහොම උයල බත් ගෙඩි බැඳන් යන්න අය ඉන්නවා නම් මරුනේ ට්‍රිප් යන්න .
මොන හිනාද අප්පා... වගකීම් වගකීම්...
Deleteමංනං කැමති ගමන් යද්දි ඔය අහුවෙන පෙට්ටි කඩ වලින් එහෙම කකා යන්න.. ඒත් මේ ඇමතිවරුන්ට කෑම හොයන්න ලේසි නැහැ..එයිට ලේසියි උයලා අරං යනවා... ඒකයි බත් බැන්දේ... නැත්තං මං විතරක් ගියානං කිසි අවුලක් නැතිව අතට අහු උන දේ කාලා එනවා... ඒ ඒ පළාත්වලට ගියාම ඒ ඒ කෑම කන්ට එපෑ මොන දේ උනත්... මෙයාලා එක්ක කොහේද එව්වා කොරන්නේ... හෙනට තේරිලි... හප්පා මං වින්ඳ දුකක්... :)
අන්න පලාබබා එලවන්න විමලෙ මල්ලි ගේමට එන්ටර්වෙලා..
ReplyDeleteඅල්ලපු ගෙදර ලොකුඅය්යා දැනටම රෙඩ් එලාර්ට්...
මොකෝ මල්ලි වෙන්න යන්නෙ..
ඔයා මෙහෙ ඇමතිනියන් එක්ක සංචාරෙ...
ඔව්වත් ප්‍රශ්නද අප්පා..එව්වා බලාගන්න තමා අපි විමලේ අයියලව රතන සාදුලව යවලා තියෙන්නේ.. දැන් අපිට තියෙන්නේ නිදහසේ ටුවර් එකක් දාං ෂපාන් එකේ ඉන්ඩ...
Delete'මං රෝස් පාන් කන්ට හැදුවා හාල් මැස්සන් හොද්දක්... ඒකටම අල ගෙඩි දෙහෙකුත් කපා දාලා තක්කාලිත් යහමින් දාලා හොඳට හොඳ්ද තියලා ඉවුවා... '
ReplyDeleteවිස්තරෙත් එක්ක පින්තූරෙ දැක්කහම කෙළ පෙරුනා බුදු මල්ලියේ ...!
එහෙමනං මං ආයේ ගිරිතලේ ගාටන කොට එයින් හොදි පාර්සොලේකුයි හොඳවැයින් කර වෙන්ට රෝස් වෙච්ච රෝස් පාන් ටිහිකුයි ඇන්න එඤ්ඤං... :)
Deleteවිනෝදය උපරිමයෙන් ලැබුවානම් සංචාරය සාර්ථකයි. කොළඹ,නිට්ටඹුව, රුවන්වැල්ල, කරවනැල්ල, යටියන්තොට, ගිනිගත්හේන, හැටන්, තලවාකැලේ, නුවරඑළිය. ඒ කියන්නේ ඔලුව වටේ අත දාලා නහය ඇල්ලුවා වගේ. නමුත් යාළුවො එකතු කරන්න ඕනෑ නිසානේ එහෙම ගියේ. කිතුල්ගලදී බැලුවේ නැද්ද 'ක්වායි ගඟේ පාලම' චිත්‍රපටිය රූ ගතකල ඉසව්ව සහ 'වයිට් වෝටර් රාෆ්ටින්ග්' කරණ හැටි. මට පුදුමයි ඔබට හැටන් වලදී පාර වැරදීම ගැන. එතනට මෙහා තියනවනේ සංඥා පුවරු පැහැදිලිව. දැන් ගලවලාද දන්නේ නැහැ. ඊළඟට, ඔබ ලිඳුල පහුකරලා ගියේ වටවංගු පාරෙන්ද? රදැල්ල හරහා යන කෙටි මගේද? කවදාවත් මැච් නොගහන, එහෙත් ඉතා අලංකාර රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය දැක්කේ නැද්ද? කාල කළමනාකරණය තිබුනානම් බේකර්ස් ඇල්ල බලන්න තිබුණා දවල් එලියෙන්ම.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
රදැල්ල මාර්ගය බෑවුම වැඩි පටු මාර්ගයක් කියල කිහිප දෙනෙක් කිවු නිසා මමත් ඒ පාර මගහැරලා ගිහින් තියනවා...යන කාලය සැලකුවාම දුර වෙනසක් තිබුනත් පාරවල් දෙකම එක වගේ කියන්නෙ ඇත්තද? තොරතුරක් දුන්නොත් ඉදිරියෙදි ප්‍රයෝජනවත් වෙයි..:)
Delete@විචාරක...
Deleteඔව් කොළඹින් කෙලින්ම අවිස්සාවේල්ල හරහා යන්න තිබුනනං තවත් ළඟයි.. ඒත් එකෙක් මහර..මංතුමා නිස්ටඹු... ඒකයි ටිකක් වෙනස් මාර්ගයක යන්න ගත්තේ... රදැල්ල හරහා තමා අපි ගියේ.. ඒක අපි මතක තියං ගියේ... අර කිව්ව තැන කිසිම මාර්ග සංඥාවක් හෝ දැන්වීමක් නැහැ..මං දුර ගමන් යද්දී නිතරම බලාගෙන යන්නේ අර කොල පාට බෝඩ් දිහා..ඒවා විස්වාස කොරලා යන්ට පුළුවන් කම තියෙනවා..කෙනෙක්ගෙන් අහනවටත් වඩා.. ඒත් මෙතන පාර පළල් කරලා හදන හින්දා ඒ හැම එකක්ම අහක් කරලාද කොහේද... අඩුම ගානේ පාර වැරදිලා හැටන් ඉඳන් ආපහු එද්දිවත් අපිට හොයා ගන්න බැරි උනා හැරෙන තැන මෙතනයි කියලා.. ඒ තරමටම එතන හෙනට අවුල් දැන්...
රදැල්ල ක්රීඩාංගනයනං ඇත්තටම දැක්කේ නැහැ..මං ඉස්සර ඕක ගැන අහලා තියෙනවා... රදැල්ල ප්‍රසිද්ධ ඔය ක්රීඩාංගනයටයි අර රදැල්ලෙන් මෙගහර්ට්ස් කියලා වෙළඳ සේවයේ කියන සංඛ්‍යාතයයි හින්ද නෙව...
කාල කලමනාකරණයනං තිතට තිබුනා.. ඒත් වැඩේ උනේ හැටන් ඉඳන් පාර අන්තිම සවුත්තු වීමයි.. නැත්තං කිසි අවුලක් වෙන්න තිබුනේ නැහැ... ඒ ගිය වේගෙට දවල් දොළහ වෙද්දිවත් අපිට හෝට්න් තැන්නට කිට්ටු කරන්න තිබුනා...
@ලකී...
රදැල්ල පාර එහෙමට අවුලක් නැහැ... කෙලින් යනවට වඩා කිලෝ මීටර් 7ක් අඩුයි. හැටන් ඉඳන් ගිය හැටියට රදැල්ල කෙටි මාර්ගය කිසිම වරදක් නැහැ...
ලෝක විනාසෙට ඉස්සරවෙලා ලෝකාන්තෙ බලා කියාගත්ත එක හොඳා.... අඹේවෙල ෆාම් එකේ එළුවො බලන්න ගියෙ නැද්ද මාරෙ?
ReplyDeleteපාරේ ගිය ගව පට්ටියක්නං බැළුවා... එළුවෝ ඉන්න වගක් දැනං හිටියේ නැහැනේ... අවුලක් නැහැ ලගදි එනවනේ..එතකොට මං බලාගන්නං..:D
Deleteඅඩේ ඇත්තටම උඹල අඹේවෙල ෆාම්ස් බලන්න ගියෙ නැද්ද? ඒකෙ එළුවො විතරක් නෙමෙයි හාවො, ඌරො වගේ මසට හදන සත්තු බලාගත්තහැකි.
Deleteආයේ වංගියක් යනවනේ.. ඒ ගියාම අනිවාර්යයෙන් බලලා එන්නං...
Deleteහි හි... මහ රෑ පාර හොයා ගත්ත එකනෙ වැඩේ..
ReplyDeleteහාල් මැස්සෝ හොද්දයි උනු උනු රෝස් පානුයි මතක් වෙද්දිත් නටට කෙල උනනවා.. කාලෙකින් රෝස් පාන් කෑල්ලක් කෑවෙ නෑ.. මාරයියලගේ පාන් නම් නිවෙන්න ඇති නේද??
ජය
යන්තං හඳ පායපු හින්දා හොඳට ගියා..නැත්තං තාම අපි වටේ යනවා...
Deleteඅපේ පාන්ද..? නැහැ ඒවා තාම පත්තු වෙනවා අගේට..:D
කොයි පාන් ගැනද ඔය කියන්නෙ?...
Deleteඒ කියාපු පාන් ගැනනේ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔය පරිසරයට කොයිතරම් ගියත් එපා වෙන්නෙ නම් නෑ නේද...
ReplyDeleteහප්පා නැහැ... හැබැයි කූඩැල්ලෝ හිටියනං තත්වය ටිකක් වෙනස් වෙන්ට තිබුනා...
Deleteඅපිත් සැරයක් ලෝකාන්තයේ ගියා viking බස් එකක. හප්පා සැප. යනකොට හතරට දහයයි. හතරට ගේට් එක වාහන නිසා ටිකට් අරගෙන දවල්ට කාලා යන්න පටන් ගන්නකොට 4.30යි. බස් ඒකට ආපහු එනකොට 7යි. කෙල්ලෙකුට සීතල වැඩිවෙලා කලාන්තෙත් දැම්මා.
ReplyDeleteලස්සන ට්‍රිප් 1ක්. මාරයියට වැඩි වැඩියෙන් මාර ට්‍රිප් යන්න ලැබේවා!
4.30ට ගිහින් 7ට ආවනං ඒක ලොකු දෙයක්... වටේම ගියාද..?
Deleteමාරයා ඉස්කෝලෙ මහත්තයෙක් වගේ කියලා මේ කට්ටිය කියන්නෙ. දැන් මේ ගමන ගිය අනිත් කට්ටිය කෝ?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මගේ අර ගාම්භීර මෙව්වා එකටනේ ඔය එක එක වාගේ කියන්නේ.. :D
Deleteඅනිත් කට්ටිය මූණු පොතේ ඇති...
මාරයා හරි හැන්ඩියා ඈ! ;)
ReplyDeleteආපහු අවෙනං නොන්ඩියා වෙලා... :)
Deleteට්‍රිප් එකක්ද ගිහින් තියෙන්නෙ ???? මැති ඇමති කම් බදා ගෙන !
ReplyDeleteඑහෙම නැතිව බැහැනේ...
Deleteඋඹලට පුන්ඩලුඔය හරහා තලවකැලේ පාර අහුඋනේ නැද්ද? නියම පල්ලං ටිකක් තියෙන්නෙ. ලෝකාන්තෙ මොනවද කියල හිතෙනව ඒව දැක්කම.
ReplyDeleteඒක කොතනින්ද අහු වෙන්නේ...?
Deleteතමන්ගේ වගේ පළ කරගෙන ඉන්න පිංතූර ගත්තේ මෙතැනින් නේද?
ReplyDelete:D :D :D
http://goo.gl/oGvRn
ඔන්න ඔන්න නංගිගේ සුපුරුදු "රුසියාව" පටන් ගත්තා... :D
Deleteනංගිත් ගත්තා නේද කැමරා පොජ්ජක්.. නුවර එළි යන්ට දුරයි හීතලයි කම්මැලියි වගේනං ඔය අහල පහල ඉන්න ගිරවෙකුට මයිනෙකුටවත් අල්ලන්ටකෝ... :D :D :D
ayya, link 1 balala kata karanna hariya........ :)
Delete