කලින් පෝස්ට් එක දැම්ම වෙලේ කීප දෙනෙක්ම කියලා තිබුනේ මූ හිනාවෙන්ට දන්නේ නැහැ කියලනේ... ඔන්න ඉතිං ඒ හින්දා මයේ රටක් වටින කැකිරි පැලෙන ටිකිරි හිනාව...
දැක්කනේ... ආයේ එහෙම කියන්ට එපා අපි හිනා වෙන්ට දන්නේ නැහැ කියලා... (ඒත් මං වැඩිය කැමති රවං ඉන්ට.. )
හරි එහෙමනං අපි දෙවැනි දවසට යමු... දෙවැනි දවසේ අපේ අරමුණ වෙලා තිබුණේ ලංකාවෙන් දෙවැනියට උසම කන්ද කියලා කියන "කිරිගල් පොත්ත කන්ද"ට බඩ ගාන එක තමා... ඒ සඳහා උදේම යන්ට හිතං හිටියත් ටිකක් පරක්කු උනා... අපේ උන්දලා ඇහැරවලා නාවලා පව්ඩර් දාලා ගන්ට වෙලා යනවනේ.. මංතුමානං ඉතිං උදේම නාලා කරලා වාහනේ තෙල් වතුර එහෙම බලලා අස් පස් කොරං ලෑස්ති උනා.. කොහොම හරි අනිත් අය ලෑස්ති වෙනකල් මමයි සංචාරක ඇමතියි දෙන්නා නුවර එළිය ටවුමට ගොහින් අපිට උවමනා කෑම එහෙමත් ගත්තා... උදේ කෑමට පොල් රොටී... ලුණු මිරිස් එක්ක පරිප්පු වඩේ... දවල්ට පාන්.. පාන් කන්න පරිප්පු හොඳි... ඔය උදේ පාන්දර වෙන දෙයක් ගන්ට හැටියක් නැහැ නෙව... එහෙම අරං තව බිස්කට් එහෙමත් අරං අපි ආයේ එද්දිත් අරුං ටික ලෑස්ති නැහැ.. කොහොම හරි එහෙං මෙහෙං කරලා උන්දලවත් දාගෙන ඔන්න ආයෙමත් යන්ට පිටත් උනා... එහෙම ගොහින් උදෑහනට කොටා බාන්ට කියලා මෙන්න මෙතන නැවතුනා කියමුකෝ...
උදේට වෙන් කරපු රොටී ටික එහෙම කාලා අහවර වෙලා වට පිට බලද්දී මෙන්න බොලේ වාහනේ යටින් වතුර පාරක් ගලා ගලා යයි... ආයේ ඉතිං අමුතුවෙන් බලන්ට දෙයක් තිබුනේ නැහැ..රේඩියේටරේට දාලා තිබුන කූලන්ට් එකේ කොල පාට අඳුරන්න බැරිවයෑ... බඩුම තමා..ඉක්මනට බොනට්ටුව ඇරලා රේඩියේටරේ ඇරියා.. හුටා..වතුර නැහැනේ... දැන් පැයකට කලියෙන් මංමනේ මේකේ වතුර බැළුවේ... ඒ වෙනකොට කට මට්ටමට අඟලක් විතර අඩු වෙලා තිබුන හින්දා මංමයි ඒ ටික පිරෙන්න වතුරත් දැම්මේ... දැන් මොන යකාට කියන්නද...?
අපි කට්ටිය දැම්මා සාකච්ඡා වටයක්... ඒකත් අර දිය රකුස්ලගේ චව් චව්ලගේ සාකච්ඡාවක් වගේ... රේඩියේටරේට මොකද උනේ කියලා අපි විද්වත් කමිටුවක් හරහා හොයා බලද්දී අපිට හොයාගන්න පුළුවන් උනා මෙයිට කලින් වතාවක වාහනේ වෙන මොකක් හරි රෙපෙයාර් එහෙකට දාපු වෙලාවක ඒ ගරාජ් එකේ මකබාස්තුමා නියනකින් ඇනලා රේඩියේටරේ හිල් කොරලා ආයේ එයාම ඒක හදලා දුන්න වගක්... ඒ වගේම දැනට මාස කිහිපයකට කලිනුත් මේ ආකාරයෙන්ම එක පාරම වතුර නැතිව ගිහින් වාහනේ මග හිටිය බවත් එයින් පසුව නැවත වතුර පිරවූ පසුව කිසිම අවුලක් නැතිව ගිය බවත්... ඒ අනුව අපි අන්තිමේදී තීරණය කලා අපි ළග තිබුන වතුර වලින් රේඩියේටරේ පුරවගෙන ගමන පටන් ගන්න... එන ඕනෑම තත්වයකට මුහුණ දෙන්ට සූදානමින් කස්ටිය දැන් ගමනේ යා...
කොහොම හරි ඕං පට්ටිපොල ඉස්ටේසම පාස් කොරලා ආවා අර පහළ තියෙන දිය පාර ගාවට... දැන් මෙතන වතුරත් තියෙන එකේ වාහනේ නවත්තලා ටිකක් නිවෙන්න ඇරලා ඇරියා රේඩියේටරේ මූඩිය.. හුටා..වතුර අඩු වෙලා.. ඒ කියන්නේ මේ පාර ලෙඩේ හොඳ වෙලා නැහැ...ආයේ පිරෙව්වා වතුර..නැග්ගා කන්ද... ඔය විදියට ටික දුරක් යනවා..වතුර බලනවා.. අඩුව පුරෝනවා... ආයේ යනවා.. එහෙම ගෙහුන් අන්තිමට අපේ කිරිගල් පොත්ත චාරිකාව ආරම්භ කොරනකොට උදේ නවය හමාරත් පහු වෙලා තිබුනේ... අපි බලාපොරොත්තුවෙන් හිටියේ උදේ හත හමාර වෙද්දිවත් මේ ගමන ආරම්භ කොරන්ට උනත් මෙතනදීම අපිට පැය දෙහෙක සුනංගුවක් වෙලා තිබුනා...
කිරිගල් පොත්ත නගින්න තනියම එහෙම යන්න දෙන්නේ නැහැ කියලා දැන ගන්ට ලැබුනා.. ඒකත් හරි.. මොකද ඒක ලේසි ගමනක් නෙවෙයි.. අනික කාත් කවුරුවත් යන්නේ නැති හරිය... හෝට්න් තැන්නේ කාර් පාක් එක පිරෙන්න වාහන එදා තිබුනා උනත් ඒ දවසටම කිරිගල් පොත්ත නැග්ගේ බැස්සේ අපි කට්ටිය විතරයි.. ඉතිං හිතා ගතෑකිනේ ඒ පැත්තට යන්න අනිත් අයගේ උනන්දුවක් නැති වග... ඒ හින්දා පාළු කැලෑ පාරක දුරකථන සංඥාවත් නැතිව හදිසියකදී ආධාරයක් ගන්න කිසිම විදියක් නැතිව තනියම කෙනෙක් යවන එක අවදානං නෙව... ඒ හින්දා පිරිසක් නැතිව මේ ගමනට බහින එක හොඳ දෙයක් නෙවෙයි...අනික මෙන්න මේවා...
මේ ගෝනකුගේ හෝ වඳුරෙකුගේ කියලා හිතන්න අමාරුයිනේ...නේද..? බල්ලෙක් හෝ බළලෙක් මෙහෙ නැහැ... හැබැයි කොටි පවුලට අයත් සත්තු ඉන්නවා... එහෙම තියෙද්දී තනියම යන එක ගැන තහංචි දැමීම වරදක් කියලා කියන්ට හැටියක් නැහැ...
කිරිගල් පොත්ත කන්ද නගින්න කිලෝ මීටර් හතක් (එව්වත් රබර් කිලෝ මීටර්... ) සහ ආපහු එන්න කිලෝ මීටර් 7ක් වශයෙන් සම්පූර්ණ කිලෝ මීටර් 14ක් ගමන් කරන්න ඕන..(පැය 7ත් 8ත් අතර ගමනක්..) ඒ අතරේදී අතර මඟ කඳු කිහිපයක් නඟින්න බහින්න වගේම..කැලෑ දෙක තුනක් අතරින් යන්නත්... වගුරු වැනි තැනි තලා හරහා යන්නත් තියෙනවා... එරෙන ගතිය ටිකක් අඩු උනත් එක තැනකදී මගේ කකුලත් අඩියකට වඩා එරුනා.. ඒ හින්දා කල්පනාවෙන් බලාගෙන යන්න උවමනා වෙනවා...අනික ලිස්සනවා... දන්න කියන අය කියලා තියෙන්නේ කිරිගල් පොත්ත නැගීමට නුසුදුසුම කාලය ඔක්තෝබර් කියලයි... (ගිහින් ආවට පස්සේ තමා සංචාරක ඇමතිවරිය ඒවා කියන්නේ...) ඒත් අපි ඒ වගක් නොදැන (සංචාරක ඇමතිවරිය හැර) මේ පට්ට කැලෑවක් මැද්දේ වැස්ස කාලේ ගියේ... පාරවල් හැම එකම දිය පාරවල් වෙලා... හැම තැනම ලිස්සන සුළුයි... හැබැයි පුදුම ලස්සනයි... වේලිලා කර උන ගතිය නැති කොල පාටින් පිරුන ගස් කොළං අතරින් ගමන් කිරීම පුදුම සුන්දර අත්දැකීමක්...
ගමනේ පළමු කිලෝ මීටර් එක හමාර යන්න තියෙන්නේ තැන්නක් හරහා... එහිදී හමුවන ආක්‍රමණික ශාකයක් වන කටු පඳුරු වර්ගයක් නිසා සෑහෙන්න දුකක් විඳින්න වෙනවා... (මගේ කකුලේ ඇඟිල්ලකුත් හිල් වෙලා ගියා... කොහොමත් එදා උදේ බලද්දී මයෙ යටි පතුල පැලිලා ඇවිදින්න බැරි ගානට තිබුනේ... එහෙම තියං යන්න අරං මෙහෙම හිල් උනාම ඌයියානේ අප්පා..) ඒ කිලෝ මීටර් එක හමාරක වගේ දුර ගියාම අපිට හම්බ වෙනවා දිය පහරක්.. ඒක තරමක් පළල් ඇළක්.. (පසුව දැනගත් ආකාරයට ඒ බෙලි හුල් ඔය.."ළු") ඒක තරණය කලාම එතැනින් පාර දෙකට බෙදෙනවා... අපි තෝරාගන්න ඕන දකුණු පසට යොමු උන මාර්ගය... එච්චරයි... එතැනින් එහාට පැරණි මාර්ග සලකුණු ඔස්සේ ගමන ගියෑකි...හැබැයි සමහර තැන්වලදී මාර්ගයක සලකුණක්වත් නැති තැනුත් පේනවා.. ඒත් ටිකක් හෝදිසි කලාම පාර පාද ගතෑකි...
ආන්න එහෙම බොහෝම අමාරුවෙන් අපි ගමන් කොලා...පැයක්.. දෙකක්.. දෙක හමාරක්... මේ අතරේ ඈතින් අපිට කන්ද පෙනිලා ආයේ නොපෙනී යනවා... හිතන තරං ළඟ ඇති කන්දක්නං නෙවෙයි... ඒත් කොහොම හරි යන්ට එපෑ... මේ වෙද්දී අපේ සංස්කෘතික ඇමති තුමා හොඳටම ඥාව් වෙලා හිටියේ... පූස් හා පූසී ඇමතිවරියනං ඔහේ මල් කඩ කඩ බර උස්සගෙන එනවා... (උන්නේ බඩු බාර ඇමතිවරු) මට ඒ හැටි බරක් උස්සං යන්න තිබුනේ නැහැ... කොහොමටත් දැනට අවුරුදු බර ගානකට කලියෙන් හමුදා පුහුණු කාලේ වෙච්ච අනතුරක් හින්දා මයේ වම් දණ හිසට කෙල වෙලා තිබුණ හින්දා වැඩි බරක් අරං යෑම මට කරන්න අමාරුයි කියලා දන්න හින්දා වැඩි කැටයං නොදා මම ගියා.. අපේ සංචාරක ඇමතිවරිය එයාට අදාල එකම දේ වෙච්ච සංචාරය කිරීම වෙනුවෙන් විතරක් කැප වෙලා අත පය වන වන ඔහේ ගියා... ඉතිං අනිත් තුන් දෙනාට වඩා අපි දෙන්නට ගමනේ පහසුවක් තිබුනා... ඒ මහන්සිය හින්දා පැය දෙක හමාරකට පමණ පස්සේ සංස්කෘතික ඇමතිවරයා හා පූස් ඇමති ජෝඩුව හාංචිපයිස් ගහන තත්වයට ඇවිත් තිබුනේ... ඒ හින්දා උන් තුන් දෙනාව තරමක් ඉඩ කඩ ඇති තැනක නවතින්න ඇරලා අපි දෙන්නා විතරක් තව ඉස්සරහට යන්ට තීරණය කලා... ඒත් කොහොම උනත් දවල් 12.30 වෙද්දී ආපහු හැරිලා එනවා කියන පොරොන්දුව උඩ...
එහෙම අපි තව ඉස්සරහට ගියා... අවසානෙදී අපිට ඔන්න කිරිගල් පොත්ත කන්ද පාමුලට එන්ට ලැබුනා... හැබැයි ඒ වෙද්දිත් 12.30 යි.. හරිනං අපි ආපහු හැරෙන්ට ඕනෑ උනත් කන්ද පෙනි පෙනී නිකංම එන්න මොකක්ද වගේ හින්දා ටිකක් හරි නැගලා එමු කියලා තීරණය කරලා කන්ද උඩට දුවන්න තියා ගත්තා... කොහොමින් කොහොම හරි කිරිගල් පොත්ත කන්ද මුදුන පෙනෙන නොපෙනෙන සීමාවේදී පරිසර තත්වයත් සෑහෙන්න වෙනස් වෙලා වැස්ස මෝදු වෙන්ට වගේ ලෑස්ති උනා... එතකොට වෙලාව 1ට කිට්ටුයි.. වැඩි කතාවක් නැතිවම අපි තීරණය කලා ආපහු යමු කියලා.. කලින් දවසේත් රෑ වෙලා පාර හොයාගෙන යන අමාරුව දැනං හිටිය හින්දත්.. වැස්සේ අර ආපු පාරවල්වල යන්න තියා හිතන්නවත් බැරි වග තේරුම් අරං හිටිය හින්දත්.. ඒ ඔක‍්කෝටමත් වඩා අබලන්ව ඇති වාහනයකින් තද බෑවුම් පාරක කිලෝ මීටර් විසි පහකට වැඩිය දුරක් ගෙවාගෙන නුවර එළියට යන්න තියෙනවා කියන මතකයත් එක්ක අපිට අවදානම් තීරණයක් ගන්න පුළුවන්කමක් තිබුනේ නැහැ... ඒ හින්දා තව උපරිම පැය කාලක..විනාඩි විස්සක විතර ගමනක් තිබියදී අපි ආපහු හැරුනා... දෙන්නම නොකිව්වට දෙන්නටම බොහෝම හිතට අමාරුයි... ඒත් මොනවා කරන්නද.. හැරුන පරක්කුවට ආපහු දුවලා ආවා අනිත් සගයෝ තුන් දෙනා දාලා ගිය තැනට.. ඒ වෙනකොටත් උන්දලා බය වෙලා...
කොහොම හරි එතනට ඇවිත් බිස්කට් එකක් කාලා වතුර ටිකක් බීලා අපි ආයෙම එන්න පිටත් උනා... අර කලින් පාරෙම... හැබැයි ගියාට වඩා පොඩි පහසුවක් එද්දී තිබුනා.. මං හිතන්නේ ඒ වෙද්දී අපිට පාරවල් හුරු හින්දා වෙන්න ඇති... ගමනත් ටිකක් වේගවත්... අවසානෙදී අර කලින් කියාපු බෙලිහුල් ඔය ගාවට ආවම තමා කට්ටියටම හිතට සැහැල්ලුවක් දැනුනේ... එතැනට ඇවිත් ආපහු හැරිලා බලද්දී අපි පහුකරං ආව කඳු යායටම වැස්ස වැටෙන හැටි පේන්න තිබුණා... ඒත් අපි හිටිය හරියට හොඳට අවුව පායලා... ඒ වෙද්දී හවස දෙක හමාරත් පහුවෙලා හින්දා උදේ ගෙනාව පාන් කාලම යන්න හිතුවා.. මලා.. පාන් අවුලක් නැහැ..පරිප්පු නරක් වෙලා... මොනවා කරන්නද... ඉතිරි බිස්කට් ටික කාලා වතුර බීලා... ගෙනිච්ච තේ වතුර ටික බෙදා හදාගෙන බීලා එන්ට ආවා...
මේ ගමනේදී අපි තීරණය කල දේ තමා වැඩි බඩු ගෙන යෑම අනවශ්‍යයි... එක් අයකු සඳහා වතුර ලීටර් බාගයක පමණ වතුර බෝතලයකුත් මාළු පාන් දෙකක් වැනි කෙටි කෑමක් හෝ කුඩා ක්‍රීම් ක්‍රැකර් එකක් ගෙනිච්චත් ඇති කියන එක... එයිට එහා කිසිම දෙයක් නැතිව යන තරමට ගමන සැහැල්ලුයි..වේගවත්... අනික රබර් සෙරෙප්පු... ආසාවටවත් කූඩැල්ලෙක්නං හිටියේ නැහැ... සපත්තු දාං ගිහිං අර ගොහොරු වලින් යන්න ගියාම කරදරයි...කැමරාව ආරක්ෂා කර ගන්න උවමනා සීල් කල හැකි ඉටි බෑගයක් වැනි දෙයක් ගෙනියන්න ඒ ඇති... අපිනං ටිකක් තෙමුනට මොකද.. වහින්නේ වතුර මිස ඇසිඩ්යෑ...?
කොහොම හරි එහෙම ඇවිත් වාහනේට ආයේම වතුර දාං එන්න පිටත් වෙලා කිලෝ මීටර් දෙකක්වත් යන්න උනේ නැහැ පටන් ගත්තා හෝට්න් තැන්නටත් මහ වරුසාව... වැහි බිංදු නෙවෙයි පොල් ගෙඩි... අපි තව විනාඩි දහයක් පරක්කු උනානං අපිට එදා අත් වෙන්න තිබුනේ අන්ත දුක්ඛිත තත්වයක්...
කොහොම හරි වැස්සෙම ඇවිත් මම වාහනේ එක තැනක අයිනට කලා කට්ටියයට එතැනින් පේන ලස්සන තැනක් පොටෝ ගන්න කියලා... ඒ පොටෝ අරං ආයේ යන්න ගත්තා විතරයි..මගේ ඇගේ වතුර..අහ් නැහැ ලේ... වතුර උනා...
කාර් එකේ බ්රේක් නැහැ... අපි හිටියේ ලොකු පල්ලමක... බ්රේක් පැඩ්ල් එක පැගුවට ඒක ගල් ගෙඩියක් වගේ... කාර් එක ඇදිලා යනවා පල්ලමට... කාර් එක පාර මැද්දට කපන ගමන් මං හෑන්ඩ් බ්රේක් එකේ එල්ලුනා... යන්තං ඒ පාර වාහනේ හිටියා... ඇන්ජිමේ හීට් එක නප්පියට නැගලා... එහෙමම පාර මැදම ඇන්ජිම නිවා දාලා කුඩ ඉහළං ආයේම වතුර දාලා ඇන්ජිම නිවාගෙන එන්න පිටත් උනේ ටික වෙලාවක් ඉඳලා.. එතැන් පටන් සෑම කිලෝ මීටර් හත අටකට සැරයක්ම වාහනේ නවත්තලා රේඩියේටරේ ඇරලා වතුර පුරෝ පුරෝ යාන්තං නුවර එළියට ආවා... නුවර එලීයේදී වාහනේ ගරාජයකට දමනවාද යන ගැටළුව ආවත් ඒකට මගේ කැමැත්තක් තිබුනේ නැහැ... හෙට දවල් වෙද්දී අපි ආපහු කොඹළ යන්න උවමනායි... අද මේක ගැලෙව්වොත් හෙට නෙවෙයි සතියකටවත් යන්නනං වෙන්නේ නැහැ... අනික කොළඹට කිට්ටු වෙන්න වගේ නෙවෙයි දුර ගියාම මං හොඳටම දන්නවා ගරාජ්වල ඉන්න උදවියගේ තාක්ෂණික දැනුම කාලයත් එක්ක අප්ඩේට් වෙලා නැහැ... ඔය දේවල් හින්දා මම පූස් ඇමතිවරයා එක්ක සාකච්ඡා කරලා දිගටම වතුර දදා එමු කියන තීරණයට ආවා..
අපරාදේ කියන්න බැහැ පූස් ඇමතිවරයා දිගින් දිගටම වතුර සප්ලයි කරමින් වාහනේ කොළඹට ගේන්න උදව් උනා..(අන්න එහෙමයි ඌ බඩු බාර ඇමති කමෙන් ජල සම්පාදන ඇමති බවට හැරඋනේ..) ඒ පහුවදා.. ඒ කියන්නේ 27 වෙනිදා උදේ... කොහොම හරි ඒ විදියට එද්දී කෑගල්ල හරියට එද්දී අපි දහ පාලොස් වතාවක් රේඩියේටරේට වතුර පුරෝලා තිබුනා... හැබැයි කෑගල්ල පහු වෙද්දී වතුර ලීක් වෙන එක නැවතුනා... මොකද උනේ කියලා හිතාගන්න බැරි තරමට පුදුමයි... අපිට දුක දෙන්නම හැදුන ලෙඩක්ද කොහේද...?
ඒත් මෙහෙම වාහනේ යවන එක හරි නැති හින්දා කස්ටියව මං කඩවතට ආවට පස්සේ බස් එහෙකට නග්ගවලා මං වාහනේ අරං අපේ ගෙදර ගියා... කඩවත ඉඳන් ඩිංග දුරනේ.. එයිට කලින් මං මල්ලිට කතා කරලා මේක ගලවන්න කටයුතු යොදා ගත්තා... අපරාදේ කියන්න බැහැ ඒකගේ උදව් ඇතිව වාහනේ ළග ගරාජයක නවත්තගෙන ගලෝලා රේඩියේටරේ අරං ගෙහුන් ලීක් එක වහලා ගෙනල්ලා ආයෙම හයි කොර ගන්න ඇහැකි උනා..ඕක නුවර එළියේදී කරන්න ගියානං දවස් දෙකක්වත් ගන්නවා... ඒ වෙද්දී රෑ හතට විතර ඇති... අන්තිමට මං ගෙදර ගියේ බාගෙට මැරිලා... වෙනදනං ගමනක් ගිහින් ආව ගමන් කෙලින්ම නාලා කාලා ඇදටනේ... මේ පාර ගමන් මහන්සියත් එක්කම ගරාජ් එහෙක... පහුවදා උදේ වෙද්දී මට හොඳටම උණ...
ඔන්න ගමනේ අවසානය සෝචනීය වෙච්ච හැටි... ඒත් අපි ආයෙත් ළගදීම යනවා අර බැරි වෙච්ච ඉතිරි ටික සම්පූර්ණ කොරන්න... එහෙම නැති උනොත් තමා වැඩේ හුඟක්ම සෝචනීය වෙන්නේ...හා නැද්ද හා..?
මේ පාරනං වැඩිය පින්තූර අප් ලෝඩ් කරන්න හැටියක් නැහැ.. මේ වෙද්දී මට ඩයලොග් මාමලා මාසෙකට දෙන 3GB ඩේටා ප්‍රමාණය අහවර වෙලා තියෙන්නේ... මේ ටික ලියලා පබ්ලිශ් කරගන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනවා.. ඒ හින්දා මං දෙන්නං ඔයාලට ලින්ක් එකක්... එතැනින් පුළුවන් මගේ මූණු පොතේ ඇති මේ ගමනේ ඇල්බම් එක බලන්න...









මාමා වැඩ කනවා නෙව. මාර ටිකිරි හිනාව...
ReplyDeleteහරි මෙව්වා එකයි නේහ්..?
Delete1. මාර චාරිකාවක්ම තමයි... ඇඬෙනවා...
ReplyDelete2. ඒක නෙවෙයි .. එන්ජින් එකේ හීට් එක වැඩිවෙනකොට බ්‍රේක් නැතිවෙනවද...
3. අනිත් එක ඔය ගමන ඔය කාර් එකේ නොගිහින් " කාර්" එකක ගියානං ඉවරනෙ..:)
2. බඩුබාර ඇමතිකම තවම තියනවද?
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteවාහනේ ඔටෝ එකක් නම් ඔය ප්‍රශ්නේ එනවා. D ජියර් එකේ බ්‍රේක් එක පාගාගෙන පල්ලම් බහිනකොට බ්‍රේක් පැඩ් රත් වෙලා බ්‍රේක් නැති වෙනවා. පල්ලම් බහිනකොට හොදම දේ තමයි L ගියර් එකේ බහින එක.
Deleteඅනිත් දේ තමයි එන්ජිම හීට් උනාම වැකුම් වැඩ කරන්නේ නැතිව යාම. වැකුම් නැති උනාම බ්‍රේකුත් නැහෑ.
හොඳයි... බොහොම ස්තූතියි.. ඔබේ උත්තරය පිලිගත හැකියි....
Deleteඒත් තුන් වතාවකට වඩා උත්සාහ කලොත් මීට පස්සෙ තරඟයෙන් ඉවත්කරන්න වෙනවා:D
මෙයා මගුලක් කතා කරනවා. යුනිකෝඩ් කොන්වර්ටරෙත් එක්ක මේක ටයිප් කර ගන්න කාපු කට්ට දන්නේ මමනේ :D
Delete:D
Delete1.තව ටිකක් අඩන්න...
2.හීට් එක වැඩි උනාම වාහනේ දුවන එක නවත්තන්න යොදා ඇති ආරක්ෂක උපක්‍රමයක් වැරදි විදියට ක්‍රියාත්මක උනා කියලයි මට හිතෙන්නේ... මං පොටෝ එක ගන්න නැවැත්තුවාම වාහනේ තේරුම් ගන්න ඇත්තේ හීට් එක නැග්ග හින්දා නැවැත්තුවා කියලා වෙන්න ඕන... ඒත් ආයෙම යන්න හදන කොට එයා ඒකට සූදානම් නැහැ...මං හිතන්නේ ඒක සිකුරිටි සිස්ටම් එකේ ප්‍රශ්නයක් වෙන්න ඕන...
3.කාර් කිව්වේ අර වංගුවලදී රවුං කරපු ජාතියේ ඒවට වෙන්න ඇති...
4.ඔව් ඌ තාම බඩු බාර...
වාහනේ ඔටෝ එකක්...
ඔව් අළුත් වාහන වල රේඩියේටර් අවුල් ගිහින් රත් වෙලා හිට්ටම ආයෙ පණ ගන්වන්න බෑ. ටිකක් නිවන්න ඕන ඒ වෙලාවට. :)
Deleteතව එකක් දැන් ඉතිං ගෑස්කට් දිහාට ඇහැ ගහගෙන ඉන්නව හොඳයි. ඇංජිම රත් උනාම ඒකට කෙල වෙනව. ආයෙ 50හෙන් එහා තමා :D
Deleteමේ ඔය ගැන මම දන්න ඩිංග...
Delete1. අළුත් වාහනවල රේඩියේටර් කප් එක නොගලව කූලන්ට් රිසවෝයර් එකට වතුර දාන්න පුළුවන් රේඩියේටර් එක නිවෙනකල් නොඉඳ. ( ඔය ගමන ගියෙ ස්විෆ්ට් එකක වගේ පේන්නෙ, එහෙමනම් අනිවාර්යෙන් රිස්වොයර් ටෑන්ක් එක තීනව )
2. රත් වෙන වාහනේක වතුර දදා ඔච්චර දුරක් ආවනම් බොහෝ දුරට ගෑස්කට් ගිහින් තියෙන්න ඕන. ඒ නිසා දැම්ම බලා ගත්තොත් පස්සෙ වෙන ලොකු පාඩුවක් අවම කරගතෑකි.
3. ඔටෝ ගියර් වාහනවල කඳු සහිත පාරවල යනකොට මුලිම්ම ඕ.ඩී ඕෆ් කරන්න. ඉන් පස්සෙ පල්ලම් වල නිතරම 2 එකේ යන්න. මොකද ඩී එකේම පල්ලම් බහින්න ගියාම බ්‍රේක් රත් වෙලා නැති වෙනව. ඒත් මෙතන මම හිතන්නෙ බ්‍රේක් ගල් වගේ වෙලා හීට් එක නැගල කියන්නෙ ඒ වෙනකොට ඇන්ජින් එක නැවතිල, හීට් එක වැඩි කමට. ඒ වෙලාවට ටක් ගාල ගියර් එක එල් හරි 1 ට හරි දාල හෑන්ඩ් බ්‍රෙක් අදින්න. මොකද පල්ලමේ ඩී එකේ යන ගමන් හෑන්ඩ් බ්‍රේක් අදිද්දි කේබල් කැඩුනොත් විනාසයි.
5. ඔය වගේ පොඩි ලීක් නවතින්නෙ ඒ හිලට මලකඩ ගිහින් එකතුවෙලා හිල වැහිල.
නියම ට්‍රිපක්නෙ..
ReplyDeleteආයෙත් අහලා...
Deleteකෝ යකෝ අර තලපත් මාලු, බෝංචි කිරට, තම්බපු බිත්තර, මුකුනුවෙන්න මැල්ලුම් බෙදපු බත් එකේ පින්තූර?
ReplyDeleteමම හිතුවා මේ පාරවත් දාලා ඇති කියල.
මං මුලින්ම කිව්වනේ බං..උදේ බත් එක බැන්දෙත් හදිසියේ.. පොටෝ එකක් ගන්ට උනේ නැහැ.. දවල් කෑවේ එයිට වඩා හදිසියේ...
Deleteලබන පාර මටත් බැරිද ඔය ගමනට සෙට් වෙන්න. මගේ වෑන් එකේ යමු. අර එදා මායි දුකයි මාරයාව බලන්න ආවේ අන්න ඒකේ. මාත් ඔය ගමන යන්න හරි ආසාවෙන් ඉන්නේ. එත් ගෙදර කස්ටිය එක්ක මලාට යන්න වෙන්නේ නැහැ. මොකද කියන්නේ කස්ටිය එකතු වෙලා තෙල් ජුන්ඩක් ගහගෙන යමුද?
ReplyDeleteඒ යෝජනාවනං ඉතාමත් වැදගත් සහ හොඳ යෝජනාවක්... මං අපේ ඇමති මණ්ඩලයට දාලා බලන්නං...
Delete(යකෝ දුකා එක්ක ගමනක් යන්න ගෙදරින් දෙනවනං ආයේ තනියම යන්න දෙන්න මොකට බය වෙනවද..? :D:D:D )
දුකා මේක නොදකීවා..!
මාත් එක්ක තව ඇමතිලා 9 දෙනෙකුට යතහැකි. යොජනාව දාල බලන්නකෝ.
Delete(මේ නොදන්න කමට අහන්නේ, දුකාගේ මුකුත් අව්ලක් තියෙද තනියම ගමනක් යන්න බැරි. ???)
මේකත් දුකා නොදකීවා.!
උඹ පල්ලමේ බ්‍රේක් එක උඩ නැගගෙන එන්න ඇති. එහෙම පල්ලම බැස්සම බ්‍රේක් පෑඩ්/ඔයිල් හීට් වෙලා බ්‍රේක් නැති වෙනව. හොඳම දේ ගියර් එකේ පල්ලම බස්සන එක. ඕන වෙලාවට විතරක් බ්‍රේක් පාගන ගමං.
ReplyDeleteඇත්තටම අර හිනාවෙන්නෙ උඹමද?
අඩෝ මගේ අර වැදගත් හිනාවට අනං මනං කියන්න එන්න එපා..හරිය...
Deleteමේක ඔටෝ ගියර් බං... ගියර්වල බැස්සිල්ල ලේසි නැහැ... ආයේ පාරක් ගියාම ට්‍රයි එකක් දීලා බලන්න ඕන...
අර හිනාව දැක්කම මටනම් ඇඬෙනවා :D
ReplyDeleteමටත්..... ඇඬෙන හිනාවක්.. ඉහි ඉහි ඉහි...
Deleteඒක අහලා මටත් ඇඩෙනවා...
Deleteසික්, වෙන එවුන් හිනාවෙනකොටයි ලස්සන, මූ හිනා වෙනකොටත් කැතයි.
Deleteඕක ඔය පස්සෙ නිට්ටඹුවෙ පැත්තෙ කැලේක අරන් තියෙන්නෙ.
අර සංචාරක ඇමති එහා පැත්තෙන් වාඩි කරන් කාර් එක එලවන වෙලාවෙ විතරලු මුගෙ මූනෙ හිනාවක් තිබුනෙ.
පේනවනෙ වෙලා තියෙනෙ දේ බ්‍රේකුත් බයින්ඩ් වෙලා ගස්සපු ගැස්සිල්ලට.
ඔයින් ගියා මැදෑ.
ReplyDeleteපිස්සුද බොලාට රේඩියේටරේ වතුර ලීක් වෙන වාහනේක කඳු නගින්න.
වෙලාව හොඳා නැත්තම් නුවර එළියෙම ඉන්න තිවුනා තව දවසක් දෙකක්
මංනං කැමැත්තක් තිබුනේ නැහැ..ඒ මං දුක දන්න හින්දා සහ වෙන්න පුළුවන් දේවල් ගැනත් දන්න හින්දා... ඒත් අනිත් අයගේ මූණූ නාළු වෙද්දී කොහොමද තනි තීරණයක් ගන්නේ... ඒ හින්දා වෙන්න පුළුවන් දේවල් යන්තං කියලා ගන්න තීරණයක් එයාලට ගන්න ඇරියා...
Deleteඅනා හරි ස්වීට් හිනාව අනා....(හික්z)
ReplyDeleteහෆ්ෆාආආආ මමත් ගල් පොජ්ජට නැගලා බැස්සා වගේ පුදුම මහන්සියක්නෙ කියවද්දි දැනුනෙ. මම අර 3 දෙනා නැවතුන තැනට පැයකට කලින් නැවතුනා වගේ දැනුනා. එතන තනියම ඉන්න ගමන් පත කොටියෙක් ඇවිල්ලා මාව හතරට පහට ඉරා දාලා යන සීන් එකකුත් මැවිලා පෙනුනා.
ඔය ගමන ගොඩාක් දුෂ්කර වගේ පෙනුනත්/දැනුනත්, කොහොම හරි, අලියෙකුගෙ පිටේ හරි නැගලා යනවා යනවාමයි. ඕං කිව්වා. ලියලා තියාගන්ට කොහෙ හරි. :)
අර පොඩියට ලියන කොටසත් ලොකුවමටම ලියලා දාන්ටකෝ අපේ ඉස්කෝලෙ මහත්තයෝ....දන්නැද්ද මේ ඉතින්...පෙනීම..පොඩ්ඩක්....හ්ම්...පව් නේ...
Delete//පත කොටියෙක් ඇවිල්ලා මාව හතරට පහට ඉරා දාලා යන සීන් එකකුත්//
Deleteඑච්චර කෑලිවලට ඉරන්න තරං දේහයක් තියේයෑ... :D
ඒ පොඩියට දාන එව්වා පොඩි ළමයි කියෙව්වේ නැතිවට කමක් නැහැ...
(ඒත් මං වැඩිය කැමති රවං ඉන්ට.. )
ReplyDeleteමේක මෙච්චර චූටියට දාන්න දෙයක් නෑ.... හැමෝම දන්නවා... හි හි...
මාර චාරිකාවක් තමා.... ගිය කට්ටියගේ වෙලාවල් බලාගෙනම ගියා නං හරි මාරයියේ...
//මොකද උනේ කියලා හිතාගන්න බැරි තරමට පුදුමයි... අපිට දුක දෙන්නම හැදුන ලෙඩක්ද කොහේද...?/////
අස්පට් ග්‍රහයෝ එක්ක ගමන් ගියාම ඔහොම තමා බං... :D:D:D
Delete(අර සමහරුන්ට කර ගන්න ඕන දේත් අමතක වෙලා හැතැම්ම ගණන් බයික් තල්ලු කොරන්ට වෙන්නෙත් එහෙම උනාමළු...)
හි හි....
Deleteඒ සීතලට... හි හි....
නුවරඑළියේ බාස්ල ගැන එහෙම කියන්න එපා මාරයා, මගේ අත්දැකීමෙන් කියන්නෙ බුලට් බඩු එහෙ ඉන්නව. කවුද "මාරයා හිනා වෙනව" බලන්ඩ ආස උන්.
ReplyDeleteයකෝ වැරදිලාවත් ඔය කියන බුලට් එකක් නැතිව මං කියන ජාතියේ එකෙක් අහු උනොත් කාට කියන්නද.. අනික කෑල්ලක් අඩු උනොත් ඔහේ කොහේ හොයන්නද..? අනික දවසක් හරි ඉන්න උනානං කොහේ ඉන්නද..හප්පා... එයිට හොඳයි දන්න පැත්තට එනවා... වැඩිය නැහැ පැය හතර හමාරෙන් ඔක්කෝම ගොඩ...
Deleteශෝක් හිනාවා.... මල් මසුරං...
ReplyDeleteඅර ගෝනෙක්ගේ හරි වඳුරෙක්ගෙ හරි වෙන්න බෑ කියපුව දැක්කහම මට හිතුනේ ඒ මාර මෙව්ව කියලා..
යකෝ මාරයෝ ( අය්යේ ) මෙහෙම පෝස්ට් දැම්මහම කොහොමෙයි බං අපි මේ කාන්තාර වලට වෙලා උහුලගෙන ඉන්නේ විසේසයෙන් මන් වගේ වනචාරී ගති පැවතුම් තියන එකෙකුට කොහොමටවත් බෑ...
පට්ට ට්‍රිප ඈ.. අපරාදේ වැස්සට තෙමිල දියවෙලා බයට අර නවත්තල ගිය උන්ගේ පැපුව පැලිලා මොන ගිණි විජ්ජුම්ඹරයක් උනත් කමක් නෑ කියලා මමනම් ඉතුරු ටිකත් බඩගාගෙන හරි නැගල තමා එන්නේ
නගින්න තිබුනා බං.. ඒත් කලුවරේ ඒ කැලෙන් එළියට එන එක හිතන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි.. එළිය තියෙද්දිත් පාර හොඳට බලං යන්න ඕන... එහෙම එකේ කලුවර උනොත් ඇප නැහැ..නවතින්නේ ඩයගම පැත්තට ගිහිල්ලා...
Deleteබොරු කියන්න ඕන නෑ මම පෝස්ට් එක කියෙව්වේ නෑ.. ඒ උනාට අද රෑට කන්නෙ නම් පොල් රොටියි කට්ට සම්බලයි..
ReplyDeleteඒ.... මුන් බොරුනේ කියන්නේ උඹ පොල් රොටියක් වගේ සුදුයිනේ...
Deleteටිකක් කර වෙලා වැඩි මිසක් නේද බං..?
Deleteෂා....මටත් ආස හිතුනා හිරිගල් පොත්ත කන්ද නගින්ට.....
ReplyDeleteමාර ගමනක්නේ බන්.... suzuki Swift එකක 5 දෙනෙක් දාලා හෝටන් ප්ලේන්ස් නැග්ගා කිව්වම..... අනේ අම්මේ...
ReplyDeleteමාත් මේ පාර ගිය වෙලේ කිරිගල් පොත්ත නැග්ගා! නුවරඑළි ටවුමටම ගිහින් ආයෙම ආපු එක නම් නාස්තිකාර ගමනක්. ඩෝමෙට්‍රිය සැට් කරගත්තනම් ( රු.3500) එදා රෑ එතන ඉදලා උදේට කිරිගල්පොත්ත නැගලා ඔහිය පැත්තෙන්ම බහින්න තිබ්බා කොළඹ එන ගමන!
ReplyDeleteමාරයෝ පල්ලමක් බහිද්දී එල් (L) ගියර් එකේ බහින්න ඕනෙ. හසිත කියලා තියනවා හරි. උඩට යනකොටත් ඔටෝ ගියර් වුවත් 1, හෝ 2 ගියර් එකක යන්න ඕනෙ. නැත්නම් හීට් වෙනවා. ඔය ලෙඩ දෙකම ආවේ මාතලීගේ වරදින්. (මේක අනික් ඇමතිලා නොදකීවා.)
ReplyDeleteඅපෝ ඒ මහ අසරණ පාට හිනාවක් . වෙලා තියෙන ඒවායේ හැටියට ඔහොම ඉන්නවා මදැයි . අපිත් ඉතින් ඉරිසියාවට මොනව හරි කියන්න එපාය
ReplyDeleteඔයින් ගියා ඇති නෙව... කොහොම වුණත් අපූරු පින්තූර ටික(අර එකක් හැරෙන්න)... නුවරඑළියේ නං ගිහින් තිබුනත් කිරිගල්පොත්ත ඉසව්වේ පස් පාගලා නෑ... කිරිගල්පොත්ත කියනකොට මතක් වුණේ මම ගිය ට්‍රිප් එකක්... තව ඩිංගෙං අඩි සියගානක් විතර දිය ඇල්ලකින් පහලට වැටෙන්න ගිය මාව යංතං අල්ලගත්තා අයිය කෙනෙක්... ඒ මනුස්සයා නැත්තං අද මං හබක් වුණ තැන ගසුත් පැල වෙලා...
ReplyDeleteඔය වගේ ලෙඩක් දෙකක් තිබුනොත් තමා ගමන වඩාත් සුන්දර වෙන්නෙ.... පොල් රොටී ටික නම් පංකාදුයි... කාපු කාලයක් මතක නෑ...
ReplyDeleteහ්ම් ලස්සන ගමනක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
පුහ් මුගේ හිනාව....
ReplyDeleteකසිකබල් කාරෙකක වගෙයි ... ට්‍රිප් ගිහින් තියෙන්නේ ..... ඔය මදෑ නොමැරී ගෙදර ආවා ...
ReplyDeleteඔන්න අද තමා මාරෙව හරියට දැක්කේ...
ReplyDeleteමම සාමාන්‍යයෙන් මාර චාරිකා කියවන්නෙ නැතිවුනත් මේක නං ආසාවෙන් කියෙව්ව බං.
ReplyDeleteආ.... බැලුවම මූ අධිරාජ්‍ය වාදියෙක්නෙ! ගිලල තියෙන්නෙම පාංපිටි!
ට්‍රිප් එක ගැන වගේම...වාහන ගැන දැනගත්ත දැනුම නම් වටිනවා.
ReplyDeleteමාරයාගේ ආතල් මාර ආතල්
ReplyDeleteවාහනේ රේඩියේටර් ලීක් එක නිසා ගමනට සිද්ධවෙච්චි කරදරේ කොහොම තියෙන්න ඇද්ද කියල හිතාගන්න පුලුවන්...එක අතකට හොඳයි කතාවට නැත්නම් කුතුහලය මුසු කරන්න වෙන්නෙ නෑනෙ..අර කලු සොසේජස් හැබෑටම කොටියෙක්ගෙද...
ReplyDeleteඅනේ දන්නෙ නෑ ඉතිං සංචාරක ඇමතිට තමයි වැඩි ප්ලේස් එකක් තියෙන්නෙ කතාව ඇතුලෙ...
බලමු බලමු පස්සෙන් පහු දැනගන්න ඇහැක්වෙන්නැතෑ..
නියම ට්‍රිප් එක මාරේ. ඔහොම කටු කෑවෙ නැත්නම් වැඩකුත් නෑ තමයි. උඹ කියන්නෙ සමහරු ඉන්නවනෙ කොට්ට අරං ට්‍රිප් යන. යනකල් එනකල් නිදාගෙන යන්නෙ එකාපිට එකා වැටීගෙන.
ReplyDeleteමේ ඒක නෙවෙයි අර උඹ කිව්ව විදියට අර දිය ඇලි වලට සිංහල නම් යෝජනා කරන තරඟයක් පටන් ගනිංකො ජොලියටත් එක්ක. මේ දැන් පට්ටාං ගම්මුද?
බේකර්ස් ඇල්ල:--------------
ඩෙවෝන් ඇල්ල:------------------
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
අප්පේ..ඔය රේඩියේටර් කෙස් නම් මතක් කරන්න එපා! ගිය සතියෙත් මම බොක්කාවල වැලිතලප කඩේ ළඟ ගැරේජ් එකේ පැය ගානක් ලැග්ගා!
ReplyDeleteරේඩියේටර් රෙපෙයාර් එක ටක් ගාලා කරගන්න තැන් නුවරඑළියේ තියනවා. එකක් නෙවේ කීපයක්ම. ඒකට හේතුව තමයි නුවරඑළිය කියන්නේ කොහෙන් ආවත් කන්දක්නේ. ඉතින් සමහර වාහන වල රේඩියෙටරේ නුවරඑලියට බයේ ඇකිලෙනවා. ඒවා දිග ඇරලා හදාදෙන්න (මරාගෙන කන්නේ නැතුව) තැන් ගොඩක් තියනවා. කලින් අඳුනනවානම් හමුදා ආරක්ෂාව යටතේම රෙපෙයාර් එක කරවලා දෙන්න තිබුණා. නොමිලේ නෙවෙයි සාධාරණ ගණනකට.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
පොල් රොටියි ලුණු මිරිසයි දැක්කම මටත් බඩගිනි උනා ඕං.
ReplyDeleteඋඹේ මාර හිනාවට, උඹ මාර සිරියාවන්තයි.
ReplyDeleteමටත් තිබ්බ කබල් කාර් කට්ටක් වහිනකොට ඇතුල තෙමෙන, කඳු නගිනකොට හීට් වෙන.... ඔය සන්තෑසියම තමයි... නවත්තනවා වතුර දානවා... වැඩි හොඳට මම නිකං ඇන්ජිම උඩටත් වතුර හලනවා ඉක්නමට නිමෙන්න. මාස දෙක තුනයි ගියේ ගෑස්කට් ද මොනවදෝ ගිහිංලු... ඕන්නැති තැං වලට වතුර දැම්මහම එහෙම වෙනවලු....
ඔන නැති තැන් වලට වතුර දාල නෙවෙයි ඒ. රත් වීම වැඩි උනාම ගැස්කටුත් රත් වෙලා දියවෙනව. ඒකයි සීන් එක.
Deleteමාරයා මාරයා කිවුවට අර හිනාවෙන් පෙනෙන්නෙ බොහොම අහිංසක මූනක්නේ..
ReplyDeleteමාර හිනාව තමයි ඔක්කොටම වඩා ලස්සන... :)
ReplyDeleteමරයෝ...ආයෙ නොකිව්ව කියන්න එපා දැනටමත් පොට්ටයෙක් වෙලා ඉන්න මට බෑ උඹේ ඔය වරහං ඇතුලෙ තියන අකුරු මොනිටරේ ලෙවකකා කියවන්න. ඒවත් ටිකක් ලොකු කොරලා දාහංකෝ.
ReplyDeleteමේ විහිළුවට නෙමේ, මේ දවස් දෙක තුනට උඹ සුදු වෙලානේ බං.
මට නම් කිරිගල්පොත්ත නගින්න අවස්තාවක් ලැබෙන්නෙ නැතිඋනාට හරි ආසාවෙන් කියෙව්වා.කෞද හැබෑට අර සන්චාරක ඇමති?ස්තිරී පරානයක්ද? මාරයා කිවුවම මම හිතන් හිටියෙ කලු පාට කෙනෙක්. මාරයා හරි සිරියාවන්ත්යි නේ.
ReplyDeleteකිරිගල්පොත්තෙ කන්ද නගිනකොට ගම සිටිනා කෙනාව හදේ නැගුනෙ නැද්ද ?
ReplyDeleteහැබැයි කන්ද පාමුලට ගිහින් කන්ද නගින්නෙ නැතුව එන එක නං අපරාදයක්... හරියට හෝටලේකට ගෑණුළමයෙක් එක්ක ගිහින් කතා කර කර ඉඳලා ගෙදර එනවා වගේ වැඩක්...
මම අර මාතෘකාව දැක්කාම හිතුවෙම ඇනිමල් පිරිසීල මැතිතුමා ගැන කියනවයි කියලා...
මොකද ඉතිං ඒ මහත්තයා ඔය දෙකටම අදාලයි නෙ.... හැක් හැක් හැක්....