ඔබත් දීග දෙන වයසේ සිටින දූවරුන් සිටින මවක්ද.. පියෙක්ද..? දුව උගත් රූමත් නොවේද..? දෙන්නට දෑවැදි නැද්ද..? දැවෙන්නෙපා.. තැවෙන්නෙපා.. මෙන්න නොවරදින විසඳුම...
-----------------------------------
ඉඳ හිට හරි සමාජයට වැදගත් වෙන පෝස්ට් එකක් දාන්න එපෑ... හැමදාම වැල් බයිලා ලියලා හරියනවෑ..හා නැද්ද මං අහන්නේ... සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩත් ඉඳ හිට හරි කරන්න ඕන පින් තකා...
රයිටෝ මේ ලිපිය බොහොම වැදගත් වෙයි දීග දෙන්න දූරු ඉන්න අම්මලාට... ඇයි එතකොට තාත්තලාට වැදගත් නැද්ද.. හපොයි එහෙම නැහැ..මේක තාත්තලාටත් වැදගත් වේවි... ඒත් ඉතිං ඔය කාරණාව සම්බන්ධව වැඩි මහන්සියක් දරන්නේ මවු පාර්සවේ නෙව... ඒකයි අරෙහෙම කිව්වේ... හරි වැඩි කතා අනවශ්‍යයි..අපි යමු සීන් එකට...
-----------------------------------
අපේ ගමට ටිකක් එහායින් තිබුන ගමක සිද්ධ වෙච්ච සැබෑ සිදුවීමක් තමා අද මං මේ ඔබ තමුන්නාන්සේලාට කියන්ට යන්නේ... ඔන්න ඒ කාලේ.. ඒ කියන්නේ අදට අවුරුදු විස්සකට විතර කලියෙන් උන්නා සිරිසේන බාස් කියලා බාසුන්නැහේ කෙනෙක්.. බාසුන්නැහේ කිව්වම නොයෙකුත් බාසුන්නැහේලා ඉන්නවා නෙව... මේ බාසුන්නැහේ කම්මල් බාසුන්නැහේ කෙනෙක්.. ඒ විතරක් නෙවෙයි වඩු වැඩ එහෙමත් හොඳින් දැන උන්න මනුස්සයා වෙච්චි... අපරාදේ කියන්ට බැහැ කලොත් වැඩක් ආයේ ඒක සුපිරියටම තියෙනවා.. ඒ තරං අත්ගුණේ... උන්දෑ හැදුව කැත්තක්.. මන්නයක්.. පොරවක්.. වෑයක්.. නෙවෙයි ඕනම ආයුධයක් ආයේ ඉතිං හත් අවුරුද්දක් පාවිච්චි කොලෑකි කිසිම කරදරයක් නැතිව... ආයේ ඉතිං බාල වැඩ නැහැ... හොර බඩු නැහැ... ඕනම වැඩක් එක පාරින් ටක්කෙටම කොරනවා..සිරිසේන බාස් එහෙම වැඩකාරයෙක්..
හැබැයි...
තමුන්ගේ රස්සාව කොරද්දී ඕන වැඩක් එක පාරින් කොරන්ට හැකියාව තිබුන මේ මනුස්සයට ජීවිතේ එක වැඩකදීනං එකොලොස් පාරක් උත්සහ කොරලත් වැඩේ කොරගන්ට බැරි උනා.. ඒ මොකක්ද ඒ වැඩේ...
ඒ තමා කොල්ලෙක් හැදිල්ල...
පරම්පරාවෙන් පරම්පරාවට ආව රස්සාව තමුන්ගෙන් පස්සේ ඉස්සරහට ගෙනියන්ට කොලු පැටියෙක් හදාගන්ට කියලා මේ මනුස්සයා කොච්චර දත කෑවත් හැමදාමත් හම්බ උනේ වැරදි උත්තරේමයි... ඒ කියන්නේ මුංදැගේ මායියට ලැබෙන හැම දරුවම ගෑණු දරුවෝ වෙච්චි... එක පාරක් දෙපාරක්නං මදෑ... එකොලොස් වතාවක්ම උත්තරය ඔහොමමයි.. අවසානෙදී කාන්තා කිරිකැට් කණ්ඩායමකට සරිලන ගානට දරුවෝ ලැබුනට පස්සේ තමා මුංදෑ තමන්ගේ උත්සහය අතෑරලා දාලා තිබුනේ...
ඒකෙන් මේකෙන් උනේ මහ දෙපලයි දරුවෝ එකොලොස් දෙනෙකුයි එක්ක එහෙං පිටින් දහතුන් දෙනෙකුගේ නඩයක් නඩත්තු කොරන්න මුංදැට සිද්ධ වෙච්ච එකයි... හිතලා බලන්ටකෝ අද කාලේ මේ ඉන්න උන්නැහේලා දරුවෝ එකෙක් නැත්තං දෙන්නෙක් හදාගෙන උන්ට කන්න අදින්න දෙන්න විඳින දුකක්... එහෙවු එකේ මෙච්චර සේනාවකට සලකන එක ලේසි පාසු වැඩක්ද..? නිකමට හිතලා බලමුකෝ... හොඳි මාළු පිණි ඕන නැහැ ලුණු ඉහලා හරි කන්ට දෙන්නට බත් විතරක් තැම්බුවත් ඒ බත් හැලිය හෝටලේක බත් හැලිය වගේ වෙන්ට එපෑ.. එතකොට ඉතිං අනිත් කරුණු කාරණා එක්කාසු වෙලා එද්දී ඕනම මනුස්සයෙක් හොම්බෙන් යනවා නෙව...
ඒත් ඉතිං අපරාදේ කියන්ට බැහැ සිරිසේන බාස් කොහොම හරි යකඩ තලලා තලලා හරි හම්බු කොරලා මේ පවුල නඩත්තු කොලා... කොහොම හරි කාලෙත් එක්ක ළමයි ලොකු වේගන ආවා... ඔහොම ගෙහුන් තමා වැඩිමල්ම කෙල්ලොන්ගේ දීග දෙන කලවයසත් ආවේ...
ජීවිත කාලෙම යකඩ තල තල පවුලට කන්ට අදින්ට දුන්නා මිස හරි හමන් ගෙයක් දොරක් හදා ගන්නවත්.. ළමයි දීග දෙන දවසකට දෙන්ට කියලා දෑවැදි එක්කාසු කරන්ටවත් සිරිසේන බාස්ට පුළුවන් උනේ නැහැ... ඒත් එහෙමයි කියලා කෙල්ලෝ ටික ගෙට නාකි වෙන්ට අරින්ටයෑ... කොයි දේටත් සමර්ථ අපේ සිරිසේන බාස් වැඩි කල් නොයා ඒකට පිළියමක් හොයා ගත්තා...
කොහොමින් කොහොම හරි වසර දහයක් දොළහක් අතර කාල සීමාවකදී තමුන්ගේ දූරු ටික ඔක්කෝම වගේ දීග දෙන්ට සිරිසේන බාස් සමත් උනා... එහෙම කලේ කොහොමද..?
ඒක කලේ මෙහෙමයි...
කාලයක් තිස්සේම තනියම කම්මලේ වැඩ කොර කොර හිටිය සිරිසේන බාස් තමුන්ගේ වැඩට ගෝලයෙක් ගන්ට තීරණය කොලා... එච්චර කාලයක් තමුන් යකඩ තලද්දී කම්මලේ මයින හම අඳින්ට උදවු උනේ බාස්ගේ පවුල හරි ලොකු මහත් වෙච්ච දූරු හරි උනත් ඒ අය කම්මලෙන් අහක් කොරලා ඒ වැඩේ කොරන්ට පිටින් ගෝලයෙක් ගත්තේ අරමුණු රාසියක් හිතේ තියාගෙන තමා...
සිරිසේන බාස් ආවට ගියාට ගෝලයෙක් ගත්තෙත් නැහැ... හොඳට හයිය හත්තිය තියෙන... සිහි කල්පනාව තියෙන වැඩට කම්මැලි නැති එකෙක්ව තමා තෝරලා ගන්නේ.. ඒ අරගෙන ආයේ ඉතිං කිසිම ගුරු මුෂ්ටියක් නැතිව හොඳින් වැඩපලත් උගන්නනවා... ගෝලයොත් ටික දවසක් යද්දී තමන් වගේම දක්ෂ කම්මල් කාරයෙක් කොරලා ගන්ට සිරිසේන බාස්ට ඒ හැටි අමාරුවක් උනේ නැහැ...
ඒ අතරෙම තවත් වැඩක් කෙරුනා...
කලිනුත් මං කිව්වා නෙව සිරිසේන බාස්ට ළමයින්ට කන්ට අදින්ට දෙනවා ඇර ගෙවල් දොරවල් හදන්ට පුළුවන් කොමක් තිබුනේ නැහැ කියලා... ඒ හින්දා උන්දැට තිබුනේ කම්මල ගාවම අටෝ ගත්ත පුංචි ගේ පැලක්.. ගේ පැලක් කිව්වට ඒකේ ඔය දැන් ගෙවල් දොරවල්වල වගේ කාමර අරවා මේවා මොනවත්ම නැහැ... තනි කාමර කෑල්ල... ඕක අඩි පහලොහක් විතර පළල අඩි විස්සක් විතර දිග ගේ කෑල්ල.. ගෙයි පිටිපස්ස පැත්තේ යාලත්තක් බාලා ඒක තමා කුස්සිය හැටියට පාවිච්චි කොලේ... අනිත් හැම දේම අර තනි කාමරේ ගේ කෑල්ලේ තමා...
ඉතිං සිරිසේන බාස් ගෝලයෙක් මුලින්ම වැඩට ගන්නේ ටිකක් පායන කාලේ බලලා... එහෙම වැඩට ගන්න ගෝලයට ගෙදරින් කෑම දුන්නත් රෑට නිදියන්ට වෙන්නේ කම්මල් කෑල්ලෙම තමා... ඔහොම ටික දවසක් කම්මලේම නිදි කරවලා වැඩ රාජකාරි පුරුදු පුහුණු වේගන එනකොටම ඔන්න වැහි කාලේ අල්ලනවා.. ආන්න එතකොට බාසුන්නැහේ තමුන්ගේ ගෝලයට කතා කරනවා කම්මලේ තෙමි තෙමි නිදියන්ට බැරි හින්දා වරෙං ගේ ඇතුලේ තියෙන හැටියකට නිදියන්ට කියලා...
මේ ගේ ඇතුලේ ආයේ කාමර එව්වා මෙව්වා නැති හින්දා හැමෝම නිදියන්නේ බිම දිගට එළපු පැදුරු වල එකා ළඟ එකා හැටියට තමා...බාසුයි පවුලයි එක කොනක නිදියනකොට එතැන ඉඳන් දූලා පෝලිම දොයි... අළුත් ගෝලයට ඉතිං ලැබෙන්නේ පෝලිමේ අන්තිම... නිතරම ඔය පෝලිම අවසානෙට ඉන්නේ ඊ ළගට දීග දෙන්න සුදුසු වෙලා හිටිය කෙලී තමා... මං දැන් අමුතුවෙන් කියන්ට දෙයක් නැහැනේ... වැහි දවස් ටික ගෙවිලා ඉවර වෙන්ට කලියෙන් උදෑහැනක බලන කොට පැදුරු පෝලිමේ හිටිය දෙන්නෙක් අඩුයි.. ඒ කියන්නේ කොනේම හිටිය සිරිසේන බාස්ගේ ගෝලයයි..එතැනම හිටිය කෙල්ලයි...
ඔන්න ඔහොම තමා වැඩේ කෙරුනේ... අවසානෙදී අවුරුදු කිහිපයක් ඇතුලත බාස් තමුන්ගේ දූරු ටික ඔක්කෝම දීග දුන්නා... හැබැයි සත පහක්වත් දෑවැදි නැතිව... ඒ විතරක්ද..? බොහෝම හොඳ ඇගේ පතේ හයිය හත්තිය තියෙන... දෑතේ රස්සාව දන්න උන් තමා බාස්ගේ බෑනලා උනේ... කෙල්ල අරං පැනලා ගියාට මොකද හත් අට මාසයක් යද්දී ජෝඩුවම එනවා මහ උන්දලා බලලා යන්ට... බාසුත් වැඩි ආරෝවක් නැතිව උන්ව පිළි ගන්නවා..තරහක් මරහක් නැහැ.. මොකට තරහා වෙනවද.. ගෙදරට නාකි වෙන්ට හිටිය කෙල්ලව උස්සං ගියාට... බෑනලා උනත් වරදක් හිතුවේ නැහැ මාමණ්ඩි ගැන.. ඇයි ඉතිං දෑතේ රස්සාවත් හුරු කරලා දීලා දුවෙකුත් දුන්නට පස්සේ... හරියට අර දිසාපාමොක් ගාව ඉගෙන ගෙන දුවව හම්බ උනා වගේ නෙව... ඉතිං ඒ හැමෝම සතුටෙන් සමාදානෙන් උන්නා... ඔය කොරමෙට තමා දූරු එකොලොහම දීග යවන්ට බාස් සමත් උනේ...
දැන්නං මේ කියන බාසුන්නැහේ මිය පරලොව ගෙහුන්.. ඒත් උන්දෑ බොහෝම හොඳින් තමන්ගේ දූදරුවන්ගේ සැලකුං සත්කාර විඳලා සුවසේ අවසාන කාලේ ගත කොරලයි මියෑදුනේ... ඒ වගේමයි උන්දැගේ දූවරු ගත්ත මිනිස්සුත් උන්දෑ වගේම දක්ෂ වැඩකරුවෝ උන හින්දා ඒ එක කෙල්ලෙකුටවත් වරදක් අඩුපාඩුවක් උනෙත් නැහැ... අදටත් රටේ එක එක පළාත්වල බොහෝම දියුණුවට පත් වෙලා ඉන්න ඈයෝ...
වරදින්ට හැකියාවක් නැහැනේ ඉතිං... වේලපහම හොඳින් පරීක්ෂා කොරලා ගත්ත හයිය හත්තිය තියෙන උන්දලට ආයේ නොවරදින විදියට තමුන්ගේ කරුමාන්තය කියා දීලා දක්ෂයෝ කරලා ගත්තු බෑනලා නෙව උන්දැට උන්නේ...
ඔන්න ඔහොමයි සිරිසේන බාසුන්නැහේ දෑවැදි අනං මනං නැතිව තමුන්ගේ දූරු දීග දුන්නේ...
-------------------------------------------------------------------
කතාව කිව්වට පස්සේ ඒවා තම තමුන්ගේ කටයුතු කාරණාවලට අනුකූලව ගලපලා සැලැස්මක් හදාගෙන ඒ අනුව වැඩ කොරලා තම තමුන්ගේ දූරුත් දීග දීගන්ට උත්සහ කොරන එක තම තමුන්ට බාරයි... හරි ගියාම ගුරු පඬුරු පිදුවටනං කමක් නැහැ... හැබැයි ඔන්න ඇන්නා පැන්නා කොම්පැණියේ උන් ගේ අස්සේ දාගෙන පස්සේ එහෙම මට සෝලි තියනවා නෙවෙයි... මේක මහ අමුතුම කාලයක්.. උදව් කොරලත් බැනුං අහන්ට සිද්ධ වෙන... එහෙමනං ඕං මං නැවතුනා.. සැමට සුභ මඟුල්...
1 ද මන්ද
ReplyDeleteඔය වෙලා තියෙන්නේ...
Deleteඒකනං මරු ක්‍රමයක් තමයි.
Deleteබාස ගෝලයො ගන්න ඉස්සෙල්ල මොනවද දන්නෑ හොයල බලපු දේවල්.
ඊටත් වැඩිය ප්‍රශ්නෙ එක කාමර කෑල්ලක් ඇතුලෙ ළමයි එකා එකා වැඩිවෙනකොට ඔය ළමයි හදපු වැඩේ කොහොමද කෙරුවෙ කියන එක.
ඔව්වනං ප්‍රශ්නද උවමනාව තියේනං...
Deleteෂික් ..... මේක හරි කූර ලෝකයක් අෆ්ෆා ..
Deleteහික් හික්..අද ප්‍රමාද වෙලා වගේ...
Deleteබොදු බල සේනා සංවිධානයේ කළුතර දිසා මහ සමුළුව, ඔක්තොම්බර් මස 13වන සෙනසුරාදා දින ප.ව. 2.00 ට කළුතරදී පැවැත්වෙන අතර, බංගලිදේශ මූලධර්මවාදීන්ට එරෙහිව සාමකාමී විරොධතාවයක් එදිනම ප.ව. 2.00 ට නුවරදී පැවැත්වේ!
Deleteඔබ වෙනුවෙන් නොව ඔබේ හෙට දිනයේ දරුවා වෙනුවෙන් මේ සඳහා සහභාගී වන්න.. නැතහොත් හෙට ඔබගේ දරුවා මුස්ලිම් ශ්‍රී ලංකාවක (සපිරිස්ථානයක ) සුළු ජාතිකයකු වනු නිසැකයි .
අභිමානවත් හෙළ දූ පුතුනි සිහල විරු දනන්ගේ උරුමය ඔබේ හෙට උපදින දරුවා වෙනුවෙන් සුරැකුමට පෙලගැසෙන්න!
මාර උපක්‍රමය අෆ්ෆා...
ReplyDeleteමාරයියත් යන්ට තිබ්බේ කම්මල් වැඩ පුරුදු වෙන්ට ඒ පැත්තේ ...:D
හනේද කියන්නේ...:D
Deletehehe ane ohoma baasa mamala nethei oya laga pathaka?
ReplyDeleteනැහැ නෙව මලේ...
Deleteඑළ ඈ ............. ඇත්ත කථාවක්ද ඈ ....මොකද මීට සමාන කථාවක් මාත් අහල තියෙනව එකයි ඇහුවේ
ReplyDeleteඇත්ත කතාවක්... ඔය නංවල එහෙම සුළු වෙනස්කං කරලා තිබුනට... බාසුන්නැහේව මං දකිනකොට බොහෝම වයසයි...
Deleteඅපරාදේ සිරිසේන මාමා දුසිමකට ට්‍රයි කොළානම් අන්තිම ගෝලය වෙන්නේ මාර අය්යනේ... :D :D :D
ReplyDeleteවැඩක් නැහැ මීයෝ..එහෙම උනානං බාස්ට වැඩේ වරදිනවා...
Deleteසිරා කතාව.. ඒකත් නියම ක්‍රමේ දීග දෙන්ට.. :P
ReplyDeleteආයෙත් අහලා...
Deleteනියම ක්‍රමේ බන් අයියෙ... හැමෝම සතුටෙන් සමාදානෙන් උන්නා කියන්නෙ සිරිසේන බාස් කම්මල් වැඩ වලට වගේම මිනිස්සු තෝරගන්නත් පට්ට දස්සයෙක් කියන එක තමා... :)
ReplyDeleteකොහොමත් බං පරණ මිනිස්සුන්ගේ මිනුම් දඩු දැන් වගේ ඒවා නෙවෙයිනේ...
Deleteහැබැයි ඉතිං බාස්ගෙ වෙලාව උපරිම හොඳයි. මොකද ඇන්න පැන්න (මාරයගෙ) ජාතියෙ එකෙක් ගෝලය විදියට අහුවෙලා නෑනේ.
ReplyDeleteයකෝ මෙච්චර ධර්මෙන් සීලෙන් ඉන්න ඉන්න මට ඔහොම කතා කියන්ට හොඳද..?
Deleteඔය මාමත් රාජපස්ස කෙනෙක්ද ඈ.....ඕනෙ කුණුගොඩක් මාර සිරා කියලා ඇඟේ ගහන්ඩ දස්ස ඒ ඈයො තමා...
ReplyDeleteරාජපස්ස විතරක් නෙවෙයි දිනුක ඔය කොයි දේශපාලුවත් අපේ ඇගේ ගහන්නේ කුණු ගොඩවල්ම තමා... ඒකට රාජපස්ස කෙනෙක් වෙන්න ඕන නැහැ වික්‍රමසිංහ උනත් එච්චරයි...:D
Deleteනරකද මාරයියත් මේ වගේ බාස් කෙනෙක් හොයල ගෝලය විදියට වැඩට ගියොත්. ඒත් පොඩි අවුලක් තියනව. උදේට බලද්දි දූල දෙතුන් දෙනෙක්ම නැතිවෙයිද දන්නෙ නෑ.
ReplyDeleteපිස්සුද මල්ලියේ... මං කොරයිද එහෙම නොසංඩාල වැඩ...
Deleteඒ ක්‍රමෙත් නරකම නෑ...
ReplyDeleteබාලම දෝනි අවුරුදු එකොලහක් තිස්සෙ ඔය සමයං බලබල ඉවසගෙන හිටිය එකත් ලොකු දෙයක් :)
ඔය කිව්වට ටර්න් මාරු වෙන්නත් නැතෑ...
Deleteවැඩත් ඉගෙනගෙන, වැඩෙත් කරගෙන, එකෙක් පැන්නලු..!!!
ReplyDeleteඑකෙක් කිව්වේ මුවෙක්ද..?
Deleteඒ කාළේ නිසා හොඳයි. නැත්නම් ඉතින් ලයිනින් හෝම් එකේ අකම් පවුලේ එකොලහක් ඉඳියි බඩවලුත් උස්සගෙන. නැන්දම්මත් ෂුවර් නෑ. මොකෝ අද කාළේ අපි වගේ වැදගත් මිනිස්සු අඩුයි. ඉන්නෙම මාරයා වගේ වනචර හැත්ත නේ..
ReplyDeleteහනේද කියන්නේ... මාතලං ලොක්කා කන්නේ ඉටිපංදං හඳුන් කූරු වෙන්ටෑ මයෙ හිතේ...:D:D:D
Deleteපාන්තිරත් කනවා
Deleteකාලා පොල් තෙල් කාලකුත් බීහං...
Deleteපාන්තිර කන්නේ ගිතෙල් ගාලයි??
Delete:)
ඈ ටිරාජ් මල්ලියේ... හෙනහුරු අපලෙට කපුටෙකුට දෙන කෑම මොකටෙයි මාතලංට ගිල්ලවන්නේ...?
Deleteමම දන්නවා හදිස්සියේම මේ කතාව මතක් වුනු හේතුව....
ReplyDeleteවෙන්න බැහැ... බොට දිවැස් තියේයෑ..?
Deleteදිසාපාමොක් ස්ටයිල් එක ටිකක් වෙනස් කරලා අරගෙන වගේ :D
ReplyDeleteවැඩි වෙනසකුත් නැහැ...
Deleteමාරයත් වතුපිටිවල පැත්තේ මොකද්ද එකකට කරගහන්න වගේ ලේස්තිය..බලමු බලමු
ReplyDeleteඑහෙම කරගහනවනං මෙච්චර කල් ඉඳිද..?
Deleteආ දැන් දීග දෙන ක්‍රමේ දන්නවා.. අදම බහින්න ඕනි ළමයි එකොළහ හදන්න !
ReplyDeleteඒ කියන්නෙ අවුරුද්දකට දෙක තුනක් හදනවද?
Deleteඈ බං වෙනී අයියා..? ළමයි හදන්න කියලා උඹ මොකටද බහින්න හදන්නේ..?
Deleteඑකොළහ දෙකන්වත් තුනෙන්වත් බෙදන්න බැහැනේ ප්‍රසා... අන්තිම එකා කොහොම හදයිද මංදා..?
Deleteමක්කැයි මේ ඔහෙල දොඩන්නේ?????????????
ReplyDeleteමක්කවත් නැහැ ආයිබංඩ...
Deleteඇනෝ කොමෙන්ට්ස් දාගෙන දාගෙන ඇවිල්ලා මෙතනට විතරක් එද්දි ලොග් වෙන්න ඕනා...උෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆාආආආ වට් අ වෙඩිං!!!!!
ReplyDeleteමේ - මේකත් අර "සිඟිති ආතල්" එකක් දීලා "සිඟිති ආතල්" එකක් ගන්න දාපු පෝස්ට් එකක් නේද? ඔන්න එහෙනම් මම "හහ් හහ් හහ්" ගාලා හිනාවක් දීලා සීරියස් කොමෙන්ට් එකක් දාලා සාටර් වෙන එකෙන් මිදුනා :)))))
හපොයි මෙගා බයිට්...
Deleteඔය විස්තරේ ආරංචි වෙලා, මාරයියත් ඒ පැත්තෙ කරක් ගැහුව ලියල ආරංචි වුණා. ඒත් ඒ වෙනකොට දුවලා 11ම ඉවර වෙලාලු. ඒ තරහට තමයි මාරයිය මෙහෙම උපහාසෙන් වගේ ලියන්නෙ. මේක මෙහෙම කිවුවට තේරෙන්නෙ නෑ ඒ උපහාසෙ. මේ මම වගේ හිතට මෙව්වා එකක් අරන් කියවල බලන්නකො. එතකොට තේරෙයි මාරයියගෙ හිතේ තියෙන තරහයි, උපහාසයයි.
ReplyDeleteසිඳුගේ මෙව්වා එකනං හරිම මෙව්වයි.. ඕක මෙව්වා කොරලා දාන්න ඕන ඇලේ...
Deleteමාරයි ඈ. අපි ඉතින් මෙව්වා විස්වාස කරනවා කියල සමහරු හිතන් ඉන්නේ
ReplyDeleteඕං ඉතිං යමක් කියා දුන්නම හිතට ගන්නේ නැති උදවිය...
Deleteඅපොයි... වැරදි වෙලාවක මේක කියව්වේ මාරයියේ.. අපේ මහතත්යත් ඔන්න බක බක ගගා කියෙව්වා මේක.....
ReplyDeleteඇහ්..බොලේ උන්දැත් ගියාවද්ද ඒ කාලේ කේක් හදන්ට ඉගෙනගන්ටවත්..?
Deleteනෑ නෑ.. එයාව අල්ලගත්තේ ඉස්කොලෙ යන කාලෙනේ.. ඔන්න කියාගෙන ගියා...
Delete“එහෙනං අවුලක් නෑ .. දැම්ම හදමු එකෙක් ... “කියලා.... හි හි.....
අපේ ගෑණි මේ දවස්වල නොකඩවා ගහන රෙකෝඩ් එක තමා මාරයෝ
ReplyDelete// හොදට සැපට චූන් එකේ හිටියා ඇති නේද දැන් , ඔයාට ඉන්නේ කෙල්ලොම දෙන්නෙක් නේද , දැම්ම ඉදලා දෙන්නගේ අනාගතය ගැන හිතුවොත් නරකද //
*** මං බැංකූ කඩන්ඩද මාරයෝ ***
මමත් තව අවුරුදු විස්සකින් විතර ගෝලයො දෙන්නෙක් ගන්නවා මැසින් හදන්ඩ උගන්නන්ඩ ,
හිටු හිටු උඹගේ මේ රන් පත්ඉරුව පවුලට පෙන්නලා අවුරුදු විස්සකට කට වහලා එන්ඩ
මට සංතෝෂයි බං.. එකම එකෙක් හරි මෙකෙන් පරයෝජනයක් ගන්න වග ඇහුවම.. කොහේද මේ අපේ උන්ට යමක් කියා දුන්නට ඇති වැඩැක් නැහැ නෙව...
Deleteඔන්න අටම්ටත් වැඩේ අහුවෙලා එහෙනං...
Deleteඅටම් +++++++++++++++++++
Deleteහෙ හෙ......... මාර තියරි..:P
ReplyDeleteහික්ස් ඔන්න අපේ අම්මටත් මේ ලිපිය කියවන්න කිව්වා මම :D
ReplyDeletemachan Bsc, Msc, Phd gahapu ayata wada balapna me wage minisunta saajaya gana theory eka.
ReplyDeletee wagema bohoma saralwa , sathutin jeewithya gewanwa.
loku kathwak thityene bna oya post eka athule.
මාරයා මෙච්චර වටින කතාවක් කියලත් ඒකේන් ආදර්ශේ අරන් තියෙන්නේ අටමා විතරයිනේ?
ReplyDeleteඈ බන් මාර අයියේ උඹ දැන් උනත් පරක්කු නෑ බන්. ඔය පැත්තේ තාමත් ඇති ඔය විදිහම සිරිසේන බාස්ලා. ටිකක් හොයලා බැලුවනම්
වටරවුම
ඕක ඉතින් එකොලොස් පාරම ඒ විදිහටම වෙන්ඩ බෑනේ, ඔය අස්සෙ එකෙක් වත් ඉන්ඩ ඇතිනෙ ඇනල පැන්න මාර පුතෙක් ;D
ReplyDeleteඅපි ඉතිං මේසන් බාස්ලා නේ...,
ReplyDeleteඔන්න අපි ඔව්වාට නැහැ
ඒ පාර විවාහ උපදේශකත්වයත් පටන් අරන් වගේ
ReplyDeleteඅයියේ, මම මේ ලියන දේ අදාල වෙන්නේ මේ පෝස්ට් එකට නෙමෙයි. උඹ කලින් දවසක දාලා තිබ්බ පෝස්ට් එකකට. උඹ කිව්ව දේ අහලා අයර්ලන්තේ වගේ ටීම් එකකට සපෝට් එකක් දීලා චියර් පාරක් දාන් උන්නනම් අද මම මෙච්චර දුකෙන් නෑ බං. තනි ඇහට ඇඬෙනවා බං දැනුත්. මාරම අවුල අයියේ!!!!!!!!......
ReplyDeleteඅපිට 25 වෙනකොට අපිටත් එකදාස් නමසිය ගණන්වලට ටන්ට ඇහැක් නම් අපඅටත් ලොකු ලොකු ඉගක්කම් සලකා බලන්ට බැරිය.
ReplyDeleteසබඳ මාරය, මෙයනම් කදිමැ පෝස්ටුවකි. මෙන්න මගෙන් තරු ★★★★★
ReplyDeleteඒ වුනාට පෙනෙන්නේ කොටු
Deleteබාස් නම් රජ වැඩ කාරයෙක් නොවැ... කිරිකට් ටීම් එකට අම්පයර්ස් ලා දෙන්නෙකුත් ගේන්න කල්පනා කොලා නම් බාස් ගොඩ යන්නත් තිබුනා....
ReplyDeleteසිරිසේන බාස් තමා බාස් එහෙනං...
ReplyDeleteඅඩේ මට දැනුයි කිලික් උනේ... අපේ මාමණ්ඩියා එහෙනං මේකයි දෝණියැන්දව බයක් හැකක් නැතුව මා එක්ක ගමන් බිමන් වලට එව්වේ... යකෝ මං හිතාන හිටියේ මං උංදැලගේ කනෙන් රිංගලා කෙල්ල සෙට් කරගත්තා කියලා. අපරාදේ, මංමයි "මට දෑවදි එපා කෙල්ල විතරයි ඕනේ" කියලා පොර ටෝක්ස් දුන්නේ. උඹලත් ඉතින් වැදගත් දෙයක් කියන්නේ පල්හෑලි සීයක් හමාරක් කිව්වට පස්සෙනෙ...
ReplyDeleteමාර උපක්‍රමය
ReplyDeleteමාරෙ ඔය ඉන්ටවිව් එකට ගිහිං ෆේල් වෙච්ච බුවෙක් වග මේ දැන් ආ අප්ඩේට් එකකින් දැනගන්නට ලැබුණි.
ReplyDelete