තාත්තා පාඩුවේ කඩයේ බඩු කිරයි... ගැහැණියක විත් මොන මොනවාදෝ මිලදී ගන්නා අතර තාත්තාගෙන් කුමක් හෝ විමසයි...
"අනේ මං දන්නේ නැහැ ඕවා..." තාත්තා ඕනෑවට එපාවට උත්තර බඳී...
"අයියානං නොදැන ඉන්න විදියක් නැහැ.. කොහෙද ඉතිං අපිට කියන එකක්යෑ.." තාත්තාගේ උදාසීන පිළිතුරෙන් විරසක වූ ගැහැණිය නෝක්කාඩු හඬින් කියයි...
"මොකක්ද තාත්තේ..?" මට කට පියාගෙන ඉන්නට බැරිය...
"මොනවත් නැහැ බං..ඔන්න ඔහේ හිටහං.."
"මොනවත් නැතිව වෙන්නේ කොහොමද..? අර සුමුදු ආං බඩාව දාලා පැනලා ගිහින්ළු... උඹලයේ තාත්තා ඕක නොදැන ඉන්න විදියක් නැහැනේ පුතේ.." ගැහැණිය මගේ ගැටළුව විසඳයි... ඇය මට රුස්සන එකියක නොවේ.. එහෙයින් මම වැඩි කතාවට නොයමි.. එහෙත් ඇය ගිය පසුව තාත්තා විමසීමේ අදහසින් නිහඩව සිටියෙමි...
ඇය පිටත්ව ගිය වහාම මා අසන්නටත් ප්‍රථමව තාත්තා උත්තර බඳී...
"ඊයේ සුමුදු ළමයත් අරං යන්න ගිහින්... අර ගෑණි ඒක ගැන ඇහුවේ... මං ඒවෑ අග මුල දන්නේ නැහැ... මේ ගෑණුන්ටත් ඕන නැති උලව්වක් නැහැ.." සුමුදු අක්කාගේ දෙවන වරට පැන යාම සටහන් වූයේ එලෙසිනි.. ඒ පැන ගියේ තනිවම නොවේ.. මාස ගණනක් වයසැති බිළිඳු දියණියද රැගෙනය... එදා එසේ පැන ගිය ඇය නැවත මා හට හමු වූයේ එයින් වසර දාහතකට පමණ පසුවය... ඒ ඇය හමුවීමටම කියා ඒ වන විට ඇය සිටි ඇගේ නිවසටය... ඇය එහි සිටියාය.. එපමණක් නොව එදා රැගෙන ගිය දියණියද නිවසේ උඩු මහලේ සිටි අතර පහළට කැඳවා මා හට මුණගස්වන ලදි... ඇය ඇගේ පුංචි අම්මා වැනිය... මා සමඟ සිනහා වූ දැරිය අත තිබූ පොත කියවන්නට විය...
"ඇයි හදිසියේ මාව හොයං ආවේ..?මම ඉන්නවා කියලා කවුද කිව්වේ" පැනය සුමුදු අක්කාගෙනි...
"බඩා අයියා කිව්වේ... එයා දැන් මා ළඟ ඉන්නේ.."
"මොනවා..පන්සලේ..මේ බඩා..?" ඇය විමතියට පත් වේ...
"ඔව්... අර ඉන්නේ අපූරුවට වත්ත පිටිය සුද්ධ කරගෙන.. දැන්නං බොන්නේ හෙමත් නැහැ..."
"ඒකනං වෙන්න බැහැ හාමුදුරුවනේ... බඩා නොබී හිටියොත් ඒක ලෝක පුදුමයක්.. ඊටත් පන්සලේ..." ඇයට සිනහා යන්නට විය... බඩා ගැන හොඳින්ම දන්නා මටද සිනහ යෑම නවත්වා ගන්නට නොහැකි විය...
"හාමුදුරුවන්ට කොහොමද බඩා හම්බ උනේ..?"
"මං ගෙදර ගිය වෙලාවක... බඩා අපේ ගෙදර ආවා... ගේ ළඟින් යන ගමන්... එක පාරට මාව දැක්ක ගමන් ඇවිත් සාලේ මැද්දේ බිම පෙරළිලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කරලා අඩන්න තියා ගත්තා... මාත් එක්ක එන්න ඇහුවා... මං අම්ම දිහා බැළුවම අම්මත් කිව්වා එක්ක යනවනං එක්ක යන්න..හැබැයි මං වග කියන්නේ නං නැහැ.. කොහොමත් මෙහෙ හිටියොත් මල්ලිගෙන් මැරුං කනවා කියලා... බැලින්නං ඒ වෙනකොටත් මල්ලි බඩාට තුන් හතර වතාවක්ම පාරෙදී අල්ලං ගහලා හොඳටම... මේ යකා බීලා කුණු හරප කියං ඒ හරියෙන් යද්දී.."
"මොනවා මේ ඔයාලගේ සමන් මල්ලි..?"
"ඔව් ඌ තමා.. ඉස්සර වගේ නෙවෙයි දැන් උගේ අහිංසක ගති නැහැ... මං වගෙත් නෙවෙයි හයයි හතරේ එකා... අම්මට නඩු බේරලා ඉවරයක් නැහැ... බඩා විතරක් නෙවෙයි තව කීප දෙනෙක්ටම ඌ ගහලා... දැන් ඒ හරියේ ඉස්සර හිටිය චණ්ඩි නැහැ... බඩා උනත් කන්ද උඩහදිම සද්දේ වහලා ආයේ සද්දේ අරින්නේ වෙල පහු උනාම තමා.. බඩාම තමා ඕවා කියන්නේ... කට ඇරියොත් අරූ පාරට පැනලා මහ පාර මැද්දේ පෙරලං ගහනවා කියලා.. බඩා ඉස්සර හෙන වෙරි පාට් එකෙන් අපිට සද්ද දැම්මට ඌ බොරු වෙරියෙන්ම තමා ඉඳලා තියෙන්නේ.. දැන් ඔය දෙක වදිද්දී අපූරුවට සද්දේ වහලා යන්න දන්නේ.. කොහොම හරි බඩා ගමේ හිටියොත් කොයි වෙලේ හරි මල්ලිගෙන් ගුටි කාලා මැරෙයි කියලා බයට මම එක්ක යනවට කැමති උනා.. ඉතිං මං එක්ක ආවා.. මටත් මොකද මොන යකා උනත්.."
"ඒත් ඔය මනුස්සයා හාමුදුරුවන්ටත් ඔහේ ඉන්න නැති කරයි..."
"එව්වනං කොහේද මාත් එක්ක... ඒවට ආවොත් මට බලා ගතෑකි... කොහොම හරි කමක් නැහැ සුමුදු අක්කේ ..මනුස්සයා අන්න මං ගාව කාලා වැටිලා ඉන්නවා... මිනිහම තමා මට කිව්වේ අක්කා ඇවිත් ඉන්නේ කියලා... දුවත් ගෙදර ඇති..ඒත් එයාට පෙන්නන්නේ නැහැ කියලා කිව්වා... මං ආවේ ඒකයි..."
"ඔව් මං දැන් ඇවිත් මාස ගාණක් වෙනවා.. දැන් මාස ගානකට කලින් බඩා ඇවිත් මේ ගෙදරත් ගේට්ටුව කඩන්න හැදුවා..බීගෙන මහ හයියෙන් කුණුහරප කිය කිය කෑ ගැහුවා.. බැරිම තැන තමා මං ගේට්ටුව ගාවට ගිහින් බැන්නේ.. ඒ පාර මගෙන් කීයක්ද මංදා ඉල්ලං යන්න ගියා..."
"ඔව් මට ඒ විස්තරයක් කිව්වා.."
"මල්ලි..අහ් වැරදුනා..හාමුදුරුවෝ... මට පැටලෙනවා අප්පා..." ඇය හිනා වෙමින්ම කියයි.. ඇයට මා දරා සිටි චීවරය නිසා කතා කිරීමේදී නිතරම මල්ලි හා හාමුදුරුවෝ යන වචන දෙකම මාරුවෙන් මාරුවට කියැවෙයි... එයට වරදක් කියන්නට නොහැක... මෙයට අවුරුදු දාහතකට දහඅටකට පෙර ඇමතූ විලාසයෙන් එක් වරම වෙනස් වීමට ඇයට නොහැකි සේය...
"හාමුදුරුවෝම දන්නවනේ..ඔය මනුස්සයා හින්දා මං වින්ද දුකක්.. මං විතරද..? අපේ මුළු පවුලම නැති උනේ ඔය මනුස්සයා හින්දා... මං ඔය මනුස්සයව දාලා යන්න ගියේ ඉවසලා ඉවසලා බැරිම තැන... ආතා තමයි මාව ඒ අපායෙන් ගලෝ ගත්තේ...(ඇය ආතා කියන්නේ මගේ පියාටය..) මං කන්න නැතිව හාමත් වෙලා ළමයට දෙන්න කිරි නැතිව ඉද්දී ආතා කාටත් හොරෙන් ඇවිත් කන්න ටික දීලා හැංගි හැංගි යන්නේ.. බඩා යංතං හරි දැක්කනං ආතාටත් මොනවා කරයිද දන්නේ නැහැ... සතෙක් වගේ එකෙක්... මං මොන දුකක් වින්ඳද ඔය යකා හිරේ ඉද්දී... ඒ කලබල කාලේ... පාරේ බස් නැහැ... මං ගමේ ඉඳන් වැලිකඩට පයින් බඩ ගෑවා.. ඒ ගියාමත් මාව කන්න හදනවා මිසක් මං කන්නේ බොන්නේ කොහොමද කියලා අහන්නේ නැහැ... මල්ලි දන්නවනේ අපේ අම්මලා මාව හැදුව විදිය... අමුතුවෙන් කියන්න ඕන නැහැනේ... එහෙම හිටිය මං හරියට අදින්න දෙයක් නැතිව වැරහැලි ගවුමකුත් ඇදන්.. මේ අත දරුවෙකුත් කර පින්නං තියෙන විදියකට බත් එකක් උයං වැලිකඩ ගියාම මේ මනුස්සයා මාව කන්න හදනවා මිස අපි ගැන කිසි දෙයක් අහන්නේ නැහැ.. එහෙම ඉඳලා ගෙදර ආවට පස්සෙත් තුන් වේලට මට ගුටි විතරයි... ඒකා කසිප්පු බීලා මට ගහනවා.. ගුබ්බෑයං අස්සේ ඉන්න ගෑණු එක්ක නිදියනවා... මට අම්මලත් නැහැ..මිනිහත් නැහැ... අන්තිමට ආතා හරහා තමා අම්මලා මාව ගෙදරින් අරං ගිහිං කොළඹ නැවැත්තුවේ.. දුවව බලා ගන්න තැනකට දීලා මාව රට ඇරියා... දුව ඉස්කෝලේ යන කාලේ වෙද්දී කොළඹම නවත්තලා ඉගැන්නුවා... දැන් ඒ ළමයා සාමාන්‍ය පෙළත් කරලා ඉවරයි... දෙයියනේ කියලා පාඩුවේ ඉගෙන ගන්නවා... දැන් තමා මං යන්තං ටිකක් හුස්ම අරං ජීවත් වෙන්නේ.. කාලයක් තිස්සේ පිටරට නොවිඳිනා දුක් විඳලා යන්තං මේ ආවා විතරයි.. ආයෙම එනවා අපිව කන්න..." ඇය කඳුළු සිර කරගත් දෑසින් කියයි...
දීර්ඝ විස්තරයකින් පසුව මා නැවතත් කට හඬ අවදි කරන්නට උනෙමි...
"සුමුදු අක්කා කියනකල් මං දැනං හිටියේ නැහැ තාත්තයි සුමුදු අක්කව අරං ගියේ කියලා.."
"ආතා කවදාවත් ඔයාලට කියන්නේ නැහැ මල්ලියේ.. ඒ මනුස්සයා ඒ හැම දේම කලේ පුදුම පරිස්සමට... දන්නවනේ ඒ වෙනකොටත් බඩා මිනීමරුවෙක් කියලා... එහෙම එකේ ආතා ඒ කල දේවල් දැන ගත්තනං ඔය යකා ආතවත් මරනවා... ඒත් ආතා ඒ හැම දේම තියෙද්දී අපේ අම්මාගේ පණිවිඩ අරං හිමිහිට ඇවිත් හොයලා බලලා ගියා... අන්තිමට මාව එතනින් බෙරගත්තා උනත් ඔයාලට කියන්න නැතිව ඇති.. ආතා එහෙම මනුස්සයා... මට පුදුම ආදරෙයි..."
ඒ හරියනං මම දනිමි... තාත්තා අපේ පවුලට මෙන්ම ඇයගේ පවුලටද හිතවත් බව අමුතුවෙන් කිව යුතු නොවේ... ඔවුන් අපව ඔවුන්ගේ පවුලේ අය මෙන් සැලකුවාක් මෙන්ම අපේ තාත්තාද ඔවුන්ට එසේම සලකන වග අමුතු දෙයක් නොවේ... ඒත් එදා මා ඇසූ විටවත් ඒ දේට ඔහුගේ ඇති සම්බන්ධය කිවේ තාත්තා නම් නොවේ... ඒ දේවල් මා දැන ගන්නා විට තාත්තා මෙලොව නොවේ...
"හරි දැන් හාමුදුරුවෝ මොකද කරන්න හදන්නේ..?"
"සුමුදු අක්කා ඇවිත් බඩාට කතා කරන්න කැමති නැද්ද එක පාරක්...?"
"ආයේ මොනවා කතා කරන්නද හාමුදුරුවනේ...? ඒත් ඔයා කියනවනං මං එක පාරක් කතා කරන්නං.. හැබැයි දුවවනං ආයේ මං පෙන්නන්නේ නැහැ ඔය මනුස්සයට..."
"හරි ඒවා පස්සේ බලමුකෝ... අක්කා කතා කරන්නකෝ එක පාරක් මං කියනවට..මං බඩාව බලා ගන්නං..."
එයින් සතියක් ඉක්ම යන්නට මත්තෙන් ඇය සිය වැඩිමහළු නැගණියත් සමඟින් මා සිටි පන්සලට පැමිනියාය.. ඒ බඩා හමු වීමටය...
ෂෙහ් .. ඒක කසියා බඩක්නේ.
ReplyDelete:( 2
ReplyDelete3
ReplyDeleteෂෙහ් ... මට අමතක වුනා
ReplyDelete4 :)
මම හතර නොදා ඉන්නම් !
ReplyDeleteමාරයෝ උඹලැ තාත්තා දෙයියෙක්නේ බං
ReplyDeleteඕනම මිනිහෙක් ඇතුලේ දෙයියෙක් වගේම යකෙකුත් ඉන්නවා බං...
Deleteමාරයගෙ තාත්තා දෙයියෙක් වුන හැටිත් මාරයිනෙහ්....
ReplyDeleteතාත්තා දෙයියෙක් වෙනකොට අපි නිකංම දෙයි පැටවු උන එකත් මාරම මාරයි නේහ්..?
Deleteඔයාලෑ තාත්තාත් හරි වැඩ නේද කරලා තියෙන්නෙ. ඒකෙන් කාටත් විපතක් නොවී ඔක්කොම කාරණා කටයුතු නිම උන එක හොඳා.
ReplyDeleteසුමුදු ගෙ "අපේ මුළු පවුලම නැති උනේ ඔය මනුස්සයා හින්දා..." කියමනටනම් අකමැතියි. එයානෙ උඩ දාගෙන පැනලා ගියේ බඩා එක්ක,නේද? බඩා ඒ ඇත්තිව උස්සගෙන එහෙම ගියේ නෑනේ (මට කොටසක් අතපහු උනාවත්ද) ??? එහෙව් එකෙ...අනේ මන්දා....
මං බලාපොරොත්තු උන කොමෙන්ටුවක් මේක.. හැබැයි මේ ලිපියට හරි ඔය කොටසට හරිම විතරක් නෙවෙයි.. මුළු කතාවම අවසානයේදීත් ඔය ප්‍රශ්නෙම එන්න ඕන... කවුද හරි කවුද වැරදි...? ඕකට උත්තරේ මම හොයන්නෙත් කියවන අයගෙන්... මං කරන්නේ මුල මැද අග හැම දේම සීරුවට කියලා දාන එක... අවසානයේදී තමා තීරණය කරන්න ඕන කවුද හරි කවුද වැරදි කියලා...
Deleteසමහර ප්‍රශ්න තියෙනවා... එව්වට උත්තර නහී හේ...
බඩා කළු නොවී අළුපාට වෙන්නත්, සුමුදු සුදු නොවී අළුපාට වෙන්නත් පුළුවන් වගේ
Deleteකියෙව්වා... ( මොකෝ මාරයියා රිප්ලයි කරනවයැ....)
ReplyDeleteඑහෙම කියන්න එපා බං නංගියේ... මාත් එකක් නෑර කොමෙන්ට් වලට උත්තර බැන්ද කාලයක් තිබුනා... දැනුත් එහෙම කරන්න තියෙනවනං ආසයි... ඒත් අනිත් වැඩත් එක්ක එකක් ගානේ උත්තර බඳින්න ගියොත් මට ආයේ බ්ලොග් එක ලියන්න වෙලාවක් අහු වෙන්නේ නැහැ... වැඩ පොලේ ඉන්න ගමන් කේන්දරේකුත් පැත්තකින් දිග ඇරගෙන ඒකත් බල බල ඉන්න අතරේ පොඩ්ඩක් ඔළුව වෙනස් කර ගන්න ඕන උනාම බුකියට ගොඩ උනා ආපහු දිව්වා... බ්ලොග් එකට හැරෙන්නේ ටිකක් වැඩි වෙලාවක් තියෙන වෙලාවට... ඒ එන වෙලාවටත් උත්තර බැඳ බැඳම හිටියොත් මට ආයේ අළුත් පෝස්ට් එකක් ලියන්න තියෙන වෙලාව අඩු වෙන්නේ.. ඇයි එතකොට උඹලා දාන තව 2යි වගේ එව්වා කියවන්න යන්නත් ඕන... ගූගල් දෙයියගේ රීඩරේට පින් සිද්ධ වෙන්න දැන් ඉක්මනට බ්ලොග් ගොඩක් බලං යන්න ඇහැකි හින්දා කාලය ටිකක් විතර ඉතිරියි..නැත්තං එකක්වත් කොර ගන්න වෙන්නේ නැහැ... අනික උත්තර බඳිනවනං එකක් නෑර උත්තර බඳින්නත් එපෑ.. නැත්තං ආයේ කාව හරි මග ඇරියොත් උත්තර නොබැන්ඳට හපන්... දැන් උනත් මේ බොට විතරක් උත්තරයක් ලිවුව එකට මාව මරං කන්ට බැරි නැහැ අපේ උන්දලා... හිටහංකෝ මං බත් කාලා ලොකු වෙලා ඔය ඔක්කෝටම උත්තර බඳින්ට...
Deleteමං දන්නවනේ මෙහෙම කිව්වම මාරයියා රිප්ලයි කරනවා කියලා... හි හි...
Deleteදැ බලන්න... මම කමෙන්ට් එක දැම්මේ ... කෝ බලන්න ... ම්ම්ම්... රෑ 10.57 ට
මාරයියා උදේ පාන්දරම රිප්ලයි කළා නොවැ 6.52ට......
හි හි...
( ඇද්ද.... හූඋඋඋඋඋඋඋඋ...)
හරි එහෙනං.... ඔක්කෝම වැඩ පටලෝගෙන. ඒ අස්සේ ජොබ් එක කරන ගමන් හීනත් බල බල, කතන්දර ටිකේ ඉතුරු ටිකත් ලියන්නකෝ.... හැබැයි කල්පනාවෙන් හොඳේ........
හි හි....
ඔව්වට කියන්නේ මගේ අරක්කු මටම ගහනවා කියලා...
Deleteමට අර නෑ දෑ කම නම් ටිකක් අවුල් මල්ලිගෙ තාත්තා ආතා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මෙහෙමනේ අයියේ... දැන් අපේ තාත්තගේ ඥාති දුවෙක් තමා පේමක්කා.. පේමක්කාගේ ලොකු දූ තමා සුමුදු... ඉතිං සුමුදුට අපේ තාත්තා ආතා තමා... අපි තමා නෑදෑකම වරද්දලා සුමුදුට දුවේ නොකියා අක්කේ කියන්නේ... හරිනං සුමුදු මට දුව... සුමුදුට මං බාප්පෙක්... ඒත් ඉතිං මට වඩා අවුරුදු පහලොහක් විතර වැඩිමල් කෙනාට දුවේ කිව්වැකියෑ.. ඒ හින්දා සුමුදුටත් අක්කේ කියනවා..සුමුදුගේ අම්මා පේමක්කටත් අක්කේ කියනවා... ඕකයි ටැපලිල්ල...
Deletebebadukamaka hati.
ReplyDeleteමොන මගුලකට දැන් කතා කරන්න එනවැයි? මොක වුනත් කාරි නෑ අයියණ්ඩි..මේ බඩා ව නම් කථාවෙන හැලුනේ කොයි හරියෙද? උඹ උපැවදි වෙනකං මේ ගොයියා හිටියවත්ද?
ReplyDeleteඅතාරින්නේ නැතිව කියවගෙන යමං..ඔය හැම එකටම උත්තර ලැබේවි.. හැබැයි මං මේ කතාව ලියං යන්නේ මුල මැද අග එකට අඹරලා... එහෙම නැතිව එක දිගට අතීතයෙන් පටන් අරං අවසානයට ලියං ගියොත් මේකත් එක්තරා ආකාරයක "කනාමැදිරි රාත්‍රියක්" වෙයි...
Deleteයකෝ උඹලැයි තාත්ත සී.අයි.ඩී. එකටත් අන්තයිනෙ.
ReplyDeleteතමුන්නාස්සෙ මොකටැයි ඒ ගෑණුළමය හම්බෙන්න හදිස්සියෙම ඒ ගෙදරට ගියේ.
මාර කතාවක්... අරලිය මල් ආරාමය පොත් ටික මතක් උනා.. ඒකෙත් ඔය වගේම චරිතයක් ඉන්නවා...
ReplyDeleteපුදුම අත්දැකීම් ගොඩක් නෙ තියෙන්නෙ.ඕව අහල දැකල පැවිදි නූන නම් තමා පුදුමෙ.
ReplyDeleteතාත්ත දෙයියෙක් වෙනකොට උඹ මාරය උනඑකත් මාරයි නේද? :)
ReplyDeleteලියමු ලියමු ඊළඟ එකත්..
ReplyDeleteඅර සද්දේ වාහන එක කියෙවුවම මට මතක් උනේ. අපේ ගමෙත් හිටියා ඔය විදිහට රෑට බීලා සංස්කෘත කියා කියා යන ගොබිලෙක්.. අපි ඔවුවා අහලා විනෝද උනා.. ඒකට අපේ මලයා. මම නිවාඩුවට ආ දවසක රෑ ඔන්න අර සින්දුයි සංස්කෘතයි ඈතින් පටන් ගත්තා. අපේ ගේ ලඟදි සද්දේ වැහුනා. ආයිත් ඈතින් සංස්කෘත පටන් ගත්තා. මන් අම්මගෙන් ඇහුවා අර මොකද කියලා. අපේ එකා ඌට අල්ලන් තඩි බාලා. පවු අසරණයා.
මාරයාගේ පියා ගැන පුදුම භක්තියක් ඇති වෙනවා මේ කතාව කිවෙව්වාම .
ReplyDeleteසුමුදුගේ කතාවනම් පුදුම කතාවක්.
mallige. chandikam. dhemme. apiwa. baya. karannadha. ?
ReplyDeletesampuurna. kathaawenma. gatha. yuthu. dhea. bohooyi ..
කොහේ හිටියත් හැදෙන්නේ නැති ඒක හැදෙන්නේ නැහැ මේ මං වගේ නැද්ද මරය අයියේ.
ReplyDeleteඔනා ආයෙමත් බඩා ගැන කියෙව්වා. එතකොට සුමුදුව ගමෙන් අරන් ගිහින් හොඳ තත්වයකට එන්න මාරයියගෙ තාත්තත් උදව් කරලා. මොන තරම් හොඳ මනුස්සයෙක්ද
ReplyDelete22... ගණන් කරලම දැම්ම.... අවුරුදු 17+ දැරිය? හ්ම්ම්ම්... ඒක නෙමෙයි උඹ ඇත්තටම මහණවෙලා හිටියද?
ReplyDeleteඇති යන්තම් ගඳගහන ගූ ගොඩවල් (දේශපාලනය) අවුස්සන අතරෙම මේකත් කොටල දැම්මෙ...
Deleteසුමුදු අක්ක (නංගි) ගැන අවංකවම දුක හිතුන මලේ.....
තාත්ත "වැඩකාරය" වගේ මටනම් දැනුනෙ...
බලමු අන්තිම වෙනකල් කියවලා.
ReplyDeleteබඩා නම් අනේ මන්දා..
මාරයා මහනදම් පිරුව කෙනෙක් කියලා මම ඔන්න අදයි දැනගත්තෙ... පුදුමාකාර චරිතයක්... පුදුමාකාර අත්දැකීම් සමුදායක්... බඩා නෙමෙයි මාරයා ගැන කිව්වෙ...
ReplyDeleteඋඹේ තාත්තා යුතුකම් ඉටු කරන්න දන්න මිනිහෙක්. ප්රේමක්කාවයි දරු පවුලවයි තමන්ට පුළුවන් විදියට බලා ගත්තා කියලයි මට හිතෙන්නෙ. ප්‍රේමක්කා පිටුපෑවත් උදවු උන්ට ඕනි වෙලාවට උදවු කරලා තියෙනවා.
ReplyDeleteනවකතා වලට වඩා කතන්දර අපි දන්නා කියන මිනිස්සුන්ගේ ජිවිත . දැන් ඉතින් මේක අමතක වෙන්න කලින් ඊළඟ කොටස දැම්මනම් හොඳයි .
ReplyDeleteමාරේ අතීතය සිහිනයක්ම පමණයි කියන්න බෑ නේද
ReplyDelete