22 November 2012

නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012

ඇත්තටම ලෝක විනාශය මෙම වසරේදී සිදුවනවාද..?

ඔව්... නියත වශයෙන්ම 2012/12/21 වැනි කිවි දින ශ්‍රී ලංකා වේලාවෙන් ආසන්න වශයෙන් සවස තුන පමණ වන විට ලෝක විනාශය ආරම්භ වන බව දන්වා සිටිමි. ලෝකයේ අනිකුත් ප්‍රදේශයන්ටද එම වේලාවට සමගාමීව මෙම ලෝක විනාශය සිදු වන්නට නියමිතය. මෙය වැලැක්විය නොහැකි අනතුරකි.

එය සිදුවන්නේ කෙසේද..?

පෘතුවිය දෙසට ඇදී එන යෝධ ග්‍රහ වස්තුවක් පෘතුවිය හා ගැටීමෙන් එය සිදුවේ.

එසේ සිදුවන්නේ නම් මෙතෙක් කලක් එය අප නොදන්නේ ඇයි..?

පැහැදිලි ලෙසින්ම එය අපගෙන් සඟවා ඇති නිසා...

කවුරුන්ද එය සඟවා ඇත්තේ..?

ප්‍රධාන වශයෙන්ම මෙය සොයා ගත් අය විසින්... ඒ කියන්නේ ඇමරිකානු නාසා ආයතනය විසින්. මෙය සොයා ගනු ලැබුවේ නාසා ආයතනය යැයි කියූවත් ඇත්ත වශයෙන්ම ප්‍රථමයෙන්ම මෙය සොයා ගනු ලැබුවේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක සිසුන් කණ්ඩායමක් විසිනි. ඔවුන් පසුගිය වර්ෂ කිහිපයක සිට සූර්යග්‍රහණ පිළිබඳව පර්යේෂණ කරමින් සිටි අවස්ථාවකදී මෙම ග්‍රහ වස්තුව පිළිබඳව සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කිරීමෙන් පසුව මේ පිළිබඳව නාසා ආයතනය මගින් වැඩිදුරටත් සොයා ගෙන ඇත. මුලින් සඳහන් කල සිසුන් පිරිස මෙම ග්‍රහ වස්තුව ගැන සොයා ගත්තද එය පෘතුවිය හා ගැටෙන කතාවක් දැන සිට නොමැති අතර අළුත් හා තරමක් අසාමාන්‍ය ග්‍රහවස්තුවක් ලෙසින් පමණක් ඔවුන් එය වාර්ථා කොට ඇත. එහෙත් වැඩි දුර පර්යේෂණ වලදී මෙය නියත වශයෙන්ම පෘතුවිය හා ගැටෙන බවත් ඉන් ලෝකය විනාශ වී යන බවත් සොයාගෙන ඇත්තේ නාසා ආයතනයයි. ඉන් පසුව මේ ගැන ඇමරිකානු ධවල මන්දිරය දැනුවත් කොට ඇති අතර තීරණාත්මක සාකච්ඡා කිහිපයකට පසුව මෙම තත්වය කිසිදු ආකාරයකින් ලෝකයට නිරාවරණය නොකර සිටීමට ඔවුන් තීරණය කොට ඇත. එහෙයින් මෙම තත්වය සැඟවීමට ක්‍රියා කොට ඇත්තේ ඇමරිකානු ධවල මන්දිරය හා නාසා ආයතනය මඟින් බව පැහැදිලියි.

ඔවුන් එසේ මෙය සැඟවීමට හේතුව..?

හේතු කිහිපයක් විය හැකියි. ඉන් ප්‍රධානම දේ ජනතාව කලබලයට පත්වීම වැලැක්වීම විය හැකියි. මක් නිසාද යත් මෙය දැන ගත් වහාම ජනතාව අතර නොසන්සුන්තාවය වැඩි වීමට බොහෝ ඉඩ ඇත. ඒ හරහා ඇතිවන කැළඹීම් වලින් ජනතාව කැරලි ගැසීමටත්.. නීතිය හා ආරක්ෂණ ක්‍රම වේද බිඳ වැටීමටත් ඇති හැකියාව මත විය හැකියි. එසේ හදිසි තත්වයක් උද්ගත වූවහොත් ලෝක විනාශයට පෙරදීම ලෝකය විනාශ වීමට ඇති හැකියාව වැඩි බව කල්පනා කල හැක. එසේම එවැනි තත්වයක් මත මෙයින් මිදීමට හැකි මගක් සොයනවා වෙනුවට ඇතිවන අර්බුධ පාලනය කිරීමට වෙහෙසෙන්නට වීම මත තත්වය ජයගත හැකි මඟක් සොයාගත නොහැකි වීමට ඉඩ ඇත. එසේම තවත් ආකාරයකින් මෙම විනාශය නැවතීමට ක්‍රමයක් නොමැතිනම් දැනට මෙය දන්නා අය හෝ ලෝක විනාශයෙදී ආරක්ෂා වීමට ගත හැකි ආරක්ෂක වැඩ පිළිවෙලවල්වලට බාධා වීමක් ඒ හරහා විය හැකියි.. මෙවැනි කරුණු රාශියක් මත මෙය සැඟවීම සිදු වී ඇති බව කිව හැකිය. 

ඒ හැර විද්‍යාවට පමණක් ගරු කොට ඉපැරණි මායා ශිෂ්ඨාචාරයේ තාක්ෂණය ආදී දේ නොවැදගත් දේ ලෙසින් ඔවුන් කටයුතු කරගෙන ආ ක්‍රමය වැරදියි යන වග පිළිගැනීමට ඔවුන් තුල වූ අකමැත්තත් මෙයට යම් ආකාරයකින් හේතු උනා විය හැකිය.

මේ වන විට තත්වය කුමක්ද.. ලෝක විනාශය නැවැත්වීමට ඇමරිකාවටත් නාසා ආයතනයටත් නොහැකිද..?

ඔවුන් උත්සහ කොට තිබෙනවා... එහෙත් සියළු ගණනය කිරීම් වලට පසුව විද්‍යාඥයින් තීරණය කොට ඇත්තේ ඒ සඳහා කිසිදු උත්සහයක් දරා පලක් නොමැති බවයි.

මෙතෙක් කලක් විද්‍යාඥයින්ට සොයා ගැන්මට නොහැකි වූ එම ග්‍රහ වස්තුව කොහේ සිට පැමිණෙන්නක්ද..?

තරමක් බැරෑරුම් ප්‍රශ්නයක්.. එහෙත් සරල ලෙසින් මෙය පැහැදිලි කරනවා නම් එය මෙසේය... පෘතුවියේ විද්‍යාඥයින්ගේ දූර දක්න වලට (මෙහිදී පෘතුවිය මත පිහිටා ඇති හා අභ්‍යවකාශගත දුරදක්න යන සෑම දෙයක්ම අයත්ය) හසු වනවාට පිටින් මෙම ග්‍රහ වස්තුව තිබී ඇත. අපගේ පෘතුවිය සහිත මන්දාකිණියට පිටත වූ මන්දාකිනියකය... එය අපට ගණනය කල නොහැකි තරම් විශාල එකක් වන අතර හරියටම කිවහොත් එම විශාල මන්දාකිණියෙහි අංශුවක් තරම් වූ මන්දාකිණියක අපගේ මන්දාකිණිය පිහිටා ඇත... එම විශාල මන්දාකිණිය පාලනය වන බලයන් අපගේ මණ්දාකිණිය තුල පවතින තත්වයට වඩා වෙනස්ය.. අපේගේ පෘතුවිය හා ගැටෙන්නට එන මෙම විශාල ග්‍රහ වස්තුව එම විශාල මන්දාකිණියේ පවතින එකක් වන අතර එහි ගමන්මාර්ගයද වක්‍රාකාර එකකි.. නමුත් එහි වක්‍රය ඉතා විශාල බැවින් එය එක් වක්‍රයක් සම්පූර්ණ කිරීමට අධිකතර කාලයක් ගනී... එය අපගේ ග්‍රහ ලෝකය වැනි ග්‍රහ ලෝක ඇති වී නැතිවී යන කාලයටත් වඩා දිගු කලකි.. එහෙයින් මෙයට වසර කෝටි ප්‍රකෝටි ගණනකට කලින් එය අද අප සිටින තැනින් යන්නට ඇත. නැවත එය අප සිටිනා ස්ථානයෙන් යන්නට පැමිණෙන විට අපගේ ග්‍රහ ලෝකය කී වතාවක් ඇති වී නැතිවී ගියාදැයි කිව නොහැක. කෙසේ හෝ එය නැවත වරක් අප සිටිනා තැනින් ගමන් ගන්නට එයි.... එහි විශාලත්වය මත හා එහි සංයුතිය මත එය විනාශ කිරීමට හෝ ගමන් මාර්ගය වෙනස් කිරීමට අප හට නොහැක. තත්වය එසේය... අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.

සම්පූර්ණ ලෝකයම විනාශ වී යයිද..? නැතිනම් කොටසක් හෝ ඉතිරි වේද..?

කිව නොහැකියි. එහෙත් ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් පසුගිය වර්ෂ දෙක තුල මේ සඳහා හැකි තාක් සූදානම් වූ බව කිව හැක. ඒ අනුව ඉතිරි වෙතොත් ඒ ඉතිරි වන අයට අවශ්‍ය දේ සම්පාදනය කිරීමටත්... එම ගැටීම සිදුවන මොහොතේ හැකි උපරිම ආරක්ෂාවෙන් ආරක්ෂා වීමට යම් කිසි ආරක්ෂක ස්ථානයක් තැනීමටත් ඔවුන් කටයුතු කලා... ඒ පමණක් නොව පසුගිය ඇමරිකානු මැතිවරණය පවා ඒ සඳහා යොදාගත් රැවටීමක් පමණක් උනා. මන්ද යත් මේ මොහොතේ ආණ්ඩු වෙනසක් කිරීම ඔවුන්ගේ ආරක්ෂණ වැඩ පිළිවෙලට හානියක් නිසා. ඒ අනුව ඔවුන් ප්‍රදර්ශනාත්මක ජන්දයක් තබා තව දුරටත් ඔබාමා ඇතුලු රජයට දිගටම බලයේ සිටින්නට හැකි ලෙස ප්‍රතිඵල වෙනස් කොට පෙන්වූවා. මෙම මොහොතේ ජනාධිපතිවරයා වෙනස් කොට නව ජනපතිවරයෙකුට මුල සිට ඇති වී ඇති තත්වය ප්‍රකාශ කිරීම අසීරු බැවිනුත්.. ඔබාමා පැරදුනහොත් ඔහු මෙම රහස එළිකරන්නට ඇති ඉඩකඩත් මෙයට බලපෑවා. මොකද කිවහොත්.. දැනට සකස්කොට ඇති ආරක්ෂක ස්ථානයෙහි ජනපතිවරයාට මිස හිටපු ජනපතිවරයාට තැනක් නොමැති බැවිනි. ඒ අනුව ඔවුන් ඔවුන්ගේ ආරක්ෂක ස්ථානයට දෙසැම්බර් මස 20 වැනිදා වන විට ඇතුළු වී අවසන් වනු ඇති අතර ඇතැම් විට අවසාන දිනය තුලදී හෝ දෙක තුලදී තත්වය මුදා හැරීමටත් ඉඩ තිබෙයි.

එතකොට මායාවරුන්ගේ දින දර්ශනය හරිද..?

සීයට සීයක්ම... ඔවුන් නිවැරදියි. අවාසනාව මුළු ලෝකයක්ම ඔවුන්ට හිනා උනා.. අවමන් කලා.. අපහාස කලා.. එහෙත් අවසාන දිනයේදී හෝ ඇමරිකානු ආරක්ෂක මණ්ඩලය විසින් මෙය හෙලි කලහොත් වසර කිහිපයක සිට බැණුම් ඇසූ මායාවරුන්ට අවසන් දිනයේදී හෝ සිය ගරුත්වය නැවත ලැබෙනු ඇත. එම ගෞරවය ඔවුන්ට හිමි විය යුතුය.

ඔබ මෙම තත්වය හෙළිදරවු කරගත්තේ කෙසේද..? ඒ සඳහා ජ්‍යොතිෂය උදව් කරගත්තාද..?

ඔබට පිස්සුද? ජ්‍යෝතිෂයෙන් කැලිෆෝනියා සරසවි සිසුන් කරන කියන දේ පේනවාද..? ඇමරිකානු ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම පේනවාද..? සකස් කර ඇති ආරක්ෂක ස්ථාන පේනවාද..? මෙය සොයා ගැනීමේදී ජ්‍යොතිෂයක් භාවිතා කරන්න උනේ නැහැ.

එසේනම්..?

මෙය දීර්ඝකාලීන උත්සහයක ප්‍රතිඵලයක්...

ඇත්තටම ඔබ කවුද..?

මමද..?  මම කවුරු කියලද ඔබ සිතන්නේ..?

184 comments:

  1. මාරය ලෝකෙම බය කරන්න වගේ කල්පනාව.....මේක ඉංගිරිසියෙන් දැම්මනම් මරු තමා.

    ReplyDelete
    Replies
    1. එයිදත් අහනවා පිස්සු බම්ප් වෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. mwage Meeharak nisa thamai ratawal wala prashna patan ganne.. ඇත්තටම ඔබ කවුද..?

      මමද..? මම කවුරු කියලද ඔබ සිතන්නේ..? mama hithanne oba JOKER kenek kiyala.. Wagakeemakin yuthuwa wadagath minihek wage katayuthu karanna.. oya wage sundara lapati athal ganna minissu wadi kal jeewath wenneth na .. jeewath wenna denneth na..

      Delete
  2. අම්මෝ.... මෙහෙමත් ලියනවද මාරයියෙ.....
    බයත් හිතුනා මට

    ReplyDelete
    Replies
    1. ඉතිං නංගි ඇත්තටම බය වෙන්න ඕන තමා... ඇයි අන්තිමට බයක් නැතිව ගියාද..?

      Delete
    2. ලබන පාර ආපහු පෘථිවියෙ ජීවය පහල වුණාමවත් මගෙ වෙඩින් එක ගන්නවා.... මොනව කරන්නද

      Delete
    3. ඉතිං සිදුවෝ තව මාසයක් තියේ..ඕක එයිට කලින් ගත්තනං හරිනේ.. අපිටත් කේක් කෑල්ලක් හෙම දීලා...

      Delete
    4. දැං මේ සිදුවට මොනවද කරන්න කියන්නේ මාරෙ....

      Delete
    5. මොනවා කියන්නද... ඒනනං හදිසි නැකතක් හදලා දෙතෑකි.. තව ඕනනං සාක්කියටත් අත්සන් කලෑකි... තවත් ඕනනං හනිමොං යන්න තැනක් සැට් කොරලත් දෙතෑකි... එයිටත් වඩානං මොනවා කියලා කොරන්නද..?

      Delete
    6. ඕන්නං ඇදයට හැංගිලා හිටියැහැකි

      Delete
    7. ඔය ඔක්කොම කොරන්න මනමාලයෙක් ඉන්නවද???

      Delete
  3. Replies
    1. mokoo newei!!! danwath pinak dahamak tikakwedipura karaganna onea..

      Delete
    2. අපිනං කවදත් පිනට දහමට ලැදි...ඇල් වතුරත්...

      Delete
    3. අපි නොදන්න චෙස් :P

      Delete
  4. මාරයියේ මොකෝ මේ එකපාරටම ... එතකොට රාවන රජතුමා නැගිටින්නේ ලෝක විනාශයත් එක්කමද.
    මේක ඉංගිරිසියට පරිවර්තනය කොරලා පබ්ලිෂ් කරමුද ආයෙමත් ...:D

    ReplyDelete
    Replies
    1. අරුං ගුහාව වැහුවා...

      තුන් දෙනෙක්ම දැන් යෝජනා කොරලානං තියේ...

      Delete
  5. සිරාවට දාමු ඉංග්‍රීසියෙන්. ඩුඩ් තමා ගැලපෙන මනුස්සයා රස නොමරා ඉංග්‍රීසියට ගන්න. කෝ මේ ඩුඩ්??

    ReplyDelete
    Replies
    1. හෙන්රියා මේක පරිවර්ථනය කොරනවනං මාත් අවසරේ දෙනවා... ඊට පස්සේ ඌටම කියලා ආයේ සිංහලට පරිවර්ථනය කොරගෙන මටත් කියවන්න බැරියෑ... :D

      Delete
    2. "ඊට පස්සේ ඌටම කියලා ආයේ සිංහලට පරිවර්ථනය කොරගෙන මටත් කියවන්න බැරියෑ..."

      +++++++++++++

      Delete
    3. "ඊට පස්සේ ඌටම කියලා ආයේ සිංහලට පරිවර්ථනය කොරගෙන මටත් කියවන්න බැරියෑ..."

      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. කවුද ඕක කිවුවෙ, මිටි රෝමනි අය්යද ?මොකද උන්දැ චන්දෙන් පැරදිලා මුකුත් අලුගුත්තේරු කතාවක් කිවුවෙ නෑනෙ. කමක් නෑ මාරය ස්තීරුවෙන්ම කියන හින්ද අද ඉදන් සැප හෝටලේක නැවතිලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවනව.

    ReplyDelete
    Replies
    1. පිළිතුරු අංක 1 හැටියට ඔන්න බාර ගත්තා...

      1- මිටි රොම්නි/කම්මල

      Delete
    2. 1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka
      3- ජයරත්න/රාමා
      4- CTK රහස් පරීක්ෂකයා/හිරු
      5- රාවණාගෙ අවතාරෙ/Praසන්ன
      6- බුෂ් ඩබල/Alexander Cage

      Delete
  7. FB eke thibba lipiyak neda bolan me sinhalata harewwe?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ ආයිබෝං... මටනං එහෙම එකක් අහු උනෙත් නැහැ... ටිකක් දියංකෝ ලින්කුවක් ඒකට...

      Delete
  8. Replies
    1. ඔන්න ඒකත් දැම්මා...

      1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka

      Delete
  9. ජයරත්න හැංගිලා ඉන්න තැනක ඉඳල ඕක කියන්න ඇත්තේ.

    ඔය ලෝකෙ විනාශ වීම පටන් ගන්නවා කියන මොහොතේ බොහෝ විට මම ගුවන්ගත වී සිටීමට ඉඩ තිබෙනවා. බලන්න ඕනි සිද්ධිය වීඩියෝ කරන්න . :), සෝමක්ක ඉතුරු වෙලා මාත් ඉතුරුවුනොත් වීඩියෝ එක පෙන්නන්න පුළුවන් බලන්න එකෙක්වත් නැති වුනත්..

    ReplyDelete
    Replies
    1. මතක ඇතිව පැරිචුට් එකක් අරං පලයං... නැත්තං ලෑන්ඩ් කොරන්න වෙන්නේ පෂ්ෂ පැත්තෙන් තමා...

      Delete
    2. 1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka
      3- ජයරත්න/රාමා

      Delete
    3. "මතක ඇතිව පැරිචුට් එකක් අරං පලයං... නැත්තං ලෑන්ඩ් කොරන්න වෙන්නේ පෂ්ෂ පැත්තෙන් තමා..."

      බයයි අප්පා පැරචුට් එකත් එක්ක පා වෙවී ඉඳියි කියල. ගල් ගෙඩි ටිකකුත් අරන් යන්න ඕන..

      Delete
    4. මං හිතන්නේ ඒ වෙද්දී ගුරුත්වය වෙනස් වෙලා තියෙන්න පුළුවන්...

      Delete
  10. ඕක කිව්වේ අර CTK රහස් පරීක්ෂකයා එහෙම නෙවෙයි නේද... එහෙනං කමක් නෑ.. හි හි..

    ReplyDelete
    Replies
    1. ආ ඔන්න ඒකත් දැම්මා...

      1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka
      3- ජයරත්න/රාමා
      4- CTK රහස් පරීක්ෂකයා/හිරු

      Delete
  11. කොර ගන්ඩ බැරි වෙච්ච අහවල් වැඩ ටික අදම පටන ගන්ඩෝනි ඕන්... :-D

    ReplyDelete
    Replies
    1. කොළ පාට බෝඩ් තියෙන ස්ථාන හිස් කරන්න වෙන්ටැති නේද???

      Delete
    2. හරියටම කියන්ට බැහැ...සමහර විට එයිට කලින් අර වැල..අහ් එක්කෝ ඕන නැහැ...

      Delete
    3. නෑ නෑ බන් වැල නෙවෙයි..හොඳ නාඹර !

      Delete
  12. ඒක වෙන්න ඇති මේ හදිස්සියෙ කට්ටිය අභ්‍යාවකාශගතවෙන්න හදනව ඇත්තෙ.

    ඕක අනිවාර්යෙංම උඹට කියන්න ඇත්තෙ අර පහුගිය කාලෙ සීත මාලිගේ එහෙම බලන්න යනකොට හම්බවෙච්ච රාවණාගෙ අවතාරෙ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මෙන්න ඒකත් දැම්මා...

      1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka
      3- ජයරත්න/රාමා
      4- CTK රහස් පරීක්ෂකයා/හිරු
      5- රාවණාගෙ අවතාරෙ/Praසන්ன

      Delete
  13. නියමයි ..ඇත්තටම මේක ඉංගිරිසියට පරිවර්තනේ කලානම් සුද්දෝ දෙතුන් දෙනෙක්ව බය කරන්න තිබුනා.. උන් සිංහලයෝ වගේ නෙමේ සුට්ට ඇත්නම් භය වෙනවා ..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉමුකෝ බලන්න හෙන්රියා එනකල්...

      පර සුද්දෝ..ඕකුන් බය කොරලා මදි..කන්ට ඕන..එහ්නං... :D

      Delete
    2. උඩ බලාපිය. ඒකා අහස් යන්තරේ වෙන්ටැති...

      Delete
    3. බැළුවා..සීලිං ෆැන් එක කැරකෙනවා හැටට හැටේ...

      Delete
    4. හෙන්රියා ලංකාවට එමින් ගමන්ද දන්නේ නැහැ

      Delete
  14. මමත් මේ ලෝක විනාසෙ ගැන දාන්න වෙලාවක් නැතුව ඉන්නෙ... :)

    ReplyDelete
    Replies
    1. ඇයි එයිට කලින් අනිත් වැඩ ටික ඉවර කරලා ඉන්නද ට්‍රයි එක..?

      Delete
  15. මරු බං..... මාරයා යලි උපදී....

    ReplyDelete
  16. එහෙනම් ලෝකේ විනාස උනාම අපායෙදි හම්බෙමු මාරයෝ.අපායත් විනාස වෙයිද ඈ???

    ReplyDelete
    Replies
    1. පෘතුවිය කියන්නේ අපායටද..?

      Delete
  17. අප්පොච්චියේ...බය වූවා..!

    අම්මප ජ්‍යෙතිශ අනාවැකියක් කියන්න බැරිද...?

    ReplyDelete
    Replies
    1. බය නොවී කොහොමද..?

      ජ්‍යෝතිෂයෙන් බල බල ඉන්න දෙයක් නැහැ දැන්..බඩු ෂුවර්...

      Delete
  18. අංක විද්‍යාව අනුව, පෘථිවි විභජන සංගුණකය ගණනය කරමු.

    2012/12/21 = (2+0+1+2)/(1+2)/(2+1)
    = 5/3/3
    = 5

    ඒ අනුව පෘථිවිය කැබලි 5කට කැඩී වෙන් වන බව කිව හැක.

    ඊ ලඟට ජනවාෂ්පී සංගුණකය සොයමු
    5/15 = 1/3 (15 = සවස 3.00)
    ඒ අනුව ලෝක ජනගහනයෙන් වාෂ්පීකරණය වනු ඇත්තේ 1/3ක් පමණි.

    ReplyDelete
    Replies
    1. ඉතුරු එවුන්ගෙන් 1/3 දියවෙලා අනිත් 1/3 ගල් වෙයි........

      Delete
    2. උඹ ගණනය කර කර හිටපං... මාසේ යයි සුටුස් ගාලා...

      Delete
  19. අනේ බං ඕක ඩිංගක් පහු කරන්න කියල ඔය ගවේසක මහත්තයට කියපංකෝ.. නැතිනං අර රාවණා නැගිට්ටගන්නේ කොහොමෙයි. දන්නවනේ එතුමා නැගිට්ටම වෙන දේවල්. මේ ඔය අර සද්ධර්මාලංකාරයා කියන කතාවක්ද???

    ReplyDelete
    Replies
    1. 1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka
      3- ජයරත්න/රාමා
      4- CTK රහස් පරීක්ෂකයා/හිරු
      5- රාවණාගෙ අවතාරෙ/Praසන්ன
      6- බුෂ් ඩබල/Alexander Cage
      7- සද්ධර්මාලංකාරයා/දේශකයා

      Delete
  20. පංචායුදේ ඉන්න තුරාවට අපි නම් භය වෙයි....

    ReplyDelete
    Replies
    1. මේක ඉතිං යක්කු එක්ක ෆයිට් කොරන සීන් එකක් නෙවෙයිනේ...

      Delete
  21. යකෝ පට්ට ආටිකල් එකක්නෙ... කොමෙන්ට් ටික කියවනකම් මම හිතුවෙ ඉංගිරිසියෙන් ලියපු එකක් පරිවර්තනය කරල දාල කියල... විද්‍යා ප්‍රබන්ධ කියල මාර ලේබලයක් ඇඩ් කරන්න කාලෙ ඇවිත් වගේ....

    ReplyDelete
  22. මාර ලිපියක්නේ.... මට දුක මෙහෙව් වටින උන් ඉන්න ලෝකයක්නෙ මේ විනාස වෙන්න යන්නෙ.. :P :D

    ReplyDelete
    Replies
    1. හෙන ගහපු ගෙදර අර මොනවද බලලා වැඩක් ඇතෑ..

      Delete
    2. ගෙදරට හෙන ගහපු වෙලාවේ , මාරයියාගේ පශ්චාත් භාගයට වුනු දේ ගැන වෙන්න ඇති මේ කියල තියෙන්නේ..

      Delete
    3. කම්මලේ බල්ලට හෙනත් ගේමක්ද..?

      Delete
  23. උදේට කවි කියා හවසට කතන්දර කීම ......නරකම නෑ මාරයියේ වැඩ ....

    ReplyDelete
    Replies
    1. රෑට ඕනනං පිරිත්... හැබැයි මේවා කතන්දරනං නෙවෙයි...

      Delete
  24. මමත් ඕක සැක කරල මේ වෙනකොට උපරිම ණය වෙලා ඉන්නේ...ඒ නිසා පසුතැවෙන්න දෙයක් නෑ.... දෙසැම්බර් 21 සිකුරාදා හවසට හාෆ් ඩේ එකක් දාල ගෙදර ඇවිල්ල කා බී සියළු වැඩ අත්හැර නිදාගන්න තමා හිතන් ඉන්නේ... ෆිල්ම් වල වගේ හෙන ගේමක් දීල බේරෙන්න දඟලන්න කම්මැලියි අප්පා... නිදාගෙන නැඟිටිනකොට බලාගන්න පුළුවන්නේ විනාස උනාද නැද්ද කියල....බැරිවෙලා හරි විනාස උනොත් නින්දෙන්ම නේ.. අවුලක් නෑ.. හික්...

    ReplyDelete
    Replies
    1. ඔබ ජයග්‍රාහකයෙකි... ඔහොමම යං...

      Delete
    2. හැබැයි ඔය මොනව කිව්වත් අන්තිම මොහොතේ කොල්ල ගිහින් ඕක ගොඩ දානව බන්.. කෙල්ල වෙනුවෙන්..කොල්ලට බැරි උනොත් එක්කො කොල්ලගෙ තාත්ත නැත්නම් කෙල්ලගේ තාත්ත හරි ගිහින් අන්තිම තත්පර 2දී ඕක විනාශ කරල ලෝකේ බේරගන්නව...මෙච්චර කල් නම් ඕව වුණේ එහෙමයි..හැබැයි එහෙම වුනොත් නම් මට කෙලවෙනවා..

      Delete
    3. අන්න හරි අන්තිම මොහොතෙත් ඔන්න ඔහොම විහිළුවෙන්ම තමා ඉන්න ඕන...අතාරින්න නාකයි...

      Delete
  25. අපි බය වෙයි මේවට . මම එදාට ට්‍රිප් එකක් දාගත්තා .

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ... පෘතුවිය කිව්වම කොහේ හිටියම මොකද අන්තිම වෙලාවේ...

      Delete
  26. බය වෙන්න දෙයක් නෑ බීබීසි කාරයෝ කියන විදිහට පෘතුවියේ සියලුම න්‍යශ්ටික බලය යොදලා මේක උඩදි පුපුරුවන්න පුලුවන්ලු.

    http://www.bbc.co.uk/news/science-environment-20426114

    ReplyDelete
    Replies
    1. බීබීසී... පට්ට පල් හොරු... උන් ඇවිල්ලා නාසා එකේ චක්ගෝලයෝ.. ලියලා දෙන දේ කියෝනවා...

      Delete
    2. බොරු බේගල් කෙප්ප කාරයෝ!!!

      Delete
    3. හා උඔලා දෙන්නා අර ලිංක් එකට ගිහින් ලිපිය කියෙව්ව කියහංකෝ මුලින්ම....

      Delete
    4. ඔව්වොව්... ලොකු ග්‍රහයෙක් හිටියේ.. හරියට චොක්ලට් කුකී එකක මැක්‍රෝ ඉමේජ් එකක් වගේ.. පෙනේද බොරුව.

      Delete
    5. අන්න එහෙම මොකක්ද එකක්.. අනික මූ කියන ඒවා බලන්න බැහැ..මේකා හෙන කෙප්ප කෙලින එකා...

      Delete
  27. අපරාදේ අපේ චන්ද්‍රිකාව උඩ යවන එකත් ප්‍රමාද වුන නිසා වැඩේ අපේ උන්ට අහුවෙන එක නැතුව ගියා

    ReplyDelete
    Replies
    1. පිස්සු බොට.. චන්ද්‍රිකා උඩ ගියේ සෑහෙන්න කලින්.

      Delete
    2. චන්ද්‍රිකාටත් එදාට යන්න වෙනවා...

      Delete
    3. පව් බං ඒ යෝදී !

      Delete
  28. අම්ම ගහයි බැට් එකෙන් ,මේ එදාට මාරයිය මොකෝ කොරන්නේ....?මම නං දැම්ම ඉදන් කෑම/බීමටික සෙට් කොරගන්න ඕන.මගේ හිතේ ලොකු හිගයක්වත් එයි

    ReplyDelete
    Replies
    1. මමද..? මම එදා වෙනකල් බලං ඉන්නේ නැහැ..එයිට කලින් වැඩ පටන් ගන්නවා... එව්වා මේම කිව්වැකියෑ...

      Delete
  29. කඩ්ඩෙං ලිව්වනං සිරාම ලෝකෙම රත් වෙනවා!!

    ReplyDelete
    Replies
    1. හෙන්රි ලොක්කාට හිතුනොත් ඌ බය කොරයි...

      Delete
  30. //අප අසරණ වී ඇත. කල හැකි යමක් නොමැත.//

    අනේ එහෙම කොහොමද...? මොනවහරි කරන්ඩ කියන්ඩෝ.. දැන්ම මැරෙන්න බෑ..:(

    ReplyDelete
    Replies
    1. හිත හදාගන්න දරුව... ඇති වූ සියල්ල නැතිවන සුළුයි... සබ්බේ සංඛාරා අනිච්ඡා..

      Delete
  31. අද ඉඳන් ගේමට බහින්න වෙයි වගේ කරගන්න තියන ඉතුරු වැට ටික ටාර් ගාලා කරගන්න...

    ReplyDelete
  32. ලෝක විනාසෙන් ගැලවෙන හැටි ඇතුළත් මේ ලිපියේ දෙවැනි කොටසත් මාරේ අයියාගෙන් බලාපොරොත්තු වෙමි... ටිකට් වල ගණන්, මැප් එක, රහස් වචන එහෙමත් කියාදේවි කියලා හිතනවා... ඉක්මනට දාපං අයියේ, තව සති 4 යි නොවැ...!!!

    ReplyDelete
    Replies
    1. න අන්තලික්ඛේ..න සමුද්ද මජ්ජේ...
      න පබ්බතානං විවරං පවිස්ස...
      න විජ්ජතී සො ජගතිප්පදෙසෝ..
      යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාපකම්මා...

      කරුමේ වලක්වන්න බැහැ...

      Delete
    2. මාරයා මල්ලියේ මේකේ තේරුමත් දාන්ටකෝ

      Delete
    3. ඕක ඒ හැටි දෙයක් නැහැ බං අයියේ...

      අහසේ හිටියත්.. මුහුදේ හිටියත්.. පර්වත ගුහාවක මැද හැංගුනත්.. කරුමේ කියන එක වලක්වන්න බැහැ කියලා තමා ඔය කියන්නේ...ඒක අපි ඔය කොහේ ගියත් පස්සෙන් ඇවිත් විපාක දෙනවා...

      Delete
  33. අඩෝ බය කරන්න එපා.. යකෝ.. තාම ළමයෙක්වත් හදාගත්තේ.. නා.. හේ හේ .අනේ බන් ප.ලි කියල දාල ලියහන්... මේක හුදෙක් විනෝදය සඳහා පමණි කියලා

    ReplyDelete
    Replies
    1. විනෝදය සඳහා... ලෝක විනාශය..හොහ් හොඳට තියෙයි...

      Delete
  34. අපේ මහ රජාට හැංගෙන්න තැනක් නැතෙයි ? ඔබාමව පැත්තකට දාල අපේ මහ රජාව යවමු හැංගිමුත්තමට. උන්නැහැ විනාශ වුනොත් ආශ්චර්යය මන්දො කරන්නෙ කෝමෙයි ?

    ReplyDelete
    Replies
    1. කොහොමත් වෙන රටවල් රාජ්‍ය නායකයින්ට සතියකට පෙර වගේ දැනුම් දෙන තීරණයක් තියෙනවා.

      Delete
  35. ඔය කියපු දේ වුන් නැත්නුම් මේ බ්ලොග් ඒක වහන්න ඕනි, නැත්නම් වසාලා හමාරයි

    ReplyDelete
    Replies
    1. වසන්න ලෝකයක් තියෙන්න එපැයි...

      Delete
  36. http://www.elakiri.com/forum/showthread.php?t=1510150&page=3

    අන්න එලකිරි එකේ හෝ ගාලා බනින්නවා රවුමක් දාලා එන්න ඒ පැත්තේ

    ReplyDelete
    Replies
    1. එළකිරි කියන්නේ අර අනුන්ගේ පෝස්ට් තමන්ගේ වගේ දාන සෙට් එක ඉන්න තැන නේද..? ඕවෑ කරක් ගහලා මක්ක කරන්නැයි.. අනික බැන්න කියලා මේවා වෙනස් කොරන්ට ඇහැකිද..? :D:D:D

      Delete
    2. ඒ පාර ඒකත් උස්සන් ගිහින් දාලා නේද.. ඒ මදිවට සීනියර් මෙම්බර් කෙනෙක්...

      Delete
    3. හිරු පොස්ටුව යටින් මාරයාගේ හෝරාව කියල බ්ලොග් එකේ ලින්ක් එකකුත් දීලයි තියෙන්නේ එක නිසා අවුලක් නැහැ මම හිතන්නේ මොකෝ මාරයියටනේ පබ්ලිසිටිය...:D

      Delete
    4. එකේ ඔය ඇබ්ත්තන්වට ලින්ක් එකක් දාලා තිබ්බා කියලා කිසි කෙනෙක් ඒක නම් බලන්නේ නෑ ශානක.... ඒකේ කොතැනකවත් උපුටා ගැනීමක් කියලා දාලත් නෑ... අනිත් එක ඒක බලන කෙනා මේක මේ මොන හේතුවකට ලිව්ව එකක්ද, මේක ලිව්ව එකා මොන වගේ දේවල් ලියන එකෙක්ද කියලා දන්නේ නැතුව බලද්දි මාරයියා නිකම් මෝඩයා ගානට වැටෙනවා...

      මාරයියා කිව්ව දේම තමයි.. එළිකිරියේ ඉන්නෙත් මොට්ටයෝ.. ඒක බලන්නෙත් මොට්ටයෝ....

      Delete
    5. ඒකේ සිනීයර් මෙම්බර්ලා කියන්නේ තාම කිරි බොන කුක්කු පැටවුන්ට.... එළකිරි කියන්නේ ඉතිං ගොංකිරිනේ...

      Delete
    6. හිරු මම එළකිරියේ කරපු දේ සාධාරණය කරන්න ගියේ නැහැ මම කිව්වේ දැකපු දේ විතරයි.
      ඔය පොස්ටුවට මාර වැලි ටිකක් ගහින් තියෙනවා .... මාරයියේ විසිට් එකක් දාල බලහන් උඹට අනිත්‍ය අවබෝධ වෙයි කියල තියෙන දේවල් වලට...:D

      Delete
  37. මමත් ගේ අස්සෙ බිංගෙයක් හාරන්ඩ පටන් ගන්ඩ ඕන. 21 වෙනිදට හැංගෙන්ඩ. කොච්චර දවසකට විතර කෑම එකතු කරල තියාගන්ඩ වෙයිද දන්නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ භද්‍ර කල්පෙට විතර වෙනකල්...

      Delete
    2. මම නං නලිනි අක්කලා වගේ හැංගෙන්නෙ නෑ. දැනටමත් මම ගෙවල් අවට පොඩි උන්ට කියලා තියෙන්නෙ 21 වෙනිදා ලෝක විනාසයක් පෙන්නවා කියලා.....

      Delete
    3. උඹ ටිකට් පොත් ගහලා කියලත් ආරංචියි...

      Delete
  38. මට දෙන්නකෝ ටොරන්ට් එක ගන්ත තැන ඇඩ්රස් එක! මොකක්ද ෆිල්ම් එකේ නම?

    ReplyDelete
    Replies
    1. යකඩෝ ඒ පාර කතන්දර ලින්ක් දාන්නේ නැතිව ලින්ක් එකක් ඉල්ලනවා නේද..?

      දැන්නං මට නෙවෙයි අනිත් අයටත් පට්ට ෂුවර්..මෙදානං ලෝකේ විනාස වෙනවමයි කියලා..:D:D:D

      Delete
    2. චික්...මූඩ් එක හදාගෙන කමෙන්ට් ටික කියෙව්වා...කකා ඇවිත් ගම කෑවා.

      Delete
    3. හික් හික්... කලොත් ඔහොම වැඩක් තමා...

      Delete
  39. මං නම් බය නෑ ,මාත් මාරයා වගේ තමයි නිතරම මරනානුස්සතිය වඩනවා ,ඉතින් අපි නම් බය වෙයි ඕවට ,මරණය කියන දේ අද ,හෙට හෝ කවදා හෝ අපි කාටත් මුහුණ දෙන්න වෙන දෙයක්නේ ,ඇයි ඉතින් අපි මේ ලෝක විනාසෙට බය වෙන්නේ ,එකටයි පින්වතුනි බුදු බණේ කියන්නේ ඇලීම කියලා ,කවුරුත් බය මරණෙට නෙමෙයි ,තමන්ට නැතිවෙන දේවල් ගැනයි

    ReplyDelete
  40. නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය මාරයා හොයා ගත්ත එකනේ මරු වැඩේ කියන්නේ.... හික්.... හික්.....

    ReplyDelete
    Replies
    1. ලිපියේ අන්තිම ටික බලන්න සමනළී නංගි...

      Delete
  41. හපොයි.... බණ බාවනාවක් කොර ගන්න වත් බලන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි කෙරෙන්න ඕන...

      Delete
  42. මාරයියේ...දේශප්‍රේමීන්ට මුකුත් වෙන එකක් නැහැ නේද බං?

    ReplyDelete
    Replies
    1. ඇයි උන් ඇවිත් තියෙන්නේ අලි **න්ද..? :D

      Delete
  43. එහෙම මැරෙන්නේ කොහොමද මම තාම බැඳලත් නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. මං කලිනුත් කීවේ ඇලීම ... ඇලීම ...

      Delete
    2. මාසයක් තියේ එහෙමනං බැඳ ගනින්...

      කියලා වැඩක් නැහැ... පුදුම ඇලීමක් නෙව..

      Delete
  44. රාවනාගේ පැත්ත අරන් දැන් රාවනා ගවේශකයෙක් වත් වෙලාද ???? :D

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් රාවණාගේ පැත්තේ තමයි.. ඇයි ෂැකද..?

      Delete
  45. umba ithin marayaneh, kangadi merenna inna list eka hambunada maraiye.

    ReplyDelete
    Replies
    1. මැරෙන ලිස්ට් එක හදනවට වඩා බේරෙන ලිස්ට් එක හම්බ උනානං ලේසි වෙයි... එහෙම එකක් තිබුනොත් තමා ඉතිං ඒ...

      Delete
  46. මා මේ කල්පනා කොරේ හැංගෙන්න ඕන පොලොව යටද, අහස උඩද කියල....

    ReplyDelete
    Replies
    1. මං කලිනුත් කිව්වා...

      න අන්තලික්ඛේ..න සමුද්ද මජ්ජේ...
      න පබ්බතානං විවරං පවිස්ස...
      න විජ්ජතී සො ජගතිප්පදෙසෝ..
      යත්ථට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාපකම්මා...

      ඔය කොහේ හැංගුනත් වැඩක් නැහැ...

      Delete
  47. අර නාකී නලුවො ටික අල්ලගෙන ලෝක විනාසෙ නවත්තන්න යන පිචෑර් එකක් කියලා හිතුවා

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. බලන පිචැර් එකක් දැන්ම බලා ගත්තට කමක් නැහැ..මේ අන්තිම ෂෝ එකෙන් පස්සේ එව්වා සුම්මා...

      Delete
  48. හැබැයි ගහනවා හරිද පොඩි එචුන්ව මේ රෑ බය කරනවට මාරයාට , අයි යකෝ බදලාවත් නැති කොට කොමද එහෙම මැරෙන්න , මමත් යනවා අර මේ ලගදි යන චන්ද්‍රිකාවෙන් ස්පේස් එකට ,
    අර ඉස්සරන් TV සිරිස් එකක් ගියේ ඒ වගේ , හප්පට මට මොක්කු මොක්කු හම්බ වෙඉද දන්නේ නැහැ ,
    ඒ මාරු ඈ ..

    ReplyDelete
    Replies
    1. යකෝ බඳින්නම ඕනද මැරෙන්න..මේක පුදුම වැඩක් නෙව... :)

      Delete
  49. මම අදමයි මෙහෙට ආවේ...ඇත්තමයි කියන්නෙ.. ඇස්දෙකට කදුළුත් ආවා.. සැක්..තව ටිකෙන් තාත්තයි අම්මයි ඇහැරවලා අරන් හයියෙන් කෑ ගහලා අඩනවා..

    ReplyDelete
  50. මෙහෙමත් තිබුන මාරයෝ
    "ඔය මාරයාගේ හෝරාව කියන බ්ලොග් එක ලියන එකාට මානසික රෝගයක් තියනවා... ඌ හිතන් ඉන්නේ ඌ තරම් පොරක් තව කොහෙවත් නැහැයි කියලා... ඕකට කියන්නේ සිංහලෙන්
    Grandiose delusions (http://en.wikipedia.org/wiki/Grandiose_delusions) කියලා... ඔය ඉන්න බුවා සිංහ හමක් පොරව ගත්තු හික් මීයෙක් බං.... උගේ ගොං ආතල් පෝස්ට් මෙතන දාලා ලොල් කරන්න එපා බං.... "

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. එළකිරි site එකේ තමයි තිබුනේ

      Delete
    3. අනේ තීද්දෙන් බං... එයාලා එහෙම කිව්වනං ඒක ඇත්තම වෙන්න ඇති.. මොකද එතන තමයි අපි දන්න හොඳම තැන මානසික රෝගීන්ට... ඉතිං උන්ට වඩා කවුද දන්නේ වෙන... එළකිරියේ මොකක් ගියාම මොකද බං... ඔන්න ඔහේ උන් කාගේ හරි ලිපියක් අල්ලං බයිලයක් ගහං හිටියදෙන්... පොඩි උන්ගේ ආසාවනේ...

      Delete
  51. කොහෙන්ද ගෙන්නගත්තේ,

    ReplyDelete
  52. අයියෝ සල්ලි.... දැන් මක්කැයි කොරන්නේ? කොරන්න තියෙන දෙයක් දැම්මම කොරලා ලෑස්ති වෙන්න වෙනවා. ඒක නෙමෙයි මාරයියේ, ලෝක විනාසෙ වුනාට පස්සෙ අපිට දානයක් මානයක් දීලා පින් දෙන්නවත් එකෙක් ඉතුරු වෙන එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන්ම කොරගන්න පිනක් තමා..කොටින්ම දාන මාන තියා පාංශුකූලේවත් නැහැ...

      Delete
  53. මම කවුද ? මාරයනේ.. වෙනින් කවුද ?

    ReplyDelete
    Replies
    1. 1- මිටි රොම්නි/කම්මල
      2- panchaayudha / akalanka
      3- ජයරත්න/රාමා
      4- CTK රහස් පරීක්ෂකයා/හිරු
      5- රාවණාගෙ අවතාරෙ/Praසන්ன
      6- බුෂ් ඩබල/Alexander Cage
      7- සද්ධර්මාලංකාරයා/දේශකයා
      8- මාරයා/සරත් ලංකාප්‍රිය

      Delete
  54. මම තාම බැඳලත් නෑ යකෝ.. මගෙ හිත කඩන්නෙපා :'(

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වේ ඉක්මනට ගෙදරට කියලා අද හෙටම එකක් කොරගංකෝ..කතාව කම්මුතුයි නෙව...

      Delete
  55. ම්හ් එත් හරියන්නෑ.ඌ බදින්න කෙල්ලෙක් කැමති වෙන්න එපයි.

    ReplyDelete
  56. හා..හා..හා.. මම නම් බය නෑ. හරියටම ඔය වෙලාවේ මම පොළොවට අඩි 35000 විතර උඩින් ඉන්නේ. ඉතින් අවුලක් නෑ. :)ඔන්න බේරෙන්න ඕනේ නම් උබලටත් කරන්න ඕනේ දේ.

    ReplyDelete
  57. මම නම් නිවාඩු දාලා ගෙදර ඉන්නවා. මොකද මම මීට කළින් ලෝක විනාශයක් දැකලම නෑ. රතිඤ්ඤා ටිකකුත් ගෙනාවා පත්තු කොරන්න.

    ReplyDelete
  58. මන් කව්ද එකට උත්තරේ CTK රහස් පරීක්ෂකයෝ තමයි මේ research උන් ගේ වැඩක් වගේ :D :D :D

    ReplyDelete
  59. ඔන්න කලින්ම කිවුව මටත් ඕන ටිකට් එකක් ලෝක විනාසෙ බලන්න ,

    ReplyDelete
  60. ඔහොම කිව්වාම නම් ශරීරෙම කිලිපොලල යනවා. ඕක ලෝකෙ ඉන්න සේරම සයන්ටිස්ට්ලට හන්ගන්නෙ කොහොමද?

    ReplyDelete
  61. මේ දෙසැම්බරේ ලංකාවට එන්න හිටපු ගමනත් මම කල් දාලා තියෙන්නේ...ඇමරිකාවේදී මැරෙන එක හොඳයි..මොකෝ එතකොට යන්නේ ඇමරිකාවේ දිවිය ලෝකෙනේ :ඩි

    ReplyDelete
  62. සික් අපරාදේ කරන්න හිටි වැඩ මොන තරම් කරන්න ඉතුරු වෙලා තියනවද අපරාදේ,,,ගිය සතියේ සල්ලි වගයක් බැංකුවට දැම්මා අපරාදේ ඒක ලෝකෙ විනාශ උනොත්

    ReplyDelete
  63. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ.. මම යනවා අඟහරු වලට. ගිහින් බලන් ඉන්නවා මේ ලෝකෙට වෙන දේ...



    ප.ලි. මම තමයි අඟහරුවා ලියන්නේ... http://angaharuwa.blogspot.com

    ReplyDelete
  64. ඇමරිකාවයි නාස ආයතනයයි මේ රහස හැංගුවට වැඩක් වෙලා නැහ.කට්ටිය හෙොදටම බයවෙලා. මොනව වෙයිද මන්ද?බයටම අපේ කට්ටිය මිය ගහින් මාරය පමනක් ඉතිරිවෙයිද දන්නෙ නැහ.

    ReplyDelete
  65. ඇමරිකාවයි නාස ආයතනයයි මේ රහස හැංගුවට වැඩක් වෙලා නැහ.කට්ටිය හෙොදටම බයවෙලා. මොනව වෙයිද මන්ද?බයටම අපේ කට්ටිය මිය ගහින් මාරය පමනක් ඉතිරිවෙයිද දන්නෙ නැහ.

    ReplyDelete
  66. කිසි දේකට බය වෙන්න එපා .ඔයාල සේරම මම මගේ ලෝකෙට ගන්නවා..
    { විසා පාස්පෝර්ට් අවශ්‍ය නැත }

    ReplyDelete
  67. http://alamongordo.com/aliens-and-ufo/president-announce-planet-x-alien-presence/

    me thamai link eka, meke amuthuwen hanganna deyak naha, dharmayehi hasiremin apramadi wenna kiyana eka thamai awasayanata me hamotama kiyanna thiyenne....

    ReplyDelete
  68. කෝ ඉතින් බං... ඔය කිව්ව විනාසේ උනේ නෑ නේ...

    ReplyDelete
  69. ලෝක විනාශය මෙන්ම පිටසක්වල යානා වැනි නිර්මාණාත්මක කතා අපට පසු ගිය දිනවල අසන්න ලැබුනා. එම කතාවල ආකාරයට තෙල් ගැසීමටත් යානයක් සෙඩ් එකක් ලඟට ඇවිත් තිබෙනවා (ඩලස් මහතාගේ ගෙතුම). මා සිතනුයේ (පිට)සක්වල යානා තෙල් ගැසීම අඩ පන කරන්න විය යුතුයි පෙට්‍රල් මිලද වැඩි වූවේ.
    එත්, මෙම ප්‍රචාරය මඟින් ජනතාවගේ මනස වෙනත් දිශාවකට හැරවීමේ උවමනාවක් තිබූ පිරිසක් සිටියා. මා කියනුයේ ඔබ ගැන නොවේ. නමුත්, මෙවැනි දේ ඔහුන්ට ආශිර්වාදයක් වෙන්න ඇති.

    ReplyDelete
  70. http://ahasgawwa-tmg.blogspot.com/

    ReplyDelete
  71. dan set ekama merilada manda :D

    ReplyDelete