ගිරාම සේ වකල උනේ
යූ ඇන් පී බත් ගොට්ටෝ...
සමෘද්ධි බට්ටන් හැදුවා
ඒ වෙනුවට අපෙ ඇත්තෝ...
උනුත් එකයි මුනුත් එකයි
කියල කිව්ව බලු නැට්ටෝ...
අහු උනාම වැව්ටික
හාරං කෑවා රතු ඇත්තෝ...
ඒ පැත්තෙන් මේ පැත්තට
එක පාරක් පැන්න පුතේ...
මේ පැත්තෙන් අර පැත්තට
ආයෙත් පැන්නානේ පුතේ..
කොයි පැත්තෙන් කොයි පැත්තට
උන් පැන්නත් අනේ පුතේ...
වඳුරන් හට කතිර තාම
අපිත් ගහනවානේ පුතේ...
පායනකොට නියගේ ඇවිත්
ඒකට ආධාර දෙනවා..
දැන් හොදටම වහින කොටත්
ගංවතුරට සහන දෙනවා..
පෑවිල්ලට වතුර නැතිව
පැය දෙක තුන කරන්ට් යනවා...
වහිනකොටත් ගස් වැටිලා
ඒ සෙතේම අත් වෙනවා...
ඊයේ පටන් ගත්ත වැස්ස
මෙහෙ තාමත් දෝර යනවා...
වැස්සේ තෙමි තෙමි ගිහිල්ලා
ගේට්ටු ඇර දාලා එනවා...
ගෙදර යන්න හිටියට මම
අදත් ඩියුටි ඉන්න වෙනවා...
කම්මැලි කම නැතිව යන්න
මල විකාර පද ලියනවා...
අගක් නැතේ මුලක් නැතේ
එක එක අතටත් ලියැවේ..
කොයි කොයි අත ගියත් මොකද
තවත් පෝස්ට් එකක් වැටේ...
පට්ට... මමත් මේ වැඩට යන්න විදිහක් නැතුව ඉන්නෙ...
ReplyDeleteඑලියට බැහැ ගන්න බැරිව
ReplyDeleteඔය මහතුන් ලත වෙන්නේ
ගහකට බඩ ගාන අපිට
ලුනුයි බතයි වත් නැත්තේ
හෑ මාර බයිලා!
ReplyDeleteගිරාම සේ වකල උනේ// ලත් තැනම ලොප් වුනා මේක තේරුම් ගන්න ගිහින්.
ReplyDeleteගිරාම සේවක කියද්දි මතක් වුනේ කුරුලු හමුදාවේ මගේ යාලුවෙක් හිටියා ගාල්ලෙ. පොරගෙ අයියගේ යාලුවා ඔයින් එකෙක්. පොරයි මගේ යාලුවගෙයි අයියයි එක්කහු වෙලා මුහුදට සෑහෙන දුර තියෙන හදාගෙන යන ගෙට කුලු ගෙඩියෙන් තලලා ගිරාමෙත් එක්ක සුනාමි ආධාර අරගෙන දෙන්නා බෙදාගත්තාලු. මට කිව්වෙ කුරුලු හමුදාවේ යාලුවා, කාටක්කත් කියන්න එපා කියලා. උඔත් කාටක්කත් තියන්න එපා. විස්වාසෙට කිව්වෙ.
:) ,ගංවතුර ආධාර ගන්නත් තමන්ගේ ගේ කඩා දාපු පොරවල් ඉන්නවා අපේ පැත්තේ. සමහරුන්ට ගේ කඩා ගත්තට ආධාර ලැබුනේ නැහැ.. කොහොම හරි ගංවතුර හඳුන්වන්න පිංවතුර කියන වචනයත් යෙදුනා..
Deleteරාමා,
Deleteඑක පොල්ලෙ වල්!
ela kavi tika . .. :D
ReplyDeleteනුවරඑළි ගිය එකේ ප්රතිඵල තමයි ඔය.
ReplyDeleteපොච්චියේ මුන්දට හිතෙන දේවල්..ඕවා නැති කරන්න නම් අලුතින් කෙනෙක් ඉපදිලා රජකම් කරනකම් බලන් ඉන්න වෙයි වගේ....
ReplyDeleteවැස්ස නම් අම්මෝ.... අද අපිව ගෙදෙට්ට හිර කරලා. ගෙදර ඉඳන් වැඩ..
ඔය කියන කට්ටිය ගිරාම සේවකගෙ ඩියුටියට වඩා කලේ ගිරාම සූකරගෙ වැඩ...මම දන්න කෙනෙක් ඉන්නව හරියට අකුරු ලියන්නත් බැරි... සහතිකයක් ගන්න ලියුමක් ගන්න ගියාම නා ගන්නවා :)
ReplyDeleteඅංජන් උම්මා ගියාට
ReplyDeleteතද උනාද උඹට මරා
රනිල් ඔන්න ගේමට එයි
පොරොන්දුවක් අරන් සිරා
වැහි බයිලා ටික නම් උඹෙ
රස වෑහෙයි ජාලේ පුරා
වැඩ කරපන් පුතෝ ඉතින්
වැස්ස තුරල් වනා තුරා
අනේ මන්ද , බයිලම තමා :)
ReplyDeleteමේ පුංචි වැස්සටත් බයිලා කියවෙනවද ඈ...
ReplyDeleteටකරං ටකං ටකර ටකං
ReplyDeleteබෙංගාලේ බොක්ක අස්සෙ හරි හරි අනෙ වැඩ වෙන්නේ
උදේ ඉදන් යමර වැස්ස රට වටේට කෙලවන්නේ
කහවත්තේ තවත් එකක් මේ දැන් විස්තරෙ එන්නේ
ගල් බෝතල් තුරුලු කරන් අපෙ උන් ආතල් ගන්නේ
"උණ සනීපයිද දැන්...
ReplyDeleteඒ පාර උඔ බයිලා කියන්න ගත්තෙ...
වැස්සෙ තෙමිල සන්නිපාතෙ හදාගන්නෙහෙම නෑ ඕන්..."
කාලෙට තාලෙට ගැලපෙන පද ටික
පච මල්ල ගෙදර යවමු !
ReplyDeleteඅපිත් දානවා තේරුමක් නැති කමෙන්ට් ...
වැහි කාලෙට ඔහොම තමයි
ReplyDeleteවිකාර හිතෙනවා බොලං
තෙලක් ඉසේ ගාන්ඩ වෙයි
වලලු දාපු අතක් හොයං
මල් හතයි තිසර... හි හි...
Deleteඅඩේ.... මාරයියා උණ විකාරෙන් එහෙම නෙවෙයි නේ......
ReplyDeleteඅනේ මාරයෝ උඹත් මරු මිනිහා වැස්සයි , අරකයි , මේකයි , අරුයි , මූයි , පිටින් දාලා මාසෙකට දවස් 50ක් විතර වැඩ නේද . කොහෙද බං ඔච්චර හම්බකරලා තියන්නේ දුමේද.
ReplyDeleteමේ වැස්සනං මාරයෝ ඉන්දියාවේ කුමන්ත්රණයක්.මට ඒකනං ශුවර්.ඇයි බොලේ හැමදාම අර බෙංගාලි ගේ බොක්ක කචල් නේ.
ReplyDeleteබයිසිකලේම ගමන නිසා මේ වැස්සට මාරයියා තෙමිලා වැඩි වාගේ.. :)
ReplyDeleteතවත් පෝස්ට් එකක්නේ නේද? :)
ReplyDeleteමේ වගෙ බයිලා දානකොට අපිට සුදුසු තාලයකුත් යෝජනා නොකලොත් කියවා ගන්න අමාරු වෙනවා. තාලය: අහවල් බයිලාව කියලා දාපං.
ReplyDeleteමට තාම මේකට තාලෙ අල්ලා ගන්න බැරි වුනා.
මම මෙහෙමත් බැලුවා,
පුතේ නුඹේ ලොකු අම්මා
පුතේ නුඹේ ලොකු අම්මා
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වලල්ලක් දැම්මා
බයිලාවක් නොවුනට ඒ තාලෙත් හරියනවා.
ඉතින් කියාපං බලන්න උඹ අදහස් කරපු තාලය.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මටත් ඔය වැඩේම උනා. පස්සෙ බයිලා තාලෙ පැත්තක තියලා විරිඳු තාලයක් අල්ලා ගත්තා :D
Deleteවැස්ස හින්දා මාරයියගේ මොළේ පොඟලා වගේ. මක් කොරන්නද... සං..සා...රේ...........!
වැස්සට තෙමුනාම කෙලවෙන්ට
ReplyDeleteඔළුවත් වෙනවාය මරතන්ඩි
මාරයා කවි ලිව්වාට
බලාපං සහලෝල උන නෙව
//පෑවිල්ලට වතුර නැතිව
ReplyDeleteපැය දෙක තුන කරන්ට් යනවා...
වහිනකොටත් ගස් වැටිලා
ඒ සෙතේම අත් වෙනවා...//
ඒකම නේන්නං හෙනේ....අද කරන්ට් ආවෙ පැය 21 කට පස්සෙ.