10 November 2012

හෙනහුරු මාරුව ඔබට කොහොමද..?

මටනං හොඳයි...

ඒ කිව්වේ හෙනහුරු මාරුව මටනං හොදයි...

කරුමේ කියන එක ගෙවලා අහවර කොරනවා මිසක් ඒකට උඩින් පැනලා යන්න බැහැ කියලයි අපේ තාත්තා නිතර දෙවේලේ කිව්වේ... ඒ හින්දනේ අර පහුගිය දවසක මං නිකං ඉන්න බැරුවට ගෙහුන් කරුමයක් බලලා කරුම ගෙව්වේ උනත්...

ඔය ගිරහ අපල කියන ඒවත් ඒ වගේ... ඉතිං ගිරහයින්ගේ අපල කිව්වහම කොයි කවුරුත් බය වෙන ලොකුම හාදයනේ හෙනහුරා... හා නැද්ද මං අහන්නේ...?

ඉතිං හෙනහුරු මාරුවක් වෙනවා කියන්නේ ආවට ගියාට අහක දාන්න ඇහැකි කාරණයක් නෙ‍වෙයි... ඒ හින්දා හෙනහුරු මාරුවක් කිව්වම අපි ඒ ගැන ටිකක් බලන්ට ඕන.. එහෙම බලලා ඒ හෙනහුරු මාරුව අපිට කොහොමද කියලත් කල්පනා කොරන්ට ඕන...

ආන්න ඒකයි මං කිව්වේ හෙනහුරු මාරුව මට හොඳයි කියලා... ඒත් ඉතිං මට හොඳ උනාට ඔහෙලා හැමෝටම ඒක හොඳද කියලා කියන්ට ඇහැකියෑ... ඒ හින්දා ඔහෙලත් කැමති ඇති හෙනහුරු මාරුව ගැන දැන ගන්ට... ආන්න ඒකයි මං කල්පනා කොලේ මේක ලියන්ට...

ඔන්න දැන් එහෙමනං තියෙන්නේ කතන්දරයක් ඇහිල්ලක්.. හා පැත්ත දාලා වාඩි වෙලා හරි බරි ගැහෙමු කතාන්දරේ අහගන්ට...

------------------------

ඔන්න ළමායි එකෝමත් එක රටක.. ආ නැහැ වැරදියි..රටක කොහේද මුහුදු...

ඔන්න ළමයි එකෝමත් එක මුහුදක් තියෙනවා... ඒ මුහුදේ නැවක් තියෙනවා... ඒ නැවේ නැව් තට්ටුව උඩ වාඩි වෙලා එකෝමත් එක හාදයෙක් මවුත් ඕගන් එකක් පිඹ පිඹ ඉන්නවා... මේ හාදයා ඇඳන් ඉන්නේ නිල්පාට ඕවර්රෝල් එකක්... (සමහර විට ඔය වචනේ වැරදි ඇති..ඒක "හෙන්රි ද ඉංගිරිසි ගුරා" ආවම හරි ගස්සයි.. මං මේ කියන්නේ අර කාර්මිකයෝ..එතකොට ගුවන් නියමුවෝ එහෙම ඇදන් ඉන්න ඇඳුම ගැන..) 

එදා කලුවර දවසක්... හඳ පායලා තිබුනද කියලා කියන්ට මං දන්නේ නැහැ.. රෑක හින්දා කලුවරනං තිබුනා...

ඔන්න ළමයි එක පාරටම මේ නැවෙන් කවුරු හරි එකෙක් මුහුදට වැටෙනවා... "ජබෝස්"... ආන්න එහෙමයි සද්දේ ඇහුනේ...

හා අපි දැන් ඊ ළගට යමු එකෝමත් එක රටක ගුවන් යානා අංගනයකට... එකෝමත් එක කිව්වට මේක මේ සසිරිබර මෙසිරිලකෙහි ගුවන් තොටක් තමා...(නැහැ නැහැ මත්තල නෙවෙයි කටුනායක)

ඔන්න ළමයි දැන් මේ ගුවන්තොටේ පිටවීමේ පර්යන්තයෙන් අව් කණ්නාඩි දාපු.. ලෙදර් ජැකට් එකක්..ඒකටම හරියන ඩෙනිං කට්ටක් ඇඳගෙන පිටේ බෑග් එහෙකුත් එල්ලාගෙන එකෙක් එනවා හඳට යන්ට වගේ... ඉතිං දැන් අපි මේකා ඇවිදං එන හැටි බලං ඉමු... ආන්න එහෙම බලනකොට අපිට පේනවා මේ හාදයගේ අත් දෙකේම ඇගිළි වල ලොකු තුවාල කැලල් තියෙන ආකාරය... පැහැදිලියි නේද..?

හා අපි දැන් ඒ කතාවත් අමතක කරලා යං ඊ ළඟ කතාවට...

ඔන්න එකෝමත් එක නෑදෑ හිතවතුන් ටික දෙනෙක් එහෙම එකතු වෙලා  ඉන්න පොඩි උත්සව අසිරියක් තියෙන තැනක් තියෙනවා... එතැනදී ඕං ටිකක් විතර ලස්සන ගෑණු ළමයෙකුයි ගොඩක් විතර මරුමුස් කොල්ලෙකුයි විවහා ගිවිස ගන්නවා... එයින් පස්සේ ඔන්න ටිකක් ලොකුවට සාදයකුත් තියෙනවා...

සාදය අතරේ අර දවාලේ විවහා ගිවිස ගත්ත තරුණයා වෙනත් තරුණියක් එක්ක හදිසියේ සැට් වෙලා කාමරයකට රිංගලා මීයන් ඇල්ලීමේ ඔට්ටු සෙල්ලමක් එහෙමත් අල්ලනවා... දැන් ඔය ළමයින්ට හිතා ගතෑකිනේ මේ තරුණ මහත්තයා කොහොම කෙනෙක්ද කියලා... ඔව් මේ ඇවිල්ලා මේ රටේ එක්තරා ඇමතිවරයකුගේ පුතෙක්... ක්ලබ් ගොහින් ගෝරි දාගන්න.. අහුවෙන අහුවනෙ ගෑල්ලමයත් එක්ක මීයෝ අල්ලන ඔට්ටු සෙල්ලං දාන... පොඩ්ඩ ඇත්තං තුවක්කුවක් පිස්තෝලයක් අරං දඟළන අපේ කාලයේ වීර තරුණයෙක් හරිනේ... හා දැන් මං නොකිව්වට ඔය ළමයින්ට මැවිලා පේනවා ඇති ඒ වගේ චරිත... හා ඒවා වැඩිය බලන්න ඕන නැහැ අපි එමු කතාවට...

ඔන්න විසාල ගේක උත්සවයක් තිබිලා අහවර වෙලා වගේ පෙනුමක් තියෙන දර්ශනයක්... හැබැයි එහෙම පෙනුනට උත්සවේ ඉවර නැහැ... හිතාගන්නකෝ මේ දර්ශන වලට වැඩිය වියදං කරලා බැරි හින්දා එහෙම පෙන්නනවා කියලා.. කොහොම හරි ඔන්න මේ සාදය පැවැත්වෙන අස්සේම ගේ ඇතුලේ කිහිප දෙනෙක් සතුටු සාමීචියේ යෙදිලා ඉන්නවා... ඒ අතරේ දවාලේ විවහා ගිවිස ගත්ත ගෑල්ලමයගේ තාත්තා වෙච්ච කට වටේ රැවුල වවාගත්ත හාදයෙකුත් ඉන්නවා... 

ඔන්න එක පාරටම මේ ගෙදර ඇතුලට හිමිහිට එනවා අමුත්තෙක්.. ඒ තමා අර අපි කලින් කතාවක දැකපු ගුවන් තොටින් පිටතට ආ තරුණයා.. අර අතේ තුවාල කැලැල් තිබුනේ...
-----------------------------

හප්පා හරි මහන්සියි අප්පා... මං මොකටද මෙච්චර මහන්සි වෙන්නේ මේ කතාව මෙහෙම කියන්න ඔන්න එහෙනං මං මේක පාස් ෆෝවඩ් දුවවන්න හදන්නේ... අපි කවුරු උනත් කම්මැලි පොතක් අහු උනාම උඩින් උඩින් බලං යන්නේ... එහෙම නැත්තං කම්මැලි චිත්තර පටියක් අහු උනාම කෑලි අත ඇර ඇර බලන්නේ ආන්න එහෙම...

කතාව මෙහෙමයි... නැවක වැඩ කල උන් දෙන්නෙක් එකේ ගිය ජපනෙක්ව මරලා උගේ දියමන්ති කොල්ල කනවා... පස්සේ උන්ගෙන් එකෙක් අනිත් එකාටත් ගහලා මුහුදට දානවා.. ඒ දාද්දී ඇතිවෙන පොර කෑමෙදී මුහුදට වැටුන එකාගේ ඇගිලි අනිකා විසින් තලනවා... හැබැයි ඌ කොහොම හරි ජීවිතේ බේරගෙන අවුරුදු 15කට පස්සේ ඇවිත් ඒ වෙනකොට අර දියමන්ති විකුණලා පෝසත් වෙලා හිටිය අනිත් එකාව හොයං ඇවිත් උගෙන් කෝටි 5ක් ඉල්ලනවා... ඔන්න ඕකයි සීන් එක...

කෝටි 5ක් ඉල්ලන්න එන එකා එන්නෙත් තමන් කරන්න යන වැඩේ කොච්චර බරපතලද කියලා නොදැන වගේ..ඌ කිසිම රටේ ලෝකේ සිද්ද වෙන දේවල් ගැන කල්පනාවක් නැති රට හරකෙක් වගේ වැඩ කරනවා.. අර සල්ලි තියෙන එකාත් ගොනා සේ කැරකි කැරකි සල්ලි නොදී ඇඹරෙනවා... අන්තිමේදී සල්ලි ඉල්ලන්න ආව එකාව තමන්ගේ දුව බඳින්න ගිවිස ගත්ත ඇමතියාගේ පුතයි උගේ තාත්තා වෙච්ච ඇමතියයි එක්ක එකතු වෙලා මරන්න ට්‍රයි කරනවා... ඒ මරන්න හදන වැඩ අස්සේ ගොං පාට් හැටයි... කොහොම හරි අන්තිමේදී අර සල්ලි ඉල්ලං ආව එකා අනිත් එකාගේ දුවව උස්සනවා...

හැබැයි දුවව ඉස්සුවට ඌ අර කෙල්ලගේ තාත්තටත් වඩා හොදට කෙල්ල පරිස්සං කරනවා.. පස්සේ කෙල්ලත් කතාව දැනගෙන ඌට සප් එක දෙනවා... කොළඹදී මූව මරන්න දගලන හින්දා කොළඹින් පැනලා ඈතකට යනවා.. ඒ ගමන නවතින්නේ අර මුලතිව් මුහුදේ නවත්තලා තියෙන ෆාරා නැව ගාවින්... අවසානේදී කෙල්ල බේරගන්න සල්ලි අරං තාත්තයි ඇමති පුතයි උගේ නඩෙයි යන්නේ එතැනට... එතනදී සුපුරුදු අන්දමටම ෆයිට් එක.. ඇමති පුතාට බඩු හම්බ වෙනවා ඌ ඉවරයි... අර සල්ලි ගන්න ආව එකා සල්ලි බෑග් එකත් අරං බෝට්ටුවකින් පැනලා යනවා.. වෙඩි පාරකුත් කාගෙනම..අන්තිම මොහොතේ කෙල්ලත් ඌත් එක්කම මුහුදට පැනලා යනවා...

කෙල්ල අර ඇමති පුතාව බදින්න කැමතිවෙන්න කලින් යාළු වෙලා හිටිය පරණ කොල්ලා හොයං උගේ ගමට යනවා... එහෙම ගිහිං කෙල්ලව ඒ ගෙදරට බාර දීලා අර සල්ලි හොයං ආව එකා යන්න යනවා...

අවසානයේදී කෙල්ල තාත්තට ලියුමක් එවනවා... තාත්තා ලියුම කියෝනවා.. දුව තාත්තට කියනවා "තාත්තේ හොඳ මිනිහෙක් වෙන්න" කියලා.. තාත්තා අඩනවා...


හයියෝ... නං දානවා..ලයිට් පත්තු වෙනවා... කතාව පටන් ගන්න කලින් හෝල් එක පුරා ඇහි ඇහි තිබුන ජෝති පාල ඇන්ජලින්ගේ පරණ සිංදුව ආයේ මහ හඩින් යන්න ගන්නවා... මං නැගිටලා එන්න එනවා...

--------------------------------

පැහැදිලියි නේද..? මේ මං කිය කිය හිටියේ පෙරේදා ඒ කියන්නේ 08 වැනිදා මං බලාපු "සෙනසුරු මාරුව" චිත්තර පටිය ගැනයි...

නිකං ඉන්න ගමන් හිතුනට මං එදා හවස දෙකයි තිහේ ෂෝ එක බලන්න වේයන්ගොඩ සීගිරීයට ගියා... 

වෙනදා වගේම විස්තරේ කියනවනං මාත් ඇතුළුව එදා හිටියෙත් 8 දෙනයි.. මං යනකොට එකෙක්වත් නැහැ.. ෂෝ එක පෙන්නනවද නැද්ද කියලා හෝල් එකේ උන්දලා කල්පනා කර කර හිටියේ.. මාත් ඉතිං ටිකක් බල බල ඉද්දී ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි පොඩි දරුවෙකුයි ආවා.. ආ ඒ කියන්නේ දැන් ඒ තුන් දෙනයි මායි 4ක් ඉන්නවනේ... හෝල් එකේ කලමනාකාරීත්වය තීරණය කලා හරි චිත්තරපටිය පෙන්නන්නං කියලා.. කොහොමද වැඩ...?

පස්සේ ෂෝ එක යද්දි පිටිපස්සේ තිබුන බොක්ස් වලින් සද්ද බද්ද ඇහෙන්න ගත්තාම තේරුනා තව කවුරු හරි ආවා කියලා.. චිත්තර පටිය අවසන් වෙලා කට්ටිය එළීයට එද්දී ඒවා ඇතුලේඉදන් ජෝඩු දෙකක් ආවා.. ඒ කියන්නේ මමයි අර අම්මයි තාත්තායි පොඩි එකයි මේ ජෝඩු දෙකයි... ටිකට් හතයි බාග එකයි...

මං යද්දීම නිට්ටඹුවෙන් පොප්කෝන් ලොකු උරයක් අරං ගියා... කැන්ටිමෙන් අයිස් චෝක් එකක් ගත්තා... එච්චරයි...

රුපියල් ලක්ෂ පහකින් වගේ කරපු චිත්තරපටියක් වෙන්න ඕන... පරණ නළුවන්ට හිටියේ ලකී ඩයස්..චන්න පෙරේරා... නදීකා ගුණ‍සේකර...
ඇමති පුතාට හිටියේ අර රෝස වසන්තේ එකේ හිටිය දුෂ්ඨයා... තව පාතාල පොරකට හිටියා ඉන්දික ගිනිගේ..තවත් මට නම මතක නැති ඔය එහෙං මෙහෙං ඇවිත් යන නළුවෙක්...
කෙල්ලට හිටියේ දිනේෂ් ප්‍රියසාද්ගේ දෝණි කෙනෙක්... ශේෂාද්‍රි ද කොහේද නම... 

හොඳම දේ ඇමතියාට හිටියේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධනවර්ධන ගුරුගේ... මං හිතන්නේ මෑන් අතින් ගෙවලා රඟපාන්න ඇත්තේ... ඒ කියන්නේ පොරව හාවා කරලා ගාන කොටං මේක හදන්න ඇත්තේ කියලයි මගේ කල්පනාව... ගුරුගේ කාරයා ඔහොම ජිල්මාට් වලට හෙන කැමතියි... අර ඒ ඇස් පී කාරයා වගේ... එහෙම හාවෝ දෙන්නෙක් අල්ල ගත්තාම ඔය වගේ චිත්තරපටියක් හදා ගතෑකි... ආ තව අර නියෝජ්‍ය ඇමතියෙක් වෙච්ච "නන්දිමිත්‍ර ඒකනායක" ගොයියත් හිටියා

ආ තවත් වැදගත්ම දෙයක් තමා එක විහිළු කෑල්ලක්වත්.. විකට නළුවෙක්වත් හිටියේ නැහැ... (නන්දිමිත්‍ර ඒකනායකනං හිටියා තමා..ඒත්...)

චිත්තරපටියටම එක සින්දුවයි... ඒකත් අවුලක් නැහැ...

ෆයිට් ටිකක් තියෙනවා... කවදත් වගේ අර ටෙඩී විද්‍යාලංකාරගේ පොල් අඩි ටික... දැකලම එපා වෙලා...

හැබැයි අවුලක් නැහැ.. චිත්තර පටිය හොදයි... පැය බාගයක් ටීවී එක ඉස්සරහ වාඩි වෙලා "මහ ගෙදර" හරි "ප්‍රවීණා" හරි බැළුවා වගේ තමා... පොඩි අවුලකට තිබුනේ ටෙලිනාට්ටියකට හරියන පුංචි කතාවක් චිත්තර පටියකට ගහන්න මහන්සි වෙච්ච එකයි... ඒ ඇර වෙන අවුලක් නැහැ.. අඩුම ගානේ මට කතාව මුල ඉඳලා අගට තේරුනානේ.. ඒකම මදිද මං අහන්නේ... තවත් එක කරුමයක් නොවී...

ආ අනිත් එක තමා තාම ළගට ගෙහුන් බලාගන්න බැරි උන "ෆාරා" නැව හරි බලාගත්තනේ රුපියල් එකසිය පණහකට... නැත්තං මං ඕක බලන්න බර ගානක පැස්ටෝල් ගහං මුලතිව් යන්න එපෑ... එහෙම බැළුවම මට සෑහෙන වාසියි... ඉතිං "හෙනහුරු මාරුව" මට හොඳයි කිව්වේ නිකමටද..?

ඉතිං මටනං හෙනහුරු මාරුව හොඳයි... ඔහෙලට කොහොමද..? 

32 comments:

  1. Replies
    1. උඹ බලපු "කර්ම" ට වැඩිය මේක තේරුනා නම් ඒකත් ලොකු දෙයක්නේ.
      හැබැයි අයියේ කලින් චිත්තර පටිය තේරුනා කිය්ලා මේකට ටිකක් බැලුවානම් උඹ හොද රසිකයෙක් වෙනවා.
      බලපන් ඉතින් මේකට හොදයි කියන් උඹේ තියෙන්නේ කොච්චර් පහත් රසක්ඥතාවයක්ද කියලා
      :-)

      හිටු කියලා චිත්තර පටි බලනවානේ, මටනම් සැකයිත් එක්ක උඹත් හිටියේ බොක්ස් එක්කවත් ද කියලා

      Delete
  2. අපිටත් ඉතින් වරදක් නෑ ඔන්න ...

    ReplyDelete
  3. මම ෙදතුන් පාරක් කිෙයව්වා.. ඔය අර චිත්තරපටිය ගැන ෙනව කියන්ෙන්...????????????

    ReplyDelete
  4. ඒකත් එහෙමයි එතකොට....

    අපේ පොඩි එකාව මරන්න එපැයි අල්ලල... ඌ ඕක හොඳයි කියන්න ඇත්තෙ ෂුවර් එකට මම පර්ස් එකෙන් කීයකට හරි තට්ටු කරගනී කියල හිතල...

    ReplyDelete
  5. හික් හික්... මාරයා චිත්තරපටියක් බැළුවා වගේ :D :D

    ReplyDelete
  6. අයියෝ සෙනසුරු මාරු වුනාද

    ReplyDelete
  7. කේතුගේ අපලෙට වඩා සෙනසුරු මාරුව හොඳා වගේ..!

    ReplyDelete
  8. මන් නම් ඕන කමින් බලාගෙන හිටියේ කාර් වලින් දාන වැඩ කෑලී ටික... හයියෝ ඒක දක්කමත් එපා උනා.. lancer evolution එකයි Honda Civic එකයි බැරි උනා Suzuki Alto එකක් එල්ලන්න.. හිනා වෙලා පන යනවා.. ගොන් පාට් ලෝකයක්.. අනේ මන්ද ලංකාවේ ෆිල්ම්ස් වලට මොනා වෙලා ද කියලා.. ෆිල්ම් එක පටන් අරං පැය භාගෙන් ඉන්ටවල්...

    ReplyDelete
  9. මට හිතෙන්නෙ මාරයා කර්මෙ ගෙවුවා කියලා

    ReplyDelete
  10. අඩේ මාරය එනව කියල දැනගෙනමද කොහෙද ‍උඹ යන හෝල් වලට මිනිස්සු එන්නෙ නැත්තෙ. ළගදිම හෝල් කාරයෙක්ගෙන් කන ලයින් එකක් තමයි තියෙන්නෙ.

    හත හමාරකට ෆිල්ම් එකක් පෙන්නල හෝල් කාරයට ලයිට් බිලවත් කවර් කරගන්න පුලුවංද දන්නෑ. නැත්තං චිත්‍රපටිය හදපු එකා හෝල් එකට ගානක් දෙනවද දන්නෑ චිත්‍රපටිය පෙන්නනවට.

    ReplyDelete
  11. මේකනම් මාරේ මම තාම බැලුවේ නැ. ඒත් ඔයාගේ විස්තරෙන් දැන් ඒක බැලුව වාගේම තමා.ඉතිං ආයෙ මොටද මං හෝල් ගානේ තපින්නේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  12. මම ඒත් බැලුවා කවද්දැ සෙනසුරු මාරුවක් වුනේ කියල...ආ.. මේ සෙනසුරු මාරුවනෙ...මරු මරු අපිටත් හොඳයි...

    ReplyDelete
  13. හයියෝ.... හයියෝ..... මාරයා බලන ෆිල්ම් ඔක්කොම චාටර්ද මන්දා....... :)

    ReplyDelete
  14. නෑ නෝනාවරුනි මහත්වරුනි. මේකට කියන්නෙ ගෝලීයකරණය කියලා. රු 80කට සලාකා එකෙන් හොඳ බටහිර චිත්‍රපටයක් අරගෙන ගිහින් අපට උවමනා විදියට අවයවවලට හුලං වැදි වැදි බලන්න රට්ටුංට පුළුවංකම තියෙද්දි කෝලම් වගේ චිත්‍රපටි බලන්න පිස්සුවක් තියේ..

    ReplyDelete
  15. මම ඊළඟ පාරට මුලතිව් පැත්තට යනකොට මාරයාට කතා කරන්නම්.

    ReplyDelete
  16. ඈ.........වටේ අත දාලා කන ඇල්ලුවා වගේ.... :)

    ReplyDelete
  17. හික්ස්... සෙනසුරා මාරු වෙලෝ..



    ජය..

    ReplyDelete
  18. අපේ පැත්තේ ඇන්ටි කෙනෙක් කන්දක් උඩ තියෙන එයාගේ ගෙදර ඉඳන් ඒ කන්දෙන් පහලට වැටිලා මලා.හැමෝම කියන්නේ එයාට සෙනසුරු මාරුව බලපෑවා කියලා.කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ නෙහ්?

    ReplyDelete
  19. උඹ හැමදාම උදේම අර පෙති දෙක බීපන්....

    ReplyDelete
  20. වෙලාවට කිව්වේ නැත්තං අපි අර ‘කරුමෙ‘ බැලුව වගේ මේකත් බලයි.. :ඩී

    ReplyDelete
  21. වැඩේ කියන්නෙ මාරයා චිත්තරපටි බලන්න යන යන තැන ඉන්නෙ හරියටම 8 දෙනයි... පවු ඉතිං සුළුපටු ලාභයක්ද චිත්‍ර‍පටි ශාලා අයිතිකාරයා ලබන්නෙ... දවල්ට ලයිට් ඕෆ් කරන එකම තැන මෙතැන නිසා මම හිතුවෙ මීට වැඩියෙන් සැට් එක එනවා ඇති කියලා... හැබෑටම බොක්ස් වලින් අල හාරන සද්ද බද්දත් ආවද...

    ReplyDelete
    Replies
    1. බොක්ස් (ඔෆීස් වාර්ථා) බිදෙන සද්දෙ තමා එන්නෙ....

      Delete
  22. මම නම් දැන් එන සිංහල ඒවා බලන්න කම්මැලියි. මෙලෝ ගතියක් නෑ.

    ReplyDelete
  23. මාරයා අයියා ඉන්නකල් සිංහල චිත්‍රපටි බලන්න යන්න ඕනෙ නෑ වගේ....හික්ස්...

    ReplyDelete
  24. ගුණ යහපත් මාරයා හැමදාම චිත්තර පටියක් ආවම බලලා විස්තරේ කියපං අයියේ.එතකොට අපිට සල්ලි නාස්ති වෙන්නෑනේ.උඹට පිං.

    ReplyDelete
  25. පිං සිද්ධවෙන්න ඕනේ... ඕවා බලන්න බැරි අපිට ලයිව් කමෙන්ට්‍රියක් දෙන එකට... උඹට පොප් කෝන් ගෝනියක්වත් එවන්න ඕනෙ වෙලාවක...

    ReplyDelete
  26. ඕවරෝල් හරි මාරේ. වෙරි ගුඩ් එකයි තරුවයි දෙනවා.

    උඹ චිත්තරපටියක් බැලුවාම සිංහල බ්ලොග් ලෝකෙම ඒක බැලුවා වාගෙ තමයි. අපරාදෙ කියන්න බෑ. මුදලේ නියම වටිනාකම.:)

    ඔය කතාවම හොලිවුඩ් නලුවො සෙට් එකක් දාලා ගැහුවා නම් ඒක හිට් එකක් වෙන හැටියි, අපේ උන් හැදුවාම ෆ්ලොප් එකක් වෙන හැටියි හරි පුදුමයි නේද බං. පොඩ්ඩක් හිටපං පුදුමත් නෑ නේ එක අතකට?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  27. මාරයා මොකෝ මේ එක දිගට පිචෑර් හෝò අස්සෙම රිංගන්නේ ඒ පාර

    ReplyDelete
  28. අනේ ඉතින් හැම ඇමතිකෙනෙකුටම අ‍රැහෙම දුවක් හිටියානම් තාත්තේ මනුස්සයෙක් වෙන්න කියලා කියන්න..

    ReplyDelete