11 November 2012

අන්තරායයි... මිනිසාට මී ළගට නැතිවන දේ...

හැමදාම වල් පල් ලිව්වට අපිත් ඉඳ හිට වැඩක් ඇති දෙයක් ලියන්න එපෑ... ඒකයි මේ ලිපිය ලියන්න හිතුවේ... හැබැයි මේක ලියන්න හිතං හිටියේ දැන්නං නෙවෙයි හෙට අනිද්දා දිහාවට.. ඒත් මේ බුකියේ ගෑල්ලමෙක් කරදර කරනවා මේක ලියන්ට ලියන්ට කියලා.. ඒ හින්දා ඔන්න දැන්ම ලියා දාන්ට හිතුවා...

ඔහේලා දන්නවනේ මංතුමා මෙහෙම හිටියට හෙන චින්තකයා කියලා... ආයේ ඉතිං කල්පනා කරන්ට ගත්තම අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් කල්පනා කරලා ලොවෙත් නැති දේවල් හොයා ගන්ට මං හෙන සමතා මෙහෙම හැලපයා වගේ හිටියට... අම්මපා...

කරුමෙට වගේ මේ අපේ වගේ කොදෙව් මානසිකත්වයක් තියෙන රටවල් වල අපි වගේ උසස් චින්තකයින්ට තැනක් නැහැ.. ඇගයීමක් නැහැ..ගරු කිරීමක් නැහැ.. අඩුම ගානේ ආණ්ඩුවෙන් පිං පඩියක්වත් නැහැ... හරිනං මං මේ රට දාලා වෙන රටකට යන්නයි තිබුනේ... මෙහෙ ඉන්න උන්ට මං වගේ උගත් වියත් දාර්ශනික බුවෙක්ගේ අගයක් නොදැනුනාට පිටරටවල මං වගේ උන්ව ගෙන්න ගන්ට පොර කනවා...

ඒත් ඉතිං මං නොයා ඉන්නේ අර රටට තියෙන කැක්කුමට...ආන්න ඒකයි... එහෙවු එකේ හරිනං කට්ටියට වටිනවා මටත් ඔය සමෘද්ධි කාඩ් එකක්වත් හදලා දෙන්ට... ඒකත් සීයට 6 කින් විතර වැඩි කොරලාම දුන්නනං තමා හරි...

හා හා ඒ කතා තියමුකෝ පැත්තකින්... මුලින්ම කියන්ට ඕන මං මේක හොයා ගත්තේ කොයි වගේ අවස්ථාවකදීද කියලා... මොකද දැන් අර නිව්ටන් ගොයියා ඇපල් ගහක් යට හිටිය කතාවයි.. අර ආකිමිඩීස් කාරයා වතුර ටැංකියේ ගිලුන කතාවයි වගේ ඕනම තියරියක් එක්ක බැඳුන කතාවක් තියෙනවනේ.. දැන් මං මේ මගේ අති විසිස්ට සොයා ගැනීම ඉදිරිපත් කලාම දවසක ඕක හෙනට මෙව්වා වෙලා යනවා.. එතකොට ඕක නිකංම කියනවට වඩා... ඒක මාරයාතුමා හොයා ගත්තේ මෙන්නන මෙහෙම ඉන්න වෙලාවක කියලා කියවෙනකොට හරි මෙව්වයිනේ නේද..?

ඉතිං ඇත්ත වශයෙන්ම කිව්වොත් මං මේක කල්පනා කොලේ අද උදේ කොමඩ් එකේ වාඩි වෙලා ඉන්න වෙලාවේ තමා... කොහොමත් ඔය වැසිකිලි යාම කියන්නේ නිදහස් අදහස් පහළ වෙන... අති විශිෂ්ඨ ලෙසින් බුද්ධියා අවිදිවෙන වැඩක්නේ... ඉතිං මගේ මේ අති උත්කෘෂ්ඨ සිහි කල්පනාව මේ වෙලාවේ හොඳින් වැඩ කරමින් තිබුනා.. අන්න ඒ වෙලාවේ ඇති උන යම් කිසි දැනීමක් නිසා තමයි මගේ මේ සොයා ගැනීම කරන්න පුළුවන් උනේ...

හරි අපි ප්‍රධාන කතාවට බහිමු...

රයිටෝ... දැන් මේ ළමයි දන්නවා මේ මානව පරිනාමය කියන දේ.. ඕක ඉතිං මං ආයේ මුල ඉදන් අගට කියා දෙන්ට ඕන නැහැනේ..මං ඕක කියා නොදෙන්නේ මං නොදන්නවට එහෙම නෙවෙයි ඔයාලා ඔක්කෝම මේ වෙනකොට ඒක දන්නවා ඇති කියන අදහස උඩ... හරිය...

ඉතිං මේ මානව පරිනාමයේදී සිද්ධ උන දෙයක් තමා ඒ ඒ කාල වලදී සත්වයාට උවමනා වූ අවයව කාලයත් එක්ක ප්‍රයෝජනයට නොගන්න කොට ඒ අවයව ක්‍රමයෙන් සත්වයාගෙන් අහක් වීම...

උදා හරණ විදියට අර මුහුදේ හිටිය කාලේ සත්තුන්ට කරමල් තිබුනා.. වරල් තිබුනා.. ඒත් සත්වයා ගොඩ බිමට ඇවිත් කාලයක් යද්දී ක්‍රමයෙන් වරල් අහක් උනා... ඒ මොකද අපි කලින් වගේ පිහිනීමක් නොකරන හින්දා.. එතකොට වතුරේදී හුස්ම ගැනීමන් නොවන හින්දා කරමලුත් යන්ට ගියා...

එයින් පස්සේ ඔන්න ගස් උඩ හිටිය කාලේ ආව වලිග කොටේ ගහෙන් බැහැලා කාලයක් යද්දී නැතිව ගියා... එතකොට මස් කකා ඇවිද්ද කාලේ නැවතිලා හිටවං කන්න ගත්තම අර බල්ලන්ට වෘකයින්ට තිබුන අපිටත් තිබුන දඩයං දත් හැලිලා ගියා... යන්තං ලේ ටිකක් බොන්න බෙල්ලක් හිල් කරගන්න උවමනා හින්දා ඩ්‍රැකියුලාට විතරක් ඒ දත් ටික බේරගන්න පුළුවන් උනා...

දැන් ඔයාලට මේ කාරණාව හොඳට පැහැදිලි  ඇති... එතකොට මං අද උදේ හොයා ගත්තා අපිට ඊ ළගට නැති වෙන්නේ මොකක්ද කියලා... හා හොඳයි කවුද දන්නේ ඒක... මං දන්නවා ඕක කවුරුවත් දන්නේ නැහැ කියලා.. මොකද මං වගේ උගතෙක්..මං වගේ සමතෙක්.. මං වගේ ජගතෙක් ආයේ මේ තුන් ලෝකේම දැනට නැහැ නෙව... කෝ මගේ මේ කමිසේ තිබුන කොලර් එක.. ආ හරි තියෙනවා ඒක උස්ස ගත්තා...

ඉතිං දැන් ඔහේලා දන්නවද ඒ අපිට නැති වෙන්න යන අපේ සරීරයේ වැදගත් අංගය මොකක්ද කියලා...

ඔව් ආයේ නිකං ඇද ඇද ඉන්නේ නැතිව කිව්වොත් ඒ තමා පෂ්ෂ පැත්ත...

මොනවා..පෂ්ෂ පැත්ත.. ඔව් ඔව් මට පේනවා කට්ටිය කලබල වෙලා හිටු කියලා හිටිය තැන්වලින් නැගිටලා තම තමුන්ගේ පෂ්ෂ පැත්තවල් තියෙනවද කියලා අත පත ගාලා බලනවා.. හෝව් හෝව්.. එහෙම කොරන්න ඕන නැහැ..තාම නැති උනේ නැහැ... තාම තියෙනවා..මං කිව්වේ ළගදීම අපි හැමෝටම පෂ්ෂ පැත්ත නැති වීමේ අවධානමක් තියෙනවා කියලා විතරයි.

ඇයි ඒක එහෙම වෙන්නේ..?

ඒක එහෙම වෙන්නේ මෙන්න මේ හින්දයි... හරි අපි දැන් අර පරණ තියරියම දාමු මේකට... මිනිස්සුන්ට දෙයක් නැති වෙන්නේ ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය නැති උනාමයි... හරි දැන් මේ පෂ්ෂ පැත්තෙන් මිනිහාට ඇති ප්‍රයෝජනය මොකක්ද...?

ඔව් ඒ තමා අපි වාඩි වෙද්දී ඕක තමා ස්වාභාවික කුෂන් එකක් හැටියට වැඩ කරන්නේ... මනුස්සයා ගිහින් කොහේ හරි පස්ස ඇන ගත්තාම ඇගේ තියෙන කටු ටික පොලවේ ඇනුනනං ආයේ ඕන නැහැ අම්බානකට රිදෙනවා.. ඒත් ඔය පිටිපස්සේ තියෙන කුෂන් පලු දෙකෙන් තමා ඒ වේදනාව අපිට එන්නේ නැති වෙන්න වලක්වන්නේ...

ඒත් දැන් ඔහේලාම දන්නවා කාලෙක ඉදන් අපි බිම වාඩි වෙන එක අල්ලලා දාලා තියෙන්නේ... ඉස්සරනං ගහට කොලට හැදුන අපි කමතේ.. පිලේ බඩ වැටියේ..ගල් තලාවේ ඔය කොතැනත් වාඩි උනා... ඒත් දැන් අපි පස්ස තියන්නේ සැප පහසු කුෂන් කරපු පුටු උඩමනේ.. අඩුම ගානේ ඉස්සරනං ඔය බේත් ටිකක් ගේන්න ගියාම ඩිස්පැන්සරියේ ඉස්සරහා හරි ලී බංකු කෑල්ලක් තිබුනා... ඒත් දැන් ඒවටත් අර ලොබි පුටුද මොනවද ඇවිත්... කොහේ ගියත් දැන් පස්ස සනීපෙට හිටින කුෂන්... ඇත්තටම තාම එහෙම පහසුකමක් නැත්තේ කොමඩ් එකට විතරයි...

ආන්න දැන් තේරුනා නේද මට මේක කල්පනාවට ආවේ කොහොමද කියලා... අන්න පොයින්ට් එක ඈ... මං මාරයි නේහ්..?

ඉතිං කොමඩ් එකටත් සැපක් දෙන එක වැඩි ඈතක නැහැ..හෙට අනිද්දට ඒකටත් කුෂන් කරපු කොමඩ් ෂිට් එයි... එතකොට... එතකොට ඉතිං මේ පෂ්ෂ කුමකටද..? අනිවාර්යයෙන්ම ටික කාලයක් ඇතුලත අපිට පෂ්ෂ නැතිව යනවා...

හරි ඉතිං ඕක නැති උනයි කියලා ඔය හැටි බය වෙන්න ඕනයෑ..මේක බලං ඉන්න කඩප්පුලියෙක් එහෙම කියන්ට බැරි නැහැ.. ඇයි යකෝ හිතලා බලහල්ලාකෝ පස්ස නැතිව කට්ටිය පාරට බැහැපුවාම කොහොමද පෙනුම කියලා... ලැක පූල්ල උනාම වස කැතයි නේද.. දැන් උනත් ඔය සමහර කෙස්ටු ඩයල් පාරේ යද්දී පෂ්ෂ ලෑල්ල වගේ උනාම තියෙන අජූව ගතිය මං අමුතුවෙන් කවි ලියලා කියා දෙන්ට ඕනද.. නැහැනේ..?

ගෑණු තමුන්ගේ දරුවන්ට කිරි දෙන එක නැවැත්තුව දවසට මුළු ලෝකෙම ගිංතොට වෙනවා වගේ... හෙට අනිද්දට මුළු ලෝකේම පෂ්ෂ නැතිව වක පුන පුන යද්දී කෝමද ගතිය...

හරි දැන් ඔහෙලට තේරෙනවා මේකේ තියෙන අවධානම කොහොමද කියලා... හරි ඒත් ඔහේලා කලබල වෙන්ට ඕන නැහැ... මොකද පෂ්ෂ නැතිව අෂරණ වෙන්ට නියමිත සමස්ථ ලෝක වාසී ජනයා වෙනුවෙන්ම උපන් මහා කරුනාවෙන් මංතුමා ඒකටත් පිළියමක් කල්පනා කලා... ඒ කියන්නේ මූලික අවශ්‍යතාවය නැතිව ගිය පසුවත් පෂ්ෂ ආරස්සා කොර ගන්නේ කෙසේද යන වග...

ඒක මෙහෙයි කෙරෙන්නේ... දැන් ඔය වාඩි වෙනකොට කුෂන් එකක් හැටියට පාවිච්චි වෙන්න තියෙන පෂ්ෂ පැත්තට අපේ උන් නිකං ඉන්න දෙනවද.. නැහැනේ බස් එහෙක ගෑණියෙකුට යන්න නැහැ ගිහින් දානවා හේත්තුව... ආන්න පින්වතුනි දැන් කොහොටද දාන්නේ මේ හේත්තුව... අර මං කිව්ව අපිට අහිමි වෙන්න යන පෂ්ෂට... ඒ හේත්තුව දාලා නිකං ඉන්නවද අපේ අය.. නැහැනේ... අවස්ථාව ලැබුන ගමන් ඕක මඩින්ට තියා ගන්නවනේ... මඩිනවා කියන්නේ හෙළු වදනක්.. ඕකෙන් අර්ථ කිහිපයක් දැක්වෙනවා..පීඩාවට පත් කරනවා... මිරිකනවා වගේ අරුත් දෙනවා හරිය...

ඉතිං අර වාඩි වෙන්ට තියෙන කුෂන් එකට මුං ගිහින් වෙන වෙන විකාර කරනවා... හැබැයි මෙච්චර කාලයක් එහෙම කිරීම අශිෂ්ඨ.. අවිචාරවත්.. අනිසි ක්‍රියාවක් හැටියටයි දැක්උනේ... ඒත් මගේ මේ සොයා ගැනීමත් සමගින් ඒ ක්‍රියාව සදාචාර සම්පන්න.. අර්ථවත්... පලක් ඇති යහපත් ක්‍රියාවක් වෙනවා... කොහොමද වැඩේ..?

අන්න ඒ හින්දා කාට හරි තව දුරටත් මේ අපෙන් නැති වෙලා යන්ට නියමිත පෂ්ෂ ආරස්සා කොරගන්න ඕනනං කරන්න තියෙන්නේ ඒ වගේ ක්‍රියාවලට ඉඩ දීලා තව තවත් ඒ දේවල්වලට අනුබලය හා අවසරය දීමයි.. එතකොට ඕය පෂ්ෂ නැතිව යාමට තියෙන අවධානම නැතිව ගිහින් අපි කාටත් පෂ්ෂ බේරගෙන අනාගතයට මූණ දුන්නැකි... එහෙම නොවුනොත් මතක තියාගන්න තව කාලෙකින් අපිට දකින් වෙන්නේ පෂ්ෂ නැති මෙලෝ රහක් නැති මිනිස්සු කොට්ඨාශයක්...  හිතලා බලන්නකෝ ගිංතොට ගෑල්ලමෙක් උනොත් එතනත් ලොකු අඩුවක් තියෙන එකේ මෙහෙම උනොත් කොහොම තියෙයිද කියලා...

ආන්න ඒ හින්දා අද ඉදන් මුළු ලෝක වාසී ජනතාව හැටියට අපි හැමෝම එකතු වෙලා තමතමුන්ගේ විතරක් නෙවෙයි කාගේ කාගෙත් පෂ්ෂ මිරිකන එක චාරිත්‍රයක් හැටියට පුරුදු පුහුණු කරන්න ඕන... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි.. දැන් ඔය දෙන්නෙක් හම්බ උනාම සුභ පතලා අතට අත දෙන්නේ.. අන්න ඒ වගේ දෙන්නෙක් හම්බ උනාම කරන්න තියෙන්නේ ආ කොහොමද කියලා අහලා පෂ්ෂ පැත්තට පොඩි තට්ටුවක් දාන එක.. එහෙම නැතිව හුගාක් සමීප කෙනෙක්නං අර අත තදින් අල්ල ගන්නවා වගේ පෂ්ෂ පැත්තටත් ඒ වගේම සලකන්න පුළුවන්.. බලන්න කොයි තරං අපූරු ලෝකයක් බිහිවෙයිද..?

ඉතිං මං ඔය කිව්වේ එකම එක උදාහරණයක් විතරයි.. මේක කියවන ඔහෙලට පුළුවන් ඒ වගේ තව තව යෝජනා කල්පනා කරලා කියන්ට... කොහොම හරි අවසානෙට වෙන්ට ඕන කාගේ කාගෙත් පෂ්ෂ ආරස්සා වීම තමා... ඒ හින්දා මේක කියවන ඔබ තමුන්නාන්සේලා අදින් පස්සේ හැකි හැම අවස්ථාවේදීම ලෝකයේ පෂ්ෂවල් සුරැකීමේ ක්‍රියාවට අත හිත දීලා කටයුතු කරන්ට ඕන.. ඒ විතරක් නෙවෙයි මේ මාර පඩිතුමා වෙච්ච මගේ මේ පණිවිඩේ හැකිතාක් ලෝකය පුරා ප්‍රචාරය කෙරලා අරින්නත් ඕන... ඒක ලොකු සමාජ සත්කාරයක්..තේරුනානේ...

එහෙමනං ඕං මං ගියා... 

හොඳට මිරිකමු-පෂ්ෂ රැක ගමු...

ඔහෙලට මොකද මගේ මේ උසස් චින්තනේ ගැන හිතෙන්නේ... හරිනං මට මෙයිට වඩා ෂලකන්න ඕන නේද..?

52 comments:

  1. Replies
    1. බයිසිකලේ පොල්ලෙ ඉඳගෙන යන එකෙන් ඔය උඩ කියලා තියෙන විදියට වඩා සාධාරණයක් පස්සට ඉටු වෙනවා. කුශන් පුටු වෙනුවට ලෑලි/ප්ලාස්ටික්/යකඩ පුටු වෙළඳපොලට.

      Delete
  2. මාර අදහස්නේ මාරයාට පහල වෙන්නේ. :DDDD

    ReplyDelete
  3. මුල හරිය කියවද්දී මම බැලුවේ පස්සෙන් ගන්න වැඩ මාරයියට අමතක වෙලාද කියලා. අන්තිමට යද්දී ලියලා තියෙන්නේ මේ ශෝක් එකට!
    //හරිනං මං මේ රට දාලා වෙන රටකට යන්නයි තිබුනේ... මෙහෙ ඉන්න උන්ට මං වගේ උගත් වියත් දාර්ශනික බුවෙක්ගේ අගයක් නොදැනුනාට පිටරටවල මං වගේ උන්ව ගෙන්න ගන්ට පොර කනවා...
    ඒත් ඉතිං මං නොයා ඉන්නේ අර රටට තියෙන කැක්කුමට...//

    මේ වගේ කතාවක් අපේ රටේ ඉන්න අනාගතේ දකින්න පුළුවන් කෙනෙකුත් ටී.වී. එකේ කියනවා ඇහුන!

    ReplyDelete
  4. ඔය ක්‍රමේ ගෑණුන්ට හරි කියමු. එතකොට මේ අපිට...හැක්....කොළුමාමලට නත්තල් වගේ තියෙයි මේ ක්‍රමේ නීතිගත කලොත්.

    ReplyDelete
  5. පෂ්ටයි ඈ.මාරයාට කොලු අදහස් පහල වෙලා වගේ.....

    ReplyDelete
  6. ඉඳගන්න පාවිච්චි නොකලට දෙන්න පාවිච්චි කරන නිසා මේ ආණ්ඩුව තියනකං සමහරුන්ට නං අවුලක් නැති වෙයි....:D :D

    ReplyDelete
    Replies
    1. සමා වෙන්ඩ ඕනෙ ලකී අයියෙ, මම මේ අඩුපාඩුවක් හදන්ඩයි යන්නෙ,

      ඕක ආණ්ඩුවෙ කට්ටියගෙ විතරක් නෙමේ,
      ඇයි...
      රනිල්ට දෙන කට්ටියගෙ...
      සජිත්ට දෙන කට්ටියගෙ...
      සමස්තයක් ලෙස එ.ජා.පයට දෙන කට්ටියගෙ...
      ජවිපෙට දික්කරගෙන දෙන කට්ටියගෙ...
      ඊනියා මානව හිමිකම් නමින් ඩොලර් දිහා බලාගෙන සුද්දන්ට දෙන කට්ටියගෙ...
      කොමන්ට් එකක් Type කරන්ඩ කම්මැලි කමට බොරුවට '"++++++ "දෙන කට්ටියගෙ...

      Delete
    2. ඔය අන්තිම එකට මාත් ඇතුලත් හොඳේ... :)

      එතකොට බලද්දි මුළු ලංකාවෙම මිනිස්සුන්ට බය වෙන්ඩ දෙයක් නෑ....

      කොහොමද මගෙ තියරිය....? :)

      Delete
    3. නෑ..නෑ... කිසිම ප්‍රශ්ණයක් නෑ.. මට ඉතින් ඔය හැමෝම ගැන කියන්න වෙලාවක් නැහැ... ඒ නිසා එක කට්ටියක් ගැන විතරක් කිව්වා... ඉතුරු ටික ඔයා කියල තියනවනෙ... දැන් කොමෙන්ට් එක සම්පූර්ණයි...

      ආ..... තව කාට හරි ඕන නං තව කට්ටිය එකතු කරන්න පුලුවන්...:)

      Delete
  7. උඹට අර ඔ‍ටු දේශෙට ගියානං ඔයිට වැඩිය සාරඝර්භ අදහස් පහළ වෙන්න තිබ්බ.

    ඔයිට වැඩිය ලේසියිනෙ ගෙවල්වල තියෙන පුටු ටික එලියට විසිකල්ල කට්ටියට බිම ඉඳගන්න පුරුදු කළානං.

    ReplyDelete
  8. මාර අදහසක් නේ. ඔන්න ක්‍රියත්මක කරනවනම්, අදහස්. මේ රටේ උගත්තු කියාගන්න එකෙකුට පහල වුණාද ඔයවගේ රත්තරන් අදහසක් . 'පෂ්ෂ මිරිකීමේ පණතක්'' ගෙනැල්ලා මෙක නීතිගත් කළානම් හරි.
    පොඩ්ඩක් හිතල බලමු, එකිනෙකා බොහොම සතුටෙන් පෂ්ෂ මිරිකගන්න සමාජයක් ගැන,. හම්මේ මොන සැපක්ද....

    ReplyDelete
  9. මාර අදහසක් නේ. ඔන්න ක්‍රියත්මක කරනවනම්, අදහස්. මේ රටේ උගත්තු කියාගන්න එකෙකුට පහල වුණාද ඔයවගේ රත්තරන් අදහසක් . 'පෂ්ෂ මිරිකීමේ පණතක්'' ගෙනැල්ලා මෙක නීතිගත් කළානම් හරි.
    පොඩ්ඩක් හිතල බලමු, එකිනෙකා බොහොම සතුටෙන් පෂ්ෂ මිරිකගන්න සමාජයක් ගැන,. හම්මේ මොන සැපක්ද....

    ReplyDelete
  10. මාරයගේ පෂ්ෂ ගැනනම් බයවෙන්න දෙයක් නෑ. ඒව රැකගන්න මහින්ද මාමල ඉන්නවනේ.

    ReplyDelete
  11. හිනා වෙලා හිනා වෙලා හුස්මත් නෑ වගේ. අනේ ඇත්තට, මේ වගේ වටින අදහස් තියෙන මනුස්සයෙක්නෙ මේ බෝඩින් හොය හොය පාරෙ රස්තියාදු වෙන්නෙ

    ReplyDelete
  12. පස්ස බොහොම සම්භාව්‍ය වචනයක්... එතකොට පුක රස්තියාදුකාර වචනයක්... එහෙව් පුකට මොන කුෂන්ද...එවා දැම්මොත් පුක නෑ කියයි...

    ReplyDelete
  13. මේ උත්කෘෂ්ට සොයා ගැනීමේ රටට හුදු ආඩම්බරයක් පමණක් නොව විදේශ විනිමය ගලා එන උල්පතක්ද වනු ඇත.ඒ පස්ස වර්ධනය වෙනුවෙන් බරට වියදම් කරන්නා වූ සුදු නෝනලාටද, සුදු මහත්වරුන්ටද සහනයක් ගෙන දෙමින් ඔවුන්ගේ පස්ස මැඩීමට පුහුණු වෘත්තිකයින් ඒ රට වලට යැවීමෙනි.

    ReplyDelete
  14. මාරයියේ ඔය ක්‍රමය හරිම කාලෝචිතයි කියල මම හිතනවා. මූනට කෙල ගහල පිළිගන්න ක්‍රමයකුත් මම අහල තියෙනවා එහෙම බැලුවම එකට වඩා මේක හොඳයි. එන්නකෝ එලාවක වලව්ව පැත්තේ රවුමක් දාන්න. http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා මාරයියේ....... මෙන්න පස්සේ ගන්න වැඩ ගැන පොස්ටුවක්.
      http://chithula.blogspot.com/2012/11/18.html

      Delete
  15. කවියෝ චින්තකයෝ නව නිර්මාණකරුවෝ බිහිවෙන බාත් රුම් එකට අපි මිට වඩා තැනක් දෙන්න ඕන .
    හොඳ වෙලාවට මෙයා යුරේකා කියාගෙන දිව්වේ නැහැ

    ReplyDelete
  16. හොඳට මිරිකමු - පෂ්ෂ රැක ගමු... ලොවෙත් නෑ... :)

    (ඇත්ත කියපන් අයියෙ කාගෙ හරි පස්සක් මිරිකන්න හිතුන නේද?... )

    ReplyDelete
  17. අඩො මාරයියේ මාර නියමය බන්

    මම මුලින් හිතුවේ, උඹ බැදලත් නැති එකේ කොමඩ් එකේ වාඩිවෙලා ඉන්න කොට දැක්කේ වෙන උපාන්ගයක් නෂ්ට වෙනවා කියලා, බැරිවෙලාවත් ඒක එහෙම අභාවයට යන්න දෙන්න එපා,

    හරි ගෑණුන්ගේ පස්ස බේරා ගත්තා කියමුකෝ, එතකොට පිරිමින්ට මක්කද අප්පා වෙනවා? පිරිමි ඉස්සරහින් ගන්න රාජකාරි වැඩිවෙලා, පස්සෙන් ගත්ත රාජකාරි අඩුවුනොත් , හිතහන්කෝ වෙන විපර්යාසේ

    ReplyDelete
  18. මං යොජනා කරනවා ජැක්සන් තියරිය නීති ගත කරන්න ඕන කියලා. එතකොට පෂ්ශට ජැත් වත් වදිවිනේ.

    ReplyDelete
  19. ඕන පුකක් පන0 දෙකයි....

    ReplyDelete
  20. තව ටික දවසක් යනකොට එකත් බිස්නස් එකක් වෙයි. මිරිකනවට බදුත් ය කරයි. එතකොට හිතෙයි මේක නොතිබුනා නම් කොච්චර හොඳයිද කියල. :P

    ReplyDelete
  21. මම පටන් ගන්නවා පශ්ෂ මිරිකීමේ සම්බාවනා මධ්‍යස්ථානයක්. D

    ReplyDelete
  22. විද්‍යාත්මක කතාන්දරයක්!!

    ReplyDelete
  23. ඔය ඉතින් මාරයට තව පන්සලේ කතා සෙට් එකක් මතක් වෙලා තියෙන්නෙ. මාරයා හෙට අනිද්දා දිහාවට ඒ ටිකත් ලියල දායි......!

    ReplyDelete
  24. හොඳට මිරිකමු-පෂ්ෂ රැක ගමු...
    ජය වේවා.. අපි ෆුල් සපෝට් ඔය වගේ වැඩ වලට..

    අපේ පැත්තටත් ගොඩ වෙමු.http://bandarammsl.blogspot.com/2012/11/blog-post_8.html

    ReplyDelete
  25. මාර තියරිය නම් නියමයිනෙ. අම්මාපල්ල මේකට කක්කුස්සියේ නින්ද ගියාද මන්ද හීනයක්ද කොහෙද පෙනිලා. වැඩේ නම් අගෙයි. එහෙම "මාර නියමය" ක්‍රියාත්මක වෙනව නම් මමත් කාර් එක පැත්තක දාල යනවා බස් එකේම හැමදාම.

    ReplyDelete
  26. ඔය උණ්ඩුක පුච්ඡය ගැන දැනගත්ත දවසෙ මමත් ඔය විදියට කල්පනාකරලා ඔය කිරි දෙන අවයවය ගැන බය වුනා, ඒක කොයි තරම් වේගෙන් අවශිෂ්ඨ වෙයිද කියලා අදහසක් තිබ්බෙ නැති හන්දා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  27. පුරාණෙය් සිටම ගල් උඩ වාඩි වූ ස්ත්‍රින්ගේ ගල් වලට සරිලන ෙලස විසල් පස්සක් ලැබී අැති බවත් ෙමකල ෙකාල්ෙලා් ඒ් කාලයක් ගල්තලා මත සිට මැනවින් සකස් කරගන්න ලද පස්සට ෙබාෙහා් ෙලා්ලෙෙයන් ඒවන් කාන්තාවන් හඹා යන බැව්ද මා දැක අැත...
    ෙබාෙහා් කුල කාන්තාෙවා් පක්ෂක් අැතැයි ෙපන්වන්නට වැර වෑයම් කරන්ෙන්ද තමුං ෙගාඩක් සැලකිලි ලබන්ට ඒයමැ ෙහ්තු වාසනා ෙව්යැයි සිතලාය///
    කන්ෙතා්රු යන ෙකල්ෙලා් පස්ස ෙලාකු වන සේ විසාල බූල් ජංගි ෙකාට අැදීෙමන්ද ඒ් පස්ස තවත් ඉල්ෙපන ෙස් අඩි උස සපත්තු දැමීෙමන්ද සිය අබිමානවත ්ලෑටි පස්ස අැලවු ෙවසක් කූඩුවක් ෙස් උලුප්පා ෙපන්වා...සිය ෙබාස් තුමන්ලාගේ අැස් ඒ වටිනා අවයවය ෙවත ෙයාමුකරවා ගනිති...
    අෙහා් දුටුවනින් මන්මත් ෙවන ෙමවන් පක්ෂ ලැබුෙනා්තින් ෙකෙලස බෑ කියම්ෙදා්ෙහා්යි සිතමින් ඒ් පක්ෂවල් වලටම විෙසස් තැන් ලැෙබති...





    ‍‍‍‍

    ReplyDelete
  28. මම යෝජනා කරනවා මේක ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවේ මොකක් හරි සංශෝදනයක් විදිහට(18+ එක වගේ) ගේමු කියලා! එළනේ එතකොට!

    ReplyDelete
  29. ඇයි පුක නොකියන්නේ? පෂ්ෂ කියන්නේ කොහෙන් ආපු වචනයක්ද?

    ReplyDelete
    Replies
    1. ව්‍යාප්තවාදය.... දැන්මම වචන ටික ටික පුරුදු කරනවා

      Delete
  30. යුනිවසිටි කාලේ අපහු කියමනක් තමයි

    ගම ගාල්ල පුක ලෑල්ල

    ඒ කියන්නේ ඒ අහ ඈයෝ දැනටම පරිනාමනය වෙලාද?

    ReplyDelete
  31. පෂ්ෂට ඉතාම ආදරය කරන වැසියෙක් විදිහට, මම ඔබතුමාගේ යෝජනාව ඉතා අගේ කරනවා.... මිරිකීම, තට්ටුදැමීම වගේම පෂ්ෂ වැනීම, දීම වගේ දේවලුත් නීතිගත කොරන්ට ඕනේ....

    අපේ කොදෙව්වේ කොහොම උනත් අර බටහිර ඉන්දීය කොදෙව්වේ ගැහැණු පරාණයන්ගේ පෂ්ෂ දඩාර සයිස් නිසා මම යෝජනා කරනවා මාරයාතුමාව අධ්‍යයනයකට ඒ කොදෙව්වට යවන්න...

    ReplyDelete
  32. මේවගේ පස්සපාති බුවෙක් ලංකාවේ ඉන්න එකම පස්ට සැපක්ද? මිරිකන්න එකෙක් හොයාගනිය.. ඇයි අප්පා රැකගන්නට එපාය??

    ReplyDelete
  33. අනේ මාරයා මොනවද මේ ලියන විකාර අපි දෙයක් ලියන්න ඔනේ හැමෝටම වැදගත් යමක් විශේෂයෙන්න සිංහලයන්ට වැදගත් යමක් විකක් මේගැනත් හිතනවාන්ම් ස්තුතියි

    ReplyDelete
  34. එකෙන්ම පුක නැහැ ඔයි ...:D

    ReplyDelete
  35. ඕකට නේද අර දවසක් හෙණ ගැහුවේ ?
    :)

    ReplyDelete
  36. කුෂන් කරපු කොමඩ් තියෙනවා කියලා මම අහලා තියෙනවා

    ReplyDelete
  37. අයියෝ රත්තරන් පුකවල්.පහුකාලිනවා අරින්න වහන්න ගහන්න අතගාන්න බැරුව යයි නේද?

    මාරයා තුමා තමා මාරයා තුමා

    ReplyDelete
  38. වැසිකිලියේ සිටින කාලය කුශන් ඇඳ මත නිදන කාලයෙන් තුන්සියයෙන් එකේ සිට සියයෙන් එක අතරය. ප්‍රශ්නය ඔබ සිතනවාටත් වඩා බරපතලය.



    "අය්යෙ, මට ජෝතිගෙ, ආදර මල් පවනේ කොත්තුවක් දාන්න"

    "මල්ලි, දාන්න බලන්න අමරදේව මහත්තයගෙ, මින්ද්ද හී සර කොත්තුවක්.."

    http://dayal-bathee.blogspot.com.au/

    ReplyDelete
  39. කියවගෙන යද්දි නේ අර්ථවත් බව දැනුනේ
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete