14 November 2012

කෝ මුං..?

පට්ට කම්මැලියි... උදේ ඉඳන් කරන්න හිතං හිටිය එක වැඩක්වත් හරියකට කෙරුනේ නැහැ... අපි මොනවා හරි ප්ලෑන් කරද්දි ඒකට වෙන කිසිම පුද්ගලයෙකුගේ ගෑවීමක් නැත්තං අපිට අපේ දේවල් ප්ලෑන් කරගන්න හෙනට ලේසියි.. ඒත් තව එකෙක් හරි ගෑවුන තැන ඒ හැම එකක්ම සංකීර්ණ වෙනවා... 

උදේ ගමනක් යන්න හිටියා... ඒ අස්සේ කාලෙකින් එක ගෝතයෙක් කතා කරලා හම්බ වෙන්න ඕන කිව්වා හදිසියක් කියලා... ආ හරි කීයටද එන්නේ..? හවස 3 වෙද්දී එන්නං කිව්ව එකා නවයට විතර කියනවා මං මචං 10ට එනවා කියලා... උගේ මෑණියන්ට කියලා කියන්නත් හදලා එනවනං හරියටම 10ට වර මට වැඩක් තියෙනවා කියලා පැහැදිලිව කිව්වත් උගේ 10ය උනේ 11ට... ගමන හිතෙන් අතෑරියා... ඒකත් ඉවසියෑකි ගමන යන්න හිටිය හින්දා උයලා තිබුනෙත් නැහැ... අර ගෝතයාගේ වැඩේ මේ විනාඩි 10ක වැඩක්... ඌට ඒක ෆෝන් එකෙන්ම කරගන්න තිබුන එකක්.. ඒත් හරි ලොකු රෙද්දක් වගේ ඇවිත් කතා කරන්නම ඕන උනා... තද වෙනවා පින්වතුනි...

අන්තිමට දවල්ට කන්නත් නැහැ... යන්තං නූඩ්ල්ස් ටිකක් රත් කරං බඩට දාගද්දී හවස තුනහමාරයි... මේක මෙහෙම වෙන්න තිබුන දවසක් නෙවෙයි... අරූගේ මෑණියන්ට හොඳවෑයින් හාල් සේරු දෙකක් තුනක් ගරලා දෙන්ට ඕන...

එයින් පස්සේ ගමන් බිමන් හිතෙන් අතෑරලා දාලා එල්ලුනා නෙට් එකේ... නොදකින් ඇහුවොත්නං සිංහල බ්ලොග් අවකාසේ පඳුරකට පයින් ගැහුවොත් විස්සක් තිහක් විසි වෙන ගානට බ්ලොග් කාරයෝ.. ඒත් කම්මැලිකමට කියවන්න පෝස්ට් දහයක් නැහැ...

මේ ගිය සෙනසුරාදා.. ඔව් ඒ කියන්නේ 10 වෙනිදා... මට එදා දිනේ හරියටම මතක තිබුනේ නැහැ... මං එදා උදේ බ්ලොග් බලන්න කියලා බලද්දී මොන කෙහුරක්වත් නැහැ... පට්ට පාළුයි.. ඉතිං මං හිතාගත්තා එදා ඉරිදා තමා කියලා... මොකද ඉරිදටනේ සිංහල බ්ලොග් අවකාශය පාළු සොහොන් පිට්ටනියක් වෙන්නේ... ඇයි ඉතිං අපේ බ්ලොග් ලියන කියවන උදවිය වැඩි හරියක් ආණ්ඩුවේ හෝ ආයතනයේ වියදමෙන් නෙට් එන ඈයෝ නෙව... (හා දැන් මාව මරං කාහල්ලා... :D ) ඉතිං ඉරිදාට ඒ ඒ ආයතන නිවාඩු කියන්නේ වැඩි පිරිසකට නොමිලේ අන්තර්ජාලය නැති හින්දා ඉරිදට මෙකේ ඉතිරි වෙන්නේ අපි වගේ මැන්ටල් කිහිපයක් විතරයි...

ඒත් ටික වෙලාවකින් කාත් එක්ක හරි කතා කර කර ඉන්න ගමන් මගේ අතින් අද ඉරිදා කියවුනහම තමා ඕං ඒ කවුරු හරි ඇහුවේ උයාට සෙනසුරාදාම ඉරිදා උනාද කියලා... කාලා තියෙන්නේ හොඳම එකෙන්.. ඇත්තනේ... ඇයි එහෙම උනේ... දැන් ඉරිදා ‍විතරක් නෙවෙයි සෙනසුරාදත් ආයතනවල නිවාඩුද මංදා... සංසාරේ...

හරි ඉරිදා සෙනසුරාදා අතාරිමුකෝ... දැන් මේ සතියේ දවස් වෙලත් මොකද බ්ලොග් අවකාසේට වෙලා තියෙන්නේ..?

පරණ බ්ලොග් ලියපු උන්දලා දැන් ඒවා ලියන්නේ මාසේ පෝයට පසලොස්වකට වගේ වැදගත් දවස් අල්ලලා විතරයිද කොහේද.. ලියන සමහර එව්වත් අනේ මංදා...

ඕං බලමු අපේ කස්ටිය...

සඳරු... ඌට අලියා ගහලා... 

කතන්දර... පොටෝ කෑලි පත්තර කෑලි දදා ඉන්නවා. මං හිතන්නේ කතන්දර අහවර වෙලා... හැබැයි ඇහුවොත් වෙන්න කතන්දර අච්චරයි මෙච්චරයි...

දුකා... ඌට මේ සමාජේ සිද්ධ වෙන අසාධාරනේ දරා ගන්න බැරිව ගිහින්... ආතතිය...

දුමී... ඒකා දැන් ඔය මහින්ද අයියලා වගේ පොරවල් එක්ක සාජ්ජ දානවා ඇර ලියන්න හිතන්නේ නැහැ.. ඌට දැන් බ්ලොග් පොඩි වැඩියි...

බුද්ධියා... අන්න ඒක වහනවළු.. ගෙදර පිඟන් කෝප්ප..හැලි වළං හෝදන්න ගියාම ආයේ ලියන්න වෙලාවක් නැහැළු.. මං රීඩරෙනුත් අහක් කරලා දැම්මා..උගේ කැමැත්තනේ...

මාතලං... ඇති යාන්තං ඌ වගේ එකෙක් දෙන්නෙක් හින්දා තමා එදා වේල පිරිමහ ගන්නේ...

බුවා... පස්ට පරණ චිත්තර පටිවලට විචාර ලියනවා... මං හිතන්නේ හෙට අනිද්දට සැඩ සුළං.. හතර දෙනාම සූරයෝ වගේ ඒවටත් ලියයි...

ලියන්නා... ඌට මනෝ විජ්ජාද මොකක්ද පිස්සුවක් ගහලා.. ලියනවට වඩා තෙපර බානවා... එපා වෙනවා...

ඕනයා... ඌට ලියන්න ඉතිං කුණුහරපම එපෑ.. උගේ කුණුහරප අහවර වෙලාලු...

මගේ මරණේ... ඌත් බ්ලොග් ආයේ ලියන්නේ නැහැ කිව්වද කොහේද.. හැබැයි හොරෙන් කවි ලියනවා...

වැප්... ඌ පන්සලේ ඇබිත්ත කමට ගියත් හරි බ්ලොග් එක ලියවෙන්නේ පෝය දෙකතුනකට සැරයක්.. ඒකත් අභිධර්මෙන්...

සිඳු... යන්තං එහෙං මෙහෙං ලියනවා... මේ ළගදිත් හොඳ ලිපියක් දාලා තිබුනා...

බින්දි... එයත් හිටි හැටියේ පත්තු වෙනවා...

නලිනි... මේ දවස්වල ඩිස්පැන්සරියට ලෙඩ්ඩු වැඩි වෙලා... 

නිසූපා... කඩං වැටෙන විදියට බිල්ඩිං හදන්න ගිහිල්ලා...

ජීවිතේ මල්... අහෝ සංසාරේ...

රත්ගමයා... ඌට පේරාදෙණියෙන් තොර ලොවක් නැහැ... මුහුදම දැක දැක හිටිය එකානේ වරදක් කියන්නත් බැහැ...

සෑම්... ඌට රස්සාවයි කාර් එකයි හම්බ උනාට පස්සේ මේවා ගැන සිහියක් නැහැ...

මකරා... ඌට බ්ලොග් ලියවෙන්නේ සිංගප්බූරුවේදී විතරළු... ලංකාවට ආවම ඌට සිංහල මතක නැහැ


මෙහෙම කීයක් කියලා කියන්නද... මේ තියෙන්නේ මං ෆලෝ කරන ලිස්ට් එක... ඕකේ නැති ඒවත් තියෙනවා ඒ කෙලින්ම රීඩරේට දාගත්ත ඒවා... ඇත්තටම කෝ මුං...?



යකුනේ මෙහෙම බනිද්දිවත් ලියාපියවු... නිකං අපේ ලේ කෝප නොකර... කමෙන්ට් කලත් නොකලත් අපිත් කියෝනවා ඔය හැම රෙද්දක්ම...

137 comments:

  1. අනේ අපි නෑ ඕවට හොද වෙලාවට :D

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා

      Delete
    2. අපි දන්නේ නැහැ ඔව්වා...

      Delete
  2. කතා කොරලා වැඩක් නෑ ..... වැස්සට හෙන ගහල ද මන්දා !!

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න මෙරු මතු වෙන්නැහේ එකා දෙන්නා මතු වෙනවා අත් උස්සං...

      Delete
  3. Replies
    1. මම ලියන එක අතෑරලා හුඟක් කල් !

      Delete
    2. ඉස්සර දවසට පෝස්ට් එක ගානෙ දාපු කාලෙකුත් තිබුණා....දැන් ලමයා බ්ලොග් එක අමතකම කරලා වගේ

      Delete
    3. එහෙම තමා හරි ගියාම...

      Delete
  4. ඉස්සරහට නම් යන්තම් එහෙන් මෙහෙන්වත් ලියවෙයිද දන්නෙ නෑ අප්පා..... ඒ වුණාට හැමදාම මේවා කියවලා නම් යනව. අදත් කියවගෙන යනකොට දැක්කෙ. අපිටත් බැනලා...
    අයියගෙ මේ ලිපියෙ මම වැඩියෙන්ම එකඟ වෙන කරුණ තමයි අපිට වැඩ අඩු වීක් එන්ඩ් එකේ පෝස්ට් අඩුයි...... ඒක නම් එපා වෙන වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමු..මං බැනලද අර තියෙන්නේ...
      නංගිට වැඩ වැඩියි කියලා දැන් කීප දවසක ඉඳන්ම චුරු චුරු ගෑවනේ.. ඒ හින්දා දන්නවා එහෙම හරි ලියන එක වටිනවා කියලා... මං අහන්නේ මේ අනිත් ගොබිලන්ට මක් වෙලාද..?

      Delete
  5. සඳරු නැති එකනම් ලොකු අඩුවක් :(

    ReplyDelete
    Replies
    1. රංගයියත් නෑ....:( මෑන්ස් රට වෙන්ටෑ මයෙ හිතේ

      Delete
    2. සඳරුට අලියා ගැහුවා.. රංගට..නැහ් ඒවා ඕන නැහැ...:D

      Delete
    3. රංගගේ බ්ලොග් ජීවිතේ නැති කලේ අර "බල්ලො" දෙන්නා තමයි

      Delete
    4. මං රංගට කල් ඇතිව කිව්වා "බල්ලොත් එක්ක බෑ" කියලා.. කෝ ඉතිං...

      :D

      උඹ ළගකදී ඒ පැත්තේ යන්නේ නැතිව ඇති මයෙ හිතේ...

      Delete
    5. යන්න බැරි උනා බන්.. දැන් බල්ලො දෙන්නට මාව අමතක වෙලත් ඇති..ගිය සැරේ නම් මේන් වෙනී මාමා කීව ගමන් අඳුරා ගත්තා !

      Delete
    6. අනේ ආයේ ගිහිං වරේ උන් දෙන්නට සාංකාව වගේ ඇති නෑයෙක් දකින්න නැතිව ගෙවන ජීවිතේ... :D

      Delete
    7. දෙන්න නෙමේ එක බල්ලෙක් මයෙ හිතේ!

      Delete
  6. හි හි.. වැස්ස වැස්ස බං... මේ අකුණු කොටන හැටියට කම්පූටරේ ඔන් කරන්නවත් බයයි.. වැඳලා වැඳලා ඉල්ලගත්තේ මේක.. මොනාහරි උනොත් ආයිමත් හූල්ල හූල්ල ඉන්න තමයි වෙන්නේ.. මොකෝ අපිට ඔෆිස් වල ඒවා තියෙනවයැ.... හි හි....

    ReplyDelete
    Replies
    1. කියවන්න දෙයක් නෑලු... ඒ වුනාට අපේ පැත්තේ එන්නෙවත් නැතුව බොරුවට අඬනවා...

      Delete
    2. යකෝ අකුනු ගහන වෙලාවට උඹව එලියට දාන්න කියහං අර මනුස්සයට.. මොනවා ‍කොරගන්න හදනවද මංදා මේ මනුස්සයා... කොම්පීටර් ඕෆ් කොලාට මදි...

      අපි ඇවිත් කියෝලා ගෙහුන් තියෙන්නේ... පොටෝ තොගේට කියන්න දෙයක් නැති හින්දා ෂද්ද වහලා ආයේ ආවා... උඹේ බ්ලොග් කට්ට මේ දවස්වල නොවරදවා කියෝන ඒවැයින් එකක්...

      Delete
  7. මොකෝ අද වැරදි පැත්තෙන් නැගිටලා වගේ? එහෙම නැත්නම් පෙත්ත මිස් වුනාද? ලියන්න නම් බැරියැ. ඒත් කට්ටිය ජීවන සටනේ. අයවැයත් ආව නිසා රේසින් කාර් හොයනවා. ඒකයි. ඔන්න තව ටික දිනකින් රේසින් කාර් වලින්ම ඇවිත් බ්ලොග් රේස් යයි.

    ReplyDelete
    Replies
    1. අයියා දීපු පෙත්තට මේවා තමා ලියවෙන්නේ... අම්මපා ඒකට අත්තන ඇට කලවංද..?

      Delete
  8. සික් මේ අහිංසක මටත් බැනලා මේන්...අනේ ඔව් බන් මල්ලියෙ දැන් කෙකර ගෑවෙනවා විතරමයි..කොච්චර තැටමුවත් බිත්තරයක් නම් වැටෙන්නේම නැති තරම්..
    මටත් එපා වෙලා ඕන්..
    ( ආ තෙපර බානව කියලද කීවෙ ?)

    ReplyDelete
    Replies
    1. ෂික් අයියට බයිනවද එහෙමත්.. මං මේ සිහිපත් කොලා ඉතරයි...

      තෙපර බෑවත් එකයි කෙකර ගෑවත් එකයි...

      Delete
  9. අර බඩාගෙ කතා දෙක තුනක් ලියලා මේක රොක් කරල ගනින්කො මාරෙ...

    ReplyDelete
    Replies
    1. බඩා තමා ලියන්න හිතං ඉන්නේ ඉස්සරහ දවස් ටිකේ...

      Delete
  10. /* කතන්දර... පොටෝ කෑලි පත්තර කෑලි දදා ඉන්නවා. මං හිතන්නේ කතන්දර අහවර වෙලා... හැබැයි ඇහුවොත් වෙන්න කතන්දර අච්චරයි මෙච්චරයි...
    */

    දැන් යන්නේ රටකජු කන ඉන්ටිබල් එක.

    ReplyDelete
    Replies
    1. අයිස් චොක් ගනන්ද මාමේ.....

      Delete
    2. රට කජු කියලත් ඔයාකාර කෑහැක්ද..? කෝ අර ලිස්ට් එකේ තිබුන ටික... රැගුම්පාලක මණ්ඩලේ කතුරට අහු වෙලාද..?

      Delete
    3. කකා මේ දවස්වල කජු බිසනව

      Delete
  11. අපිට කොයින්ද බූල් බල්ලො කිව්ව වගේ.... මගේ බොග මුගේ කකුස්සියේ නෑ... ඉහි... ඉහී... හී....

    උඹල දවස ගානේ ලියන ඒවා කියවලා ඒවට කොමෙන්ට් කරන්න ගියාම, කෝ අපිට යමක් කමක් කරගන්න වෙලාවක්? තේරෙන්නෙ නැද්ද බොලං අපි මේ අපේ වැඩ පාඩු කරං, උඹලව නගා සිටවන්න හදනවා කියලා... උඹට ඉතින් මොනවත්ම නැත්නං නයෙක් වත් බලෙන් ඇවිත් පැටවෙනවනේ... කවුරුවත් නැත්නම් නයා හරි සප් එක දෙනවා.. ඒකට අපිට... ලිය ලිය ඉන්නකොට ඇවිත් දෂ්ට කරල ගියොත් මිසක්...

    ReplyDelete
    Replies
    1. මෑත කාලීනව මං බ්ලොග් ෆලෝ කලේ නැතිම තරං මල්ලි... ඒත් හැම එකම රීඩරේට දාං තියෙන්නේ...

      පොඩ්ඩක් අහල පහල බලන්නකෝ මල්ලිටත් නයියෙක් සෙට් වෙයි...

      Delete
  12. ඇත්තට බන් අයියෙ කියවන්න පෝස්ට් 10ක් හොයාගන්න එක කළුනික හොයනවට වඩා අමාරුයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං... මට මතකයි මේ ළගදී දවසක උඹ බුකියේ මගේ ලින්ක් එහෙකට දාපු කොමෙන්ටුව...

      Delete
  13. මාරෙ දුකෙං පව්නේ ලියහල්ලකෝ...

    ReplyDelete
  14. අපිට නම් කියවන්න බ්ලොග් ඕනෑ තරම් තියෙනවා. ඔය ඊයේ පෙරේදා ආපු අපි වගේ අය එක්ක ඉන්න සෙට් එකකුත් කියලා කට්ටියක් ඉන්නවනේ...ඒ පැත්තෙ රවුමක් යන්න එන්න ගියාම කියවන්න දේවල් ගෝනි ගණන් තියෙනවා... ඔය ප්‍රබුද්ධ අයට තමා ඉතින් ඕවත් ප්‍රශ්ණ...හි හී

    ReplyDelete
    Replies
    1. ඇත්ත... නිව් ජැනරේසොන් එක එකතු උනා නම් හරි....

      Delete
    2. ප්‍රබුද්ධ..? අනේ උඹෙ ලබ්බ...

      නිව් ජැනරේසොන් එක එක්ක නැතිව නෙවෙයි මාතලනෝ... ඒත් පුරස්නේ උඹ දන්නවා ඇතිනේ මට වඩා හොඳට...

      Delete
  15. අළුත් ඒවුං සෙට් එකක් ඉන්නවා මාරයෝ මම උඹට දැන ගන්නත් එක්ක දාන්නම් පහලින් උන්ටත් හොඳයිනෙ..

    ලින්ක් දාන්න නම් බෑ පුතෝ මේ ඉන්නේ ළොව ජනප්‍රියම සිංඩිය වන (ඕන් කින්ඩිය දාන්න බෑ) මාතලන්ගේ සින්ඩියේ නිව්ස් & පොලිටික්ස් වල ඉන්න අළුත් සෙට් එක

    !dea365
    cyberlanka
    hithuwakkaraya
    lanka team
    Pandukabaya's Blog
    RearGate
    The Modern Patriot
    අමාවක
    ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary
    ඇසි දිසි මානය
    උදිත ‍ගේ අන්තර්ජාල සටහන
    පව්කාරයා
    පිටවාන

    මේ තියෙන්නේ අළුත් බ්ලොග් යටතේ ඇති සමහරක්..
    කසාපබ්බත ෴
    Dark City
    Snow
    Prejustination
    Travelers "සංචාරකයෝ"
    අටම්පහුර
    අපේ ගම මාතර
    කඳු
    රලේ මහත්තයාගේ කෝරලේ වලව්ව
    චමී4යූ~chami4u
    දේශකයා
    පරිවර්තන....Parivarthana
    බස්සාගේ පළා මල්ල
    මගේ ඩෙනිම My Blue Jeans
    මඩිස්ස
    විලක්කුව
    කය වටේ
    සිරාගෙ කාමරේ
    හිරු නැති හෝරාව
    හිරුහිමාවී....

    ReplyDelete
    Replies
    1. මෙව්ව ගෙන් කීපයක් තමා මට අලුත් ඒව තියෙන්නෙ... අනිත් ඒව ෆලෝ කරන ලිස්ට් එකේ දැනටම තියෙනව... මේ උදවියගෙ ඒව එකතු වුනත් මදි වගේ සීන් එකක් තියෙන්නෙ මට නම්... සමහර ඒව නම් මගේ ටේස්ට් එක නෙමෙයි හින්ද කියවන්නෙ නෑ (නිකං දීපු පලියට දෙමල පත්තරේ කියවන්න බෑනෙ :) )

      Delete
    2. ඔය ටික රීඩරේ තියෙනවා බං... අළුත් බ්ලොග් එකක් අහු උන ගමන් රීඩරේට දා ගන්නවා... ඒත් ඔය සාතන් මලයා කියපු අවුල තමා අවුල...

      Delete
  16. ආ...පස්සෙනෙ මතක් උනේ... " මුං " නම් මේ දවස්වල ටිකක් ගණන් මාරයෝ... මොනවද ඉතින් මේ ආණ්ඩුව ලාබෙට දෙන්නෙ.. :P

    ReplyDelete
    Replies
    1. හපෝ නැහැ මුං කිලෝව 240යි මං ඊයෙත් ගෙනාවා... සුදු කවුපි 240යි සුදු එක 210යි...

      :D

      ඇයි වෙන ආන්ඩුවක් ආවොත් ලාබෙට දෙයිද..?

      Delete
    2. දෙයිද බලන්නවත් උන්ට එන්න චෑන්ස් එකක් දෙන්න එපායෑ මුන්දා... දුම්මල ගහල්වත් එලවන්න බැරි හැඩයි...හි හී

      Delete
    3. දීලා බලලා කෙල වෙයිද..?

      අන්තිමට මල්ටි බැරල් ගේන්න වෙයිද..?

      Delete
    4. අලුතෙන් ගේන්න ඕනි නෑ , ලංකාවට ඔනීවටත් වඩා විශාල හමුදාවකුයි , ආයුධ සෙට් එකකුයි තියනවා . දැන් අපි බලන්න ඕනි පරාක්‍රමභාහු ගේ කාලේ වගේ වෙන රටක් අල්ල ගන්න . මාලදිවයිනෙන් පටන් ගන්න පුලුවන් !

      Delete
    5. බුවා,
      උමා මහේශ්වරන් ට්‍රයි කලා . . . මට මතක විදියටනං ඉන්දියන් හමුදාවෙන් අම්බානක ගුටි කෑව

      Delete
    6. යකෝ මාලදිවයිනට ගහන්න ගියාමත් ඉන්දියන් කාරයෝ හොම්බ දානවද? , මට මුලින්ම අයිඩියා ආවේ භූතානේ ගැන , අරුන් හොට දායි කියලමයි මාලදිවයිනට ගහමු කීවේ . හැබැයි මාරයට පුලුවන් නම් රජතුමාට අයිඩියා එක යවන්න , මන් මෝහන් සිංට වැලිකඩයි තව ඉඩම් කැලි දෙක තුනක පාගාවක් දීලා මාලදිවයිනේ සෙනඟ නැති දූපතක් හරි අල්ලන්න කියල , දෙමලාගෙන් රට බේරා ගත් දුටුගැමුණුගේ සිට විදේස් රටවල් දිග් විජය කල මහා පරාක්‍රමභාහු දක්වා ප්‍රතිරූපය නග්ගවන්න අයිටින් එකට යන්නේ 7 ප්‍රවෘත්තියයි , මෙගා නාට්‍ය 3ක වෙලාව විතරයි . මාලදිවයින බැරි නම් ස්වාසිලන්තෙට හරි කමක් නැ ගහනවා නම් (මුහුදු කොල්ල කාරයින්ගෙන් බේරිලා ඒ හරියට යා ගන්න පුලුවන් නම් )

      Delete
  17. අහ් ස්තුතියි අපිවත් මතක් කලාට . චිත්තර පටි ගැන ලියන්න බැරි වෙයි වගේ , පොරක් මම ලියපු එකකට උත්තර දීලා . ඒකට උත්තර බඳින්න තියනවා මුලින්ම , ඊට පස්සේ ලියමු රේසින් කාර් ගැන :P

    ReplyDelete
    Replies
    1. මතක් නොකර කොහොමද කොමෙන්ට් කලා නොකලා කියෝන එකක් වෙච්චි කොට...

      ඒ පාර පෙරමුණේ එක්කද වාදේ..?

      ඔව්වා හොඳයි.. ඒත් දෙපැත්තෙන්ම ලියන එව්වා කියවන්න කම්මැලියි.. හෙන බර බර ආකාරයෙන්නේ වැඩේ යන්නේ...

      Delete
    2. පෙරමුණේ ගොය්යා එක්ක කවදත් වාදයක් නැ , එකේ පොලිටික්ස් ලියන එවුන් එක්ක තමා . මේ පාර පෙරමුණේ ගේ සාම්ප්‍රදායික හතුරා එක්ක . පොර ලියපු එකක් ගැන මම කලින් ලියපු එක දකින්න ඇතිනේ , ඒකට රිප්ලයි එකක් ඇවිත් තියෙයි . ඒකට උත්තර දීල ඉන්න ඕනි හෙමින් සැරේ කමෙන්ටුවකින් හරි .

      Delete
    3. යකෝ
      මුගෙ මේ කොමෙන්ට් එක තේරෙන්නෙත් නෑ . . . ඉතිං කොහෙද බුවාගෙ පෝස්ට් කියවලා තේරුංගන්නෙ ???

      Delete
    4. මට ලියන්න බැරිද , උඹට කියව ගන්න බැරිද ?

      Delete
  18. මේ ඉන්නේ අර Praසන්ன ගෙ ලටපට ලියන එකා. ඇයි දැං උඹ මොනව කරන්නද?

    අර ඒකෙ සුධීර කියල තියෙනව වගේ උඹලයි බ්ලොග් වල දාපු කොමෙන්ට් වලින් මට පෝස්ට් 100 ක් ලියන්න පුලුවංලු. එතකොට උඹලයි බ්ලොග් වල කොමෙන්ට් දාන්නෙ කවුද?

    ReplyDelete
    Replies
    1. ඉතිං බොල මං එක වචනයක් බොට කියලා තියේද බලහං අර උඩ... නැහැනේ...

      Delete
  19. /නොදකින් ඇහුවොත්නං සිංහල බ්ලොග් අවකාසේ පඳුරකට පයින් ගැහුවොත් විස්සක් තිහක් විසි වෙන ගානට බ්ලොග් කාරයෝ.. ඒත් කම්මැලිකමට කියවන්න පෝස්ට් දහයක් නැහැ.../

    සහතික ඇත්ත. අර මගේ ලෝකය කියල එකෙක් හිටියා, ඌට මොනවා උනාද දන්නේ නෑ.......

    ReplyDelete
    Replies
    1. ඌට වෙච්ච දේ අන්න වෙනියා කියලා තිබුනා...

      Delete
  20. unbath ithin mahinnda aiyata puka dena ekane karanne

    ReplyDelete
    Replies
    1. අනේ වස්තුවේ ඉතිං මං වෙන මොනවා කරන්නද..? උයා වගේ රනිල් අයියට ගල දෙන්න කියලෑ...

      Delete
    2. ranil aiya ganne gala nemeilu needa machan

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. ආ ..මන් මේ ඊයෙත් එකක් ලිව්වේ . එහෙම තමයි අපට තව වැඩ නැද්ද . අනික මේ ඉස්කෝලේ ඇරලා තියෙනවට වැඩියි වහල .

    මටත් අලුත් එව්වා සොයන කියවන්න කම්මැලියි . ලියන්නේ නැති එව්වෝ අයින් කරලා අලුත් ටිකක් දාගන්න ඕන බ්ලොග් රෝලට .

    බුද්ධියාට බ්ලොගේ ලියන්න තමයි බැරි . අන්න මුණු පොතේ නම් ඉන්නවා .

    ReplyDelete
    Replies
    1. කියෙව්වා කියෙව්වා.. මොකක් හරි වෙන වැඩක් අස්සෙම ඒක කියෙව්වා.. ඒත් කමෙන්ට් එකක් දාන්න වෙලාවක් උනේ නැහැ ඒ වෙලේ.. කජු ගස් ගැන ලියද්දී නොකියවයිද මේ පුතා...

      Delete
    2. අනේ ඔය බුද්ධියාගේ සෙප්පඩ විජ්ජා... මංනං ඔන්න රීඩරේනුත් අහක් කෙලා.. හරි නැහැනෙ උගේ ආසාවනේ...

      Delete
  23. අඩේ මම මේ ලැයිස්තුවෙ නෑ කියන්නෙ වැරි ගුඩ් එකක් නොවේදෝ?

    උඹ අර සතිඅන්ත ගැන කියන කතාව නම් පට්ට ඇත්ත බං. බලු බල්ලෙක් නෑ එදාට, මම හිතා හිටියෙ මුං එදාට එක්කො මාරයාවගෙ ට්‍රිප් යනවා ඇති කියලා. එතකොට ඕකයි රහස, ඈ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ආ උඹට බැනලා නැහැ නේද.. ඒ කියන්නේ අවුලක් නැහැ කියන එකයි... උඹට ඉතිං අපි බැන්නේ උමේ වදන් තදේට නෙව...

      Delete
  24. යකෝ තොට වැරදිලා . .

    සමාජ ආසාධාරණේ නිසා මට වැඩිවෙච්චි ආතතියක් නෑ බොලන් . . .

    මම මේ ලංකාවේ ශ්‍රම බලකායට බැඳිලා රට හදන්න කම්මැලි කමට සැප ගන්න පිරරට ඇවිත් ඉන්න එකා වෙච්චි . . .

    මෙහේ "අරාබි තම්බින්ගේ" සල්ලි වලින් පඩි ගන්න නිසා අම්ම තාත්තයි ගෑනියි දරුවයි මායි දුකක් නැතුව ඉන්නැද්දී ලංකාවේ උන්ට හෙන ගැහුවත් මට කොයින්ද බන් ආතතියක් . . .

    මම නම් ඒ සමාජ අසාධාරනේ නිසා ගන්නේ පට්ට ආතල් එකක් . .

    ඒකට කියන්නේ කාලකන්නි සතුට කියලා . .

    "හොඳ වැඩේ තොපිට" කියලා ආතල් ගන්න මට ආතතිය කියලා තෝ ලිව්ව එක ගන මගේ බලවත් විරෝධය

    තව වැඩි පඩි ගන්න කියලා හිතාගෙන තව ඩිංගක් ඉගෙන ගන්නවා බන් මේ දවස්වල . . .

    අන්න ඒකේ එසයින්මන්ට් කියලා දෙනවා මගුලක් . .

    මට වෙලා තියෙන්නේ "යකෝ එසයින්මන්ට් ත් කරන්න තියෙනවනේ" කියලා හිත හිත බ්ලොග් එකක් වත් නොලියා ඒවා කරන්න හිතන එක .. (හිතනවා විතරයි)

    අන්තිම මොහොතේ තමා බෙට්ට තද වෙලා වගේ දුවන්නේ . . හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ආතතිය තියෙන උන් කියන්නේම ඔහොම තමා බං... මතකනේ අර සුප්‍රසිද්ධ ආතතියා...


      //මට වෙලා තියෙන්නේ "යකෝ එසයින්මන්ට් ත් කරන්න තියෙනවනේ" කියලා හිත හිත බ්ලොග් එකක් වත් නොලියා ඒවා කරන්න හිතන එක .. (හිතනවා විතරයි)

      අන්තිම මොහොතේ තමා බෙට්ට තද වෙලා වගේ දුවන්නේ//

      ඔය කිව්වේ උඹ ගැනද මං ගැනද..?

      Delete
  25. hikz man beluwa mokakda me ganda kiyala. Maraiyata mala pojja manda welane.

    Maraiye mata nam oke anek peththa. Issara dawasa gewanna widihak nethuwa sinhala blog kiyawanaya winadi 15n 15ta reload kara kara beluwa. Makkawath ne eth. Eth dan kiyawanna dewal polime thiyanawa. Kiyawaganna welawak ne.

    ReplyDelete
    Replies
    1. අපිටත් වෙලාව තියෙනවටම නෙවෙයි මලයෝ.. ඒත් පුරුද්දට වගේ මොන තරං වැඩ තිබුනත් පැය බාගෙකට සැරයක්වත් බැලෙනවා මොනවා හරි අළුත් ඒවා ඇවිද්ද කියලා.. ඒ බලනකොට නැතිකොට ඉතිං...

      Delete
    2. අන්න පොයින්ට් එක.මාරයියත් සමහර කාල වලට හොරා වෙලා පෝස්ට් දාන්නේ නෑ.ඒ කාලෙට හැමදාම ඇවිත් බලනකොට අලුත් පෝස්ට් එකක් නැති වෙද්දි...............................අපිටත් එහෙම තමයි

      Delete
  26. මගේ බ්ලොගේ මොන පෝස්ට් එකක් ගියත් ඒක කියවන්න වැඩි පුරම 20ක් එයි..ඒක එදත් ආවා..අදත් එනවා..ඔයිට වඩා කට්ටිය ගෙන්න ගන්න කියලා හිතලා ලියන්න නම් අමාරුයි ඉතින්..මොකද තව තව..අට පට්ටම් කරකවන්න තියෙනවනෙ..අකිත් එක තමයි ඔයිට වඩා පාඨකයින්ව සතුටු කරන්න මට බෑ..පුළුවන් තුරුම්පුව තමයි ඔය ගහන්නෙ..කොටින්ම කියතොත් ! :-D

    ReplyDelete
    Replies
    1. කට්ටිය ගෙන්න ගන්න ලියන්න ඕන නැහැ බොල... අපිට කියවන්න ලියහං... උඹ බබා...

      වැඩිය ඕන නැහැ බ්ලොග් එකේ මුල්ම ලිපි දහය ආයේ කියවලා වරෙං...

      Delete
    2. තරහ වෙන්න එපා වෙනී අයිය වෙනද උඹ පෝස්ට් එකක් දාපු ගමන් ඇවිත් කියෙව්වත් දැන්නම් ඉඳල හිටලවත් එවෙන්නෙ නෑ... මම කලින් දවසකත් කිව්වෙ දැන් ලියන ඒව රහක් නෑ කියල...

      මට තේරෙන විදිහට ඔන්න මාරෙ අයියත් කියල තියෙන්නෙ ඒකමයි...

      Delete
  27. අනේ මන්ද ලිව්වත් බැනුම් නොලිව්වත් බැනුම් ........ලියන ඒවා කියවන්න කට්ටියත් අඩුයි ....ඒත් ඉතින් පුළුවන් විදිහට ලියනවා ,, කවුරුහරි බලයිනේ නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමා බං අපිත් ලියන්නේ..ආයේ නැතිව වෙන විදියකටෑ... කාලෙත් එක්ක එක්කෙනා දෙන්නා එකතු වෙලා තමා මේ ගානෙන් ඉන්නේ.. එහෙම නැතිව අපේ මුල් කාලේ මෙයිට වඩා දුක්ඛිතයි... ලියලා දවස් ගානකට සැරයක් තමා එකෙක් බලන්නේ... සතියකට එකක් වගේ තමා කමෙන්ට් වැටෙන්නේ.. ඒවා හිතලා මක්කටද..? ආවේ ලියන්නනං ලියන්නයි තියෙන්නේ... අතාරින්නේ නැතිව ඔය යන හැටියට යමං...

      Delete
  28. අපිත් කියවනව බොගේ එකනම්...! අපි අලුත් එව්වොනේ.

    ReplyDelete
    Replies
    1. අළුත් පරණ සීමාව කොතැනින්ද බෙදෙන්නේ..? ඒකට උත්තර දීලා හිටු...

      Delete
    2. ඇයි බං මාස 6ක් වත් පෝස්ට් 20ක් වත් නැති...?????

      Delete
    3. සීමාව බෙදන්නෙ ඔය " ප්‍රබුද්ධ " ඈයෝමනේ...නිකමට යනවද අලුත් එකෙක්ගෙ එකකට...හග්..ආව මෙතන මායිම් පෙන්නන්න...හි හී :P

      Delete
    4. @ ලිහිණි
      ++++++++++++++

      මාරයා හිටු කියලා පෝස්ට් දැම්මට සමහර දාට කමෙන්ට් වලට රිප්ලයි නෑ... අන්න එතන නම් සවුත්තුයි...

      Delete
    5. @ළිහිණි - පැරණි අලුත් කමකට වඩා බ්ලොග් කියවත්දි බලපාන්නේ ලියවෙන දේවල් ගැන එක් එක් පුද්ගලයා ගේ තියන රුචිකත්වය. එහෙම නැත්නම් භාෂා ශෛලිය . උදාහරණයක් විදිහට මම තමන්ගේ අත්දැකීම් ගැන ලියවෙන ඒවා කියවන්නේම නැති තරම් හැබැයි සඳරුවා හරි මාරයා හරි ලිව්වොත් අනිවා කියවනවා . ඒ ලියන විදිහට මම කැමති නිසා . පොලිටික්ස් ගැවුන දෙයක් දැක්කෙ කොතනද මොකා ලීවත් කියවනවා .

      Delete
    6. කෙනෙක් අලුතින් බ්ලොගයක් පටන් ගන්නෙ අත්දැකීම් ගොඩක් එක්ක නෙමේ බුවා. එතකොට ලියවෙන දේවල් වල අඩුපාඩු බොහෝමයක් තියේවි. උන්ට තල්ලුවක් දුන්නොත්...සමහර විට හොඳ නිර්මාණාත්මක පෝස්ටු එන්න ඉඩත් තියේවී...මම මේ කාටවත් දෙස් දෙවොල් තියෙනවා එහෙම නෙමේ...:)

      Delete
  29. ඔහේ අපේ පැත්තේ නම් ඊයේ ඇවිත් ගිහින් තිබුනනේ ,http://apegamamathara.blogspot.com/

    ReplyDelete
  30. පහුගිය මාස තුනටම පෝස්ට් එකයිද කොහෙද දැම්මේ.. ඒ කියන්නේ අවුරුද්දට හතරයි... :))

    ReplyDelete
    Replies
    1. යකෝ මූ ඒක කියන ආඩම්බරේ... තලන්ට එපෑ බූ වල්ලකට හුජ්ජ කොරලා...

      Delete
    2. ඒ වැඩේට මාත් හුජ්ජ ටිකකින් සම්මාදම් වෙන්නම් මාරේ.

      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
    3. එහෙමවත් කරලා බලමු... :)

      ඊ ළඟ පෝස්ට් ඒක බුවල්ලෝ ගැන දැන දාන්නත් හිතුනා..

      Delete
  31. අනේ අම්මපා බං.... මේ ලඟදි මට මේල් එකක් ඇවිත් තිබුනා "දුමීගේ කට කහන කතා" කියලා එකකින්. කවුද ඒකට කමෙන්ට් එකක් දැම්මා කියලා. මම බැළුවා මට මොකටද ඒකෙන් මේල් එන්නෙ කියලා. ගිහින් බැළුවම මම කාලෙකට ඉස්සර ලියලා තිබිච්ච බ්ලොග් එකක්ද කොහෙද.....!

    ReplyDelete
    Replies
    1. අම්මපා තව ලැජ්ජ නැතුව කියන හැටි විතරක්......

      Delete
    2. නොදෝමකින් . කාපිය තෝ කොටියම .

      Delete
  32. හොඳ වෙලාවට අපි බ්ලොග් ලියන්නො නොවෙයි... "බ්ලොග් කියවන්නෝ සහ කොමෙන්ට් කරන්නෝ.."යන්තම් ගොඩ‍...

    ReplyDelete
  33. හැබෑට අපේ බ්ලොග් ලෝකේ පැරැන්නෝ දැන් අපි වගේ පොඩ්ඩන්ට ඉඩ දීලා ටිකක් පැත්තකට වෙලයි කියලයි මට නම් හිතෙන්නේ.

    අර රීඩර් ලිස්ට් එකේ මගේ බ්ලොග් එකත් තිබ්බට මාරයා අයියා නම් ජීවිතේට ඒ පැත්තේ ඇවිල්ලා නැතිව ඇති.:)

    ReplyDelete
  34. මෙ‍හමෙයි ලොක්කා.. නියම චින්තනේ ඇවිත් හරි මාර්ගය දුටුව දාක ප්‍රයි‍වෙට් බස් කාරයෝ ව‍ගේ දුවන්න ගනීවි. අපි තාම දනගානව නෙ බං. තොට බං රෙද්ද උස්සං බැන්නෙත් ආදර්ට නෙව. කළු කුමාරයා.. හැක්

    ReplyDelete
  35. අනේ මන්දා. අපි නම් ලියනවා. මාරයියා අපේ බ්ලොග් කියවන්නෙ නෑනේ. :(

    ReplyDelete
  36. හුගක් ආසාවෙන්ම කියවපු බ්ලොග් ටිකක් තමයි.එයාලා නොලියන හින්දද මන්දා බ්ලොග් කියවන්න මාත් දැන් කම්මැලි වෙලා.කොහොම වුනත් අයියගේ පොස්ටුවේ වැදගත්ම ‘‘ කමෙන්ට් කලත් නොකලත් අපිත් කියෝනවා ඔය හැම රෙද්දක්ම...‘‘.එහෙම් එච්චරයි..........

    ReplyDelete
  37. ස්තුති මාරයියේ ලිස්ට් එකක් දැම්මාට..

    ඇත්ත කතාව. වැඩ වැඩී, ඉවරයක් නැහැ. ඒ අතර මහන්සියෙන් වෙලාවක් හදන් බ්ලොග ලියන්නේ. හැම පෝස්ට් එකක් වගේම මිස් නොකර බලන්න දගලනවා බං. මම ලියලා, අනිත් උන් ලියන ඒව නොබල හිටියොත් මම කරන්න වැරැද්දක් කියල හිතෙන නිසාම..

    උපරිම සාධාරනයක් කරන්නම් උබ කරනව වගේම.. :)

    ජය වේවා !

    ReplyDelete
  38. මම නම් ඉරිදා ලිව්වා... උඹලා නාවට...අපේ නම් ලැයිස්තුවෙත් නැතුව කොහෙ එන්නද ඉතිං...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සිරෝ... මේ අය ප්‍රබුද්ධ ඈයෝනේ... පොඩි පොඩි තැන් වල කරක් ගහන්නෙ නැතිලු... :D

      Delete
    2. කථාව ඇත්ත... තියෙනවද නැද්ද කියලා එළියට බැහැලා බලන්න එපායැ... අවාරෙට පොල් හැලෙනවා වගේ තමයි කස්ටිය අපේ ඒවාට එන්නෙ... ඒත් අපිනම් දිනපතා...

      Delete
    3. දෙන්නනගේම කතාව වැරදියි. මාරයා එනවා ඕව බලන්න. මම මුල් ටිකේ දාපුව මිනිහ සෑහෙන්න බැලුව පසසේ අතැරල දැම්මට. අර කිව්වත් වගේ පදුරු පදුරු ගානේ ගිහිං විසි වෙන සිය ගණන් ඔක්කොම බලන්නට හැකියැ...හැම දේම කාලය හා බ්ලොගයේ විභවය තමා තිරණය කරන්නේ... එක පාරට පොරක් වෙන්න බෑ. එක පාරට ඇවිදින්න බෑ වගේ.. ඇයි මාතලං මිනිහත් ලොකු සප් එකක් දෙනවා අළුත් ඈයොන්ට. හුගක් කට්ටිය එහෙමයි. දුකාලා දුරින් හිටියත් අවධානයෙන් ඉන්නේ. අපි තාම පොඩි බච්චෝ නෙව.. ටිකක් ඉමු. එතකොට ඕව හදාගමු. හරිය....

      Delete
    4. ලිහිනි ඇයිමේ හැම තැනම ප්‍රබුද්ද කතාවක් ඇදගෙන ????

      Delete
  39. මමත් පොඩි වෙලාවකට පුලුවන් තරම් කියවනවා ඒ පාර ඒ පොඩි වෙලාවෙත් කියවන්න දෙයක් නෑ

    ReplyDelete
  40. හ්ම්ම්ම්..... හ්ම්ම්ම්.....

    ReplyDelete
  41. කමෙන්ට් නොකලට මමත් අහුවෙන අහුවෙන එක කියවන එකෙක් ,
    දවසකට අඩුම තරමේ පැය තුනක් හතරක්වත් ,
    ලියනවට වඩා කියවන එක වැඩි හින්දා ලියවෙනවා අඩුයි,
    පහුගිය කාලේ ලියපුවා කියවන්න කට්ටිය එන එකේ අඩුවකුත් දැනුනා හොදට,
    මුල් කාලේ අටම්පහුර කියවපු අය හැලිලා අළුත් මුහුනු ටිකක් දකින්නත් පුළුවන්,

    ඔය මට මං ගැන සහ මගේ බ්ලොග් එක ගැන හිතෙන දේ
    අනිත් උන්ටත් සමහරක් විට ඔයවාගේ වෙන්ඩ ඇති

    මොනවාහරි කියවන්ඩ කියලා හොයාගන්න එකනං දැන් හරිම අමාරුයි තමා,

    හොද වෙළාවට අර මල් කැකූළු වාගේ එව්වා ටිකක් තියනවා

    ReplyDelete
  42. මං බැලුවා වැරදිලාවත් මං තුමාගේ නමත් මෙතන කෙටිලාද කියලා!!යාන්තම් නෑ! :D

    ReplyDelete
  43. මම නම් පෝස්ට් එකක් දාන්නේ ඉඳල හිටලනේ.බලන්න එන කට්ටිය එයි නැති කට්ටිය නිකන් ඉඳියි. රංග අයියගේ බ්ලොගේ බලලා පටන් ගත්ත උනාට දැන් එයත් නෑ. අපි තාම බ්ලොග් කලාවට අලුත් හින්ද පරණ ඈයො අපේ පැති වල ගැවසෙනවා අඩුයිනේ.........

    ReplyDelete
  44. ලිව්වොත් කියවනව එච්චරයි

    ReplyDelete
  45. අම්මෝ මාරයියාට මාරාවේස වෙලා.. ලියනවට වැඩිය කියවන්නනෙ කාගෙත් වැඩි මනාපේ. පුලු පුලුවන් හැටියට අපිත් ලියනවා. මාරයියා මගේ පැල් කොටේ පැත්තේ ඇවිත් තියෙනවද??

    ජය..

    ReplyDelete
  46. අලේ අපිනං නැතෝ

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. මේ උඩින් තියෙන ලිස්ට් එකට නම් ඉට්ටූටියි මාර පුත්‍ර.

    යන්න ඕනේ පරන මතක ටිකක් අහුලන් එන්න

    ReplyDelete
  49. අපිනම් ඉතිං මේසන් බාස්ලානේ,

    රස්සාවේ විදිහටම යලට - මහට තමයි වැඩ.
    අපිත් ඉතිං හැන්දෑවට අඩියක් පුඩියක් ගහලා, කාලා ඇඳලා ඉන්න එපෑයෑ.
    එතකොට එක වැඩක් විතරක් බදාගෙන ඉදලා හරියනවයෑ අයුබොවන්ඩ.

    ReplyDelete

  50. මේ පෝස්ත් එක නම් නියමයි. පරන බ්ලොග් ගොඩක් දැනගත්තා.
    මම ගොඩක් කල් ඉදන් මාර අයියගෙ බ්ලොග් එක කියවනවා අද තමා මුලින්ම කොමෙන්ත් එකක් දාන්නෙ. ඔයත් ඔය අනිත් අය වගේ ලියන එක නම් නවත්තන්න එපා.

    ReplyDelete
  51. samaweyan ban ayye....

    man inne liyaganna widihak naetuwa. office eke PC eke key board eke samahara akuru wadinne ne.ewa copy paste kara kara thama me type karanneth. site eke PC eke monitor eka weda ne. aluth ekak dennath unta nelu. :((

    gedara PC eka ape naga badhu aragena. kata kiyannada me dhuka.

    ape sir (office eke bosa) maseta eka gane lap aragena denawa man bala inne eka hamaba wenakal.samaharaita labana mase dhihawata hamba wei.ethakota liyanawa saththai hode.....

    ReplyDelete
    Replies
    1. බදු අරන්.????? :O :O බොරු කියන්න එපෝ....

      Delete
    2. @කවිකාරි නැන්දේ - වැඩ නැත්නම් ඕනෙ එකක් කරන්න අපේ සර් අවසර දීල තියෙන්නෙ. බ්ලොග් නැත්නම් මට සයිට් එකේදි පිස්සු හැදෙයි නිකන්ම ඉදලා.. :D

      Delete
  52. නියමයි අප්පා.ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  53. මලකෙලියයි මට බ්ලොග් එකක් තියේද? හිකිස්‌

    ReplyDelete
  54. http://sellipiya.blogspot.com/
    මාරයියේ..,මේක බලන්නකො..සමහර විට ඔයාට කැමති හිතේවි....

    ReplyDelete
  55. මේකා ලියන්නයි අපි කොමෙන්ට් කොරන්නයි.. සික්... වරෙන්කො අපේ පැත්තේ.. අල්ලලා බඳිනවා /// ගහක

    ReplyDelete
  56. නොදකින් ඇහුවොත්නං සිංහල බ්ලොග් අවකාසේ පඳුරකට පයින් ගැහුවොත් විස්සක් තිහක් විසි වෙන ගානට බ්ලොග් කාරයෝ.. ඒත් කම්මැලිකමට කියවන්න පෝස්ට් දහයක් නැහැ.
    සම්පුර්ණ ඇත්ත මේ දවස්වල කම්මැලිකමට කියවන්න මෙලෝ දෙයක්නැහැ

    ReplyDelete
  57. මමත් කලින් ලියල තියල කාලය, දීපය, දේශය බලල පොස්ට් දාන්නේ නැහැ. ලියල ඉවර වෙච්චි ගමන් පොස්ට් කරනවා. මම ඉරිදා සෙනසුරාදා කියල බලන්නේ නැතිව දානවා. මාරේ මගේ පොස්ට් බලනවා කියල දන්නවා. ඔය රීඩරේට මගේ එක අහු වුනේ නෑනේ. මම බොහෝ වෙලාවට සති අන්තේ පොස්ට් දානවා. මම ලියන ඒවා බොහෝ දෙනෙක්ට රහ නැතුව ඇති සමහරවිට. හොඳයි ඔන්න මේ සතියේ ඉඳලා ඉරිදට එකක් දාන්න මම පොරොන්දු වෙනවා.

    ReplyDelete
  58. අඩෝ අවුරුදු දෙකකට විතර පෝස්ට් හයකට කිට්ටුව දාල තියනව මදිද ???

    ReplyDelete
  59. මගෙ එකත් තාම ෆලෝ කරනව...මම හිතුව නැතුව ඇති කියල..

    ReplyDelete
  60. ලියන්න කොතෙක් තිබුනත් ලියන්න වෙලාවක් නැතිකම එක්ක මම නම් බ්ලොග් ලිවිල්ල අතහැරලා දැම්ම. ඒකෙ ඇති ඉලව්වකුත් නෑ නැති අටමගලකුත් නෑ නේ. :) ඒත් ලියන ආසාව නැතිවෙලා නෑ. මිනිස්සුන්ට අර හාවා හඳ දකින්නාවගේ පෝස්ට් දෙන්න බෑනේ. ඒ හින්දා ලියන්නේ නෑ. මොක වුනත් කියවන එක කියවනවා කොහෙන් හරි.

    ReplyDelete
  61. ආනේ... මගෙ චාටර් බ්ලොග් එකත් උඹේ ලිස්ට් එකේ තියෙනවා නේද? සන්තෝෂයි

    ReplyDelete