16 November 2012

ඕළු ඇල්ල සබරගමුව

මෙම පෝස්ටුව දමන්නේ සාමාන්‍යයෙන් මගේ බ්ලොගය බලනා අය අරමුණු කරගෙන නොවන වග කරුණාවෙන් සලකන්න. අනාගතයේ දවසක කවුරුන් හෝ ඕළු ඇල්ල ගැන සොයා බැළුවහොත් ඒ කෙනාට තොරතුරු නිවැරදිව දැන ගැනීම පිණිසයි.එහෙත් බ්ලොගය බලනා අයටද ප්‍රයෝජනයට ගත හැක...

මේ වන විට ඕළු ඇල්ල යනුවෙන් කවුරුන් හෝ අන්තර් ජාලයේ සෙවීමක් කල හොත් ඔහුට හෝ ඇයට හමුවන්නේ ප්‍රථමයෙන්ම මෙන්න මේ ලින්කුවයි..

http://www.elakiri.com/forum/showthread.php?t=1280381&page=8

 ඒ කුප්‍රසිද්ධ එළකිරියේ ඇති ඕළු ඇල්ල ගැන වූ සටහනකි. එහෙත් එහි ඇති තොරතුරු නිවැරදි නොවන හෙයින් මෙම සටහන බ්ලොගයට ඇතුලත් කිරීම යෝග්‍ය බව සිතමි... එළකිරියේ ඇති සටහනට අනුව ඔළු ඇල්ල ඇත්තේ ගාල්ලේය... එහෙත් එය නිවැරදි නොවේ.

ඔළු ඇල්ල පිහිටා ඇත්තේ සබරගමු පළාතේය... කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් යටියන්තොට ප්‍රාදේශිය සභාවට අයත්වය... මෙන්න ගමන් මාර්ගය...

 කොළඹ සිට මෙහි යෑමට ප්‍රධාන ගමන් මාර්ග 2ක් ඇත...

1. කොළඹ සිට අවිස්සාවේල්ල/දෙහිඕවිට/කරවනැල්ල/යටියන්තොට (65 KM)


2.කොළඹ/නිට්ටඹුව/ඌරාපොල/රුවන්වැල්ල/කරවනැල්ල/යටියන්තොට(75KM)


යටියන්තොටට පැමිණි පසුව මෙම ආකාරයෙන් ගමන් කල හැකිය...
යටියන්තොට/පරුස්සැල්ල/පොලටගම/ඔළු ඇල්ල...(16 KM)


මෙයට අමතරව නුවර සිට පැමිණෙන අයකුටනම් කෑගල්ලෙන් රුවන්වැල්ල පාරේ පැමින පනාපිටිය හන්දියෙන් වමට හැරී පරුස්සැල්ලට පැමිණ මෙම මාර්ගයේ ගමන් කල හැකිය...


මෙහිදක්වා ඇති ප්‍රථම මාර්ගය වූ අවිස්සා වේල්ල හරහා යටියන්තොටට කිලෝ මීටර් 65ක් පමණ දුර ඇති අතර නිට්ටඹුව හරහා එන්නේනම් කිලෝමීටර් 75ක් වේ. යටියන්තොට සිට ඔළු ඇල්ලට කිලෝමීටර් 16ක් හරියටම ඇත. එනම් 16 වැනි සැතපුම් කනුව අසලම මාර්ගයේ දකුණු පසින් ආරම්භවන ඇල්ල මාර්ගය හරහා යොදා ඇති දැව පාලමේ යටින් ගොස් මාර්ගයේ වම් පැත්තෙන් අවසන් වේ... (යටියන්තොට සිට කිලෝ මීටර් 3.7ක් ගිය තැන පරුස්සැල්ල හන්දිය හමුවන අතර ඔබ එයින් දකුණු පැත්තට ඇති මාර්ගයේ ගමන් කල යුතුය... එතැනින් වම්පසට ඇති මාර්ගය පනාපිටිය හන්දිය හරහා බුලත්කොහුපිටිය කෑගල්ල මාර්ගයට වැටෙයි.)

කිසිදු අපහසුවකින් තොරව ඕනෑම රථයකින් මේ සඳහා ලගාවිය හැකිය. එසේම පරුස්සැල්ල හන්දියේ සිට ඕළු ඇල්ල දක්වා ඇති මාර්ගය අවට බොහෝ සුන්දර දසුන් ඔබට හමුවේ... 





පාරට සමාන්තරව වම් පසින් ඉතාමත් පිරිසිදු දිය දහරක් වන "වී ඔය" ගලා බසී... 



එයට අමතරව අතරින් පතර හමුවන කුඩා කුඩා දිය ඇලි රාශියකි.. විශේෂයෙන්ම යටියන්තොට සිට ගමන් කිරීමේදී හමුවන 13වන කිලෝමීටරය පමණ වන විට මාර්ගයේ වම්පසින් ඉතා සුන්දර දිය ඇලි කිහිපයක්ම වන අතර ඒවායේ නම් මා හට සොයා ගැන්මට නොහැකි උණි...



 (මට හමු වූ ගම්මුන්ද ඒ ගැන වැඩි යමක් නොදනිති..) එම ප්‍රදේශයට "ජානක වත්ත" යනුවෙන් ව්‍යවහාර කෙරෙන බැව් පමණක් දනිමි.

ඔළු ඇල්ල

වැඩි ප්‍රසිද්ධියක් නැතත් මෙය ලංකාවේ උසින් පස් වැනි(5) තැන ඇති දිය ඇල්ල ලෙසින් සඳහන්ව ඇත...(විකිපීඩියාව) එසේම ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වේ... ඇල්ල ඉදිරිපිටින් ඇති දැව පාලම මෙම ස්ථානයට තවත් අපූර්වත්වයක් එක් කරනු ලබන බවත් කිව යුතුය...








මෙය නරඹා අවසන එයින් තවත් කිලෝ මීටර් දෙකක් පමණ දුරින් ඇති අමනාවල ප්‍රදේශයේ  ඇති වී ඔයහරහා කුඩා බැම්මක් බැඳ විදුලි බලාගාරයක් සඳහා ජල ටැංකියක් ඉඳිකර ඇති ආකාරය බැලීමට යෑමට වූවද හැකියාව ඇත.. එහෙත් එම මාර්ගය දුෂ්කරය... නමුත් වාහනය අතරමග නවතා මීටර් පන්සීයක් පමණ දුරක් පයින් යා හැකිනම් එය ගැටළුවක් නොවේ...

විශේෂයෙන් සඳහන් කල යුතු දේ නම් මුළු ගමන් මාර්ගයටම එකම එක පොලිතින් කැබැල්ලක් හෝ අවම වශයෙන් පත්තර කොලයක්වත් නැති ප්‍රදේශයක් බවයි... ප්‍රදේශයේ මිනිසුන් මෙන්ම වතු සමාගම් මගින් ඉතාමත් හොඳින් පරිසරය ආරක්ෂාකරගෙන ඇති බව කිව යුතුය... නාන්නට සුදුසු තැන් ඕනෑ තරම් ඇතත් වෙනත් අනවශ්‍ය දේට ප්‍රදේශය සුදුසු නැති බවත් දන්වා සිටිමි. ආහාර පාන යටියන්තොටින් ගෙන යාම හෝ නිවසේ සිටම ගෙන යාම සුදුසුය...

කරුණාකර බලන්න ගියාට කමක් නැත... වනසන්නේ නැතිව ආපහු එන්න.. නැත්තං ඔය ඉන්නවා වගේම ගෙදරට වෙලා කාලා බීලා ඉන්න... 

49 comments:

  1. මරු ඇල්ලක් නේ බලන්ඩ ගිහින් තියෙන්නේ.....

    ReplyDelete
  2. "විශේෂයෙන් සඳහන් කල යුතු දේ නම් මුළු ගමන් මාර්ගයටම එකම එක පොලිතින් කැබැල්ලක් හෝ අයම වශයෙන් පත්තර කොලයක්වත් නැති ප්‍රදේශයක් බවයි... ප්‍රදේශයේ මිනිසුන් මෙන්ම වතු සමාගම් මගින් ඉතාමත් හොඳින් පරිසරය ආරක්ෂාකරගෙන ඇති බව කිව යුතුය..."

    අහන්නත් සන්තෝසයි...

    ReplyDelete
    Replies
    1. දකින කොට මටත් සංතෝස හිතුනා...

      Delete
  3. ඔන්න වටිනාම දේ. තවම අපවිත්‍ර වී නොමැති කම. ඇත්ත මේතැන අපවිත්‍ර කරනවනං යන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. අප්පචිචියේ මේකත් පොටෝ කෑලි වල හංවඩු ගහල නේ. දැං අපි හොරකං කරන්නේ මොනවැයි ගොයියෝ..

      Delete
    2. ඉස්සුවට අවුලක් නැහැ... හංවඩුවත් ඔහේ තියෙද්දෙං...

      Delete
  4. ලස්සන පැත්තක් වගේ. හැමදාම මේ විදියට තිබුණොත් හොඳයි.
    මොකද බං මේ මගින් නවත්තල.

    ReplyDelete
    Replies
    1. අඩේ මේකෙ එක එක වෙලාවට එක එක ඒවනෙ පේන්නෙ. මගේ කොමාගෙ ලෙඩක්ද?

      Delete
    2. @ ත්‍රිබාසා අයියා, මං මේ එන්නමයි හිටියේ අද පෝස්ට් එක නං අජරාමර එකක්. ඔන්න හවු වෙචිච හින්ද මෙතනම ලිව්වා. හැක්..

      Delete
    3. මොනවා හරි මගුලක් වෙලා පෝස්ට් එක පබ්ලිෂ් වෙලා තියෙන්නේ මං හිතන්නේ දැන් හරි.. ඒත් කෑල්ලක් අඩුයි... මට දැන් මතක නැහැ ඒ හරියේ මොනවද කෙටුවේ කියලා.. අන්තිම ටිකේ...

      Delete
    4. මටනං මේකෙන් වැදගත්ම දේ අර ත්‍රිබාසා කියන කෑල්ල.. මෙයින් පස්සේ අපිට ඇහැකි ප්‍රසන්නට ත්‍රීබාසා පරමේස්වර කියන්ට...

      Delete
  5. මොනාද බන් අයියේ උඹ කරන්නේ....? පත කොමෙන්ටුවක් කොටලා කොටලා දැම්මා විතරයි මෙන්න පෝස්ටුව නැතුව ගියා. අර කොමෙන්ටුවත් නෑ. ෂැක්...ආයේම කොටන්න වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. මං මේ පෝස්ට් එකට උන දේ හිතා ගන්න බැරිව හිටියේ..දැන් දන්නවා වෙච්ච දේ..උඹේ අර පත කොමෙන්ටුවේ බර උහුලගන්න බැරිව පෝස්ට් එක කඩං වැටිලා...:)

      Delete
  6. ඕලු ඇල්ලට වඩා ලස්සන වී ඔය. මාරය අර අන්තිමට කියල තියෙන දේ නං සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. වී ඔය ගැනනං කියන්න වදන් නැහැ..ඒක වතුරක් නෙවෙයි පැහැදිලි අයිස් කැටයක්...

      Delete
  7. මන් නම් පෝස්ට් එක බැලුවෙ නෑ

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ලස්සන ඇල්ලක්... අපේ රටේ ඉන්න බේබද්දන්ට, කලවැද්දන්ට ඕවට යන පාරවල් කියන්න එපා මාරයියේ... ඊට පස්සේ බෝතල් කටු , පොලිතින් විමානයක් විතරයි... කොච්චර අවවාද දුන්නත් බෝතලේ නැතුව ඕවා බලන්න යන අය ලංකාවෙ කීයෙන් කී දෙනාද ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත තමා... ඒත් ඔය අස්සේ මේවා දැක ගන්න කැමති අහිංසක සංචාරකයොත් ඇතිනේ මේ අපි වගේ..ආන්න එහෙම හිතලයි දාන්නේ...

      Delete
    2. Ahinsaka.................... e api ahinsaka kiyala hithan inna theruma wadaeee wage.... :O

      Delete
  10. ඔය පළාතේ රවුමක් ගහන්න ප්ලෑන් කර කර ඉන්නකොටම මේක දාපු එක නම් එල.. ඔය හරියෙ නැද්ද පොඩි හෝටල් කෑල්ලක් 2ක් එහෙම දවසක් නතර වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඕළු ඇල්ල ගාව උඩහින් තැනක් තියෙනවා කියලා මට කෙනෙක් කිව්වා... පැතුම් යනවනං මං ඒ පැත්තේ කෙනෙක්ගේ නොම්මරයක් දෙන්නං..මෑන් පොඩි කොත්තු කඩයක් කරන කෙනෙක්... ඒත් නවාතැන් ගැනත් තොරතුරක් දැනගතෑකි.

      Delete
    2. එල.. මම යන දවස් තීරණේ කරල ඔයාට කෝල් එකක් දෙන්නම්... ඔපිස් වැඩ අවුලක් වුණේ නැත්නම ලබන සති අන්තේ යන්නයි ඉන්නෙ.. මම කෝල් එකක් දෙන්නම්..

      Delete
  11. වටිනා කියන තොරතුරක් මාරෙ

    අර මාර්ග සටහන් තියෙන පුවරුවටත් වාහනයක් ඇනලා වගේ... හොයාගෙන යන්න හිතෙන විදියෙ බොහොම ලස්සන තැනක්... ස්වාධීනෙ වෙනස වැඩසටහනත් වතාවක් ඔය ඇල්ල පෙන්නුවා..

    ඔය වගේ අප්‍ර‍සිද්ධ දේවල් පොඩ්ඩක් හරි ප්‍ර‍සිද්ධ කලාම අපේ උන් එතැන වනසන එක නම් අපරාධයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එතැන හන්දියේ පාර ටිකක් ඉඩමදි..කවුරු හරි පළල් කරන්න හදලද කොහේද..:D

      Delete
  12. ගෙනියන කෑම පන් පෙට්ටි වගේ භාජන වල දාගෙන යන්න කිව්වනම් හරි. බීම වර්ගත් මැටි හෝ ලී භාජන වල දාගෙන් යන්න කිව්වොත්. අර පුවක් කොළ වල පැණි ගෙනියනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඒවා ප්‍රායෝගිකව කරන්න අමාරු වැඩ සුදීක... ගමනක් වෙනුවෙන්ම කියලා පන්කොල පෙට්ටි හොයන්න ගියොත් ඒක විහිළුවක් වෙයි... එයිට වඩා ලේසියි ගමනකදී පොඩි කුණු උරයක් පවත්වාගෙන යෑම... වාහනයක යන කෙනෙකුට ඕක ඒ හැටි අමාරුවක් නෙවෙයිනේ... මම ඔය කොහේ ගියත් අන්තිමට ගෙදර එද්දී ගෙවල් කිට්ටුව තියෙන කුනු එකතු කරන සිමෙන්ති කොටුව ගාව විනාඩියකට නැවතිලා මුළු ගමන තුලදීම එකතු කරගත්ත කුණු ටික ඒකට දාලා එන්නේ... ඕක මහ දෙයක් නෙවෙයිනේ... මගේ යාළුවෝ ටික එක්ක කාර් එකේ ගියත් අපි වෙනම බෑග් එහෙක ඔය එකතු වෙන සිලි කවර.. කෑම කොල..බිස්කට් පෙට්ටි..වතුර බෝතල් එකතු කරං එන්නේ... කුණු දාන නියමිත තැනක් අහු උනාම දානවා.. නැත්තං ගෙදර ගේනවා...

      Delete
    2. ඒක හොඳ ආදර්ශමත් ක්‍රියාවක්. මමත් ඔය වගේ පොඩි වැඩ කරනවා. සුද්දෝ ලංකාවට ආවත් අතේ ගුටි කරගෙන යනවා තමන්ගේ කුණු. අපේ උන් තමා වනසන්නේ.

      Delete
  13. වැඩේ නම් මාර වටිනව මාරයා..!
    පාරවල් වල තත්වයත් කිව්ව එක හොඳා.
    දිය ඇල්ලෙ ගලක පච්ච කොටපු එකා මොකාද බං..!

    ReplyDelete
    Replies
    1. හිටහංකෝ ඔය පච්ච සිරාලා ගැන කියන්ට ඊ ළගට...

      Delete
  14. නියමෙටම නියමයි මාරෙ අයියෙ...

    අන්තිමට රතු පාටට තියෙන ටික උපරිමයි...
    (බුකියෙ තිබ්බ පොටෝ වලින් දැක්කෙ බූරුවෙක් හැම ගලකම පහරල තියෙනව..)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන් මලයා... බූරුවෝ දෙන්නෙක්...

      Delete
  15. තවම නොයිඳුල් පරිසරයක් වගේ. හරිම ලස්සන දිය ඇල්ල. බලන්න යන අය මේවා විනාශ නොකර බලල එනවා නම් තමයි ඉදිරියටත් රැකෙන්නේ මෙවැනි ස්ථාන.

    ReplyDelete
  16. අදමයි ඇහුවේ ඕලු ඇල්ල ගැන..... ෆොටෝ වල හැටියටනම් ලස්සන පාටයි.....

    ReplyDelete
  17. වැදගත්ම කියමන තියෙන්නේ අංතිමට මාරයියේ ස්තුතී දැනුවත් කිරිමට ලඟකදි රවුමක් යන්න බැරි උන එකේ හැකි උනොත් යමි

    ReplyDelete
  18. මග විස්තරත් එක්ක දාල තියෙන එකනම් ගොඩක් වටිනවා...

    ReplyDelete
  19. ඇල්ල නම් හරි ලස්සනයි.

    "නාන්නට සුදුසු තැන් ඕනෑ තරම් ඇතත් වෙනත් අනවශ්‍ය දේට ප්‍රදේශය සුදුසු නැති බවත් දන්වා සිටිමි" වෙනත් අනවශ්‍ය දේ කිව්වෙ?

    ReplyDelete
  20. ලස්සන තැනක්..
    සේරටම වඩා අන්තිමට කියපු දේ වටිනවා.. කොමෙන්ට් එකක් දාල තියෙන කුණු උරේ කතාවත් ගොඩක් වටිනවා.

    ජය..

    ReplyDelete
  21. post ekehi athi siyaluma thorathuru sathya ha niweradi bawa kithulgala kollek lesa ithamath wagakemen sanatha karanawa.

    Godak watinawa maraiye. Man nam podi kale lee kota paalame yanna tikak withara bayai.

    ReplyDelete
  22. ඕළු ඇල්ල අදමයි ඇහුවේ.. යන්න ඕන බලන්න ලංකාවට ආවම..

    ReplyDelete
  23. සන්තෝසයි මෙහෙම දෙයක් ගැන ලිව්ව එක ගැන නම්. අපිත් සබරගමුවේ උනාට ඕවයේ ගිහින් නෑනෙ.

    ReplyDelete
  24. මාර යාළුවා,

    නියම තැනක් නේ. මේගැන හොයනකොට මට තවත් බ්ලොගයක් හමුවුනා. වටිනවා කියලා හිතුන නිසා ඔන්න ලිංකුවකුත් දැම්මා.

    http://www.nadegura.com/sinhala/2011/09/olu-ella-falls-yatiyanthota/

    ReplyDelete
  25. මාගේ උන වැරැද්ද පෙන්නලා දීපු එකට ගොඩක් ස්තූති. කෑගල්ල වෙනුවට ඒ අවස්ථාවේ ටයිප් උනේ ගාල්ල කියලයි. පසුව දැන් තමයි මේක දැක්කේ. එළකිරි එකේ පරණ පෝස්ට් එක දැන් එඩිට් කරන්න බැරි නිසා ආපහු වැරැද්ද නිවැරදි කරලා පෝස්ට් කරා. ස්තූති.

    ReplyDelete