02 November 2012

මාතර උන්දලගේ කෙරුවාව...

"වැඩ බැරි උනත් ගම ගාල්ලේ..."
"බෙන්තර ග‍ඟෙන් එහා පූස් පැටියෙක්වත් විස්සාස කරන්න එපා..."
"දකුණේ ඈයෝ රට කපටියෝ.."

ඔය කතා මම කිව්ව ඒවා නෙවෙයි... කාලයක් තිස්සේ සමාජයේ අහන්න තිබුන කථා... ඒවායින් දකුණේ අය ගැන එක්තරා අන්දමක චිත්තරයක් හිතේ මවා ගතෑකි... (ටිකක් බය හිතෙනවා... )

ඇත්තම කතාවනං ඉතිං දකුණෙ මිනිස්සු බොහෝම වීරියවන්ත දක්ෂ උදවිය වගයි.. දකුණෙන් එන ඈයින්ට රටේ අනිත් පැතිවල උන්දලා ටිකක් බයයි.. මොකද උන්දලා අද ගැහුවොත් එතැන අනිත් අයට ආයේ කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැති හින්දා...

මං ඉතිං ඉස්කෝලේ යන කාලෙම තීරණය කලා කැළණි ගගෙන් එහාට..ඒ කියන්නේ කොළඹට ගිහිල්ලානං රස්සාවක් කරන්නේ නැහැ කියලා... ඒ වෙන එකක් හින්දා නෙවෙයි ඉස්කෝලේ යන කාලේ කාපු කට්ට හින්දමයි... ඕක අපේ තාත්තට කිව්ව වෙලේක උන්දෑ කිව්වේ 

"කැළණි ‍ගගෙන් එහාට රස්සාවට ගියත් කමක් නැහැ හැබැයි කලු ගඟට එහායින් පරස්තාවකටත් යන්නේ නැතිව හිටිං"

උන්දෑ කිව්වේ බෙන්තර ගඟක කතාවක් නෙවෙයි කළු ගඟ ගැන... බෙන්තර නෙවෙයි කලු ගග පැන්න ගමන්ම තත්තේ භයංකරයි කියලා වෙන්ට නැතෑ ඒ කියන්ට ඇත්තේ..නැද්ද හා... (දැන් මට මොන වගේ ප්‍රහාර වලට ලක් වෙන්න වෙයිද මංදා..?)

ඒ කොහොම උනත් අපි නොදන්න දකුණේ.. ප්‍රධානම නඟරයක් උන මාතර ගැනයි මේ කතාව...


ලොකු ලොකු පොත් කියවන අතරේ ඔන්න කියවන්න හොඳ අපූරු පොතක්... වැඩිය නැහැ මේකේ මිලනං ගහලා තියෙන්නේ රුපියල් 260යි කියලා... පිටු 144 ක් තියෙනවා... මාතර ගැන නොදන්න අයට වගේම මාතර අයටත් තමුන්ගේ පුරා ජේරු හපංකං වගේම මෝඩකං ගැනත් මේකෙන් බලා ගතෑකි...


මේකේ පළමු වැනි මුද්‍රණය 2008 කියලා සඳහන් වෙලා තියෙන්නේ ඒ කියන්නේ වැඩි ඈතක නෙවෙයි.. තාමත් මාතර මෙහෙමද..?


 මට උනත් කාලයක් තිබුන අවුලක් තමා මුං මේ ජූල් ජූල් කියන්නේ අහවල් එහෙකටද කියලා... ඒකට ටක්කෙටම උත්තරේ හම්බ උනේ මේකෙන් තමා... යකෝ මේ දිවුල්නේ...


මාතර නෙවෙයි මට අපේ අර රත්ගම බුවා මතක් උනා... මුංදලගේ බාසාව ගැන කුමන කතාද...?


මාතර බත් කඩ ගැන ‍වගේම මාතර ගුරුකං ගැනත් මේකේ ලියවෙලා තිබුනා...


ඒකත් ලේසි බත් කෑමක් නෙවෙයි... දකුණේ අයට වගේ නෙවෙයි මටනං රතු බත් කන එක මරන්නැහේ වැඩක්...

හප්පා ඒ කිරි කෑම ගැනනං කුමන කතාද..? දානෙකට ගිය වෙලාවක තමා මම මුලින්ම ඔය මාතර කිරි කෑම තේරුං ගත්තේ... එහෙමත් කිරි කෑමක්... බත් එක්ක..කේක් එක්ක..කුහරං පිට්ටු එක්ක... හොඳි එක්ක ඔය කන්න තියෙන ජාති හැම එකක් එක්කම ‍කලා බලන්න උනා... අපූරු වැඩේ...


දොස්තර එස් ඒ වික්‍රමසිංහයන් ගැන කියවුන පරිච්ඡේදයට බොහෝම හිත යනවා... දොස්තර කෙනෙක් වෙච්ච අපි නොදන්න ඈත රටක "චේ"ට දින වෙන් උනාට අපේ "චේ"ලව අපේ උන්ම අමතක කරලා... රට බඩු කොහොමත් අපේ උන්ට වටිනවනේ..අපේ ඒවට වඩා...

ඇදයක් නැතිවත් බැහැනේ... ඔය තියෙන්නේ වංගුවක්ම...

සුනෙර ප්‍රකාශකයෝ... 64,දේවාල පාර,නුගේගොඩ...

කැමැත්තෙක් සොයා බලා ගත්වා... ගෙවන ගානට පාඩු නැති විත්තියට මං සහතික වෙන්නං...
 ඒ කියන්නේ අර කාකා කියන්නැහේ අ.පො.ස. වෙන්නේ නං නැහැ...

158 comments:

  1. Replies
    1. මමත් මාතර අවුරුදු දෙකක් විතර හිටියා... රැකියාව නිසා අවට ගම් පලාත් බොහොමයක් ඇවිද්දා...
      මාතර රෙදි කඩවලට වඩා තියෙන්නෙ රෙදි ගෙවල්...
      ඌරුබොක්ක පැත්තෙ ගිය දවසක කඩේකින් බත් කන්න ගියාම තිබුනෙ රතු හාලෙ බතුයි දෙලුයි බල මාළුයි.. හපෝයි... මම නම් කනවා ඔහෙත් කන්න කියලා මගෙ යාලුවා කිව්වා ... පස්සෙ එයාතුයි මමයි කෑවා..:)

      Delete
    2. මං හිතන්නේ ඒ කාපුවා තාම දිරෝ ගන්ට බැරි වෙලා හැඩයි... :D

      Delete
  2. Replies
    1. ස්තූතියි චින්තක අයියා...

      Delete
  3. ඔය පොත මං ගාව තියෙනවා....

    බුක් එක්සිබිෂන් එකෙදි සමරසිංහ ගුණසේකර මහත්තයා අත්සන් කරලම දීපු එකක්.. හි හි... එයාගේ හිත හොඳ දොස්තර ෆෑන් කෙනෙක්නේ මම....

    ඔය පොත ගැන හොඳ කතාවකුත් කියලාම තමයි දුන්නෙ...

    “ ඔන්න මාතර පැත්තෙන් කොල්ලෙක් වත් හොයා ගන්නවා නම් මේක පරිස්සම් කරලා ළඟ තියාගන්න.. ” කියලා... හි හි...

    මෙදා පාර නම් මට සුනෙර ස්ටෝල් එක් හොයාගන්න බැරි උනා....

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න.. ගානට පාඩු නෑ... හොඳ පොතක්...

      කතා දෙකක් තුනක් කියන්න කියලා බැලුවේ... මම මේ පොත ගෙදර දාලා ඇවිත්...

      Delete
    2. යන යන තැන පොතුත් අරගෙනද යන්නෙ..... :O

      Delete
    3. ගෙදර කිව්‌වේ කසාද බඳින්න කලින් හිටපු ගෙදර බුද්ධි.. හි හි...

      මම ම‌ෙග් පොත් වලින් ගොඩක් ගෙදර දාලා ආවා.. මේ කුලියට ඉදිල්ලත් එක්ක හැමතිස්සේම ගෙවල් මාර කරද්දි පොත් නාස්ති වෙන නිසා...

      Delete
    4. ආ.... එහෙමද? මෙහෙම කරන්න. පොත් පීඩීඑෆ් කරලා පෙන් එකේ දා ගන්න. පුස්කතාලයක් ම එතකොට සාක්කුවේ! හෙහ් හේ.... :)

      Delete
    5. බුධිගේ හිනාව දැක්කම මතක් වුනේ ඔබා මාමාව .. ඔබා මාමාත් හිනා වෙන්නේ ඔය විදියට තමා

      Delete
    6. අපරාදේ හිරුවට තිබුනේ මාතරින් එකෙක් හොයා ගන්ට... එහෙමනං අර පොතෙන් වැඩක් ගන්ට තිබුනා...

      Delete
    7. සුදු මුවා,

      ඒ වගේ හිනා වෙන්න තියෙනව නම් කොච්චර එකක් ද?

      Delete
  4. මාරයියා මක්ක කියෝනවද මන්ද? ඔහේ ඒ පොත ඇන්න ගහගෙන හිටියේ අහවල් කෙංගෙඩියක් කොරන්නයැ?? මරු කතාවක් තියෙනවා. ඒ දවස් වල දුවපු “මේ දෑස කුමටද“ පටිය මාතර පැත්තේ හොල් වල දැම්මට දුවන්නේ නැතිලු. ඒ පාර හෝල් අයිතිකාරයෝ කතා බහ කරල පටිටයේ නම වෙනස් කරල පෝස්ටර් දැම්මට පස්සෙලු සෙනග සූ ගාලා ආවේ.

    “මේ දෑස මක්කටෙයි“

    ReplyDelete
    Replies
    1. මම අහල තියෙන්නෙ ‘මේ ඇස් ගෙඩි දෙක මක්කටෙයි‘ කිව්වය කියල.

      තව මේ පැත්තෙ වහරන හැටියට “ඇහැක් විදියට කනක් ඇඳපන්“ කියල කියන්නත් පුළුවන්. :)

      Delete
    2. ආන්ට හරි. එහෙම තමා මං හිතන්නේ...

      Delete
    3. එයිටත් පස්සේනේ ඔය චිත්තර පටිය මහියංගනයට ගියේ.. එහෙදිත් ඔය අවුලම උනා.. "මේ දෑස කුමටද" බලන්න එකෙක්වත් නැහැ... එයින් පස්සේ මාතර සූත්තරේ කරලා බැළුවා.. ඒත් "මේ දෑස මක්කටෙයි" බලන්නත් එහෙමට කට්ටිය හිටියේ නැහැ... එයිනුත් පස්සේ තමා හරියන නම ගැහුවේ... වැඩේ කොඩ මෙන්න එනවා කට්ටිය පොරෝ කෙටි කරේ තියං පෝලිමේ... ඒ පාර නම වෙනස් කොරලා තිබුනේ මෙහෙම..

      "මොර ගෙඩි දෙක කුමට අඬා"

      Delete
  5. මට නොතෙරෙන්නෙ දකුණෙ ඈයො කොළබ එද්දි කැමරා කාරිය උස්සන් එන්නෙ මොකද කියලා.. ලොල්.. කවදා දැකපු එකක්ද.. :P

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ අර ප්‍රවීන් ඉන්දරනාම වගේ ඈයෝ ගැනද..?

      Delete
  6. ඔහේ මක්කටෙයි මාතර ඈයින්ට කොචෝක් කරන්නෙ.

    ReplyDelete
  7. හොඳ විස්තරයක්.

    මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ අපේ ගම පොත මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. මට ඒක අහුවෙලා නැහැ..හොයං කියවන්න ඕන...

      Delete
  8. අනූ ගණන්වල තිබුණ මාතර නං දැන් ටිකක් වෙනස් වෙලාය... බෝධිය, තේක්ක ගහ, නොසැලී හිටියට බ්‍රොඩ්වේ හෝල් එක කාර්ගිල්ස් එකක් වෙලාය...නිවෙන පත්තුවෙන ලයිට් එළි මාතර පාරවල් මැදට ඇවිත්ය...
    ඒත් ඉතින් බාගයක්වත් මාතර වුන නිසා අපි තාමත් රතු කැකුළු හාලෙ බත් ටිකක් කාලා ඉන්නව...

    ReplyDelete
    Replies
    1. තේක්ක ගහත් හරියට ස්මාරකයක් වගේ තමා :) ඔය ගහ යට බස් එනකන් මාත් ඉඳල තියනවා..

      Delete
    2. ඔන්න මාතර උදවිය කල එළි බහින්ට අරං...

      Delete
    3. ම් ගොඩක් ඈයෝ දකුනෙනේ බලාගෙන ගියාම...

      Delete
  9. ඔහේට ගොඩක් පිං මේ කාරියට. අර මක්කටෙයි තාත්තා කිව්ව කාරියම කොරන්නේ. ඔහේ කැමතිනම් මම මෙහෙන් හිච්චි කෙල්ලෙක් බලන්නෙයි..හැබැයි පුතේ ගම ගාල්ල පුක ලෑල්ල...

    ReplyDelete
  10. උතුර ,දකුණ යාකරලා පාලමක් හදමු කියල කියන්නෙ මුන් අපේ පැත්තෙ එනඑක නවත්තන්න වෙන්න ඇති. තාත්තල ඕව කිව්වේ කට කහනවට නෙමේ බොලවූ....

    ReplyDelete
    Replies
    1. හම්හේ ඔව්..දකුණේ ඈයෝ කෙලින්ම උතුරට පැටෙව්වනං එහෙත් අල්ලයි සතියෙන්...

      Delete
  11. ඔය කොයි කාලෙද බං මං මේ ටික කාලෙකට උඩදි යනකොට හංදිවල කලර් ලයිට් හිටං හයිකරල තිබ්බ.

    ජූල් කියන්නෙ ශක්තිය මනින ඒකකයක්නෙ බං. මාතර විතරක් නෙමෙයි මෙහේ කට්ටියත් ගස්ලබු, පැපොල් කියන දෙකම පාවිච්චි කරනව.

    නියම පොතක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ පොතේ තියනවට වඩා මාතර දැන් දියුණුයි. 2008 න් පස්සේ තමා ගොඩක්ම දියුණු උනේ. මම 2011 ලංකාවට යද්දී අන්දුරගන්නත් බැරි තරමට මාතර වෙනස් වෙලා.

      Delete
    2. මට මාතර ටවුම ගැන ඒ හැටිම විස්තරයක් කරන්ට තේරෙන්නේ නැහැ..මගේ මතකේ තියෙන්නේ මාතර බස්ටෑන්ඩ් එක තමා වැඩියෙන්ම... මං අනූ හයේ හතේ වගේ කාලේ සීටීබී වැඩ කරන කාලේ මාතර බස්ටෑන්ඩ් එක තමා ඒ කාලේ තිබුන හොඳම බස්ටෑන්ඩ් එක... අනිත් ඒවාත් එක්ක බලද්දී.. ඒකනං මං හිතන්නේ මංගලගේ වැඩ වලින් එකක් වෙන්ට ඕන.. දැන්නං ඉතිං කොහොමත් මහින්ද අයියා දකුණ ගැන බලනවනේ... වේගෙන් වෙනස් වෙලා තියෙන්ට ඇහැකි...

      Delete
    3. කොච්චර වෙනස් වුනත් මහ වීදිය නං ඒ හැටි වෙනස් වෙලා නෑ මයෙ හිතේ.. :D

      Delete
    4. ළඟදී මාතර ටවුමට ගිය මාත් හොල්මන් වෙලා ගියා. මේ ලංකාවද, නැත්නම් සින්ගප්පුරුවද කියලා.

      Delete
  12. ෂික්.....අපේ ගම ගාල්ල. කියල කවුරුව්ත් තාම පොතක් ලියල නැද්ද මන්ද..??
    මාත් අවු.ගානක් කොලඹ හිටිය ඒත් හැමදාම නෝන්ඩි කනව...."බොලා"....."හින්නෙක්විතර"...."උසික්කොරපන්"...."දොඩන්නෙ මොන අයි බං"...වගේ වචන නිසා.
    හැබැයි දකුනෙ කියපු ගමන් උදව්කරපු ඈයො හිටිය ඕනතරම්..! උනුත් දකුනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. දකුනෙ කෙනෙක් උදව් නොකර ඉන්නෙ කලාතුරකින්! විශෙශයෙන්ම ගමට පොඩි ඇදිල්ලක් තියෙනව.

      Delete
    2. අඩේ .... උඹත් දකුණෙ ද? දාපං මචං පහක්.

      ඇයි බං අර අර්නස්ට් වඩුගේ මහත්තය ලියල තියෙනව නේද ‘ගම ගාල්ලෙ‘ කියල පොතක්.

      Delete
    3. හෙනං !!! .. දකුණේ මිනිස්සු එලෝගෙන ඇවිල්ල සලකල යන්නේ .
      දාමු පහක් !!!

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අඩේ...වී අයියා ගාල්ලෙයි? ඔහේ මෙච්චර කල් කිව්වේ නැත්තේ මොකෝ? :ඩි

      දකුණේ උනත් මේ වචන සෙට් එක නගරෙන් නගරෙට වෙනස් වගේ..

      "ඔහේ" කියලා නම් අපිත් කියනවා. හැබැයි දකුණේ අයත් එක්ක විතරමයි. අනිත් අයට ඉතින් "උයා" කියලා තමයි කියන්නේ.. හිහි

      Delete
    6. මේ පෝස්ට් එක දැම්මා වගේ නෙවෙයි..මට පේන්නේ ඒ පාර දකුනේ උන්දලා ටික දැන අදුරගෙන කල්ලි ගැහෙන්ට ඉඩ තියේ වගේ...

      Delete
    7. අනිවා. අනිවා. පොඩි මෑන් මට දැනටම සෙට් වෙලා ඉවරයි.

      Delete
  13. හෝඩුවාවට ස්තූතියි... පොතේ ඔක්කොම පිටු මේ විදියට දැම්මා නම් මරු කියලත් හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සොරි සිරා, පල්ලෙහා දාන්ටෝන එක මෙතන වැරදිල වැටුන. :)

      උඹ කියන ඒව කරන්න ගිහින් පොතේ අයිතිකාරය මාරයට නඩුදායි.

      Delete
    3. එහෙම දැම්මොත් ඒක මේක මහන්සි වෙලා ලියාපු කෙනාට ලොකු අසාධාරණයක් නෙව... තව මේකේ අපූරු කතා රාසියක් තියෙනවා... "ආරියදාස මුදලාලිගේ වෙසක් එකට දෙන දුන් තෙල් බත් දන්සැල"
      "සෙක්කු කඩේ හින්නි මහත්තයගේ කතාව" ඒ අතරින් අපූරු කතා...

      අරං කියවන්නම බලමු සිරෝ...

      Delete
    4. හින්නි මහත්තයගේ කතාව තාම මතකයි.
      කොහොමද මිනිහගේ කවිය

      බීල බීල වෙරිවෙලා
      කානු අස්සේ රිංගලා
      අප්පට වැඩියෙන් පුතා
      විස්කි බ්‍රැන්ඩි බී ඇතා

      සහ "මං යනවා" කියලා ගියහැටි.

      Delete
    5. ඇයි අර අනිත් එක...

      ලංකාවේ රජකම මට දෙන්න හදනවා...
      මම එබයි කියනවා...
      මුන් මගෙ ඇගේ ගහනවා..
      මම තල්ලු කරනවා...

      :D:D:D

      Delete
  14. මක්කෙයි ඔහේ මේ දොඩන්නෙ. හඳට ගල් ගහපු එවුන් ඉන්නෙ මොරවක් කොරලේ, හරිය. මාතර ඉන්නෙ එළ කොල්ලො.

    ReplyDelete
    Replies
    1. යකෝ ඒකත් එහෙද..? ඒ මදිවට සයුරිත්...

      Delete
  15. අපේ අප්පච්චිත් කැම්පස් යන්න කලින් කිව්වේ බෙන්තර ගඟෙන් එහා නම් එපා පුතෝ කියල! හික්ස්!
    අඩේ බලං ගිහාම ඒ පැත්තෙත් මාර මාර ඒවා නේ වෙන්නේ ඈ!

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවලටත් ආවේණික ගති ලක්ෂණ කතා බහ ඇති.. ඒත් මේ දකුනේ තරං ඒවා වෙන් කරලා හඳුනා ගන්ට අමාරුයි...

      Delete
  16. දකුණේ ඈයෝ ගැන කියපු කතා නම් අහලා තියෙනවා..ඉස්සර කැම්පස් ඉද්දි නම් හිතුනා සමහර ඒවා ඇත්තමද මන්දා කියලා..එහෙම කිව්වට බෑ. කොයි පැත්තෙන් එක එක ජාතියේ අය ඉන්න හන්දා..

    පොත ගැන අහලා තිබුනට කියවලා නම් නෑ. මාතර පැත්තෙ කතාවට තමා මම හුඟාක්ම කැමති. ඇහෙද්දී මට හිනා නොවී ඉන්න බැරුව යනවනේ..ඒක තමා හොඳම නැති දේ...

    මොකෝ අයියන්ඩි දොඩං නැත්තේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාටත් කවුරු හරි කිව්වද එහෙම.........නෑ කොලඹ පැත්තෙ දොඩංනැද්ද කියල ඇහැව්වම හිත්න්නෙ වෙනදෙයක්...:))))..:D

      Delete
    2. ඔහේ අපේ බාසාවට මක්කවත් කියන්න එන්න එපා හොදේ හරිය.... :)

      Delete
    3. දොඩං නැත්තේ අවාරෙ හින්දා බොල.එන්ට එපා ඒ ඇත්තංගේ බහට නක්කලේ දාන්ට

      Delete
    4. "ඈයෝ" කියන්නේ කවුද බොල? :))

      ඔව් ඔව් මාතර බාසාවට හිනා වෙන්නේ එහෙම නෑ හරිය?

      Delete
    5. බුදු අම්මියෝ... මෙන්න මුන් වස්තර කරට අරං එනෝ...

      Delete
  17. හානේ...ජූල් කියන්නේ දිවුල් වලටද?? අදනේ ඒක දැන ගත්තේ....

    ReplyDelete
    Replies
    1. මටත් ඕක ටැපලිලා හිටියේ...

      Delete
  18. මම දකුනේ අය ගැන මෙහෙම කතාවක් අහලා තියනවා.දකුනේ අය දියුනු වෙන්න ගම අතහැරලා කොලඹ එනව එහෙම නැතිනම් ලංකාවෙම වෙන කොහෙ හරි ගිහින් පදිංචි වෙනවනෙ.ඉතින් ඉස් ඉස්සෙල්ලම ගමෙන් පිටත් වෙන දවසෙ උදෙන්ම වත්තෙ හිටවනවලු ගස්ලබුපිත්තක්.ඊටපස්සෙ අම්මට කියනවලු අම්මෙ මතක ඇතුව උදේ හවස මේ ගස්ලබු පිත්තට වතුර දාන්න.මේක පැලවෙච්චි ගමන් මට ටෙලිග්‍රෑම් එකක් ගහන්න මම පහුවදහම ආපහු ගමට එනව කියල.කොයිලෝකෙද ගස්ලබුපිති පැල වෙන්නෙ?ඉතින් ඒ හින්ද ඔය දකුනෙන් එනෙ කිසිම කෙනෙක් ආපහු ගමට යන්නෙ නැහැ.අපෙත් යාලුවෙක් හිටියා ඌට වැටිල තිබුන නම "මක්කැයි බොලේ".තවත් දෙයක් තියනවාදකුනෙ කෙනෙක්ගෙන් ගම අහපුවහම කියන්නෙ ගාල්ල හරි මාතර හරි කියලා.ඒ වුනාට ටවුමෙ ඉඳන් තව ඉටිපන්දම් පැකට් දෙකතුනක විතර යන්න තියනවා.

    ReplyDelete
    Replies
    1. දකුණු පළාතටම ගම දෙකයි තියෙන්නේ.
      මාතරම තව කෙනෙක් වුනොත් තමයි අහන්නේ , මමත් මාතර , ඔහේ කොහෙද කියල,
      ඊට පස්සේ මැතිවරණ කොට්ටසේ , ලගම නගරේ, බස් නවත්තන ලගම ගම එහෙම කියල අන්තිමට ග්‍රාම නිලදාරී වසම කියන්නේ

      Delete
    2. කොළඹ අයත් ඔහොම නේද? මාලඹේ ඉන්න එකා කියන්නෙත් කොළඹ කියලනේ..

      මාතර මල්ලි : හම්බන්තොට කට්ටිය එතකොට?

      Delete
    3. එතනත් හම්බන්තොටට කැපිල්ල.. හරි අෂාධාරණයි..දකුණේ උන්දලම එහෙම කෙරන එක...

      කුමාරයා අයියා‍ගේ කතාව මසුරං... ඔය පොතේම එක පරිච්චේදයක් තියෙනවා
      "මාතර අපි මේ තරම් ඥාණවන්ත ඇයි" කියලා... අන්න කියවලා බලන්ට වටින කෑල්ල... ඒකටත් ඔය අයියා කියාපු පැපොල් පිති කතාව ලගින් යනවා...

      Delete
    4. @ සයුරි: හම්බන්තොට අය කවූරුත් කියන්නේ බෙලිඅත්තේ කියලනේ.
      ඔය කියන ගණන එකතු කරලා බැලුවොත් , හම්බන්තොට මුළු ජනගහනෙට කිට්ටුයි

      Delete
  19. ඔහෙලා හිනා වෙන්නේ මාතර වචන වලට විතරනේ. ඔය කන්දේ මිනිස්සු කන්ට බොන්ට ඉන්ට කියන.
    හැම එලවලුවකටම මාළු කියලත් කියවනේ.
    අම්මි තාත්ති කියල කියනවා
    ඒවාට මක්කාවත් කියන්නේ නැහැ නොව

    අපි හිතල මාතර ගැට්ටක් හදා ගන්නවා නෙවෙයි. ඒක ඉබේම වෙන දෙයක්. අනිත් ඒක තමයි, ඒ පැත්තේ දුරින් හරි නෑකමක් තියනවා නම් ඒක කියන්න මිනිස්සු කැමතියි.
    කොළඹ ආපු අලුත , මනුස්සයෙක් එක්ක හිනා වුනත් අහනවා මාතරද කියල. ඒ තරමට ඒ පැත්තේ අයට අපිව අදුර ගන්න පුළුවන්

    මාරයා කිව්වා වගේ මාතර මිනිසුන්ගේ අඩුපාඩු ඕන තරම් තියනව. තරහ යනවා වැඩි එකත් ටිකක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මාතර මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියාම එහෙ අය ඔක්කොම කතා කරන්නෙ " ඔහේ ඔහේ " කියලා. අනේ ඉතින් මට හෙන අප්සෙට් ඒ කතාවට. පස්සෙනෙ දන්නෙ විස්තරේ... හැබැයි ඉතින් අපි නම් ඔහේ කියන්නෙ ටිකක් විතර කේන්ති ගියාම...

      Delete
    2. මාතර විතරක් නෙවෙයි මාතර මල්ලි රටේ හැම පළාතේම ඔය කියන්නැහේ එක එක ආවේෂික ගති ලක්ෂණ තියෙනවා... ඔය වෙනස මං හොඳටම අත් වින්දේ කුරුළු හමුදාවේ ඉන්න කාලේ... රට වටෙන්ම ආපු ඈයෝ එක්කනේ හිටියේ... හැබැයි වැඩිම පිරිස හිටියේ දකුණේ සහ ඌවේ... අපේ කෝස් එකේ හිටිය දාහකට ආසන්න පිරිසෙන් අඩුම පිරිස හිටියේ බස්නාහිරින්.. මං හිතන්නේ මාත් එක්ක ගත්තොත් විස්සක්වත් නැති තරං... බාගෙට බාගයක් දකුනේ... ඒකෙන් තේරෙනවනේ රටේ යුද්ධය දිනන්න උනත් හේතු උනේ කොහේ උන්දලද කියලා... ඔය අතරෙ දකුනෙන් ආව බූස්ස රත්තගම අකුරැස්ස වගේ පළාත්වල උන්නං රටේ වෙද්දූ.. හැබැයි මොකක් හරි ගේමකට ගියොත් උන් කෑල්ලෙන් කෑල්ල ගියත් අතාරින්නෙනං නැහැ... ඕන දේකට විස්වාසේ තියලා එක්ක යන්න ඇහැකි බූස්ස පැත්තේ උන් ටික... හැබැයි ඒ වගේමයි උන්ගේ ඇම්ඩා වැඩත්...

      සමහර විට මේක දැකලා සමහරු මට බනීද දන්නේ නැහැ.. ඒත් මුළු කෝස් එකේම හිටිය මෙලෝ රහක් නැති උන් ටික ඇවිත් තිබුනේ කන්ද උඩරටින්... උන් එක්කනං මෙලෝ දෙයක් කරන්න බැහැ... ඕකයි ඇත්තම කතාව... :D උන් එක්ක ගත්තම දකුනේ උන්ට මල් තියලා වඳින්න හිතෙනවා... ඒ කාලේ මං අඳුනා ගත්ත හැටියට මටනං ලංකාවේ හොඳම මිනිස්සු ටික උනේ ඌව වෙල්ලස්ස පැතිවලින් අම්පාරෙන් ආව උන්... පුදුම මනුස්සකමක් වගේම කැපවීමක් තියෙන හරිම ආත්ම ගෞරවේ ගැන හිතන අහිංසක කොල්ලෝ ටිකක් හිටියේ...

      Delete
    3. පට්ටය.... පට්ටම පට්ටය. මෙන්න මල්...

      Delete
  20. මමත් මාතරය.. මුකුත් කියන්න එපා හරිය...

    ReplyDelete
    Replies
    1. මං හිතුවා මල් සරා දෙව්ලොවින් කියලා...

      Delete
  21. හරි මාරේ පොත අරගන්නං අනිවා.....
    මචො උඹ නාලන්දෙද...

    ReplyDelete
    Replies
    1. නැහැ බං අර ප්‍රභාත් එක ගාවින් යන්න තියෙන්නේ ආන්න ඒකේ... :D

      Delete
  22. මාරයෝ මම ඉපදුනේ ගාල්ලේ. ඊ‍ට පස්සේ අවුරුදු දොලහකට පස්සේ මාතර පදිංචියට ගියා. ඒ නිසා මේ දිස්ත්‍රික්ක දෙකම ගැන අවබෝදයක් තියෙනවා. ‍ප්‍රදේශවාදය නම් හොද නැති දෙයක්. ඒත් මේ ලිපියට අනුව ටිකක් කියන්නම්. සාමාන්‍යයෙන් දකුනේ මිනිස්සු වැඩකට අතගැහුවොත් කොහොම හරි කරනවා. බහුතරයකගේ හැටි එහෙම තමයි. ඒ එක්කම ටිකක් තද චරිත. හරිද? ඔය වැඩි ආලවට්ටම් අපි ගාව නැහැ. හොදෙයි! ඔව් අපේ පැත්තේ බාසාව ටිකක් අමුතුයි තමයි. අපේ පැත්තේ මිනිස්සුන්ගේ හිතේ දේවල් තියා‍‍ගෙන ඉන්නවට වඩා ඒ වෙලාවෙම ඒවා එලියට දාල ගෝරියකට වුනත් පැටලැවෙන්න එච්චර පැකිලීමක් නැහැ. හොදද?

    මාතර පැත්තේ මිනිස්සු වෙළදාමටත් හපන්නු නිසා සාමාන්‍යයෙන් කතාවට කියන්නේ හදට ගියත් මාතර මිනිහෙක්ගේ කඩයක් තියෙයි කියල කතාවකුත් තියෙනවා. රතු හාලේ බත් නම් භාවිතය ඒ පැත්තේ වැඩියි තමයි. ඒත් එහෙන් පිටවුනාට පස්සේ නම් මට නම් ප්‍රිය සුදු හාල. ඒවුනාට සුදු හාල් කෑවහම වැඩේ තියෙන්නේ ඇග මහත් වෙනවා. බඩ පිපෙනවා. ඒවගේ දේවල් නම් තියෙනවා. රතු හාලේ වැඩේ තියෙන්නේ ගොරෝසු නිසා හොදි වැඩියෙන් ‍ඕන. ඒක නිසා තමයි දකුනේ මිනුස්සුන්ට බත් එක්ක ටිකක් වැඩියෙන් හොදිත් ඕන. තව ඕන නම් දකුනේ ජීවිතය ගැන ඕන තරම් දේවල් ඔහේට දෙන්නම්. හොදෙයි!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයිය ඉන්නෙත් මාතර ද ? , මාතර කොහෙද ?

      Delete
    2. බොහෝම ස්තූතියි දිනේශ්.. හොඳ විස්තරයක්...

      යකෝ මුං ඒක අස්සෙත් ගමේ උන් අඳුරගන්න හදනවා... මුංනං දකුනෙම තමා..:D:D:D

      Delete
  23. ඔන්න අපිත් හාහා පුරා කියල මේපැත්තට ආවා.. මොනව වුණත් මාතර භාෂාවනං අහං ඉන්ට ආස හිතෙනවා. මමත් ඔය දහයෙ එකොළහේ කාලෙ බත් කෑවෙ බොකු පිඟානකට. ඒ මම කොච්චරක් කනවද කියල කාවත් හිතාගන්ට බැරිවෙන්ට.. :-)

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිළිගන්නවා මේ පැත්තට...

      මාත් එහෙමයි.. හැබැයි මං වැඩියෙන්ම කෑවේ මැටි කෝප්පේ.. ආයේ මලාට කාටවත් මං කන තරමක් හොයන්ට බැහැ...

      Delete
  24. මටත් ජොබ් 1 ට ගිය මුල් දවස්වල මාරු වැඩක් උනා,මගේ මුල් පත්වීම ලැබුනේ බුත්තලට ,බැංකු ජොබ් 1 හැටියට ඕන කෙනෙක් ආපු ගමන් දාන්නේ කවුන්ටරේ වැඩට ,මන් ඉතින් කස්ටමර්ලගෙන් අහන්නෙම "ඔහේට මක්කයි ඕන", "ඔහේට කීයක්ද ඕනේ " වගේ දේවල් තමයි ,සමහරුන්ගේ මුණු නරක් උනත් මට වැඩේ මීටර් උනේ නෑ ,දවසක් පෙන්ෂන් ගියපු මහත්තයෙක් මැනේජර්ට පැමිණිලි කරලා තිබුනා "අර කවුන්ටරේ මහත්තයාට කියන්න කතා කරන්න ඉගෙන ගන්න කියලා " වෙලාවට මැනේජර්ට වැඩේ මීටර් වෙලා කියලා තිබුනා "ඒ මහත්තයා මාතර කෙනෙක් " කියලා

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට... හරියන එකෙකුට මාට්ටු වෙලා නැහැ..සමහරුන්ට ඔය ඔහේ කියන එකට හෙනට කේන්ති යනවා... එහෙම එහෙකුට මාට්ටු උනානං දත් නැතිව තමා බත් වළදන්න වෙන්නේ...:D

      Delete
  25. හේ හේ.. අපි බෙන්තර ගගෙන් මෙහා..
    පොත හොයාගෙන කියවන්න ඕනෙ..
    පොස්ට් එක වගේම කොමෙන්ට් ටිකත් මරු..

    ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...

      ඒ කියන්නේ බණ්ඩා කොළඹ ආව බණ්ඩෙක් නෙවෙයිද..? කොළඹ බණ්ඩෙක්ද..?

      Delete
  26. මාර අයියේ මාත් මාතර කොලුවෙක් අපිට එහෙම සද්ද දාන්න එන්න එපා අපි හරි වසයි ඔය පොතේ ඒ ගැනත් ඇති මන් හිතන්නේ , ඒකට කමක් නේ මේ පැත්තෙ ආපු වෙලාවක අපේ ගෙවල් පැත්තෙත් ඇවිල්ල පැපොල් ටිකක් ජූල් ටිකක් කාල යන්න එන්න අපේ ගෙදරත් හරියට හින්නෝ ඉන්නේ ( පොත ගෙන ටිප් එකක් දුන්නට බොහොම පින් අය්යේ මාත් ඕක හොයන කියවන්න ඕනේ )

    ReplyDelete
    Replies
    1. මාතර ඇයින්ටනං මේක කියවිය යුතුම පොතක් තමා... ඔය අහ යන වෙලාවක අපිත් එඤ්ඤං මොනා හරි කොටා බාලා යන්ට...

      Delete
  27. //අපේ පැත්තේ මිනිස්සුන්ගේ හිතේ දේවල් තියා‍‍ගෙන ඉන්නවට වඩා ඒ වෙලාවෙම ඒවා එලියට දාලා//

    ඒකටනං එකඝවීමට බැරිය , හංගලා ගැහිලි වැඩිය ,


    "මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල් කන්දෙවිදානෙ

    ReplyDelete
    Replies
    1. එහෙම කේසුත් නැතිවා නෙවෙයි... වැඩකරං යද්දී තමා තේරෙන්නේ.. හැබැයි අපිට තේරෙනකොට වෙලා අහවරයි...

      මොකද බං මේ දැන්වීම් කොළයකුත් ලියං යන්නේ... අර හෙන්රියාගේ පුරුද්ද ආවද..?

      Delete
    2. ඔහේ දකුනේ කෙනෙක් නොවෙන්න ඕන. මොකද ඒක නිසා වෙන්න ඕන එකඟ වෙන්න බැරි කතාව කියන්න ඇත්තේ. එහේ බහුතරයක් එහෙම තමයි. හැබැයි පළාතේ පිට ගියාම ඒ ඒ පළාතට අනුව හැඩ ගැහෙන්න සිද්ද වෙනවා. සාමාන්‍යයෙන් දකුණු පළාත ඇතුලේදී නම් පළාතේ ගති ගොඩක් දෙනෙක් ගාව හංගන්නේ නැතුව එළියට එනවා. ඒත් පළාතෙන් පිට ගියාම ඒ ඒ පළාතේ මිනිස්සු හෝ ‍ක්‍ෂෙත්‍රයට අනුව හැඩ නොගැසුනොත් වැඩ කාලයක් ඉහ ගහගෙන ඉන්න අමාරු වෙන එක ෂුවර්. දකුණේ මිනිස්සුන්ගේ එක් ‍විශේෂත්වය තමයි ඕනම පළාතක ඒ පළාතට ගැලපෙන විදියට හැඩ ගැ‍හැන්න පුළුවන් කම. ඔහේම කියන්න නුවර, කොළඹ හරි කුරුණෑගල වගේ පළාතක ඒ පළාතෙන් ගොඩක් දුර ගිහිල්ල ජීවත් වෙන මිනිස්සු කීදෙනාද ඉන්නේ කියලා. ඒත් දකුනේ පොරවල් රටේ හැම තැනකම ජීවත් වෙනවා. මමත් දැන් ඉන්නේ නුවර ගොඩක් දෙනෙක් හිතුවේ මම ටික කාලයකින් ආයෙමත් ගමට මාරුවෙලා යයි කියලා. ඒත් මට මේ පළාතට හැඩ ගැහෙන එක එච්චර දෙයක් වුනේ නැහැ. සතියක් යනකොට මෙහේ මිනිස්සු එක්ක පෑහෙන්න පුළුවන් වුනා. ඒ වගේම දකුනෙන් ආපු අය ගොඩක් මම වැඩ කරන ආයතනයෙත් වැඩ කරනවා. වෙනකක් තබා මේකේ මුල් පුටුවට ලඟකදී ආපු ගොඩක් දෙනෙක් දකුනෙන් ආපු මිනිස්සු. හැබැයි දැන් කියන්න එපා දේශපාලන බලඅධිකාරිය දකුනෙන් බිහිවුන නිසා දකුණට මේකේ මුල් පුටුත් යනවයි කියලා. ඒක මේ ආයතනයට හරියන්නේ නැහැ. උගත්කම, බුද්ධිමත්කම, දක්‍ෂකම මම වැඩකරන ආයතනයේ ඉහළට යන්න අවශ්‍යයි. ඒක නිසා ඔහේට මම කියපු දේ හරියටම දැන ගන්න ඕන නම් ටික කාලයක් දකුනේ ජීවත් වෙන්න (මෙහෙම කියුවේ ඔහේ දකුනේ කෙනෙක් නොවේ යයි උපකල්පනය කරලයි). !රෝමයට ගියා නම් රොමේ එකක් වගේ ජීවත්වෙන්න ඕන!

      Delete
  28. මාතරං උං ඇත්තද කියලා අහන විදිහ නං මරුය. 'ඇත්තෙයි..?' කියන එක ආවේගෙට තවත් ලොප් වෙලා 'එයි..? කියලා විතරය කියැවෙන්නේ.හරිම ආතල්ය.

    ReplyDelete
    Replies
    1. ඔය වගේම තමා අර මං කලින් වතාවක කිව්වා රත්ගමයා පත්තරේ බලන හැටි ඇහුවෙත්...

      Delete
  29. මොනවා උනත් මාතරට බයයිනේ

    ReplyDelete
    Replies
    1. කෝකටත් අපි ආරස්සා වෙලා ඉන්ට එපෑ...

      Delete
  30. මේක නම් ගන්න වටින පොතක්.
    උඹ දෙබරෙකට ගල් ගහලා ඒත් ඇවිස්සිලා නෑ ක්‍රමයට ගහපු නිසා.
    උඹට මාරයා කියන්නෙ නිකංයැ.:D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. කෝකටත් තෛලය හිසේගාං නෙව මේවා ලියන්නේ...

      Delete
  31. මාතර නොවුනට අපිත් ගාල්ලෙනේ.. :)

    ReplyDelete
  32. වෙන මුකුත් කියන් නෑ ..පොත ගැන කිව්වට ස්තුතියි

    ReplyDelete
  33. දැන් නේ එලි වෙන්නේ මාතර කට්ටිය කවුද කියලා...

    ඔහේට බොහොම පිං මේ ගැන කිව්වට.. ඔය පොත අන්තර්ජාලේ විකුනන්න නැතෙයි?

    ආ තව වචන ටිකක් කියන්නම්..

    මාතර අය පොල් ලෙලි ගහන්නේ නැත "ඔයනවා" ය. වෙන පළාත්වල උන්ට මේක ඇහුවම ආතල්ය.
    උළු "හොයනවා" ය. මේ වචනය "හෙවිලි කරනවා / හෙවිල්ලනවා" යන්නෙන් බිඳී ආ එකක් නිසා එහි පදනමක් ඇත. :)

    ReplyDelete
    Replies
    1. ඔයනවා කිව්වම මට මතක් උනේ... කාලයක් මං මහණ වෙලා හිටි සංදියේ ඔන්න මාතර පිරිවනකින් මට ගෝලයෝ දෙතුන් දෙනෙක් හම්බ උනා... අවුරුදු දා හතේ දහ අටේ ඈයෝ...

      උන්දලගෙන් තමා මට මුලින්ම ඔය ඔයනවා කියන වචනේ හම්බ උනේ... දවසක් දානේ නැති වෙලාවක මං උයන්න ලෑස්තිය... මෙන්න එක පොඩි නමක් කියනවා "ලොකු හාමුදුරුවෝ.. ඔහේ බත් එක උයන්න මං පොල් ගෙඩියන් ඔයන්නං" කියලා... මං බැළුවා මේ මොකක්ද කියලා..මට හිතුනේ මේ උයනවා කියලා කියන එකක් මට වැරදිලා ඇහිලා කියලා... මං ආපිට ඇහුවා "ඈ පියධම්ම පොල් උයන්න ඇහැකිද?" කියලා...

      "ඔහේ මක්කැයි කියන්නේ උයන්න නෙවෙයි ඔයාන එන්නං" කියලා...

      කොහොම හරි එහෙට මෙහෙට දෙතුන් වතාවක් කතා කලාම තමා තේරුනේ මේ ඔයනවා කියන්නේ පොල් ගෙඩිය ලෙලි ගහනවා කියන එකට කියලා... එක පාරක් ඔය වගේම ඉණිමගටත් මොකක් හරි අමුතු වචනයක් කියලා මට සෑහෙන වෙලාවක් ගියා ඒක තේරුං ගන්න.. හප්පා උන්දලා එක්ක හිටිය කාලේ..හිනා කාලා මැරෙනවා...

      Delete
  34. නියම පොතක් වගේ . පළාතෙන් පලාතට භෂාව වෙනස් වීම නම් අපුරු දෙයක්. අපේ මාමණ්ඩි ගාල්ලේ ගස්ලබු පිත්තක් හිටෝලා ආව කෙනෙක් . මගේ පැත්තෙන් නම් කිසිම සම්බන්ධයක් නැහැ බෙන්තර ගඟින් එහාට .

    දකුණේ අය දක්ෂයි කියල නම් කියන්න පුළුවන් . හැබැයි අපේ පැත්තත් සවුත්තු කරලා තියෙන්නේ දකුණේ ගැමුණු කෙනෙක් වෙච්ච එකයි කොස්සකට තියෙන්නේ .

    ReplyDelete
    Replies
    1. හා හා කට කට... ඒ ගැමුණුටනං මොනවත් කියන්ට එපා... මයේ යාළුවා...

      Delete
    2. මමත් දකුනේ. නුවර හිටියට මගේ ගොඩක් වැඩ ඒ පළාතේ විදියට තමයි, හරිය.අපේ පැත්තේ මිනිස්සු ඕන දේකට දස්ස තමයි..

      Delete
    3. දිනේසුත් අර කිව්ව පැපොල් පිත්ත හිටෝලාද ආවේ..?

      Delete
    4. මගේ පැපොල් පිත්ත පලවෙන්න කලින් ගමට යන්න ඕන ,කොහේ උනත් ගමවගේ නැහැ

      Delete
  35. ඔහේගේ මේ නස්පැත්ති වැඩ හින්ද අපි කෑවයි බිව්වයි මක්ක කොරනවද කියල හෙම හාන්ට වත් එකෙක් එයිද? මං කියන්නේ හෙම නෙවේද? දැං ඕං මාතර සූත්තර ඈයෝ එකතු වෙලා හයිරං කොරන්ට එන්නේ. මොකෝ කියන්නේ ඔහේ ගෙදර යනවැයි අද...

    ReplyDelete
    Replies
    1. මේක හරියන්නේ නැහැ ඒ පාර මුං මාතර සූත්තර බාසාව මෙතනටත් ගෙනැවිල්ලා... :D

      Delete
  36. මාරයා උඹේ ලබ්බ කියවන කොට මතක් වෙන්නෙම උතුරු මුහුදෙන් එහා ඉන්න සක්කිලි හැත්ත. සිංහල වචන ටිකක් දැනගෙන සිංහල නම් ගම් අස්සෙ හැංඟිලා සිංහල වෙස් මුහුණු දාගත්තට ජන්මෙ හංඟන්න බෑ. මීගමු වෙරලෙන් ගොඩ බැහැල හිඟා කාල යැපිල, කාපු පතේ පහරන එක උඹලගෙ උරුමෙනෙ. උඹල ඉඩක් ලැබුනොත් සිංහලයට ගරහනවා. ඒක බැරි නම් දකුණ පටලවගෙන මඩ ගහනවා. දැන් උඹලා මාතර උන්ටත් මඩ ගහනවා. උඹලගේ නඩේ උන් මාතර පැත්තට ගිහිල්ල කාපු පතේ පහරන කොට, උන් කරන දේවල් සිංහල ගිනුමට දානවා. ඒත් උඹලා සිංහල උන් ඉස්සරහ මඩේ ලැගපු ඌරන්ටත් වඩා අන්තයි. නැති සිංහලකමක් ගත්තට හිඟන සක්කිලි උරුමෙ මකන්න බැහැනේ.

    උඹ වගෙ බූරුවන්ට නොතේරුනාට නියම සිංහල ජාතිය බිහි වුනේ මාතර බව මතක තියා ගනින්. අද උඹලගේ සිංහල රෙදි ගැලවිලා හෙළුව පෙනෙන්නේ සිංහල උන්ට දැන ගන්නයි. හෙට උඹට තේරෙන කොට පරක්කු වැඩියි.

    සිංහලයට ගරහන, සක්කිලි වචන අගයන බූරුවනි, මාතර උන්ගෙ සිංහල යනු සිංහල ඉතිහාසය, සිංහලකම සනිටුහන් කරන බල කණු බව දැන ගනිව්. උඹල සිංහල කියාගන්නෙ රෙදි ඇඳගෙනද? ආපු තූත්තුකුඩියකට යන්න කාලේ හරි නේද?

    ReplyDelete
    Replies
    1. අපි නං අහල තියෙන්නේ ඔය ශුද්ධ සිංහල ජාතිය පැවත එන්නේ උතුරු මුහුදෙන් එහා හිටිය විජය නමැති "සක්කිලියා" (අන් අය සමාවෙන්න) එක්ක ආපු සක්කිලි 700 ක පිරිවරෙන් කියලයි. ඔබ තුමා ඊට වැඩිය ඉතිහාසේ දන්නවා නම් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට සුදුසුයි.

      ආ එතකොට ඔය පුක උඩ දාගෙන අදහන බුද්ධාගම. එකත් උතුරු මුහුදෙන් එහා හිටපු ""යා (ඒ පහත් කෙළතොළු වචනය උන්වහන්සේට දීමට සිත් නොදේ ) හොයාගෙන සක්කිලි ධර්මාශෝක රජා අතේ ලංකාවට එවපු එකක් නෙමේද?

      අනේ බං උඹේ පිරිසිදු ජාතියේ නරිවාදේ ඔන්න රෙද්ද පල්ලෙන් පලාතම ගඳ ගහගෙන වැක්කෙරෙනවා!

      Delete
    2. ආපෝ මේක ඔච්චර සිරාවට ගන්න දෙයක් ය, මේ පොතෙන් මාතර අයට කොහෙත්ම අපහාසයක් වෙන්නේ නෑ , මාතර ජන ජීවිතය ගැන තමා කියවෙන්නේ , මාර අයියට එහෙම මක්කාවත් කියන්න එපා හරිය.... අපිත් මාතර හරිය තේරුනයි ඔහේට .... :D

      Delete
    3. ආපෝ මේක ඔච්චර සිරාවට ගන්න දෙයක් ය, මේ පොතෙන් මාතර අයට කොහෙත්ම අපහාසයක් වෙන්නේ නෑ , මාතර ජන ජීවිතය ගැන තමා කියවෙන්නේ , මාර අයියට එහෙම මක්කාවත් කියන්න එපා හරිය.... අපිත් මාතර හරිය තේරුනයි ඔහේට .... :D

      Delete
    4. මේ මොකද අප්පේ මේ....

      පොත ලියලා තියෙන්නේත් මාතර ඉඳලා ආපු කෙනෙක්.. ඒ ලියලා තියෙන්නෙත් නරක අදහසක් ඇති වෙන විදියට නෙවෙයි... එහෙවු එකේ මේ මෙතන මොකද කා කොටා ගන්නේ...

      පිස්සුද හැටිද මන්දා.....

      /////සිංහලයට ගරහන, සක්කිලි වචන අගයන බූරුවනි////

      මේක දැක්කම නං හිනා ගියා... ෂුවර් නෑ මේ මාරයිය ගැනමද කියන්නේ කියලා.. හි හි

      Delete
    5. ඔය Anonymous One orig කියන හාදයා කියන දේවල් ඒ හැටි ගණන් ගන්ට එපා... උන්දැත් කලින් ඉංගිරිසි ඉගෙන ගෙන පස්සේ සිංහල ඉගෙන ගත්ත ඈයෙක්... සිංහල භාෂාවේ තියෙන හුගක් දේවල් උන්දැට තේරුං ගන්ට අමාරුයි... අර එක නායකතුමෙක් ඉංගිරිසියෙන් හිතලා සිංහලෙන් වාක්කිය තනලා කතා කොරන්ට යන එකේ අනික ඔය... පිටින් බලලා පේන ටික විතරක් දැකලා ඔහේ කියෝනවා... උන්දෑ ඔය ටිකම කරනවා අර වර්ගපූර්ණිකාවේත්... අනිත් උන් උන්දෑට උත්තර නොබැඳ හිටියම අහවරයි... පොත් කියෝලා වැඩි වෙලා මොලේ කුරුවල් උන අහිංසක ළමයෙක්...

      Delete
    6. මල්ලි අපිත් මාතර තමයි ,හැබැයි අදමයි ඇහුවේ සිංහල ජාතිය පටන් ගත්තේ අපෙන්ය කියලා ,

      Delete
    7. මරාලයගෙ කුණු බක්කියෙ කුණු කන එවුන්ටයි ඒකෙ පහරල කාලෙ කන මරාලයටයි මම කියපු එක තේරිල නැති නිසා කාලය නාස්තියක් වුනත් මේක ලියමි.

      මරාලයෝ උඹේ නම් ගම් වත ගොත වෙනස් වුනාට ජන්ම ගතිය නම් එහෙමමයි. උඹ මගේ ඉංග්‍රීසි ගැන කියන කොට, ලංකාවෙන් කෑල්ලක් කඩාගන්න දඟලන දෙමළු, සක්කිලි මහනාම හැඩි දෙමළ ගෙතූ උගේ උරුමය අරං, සිංහල උන් ආවේ ඔරිස්සාවලින් කිව්ව වගේ, උඹ, මම සිංහල ගැන කියන කොට ලබ්බේ ඉංග්‍රීසියක් අරං මම සිංහල දන්නෙ නැතිළු. උඹ ලංකාව කියන්නෙ එංගලන්තෙටද? මම ඉපදුන දවසෙ ඉඳල අවුරුදු 30ක් හිටියම උඹ කියන ඉංග්‍රීසිකම එනවා නම් අං තියෙනවද බලපන්. මගේ ගමේ උන් ඉංග්‍රීසි වැකියක් වත් නැතිව ජීවත් වුනේ. උඹ දන්න සිංහල ගැන කියනවා නම් ඒක හරියට ඉන්දියන් ඉංග්‍රීසි ගුරෙක් එක්ක ඉංග්‍රීසි කතා කරනවා වගෙයි. පිටින් බැලුවම පේන ටික හොඳටම ඇති. උඹෙන් අහල වැඩක් නෑ. පුළුවන් නම් සිංහල කිය වචනෙ තේරුම දන්න එකෙක් හොයල කියපන්. ඒකවත් නොදැන සිංහල වුන උන් දන්න සිංහල. තුඃ විතරක්. ඔය වගේම ඉංග්‍රීසි වෙච්ච සක්කිලිත් ඉන්නවා.

      "මහසොහොන් පිල්ලිය - ඔය ශුද්ධ සිංහල ජාතිය පැවත එන්නේ උතුරු මුහුදෙන් එහා හිටිය විජය නමැති "සක්කිලියා" (අන් අය සමාවෙන්න) එක්ක ආපු සක්කිලි 700 ක පිරිවරෙන් කියලයි." - නැතුව. නැතුව. අම්මා තාත්තාගෙ උරුමෙ නැතුව, දකුණෙ ඉන්න රටේ උන්ගෙ උරුමෙ එනවද නේද? උඹේ විජේ තාත්තා දකුණ පැත්තටවත් පය ගහල නැහැනේද? මහානාම කියන දෙමළ තඩියා ඔය කෙප්පෙ ගෙතුවා. ඌත් එක්ක බැහිවැටිච්ච උන් ඉතින් ඒකම (අම්මා තාත්තාගෙ උරුමෙ) කියන්න එපාය. ඇත්ත කිව්වොත් යන්න වෙනවනේ. දෙමළු ඇත්ත කිව්වෙ කවදද? දැන් පදේ වෙනස් කරන්න වේවි. සිංහල රටට පය ගහලවත් නැති සක්කිලි දෙමළෙක් මෑතදී කිව්ව සිංහලයෝ ආවෙ කේරලෙන් කියල. කතාව වෙනස් කරමු නේද? අනේ ඇත්තට දෙමළු ආවෙ කොහෙන්ද?

      "මහසොහොන් පිල්ලිය - ආ එතකොට ඔය පුක උඩ දාගෙන අදහන බුද්ධාගම... ඒක ඇත්ත. සක්කිලි දෙමළු, වෙස් මුහුණක් දාලා බුද්ධාගම (ලබ්බාගම) කියල ගිලපු හින්දු පිල්ලිය ගැනද මේ උඹ උඩු බුරුලන්නේ? උඹේ සිදට් බිහිවෙන්න වසර දහස් ගණනට කලින් හින්දු කාරයෝ නිර්වාණය සොයාගත්ත කියල උඹ දන්නෙ නෑ වගෙයි.

      සිංහල උන් ගැන කියන කොට දරාගන්න බෑ. ඒක ජාතිවාදෙ හික්ස්. ඒ වුනාට ඇහුවොත් උඹේ ජාතිය සිංහල නේද? ඔන්න රෙද්ද පල්ලෙන් පලාතම ගඳ ගහගෙන උඹේ සක්කිලි දෙමළකම වැක්කෙරෙනවා.

      "Imalka de silva - මේ පොතෙන් මාතර අයට කොහෙත්ම අපහාසයක් වෙන්නේ නෑ ... අපිත් මාතර හරිය තේරුනයි ඔහේට ...." - ඔව් ඉතින් ඉන්දියාවෙ ඉඳල ආපු උන් පෘතුගාලෙන් ආපු උන්ට අපහාස කලේ නෑනේ. දැන් මාතර තියෙන්නෙ ලිස්බන් ළඟ වෙන්න ඇති. ලස්සන සිංහල නම. තුඃ විතරක්.

      "හිරු - පොත ලියලා තියෙන්නේත් මාතර ඉඳලා ආපු කෙනෙක්..." - ඔව් ඒක දැක්ක නිසයි ලිව්වේ. "සමරසිංහ ගුණසේකර" - මොකාගෙ අම්මගෙ නමක්ද ඒ? ඔය වගෙ, ඉංග්‍රීසි නම් ගත්ත සක්කිලි ගැනත් මම දන්නවා. සමහර උන් අර මහානාමයගෙ කෙප්පෙ සැබෑ කරන්න "සිංහ" කෑල්ල දාගන්නවා. අනේද කිව්වා. නොදන්න එකා මොනවද කෑවම හැම තැනම ගාගන්නවළු. උගේ වර්ගෙ උන් පැනලා ඒවම ගාගත්ත නිසයි මම කිව්වෙත්.

      "හසරැල් - ... අපිත් මාතර තමයි ,හැබැයි අදමයි ඇහුවේ සිංහල ජාතිය පටන් ගත්තේ අපෙන්ය කියලා." - මම තමුන් ගැන කිව්වෙ නැහැනෙ. ඕන එකෙකුට ඉතින් මමත් මාතර තමයි කියන්න පුළුවන්. කරුමෙට තියෙන්නෙ උරුමෙ තමයි. ගොඩක් උන්ට ජාතිය පටන් ගන්නෙ අර අම්මගෙ මොකක්ද එකෙන් එළියට ආවට පස්සෙනෙ. මම කිව් අය හිතන්නෙ හැමදාම අද වගේ මනුෂ්‍යයන් ලෝකෙ පුරා හිටිය කියල නේ. මම කතා කරන්නේ මිනිසුන් බිහිවුන කාලෙ හිටපු සුළු ගණනක් ගැන. මාතර තියෙන උරුමය උන්ගෙ නියම සිංහලකම කියනවා. ඒක අමුත්තක් විදියට දකින උන් නොකියා කියන්නේ උන්ගෙ ආපුකමයි. අර එකෙක් "මක් කරනවාද" කියල අඳිනවා. ඒක තමයි හරි සිංහල. ලතාවන් "මොනවා කරනවාද" කියන්නෙත් ඒක බිඳලයි. ඒත් "කුමක් කරනවාද" කියන එකේ කු යන්න ඉතින් අර පුතුකුඩුයිරුප්පු කට්ටියගෙ ආරෙට ගැලපෙනවා. ඒ විදියට "කුමොනවා කරනවාද" කියල තමයි අහන්න වෙන්නේ.

      කට අරින කම් කොහාට හැංඟිල ඉන්න පුළුවන්ලු. හිඟමනේ ඇවිල්ල බැහිවැටිච්ට සක්කිලි සිංඟල වුනාම අන්තිම ඵලේ තමයි, අද රටට යන කල. හිඟනුන් රජ වුනාම රට හිඟමනට වැටේ.

      Delete
  37. මාරයියා සීනිපොල්කොහු, පත්තක්කා හෙම කාලා තියෙයි???????

    @චේජනා අක්කා

    මොකක්ද ඔය කියන තේක්ක ගහ???? කොතනද තියෙන්නේ???????

    ReplyDelete
    Replies
    1. පත්තක්කානං මංදා පිපික්කා කන කෙනෙක්වනං දන්නවා..:P

      Delete
    2. දැන්නම් ඔය තේක්ක ගහ කපලා,ඒක තිබුනේ මාතර බෝධිය ලග උයන්වත්ත පිට්ටනිය කිට්ටුව තියෙන බස් හෝල්ට් ඒක ලග (සමන්මල් ඒක ලග )ඒක නිසා ඒ බස් හෝල්ට් එකට කිව්වේ තේක්ක ගහ ලග කියලා ,දැන් අහන්නෙපා සමන්මල් කියන්නේ මොකක්ක්ද කියලා ,ඒක එතන තියෙන සුපර් මාකට් එකක් ,දැන්නම් රෙදි කඩයක්

      Delete
    3. හසරැල් අයියා/මල්ලි
      දැන් ඔය කියන තැන් දෙකේම හෝල්ට් තියනවනේ....... බෝධිය ළඟ හෙවන දීපු ගහනම් කපලා දැන් ටෙන්ට් වගේ ගහලනේ.... ඒත් සමන්මල් එක ළඟ ගහ නම් තියනවා........

      @ මාරයියා
      ඔව්වා ඔහොම ප්‍රසිද්ධියේ කියන වචනද මං අහන්නේ.......

      Delete
    4. මමනම් කිව්වේ සමන්මල් එක ළඟ තියන තේක්ක ගහ ගැන. එතන හෝල්ට් එකට තමයි තේක්ක ගහ යට හෝල්ට් එක කියලා අපි කිව්වේ. ඒක කපලා නැහැ නේද? :0

      Delete
    5. මටනම් මතක කපලා වගේ ,ආයිත් ගෙදර යනකොට බලන්න ඕන

      Delete
    6. බෝධිය ලග තිබුනේ මාර ගහක්,අපිට ඔය ගස් හොදට මතකයි හෙවනට හිටපු හන්දා,තේක්ක ගහනම් කපලා අනිවා ඩෙෆා ,එතන දැන් ලොකු බයිසිකලෙකුත් තියෙනවනේ ඇයි ලගදි ගියේ නැද්ද

      Delete
    7. ඔව් බෝධිය ගාව තේක්ක ගහක් තිබුනා කියලා මටත් මතක නෑ.

      ඒ කියන්නේ අර ගහ කපලද? අයියෝ....නෑ මම කාලෙකින් ගියේ නෑ අප්පා. දැනට ඉන්නේ ලංකාවේ නෙමෙයි.

      ඒක නෙමෙයි හසරැල් මොන ඉස්කෝලේද?

      Delete
    8. රාහුලේ, ඔහේ මොන ඉස්කෝලේද ?
































































      Delete
    9. ආ..මම ඊට ඇලෙන් එහා පැත්තේ ඉස්කෝලේ.

      Delete
    10. අපි ඒ කාලේ හිතන හිටියේ ඒ ඉස්කෝලේ ළමයි සින්නක්කර අපිට ලියලා දීලා කියලා ,හැබැයි ඒ ළමයි ගොඩ දෙනෙක් අපේ ළමයිගේ බලාපොරොත්තු කඩ කලෙත් නැහැ

      Delete
    11. හෆ්ෆට සිරි, ඔයා සුජාතෙටද ගියේ. බලාන ගියාම එක ගමේ මිනිස්සු නෙව, දාන්ට පහක්.

      Delete
    12. මට මතක තරමින් නම් ඔය හක්මන පාරේ තියෙන ලොකු ගහ ගැන නම් කියන්නේ ඒක තියෙනවා.........
      සහෝදර පාසල් වල උදවිය මුණගැහිලා වගේ...... රාහුලේ උන්දලැ ඉතිං බලන් ඉන්නේ අල්ලපු ඉස්කෝලේ උත්සවයක් තිබිලා එන්න කියනකම්ම නොවැ.....

      Delete
    13. අපිට ඉතින් අනිත් ඉස්කෝලවලින් ඒ හැටි අරාධනා එන්නෙත් නැහැනේ ,අර නිකමටද කියන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා ,දැන් තේක්ක ගහ ගැන කතා ඇති වගේ

      Delete
    14. //හැබැයි ඒ ළමයි ගොඩ දෙනෙක් අපේ ළමයිගේ බලාපොරොත්තු කඩ කලෙත් නැහැ//

      ඒක ඇත්ත :ඩි නොකිව්වට ඉතින් අපේ ලමයිගේත් අකමැත්තක් තිබුනේ නෑ සොහෝදර ඉස්කෝලෙන් ආරාධනා එනවට...

      @ ඩිඩිටී - ඔයත් රාහුලේදෝ?? ඔන්න 10 ක් ම දැම්මා :)

      @ හා පැටික්කි : ඔයා මොන ඉස්කෝලේද හාවියේ?

      //හක්මන පාරේ තියෙන ලොකු ගහ ගැන නම් කියන්නේ ඒක තියෙනවා.//
      හම්මේ ලොකු දෙයක්...මේ හසරැල් මාව බය කරානේ

      Delete
    15. මන් මේ පාර ගෙදර ගියපු ගමන් කරන්නේ අලුත් මාතර ෆොටෝ අරගෙන පොස්ට් 1 ක් දන එක,එතකොට මන් බොරු කාරයෙක් නොවෙනවා වගේම රටින් පිට ඉන්න අයට ගමේ ලස්සන බලන්න පුළුවන්නේ ,දෙය්යනේ පාර ලොකු කරනකොට තේක්ක ගහ ,බස් හෝල්ට් එක අර ඇත්තු හිටපු තාප්ප වගේ ඔක්කොම කැඩුවනේ ,දැන් බ්‍රෝඩ්වේ එක කොච්චර ලොකුද කියනවනම් නුපේ හන්දියට ආවම සුදර්ශි පිරිවෙන ලගට එනකම් පේනවා ,සුදර්ශිය ලගට ආවම මාතර බෝධිය ලගට යනකම් පේනවා ,හිතාගන්න පුලුවන්ද ?

      Delete
  38. ඔන්න මම ඔන්ලයින් ඕඩර් කෙරුවා පොතක්. මෙහෙම පිටු දෙක තුනක් පෙන්නලා කුතුහලේ අවිස්සුවම කොහොමෙයි ඉතුරු ටික නොබලා ඉන්නේ. අපිත් මනුස්සයොනේ..

    ReplyDelete
    Replies
    1. හම්මේ පෝස්ට් එක දැම්මට පාඩු නැහැ... පොතෙන් උපුටාගත්ත ටිකට හරියන්න එක පොතක් හරි විකිණුනානං ඒකත් වටිනවා නෙව... අනික සයුරිටත් පාඩුවක් වෙන්නේ නැහැ... තමුන්ගේ ගම රට ගැන හුගාක් වටින තොරතුරු ටිකක් කියවන්ට ලැබේවි සැක නැතිවම...

      Delete
    2. ඔන්න අද තමයි පොත ආවේ. තෑන්ක්ස් මාරයියා :)

      Delete
  39. දකුනේ ඉන්න උන්ට වැඩ ටිකක් නම් පුළුවන් ඇති, ඒත් උන් රට හරක්....! හිතාගෙන ඉන්නේ හැම වෙලාවෙම කෑ ගහලා, මූණට එකට එක කියලා රණ්ඩු වුනාම පොර කියලා... පවුල් පිටින් මරා ගන්නේ දකුණේ වුන්... මාරයා කිව්වා වගේ කළුතරින් එහා ඉන්නේ පාන් කෑල්ලටත් කැති මන්නා අරගෙන ඇවිල්ල ගහ ගන්න එවුන්. උන්ට ඒක කිව්වහමත් හිතන්නේ කතා කරලා සාමකාමීව ප්‍රශ්න විසඳගන්න එක පොන්න කමක් කියලා.

    දේශපාලනයේදීත් හීනමානය නිසා අමුම අමු ගොන් වැඩ කරන්නේ සහ රට කන්නේ දකුනේ උන්. මහ රජතුමා, සේනාධිපති, ඊළඟට මොලේ කළඳක් නැති සරත් ෆොන්සේකා, වගේ අය ගැන කුමන කතාද?

    අනිත් එක තමයි උන් හිතන් ඉන්නේ හැම එකාටම අයියා, මල්ලි නංගි නැත්නම් ඔහේ කිව්වහම ලොකු දෙයක් කීයලා, මේ හරක්ට තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට නම් දීලා තියෙන්නේ ඒවායින් කතා කරන්න කියලා, උඩරට වුන් අනිත් හරක්, කුලවාදයක් ඔළුවට අරන් පිස්සු කෙලිනවා. හැම එකාටම මාමා නැන්දා කිය කියා, කිසිම වැඩක් හරියට නොකර ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ..

    අනේ මෙහෙමත් හරක් ටිකක්...

    ReplyDelete
    Replies
    1. //මාරයා කිව්වා වගේ කළුතරින් එහා ඉන්නේ පාන් කෑල්ලටත් කැති මන්නා අරගෙන ඇවිල්ල ගහ ගන්න එවුන්.//

      හනෙ හම්මේ මේ... ඕං කිව්වා..මංනං එහෙම කියලා නැහැ... ටිකක් කියෝලා බලලා එපැයි කතා කොරන්ට... අනික ඔය කියන ගති නැත්තේ කොහේද..?

      Delete
    2. මේ ඉන්නෙ තවත් මලයාලි සක්කිලියෙක්. උඹ කිව් ගොන්සේකයි, සරුවාලේ දාගෙන උඩු රැවුල වවපු උනුයි සිංහල නම්, උඹ දකුණ කිව්වේ ඉන්දියාවේ දකුණට විය යුතුයි. දෙමළ තරම් වසල ජාතියක් තව නැත. ගිය තැන නසනවා. කුල භේද හැදුවේ, උඹලගෙ උන් සිංහල කරල සිංහලය තොපි වගේ සක්කිලි කලේ, උඹේ උන් නොවේද? නොදන්න සිංහල ගැන නොකිය දන්න සක්කිලිකම පෙන්වනකොට වමනෙට එනවා.

      Delete
  40. ආහ්හ්...මේ මාරයියත් පෝස්ට් එකක් දාලනෙවැ අපේ ගම ගැන...ඒකනං කදිමයි...මංචිගෙත්හ් මුල් මාතර තමයි... :D

    ReplyDelete
    Replies
    1. ඔහෙත් මාතරයෑ.. හපොයි...

      Delete
  41. මාරයා මේ කතාව දන්නෙ නැත්තං ඔහේව පොල් ඔයන උලේ ගහලා මරන්න ඕන. හරිය..
    දවසක් දකුණු පළාතෙ ගුරුවරියෙක් මාරුවක් හම්බ වෙලා නුවර පලාතෙ ඉස්කෝලෙකට ගියාලු... හොඳේ... තුන්වෙනි පන්තියෙ සෞඛ්‍ය පාඩම කරන්න ලේස්ති වෙච්ච මේ ගුරුතුමී කිවුවලු ලමයින්ට... හරිය...
    ඔහේලට ඇහැක් විදියට කණක් අඳින්න කියලා... හොඳේ...

    ඉතිං දැං ළමයි දහ අතේ කල්පනා කරනවලු.... පන්තිය අවසානෙ එකෙක්වත් ඇහැක් විදියට කණක් ඇඳලා නැතිලු... හරිය...
    ගුරුතුමීට පුෂ්ප මකරන්ද පැනලා ලොකු සර් ගාවට ගෙනිච්චලු.. හරිය..
    ඉතිං හොඳේ.... මුල් ගුරුතුමා ඇහුවලු මොකද ගුරුතුමී කිවුව දේවල් කොරලා නැත්තෙ කියලා හරිය...
    ඉතිං ළමයි කිවුවලු... ටීච කිවුවෙ ඇහැක් විදියට කණක් අඳින්න කියලනෙ... අපි කොහොමද ඇහැක් විදියට කණක් අඳින්නෙ කියලා.. හරිය...
    ඉතිං ඔන්න ඔහොමයි...
    දැං ඔහේ දන්නවයැ මේ කතාව ?

    දැං ඔහේට කියන්න පුළුවනෑ මේ කතාවෙ තියෙන දකුණට අවේණික වචන ටික... ?

    ReplyDelete
  42. මම බෙන්තර(බෙන්තොට) කෙනෙක්. ඒත් අපිට කියල විශේෂිත වචන නෑ. අපි බස්නාහිරට ලඟම ඉන්න නිසා වෙන්න ඇති. වෙනසකට තියෙන්නේ අපේ පැත්තේ බත් උයනවට කියන්නේ වියනවා කියලා. මිනිස්සු ගොඩකට කියන්නේ කට්ටිය කියල.

    මේක දැක්කම මතක් වුනේ අපේ තාත්තා ලියපු "බෙන්තොට පාරාදීසය" කියන පොත. පස්සේ ඒ ගැන පොස්ට් එකක් දාන්නම්.

    ReplyDelete
  43. අපිත් මාතර තමා.කියවන්න වටිනා පොතක්.මම අදමය් දන්නේ මෙහෙම පොතක් තියෙනවා කියලා.මාතර ගාල්ලේ අය තමා බ්ලොග් අවකාශේ වැඩිපුරම ඉන්නේ මට පේන විදියට.

    ReplyDelete
  44. මගෙ ගමත් මාතර තමා.ඔය පොත ලියලා තියෙන්නෙත් අපි දන්න කියන කෙනෙක්.ඇත්තටම මාතර මිනිස්සු හරි දහිරියවන්තයි...වැඩක් කරන්න පටන්ගත්තොත් ඉවර කරලා මිසක් නෙමෙයි ආපහු බලන්නේ...

    ReplyDelete
  45. අදයි මේක දැක්කෙ. පොත ගැන ඔත්තුවට තැන්කියු වේවා.

    තව හොද පොතක් ‘දකුණු පලාතේ කතාබහ‍-----........‘, ලියල තියෙන්නෙ පියසේන කහදගමගේ.

    ReplyDelete
  46. මෙිි පොතේ ප්‍රකාශකයා කවුද???

    ReplyDelete