21 November 2012

චෝයි චීටර්...

කෝල සිනා පාමින් දඟ දමන ලියේ..
බාල ලමා වරුනට සිප් සදන ලියේ...
කඩ තිරයෙන් මෙපිට සිටන් රඟන ලියේ..
නුඹේ රැඟුම් දැක මා ගැස්සුනා ලියේ...

ලමා ලපටි කැල වට කොට රඟන ලියේ..
බලා සිටින අය හට නොපෙනෙනා ලියේ..
වේදිකාව පිටුපස මා දුටුව ලියේ...
ළමා නැටුම් නටනා ගුරු මෙනෙවි ලියේ...

සාරි පොටින් දහදිය පිස දමන ලියේ...
රඟන ලමුන් හට අත්වැල දුන්න ලියේ..
ළමුන් රඟන විට  හිනැහුනු අයුරු ලියේ...
දුටුව මටත් නටනට සිතෙනවා ලියේ...


64 comments:

  1. පට්ට පට පට. මටත් ඔහොම හිතුන එක ටීචර් කෙනෙක් දැක්කාම. දැන් ඒ ටීචර් නෑ මාරයො.

    ReplyDelete
  2. මාරයාටත් වැඩේ හරි යයිද?...

    ReplyDelete
  3. ඔව්ව කාලෙන් කාලෙට එක එකාට හිතෙනව. අපි ඉපදෙන්නත් කලිං සුනිල් සාන්තට හිතුන. ඊට පස්සෙ ක්ලැරන්ස්ට. මතකද
    ඔබෙ පුංචි ඒ පන්තියේ ...
    ඉඳගන්න හිතෙහී තියේ ...
    ඉඩ දෙන්න බැරිදෝ ලියේ ...
    පංතියේ....
    කිරි සුදු සේලේ
    ඇඳි ඇගෙ ලෝලේ

    ReplyDelete
    Replies
    1. මට ඒක ඒ හැටි හුරු නැහැනේ චින්තක අයියා...

      Delete
  4. බලන් මාරයා පිටුපස සිටින ලියේ
    ළමුන් නැටුම් නටනා සඳ බලන ලියේ
    නැටුම් අවසානේ බැස යනෙන ලියේ
    පතිවතේ උඹේ පන මෙන් රැකගත යුතුය ලියේ

    ReplyDelete
    Replies
    1. සිප් බෙදනා ගුරු මෙනෙවිය කෙරෙහි ලයේ....
      බැඳි සෙනෙහස උතුරා යයි මාර සිතේ...
      තිරේ පිටිපස්සේ සෙල්ලම බලන් ලියේ....
      අත වැනෙනවා හති හලනවා කිමද ලියේ...

      Delete
  5. ශා...ශා...

    මාරයා අයියට තාලෙට නැටුනලු...නැටුම් තෙල් බීලා එහෙම නෙවේනේ..හි හි හී

    ReplyDelete
    Replies
    1. තෙලෙන් මත් වීම එකක්.. මේක වෙනයි...

      Delete
  6. වෙන එවුන් බලන්නෙ ඉස්ටේජ් එකේ ඉස්සරහ ඉඳන්... ඒකට මූ බලල තියෙන්නෙ පිටිපස්ස....
    ..................
    මිහිකත නලවාලා වගේ සෞන්දර්යවාදී සින්දුවකට වඩා පොඩි අවංක කතියක් තියෙනව පද ටිකේ....

    ReplyDelete
    Replies
    1. ඉෂ්ෂරහට වඩා පෂ්ෂ හොඳ තැන් තියෙනවා..එකක් තමා වේදිකාව...

      Delete
  7. කවුරුත් දකින ඒත් ඒ දේ නොදකින තිරය පිටුපස භූමිකාව බොහොම අපුර්ව අයුරකින් මාර සහෝ ඉදිරිපත් කරලා තියෙන්නේ...වේදිකාවේ රසාස්වාදය පිටුපස කඳුළ තමා මේ ගුරු මෙනවිය.

    ReplyDelete
    Replies
    1. කඳුලක්නං මංදා..මටනං එච්චර ආතල් එකක් තවත් තිබුනේ නැහැ... කම්මැලි වෙලා හිටියේ.. අර ගියාට පොටෝ ගගහා හිටියා මිසක් ළමයි ඔහේ එහෙ මෙහෙ හෙලවෙනවා බලලා ඇති වෙලා ඉද්දී මේක අහු උනේ..:)

      Delete
  8. ඔහේ ඔය ස්ටේජ් එක අස්සට රිංගල චෝයි ටීචර්ටත් පිස්තෝලෙ දික් කරේ නැහැ නෙව. සමහර විට ටීචරුත් ළමයින්ගෙ ජීවිත බේරගන්න ඉදිරිපත් වෙන්න තිඋන.

    ReplyDelete
    Replies
    1. නැහැ මං ගියේ බම්බු කැමරාව දික් කරං...

      Delete
  9. අනේ මන්දා.... සෙනසුරු මාරුවෙන් පස්සෙ සිකුරා ලබා ගෙනද දන්නෙ නෑ එන්නෙ...
    කෝකටත් හඳහන ඉල්ලගෙන බලන්න...

    ReplyDelete
    Replies
    1. හිත ඉල්ලං බලන්නයි මට හිත...

      Delete
  10. අනේ මන්දා.... සෙනසුරු මාරුවෙන් පස්සෙ සිකුරා ලබා ගෙනද දන්නෙ නෑ එන්නෙ...
    කෝකටත් හඳහන ඉල්ලගෙන බලන්න...

    ReplyDelete
    Replies
    1. යකෝ එකම ටික කියන්නේ මේකට මක්ක වෙලාද..?

      Delete
  11. එනපොට හොඳ නෑ, ටීචර්ව ගෙට ගන් කිවුවලු.. :P

    පලි: අර කිවුවත් වගේ උඹ මක්කටැයි ස්ටේජ් එක පිටිපස්සෙ පැත්තෙ කැරකෙන්න ගියේ.!?

    ReplyDelete
    Replies
    1. මොකක් ටීචර් ගෙට ගන්න..මේ උඹ..? හොඳට හිටී...
      එතකොට ඉතිං මෙහෙම තමා කියන්න වෙන්නේ‍‍...

      "පරිස්සමට තිබ්බ දේ ඈලියාවට ගියා සේ..."

      Delete
  12. නටන නැටිලි මදි වෙලාද, තව නටන්න දඟලන්නෙ? :P

    ReplyDelete
    Replies
    1. තාම මේ වෙස් බඳිනවානේ..තාම නැටුවේ නැහැ නෙව...

      Delete
  13. ටීචර්ලව මතක් කරන්න එපා මගේ හිත කඩාවැටෙනවා

    ReplyDelete
  14. මටත් මතක් වෙනවා ලස්සන ටීචර් කෙනෙක්ව ඕව කියද්දි...

    ReplyDelete
    Replies
    1. බලං යද්දී මුං ඔක්කෝම එකයි...

      Delete
  15. යකෝ පොඩි එවුවො නටනකොට ඕව බලන්නෙ නෑ. උඹ මොකටද පොඩි එවුවො නටනව බලන්නෙ නැතිව ටීචර් නටන එක බලන්න ගියේ.

    ReplyDelete
    Replies
    1. පොටෝ අල්ලන්න හොඳ කෝණයක් හොයන්ට ගියා...

      Delete
  16. ලස්සනයි. කවියම වගේම ටීචරුත් ලස්සනද ?

    ReplyDelete
    Replies
    1. මේ මොනවා අහනවද..එහෙම නැතිව මෙහෙම වචන ගලයිද..?

      Delete
  17. ස්ටේජ් එක පිටිපස්සට පරීක්සන වැඩකට ගියා වෙන්ට ඇති...... !!!

    ReplyDelete
    Replies
    1. කෝණයක් අල්ලන්ට ගියා...

      Delete
  18. ඔය ලියලා තියෙන්නේ මාරයා පොඩි කාලේ වෙච්ච සීන් එකක් නේද?පව් මාරයත් ස්ටේජ් එක පිටිපස්සේ.හෆොයි!!!

    ReplyDelete
    Replies
    1. මේ ඊයේ හවහා වෙච්චි සීන් කෝන් එකක්...

      Delete
  19. සැලෙන ලෙළෙන දළුව විලස....
    මම් කෙසේ පවසම් එසේ වර...
    පියකරු ලීලේ...

    ReplyDelete
    Replies
    1. එකයි දෙකයිනං හරි..අන්තිම එකනං ම්හූ..නොදනී...
      දෙකට තමා වැඩි මනාපේ...

      Delete
  20. නුඹේ රැඟුම් දැක මා ගැස්සුනා ලියේ...

    මොකෝ බන් ලොකු අයියෙ... කඩියෙක් වත් විද්දද හදිස්සියෙම ගැස්සුනේ...

    ReplyDelete
    Replies
    1. උඹට තාම හරි හමන් දර්ශනයක් දැකලා කරන්ට් එක වැදිලා නැහැ වගේ.. දැකලා ගැස්සිච්ච දවසට තේරෙයි...

      Delete
  21. ම‍ගෙ හිතටත් නිකම් මොකක්ද මෙව්ව එකක් ආව අනේ...

    ReplyDelete
    Replies
    1. දැකපු මට කෝම හිටින්න ඕනද..?

      Delete
  22. මාරයා කොන්සට් එකකට ගිහිල්ලත් පස්ස නෙව බලල තියෙන්නේ.. හැක්.. එළ කවි ටික

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ඔය දෙපැත්තම බලන අය නෙව.. තැන්කූ කිව්වා...

      Delete
  23. මෙනවිය දුටුවේ නැතිද මාරයාව .

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ළමුන් නටවනා ගුරුවර බාල ලියේ
      මාරයාගේ බැල්මක් ඔබහට වැටිලා ලියේ
      යනෙනා මගදී පරිසන් නොවුනහොත් මාගේ පුංචි ලියේ
      නලවන්නට වෙනවා නියතයි මාරු පැටවුන් ඔබහට සියුමැලියේ

      Delete
  25. ගුරුවර බාල ලියට කවි බැද අපෙ මාරේ..............
    ගෙන එයි නැවුම් කවි සිතුවිලි අපෙ සිත් මානේ........

    ReplyDelete
  26. ඉග සුග නලවනා හුරතල් ගුරුවරියේ...
    නටනු එපා තව දුරටත් කොමල ලියේ..
    මාර බැල්ම වැටිලා නුඹ වෙතම ලියේ..
    පන බේරාගෙන දුවපන් මුවැත්තියේ..

    මාරයාගෙ හෝරාව වෙත පැමිනි මංගල ගමනයි :)

    ReplyDelete
    Replies
    1. සාධරයෙන් පිළිගනු ලබනවා..!

      Delete
  27. මොන්ටිසෝරියෙ ඉඳල පටන්ගන්නයි යන්නෙ ආයෙම. :D

    ReplyDelete
  28. මාත් 8 වසරේදී එක මැඩම් කෙනෙක්ට love කරානේ බන් ..
    මැඩම් කිව්වට මට 13 එයාට 25 වගේ හි හි .. අවුලක් නැතුව වැඩේ
    ගියා , පස්සේ එයාට මාරු වෙලා යන්න උනා ...

    ReplyDelete
  29. ඒකත් ජයසිරි මංගලම් ඈ . ..

    ReplyDelete
  30. තාම ඒවා එහෙමමලු ඈ

    ReplyDelete