25 November 2012

අරකිගේ ඇටේට කොරාපු වැඩේ...

අර මේ ලගකදී අරකි දාලා තිබුනානේ එයලා කොස් කිරන හැටි ගැන කතාවක්.. එතැනදී තමා මේ ඇටේ ගැන කතාව ඇදිලා ආවේ... ඉතිං ඕන ඇටයක් රුපියල් විස්සයි කියලා මාත් ඔන්න ඇටේට දුන්නා වැඩේ...


ආයේ අමුතුවෙන් කියන්නත් ඕනද..?

කොහොමද ඇටේ සයිස් එක.. නියම ගාන... නියම හැඩේ... දැක්කම ආස හිතෙනවා නේද...? නිකංම බැහැ ටිකක් ඔන්න එහොම කොරලා හීට් කොරලා ගන්න ඕන.. ටිකක් හොදට එහෙ මෙහෙ පෙරල පෙරල හීට් කොලාම ගානට පදං වෙලා එනවා...

මේ ඇටනං ටිකක් චූටියි.. ඒත් හරි අපූරුයි... ටිකක් සැරයි.. පරිස්සමට තමා පාවිච්චි කොරන්න ඕන.. පොඩ්ඩ වැඩි උනොත් මලා තමා...

අර හීට් කොරලා පදමට අහු උනාම ඇටේ කොටන්න ඕන හොඳට මෙන්න මේ වගේ හොඳ මෝලක දාලා... මෝල හොඳ තරමටයි ඇටේ හොඳට කෙටෙන්නේ... කට්ටිය ඉතිං දැන් කියන්ට බැරි නැහැ මෝල හොදට තියෙන එකෙක් තමා ඕකට හොඳ කියලත්... මංනං ඔව්වා නොදනී...

ආ දැන් ඇටේ කොටලා ඇති... ඕනවට වඩා කොටන්න ගියොත් ඇට කෙසේ වෙතත් ගැට ඇලවෙන්නත් ඇහැකි... හරි  ඒකට දැන් අපි දානවා ටිකක් පැණි රහ ජාතියේ ඇට ටිකකුයි... කිරි රහ ජාතියේ රැලි ටිකකුයි... ඒ විතරක්ද ඩිංගක් විතර ලුනු රහ ජාතියෙන් කුඩු ටිකකුයි... එහෙම දාලා ආයේ ටිකක් මෝලේ කොටනවා...

ඒ කොටලා අරං මෙන්න මෙහෙම.. කොහොමද මෙන්න මෙහෙම බෝල බෝල කරලා හදා ගන්නවා.....


එහෙම බෝල කරලා හදාගෙන මෙන්න මෙහෙම පහළ තියෙනවා වගේ.. පදමට අමු ඉඟුරු එහෙම දාලා හදා ගත්ත ප්ලේන්ටියක් එක්ක තියලා හොඳට පොටෝ ගන්නවා.. එහෙම පොටෝ අරං.. ඒ පොටෝ ටික මෙහෙම බ්ලොග් එකේ එල්ලලා පෝස්ට් එකක් ලියන ගමන් අර ඇට ගුලි කොරලා හදාපු කොස් ඇට අග්ගලා කකා..ප්ලේන්ටිය බොන්ට ඕන...

හරි නේද එහෙනං...



50 comments:

  1. මාරයියේ අෆිටත් එවනවකෝ ඔයි තනියෙන් කන්නේ ...:(

    ReplyDelete
    Replies
    1. මොනිටොරේ උලා කාහං මල්ලියේ...

      Delete
    2. කොටියම කාෆිය බොලාව Grrr

      Delete
    3. පිස්සුනං කියන්න එපා මල්ලි... කොටි කොහේද දැන්..?

      Delete
  2. දුකේ බෑ..ඇටේ කොටලා පිටි වෙන්නම දුන්න නේද බැටේ...හි හි හී

    ReplyDelete
    Replies
    1. ඇටේට දුන් වැඩේ.. කිව්වා මෙහෙම නගේ...

      Delete
  3. මේ දවස් වල මදය හොඳටම කිපිලා වගේ !!!

    කවුරැ හරි එක්ක හරහටමයි පෝස්ට් එකක් දැම්මත්..

    ReplyDelete
    Replies
    1. පල ඇති ගස්වලට එපෑ බොල ගල් ගහන්ට...

      Delete
  4. හිනාවෙන් හිනාවෙන් ලියන්න ඕනෙ එකත් අමතක උනා..කොස් ඇට අග්ගලා...ගෙදර ඉද්දී නම් අම්මා හදලා දෙනවා. මෙහේ ඇටේ කොටන්න එකක් නෑ..ඉඟුරු ප්ලේන්ටිය දැක්කම මේ දැන් බොන්න හිතුනා...දුවලා ගිහින් හීටරය ගැහැව්වා..

    ReplyDelete
    Replies
    1. කොටා ගන්න ඇටේ..
      හෙව්වොත් වට පිටේ..
      හොඳ මෝලක් හොයා ගන්න
      හැකි වෙනවා නගේ...

      Delete
  5. පඩ ගදේ ඉන්න බැරුව ඇති..

    ReplyDelete
    Replies
    1. මට මේ ටික ලියා ගන්න බැරුම උන්නෙ සැමෝ...හූ..හූ...සැමාට ජය වේවා !

      Delete
    2. ඉඳල හිටල හරි පැඩයක් අරින්න ඕනේ බං සද්දෙට.. පුකට දැනෙන්න

      Delete
    3. දුකට කියන කතා නෙව... දැන් එතකොට අර කලින් කිව්වේ ගමේ ඉද්දී කන කතාවක්.. ඒ කියන්නේ ඒ කාලේ ගම නැති කරනවා ඇති නේද..?

      Delete
    4. අනේද කියන්නේ මීයෝ... පුකට වියායාමයක්වත් දෙන්න එපෑ.. කොහේද මුං පඩයක් අරින්නෙත් දහ අතේ කල්පනා කරලනේ...

      Delete
    5. සැමා වෙන වෙන ව්‍යායාම හොයාගෙනද දන්නෙ නෑ.. :P

      Delete
    6. පඩේ හිරකර ගෙන ඉන්න එක පුකට හොද නෑ... සද්දෙට අරින එකෙන් සියළු දෝශ නිවාරණයි...

      ගද පඩේ සද්ද නැත - සද්ද පඩ ගද නැත

      Delete
  6. ඇටේ ලෙවකන්න හිතෙනවා පිංතූර ටික දැක්කම. මේවට මෑ ඇට නරකද මාරේ..ඒ වගේම මේ කැම මෝලටත් හොද ගුණ දෙයක් වේවි මං හිතන්නේ...හෙ හේ....

    ReplyDelete
    Replies
    1. මෝල නැතිව මේ ඇටේ මේ විදියට කන්න වෙන්නේ නැහැ.. හොඳ මෝලක් තිබුනනං ගේමක් නැහැ... මෑ ඇටනං ටිකක් වැඩිපුර යයි නේද... අනික ඇට ගන්න මෑකරල්ම කීයක් යයිද..අන්තිමට මෑ ඇටෙන් ඕවා හදන්න ලෑස්ති උනොත් පවුල නලීන්ගේ කයි...

      Delete
  7. මේ පාර නම් අරක කොස් කිරන දිහා බලලා මරු කෑමක් කාලා තියෙන්නෙ...:D

    ReplyDelete
    Replies
    1. මොකද දැක්කම හිතුනද කලා බලන්න..?

      Delete
  8. එල එල... පෙනුමෙන්නම් පට්ට රහයි වගේ...

    ReplyDelete
  9. අඩෝ බොරු කියන්න එපා ඩෝ අපි ඇන්දෙයො ඕවට. උඹ අර ප්ලේන්ට් පාට අනිත් ජාතිය බොන්න බයිට් එකක් හැදුවා කිව්වනම් අහකයිනෙ....

    මාරයාගේ කොස් ඇට වඩේ...

    ReplyDelete
  10. "ඕන ඇටයක්" නේද අර බුකියෙත් දාලා තියෙන්නෙ ?
    අපි මේකට කොච්චි කරලක් දෙකක් දානවා ගම්මිරිස් ඇට දෙක අමතරව.. ..කොස් ඇට අළු පල්ලෙ පුච්චලා ගන්නෙ..දැන් කොහෙද දර ලිපවල්..? මෙහෙම බැදලා ගන්නයි වෙන්නෙ !

    ReplyDelete
  11. මදෑ.... මං තාම හිතනවා... මෙයා කාලත් ඉවරයි....
    දැං ඉතිං හදන්නම වෙනවා.. නැත්තම් මගේ නම්බුව කැලේ... හි හි..

    ReplyDelete
  12. කියන්න දෙයක් කටට එන්නෙ නෑ මේක දැක්කාම කෙල හැලෙන නිසා... තනියම හදාගෙන කෑවා නම් බිව්වා නම් නිකන් ඉන්න්කෝ අෆ්ෆා... පින්තූරත් දාලා අපිවත් පෙරේත කරනවා... අර කිව්වා වගේ කොටියම කාපිය මාරයියාව..

    ReplyDelete
  13. හි හි.. අද තමයි කොමෙන්ටුවක් දාන්න ආවේ. කලින් කියෝලා තිබ්බට කොමෙන්ට් කරන්න ලැබුනේ නැහැ. ඉඩ තියෙන වෙලාවට මේ පැත්තෙත් ඇවිත් යන්නකෝ... http://angaharuwa.blogspot.com/

    ReplyDelete
  14. මාරෙත් ඇටේ බැද්දෙ තාච්චියේ... බොරුද මං අහන්නේ? ඔය තියෙන්නෙ මාරෙගෙ ඇට තාච්චියෙ.......

    ReplyDelete
  15. මාරයියා කාගේ මෝලෙන්ද ඇටේ කෙටුවේ...

    ReplyDelete
  16. මේකේ රස වැඩියෙන් තියෙන්නේ මාරයෝ, වැස්ස දවසක, කුස්සියේ දර ලිප ළඟ ඉඳන් කොටාබානකොටයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  17. ගැට ඇලවෙන්නම වැඩේ දීල හැඩයි.

    ReplyDelete
  18. පුරස්නයක් තියේ....
    අර ඇටටික හොඳහැටි බැදගන්න ඕනෙ නේද... තැම්බෙන ගානට..
    නැත්තං පඬඟද කෙසේ වෙතත් බඩ උලුක් වේවි.

    අපේ ගෙවල් වල හරියට අහක යනවා බොල..ගස්යට එහෙම..ඕං උඹට පින්දීල මේ සැරේ හදන්න ඕන.

    ReplyDelete
  19. ලෝක විනාසෙට කලින් ඇටේ තලාගන :)

    ReplyDelete
  20. දැන් ඉතින් කොස් ඇට හොය හොයා පලයන්කෝ.ශික් අපාරදේ මේ පෝස්ටුව බැලුවේ.

    ReplyDelete
  21. අපි බය වෙයි . මාත් හදන්න ඕන

    ReplyDelete
  22. කොස්ඇට ටික නම් ලිපට දාගන්න පුලුවන්...ඒ උනාට බාන්න බළල් අතක් හොයාගන්න නෑ...

    ReplyDelete
  23. අඩෝ, දැන් වෙනදා වගෙ උඹේ රෙසිපි කියවලා ඉරිසියා කරන්න දෙයක් නෑ. ඔන්නම් හදාගෙන කන්නත් පුලුවන්. හිතුනොත් උඹගෙ ගෙදරටම ඇවිත් ඕකෙන් ටිකක් කන්න පුලුවන් හරිද?

    ReplyDelete
  24. එක එක කෑම ජාති කවලා අපේ උන්ට බඩේ රැජාව එහෙම හදනව නෙමෙයි ඕං...


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  25. කොස් ඇට අළු යට දාල පුච්චන් කාල
    ප්ලේන්ටියක් බොන එක තමා ලේසිම ඈ ...

    ReplyDelete
  26. කොස් ඇට මෙහෙම අග්ගලා කරනවා කියලා දැනගෙන හිටියේ නෑ. ඒත් බඩ ඉරිඟු ඇට නම් බැදලා කොටලා පොලුයි සීනියි දාලා මේ වගේ බෝල කරලා ගත්තම රසයි.
    අපි නම් පොඩි කාලේ කෑවේ දෙල්කොස් ඇට පුච්චලා. ඒවා ලිපේ ඟුරු යට දාලා කන හැටි තාමත් සුන්දර මතක...

    ReplyDelete
  27. තාක්ශනේ දියුණු මදි.. නැත්තන් මොනිටරේ අස්සෙන් අතදාල ඇදල ගන්න තිබුන අග්ගලයක්.
    අපි හදන විදිහේ පොඩි වෙනසක් තියනවා. අර පැණි රස ඇට දාන්නෙන් නෑ.

    ReplyDelete
  28. Replies
    1. ඔන්න අර කවිය මතක් වුනා බං. අග්ගලා.... :)

      Delete
  29. උබටත් ඇටයක් පෙන්නන්න බෑ , කොටලා පිටිකරලා හරි කටේ දාගන්න තමයි බලන්නේ

    ReplyDelete
  30. එයාගේ කොස් කිරිල්ලෙන් පාඩුවක් නෑ.. මෙයා මෙහේ ඇටේට වැඩේ දීලා.. නරකම නෑ..

    ReplyDelete
  31. අම්මොචියේ මේකා අර ඇට ටිකට කරපු අපරාදයක්.. කුඩු කරල මදිවට තව රස කර කර කනවත් එක්ක. කොහොමෙයි රහයැ??? එළ ඇට අග්ගල ටික..

    ReplyDelete
  32. කන කන කෑම කටකට තොට බඩ පලයන්..


    ගෙදර හරියෙ බිස්කට් එකක් වත් නැති තැන බඩගින්න අමතක වෙන්න කියලා බ්ලොග් එකක් දෙකක් කියවන්න ආවේ.. නොදකින්!

    ReplyDelete
  33. ඔයා හොදට බිලොග් එක කරගෙන යනවා අයියේ.නියමයි.....

    ReplyDelete