26 November 2012

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට...

පුරුදු විදියට ඔන්න අදත් උදේම වැඩට ආවා... හයට නැගිට්ටා..ඉවුවා.. නාලා කරලා තේ එහෙකුත් හදාගෙන බීලා බත් දෙකත් බැඳගෙන..වළං පිඟන් ටිකත් හෝදලා දාලා අට වෙද්දී වැඩ පොලේ...

අටේ ඉඳන් අටයි හතළිස් පහ නවය විතර වෙනකල් කට්ටිය උදේ වැඩට එනවනේ..ඒවා ලකුණු කොරන ගමන් නිසි බලධාරී උදවිය ආවම ගෙහුං යතුරුවල සීල් කඩලා..පැට්ටේරියේ දොරවල්..ඔෆිස් කාමර එහෙම ඇරලා දාලා ඇවිත් උදේ බත් ගෙඩිය ගිලිද්දී කොහොමත් නවය.. නවයයි කාල විතර වෙනවා... බත් එක දිග ඇරගත්තම ඒක ඔතන් ආව පත්තර කොලේ පේන්න තියෙන ප්‍රවෘත්ති බලන එක මගේ පුරුද්දක්... පොඩි කාලේ ඉඳන් තියෙන පුරුද්දක් තමා කන ගමන් මොනවා හරි පොතක් පත්තරයක් දිග ඇරගෙන පැත්තකින් තියං කියවන එක...අපේ තාත්තට ඕකට ඉස්සර ඌරු ජුවල්...

"තොට කාලා ඉවර වෙලා බැරිද ඕක කියවන්න..මුලින් කාලා හිටපං.. පස්සේ කියව ගන්න බැරිනං ඕන එකක්.." ඔහොම බැන්නට උන්දෑ මං පොත් පත්තර කියෝනවට බොහොම කැමතියි.. හැබැයි කන වෙලාවට ඇර...

හරි දැන් මේ කියන්න ආවේ ඒ කෙලියක් නෙවෙයිනේ... අර මං කිව්ව බත් එක බැඳන් ආව පරණ පත්තර කෑල්ලේ තිබුන පරණ නිව්ස් එකක් ගැන...

"නාවික හමුදාවෙන් වාර්ථාවක්"

අන්න එහෙමයි හෙඩිම... කේස් එක වෙලා තියෙන්නේ සතියක කාලයක් ඇතුලත හොරෙන් ඕස්ට්‍රේලියා ගිය බෝට්ටු හතක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම...

ඕක කියෝපු වෙලේ තමා මං මේ සංක්‍රමණ පුරස්නේ ගැන කල්පනා කොලේ...

ඇත්තටම හොරෙන් ඕස්ට්‍රේලියා යන එක නරක වැඩක්ද..? සාමාන්‍යයෙන් ඔය වගේ ප්‍රශ්නයකදී ඕක නරක වඩාත් දියුණු රටේ උදවියට වෙන්න ඕන.. ඒ කියන්නේ මේ වෙලාවේ හැටියටනං ඕස්ට්‍රේලියාවටයි ඕක ප්‍රශ්නයක් වෙන්න ඕන... අපිට ඕක ලොකුම ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ... මොනවා උනත් අපේ උන් ඔය හොඳ රටවල් වලට පැන ගත්තාම වැඩිය නැතත් රුපියල් සීයක් හරි රටට එවයිනේ කවදක හරි.. සමහරු මේ රටේ ඉන්න සුදුසු වාතාවරණයක් නැති හින්දා යනවා කියලත් කියනවනේ... එහෙම ඈයොන්ටත් යන්ට දෙන එකමයිනේ කාරිය...  හරිනං නාවික හමුදාවෙන් ඕකට උදව් කොරන්ට ඕන කියලයි මං කල්පනා කොරන්නේ... 

ඕනනං ඔය ඕස්ට්‍රේලියාවෙන් ඥරු ඥුරු ගාද්දී ඉඳ හිට බෝට්ටුවක් අල්ලලා ප්‍රසිද්ධ කලාම මදෑ... අර පොලිසියෙන් කසිප්පු අල්ලන සිස්ටම් එකට... එහෙම නැතිව මෙහෙම වාර්ථා තිබ්බා කියලා අපිට අහවල් කෙංගෙඩියක් ලැබෙනවද..? තව එකෙකුට ගොඩ යන්න තිබුන අවස්ථාව නැති කරලා...

ඕනනං දැන් කියයි එහෙම කලාම ඕස්ට්‍රේලියාවෙන් අපිට දෙන හොඳ රැකියා අවස්ථා නවත්තලා දායි කියලා... ඒත් ඉතිං එහෙම දෙන ගාන වගේ දහ ගුණයක් මෙහෙම ඇරලා හොයා ගන්ට බැරියෑ.. හා නැද්ද...? අනික උන්දලා දෙන රස්සාවල්වලට අරවා මේවා කිය කිය දාහක් ජාති තෝරලා දෙන වෙලේ මෙහෙම තොග පිටින් යවා ගන්න ඇහැකිනං කොයි තරං නං පහසුද..?

අනික මංනං ඕකේ ආසම කෑල්ල තමා ඒ වගේ රටවල්වලට වෙන ප්‍රශ්නයකුත් නැති එකේ ඔහොම ප්‍රශ්නයක් හරි තියෙන්න එපෑ... මිනිස්සුන්ට තමන්ගේ රටවල් වල ප්‍රශ්න නැති උනාම තමා අනුන්ගේ ප්‍රශ්නවලට හොට දාන්න එන්නේ.. මංනං කියන්නේ බෝට්ටුවල බැරිනං පහුරුවල නග්ගලා හරි ඕස්ට්‍රේලියාවට..එංගලන්තෙට.. නොර්වේ වලට..විතරක් නෙවෙයි ඇමරිකාව කැනඩාව වගේ රටවල් වලටත් අපේ උන්දලා පටවන්න සෙට් කරන්න ඕන... නිකං නෙවෙයි පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ... එහෙම යැව්වාම ඔය කොහොම හරි විදේශ විනිමය ටිකකුත් එයි... ලංකාවේ රැකියා හිඟයත් අඩු වෙයි... ලංකාව ජීවත් වෙන්න නුසුදුසු රටක් කියලා හිතං කටයුතු කරන අයට තමන් කැමති රටකට යා ගන්නත් හම්බු වෙයි... ඒ ඒ රටවල්වලටත් නිකං ඉන්නවට විසඳන්ට ප්‍රශ්න ටිකක් එකතු වෙයි... ආතල්නේ අප්පා...

ඒ විතරක්ද කොහොම හරි ඒ රටවල් වලට යවන අපේ ඈයින්ට ටික කාලයක් ගිහින් එක පැත්තකට එකතු වෙලා ඒ රටවල් වලින් කෑල්ලක් ඉල්ලගන්නත් පුළුවන් වෙයි... අපේ රටේ වගේ කෑ ගහන්න යුද්ධ කරන්න ඕනත් නැහැනේ ඔය වගේ රටවල් හරි කැමතියිනේ බලය බෙදා දෙන්ට... එයාලගේ බෙදන්ට කවුරුවත් ඉල්ලන්නේ නැති හින්දනේ අනුන්ගේ හරි රටවල් බෙද බෙද ඇවිදින්නේ.. එහෙවු එකේ අපි එයාලට බලේ බෙදන එක එයාලගේම ගෙදරට ගිහින් දුන්නම එයාලටත් ආතල්නේ... එහෙම බැළුවමා මං හිතන්නේ එයාලා උනත් ඕකට දීර්ඝකාලීනව කැමති වෙයි... ආසාවෙන් කොරන බෙදන වැඩේ අමාරුවෙන් අනුන්ගේ රටවල් අස්සේ රිංගං කරනවට වඩා පුල් ජොලියේ තමන්ගේම රට ඇතුලේ කොරගන්නකොට කාටද ඒ ආතල් එක..එයාලටමනේ...

ඔය ටික කල්පනා කොර කොර ඉන්නකොට මං මේ නිකමට වගේ කල්පනා කොලේ... ඉන්දියාව දියුණුයි කිව්වට මොකද.. අපේ උන් මේචචර ලග තිබිලත් ඇයි ඔය ඈතක තියෙන ඕස්ට්‍රේලියාවටම දුවන්නේ...? ඇයි ඉන්දියාවට නොයන්නේ කියලා... මෙහෙ උන් නෙවෙයි අඩුම ගානේ උතුර පැත්තේ ඈයෝවත්... ඕස්ට්‍රේලියාවට යන්න ගිහින් අහුවෙන අය අතරත් උතුරුකරේ ඈයෝ ඉන්නකොට ඉන්දියාවේ දියුණුව ගැන නිකං මොකක්ද වගේ...

අවසාන වශයෙන් මට ආව ප්‍රශ්නය... දැන් අපිට ආතල්.. අපේ උන් පිට රට ගියාම... උන්ට ආතල් උන්ට විසඳන්ට ප්‍රශ්න ලැබීම.... යන උන්ට ආතල් උන්ගේ වැඩේ හරියෑම... එහෙම බැළුවාම හැම පැත්තක්ම වගේ ආතල් එකේ තියන්ට ඇහැකි කේස් එකක්නේ මේක... එතකොට මේකට විරුද්ධ අය කවුද ඉන්නේ...?

කවුද එකෙක් මෙයිට කලින් ඔය වගේ කතාවක් ඇදෙනකාට කිව්වා දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවෙන් ගිය අයනං විරුද්ධ වෙයි කියලා... ඌට පිස්සු... ඒ අය මොකට අකමැති වෙනවද..? තමුන්ගේ රටේ උදවිය ඒ අය ඉන්න පැතිවලට ආවම එයාලටමනේ හොඳ.. දන්න කියන අය එක්ක ඉන්න ලැබීම කොයි තරං සතුටක්ද..? අනික එතකොට එයාලගේ බලයත් වැඩි වෙනවනේ ඒ රටේ... එතකොට එයාලටම කියලා කෑල්ලක් ඕස්ට්‍රේලියාවෙන් ඉල්ලගන්ටත් ඇහැකි... ඒක එයාලට කැමති ආකාරයෙන් පාලනය කොරන්ටත් ඇහැකි.. එහෙ ඉඳන් මෙහෙ ප්‍රහ්න විසඳන්ට දඟලන වෙලාවේ එයාලටත් එයාලගේම කියලා වැඩක් පලක් කරගතෑකි... එහෙවු එකේ එයාලා මොකට අකමැති වෙනවද..?

78 comments:

  1. ඕස්ට්‍රේලියා යාම සඳහා මාර උපදෙස්... නිකන් ඉන්න එකේ යමුද එහෙනං?

    ReplyDelete
  2. රටවල් වල ඉන්න සමහර ලංකාවේ උන් ගැන දන්නවා නම් මාරයා අයියා ඔය අන්තිම ජේදය ලියන්නේ නෑ... මාත් හරි ආසයි අපේ රට බෙදා දෙන්න කතා කොරන අයියලාගේ රටවල් වලට ගිහින් කට්ටිය කෑලි කෑලි ඉල්ලනවා නම්...
    ප.ලි- හොරෙන් රට ගිහින් පරිප්පු කන්න එපා කියලා මම ලඟදි දවසකත් කිවා නේද?? කෝ කියල කට ගන්න නෑ, මෙහෙන් මාරයා අයියා පටවන්න ලැහැස්තිය.....

    ReplyDelete
    Replies
    1. //රටවල් වල ඉන්න සමහර ලංකාවේ උන් ගැන දන්නවා නම් මාරයා අයියා ඔය අන්තිම ජේදය ලියන්නේ නෑ...//

      :D

      මල්ලි ඔය බොරු කිව්වට අපි රැවටෙයිද..? අපිත් එනවා මැජික් බලන්න බෝට්ටුවේ නැගලා...

      Delete
    2. ගොඩය කොහෙද කවුද දන්නේ නෑ ඒත් //රටවල් වල ඉන්න සමහර ලංකාවේ උන් ගැන දන්නවා නම් මාරයා අයියා ඔය අන්තිම ජේදය ලියන්නේ නෑ...// කතාවට එකඟයි... සමහර ඈයෝ ඉන්නවා ඔය වගේ...

      Delete
  3. අලියා ගිහිල්ලා අලි බෙටි දැක්කම පත්තරකාරයෝ දාන ඒවා නෙව මෙයා..

    ReplyDelete
  4. අම්මප මේක මාර වැඩක්නෙ. ඇයි ඇත්තටම ඕකට විරුද්ධ වෙන්නෙ. කට්ටියටම ආතල් වැඩක්නෙ මේක.

    ඉංදියාවෙ එව්වො මේකට විරුද්ධ වෙනවද දන්නෑ ලංකාවෙං උංගෙ රටට එන්නැතිව ඔස්ට්‍රේලියා යනවයි කියල.

    ReplyDelete
    Replies
    1. අන්න උන් උද්ගෝසනය කරනවළු...උන්ට දෙන්න එන්නේ නැතිව සුද්දන්ට දෙන්න යනවා කියලා...

      Delete
  5. හික් හික් හික් එලම ලිපිය ඔය කන ගමන් කියවන එක මටත් තියෙනවා දැනුත් මේ උදේට කනගමන් තමයි කියවන්නේ. මමත් කියන්නේ මෙන්න මේක නීතිගත කොරන්න ඕනේ කියලයි. ගණිකා වෘතිය නීතිගත කල වගේ නෙවෙයි. කොටින්ම කිව්වොත් මල්ල කරේ ඩොලර්ස්,පවුම්,යුරෝ සෙල්ලම්ද කොල්ලෝ කිව්වලු

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ... එහෙවු ඩොලර්වලටනේ මේ පයින් ගහන්න හදන්නේ..?

      Delete
    2. අපි සිස්ටැම් එකක් හදන්න ඕනේ ලොකු පුටුවලටත් සියයෙන් කොටසක් යන්න එහෙමනම්. ඩිප්ලෝමැටික් පාස්පෝර්ට් දීල යවයි.

      Delete
    3. හැදුවත් නැතත් උන්දලා ඒවා කොහොම හරි ගන්නවා බං...

      Delete
  6. "අර රට යන අත" කියල චිත්තරයකුත් ඇඳලා තිබුනේ.. :)

    පුළුවන් හැම එකාම යන එක හොඳයි. හැබැයි ඉතින් යනවා කියල යන ගොඩක් අය දැන් ආපහු එවනවා නේ. වැරදි වැඩේ. ඔව්ව හෙලයින්ගේ රටවල්. අපේ එවුන්ට වෙනම රටක් ඉල්ලන්න උවමනා නෑ. සුද්දන්ව පන්නලා මුල් අයිතිය ගන්න තියෙන්නේ.. එතනින් එහාට අල්ලපු රටත්, ඒකත් අපේ එවුන් ඉස්සර වෙලාම පදිංචි වුනේ.. . වට පිටාවේ ඔක්කොම අපේ එවුන් ආ ගිය තැන් තමා.. ඔය කොහේ වුනත් අපට උවමනා වෙලාවට යන්න එන්න පදිංචි වෙන්න පුළුවන් වෙන්න ඕනි හරිනම්.



    ReplyDelete
    Replies
    1. මුං මේ කරන අසාධාරනේ මීවනය හරහා රාවණයන්ට කියන්න ඕන.. එව්වා අපේ නිජ බිම්..ඒවට බෝට්ටුවෙන් යන්න අපිට බැරිනං රාවනා ආවම දඩු මොණරයෙන් හරි යන්න ඕන...

      Delete
  7. 01) ඕස්ට්‍රේලියාවට ඕක ප්‍රශ්නයක් , ඒකට අදාල පත්තර කැල්ල උඹට හම්බුවෙලා නෑ

    02) ආශ්චර්යේ උන් බෝට්ටු වලින් රටෙන් පනින කොට තොට ලැජ්ජා නැති වුනාට තොගේ "මහින්ද අය්යට" ලැජ්ජයි.

    03) කව්ද උඹට කීවේ ඉන්දියාව දියුණු රටක් කියලා ?

    ReplyDelete
    Replies
    1. හිටහං කාට හරි කියලවත් ගෙන්නගෙන ඊ ළග දවසේ ඒ පත්තරේකින්වත් බත් එක බැඳගෙන එන්න...

      මහින්ද අයියට කරුණු පැහැදිලි කරන්න වෙලාවක් දාගන්න ඕන..:D

      ඇයි බං උඹමනේ කාලයක් ඉන්දියාව කරේ තියං දිවුවේ... මොකෑ අපි මැරිලා ඉපදිලායෑ...

      Delete
    2. ඉන්දියාව ගැන මම කථා කලේ ඒ ඒ කාරණයන්ට අදාලව විතරයි, ඒක උඹල දැක්කේ කොහොමද කියන්න මම දන්නේ නෑ . මිනිස්සු බෝට්ටුවක ගිහින් පනින්නේ සංවර්ධිත රටකට විතරයි . ඒ නිසා ඉන්දියාවට තියා අපේ සදාදරණීය චීනෙටවත් මොකාවත් බෝට්ටුවලින් යන්නේ නෑ

      Delete
    3. හැමදාමත් වගේ අපි ඒකත් වැරදියට දැකලා බං...

      Delete
  8. මාරයා දන්නෙ නැති උනාට මේක පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි සිද්ධ උනේ. බඩු බනිස් උනේ බෝට්ටුවක් බැලන්ස් නැතුව ගිහින් කස්ටියක් වැලිගම්පිටි ගිය නිසා. එතනදි කස්ටියම මාට්ටු උනා. එහේ තානාපතිත් නාවික හමුදාවේ හිටපු කෙනෙක්නේ. කස්ටිය හොඳ ගානක් හොයා ගත්තා. දැන් නම් ඉතින් ඔට්ටේලියා ගියොත් පරිප්පු තමයි, ඔය පැපෝනියාවටද කොහේටදලු යවන්නේ. ඒත් මම හිතන්නේ මෙහේට වඩා නම් හොඳ ඇති. ජීවීතෙත් පරදුවට තියලා යන්නේ ආශ්චර්යෙට බය වෙල වෙන්ටෑ....

    ReplyDelete
    Replies
    1. කොහේද ඒ පැපෝනියාව තියෙන්නේ..ඇහුවෙත් අදයි... ෂික් අපරාදේ කලින් දන්නවනං මාත් අයියට කියලා බෝට්ටුවක නඟිනවා...

      Delete
    2. පැපුවා නිව්ගිනියාවට (කොළඹදි මල ජොයෙල් ප්‍රේරගෙ රට) කියන්නෙ පැපෝ කියල.

      Delete
    3. ඕක මරු ලොකු කතාවක්. මම වෙලාවක ලියන්නම්. නිකන් නෙමෙයි ඉන්ගිරිසියෙන් කතාකරපු තැනක වෙච්ච දෙයක්..

      Delete
    4. ආන්න එහෙම කියන්න එපෑ... මේ මාතලනා රටේ නැති නං ගෙනත් කිව්වම අපි කොරවෙනවනේ...

      හා හා කියකෝ බලන්න ඒ කතාවත්...

      Delete
  9. අදත් විමසුම සටහන.....

    රට යන ඈයෝ එවන සල්ලි වලින් යැපෙන්න වැඩිකලක් හම්බෙන්නේ නෑ. මොකද ඒ අය ලංකාවට සල්ලි එවන්නේ ඒ අයගේ අම්මලා තාත්තලා පවුලේ ලඟම අය ඉන්නකම් විතරයි. අම්මලා තාත්තලා නැතිවුන දවසක පවුලේ ඉතිරි අයවත් ඒ රටවලට ගත්තු දවසක දැන් එවන මුදල් හැමදාම එකම විදිහට ලැබෙයි කියලා හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හරි බං..කාලයක් තේ පොල් රබර්.. ඊට පස්සේ ආරාබි සල්ලි.. දැන් මෙහෙම ඩොලර් ටිකක් හොයමු... එයින් පස්සේ තව ඔය මොකක් හරි එන්නේ නැතෑ කුණ්ඩවාතයක්... මොකද අපි කියලා දීර්ඝ සැලසුම් ගහන්න පුළුවන් ජාතියක්ද..?

      Delete
  10. මමත් පොඩි කාලෙ දවසක් කන ගමන් පත්තරේ බලබල ඉඳලා, කන්න හදනකොට, තාත්තා බත් පිඟාන ගෙනිහිල්ලා..!

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමුකෝ අසාධාරනේ...

      Delete
  11. අනේ අය්යේ උබත් ඔය බෝට්ටුවක බැරිනම් පාරුවක නැගල හරි පලයන්කෝ.. ඕස්ට්‍රේලියාවට බැරිනම් සෝමාලියාවට හරි....

    කොහේ ගියත් බොට නෙට් කනෙක්ෂන් සෙට් වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. සික් ඉතරක් උඹලටත් ඉර හද පායනවනේ.. එහෙම උනාම උඹලා කොහොමද කෑමක් බීමක් ගැනවත් දැනගන්නේ..?

      Delete
  12. රට යන අය ලොකු අවධානමක් අරගෙන තමයි රට යන්නෙ.. මේ ඉංදියාවට හෙමත් ලොකු මූදු ඉඩ කඩං තියෙනවා...නමුත් එහෙ අය එච්චරටම රට යන්න තනන්නෙ නැහැ...

    රට පනින්න සමහර වෙලාවට ලක්ෂ පහක් දහයක් වියදං කරන්න වෙනවා.. නියමිත ක්‍රමවලට ගියත් ඒ වගේ ගානක් යනවා... රට ගියත් ඇයි රට යන ඈයො මෙහෙ දේවල්ම බලන්නෙ..රට ගියාට ඒ අය අහන්නෙ ලංකාවෙ සිංදු...කන්නෙ බොන්නෙ මෙහෙ විදියට...කොටින්ම රෑට බලන්නෙත් ලංකාවෙ ටෙලිනාට්ටි..

    කඳ විතරයි ඒ රටේ තියෙන්නෙ..කොටින්ම වැටෙන්න පෙරලෙන්න ගියත් ලංකාවෙ අය එහෙදිත් කියන්නෙ බුදු අම්මෝ කියලලු..

    ReplyDelete
    Replies
    1. අමිල අහන ප්‍රශ්න ටික බොහෝම වැදගත්... හැබැයි ඔව්වට මං ලගනං උත්තර නැහැ රට ගිය ඇත්තෝම තමා උත්තර දෙන්න ඕන...

      Delete
    2. අපි ඉන්නම නෙමේ. රස්සාවලට ඇවිත් ඉන්නේ. ඔය කිව ඔක්කොම හරි . අර ටෙලි නාට්ය බැලිල්ල ඇර.

      Delete
    3. ඉන්නම යන අයත් ඉන්නවා නේද අමිල ඔය කියන විදියට වැඩ කරන... මං හිතන්නේ මේක වෙනමම කතා කල යුතු කාරණාවක්... බින්දිටම තමා පුළුවන් ඒකට වේදිකාව ගහන්න... අපි ගැහුවොත් කොයි අතේ යයිද දන්නේ නැහැ... ඔන්න ලියනවනං...

      Delete
    4. රට යන අය වර්ගවෙන්නේ මේ විදිහටලු (යාලුවෙකුගෙන් උස්සපු අදහසක් )

      01) නො එන්නම යන අය - පුරවැසිකම් අරගෙන ඉන්න බලාන යන අය , බෝට්ටු අයත් මේ ගොඩේ
      02) හම්බු කරන් ආපහු එන්න - ඔය මැදපෙරදිග එහෙම ඉන්න කට්ටිය
      03) පුලුවන් උනොත් ඉන්න බලාගෙන - ඉගෙන ගන්න එහෙම යන අයගේ බලාපොරොත්තුව පුලුවන් නම් ජොබක් සෙට් කරන් එහෙම ඉන්න
      04) ගිහින් එන්න යන අය - ශොපින්, වන්දනා , බිස්නස් , සෙල්ලම් වලට යන අය
      05) ඉන්න කියල ගිහින් , ඉන්න බැරුව ආපහු එන අය - මේ පලවෙනි ගොඩේ උප කොටසක් , ඉන්න කියලා ගියාට එක්කො හෝම් සික්,(අර අමිල කියන විදිහට ජීවත් වුනාත් ලංකාව ගැනමයි හිත ) , ඉතුරු අය හදාගෙන හිටපු අහස් මාලිඟා බිඳ වැටුන අය

      Delete
  13. මාරයියේ ඔන්න ඔහේ ඔය බයිසිමොටෝව විකුණලා අපිත් ගමු බෝට්ටුවක් යන්ට ඕස්ට්‍රේලියා...:D

    ReplyDelete
    Replies
    1. විකාරනං කියන්ට එපා මල්ලි... මං මේ දවස්වල ලොකු සියඹලාවක් හොයනවා.. ඔරුවක් කොටන්ට... කොහේ යතත් බයිසිමොටෝවත් අරං තමා යන්නේ...

      Delete
    2. මම කියන්නත් හදලා මම දන්න එකෙක් සියඹලාවක් හොයන විත්තිය, ආයෙ නිකමට කමෙන්ට්ස් ටික බලාගෙන ආවා... :D

      Delete
  14. ඒකත් නරකම නෑ අයියේ,
    උඹ හිතන විදිහ තාර්කික දැනුමක් අපේ රට කරවන ඇත්තොන්ට නැති හැටි

    ReplyDelete
    Replies
    1. මගේ මේ තාර්කික මොලෙන් රට කලොත් රටටත් බඩු..මටත් බඩු... :D

      Delete
  15. මං යනවා කොස් ඇට අග්ගලා හදන්න..

    ReplyDelete
    Replies
    1. හික් හික්..උඹට වෙච්ච දේ...

      Delete
  16. කතන්දරේ මේකයි මාරයියේ.
    ඔය විදියට එක එකාට ඕන විදියට රටින් යන්නයි රටට එන්නයි පුළුවන්වුනොත් අපේ ජොබ් එක ලගදිම ගහලා යනවා. නැතුව ඔය පනින එවුන්ගෙ දුක නොතේරෙනවා නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මල්ලිලගේ ජොබ් එක ගහලා යනවට බය වෙන්න එපා..අපි මල්ලිවත් පටවන්නං එහාටම..ඉවරනේ කතන්දරේ.. සුළු ප්‍රශ්නනේ ඔයාලා ලොකු කරං තියෙන්නේ අප්පා...

      Delete
  17. අඩෝ කවුද මේ ආතල් කන එවුන්. නාවික හමුදාව පොලිසියේ වැඩ කරන්න පටන් අරන් වගේ. වෙන මොකවත් නෙවේ ඊරිසියාව

    ReplyDelete
    Replies
    1. ආතල් කන එක තරං කැත වැඩක් තවත් තියේද.. තුන් ගොල්ලකගේ ආතල් කන එක එතකොට කොච්චර වැරදිද..?

      Delete
  18. නාවික හමුදාවෙන් සහයෝගය නොලැබෙනවා මයි කියන්නත් බැහැ....කොහොම හරි බෝට්ටුවෙන් ඒ රටට පැන ගත්තු මගෙ යාළුවෙක් කිව්ව විදිහට. නමුත් මගෙත් අදහස නම් රාජ්‍ය අනුග්‍රහය ඇතිව කට්ටියව පිට රට පටවන එක හොඳයි.... සල්ලි වලටත් වැඩිය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න පුළුවන් වෙයි එතකොට... ආයෙ ලංකාවට ආව දවසක වාහනේක හෝර්න් එකක් නොගහ පාරෙ යයි, පෝලිමක ඉඳල බස් එහෙකට නඟීයී, නියමිත තැනට කුණු දායි, සෙයට සීයක්ම නොවුනත් දියුණු රටකට යන ඈයින්ගෙන් ගොඩාක් අය ඔය වගේ යහපත් ආකල්ප වලට හුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ඒකනම්... ඒක වෙනවනම් හොඳයි... ආයිත් මේ රටට බැන බැනම වැරදි විදියට පාරේ යනවා නම් මං දැකලා තියෙනවා.... මේ රටේ එහෙම නැතුව වාහන එළවන්න බෑ කිය කිය.. හි හි...

      Delete
    2. මාත් හිතන්නේ වැඩියෙන් වෙන්නේ හිරුවා කිව්ව ටික තමා... මෙහෙ වගේද එහෙ කිය කිය එයාලත් අපේ පාරෙම යන එක තමා කරන්නේ...

      Delete
  19. අනිත් එවුන්ගේ රටවල් බෙද බෙදා ගියාට උන් කැමති වෙන්නේ නැහැ උන්ගේ රටවල් බෙදන්න.නේවි එකෙන්නම් දැන් ඔය පනින උන් අල්ලන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා.

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි ඒ ඇත්තෝ එහෙම නැහැ..පෙදනවා කිව්වම රීරි මාංසේ උනත් බෙදා දෙන්න තරං සද්ගුණවත්...

      Delete
  20. ඉස්සර මේ පැත්තෙ හිටියා ඉතාලි ජගත් කියල බුවෙක්.

    මාරයියා දැන් ඔසී මාරේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. ඉතාලි ජගත්ලා නං මමත් දෙන්නෙක්ව දැනං හිටියා... තව හිටියා සෞදි සරා කියලා එකෙක්...

      Delete
  21. ඉඳහන්කො මාත් යනවා රට ..අම්මප..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  22. ගෝලීයකරණය නිසා මිනිස්සු එහාට මෙහාට යනවා ,. අනික අද විතරය . කොලොම්බස් වුනත් කලේ ඔය ටිකනේ . වැරද්දක් නැහැ . ඒ ඒ රටවල් කැමති නැත්තන් ආපහු එවන එක වෙනම වැඩක් .

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අක්කේ කොලොම්බස්ව ආපහු එව්වේ නැහැනේ... හරි වැරදියි නේද අපිව විතරක් එවන එක... හරිනං අපිව අරගෙන රටෙන් කෑල්ලකුත් දෙන්නත් ඕන...

      Delete
  23. අපේ උන් දැනටම නම තියලා තියෙන්නෙ.... එහෙ ටවුමක් හදුන්වන්නෙ සිංහල නමකින්... නම බඩගිනී...තියෙන්නෙ වික්ටෝරියා ප්‍රාන්තෙ... වැඩිදුර තොරතුරු මෙතැනින්

    ReplyDelete
    Replies
    1. අබ්බට සිරි සිරෝ.. අන්න සිරා පොරවල්... උන්නං රාවණ පරපුරෙන් ගිය උන් ටිකක්ම තමා... රාවණෘ කිව්වට මං හිතන්නේ කුම්භකර්ණ පරපුරේ... කුම්භකර්ණගේ බඩගින්න සිහි වෙන්න තමා නම තියලා ඇත්තේ...

      Delete
  24. අවශ්‍ය තැන්වල මහප්‍රාණ නොදැමීමත් අනවශ්‍ය තැන්වල මහප්‍රාණ දැමීමත් දැන් විලාසිතාවක් වෙලා.
    උදාහරණ: වර්ථමාන
    නියම වචනය: වර්තමාන
    මේ වගේ උදාහරණ ඕනැතරම් තියෙනවා බ්ලොග් අවකාශයේ.

    ReplyDelete
    Replies
    1. එකක් නොදන්නා කම . අනෙක මේ මන් වගේ උන් ඉස්කෝලේ ගිහින් සෑහෙන කල් . සිංහල වලට ඉස්තරම් වෙලා උන්න කාලේ ඔයවගේ වැරදි වුනේ නැහැ . කාලෙකට පස්සේ ලියනකොට අමතකයි . අනෙක හුඟක් සිංහල කොටන්නේ ගුගල් වලින් . සමහර විට වරදිනවා . ඔය වගේ දේවල් ඕනවට වඩා බල බල හිටියොත් ලියන්න කම්මැලියි වෙනවා .
      වැරදි තමයි . ඒවුනාට කරන්න දෙයක් නැහැ .

      Delete
    2. ඇත්ත ඒ වරද සෑහෙන්න සිද්ධ වෙනවා තමා... අර කිව්වත් වගේ හේතු ගොඩක් තියෙනවා.. බින්දි කිව්ව කාරනාත් හරි... තව ඕකට හේතුවෙනවා නොසැලකිල්ල.. මටනං ඒක ප්‍රධානම හේතුවක්.. අනික හිතා මතා එහෙම කිරීම.. විහේෂයෙන්ම මම නිතර ස යන්න වෙනුවට ෂ යන්න පාවිච්චි කිරීම.. එතකොට කට්ටිය කියන එක මං වැඩිපුර ලියන්නේ කස්ටිය විදියට... ඒ වගේ හිතා මතා කරන හුගාක් දේ හින්දත් ඕක වෙනවා... භාෂාවේ නීති රීති අනුවනං ඕවා බරපතල වැරදි.. ඒත් බ්ලොග්කරණයේදී ලිඛිත භාෂාව ඒ හැටියටම යොදන්න ගියොත් ටික දවසකින් කියවන්න ඉතිරි වෙන්නේ සාහිත්‍ය අනුමණ්ඩලයේ වගේ කට්ටියක් විතරයි... මෙතන තියෙන විවිධාංගීකරණය ගැන අවධානය යොමු නොකොට ලියන්න ගියොත් මේකත් අර මුලින්ම බත් ඔතන්න පිටු ගන්න ඉරිදා පත්තරවල සාහිත්‍ය අතිරේකය වගේ වෙන එකනං වලක්වන්න බැහැ. ඒ අතරේ භාෂාව නොමරා ලියන අයට තහනමක් නැහැ ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යෑමට... ඔය කොයිකත් එකට ගැටෙමින් යන තැනක් බ්ලොග් අවකාශය... වැදගත්ම දේ මෙතැන පාලනය කරන්නවත්.. බූදලේ කරගන්නවත් කාටවත් බැරි වීමයි.. එහෙම උනොත් මේකත් ලංකාවේ සාහිත්‍යකරණය වගේ වරප්‍රසාදලත් එක්තරා කොටසකගේ පමණක් උරුමයක් වෙයි...

      එහෙම උනානං මාරයත් නැහැ... බින්දිත් නැහැ තමා... :D

      Delete
  25. අවශ්‍ය තැන්වල මහප්‍රාණ නොදැමීමත් අනවශ්‍ය තැන්වල මහප්‍රාණ දැමීමත් දැන් විලාසිතාවක් වෙලා.
    උදාහරණ: වර්ථමාන
    නියම වචනය: වර්තමාන
    මේ වගේ උදාහරණ ඕනැතරම් තියෙනවා බ්ලොග් අවකාශයේ.

    ReplyDelete
  26. ඉතාලි එන්නත් මේ පොරේමයි.. මම කියන්නේ අෆ්‍රිකන් එවුන්.. ඉදලා හිටලා බෝට්ටු අල්ලනා හෙන සෙට් පිටින්.. ඔය අස්සේ අපේ අය නැතුවමත් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. ඉස්සර මෙහෙත් ඉතාලි යෑමනේ බෝට්ටුවල ආතල්ම ගමන උනේ.. දැන් අළුත්ම එක තමා ඕස්ට්‍රේලියා... හෙට අනිද්දට ඇමරිකා යන්න ගත්ත ගමන් මාත් යනවා...

      (එහෙම ගියාට පස්සේ මහින්ද අයියව පලු යන්න ලියනවා)

      Delete
  27. බත් කද්දී පත්තර බැලීම ...මන් හොඳටම බැනුම් ඇහුවා අම්මගෙන් . අපේ අක්කගේ දුව බැනුම් අහනවා '' උඹත් පුංචි වගේමයි '' කියල .

    මගේ ළමයින්ට මන් වැඩිය බනින්නේ නැහැ . කකුළුවා ඇදේට යන නිසා

    ReplyDelete
    Replies
    1. අනික ඉතිං ඔයාකාර හරි ගස්සන්න තරං ඕක නරක පුරුද්දක් නෙවෙයි නෙව... මටනං වැදගත්ම දේ කියවන දේ රහයිනං කන දේ මොනවා උනත් ඒ හැටි ගානක් නොවීම... අම්මලට ඒක කොයිතරං පහසුවක් නේද..?

      Delete
    2. අනේ මන්දා ඉස්සර කියන්නේ කළුවරේ කන්න එපා . පොත් කියව කියව කන්න එපා කියලනේ . දැන් එහම නැහැ .

      Delete
    3. මමත් ඔය වැ‍ඩේ කරනවා , ඕකේ වටිනාකම දැන් වැඩිපුර දැනෙනවා, පොතක් පත්තරයක් කියවන්න තියන වේලාව දැන් බ්ලොග් කියවන්න යොදන හින්දා,

      Delete
  28. ඔට්ටේලියාවට ගියොත් කල්ල මරේලු නේ.

    (රහසින්: මාරේ අයියේ, මන් සල්ලි බඳින්න කීයටද එන්න ඕනි)

    ReplyDelete
  29. සික් මාරෙ උඹත් කියන කතා!
    උඹ බලාගෙන හිටින්කෝ තව වැඩි කාලයක් යන්න කලින් ඔය ඕට්ටේලියං කාරයො, අමෙරිකං කාරයො ඔක්කොම බෝට්‍ටු හදාගෙන ලංකාවට හොරෙන් රිංගන්න ට්‍රයි කොරන්නෙ නැද්ද කියලා මේ යන විදියට.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  30. මගෙ කමෙන්ට් එක ස්පෑම් එකෙන් ගනින්කො මාරෙ මල්ලි.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇයි බං හැමදාමත් උඹේ කමෙන්ට්ස් විතරක් නොමග ගිහින් ස්පෑම් ගොඩට වැටෙන්නෙ.!? උඹ එවුන්ට හරි මග කියා දෙන්නැද්ද, එහෙමත් නැත්තං ඒවත් උඹ වගේම හරි මග තිබියදී නොමග යන එවුන්ද.?? :P

      Delete
    2. බොරුවට කියනවද කොහෙද

      Delete
  31. මාත් එකයි මාර අයියට . ඕන නම් ඔය යන්න කැමති අයට මාතර පැත්තෙන් සහන මිලට බෝට්ටු ලබාදෙන වැඩ පිලිවලක් යොදන්නත් පුළුවන්නේ

    ReplyDelete
  32. //හයට නැගිට්ටා..ඉවුවා.. නාලා කරලා තේ එහෙකුත් හදාගෙන බීලා බත් දෙකත් බැඳගෙන..වළං පිඟන් ටිකත් හෝදලා දාලා අට වෙද්දී වැඩ පොලේ...//

    යකෝ පැය දෙකට ඔච්චර කෙලියක්

    ReplyDelete
    Replies
    1. මාරයා කියල අමතක උනාද ? :)

      Delete