සුමනක්කා ආයෙමත් ලංකාවට ඇවිත් කියලා මේ වෙනකොට ගොසිප් අඩවිවල හෝ ගාලා යනවා නෙව.. ඒ මදිවට අදත් ඔන්න සුමනක්කාගේ කතා බහක් දාලා තිබුනා ගොසිප් කාරයෝ... ඒක සරසවිය පුවත්පතට දුන්න සම්මුඛ සාකච්ඡාවක් කියලා තමා දාලා තිබුනේ... ඒ කොහොම උනත් කාලෙකට පස්සේ ආව සුමනක්කාව මාරයා තුමා වෙච්ච මංතුමානං සාදරයෙන් පිළිගන්නවා... මොනවා උනත් ගැටයෝ කාලේ අපි වෙනුවෙන්ම කැප උන ගෑණි... එහෙවු ගෑණිව අමතක කොරන එක කාට පුළුවන් උනත් මේ මංතුමාටනං බැරුවා...
පුංචිබොරැල්ලේ ඉස්කෝලේ යන කාලේ.. ඉස්කෝලෙන් පැනලා ගොහින්..මරදානේ පත්තර ලෑලිවල යටින් තියං විකුණන පුංචි පත්තර කෑල්ලත් අරං මරදානේ නවත්තලා තියෙන කෝච්චි පෙට්ටියකට ගොඩ වෙලා කට්ටියත් එක්ක පිටුව පිටුව බෙදාගෙන කියවපු ඒ කාලේ... අපිට දකින්න තිබුනේ සුද්දියන්ගේ හෙළු බැලි පිංතූර විතරයි... ඒත් ඉඳ හිට හරි පත්තර කවරයක් යන්තං අපේ දේශීය රුවකින් සැරසුනානං ඒ සුමනක්කාගේ දැවැන්ත ශරීර කූඩුවෙන් තමා... දැක්කම ඒ හැටි ප්‍රියතාවයක් නැති උනා උනත්.. මොනවා උනත් දේශිය දේ නේද කියලා හිතලා අපි එදත් අදත් සුමනක්කව අගේ කලා.. ඉස්සරහටත් කරනවා... (අපි කවදත් දේශීය දේ අගයන උන් හරිය...)
යංතං ෆිල්ම් හෝල් එහෙකට රිංග ගන්න වයස හරි නොගියා උනත් පෙනුම හරි ගියාට පස්සේ මරදානේ රූබී එකේ සුද්දියන් නිරුවස්තරෙන් ඇඹරෙන දඟළන පොරකන ඒවා දැකලා හෙම්බත් වෙලා හිටි අපට දෙයියනේ කියලා ලෝබ නැතිව "අපේම අපේම අපේ කෙනෙක්" කියලා ලාංකීය නාරි දේහයක් යම් තරමකට හරි පෙන්නුවනං ඒත් සුමනක්කාම තමයි...
අපි බුදු වෙලා නැහැනේ ආයිබෝං... යන්තං අවුරුදු දොළහා දහ තුන පනිද්දිම හිතටයි ගතටයි ඇතිවෙන වෙනස්කං උඩ... පිස්සු නටන කාලේ.. මොනවත්ම හරියට නොදන්න අපිට මොනවාම හරි දුන්න සුමනක්කාව අමතක කරන්නනං අපි ආයේ මැරිලා උපදින්න ඕන... ඇත්තම කිව්වොත් අපේ යුගයේ හිටිය බොහෝමයකට සුමනක්කා කියන්නේ මතක වස්තුවක්...
සමහර වෙලාවට ඔය බුකියේ එහෙ මෙහෙ යන ෂෙයාර් කෑලි අස්සේ යනවා 90 කලින් ඉපදුන අයට මතකද කියලා එක එක දේවල් අහලා... ඒ අතරේ ඔය හා හා හරි හාවා වගේ කාටුන්... නයිට් රයිඩර් වගේ ටෙලි නාට්‍ය කතා.. එහෙමත් සඳහන් වෙලා තිබුනා උනත් කවදාවත්ම ඒ වායේ නොතිබුන.. ඒත් එක සුපිරිම කාරණාවක් වෙන්ට ඕන "සුමනක්කා හා ඇගේ චිත්‍රපටි"... ඒත් අවාසනාවකට හරි ඒවා ෂෙයාර් කරන අයට ලැජ්ජ හින්දා හරි සුමනක්කාව ඒ වගේ ඒවට ගාව ගන්නේ නැහැ...
අද සරසවියට දීලා තිබුන කතාව දැක්කම තමා මට හිතුනේ මොනවා උනත් සුමනක්කා හරි කෙලින් ගෑනි කියලා... රෙද්ද ගලවන්න පුළුවන් උනාට ඒක පිළිගන්න අකමැති හුඟාක් නිළියෝ අතරේ ඇය අදටත් තමන් කල කී දේ පිළිගන්නවා... ඒ විතරක්ම නෙවෙයි ඒ දෙවල් කරපු හැටි ගැන බොහෝම විවෘතව කතා බහත් කරනවා... එයිටත් වඩා වැදගත්ම දේ දැන් ඇය ජීවත් වෙන විදියත් බොහෝම පැහැදිලිව කියලා දානවා... මෙහෙන් රට ගිහිල්ලා මොනවා හරි කරලා ඇවිත් පස්සේ නැව් ටෝක් දෙන අය අතරේ.. ඇය කියනවා ඇය ජීවත් වෙන්න වයසක රෝගියෙක් බලා ගන්න වග... වෙන කෙනෙක්නං කියන්නේ මං එහෙ ගිහිල්ලා ජාත්‍යන්තර සිනමාවට අත ගැහුවා වගේ කේස්නේ.. ඒත් අපේ සුමනක්කා ඇත්තටම කොරන හරිය ඔහේ කියලා දානවා...
ඒ මදිවට කොහොම හරි සුමනක්කා කසාඳයකුත් කොරගෙන... මං දැක්කා ගොසිප් සයිට් එහෙක කොමෙන්ට් එකක්.. "කීයක් බැඳ ගනීද දන්නේ නැහැ" කියලා... ඇයි යකෝ ඒ ගෑණි කීයක් බැඳගත්තත් මොකද..අනික මොන මගුලකට හරි ඔය බැන්දා මිස අපි දැනං හිටියද සුමනක්කා ඇත්තටම මෙච්චර කාලයක් බැදලද ලෙහලද හිටියේ කියලා... කොහොම හරි උන්දෑ බැඳලා සතුටෙන් ඉන්නවනං මටනං එච්චරයි... මොනවා උනත් අපිව සතුටෙන් තියපු සුමනක්කාටත් සතුටෙන් ඉන්න ලැබෙන්නයි ඕන...
සුමනක්කා රඟපෑවේ සල්ලි හොයන්න වෙන්න පුළුවන්.. ඒත් ඒ හරහා මොකක් නමුත් සිනමාවක් ටික කාලයක් ඇඳීගෙන ගියා වගේම..අපිත් මුලදී වල්කමටත්.. කාලයක් ගිහින් හිනාවෙවී හරිත් ඒවා බැළුවා... වල්කම වරදක් කියලා හිතන රටක වල් නිළියක් වූ සුමනක්කට..වල් කොල්ලෙක් වූ මගේ ප්‍රණාමය...
මාරයා අයිය ලියන්න තියෙන දේ කෙලින්ම ලියල තියෙනවා. අවංකව කතාකරන්න ඒ මනුස්සයට කොන්දක් තිබුන එක මමත් අගය කරනවා. හැබැයි ඔය කිව්වා චිත්තතර පටි කෑලි මම නම් බ්බලල නැහැ. එක දවසයි හෝල් එකට ගියේ එදාම පන්නගත්තා. එයින් පස්සේ අදවෙනකල් හෝල් වලට ගිහින් නැහැ යන්නෙත් නැහැ.
ReplyDeleteඅම්මපා මාරයෝ වල්කම වරදක් කියලා හිතන රටක වල් නිළියක් වූ සුමනක්කට..වල් කොල්ලෙක් වූ මගේත් ප්‍රණාමය...
ReplyDeleteබොරු කියන්නේ මොකටද. මමත් සුමනා අක්කා ඉන්න ඔය චිත්තරපටි දෙක තුනක් බලලා තියෙනවා.
ලෝකෙට සුද්දවන්තයෝ වගේ පෙන්නගෙන ඉන්න ගොඩක් උන්ට වඩා සමාජෙන් වල් කියන ලේබල් එක වැදුණු මිනිස්සුන්ගේ හිත සුන්දරයි. හිතේ හිර කරහත්තු කුණු නැහැ ..
"ලෝකෙට සුද්දවන්තයෝ වගේ පෙන්නගෙන ඉන්න ගොඩක් උන්ට වඩා සමාජෙන් වල් කියන ලේබල් එක වැදුණු මිනිස්සුන්ගේ හිත සුන්දරයි. හිතේ හිර කරහත්තු කුණු නැහැ"
Deleteමමත් හිතනවා මේ කතාව ඇත්ත කියල
කතාව නම් හරියට හරි..කොහොමත් ලංකාවෙ බහුතරයක් කෙලෙහිගුණ දන්න අය නෙවෙයිනෙ..මන් නම් අදටත් සුමනා අක්කට හරි මනාපයි..ඒ කාලෙ වගේම..අනේ ඉතින් අපේ අතට පයට පිහිටක් වෙන්ඩ වෙන කවුද හිටියෙ ඒ කාලෙ ???
ReplyDeleteනියමයි මචෝ. තනිකර ඇත්ත කියලා තියෙනවා. අපේ සමාජයේ තියෙන බොරුව ඕකයි. සුමනක්කගේ ඇඟ, මූණ සැක්සි නැති උනාට කී සැරයක් නම් යට ලීයෙන් වැඩලා ඇතිද..? ඒ ගෑණී ඉස්සරත් ඇත්ත කතාකරා.. ඒකයි මෙහේ සුචරිතවාදියෝ ඇයට මඩ ගැහුවේ. අනිත් අය හෙළුව විකුණලා ඒ මම නෙමෙයි කිව්වා. ඒ තනිකර බොරුව. ඔය අනිත් කාළාකාරයොත් රට ගිහින් කරන්නෙ ඕවම තමා. මම අත්දැකීමෙන්ම දන්නවා. මෙහේ ඇවිත් බයිලා ගහනවා. එහෙම එකේ මේකී ඒ ගැනත් ඇත්ත කියලා තියෙනවා. මම එදත් අදත් ගරු කරන මනුස්සයෙක්. හේතුව බොරුව නැති නිසා. අනිත් එක කී දෙනෙක් සල්ලි කාරයෝ උනාද ඒ නිසා. තව එක දෙයක් තියෙනවා කියන්න. ඔය අද්යක්ෂකවරු හරි නිශ්පාදකවරු එකෙක්ටවත් මෙයාව තම්බන්නත් බැරි උනා. ඒ හේතුව උඩමයි පසු කාළිනව මෙයාව අතරමන් කළේ. ඒ කියලා ඒකී නෙමෙයි වැටුනේ.
ReplyDeleteඅනේ මන්දා.. මාත් ඕය ෆිල්ම්ස් නම් බලලා නෑ... කෙල්ලො යනවයැ ඕවා අස්සේ රිංගන්න.. හි හි...
ReplyDeleteකොෙහාම නමුත් ඒවා තාම මතක තියාගෙන ඉන්නත්, ඒ ගැන මේ වගේ කතා කරන්නත් පුළුවන් වෙච්ච එක ගැන මාරයියට මාගේ ප්‍රණාමය... හි හි...
මමත් බලලා තියෙන්නේ ෆිල්ම් හෝල් වලින් නෙවෙයි. මේකෙන්. පොඩි සර්ච් පාරක් දාල බලපන්කො හිරුවෝ.
Deleteඑච්චර මනාපයක් නෑ රෙපා ඕවට.... ඒක නිසා බයිට් වියදම් කරන්න ලෝබයි... හි හි...
Deleteඅපේ මහත්තයනම් අනිවා බලන්නම ඇති.අපි ඉතින් එක රැහේ කුරුල්ලොනේ.වයස පොඩ්ඩක් එහෙමෙහෙ වුනාට.
Deleteසුමනක්කගේ ෆිල්ම් නම් බලන්න හම්බුනේ නෑලු නලීන් අයියේ... ගොඩක් අහලා නම් තියෙනවලු.. 90 දශකේ මුල කියන්නේ ඉතිං පොඩි ළමයි නේ.. හි හි... ඒ උනාට පෝස්ට් එකට මාරයියට එයාගෙත් ප්රණමය පුද කරන්න කිව්වා..
Delete70 දශකයේ ඉපදුණ අපිට සුමන අක්ක ඉෂ්ට දේවතාවියක් උනා තමයි. ඒ කාලෙ කීදෙනෙක් සුමන අක්කව හිතින් දුෂණය කරන්න ඇද්ද ?D
ReplyDeleteමාරයියා කියපු කතාව ඒ විදිහටම (කොටිනම් මරදාන, කොච්චි පෙට්ටි වගේ) ස්ථානවල වෙනසක් නැතිවම මගේ කථාවෙත් තියනවා. සුමනගේ කථාවේ පච නැතුවම නොවෙයි. ඒත් උඹ මේ කථාව ඇත්ත ඇති සැටියෙන්ම කිව්ව එකට ආඩම්බරයි බං.
ReplyDeleteමාරයා තැටිය රත් කරලා... බලමු රොටි කීයක් පිච්චෙයිද කියලා :)
ReplyDeleteආයුබෝවන්! කිව්ව....කාලෙකින් හින්ද...
ReplyDeleteකොලේ වහල ගහන කාඩ්බෝඩ් නිලි අක්කල ගොඩේ සුමනක්ක එයාගෙ ගොඩ ගැන ආඩම්බරෙන්....ඒක තමයි අවංක කම....
කියන්න ඕන ටික නියමෙට කියල තියෙනව.
ReplyDeleteසුමනක්කා ෆේස්බුක් එකේනං ඉන්නවාලු. බ්ලොග් කියවනවානම් මාර තුමා මුණ ගැහෙන්න එන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteකොහොම වුනත් ඇය ගැන අගය කල යුතු දේ තියෙනවා සම්භාව්‍ය නිළියන්ට වඩා.
අනිත් අයත් එක්ක බැලුවොත් හරියට ගැමුණු සහ අනිත් ඇමතියෝ වගේ කියන්නත් පුළුවන්.
මිස්ට මාරය මමත් අගේ කරනව මේ කෙලින් කතාවට. පිට රටවල කරන්න ඕනෙ සේරම මෙහෙ ඇවිත් සුද්දවන්තියො වෙලා ඉන්න කීයක් ඉන්නවද ලංකාවෙ. උඹගෙ මේ තුති පිදීම මරු.
ReplyDeleteමරු ඈ..ඉස්සර සුමනක්ක හරි ප්‍රසිද්ධයිලු...ඇගේ වෛරය, සළුපට අහසට ගගා ආපුව කට්ටිය බලන්නත් යනවලු. ඉස්සර මට මතකයි අපේ ගෙට එහා පැත්තෙ එකෙක් ඔය සුමනක්කා ගැන කියෝනවා...අපි පොඩි උන් කට ඇරන් අහන් ඉන්නෙ මෙලො මඟුලක් තේරෙන්නෙ නැතුව...කකුල් ලස්සනයිලු..පැණි බේරෙනවලු..කතා ගොඩයි පස්සෙ කාලෙක මම මෙයා ගැන හොයා බැලුවා...අර කකුල් ගැන එහෙම...නොදෝමකින්...
ReplyDeleteහි හී සිරා ලියුම මාරයෝ
අද කාලෙ පුවක් පටි වගේ කකුල් තියෙන කෙල්ලන්ට වඩා නම් සුමනක්කා දාහෙන් සම්පතයි මන් කියන්නෙ නම් ලිහිණියො..
Deleteවරදක් කියනවා නෙමේ වෙනී... කතාවට කියපු දෙයක් මිසක්. මොනා උනත් මනුස්සයා අතීතයේ මොනා කලත් වර්ථමානයේ හොඳින් ජීවත් වෙන්න හදන චරිතයක්...මම " නොදෝමකින් " කිව්වෙ සුමනා ගෝමස්ට නෙමේ..මාරයාගේ හෑල්ලට..ඒක බෙදන්න කඩන්න බැරිවෙලා...
Deleteඒකනම් ඇත්ත වෙනීයෝ, මේ දවස් ටිකේ බ්ලොග් වලට කොමෙන්ට් දාන්නවත් වෙලාවක් නැති උනත් මේ සුමන අක්කව නෝන්ඩි කොරනකොට ඇහැක් කනක් වහන් ඉන්න පුලුවන්ද ?මේ ලිහිණිලට අගේ නැති උනාට ඔය ඇත්ති අපිට පිහිට උන් හැටි මතක් වෙද්දි ........
Deleteආආ මාරයට බනින්න එනවනම් මත් එන්නම් ලිහිණියො ඒ වැඩේට මට හිත රිදුනෙ අපේ සුමනක්කට මොනා හරි කීවවත්ද කියලයි... :-D
Deleteකවුද යකෝ අපේ සුමී අක්කිගෙ කකුල් දෙකට අපහාස කරන්නෙ ??? රෑ කියක්නං ඒ තඩි කකුල් දෙක මම කරේ තියං උන්නද ??? එවුවට එහෙම කියන්න දෙන්න හොදනෑ . . .
Deleteහි හි හි.... කට්ටිය සුමන අක්කට මාර ලයික් නේද... අම්මෝ අම්මෝ...අපි එයාට මොනවත් කියන්නෙ නෑ...
Delete@කම්මල
//මේ ලිහිණිලට අගේ නැති උනාට ඔය ඇත්ති අපිට පිහිට උන් හැටි මතක් වෙද්දි ........//
හිතට ආව දේ මෙතන ලිව්වොත් ආයේ මට විසුමක් නෑ..ඒ හන්දා මම ඔන්න සද්ද නෑ අප්පා...හි හි හී
සළුපට අහසට ඇරියෙ මෙයා නෙවී.ඒ වීණ අක්කා
Deleteළිහිණියා තනියෙන් ගුටි කන්න හදනවා.. අනේ මට සපෝට් එකට ඉන්න එකි... මාත් එනවා ළිහිණියෝ .... උඹ පවුනේ....
Deleteකවුරු උනත් කමක්නෑ සුමී අක්කිට බනිනවනං අපි ගේම . . . ලොල්ලො දම්මල ගස්සන්නෙ . . .
Delete(කෝ මේ වෙනී??)
හූ හූ...සුමී අක්කගෙ දැන් කකුල් දෙක ආයෙම පෙන්නන්නෙ නෑලූ... හූ හූ අපේ කට්ට්ටිය පව් ලු...හි හී...
Deleteඅපරාදේ මේවායෙ ඇත්ත නැත්ත දැන ගන්න සුමී අක්කා ( ඇන්ටි ) ඉන්න එක ෆිල්ම් එකක්වත් බලලා නෑනෙ අප්පා....හි හි හී :P
Man innawaa sinhala nae.singlish walin hari man support oonayaa...
Deleteඅම්මෝ කට්ටියම මරාගන්න යනවා. ඒ මෙයාගෙ කකුල් කුක්කු සෙලෝලොයිඩ් පටියෙන් දැකලා...හැබැහින් දැක්කොත් කොහොම වෙයිද.
Deleteවෙනි අයියා හරියට ඕනයියාගේ කොමෙන්ටුව කියවල නැති බව වැටහේ ...:P
Deleteමන් කියෙව්වා බන් හරියට..පේන්නෙ නැද්ද ඕනයා බාල්දියෙන් භාගයක් උගේ ඔළුවෙත් හලා ගෙන කියලා ! :-D
Deleteදැන් හෝල් වලට යන්න ඕන නෑනේ. රූප පෙට්ටියේ ඉන්න ගිරවියෝ ඔක්කෝම එළියේ දාගෙන නේ ඉන්නේ. මට තෝරගන්න බැරි මොකක්ද හොඳම ගල කියලා...
Delete@Naleen Dilruksha
Deleteහැබැහින් දැක්කොත් වැද වැටිල ලෙවකනව බොල . . . එවුව එච්චර පූජනීයයි
ජුගුප්සාජනකයි ...:P
Delete@Shanaka Kumara,
Deleteගුජුප්සාජනක අපේ සුමී අක්කිගෙ වැල තන්, තඩි කකුල් නෙමේ . . . උඹල බලල සැනසෙන අපිට වීසා එකක්වත් ගන්න බැරි රටවල නිලියන්ගෙ සිලිකොන් තං, ලෑටි කකුල් සහ පිට පැනපු **තොල්
අන්න අන්න ඔයාට වැරදුනා.
Deleteමම සුමී අක්කිට ජුගුප්සාජනකයි කීවේ නැහැ මම කීවේ ඔයාගේ ඇක්ෂන් එක හැබැහින් දැක්කොත් ...:P
@Shanaka Kumara,
Deleteදුන්නොත් ඔයත් නිකා ඉදී නේද ඊයා කියල ???? හැක්
එකඟයි . එයා ඕගොල්ලන්ට කරපු සේවේ ගැන නම් මන්දා . ඒ වුනාට ගැහැනියකට අපහාස කරනවට මන් විරුද්ධයි . එයත් මනුස්සයෙක් කියල හිතුව නම් එච්චරයි .
ReplyDeleteබින්දි මාරයා කරලා තියෙන්නේ ඒ දේ තමයි.මාරයාගේ අදහස හරිම නිර්ව්යජයි.
Deleteකවුද අපහාස කලේ ?? මමනං බොක්කෙන්මයි කිවුවෙ. බොරුනං උක්කුවාගෙන් අහල බලන්න. ලලිත අක්කගෙ බෝඩිමේ හිටපු අනිත් හැම එකාම පර සුද්දියංගෙ පින්තූර බිත්තිවල අලෝගෙන ඉද්දි මම විතරයි සුමී අක්කිගෙ පින්තූරෙ බිත්තියේ අලෝගෙන හිටියෙ
Deleteඇත්ත ඇත්ත අපට තේරෙනවා . අරහේ බ්ලොග් එක උන්නද මලාද නැහැ . එහෙව් එකේ කොයිතරම් නොස්ටල්ජික් වෙන්න ඕනද අද මෙතන පදිංචි වෙලා මුන්ද
DeleteBindi ++++++++++++++
Delete@බින්දි,
Deleteහොද දේට සපෝට් නොකර කොහොමද . . . අනික සුමී අක්කි කියන්නෙ මගෙ ජාතික වීරවරියනෙ
මටත් ඔය ටික ඔය විදියටම හිතුනා මේක කියෙව්වට පස්සේ...හැක්
ReplyDeleteපෝස්ට් එක නියමයි ඈ...
ReplyDeleteසිරාවට මාරෙ අයියා දැන් පත්තර නැද්ද බන්... ඒ කාලෙ රත්තරන් වලටත් වැඩිය වටී තත්ත්වයක්නෙ තිබුනෙ... :)
චන්ද්‍රන් රත්නම් , විමුක්ති ජයසුන්දර, වගේ අය ඇරුණාම අපේ වෙන කිසිම කලාකරුවෙක් වෙනත් රටකදි කලාකරුවෙක් වශයෙන් හඳුනාගන්නවා කියල මම හිතන්නේ නෑ . සුමනක්කගේ බලපු පලවෙනි එකෙන්ම එපා වුනාට , තමන් කරපු දේ කොන්ද පණ ඇතුව පිලිගන්න තියන හය්යට මාත්ගරු කරනවා . මාතලන් කියනවා වගේ සමහරක් ඇයින් ඒ මම නෙවෙයි, අධ්‍යක්ෂක රැවැට්ටුවා වගේ පොයි අතාරින කොට සුමනක්කා කියන්නේ කොන්ද පණ තියන නිලියක් , ගැණියෙක් . ලිංගිකත්වය හරියට පාවිච්ච කරන්න දන්න සිනමා කරුවෙක්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබුනා නම් (සහ මාසයක් දෙකක් ඩයට් කරලා රඟපැවා නම් ) සුමනක්කගේ රංගන කෞශල්‍යයන් ඉස්මතු වෙන්න තිබ්බ ඔයිට වඩා
ReplyDeleteමම නම් සුමනා අක්කව (ඇන්ටිව) අදුන ගත්තේ පත්තර වලින්. අපේ ඉස්කෝලේ ප්‍රසිද්ධම කාන්තා චරිතය සුමනා අක්ක නෙව
ReplyDeleteමට මතකයි අපි සා/පෙ කරලා ඉන්න කාලේ තමයි මේ පත්තර එන්න පටන් ගත්තේ. මට මතක හැටියට "සොඳුර" "ලියතඹරා" වගේ නම් වලින් තමයි එලියට ආවේ. ඔන්න අපි අපේ වත්තල ගෙදරට එකතු වෙලා කට්ටියම රුපියල දෙක දාල පත්තරයක් අරගෙන එනවා. කවුරුත් ගෙදර නැහැ. ඇති පදම් කියවල, එතනම් ගොට්ටක් හදල විසිරිලා යනවා. මේ කාලේ සුමනක්ක එකපාරටම මුල් කවරෙට ආව වෙලේ අපි කිලෝ මීටර ගණනක් ගියා පත්තරයක් හොයන්න. ඒත් නැතුව වෙන එකෙක්ගේ එකක් තමයි බැලුවේ. එහෙම කාලයක්? සුමනක්කට ජය වේවා!!
ReplyDeleteශැක් මම සුමනා අක්කා ගැන ලියන්න ගියේ. මේකා මට කලින් ලියලා නෙව.
ReplyDeleteඅපේ ගැටවර විය එකළු කල සුමනක්කේ ඔබට මගේ උපහාරය..!
මමනං ඔය අක්ක ගැන ඇහුවෙත් අද ඈ... අපේ ඉතිහාසෙත් දැනගන්ට ඕන නිසා ඕං ගොසිප් එකටම ගිහිං බැලුවා නිවුස් එක...
ReplyDeleteඔන්න අපිත් ආව මේ පැත්තට හරිය..
යන්ත්රිකයාගේ පැත්තේ ඔන්න මමත්.. හැබෑටම කවුද මේ සුමනා අක්කා. අපි ඉතිං ඒ කාලේ නෑ නොවෑ (60,70 දශකයේ)
Deleteඇහ්...!! මමත් ගොසිප් පැත්තේ ගිහින් රවුමක් දාලාම එන්නම්කෝ.
අනූව දශකෙ ඕයි අනුව දශකෙ මුල
Deleteඒත් අපි දන්නේ නැහැනේ හලෝ..
Deleteපිං මදිකම
Deleteපෝස්ට් එකයි කමෙන්ට් ටිකයි බැලුවහම කියන්න දෙයක් ඉතුරු කරල නැහැ නොව කස්ටිය............
ReplyDeleteබොරු කියන්නේ මොකටද ?දැන් ඉන්න උන්ට හැරෙන්නවත් පුලුවන්ද සුමනක්ක එක්ක
ReplyDeleteසනී ලියොන්ට කෙළ හලපු අපේ ගොයියොන්ට සුමනක්කා කැතයි කියපු උන්ට උඹ ලොකු කණේ පාරක් ගහල තියෙන්නෙ මාරෙ. මට උඹ ගැන ආඩම්බරයි අපේම ඉස්කෝලෙට ගිහිං අපි වගේම වැඩ කරපු කොල්ලෙක් වසයෙං. මට ඇඬෙන්න එනවා බං. මං නවතිනවා
ReplyDeleteඇස්දෙකටදෑ ඇඩෙන්න එන්නෙ ?
Deleteඅමුවෙන්ම වනලා තියෙන්නේ හෙළුව
ReplyDeleteඅපේ සුමනා අක්කට ජයවේව!!!
ReplyDeleteහරිදේ කෙලින් කියපු මාරයාට මගේ ආචාරය
ReplyDeleteනැතුව , සුමනා අක්ක කොයි තරම් නම් උදව් කරල තියන්වද අපිට..
ReplyDeleteකෝට්ටෙ හන්දියේ පොත්ගුලේ අංකල් විතරක් ඉන්න වෙලාව බලල ශේප් එකේ අංකල්ගෙ කනට කොදුරලා සොදුර පත්තරේ ඉල්ලුවාම අතට සල්ලිටික ගන්න අංකල් පිටිපස්ස හැරිල කඩේ විතරක් නෙමේ පාරෙන් එහා පැත්තෙ අම්බලම ලග ඉන්න මිනිස්සුන්ටත් (ඉස්කෝලෙ ටීචර්ලට පවා) ඇහෙන්න මහ සද්දෙට ඇන්ටිට කියනව . . .
ReplyDelete"මෙන්න මේ දරුවට සොදුරක් දෙන්න"
කියල. එහෙම දේවලිං අපි සැලුනෙ නෑ . . . ඇයි ඒ ??? වෙන මොකවත් නිසා නෙමේ . . . අපේ දෑතට වෙර වීරිය ගන්න අපිට උගන්නපු සුමී අක්කි සොදුර පත්තරේ කවරෙ ඉන්න නිසා . . . කවරෙ විතරද ??? ඇයි "සුමීගෙන් අහන්න" ප්‍රශ්න තීරුව ???
සහ් දැං ඉන්න වරිච්චි බදින්න පුලුවං පුවක් පටි කකුල් තියන නිලි හොල්මං වගේද අපේ සුමී අක්කි ????? මම එයිට හුරතලේට එදා කිවුවෙත් . . . අද කියන්නෙත් "මස්කෙලිය" කියල.
සුබ අනාගතයක් සුමී අක්කී . . . .වැල් බයිලා නැතුව එදත් අදත් කියපු දේ කරපු, කරපු දේ කියපු ඔයත් එක්ක මම විතරක් නෙමේ මගෙ සහෝදරයත් ඉන්නව
කමෝන් ඕනයා කමෝන්...අපි මෙහෙ තනියෙන් ෆයිට් කරනවා එදා වගේම සුමී අක්කා වෙනුවෙන්..උඹ ටිකක් පහු වෙලා හරි ආපු එක වටිනවා.. :-D
Deleteචුට්ටිත්තක් ප්‍රමාද උනා වෙනියා . . . ඇයි ඉතිං සුමී අක්කිගෙ අලුත්ම පින්තූරෙකට මල් පාන් තියල . . . බුකි ස්ටේටස් එකක් හෙම දාල ඉන්න එපැයි ඉස්සෙල්ල
Deleteප.ලි.
අපේ සුමී අපිට හොදා . . . !!!!
බ්ලොගේ මොනා හරි එකක් දාපන්කො ඕනෙ. මේ සතුටු දායක මොහොතෙ උඹට කතා නැති වෙන්න විදිහක් නෑ.
Deleteසුමනා ගැන හැමෝම කියලා තියෙනවානෙ.
Deleteමම අහන්නෙත්, පෝස්ට් එකක් ලියාගන්න වෙලාවක් නැති ඕනයාට මෙච්චර කමෙන්ට් දාන්න වෙලාව කොහෙන්ද කියලා. :O
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
++++++++++++++++++++++++++++++++++++
Deleteකමෝන් වෙනි අයියේ / ඕනයා අයියේ මමත් බොක්කෙන්ම සපෝට් තමා .... මේ දේ ගැන පොස්ටුවක් දාපු මාරයියටත් මගේ ප්‍රණාමය.
Deleteතව නලීන් අයියා කියුවා වගේ මාරයියාගේ ලියමන හරිම නිර්ව්‍යාජයි ...
මාත් මේ බැලුවේ ඕනයා ආගිය අතක් නැතුව උන්නේ ..
Deleteබින්දි
Deleteහොද දේට අපහසුව නොසලකා අපි එනව
ඕනයා සුමනක්කා වෙනුවෙන් වෙහෙසෙන වෙහෙසිල්ලක්
Deleteඩිලා
Deleteමේව කරඅරින්න පුලුවන් දේවල් නෙමේ . . . ජාතික අවශ්‍යතා
වල්කම වරදක් කියලා හිතන රටක වල් නිළියක් වූ සුමනක්කට..වල් කොල්ලෙක් වූ "මගේත්" ප්‍රණාමය..
ReplyDeleteගංසභා හන්දියේ තිබූ ලැවීනියා (වවුල් තිරේ)හෝල් එකෙන් සුමනක්කාව බලා ඇත්තෙමි.
ReplyDeleteදැන්නම් හෝල් එකත් නෑ. එහෙම ෆිල්මුත් නෑ.. හැම දේම නෙට් එකේ.
සුපිරිම කතාව.100% එකඟයි.සුමනා අක්ක එක පාරක් හරි දහ පාරක් හරි බැන්ද උනත් සුමනා අක්කත් එක්ක හිතෙන් නිදිය නොගත්තු අපේ කාලෙ කොල්ලෙක් නම් හොයා ගන්න බැරි ය ක්යි.
ReplyDeleteඅපේ ටවුන් එකේ හෝල් දෙකම රන් කරේ සුමනා අක්කල හින්ද.මට මතකයි ඒ කාලෙ ස්කෝලෙදි දිනමිණ පත්තරෙන් මුලින්ම බලන්නෙ ඇවිත් තියෙන සිංහල චිත්‍රපටි මොනවද කියල.
එයින් එකක සුමන අක්ක හිටිය නම් ආයෙ අහන්න දෙයක් නෑ කට්ටියම කතා වෙන්නෙ ඒක බලන්නෙ කවදද කියල..
අපේ ටවුන් එකට එන්න පරක්කු වෙන හින්ද අපි එහා ටවුමට ගිහින් ඒව කලින්ම බලනවා.
මොකද සුමන අක්ක ඉන්න ඒවයෙ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියල ලේබල් ගහන්නෙ බොරුවට නෙමේ කියල ඒ කාලෙ පොඩිහිටියො වෙච්චි අපි හොඳටම දැන ගෙන හිටියා.......
ReplyDeleteඇත්ත බන් කතාව..අයියල කියවල ඉවර උන ගමන්
හොරකන් කරගන්නවා පත්තර කෑල්ල ...ලොල්
අනේ ඇත්තට ඒ මනුස්සයට අපහාස කරන්න හොද නැහැ ..
අපි හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා...
ඇත්ත කතා කරන කෙලින් ගැහැණියක් වූ සුමනා ගෝමස් මට නම් ඔය කොහෙවත් නැති සිල් රෙදි පෙන්නන, හිත ඨැහුලෙන් වල්ම වල්වූ ගැහැනුන් අතරේ නියම ගැහැණියකි. එකම අවුල ඇයට තියෙන කෙලින් පිලිවෙත නිසාම ඇයව බ්ලැක් ලිස්ට් වීමත්, ඇයට හපන් කෙලි හොර රහසේ කරන නිල්යන් වන නොවන කුහක ගැහැනුන් පාද පරිචාරිකාවන් ලෙසත් කුහක ලාංකිකයන් (විශේශයෙන් ලාංකික සුචරිතවාදී ගැහැනුන්) හංවඩු ගැසීමය.
ReplyDeleteමන වල්කම කලින් කලත් දැන් හෝ බැඳලා පිලිවෙලක් වී ජීවිඅත් වෙන ඒ ගැහැණිය , බැඳ හෝ නොබැඳ , වල් ගැහැණු පිරිමි සමග අන්තර්ජාල රමනයේ යෙදෙන යෙදෙන මොන්ගල් ගැහැනුන්ට වඩා මම අගය කරමි.
මම නම් වල් කොල්ලෙකුත් නෙවේ සුමනා ඇන්ටිගේ මොනවත් බලලත් නැහැ.
ReplyDeleteඅනේ ඇත්තමයි මට දවසක මූණට මූණ හම්බුනොත් මන් එයැයිව බදාගෙන ඉඹගෙන ඉඹගෙන යනවා. සත්තයි. හැබැයි වල් කමකට නෙවෙයි ඕන්. හිතේශීකමට. කෘතගුණ සැලකීමට.
ReplyDeleteවල් කොල්ලෙක් වූ මගෙත් ජන්දය සුමනා අක්කටයි. අක්කා කරපු කියපු දේවල් නිසයි අපට මහ රෑ වෙනකම් පාඩම් කරන්න ශක්තිය ලැබුණේ
ReplyDeleteඑකසැරයක් දිනදර්ශණයක් තිබුනා සුමනක්කගෙ..අපි ඉතිං ගෙදරට හොරෙන් මෙට්ටෙ අස්සෙ ගහගෙන හිටිය මතකයි..!
ReplyDeleteඅපෝ ඔය ගෑණි අපේ රටේ සංස්කෘතිය විනාස කරන්න සපෝර්ට් කරපු තරමක්! එච්චර දේවල් කරලා අන්තිමට සුද්දෙක්ගේ කරේ එල්ලිලා රට පැන්නා! අහින්සක හා පැටැව් වගේ කොල්ලෝ කී දාහක් නම් ඕකිගේ වල් කතා බලලා නරක් උනාද! ඕකි අපේ රටේ සංස්කෘතියට සභ්‍යත්වයට ලොකු හානියක්! මම නම් සතුටු උනා ඕකි රට ගියයි කිව්වම. මොන එහෙකට ආයේ ආවද මන්දා!
ReplyDelete(මාරයියේ කොහොමද කමෙන්ට් එක! සැබෑ ශ්‍රී ලාංකික ගතිය බේරෙනවා නේද? :D)
niyamai bn..hinaawa nawaththaganna bari una.. mta..:D
Deleteබොහාම නිර්ව්‍යාජව අභිතව මෙවන් අදහසක් කරලියට ගෙන ඒම ගැන මාර මලයාට තුති පුදනවා මම.යථාර්ථයටත් පිටු පසින් ඇති සැබෑව මේක තමයි.
ReplyDeleteසමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.
මාරයා මෙහෙම ලියපං. මේවා හැංගිච්ච ඇත්ත.
ReplyDeleteඅපි වුනත් තාම දේශීය දේට කැමති. ඒත් දැන් වුන් සුමන අක්ක වගෙ නෙවේ. උන් රගපාන්න ලැජ්ජ නැහැ. පිලිගන්න විලි ලැජ්ජයි.
ජය වේවා !
උඹ යුඇන්පී කාරය උනාට කමක් නෑ ... බය නැතුව කියපන් "සිය රට දේ සිරි සැප දේ " කියල මචන්.
Deletemekata comment nokara giyoth maraiyata karana asadaranayak. Onna man nam post 1ta like
ReplyDeleteඅනේ..තව තව සුමනා අක්කලා ඉපදේවා!!!
ReplyDeleteමාරයාට සමන්තා ඈපාසිංහ අමතක වෙලා. ඒ කාලේ ආන්දෝලනාත්මක පත්තර පිටකවරය මට හොයා ගන්න පුළුවන් වුනා. මෙතනින් බලන්න.
ReplyDeletehttp://kanchana.150m.com/Actress/Samantha/2926.jpg
මට මතක හැටියට මම එක පාරක්වත් මාරයාගෙ බ්ලොගේ කොමෙන්ට් කරල නෑ හැබයි අනිවා කියවනව, ඒ මං වැඩිය කොමෙන්ට් නොකරන නිසා. හැබයි අද කතාවට කොමෙන්ටුවක් දාන්න හිතුනෙ අපේ ඉස්සර කාලෙ මතක් වෙලා සහ සුමනක්කගෙ කෙලින් කතාව නිසාත්.
ReplyDeleteමොනව උනත් ගෑනි අවංකවම කියල තියනවා, මේ දැන් ඉන්න අම්මන්ඩිල වගෙ නෙවෙයි, දැන් උන් රඟ පාන්න විතරක් නෙවේ වෙන ඕන කුපාඩි කමක් කරන්න දක්ශයි, හැබැයි කියන්නෙ නම් පත්තිනි සලඹ අතෙ තියන් ඉපදුනා කියල. රට ගියානම් කියන්නෙ අපරදිග ඔපෙරාවන්ගෙ නූතන විකසනය ගැන ඩිප්ලෝමාවක් හැදෑරුවා කියල, ඒ අතින් මේ මනුස්සය එහෙම පහත් තත්වයකට වැටුනෙ නෑ.
ඒ කාලෙ අපෙ සැපට දුකට හිටපු සනී තමයි සුමන, එයාගෙ ඇඟේ වයිරන් 1, 2, 3 විතරක් නෙවෙ ඒ දවස්වල ආපු ඔක්කොම අපි කොල්ලො බැලුවෙ අපිට ඉතින් වෙන මුකුත් තිබ්බෙ නැති හින්ද. අර කොන්ඩෙ සුදු හාමු මහත්තයට රඟපාන බුවා හැමදාම සුමනව පෙරල ගන්න කොට මට තාම මතකයි අපි එම්පයර් (නම හරි ඇති, දැන් ඒ හෝල් එක නෑ) එකෙ වහලෙ උඩ යන්න විසිල් ගහල හූ කියල ගත්ත ආතල් එක. ෆුල්ම ආතල් එක තම්යි අපි හිටියෙ සුදු යුනිෆොර්ම් එකෙන්.
හැබැයි ඉතින් සුමන එලිපිටම රඟපාල කියන්න ඕනෙ ටිකත් කෙලින් කතා කරා, ඒත් ඉතින් ලංකාවෙ හිපාටුවෝ රෑට එකි ගැන හිතාගෙන අතට එක්සයිස් කරල උදෙට සදාචාරය බේරෙන ටෝක් දෙනව පත්තරවලට. අපිටත් ඉතින් ඒ දවස්වල ඕව එච්චර තෙරුනෙ නෑ, අපි නිකන් හෙල්ලෙනකොට කිරි විසිවෙන පොඩි උන්, එත් පස්සෙ කාලෙක දන්න කියන උන් කිව්වම තමයි තෙරුනෙ.
ප.ලි. ඒ කාලෙ අපෙ විරවරියො තව හිටිය, සමන්තා ඈපසිංහ, චන්දි රසිකා. අනෙ මන්ද දැන් උන් GB ගනන් ඩවුන් කරගෙන බලන ඒවාට වඩා පන ගැහි ගැහි හෝල් වලට රින්ගපුවයි, නැමිච්ච තැන් ඉරිච්ච පත්තර කැලියි තිබ්බ ඒ කාලෙ ආතල් ද මන්ද?
සහතික ඇත්ත. නිකම් ලැබෙන කොයි දේත් අගේ නෑනේ. ඒ කාලේ ඉනේ ගහගෙන පත්තරේ අරන් එන්නේ.
Deleteඅපිට අඩුවෙලා තිබුන එක්කෙනෙක් ඔය ඇවිත් තියෙන්නෙ පබාල මාලනීල රොසිල......ඊලඟට සුමනා.
ReplyDeleteමචෝ
Deleteසුමනා ගෝමස් කියන නිලියව ඔය කියාපු උන්දැලා එක්ක සමාන කරන්න එපා. එයාගෙ සිනමාව වගේම සැබෑ ජීවිතෙත් ඔය කියාපු අයට වඩා වෙනස්.
අනික,//පබාල මාලනීල රොසිල......ඊලඟට සුමනා.// මෙතන නිකං මොකද්දෝ නොගැලපීමක් තියනව වගේ නේද ?
අපිට අඩුවෙලා තිබුන එක්කෙනෙක් ඔය ඇවිත් තියෙන්නෙ පබාල මාලනීල රොසිල......ඊලඟට සුමනා.
ReplyDeleteසුමන අක්ක ගැන මටත් මතකයි... මස් විතරයි ඒත් ඉතින් වෙන කවුරුවත් හිටිය කියලද... ජංජාලෙ වැල තිබ්බ කියලද...
ReplyDeleteඒ දවස්වලත් ජංජාලෙ වැල තිබ්බ . . ඒත් 56k ඩයල්අප් කනෙක්ෂන් එකෙන් වැල පින්තූරෙ ඩවුන් කරද්දි සමන්තා ෆොක්ස්ගෙ තන් දෙකේ උඩ ටික ලෝඩ් වෙද්දිම කී බෝඩ් එක උඩට බඩු හරි . . . එච්චර හිමිං ඒ අක්කලා අපේ අතට ආවෙ
Deleteසුමනක්කා එනවා කියලා අපිට නිව්ස් එක ආවෙ මාස දෙකකට විතර කලිං... එයා එක්ක චිත්‍රපටි දර්ශන වල රගපාපු නළුවෙක් අපේ ඔපීසියට නිතරම එනවා යනවා...
ReplyDeleteමේ දරුවන්ට බලන්න මම සුමනව මෙහෙට එක්කං එන්නං කියලා තමා අන්තිමට ගියේ.. බලමු එතුමිය දැක ගන්න ලැබෙයිද කියලා..
සුමනා ගෝමස් ඇත්තටම අවංක චරිතයක්... තමන් කල කී දේ ගැන කොච්චර අවංකව තොරතුරු කියලා තියෙනවද කියලා ගොසිප් වාර්තාවෙ මම කියෙව්වා... අනෝමා ජිනාදරී අමු හෙලුවෙන් රගපෑවත් සුමනා තරම් බැනුම් ඇහුවෙ නෑ... මොකද ඒ චිත්තරපටිය සම්භාව්‍ය නිසා සහ අශෝක හදගම ඇගේ හිටපු සැමියා අධ්‍යක්ෂණය කරපු නිසා...
සුමනක්කට ජය වේවා...
සිරා
Deleteපුලුවන්නං සමරු අත්සනක් අරං දියං, උඹට පිං.
හප්පොච්චියෙ...
ReplyDeleteඅපේ සුමනක්කා. මාරයා මෙහෙ පත්තු කරලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ අස්සේ හොරෙන් හොරෙන් ඇවිත් යන ඕනයා අද එළිපිටම වැඩ.
ReplyDeleteඅද කාලේ HD Video's වලින් ඒ කාලේ අතටම දියවෙච්ච පත්තරේක කළු සුදු පින්තූරෙකින් ලැබුණු ගතියනම් ගන්න බෑ.
//වල්කම වරදක් කියලා හිතන රටක වල් නිළියක් වූ සුමනක්කට..වල් කොල්ලෙක් වූ මගේ ප්‍රණාමය...//
ReplyDeleteඒ ටික නියමයි.
සුමනක්කගේ ප්‍රසිද්ධ කැලැන්ඩරයක් තියනවා...අම්මෝ එකේ මාස දොළහෙම ඉන්නේ සුමනක්කා...මේ මම දන්නේ නැති නිසා අහන්නේ "ඒ සුමනා ගොමස් සේලීනා ගෝමස් ගේ නෑයෙක්ද ?".
ReplyDeleteඅපි සුමනක්කට.... සුමනක්ක අපිට...
ReplyDeleteමාරයට ජය!
මම ඔය ආරංචිය දැක්කෙ මාරයියේ ගොසිප් ලංකා එකේ. අපේ ඔෆිස් එකේ ඉෂාරා කියව කියව හිටපු එකට උඩින් හොම්බ දාලා තමයි කියෙව්වෙ. ඒකෙ තිබ්බ කමෙන්ට් ටික දැක්කහම පුදුම හිතුණා. ඒ තරම් හොඳ ප්‍රතිචාර සහ සුභ පැතුම් තමයි තිබ්බෙ.
ReplyDeleteසමහර සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න අයගේ ඒවට ලැබෙන ප්‍රතිචාර තව කෙනෙක් ඉන්න තැන බලන්නත් බෑ නෙ.
කරන දේ එළිපිට පිළිගන්න තරම් ආත්ම ශක්තියක් තිබුණු ඇයගේ චරිතය මිනිස්සු කොයි තරම් අගේ කරලා තියෙනවද කියලා දැක්කා!
අපි ගේමට එද්දි සුමනක්කා නෑ ඒත් නෙට් එකෙන් ඔය පිචෑර් බැලුවා හරිය
ReplyDeleteසුමණ ආව කිව්වම මොන තරන් කතන්දරද? සුමනට එදත් අදත් බනින උනුත් සුමන එක්ක නිදිය ගන්නව පෙන්නපු රොජර් ලට, සොමී රත්නායකට, රොෂාන් පිලපිටියලට සහ සුමනගෙ රිදී තිරෙ සදාතනික පෙම්වතා වෙලා හිටපු තිලක් ජයවීර කියන යෝධයට වගේම මාරියෝ ජයතුංගලට සුනිල් ටී ප්‍රනාන්දුට සහ ඇගේ වෛරය සීරීස් එකේම ඩිරෙක්ටරය ලුවී වැන්ඩස්ට්රාටන්ලට මුකුත් නොකිව්වෙ උන් පිරිමි නිසා වෙන්නැති.
ReplyDeleteඔය සුමණා ගෝමස්, සාගරිකා ගෝමස් සහ රූපා ගෝමස් කියන්නෙ අක්කල නංගිල නෑ කමට. රූපගෙ පුතෙක් හිටිය අපේ පතියෙ. උන්ගෙ ගෙදරටවත් එන්න දෙන්නෙ නෑලු සුමණට. ඉතින් ඒ ගෑනි මොන තරන් සතුටු වෙනව ඇතිද රට ඉන්න එක ගැන.
සුමණ ගැන වැඩියෙම්ම සතුටු වෙන උන් ඇත්තෙ මේ බ්ලොග් අවකාශෙ නෙමෙයි හමුදාවෙ. සුමණ්ගෙ කැලැන්ඩර්, පෝස්ටර් වලට හොඳම ඉල්ලුම තිබ්බෙ බෙලෙක්කඩේ හන්දියෙයි අනුරාධ පුරෙයි වෙන්න ඇති.
කොහොම උනත් යුගයක් හොල්ලපු සුමණ බලන්න ගිහින් උන අමතක නොවෙන සීන් එකක් මේ. මේක උනේ අර පානදුරේ පූට්ටු හෝල් එකේ. දවසක් ඉස්කෝලෙන් පැනල පානදුරෙ බීච් එකට ඇවිත් රා ගහල මායි පොඩි මල්ලි කියල එකෙකුයි වෙරි පිටම රිංගුව සුමණගෙ මොකද්ද මන්ද ෆිල්ම් එකක් බලන්න. . ඩෝප් එකට නම් දාද්දි නින්ද ගිහින් එක පාර මහ සද්දය්ක් ඇවිත් ඇහැරිල බලනකොට නින්ද ගිය පොඩි මල්ලියත් නැගිටල මට කියනව " ඒයි...අන්න බං සුමණ එනව..කොහොමද කැ.. ගල නේද” කියල... ඇත්තටම සුදු රඹ කඳන් දෙක පෙන්නුවම ආපු විසිල් සද්දෙට ඇහැරිල කබ කඩ කඩ අපිත් බලන් හිටිය ඉතුරු ටික එනකල්. මෙන්න එතකඔටම සුමණ අර අලි සුදු කකුලක් උස්සල දුන්න ඉස්සර එකෙක්ට හතර ගාතෙ දාල වැටෙන්න. බලද්දි ඒ සුමණ නෙමේ ජීවන්ගෙ මයිලක් නැති කකුල. මල පැනල වෙරි පිටම නැගිටල එලියට ආවමයි දන්නෙ අපි ඩෝප් සීන් එකේ රිංගල තියෙන්නෙ සුමනගෙ ෆිල්ම් එක පෙන්නන එකට නෙමෙයි එහා පැත්තෙ ජීවන්ගෙ මගුලක් පෙන්නන එකට කියල.
සාගරිකා ගෝමස් කීවෙ . . අර අර සාගරිකා ගෝමස්මද ???
Deleteඔව් බං අර දෙහිවල ඉඳල මලේ ( මැරුවෙ )
Deleteboru gahanda epa ban sagarika gomas sumanage nadayo nemei
DeleteAdow buwa..ela talk tika..maha lokuwata 80s 90s mathak karana fb ewunta me geni amathakai..sumana akke..uba kelin weda karanne..ubata jaya sri...!!!
ReplyDeleteවර්ගපූර්ණිකාවට මොකද උනේ.....?
ReplyDelete