04 November 2012

නයියා පටවන්නේ මෙහෙමයි...

නයියා පැටවිල්ල කියන්නේ ආතල් වැඩක්... ඕක ඉතිං නයියා පටෝපු අයම තමා දන්නේ... අද ඉතිං මං ඔහේලට කියා දෙන්න යන්නේ නයියා පටවන හැටි තමා.. මෙව්වා වෙන කෙනෙක්නං මෙහෙම කියා දෙන්නෙත් නැහැ.. ඒත් ඉතිං මං ගැන ඔහේලා දන්නවනේ ආයේ ඉතිං කියා දුන්නොත් ගුරු මුට්ටි තියා හට්ටිවත් තියා නොගෙන වැඩේ කියා දෙනවා තිතට...

ආවාට ගියාට මේක කරන්න බැහැ මුලින්ම මේකට අපිට ඕන වෙනවා නයියා... ඔය කිව්වට හැමෝ ගාවම නයියෙක් නැහැනේ නේද..?  ඉතිං නයියෙක් තම තමන් ගාව නැත්තං එහෙම එකෙක්ව හොයා ගන්න වෙනවා...


 හරි එහෙමනං අපි කොහොම හරි නයියා හොයා ගත්තා කියමු.. එහෙම ආවට ගියාට නයියා පටෝලා බැහැනේ... ඒ හින්දා අපි මුලින්ම නයියාව පටවන්න සුදුසු තැනකට සුදුසු තත්වෙකට  ගන්න ඕන...



  ඒ අතරෙම තමුන්නාන්සේලාට බලා කියා ගන්න නයි‍යාගේ පොටෝ ගන්නත් ඕන... නයියත් ලොකු වෙලා කෙලින් වෙලා ඉන්න තරමට තමා නයියා පැටවිල්ලේ ආතල් එක තියෙන්නේ...



කෝ ඉතිං නයියත් නිකං ඉන්නේ නැහැ මේ වගේ වෙලාවට දන්න වන්නං ඔක්කෝම දානවා... සමහර විට නයියා සිල් ගත්තා වගේ ඉන්නත් ඇහැකි...




එහෙම හිටියා කියලා බැහැනේ අපි කොහොම හරි නයියා පටවන එකට නයියා උනන්දු කරවලා ගන්න ඕන... අපිනං ටිකක් නයියාව තෙමලා කරලා ගත්තා..එතකොට නයියටත් හොඳයිනේ... මේ රස්නේ දවස්නේ...


හා දැන් තියෙන්නේ පටවන්න... පේනවා නේද නයියා හරි සැරයි මේ අන්තිම වෙලාවට..ලේසියෙන් පැටවෙන්න ලෑස්ති නැහැ..අපිත් කොහොම හරි අතාරින්නේ නැතිව නයියා පටවන එක දිගටම කරගෙන යන්න ඕන...


හරි දැන් ඔක්කෝම සෙල්ලං ඉවරයි..ඔන්න අපි නයියා පැටෙව්වා... කෝ පටවනකොට තිබුන ලොකු ගතිය.. මහත දෙහෙත කෙලින් ගතිය දැන් නැහැ නේද..? නයියා පටෝලා අවසන් වෙනකොට ඔය කොයි නයියටත් වෙන්නේ ඔහොම තමා ළමයි... 

පුළුවනිනං ඔහෙලත් පටෝලාම බලන්නකෝ... ඔහෙලටම තේරේවි වෙනස...

 හා හා දැන් නයියා පටවන්න කියලා නයි හොයන්න යන්න එපා.. වෙලාවක නයියෙක් අහු උනොත් පැටෙව්වාම මදෑ...

-------------------------
විශේෂ ස්තූතිය...

පැටවීම සඳහා දැනට සුළු මොහොතකට පෙර මා සිටි ආරක්ෂක මුරකුටිය තුලට ආ නයියාටත්... මා විසින් කොස්සක ආධාරයෙන් නයියා පාරට ගෙන ගියාට පසුව ඌ කානුවට දමා බෝතලයට පැටවීම සිදු කල සහ ගෙනගොස් නයියාව අසල වූ බෙහෙත් වත්තට නිදහස් කල ප්‍රධාන ආරක්ෂක කපොල්ලේ අයියාට...

(මොනවා කොලත් ඒ අස්සෙම මං කොලේ පොටෝ ටික ගන්න එක තමා... ඔහෙලව අමතක කරන්ට ඇහැකියෑ... ලියන්ට කම්මැලිකමේ ඉද්දී නිකම්ම බ්ලොග් පෝස්ටුවක් දමා ගැනීමට උපකාර වූ නයියාට නැවතත් මාගේ ස්තූතිය...)

මොනවා උනත් ලස්සන නයියා නේද..?

120 comments:

  1. Replies
    1. යකෝ මේක පොඩි එකෙක්නෙ.
      අපේ වත්තෙ ඉන්න එකාටනං ඔය සෙල්ලං දාල ඔහොම පටවගන්නනං හම්බවෙන්නෙ නෑ.

      උඹත් අර දැං අලුත් ට්‍රෙන්ඩ් එකට අනික් මනුස්සය අමාරුවෙ දාල කැමරාව අල්ලං ෆොටෝ ගහන එකයි කළේ නේද?

      Delete
    2. හරි හරි ඔය ප්‍රසන්න නොකියා කිව්වේ ප්‍රසන්නලගේ නයියා ලොකුයි කියලනේ...

      මං හිතන්නේ ප්‍රසන්නට නයියා පටවන්න ලොකු කටක් තියෙන බෝතලයක් හොයා ගන්න වේවි... :D

      Delete
  2. මාරයටත් මාර චාන්ස්නේ වදින්නේ .වැඩේනම් එලම එල

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා..දෙන දෙයියෝ නයියා ගේ ඇතුලටම ගෙනත් දෙනවා...

      Delete
  3. මෙයා මේ පත නයෙක් ඇරල තියෙන්නෙ ගැඩවිල්ලෙක් සයිස් එකේ එකෙක් අල්ලගෙනනේ.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ DDT. ඔයාගේ බ්ලොග් එක මොකක්ද සහෝ.
      එන්න මේ පැත්තටත් මම සමකය වටේ (samakaya wate) දුවන එකා

      Delete
    2. DDT මේ දවස් ටිකේ ගංවතුර සහනාධාර ඉල්ලනවා.. එයා අවතැන් වෙලාලු...කාමරේ වහලේ හදා ගන්නයි, පේන්ට් කරන්නයි... නලීන් අයියට පුළුවන්නම් උදව්වක් කරන්න... පත්තරේ දැන්වීමක් වත් දාලා... හි හි...

      Delete
    3. ඇත්තටම DDT බොගග් ලියන්න කාලෙහරි දැන්..!

      Delete
    4. @ නලීන් අයියා,

      මම බ්ලොග් එකක් කරන්නෙ නෑ අයියා. කලිනුත් තැනක අයියා ඕක අහල තියෙනව දැක්කා. මම ඉස්සර ඉඳලම කැමති කියවන්න විතරයි, ලිවීමෙ හැකියාවක් මට නැද්ද කොහෙද, අනෙක මම හරී කම්මැලියෙක්. :)

      අනිවා, ඒ පැත්තටත් එනව. මේ දවස්වල නෙට් භාවිතයත් ටිකක් අඩුවෙල තියෙන්නෙ, ලබන සතියෙ වෙනකොට වැඩ ටිකක් අඩුවෙයි.

      @ හිරු,

      අනේ ... හිරු නිකා ඉන්න. මෙයා ඒක පත්තරෙත් දාන්න හදනවනේ. :)

      ලබන සතියෙ වැඩ ඉවරකරගන්න පුළුවන්වෙයි, එතකන් ගෙදර සාලේ තමා පදිංචිය.

      @ වී,

      අනේ බං මම ලියන බ්ලොග්, මේ ඉන්න හැටි හොඳා නේද? බලමු, බලමු ඉස්සරහට. :)

      Delete
    5. ගැඩවිලි සයිස්..ඈ...

      බොල..බුදු හාමුදුරුවොත් දේශනා කොරලා තියෙනවා කාරණා හතරක් ගැන... පුංචියි කියලා නොසලකා හරින්ට එපා කියලා... එයින් එකක් තමා සරුපයා...

      Delete
  4. Replies
    1. මං හිතන්නේ නීනුවාට බොලාව මොට්ටසෝරි ඇරලා ගන්න වෙනවා...

      Delete
  5. මම හිතුවේ මේ ''නයියා පැටවිල්ල'' මාර අයියගේයි කියලා. අන්තිමට බලත්දි වෙන මනුස්සයෙක්ගෙනේ.
    කොහොම කරත් මරු නයියා නේද්?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කවුරු පැටෙව්වත් මේ නයියා පැටවිල්ල හරි අපූරු වැඩේ... නයියත් මරේ මරු නයියා...

      Delete
  6. නට්ට පයා ඕයී....

    ReplyDelete
  7. මාරය නියම පෝස්ට් එක මචෝ. පිංතුර ටිකත් පට්ට. උපමාවත් මසුරං. ඇ බං උඹ ගියේත් ප්‍රභාත් එක මැදින් තියන පාරේ ඉස්කෝලෙටනං ඉන්නෙත් නිට්ටඹුවෙනං අපි දෙන්න මිස් වුනේ කොහොමද කියලයි මං කල්පනා කරන්නේ.මම නං 87 අවුට් වුනේ. ටිකක් විස්තර කියපං.
    මම සමකය වටේ (samakaya wate) දුවන එකා

    ReplyDelete
    Replies
    1. නලීන් අයියා තරම් නාකි නෑ මාරයියා.. ඒකයි මිස් වෙලා තියෙන්‌ෙන්.... හි හි.....

      Delete
    2. යකෝ නාකි කියන්නේ නොහැකි.. මට තාම හොඳට පුලුවන් හිරුවෝ...

      Delete
    3. හැබෑට.... එහෙනං අපි මෙහෙම කියමු...

      නලීන් අයියට පුත්තලම් බූරුවෝ හත් දෙනෙක්ගේ විතර වයස උනාට, මාරයියට තාම ඊට වඩා ටිකක් විතර අඩුයි වයස.....

      ( දැං හරිනේ..... හි හි.... )

      Delete
    4. නලීන් උඹ ඉස්කෝලෙන් අවුට් වෙද්දි මාරයා දෙකේ පන්තියේ එකෙක්....

      Delete
    5. සැප කනේ කිව්වලු.

      Delete
    6. ඔය හිරුවා දීලා තියෙන්නේ හරියටම උත්තරේ... නලින් භයියා අවුට් වෙලා අවුරුදු තුනක් ගිය තැන තමා මංතුමා ඔය ප්‍රභාත් එක අයිනෙන් ගාටන්න ගත්තේ...

      Delete
    7. අය්යෝ නලින් මට අක්කා කියල තිබුනනේ ..අපොයි . !!

      Delete
    8. ඒකනේ බින්දි අක්කා.. මේකා මේ ළපටි වෙන්ට හදනවා... අර හිරුවා කියන්නැහේ පුස්තලං ඩොංකිලා හත් දෙනෙකුගේ වයෂ...

      Delete
  8. කොම කොම හරි අයියලා දෙන්නා එකතු වෙලා නයියා පටවලා තියෙන්නෙ ;) :P

    ReplyDelete
    Replies
    1. මල්ලිත් නිකං ඉන්නේ නැතිව වෙලාවක පටෝලා බලන්න...

      Delete
  9. ප යන්න තියේ .. කෝ අනිත් අකුරු දෙක ??

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතිං තියෙන දෙයින් සෑහීමකට පත් වෙන්නේ නැහැනේ මෙයාලත්.. ෂික්...:D

      Delete
  10. පටවන්න කලින් තෙමන්නම ඕනෙද.... අපෙ ගෙදර එකෙක් හිටියා.. ඌම තෙමාගන්නවා

    ReplyDelete
    Replies
    1. හිටියා කිව්වෙ ... දැන් නැත්ද බං.

      Delete
    2. මීයා...
      හපොයි...එහෙනං ලෙඩක්...ප්‍රශ්ණයක් වෙන්න කලින් බේත් ටිකක් ඇන්න දීපං..!

      Delete
    3. මීගොඩයගේ නයියට දැන් මක්කෙයි වෙලා තියෙන්නේ..?
      තොමන තරමට නයියට හොඳයි...

      Delete
  11. මං මේ මාරයියගේ පරණ පෝස්ට් වගයක් බල බල ඉන්න‌ෙකාට නිකමට වගේ පින්තූර ලේබල් එකේ තියෙන්නේ මොනවද බැලුවා.... පෝස්ට් එක බලලා ඉවර වෙලා.... අනේ මේ චූටි නයි පැටියෙක්ට නේ වද දීලා මෙයා මේ මහ ලොකු හපන්කමක් කළා වගේ දාලා තියෙන්නේ...... කියලා හිතුවටත් පස්සේ තමා දැක්කේ මේ දැං දාපු පෝස්ට් එකක්නේ කියලා....

    ඇත්ත තමා.. ඌ නං ලස්සන නයි පැට්ටෙක්.. . අර දෙවනි ෆොටෝ එකෙයි 8 වෙනි ෆොටෝ එකෙයි ඌ මිස් ෆොටෝ ජෙනික් වගේ... හි හි.. බලන්නකෝ බය නැතුව කැමරාවට මූණ දිලා ඉන්න හැටි... ආධුනිකයෙක් කියලා කියන්නවත් බෑ.... කැමරාකාරයගේ දක්ෂතාවය කියලා කියන්නත් බෑ.. මොකෝ අපි නොදන්නවය කැමරාකාරයගේ වැඩ.. හි හි....

    කෝකටත් ඔය පැත්ත පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරලා ගත්තනං හොඳ නැද්ද මාරයියේ.. රෑ ජාමෙත් ඔය හරියේ ගැවසෙන නිසා ......

    ReplyDelete
    Replies
    1. ඇ හිරුවෝ පටෝන නයි ලස්සනයි තමා නේද. මාරය කොහොමත් නටවන්නේ පොඩි නයෙක්ලු.කිව්වේ අත්තනගල්ලේ කොල්ලෙක්.

      Delete
    2. නලීන් අයියා දන්න තරම් මම දන්නේ කොහොමද නයි ගැන....

      Delete
    3. ඇයි අපේ මහත්තයා කියල දෙන්නේ නැද්ද

      Delete
    4. අඩේ හිරුවා මං ඇවිල්ලා ප්‍රවීණ ඡායාරූප විචාරකයෙක් හරිය.. නිකං දෙකේ කොලේට දාලා කතා කොරන්ට තියා ගන්ට එපා... දන්නේ නැතිනං ඔය ලේබල්වලම ඇති මගේ විචාර කලාව ගැනත් ලියුං කියුං...

      හිරුවත් ඇඳගෙන නානවා දැන් කොයි වෙලේක හරි...

      Delete
  12. අර නයියා ගුලක් දැකලා. ඒකට රිංගුවයින් පස්සෙ වෙන වැඩේ ලියල තියෙන විදියට මම බොහොම මනාපයි. ඒ වෙලාවට නයාට හිතෙනවා ඇති මොන මළදානෙට ගුල් වලට රිංගනවද කියලා..

    ReplyDelete
    Replies
    1. ඕක ගැන හරි අපූරු කතාවක් තියෙනවා..දැනට අවුරුදු පහලොහකට විතර කලියෙන් සිද්ධ උන.. කෝ ඉතිං ලියන්ට ඇහැකියෑ... මෙව්වා බලන උන් මට දොස් කිව්වොත්...

      Delete
  13. ඕකා ඇති කරන්න තියා ගත්තනං මාරයාට අර නයි පළඟන එක්ක සෙට් වෙන්න තිබ්බනෙ....
    එයාගෙ නයා ඔයාගෙ නයා එක්ක සෙල්ලං කරන්න දාන්න තිබුනා..
    අන්න බලන්න මාරයා අතට එන චාන්ස් එක නැති කර ගත්තා පිංවත්නි....
    ඒ විතරක් නොවෙයි මාරයා නැති කරගත්තෙ ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න තිබුන චෑන්ස් එකක්... ඔය වගේ ප්‍රවෘත්තියක් ස්වර්ණවාහිණියෙ ලයිව් ඇට් එයිට් එකට දාලා.. ඊට පස්සෙ මාරයට තිබුණා මාරයාගේ නයි පැටවිල්ල කියලා ප්‍රෝගෑම් එකක් කරන්න.... අන්න බලන්න බිස්නස් අයිඩියාස්....
    ඕකාව අල්ලගෙන බෝතලේට දාලා මට කතා කළා නං අර මී කුණෙන් පෝසත් වෙච්චි සිටු තුමා වගේ නයා මූලික කරගෙන මාරයට බිස්නස් එම්පයර් එකක් හදන්න උපදෙස් දෙන්න තිබුණා....

    ඒක නෙවෙයි... නයා බෝතලේට දැම්මෙ කෙළින් වෙලා ඉන්න වෙලාවෙද ඇද වෙලා ඉන්න වෙලාවෙද ?

    ReplyDelete
    Replies
    1. බෝතලේට කිව්වේ ගුලට දාන එක වෙන්න ඕන. ගුලටනං දාන්න ඕන කෙළින් වෙලා තියනකොට තමයි. ඒත් නොදන්න ගුලකට දානවනං රේන් කෝට් එකක් අන්දලම දාන එක ඇගට ගුනයි.

      Delete
    2. අපරාදේ..කලින් කියන්ට එපෑ... ඇල්කෙමියත් මෙහෙම හිටියට නිතර නයි පටෝලා හුරු පුරුදු හැටියක් පේනවා... හිටුකෝ ඊ ළග පාරවත්...

      අයියා අහලා නැද්ද මේ කියමන...

      "මැරිච්ච නයි හුඹස්වලට දාන්න ඇහැකිද..?"

      Delete
  14. ඔය නයියාව අර චුටි බෝතල් කටෙන් දාද්දි , බෝතලේට කතා කරන්න පුලුවන්නම් අනිවාර්යෙන් කියනවා ' රිදෙනවා හිමීට ' කියලා ...

    ReplyDelete
    Replies
    1. මුවා කතා කරන බෝතලේකට නයියා පැටෙව්වා කියන එකද මේ කියන්නෙ?...

      Delete
    2. මටත් පේන්නේ මුවා නයියා පටෝලා තියෙන්නේ කතා කරන මොකක් හරි එහෙකින් තමා...

      Delete
  15. නයා බෝතලේට යන්න බෑ කිව්වොත් තමයි....කේස් එක..

    ReplyDelete
    Replies
    1. එහෙම නයිත් ඉන්නවා... ඒත් වැඩි හරියක් නයි බලං ඉන්නේ බෝතල්වලට රිංගන්න...

      Delete
  16. අහිංසක නයියා බ්ලොග් පෝස්ට් එකක් වෙයිය කියල නිකමටවත් හිතන්නේ නැතිව ඇති. මොකා වුනත් මාරයියේ රාජ් කියන විදියට ඕකා ලංකාවේ නයි පටියෙක්. දැක්ක නේ “ප“ ක

    ReplyDelete
    Replies
    1. අනිවා මූ දේශිය නයියා... දැන් මේකා සයිබර් නයියා උනා...

      Delete
  17. මට මතක් උනේ රාජ් ගෙ පෝස්ට් එකක තිබුන "ප" යනු ටික.
    සිංහල ප යනු..තියෙන නිසා සිංහල නයෙක්..! :)))

    ReplyDelete
    Replies
    1. මටත් ඒක මතක් වුනා.

      Delete
    2. යේක ෂරි..මේකා ෂිංහල නයියා...

      Delete
  18. හිලට ඔබන්න කලින් තෙමීම අත්‍යාවශද?

    ReplyDelete
    Replies
    1. එහෙමලු හොඳ... ;)

      Delete
    2. මල්ලි නයියා පටවන්න යන දවසක තෙමන්නේ නැතිව ඔබලා බලන්න... ඊට පස්සේ තෙමලා ඔබලා බලන්න... වෙනස තේරෙයි... :D

      Delete
  19. මාත් ඔය සෙල්ලමම කරලා තියනවා
    මම බොතල් දෙක්ක පාවිච්චි කරා, එකක් උඹේ වගේ එකක් අනික කොළ පාට එකක්, මට හරියට පාටනම් මතක නෑ. මූ එක බොතලයක් ලගට කරනකොටම් පිබිනවා, හැබැයි අනිත් බොතලෙන් තට්ටුවක් දැම්මත් වගක් නැතුව හිටියා. අන්තිමට සිලි මල්ලක් දාගෙන තමයි කොටු කර ගත්තේ

    ReplyDelete
  20. මාරයාට නයියව පටවන්න මෙහෙම හරි අවස්ථාවක් ලබා දීම පිළිබඳව නයියාට මගේ හෘදයාංගම ස්තූතිය...

    ReplyDelete
    Replies
    1. හැ ඒ කාලේ මාරයා හොඳට නයි පැටෙව්වා අභිත මලේ

      Delete
    2. මූත් මේකට රිංගන්න ඒ හැටි කැමැත්තක් දැක්කුවේ නැහැ.. ඒත් ඉතිං එහෙමයි කියලා ඇහැකිද බලෙන්ම හරි රිංගෝනවා මිස...

      Delete
  21. කලින් ෆොටො වල හිටි එකාට වැඩිය බෝතලේට පටවපු නයා පොඩියි නේ.. :)

    ReplyDelete
    Replies
    1. පටවන්න කලින් ලොකුවට හිටියට මල්ලි..පටෝලා අහවර උනාම ඔය කොයි නයියත් මෙහෙම තමා...

      Delete
  22. හුටා.. නයියා කිව්වාම මං හිතුවෙ ක යන්න ඇති කියලා ප යන්න අග්ගිස්සට!

    ReplyDelete
    Replies
    1. වැරදි වැටහීමනේ ඉතිං...

      Delete
  23. මට මතක තියෙන එකම හින්දි සින්දු කෑල්ල මතක් වුනා බං.
    නයා කොයි ගුල් ගියාදෝ හා නයා...

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හා නයා කියන්නේ දිග කන් තියෙන එකෙක් වෙන්ටැ! :D

      Delete
    2. ඇයි...
      අර නයාගෙ වෙඩිං එකට ආපු පොළඟා කියපු සිංදුව...

      සදාදර නයෝ ඔබේ මංගල දිනේ....

      Delete
    3. හාවගේ නයා ගැනද දැන් කතාව...?

      Delete
  24. නයියගෙ ප යන්න නම් මරුවට පේනවා... ඉස්සර සිරා නයා සරුංගල් හදලා ප යන්නකුත් ගහලා උඩ යවපු අතීතය සිහිපත් වුනා... ඒ කාලෙ සරුංගලේ උඩ යවන්න අරන් එනකොට ප යන්න දැකපු වල් කොල්ලො ඇහුවෙ කෝ බොල මේකෙ ක යන්න කියලා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙමනේ ආවේ නයි පහර කියන චිත්තර පටියත් මතකද සිරා

      Delete
    2. @ Naleen,

      නයි පැළවෙන ගී තිබ්බෙ ඒකෙ නේද?

      අනික අර "නය්ය පාවෙන් පලට හීඩුයි" කියන දෙමළ ෆිල්ම් එක බැලුවද?

      Delete
    3. ඒ දවස්සල අපි යැව්වේ මොනරුනේ... නයි පටවන්න ගත්තේ පස්සේ කාලෙක...

      "නයිය පාවේ බයිය පැහැලා" කියලා අර දෙමළ එකේම තෙළිඟු එකක් තිබුණා නේද..?

      Delete
    4. ඔය චිත්‍ර‍පටි දෙකම සෙල්ල වලවේ ගෙ අධ්‍යක්ෂණයක්...

      Delete
  25. දැං ඉතිං ඔය හරියට දිගට හරහට නයි එයි.ඇයි බොලේ අරූ එක රැයිං ලෝක ප්‍රසිද්ධ උනානේ.බලාගෙන මාරයෝ හෙට ඉඳං ඔය පැත්තේ නයි ඉඳී අර සුපර් ස්ටාර්ස් එකට පෝළිමේ ඉන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. එහෙම ආවොත් පෝලිමට නයි පටවතෑකි...

      Delete
  26. හානේ...ශෝක් `නයි පැට්ටා`

    ReplyDelete
  27. අපෝ මේ නයියා නම් අපේ නයියා වගේ පටවලා නැහැනේ?.අපේ නයියා කිව්වේ මගේ පොඩි සීන් එකක් ඈ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මල්ලිත් වෙන විදියකට හරි නයියා පටෝලා තියෙනවා වගේ...

      Delete
  28. නයි (කයිද රෝස්) පාන්.

    ReplyDelete
    Replies
    1. නිකන් දුන්නොත් කයි

      Delete
    2. නයි දේශප්‍රේමියි උන් විජාතික පාන් පිටි කන්නේ නැ

      Delete
    3. චූටි චූටි කෑලිවලට කඩලා කිරිවල පොගෝලා වගේ දුන්නොත් "නයි නොකයිද රෝස් පාන්.."

      Delete
  29. මචං උන්ව අල්ලන්න පහසු ක්‍රමයක් තියනවා එස්ලෝන් බටකෑල්ලකට එන්ඩ් කැප් එකක් ගහලා , ඒක ඇතුලට රින්ගන්ඩ පොඩ්ඩක් උනන්දු කරහං එතකොට කැමැත්තෙන් රිංගනවා ,

    මේ ලගදි මම බේරුනා එකලග දවස් දෙකක් නයෙක්ගෙන් සහ පොළගෙකුගෙන්

    පොළගා උඹලගේ ගෙවල් පැත්තේ

    ReplyDelete
    Replies
    1. මේ හදිසියේ කොහේද බං ඇස්ලෝන් බට... ‍මනුස්සයෙක් ඒ වෙලාවේ එතැනින් ගියා බත් පාර්සලේකුයි වතුර එහෙකුයි අරං.. ඒ වතුර බෝතලේ තමා අරගෙන මේකා දැම්මේ...

      දැන් උඹෙන් බේරුන පොළඟගේ තත්වේ කොහොමද.. ඌ ෂනීපෙන්ද..?

      Delete
  30. නයා බෝ පැළේ යටත් ඉදලා නේද ??

    ReplyDelete
    Replies
    1. ඒක මේ කානුවේ හැදුන කාක බෝ පැලයක්...

      Delete
  31. හත් ඉලව්වයි භයානක නැද්ද ඔයවගේ රාජකාරි. මාරයියේ පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම් ඔයාට ඔයාගේ නිවුන් සහෝදරයා ලඟට යන්න තමයි වෙන්නේ. කොහොම හරි ඔය යස අගේට පටවල තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නයියා පැටවිල්ල බයානක වැඩක් තමා.. ඒත් එහෙමයි කියලා නිකං හිටියැකිද..?

      Delete
  32. ඇහැටුල්ලෙක් වගේ නයෙක් එක්ක සෙල්ලම් කරලා එනවා මෙතන පොටොත් දාගෙන

    ReplyDelete
    Replies
    1. පිෂ්ෂුනං කියවන්න එපා නයියා ලොකු උනත් පොඩි උනත් එක විෂ...

      Delete
  33. පටවන්න කලින් නයාගෙ සයිස් එකයි පැටෙව්වට පස්සෙ නයාගෙ සයිස් එකයි දැක්කහම පවු කියල හිතෙනව නේද මාරෙ අයියා... ;)

    ReplyDelete
    Replies
    1. අඬන්නෙ මක්කටැ‍යි.... ආයෙම පටවන්න පුලුවන්නෙ

      Delete
  34. මාරයිනේ . බලන්න මෙච්චර භයානක අවස්තාවක් වෙලත් පින්තුර අරන් .

    ReplyDelete
    Replies
    1. මූව දැක්ක ගමන් මට බ්ලොග් එක ලියන විදියනේ මුලින්ම මතක් උනේ.. අනිත්වා පැත්තක දාලා මුලින් පොටෝ ගත්තා...

      Delete
  35. බලනකොට අපි නයියට බය වෙන්නෙ බොරුවටනෙ . ෆොටෝ ටිකනම් සුපිරි .

    ReplyDelete
    Replies
    1. මටත් හිතා ගන්න බැරි ඇයි මේ ගිම්හානිලා නයියට මෙච්චර බය කියලා...

      Delete
  36. නයා පුංචි වැඩිනම් අර පුවක් ගෙඩි ටික පොල් ගෙඩි හැටියට සලකන්න, කපුටු බෝ පැලේ "බෝධීන් වහන්සේ" කෙනෙක් හැටියට හිතාගන්න. එතකොට මේ සුට්ටං නයියා, නිකන්ම මුචලින්ද වෙනවා.

    ReplyDelete
    Replies
    1. ආන්න ක්‍රමේ... හිත ඇත්නං ප- කුඩාද..?

      Delete
  37. පටවන්න කලින් කොහොමත් නයා ලොකුයි නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත... පැටෙව්වට පස්සේ නයියා නිකං මී පැටියා වගේ වෙනවා...

      Delete
  38. මට නම් බෑ බෝතලේකට නයියා පටවන්න.

    ReplyDelete
  39. සා ලස්සන නයියා.... අඩියක් විතර දිග ඇති මයෙ හිතේ? අපිට කොයින්ද ඔය වගේ නයියො ඉතිං...

    ReplyDelete
  40. කෙලින් වෙන්නම ඕනිද අයියා නයියා පටවන්න!!! අනික මං නම් බෝතල් වනට පටවන්න කැමති නෑ! නයාව ගුහාවට ඇතුලු කලානං හොඳ නැද්ද??

    ReplyDelete
  41. අදමයි ආවේ. අම්මපා අපි තවම පොඩි ළමයි හින්ද ඕව ගැන දන්නෙ නෑ නොවැ.

    ReplyDelete
  42. නයි කලබල අස්සේ ෆොටෝත් ගහල. නයයි ඔයයි ඉන්න ෆොටෝවක් විතරයි අඩු. නියම පොස්ට් එක ඈ...

    ReplyDelete
    Replies
    1. මගුලක් කතා කරනව....

      මාරෙ අයියෙ මෙන්නෝ....

      Delete
  43. මාරයියා මාරයිනේ.... නයිය පටවල තියන ලස්සන.....

    ජය..

    ReplyDelete
  44. ඊයා . .
    යකෝ වැදගත් ගෑනු ළමයි එහෙම එන බ්ලොගක් නේද මේ . . :D

    ReplyDelete
  45. නයි කයිද බුල්ටෝ කියපි!!අඩේ! මෙන්න නයෙක්!

    ReplyDelete
  46. එහෙනං නයා පටවන්නේ එහෙමයි ඈ...

    ReplyDelete
  47. මං title එක කියෙව්වම හිතුවේ සෙල්ලමක් කියල .... හරි ලොකු නයා නේ :-)

    ReplyDelete
  48. හිකිස්...... අපෝ...... සූට්ටිත්තන් විතර නයියෙක් නේ........ හැබැයි බෝතලේට දාන විදිය මරු හොඳේ.....

    ReplyDelete
  49. This comment has been removed by the author.

    ReplyDelete
  50. නයියා පටෝනවා
    නයියා පටෝනවා
    නයියා පටෝනවා
    නයියා පටෝනවා
    නයියා පටෝනවා
    නයියා පටෝනවා
    නයියා පටෝනවා
    ප... න.....!
    පට්ට පටපට! එල පෝස්ට් එක. අර නයි පීරිස් පී.වී.සී බටයකට නයියා පටවන්ඩ කියල දෙනව ඔන්න!

    ReplyDelete