06 November 2012

අපි අලියට ඩෝ...

"පෙති පෙති කැපුවත් අපි අලියට ඩෝ... නිකං නෙවෙයි පෙති පෙති කපලා ගගේ මූදේ දැම්මත් අපි අලියට ඩෝ... අලිය අපිට අපි අලියට... මෙදා පොටේ දෙනවා බැටේ... ඔය අනිත් පකිෂ් බූරුවෝ ටික පරිෂ්ෂං වෙලා ඉටියොත් ඔඳා අරී...."



අයියා බය වෙන්න එපා අයියා... අයියට කවුරු නැතත් මේ මාරයා පුල් සපෝට් අරිය... ආයේ ඉතිං බොක්කෙන්ම තමා... අපි ගේමට බැස්සොත් ආයේ ලේසියෙන් අරින්නේ නැහැ..අයියා දිනෝලා තමා පස්ස බලන්නේ.. කාගේ නැතත් අයියට මේ මාරයගේ වර්ඩ් එක තියෙනවා.. අයියා සත පහකට බය වෙන්න එපා... මෙච්චර කාලයක් අපි අලියට සපෝට් නොකලේ අපිට හරියන එළ කොල්ලෙක් අලියගෙන් ගේමට බැහැපු නැති හින්දයි අයියේ.. ඒත් අයියා වගේ අපේ පොරක් ගේමට බැස්සම නිකං අපිට නාලාගිරියා ගේමට බැස්සා වගේනේ අයියේ... එළම තමා.. මෙදානං ඔන්න අපි අතාරින්නේ නැහැ...



ඔඳ වෙලාවට අයියත් අපේ ජාතියේ කොල්ලෙක් උනේ... බඩුම තමා... "මිටි" රොමිනි අයියා... මෙදා පාර ලෑස්ති වෙන්න දිනන්න... ලංකාවේ මිටි කොල්ලො සෙට් එකත් එක්ක මේ මාරයත් අයියට සප් එකට ගේමට බැස්සා කියන්නේ ඉතිං අයියා ගොඩම තමා... අර දිගංචි ඔබාමා මොන හිපාටුවෙක්ද අයියා..බලන්නකෝ උගේ මූනේ කැත..ෂික් වඳුරෙක් කලිසං ඇඳලා වගේ.. අයියා එහෙමද අයියා... සුදු කොල්ලෙක්නේ... ඒ මොනවා නැතත් අයියාගේ හොඳ වෙලාවට තමා අයියත් මිටි උනේ... 



මිටි රොමිනි අයියාට ජය වේවා..!

මිට්ටා අපිට අපි මිට්ටට...


34 comments:

  1. ඔව් ඔව් කොහේ උනත් අලියට දාමු... මිටි රොමෙනි.. පස්ට නම බොලං

    ReplyDelete
  2. උඹ දැන් අත්ලාන්තික් සාගරේ හරහා අතදාලා පැසිපික් සාගරේ හරහා ටොකු අනිනවා, නේද බං?
    මට මතක් වුනේ නලිනිගෙ පොකු‍ටු කොන්ඩෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  3. හෑ මෙන්න මාරයා ජාත්‍යන්තර දේශපාලනයටත් බැහැල.රොමේනි ඉතිං හිතාගන්න ඔයා දිනුව කියල.

    ReplyDelete
  4. මූ රොම්නිට සපෝට් කියන්නෙ අනිව මිනිහ පරදිනව.

    ඔබාමාට ජයවේවා !

    ReplyDelete
  5. මේවා ජාත්‍යාන්තර කුමන්ත්‍රණ බොලවු,

    මාරයත් කඩේ යනවද කොහෙද ඇන්. ජී. ඕ. එක්කට

    ReplyDelete
  6. මිටි අය මිටි අයට වැඩි පුර කැමති අලයින්මන්ට් අවුලක් නැති නිසා(ලු)ද ?

    ReplyDelete
  7. අර පැදුරු පාටියේ නාන ඒ. ඇස්. පී මහත්තයා ජනාධිපති වෙන එකාට විෂ් කරලා පත්තර පිටු පුරවනවා. ඌ කාටද දන්නෙ නෑ සපෝට්. මෙහේනම් ඉතින් ලොක්කට තමයි.

    අඩෝ පොඩ්ඩක් හිටහන්. පරණ පෙරහැර ඉට්ටයිල් නැතුව, අළුත් ඉට්ටයිල් එකට පෙරහැරේ එන්න යන්නේ කෂ්ටිය..

    ReplyDelete
  8. මාරයා එන් ජී ඕ වලින් සල්ලි අරගන

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනේ ඔය ටිකමයි..නැත්තම් කොහෙන්ද මෙච්චර හයියක්..හි හී

      Delete
  9. Replies
    1. ඔව් ඉතිං ලියුං කරදහි යවන එකානේ...

      Delete
  10. ප්‍රංශෙ හිටපු කෙනත් මිටියි නමුත් මාරය එයාට සපෝට් කලේ නැහැනෙව

    ReplyDelete
  11. මම අහගෙන ඊයේ දෙරණ නිවුස් වලට කියනවා මිටි රොමිනි කියලා අර රටේ වැඩියෙන්ම මොලේ තියන නිවේදකයා.

    ReplyDelete
  12. අඩේ! මමත් කොටා ගේ පැත්තේ ඈ!!!!!

    ReplyDelete
  13. මාතෘකාව දැක්ක ගමන් මම හිතුව වැඩේ හරි කියල. මම හිතුව අයිය රනිල්ට සපෝට් එකට බැහැලය කියල. මෑනුත් සුදු කොල්ලනේ.. :)

    ReplyDelete
  14. මේක තාම අලුත්ම ට්‍රෙන්ඩ් එක. තමන් අකමැති එකා දිනනවා කියල ඔට්ටු අල්ලනවා. හරියට වෙස්ට් ඉන්ඩීස් දිනනවා කියල ඔට්ටු ඇල්ලුවා වගේ වැඩක්. දිනුවොත් සල්ලි. පැරදුනොත් කැමති එකා දිනලා. මට හුණා කිව්වා වගේ කියන්න පුළුවන් මේ පාරත් ඔබාමා. අනිත් එක මිට්ට රිපබ්ලිකන්. ඒ කියන්නේ අපේ ඌඇම්පී ගොයියල අදහන එක. ඉතින් මාරයා සපෝට් කරයිද? මේ පාරත් කේන්දරේ බලලා ඔට්ටු අල්ලන්නේ.

    ReplyDelete
  15. ම්ම්හු.... හිතට මදි..

    ReplyDelete
  16. මාරය අය්ය ඔනෙ හාල්පාරුවෙකුට මුට්ටිය අල්ලන්න මාරය්ය මේ ගෙම්බත් මාරය්ය පස්සෙන් තමයි මාරය්ය..මාරය්යට අලිය ලොකුද අපිට අලි බෙට්ටත් ලොකුයි අරිද මාරය්යෙ...අලි බෙට්ට මූනෙ අතුල්ලගන්න කියන්න.අපි ඉස්ටේට් පෝවඩ්..ආයෙ නෝ රිවෂ් අරිද...

    ReplyDelete
  17. මාරයියට රොම්නිගේ කේන්දරේ අහුවලාද කොහෙද.. ඒකයි මේ බය නැතුව උඩ පනින්නේ... මාරයගේ ආතල් මාර ආතල්... හි හි

    ReplyDelete
  18. මේක මං අරුණිගේ බ්ලොග් ලියාලා නා ගත්තා. නමුත් නොකියා බෑ.

    මට මතක් වෙන්නේ කාටර්ට විරුද්ධ රේගන්ට පක්‍ෂ මගේ අංකල්.

    හේතුව රේගන් වඩාත් යුදෙව්වාදී වීම.

    ReplyDelete
    Replies
    1. ඕක මෙතන කිව්වට අවුලක් නෑ ඒත් ජුදා(ස්) ලගෙ අඩවි වල එහෙම කියනව නෙමෙයි.

      Delete
  19. මොකා දින්නත් මොකා පරාද උනත් අපේ මොකෑ බන් . . .

    මොකෝ ඔය එකෙක්වහ් අපේ රට උන්ගේ රටේ කොලනියක් කොර ගන්න එනවා කියලයෑ . .

    එහෙම කිව්ව නම් කිව්ව එකාට මම නම් සපෝර්ට් . .

    ඇයි යකෝ ග්‍රීන් කාර්ඩ් නැතුව ස්ටේට්ස් යන්න ඇහැකිනේ . .

    ReplyDelete
  20. ඔබාමා හමුවේ නම්...එකම කතාවක් එකම වතාවක් යලිත් කියන්නට
    ඔබාමා හමුවේ නම්....

    ReplyDelete
  21. දේශපාලනය තමයි අද අහන්න අකමැතිම මතෘකාව.මම තවම ඡන්දය දිලා නැ කටවත්.මහත්මා දේශපාලනයක් තිබුණොත් හෙට දවසේ දෙනවා.ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  22. මාත් ඔබාමට අපි මිටි නැහැනේ :)

    ReplyDelete
  23. ඔබාමා දිනුවත් අපිව ඔබනවා රෝමිනි දිනුවත් අපිව ඔබනවා. කොහාටද?
    යටට යටට ...

    ReplyDelete
  24. බුදු රොම්නි අය්යේ, හිත හදා ගනින් බන්,
    උබටත් මේ පාර වෙන්නෙ අයර්ලන්තෙට වෙච්ච දේම තමයි.

    ReplyDelete
  25. මුන් දෙන්නම එකයි මාර අය්යේ මොකා ආවත් ඇමරිකන් කාරයොන්ගේ ප්‍රතිපත්ති නම් වෙනස් වෙන්නේ නෑ... , මිටි අලියත් එකයි පස්ස උඩ දමන් ඉන්න බූරුවත් එකයි

    ReplyDelete
  26. මිටි??? 6'2'' හොඳ මිටි නේහ්? :P
    මිට්ස් ඔබ්ස්ට වැඩිය අඟලකිනුත් උසයි :D:D

    ReplyDelete
  27. මේ මොකෝ දින්නත් ටික දවසකින් අරක කඩලා මේක කඩලා කියලා ලංකාව පස්සේ වැටෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  28. මේ දවස්වල වර්ගපූර්ණිකා මොකෝ සද්ද නැත්තේ?

    ReplyDelete
  29. හූ, හූ, හු!

    ගිය පාරත් දුන්න බැටේ,
    මේ පාරත් දුන්න බැටේ.

    ReplyDelete
  30. (උපුටා ගැනීම - විමසුම)

    තමන් පරාද වූවා කියා, ජයග්‍රහණය ලද ඔබාමා වෙත, නොයෙක් තැන්වලදී අවලාද නැගීම් සිදු කලේ නැත. මුළු සිතින් ම ඉදිරි ධුර කාලය සඳහා සුභ පැතුවා පමණය. මේවා අප වැනි රටවල දේශපාලකයින් හට හොඳ ආදර්ශය.

    (උපුටා ගැනීම අවසානය)

    තමන් දින්නා කියා, පැරදුනු ගොය්යාව අල්ලා කුඩුවේ දැම්මේ ද නැත. අතින් අත දී සුභ පැතුවා පමණය. මේවා අපවැනි රටවල දේශපාලයින් හට හොඳ ආදර්ශය.

    ********************************************

    කොයි කොයි දේසෙත් දේවල් සිදුවන්නේ ඒ ඒ දේසේ පිළිවෙලටය.

    ReplyDelete