18 November 2012

කහවත්තේ ඝාතක වැල මරුවා අල්ලා ගැනීම...

හැකි තරම් කෙටියෙන් මෙම ලිපිය ලියන්නට අදහස් කරමි...

කහවත්තේ ඝාතන මගේ දැනුම අනුව කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය...

1- තෝරාගත් එක්තරා ආකාරයක පිරිසක් පමණක් අරමුණු කරගත් ඝාතන...

2- පළමු කී රැල්ලටම යටව යන ලෙසින් වෙනත් අවශ්‍යතා මත සිදු කෙරුනු ඝාතන...

අපි කවුරුත් දන්නා විදියට මුලින් මුලින් කහවත්තේ ඝාතන රැල්ල ඉස්මතු උනේ එක්තරා මට්ටමක සමාන අයවලුන් ඝාතනය කිරීමෙන්... ඒ ඝාතනයන්ට ලක් වූ හැමෝම වගේ මැදිවිය ඉක්මවා ගිය... හුදකලාව වාසය කල... කාන්තාවන්...

දෙවැනුව මතු උන ඝාතනවලදී එක් අයකුට වඩා ඝාතනයට ලක් උනා වගේම ඒ ආකාරයෙන් එකට ඝාතනය වූ අය අතර පැහැදිලි වයස් පරතරයක් තිබුනා... එතැනදී අඩුවයස් අයද ඝාතනය උනා... ඒ කියන්නේ අර මුල්ම රැල්ලට වඩා පැහැදිලි වෙනස්කම් දෙකක් තියෙනවා...

තනි පුද්ගල ඝාතනයක් නොවීම සහ මැදිවිය පසු කරනු ලැබූ අය පමණක් නොවීම...

එහෙම ගත්තාම මේ ඝාතන සියල්ලම එකම අයකු හෝ එකම පිරිසක් අතින් සිදු නොවූ ඒවා බව කල්පනා කරන්න පුළුවන්...

මෙයින් දෙවැනි කාණ්ඩයේ ඝාතන පෞද්ගලික එදිරිවාදිකම් මත හා වෙනත් අරමුණු මත සිදු වූ ඒවා.. හැබැයි ඒ ඝාතනත් අර පෙර කී රැල්ලේ ගිණුමට දාන්න ඒවා සිදුකල අය උත්සහ ගෙන තිබුන වගත් පේන්න තිබුනා.. ඒත් ඒ දේවල් අසාර්ථක වූ නිසා මේවන විට එවැනි දෙවැනි කාණ්ඩයේ ඝාතනවලට වගකිව යුතු කිහිප දෙනෙක්ම අත්අඩංගුවට අරගෙන අවසානයි...

ඒත්...

මෙම ඝාතන රැල්ලේ ආරම්භය වූ මා පලමු කී වර්ගයේ ඝාතන සිදු කල පුද්ගලයා හෝ කිහිප දෙනා මේ වන විටත් අසු වී හෝ..ඔහු හෝ ඔවුන් ගැන කිසිදු හෝඩුවාවක් හෝ ලැබී නැහැ... 

සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක මේ වන තෙක්ම මතු නොවූ තත්වයක් කහවත්තේ තියෙන්නේ... සාමාන්‍යයෙන් අපරාධ සම්බන්ධ පොත්පත් හා වෙනත් වැඩසටහන් නැරඹු අය දන්නා දෙයක් තමා ලෝකයේ බොහෝ තැන්වල මෙවැනි ඝාතන රැලි සිද්ධ වෙනවා... ඒවාට සම්බන්ධ වෙන්නේ ඉතා සූක්ෂම ආකාරයෙන් කටයුතු කරන ඝාතකයින්... සමහර විට මොවුන් නීතියට හසු නොවී අවුරුදු ගානක්ම මේ සෙල්ලම සිදු කරනවා... සමහර අය ජීවිතාන්තයටම හසු වෙන්නෙත් නැහැ... ඇතැම් අය හසු වෙන්නේ ඝාතකයා මිය ගියාට පසුව ඔහු සිටි ස්ථානය වෙනත් අයකු විසින් පරීක්ෂා කල විට හමුවන දේවල්වලින් හෝ.. එම ස්ථාන නවීකරණය කරන්න ගියාම හසුවන හෝඩුවාවන්ට අනුවයි... ඒත් ඒ වෙද්දී ඝාතකයා මිය ගොස් අවසානයි...

ලංකාවට තාමත් හුරු නොවුනත් මෙවැනි ඝාතකයින් හට පොදුවේ කියැවෙන නම තමා සීරියල් කිලර්-serial killer)  ( කලින් යොදා තිබුනේ සීරියස් කිලර් -series killer ලෙසිනි‍.එය නිවැරදි කල අයට ස්තූතියි )  කියන නාමය...

මොවුන් අතර විවිධ විවිධ ආකාරයේ අය ඉන්නවා... ඇතැම් අයෙක් නූගත් පීඩිත අය අතරෙන් මතු වෙන අතර තවත් අයෙක් සමාජයේ දැන උගත් ධනවත් අය අතරෙනුත් මතු වෙනවා... ඒ විතරක් නෙවෙයි ඇතැම් විට නීතිය රකින්නට ඉන්නා අය අතරිනුත් මොවුන් බිහි වෙනවා... ඒ ඇතැම් අය පොලිස් නිලධාරීන්.. නීතීවේදීන්... වගේ අය...මේ තත්වයට පත් වූ අය අතර ඉතා සුවිශේෂ බුද්ධිමතුන් ඉදලා තියෙනවා... ඒ වගේම ඇතමුන් මනෝ විද්‍යාව වැනි දේ ගැන ප්‍රාමාණික විද්වතුන්... එහෙම අය අතරිනුත් මෙහෙම අය මතු වීම අපූරුයි නේද..?

එහෙම ගත්තාම මෙවැනි අය බිහි වෙන්න හේතුව මේකයි කියලා කෙලින්ම කියන්න අමාරුයි... හැබැයි මෙවැනි අය සාමාන්‍ය අපරාධකාරයින්ට වඩා බොහෝම සූක්ෂමව කටයුතු කරනවා... ඒ වගේම තමන්ගේ ඝාතන සඳහා නොයෙකුත් ආකාරයේ ආවේණික ක්‍රම යොදා ගන්නවා... සමහරු තමා විසින් මරනු ලබන අයගේ කුමන හෝ දෙයක් සිහිවටන ලෙසින් එකතු කරනවා... තවත් සමහරු ඝාතනයක් කල සෑම තැනකම තමාට සුවිශේෂ සලකුණක් තබා යනවා... මේ අයගේ ඇති පොදු ලක්ෂණයක් නම් මුලදී මේ ඝාතන තමාගේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් කලත් පසු කාලීනව ඒ ඒ ඝාතනවලට යම් අවධානයක් ලබා ගැනීමට උත්සහ කිරීමත් පෙනෙන්නට තිබීමයි... පෙර කී සලකුණක් තබා යෑම වැනි දෙයින් ඔවුන් අපේක්ෂා කරන්නේ එවැන්නක්.. ‍ඒකත් හරියට "මේකත් මගේ වැඩක් ඩෝ" යැයි කියනවා වැනියි... ඒ කියන්නේ ඔවුන් ප්‍රසිද්ධියට හා අවධානයට ලක්වීමටත් එක්තරා දුරකට කැමැත්තක් ඇති අය...

මෙන්න මේ ආකාරයේ අමුතු ගති ලක්ෂණ මේ අය තුලින් පෙන්නුම් කෙරුනත් මේ අය බොහෝ දෙනෙක් සමාජයේ වැඩි වෙනසක් නැතිව පෙනී ඉන්නත් දන්නවා.. ඇතැම් විටක එවැනි අපරාධකාරයෙක් හසු වූ පසුව ඔහු අවට වැසියන් එය පිළිගැනීමට පවා සූදානම් නැහැ... ඒ තරමටම ඔහු සමාජයේ යහපත් ආකාරයෙන් පෙනී සිටිනවා... මේ තමා සීරියස් කිලර්ලාගේ තත්වය... 

-----------------------------
හරි ඇයි මේ හදිසියේම මාරයට මේ කහවත්තේ ඝාතකයා හොයන්න හිතුනේ... ඒකට හේතුව පින්වතුනි මෙන්න මේකයි...

ඔය සීරියස් කිලර් කියන එකට තේරුම හොය හොය මේ දවස්වල එක්කෙනෙක් සයිබරේ සැරිසරනවා... මගේ භාෂා දැනීම අනුවනං ඕකට හොඳම වචනේ "වැල මරුවා" කියන එකයි...

ඔය සීරියල් කියන කෑල්ල අපි පැහැදිලි කරගන්නකොට අපිට පේනවා එයින් කියැවෙන්නේ යම් කිසි දාමයකට අනුව ඒ කියන්නේ එක් වැලකට  සිදු කරනු ලබන කියන තේරුම... කිලර්නං ඉතිං මරුවා කියන එක අහන්නත් දෙයක්යෑ...

එතකොට වැලකට මරන..මරුවා වැල මරුවා වෙනවා... පැහැදිලියිනේද..? ඉතිං අපි දන් හොයන්න ඕන මේ කහවත්තේ වැල මරුවා ගැන...

-----------------------------

මෙතනදී අපිට පහසුවෙන්ම හිතන්න පුළුවන් කාරණයක් තියෙනවා...

ඒ තමා..ඝාතකයා කහවත්ත හෝ ඒ අවට වීම...

හරි එතකොට අපිට තව කාරණයක් උපකල්පනය කරන්න පුළුවන්... 

මේ ඝාතන අතර කාලය එක්තරා පිළිවෙලකට නොවීම සහා හිටි හැටියේ සිදුවන නිසා මේ ඝාතකයා කහවත්තේ හෝ ඒ වට උනත් නිතර තම ප්‍රදේශයේ නොවන.. ඇතැම් විට වෙනත් පළාතක රැකියාවකට යන හෝ තාවකාලිකව පදිංචිව සිට වරින් වර ගමට පැමිණෙන අයකු වීම...

රයිට් දැන් කාරණා දෙකක් අපිට තියෙනවා...

ඊ ළගට ඇයි මේ මැදිවිය පසුකල අය මරන්නේ...?

සාමාන්‍යයෙන් මැදිවිය පසුකල අය තරමක් ශාරීරිකව දුබලයි... ඝාතකයාට එවැනි අය ගොදුරු කර ගැනීම පහසු විය හැකියි.. ඇතැම් විට ඝාතකයාත් එතරම් ජවයකින් යුක්ත නැති මැදිවියේ අයකු වීමට හෝ ශාරීරිකව තරමක් දුර්වල තත්වයක ඉන්නවා වෙන්නත් පුළුවන්... නාකි සිංහයෙක් දඩයම් කරන්නේ තරුණ මුවන් නෙවෙයිනේ...

හරි එතකොට අපිට හිතන්න පුළුවන් මෙහෙම...

කහවත්තේ හෝ ඒ අවට පදිංචි..දැනට ගමේ නැති... එහෙත් ඉදහිට ගමට යන එන... තරමක් දුර්වල ශාරීරික ශක්තියක් ඇති හෝ මැදිවිය ට ආසන්න හෝ ඉක්මවා යන මට්ටමේ අයකු...

පැහැදිලියිනේ... ඔයින් එහාට තව හුගක් දේවල් හිතන්න අපිට පුළුවන් උනත් මේ ඒකට කාලය නෙවෙයි.. අද ඉරිදා..පොල දවස.. දැනටත් වෙලාව 11ට කිට්ටුයි.. මං පොලේ යන්න ඕන... නැත්තං කාලා හමාරයි... එහෙම නොවුනනං මට මේ ගැන තව විමර්ශනය කරන්න තිබුනා... ඒත් ඉතිං මට ඕවට ගෙවනවා කියලෑ... 

ඒත් අපිට ඕනනං හිතන්න පුළුවන් ඔය ඝාතකයා සමහර විට මනෝ විද්‍යාව ගැන පරීක්ෂණ කරන... සිදු කරන ඝාතන වල සිහි සටහන් තබා ගන්නා.. (ඇතැම් විට එය දිග බම්බු කැමරාවකින් කරනු ලබන ඡායාරූප ගැනීමක් උනත් වෙන්න පුළුවන්...) අයකු වෙන්න පුළුවන්... සමහර විට අර මං කලින් කිව්වා වගේ ඔහු අවට සමාජය හීනෙන්වත් ඔහු එසේ යැයි නොහිතන අන්දමේ බල්ලන්ට බිස්කට් කව්වන ජාතියේ අහිංසක පෙනුමක් ඇති අයකු උනත් වෙන්නට පුළුවන්... සමහර විට නවීන තාක්ෂනික උපකරණ බාවිතා කරමින් වැල මරුවන් ගැන අධ්‍යයනය කරන අයෙකු වීමටත් පුළුවන්... වැල මරුවෝ කිව්වම කොයි කොයි ආකාරයේ වැල මරුවන් ඉන්නවද..?

ඇත්තටම මොනවද නොවෙන්න පුළුවන්.. නේද..?

හා මං යනවා පොලේ යන්න... පුළුවන් කෙනෙක් ඉන්නවනං අල්ල ගන්න එකයි ඇත්තේ... මට බැහැ කාටවත් ඇගිල්ල දික් කරන්න... හරියට නොදැන ඇගිලි දික් කරන එක හරි පව්...

අවසාන වශයෙන්...
සිළුමිණ පත්තරේ ගිය "මල මිනිස්සු බොරු නොකියති" ලිපි කියවීමෙනුත්..
ෂර්ලොක් හෝම්ස් ගොයියාගේ පොත් කියවීමෙනුත්...
එක්ස් ෆයිල්ස් වැනි කතා අධික ලෙස බැලීමෙනුත්... මනාව ඔප මට්ටම් වූ මගේ සුවිශේෂ අපරාධ පරීක්ෂණ මෙව්වා එකට මේ වගේ දේවල් අල්ලන එක සුළු දෙයක් කියලත් කියන්න ඕන...

86 comments:

  1. Replies
    1. ඒ කිව්වේ වැල මරුවා උඹද කියලද ඇහුවේ..හපොයි..

      Delete
    2. හරි හරි ඉතිං, මේකෙ ඉන්න ඔක්කොම එවුන් වැල මරුවො තමයි. :)

      Delete
    3. ඕක ඉතිං ප්‍රසිද්ධියේ කියන්ට ඕනයෑ... :D

      Delete
  2. අම්මවයි දුවවයි මරපු කුඩු සීන් එකට අදාල ලොකුම තැනව අල්ලගන්න පුලුවන් නම් එතනින් පස්සෙ සිද්ධ වෙච්ච ඝාතන ගැන දැන ගන්න පුලුවන් වෙයි . අල්ලගත්තේ හාල් මැස්සො , හුරුල්ලො වගේ උන් . මහ මොරු එලියේ !

    ReplyDelete
    Replies
    1. බුවා කියන්නේ ජෝන් අයියා ගැනද..? නැත්තං වෙන ලොක්කෙක් ගැනද..?

      Delete
    2. එයැයි හැර වෙන ලොක්කෙක් ඉන්නවද රත්නපුරේ ?

      Delete
    3. කියන්න බැහැනේ ලොක්කෝ කිව්වම නානාප්‍රකාර ලොක්කෝ ඉන්නවනේ... ධර්මයා හරහා කේස් එක එන්නේනං ජෝන් අයියට තමා...

      Delete
    4. ලොක්කා ඒ අයියාම තමා.

      බන්ධනාගාරය ඇතුලට කුඩු ප්‍රවාහනය කළ නියාමකවරිය අපේ ප්‍රදේශයේ ජෝන්ගෙ නියෝජිතයාගේ දියණියයි.(මේ වන විට වැඩ තහනම් කර ඇත)

      Delete
  3. ෂෙහ් ... මාරය මාර රහස්පරීක්‍ෂකයෙක්නේ.

    දැන් ඒ පැත්ත එළිමහන් හමුදා කඳවුරක්ය කියන්නෙ. ඝාතන කෙසේ වෙතත් ඔය සුළු සුළු වැඩකරන් හිටපු එවුන්ටත් දැන් බබා හම්බවෙනව ඔය පාර.

    මාරය අයිය පොළෙත් යනවද, කඩේ යන හැටියට මම හිතන් උන්නෙ පොළේ යන්න ඕන නැතුව ඇති කියල. :)

    ReplyDelete
    Replies
    1. ඔව් කාලයක් අපේ ගමටත් පොඩි පහේ හමුදා කඳවුරක් හම්බ උනා... අර අසූ ගණන් අග කලබල කාලේ... ගමේනං කිසිම කලබලයක් තිබුනේ නැහැ.. හැඉැයි ඒ දවස්වල වෙන වෙන ගෝරි හිටං නැවතුනා කඳවුර නිසා... මංනං කැමතියි එහෙම එකක් දෙකක් හරි තැනින් තැන තියෙනවට... හැබැයි කඳවුරු විනය තදින් සලකන සීඕලා යටතේ...

      ඇත්තම කිව්වොත් පොලේ ගිහින් ඒ හරහා කඩේ යන විදියකුත් තියෙනවා... එව්වා ඉතිං අපේම ක්‍රම තමා... :D

      Delete
  4. අම්මා මාරයියත් ෂර්ලොක් හෝම්ස් වෙලා නෙව ... මේ අඩුම තරමේ මට ඩොක්ටර් වොට්සන් ගේ තැනවත් දෙන්ට පුලුවන්ද:P
    පොලේ යන්නේ පලා ගන්ට වෙන්ට ඇති මයේ හිතේ ගොහින් එන්නකෝ තව මේ ගැන සාකච්චා කොරන්ට... :D

    ReplyDelete
    Replies
    1. වොට්සන් වෙන එක මහ දෙයක්යෑ.. මේ වගේ දෙක තුනක් අමුණලා ලිව්වනං වොට්සන්ට උඩින් ගියෑකි...

      පොලේ ගිහින් පලා විතරක්ද..? ඇයි කොහිල..ගන්නත් පුළුවන්.. උක් ගන්නත් පුළුවන්.. ඕනනං ඉල්ලලා අඹ ගන්නත් පුළුවන්...

      Delete
    2. බටුත් අරන් පලාත් ගත්තනම් තමයි වඩා හොඳ....

      Delete
  5. බම්බු කැමරාවත්, සීරියල් කිලර් යන පදයට අරුත් සෙවීමත්, පිට රැකියාවක් කරමින් සිට ඉඳහිට ගමට ඒමත්, කහවත්ත අවටම පුද්ගලයෙකු වීමත්.... අනේ මංද කාටද මේ සුදුසුකං තියෙන්නෙ කියල.

    ලවු කේස් වලට අතපය කපල යන කේස් දෙකක් තුනක්නං මෙහෙත් තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඔය ටික පත්තරේකවත් දාලා හොයන්න තිබුනනං අල්ලගන්නවත් තිබුනා...

      Delete
  6. කහවත්තේ ඝාතකයා වෙනී නැමැත්තෙක්දැයි සාධාරණ සැකයක් මතුවී තිබේ.... :)


    සීරියස් කියන එක සීරියල් කියල පුංචියට වෙනස් වෙන්න ඕන මාරෙ අයියෙ..

    ReplyDelete
    Replies
    1. //හරියට නොදැන ඇගිලි දික් කරන එක හරි පව්...//
      ඈ...

      වරද නිවැරදි කලා මලයා තැන්කූ...

      Delete
  7. :) පටන් ගන්න කොට හිතුන අහවලා ගැන කියන්න හදන්නේ කියල.අහවලා සම වයස් අයට ප්‍රියතාවක් දක්වනවා ඇති.

    හිතාමතා සීරියස් කිලර් කියල කිව්වද දන්නේ නැහැ. කොහොමත් සීරියල් කිලර්ල සීරියස් තමා..

    අර හෙන්රි අයියා ඕකට කියල තිබුනේ ධාන්‍ය මිනීමරුවා කියන එක. හැබැයි වැල මරුවා වඩාත් හොඳ බව පේනවා.

    හැබැයි ඉතින් අර සැක කටයුතු පුද්ගලයාගේ මුල් පදිංචිය නම් කහවත්තෙන් මෙපිට.

    ...........
    කහවත්ත ගැන සීරියස් කතා කරනවානම් අර කියල තියෙනවා වගේම සීරියස් මරුවෝයි, මේනියා කාරයොයි, තව තව එවුනුයි අඩු වැඩි විදියට එක එක සිද්ධි වලට සම්බන්ධයි වගේ පේන්නේ. ඒ වගේම සිද්ධි වල ප්‍රචාරය නිසා මානසික දුබලතා තියෙන සමහර අය වැඩි වැඩියෙන් මේනියා වලට ලක් වෙනවා වගේ. කොටකෙතනට කිලෝමීටර් කීපයක් ඈතින් ඉන්න කෙනෙක් ඊයේ මට මුණ ගැහුණා. එයා කියන විදියට ඔය සීරීස් එක පටන් අරගත්තට පස්සේ, ඒ ගොල්ලන්ගේ ගෙවල් හරියෙවත් ගෑණු කෙනෙක්ගේ යට ඇඳුමක් වැලක තියන්න බෑ අතුරුදහන් වෙනවලු. පෙරේදා එහෙම හොරකම් කරන එකෙක් පැනල දුවනවා දැකල, ඌව අල්ලන්න STF එකෙන් ආවලු. ඔන්න දැන් තමයි ST කියන අකුරු දෙකට නියම තේරුමක් ලැබිල තියෙන්නේ...

    ඕකයි මේකයි කියල, සබරගමුවේ ඉන්නේ මිනීමරුවෝ, මේනියා කාරයෝ කියන්න උවමනා නැහැ. මොකද තවම හොයාගෙන නැහැ ඕවා කරන්නේ පිට පළාත් වලින් ආපු අය නෙවෙයි කියල...

    ReplyDelete
    Replies
    1. අඩේ මේ මාරය හිතාගෙන ඉන්නෙ සබරගමුවෙ ඉන්නෙ ගල් කාරයොයි, වැල මරුවොයි කියලද දන්නෑ. :D

      Delete
    2. යකෝ දී කිරට එකතු වෙන ඥාව්වෝ ගොඩ... :D

      //අහවලා සම වයස් අයට ප්‍රියතාවක් දක්වනවා ඇති.//
      චෑ චෑ... අර මැරුණ වැඩි හරියක් හැට පැනපු අය...

      අර වචනෙනං නොදන්නා කොමට සිද්ධ වෙච්ච දෙයක්... හැබැයි ඉතිං සැකකරුවන් ගැන බැළුවමනං සීරියස් කියලත් කිව්වැකිම තමා...


      Delete
  8. මාරයා මට නම් මේ ගැන ඇත්තේ වෙනමම මතයක්.

    මෙහෙමයි මට නම් හිතෙන්නේ කහවත්ත කියන්නේ නිල් මැණික් ඉල්ලමක් තියන තැනක්. ඒ ගැන මොකක් හරි සම්බන්ධයක් මෙතැන තියේද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැනනං කිසිම අදහසක් නැහැ... (තිබුනත් කියන්නෙත් නැහැ..කියලා කොහොමද අරමුණ එහෙ මෙහෙ යන්න ඇහැකිනේ එතකොට..)

      Delete
    2. එහෙම කට කතාවක්නම් ඇහිල තියෙනවා.

      Delete
    3. හීන් සීරුවේ ඒකත් ඇදබාහංකෝ... කටකතා කියන්නේ අපේ රටේ ප්‍රධාන මාධ්‍ය මෙහෙවර නෙව...

      Delete
    4. හංගගෙන ඉදලා තියෙන නිල් මැණික් හොයන්න වෙන්නැති යන්නේත්තේ

      Delete
  9. //ලංකාවට තාමත් හුරු නොවුනත් මෙවැනි ඝාතකයින් හට පොදුවේ කියැවෙන නම තමා සීරියස් කිලර් (series killer) කියන නාමය...//

    මම දන්නේ serial killer විතරයි මාරයියේ..

    http://en.wikipedia.org/wiki/Serial_killer

    ReplyDelete
  10. වදනෙහි ඇති වරද පෙන්වා දුන් සැමට තුති.. හිටහල්ලා හදන්න... (මං දන්න ඉංගිරිසි..)

    ReplyDelete
  11. මේ පිටුපස අනිවාර්යෙන්ම බහුජාතික™ ඇන්.ජී.ඕ™ බළල්™ අත්™ තියනවා කියලා රූපපෙට්ටියේ කවුදෝ දොඩනවා මන් අහගෙන. අනේ අපේ මොකෑ, මේක උඹලගේ උන්ගේ රට වෙච්චි. හොඳට තවත් බෙදාගෙන අනාගෙන කන එකයි තීන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්ව ටිකෙන් මෙපිට කිසිම දෙයක් වෙනවෑ ලංකාවේ... ඕනනං මං ඒකේ පුර්වාපර සංදි ගලපලත් දෙන්නං...

      දැන් කවුද ඔය ජාතියේ මිනී මැරුං ගැන තියෙන කතා ටෙලි නාට්ටිය වලට..චිත්තර පටි වලට ගැහුවේ... සුද්දෝ...

      එතකොට ටීවී පෙට්ටිය අපිට දුන්නේ කවුද..ඒත් සුද්දෝ...

      එතකොට ඒවා පෙන්නුවේ කවුද.. මෙහෙ ඉන්න සුද්දන්ගේ ගෝලයෝ...

      ඉතිං හරිනේද..ඔව්වා බලලනේ දැන් මේවා කරන්නේ...

      දැන් කියන්න එපා උඹ හොඳ විමල් වීරවංශගේ ප්‍රකාශ ලියන්න කියලා... :D

      Delete
  12. නෑ නෑ පෝලිං මාරයා..අර වචනෙට. මේ අරයා චවනෙ හොයන්න බස් එකේ ගිහිල්ල වෙචිචි සිද්ධිය කාටුන් එකකින්ම දාල නෙව..හැක්

    ReplyDelete
    Replies
    1. ඒ වගේ කතාවලින්ම පේනවා නේද වැල මාරයෙක් වග...

      Delete
    2. අනේ අපොයි. වක්‍රාකාර මඩ

      Delete
  13. දැන් දැන් කහවත්ත විතරක් නෙවෙයි.. මුළු රටම ඒ වගෙයි... හැම තැනම එහෙමයි.. වචනය නම් අරුසෙන් අහුබුදුවන්ගේ විදිහට කිව්වොත් "අකඩ මරු" වගේ දෙයක් කියන්න ඕන.. මාරයාගේ විචාරයට වඩා යටින් තියෙන කතාව තමයි ශෝකාන්තය... නුකන් උඩ බලන් ඉන්නේ නැතුව මොනා හරි කරන්න වෙලාව පරක්කුත් වෙලා තියෙන්නේ...

    ReplyDelete
  14. මානසික රෝගියෙකුගේ හෝ/කණ්ඩායමකගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ... පුද්ගල ඝාතන මගින් වීරත්වයක් ආරෝපණය කර ගැනීමට උත්සාහ ගන්නවා වෙන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතනවා... ඇගිලි සලකුණ වගේ වැඩසටහන් එනකොට මං හිත්වා කාලයත් එක්ක අපරාධකාරයෝ තව දියුණු වෙයි කියලා...

      Delete
    2. කියලා වැඩක් නැහැ.!උන්ගේ මොලේ පොලිෂ් කොරල දෙන එකනේ කොරන්නේ...

      Delete
  15. අවසාන සිද්ධියේ ඇර අනිත් ඔක්කෝම වල බඩු මාට්ටු වෙලා ඉන්නේ. එකක් කරලා තියෙන්නේ එයාගෙම පුතා. තව ටිකක් ජෝන් සෙනෙවිරත්නගෙ සෙකට්‍රිගෙ මල්ලි. ඇමති බයිලා ගැහුවට එයාගේ පවර් දාලා අරුන් දෙන්න පොලීසියට හෙන ගෙම්බර් දාගෙන ඉඳලා තියෙන්නේ. පව් ඇමතිතුමා බබා. තව එකෙක් ඉන්නවා ඌ උබ කියන ජාතියේ වැල මරුවා කෙනෙක්. ආමි එකේ හිටපු පොරක්. මේනියැක් එකෙක්. ඌ උතුරෙ ඉඳිත්දිත් එහෙමලු.. ළඟදිම කස්ටියටම බඩු සෙට් වෙයි..

    ReplyDelete
    Replies
    1. මොකක් කලින් ඒවෑ උන් අහු වෙලාද..? යකෝ එතකොට අපේ මේ පොදු සැකකාරයා..?

      Delete
    2. mathalan
      ubage blog eke dala thiyene jawa ata magal ayin karapan ban
      eka nisa balanna epa wenwa umbage blogaya

      Delete
  16. දීලා තියෙන්නෙ ලෙසටම.
    ඔය අවට දත් බුරුසුවක් කෙඳි තරම් දිග ‍රැවුල් කොට, හෙම හොයාගෙන නැද්ද? එතකොට මේ කොඹළ හතට ගත්ත බස් ටිකට් හෙම?

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඇයි බල්ලන්ට දෙන විස්කෝතු..?

      Delete
  17. මම මේ අත්කාචෙකුත් අරං ආවේ මාරයා අයිට හෙල්ප් එකක් දෙන්න...

    ReplyDelete
    Replies
    1. චෑ චෑ එව්වෑන් බලලා වැඩ කොලේ ඉස්සර..දැන් කෙලින්ම ඩිජිටල් අංජනමෙන් බලලා වැඩ කරන්නේ...

      Delete
  18. 11 ට පොලේ යන්න ඕන කිව්වා මාරයා 12.09 වනතෙක් කාමරයේ රැදී සිට ඇති බව මන්තුමාගේ පරීක්ෂණයකින් හෙළිවිය ,

    ReplyDelete
    Replies
    1. පොලේ ගියා පටස්ගාලා බඩු ටික ගත්තා ආවා... වෙනදට මං පොලේ යන්නේ උදේ 8ට කිට්ටුව.. ඒ වෙලාවට සෙනග ටිකක් වැඩී... ඒත් අද මං ගෙදර හිටිය දවස හින්දා ටිකක් පරක්කු උනා... ඒ හැටි සෙනගක් නැහැ ඒ වෙලේ... කොහොමත් ඔය පොල දවස් එක දෙක වෙද්දී ඉවරයි... අනික පොල තියෙන්නේ ගෙදර ඉදන් විනාඩියේ දුරින්නේ...

      Delete
  19. බාග වෙලාවට ලියන්නෙක් අහු වෙලවත්ද මේකට?

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්ට දන්නේ නැහැ ආයිබෝං... මගේ නැහැනේ ඔය එක එකා අරමුණු කොරලා ලියන ලිවිලි...

      Delete
  20. මාර වැඩ තමා වෙන්නේ නේද ?

    ReplyDelete
  21. මේ සිද්ධිය ගැන ලියැවුණු අපුරුම ලියැවිල්ලක්. හොඳ විශ්ලේෂණයක් උපහාසයත් එක්කනම. මාරයා මේ පිළිබඳව මේවනවිට විශ්ව විද්‍යාලයකින් පර්යේෂණයකුත් කෙරිගන යනවා. ඒ හොරු අල්ලන්න නොවෙයි මේ සේ වීමට ඇත් හේතු සාධක විමසා බලන්න.
    // කටකතා කියන්නේ අපේ රටේ ප්‍රධාන මාධ්‍ය මෙහෙවර නෙව..//
    කට කතා යනු ලංකාවේ විතරක් නොවේ ලොකෙම තාමත් ප්‍රබලම මාධ්‍ය භාවිතයයි.එය මාධ්‍ය කලාවේ පිළිගත් සත්‍යයක්.
    මම සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
    Replies
    1. අන්න අරහේ ඔයාගේ පොස්ට් එකේ කට්ටිය මරාගන්නවා ,ඔයා වගේ වගක් නැතුව වෙන බ්ලොග්වල රවුම්ගහගහ ඉන්නවා

      Delete
    2. ඇත්ත ඇත්ත නලීන්... කටකතා බොහෝම ප්‍රභලයි... කටකතා පිළිගත හැකි හා හරියට ඔප්පු කල හැකි මට්ටක නොතිබුනත් අනිත් ඒවාට වඩා කටකතා පිළිගන්නවා වැඩියි සමාජේ...

      අම්මපා අන්න අරෙහේ මරාගන්නවා තමා... මං උදේ දාපු පෝස්ට් එකේ කොමෙන්ට් වහලා තිබ්බෙත් ඕකයි... නිකං මොකටද කට්ටියගේ ලේ කොප කොරවන්නේ...

      Delete
    3. මමත් මේ ඔයා වගේ පළපුරුදු ක්‍රීඩකයෙක් ආදරුසෙට අරගෙන ලෑල්ල ඇල්ලීමේ කලාව ප්‍රගුණ කිරීමේ වැදගත්කම ගැන නලීන් අයියට කමෙන්ට් එකක් දාලා ආවා විතරයි.

      Delete
  22. මොකද්ද මාරයියෙ.. එක තැනක සීරියස් තව තැනක සීරියල්...

    පවු අර අහිංසක වෙනි අන්කල්.. බම්බු කැමරාව කිව්වම ඒ අහිසකයව නොවැ අහුවෙන්නේ... මොනවා කරනවාද මන්දා මෙයා...

    ඔය ටික කියන්න ෂර්ලොක් හෝම්ස් ඕනේ නෑ.. ස්කලී හිටියම ඇති... හි හි..

    ReplyDelete
    Replies
    1. මට උදේ වචනේ වැරදිලා හැදුව‍නේ හිරුවෝ...

      අ‍නේ මේ..මංනං නෙවෙයි ඔය කාටවත් ඇගිලි දික් කලේ.. මං කොලේ මේ ඝාතන රැල්ලේ තියෙන සාක්කි එකතු කරලා අපරාධකාරයා ගැන පොදු චිත්තරයක් ඇන්ද එක විතරයි...

      අනේ බොලා වගේ ස්කලීලා...

      Delete
  23. අපි නම් වැල මරුවො කිව්වෙ බඩ ජහරි කමට වැල කන උන්ට...

    ReplyDelete
    Replies
    1. අපිනං ඒ අයට විතරක් නෙවෙයි... එක්කෝ ඒ කතා මොටද මෙතැනට...

      Delete
  24. මාරයිය අදම මහින්ද මාමගේ විශේෂ නියෝජිතයෙක් විදියට කහවත්තට යවයිද මන්ද ...

    ReplyDelete
    Replies
    1. බූත කතා නම් මන් විස්වාස කරන්නේ නැහැ .
      වැඩේ තියෙන්නේ stf එකෙන් බැහැලත්
      අල්ලගන්න බැරි එක..
      හොද මීටරයක් වෙන්නැති ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මං ඉතිං කහවත්තට නෙවෙයි මහින්ද අයියගේ විසේස නියෝජිතයා කොරලා බ්ලොග් ලියන්න එවලනේ තියෙන්නේ...

      බූත කතානං මාත් විස්වාස කරන්නේ නැහැ...අනිවාර්යයෙන්ම හොඳ මීටරයක්.. දන්නෝ දනිති... ඔය හැඩ හුරුකං එහෙම දුරන අය...

      Delete
    4. මීටරයක් නම් තම මචන් ඒකෙ දෙකක් නැහැ .
      සමහර විට අපිට හිත ගන්න බැරි තාලේ කෙනෙක්
      වෙන්නත් පුළුවන් ඊලග වැදගත්ම කාරණේ තමා
      හැමෝම පිරිමි ගැන නේද සැක කරන්නේ ?
      ගෑනු කෙනෙක් මේක කරනවා වෙන්නත් පුළුවන් ..
      ( හිරු දැන් මා එක්ක තරහ වෙන්න එපා හොදද,
      මොකද අද මන් කතා කරේම නුහුරටනේ .
      මන් දන්නවා මේ වෙද්දීත් මන් ගැන හිතන විදිහ )

      Delete
  25. මචන් එළකිරි එකේ දැන් අවුරුදු 2 වගේ ඉඳන් serial killer ලා
    ගැන මාර දිග ලිපි ටිකක් ගිය .
    http://www.elakiri.com/forum/showthread.php?t=1039564
    ඒ විදිහටම තම දැන් මේවා වෙන්නෙත් .
    තව මෙහෙම දෙයක් තියෙනවා ලේ දකින්න දකින්න ආස හිතෙනවා ..
    ඒක මනුස්ස ගතිය . කොහොම හරි ජනාටත් ප්‍රශ්නයක් වෙලා තියෙන හින්ද
    හෙන පොලිස් ලොක්කන්ට වැඩේ බාර දීල ඇති .අපි වගේ නයි පනික්කියෝ නෙවේ.
    අහ් ත්‍රිපුද්ගල කමිටුවකුත් ඕනේ....
    poddak ara elakiri eke lipi tika balanna, ewata daala thiyeana
    comment tikath balanna..
    sam,aharu pissu ballo wage thawa thawa kiya kiya illanawa...

    WWE wela eka...

    ReplyDelete
    Replies
    1. ඔන්න මං ඒවා කියවන්න පටන් ගත්තා...

      Delete
  26. අර කව්ද කියද්දී මතක් උනේ දෙතුන් ගොල්ලොම එකට ඉන්න ..ශේලොක් ලොක්කයි
    මෝල්ඩරුයි ස්කලී ඉන්න චිත්‍රපටියක් හදල
    පරීක්ශනේ ඉවර කරන්නෙත් නැතුව ස්කලී
    ශේර්ලොක් ලොක්ක එක්ක පැනල යන කතාවක්
    හදන්න ඕනේ ...
    බංකොලොත් උනත් කමක් නැහැ...hikis ..

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. මාරයියා කිව්වා වගේ ඔය සිද්ධි දාමය එක්කෙනෙක් කරපු දේවල් නෙමෙයි. මුලින්ම ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වුනු දවස් වල (මීට අවුරුද්දකට විතර කලින් මං හිතන්නේ) සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබුනා. ඒ අයගෙන් දෙදෙනෙක් මානසික ආබාධ වලින් පෙලෙන අය බවට හදුනාගත්තා. අනිත් පුද්ගලයා ඒ රැල්ල පිට දාලා ඉඩම් ආරවුලකට සම්බන්ධ කාන්තාවක් තමයි ඝාතනය කරලා තිබුනේ. ඔය වගේ සිද්ධි දාමයක් යම් ප්‍රදේශයක සිද්ධ වෙනකොට ඒක ඒ ආකාරයේ අපරාධ කිරීම සදහා අපරාධකරුවන් පෙළඹවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට තම තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහගන්න මේක අවස්ථාවක් කරගන්නවා ඇති. හරියට තැටිය රත් වුන වෙලාවෙ රොටිය පුච්චගන්නවා වගේ. පැහැදිලි කාරණය තමයි මේ හැම එකක්ම කරන්නෙ එක්කෙනෙක් නෙමෙයි කියන එක.
    සීරියල් කිලර් කෙනෙක් ගැන කතා කලොත් බොහෝ දුරට පෞරුෂ ආබාධ වලින් පෙළෙන අය තමයි සීරියල් කිලර්ස් වෙන්නේ. පැහැදිලිවම සීරියල් කිලර් කෙනෙක්ගේ හදුනාගත හැකි මානසික ගැටළුවක් තියෙනවා. ලෝකයේ ඇතැම් රටවල මේ වගේ PERSONALITY TRAITS තියෙන අය අපරාධ කරන්න කලින් ජීවිත කාලය පුරාම නිරීක්ෂණය කිරීමට නැත්නම් රදවා තැබීමට කටයුතු කරනවා. බොහෝ දුරට කෙනෙක් සීරියල් කිලර් කෙනෙක් වෙන්නේ තමන්ගේ පවුල් පසුබිම, ළමා කාලයේ ලබපු අත්දැකීම් ආදිය නිසා.
    මගෙ අම්මේ, පෝස්ට් එකක් ලියන්න හිතෙනවා මේ ගැන...
    ජය...!

    ReplyDelete
  29. අය්යෝ අපරාදේ කහවත්ත . නමත් සවුත්තු වුනා .

    ReplyDelete
  30. පව් බං වෙනියා . කැත වැඩ කරන්ඩ එපා

    ReplyDelete
  31. දැන් එතකොට මාරයගේ අලුත් රැකියාව රහස් පරීකශන වැඩද

    ReplyDelete
  32. මේක මුලින් සීරියල් වගේ තමයි පෙනුනේ. ඉරිදා ලක්බිමේ දාලා තියෙනවා මදුරු දැලක් හින්දා එක තරුණ යුවලක් ළමයත් එක්කම බේරිලා තියෙන හැටි. සීරියල් කිලර්ලා ආසියාවේ ඉඳලා නෑ මගේ දැනුමේ හැටියට. ඔය වගේ මානසික විකෘතිතා තියෙන අය ඉන්නේ ඇමරිකාවේ, යුරෝපයේ වගේ රටවල.

    ReplyDelete
  33. ගොඩක් ඒවා සිද්ද වෙලා තියෙන්නෙ 31 ඒ කියන්නෙ මාසෙ පඩිය අරන් ගමේ යන එකෙක්. මුගෙ ලව් එකට බාද කල අයට වෙන්න පුළුවන් මෙහෙම කරන්නෙ. ඉස්සල්ලා හිටපු තැන ෂුවර් එකටම දැන් මාරු කරල ඇති.

    ReplyDelete
  34. මාරයියේ උඹේ ගම කහවත්තේ එහෙම නෙවෙයි නේද? මගේ අපරාධ පරීක්ෂණ මෙව්වා එකට මෙහෙම උපකල්පනයක් එන ඔයත් ගමෙන් පිට වැඩ කරන්නේ. කාලෙකට සැරයි ගමට එන්නේ වැල කතාව කොහොමත් ඉතින් එහෙමනේ. නමත් මාරයනේ. මොකද හිතන්නේ මේ ගැන.

    ReplyDelete
  35. වැල මරුවා කිව්ව ගමන් මගේ (කුප්ප) හිතට ආවේ වෙනදෙයක්නේ බං...

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම තුන් හිතකින් වත් ආවේ නැහැ

      Delete
  36. \\හැකි තරම් කෙටියෙන් මෙම ලිපිය ලියන්නට අදහස් කරමි...//

    කෙටිය මෙහෙම නං.....

    ReplyDelete
  37. මාරයා කියන නම වෙනස් කරලා 'සිරිලක් හෝම්ස්' කියන නම් දා ගනිං අයියේ...

    ReplyDelete
  38. සෑහෙන්ට තර්කානුකූලයි.... අන්න වැරැද්ද වෙන අය පිට පටවන්නත් හදනව.

    ReplyDelete
    Replies
    1. හාආආආ දීකිරට සාක්කි දෙන්න එන බළල්ලු මේන් !

      Delete
  39. අයියෝ පොලේ යන්න ලබන ඉරිදත් පුලුවන්නෙ මාරයියේ...මේ සීරියස් කිලර් ඒ වගේද??? :p

    ReplyDelete
  40. කහවත්ත කියන්නෙ මැණික් ඉල්ලම් ඇති පලාතක්නේ....

    මිනිමැරුම් වලට එහි සම්බන්ධයක් තිබෙන්න බැරිද?

    ReplyDelete