07 November 2012

"කර්ම" එළම තමා...

ඇත්තටම කියනවනං මං මේක බලන්නට යන්ට හිතං නෙවෙයි හිටියේ... පත්තරවල දාලා තිබුන දැන්වීම්වල තිබුන අර වැද්දෙක් එක්ක ලස්සන නංගි කෙනෙක් කලුවරේ වගේ ඉන්න රූපේ දැක්කම උනත් හිතට කිසිම ෆිට් එකක් ආවේ නැහැ. හැබැයි අපරාදේ කියන්න බැහැ ඔය පරන ජාතක කතාවක් එහෙම අරං චිත්තරපටියක් ගහනකොටනං වැඩක් ගන්න ඒ වැද්ද නළුවගේ රූපේ හරි අගෙයි... සුතසෝම ජාතකේ පෝරිසාදයාට... එතකොට වටු කුරුළු කතාවේ වටු වැද්දට... අර නල පාන ජාතකේ දිය රකුසට... එතැනින් ගියාම දහම්සොඩ ජාතකේ යකාට උනත් මේ නළුවා එළ කිරි වගේ ගැලපෙයි කියලයි මට හිතුනේ... 

ඒත් කොහොම හරි ඊයේ හවහා ඔන්න මටත් "කර්ම" නැමැති කරුමය බලන්න සෙට් උනා... හවස හයයි කාලේ ෂෝ එකට..හෝල් එකටම අට දෙනයි... එයින් දෙන්නෙකුත් ඉන්ටවල් එකට ලයිට් දාපු හැටියේ ඉක්මනටම එළියට පැන ගත්තේ හිනාවෙවී... ඒ හිනාව ඇතුලේ තිබුනේ මොනවද කියලානං මට තේරුනේ නැහැ... අපි උනත් අර අපේ මෝඩකං දැකලා අපිටම හිනාවෙන්නේ.."හපොයි මං කල ගොංකමක්" කියලා.. ආන්න ඒ වගේ හිනාවක් කියලයි මට හිතුනේ...

-------------------------------------

ඉතිං කවදාවත් නැතිව මං මේ චිත්තරපටියකට හොඳයි කියලා කියන්නේ ඇයි කියලා කාට හරි හිතෙන්න පුළුවන්.. ඒකත් එක්තරා උපායක්... දැන් බලන්න මෙන්න මෙහෙම.. මං මෙයිට කලින් බලලා මේ බ්ලොග් එකේ ලිවුව හැම චිත්තරපටියක්ම වාණිජ සිනමාවට අයිති එවුවනේ... ඉතිං ඒවා බලලා ඒවා හරි හොඳයි අපූරුයි කියලා ලිව්වොත් මගේ තත්තෙට මොකද වෙන්නේ..?

හිතා ගන්න බැහැ නේද..?

ඇයි යකඩෝ මේ කසිකබල් චිත්තරපටි හොඳයි කියන්නේ "මාරයා මහ පීචං රසයක් තියෙන එකෙක්" කියලා ප්‍රබුද්ධ උදවිය කිව්වොත් මට ඇප නැහැ නේද..? ඉතිං මංනං නෙවෙයි මලාට එව්වා හොඳයි කියන්නේ...

එතකොට මේක.. හුහ් මේක එහෙමද..මේක අර වගේ ලස්සන ලස්සන පාට නැති.. අදුරුම අදුරු... ලයිට් බිල් පිරිමහගෙන හදන... වැඩි කතා නැති සම්භාව්‍ය චිත්තරපටියක්නේ... මෙහෙම එහෙකට අර වගේ පජාත විචාර ලියලා හරියනවද..? එහෙම උනොත් අර ප්‍රබුද්ධ මහතැන්ලා මට කියයි "අනේ උඹ දන්න මෑණියන්ගේ වස්ත්‍රය.. මේකේ තියෙන යටි පෙළ උඹට තේරුනාද..? සිනමාත්මක යෙදීම්.. වර්ණ යෙදීම්... සංකේත... සිනමා රීති.. භාව නිරූපණ.. කැමරා කෝණ... අරවද මෙව්වද..උඹ ඒවා දන්නවද..? ප්‍රසන්න ජයකොඩි කියන්න හදන කතාව උඹ වගේ මැට්ටෙකුට තේරෙනවද.. තෝ බලං ඉන්නේ ජාතක කතාවක් වගේ මුල මැද අග තියෙන කතා සම්භාව්‍ය කියලද..? නොදකින් ගොං හරකා..මැටි මූසලයා.. තෝයි අපියි දන්න චිත්තරපටි..."

ආයේ ඉතිං මං මොකට අහගන්නවද ඔහොම පඩත්තල කතා..?

--------------------

කලින් බලපු අය කියලා තිබුනානේ මේකේ එකම දර්ශනය නැවත නැවත පෙන්නනවා වැඩියි.. එහෙමත් නැතිනං එකම රූප රාමුව දිහා හුග වෙලා බලං ඉන්න වෙනවාය කියලා.. ඔය කතාව හින්දා මංනං හිත හදං හිටියේ අමාරුවෙන් හරි ඒ කියපු දේවල් ඉවසා දරාගෙන බලං ඉන්නවා කියලා... ඇත්තටම කිව්වොත් ඒ එකම රූප රාමුව නැවත නැවත පෙන්නනවා කියන කතාවනං ඇත්ත.. හැබැයි ඒවා නැතිවත් බැහැ... මොකද එකම සිදුවීම පැති කිහිපයකින් පෙන්නන එක තමා ඒ කරන්නේ... කාර් එකක හිටු කියලා යන කෑල්ලක් පෙන්නද්දී කාර් එක අරං ගිය එකා ඒක දකින විදිය... ඒකාගේ කෙල්ල ඒක දකින විදිය... කෙල්ලගේ ගෙට අල්ලපු එකා ඒක දකින විදිය වගේ තුන් දෙනාගේම පැත්තෙන් එකම සිදුවීම පෙන්නුං කිරිල්ලක් වෙන්නේ.. ඒ හින්දා ඒවායේනං අවුලක් නැහැ... හැබැයි ඔයිට කලියෙන් මං බලලා තිබුන ඉර මැදියම චිත්තරපටියේ කතා තුනක් කියලා ඒ කතා තුනම එක තැනකදී ගැට ගහපු ආකාරය මට ඕවා බලද්දී මතක් උනා... ඒ කතා තුන එක්කාසු කරපු විදියයි මේකයි සංසන්දනය කොරන්න ඕන නැහැනේ... අනික ඔහොම නැවත නැවත පෙන්නන්නේ නැතිව ගියානං මේ චිත්තර පටිය විනාඩි තිහකින් විතර අහවර කරන්න තිබුනා... හැබැයි එහෙම උනානං අර ඉන්ටවල් එකේදී නැගිටලා ගිය දෙන්නා යන්නේ මුළු චිත්තර පටියම බලලා...

කතාව කෙටියෙන් කියනවනං මෙහෙමයි... පියල් කියලා කොල්ලෙක් ඉන්නවා...ඒකා ඉන්නේ ගාළු කොටුවේ ඇතුලේ ගොඩනැගිල්ලක් වගේ එහෙක ඒක නිකං අඳුරු බිම් ගෙයක්... පරණ හිරකූඩුවක් වගේ... ඒකා රස්සාවට මොනවා කරනවද මංදා... වෙලාවකට ඌව නාට්‍ය කාරයෙක් වගේ පෙන්නන්න හැදුවත් ඒක හීනයක් කියලත් තව තැනක කියැවෙනවා.. අනේ මංදා ඒක දන්නේ මේක හදපු ප්‍රසන්න ජයකොඩි ගොයියා තමා...

ඊ ළගට පියල්ගේ කාමර‍යට අල්ලපු ගේ.. එකේ ඉන්නේ හුරු බුහුටි නංගි කෙනෙක්... නම අමාද මොකක්ද... නංගි ලස්සනයි...(නංගිත් නොහිටියනං ප්‍රසන්නට බඩුම තමා) නංගි රස්සාවක් කරනවද නැද්ද මංදා.. හැබැයි පාවිච්චි කරන්නේ ඇපල් ලැප් ටොප්... අර අළුත්ම ෆෝන් ජාති.. (ඔව් ඔව් අර ෆෝන් එක ටීවී එකක් විතර ලොකු ඒවා..) අර ‍පුංචි වීඩීයෝ කැමරා..(එව්වට කියන්නේ පෝටබල්ද..?) බ්ලොග් එහෙකුත් ලියනවා (හැබැයි ඉංගිරිසි.. නැත්තං අපිටත් කොමෙන්ට් එකක් දාන්න තිබුනා අප්පා..) ෆේස් බුක් එකෙත් ඉන්නවා... නංගිගේ තාත්තට කැලෑ පළාතක හෙන තඩි ගරාවැටුන පරණ ගේකුත් තියෙනවා... ඒ ඔක්කෝම තිබුනත් අර ඉන්න ගේ කෑල්ලනං පරණ අම්බලමක් වගේ... හරි ඒවා කමක් නැහැ කියමුකෝ...

ඊ ළගට අර මං කලින් කිව්ව වැද්ද බෝයි... අර පියල්ගේ අසල්වාසී නංගිට ඉන්නවා ඇන්නා පැන්නා කොම්පැණියේ වැඩ කරන ජාතියේ කොල්ලෙක් ඒ තමා අපේ වැද්ද බෝයි... නම නදීක... (පස්සේ නං දාද්දී තමා දැන ගත්තේ ඒ නදීක ගුරුගේ කියන සංගීත කාරයා කියලා... කවුද දන්නේ ඕවා...) නදීක ඉතිං කරන්නේ පරණ මොඩල් එකේ මොඩිෆයි කරපු කාර් එහෙකින් නංගි හොයං ඇවිත් කොටුවේ අල හිටෝලා යන එක තමා... එයිට අමතරව සැරෙන් සැරේ ගිටාර් එකක් බදං කක්කා බරක් තද උනා වගේ මූණ හදං සිංදු කියන ජවනිකා වලට පෙනී ඉන්න එක... ඒ කියන්නේ නදීක සංගීත කාරයෙක්... රැවුල කොණ්ඩේ වවං ඉන්න ඉට්ටයිල් එකට පරණ කාර් පාවිච්චි කරන... අර මේ මැත කාලෙක පහළ වෙච්ච ගෝරනාඩු දිදී සිංදු කියනවා කියලා බෙරිහං දෙන ජාතියේ සංගීත කාරයෙක්... නදීක ගොයියයි නංගියි අල හිටවද්දී පොළව හාරන සද්දේ පියල්ට ඇහෙනවා... පියලත් නිකං ඉන්නේ නැහැ ඒ සද්දේ ඇහිලා ගෙවල් දෙක අතරේ තියෙන හිලකින් ඔළුව දාලා ඔය අල හිටවිල්ල බලනවා... 

පසුසෙන් පහු මේ පියල්ගේ හොරෙන් බැලිල්ල මාස්ටු වෙලා අර සංගීත කාර බුවා ඒ කියන්නේ නදීක ගොයියා පියල්ට එක පාරක් ගේ ඇතුලටම ගිහිං මූණ රිවට් වෙන්න පාරක් එහෙමත් ගහනවා... සාමාන්‍ය තැනක ඕක උනානං පියලත් අතට අහු උන එහෙකින් අරූට නෙලනවා උනත් මේ වගේ සම්භාව්‍ය තැන් වලදී එහෙම වෙන්නේ නැහැනේ... උන් දෙන්නා මූණට මූණ බලං ඔහේ ඉන්නවා මිසක්.. ඒකනේ මේවා සම්භාව්‍ය කියන්නේ...

තව පාරක් ඔය අල බැලිල්ල බලන්න ගෙහුන් පියල්ට අර නංගිත් ගෙට ඇවිල්ලම කනට නෙලලා යනවා.. ඒ ගිහිං ආයේ ඇවිත් පියල්ව බදං ඉන්න කෑල්ලකුත් තියෙනවා.. දන්නවනේ මේක සංභාවිය.. ඒ ඇයි එහෙම වෙන්නේ කියලා වැඩිය හිතන්න යන්න ඕන නැහැ...පස්සේ නංගි පියල්ට බෙහෙත් එහෙමත් අරං දෙනවා...

කොහොම හරි අල හිටවද්දී ඔය රේන් කෝට් එහෙම නොදාම හිටවගන්න තමා නංගි කැමති වෙන්නේ... නංගිගේ අරමුණ නදීකට කියලා හොඳ අලයක් පැලකරගන්නම කියලා තේරෙන්නේ නංගිගේ වත්තේ අලයක් මුල් අදිනවා කියලා කියලා දැන ගත්ත සංගීත බුවා අලේ උගුල්ලන්න කතා කරන කොට නංගි අලේ මෝරන්න අරින්න කතා කරන හින්දා තමා... නංගිගේ වත්තේ කොහොම අල හිටෙව්වම අපිට මොටෝ...

ආ තව එකක් කියන්න එපෑ මේ අස්සෙම ඔය වෛද්‍ය පරීක්ෂණ ටිකක් හෙම පෙන්නලා අපිට කියනවා නංගිට පියයුරු පිළිකාවක් තියේ කියලා... නංගි වංගියක් ඕකට බෙහෙත් කරන්න රට යන්නත් ගිහිල්ලා ආයේ හැරිලා එනවා.. ඒ වෙද්දී නංගිගේ අර අල කොටේ ගලවන්න ට්‍රයි එක දීලා සංගීත කාරයත් ඔරොප්පු මූඩ් එකේ ඉන්නේ.. පොර අන්තිමට නංගිව අතෑරලා මාරු වෙනවා.. ඇත්තනේ ඉතිං ඌ ආවේ අල ඉන්දන්න මිසක් පාත්තියට වතුර දාන්න බාරගන්න නෙවෙයිනේ... කවුද කැමති ඔව්වට... 

අන්තිමට සංගීත බුවත් ගියාට පස්සේ නංගි ඔය ගාළු කොටුව උඩ ඇවිදින්න ගිහින් හිත ගැස්සෙන සීන් එකක් බලලාද කොහේද නංගිගේ අර අල මුල ගැලවෙනවා... (සිංහලෙන් කියනවනං ගබ්සාවක් හරිය...) ඔය වෙලේ නංගි කෙදිරිගාද්දි පියල් ඇවිත් බලලා නංගිට හෙලුප් එක දෙනවා බෙහෙත් ගන්න යන්න.. ඒ අස්සේ අර ප්‍රභූ වාහන පේලියක් හින්දා වාහන බ්ලොක් එකක් ඇවිත් ඒ ගැන කතා කරන්න ගිහිං පියල්ට පොලිස් කාරයෙකුත් කන හරහට දෙන සීන් එකක් එහෙම ‍තියෙනවා... ඒක නැත්තං ෆිල්ම් එක කොහොමටවත්ම සංභාවිය වෙන්නේ නැහැ... (ලංකාවේ රජ කතාවක් ගියොත් ඒක තුට්ටු දෙකේ පීචං ආණ්ඩුවට කඩේ යන චිත්තර පටියක් වන්නා සේම.. හමුදා කාරයෙකුට.. පොලිස් කාරයෙකුට හෝ කෙලින්ම ආණ්ඩුවට පාරක් නොගැහැවුවොත් ඒක සංභාවිය චිත්තරපටියක් වෙන්නෙත් නැහැ හරිය..? )

ඉතිං කොහොම හරි ඔන්න ඔහොම පියල්ට අර නංගි හිතවත් වෙනවා... හිතවත් වෙලා නවතින්නේ නැහැ අපිට පේන විදියට පියලුත් නංගිගේ වත්ත කොටනවා ඒ කියන්නේ අල හාරනවා... හැබැයි එයින් පස්සේ පියලා මී හරකෙක් බෑඟිරි ගාන්නැහේ අඩන කෑල්ලකුත් එනවා...

මේ චිත්තර පටිය පටන් ගන්නකොටම පෙන්නන දර්ශනයි පියල් වරින් වර හැසිරෙන ආකාරයි අනුව පියල්ගේ අම්මා මැරිලා... අම්මා මැරෙන්න පණ අදිද්දි පියල් ගොරෝ ගොරෝ බුදියන දර්ශනයකුත් තියෙනවා... සමහර විට ඒ අර කිව්ව සිනමා සංකේතවලට අනුව පියල් අම්මාගේ අසනීප ගණන් නොගෙන හිටියා කියලා වෙන්න ඇති කියන්නේ... ඔව්වා ඉතිං කොහොම උනත් පියල් අර නංගිගේ වත්ත කොටලා එයින් පස්සේ හිටු කියලා අඩන්නේ මොකද කියලා කල්පනා කරනකොටනං මොනවත්ම හිතෙන්නේ නැහැ.. ඒත් මෙයිට කලින් බලපු උදවිය කියන්නෙනං ඒ ඒකට තමුන්ගේ අම්ම මතක් වෙලා කියලා... අල හිටවද්දී අම්මා මතක් වෙන උනුත් ඇති තමා... අනේ මංදා...

කොහොම හරි එයින් පස්සේ තියෙන්නේ දුක් සීන්...

දැන් නංගිට සෑහෙන්න අමාරුයි... පියල් තමා නංගිගේ සියළු වැඩ කරන්නේ... නාවන්නේ කවන්නේ පොවන්නේ..රෙදි හෝදන්නේ... දොට්ට පිලට එක්ක යන්නේ... එක සුමයයි... අනේ මංදා පියයුරු පිළිකාවක් හැදිලා තියෙනවා උනාට මං හිතන්නේ ප්‍රසන්නත් නොදන්න අමාරුවක් නංගිට තියෙනවද මංදා... හිටගෙන චූ යනවා... අංශබාගේට වගේ අත පය කඩං වැටෙනවා... ඇවිදගන්න බැරිව යනවා... අර ලේසර් ප්‍රතිකාරද කොහේද කලාම සිද්ධ වෙනවා වගේ කොණ්ඩේ කොට වෙනවා... මං හිතන්නේ මෙව්වා පියයුරු පිළිකාවේ රෝග ලක්ෂණ වෙන්ට ඇති... 

ආ ඒ අතරේම සුප් එක පෙව්ව ගමන් ලේ වමනේ යනවා... නංගි වමනේ දාද්දි පියල් එතන තිබුන බීලා ඉවර වෙච්ච සුප් කෝප්පේ හරි ඒක තියලා තිබුන බන්දේසිය හරි නාල්ලා තමන්ගේ දෝතට අර ලේ වමනේ ගන්නවා... මට ඒ අස්සේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ බොඳ මීදුම් සිහි වෙනවා... එක කෙලියයි..(පියල් රතු කැකුළු බත් එක්ක අගුණ කොළසම්බෝලෙයි..පොලොස් මාළුවයි එක්ක නංගිට බත් කවන සීන් එකකුත් තිබුනනං ටොප් මං හිතන්නේ ප්‍රසන්නට අමතක වෙලා ඒ සීන් එක දාන්ට... නැත්තං තාත්තා එපා කියල තියෙනවා...) ඒ ඔක්කෝටමත් වඩා හොඳ මට්ටමේ රෝහල් කාමරයක නංගි ඉන්නවා උනත් සාත්තුවට බලු බල්ලෙක් නැති හොස්ස පිටල් එකක් ඒක... දන්න කෙනෙක් කිව්වේ ඒ ආසිරි එක වෙන්න ඕන කියලා...  ඒක ඇත්තනං චිත්තර පටිය කොහොම උනත් දන්න කෙනෙකුට කියන්න තියෙන්නේ මලාට ආසිරි එකට එහෙමනං යන්න ‍එපා බෙහෙත් ගන්න... මෙලෝ බල්ලෙක් නැහැ සාත්තුවට ඈ... පියල් නොගියනං නංගි ඇඳ උඩ චූ කරං මැරෙනවා...

ඉතිං කොහොම හරි ඔය වගේ සීන් ගොඩක් අවසානෙදී ඔන්න නංගි ඉන්නවා උඩ කෑල්ල එළීයේ දාගෙන බිම වාඩි වෙලා... පියල් මල්ලි ඉන්නවා නංගිගේ ඔඩොක්කුවට ඔළුව තියං වක ගහං දොයියගෙන... නංගි මල්ලිව ළමයා නලවන්නැහේ තියං ඉන්නවා... නංගිගේ එක පියයුරක් නැහැ.. ඒක නිකං මස්කඩේ මුදලාලි කපන්නැහේ හරහට කපලා වගේ පෙන්නුං කරනවා... නංගි හිනාවේගන ඉන්නවා..මල්ලි බුදි... කැමරාව ඈතින් ඈතට යනවා... කතාව අහවර වෙනවා...

-----------------------------------

බලන්න කොයි තරං සිනමාත්මක... අර මක.. මේ මක.. චිත්තරපටියක්ද කියලා... ඔය අතරින් පතරට තුන් හතර පාරක්වත් "කර්ම" කියලා අකුරු දාලා අපිට මේ චිත්තර පටියේ නම මතක් කරවලා දෙන්නත් ප්‍රසන්න අයියා අමතක කරන්නේ නැහැ... ඒ මදිවට තැනින් තැනදී එක එක දේවල් දානවා... මාත් ඉතිං තේරෙනවා වගේ බලං හිටියා... හුස්ම ගැනීම..දියවීම... භාව විරේචනය වගේ වදන් කෑලි...

නදීක ගුරුගේගේ රඟ පෑම් විශිෂ්ඨයි... ඒ කියන්නේ ඌව දැක්කම අර කොණ්ඩ රැවුල් වවං ඒවායින් සංගීත කාරයෝ වෙන්න යන පරපුරේ උන්දලා ගැන ඇති වෙන හොම්බට හැටක් නෙලීමේ හිතිවිල්ල හිතේ ඇති කරවන්න නදීක සමත් වෙලා තියෙනවා... මෑන් කක්කා බරෙන් වගේ සින්දු කියනකොට බෑන්ඩ් එකේ උන් මල මිනී වගේ ඔහේ ගිටාර් හොල්ලද්දී ඒවා අහන උන් විතරක් හිටු කියලා අත් උස්සං එහෙ මෙහෙ වනනකොට ඒ අත් දිහා බලං ඉද්දී කියන සිංදුවේ තාලේ කොයි වගේද කියලා හිතා ගතෑකි... හැබැයි ඒ කෑල්ල අධ්‍යක්ෂණය කරන එකෙන් ප්‍රසන්න අහක් වෙලා අර දෙරනේ හරි සිරසේ හරි ඔය ස්ටාර් තරග අධ්‍යක්ෂණය කරන බටිල්ලෙකුට දුන්නනං අඩුම ගානේ අර අත් ටික අපායේ ඉන්න පව්කාරයෝ නලියන මට්ටමෙන් උඩට අරං ටිකක් තාලෙකට වන වන්නවත් තිබුනා...

පියල්ව දැක්කම මට සැරෙන් සැරේ මතක් වෙන්නේ අර රොසාන් රවීන්ද්‍ර කොලුවව... ඌට වැඩි ගානක් ගෙවන්න වෙයි කියලා මේකාව ගත්තද කියලා හිතෙන තරමට මේකා ඒ වගේ හැසීරීමක් පෙන්නුං කරනවා... හැබැයි අර මී හරකා වගේ අඩන සීන් එකේදී මට හිතුනා රොෂාන් හිටියනං අඩුම ගානේ ඌ පිළිවෙලකට අඬයි කියලවත්...

නංගි..ආයිෂ් අම්මා.. එයා නැත්තං බඩුම තමා... ප්‍රසන්නට තාත්ත පොත් ලියලා හම්බ කරලා අරං දුන්න ඉඩං කෑල්ලක් විකුණන්න වෙනවා දෙකක් නැතිව... නංගිට පින් සිද්ධ වෙන්න යන්තං චිත්තර පටිය දුවනවා...

හැබැයි නංගිත් ප්‍රසන්නට පින් දෙන්න ඕන මේකට තමන්ව තෝරගත්තට... මොකද නංගි විතරයි චිත්තර පටියේ රඟ පෑවේ... වැරදිලාවත් අනිත් උනුත් රඟ පාන්න ගත්තනං නංගි කොර... ඉතිං එහෙම නළුවෝ ටිකක් අරං තමන්ට විතරක් රඟපාන්න මෙහෙම එකක් හැදුවට නංගි ප්‍රසන්න අයියට මලුත් තියා පිදුවට වරදක් නැහැ...

----------------------
අවසාන වශයෙන් හෝල් එකේ කැන්ටින් එකේ හිටිය අංකල්...

ඔයා පව් අංකල්... මට ඉතිං වතුර බෝතලේකුයි පොප්කෝන් පැකට් එහෙකුයි ඇර වෙන ලොකු දෙයක් ගන්න බැහැනේ... අනිත් උන් මෙලෝ දෙයක් ඔයාගෙන් ගන්න ආවෙත් නැහැනේ... එහෙව් එකේ ඔහොම බිස්නස් කරලා අංකල්ට ගොඩ යෑමකුත් නැහැනේ... අංකල් වෙන රස්සාවක් හොයා ගත්තනං හොඳයි මේ වගේ සංභාවිය එව්වා පෙන්නන කාලෙට... ප්‍රසන්න අයියලා සිංහල සිනමාව මේ ආකාරයෙන් ගොඩ දාද්දී අංකල් පාර අයිනේ කඩල කරත්තයක් දාගෙනවත් ගොඩ යන්න බලන්න...

172 comments:

  1. Replies
    1. අඩෝ.......ව්! මං එක වෙලා!

      Delete
    2. යන්තං වලිය නැවතිලා වගේ තිබුනේ... :)

      Delete
  2. මාර විචාර... අපි අහුවෙයි මේවට...
    මේව ලිව්ව කියල අපි මේක බලන එක නවත්තන්න උඹට බැහැ... මූ සිංහල සිනමාවෙ මාරය වෙන්නයි හදන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. විකාරනං කියන්න එපා..පොඩ්ඩක් පහළ බලහං දැන් මේක බලලාම කී දෙනෙක් ඕක බලන්න යන්න හිතං ඉන්නවද කියලා... මං හිතන්නේ ලබන සරසවි සම්මාන උලෙලින් හරි මටත් සම්මානයක් දෙන්න ඕන මේ කරන වැඩවලට... හුහ්...

      Delete
  3. බලල නැති නිසා මොනවත් කියන්න බෑනේ..

    ReplyDelete
    Replies
    1. මට කියන්න තියෙන්නේ බලන්නත් සුදුසුයි.. නොබලන්නත් සුදුසුයි...

      Delete
  4. උඹ දන්නවැයි, ඔය සිත්තරපටියට මුලින් නම දාන්ට හදලා තියෙන්නෙ "දිට්ඨධම්ම වේදනීය කර්ම" කියලා.. පස්සෙ ඒක කෙටි කරලා තමා නිකම්ම නිකං 'කර්ම' කියලා දාලා තියෙන්නෙ.. :D

    ReplyDelete
    Replies
    1. බලන්න එන උන්ගෙ නේද බුරා???

      Delete
    2. උඹලා දෙන්නම බලලා ඇති නේද මෙයිට කලින් ආව "භව දුක" හා "භව කර්ම"

      Delete
    3. අඩේ භව දුක භව කර්ම කියන්නේ ලංකාවේ හැදිච්ච හොඳම චිත්‍රපටි දෙකක්

      Delete
    4. අන්න හරි... මේ කර්ම කියන නමත් ඒ වගේ වැඩක් ඇති චිත්‍රපටයකට යොදා ගන්න ඉතිරිකරගත යුතුව තිබූ හොඳ නමක්... ඒත් ඒක මේ මනුස්සයා වළඳලා දැම්මා...

      Delete
    5. ඒ චිත්‍රපටි දෙකේ තිබුන "කර්ම" ත් මේ "කර්ම"ත් වෙනස්.මෙකේ කර්ම කියන්නෙ ක්‍රියාකාරකම් කියන තේරුමෙන්.ආගමික පැත්තෙන් නෙමෙයි.ඒක තේරුනෙත් නැතුව විචාර කරන එකනම් ගොන් පාට්

      Delete
    6. මොනවා කරන්නද අපිට තේරෙන හැටියට නෙව අපේ කතා... ඔහොම කවුරු හරි කිව්වොත් තමා අපිට තේරෙන්නෙත් මේ කියන්නේ ඒ කර්ම කියලා... මොකද ඒක බලලා එහෙම තේරුනේ නැහැ නෙව...

      Delete
    7. නයියර් ගොයියෝ... එහෙමනං කියල දීහංකෝ මේ ක්‍රියාකාරකම් නම් වු කරුමයේ උඹ දැක්ක අපට නොතේරුන වින්දිත තැන් ගැන.

      Delete
  5. පොච්චියේ...මාරයෝ...නදීක ගුරුගේට කොරලා තියෙන අපහාසේ...හි හී වැද්දත් කියලා.. ඒ උනාට කොහොමද මනුස්සයගෙ කට හඬ...අම්මෝ...

    මාර විචාරෙ නම් එලකිරි වගේ...ඒත් මට තාම ඔය පිචෑර් එක බලන්න බැරි උනා. එක එක අයගෙ එක එක විචාර නම් කියවනවා දිගට හරහට..

    මාර විචාරෙ නම් මාරයි අප්පා...ඒ උනාට මාරයෝ...මං හිනාව තද කරගෙන ඉන්න අම්බානකට දුක් විඳිනවා මෙතන...බොලත් කරන වැඩ හැබෑට...

    ReplyDelete
    Replies
    1. යකෝ වැද්දට වැද්දය කිව්වම ඒක අපහාසයක්ද..?

      නිකං ඉන්න එපා වැඩිපුර සල්ලි තියේනං ගිහින් ටිකට් එකක් අරං බලන්න..අඩුම ගානේ අර හෝල්වල අංකල්ලවත් ජීවිතේ ගැට ගහගන්නේ නැතෑ...

      Delete
  6. මොකේද බන් අයියෙ සීගිරි එකේද නැත්තන් වවුල් ගුහාවෙද තිබුනෙ.... මටත් බලන්න හිතුන විචාරෙ කියෙව්වහම...

    ReplyDelete
    Replies
    1. උඹට දැනුමක් නෑ නේන්නම්... අර ලොකු සිනමා පොරවල් ඉන්වවිව් දීල තියෙන්නෙ ෆිල්ම් එක මාරයි කියල... :p

      Delete
    2. යකෝ මමත් මේ කියලා තියෙන්නේ මේක මාරයි කියලා තමා.. ඒ කියන්නේ මාත් දැන් හර බර එව්වා බලන.. ඒවා හොඳට තේරෙන බුවෙක්...

      අර දෙකේම නෙවෙයි බං.. මං බැළුවේ නුගේගොඩ මෙට්ට්‍රෝ එකේ... තව පොඩ්ඩෙන් රීගල් යනවා... වෙලාව මදි හින්දා බේරුනා... එහෙම උනානං අපරාදේ තව කීයක් හරි වැඩියෙන් යනවා...

      Delete
    3. ආ ගම්පහ නයෝමි එකෙත් තියෙනවා මං හිතන්නේ... කොච්චියේ ගෙහුං ආවැකි...

      Delete
    4. මුගේ කැපවීම චිත්තර පටිය බලන්න
      නිට්ටබුවේ ඉන්න එකා නුගේගොඩටම ඇවිත් ඒක බලන්න

      Delete
    5. නැහැ බං වෙන වැඩකට කොළඹ ගියා... හවස් අතේ කරන්න දේකුත් නැති හින්දා ගියේ... මං කලින් හිතං හිටියේ සෙනසුරු මාරුව බලන්න.. ඒත් ඒන කෙහෙම්මලක් කියලා හිත හදං ගියා ඕක බලන්න...

      Delete
  7. මාරයා නියමයි. කර්ම ගැන මේ විදියෙම එකක් ලියලා මට අම්බානක තර්ජනත් ආවා.දැන් මට තවත් සගයෙක් ඉන්නවා හවුලට.
    කර්ම ගැන මගේ අදහස මෙතැනින් කියවන්න

    ReplyDelete
    Replies
    1. හික්... මටත් මතක් උනේ නලීන් අයියව......

      Delete
    2. ලිපිය දැන් තමා කියෙව්වා..හිටපං කමෙන්ට් ටිකත් කියෝලා එතනම මොනවා හරි කොටලා එන්න...

      Delete
  8. නුවර එළියේ කථාවක්ද වැලිමඩ කථාවක්ද???

    ReplyDelete
    Replies
    1. කතාවෙ හැටියටනං මේක වැලිමඩ වෙන්න ඕන. :D

      Delete
    2. අනිවා වැලිමඩ :D :D :D

      Delete
    3. අනේ මං දන්නෑ ඔව්වාහ්...

      Delete
  9. ඇයි බං අංකල් විතරද, එතකොට හෝල් එකේ අයිතිකාරය පච් නැද්ද? ඔය වගේ තව දෙක තුනක් පෙන්නුවොත් මිනිහට හෝල් එක වහල ඒක කාගිල්ස් එහෙකට දෙන එක ලාබයි කියල හිතෙයි.

    'සාමාන්‍ය තැනක ඕක උනානං පියලත් අතට අහු උන එහෙකින් අරූට නෙලනවා උනත් මේ වගේ සම්භාව්‍ය තැන් වලදී එහෙම වෙන්නේ නැහැනේ... උන් දෙන්නා මූණට මූණ බලං ඔහේ ඉන්නවා මිසක්.. ඒකනේ මේවා සම්භාව්‍ය කියන්නේ..'
    දැං බොට තේරුනානෙ සම්භාව්‍ය කියන වචනෙ තේරුම.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා, පච් කියන්නෙ පව් කියන එකමයි නේද?:P

      Delete
    2. ඒ හෝල් එක තියෙන්නේ ටිකක් මහ පාරෙන් ඇතුලට වෙන්න බං.. නැත්තං මෑන් දැනටම මේක වෙන මොකකට හරි දීලා.. පුදුමයි මේවා බල බල මිනිහා වහ නොබී ඉන්නවා...

      Delete
    3. @ බුද්ධි, අඩේ ඒක මං දැක්කෙ නෑ බං.

      Delete
  10. උඹත් බැලුවද ? අයියෝ මගේ සල්ලි.. ඉස්සර මගේ යාලුවෙක් හිටියා ටෝයි කියලා ඔය ඇඩම්ස් ඔන්ලි ඒවා බලන කොට කළුවරේම නැහිටලා යන උන්ට මූ කෑ ගහනවා (කළුවරේ පේන්නෙත් නෑ නේ) අයියේ යන්න එපා XXන කෑල්ල තියෙන්නේ තව ටිකකින් කියලා. උඹටත් අරුන් දෙන්නට කියන්න තිබුනේ පට්ට කෑලී තියෙන්නේ ඉස්සරහට කියලා. හැබයි උඹ ෆිල්ම් එක ඉවරවෙන්න ඉස්සෙල්ලා මාරු වෙන්න වෙනවා. මොකෝ නැත්නම් කරුමේ උඹට පලදෙන නිසා.

    ඇත්තටම බන් සින්දු කියන එක මළ බද්දය හැදිලා ඉරාගෙන තටමනවා වගෙ අමාරු දෙයක්ද මාරයෝ. දෙරණෙත් ඒ වගේම ඉඳලා හිටලා තටමන මූණ පෙන්නනවා. මොනවා උනත් ටැලන්ට් බුවා. ඒ උනාට රෙන එක තමයි අප්ෂෙට්. අර කෑල්ල ටිකක් හිරුනිකා වගේ නේ.

    ReplyDelete
    Replies
    1. සමාවන්න ඊනිව්ස් උත්තමයා උප්පැන්නය වෙනස් කර ඇත. ඒ අනුව නිවරැදි නම “හිරුනිකර්“ විය යුතුය.

      Delete
    2. හෙහ් හෙහ් හෙහ් මාතලං...
      පස්ට කමෙන්ට් ටිකක් බලන්න හැකි වේවි මේ වාගේ...!!!

      අර සුතසෝමපාල ගොයියත් ඔය මලබද්ධය හැදුන වාගේ සින්දු කියනව අහල තියනව...
      අනේ මන්ද නිහාල් නෙල්සන්ල තාම සිංදු කියනව කිංකිණි හඬට සමවෙනා..!!!!

      Delete
    3. තටමල සින්දු කියන උදවියට ඇත්තට නිහාල් නෙල්සන්ගෙ එකක් කියන්න දුන්නොත් මොකක් වෙයිද?..

      Delete
    4. @මාතලන්,නදීක ටැලන්ටඩ් බුවා කියල කියන උඹම ඌ සින්දු කියන්නෙ මල බද්ධය හැදිල වගේ කියන්නෙ ඇයි ? උගෙ ස්ටයිල් එක තමයි ඒක ලෝකෙ ජනප්‍රියම මියුසික් ස්ටයිල් එක වෙන රොක් මියුසික් වලදි සින්ග් කරන්නෙ උච්ච ස්වර පරාසයකනෙ ලංකාවෙ ඒ වගේ ඉහල පරාසයකින් සින්දු කියන උන් ඉන්නෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.(අන්තර්ජාතික සංගීතය ගැන මාතලන් හොඳට දන්නවනෙ )නිහාල්ලගෙ කොත්තු රොටී,ජොලි සීයලගෙ බජාර් එකේ ලලංක වගේ ඒව සමහරුන්ට කිංකිණි වගේම,අර විදිහෙ සංගීතය රසවිඳින අයත් ඕන තරම් ඉන්නව.

      Delete
    5. මං දන්නවා බන් ඒ උනාට උඹ වේලිච්ච බෙට්ටක් දාන කොට කන්නාඩියකින් මූණ බලපන්කෝ. මේක අපහාසයක් නෙමෙයි උපහාසයක්. ජෝ කොකර්ගේ මූනත් ඒ වගේ සමහර වෙලාවට.

      Delete
    6. නදීක ගැන මං ඒ හැටි දන්නේ නැහැ... සංගීතඥයෙක් කියලා දන්නවා..අර අන්ධ ළමයගේ සින්දුවට තනු හැදුවේ නදීක කියන මතකේ තියෙනවා ඒ හැර වැඩි මතකයක් නැහැ... ඒක මේකට අඳාළත් නැහැනේ.. මෙතැනදී ප්‍රධාන දේ නදීක නැමැති නළුවනේ... නදීක සංගීතමය දර්ශනයකට පෙනී හිටීම එයා පෞද්ගලිකව සංගීතඥයෙක් වෙන එකෙන් රුකුලක් ලැබෙන දෙයක් විය යුතුයි.. හැබැයි එහෙම එකක්නං පේන්න තිබුනේ නැහැ... සත්තයි මාතලං ඔන්න මටනං පෙනුනේ කක්කා බර හැදිලා තටමනවා වගේ කියලමයි..ආයේ ඉතිං බොලාට බොරු කියලා මං අහවල් එක ගන්ටයෑ...

      ඒත් තමුන්ගේ පුද්ගලික හැකියාවෙන්වත් අර සංගීතමය ජවනිකාවලට කිසිම වාසියක් අත් කරදීලා ඇති වගක්නං මට පෙනුනේ නැහැ... ඔයිට කලින් මං දැකපු පරණ චිත්‍රපටයක මතකය මට ඒ වෙලේ ආවා.. චිත්‍රපටය දැන් අන්තර් ජාලයෙන් පිරික්සා බැළුවාම හම්බ උනේ "දියමන්ති" කියලා.. ගීතය තමා "ගිගිරි ගීත රාවේ"... පැරණි එකක් උනත් ඒ කාලේ හැටියට ඒ තමා නව රැල්ල... දැන් රොක්නං ඒ ජෑස් (වැරදිනම් දැනුවත් ඇත්තෙක් නිවැරදි කරත්වා) වික්ටර්ම පෙනී ඉන්නවා..(අර කන දෙපැත්තේ දඩ කොන්ඩ කෑලිත් එක්කම) ඒකයි මේකයි සංසන්දනය කල යුතු නැහැ.. ඒත් ඒක දැකලා ඇති කෙනෙකුට මේ වගේ වෙලාවක ඒවා මතක් වෙන එක නවත්තන්න පුළුවන්ද.. එහෙම මතක් උනාම මොනවානං හිතෙනවද..? සදාකාලික තාරුණ්‍ය මං දකිනවා ඒ ගීතය ඇතුලේ... ඒත් මෙතනදී මං දකිනවා කක්කා බරක්... සමහර විට මං වැරදි ඇති.. ඒත් මොනවා කරන්නද.. අපිට පේන්නේ අපි දකින දේනේ...

      ඊළගට චිත්‍රපටි සංගීතේ... දැන් මොනවද කෙරෙන්නේ... සිංදු ටිකට මියුසික් දැම්මා.. කතාවේ හැම තැනටම මොනවා හරි සංගීත කණ්ඩ ටිකක් ඔබ්බලා ඇහෙන්න සැලැස්සුවා... කේමදාස මාස්ටර්ගේ මයිලක් තරං වටින..නෑ එක්කෝ ඒ ගැන නොකියා ඉන්නං... කරුමෙට මට එතනදිත් හංස විලක් වගේ පැරණි චිත්‍රපටයි... වෙද හාමිනේ සහ දඩුබස්නාමානය වගේ ටෙලි නාට්‍ය සංගීතයයි මතක් වෙනවා...

      කරුමේ කරුමේ..මගේම කරුමේ...

      Delete
    7. ඒකනේ ලංකාවේ ඓතිහාසික කථාවකට අනුව හදන චිත්‍රපටියකට අප්‍රිකානු සංගීතයක් සොයල දාන්නේ ඔය ගෝතයා...

      "කිංකිණි හඬට සමවෙනා...
      ගිගිරි සැලේ...
      ගව කුර හඬට මුසුවෙලා..."

      කියන නිහාල් නෙල්සන්ගේ [කරත්ත කවියකට හදාපු] ගීතයට සීපදයක හඬ සැක්සෆෝන් එකෙන් සංගීතය මුසු කරපු විදියෙන් නෙල්සන්ලාගේ ගීයේ භාවිතය හඳුනා ගත හැකි... එව්ව ඉතින් අහල තියෙන්නත් ඕන හැබැයි :-)

      සෝමපාල පුතයත් ඉතින් ඔය ජාතියෙම නේ...
      ලෝකෙට පරකාසෙ වෙලා මක්කටද ගෙදරට මරගාතේ නම්...

      Delete
    8. කියලා වැඩක් නැහැ තිස්ස අයියා.. අපේ අය දැන් හැම දේම හදන්නේ ජාත්‍යන්තරයට ගෙනියන්නනේ.. හැබැයි බලං ගියාම අරං යන්නේ අපේ ඒවා නෙවෙයි.. උන්ගේ ඒවම අරං උන්ටම දෙනවා අපේ කියලා...

      Delete
    9. @ කැක්කා....නදීක හොඳ සංගීතඥයෙක් කියන එක අප පිළිගන්නවා. ඒත් මේ සිනමා කරුමයේදි නදීකව දකින්නේ නළුවෙක් හැටියට.එහි දී නදීන කියන වෘත්තිය සංගීත කාරයාව වත් ස්වාභාවික ලෙස රුගත ගරගන්නට ප්‍රසන්න කියන අධ්‍යක්ෂවරයා අසමත් වෙලා තියෙනවා. ඒ වගේම මූම තමයි මේ චිත්‍රපටයේ සංගිතය අධ්‍යක්ෂණයත් කරන්නේ තව කවුද සුමුදු ගුරුගේ කියල හවුල් කරගෙන. මේ සංගිතයත් හෝල් එකට යන එකාට කරුමයක්ම තමා.

      Delete
    10. @ තිස්ස... නෙල්සන්ලාගේ සංගීත භාවිතාව ගැන ඔබගේ අදහස් ඩිංග මසුරන්..ජය.

      Delete
    11. සෝමපාල පුතා "දඹුලු ගලේ " කියන විදිය දැක්කම කලු ගලක් බැඳගෙන ගඟේ පනින්න හිතෙනවා...චිත්‍රා සෝමපාල මොන තරම් සුමට විදියට ඒ සිංදුවම කියනවද? අපි (නො) දන්න උච්ඡ ස්වර....

      Delete
    12. නදීකගේ රඟපෑම ගැන නම් මම දන්නේ නෑ , හැබැයි ඌ තටමනවා වගේ සින්දු කියනවා කියල හිතෙනවා නම් ඒ රොක් සංගීතය දිරවන්නේ නැති කම ,

      සිනමාත්මක කම ඕනිම සිනමා නිර්මාණයක තියෙන්න ඕනි දෙයක් , නමුත් ලංකාවේ ඒ දේවල් දකින්න තියෙන්නෙ සම්භාව්‍ය චිත්‍රපටි වල විතරයි , එතනින් මෙහාට ගහන්නේ ටෙලි . කර්ම වගේ ඒවා රසවිඳින්න දෙතුන් පාරක් හෙමීට බලන්න ඕනි (මම කථා කරන්නේ ප්‍රසන්නගේ සංඛාරා ගැන අත්දැකීමෙන් පමණයි ) ,ඒ වුනාට ඔලුව කරකරගෙන වැඩ කරන අස්සෙ ඔය වගේ ඒවා බලනවට වඩා හිතට සැහැල්ලුවක් එන ඒවා බලන්න තමයි මගේ කැමැත්ත .මේ දැන් කුමාර් හැරලඩ් 3 වෙනි එක බලල ඉවර වුනේ , අන්න නියම ආතල් පුලුවන් නම් හොයාගෙන බලහන් :p

      Delete
    13. //හැබැයි ඌ තටමනවා වගේ සින්දු කියනවා කියල හිතෙනවා නම් ඒ රොක් සංගීතය දිරවන්නේ නැති කම//

      පොඩ්ඩක් මං කියනවට බලහං බුවා මේක... ඒ බලලා ආයේ වතාවක් ඔහොමම හිතෙනවනං අවුලක් නැහැ... නදීකගේ ගැයනයවත් රොක් එක්ක අවුලක්වත් නෙවෙයි තියෙන්නේ ප්‍රසන්නගේ රොක් නදීකගේ ඔළුවට උඩින් ගිහින් තිබීම... හැබැයි මං නදීකගේ ගායනා ගැනත් එහෙමට දන්නේ නැහැ..ඒ වගත් කියන්න එපෑ... ඒක මේකට අදාලත් නැහැ...

      සංකාරා මට බලන්න උනේ නැහැ ඒ හින්දා ඒ ලදන්න නොබ්බේ සෙල් ලිපිය ගැන මට මුකුත්ම කියන්න හැටියක් නැහැ..හැබැයි දෙකම බලපු අයගේ කතා අහනකොටනං තේරෙනවා ප්‍රසන්නට මේ පාර මොනවා හරි අවුලක් ගිහින් තියෙන වගත්...

      කුමාර් හැරල්ඩ් 1යි 2යිනං බැළුවා... 3න තාම අහු උනේ නැහැ.. සංභාවිය කතා මොනවද අන්න නියම කතා...

      Delete
    14. 3 මටත් අහුවුනේ මැතකදි , දෙකම නොබලා ඒ ගැන විචාර දෙන්න බෑ තමා . මුලින් බලන්න හිතාන හිටියේ , දැන් නම් ඒක බොහොම දුරට යටපත් වෙලා , එක ප්‍රධාන හේතුවක් තමයි චිත්‍රපටිය පෙන්නන මම නිතර ගැවසෙන තැන්වල තියන හෝල් අන්තිම අජපල් වීම .

      Delete
    15. අනිත් උන් නොබැළුවට කමක් නැහැ බුවා කොහොම හරි අමාරුවෙන් හරි ඔය කෝකට හරි රිංගලා ඕක බලහං... ඒ බලලා උඹ කියන ටිකත් අපිට දැනගන්න එක වටිනවා.. මොකද අපිට වඩා උඹ ඕවා ගැඹුරින් බලන හින්දා... උඹටවත් මේකේ ඇති වටිනාකම් තේරෙනවද කියලා බලන්නවත් බැරියෑ...

      Delete
    16. බුවා මං මේ නිර්මාණ දෙකම බැලුවා.අහසයි පොළවයි වගේ. එකක් හොදින් කළ පමණින් දෙවැන්නට සහතික දෙන්න එපා. ඔවා අනිවා මේක බලන්න.
      නදීකගේ සංගීත හැකියාව ගැන ගැටලුවක් නොවෙයි මෙතන තියෙන්නේ. ඒ දේවත් හරිටය චිත්‍රපටයට දාගන්න ප්‍රසන්න අසමත් වීම.
      කර්ම ගැන ලියද්දී මං සංකාරා ගැනත් බොහොම කෙටියෙන් ලියලා තියනවා. මාරේ තරහා වෙන්න එපා මං මෙතන ලිංකුව දානවා.කර්ම ගැන මගේ අදහස මෙතැනින් කියවන්න

      Delete
    17. @මාරයා - උඹල ලියල තියන දේවල් දැක්කාම යන්න හිතෙනවයැ බන් , ඒ සල්ලි වලින් රට කජු කන එක ඊට සැපයි . @නලින් - ඔබතුමාගේ ලිපියත් කියෙව්වා ,අදහස් එතනම පල කරන්නම්

      Delete
    18. වාද කිරීමෙන් පලක් නැත. මම කියන්නෙ සංගීතය රසවින්දනය එක එක්කෙනාට වෙනස්. හැබැයි තමන්ට දිරවන්නෙ නැති සංගීතයට ගරහන අය පව්. මට හිතෙන්නෙ ඒ ගොල්ලන්ගෙ වයසට සමහර දේවල් දරා ගන්න බැරුව ඇති.'අමු ඉරටු නමන්න පුලුවන් උනාට වේලුන ඉරටු නමන්න බෑ' කියල කොහෙද ලියල තිබ්බ.කෙසේවෙතත් ඔබලා තරම් උගත් කමක්,විචාරාත්මක ප්‍රඥාවක්, හා පැසුණු දැනුම් සම්භාරයක් මා සතුව නොමැති බවනම් පිලිගනිමි.

      Delete
    19. නදීකගේ ටැලන්ට් එක ගැන නෙමෙයි බන් මම විහිළුවක් කලේ. ඌ ඒ වෙලාවට දාන මූන ගැන. එහෙමනම් ඉතින් කතා කරන්නත් බෑනේ මේ ළෝකේ. ගැරහීමයි, විහිළුවයි, වෙන වෙනම අඳුන ගනිං.

      Delete
    20. උඹට නෙමේ මම කිව්වෙ.. උඹ කලින් කිව්වනෙ. අපහාසයක් නෙමේ උපහාසයක් කියල.

      Delete
    21. ලංකාවෙ කවුද බන් හරියටම රොක් සින්ග් කරන්නෙ... ලංකාවෙ රොක් ශෛලියෙ සින්දු කියන උන් අඩු නිසා ඉන්න ටික දෙනා තමන් පොරවල් කියලා හිතාගෙන ඉන්නෙ.... අපේ උන්ට ගරහනවා නෙමෙයි...එහෙත් අපේ උන් හිතන්නෙ රොක් කියන්නෙ උගුර කැඩෙනකං බෙරිහන් දෙන එකට කියලා... අපි නොදන්න රොක්...

      Delete
  11. විකාරෙන් ලියන විචාර.. චීයා... ජයකොඩි අයියේ තව එකක් හදන්න ඔය වගේ. මටත් කරුමය පඩිසන් දුන්න නෙව ගිය සතියෙ

    ReplyDelete
    Replies
    1. මොනවා කොරන්නද... ගෙවලා ඉවර කොට... මං කිව්වේ කරුමේ...

      Delete
  12. මට කියන්න තියන කතා ටික ඔක්කොම කියලා වගේ. ඒක නිසා මගේ වගේ මුණු පොතේ ෂෙයාර් කළා

    ReplyDelete
    Replies
    1. මං දැක්කා මං දැක්කා... කොහොමටත් බලපු වැඩි දෙනෙකුට මේක මගේ වගේ හිතෙන්න පුළුවන්... :)

      Delete
  13. නියම විචාරයක් ඈ ෆිල්ම බැලුවා වගේ තමා එලකිරි මාරයියේ.... ඔය හෝල් එකේ බොක්ස් තියෙන්න නැතිව ඇති මොකද මම අහලා තියෙනවා ලංකාවේ ෆිල්ම් හෝල් දුවන්නේ බොක්ස් නිසා කියලා කවුදෝ මන්දා සිනමාවේදියෙක් කියලා තියෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඈ බන් විනාඩි අනූවයිද අසූවයිද තියනවා කියන්නේ,
      බොක්ස් යන එවුන්ටත් වැඩක් නෑ.
      ඊට හොදයි හින්දි චිත්තර පටියක් බලනවා

      Delete
    2. බොක්ස් එහෙකට සල්ලි ගෙවනවනං යන්න ඕන හින්දි හරි දෙමළ හරි එකක් බලන්න... මේ විනාඩි 80කට ගෙවනවටත් පාඩුයි...

      Delete
    3. බොක්ස් යන එකත් පරෙස්සමෙන් කොරාන්ට ඕන.. මේං මේ වගේ අපල-උපද්‍රව එන්ට බැරි නෑ.. ;)

      Delete
  14. අපොයි විචාරෙ බැලුවනම් යන්නම හිතෙනවා . නදීක අය්යට ඔහොම අපහාස කරනවද මම අහන්නෙ .

    ReplyDelete
    Replies
    1. අනේ මං මේ කිව්වේ අර නළුවා ගැන.. ගිමාගේ අයියා ගැන නෙවෙයි සොරි ඈ.. :D

      Delete
  15. ලංකාවේ රඟපාන්න පුළුවන් අයත් ඉන්නවද මාරයියේ.......?????????

    ReplyDelete
    Replies
    1. පුහ්... ෂෝක් නළුවා..... නළු බට්ටා කියමුකෝ....

      ( හි හි)

      Delete
    2. නංගි මේ..මෙහෙම හිටියට මාත් දෙක වසරෙදි මහදැන මුත්තට ඉඳලා තියෙනවා අරිය... :D:D:D

      Delete
    3. පිස්සු.. ඔයා හිටියේ පොල්බෑමූණට... හැබැයි ඉතිං දැනුත් ඒ චරිතෙ නං කරන්න පුළුවන් වෙයි.. හි හි..

      Delete
    4. නංගි මේ.. මගේ මේ ෂුධු මූණ බලං ඔයාට ඔහොම කිව්වැකිද අප්පා...?

      Delete
    5. කළු කුමාරයට නං එළ කිරි. එල් සී ඩිස්පේල් එකේ ටිකක් හරි පේනවා. අනිත් එකේ කියලා වැඩක් නෑ මං හිතන්නේ. නියම මාරයා

      Delete
  16. බලන්න යන්න නෙව හිතාගෙන උන්නෙ. අපරාදෙ කියන්න බෑ විචාරේ කියෙව්වම යන්නමයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා ඒ දවස්වල අපි කිව්වා නාහන වැඩක් කොරන්න ගියාම නිතරම මෙහෙම කියනවා...

      "කරුමේ කියන එක පන්නන්ට බැහැ... ගෙවලම අහවර කොරන්ට ඕන"

      Delete
  17. මේක ප්‍රසන්නගේ සංඛාරා වලට වඩා හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. මං සංඛාරා බලලා නැහැ..බලලා තිබුනනං ඒ ගැන කියන්ට ඇහැකි... හැබැයි සංඛාරා ගැනනං හුග දෙනෙක් මෙයිට වඩා ප්‍රසන්නව හිතනවා...

      Delete
    2. රෙප් මහත්තයා...සංකාරා මෙයිට වඩා ගෙඩක් හොඳට කරලා තිබුණා. මු මේක නාගෙන තියෙන්නේ.නාල මදිවට ප්‍රේක්ෂකයා ගොනාට අන්දනවා

      Delete
  18. මාත් කියන්න හැදුවෙ නලීන් අයියගෙ ලිපි සංවාදෙ ගැන. ඔය උඩින් ඒ ගැන නලීන් අයියම කියල තියෙන්නෙ.
    දැන් ඉතිං ෆිල්ම් එකේ බලන්න දෙයක් කොහොමටවත් නෑ, මාරය අයියා මුළු කතාවම දිගෑරල නේ. ලංකාවෙ වාණිජ වුනෙත් සම්භාව්‍ය වුනත් හැදෙන තරමක් හැදෙන්නෙ ඔය වගේ ෆිල්ම්, තිරපිටපතක් තියෙනවය කියල අධ්‍යක්‍ෂණය කරන එකාටත් අමතක වෙනව ටික දුරක් යද්දි. මම නම් සිංහල ෆිල්ම් බලන්නැති තරමයි, සල්ලි දීල නම් කොහොමටවත් බලන්න යන්නෑ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන්නේ සම්භාව්‍ය උනක් විතරයි... ඒත් ඒක හදන්න ගියාම අනා ගන්න එක තමා වැඩියම වෙන්නේ... ඕවා හදන්න කලින් ඩිංගක් හිතුවනං දැන් ඉස්සරට වඩා අපේ මිනිස්සු ලෝක සිනමාපට බලනවා කියලා ටිකක් හරි ගොඩ යන්න තිබුනා...

      Delete
    2. මාරේ මගේ කර්ම සංවාද ලිපියකට එවපු කමෙන්ට් එකක තිබුණා කර්ම කියන්නේ අමු කොපියක් කියලා. මොකක්ද ටී.වී සිරිස් එකක නමත් තිබුණා මං ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නේ . ඒක හම්බවුණොත් ප්‍රසන්නට සොරිම තමා.

      Delete
    3. අන්න හොයා ගන්නවනං භාණ්ඩේ...

      Delete
    4. @මාරේ....මෙන්න මට එවා තිබූ කමෙන්ටුව හොයන්න ට්‍රයි එකක් දෙන්න. මේක එවල තිබුනේ ඩ්‍රීම් ට්‍රැවල් කියන කෙනා.

      //අවංකවම කිව්වොත් "Lost" TV Series එක කොපි කරන්න හදපු ෆිල්ම් එකක්. මට නම් එච්චරයි කියන්න තියෙන්නේ.//

      Delete
    5. ඕක අපේ බයිස්කෝප් කට්ටියට කිව්වනං හොයා ගතෑකි.. මං බලන්නං...

      Delete
    6. LOST???????????

      කියන්න ඇත්තේ ඒ වගේ මුලක් මැදක් අගක් හොයන්න බැරි ජාතියේ එකක් කියලා වෙන්නැති.... සීරීස් දෙකක් යනකොට කිසි දෙයක් මතක නෑ ......

      Delete
    7. Lost series එකේ තියෙන්නෙ බං plane crash එකකින් දූපතක ‍කොටුවෙන කස්ටියක් ජීවත්වෙන හැටි ගැන තියෙන කතාවක්නේ.. මම දන්න Lost TV series එකනං එහෙමයි..

      Delete
    8. මාත් දන්නා විදිහට ලොස්ට් ඔයවගේ කතාවක් නෙමේ .

      Delete
  19. චිත්‍රපටියේ නිෂ්පාදකයෝ මාරයා ගැන දන්නවා නම් ප්‍රමෝට් කරන්න ගන්නේ මාරයාව මොකක් හරි විචාරය්ක් දාපු ගමන් බලන් නැති උනුත් බලනවා :)

    ReplyDelete
    Replies
    1. මාත් මේ කල්පනා කලේ උන්දලගෙන් කීයක්වත් කොටා ගන්ට බැරි වෙයිද කියලා මේ යන හැටියට...

      Delete
  20. මාරයා උඹට හොඳ සුපර් six ද? කුස පබාද? ඇලඩින්ගේ වෑල්ඩින්ද?

    ReplyDelete
    Replies
    1. උඹ ඔය ප්‍රශ්නෙ අහන්නෙ ඒව ගැන මාරෙ අයිය ලිව්ව විචාර කියවල නැතුව... කියවල බලපන්කො ඒවත්...

      Delete
    2. ඕන් ඉතිං ඇහුවා ප්‍රශ්නයක්... මේ ලේබලේම යටතේ ඇති කලින් ලිපි කියෝලා ආවනං ඔය සාතන් මල්ලි කියන්නැහේ...

      Delete
  21. මාරය මල්ලිට පිං අයිතිවෙන්න කරුමෙත් බලාගත්ත...
    නියම රචනාව මලේ...

    ReplyDelete
    Replies
    1. හුටා දන්න සංබාවිය වචන ඔක්කෝම දාල ලියලත් මේක රචනාවක් උනාද..මං කනවා වහ ටිකක් අම්මපා...

      Delete
  22. කරුමේ බලලම කොමෙන්ටුවක් කොටන්නං !

    ReplyDelete
    Replies
    1. "කරුමේ ගෙවලම" කියා ඉහත වාක්කිය නිවැරදි විය යුතුය යන බව මාගේ හැගීමයි...

      Delete
  23. මේ ඉතින් කොරල තියෙන්නේ . යන්න හිටපු එකෙක්වත් යයිද මන් අහන්නේ . කතාවම බෝරිං වගේ . දැන් ඉතින් ඔයි හතර දෙනා විතරද මුළු කතාවටම හිටියේ . මිස්ටර් බින් හොලිඩේ කියන චිත්‍රපටියේ තියෙනව ඔන්න ඔහොම සම්භාව්‍ය චිත්‍රපටියක කැල්ලක් . නටපු නැටුමකුත් නැහැ අන්තිමට .

    ReplyDelete
    Replies
    1. ආ තව හිටියා නියම නළුවෙක්.. ඌ තමා කතාවේ හොඳටම රඟ පෑවේ... හැබැයි ඌ කතාවේ හැටියට පියල් මීයන්ට තියපු මී පාසානං වගයක් කාලා කානුවක හිරවෙලා මැරෙනවා...

      Delete
    2. පට්ට පට පට මේ අර පූස නේද අම්මප ඒකනං නියමෙට රගපානවා. අර දොරයටින් යන එක.

      Delete
    3. අන්න හරි... ඒක තමා මාත් මේකේ ආසම කෑල්ල...

      Delete
  24. ආයේ ඉතින් බලන්ට යන්න ‍ඔනේ නෑ ... සේරම ලියලානේ :D හැබෑටම අර කිව්ව ව‍ගේ ගුරුගේ කොළුව හරියන්නේ අර මුලින් කියලා තියෙන ජාතියේ චිත්තරේකට තමයි :D

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මෙයින් පස්සේවත් එහෙම චරිතයක් මෑන්ට ලැබුනනං මෑන් ගොඩ.. අර ජැක්සන් හිටපු සූරිය අරනේ මස් වැද්දටනං ජැකාට වඩා මෙයා මැච් වෙනවා...

      Delete
  25. මචං අර ඉස්සර කාලෙ රජෙක් හෙලුවෙං ගියාම පොඩිඑකෙක් තමයි කිවුවෙ ආන්න රජතුමා හෙලුවේන් කියලා.....
    ඒ පොඩි එකා කරපු වැඩේ අද මාර තුමා කරලා තියෙනවා...
    මොකුත් නැති වල් බූත කෝලං කැමර් කෝණ ටිකක් දාල නින්ද යන රිදම් එකකට ෆිල්ම් එකක් ගැහුවම අපේ උන් හිතනවා මේක අපිට බලන්න හිතෙන්නෙ නැතිවුනත් මේක අස්සෙ මාරම දෙයක් ඇති කියලා.....

    ReplyDelete
    Replies
    1. අන්න ඒ කතාව හරි... මාත් දත කට කාගෙන හිටියා ඒ ඇතුලේ ඇති අපිට නොතේරෙන මහා මෙව්වා එකෙන් ඩිංගක්වත් අල්ල ගන්න.. කෝ..නූල් පොටක්වත් අහු උනේ නැහැනේ...

      Delete
  26. විචාර නං විචාර. ප්‍රබුද්ධ සිනමාවේ කියන්නෙ මොකද්ද කියලා නියමෙට තේරුම් අරගෙන තියෙනවා මේ විචාරකයා.

    ඒක නෙමේ මෙච්චර සාරෙට අල ගෙඩිය ගැන ලියලා වරහන් අස්සෙ මොකට “සිංහලෙන් කියනවනං ගබ්සාවක් හරිය...“ කියලා ලිව්වද මන්දා? අලේ කියන්නෙ මොකද්ද කියලා කියවන අපට ලෂ්ෂණට වැටහීගෙන ඇවිල්ලනේ තිබුනේ.

    ReplyDelete
    Replies
    1. "ඒක නෙමේ මෙච්චර සාරෙට අල ගෙඩිය ගැන ලියලා වරහන් අස්සෙ මොකට “සිංහලෙන් කියනවනං ගබ්සාවක් හරිය...“ කියලා ලිව්වද මන්දා? අලේ කියන්නෙ මොකද්ද කියලා කියවන අපට ලෂ්ෂණට වැටහීගෙන ඇවිල්ලනේ තිබුනේ."
      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. මං ඒක නොලියා ඉන්නත් හදලා ආයේ ලිව්වේ හුදී ජන පහන් මෙව්වා එක පිණිස... කවුද දන්නේ අර වගේ චිත්තරපටි තේරුං ගන්න ඇහැකි උනත් මේවා තේරුං ගන්න ඇහැකි අය හිටී කියලා...

      Delete
  27. මේක නම් බලන්න යන්න වටින ෆිල්ම් එකක් වගේ. ඉරමදියම බලපු අපිට මේක මොකක්ද

    ReplyDelete
    Replies
    1. ඉර මැදියම... ඒ ගැනනං කතා කරන්න එපා..ඔය කියන හැටියට ඒකත් බලලා තියෙන්නේ අමාරුවෙන්නං මේක ගැන හිතන්නත් අමාරුයි... මටනං ඉර මැදියම හොඳ කතාවක් තියෙන එකක්.. මේකත් එක්ක බැළුවමනං ඒක සත්තරං...

      Delete
  28. ඒක නෙමෙයි මාරයෝ
    අලියා පැරදිලා නේද
    ඇමරිකාවෙත් අලියට තැනක් නැති හැඩැයි
    බූරුවාටමයි කොතනත් තැන තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. :D
      හංසයා නැද්ද ඇමරිකාවෙ?

      Delete
    2. ඒක හොර කරපු චන්දයක්..එහෙං පිටිංම ජිල්මාට්...

      Delete
    3. හංසයෝ නෑළු සිඳු..හිටපු උනුත් දැන් පාත්තයෝ වෙලාළු...

      Delete
    4. ඇමරිකාවේ අලියා අවාත් බුරුවා ආවත් උපරිම වාර දෙකයි , ඊලඟට වෙන එකෙක් . ජීවිත කාලේම ඉන්න ව්‍යවස්ථා වෙනස් කරගන්නේ නෑ. දේශප්‍රේමය වපුරගෙන රට විකුනන් කන්නෙත් නැ . පැරදෙන එකාම හැමදාම බදාගෙන පැරදි පැරදි ඉන්නෙත් නැ කරන්න පුලුවන් එකෙක්ට දීල නම්බු පිටින් යනව මිසක් . අන්න ඒකයි එහෙයි මෙහෙයි වෙනස .!

      Delete
    5. හැබැයි ඉතිං එහෙ කෝකා ආවත් එකම පොත තමා පෙරලන්නේ මෙහෙ වගේ ඕන ඕන හැටියේ පොත් පෙරලන්නත් බැහැනේ... ඒ හින්දා කෝකා ආවත් ඒ හැටිම මිනිස්සුන්ට බය වෙන්න දේකුත් නැහැ.. මෙහෙනං එහෙම වෙනස් කරන්න කලින් සෑහෙන්න හිතන්න එපෑ...

      Delete
    6. ඒක තමා තියන චාන්ස් එක , හිතේ හැටියට පොත් පෙල්ලන්න තියන අවකාශය හරිම භයානකයි , ඊටත් භයානකයි ඕනි පොතක් පෙරලත්දි ඒවට ආවඩන මාධ්‍ය සහ ඒවායින් ඇන්දිලා අප්පුඩි ගහන ජනතාව . කොහොම වුනත් අලියගෙනුත් බුරුවගෙනුත් හැමදාම වගේ ඇවිත් තියන මිනිස්සුන්ගේ උගත් කමත් කොයි එකා ආවත් ලොකු හානියක් නොවෙන්න එක හේතුවක් !

      Delete
  29. ඔය සම්බා චිත්තරපටි කියලා පෙන්නන පිලිම් වල චරිත ඔක්කොම එකයි. සමහරවිට තේරුම් ගත නොහැකි (සමහරවිට හැකි) මොකක් හෝ දේකට, මානසීක පීඩනයකින් දල්ලෙම ඉන්න ඈයෝ ටිකක් අතර තමයි එනිග්මැටික්ලි කතන්දරේ දුවලා නතර වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩේ ඉතිං අපි මේවා බලන්න ඕන අතින් ගෙවලනේ... ඔන්න සංභාවිය නිකංවත් පෙන්නනවනං කමක් නැහැ.. :)

      Delete
  30. චිත්‍රපට බැලුවෙ නැත.මගෙ වෙන්න හස්බන්ඩ් මාව එක්කන් යන්න බෑ කිවුවනෙ ඒක adults only කියල.මේ කොල්ලා එක්ක සම්භාව්‍ය චිත්‍රපටියක් වත් බලන්න නෑනෙ

    ජගත් මනුවර්ණ කියන නලුවගෙ අනිත් රඟපෑම් වලින් නම් මට කියන්න තියෙන්නෙ ඒ ලංකාවෙ ඉන්න "නළුවො" කිහිප දෙනාගෙන් එක්කෙනෙක් කියල. අපේ අනිත් ගොඩක් නළු නිළියො කරන්නෙ රඟ පෑමක් නෙමේ අධි රඟපෑමක්නෙ. බනින්නෙ නැතුව කල්පනා කරල බලන්නකො මාරයියෙ, එයාගෙ රඟපෑම් තාත්විකයි. බොරුවට ඇඟට අරගෙන දඟලගෙන, මම රඟපානවා කියලා හිතන්නෙ නැතුව එයා රඟපාන්නෙ. බනින්න එපා අනේ. මට දුකයි. මම කැමතියි එයා රඟපාන විදියට

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්න තියෙන්නේ කොලුවට කියන්න බය නැතිව එක්ක යන්න කියලා.. ඒකේ ඇති දෙයක් නැහැ. අනික ඒක ලෙඩ රෝග සහ රෝහල් එක්ක බද්ධ වෙලා යන හරියකුත් තියෙන හින්දා නංගි බලලා ඒ කොටස් ගැන ඇති පිළිගත හැකි තත්වය ගැන කියනවනං වඩාත් හොඳයි...

      මං ඔය කියන නළුවගේ පෙර රඟපෑම් ගැන ඒ හැටි නොදන්න හින්දා මට ඒ ගැන වැඩි දෙයක් කියන්න බැහැ නංගි... අනික ඒවා මේකට අඳාළ කර ගන්නත් බැහැ.. උදාහරණයක් විදියට හුග දෙනෙක් කියන දෙයක්නේ ප්‍රසන්න මෙයිට කලින් හදපු සංඛාරා එක්ක බැළුවම මේකේ තත්වේ... ඒ දේම සමහර විට නංගිගේ නළු පැටියටත් වෙලාද කියන්න මං දන්නේ නැහැ. කොල්ලා නරක නෙවෙයි.. හැබැයි තැන් කිහිපයකදී මෑන් රඟ පානවා.. ඒ කියන්නේ රඟපානවා කියලා පැහැදිලිව දැනෙනවා.. ඒකයි නරක... රඟ පෑම අපිට තේරෙනවා කියන්නේ අවුලක්... ලංකාවේ ඉන්න නළු නිළියෝ අතර මාත් කැමතිම කිහිප දෙනෙක් ඉන්නවා ඒ අතරින් සෞම්‍ය ලියනගේ.. රොෂාන් රවීන්ද්‍ර කියන දෙන්නට මං ටිකක් කැමතියි... මට ඒ තරමට මේ ළමයව උඩට ගෙනියන්න අමාරුයි මේකේ රඟපෑම් දැකලනං... සමහර විට ඒකේ වරදත් මෑන්ගේ නොවෙන්න පුළුවන්.. මෑන්ව යට වෙලා ප්‍රසන්න උඩ ආවා වෙන්න පුළුවන්...

      සොරි ඈ... මං බැන්නා නෙවෙයි... :)

      Delete
    2. @ සිදූ...ජගත් මනුවර්න නම් දක්ෂ රංගන ශිල්පියාව වත් හරියට මෙහෙයවන්න ප්‍රසන්න අසමත් වෙලා තියෙන්නේ මාරයා කියනවා වගේ ප්‍රසන්න ජගත් මනුවර්ණව පාගලා යට කරලා.
      ඒත් මේ චිත්‍රටයේ එනවා ජවනිකාවක් ඩියුටි ෆ්‍රී බැගයක් කොකෙක් වගේ අතේ එල්ලගෙන ජංගම දුරකථනයෙන් තාත්තා එක්ක වලි දාගෙන ජගත් ඇවිදගන යන දර්ශනයක් .අනේ අම්මෝ එතනදී නම් ජගත් රගනව නෙමේ රෙනවා කියල තමයි කියන්න ඔන.

      Delete
  31. උඹ නදීක ගුරුගේට අපහාස කිරීම තරයේ හෙලා දකිමී

    ReplyDelete
    Replies
    1. හෙලා දකින්න..හුහ්..මේක ලංකාව ඇමරිකාව නෙවෙයි... මෙහෙ හෙලා දැකීම තහනං...

      Delete
  32. අනෙ බං මම බලන්න වෙලාවක් නැතිකමට බැලිල්ල පස්සට දාපු පිචෑර් එක බලන අදහස මූ නැතිකලා.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න එපා බං..සිංහල සිනමාවේ මං සලකුණු මෙව්වා... ගිහින් බලහං.. පව් ගෙවෙන්නත් එක්කලා...

      Delete
  33. මේ මුලු පෝස්ට් එකම හෙලා දකිමි.

    උඹ හෝල් එකේ අයිතිකාරය ගැන නම් වද වෙන්න එපා
    ඌ සති අන්තෙ හා ප්‍රසිද්ද නිවාඩු දවස් වල ඔය ඔක්කොටම හරියන්න ගොඩයනව.

    ඔය ෆිලුම් එක බලන අතරතුර කැරපොත්තො මීයො එහෙම සංදර්ශන පෙන්නුවෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹ කොහොමද ඩෝ එහෙම මේක හෙලා දකින්නේ..? :)

      මදුරුවොනං කෑවා බං...

      Delete
  34. බැලුවෙ නැ නෙව..බලලම ආයෙත් ගොඩවෙන්නම්කො

    ReplyDelete
  35. උඹ ඔහොම කිව්වට මං නං ඕක බලනවමයි....... , අල හිටෝන හැටි බලන්ඩ හරි බැරිය.... !!

    ReplyDelete
    Replies
    1. සොරි පුතා... අල හිටෙව්වට අලේ තියා වත්තවත්..අඩුම ගානේ වත්තේ වැටවත් ආසාවට පෙන්නන්නේ නැහැ...

      Delete
  36. දැන්ම බලන්ට හැකියාවක් නැත. ඒක නෙමෙයි මට හරියටම දැන ගන්න ඕනෙ එක දෙයයි. අල හිටවන දර්සන තිබේද? යාංතං අලේ කොනකුයි, වත්තේ වැටයි නෙමෙයි. අලේ නං මොකටද කිව්ව, වත්ත වත් තියනව නං බැරියෑ.

    ඔය අධිතාත්වික සයිලිය කියලා එකකුත් තියනවා... පස්ට සම්බාවයයි. ඔය කෝකෙ තිබ්බත් අල හිටවන දර්සන තේරුං ගන්න පුලුවන්නෙ. ඒකයි ඇහුවේ නැතුව, මේ වෙන කෙංගෙඩියකට නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. නැහැ මල්ලි අල හිටවන්න වැට පයිනවා විතරයි... අල හිටවද්දි අහල පහල වතුවලට සද්ද ඇහෙන ඒවනං තියෙනවා... ඒ සද්ද අහං ඉන්න එකාගේ මූණ දිහානං බලං හිටියැකි.. එහෙම නැතිව වත්ත තියා වත්තේ මායිමවත් නැත...

      Delete
    2. එහෙව් එකේ මොන ලබ්බකටද නිකන් අල හිටෝන කොට දාන ලේබල් ගහගෙන ඉන්නේ , සදාචාරේ රැක ගන්න වෙන්ටෑ

      Delete
    3. උලව් සදාචාරයක් නෙවෙයි බං... එහෙම දාපුවාමනේ ඉස්කෝල කොල්ලොත් හොරෙන් හරි ඇවිත් මේක බලලා යන්නේ... එහෙමවත් නොදැම්මොත් මේවා බලන්න ඔහොමටවත් එයිද කට්ටිය..?

      Delete
  37. ඔය නංගී කියල තිබුනා පත්තරේකට ෆිල්ම් එකට පියයුරු පෙන්නන්න දර්ශනයක් තිබ්බත් ඒකට එයා කැමති උනේ නැහැ කියල...

    ඒක කියවපු එකෙක් කිව්වා පෙන්නුවත් අවුලක් නැහැ බලන්න තරම් දෙයක් නැති නිසා කියලා....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒ කතාව ඇත්ත වෙන්න ඇති.. අනිත්ම ෂොට් එක තියෙන්නේ එහෙම තමා.. ඒත් ඒක දැකපු ගමන් තේරෙනවා ඒ කෑල්ල වෙනම බට් කරලා කරලා කරපු සීන් එකක් කියලා... කෙල්ල කොහේවත් ගැජමැටික්ස් කොහේවත්... එව්වත් කැමරාව ඈතට යද්දී අනිත්වා පුංචි වෙද්දී ඒවා අස්වාභාවික විදියට විශාලව හිටිනවා... ඒ කෑල්ල දැක්කම මේකේ අංග රචනා කරපු උන් හා තාක්ෂණික පැත්තේ උන් තාමත් ඉන්නේ හැටේ දශකේ කියලා හිතෙනවා ඇර වෙන දෙයක් හිතෙන්නේ නැහැ...

      //ඒක කියවපු එකෙක් කිව්වා පෙන්නුවත් අවුලක් නැහැ බලන්න තරම් දෙයක් නැති නිසා කියලා//

      ඒකත් හරි... :D:D:D

      Delete
  38. හික්ස්!මට පේන විදිහට මේක බලන්නම වෙයි වගේ!

    ReplyDelete
    Replies
    1. බලපං පුතේ බලපං..හැබැයි බලලා ඇවිත් අපිටත් කියපං...

      Delete
  39. අල ගලවන එකමනේ ෆිල්ම් එක පුරාම තියෙන්නෙ... :ඩී

    ReplyDelete
    Replies
    1. අල ගැලවීම තමා පෙන්නන්න ට්‍රයි කරන්නේ..ඒත් ඒකේ නොපෙන්නන දේත් ඒකම තමා... අන්න එක සංභාවිය පොයින්ට් එකක්...

      Delete
  40. අපි නොදන්න සම්බාවිය.......... එව්වා ලියන්නෙ දඩාරියං මහා ප්‍රාඥයින්ටයි අතිශයින් මහා ආචාරිය වරුන්ටයි නිසා අපි ඕව බලන්නෑ. සම්බාවිය වෙන්ට ඕන සාමාන්‍ය අපි වගේ සාමාන්‍ය උන්ට. මොකද ලංකාවෙ වැඩි හරියක් සාමාන්‍ය මිනිස්සු නිසා........

    ReplyDelete
    Replies
    1. එහෙමම කියලා බැහැ බං..අපිත් ඉදලා හිටලවත් සීතාම්බර සළු පොරෝ ගන්ට ඕනි...

      Delete
  41. ඔය... අලේ... නැතිව සම්භාව්‍ය චිත්තර පටි කොරන්නම බැරිද බොලේ...!
    අලේ කිව්වට ...අලේ කියල හිතලම බලන්න එපායැ මේක ලංකාවෙනෙව.

    ReplyDelete
    Replies
    1. උඹ නම් පිස්සුම පිස්සු පොරක් වී පොකුර....
      හෙහ් හෙහ් හෙහ් මාතලන්ගේ අනෙක...
      කවියක් වාගේ මේ කොමෙන්ට් එක...
      :-)

      Delete
  42. අට දෙනෙක් හිටපු හෝල් එකේ කොනේම පුටුවක ඉඳන් මූ පට්ට ආතල් එකක් අරන් ( අල මුල්ලු කරලා) දැන් එනවා මෙතන විචාර දාල අපේ හිත් කලකිරවන්න.
    අපි අහුවෙයි ඕවට ...
    අනික මේ විචාරය අන්තිමයි, පොක්කෝන් එක ගැනවත් වතුර බෝතලේ ගැනවත් එක වචනයක් ලියලා නැහැ නොවැ.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹට ඒක හරියට අහු වෙලා නැහැ..මං මේකේ ඒ ගැන ලියලා තියෙනවා..නොලිව්ව ඒවත් මේකේ පේන්න තියෙනවා... ඒත් වැඩේ කියන්නේ උඹලා වගේ උන්ට ඒක තේරුං ගන්න බැහැ.. මොකද උඹලා ඒක සංභාවිය විදියට දකින්නේ නැහැ.... ඒකත් මේ චිත්තර පටිය වගේම තමා... :)

      Delete
  43. ඔය සිත්තරපටිය පෙන්නන වෙලාවෙ මාරෙ අයියට ලයිව් විස්තර විචාරයක් කරන්න දුන්නනං අනිවා ඕක බොක්ස් ඔපිස් වාර්තා බිඳිනව :)

    ReplyDelete
  44. චිත්‍රපටය බැලුවටත් වඩා මේක පස්ට. මාංඥමිකයි

    ReplyDelete
  45. මට තේරෙන්නෙ නෑ බං උඹල කියන ඔය මගුල් එකක්වත්. මරයෝ හෙමිං කියපං ගෙදර උන්දැට ඇහෙයි. මාත් බලන්නද?

    ReplyDelete
  46. මම නම් කැමතිම නෑ ඔය චිත්තරපටියට පියල් කියලා එකෙක් ඉන්නවට.. ඌ එහෙම එකෙකුත් නෙවෙයි.. නංගිලාට බැල්ම දාලා අල හිටවන එකෙකුත් නෙවෙයි...
    ප්‍රසන්න විතානගේට මතක් වුනේ නැද්ද දන්නෙ නෑ රේන් කෝට් වෙනුවට අර බත් ඔතන කොළයක් ගන්න....
    නිකං හිතුනා...

    ReplyDelete
  47. පියල්ගෙ චරිතෙට ජූං අලයව ගන්න තිබ්බෙ ප්‍රසන්න මහත්තයට. අනේ මන්දා මටත් මේ රෑ දෙගොඩ ජාමේ හිතෙන දේවල්.

    ReplyDelete
  48. මාරයාගේ මාර විචාරය.. ඔවුවා හදන්නේ විද්වත් ප්‍රේක්ශකයින්ට මිස උඹලා අපි වගේ ඇච්චන්ට නෙවෙයි බං ! ඒකයි අපිට නොතේරෙන්නෙ..

    ReplyDelete
  49. මෙන්න නියම විචාරයක්... මම නම් මේකට පස්ට ලයික්... ඔය කෙලී ඔච්චර අල හාරලා ඇගේ චූ කරගන්න කන් ඒකිගෙ තාත්තා අහවල් දේ කොලාද... මුල මැද අග කිසිදු ගැලපීමක් නැති, චිත්තරපටිය අවසන් වූ පසු කිසිත් වටහා ගත නොහී චිත්තරපට සම්භාව්‍ය නම් වෙයි. ලංකාවේ ඒවා බලන්න බල්ලෙක් නොගියත්.... පිටරටවලින් සම්මානද ලැබේ.

    හෝල් එකටම අටක් හිටියා කියන්නෙ වැඩේ ගොඩ... සෑහෙන්න ලාභයි වගේ...

    ReplyDelete
  50. බලන්න ඕනේ මාරයා අයියේ ලංකාවට ඇවිත්

    ReplyDelete
  51. මේක උඹ කමෙන්ට් වලට උත්තර බඳින පෝස්ට් එකක් කියලා කලින් දැනගත්තා නම් කමෙන්ට් එකක් දාන්නත් තිබ්බා.:(

    අපි කොහොමද මාරෙ මල්ලියෙ ඒක කලින් දැන ගන්නෙ? :D

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒක නම් වැදගත් ප්‍රශ්නයක් ඩූඩ්. දිගින් දිගටම කමෙන්ට්ස්වලට රිප්ලයි නැතිවුනාම මටත් කමෙන්ට් කරන්න හිතෙන්නෙ නෑ.

      Delete
    2. මමත් එහෙමයි...මාරෙ මේවට උත්තර දීපන්...

      Delete
  52. Blog එකක් අග ඉඳන් මුලට කියවන්න පට්ට කම්මැලි වුනත් අද නම් මේ සම්භාවය අල කෑම කියවලා බොක්ක කොර වෙන්න ලේ ධාතුව පිිසිදු කරගත්තා. සෑර්ට ඕං පිං

    ReplyDelete
  53. බලන්නේ නැතුව ඉන්න හැදුවේ එත් දැන්නම් නොබලාම බැහැ.

    ReplyDelete
  54. අද ලෝකයේ මෙවැනි චිත්‍රපට හදුන්වන්නේ පුවත් පත් ,වලින් බ්ලොග් වලින් පමනක් "නැරඹිය" (කියවිය) යුතු චිත්‍රපටි කියාය. මෙතනින් බලගත්තම මට ඇති.

    ReplyDelete
  55. ‍ෆිල්ම් එක බලන්න ආසාවෙන් හිටියේනමුත් දැන් ඒ ආසාව ගියා. ඒක එච්චරටම අවුල්ද?

    ReplyDelete
  56. සම්භාව්‍ය චිත්‍රපට තේරෙන්නෙත් නෑ.ඒවාට ලියන විචාර තේරෙන්නෙත් නෑ.හැබැයි මාරයාගේ විචාරය නම් හොදට තේරෙනවා.

    ReplyDelete
  57. රුපියල් 160 කට කෙල වීමේ කරුමය!

    ReplyDelete
  58. එය දැන උගත් වැඩිහිටියන් ට විය.
    _________________________
    සිනමා හළේ පිටිපස ම අසුනකට බරවී ඒ සුසුම් හඬ අසා උන්නෙමි.ලංකාවේ පවතින සිනමා හළවල් වල ඇති නියම ශබ්ද වාහිනියන් දෙසවන මරුවට පිනවන නිසාම ඇගේ සුසුම් හඬ ඇඟ කිරි ගැන්විය.කම් නැත.එය ඇරඹුණි.කර්ම චිත්‍රපටයක් වෙනුවට සිනමා සිත්තමක් ම විය.චරිත 3ක් පමණක් භාවිතයෙන් ප්‍රසන්නයන් සැබෑ පෙරලියක් කොට ඇති වග පසක් විය.තේමාව " පියයුරු පිළිකා "ව සම්බන්ධයෙන් විය.ලංකාවේ චිත්‍රපට කලාව තුළ මෙවන් තේමාවන් විරළය .එනිසාවෙන්ම හුදී ප්‍රේක්ෂක ජනයාගේ බුද්ධි මට්ටම සැබවින්ම ප්‍රත්‍යක්ෂකරණයේදී ඍජුවම බලපාන්නකි.ඒ තුළ බොහෝ පිරිස් අසරණ වනු ඇස් පනාපිට ම දුටිමි.මේ චරිත තුනේ පිහිටීම සැබවින්ම විෂම තලයන් 3ක් මත වේ.නමුත් මුල් ගැලවුණු රුක් තුනක් සේ මන් එය දුටිමි.ගස් තුනම එකම වනයක තුන් තැනක වෙති.ගස් දෙකක් පමණක් සුලන් හමන විටක පණක් එකට ගෑවෙති .නමුත් තෙවන ගස සැබවින්ම තනිකඩය.මෙන්න මේ තනිකඩ ගස උඩින් නොපෙනෙන යටින් දිවෙන මුලක් ඔස්සේ එක ගසක් හා බැඳෙන'යුරු සැබවින්ම සිනමාරූපිව ගොඩනගන්න ට ප්‍රසන්නයන් උත්සහ ගෙන ඇතිවා පමණක් නොව එකී කාරණාව ජය ගෙනද ඇත.ඒ සඳහා ප්‍රස්තුතය කොටගත් පියයුරු පිළිකාවේ තේමාන්නතිය මනාව මෙහෙයවන ඔහු ඒ තුලින් ගොඩනගන මානුෂ කතිකාව ඔස්සේ තල දෙකක් ඉස්මතු කරන අයුරු මම දුටිමි.එක නම් මානව සමාජ සන්දර්භයේ අන්තර් පුද්ගල සම්බන්ධතා ගොඩනැගෙන විධි ක්‍රමයන් හා එහිදී එකී සම්බන්ධතා මිනිස් හැඟීම් ග්‍රහණය කරන අයුරුය.දෙක නම් පිළිකා රෝගියෙක්,ඇගේ කුස තුල වැඩෙන යුක්තානුවක් , එයට සැහැසි ලෙස විරුද්ධ වෙන ගබ්සාවක්.....මේ සියල්ල තුල ඉස්මතුවෙන ස්ත්‍රීවාදී මව්වත් ගුණයේ අසරණ කමත්,අවසන නිර්භීත අභියෝගයේ භාර ගැනීමත් හා තනිකඩ ගසේ සෙවන ලැබීමත්ය.
    පියල් චරිතය අවිවාදිතය.නදිකයන් ගේ සිනමා ප්‍රවේශය පැසසිය යුත්තකි.ඇය අගේ උපරිමය කළා ය.රංගය සාර්තකය.
    කැමරාකරණය උපරිම තලයේ පැවතුනි.රොක් සංගීත මුසුව විටෙක භාවනාව විනාශ කලද ඇතැම් තැනක සංගීත සුසංයෝජනය ප්‍රබලය.
    මේ චරිත කතා කරන්නේ නැත.කතා කරන්නේ සිනමා පටය නැරඹා එලියට එන අපය.
    ඒ තුලම ප්‍රසන්න සාර්ථකය.

    මා මෙය වින්ද බව පැවසිය යුතුමය.
    කර්ම.

    ReplyDelete
  59. උඹ බලලා තියෙන උඹට හිතෙන හැටියට ලන්කාවේ හොඳම චිත්‍රපටි 4ක් 5ක් කියහන්කො බලන්න මාරයෝ..මට ආසයි දැනගන්න....

    ReplyDelete
    Replies
    1. මෑත කාලීනව හැදුන ඒවයෙන් බව දුක/බව කර්ම දෙකට වගේම ඉර මැදියමටත් ටිකක් කැමතියි... එයිට අමතරව ධර්මසිරිගේ හංස විලට කැමතියි...ආ පුරහඳ කළුවරත් මටනං හොඳයි... එයිට අමතරව මාතලං..කොළඹ සන්නිය වගේ ඒවටත් කැමතියි...

      ගුරු ගෙදර බලන්න හිතං හිටියට මට තාම ලැබුනේ නැහැ... තව එකක් තිබුනා මට නම මතක නැහැ දැන්..සංගීතයි යසෝධයි සහෝදරියන්ට හිටියා වගේ මතක...

      Delete
  60. ගුරුගෙදරෙ සංගීත නෑ. රවීන්ද්‍ර, අනෝජා, ජක්සන්, අසෝක. ඒක පස්ට පිචැර් එක. අන්න පිචැර්. මාරය කියන්නෙ "මාරුතය" වෙන්ටෑ. එකේ නම් අර ඩබල සිගෑට් එක පත්තු කරන් පැරණීම රස්සාවෙ යෙදෙන කතාවක්. ගුරුගෙදර මහගෙදරින් ටිකක් විතර කොපි. 71 කැරැුල්ල 88 ට ගෙනත්. මාරුතය වසන්තගෙ. ඒකත් නරකම නෑ. ගුරුගෙදර විජය ධර්මශ‍්‍රී ගෙ.

    ReplyDelete
  61. adee mama dakapu hondama wichaaraya pattai kolloooooo

    ReplyDelete