16 November 2012

සබරගමුවේ ගල් කොල්ලෝ... පින්තූර සහිතයි...

මහා පරිමානෙන් නොවුනත් මං මේ වෙනකොට රටේ හුගාක් පළාත්වලට පුළු පුළුවන් හැටියකට ගෙහුන් තියෙනවා... ඒ හැම පළාතකම එක එක ආකාරයේ පළාත්වලට ආවේණික ගති ලක්ෂණ දැකලත් තියෙනවා... එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙලා තියෙනවා... මේකත් ඒ වගේ දෙයක්...

මේ පාර මං ගිය සබරගමු පළාතේ චාරිකාවේදී තමයි මට මේ ගල් කොල්ලෝ  හම්බ වෙන්නේ මුලින්ම... මේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ ගල් කොල්ලෝ දෙතුන් දෙනෙක්... එතකොට ඇයි මං මේ කෑගල්ලේ ගල් කොල්ලෝ කියලා නොකියා මුංව සබරගමුවේ ගල් කොල්ලෝ කියලා හදුන්වලා දෙන්න හිතුවේ... ඒකටත් තව හේතුවක් තියේ... මුංව දකින්න කලින් මං දැනට අවුරුදු ගානකට කලියෙන් තවත් ගල්කොල්ලෙක් දැකලා තිබුනා... ඒකා හිටියේ රත්නපුර දිස්ත්‍රීක්කයේ... මට මුං දෙන්නා දැක්ක ගමන් මතක් උනේ ඌව... ඌ තමා ඒ දවස්වල හිටිය ලොකුම ගල් කොල්ලා... ඉතිං රත්නපුරේ ගල් කොල්ලාවයි.. කෑගල්ලේ ගල් කොල්ලෝ දෙන්නවයි සිහි උනාම සබරගමුවේ කියලා පොදුවේ කිව්වැකිනේ කට පුරාම...

මෙන්න මේ ගල් කොල්ලන්ගේ පින්තූර...













කලින් මං දැක්ක ගල් කොල්ලා කවුද කියලා රත්නපුරේ ඈයෝනං දන්නවා ඇති... මතක කෙනෙක් හිටියොත් කියමු බලන්න..තාමත් මෑන් ඉන්නවා මයේ හිතේ... ඌත් ඒ දවස්වල මෙහෙමමයි...

----------------

මේක දැකලා දුක හිතුන කවුරු හරි හැකියාවක් ඇත්තෙක් ඉන්නවනං මහීපාල ගොයියට හරි සියඹලාපිටිය ගොයියට හරි කයලා ඇන්ද උන්වම යවලා හරි ඔය ටික මකවලා දාන්න ඇහැකිනං හරි වටිනවා... අච්චර ලස්සන ඕළු ඇල්ල ගාවත් පිංතූරයක් ගන්න බැරි වෙන්නම මුං ගල් සෙල්ලං කරලා... අපි දන්න හින්දා හොදයි... සංචාරය කොරන්න එන සුද්දෙක් හරි මොකෙක් හරි එකෙක් ආවනං ගල් කොල්ලන්ට හිනා වෙවි යයි... හැබැයි ඒ හිනා වෙන්නේ අපිටත් එක්ක වීම ගැන ටිකක් හිතට දුකයි...

56 comments:

  1. හි හී...ගල් කොල්ලෝ...ලැජ්ජාවේ බැරුවා...

    ReplyDelete
  2. ෆූ...අද මම එක වෙලානේ...හි හී...

    ReplyDelete
  3. සිරාවට මුන්ට රජකාලෙ දඩුවම් දෙන්න ඕන...

    ReplyDelete
  4. යාකෝ අරකට කොමෙන් කොලා විතරයි මෙන්න එපාර තවත් එකක් ගල් කොල්ලා යසයි කෙල්ලනේ එක ඇහැක් ඇර බලනු...!

    ReplyDelete
  5. අඩෝ සබරගමුවෙ ඔක්කොම ඔහොම නෑ හරිය.

    අම්මප මේව ඇඳපු උන්ව අල්‍ලගෙන උංගෙ මූනවල් උලන්න ඕන ඔය ගල්වල.

    ReplyDelete
    Replies
    1. :)

      එහෙනම්.. සබරගමුවේ ගල් කොල්ලෝ වැඩියේ නැහැ.

      ඔය වගේම තමා දෙහෙන ඇල්ල ඉස්සරහත් කාලකන්නියෙක් ගලක හංවඩුව කොටලා ගිහින්. ඇල්ලට කලින් පේන්නේ ඒක.

      රත්නපුර දිස්ත්‍රික්කයේ තමා ලංකාවේ වැඩිම දිය ඇලි තියෙන්නේ..

      Delete
    2. 700 ට සුබ පැතුම් !

      Delete
  6. අම්මපා මේක නම් පත්තරේක දාන්න වටිනවා.. කෝ මේ අපේ පත්තර කට්ටිය.....

    ලැජ්ජාවක් තියෙන උන්යෑ මාරයියේ මේවා කරන්නේ....

    ReplyDelete
  7. මාරයා පෝස්ට් දාන්නෙ බොලේ පැයට කිලෝමීටර් 120 ක විතර වේගෙන් නොවැ...දැන් තියෙන එක බලලා ටික වෙලාවකින ඔලුව දානකොට තව එකක්...

    ඔය ශ්‍රීලාල් කියන මන්ද බුද්ධිකයව හොයලා ඔය ගලකටම හේත්තු කරලා මැටි ගහන්න තියෙන්නෙ...නොදකින් කාලකණ්නි මේවා මේ විදියට අපවිත්‍ර‍ කරලා ඡන්දෙ ගන්න පුලුවන් කියලා හිතෙනවා නම් ඌ හොදයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යවන්න... ඉස්සර පිස්සන් කොටුව කිව්වෙත් ඒකටමද කොහෙද...

    ReplyDelete
    Replies
    1. //ඔය ශ්‍රීලාල් කියන මන්ද බුද්ධිකයව හොයලා ඔය ගලකටම හේත්තු කරලා මැටි ගහන්න තියෙන්නෙ//

      උඹ මගුලක් කථා කරනවා , සබරගමු ජනතාව ඕකව යැව්වෙ පලාත් සභාවට . මාරයගේ ආදරණීය ,සංවේදී නායකතුමා අමාත්‍ය පට්ටමකුත් දුන්නා මම හිතන්නේ .!

      Delete
    2. හා .. හා ... එහෙනම් මාරයට වැරදිල. පොස්ට් එකත් අතුරුදන් වෙයිද දන්නෑ, ඉක්මනට සේව්කරගන්න ඕන. :)

      Delete
    3. සබරගමුව පළාත් සභාවේ ඉඩම්, පළාත් වාරිමාර්ග , කෘෂිකර්ම, පශු නිෂ්පාදන, පශු සෞඛ්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු පිලිබඳ ඇමති තුමා ශ්‍රී ලාල් කෙනෙකු බව දැන ගන්නට ලැබුනා.

      ඔය දිය ඇලි වාරි මාර්ග ගණයට අයත් වෙනවා ඇති.

      Delete
  8. ඔය ශ්‍රී විස්සෙ ගොයියට දෙන්න ඕනා කතිරෙන්ම නැති බංගස්ථාන වෙන්ට. කෝටි 20x20 වත් දඩ ගහන්න ඕනා, සොබාලංකාරෙට කරලා තියෙන නස්පැත්තියට.

    ReplyDelete
  9. ඇත්තටම සුද්දෝ අහනවා. මම නම් උන්ට ඇත්ත කියනවා. සමහර උන් නම් අම්බ පච ඇදලා අරිනවා. උන් කියන්නේ දඹුලු ගලයි සීගිරියයි හරි බේරිලා තියෙන එක ළොකු දෙයක් කියලා.

    ReplyDelete
  10. සබරගමුවේ දියඇලි බහුලයි , එකෙක් නෙවෙයි ගල් කොල්ලො ,කෙල්ලො ඕනි තරම් ඇති !

    ReplyDelete
  11. අච්චර ලස්සන ඇල්ලක් අස්සෙ මේ ගල් කොල්ලො මක්ක කරලද මන්ද. මම ඔය පැත්තෙ හිටියනම් දෙන්න හිටියත් ඕක දැක්කට පස්සෙ දෙන්නෑ මනාපයක්.

    ReplyDelete
  12. දුක හිතෙනව දැක්කාම .කොහොම මේ වගේ වැඩ කරනවද මන්දා .

    ReplyDelete
  13. නොදකින් මෙහෙමත් ගල් කොල්ලෝ.. කන තැන රෙනවා කියන්නේ මේ වගේ ඒවට තමයි..


    ReplyDelete
  14. ඇත්ත. සොබාදහම විනාසයි ඉතිං

    ReplyDelete
  15. he he owwa nawaththanna be maraiye. Mun makawala ganna wenawa.
    Undela hari chandinowe.

    ReplyDelete
  16. මූ නිකන් මාතෘකාව දාල තියෙන්නෙ
    මේක බලන්න එන උන් ඔක්කොම
    අහවල් සබ්ජෙක්ට් එකේ කියලා හිතලද කොහෙද....!

    ReplyDelete
    Replies
    1. කවදාවත්ම නොවී විරූ විදිහට මාරයා හිට් පස්සේ දුවනවද කියලත් හිතුනා නිශ්...

      කතාව මචන් ඔතන විතරක් නෙමෙයි, රාවනා ඇල්ල.. දුන්හිඳ ඇල්ල මග දිගට.. කුරුණෑගල ඇතා ගල.. මේ හැම එකක්ම ඔය උවදුරට ගොදුරු වෙනවා.. මාතලන් කිව්ව වගේ සුද්දන්ට මල පනිනවා මේවා දැක්කම...

      Delete
    2. //කවදාවත්ම නොවී විරූ විදිහට මාරයා හිට් පස්සේ දුවනවද කියලත් හිතුනා නිශ්...//

      :D:D:D

      එහෙම හිට් පස්සේ දුවනවනං බං මේකේ මං කරන්නේ මුලින්ම ඇනෝලට ඉඩ දෙන එකයි... එයින් පස්සේ මහින්දට ගුණ වයලා එක පොස්ට් එකයි දාන්න ඕන..මේකේ ඇනෝ කමෙන්ට් දාලා බනින්න එන උන් හරහා හිට් නැග්ගියෑකි ඕන තරං... ඒත් එහෙම අමාරුවක් තාමත් නැති හින්දා තමා මේ ගානෙන් යන්නේ...

      දැන් ටිකකට කලින් එකෙක් මැසේජ් එකක් දාලා "ඈ යකෝ 700ට ගල් කොල්ලෝ ගැනද?" කියලා අහනකොටයි මට ඒ වග මතක් උනෙත්... හිට් කවුන්ටරේ දිහා බලාගෙන කුණු ගොඩවල් අවුස්සගෙන ඇනෝ කමෙන්ට් ඇරගෙන මංම මට "ෂා ෂෝක් අයියා" කියාගන්න මට්ටමට මම තාම ඇවිත් නැහැ නෙව... :D

      Delete
    3. අන්තිමේට මම පොඩ්ඩක් සාර්ථක වුනා.. පහු ගිය ටිකේම උඹ මගේ කමෙන්ට් වලට රිප්ලයි කරේ නෑ නොවැ... දැන් හරි... ආයේ නොකලත් කමක් නෑ.... :D :D :D

      Delete
  17. කුරුණෑගල ඇතා ගලත් හොඳම උදාහරණයක් තමයි. තව පන්සල් වල ඈතට පේන ගල් කදු එහෙමත් මුන්ට පෙන්නන්නම බෑ. අපි දන්න හින්දා හොඳයි.මම කියන්නේ නීතියත් ගේන්න ඕනේ මේ වගේ සොබාදහම විනාශකරන උදවියට විරැද්ධව. අනික තමයි අපි මුන්ව මනාපයෙන් පත් කරගන්න එකත් වැරදියි.මෙහෙම විනාශ කරද්දි අපිවත් විනාශ කරන එක ලොකු වැඩක් නෙවෙයි නේ.

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ඡන්දෙ කාලෙය ඔය යක්කු පුලුවන්නම් පස්චාත් භාගයෙත් තමන්ගෙ නම ලියයි. හැබැයි මාරයියෙ කැත ටෝක් එක ඈ. මාතෘකාව සබරගමුවේ ඡන්දෙ ඉල්ලන ගල් කොල්ලො වෙන්න ඕනෙ. නැත්නම් අපිට යකා නගිනව හරිය

    ReplyDelete
  20. ශ්‍රී ලාල් ගොය්යා දැන් ඉන්නේ අසනීප වෙලා (පැරලයිස්) තවම වැඩි ගුණයක් නෑ මම හිතන්නේ. හරියට ඇවිදින්න කරන්න බෑ. හැබැයි මිනිහගේ ඇමති පට්ටම නම් තාම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අගමැති සිහි මුණින් නැතුව ඉන්න රටේ ඕය පලාත් ඇ - මැට්ටෙක් පැරලයිස් වුනාට තනතුර අයින් කළ යුතු නැහැ.

      සොබා දහම දෙනවා මේවට රිටන් එක. මතකනේ 2004 දී. එදාට යන්න පාර මදි.

      Delete
  21. හි හි අයියෝ ගල් කොල්ලෝ.. ඔය නැති කරලා තියෙන්නේ අපේ ලස්සන රට ගල් කොල්ලන්ට තියෙන්නේ ගල් මොලනේ ඉතින් කොහෙද ඒකවත් තේරෙන්නේ

    ReplyDelete
  22. අපිනම් එහෙම නෑ ඕන්. හි හි

    ඔය කාලකන්ණි ටික කන්නේ අපේ ඉහ මොළ විතරක් නෙවෙයි. නිකන් බලලා රස විඳින්න තියෙන පරිසරයත් කනවා. ටික දවසකට කලින් චන්දෙට වැඩ කරපු කෙල්ලෙකුත් හම්බ උනා මුත්‍රා සාම්පල් එකක් බලන්න යද්දී.

    කාලකන්නි බල්ලො.

    ReplyDelete
  23. මං හිතන්නෙ උන් ඉතිහාස ගතවෙන්න කල වැඩක්

    ..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
  24. මහීපාලට කියල වැඩක් නැති වෙයි.එයත් ගල් කොල්ලෙක් නේ. 11 ෆොටෝව බලන්න. හැබැයි ශ්‍රී ගේ ලකුණු දා ගැනීමක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  25. මමත් ඔය ගල් වල නම් ගහනවා දැකලා තියෙනවා සෑහෙන කාලෙක ඉඳලා. කොටින්ම ලාම්පු කලගෙඩි සෙල්ලමටත් කලින් ඉඳලා.
    ගල් කොල්ලෝ! :)

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ජේ . වී පි එක කාලයක් පාර හැම තැනම සීනු අඳින්න ගත්තා. දැන් එක තහනම් ද කොහෙද. දේශපාලකයෝ විතරක් නෙවෙයි ලංකාවේ ඕනෑම පළාතකට , වැවු ඉව්රකට , පැරණි පුජනිය ස්ථානයකට , මිහින්තලේට , සිතුල්පව්වට ගියොත් ගස් වල හිටන් මේ නම් , වාහන නොම්මර , කුණුහරුප ලියවිල්ල බලාගන්න පුළුවන් දැන් අවුරුදු බර ගානක ඉඳන් . හරිම අපරාධයක්. දැක්කහම හිත දුෂ්‍ය වෙනවා.

      සුද්දෝ ඇවිල්ල ලියල යනවයි ? නැහැ නේ. ලංකාවේම ලාංකේය අභිමානය පෙන්වන වැඩ !

      :(

      Delete
  26. ගල් ටික කාලා නේ .

    ReplyDelete
  27. මම දවසක් රජ කාලේ කතාවක් ගැන ටෙලි නාට්‍යයක් බලද්දී පසුබිමේ දැක්කා ඈතින් මේ වගේ ගල් කොල්ලෙකුගේ දැන්වීමක්. :)

    ReplyDelete
  28. ගලක් පෙන්නන්න බැහැ වගේ :P

    ReplyDelete
  29. ගල් නම් හරි එත් මුන් කොල්ලෝ වුනේ කොහොමද?

    ReplyDelete
  30. උඹට මතක නම් කලින් පෝස්ට් එකට මම ඇහැව්වා වගේ මතකයි...ඕය පුත්තලම් බූරුවො ගැන.

    ReplyDelete
  31. මුන්ට කියන්න ඕනේ ගල් කොල්ලෝ නෙමි ගල් ~@!$#^%$^ කියල , මේ ගම් වල උන්ට වත් මේවා මකල දාන්න ඕනේ කියල හිතෙන්නේ නැද්ද ඔක්කොම එවුන් එකයි ගල් `#!@@$#%^$^

    ReplyDelete
  32. මොකක් කීවා උඹට පිස්සුද මාරයෝ ඔය කියන උන්දලා දෙන්නත් ගල් කොල්ලෝ තමයි. දැන් ලොකු එකාගේ පොඩි එකත් ගල් කොල්ලෙක්. උඹ මකවන්න කීව එවුන් ඇවිත් උඹව මකවලා යයි. ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව.

    ReplyDelete
  33. මුන්ට ගල් "කොල්ලෝ" කිව්වත් හොඳ වැඩියි!!!

    ReplyDelete
  34. ඔක්කොම ගල් කොල්ලෝ බලලා ඒකට කමෙන්ට් කරපු එකේ මම 700 සුභ පතලා යන්නම්..

    කෝම උනත් අපරාඳේ අෆ්ෆා ගල් ටික.. කතානියා බීච් එක කිට්ටුවත් තියෙන ලාවා ගල් ටිකේ තත්වේ මේකලු.. අපේ උන්දැලා වගේ තමයි බලන් යද්දි ඉතාලි කාරයෝ.. :)

    ReplyDelete
  35. අනේ ඇත්තට වෙන කිසිම රටක නෑ මෙහෙම සයිකො කාරයො නං.... :/

    ReplyDelete
  36. mata bakas gala hina giya ban..
    ane mewa hadanna baha machan...
    kohe hari ekek innawane..
    monawa unath hina giya mata dakka gaman...

    ReplyDelete
  37. කාලකන්නියන්ට ඕන කොක්කෙන් හරි කෙක්කෙන් හරි තමන්ගේ දේ කරගන්න විතරයි මාරයා.

    ReplyDelete
  38. ඔව්වට කියන්නේ කාලකන්නි කම ... 700 ට හදපිරි සුභ පැතුම් මාරයියේ ...:D

    ReplyDelete
  39. 700 ට සුභ පැතුම්.මම 600 ක් වත් කියවල ඇති.

    ReplyDelete
  40. මේව දැක්කම නම් දුක හිතෙනවා... මිනිස්සු මේ තරම් නපුරු අයිද මන්දා.... මේ මිනිස්සු සොබාදහම වනසලම දානවා.

    ReplyDelete
  41. මේ කාලකන්නි හැත්ත මේ අවලං වැඩ ඊළඟ පරපුරටත් උගන්නන එක වළක්වන්නයි වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ. මුන්ගේ ඇමතිකම් මහ ඇමතිකම් බල්ලාගෙ පුකේ බැඳපු මීයක්‌ හා සමානයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  42. මාරයා අයියේ, සති දෙකකට කලින් මුල ඉඳන් කියවන්න පටන් අරන් අද තමයි ඔක්කොම කියෝලා ඉවර වුනේ. බ්ලොග් එක මරු. දිගට ම ලියන්න. ඔබට ජය!!!

    ReplyDelete
  43. ඒ අපේ බලප්‍රෙද්ශය ඈ...

    ReplyDelete
  44. යකෝ මම රත්නපුරේ ඉඳලත් මෙහෙම තැන තියනවා කියල දන්නේ නෑනේ. ගල් කොල්ල ව නම් උල තියන්න වටිනවා මෙච්චර ලස්සන තැනක් විනාස කලාට.

    ReplyDelete
  45. මෙවට කියන්න දෙයක් නෑ අෆ්ෆා ..මුන් කොම හරි මුන්ගේ වැඩේ කර ගන්න බලනවා ...
    මාත් මාර සමාගමට බැදුණා ඕන්

    ReplyDelete