10 December 2012

ආදර සබඳතා.. ලිංගික සබඳතා...බඩ වීම හා හේදීම...12+

21න් පහල නෙවෙයි 18න් පහල උනුත් කියෙව්වාට මට ප්‍රශ්නයක් නැත... මගේ හිතේ හැටියටනම් අවුරුදු 12ක් පමණ වූ උන් කියෙව්වාටද වැරැද්දක් නැත... කොල්ලන්ට නැට්ටට කිරි උණන කාලේදීම (කෙල්ලන්ට මොකක් කියලද කියන්නේ..?)  ඒ ගැන දැන සිටීම වැදගත්ය...
--------------------------
මේක මේ ලියන්ට හිතං හිටියේ අද උදේ.. ඒත් තවත් යා යුතුම හදිසි ගමනක් යන්ට උන හින්දා වැඩේට අත ගහන්ට පරක්කු උනා...

මෙව්වා මට අදාල කතා නොවුනත් දන්න කියන දේවල් තියෙද්දී නොකියා ඉන්න එක හරි නැහැ කියලා හිතෙන හින්දා ඕන එකක් කියලා ලියලා දාන්ට හිතුවා...

කෙලින්ම කතාවට බහිමු...

අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ...?

අනිත් උන්ගෙන් කාරි නැහැ...මං කතා කරන්නං මගේ අත්දැකීම් උඩ පිහිටලා... කට්ටිය විස්වාස කලත් නොකලත් මේ වෙද්දී දුසිම් දෙකකට ආසන්න ආදර සම්බන්ධතා තිබුන එකෙක් මං. ඒ කිව්වහම හිතන්න එපා අපෝ මූ මහ කුපාඩියෙක්නේ කියලා...(හිතුවත් මට මොකෝ..) මොකද ඒ හැම එකක්ම කෙරුනේ කාලයට අනුව බොහෝම අවංක චේතනාවෙන් මිසක ඇන්නා පැන්නා කියලා හිතලනං නෙවෙයි.. මං මේ මගේ නම සුද්ද කර ගන්න හිතනවා නෙවෙයි. ආයේ ඉතිං එහෙම කලානං මෙතන ඒ වග කියන්ට බය වෙන එකෙකුත් නෙවෙයි මං... ඒත් බොක්කට‍ කෙලින් කිව්වොත් ලව් කරද්දී බොක්කෙන්ම ලව් කලා මිස කවදාවත් ඇන්නා පැන්නා ක්‍රමේට ලව් කරලා නැහැ කියලත් කියන්ට එපෑ...

ඉතිං ඒ වගේ කරපු ලව් කිරිලි මත මට මේ කාරණය ගැන කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා...
-----------------------

හරි ඔන්න අපි යාළු උනා.. දැන් ඊ ළගට... 

අපි කන්නෙ ඉටි පන්දං හඳුන් කූරුත් නෙවෙයිනං... සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු පරාණවල තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන එද්දී ඕනම ගැහැණියක හෝ පුරුෂයකුටම විරුද්ධ ලිංගිකයින් ගැන හැගීමක්..ආකර්ෂණයක් ඇති වෙනවා.. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ මොනවා නමුත් අවුලක් තියෙනවනං විතරයි...

එහෙම හෝමෝන අවුලක් නැති හැම එකාටම හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවා... මටත් තිබුණා.. :D

ඔය උත්තරීතර ප්‍රේමය... ප්‍රේමය නම් රාගයෙන් තොර අහවල් එකකි කියන අය ගැන මං දන්නේ නැහැ..හැබැයි කොල්ලෙක් උනානං ඔය කාලෙදි තමුන්ගේ ලිංගික අවයව ප්‍රාණවත් වීමත්... ලිංගික සබඳතා ගැන කැමැත්තක් ඇතිවීමත් සාමාන්‍ය දෙයක්...

කාන්තා පාර්ශවය ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා... ඒත් අපේ සමාජය විසින් කාන්තා පාර්ශවයේ අයට දීලා තියෙන අනතුරු ඇඟවීම් රාශියක් හින්දා ඒ අය පිරිමි අපිට වඩා ටිකක් ඔය සම්බන්ධව බියක් දක්වනවා.. ඒක අසාධාරනයි කියලා කියන්න බැහැ... මොකද පිරිමියෙකුට ගෑණියෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් පසුව මානසිකව ඇති වන අවුලක් මිස ශාරීරිකව කිසිම අවුලක් නොවන නිසාත්..ගැහැණීයකට මානසික අවුලකට එහා ගිය ශාරීරික අවුල් රාශියකට මුහුණ දෙන්න වෙන නිසාත්... එයින් පළමු දේ තමා කන්‍යාභාවය...

අපි කවුරුත් කියන ජපන් කොඩිය හෙවත් පළමු ලිංගික එකතුවීමෙදී ගැහැණිය විසින් සිය යෝනි මාර්ගයෙන් රුධිරය වැගිර විය යුතුය කියන කාරණය තමා ගැහැණියකට ඇති කන්‍යා භාවය ඔප්පු කල හැකි පිළිගතම හැකි ක්‍රමය වෙන්නේ...(අපේ උන් බඳින්න කලින් වෛද්‍ය පරීක්ෂණයකට නොයන නිසා)  එහෙම කරගන්න බැරි උනානං ඇය කන්‍යාවියක හෙවත් මේ වන තෙක් ලිංගික එක්වීමක් සිදු නොකල පිරිසිදු එකියක නොවන බවට තීරණය වෙනවා... ඒ නිසා ස්ත්‍රියකට පිරිමි අයකුට වඩා ලිංගික හැසිරීමකට යොමු වීම ගැටළුවක් වෙලා තියෙනවා.. අනිත් කාරණය තමා ගැබ් ගැනීම...

පිරිමියකුට කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නොවන..එහෙත් ස්ත්‍රියකට බොහෝ විට විය හැකි නරකම දේ තමා ගැබ් ගැනීම...

එහෙම බැළුවම පිරිමි අපිට ලිංගික එකතු වීමකදී හිතන්න ඕන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන ඇර‍ වෙන ඇති දෙයක් නැහැ. ඒත් ගැහැණියකට ලිංගික රෝග හැරුනු කල සිය කන්‍යාභාවය මෙන්ම ගැබ්ගැනීමට ඇති හැකියාව කියන කාරණා දෙක ගැනම අවධානය යොමු කිරීමට සිදු වෙනවා...

කවුද කියන්නේ ලෝකේ සාධාරණයි කියලා..? මේක මහ අසාධාරණ ලෝකයක්.. ඒත් මේ කතාව ඒ ගැන නෙවෙයි...

මේ කතා කරන්න යන්නේ ගබ්සාව ගැන.. ඒ ගැන මට ලියන්න හිතුනේ මෙන්න මේ ලිපිය හින්දයි...

සාමාන්‍යයෙන් අද කාලයේ පිරිමියෙකුත් ගැහැණියෙකුත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගත්තාට පසුව ඒ දෙදෙනා අතර විවාහයට පෙර සිදු වන ලිංගික සබඳතා ඇති වීමට ඇති හැකියාව වැඩියි... ඒකට හේතු තියෙනවා...

එකක් තමා ආදී කාලයට වඩා අද වෙන කොට විවාහය කියන කාරණාව අපේ අය බොහෝම භයානක දෙයක් හැටියට සැලකීම... විවාහයක් වන්නට පෙර සපුරාගත යුතුය කියා සලකනු ලබන ලයිස්තුව කරුණු රාශීයකින් සමන්විත වීම...

ස්ථීර ආදායම් මාර්ගයක්... ඉඩම් කඩම් වල නිත්‍ය හිමිකම.. නිවාසයක අයිතිය... රථ වාහන.. ආදී  භෞතික සම්පත්හී හිමිකම් නැතිව විවාහයක් වීම නුසුදුසු දෙයක්ය..හා එම නිසා එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන අවසානයෙහි විවාහ වන තෙක් සිය කායික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මගක් නොවීම නිසා එතෙක් කලක් බලා සිටීමට නොහැකි අය තමන්ට හැකි මට්ටමින් ලිංගිකව එකතුවන මාර්ගයන්ට යොමු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.

ඒත් එහෙම කටයුතු කරන අයට තමන් කරන දේ ගැන නිසි අධ්‍යාපනයක්..අවබෝධයක් නැතිනම්..?

අන්න එතනයි ගැටළුව තියෙන්නේ...

සාමාන්‍ය මනුෂ්‍යයින් වශයෙන් ලිංගික අවශ්‍යතා ඇති උනත්.. ඒ ගැන හරි අවබෝධයක් නැති අය නිසා මේ කාරණාව අවසන් වෙන්නේ තවත් කෙල්ලෙක්..ස්ත්‍රියක් අසරණ වීමෙන්... ඇතැම් විට කන්‍යාභාවය අහිමි වීමෙන්..එසේත් නැතිනම් ගැබ් ගැනීමෙන්...

කන්‍යා භාවය කියන කාරණය ගැන කතා කරන එක ඇත්ත වශයෙන්ම විහිළුවක්... පළමු එක්වීමෙදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන/නොවන කියන කාරණය මත ස්ත්‍රියකගේ ලිංගික පාරිශුද්ධිය මැනීම මෝඩයින්ට හොඳ ක්‍රමයක් මිස වෙන එකක් නෙවෙයි කියන එකයි මගේ මතය... උපතින්ම කන්‍යාපටලයක් පිහිටා නැති අය සිටිනවා මෙන්ම ක්‍රිඩා ආදියෙහි යෙදීමේදීත්..ළමා අවධියේදී නොදැනුවත්කම නිසා ලිංග මාර්ගවලට ඇතුළු වන යම් යම් බාහිර දේ නිසාත් ආදී වශයෙන් කන්‍යාපටලය නැති හෝ හානි වූ අය සිටීමට හැකියාව තිබීයදී කන්‍යා පටලයෙන් ස්ත්‍රියකගේ පිරිසිදු කම මැනීම කොතරම් දුරකට සාධාරණද..? 

ඒ විතරක්ද... ඇයි ස්වයං වින්දනය... පිරිමියකුට හැකියාව තියෙනවනම් ඔය අරක මේක පෙන්නන්නේ නැතිව සිය කැමැත්ත මත නිදහසේ ස්වයං වින්දනයෙහි යෙදීමට..ඇයි ගැහැණියට ඒකට තහනමක්... ඇයටත් ඒ සඳහා අවස්ථාව තිබිය යුතුයි.. ඒ වෙනුවෙන් යම් දෙයක් සිය කැමැත්තෙන්ම සිය යෝනි මාර්ගයට ඇතුළු කර ගැනීමට ඇයට ඇති අයිතියට බාධක දාන්න අපිට ඇති අයිතිය මොකක්ද..?

(ඔය කාරණය ගැන සෑහෙන ආසන්න හේතුවක් මට තියෙනවා... ඒකට හේතුව මේ මෑතකදී මං වැඩ කරන තැනට ආසන්න කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවකගේ සිය දිවි හානිකර ගැනීමත් හේතු උනා... ඇය මිය ගියේ ගෙල වැල දා ගැනීමෙන්... එයට හේතු උනේ ඇයට එල්ල වූ අපහාස උපහාස උහුලා ගැනීමට නොහැකි වීම... ඒ අපහාස උපහාසවලට හේතු උනේ ඇයගේ ස්වයං වින්දන කටයුත්තක් ලොවට හෙලිවීම... ඈත ගමකින් ඇවිත් නේවාසිකව සිටි ඇය සිය යෝනි මාර්ගයට ඇතුලත් කර ගත් දෙයක කොටසක් කැඩී එහි සිර වීම නිසා අවසානයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත්..එම කාරණය සිය ආයතනය තුල ප්‍රසිද්ධ වීමත් අවසන ඇය සිය දිවි නසා ගත්තා... කරුමයක මහත... සිය ශරීරය තමන්ට උවමනා අන්දමට හා අනිකෙකුට හිරිහැරයක් නොවන ලෙසින් භාවිතා කල ඇයට වරදක් කියන්නට හිනා වෙන්නට අනිත් උන්ට ඇති අයිතිය කුමක්ද..?ඒ කාරණය මට බොහෝම තදින් හිතට බලපෑවා කිව්වොත් ඒක ඇත්ත... ඇයි ඒකිට තහනම්ද ස්වයං වින්දනය..?අහවල් එක ඒකිගෙද එහෙම නැත්තං සමාජයට අයිති කෑල්ලක්ද..?)

කන්‍යා පටලයට හානි වීම.. ස්වයං වින්දනයට ඇති අයිතිය උදුරා ගැනීම මෙන්ම එයිටත් වඩා විය හැකි භයානකම කරුණ තමා ගැබ් ගැනීම...

විවාහ නොවී තිබියදී ස්ත්‍රියක ගැබ් ගැනීම පවතින සමාජයේ හැටියට බලවත් කරුමයක්... අපි කොයි තරං දියුණුයි කිවුවත්... ලොකු ලොකු දේවල් ගැන කතා කලත්... කොහේ හරි කෙල්ලෙක් බඳින්න කලින් බඩ උනොත් ඒක ගැන පට්ට ගගහා කතා කරන්න අපේ සමාජේ පොරවල් පස්ස ගහන්නේ නැහැ. හරියට මේ වෙනකල් ලෝකයේ කවදාවත්ම සිද්ධ නොවුන අමුතුම දෙයක් විදියට සලකලා අමුතුම සතෙක් දිහා බලන විදියට අර ගැබ් ගත්ත ස්ත්‍රියව දකින්න අපේ අය පුදුම කැමතියි... ලොකුම ‍විහිළුව තමා පිරිමිනං කමක් නැහැ කියමු... ගෑණුත් මෙතනදී එක ගොඩට වැටෙන එකයි... හරියට උන් කවදාවත් පිරිමියෙක් එක්ක බුදිය ගත්තේ නැති... ඇගට ගොඩ වෙන එකාට කකුල් දෙක පළල් කරලා ඉඩ නොදුන්න එවුන් ගානට තමා එවෙලෙට ගෑණුත් අර බඩ වෙච්ච එකීව පට්ට ගහන්නේ...

ඉතිං එහෙම සමාජයක වාවාහයට පෙර ගැබ් ගත් ගෑණියෙකුට ගත හැකි ක්‍රියා මාර්ග මොනවද..?

සිය දිවි නසා ගැනීම... (සමාජයට තියෙන හොඳම උත්තරේ...මල එකී මලා.. ඒක එතැනින් ඉවරයි.. හැබැයි ලොකුම විහිළුව තමා මුලින් අරකිට හිනා උන උනුත් එයින් පස්සේ පටන් ගන්නවා "ඕක මැරෙන්න තරං දෙයක්ද" කියලා තමුන්ගේ සුද්ධවන්ත දේශනාව පැවැත්වීම..)

දරුවා හදා ගැනීම... (ගත හැකි එඩිතරම තීරණය හා අසීරුම තීරණය... අවජාතක ලේබලය වඳින දරුවගෙනුත් සමහර විට දවසක ඇයටම චෝදනාව එල්ල විය හැකියි... එහෙම එකේ රටේ ලෝකේ උන්ගේ කතා ගැන අහන්න දෙයක් නැහැනේ...

දරුවා නැති කිරීම හෙවත් ගබ්සාව... (අවස්ථානූකූලව කල හැකි හොඳම දේ... තමාට සමාජයෙන් එල්ල විය හැකි චෝදනා මග හැරීම..දරුවාගේ පවා චෝදනාවලට උත්තර බැඳීමට සිදු වීමෙන් වැලකීම... තමා බඩ කල එකාගේ හිත සැනසීම වැනි කාරණා රැසක් එක් වර කර ගත හැකි වීම..)

ඒත් මං මුලින් දුන්න ලින්ක් එකේ ඇති කතාව මෙතැනදී වැදගත්...

සමහර විට කට්ටිය කියන්න පුළුවන් ඔය පට්ටපල් බොරුනේ..එහෙම වෙන්නේ නැහැ කියලා.. ඒත් මං දන්න දේ හරහා කියන්න තියෙන දේ තමා සියයට අනූවක් හොර ගබ්සා මධ්‍යස්ථාන වලදී ඔය දේ වෙනවා කියන එක...

මං මෙයිට කලින් වැඩ කරපු තැන හිටිය බඩු කාපර් කෙනෙක් තමයි සරා කියන්නේ... සරා අවුරුදු දෙකක් ඇතුලත වැඩ කරපු තැනත් ගෑණු කිහිප දෙනෙක්ම මං දැනුවත්ව උස්සපු එකෙක්.. හැබැයි ඒ දේවල් උනේ ආයතනයෙන් පිටදී සහ රාජකාරීයට ඒ දේවල් වලින් බාධාවක් නොවුන නිසා මට ඒ ගැන යමක් කල යුතු උනේ නැහැ...

කාලයක් තිස්සේ අදාල කාරණයට හුරු උන සරාට ගබ්සාව ගැන ‍හොඳ අත්දැකීම් තිබුනා වගේම ඒ සම්බන්ධ බොහෝ දෙනාව ඇසුරු නිසුරු කරලා තිබුනා... (මෙතනදී කිව යුතු ප්‍රධාන දෙයක් නම් සරා කයිවාරු කාරයෙක් නොවන බවයි... පොර කරපු දේවලුත් මට අහු උනාට පස්සේ විස්තරේ කිවුවා මිස පොරගේ වැඩ කාටවත් තේරෙන්න කරපුවා නෙවෙයි...)

සරාට අනුව සහ මෑතකදී මට හමු උන ඔය සම්බන්ධ අත්දැකීම් ඇති කිහිප දෙනෙක්ට අනුව ඇත්තටම මං ලින්ක් එකක් දුන්න ලිපියට අදාල දේ සියයට අනූවක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන වල සිද්ධ වෙනවා...

මෙලෝ රහක් නැති.. දැක්කම අමුතු ආසාවක් ඇති නොවන ගෑණු  හැරුනු කල ඇහැට කනට පේන..විශේෂයෙන්ම අඩු වයස්වලින් ගැබ්බර ‍වීම හරහා ගබ්සාවන්ට යොමුවන ගැහැණු ළමුන් වැඩි දෙනෙකුට මේ දේට මූණ පාන්න සිද්ධ වෙනවා...

ඒත් එහෙම කරන්නේ කොහොමද..? ඒ වගේ තැන්වල ගෑණු කෙනෙකුත් ඉන්නවනේ නමට හරි නර්ස් කෙනෙක් කියලා..?

හිතලා බලන්න අමු අමුවේ මිනී මරන්න උදව් දෙන නර්ස් කෙනෙක් ගැන.. එකම දේ තමුන්ට ඒ මිනි මැරුම්වලට හවුල් වීමට හොඳට ගෙවන නිසා ඒ දේට අත් උදව් දෙන ගෑනියෙක් තව කීයක් හරි වැඩි පුර දුන්නම ගබ්සාවක් කර ගන්න එන ගෑණු ළමයට දොස්තර කෙලින එකට විරුද්ධ වෙන්න තරං මනුස්ස කමක් හෝ වෘත්තීය සදාචාරයක් තියේවිද..? සල්ලි හම්බ වෙනවනං උන් තමන්ගේ දුවව උනත් ගෙනත් දොස්තරට දෙයි ‍ආ කෙලපං කියලා... එහෙවු එකේ එහෙම තැන්වල ඉන්න නාමික හෙදියන්ගෙන් ඇති ‍පලක් නැහැ. උනුත් නිකං අර ගණීකා මඩංවල ඉන්න මැඩම්ලා වගේ මිස එයින් එහා එවුන් නෙවෙයි... අනික තමුන්ගේ රස්සාව රැකෙන්නේ දොස්තරගේ රැකියාව හා තෘප්තිය මත කියන දේ දැන ගත්තට පස්සේ උන්ම තමා එතනට එන ගෑණු ළමයින්ව දොස්තරට ඕන විදිවයට සයිස් කරලා දෙන්නෙත්... සමර විට දොස්තර තමුන්ගේ කාරණාව කර ගන්නකල්  කෙල්ලගේ අතපය අල්ලගෙන ඉන්න වගේම කට මිරිකං ඉන්න හෙදියනුත් නැතිව නෙවෙයි...


මේ දේවල් ඇත්තටම අදටත් මේ සමාජයේ සිද්ධ වෙන..හෙටටත් සිද්ධ වෙන දේවල්... හැබැයි අහන කොට අපිට ටිකක් අමාරු තමා.. ඒත් ඇත්ත සැම විටම තිත්තයි කියන්නේ නිකං නෙවෙයි...

මේ අහල පහලක හිටිය එඩරු වෙඳා කියන හාදයා ගැන බොහෝම විස්තර දන්න උදවිය මට හම්බ වෙලා තියෙනවා... (එඬරු පිත්ත උදව් කරගෙන ගබ්සාවන් කරන්න යොමු උන හින්දයි ඔහුට එඬරු වෙදා කියන නම ලැබුනේ... එම ක්‍රමය බ්ලොගය තුල ලිවීම සුදුසු නැති හෙයින් නොලියමි... දන්න අය සමහර විට ඉන්න පුළුවන්... ඒත් ඒ ගැන සඳහන් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...) ඒ විස්තර වලට අනුව එඬරු වෙදා ගබ්සාව වගේම දරුවන් නැති අයට දරුපල ලබා දීමත් සිද්ධ කරපු කෙනෙක්.. හිතා ගතෑකිනේ... එඬරු වෙදා වගේම තවත් හොර වෙද්දු රටේ ඕන තරං ඉන්නවා... ඒ හුඟාක් තැන්වලදී සිද්ධ වෙන්නේ තව තවත් කාන්තාවන් දූෂණයට ලක් වීම මිස වෙන දෙයක් නොවන බවත් කියන්න ඕන...

ඇත්තටම ගබ්සාව හොඳ උත්තරයක්ද..?

කිසිසේත්ම නැත... ගබ්සාවකින් ස්ත්‍රියකට අයහපතක් විනා කිසිදු යහපතක් නැත...

ගබ්සාවේදී සිය ජීවිතයද අවදානමට ලක්වීමට වැඩි අවස්ථාවක් තිබීම...

අවිධිමත් ක්‍රමයන් මගින් සිදුවන ගබ්සාවකින් පසුව නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව නැතිව යාමට වැඩි ඉඩක් තිබීම...

ගබ්සාවෙන් පසුව ගැබ් ගැනීමට හේතු වූ පිරිමියා තමන්ව අතහැර දැමීම...

මේ දේවල් සිද්ධ වෙන්න ඇති හැකියාව ඉතාමත් ඉහලයි...

අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා නිසි ලෙස ජීවානුහරනය නොකල උපකරණ භාවිතය නිසාත්... ගබ්සාවෙන් පසුව ඇතිවන සංකූලතාවයන් වලට නිසි පිළියම් නොයෙදීම වැනි දේ නිසාත් ගබ්සාවට ලක්වන තැනැත්තියගේ ජීවිත අවදානම ඉතා ඉහලයි... ඒ වගේම අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා..ගබ්සාවෙන් පසුව නිසි ලෙසින් ගර්භාෂය පිරිසිදු නොකිරීම වැනි කාරණා මත නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව අහිමි වීම වගේම පිළිකා හා වෙනත් රෝගාබාධයන්ට මුහුණ දීමට සිදු වීමත් විය හැකියි...

ඔය ඔක්කෝමත් අතරේ තමන් ගැබ් ගැනීමට හේතු උන එකා තමන් අතැර යාමේ හැකියාවත් අතිෂයින්ම ඉහලයි.. ඇයි එහෙම වෙන්නේ... ඒකට කාරණා කිහිපයක් තියෙනවා... තමුන්ට දාව උපදින්න ඉන්න එකාව මරන්න පුළුවන් එකාට ඒ මරපු එකාගේ අම්මව දාලා යන එක මහ කජ්ජක් නෙවෙයි... ඒ විතරක්ද.. බොහෝ විට ගබ්සා මධ්‍යස්ථාන වලදී ගබ්සාව කරන එකා කෙල්ලට කෙලිනවා කියන කාරණාව ඒවට කෙල්ලව එක්ක යන උන් හොඳින්ම දන්නවා... මොකද තමන්ට ඒ තැන අල්ලලා දෙන උන්ම ඇතැම් විට ඇත්ත කියන හින්දා... ඉතිං ගබ්සාව කරන්න ගිය තැන දොස්තරත් කෙලිය එකීව බාර ගන්න කැමතිද අරූ..? ඌට කෙලින් පුළුවන් උනාට සහ ළමයා මරන්න එක්ක යන්න පුළුවන් උනාට අනුන් කෙලිය හෝ..අනුන්ගේ අතක් ගෑවුන යෝනී මාර්ගයක් හිමි එකියක්ව බඳින්න අපේ උන් කැමති නැහැ... ඒකයි ඇත්ත.. අනිත් දේ තමා නිසරුභාවය.. දැන් ළමයා නැති කරන්න තීන්දුව ගත්තට ගබ්සාව කල නිසා අනාගතයේදී කෙල්ලට දරුවන් ලැබීමේ හැකියාව අඩු විය හැකි බව දන්නා නිසා නිසරු ලදක්ව බැඳ ගන්නත් ඔය උදවිය කැමති නැහැ...

ආන්න ඒ කාරණා හින්දා අවධාරණයෙන් කියන්න තියෙන දේ නම් ගබ්සාව යනු කල හැකි හොඳම දේ නොවන බවයි.. විශේෂයෙන්ම ගැණූ ළමයි මේකට කැමති වෙන්නේ කොල්ලා තමන්ව දාලා යයි කියලා බයට... ඒ හින්දා ළමයා නැති කරං හරි කොල්ලා තියා ගන්න හිතුවට අන්තිමට සිද්ධ වෙන්නේ ළමයයි කොල්ලයි දෙන්නම නැති වෙලා... මැරෙන්න පොටකුත් හදාගෙන.. වඳ ගෑනියෙක් හැටියට ජීවත් වෙන්නයි...

ආන්න ඒ හින්දා ස්ත්‍රී පාර්ශවය ගබ්සාවට විරුද්ධ වෙන්න වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ප්‍රවේසම් වෙන්න  වග බලා ගත යුතුයි... ‍රටේ උන් කොහොම බණ කිව්වත් අන්තිමට කුණ කන්න වෙන්නේ තමුන්ට කියන දේ අමතක කරන්න එපා...

හරි.. ඒ කියන්නේ උඹලා බඳිනකල් මොනවත්ම නොකර සංවරව හිටපල්ලා කියන එකද..?

අපොයි නැත... එහෙම කරන්න පුළුවන්නං හොඳයි.. ඒත් මං මුලින්ම කිව්වනේ..අපි ඉටිපන්දං හඳුන්කූරු කන උන් නෙවෙයි කියලා... ඒ හින්දා ඔය කියන තරං සදාචාරය ආරක්සාකරගෙන ඉන්න පුළුවන්කමක් නැහැ...

ඒ හින්දා කොයි දේ කලත් සිහි කල්පනාවෙන්.. හොයලා බලලා ආරක්ෂිතව කරන්න මතක තියා ගත්තොත් හොඳයි... හැබැයි ඉතිං අපේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ තව ශත වර්ෂයකටවත් ආරක්ෂිතව බාහිර ලිංගික ක්‍රියාවන් සිදු කරන්නේ කෙසේද යන මාතෘකාව පාසල් පෙළ පොත්වලටනං එන එකක් නැහැ...

අන්න එතනයි ගැටළුව තියෙන්නේ...

නමුත් කවුරුන් හෝ ක්‍රියාත්මක වී වහාම ඒ දේවල් ගැන දුවා දරුවන් දැනුවත් කිරීම ඉතාමත් ඉක්මනින් විය යුතු බවයි මගේ හැගීම... සදාචාරේ සදාචාරේ කිය කිය ඒ ගැන කතා නොකරන එක දවසක් ගානේ රටේ කොහේ හෝ කෙනෙක් දුකට පත්වෙන එක විතරයි සිද්ධ වෙන්නේ...

ඒ නිසා හැකි ඉක්මනින්

ස්වයං වින්දනය යනු කුමක්ද..? එය සිදු කරන  ආකාරයන් මොනවාද.. එහිදී ඇති විය හැකි අහිතකර දේ මොනවාද..? එම අහිතකර තත්වයන් මග හරවාගන්නේ කෙසේද..?

බාහිර ලිංගික ක්‍රියාකාරකම් යනු කුමක්ද..? ආරක්ෂිතව එවැනි දේ කරන්නේ කෙසේද..? ඇතිවිය හැකි ගැටළු මොනවාද..? එයින් අත මිදෙන්නේ කෙසේද..?

යන කාරනා දෙක අනිවාර්යයෙන්ම පාසල් පෙල  පොත්වලට එන්න ඕන වගේම ඒ විෂයන් ඉගැන්වීම සඳහා සුදුසුම පුද්ගලයින් යොමු කිරීමත් වැදගත්... අනිවාර්යයෙන්ම දැනට පාසල්වල ලිංගික විද්‍යා පාඩම් උගන්වන්නට නියමිත ගුරුවරුන් එයින් ඉවත් කිරීමත් කල යුතුයි...

මොකද කිව්වොත් අපි කවුරුත් දන්න පරිදි... ඔය පාඩම්වලට ආවම අපේ ගුරුවරු දැනට කරන්නේ රෑප සටහන් ඇදලා කොටස් නම් කිරීමයි.. හැකි ඉක්මනින් ඒ පාඩමෙන් ලිස්සලා ගිහිල්ලා ඊ ළග පාඩමට යන එකයි සහ.. පුළුවන්නං එම පාඩම දවසට පංතිය මග හැර සිට එයින් පසු දින අනිත් පාඩමට කෙලින්ම යාම නිසායි... මංදා අපේ කාලෙනං උනේ එහෙමයි.. දැන් කොහොමද කියලා දන්න ළමයි කිව්වොත් හොඳයි... අන්තිමට අපිට උනේ මරදානේ පත්තර ලැලි යට හංගලා විකුණන පුංචි පත්තර කෑලි වලින් අධ්‍යාපනික කරුණු හොයන්න... ඒත් ඒ පත්තරවල තියෙන බොහෝ දේ අසාමාන්‍ය බව අපිට තේරුම් ගියේ ඒ ඒ කාරණා අත්විඳින්න ගත්තට පස්සෙයි.. ඒ හින්දා ඒ හරක් විකුණලා කරුණාකරලා පාසල්වල ලිංගික අධ්‍යාපනය ගැන විධිමත්ව කියා දෙන ක්‍රමවත් වැඩ පිළිවෙලකට යා යුතු බව කියාසිටිමින් මෙම ලිපිය අවසන් කරමි... නැතහොත් අපිට සිද්ධ වෙන්නේ හෙට අනිද්දට බ්ලොග් වලින් ඉහත කී කාරණා පැහැදිලි කරමින් ලිපි ලිවීමටය...නමුත් එසේ කල කල්හී අපි කුපාඩි වනු ඇත... (හරි ඉතින් දැනට කියලා වෙනසක් නැහැ තමා.. ඒත් ඉතිං..) එසේත් නැතහොත් හෙට දිනටත් කම්හල්වල සේවිකාවෝ කෙසෙල් කෑලි හිරකරගෙන මිය යන්නට පුළුවන... ගබ්සා මධ්‍යස්ථානයන්හීදී හොර වෙද්දුන්ට සෙල්ලම් බඩු වනු ඇත...

150 comments:

  1. Replies
    1. එකද මන්ද...*#**#*#%%*%^%#^^#

      ඇයි සැකද?

      Delete
    2. දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ තව ශත වර්ෂයකටවත් ආරක්ෂිතව බාහිර ලිංගික ක්‍රියාවන් සිදු කරන්නේ කෙසේද යන මාතෘකාව පාසල් පෙළ පොත්වලටනං එන එකක් නැහැ...

      මාත් හිතන්නෙ ඔතන තමයි වැරැද්ද තියෙන්නෙ කියලයි. ඒ දේවල් අවශ්‍ය වයසෙදි කියල දෙන්නෙ නැත්තං වටෙං පිටෙං ඉගෙන ගන්න දේවල් කොහොමවත් හොඳ දේවල් වෙන්නෙත් නැත්තං වෙන්න තියෙන හානිය වැඩියි කියල තමයි මට හිතෙන්නෙ.

      නියම ලිපියක් මාරයා.

      Delete
    3. ප්‍රසන්න අයියත් මේ වගේ පොස්ට් එකකදී පැනලම එනවා නේද?

      මුට්ටියත් දාලා තියෙන්නේ... 1ද මන්දා... හෙහ් හෙහ් හෙහ්...

      Delete
  2. සම්පූර්ණයෙන්ම කියවන ලදී... කෝ බලන්න උඩින් පල්ලෙන් මේක කියවපු අය අත උස්සන්න..



    බ්ලොග් නොලියන ලකීසිරි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ලකී අයිය විනාඩි හතරකදි මේක සම්පූර්ණයෙං කියවල තියෙනව. :D

      මම අරක නොලියන අරූ

      Delete
    2. ඒකත් ලිව්වනම් මරූ

      Delete
  3. බැන බැන හිටියේ කෝ මේකා කියලා....

    ReplyDelete
    Replies
    1. මම ලියන්න හිටිය එකක් මාරයියා ලියලා තියෙන්නේ.. ඒත් අර ලිපිය බැලුවම හිතට දැනුන හැගීම මටම දරාගන්න බැරි උන එකේ මේක ලියන්නේ කො‌හොමද කියලා හිත හදාගන්න පුළුවන් උනේ නෑ මට....

      ඔය කියලා තියෙන ඔක්කොම වගේ ඇත්ත... ස්වයං වින්දනය සහ බාහිර ලිංගික ක්‍රියාකාරකම් ගැන ඇත්තටම දැනුවත් කරන්න ඕනේ.... නැත්තම් නොදන්න මගුල් වලට ගිහින් විනාස වෙන ජීවිත ගාන මෙච්චරයි කියලා කියන්න බෑ...

      බලෙන් කරන අතවර වගේ දේවල් පැත්තකින් තියමු...

      මට ඔය ලිංගික හැඟීම ගැන තේරුම් ගන්න අමාරුවක් නෑ... මොකද මාත් අවුරුදු 11ක් යාලුවෙලා ඉඳලා තමයි බැන්දේ...

      නමුත් අද වෙනතුරුත් මට තේරුම් ගන්න බැරි එකම දෙයක් තියෙනවා....

      තමන්ට ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්, තමන්ව බඳින්න බලාපොරොත්තු වෙන කොල්ලෙක් විවාහයෙන් පස්සේ කළයුතු දෙයක් විවාහයට පෙර කරන්න දඟලන්නේ නෑ කියන එක ඇයි කෙල්ලෝ තේරුම් ගන්නේ නැත්තේ කියලා...

      ( මම හිතන දෙයක් තමයි ලිංගිකව එක්වීම නීත්‍යානුකූලව විවාහයේ බලපත්‍රය අතට ආවට පස්සේ කළ යුතු දෙයක් කියන එක... කෙල්ලෙක්ට තියන එකම වගකීමක් සහිත සහතිකය ඒක... ඇත්ත තත්වේ ඒකයි කියලා මම හිතන්නේ.. )

      මේක මෝඩකම නෙවෙයි.. නොදැනුවත්කම නෙවෙයි... රැවටීම නෙවෙයි... තමන් තමන්ව රවට්ටා ගැනීමක් කියලයි මම හිතන්නේ..

      ඇයි මෙහෙම වෙන්නේ.... මට හිතෙන විදියට මේකට ලොකුම වැරදිකාරයා සමාජය....

      අපේ රටේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට නිදහසේ අත් අල්ලගෙන, බදාගෙන, උරහිසට ඔලුව තියාගෙන, ඉණ වටේ අත්දෙක දාගෙන ඉන්න පුළුවන් පාක් කීයක් තියනවද....?

      ඒවට සැරින් සැරේට පැනලා උන්ව එලවන සික්කෝ කොච්චර ඉන්නවද....?

      ලවු කරන එකෙකුට කෙල්ලත් එක්ක තනියෙන්, ආදරෙන් කතාකරන්න රෑම් එකකටම යන්න ඕනේ... එහෙම ගියාම හැඟීම පාලනය කරගන්න මොන යකාටද පුලුවන්... හෙන ‌ගොඩක් කෙල්ලෝ අමාරුවේ වැටෙන්නේ ඒකෙන්... මේ මම හොඳට දැකපු දේවල් ඉස්සර...

      මේ ටික විතරක් කිව්වම ඇති කියලා මම හිතනවා...

      Delete
    2. අහා අති පාරශුද්ධයි හිරුවගේ ප්‍රේමය..

      Delete
    3. සිරාවටම!!
      මේ අනේ කොලඹ සහ එහෙම අවට ඒ වගේ පාක් එකක් තියෙ නම් කියාල්ලකෝ.. මේ සික්කො නැති. මගුල් නටන්න නෙමේ ආදරේ කරන්න(මට නෙමේ යාලුවෙකුට :D )

      Delete
    4. ...//ලවු කරන එකෙකුට කෙල්ලත් එක්ක තනියෙන්, ආදරෙන් කතාකරන්න රෑම් එකකටම යන්න ඕනේ... එහෙම ගියාම හැඟීම පාලනය කරගන්න මොන යකාටද පුලුවන්...//...

      100%ක් එකඟයි. ඒ වගේම තමයි නිදහසේ කතා කරන්න කියලා පාලු තැන් හොයලා දෙන උදවියගෙනුත් පරිස්සම් වෙන්න ඕනි.
      සුමිත් අයියානම් දන්නවා ඇති. අසූ ගණන්වල රත්නපුර ටෙක් එකේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් පොම්ප කැලේ (හරි කිරිඳි ඇල්ලේ හරි) ගිහින් අන්තිමේදී කොල්ලෝ ටිකට කෙල්ලන්ව බාර ගන්න උනාලු. ඒකට හේතුව කොල්ලෝ ටික කෙල්ලන්ව එක්කර ගෙන ගිය එක. ඒත් වැඩේ දීලා තියෙන්නේ ගමේ ඉන්න බජාර් එක.

      Delete
    5. අවුරුදු 11 ක් ලව් කරන එක මෝඩකමක්...මේ මගේ පුද්ගලික අදහසක්...

      Delete
    6. ඒක මෝඩකමක් උනානම් සිරා අපි දෙන්නා අද මේ වගේ ඉන්නේ නෑ නේ... හි හි.. ( 11 කිව්වේ ඉතිං අහපු දවසේ ඉදළා... හැබැයි ලවු කළේ නම් ඊට වඩා අඩු කාලයක්... ඇති ඔයින් ගියා.... හි හි)

      Delete
    7. ඇයි බන් අවුරුදු 11 ක් ලව් කරලා බදිනකොට ඉතිං කිසිම නැවුම් ගතියක් නෑනෙ... රුචි අරුචිකම් අරව මේවා හැමදේම දන්නවනෙ...

      Delete
    8. අපි දෙන්නට නම් එහෙම උනේ නෑ සිරා... රුචි අරුචි කම් ගැන වගේ ගොඩක් දේවල් දැනගත්තේ බැන්දට පස්සේ.... එකට ජීවත් වෙන්න ගත්තම... මොකද අපි දෙන්නට නම් ඇත්තටම බැන්දට පස්සෙ පළවෙනියට කරන්න ගොඩක් දේවල් තිබ්බා.. හි හි... ලවු කරන්න විතරක් නෙවෙයි, රණ්ඩු වෙන්න දේවලුත් මහ ගොඩක් තිබ්බා.. ගමන් බිමන් යන්න, ගෝල්ෆේස් යන්න, ෆිල්ම් බලන්න යන්න.. හි හි.. අපෙ කාලේ එළියට බහින්නත් බයයි නේ... බෝම්බ පුපුරනවනේ.. ( තාම ෆිල්ම් එකක් බලන්න ගියේ නෑ බං... මල ලැජ්ජාවක්... ) ඒක හින්දා වෙන්නැති.. අපි දෙන්න නම් තාම හනිමුන් මූඩ් එකේ තමයි... හි හි..

      හැබැයි ඉතිං හිතේ තියෙන දේ මූණ දිහා බලලා කියන්න පුළුවන් තරම් ළඟ බවක් නම් ඒ වෙනකොටත් තිබුණා.. ඒක තමයි මම හිතන්නේ ඒ අවුරුදු 11 දි අපිට ලැබුණ ලොකුම දේ කියලා මම හිතන්නේ.. වැරැද්දක් කළත් ගුටි කන්න බලාගෙන හරි ඇත්ත කියන්න පුළුවන් අපි දෙන්නටම.... සැකයක් කියලා දෙයක් ඇති වෙන්න ඉඩක් තියන්නෙම නෑ...

      Delete
    9. මාවත් ඔහොම තැන් තැන්වලින් එලෙව්වා කොටින්ම වයස මදි කියලා පේරාදෙණිය මල් වත්ත ඇතුලටවත් මාව ගත්තේ නෑ දැන් නම් ගනියි හැබැයි

      අපිට වුනේ අතේ සතේ නැතිව පාරක් පාරක් ගානේ ඇවිදින්න හොඳ පණ යනකන් ඒ ඇවිද්දෙත් කවුරු හරි දකියි කියලා අතින්වත් අල්ලන‍්නේ නැතිව

      Delete
  4. ගෑණුන්ට ඒක කරන කොට ගබ්සාවක් කියන එකටයි, කිකිලිට ඒක ම කරන් කොට ඔම්ලට් එකක් කියන එකටයි නම් ම්ං විරුද්ධ්යි. :)

    මොනා උනත් ලිංගික අධ්‍යාපනය වැදගත්.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්...
      මයියා...මයියා... මයියා....!!!!
      මෙහෙම ලොජික් අහුවන්නේ එහෙමත් කෙනෙකුටය!

      Delete
    2. අලේ...මයියගෙ ලොජික් එක බලපල්ලකෝ...ඔම්ලට් එක..හි හි හී

      Delete
    3. මාරයා හැම කෑම වේලකටම වගේ ගබ්සාවක් කරනවනේ එහෙම බලන කොට...

      Delete
    4. @රාමා - කිකිළි ගබ්සා මාරේ හෙළා දකිමු.

      Delete
    5. කිකිලිට හම්බ වෙන ඉන්ජෙක්ෂන් එකට ලිංගික අධ්‍යාපනය ලබා දෙමු

      Delete
    6. අඩේ වැරදියට තේරුම් ගන්න එපල්ලා. එන්නත් කටු ගැන මන් කිව්වේ.

      Delete
    7. හික්ස්..සිරාවටම ඇත්ත තමයි.

      Delete
    8. මරු කතාව .මයියගේ කටේ ඔම්ලට් එකක් දාන්න හිතෙනවා.

      Delete
    9. ඔන්න එහෙනම් ශබ්ද කෝෂයට අලුත් වචනයක්....
      ගබ්සාව = ඔම්ලට් දැමීම
      අයිතිය සහ සංරක්ෂණය මයියා

      Delete
    10. ඔම්ලට් යනු බිත්තර සාරු විතරක් නොවේ, ලූණූ, තක්කාලි, අමුමිරිස්, කරපිංච, තෙල්, යනාදී සියළු දේවල සංකලනයකි.

      Delete
  5. වැදගත් ලිපියක්...
    ඇත්තටම මෙව්වා පාසල් වලින්ම කතා බහ කරලා ළමයින් දැනුවත් කරන්ට ඕනේ දේවල්.

    ReplyDelete
  6. මිනිස්සු ඇයි හොද නිවුනු සිල්ගත් විදියට ඉන්න ඕනි..පොත්වල තියෙන නිසාද? නැත්තං අම්මල තාත්තල කියන නිසාද?
    මං නං කියන්නෙ ඕව ටිකක් කොරගත්තාට කමක් නැහැ...හැබැයි ඉතිං බඩවෙන ඒවා ගැන හෙමහිතන්න ඕනි...
    බොරුවට ඕව පරණ වෙවී දුං අල්ල අල්ල තියාගන්නෙ නැතුව ටිකක් හුවමාරු කරගෙන අතුල්ලගෙන වැඩක් ගන්න එක දෙගොල්ලන්ගෙම යුතුකම...
    පරණ වෙලා මයිනහමට හුලං ගහනවා වගේ තඩි බඩ උඩ නැගගෙන පාං පාං ගානවාට වඩා ටිකක් ජම්බු වයෙසෙත් ආතල් එකක් ගත්තාට එේෙක කිසිම වැරැද්දක්ක් නැහැ.. හැබැයි තමුං මොකක්ද කරන්නෙ කෝමද අහවල් අතුරුපලවලිං බේරෙන්නෙ කියලා පරිස්සං වෙන එක හොදයි...

    මිනිස්සු නං ඉතිං නිකං මොකුත් නොකර හිටියාම පොන්නයා කියලා කියනවා..කෙල්ලක් ොටා්ක් කරන්න ග්තතොත් බඩු කාරයා කියනවා..ලෝකෙ සනසවන්න ලෝකෙට ඕනි හැටියට අපිට ඉන්න ඕනි කමක් නැහැ... ඒත් අපි ගැලවෙන මාර්ග ගැන දැනගෙන ඉන්න එක වැදගත්...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හහ්.......නරක නෑ තමයි.

      Delete
  7. කොයි තරම් මහා දිග ලිපියක් වුණත් කියවිය යුතු ලිපියක් කියලයි මට හිතෙන්නේ. මේ ලිපිය කියවද්දි මීට හේතු පාඨ වූ ලිපියත් මම කලින්ම කියවලා තිබුණා.

    ඇත්තටම වරද පටවන්නේ හැම වෙලාවෙම ගැහැණිය වෙතටම බව ගැහැණු අප නිරන්තරයෙන්ම මතක තබා ගත යුතුයි.අත් හදා බැලීම් කරන්න ගිහින් වැඩ වැරදුනාම හොර වෙදුන් ලඟත් ඇඳුම් ගලවන්න වෙන බව මේ ලිපි දෙකම පැහැදිලි කර දෙනවා.

    හැම කාන්තාවක්ම (පිරිමි කියෙව්වත් නැතත් ලිපියේ තියනවා වගේම එයාලට නැති වෙන දෙයක් නැහැ නේ. )අනිවාර්යෙන්ම කියවන්නම ඕන ලිපි දෙකක්.

    ReplyDelete
  8. යකෝ මේක පට්ට දිගයිනෙ... ගෙදර ගිහිල්ලම කියවල ඉවර කරන්නම්...

    /* එහෙම හෝමෝන අවුලක් නැති හැම එකාටම හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවා... මටත් තිබුණා.. :D */

    මටත් තිබුනා කියල තියෙන්නෙ දැන් නැද්ද?... ඕනෙ අයියේ, මේ මනුස්සයට උදව් කරපන්... ;)

    ReplyDelete
    Replies
    1. ඔබා මාමත් හිටියනම්.....

      Delete
  9. හ්ම්ම් සෑහෙන වටිනවා මාරෙ අයියෙ මේ ලිපිය නම්.අහලා නැති දේවලුත් තිබුනා.අර ගෑණු ලමයගෙ සිද්දිය නම් හරිම අපරාදයක් අෆ්ෆා.ඒ ළමයට කොහොම මානසික පීඩනයක් තියෙන්නෙ ඇද්ද.
    කෙහෙල්මල් සදාචාරෙ.අර ඉස්කෝලෙදි උගන්නන කේස් එක නම් 100%ක් ඇත්ත.අපිත් ඉගෙනගත්තෙ එහෙම තමා.

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලෙදි එහෙමයි. ටියුශන් එකේදී මෙහෙමයි.....

      Delete
  10. සුපිරි ලියවිල්ලක්...
    ක්‍රමවේදයට වඩා සිතුම්පැතුම් වල වෙනසක් නැතිව මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කියා මම හිතන්නේ නෑ.

    ReplyDelete
  11. බොහොම පැහැදිලිව කියන්න ඕනි ටික කියල නියමෙටම කියල දීල තියෙනවා. දැන් ඔය සංස්කෘතික සීමා බලෙන් පටවාගෙන නැති රට වලට වඩා අපේ රටේ අතවර, අඩු වයසින් ගැබ් ගැනීම් සහ තවත් අදාළ දේ වැඩියිනේ....

    රැකියා ස්ථාන වල කතන්දර මොන තරම් තියෙනවද.. කාර්යාල අනියම් සම්බන්ධයක ප්‍රතිපලය තමන් විසින්ම අහෝසි කර ගත්ත කෙනෙකුත් අපි අතර හිටියා. ඒ එකක් විතරයි. :)

    ගබ්සාව ගැන කියනවනම් දැනට තියෙන නීතිය තමා හරි. මවගේ ජීවිතයට අනතුරක් නොවන විටකදී පමණක්. එතනින් එහාට අතවරයට ලක් වුනු කෙනෙකුට වුනත් තවත් ජීවිතයක් ගැන තීරණයක් ගන්න අයිතියක් නැහැ. සමහරු අහන්න පුළුවන් තමුන්ගේ කාට හරි එහෙම වුනොත් කියලා. ඒත් වෙනසක් නැහැ. තමන්ගේ කැමැත්තෙන් අකමැත්තෙන් කර ගන්න, එහෙම නැතිනම් වෙන දේට වෙන මනුස්ස පරාණයක් නොදැනම වන්දි ගෙවීම අනුමත කරන්න පුලුවන්ද..

    කරන්න තියෙන්නේ,

    1. හොඳම දේ වලක්වා ගැනීම
    2. වලක්වා ගන්න බැරි වුනොත් ලැබෙන දරුවන් පුළුවන් හැටියට හදා ගැනීම ,
    3. එහෙම බැරිනම් හදා ගන්න පුළුවන් කෙනෙකුට, ආයතනයකට දෙන එක

    2,3 ට ඉතින් අපේ සුපින්වත්, බුද්ධිමත් , මෛත්‍රිය උතුරන ජනතාව අමුතුවෙන් සුදානම් කරන්න වෙන එකක් නැහැ..

    දැන් අපි හරි දියුණුයි

    ReplyDelete
  12. පුදුම වැදගත් දේවල් බන් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ
    ඔක්කොම තියෙනවා..මට දුක මචන් මේ සුදු රෙදි පොරවගන්න
    හදන නිසා තමා ඔච්චර පන පිටින් මිනිස්සුන්ව නිකරුනේ මරල
    දාන්නේ...හැමෝම බබ්බු වෙන එක කවද නවතීද මන්ද බන්...
    අපි හරි සිල්වත් කියන්න මිනිස්සු හරි ආසයි ..ඒ සිල්වත් කම
    හින්ද තව කී දෙනෙක් වල පල්ලට යනවද කියන්න ඒ අය දන්නේ නැහැ ..
    මචන් රු 200 ක් 300 සීයක් වියදන් කරලා ඔය ටික ප්‍රින්ට් කරලා
    අර ආයතනේ උන්ට බෙදල දෙන්න පුළුවන් නම් දීපන්..
    දැන් ඇති හනේ අපි නම් නෙවේ කව්ද අප්පා ඒ කිය කියා..
    පුදුම මිනිස්සු බන් දැන් ඉන්නේ...ඔහොම හරි පුළුවන් දෙයක්
    කරන එක ගැන ස්තූති උබට..

    ReplyDelete
  13. සෑහෙන්න වටින කතා කලයුතු මාතෘකාවක්. අපි කොයිතරම් පිළිගන්න අක මැති වුණත් මේ සංසිධිය රට පුරාම වෙනවා...(ගබ්සාව)....වසරකට 50,000 පන්නනවා.. මම මෙහෙම කියන්නේ මේ පිළිබඳව සමීකශණයක් කරපු කෙනෙක් විදියටයි. අපි කැමති අකමැති කොහොම වුනත් මේක නවත්වනවා කියන එක බොරු.ගොඩාක් තැන් වලට ළමයි අරන් එන්නේ එයාලගෙම දෙමව්පියන්. අනේ මන්දා මේක අද සමාජ පරශ්නයක්.. සල්ලි තියෙන කොටසට ප්‍රයිවට් හොස්පිටල් වලින් බොහෝම ආරක්ශිතව මේක කරගන්නත්, දුප්පතුන්ට අගු පිල් වල සරණ පතන්නත් තමයි අද වෙලා තියෙන්නේ. නීතිය නම් හැමෝටම එකක් වෙන්න ඔන නේද? මගේ පුද්ගලික මතය නම් කාන්තාවගේ අවැසිතාව මත ගබ්සාව නීතිගත කළ යුතුයි කියන එකයි.(මගේ පුද්ගලික මතය පමණි)

    ඒ වගේම යුනිසෙෆ් ආධාරයෙන් පාසල් ළමුන්ට බෙදනු ලැබූ ''උදාවූ යව්වනය'' කියන පොතෙන් නම් ,,,, ඔබ තුමා ඔය කියන, අද දරුවන්ට ලබාදිය යුතු ලිංගික දැනුම ලබාදීමට උත්සාහ ගෙන තිබුණා.ඒකේ ස්වයං වින්දනය, දැරිවියන් එහිදී ආරක්ශා විය යුතු ආකාරය එහෙමත් තිබුණා. මං දන්නා තරමින් දැන් ඒ පොත බෙදන්නේ නෑ.. බෙදපු කාලෙදීත් ඔය පොත් තොග පිටින් 'කුණුහරුප පොත්'' කියලා ඔෆීස් රූම් වල ගොඩ ගහන් ඉඳපු විදුහල්පතිවරු අපිට හමු වුණා. ඔන්න ඕකයි තත්වය.
    වහාම පාසල් අද්යාපනය හරහා ප්‍රමාණවත් ලිංගික දැනුමක්, ඉහත් පෝස්‍ටුවේ ඇති කරුනුද ඇතුළත්ව ලබාදීම සිදුවිය යුතුයි.ඒ අපි වෙනුවෙන් නොවේ.. හෙට දිනන මතු පරපුර වෙනුවෙනුයි. ඒත් අපේ රටේ ඉන්න නිලමක්කාර වහන්තරා ටිකදෙනෙක් එක්ක ඔය වැඩේ කිරීම හරිම අමාරුයි.

    ReplyDelete
  14. කවුද මේකෙ වැරදි ? කොල්ලොද , කෙල්ලොද ? මං හිතන්නෙ දෙගොල්ලොම වැරදි නෑ. අපේ රටේ තරුණ පරම්පරාවට ලිංගිකත්වය මහ ගුප්ත අද්දැකීමක් වෙලා. පුංචි කාලෙ ඉඳන් විරුද්ධ ලිංගිකයෙක් කියන්නෙ පිටසක්වල ජීවියෙක් වගේ. හොදම උදාහරනෙ බලන්න පාරක යන කෙල්ලෙක්ගෙ සායක් හුලඟට උඩ ගිහින් දණහිසෙන් පොඩ්ඩක් උඩ පෙනුනොත් සමහර උන්ට එතනම ක්ෂණික මෝචනෙත් වෙනව. ඔබම දන්නව මේ කියන්නෙ ඇත්තද බොරුද කියල.

    මම කියන්නෙ මේකට එකම විසඳුම තමයි පොඩි කාලෙ ඉඳලම මේව ගැන “නිසි” ඉගැන්වීමක් තියෙන්න ඕන. ගෙදර පොඩි එකා ගාවට එහාගෙදර පොඩි එකියෙක් ඇවිත්,

    “මේ බලන්නකො, ඔයාගෙ එක, මට ඔහොම එකක් නෑනෙ” කියද්දි,

    ‘ඇටෙං පොත්තෙං එලියට එන්නත් කලිං මුන්ගෙ තියෙන වලත්තකම’ කියල තවත් ඔවුන් තුල කුකුසක් ඇති කරන එක නෙවෙයි කරන්න ඕන, හරියට ඒ වයසට තේරෙන විදියට ඒක පැහැදිලි කරල දෙන එක..
    මේ මං කාලෙකට කලින් ලියපු එකක්

    ReplyDelete
    Replies
    1. මේකයි මාරයියේ, අපිත් කියනවා, අපිට වඩා බුද්ධිමත් සමාජයේ පිළිගත්තු උනුත් කියනවා. පණ යනකම් කෑ ගහනවා... ඒත් හැමදාමත් එච්චරයි.ඊට පස්සෙ අපිටම එපා වෙලා නිකං ඉන්නවා. හැමදාමත් ඕකයි උනේ....

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++

      පාසැල් වලින් කෙරෙන නොකෙරෙන දේට වඩා දෙමාපියන්ට පවුලේ වැඩිහිටියන්ට තමයි ඔය දේවල් ගැන යමක් කරන්න පුළුවන්.

      Delete
  15. මාරයා අයියේ නියම ලිපිය...ගොඩාක් වටිනවා....

    ReplyDelete
  16. මම නම් හිතන්නේ ඕක නොදැණුවත් කම නෙමෙයි. අපේ හැම දේම වගේ නොසැලකිලිමත් කම. උඹ කියන විදියට රටේ ඉන්න කෙල්ලෝ මෙළෝ දෙයක් නොදන්න බබ්බු. මම ඒක කීයටවත් පිලිගන්නෙ නෑ. රැවටීම් හා බලෙන් දූෂණය කියන කේස් ඉතා සීමිතයි. ප්‍රධාන දේ ලිංගික අධ්‍යාපනය ලබා දීම නෙමෙයි. ආත්ම ශක්තිය අතින් ඉහල මිනිසුන් බිහි කරන එකයි. අසාධාරණයට විරුද්ධව කතා කරන මිඔනිසුන් බිහි කරන එකයි. බස් එක හෝල්ට් එකක පැය ගනන් නවත්තගෙන ඉන්නවට වචනයක් කතා නොකරන එකා. කන්‍යාභාවය නැතිකරත් කතා කරන්නේ නෑ. අන්තීමට මැරුවත් කතා කරන්නේ නෑ. උඹ දන්නවද ඔය ස්ථාන වලට වැඩිපුරම එන්නේ විවාහක දරුවන් ඉන්න අය කියන එක. උන් එතකොට සෙක්ස් ගැන දන්නෙ නැද්ද. නෑ දන්නවා. ඒත් උපත් පාලනේට යන්නෙ නෑ, මිනිහට බයේ, මිනිහ බයයි ඌට කර ගන්න. කෙලින් වෙන්නෙ නැතිවෙයි කියලා. ගෑණු අනිත් ඒවට මරාගත්තට, තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ නෑ. ඒ නිසා ලිංගික අධ්‍යාපනයට වඩා වටින්නේ ආත්ම ශක්තියක් ඇති මිනිසුන් බිහි කිරීමයි. එවිට මේ ප්‍රශ්ණ ගොඩාක් අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. //උඹ කියන විදියට රටේ ඉන්න කෙල්ලෝ මෙළෝ දෙයක් නොදන්න බබ්බු.//

      ඇයි මාතලෝ..බොට අමතකද බොලාගෙ ''ගණිකා වෘත්තිය, නීතීගත කිරීම (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි.) - ළෙගල් ඵ්‍රොස්ටිටුටිඔන් (Sට්‍රිcට්ල්ය් ෆොර් ඇඩුල්ට්ස්)'' පෝස්ට් එකේ තිබ්බ කමෙන්ට් එහෙම. බවලත් අයගෙ විතරක් නෙමේ පුරුෂ පක්ෂෙ අයගෙත්. බබාල නොවේද?

      Delete
    2. ඒ වෙන කේස් එකක් නේ... හැම එකාම සෙක්ස් දන්නවා...

      Delete
    3. // ඔය ස්ථාන වලට වැඩිපුරම එන්නේ විවාහක දරුවන් ඉන්න අය කියන එක//

      ඇත්තටම එහෙමද?

      Delete
  17. මුලින් කොහොම පටන් ගත්තත් මැද හරියේ කෙල්ල දිවිනසාගැනීම කියවනකොට නම් හිතට මාර දුකක් දැනුනා.
    මේ සමාජයේ කවදත් ගැටලු ඇති වුනේ ගැහැණු අයටම තමයි. වඩා ගැටලුව ඒ ගැටලු මතු කරන්නෙත් බහුතරය කාන්තාවන්ම වීම යි.

    * අවුරුදු ගනන් ගලේවෙල පැත්තෙ පැදපු කෙල්ලො ඕන තරම් කන්‍යා භාවය රැකගෙන වෙන උන්දල එක්ක දීග නොයනවත් නොවෙයි.ඉතින් එදාට නම් මෝඩය වෙන්නේ පැල්ලං හොයන උන්දලම තමා.

    ලිපියේ අග නම් අද කාලේ කවුරුත් කියැවිය යුතුම මෙන්ම හිතට ගතයුතු වටිනා කරුණු රැසක් කියලයි කියන්න තියෙන්නේ.

    මේ කරුණු කොහොම වුණත් තාම පිරිමිත් හිතින් පතනවානේ මටත් කන්‍යාභාවයක් ඉඳුල් කරන්න ඕනැ ය කියා. මේ සිතිවිලි හා සමාජ ශෝධනයක් වෙන තුරු මේ තත්ත්වයන් වෙනසක් වෙන්නේ නෑ.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  18. කාලින වැදගත් කමක් ඇති හොඳ ලිපියක්. ස්වයං වින්දනය වගේම බාහිර ලිංගික ක්‍රියාකාරකම් ගැනත් නිසි දැනුමක් නිසි වයසේදී ලබාදිය යුතු බවයි මගෙත් විස්වාසය. එහෙම නැතිව බඳිනකම් සෙක්ස් කරන්න එපා කියන එක පට්ට විහිළුවක්. මහාචාර්ය නන්දසේන රතනපාල මහතා මේ ගැන යෝජනා කරලා තිබ්බ. ඒත් ඒ යෝජනා වලට මොනවා උනාද මන්ද.

    ReplyDelete
  19. ගබ්සාවට මම කවදත් විරුද්ධයි.. උපත් පාලන ක්‍රම ගැන. ලිංගිකත්වය ගැන අද කාලේ පාසල් යන ගොඩාක් දෙනා දන්නවා. කොල්ලෝ කෙල්ලෝ බේදයකින් තොරව. අද කාලේ ප්‍රේම සම්බන්දතා පටන් ගන්නේ 5වසරේ 6 වසරේ වගේ ඉදලා. ඒත් නිදහසේ ආදරය කරන්න තැන් අද නෑ. ගෝල්ෆේස් ගියත් zoo ගියත් චුට්ටක් තුරුල් කරගත්ත ගමන් පොලීසියෙන් සීන් දානවා. ඉතින් රිංගන්න තියෙන්නේ කොහේ හරි බඩවැටියකට තමයි. ඒ වගේ තැන් වලදී සීමාව බාගෙට පනිනවා. ඊට පස්සේ රූම්.
    තමන්ගේ කෙල්ලට හරියට අදරේ කරන කොල්ලෙක් නම් කෙල්ලව පරිස්සම් කරනවා මිසක් අමාරුවේ දාන්නේ නෑ. මම දන්න ගොඩක් කොල්ලෝ ඉන්නවා උන් යාලු වෙච්ච කෙල්ලෝ එක්ක film බලන්න box රිංගල ඒවයේ ආතල් අපිත් එක්ක කියවනවා. උන් කියන විදිහට එහෙම නොකර කෙල්ලව තියා ගන්න බෑ.
    එතන තියෙන්නේ ආදරේ නෙමෙයි. එහෙම යන්නත් ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. මේ යන විදිහට දැන් ලිංගික නිදහස බොහොම වැඩියි. පස්සට ප්‍රශ්න නොවෙන්න නිවැරදි විදිහට දැනුවත් කරන එකයි කරන්න තියෙන හොදම දේ.

    ReplyDelete
  20. //අපි කොයි තරං දියුණුයි කිවුවත්... ලොකු ලොකු දේවල් ගැන කතා කලත්...//

    පිස්සුද බන් , මේක මහ නොදියුණු ගෝත්‍රික සමාජයක් . ලිංගික අධ්‍යාපනය විතරක් මදි සදාචාරය සංස්කෘතිය බදාගෙන මැරෙන්න හදන මුලු සමාජයම මකවන්න වෙනවා . මේ ගැන ලිපි 3 ,4ක් ලියන්න සිදුවීම් දැන ගත්තත් මම ඉන්න සිමාවේ ඉඳන් කථා කරන්න අමාරුයි . වැදගත් ලිපියක් !

    ReplyDelete
  21. පලවෙනිම දේ ලංකාවේ යුවතියන්ව සංස්කෘතික රාමුවක කොටුකරලා තිබෙන එක. ඒකෙන් යහපතක් වගේම අයහපතකුත් සිද්ධ වෙනවා. මාරයා කියනවා වගේම ස්වයංවින්දනයේ යෙදෙන්න පිරිමියෙකුට පුළුවන්නම් ඇයි කාන්තාවන්ට බැරි ?

    1. කන්‍යාභාවය - ( ඕක නෑ කියලා දැනගත්තම බඳින්න එකෙන් නැති වෙනවා. බැන්ඳම ..බැඳපු එකා පිළිගයිද මේ කන්‍යාභාවය නැති උනේ ස්වයංවින්දනයෙ යෙදීමෙන් කියලා ? කියයි තෝ කී දෙනෙක් එක්ක බුදියලද මා එක්ක ආවේ කියලා )

    පිරිමි එහෙම අහන්නෙ නෑ කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ.මොකද ගෑණු 100ක් එක්ක නිදා ගත්ත පිරිමියෙක් උනත් කන්‍යාභාවය කියන දේ හොයන්න පෙලබෙනවා. නෑ කිව්වොත් බොරු..

    මම දන්න ගෑණු ළමයෙක් ඉන්නවා. ඒකිට කොල්ලෙකුත් උන්නා. ඒ කොල්ලා දවසක් අහලා තියෙනවා ඔය ස්වයංවින්දන කතාව. අනේ මේ කෙල්ලෙ ඒක ඇත්තටම ස්වයංවින්දනයේ යෙදෙන්න පුරුදු වෙලා ඉඳලා තියෙන්නෙ. ඒ බාහිරව. කෙල්ල මේ ගැන කොල්ලට කිව්ව ගමන් අර කොල්ලට යකා නැගලා විතරක් නෙමේ සම්බන්ධයත් නවත්තලා..පේනවනෙ..හැමතැනම ගෑණුන්ට අසාධාරණය..

    ආදරේ කියන්නෙ ලිංගිකත්වයම නෙමේ. හැබැයි ලිංගිකත්වය ආදරයේ කොටසක්. ලිංගිකත්වය ජීවිතයට ඕනා. අවංකවම ආදරය කරනවා නම් කසාද බඳින්න හිතනවා නම්..ආදරය කරද්දී ලිංගිකව එක්වීමක් අවශ්‍යය නෑ නේද... ලිංගිකව එකතු නොවී සතුටක් ලබාගෙන කසාදයෙන් පස්සෙ ලිංගිකව එකතුවීමෙන් නැවුම්ව ජීවිතේ ඉතිරි කාලය බොහෝම සතුටින් යන්න පුළුවන් කියලා මට හිතෙනවා...මොකද කසාද බඳින්න කලින් ඉඳන්ම ලිංගිකව එක්වෙලා ඊට පස්සෙ අර නැවුම් බව නැතුව පටන් ගන්න ජීවිතය නිරස වේවී...අනිවාර්යෙන්ම..

    ගබ්සාව නම් ...අනෙ මන්දා...මෙච්චර උපත් පාලනය කරන්න පුළුවන් ක්‍රම තියෙද්දී...අනවශ්‍ය ගැබ් ගැනීම් මෙච්චරම තියෙන්නෙ ඒ පිළිබඳව දැනුවත් බව අඩු නිසාම වෙන්න ඇති. නැත්තම් ලිංගික එකතුවීමකින් පස්සෙ ගැබ් ගන්නවා කියලා ඕනෑම කෙනෙක් දන්නවනෙ..

    ReplyDelete
    Replies
    1. "අවංකවම ආදරය කරනවා නම් කසාද බඳින්න හිතනවා නම්..ආදරය කරද්දී ලිංගිකව එක්වීමක් අවශ්‍යය නෑ නේද..." මට හිතෙන විදියට නම් මේක පට්ට සාපේක්ෂයි ඔයාට අවශ නැති උනාට තව කෙනෙකුට අවශ වෙන්න පුළුවන්. ඔයාට අනවශ්‍ය උන පලියට අනික් අයගෙන් අවශ්‍ය නෑ නේද කියල අහන එක..... අනේ මන්ද....

      Delete
    2. ඔයා ඉතින් ලිංගිකත්වයෙන් තොර කිසිම දෙයක් නෑ කියන මතයේ ඉන්න කෙනෙක්නෙ..ඔව් මට නැතුවට වෙන කෙනෙකුට ඕනෙ වෙන්න පුළුවන්. එතැනදි තමා අර වගේ සිය දිවි නසා ගැනීම, ගබ්සා කිරීම් වගේ දේවලුත් සිද්ධ වෙන්නෙ.. මේක මෙ මම කතා කරන්නෙ රාගයෙන් තොර ආදරයක් ගැන නෙමේ. රගයත් තියාගෙන..ජීවිතයත් රැකගෙන..ගබ්සාවත් වලක්කගෙන කරන ආදරයක්. :)

      Delete
    3. ළිහිණියා හරි...

      ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න දඟලන්නේ, ඇතුලේ තියෙන්නේ මොනාද කියලා දැනගන්න ඕනේ එකා සහ ඌට වැඩකට ඇති දෙයක් නැත්තම් මඟ දාලා යන්න හදන එකා.... ඒක තේරුම් ගන්න සහ ඒ අනුව වැඩ කරන්න කෙල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ...

      Delete
    4. @ලිහිණි, ඔතන තියෙන්නෙ ප්‍රේමය පිලිඹද වටහාගැනීමක්නේ...!


      ප්‍රේමයෙන් තෘප්තිමත්වීම එකිනෙකාට සාපේක්ෂයි..
      හිතන්න..අපිනම් ප්‍රේමකරන කාලෙ ඇඟට හේත්තුවෙලා බස් එකේ කෝච්චියේ එක සීට් එකේ යනකොට තියෙන හැඟීම...
      ආදරය කරන කාලෙ...ඇස්දෙක දිහා බලන් කතා කිරීම වගේ ඉතා රම්නීය දේවල්නෙ අත් වින්දේ එහෙත් ඒක දැන රමනය දක්වා ගිහිල්ල...හිතා ගන්න බෑ ඒක ප්‍රේමයද වෙන අහවල් එකක්ද කියල.
      අනිත් එක රාගය කිව්වාම ඒකට අයිති වෙන්නේ "රමනය" විතරද...?
      ඇඟට තුරුලු වෙලා යන එකත් එක්තරා රාගයක් කියලයි මට නම් හිතෙන්නෙ.

      Delete
    5. හිරු
      //ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න දඟලන්නේ, ඇතුලේ තියෙන්නේ මොනාද කියලා දැනගන්න ඕනේ එකා සහ ඌට වැඩකට ඇති දෙයක් නැත්තම් මඟ දාලා යන්න හදන එකා.... ඒක තේරුම් ගන්න සහ ඒ අනුව වැඩ කරන්න කෙල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ//

      මේකෙත් ඔයාගෙ කලින් කොමෙන්ටුවෙත් තියෙන දේ සරළව කිව්වොත් "අවංක කොල්ලෙක් නං බඳින්න කලින් ලිංගිකව එක්වෙන්න උත්සාහ දරන්නෙ නැ. කවුරු හරි එහෙම කරනව නං ඌ ‍බොරුකාරයෙක්"

      බොහෝම වැරදිසහගත කියමනක්. අවංකව ආදරය කරන/ලිංගික සම්බන්ධතා තියන ප්‍රේමවන්තයන් ඕන තරම් ඉන්නව. සෝඩගුනේ කිව්ව වගේ ඒක සාපේක්ෂයි.
      ආරක්ෂා වීම කියන්නෙ තමුන්ගෙ වැඩක්. පිරිමින්ට සමාජ රෝග වලින් වගේම කාන්තාවන්ට උඩ කිව්ව ඔක්කොගෙන්ම.

      Delete
    6. ///"අවංක කොල්ලෙක් නං බඳින්න කලින් ලිංගිකව එක්වෙන්න උත්සාහ දරන්නෙ නැ. කවුරු හරි එහෙම කරනව නං ඌ ‍බොරුකාරයෙකa ////

      ඇතත්ටම ඔවු රාජ්.. ඒක තමයි මම කිව්වේ...

      මොකද ඇත්තටම ආදරේ කරන කොල්ලා කල්පනා කරනවා උෟ හදිසියේ මලොත් කෙල්ලට යන කළ දසාව මොකද්ද කියලා... බොහොම සරලව ඔය කිව්‌ෙව්.. ඕක ඔයිට වැඩිය දිග කතාවක්....

      //අවංකව ආදරය කරන/ලිංගික සම්බන්ධතා තියන ප්‍රේමවන්තයන් ඕන තරම් ඉන්නව. ///

      ඉන්නවා.. හැබැයි එහෙම ඒවා බොහොම අඩුයි... ඒ වගේම ඒවාගේ ඒවා ගොඩක් ඉවරවෙන්නේ ඛේදාන්ත වලින්...

      Delete
    7. ...//මොකද කසාද බඳින්න කලින් ඉඳන්ම ලිංගිකව එක්වෙලා ඊට පස්සෙ අර නැවුම් බව නැතුව පටන් ගන්න ජීවිතය නිරස වේවී...අනිවාර්යෙන්ම..//..
      මේ කොටසට මාත් එකඟයි.

      ඒත්,
      අද සමාජයේ අහන්න දකින්න ලැබෙන දේ අනුව දැන් ඉන්න පරම්පරාව අපිට වඩා කොච්චර ඉස්සරහින්ද ඉන්නේ. (මන් අපි කියලා ගත්තේ මට සාපේක්ෂව. ඒ කියන්නේ 2003 A/L) මන් මුලින්ම සෙක්ස් වීඩියෝ එකක් බැලුවේ ඕ ලෙවල් වලින් පස්සේ. ඒ දවස්වල සීඩී වත් හරියකට තිබුනේ නෑ. දැන් නෙට් එකට පින් සිද්ධ වෙන්න 4-5 පොඩි උනුත් බලනවා. ඉතින් උන්ගේ හැගීම් පිට කරන කාලය අනිවා අපිට වඩා අවුරුද්දක්වත් ඉස්සර වෙනවා. ඒත් අපේ ජීවන රටාවත් එක්ක බඳින්න වෙන්නේ 23-25 වගේ වයස් වල. ගොඩක් වෙලාවට 28-30. ඉතින් එතකන් එකෙක්වත් උඩ බලාගෙන ඉන්නෙත් නෑනේ.

      කියන්න තියෙන්නේ "දැනගෙන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග" කියලා තමයි.

      Delete
    8. //ඇඟට තුරුලු වෙලා යන එකත් එක්තරා රාගයක් කියලයි මට නම් හිතෙන්නෙ.//

      මමත් හිතන්නේ එහෙමයි. රාගයෙන් තොර ප්‍රේමයක් නෑ කියන ඒකත් මම පිළිගන්න ලෑස්තියි. හැබැයි රාගය කියන්නේ අර අහවල් කාරණේ විතරක් නෙවෙයි. කොල්ලෙක් බඳින්න කලින් ඒ දේ කරන්නම ඕන කියලා බල කරනවානම් මම හිතන්නේ නෑ එ හරි ප්‍රේමවන්තයෙක් කියලා.

      හේතුව, හිරු කිව්වා වගේ ඌ මැරුණොත් කෙල්ලට මොකද වෙන්නේ? උපත් පාලන ක්‍රම කොයි තරම් තිබුනත් ඒවා 100% නිවැරදි නෑ. හදිසියේ ගැබ් ගැනීමක් උනොත් කෙල්ලට වෙන දේ ගැන හිතන්නේ නැද්ද? හරි කොල්ලෙක්ටනම් තමන්ගේ කෙල්ලගේ නම්බුව, ආරක්ෂාව ගැන හිතලා හැඟීම් පාලනය කරගන්න බැරි කමක් ඇති කියලා මම හිතන්නේ නෑ.

      කොටින්ම ඔය දේ නොකරට වී අයියා කිව්වා වගේ රාගය කියන්නේ ඕක විතරක්ම නෙමෙයි. ඉතින් හැඟීම් පිට කරගන්න ඕනනම් ඔය අන්තෙටම යන්න ඕනද? ඒ අන්තය විතරක්වත් පාලනය කරගන්න තරම් අපේ කොල්ලන්ගේ හිත් හයිය නැද්ද?

      Delete
    9. සයුරි+++++++++++++++ උපත් පාලන ක්‍රම කොයි තරම් තිබුනත් ඒවා 100% නිවැරදි නෑ.

      Delete
    10. @ හැමෝටම - ඔයාලගේ තියරිය හොඳයි හැබැයි කොච්චර දුරට ප්‍රායෝගිකද කියන එක ගැටලුවක්... ඔයාලගේ තියරිය ප්‍රායෝගික නම් අවිවාහක ගැබ් ගැනීම් වලින් 80% ක් වත් වැළකෙන්න ඕන. ඒත් එහෙම නොවෙන එකයි අවුල. ලිංගික තෘප්තිය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි සයුරිට ඇඟට තුරුල් වෙලා ගිහින් තෘප්තිමත් වෙන්න පුළුවන් උනාට එහෙම බැරි අයත් ඕන තරම් ඉන්නවා. (විවිද පුද්ගලයන්(ස්ත්‍රී/පුරුෂ) විවිද ආකාරයට ලිංගික තෘප්තිය ලබන ආකාර ගැන හොඳ විග්‍රහයක් නන්දසේන රතනපාල මහත්තයාගේ ලංකාවේ ගණිකාවෝ පොතේ තියනවා) බාහිර ලිංගික ක්‍රියාකාරකම් මගින් ලිංගික තෘප්තිය ලබන ආකාරය මෙන්ම ලිංගික එක්වීමකට පෙර සහ පසු සියදිවි නසාගැනීම්, ගබ්සා කිරීම් දක්වා දුරදිග නොගොස් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ආකාරය ගැන සමාජය දැනුවත් වියයුතුයි. උපත් පාලන ක්‍රම 100% ක් ම නිවැරදි නොවුනත් නිසි අවභෝධයකින් පාවිච්චි කලොත් අනවශ්‍ය ගැබ් ගැනීම් 99%ක් ම වලක්වා ගන්න පුළුවන්.
      //කසාද බඳින්න කලින් ඉඳන්ම ලිංගිකව එක්වෙලා ඊට පස්සෙ අර නැවුම් බව නැතුව පටන් ගන්න ජීවිතය නිරස වේවී...අනිවාර්යෙන්ම..// මේක නම් නටන්න දන්නේ නැති මිනිහ පොලව ඇදයි කියනවා වගේ කතාවක්.... :D

      //ඒ අන්තය විතරක්වත් පාලනය කරගන්න තරම් අපේ කොල්ලන්ගේ හිත් හයිය නැද්ද?// ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් එකක් කියන්න පුළුවන් ඔතනදි කෙල්ලන්ට වඩා නම් කොල්ලන්ට කොන්ට්‍රෝල් එකක් තියනවා...(ස්ත්‍රීදුෂණ ගැන නෙමේ මේ කතා කරන්නේ) සරලව කිව්වොත් යකඩේ රත් උනාම ආචාරියට ඕන පැත්තට නවන එක සිම්පල්.

      //ලෙහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්න දඟලන්නේ, ඇතුලේ තියෙන්නේ මොනාද කියලා දැනගන්න ඕනේ එකා සහ ඌට වැඩකට ඇති දෙයක් නැත්තම් මඟ දාලා යන්න හදන එකා.... ඒක තේරුම් ගන්න සහ ඒ අනුව වැඩ කරන්න කෙල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ...//
      මේ කතා කරන්නේ කන්‍යාභාවය ගැන නම් ඒක විහිළුවක්...

      //කන්‍යා භාවය කියන කාරණය ගැන කතා කරන එක ඇත්ත වශයෙන්ම විහිළුවක්... පළමු එක්වීමෙදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන/නොවන කියන කාරණය මත ස්ත්‍රියකගේ ලිංගික පාරිශුද්ධිය මැනීම මෝඩයින්ට හොඳ ක්‍රමයක් මිස වෙන එකක් නෙවෙයි කියන එකයි මගේ මතය... උපතින්ම කන්‍යාපටලයක් පිහිටා නැති අය සිටිනවා මෙන්ම ක්‍රිඩා ආදියෙහි යෙදීමේදීත්..ළමා අවධියේදී නොදැනුවත්කම නිසා ලිංග මාර්ගවලට ඇතුළු වන යම් යම් බාහිර දේ නිසාත් ආදී වශයෙන් කන්‍යාපටලය නැති හෝ හානි වූ අය සිටීමට හැකියාව තිබීයදී කන්‍යා පටලයෙන් ස්ත්‍රියකගේ පිරිසිදු කම මැනීම කොතරම් දුරකට සාධාරණද..? //

      මාරයා දීපු උත්තරේම තමයි මටත් දෙන්න තියෙන්නේ... කොහොම උනත් සමාජය හදන්න යන්න බැරි නිසා තමන්ගේ කන්‍යාපටලයට හානි සිදුඋනොත් ගත හැකි ක්‍රියාමාර්ග ගැන ගැහුණු ළමයි දැනුවත් විය යුතුයි. මම දන්න තරමින් නම් දැන් කන්‍යාභාවය නැවත හදන ශල්‍යකර්මයක් ලංකාවේ කරගන්න පුළුවන්... මේ ගැන මෙහි සිටින වෛධ්‍යවරයෙක් නිසි දැනුවත් කිරීමක් කරනවා නම් ඉතා සුදුසුයි. වෛධ්‍යවරයෙක් මගින් කරගන්නත් ලැජ්ජ නම් ඔය පහත ලින්ක් එකේ දැක්වෙන අයිටම් එකක් බොහොම අඩු ගානකට ඊබේ එකෙන් ඕඩර් කරගන්න පුළුවන්....
      http://www.ebay.com/itm/ARTIFICIAL-HYMEN-fake-virginity-blood-virgin-bride-kit-/121015379524?pt=UK_Health_HealthCare_RL&hash=item1c2d142644



      Delete
    11. ගුණේ...

      මම කිව්වෙත් කෙල්ලෝ මේක කන්ට්‍රෝල් කරගන්න ඕනේ කියලා තමයි...

      ඔයා කොහොම කිව්වත් කෙල්ලො මේ ලංකාව් ඉන්න බහුතරයක් කෙල්‌ෙලා ඔය කන්‍යාභාවය කියන එක නැති කරගන්න බයයි.. ඒ වගේම ඕක නැති කෙල්ලෙක් කසාද බැඳගන්න කැමති කොල්ලොත් බොහොම අඩුයි.. සමහර කෙල්ලෝ ඉන්නවා කෙලින්ම තමන්ගේ ඊළඟ කොල්ලට කියනවා මම කන්‍යාවක් නෙවෙයි කියලා... ඊළඟට අර කොල්ලත් බොහොම හොඳට ප්‍රයෝජන අරගෙන අතෑරලා දානවා.. අමාරුවක් නෑ ඔය කියන විදියට බොරුවක් කරලා වැඩේ ගොඩ දාගන්න... හැබැයි මේක ඇමරිකාව වත්, ලංකාව වත් නෙවෙයි... මේක පොඩි රටක්.. කැරකිලා ආයිත් කොහෙන් හරි ප්‍රශ්නේ එනවා... කොච්චර හොරෙන් කළත්...

      අනිත් එක මම කිව්වේ කන්‍යාභාවය ගැනත් එක්කම, අනිත් දේවල් ගැනත් එක්ක... ගැබ් ගැනීම්, ආසාදන, රෝග වගේ දේවල් එක්කම...

      කන්‍යාභාවය කියලා මම අදහස් කරන්නේ ඔය ලේ ගැලීම නෙවෙයි.. මම කියන කන්‍යාභාවය තියෙන්නේ හිතේ... කොල්ලෙක්ගේ සහ කෙල්ලෙක්ගේ පළමු එක්වීම ඒ දෙන්නගෙම පළවෙනි එක නම්, ඒක කොයි තරම් රසවත් උනත්, කොයි තරම් නීරස එකක් උනත් ජීවිත කාලෙටම මතක හිටිය මතකයක්... ඒක රැඩිකල් විදියට බලන්නත් පුළුවන්, සාම්ප්‍රදායික විදියට බලන්නත් පුළුවන්... මම සාම්ප්‍රදායික නිසා මම ඒ විදියට බලනවා...

      එක පාරක් කොල්ලෙක් එක්ක ඉඳලා ඊට පස්සේ ජීවිත කාලෙම විදව විදව ජීවත් වෙන ගෑණූ කොච්චර ඉන්නවද මේ රටේ...

      මේ කිසිම දෙයක් 100% කිසිම කෙනෙක්ට අදාළ කරන්න බෑ... මේවා පුද්ගල වශයෙන් වෙනස් වෙන දේවල්... ඒක නිසා ඔයා ඔය කියන දේවල් ඔක්කොටම මම එකඟයි...

      අමතක උනා...

      //කසාද බඳින්න කලින් ඉඳන්ම ලිංගිකව එක්වෙලා ඊට පස්සෙ අර නැවුම් බව නැතුව පටන් ගන්න ජීවිතය නිරස වේවී...අනිවාර්යෙන්ම..// මේක නම් නටන්න දන්නේ නැති මිනිහ පොලව ඇදයි කියනවා වගේ කතාවක්.... :D ////

      කරන්න දෙයක් නෑ ගුණේ.. කොල්ලන්ට කෙල්ලන්ට නටන්න ඉගෙන ගන්න නම් දහ පාලොස් දෙනෙක් එක්ක ඉඳලා හොඳම එකා තෝරා ගෙන බැඳගන්න පුළුවන්... අවුලක් නෑ.. හැබැයි... ඒ තත්වෙට මේ රට එන්න තව කල් යයි... හි හි

      Delete
    12. // සයුරිට ඇඟට තුරුල් වෙලා ගිහින් තෘප්තිමත් වෙන්න පුළුවන් උනාට එහෙම බැරි අයත් ඕන තරම් ඉන්නවා.//

      සෝඩා ගුනේට එහෙම බැහැ කියලා අපි දැනගෙන හිටියේ නැහැනේ..හිහි :)

      //100% ක් ම නිවැරදි නොවුනත් නිසි අවභෝධයකින් පාවිච්චි කලොත් අනවශ්‍ය ගැබ් ගැනීම් 99%ක් ම වලක්වා ගන්න පුළුවන්//

      ඉතුරු 1% ට යොදන පිළියම මොකද්ද?

      Delete
    13. කෙල්ලෙක් ඇඟේගෑවුනාම කොන තෙමාගන්න කාලෙකුත් තිබ්බ සයුරි ඒත් දැන් ඒ කාලේ පැනල....:D දැන් වාරකන් කාලෙට ගලකින් සෑහීමට පත්වෙන්නෙත් අමාරුවෙන්... උපරිමේට යන්න නම් මඩේ බහින්න්ම ඕන..... :D

      Delete
    14. ඉතුරු 1%ට කසාද බදින්න තමයි වෙන්නෙ

      Delete
    15. //ඉතුරු 1%ට කසාද බදින්න තමයි වෙන්නෙ//

      අන්න ඒකනම් හොඳ අදහසක්..

      Delete
  22. අවිවාදයෙන්ම මාරයියාගේ මම කියවපු හොදම ලිපිය.. අඩුත් නෑ...වැඩිත් නෑ...බොරු නෑ...රැවටිලි නෑ....මේක ධර්මද්වීපය කියල හිතා උන්නු අපේ බවලත් උදවිය මේක කියවන්නම ඕනා...මේකේ තියන ඇත්ත තිත්ත වෙන්න පුළුවන්. ඒත් අතිශයෝක්තියක් නෙමේ.

    ReplyDelete
  23. මේ මාතෘකාව චුවිංගම් වගේ හප හපා ඉන්නවා විතරයි මාරයෝ අපේ සමාජයේ හැමදාම. එකෙක් නෑ ප්‍රසිද්ධියේ කතාකරන්නේ.

    ලාංකීය අතීත සහ පාරම්පරික ස්වභාවය :- මෙව්වා ප්‍රසිද්ධියේ කතා කරන දේවල් නොවේ. මෙව්වා උගන්නන්න අවශ්‍ය නැත. උගන්නන්න හදන එකා වනචරයෙකි. මේ න්‍යාය අදහන ගම්බද මෙන්ම අපි කිසිසේත් නොසිතන පරිදි දිනපතා පත්තර රූපවාහිනී බලන නාගරික පිරිසකුත් ඉන්නවා.
    ඉස්සර මේවා සිදුවුනේ කොහොමද? ඉස්සර ගම් පාලුයි, ලයිට් නෑ, ඕනේ තරම් වහං වෙලා අරවා මෙව්වා කරගත්තා. ඒවා දන්නෝ දනිති කියන මට්ටමෙන් තිබුනා. දැන් වගේ ප්‍රචාරය බොහොම අඩුයි. ඒ කාලේ 'ගෙවල්වල පිළිකනු ගානේ රිංගනවා' කියලා දෙයක් තිබුනා. ඒ මෙහෙමයි. ඒ කාලේ අද වගේ වැසිකිලි තිබුනේ නෑ ගෙවල්වල. ගෙදර පිළිකන්න තමයි චූ කරන්න පාවිච්චි කලේ. රෑට ගෙවල්වල ගෑණු පිළිකන්නට ඇවිත් චූ කරන එක බලලා මානසික තෘප්තියක් ලබන (සමහරවිට හස්තොපක්‍රමය කරන්න ඇති)පිරිමි හිටියා. අහුවුනොත් ප්‍රසිද්ධියේ ගුටි කනවා. ඒ වගේ අය හැඳින්වුවෙත් 'ඕකා පිළිකනු ගානේ රිංගන එකෙක්නෙ' කියලා. නමුත් ඊට වඩා එහා ගිය අනියම් ලිංගික සම්බන්ධතා තිබුනා ගමේ ආරච්චිල, ලොකු ඉස්කෝලේ මහත්තුරු,සමහර හාමුදුරුවරු, ගමේ ගෑනුන්ව තියාගෙන හිටියා.
    ඉස්සර ගෙවල් වල තිබුනා 'අර පොත' කියලා පොතක්. ඔක්කොම වැඩිහිටියෝ ඒක දන්නවා අර පොත කිව්වම. මම මේක ප්‍රසිද්ධියේ කියන පළමුවෙනි වතාව. මගේ ගෙවල් ළඟ ඉන්න අක්කා කෙනෙක් ගේ ගෙදරට දිනක් මම ගියා ෆූල්ස් කැප් කොලයක් ඉල්ලගෙන එන්ඩ.ඒ අක්කා ගෙදර හිටියේ නැහැ. මට මතක විදිහට ඒ අක්කට එතකොට වයස අවුරුදු 20ක් විතර ඇති.ඒ අක්කගේ අම්මා කිව්වා පුතේ අක්කගේ කාමරේට ගිහින් හොයාගන්ඩ කියලා. ෆූල්ස් කැප් කොලයක් හොයන අතරේ එතන තිබුන පොතකට නිකම් ඇහැ ගැටුනා. එය අත් අකුරෙන් ලියපු පොතක්. ඒ වෙලාවේ කවුරුවත් හිටියේ නැති නිසා උඩින් පල්ලෙන් පෙරළුවා. 'යුෂ්මතියට අවවාද' කියලා ලියා තිබුනා. ටිකක් කියෙව්වා. මෙන්න බොල යුද්ද හමුදාවේ ස්ථාවර නියෝග වගේ ඉස්සර වෙලාම තියනවා යුෂ්මතිය ඉදිරි කාලයේදී ෙෙවවාහක බන්ධනයට ඇතුලත් වන්නේය. යුෂ්මතිය මෙසේ හැසිරිය යුතුය කියා විස්තර කර තිබුනා මංගල යහනට යනවිට නා පිරිසිදුවී සුදු රෙදි කඩකින් දියරෙද්දක් ඇඳ සිටිය යුතුයි කියලා. ඊට පස්සේ කියලා තිබුනේ යුෂ්මතිය තම ස්වාමි පුරුෂයාට අවනත විය යුතුය. වේදනා දැරීමට සූදානම් විය යුතුය, මාව කුල්මත්වුනේ එහි තිබුනා සංසර්ග ඉරියව්ව පෙන්වන චිත්‍රයක්. (මමත් ඒ කාලේ සෑහෙන්න හස්තොපක්රමයේ යෙදුනා එය මතක් කරලා)ඊට බොහොම කාලයකට පස්සෙයි මම දැනගත්තේ. කසාද බඳින්න ඉන්න ගෑණු ළමයෙකුගේ අතට අහුවෙන්න අම්මාමලු අර පොත ගෙනත් ගෙදර තියන්නේ. අර පොත තියෙන්නේ ගමේ වැඩිහිටියකු බාරයෙලු. අවශ්‍ය කෙනා ගිහින් ඉල්ලගෙන ඇවිත් බඳින්න ඉන්න ගෑණු ළමයා එක කියවන්න ඇති කියලා දැනුනම ආපහු ගෙනෙහින් දෙනවලු. ඔන්න ඒ කාලේ ලිංගික අධ්‍යාපනය.

    අද තත්වය කුමක්ද:- අද අපි බටහිර කරණයේ අනියම් හෝ අවජාතක ලිංගික නිදහසක් ලබනවා. ඔයා කිව්වා වගේ අපි කන්නේ ඉටිපන්දම් නෙවෙයි. උනන්නේ ඉටි කිරි නෙවෙටි. ස්වයං වින්දනය 20 වැනි සියවසේ පහලවූ දෙයක් නෙවෙයි. කලවා සංසර්ගය ක්‍රිස්තු පූර්වයේත් තියෙන්න ඇති.1960 දශකයේ ආව රන්සළු චිත්‍රපටියෙත් තියෙන්නේ ප්‍රේමය නිසා කන්‍යාභාවය නැතිකරගත් තරුණියක් අවසානයේ මහණ වෙන කතාවක්නේ. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මෙහි සීමාවන් තියෙන්නේ කොහේද කියනෙ එකයි. හිරුගේ අදහසට මමත් එකඟ වෙනවා. විවාහයට පසුව කරන්න ඕනේ දේවල් විවාහයට කලින් කලාම ඇතිවෙන්නේ කුරුවල් වීමක් සහ වෙනත් වෙනත් 'රසයන්' සොයා 'පිට යන්නට' ආසාවක් ඇතිවීම කියා මා නොබියව කියනවා. එහෙනම් සීමාව තියෙන්නේ කොහෙද? සීමාව තියෙන්නේ අපේ හිතේ(මනසේ)මයි. ඒ සීමාව අපිම හදාගත යුතු සීමාවක්.
    අද අපි දවස පුරා අහන්නේ කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා විදිහේ සින්දු විතරක් නෙවේ. අර රූප සින්දු කියලා ජාතියක් තියනවනේ. රූප සින්දු වලින් කරන්නේ කාමෝද්දීපන වටිකා නමින් ඉස්සර තිබුණු ආයුර්වේද ගුලිය ඇස මගින් හිතට ඇතුලුකිරීමක් නෙවෙයිද? ඒවා බලන විවාහකයන් පවා නොමග නොයා තියෙයිද? ආයෙත් කියනවා අපිට උනන්නේ ඉටිකිරි නෙවේ. නමුත් ඒ කිරි නිසිකල නිසි ඵල ලබන්න රැක ගතයුතුයි කියන පණිවිඩය සමාජ විද්‍යාත්මකව ප්‍රචාරණය කරන මහා බලගතු යාන්ත්‍රණයක් අවශ්‍යයි.


    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "අර පොත" අදමයි ඇහුවේ. දැනුවත් කලාට ස්තුතියි.

      මෙන්න දවසේ කමෙන්ටුව. මාරයාගේ ලිපිය වගේම වැදගත්.

      Delete


    2. ..//අද අපි බටහිර කරණයේ අනියම් හෝ අවජාතක ලිංගික නිදහසක් ලබනවා.//..

      ..//විවාහයට පසුව කරන්න ඕනේ දේවල් විවාහයට කලින් කලාම ඇතිවෙන්නේ කුරුවල් වීමක් සහ වෙනත් වෙනත් 'රසයන්' සොයා 'පිට යන්නට' ආසාවක් ඇතිවීම//..

      ඒ වගේමයි මාධ්‍ය. සිරසෙන් පටන් අරන් හැම නාලිකාවකම පෙන්නන ගල් පෙන්නීම. ඒ දවස් වල අපිට හින්දි ෆිල්ම් එකක් කියන්නෙත් දවස් ගානක මතක සටහනක්.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  24. මං විචාරක කියන දේට එකඟ වෙනවා. ඇත්තටම ඒඩ්ස් වගේ ලිංගික රෝග, ලිංගික දැනුම දෙන්න කලින් මිනිස්සුන්ගේ මොල ටික හෝදලා දාන්න ඕන. නැත්තම් අලුත් පරම්පරාවටවත් ඒ ගැන කියන්න තියෙන ලැජ්ජාව නැති කරන්න ඕන. දැන් කවුද මන්දා නිලියක් ගණිකා වෘත්තිය නීතිගත් කරන එක ගැහැණියට කරන නින්දාවක්ලු. ගණිකා වෘත්තිය නීති ගත කලත් එකයි නැත්තත් එකයි. ගණිකා වෘත්තිය නීතිගත කලොත් අනාගතය ලංකාව ස්වාසිලන්තයේ වගේ 70% ඒඩ්ස් රෝගියෝබිහිවන එක නැති වෙයි. නැත්තම් ඉතින් ස්වාසි ලන්තයට එහා ගිය රටක් වෙන එක නවත්තන්න බෑ. කරන්න තියෙන්නේ රෝහල්වලිනුයි, රැකියා ස්ථාන, පාසල් ආශ්‍රිතව ලිංගික රෝග නැත්තම් අධ්‍යාපනය දෙන එක. නැත්තම් ආගමයි සංස්කෘතියයි දෙකම ඒඩ්සුයි, කෙල්ලෝ ටික අම්මලාටයි දිය වෙලා යන එක ශක්‍රයටවත් නවත්තන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔහොම එකක් මම ඔය ඇහුවමයි . ඔය අර අහවල් පලාත ගැනද කියන්නේ

      Delete
  25. ඔව්ව නම් මේ කපේදී වෙයි කියල හිතන්න අමාරුයි. ජාත්‍යන්තර පාසල් වල විෂය මාලාවේ ශරීරය ගැන කියාදීම අරඹන්නේ පහේදී . 'ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල තත්වය නොදනිමි ]. එයත් පාසලේම සාමුහික ප්‍රයත්නයක් ලෙස . උපදේශක , හෙදියක් සහ පන්ති බාර ගුරුතුමියක් ..පිරිමි ළමුන්ට ක්‍රීඩා ගුරුතුමා ..මේ සියල්ලන්ම එකතු වෙලා කරන වැඩ පිළිවෙලක් . නැතුව තනියම සේරම ළමයි එකට දාගෙන අසරණ ගුරුතුමාට විතරක් කරන්න හැකි රාජකාරියක් නෙමේ . ඔහොම කරලත් බටහිර ලෝකය තුලත් ප්‍රශ්න නැතුවා නෙමේ ..අනේ මන්දා ඉතින් අන්තිමට කියන්න වෙන්නේ ළමයෙක් ආරක්ෂිතව ජිවත් වෙන්න පුරුදු කරගන්නවා කියන්නේ සැහෙන අමාරු වැඩක් .

    අපේ ඉස්කෝලවල උගන්නන ගිහින් අම්මල තාත්තලාම එයි ගුරාගේ හොම්බ තලන්න . මේ ලිපිය ලියන්න ඔබට තිබු දිරියට ස්තුතියි .

    ReplyDelete
  26. හැමදාම කියවල ගියත් මාරයා ගේ බ්ලොගේ ට කොමෙන්ටුවක් දාන්නේ අද. වෙනදා මේ වගේ පොස්ට් එකක් දැක්කම පට්ට දිග කොමෙන්ටු දැම්මත් අද මාරයා ලියල තියෙන දේට ඒ තරම් දිග නැති කොමෙන්ටුවකින් අදහස් දක්වන්න පුළුවන් කියල හිතුන.

    ලංකාවේ සිදු වෙන ගබ්සා ගණන කෙලින් ම හරියට කියන්න මාරු උනත් වෙනත් මාර්ග වලින් ලැබෙන තොරතුරු කියන්නේ අවුරුද්දකට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙන බව. (මේකේ තරම හිතා ගන්න පුළුවන් ගිය අවුරුද්දේ අපේ රටේ සිද්ධ වෙච්ච සජීවී උපත් සංඛාව ලක්ෂ තුනහමාරයි කියල කිව්වම. ඒ කියන්න උපත් ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් ගබ්සාත් කරගන්නවා. අනෙක තමයි ගබ්සා කරගන්න කාන්තාවන් ගෙන් 94% ක් ම විවාහක අය. ඒ නිසා මාරයාගේ කතන්දරේ අදාළ වෙන්නේ 6% ක් පමණ උදවියට විතරයි. මේ සංඛ්‍යා ලේඛන නැතුව උනත් මගේ මිත්තරයා මිගාර දාපු පොස්ට් එකකත් කියල තිබුන වගේ මතකයි වැඩිපුර ගබ්සා කර ගන්නේ විවාහක කාන්තාවෝ කියල.

    ReplyDelete
    Replies
    1. මම කිව්වේත් ඒකයි.. මාරයා මෙතන ගොඩනගන තර්කය වැරදියි....

      Delete
    2. ..//ගබ්සා කරගන්න කාන්තාවන් ගෙන් 94% ක් ම විවාහක අය.//..

      මෙතැනදී එහෙනම් පවුල් සෞඛ්‍ය සේවිකාවටත් වැදගත් කාර්ය භාරයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.

      මේ වෙනකම් මම හිතාගෙන හිටියේ අවිවාහක අය තමයි ගබ්සාවට පෙළඹෙන්නේ කියලා. ඒ ගැන දැනුවත් කලාට ස්තුතියි.

      Delete
  27. හැමදාම කියවල ගියත් මාරයා ගේ බ්ලොගේ ට කොමෙන්ටුවක් දාන්නේ අද. වෙනදා මේ වගේ පොස්ට් එකක් දැක්කම පට්ට දිග කොමෙන්ටු දැම්මත් අද මාරයා ලියල තියෙන දේට ඒ තරම් දිග නැති කොමෙන්ටුවකින් අදහස් දක්වන්න පුළුවන් කියල හිතුන.

    ලංකාවේ සිදු වෙන ගබ්සා ගණන කෙලින් ම හරියට කියන්න මාරු උනත් වෙනත් මාර්ග වලින් ලැබෙන තොරතුරු කියන්නේ අවුරුද්දකට ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙන බව. (මේකේ තරම හිතා ගන්න පුළුවන් ගිය අවුරුද්දේ අපේ රටේ සිද්ධ වෙච්ච සජීවී උපත් සංඛාව ලක්ෂ තුනහමාරයි කියල කිව්වම. ඒ කියන්න උපත් ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් ගබ්සාත් කරගන්නවා. අනෙක තමයි ගබ්සා කරගන්න කාන්තාවන් ගෙන් 94% ක් ම විවාහක අය. ඒ නිසා මාරයාගේ කතන්දරේ අදාළ වෙන්නේ 6% ක් පමණ උදවියට විතරයි. මේ සංඛ්‍යා ලේඛන නැතුව උනත් මගේ මිත්තරයා මිගාර දාපු පොස්ට් එකකත් කියල තිබුන වගේ මතකයි වැඩිපුර ගබ්සා කර ගන්නේ විවාහක කාන්තාවෝ කියල.

    ReplyDelete
  28. ඔය ඉස්කෝල වල ලිංගික අධ්‍යාපනය දෙන එක අසාර්ථක ඇයි කියන එක ගැන මට තියෙන්නෙ වෙනම අදහසක්. ඒක මම පෝස්ට් එකකින්ම කියන්නම් පස්සෙ. මේ වෙලාවෙ කලබලේ වැඩියි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. //මේ වෙලාවෙ කලබලේ වැඩියි//

      ඇයි අඩව්වක් අල්ලනවද

      Delete
  29. ඇත්තෙන්ම මාරයා...කාලෝචිත වටිනාලිපියක්. සියල්ල සපිරී ඇත.
    ස්තුතියි..!

    ReplyDelete
  30. මුකුත් නොකියා කට්ටිය කතාවෙන දේවල් බලන් ඉන්න්වා මේ පාර.
    සිරාවටම මාරය කතා කරපු දේවල් කතාකලයුතුම දේවල්... හරිම වටිනව. කියපු බොහෝ දේ ඇත්තම ඇත්ත

    ReplyDelete
  31. අපේ සමාජ ආකල්ප වෙනස් වෙන තුරු සහ අපේ සමාජයේ ඇත්ත තත්වය පිළිගන්නාතුරු ඔය ප්‍රශ්නය පවතියි.

    මම හිතන්නෙ ඔය දෙමවුපියො දරුවන්ට උගන්නන සදාචාරය එන්න ඇත්තෙ සුද්දො ලංකාවට ආවට පස්සෙ. මොකද, ඊට කලින් උන්මාද චිත්‍රා එහෙමත් මෙහෙ හිටියනෙ. අපි දැනටත් හරි ආඩම්බරයිනෙ එතුමි ගැන. ඒත් දැන් කාලෙ නිකං කෙල්ලක් ගර්භනී වුණොත් තමා ප්‍රශ්නෙ. මාතෘත්වය යනු අතිශයින් පූජනීය දෙයක්ය කියල කඳුළු කඩා හැළෙන ටෝක්ස් දෙන අය තමයි ඉස්සෙල්ලම වැරදිකාරයට ගල් ගහන්න දුවන්නෙත්. අනික අපි හරි කැමතියි අපේ රටේ අවුරුදු දෙදාස් පන්සීයෙ සංස්කෘතිය සභ්‍යත්වය පිළිබඳ සුරංගනා කතාවට. ඒ හින්දා අපි ඉන්නෙ මෙහෙ දූෂණ, ගබ්සා වෙන්නෙ නෑය, ළමයින් අපහරණයට ලක් වෙන්නෙ නෑය, හැමෝම සිල් අරගන්නවාය වගේ මානසිකත්වයකින්. ඒ සිල් බිඳෙයි කියන බයට අපි ලිංගිකත්වය ගැන කතා කරන්නෙවත් නැහැ. ඇත්තම කිව්වොත් මට පෙනෙන විදිහට අපේ මිනිස්සු හරි කැමතියි අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක් වුණු කෙනෙක් සියදිවි හානි කරගන්නවට: පවුකාරි මළා; අපේ අත් සුද්දයි!

    මූලිකවම හැකි තරම් බාල වයසකදි ලිංගික අධ්‍යාපනය දෙන්න ඕන දරුවන්ට. මෞත්‍ර ලිංගික පද්ධතිය කියන වචන ටික කියන්නත් ලැජ්ජා ගුරුවරු එක්කනම් ඒක කරන්න අමාරුයි. අපේ උසස් පෙළ සත්ව විද්‍යාව ගුරුතුමී ආර්තවහරණයෙන් පස්සෙ ඇති වෙන වෙනස්කම් කියන්න ගිහින් ඇඹරුණු ඇඹරිල්ල මට තාම මතකයි. අන්තිමට ඒ ටික ඉංග්‍රීසියෙන් කියාගෙන කියාගෙන ගියා විතරයි. එහෙම එකේ ලිංගිකත්වය, උපත්පාලනය වගෙ මාතෘකා කතාබහ කෙරෙන එක ටිකක් අමාරුයි අපේ ගුරුවරුන් එක්ක. දෙමවුපියනුත් එහෙමනෙ. අඩු ගානෙ ඇනිමල් ප්ලැනට්, ඩිස්කවරි වගේ රූපවාහිනී වැඩසටහනකදි සතුන්ගෙ ලිංගික ක්‍රියාකාරකම් පෙන්නුවත්, ඒවා වහාම වසා දමන එක හුඟක් අයගෙ පුරුද්දක්.

    පාසල් උපදේශකයන් පුහුණු කරන කතාවක් තිබුණා, මන්දා මොකද වුණේ කියලා. නමුත් ඇතැම් උපදේශකයන් තමන්ගෙ සාම්ප්‍රදායික අදහස්, ආකල්ප උපදේශනය පතන අයගෙ ඇඟේ බලෙන් පටවන්නට හදනවා. ඒ වගේම සම්ප්‍රදායෙන් බැහැර වුණු කෙනෙක් දැක්ක ගමන් විවේචනය කරන එක. අන්න ඒ වගෙ දේවල් හදා ගෙන, ලිංගිකත්වය, උපත් පාලනය, ගබ්සාව වගේ දේවල් ගැන ළමයින්ට/ තරුණ අයට කතා කළ හැකි වටාපිටාවක් හදා දෙනවනම් වටිනවා.

    ReplyDelete
  32. //නැතහොත් අපිට සිද්ධ වෙන්නේ හෙට අනිද්දට බ්ලොග් වලින් ඉහත කී කාරණා පැහැදිලි කරමින් ලිපි ලිවීමටය//

    සහතික ඇත්ත මාරයෝ ලිංගික අධ්‍යපනය කියලා ලේබලයක් දාලා වැඩේ පටන් ගනින්

    //මේ වෙද්දී දුසිම් දෙකකට ආසන්න ආදර සම්බන්ධතා තිබුන එකෙක් මං//

    උඹ තමා ඕකට නියම සුදුස්සා

    ReplyDelete
  33. මාරයෝ එකක් කියන්නං ටක්කෙටම. අපේ ජීවිත කාලෙදි නං ඔයවගේ අධ්‍යපනයේ වෙනසක් වෙනඑකක් නෑ.

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. මම බ්ලොග් කියෙවුවට මේතාක් comment කරලා නැහැ නමුත් මම බ්ලොග් කිහිපයක් නොකඩවා කියවනවා.
    අතවරයට ලක් වුනු අය ට සහනයක් ලෙස ගබ්සාව නොතිගත කරන්න කියන එකට කැමැතියි අයට මට මට දෙන්න තියන උත්තරය තමයි. දැන් සංසර්ගයකින් පස්සෙදීත් පැය 24 ක් තුලදී පිලසින්දගනීම වලක්වන බෙහෙත් තියන එකේ. ගබ්සාව සාධාරනී කරන්නේ ඇයි.

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ටුවේ මදිපාඩු එකක් උඹ කියල තියනවා....morning after එකක් ගත්තම කිසිම අව්ලක් නෑ නේ අනික ඒක පැය 72 තුල ගන්නත් පුළුවන්නේ.පිට රටවල වගේ නෙවෙයි ඒවා ලංකාවේ ඕනෑම ෆාමසියකින් ඉල්ලන පමාවෙන් ගන්න පුළුවන්.

      Delete
  36. කන්‍යාභාවය ගැන කියපු මතය සහ තවත් හදිවතින් ලියපු දේවල් කියෙව්වම මේක ගොඩක් සංවේදී ලිපියක් ඒත් ලිංගික අද්‍යාපනය ලබාදීමෙන් මේවා අඩු කරන්න පුළුවන් කියන මතේට කොහෙත්ම එකග වෙන්නේ නෑ.

    ඔය ලිංගික අධ්‍යාපනය නිසිආකාරව ලබා දෙන්න ඕනෑ කියන එකේ ගොඩක් ලොකු ප්‍රායෝගික ගැටළු තියනවා.

    මුලින්ම කියන්න ඕනෑ ගබ්සාව කියන මාතෘකාව ලිංගික අද්යාපනයට කොහෙත්ම අදාළ නෑ කියලා.උඩ චීටා කියල තියනවා වගේ බහුතරයක් ගබ්සා කර ගන්නේ නීත්යානුකුඋල විදියට ලිංගිකව එකතු වෙලා හැබැයි එකෙන් එන අතුරුපලය රැක ගන්න ආර්ථික හයියක් නැති එහෙම නැත්තන් පලවෙනි දරුවා තාමත් කිරි බොන වයසේ ඉන්න විවාහක අම්මලා.කියන්න දුකයි වැඩි හරියක් ගුබ්බෑයම් වල මේස උඩ එලොව යන්නේ සුජාත පුත්තු.එහෙම අවිවාහක අම්මල කරන ගබ්සාවෙත් නොදැනුවත් කම නිසා ගැබ් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ ලක්ෂෙකට එකක් වගේ.බොහෝ වෙලාවට වෙන්නේ අත්වැරදීම් ඒ අය නියම උපත් පාලන ක්‍රම අනුගමනය කරලත් වෙන ඇත වැරදීම්.උදාහරණයක් විදියට ගැහැනියගේ නිසරු කාලයේ සිදුකරන සංසර්ගයකින් ගැබ් ගැනීමක් සිදුවිය හැකි වීම.මතක තියා ගන්න දැන් හැම තැනම උපත් පාලන උපකරණ මිලදී ගන්න තියනවා.

    සත්තු ඉගෙන ගන්නේ තමන් වටා තියන පරිසරයෙන්.මිහිහටත් ඒක පොදුයි.නැත්තන් කොල්ලෝ කෙල්ලෝ බලන වැලකින් ඉගෙන ගන්නවද?.හොඳයි මට කියන්න ඉස්කෝලෙක සිදුකරන ලිංගිකත්වය ගැන පාඩමකින් පුර්ව ලිංගික ක්‍රියා ගැන දැනුවත් කිරීමක් කරන්නේ කොහොමද?

    ලස්සන වචන වලින් කියනවද?"මුලින්ම ඔබගේ සහකාරියගේ දෙතොල් සිපගන්න" වගේ කරුණු අඩංගු ලැයිස්තුවක් පෙළ පොතට එකතු කරනවද?.එහෙම නැත්තන් චල රූපී (චිත්‍රපට වැනි දේ) වලින් පෙන්නනවද?(ඒකයි වැලක් බලන එකයි දෙකම එකයි නේද?)

    අනිත් දේ තමයි අර සේවිකාවගේ මරණය.අපි කොහොමද අර්ථ දක්වන්නේ ඒක නොදැනුවත් කම නිසා වෙච්ච දෙයක් කියල.එතකොට මිනිස්සු සමලිංගික(homo sex) වෙන්නේ තව සත්තු එක්ක ලිංගික ක්‍රියාකාරකම්(beastality) කරන්නේ නොදැනුවත් කමින්ද ? . ඇත්තම කියනවා නම් හැම මිනිහටම තමන්ගේම කියල ලිංගික සිහින (sex fantasy)තියනවා.මිනිස්සුන්ට ලොකු වින්දනයක් ලැබෙන්නේ තමන් ආස විදියට තෘප්තිය ලබනවා නම් විතරයි.


    මේ ප්‍රශ්න විසදන්න ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් තියා කිසිම දෙකින් කරන්න බෑ.මේ ලිංගික අධ්‍යාපනය කියනඑක මේ ප්‍රශ්නෙට විසදුමක් වෙන්න තිබ්බා මීට අවුරුදු 15 කට 20 කට කලින්.ඒත් දැන් ඒ ආයුධේ කල් පැනල ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න ලොකු චිත්‍රය දකින ප්‍රායෝගික මානවකයෙක්!
      ජය!

      Delete
    2. මේක මේ විදියට කිව්වම තරහා යයි.. නමුත් කෙහෙල්මල් ආෆ්ටර් පිල්... කොන්ඩම් එකක් ගන්න, බර්ත් කන්ට්‍රෝල් පිල් එකක් ගන්න යන්නෙ නැති රටක, ආෆිටර් පිල් ගන්න යයිද...?

      මේ බැඳපු අපිත් ඔය කෙහෙල්මල ගන්න ගියාම ෆාමසි වල උන් අපි ඉස්සරහා ඇඹරෙනවා...

      මේ රටේ සාමජ ස්ථර 4ක් පැහැදිලිව පේන්න තියෙනවා... ඒවයින් දෙකක් විතරක් ලිංගිකත්වය හැංගිය යුතු නෑ කියන දේ තේරුම් අරන් ඉන්නවා..... එකක් ඔවර් ගිහිනුත් තියෙනවා.... නමුත් බහුතරය ඉන්නේ අනිත් ස්ථර දෙකේ..

      අතවරයට ලක්වුනු කෙනෙක්ට ඔය කෙහෙල්මල ගන්න, ඉස්සර වෙලා වෙච්ච සිද්ධියේ බය නැතිවෙන්න ඕනේ.. කාටහරි තේරුම් ගන්න පුළුවන්ද ඒ වගේ සිද්ධියකට මූණ දෙන්න උන කෙනෙක් කොච්චර මානසික කම්පනයකට පත් වෙනවලද කියලා...

      එහෙම එකක් උනාම දුවගෙන ඇවිත් අම්මට තාත්තට කියන්නේ නෑ අපේ කෙල්ලෙක්... බය වෙනවා.. අපෙ අම්මලාට ළමයෙක්ගේ එහෙම වෙනසක් සිද්ධ වෙලා නම් ඉක්මණට ඩොක්ට කෙනෙක් ගාවට යන්න පුළුවන් පරිසරයක් නෑ ලංකාවේ... ඇයි මේවා හිතන්නේ නැත්තේ ලංකාවේ...

      ( මෙ ටික කිව්වේ ගබ්සාව සාධාරණීයකරණය කරන්න නෙවෙයි. නීතිගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ඇයි කියන එක කියන්න)

      ///හොඳයි මට කියන්න ඉස්කෝලෙක සිදුකරන ලිංගිකත්වය ගැන පාඩමකින් පුර්ව ලිංගික ක්‍රියා ගැන දැනුවත් කිරීමක් කරන්නේ කොහොමද?///

      ලිංගික අධ්‍යාපනයෙන් කෙරෙන්න ඕනේ මුන්ට ඔය කෙහෙල්මල කෙරෙන විදිය උගන්නන එක නෙවෙයි.... විද්‍යාත්මක සිද්ධිය පොතක්, නෙටි එක ගත්තම ඕවා ඕනේ තරම් හොයා ගන්න පුළුවන්...

      ලිංගික අධ්‍යාපනයෙන් කෙරෙන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ කෙහෙල්මලේ මෙච්චර හංග හංග කරන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්ත පරම්පරාවක් හදන එක.... මේක සාමාන්‍ය දෙයක්... මේකෙදි වෙන්න, පුළුවුන් මේ වගේ දේවල්, මේ වගේ තත්වයකදි ඩොක්ට කෙනෙක් ගාවට යන්න ඕනේ කියන එක තේරුම් කරලා දෙන්න...

      අන්න එතකොට පුලුවන් බයේ හැංගලා ඕවා කරන එක නවත්තන්න... බැඳපු නැති ගෑණු ළමයි ගබ්සා කරගන්නේ නොදැනුවත්කම සහ බය, ලැජ්ජාව හින්දා... ගොඩක් පවුල් වෙච්ච් ගෑණු ගබ්සා කරගන්නේ එක්කො ආර්ථික ප්‍රශ්න, නැත්තම් සාමාජීය ප්‍රශ්න නිසා... ඒව නවත්තන්න පුළුවන් සාමාජය දැනුවත් කිරීමෙන් විතරයි... පුද්ගලයා දැනුවත් කිරීමෙන් නෙවෙයි...

      //ගබ්සාව කියන මාතෘකාව ලිංගික අද්යාපනයට කොහෙත්ම අදාළ නෑ//

      ///ඉතාමත් යොවුන් වියේ ගැබි ගැනීම්, යොවුන් මව්වරු වගේම ගබ්සාව වැඩි වීම කියන්නේ ලිංගික අධ්‍යාපනයේ අතුරුපලයක්... නීතිවිරෝධි විදියට ගබ්සා සිදු කිරීමෙන් නැති වන ජීවිත ප්‍රමාණය බේරා ගන්න ගන්න යම් පිළිවෙලක් තිබිය යුතුයි.... ඒක තමයි මේ ක්‍රමය... මේක හරි විදියට කළොත් මම හිතනවා ගබ්සා අඩු වෙයි කියලා මේකෙන් ඇත්තටම .. මොකද නිසි වෛද්‍යවරයෙක් ගාවදි ලැබෙන උපදෙස් වලින් වැඩිපුරම කියන්නෙ “ දරුවා නැති කරන්නේ නැතුව කාටහරි හදාගන්න දෙමු ”කියල.. ඒ ගැන හිතන්න මවට කාලයක් ලැබෙනවා .. ගොඩක් වෙලාවට එතනදි ගබ්සා කිරීමේ තීරණය වෙනස් වෙනවා.. හැබැයි මේක වෙන්නෙ නිසි පරිදි දැනුවත් කිරීම් කෙරෙනවා නම් විතරයි.. නැත්තම් ඒක වෙන්නේ නෑ...
      අනිත් එක ඒ වගේ දරුවන් රැකබලාගන්න හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ගොඩක් අය ගබ්සා කරන්නේ නෑ... කිසිම මවක් තමන්ගේ කැමැත්තෙන් කුසේ ඉන්න දරුවෙක් නැති කරන්නේ නෑ... ( 99.99% විතර) .. සමාජීය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න මත තමයි මේ වගේ තීරණයක් ගැනෙන්නේ... ඉතිං මේ වගේ දරුවෙක් රජය මඟින් යමිකිසි ක්‍රමයකින් හොඳ තැනකට දීලා, හොඳ තත්වයක් ලබා දෙනවා කියලා සහතිකයක් තියෙනවා නම් ඒක කරන්න ඕනේ වෙන්නෙ නෑ නේ... මේකෙදි ඇත්ත තත්වය ඒකයි....//// මේක මම මගේ පෝස්ට් එකේ දාපු කෑල්ලක්...

      ///මේ ප්‍රශ්න විසදන්න ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් තියා කිසිම දෙකින් කරන්න බෑ.//

      එහෙනං මොකෙන්ද කරන්න පුළුවන්.... පරක්කුයි තමයි.. නමුත් ඒක ඇරෙන්න වෙන විකල්පයක් තියෙනවද.....? හැමෝටම මේක හරි නෑ කියන්න පුළුවන්.... නමුත් එහෙම කියනවා නම් විකල්පයක් ඉදිරිපත් කරන්න...

      Delete
    3. මුලින්ම කියන්න ඕන දැන් තරුණ පරම්පරාව අපිට වැඩිය ගොඩක් ඉස්සරහින් ඉන්නේ.මොකද කියනවා නම් මම දැකල තියනවා තමන්ගේ කෙල්ලත් එක්කම ෆාමසියට ඇවිත් ප්රෝස්ටෝ 2 ඉල්ලන කොල්ලෝ කීප දෙනෙක්ම.මෙතන වෙලා තියෙන්නේ අපි ජීවත් වෙච්ච් රාමුවෙන් තමයි අපි අපේ බාල පරම්පරාව ගැන තීරණ ගන්න යන්නේ.අපි හිතන්නේ අපි මුහුණ දුන්න ප්‍රශ්න ඉස්සරහ පරම්පරාවටත් තියනවා කියල ඔන්න ඔතනයි ප්‍රශ්නය.

      ගබ්සාව කියන ඒකට කොහෙත්ම ලිංගික අධ්‍යාපනය අදාළ වෙන්නේ නෑ.තේරුම්ගන්න ඔය අතවරයකට ලක්වෙච්ච අයෙකුට සාදාරනය ඉටු කරන්න ගබ්සාව උවමනායි කියලා කියනවා නේද? හරි අපි හිතමු අතවරයට ලක්වෙන ගෑනු ළමයා උපත් පාලන ක්‍රම ලිංගික අධ්‍යාපනය කියන මාතෘකා ගැන හොදටම දන්න කෙනෙක්.ඒත් ඔයා කියන විදියට සිද්දියට අදාලව ඇතිවෙන මානසික ප්‍රශ්න නිසා එයා තමන් ගේ දැනුමෙන් ක්‍රියා කිරීම මග අරිනවා නම්.අපි කොහොමද කියන්නේ ලිංගික අද්‍යාපනය ලබා දීමෙන් ගබ්සාව නතර කරන්න පුළුවන් කියලා.හිතන්න අවිවාහක අම්මා කෙනෙක් කැමති වෙනවද දොස්තර කෙනෙක් පහදලා දුන්න කියලා මාස 9 ක් තිස්සේ සමාජ අපවාදයට මුණ දෙන්න.මතක තියා ගන්න මිනිස්සුන්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන් හැබැයි කරන එකාට තමයි අමාරුව තියෙන්නේ.(අතවරයකට ලක් වෙච්ච ගෑනු ලමෙයෙක් රෝහල් නීතිමය රාමුවට යද්දී රෝහලේ කරන පරික්ෂාවට පස්සේ රෝහල විසින්ම අය ගර්භනී තත්වයට පත නොවෙන්න ප්‍රතිකාර ලබා දෙනවා)

      විකල්පයක් තියනවා ප්‍රයෝගිකව ටිකක් අමාරු

      //ලිංගික අධ්‍යාපනයෙන් කෙරෙන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ කෙහෙල්මලේ මෙච්චර හංග හංග කරන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්ත පරම්පරාවක් හදන එක//

      ඒ පරම්පරාව තමයි අපි.අපේ පරම්පරාවටයි ඔය අධ්‍යාපනේ දෙන්න ඕනෑ.නැතුව දැන් ඉන්න පරම්පරාවට නෙවෙයි.මට මාරයා අයියගේ අර සුමනක්ක ගැන තිබ්බ පොස්ට් එකේ කොම්මෙන්ට් මතක් උනා.
      ඒ පරම්පරාව ඉගෙන ගත්ත සුමනක්කා ගෙන කියල.ලිංගික අධ්‍යාපනය බහුල නොවිච්ච ඒ කාලේ මිනිස්සු ඉගෙන ගත්තේ එහෙම.මම ආයෙත් කියනවා මේ මොළ හෝදන ඒක කරන්න ඕනෑ අපේ පරම්පරාවට දැන් ඉන්න උන්ට නෙවෙයි.උන්ට ඉගෙන ගන්න ඕනෑ තරම් මාධ්‍ය තියනවා.උන් අපිට හොඳින් ඉගෙන ගන්නවා.

      අපේ පරම්පරාවට ඕක හරියට දුන්න නම් අපේ දරුවෝ ඉන්න කාලයක් උන්නම මුළු සමාජයම සමතුලිත වෙලා තියේවි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. ඔයා කියන කතන්දරේ හරි.. අපේ පරම්පරාවෙන් මේ දේවල් යම් තරමකින් ඉදිරියට යයි.. ( මගේ අම්මත් මම බිග් ගර්ල් කෙනෙක් වෙනකම්ම ඒ මොකද්ද කියලා කියලා දුන්නේ නෑ.. ඒත අද අම්මලා තමන්ගේ දුවලට මේ තත්වය මොකද්ද කියලා කියලා දෙනවා... 8 වසරේ සෞඛ්‍ය පාඩම එන කලෙ වෙනකොට පන්තියෙන් බාගයක් කෙල්ලෝ ලොකු ළමයි වෙලා..)

      නමුත් ඔය ඔය කියන්නේ එක සමාජ ස්ථරයක් ගැන විතරයි... නමුත් බහුතරය ඉන්න සමාජ ස්ථරය ඔය තත්වෙට ඇවිල්ලා නෑ... තාමත් මම දන්න අම්මලා ඉන්නවා ගෑණු දරුවෙක් වැඩිවියට පත්වෙනකම්ම මේ දේවල් ගැන කිසි දෙයක් කතා කරන්‌ෙන් නෑ... හැබැයි උන් මේවා පොඩ්ඩ පොඩ්ඩ දන්නවා.. ඇවිත් අපෙන් අහනවා..

      මම ම‌ෙග් අවුරුදු 15 - 22 මල්ලිලා නංගිලා එක්ක මේවා කතා කරන නිසා තමයි මම මේවා ගැන දන්නේ.... උන්ට හැම එකටම ඉන්න අක්කා මම නිසා... උන් හැම දේම දන්නවා.. හැබැයි හරියට නෙවෙයි..

      ඒ වගේම තාමත් ගොඩක් මිනිස්සු ලිංගික දේවල් සම්බන්ධයෙන් රෝහලකට යන්න කැමති නෑ.. කීයෙන් කී දෙනෙක් කසාදෙට කලින් ලේ පරීක්ෂණයක් කරනවද...? නිකමට හරි කිව්වොත් රට ඉඳලා ආපු මිනිහෙක් බඳින්න යනකොට ඒඩ්ස් පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා බඳින්න ඉන්න කෙල්ල, එතකොට මොනවා වෙයිද... ? මම දන්න තරමට නම් කිසිම කෙල්ලෙක් කියන්නේ නෑ..

      හැබැයි මේ යන විදියට නම් ඉදිරියට අනිවාර්යයෙන් ඒ පරීක්ෂණය ඕනේ... මොකද විශ්වාසය කියන එක තවදුරටත් විශ්වාසනීය සාධකයක් නොවෙන නිසා...

      ලිංගික අධ්‍යාපනය කියන්නේ මේවා ඔක්කොම ඇතුලත් මාතෘකාවක්...

      මොන දේ කිව්වත් අපේ පරම්පරාවත් මේවා ගැන විවෘතව කතා කරන්නේ නෑ.. මේ බ්ලොග්ස් වල ලියන්නේ 1% විතරනේ.. අනිත් අය මේවා කතා කරන්නේ නෑ...

      //හරි අපි හිතමු අතවරයට ලක්වෙන ගෑනු ළමයා උපත් පාලන ක්‍රම ලිංගික අධ්‍යාපනය කියන මාතෘකා ගැන හොදටම දන්න කෙනෙක්.ඒත් ඔයා කියන විදියට සිද්දියට අදාලව ඇතිවෙන මානසික ප්‍රශ්න නිසා එයා තමන් ගේ දැනුමෙන් ක්‍රියා කිරීම මග අරිනවා නම්.අපි කොහොමද කියන්නේ ලිංගික අද්‍යාපනය ලබා දීමෙන් ගබ්සාව නතර කරන්න පුළුවන් කියලා.//

      ///හිතන්න අවිවාහක අම්මා කෙනෙක් කැමති වෙනවද දොස්තර කෙනෙක් පහදලා දුන්න කියලා මාස 9 ක් තිස්සේ සමාජ අපවාදයට මුණ දෙන්න//

      මෙතන තියෙන්නේ අදාල පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි නේද... සමාජයයි ප්‍රශ්නය... අපේ වගේ ආසියාතික රටක සමාජය හිතන විදිය වෙනස් කරන එක යුරෝපීය රටක කරනවට වඩා ගොඩක් අමාරු වැඩක්...

      තාමත් අපේ රටේ බහුතරයක් ඉන්නේ දරුවො නැත්තම් ගෑණිට ලේලිට බනින නැන්දම්මලා.. ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් චෙක් කරගන්න පස්ස ගහන හස්බන්ඩ්ලා... කට්ටඩියෝ පස්සේ දුවන කපල්ස්... මේවා එක පාරටම වත් පරම්පරා දෙක තුනකින්වත් නැති වෙන්නේ නෑ...

      තාමත් අපේ රටේ ඉන්නේ කන්‍යාභාවය ඔප්පු කරන්න බැරි උන කෙල්ලට මිනිහයි, දෙර උනුයි වද දෙන සමාජයක්... ස්වාභාවික ගබ්සාවක් උනාම ගෑණිට ළමයි හදන්න බෑ කියන පිරිමි ඉන්නේ... ‌මේවා එළියට නොඑන, ඒත් ඇතුලතින් තියෙන ප්‍රශ්න..

      ඔයා කියනවා වගේ දැන් ඉන්න එවුන්ට දැනුම තියෙනවා.. හැබැයි ඒ දැනුමට අදාලව සමාජය, පරිසරය හැදිලා නෑ....

      ///අපේ පරම්පරාවට ඕක හරියට දුන්න නම් අපේ දරුවෝ ඉන්න කාලයක් උන්නම මුළු සමාජයම සමතුලිත වෙලා තියේවි.//

      මේක කරන්න තියෙන එකම ක්‍රමය ලිංගික අද්‍යාපනය විධිමත් අධ්‍යාපන විශය ධාරා වලට ඇතුලත් කිරීම... මේක සාමාන්‍ය දෙයක් කිරීම...

      තව දෙයක්...

      ///අපි කොහොමද කියන්නේ ලිංගික අද්‍යාපනය ලබා දීමෙන් ගබ්සාව නතර කරන්න පුළුවන් කියලා.///

      මොනවා කළත් ගබ්සාව නතර කරන්න බෑ... ඒක නොවෙන වැඩක්... හැබැයි අනතුරේ වැටෙන ජීවිත ප්‍රමණය අඩු කරන්න පුළුවන්.. අම්මලගේ සහ ළමයින්ගේ... මොකද ප්‍රශ්නයක් උනාම ඉක්මණට රෝහලට යන්න පෙළඹවීම කරන්න සහ එහෙම කෙනෙක් දිහා පිළිකුලෙන්, සමාජයට පිළිලයක් කියන හැඟීමෙන් බලන එක නවත්තන්න පුළුවන්... අම්මලා තත්තලට ඒ දරුවා හදාගන්න‌ හෝ හදාගන්න දෙන්න හිත හදා ගන්න උදවු කරන්න පුළුවන් නීතියක් තියෙනවා නම්... නීතියක් නැති කොට කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. අනිත් එක තමයි මාස 9 ක් බඩේ තියාගෙන අපවාද විඳින්න වෙන්නේ නෑ කියලා හිත හදාගන්න පුළුවන් නම් කවුද කැමති වෙන්නේ දරුවෙක් නැති කරන්න....

      Delete
    6. අක්කෙ...අපි හිතමු....ප්‍රෙග්නට් වුනම තියන එකම විසදුම අබොශ් එක කියල...අපි මොනව කිව්වත් අපේ අයගෙ අනිතිම සොලුසන් ඒක නෙ..එතකොට ගන්න තියන බෙහෙත් මොනාද පාර්මසි වලින්..

      Delete
  37. මාත් ඔය ටිකම ලිව්වා! රූප සටහං එක්කම! ඉස්කෝල වල කෙලින්නෙ පිස්සු!! නියම ලියුම මාරයා අයියා!!! මාරයවත් නොකියන කතා මේවා!!

    ReplyDelete
  38. මේ ලිපිය මම බ්ලොග් අවකාශයේ දුටු ඉතාම වැදගත් ලිපියක්.චීටා කියන දේ හරි, මාතලන් කියන දේත් හරි.

    මට අනන්ත හමු වෙලා තියනවා අවිවාහක වියේදී ලිංගිකව එක් වෙලා පිළිසිඳ ගැනීමක වුණ නමුත් එය ගබ්සා කර නැවත විවාහ වී දරුවන් නොලද මව්පියන්. ඒ අයගේ අදෝනාවල් මම වරු ගණන් අසා සිට තිබෙනවා. ඒ නිසා මොන ක්‍රමයටවත් ගබ්සාව හොදයි කියන්න බැහැ. නමුත් යම් සීමාවන් ඇතිව තිබ්බට කමක් නැහැ. අනික අවිධිමත් ගබ්සාවන් නිසා වඳ බවට පත් වන සංඛ්‍යාවත් ඉතා විශාලයි. මේ අනතුරු අවම කර ගැනීමට හැකියි. නීතිගත ගබ්සාව ඇති විටක.

    ලින්ගික අධ්‍යාපනය පිළිබඳ මට හොද අත්දැකීම් තිබෙනවා. ඔබ විශ්වාස කරනව ද අපට හමුවන සමහර කාන්තාවන් විවාහ වී අවුරුදු කීපයක් ගත වෙලාත් කන්‍යාවන්. මොනවා කලා දැයි සිතා ගන්න බැහැ. අද්‍යාපනයේ වරද. කලින්ම අධ්‍යාපනයේ වරද.

    හරියට පීනනවා තියා ජීවිතේට වතුරට නොබැහැපු දෙන්නෙක්ව එක පාරටම වතුරට තල්ලු කලා වගේ තමා. මගේ අවසාන ලිපියේ දීත් මා මේ ගැන කතා කලා.

    මට මතකයි අපි අට හෝ හත පංතියේ දී සෞඛ්‍ය පාඩම් පොතේ ලිංගික පද්ධතිය මොන තරම් කට පාඩම් කලා ද? සුමනා අක්කිගේ සොදුර පත්තරේ අරන් ඇවිත් තමයි යන්තම හය හතර තෙරුම් ගත්තේ.

    ඒ කාලේ එහෙමයි. නමුත් අද මේ තරම් දියුණු ලෝකයකත් තත්ත්වය එයිට වැඩි වෙනසක් නැහැ වගේ.

    ReplyDelete
    Replies
    1. //දරුවන් නොලද මව්පියන්// වෙද මහත්තයො මව්පියන් වෙන්නෙ දරුවො ලැබුනමනෙ.

      Delete
    2. නැහැ සුජාතා අපි දරුවන් ලද නොලද හැමටම සායන වලදී භාවිතා කරන්නේ මව්පියන් හෝ අම්මා තාත්තා යන වදන් තමයි.

      Delete
    3. ඒකත් එහෙමද? මම දැකලා තියනවා කාසල් රෝහලේනම් ඔක්කොම අයට අම්මා කියලා කතා කරනවා

      Delete
    4. ලෝකෙ දියුණු උනාට අපි ඉන්නෙ ලංකාවෙ නෙ.

      Delete
    5. ..//සමහර කාන්තාවන් විවාහ වී අවුරුදු කීපයක් ගත වෙලාත් කන්‍යාවන්.//..

      මෙහෙව් රටේද ස්ත්‍රී දූෂණ සිද්ධ වෙන්නේ. :D

      වෙදනාගේ කතාවට එකඟයි.

      Delete
  39. අපිට කියන්ට දෙයක් ඉතුරු කරල නෑනොවැ.මොනව උනත් මන් නම් කියන්නෙ බැදල ගැහුවත් එකයි, ගහල බැන්දත් එකයි කියල කියන කතව ඇත්ත. හැබැයි පරිස්සමට.
    අපේ එවුන් බඩ වෙන්නෙ නොදැනුවත්කමට නම් නෙමෙයි. තියන නැහැදිච්චකමට. අනිත් ඔක්කොම දන්නව නම් ඒක විතරක් දන්නැති වෙන්න බෑනෙ.

    මාරයියෙ අර බඩා ඉන්න කතන්දරේ ඉතුරු ටික තවම ලිව්වෙ නෑද?

    ReplyDelete
  40. අනේ මන්දා මෙව්වා හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ. බලන් ගියාම පොඩි කෙල්ලන්ට වඩා බැඳපු ගැණුනේ මෙව්වයේ ටැග් ගැහෙන්නේ. එතකොටනම් ඇඟිල්ල දික් කරන්න වෙන්නේ පාසල් අධ්‍යාපනයටද මන්දා?

    එක තැනකදී මන් අහලා තිබුනා ගබ්සාව කියන්නේ පවක් නෙමෙයි. මොකද කලලයක් බිහි උනාට ඒකට ආත්මයක් එක් වෙන්නේ අන්තිම මාස කීපයේදී කියලා. එතකොට නිකම් බ්‍රොයිලර් වගේ. :D

    ReplyDelete
    Replies
    1. අඩේ මේකේ ලේබලේ "මාර අධ්‍යාපන" කියලා වෙනස් කොරහන් දැන්මම.

      Delete
  41. හොඳ ලිපියක්. සාකච්ඡාවට ගතයුතුම මතෘකාවක්. මීට කීප දවසකට කලින් ෆේස් බුක් එකේ ගෲප් එකකත් ඔය සම්බන්ධව කතිකාවක් ගියා. හොයා ගන්න පුළුවන් වුනොත් ඒකත් මෙතනටම පේස්ට් කරන්නම්.

    ReplyDelete
  42. Soyan vindhanae kitanne mallets male?????

    ReplyDelete
  43. මාතලන් සමග එකග වෙමි.ළමයි හම්බෙන වයසේ ඉන්න හැම කෙල්ලම දන්නවා ළමයි හම්බෙන්නේ කොහොමද කියන එක (අහවල් එක කරනකොට පරිස්සන් උනේ නැත්තන් ළමයි හම්බෙනවා කියන එක ).එහෙම දැන දැනත් අමාරුවේ වැටෙන්නේ නොසැලකිලිමත්කම සහ ආත්ම ශක්තියක් නැති කම වගේ දේවල් නිසා . ළමයි හම්බෙන වයසේ ඉන්න කෙල්ලෙක් කියන්නේ අඩුම අවුරුදු 15,16 වෙන්න ඕනේ .ඉස්කෝලේ ඉගෙන්නුවත් නැතත් ඔය වයසේ කෙල්ලෝ ළමයි හම්බෙන විදිහ ,උපත් පාලනය වගේ දේවල් දන්නවා .නොදන්නා එකම දේ ඒවගේ තියෙන වැදගත්කම .බඩදරු උනාම තමා උපත් පාලනයේ වැදගත්කම තේරෙන්නේ .කසාදයක් කරගන්න ගියාම තමා කන්‍යා භාවයේ වැදගත්කම තේරෙන්නේ .එතකන් ඒවා ගැන සැලකිල්ලක් නෑ .එකට තම කියන්නේ නොසැලකිලිමත්කම කියලා .හැබෙයි ඉතින් මාරයියා කිවුව වගේ පාසල් අධ්‍යාපනයට මේවා එකතු වෙන්න ඕනේ.ඒවගෙන් ලිංගික අධ්‍යාපනය විතරක් නෙවේ ඒවගේ වැදගත්කම ,අතුරු පල ,ඇතිවන සමාජ ප්‍රශ්න,ලෙඩ රෝග ,නීතිමය පැත්ත,ආදරය , විවාහ ජීවිතේ වගකීම් වගේ දේවලුත් උගන්නන්න ඕනේ.නැත්තන් අරක කරාම බඩ වෙනවා ,එහෙම වෙන් නැති වෙන්න අරක කරනකොට පරිස්සන් වෙන්න .හරි ඒ පාඩම ඉවරයි ළමයි .ඊලග පාඩමට යන කියල හරි යන් නෑ .
    ඒ වගේම හිරු අක්ක කිවා කතාවට එකෙන්ම එකගයි .මොකද තමන්ගේ කෙල්ලට ඇත්තටම ආදරේ කෙනෙක් කලින් මල්ල ඔබල බලන්න යන නෑ .මොකද කොල්ල ඇත්තටම ආදරේ කරත් හදිසියේ තමන් මැරුනොත් කවදාහරි කෙල්ල කසාදයක් කරගන්න යනකොට ප්‍රශ්නයක් එනවනේ කියල හිතන්න ඕනේ . හැමෝම වගේ අනේ අපිනම් කන්‍යාභාවය බලන් නෑ .ඕව පරණ හුනුමිටි අදහස්නේ කියයි ,එහෙම කියන අය එහෙම කියන්නේ අවන්කවම නම් අවුලක් නෑ .එත් එහෙම කියන අයත් අවංකව හදවතින් අහන්න තමන්ගේ හනිමුන් එකේදී ජපන් කොඩිය නැති උනොත් කිසිම සැකයක් නැතුව කෙල්ලත් එක්ක ඉස්සරහට පවුල් කන්න ලෑස්තිද කියලා .සැකය කියන එක මුළු මිනිස් වර්ගයාටම අයිති .මොකෝ උබල මහන උන උන්ද .දැන් කට්ටිය කියයි ආදරයට ඔය මුකුත් බලපාන් ණෑ .කෙල්ල විශ්වාස නම් එච්චරයි නේ කියලා .හැබැයි ඉතින් ඒ විශ්වාසෙ මැද්දට කන්‍යාබවයත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් .ආදරේ කරලා බැදපු ජෝඩුවක් රණ්ඩු උන වෙලාවක කොල්ල අතින් නිකමටවත් කිය උනොත් බදිනකොටත් උබේ අහවල් එක තිබුනේ නෑනේ ගෑනියේ කියලා ,හිතනවද විශ්වාසෙ පලුදු නොවෙයි කියලා .මේක කිවේ කන්‍යා භාවය වැදගත් නෑ අපි ඕව සලකන් නෑ ,කෙල්ල විස්වාසනම එච්චරයි කියපු උදවියට.
    හැබෙයි කන්‍යා භාවය නැති හැම කෙල්ලම අපිරිසිදු නෑ කියල කියන්න බෑ . මොකද ස්වාබවිකව වගේම නොයෙක් සාදාරන හේතු හේතු මත කන්‍යා භාවය නැති වෙන්න පුළුවන්. එකෙන් අදහස් වෙන් නෑ කන්‍යා භාවය වැදගත් ණෑ කියලා .ඔය අකුරු 6 නැත්තන් ඔයිට වැඩිය සමාජ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා .
    ගබ්සාව ගැන නම් කියන්න දෙයක් නෑ .තරයේ විරුද්ද වෙනවා .අමාරුවෙන් හරි ළමයා බිහිකරන එකයි වටින්නේ.මවු පදවිය කියන්නේ තාමත් ලෝකේ උතුම්ම පදවිය.

    ReplyDelete
  44. ඇත්ත......... මේ දේවල් හංගන්න හංගන්න අවුල් වැඩි වෙනවා මිසක් වෙන සිද්ධවෙන දෙයක් නැහැ.

    ReplyDelete
  45. බ්ලොග් අවකාශයේ බොහෝ කලකට පසු දුටු ඉතාමත් ලස්සන හා වටිනාම පෝස්ට් එකක් . බොහෝ අය කතා නොකරන මාතෘකාවක් . කිය යුතු සියල්ලම අඩුවක් නැතුව කියල තියනවා . කමෙන්ට්ස් වලිනුත් හොඳ අදහස් ටිකක් එළියට ඇවිත් .

    ReplyDelete
  46. දැන් තමයි සම්පූර්ණ පෝස්ට් එක කියෙව්වෙ... මේ වෙනකං උඹේ කියවල තියෙන පෝස්ට් වලින් හොඳම එකක්... ඊට වඩා මොනව කියන්නද..

    ReplyDelete
  47. වැදගත් කරුණු රැසක් තියෙනවා පොඩි උන් බැලුවට කමක් නැහැ කිව්වා හින්දා බැලුවේ ඕන්. ලිපිය අවසානේ මට තියෙන එකම ගැටලුව එඩරු වෙදා කියන්නේ කාටද කියන එකයි මොකක්ද ඒ ක්‍රමේ කියල දැනගන්නයි

    ReplyDelete
    Replies
    1. ඕනේ නැති ඒවාමයි මේකට ඕනේ.... හි හි...

      Delete
    2. මා දයාබර ලොකු අක්කණ්ඩි. ඇයි දෙවියනේ කුතුහලේ නිසාමනේ මිනිසා මෙතරම් දියුණු උනේ. :P

      Delete
  48. පාසල් අධ්‍යාපනයට මේක ඇතුල් කිරීමෙන් සියළු ප්‍රශ්න විසඳන්න බැරි උනත් ඒක හොඳ ආරම්භයක් වෙයි. හැබැයි මාරයා කියලා තියන මාතෘකා නම් ඇතුල්වෙයි කියලා හිතන්න අමාරුයි. බටහිර රටවල පවා පාසල් අධ්‍යාපනයට ඒ මාතෘකා ඇතුලත්වෙනවා අඩුයි. නමුත් ලිංගිකත්වය ගැන විවෘත කතා කරන්න ළමුන් පුරුදු කරවීම තමා අත්‍යවශ්‍ය. ලොකුම ගැටළුව නොදැනුවත්කම නෙමෙයි, ලිංගිකත්වය කතා නොකලයුතු දෙයක් විදිහට සඟවා තබා ගැනීමට පුරුදුකර තිබීම.

    යම් කිසි විවෘත භාවයකින් පාසල් වල ලිංගිකත්වය උගන්නන්න ගත්තහම (අපිට උගන්නනකොට ටීචර් පටන්ගත්තේ, ප්‍රශ්න අහන්න තහනම් කියලා), ළමයින් එක්ක ඒ පිළිබඳ කතාබහ කරනකොට අඩුමගානේ ඒ පරම්පරාව වත් ඒ ගැන විවෘතව හිතන්න කතා කරන්න ගනී. ඒ එක්කම දෙමාපියන්වත් දැනුවත් කරන්න ඕනේ ලිංගිකත්වය ගැන ළමයින්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරය. ගුරුවරයටත් වඩා දෙමාපියන්ට ලොකු භූමිකාවක් තියනවා මෙතැනදි මට හිතෙන විදිහට. ලිංගිකත්වය කියන එක විවෘතව කතාකරන්න පුළුවන් දෙයක් බවට පත්කර ගැනීම තමයි මූලිකව විය යුත්තේ. පාසල, ලිංගිකත්වය කියන විෂය පුළුල් කරල ඒ නිල තත්වය ලබා දුන්නහම, සමාජය ඒකට හුරු වෙයි කියලා මං හිතනවා. මේක උගන්නන්න ගන්න ඕනේ අඩුම ගානේ අවුරුදු 12 වෙනකොටවත්.

    ගබ්සාව කියන එක ගැන මගේ අදහස මේකයි. අනෙකුත් රෝගියාගේ මානසික කායික සෞඛ්‍යයටත් එය අවශ්‍ය නම්, වෛද්‍යවරුන්ගේ මතයටත් එකඟ නම් සිදුකලාට කමක් නැහැ. කොච්චර අධ්‍යාපනය දෙන්න පුළුවන් උනත්, කොච්චර වලක්වාගැනීමේ උපක්‍රම භාවිතා කලත්, වැරදීමක් සිදුවිය හැකියි. මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් මූලික දේවල් දෙකක් තියනවා. ඒකක් තමයි දරුවෙක් එක්ක තනිවන මවකට දරුවා බලාගෙන සමාජයට අත නොපා ජීවත්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම. එතකොට හිතෙන් හඬා වැටි වැටි ගබ්සා කරගන්න එන ගැහැණු ටිකක් හරි අඩු වෙයි. දෙවෙනි එක තමයි ගබ්සාව නීතිගත කිරීම. ඔය කිව්ව එඬරු වෙදා වගේ වෙද්දුන්ට දෙන්න තියන එකම පිළියම ඒකයි. පිළිගත් වෛද්‍යවරු ගබ්සාව කරනවා නම්, ඔවුන් එය කරන්නෙ පිළිගත් ක්‍රමවේදයක් අනුව. එතකොට මව, කලලය, සමාජීය ප්‍රශ්න, වෛද්‍ය විද්‍යාත්මක කරුනු සියලු දේම සලකා බැලෙනවා.

    මගේ එක දෙක තුන;

    එක: මේක කියවන හැම කෙනෙක්ම හිතට ගන්න ඕනේ තමන්ගේ දරුවන් එක්ක ලිංගිකත්වය කියන එක විවෘත මාතෘකාවක් කර ගන්නව කියන එක. ළමයි එක්ක තරමකට යාළු උනාම ඕක ඔච්චර අමාරු නැහැ. එහෙම පවුල් මම දැකලා තියනවා.

    දෙක: පාසල්වල තියන ලිංගික අධ්‍යාපනය මීට වඩා පුළුල්, විවෘත එකක් බවට පත් කිරීමට සහය දෙන්න ඕනේ. (අපේ රටේ ඕකට තියන ප්‍රමුඛත්වය මොකද්ද කියලා අහන්න එපා දැන්), කවදාහරි එහෙම දෙයක් වෙනව නම්.

    තුන: ගබ්සාව නීතිගත කරන්න ඕනේ. මේකට විරුද්ධ ගොඩක් ඉන්න බව මම දන්නවා. නමුත් හොඳට හිතලා බැලුවොත්, යම් යම් තත්ව යටතේ දරුවෙක් මෙලොවට බිහි කරනවද නැද්ද කියන තීරණේ අයිතිය දෙමාපියන් සතු වෙන්න ඕනේ. ඒ තීරණේ හරි හෝ වැරදි බව ගැන නිගමනය ගන්න ඕනේ, රජයේ පිළිගත් වෛද්‍යවරයෙක් මිසක් එඬරු වෙදෙක් නෙමෙයි.


    අන්තිමට කියන්න ඕනේ... සැඟවිච්ච ප්‍රශ්නයක් ගැන විවෘතව, අරමුණක් ඇතුව ලියපු නියම ලියුමක් කියලා.

    ReplyDelete
    Replies
    1. යම් යම් තත්ව යටතේ දරුවෙක් මෙලොවට බිහි කරනවද නැද්ද කියන තීරණේ අයිතිය දෙමාපියන් සතු වෙන්න ඕනේ.කියලා කියනවා නම් ළමයෙක් බඩෙන් එලියට අවමත් දෙමවුපියන්ට මරන්නත් අවසර දෙන්න ඕන කියල සමහර විට උඹම කවදාක හරි කියාවි.
      කරන්න ඕන ඉපදෙන්න ඉන්න ළමයා නැතිකරන එකට අවසර දෙන එක නෙවෙයි. එහෙම ළමයෙකුටත් සමාජයේ ජීවත් වෙන්න පුළුවන් තත්වයක් ඇතිකරන එක. තමන්ගේ අතින් සිදුවුණා වැරැද්දකට ඉපදුනේ නැති ළමයෙක් මරණ එක හරිද?

      Delete
    2. "යම් යම් තත්ව යටතේ දරුවෙක් මෙලොවට බිහි කරනවද නැද්ද කියන තීරණේ අයිතිය දෙමාපියන් සතු වෙන්න ඕනේ."

      පිළිසිඳ ගැනීමක් වුනාට පස්සේ , ඒ දරුවාගේ ජීවිතය ගැන එහෙම තීරණයක් ගන්න දෙමාපියන්ටත් කිසිම අයිතියක් නැහැ. මොකද ඒ පැහැදිලිවම එතන තිබෙන්නේ වෙනස් මනුස්ස ජීවිතයක් නිසා.

      ඔබේ තර්කය උපතින් පස්සේ වුනත් ගේන්න පුළුවන්නේ. ඕන වෙලාවක දෙමාපියන්ට දරුවන් මරා දමන්නට පුළුවන් ඒ තර්කය අනුව ඔවුනට අවශ්‍ය නැතිනම්.

      මම ඉහලදී කිව්වා වගේම අතවරයකදී පවා එහෙම මනුෂ්‍ය ඝාතනයකට ඉඩ දෙනවානම් ඒක වැරදියි. විය යුත්තේ මව දරුවා භාර ගන්නට කැමතිනම් ඊට අනෙක් අය උදවු කිරීමත්, එහෙම නැතිනම් ඒ දරුවන්ට පිහිට විය හැකි පුද්ගලයින්ට/ආයතන වලට ලබා දීම, අවශ්‍ය නම් දරුවා බිහි වෙන තුරු මව රැක බලා ගන්න අදාළ ආයතන වලට පුළුවන්. මේ හැමදේටම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනි, ඒත් ඉතින්....

      Delete
    3. මෙතනදී මම කියුවේ එක මගේ තර්කය කියලා නොවෙයි.
      "යම් යම් තත්ව යටතේ දරුවෙක් මෙලොවට බිහි කරනවද නැද්ද කියන තීරණේ අයිතිය දෙමාපියන් සතු වෙන්න ඕනේ. " කියලා දැන් කියන අය කවදාක හරි "ළමයෙක් බඩෙන් එලියට අවමත් දෙමවුපියන්ට මරන්නත් අවසර දෙන්න ඕන කියල" කියාවි කියලයි.
      බඩෙන් එලියට එන්න කලින් එතන ඉන්නෙත් ජීවියෙක්. මම අහලා තියෙන විදියට සන්සේචනයය සිදුවෙලා මාස 2-3 කින්(මට හරියටම මතක නැහැ) කලලයට හැංගීම් දැනෙන්න පටන්ගන්නවා. එක නිසා ඉපදුනාට පස්සේ ළමයෙක් මරන්න දෙමව්පියන්ට අවසර නැති වගේම් ඉපදෙන්න කලින් මැරීමටත්(ගබ්සාවටත්) අවසර නොදිය යුතුයි. ගබ්සාව කිසිම විටක මානුෂික නැහැ. ( මවගේ ජීවිතයට අවදානමක් ඇතිවිට නොකර බැරි උනත් බරපතල දෙයක්)

      Delete
    4. @රාමා මට බ්ලොග් වල comments system එක නුහුරු නිසා මට පොඩ්ඩක් පැටලුනා සමාවෙන්න.

      ඔවු ඔය පින්තුරේ ගබ්සාවකදී ගත්ත එකක් නොවෙයි. මම ඕක මීට කලින් දැක්ක තැන කියලා තිබුනේ කළලයේ සිදුකරන්න උන අත්‍යවශ්‍ය සැත්කමක් කරන විට සිදුවූවක් කියලා. එක ඔප්පු වෙනවා ගබ්සාවක් කරනවානම් ඔහොම බඩ විවුර්ත කරන්නේ නැහැ නේ. කළලය ලොකුවුනත් සිසේරියන් කරලා වගේ ගබ්සා කරත් ගබ්සාවකදී ගර්භාෂය පොඩි සිදුරකින් විවුර්ත කරන්නේ මොකටද?

      Delete
  49. කතාවට 100% එකඟයි. ලංකාවේ ලිංගික නිදහස තවම තියෙන්නේ වික්ටෝරියානු සම්ප්‍රදායෙන් වැහිලා. ඒත් මේ රට මෙහෙම තිබ්බ රටක් නෙවෙයි. මේවා කතා කරන්න ඕනේ මාතෘකා, නමුත් සදාචාර ලේබලේ ගහල ලැජ්ජාවට යට කරලා කතා නොකරන්න වැඩ සිද්ධ වුනාට මේවා එළිපිට වෙනවා. එතකොට ඉතින් කෑගහන එවුන් නේ මේකේ ඉන්නේ.

    ReplyDelete
  50. අඩ්ඩඩ්ඩා ... කට්ටිය බරසාර කමෙන්ට්නේ දාලා තියෙන්නෙ පැල් බැඳන්.

    අලේ මල්ලල්ලෑ ඕව ගැන.

    ReplyDelete
  51. මන් හිතන්නෙ මාරයගෙ පෝස්ට් වලින් වඩා වැදගත්ම ලිපිය මේකයි. සහ කොමෙන්ටු වලිනුත් සමජයට ගතහැකිදේ බොහොමයි.. 1000 LIKE
    // ලිංගික අධ්‍යාපනයෙන් කෙරෙන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ කෙහෙල්මලේ මෙච්චර හංග හංග කරන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්ත පරම්පරාවක් හදන එක.... මේක සාමාන්‍ය දෙයක්... මේකෙදි වෙන්න, පුළුවුන් මේ වගේ දේවල්, මේ වගේ තත්වයකදි ඩොක්ට කෙනෙක් ගාවට යන්න ඕනේ කියන එක තේරුම් කරලා දෙන්න...//
    අනික තමයි. ස්වයන් වින්දනය ගැන දෙපර්ශවයම හොදින් දැනුවත් කරන්න ඕන, දැන් කාලෙ අපේ එවුන් කසාද බදින්න ඕන වයසටත් අවු 10 -12 පහුවෙලානෙ (සමාජීය, ආර්තික හ දේශපලන හේතූන් මත ) බදින්නෙ.

    ReplyDelete
  52. හොද පෝස්ටුවක් මාරයියා :) කමෙන්ට්ස් වලින් හොද සංවාද ගොඩ නැගිලා.. ඒකෙන්ම පෝස්ටුවෙ සාර්ථක බව පේනවා:)

    ReplyDelete
  53. ලොකු අයියා කාමය අවුස්සා ලබාගත් ලස්ස පහේ කෙටුම් ජයට මාගේ බොක්කේ සුභපැතුම්.!!!!

    ReplyDelete
    Replies
    1. ප.ලි. මේ සබ්ජටය තිත්ත වී ඇති හෙයින් කියෙව්වේ නැත.. උදේ ඉදන් කියවන්න තැටමුවාට කෝපි බිව් බඩජාරියා මෙන් දගල දගලා සිටියෙමි.

      Delete
    2. බොලේ හැබෑට, දැන්නේ මාරයගෙ මීටරේ දැක්කෙ.

      Delete
  54. 100%ක් එකඟයි. සුපිරියි. ජය වේවා!

    ReplyDelete
  55. කරන දෙයක් පරෙස්සමෙන්. (මේ වචන ටික ඇතුලේ මට කියන්න ඕනේ දේවල් ඔක්කොම තියනවා කියල මම හිතනවා)

    දෙලොවක් අතර සිට

    ReplyDelete
  56. සමාජයේ දියුණුවත් සමගම ගතානුගතික මති මතාන්තර කෙමෙන් ඉවත්වී යනු ඇත.

    ගබ්සාවට පිළියම නම් කොණ්ඩොම් බහුල කිරීමයි. ඒවා නොමිලයේ බෙදා දිය යුතුය.

    ReplyDelete
  57. කු මාරයා මලේ, එල පෝස්ට් එක ..! කොමෙන්ට් දාන එවුං මට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ ..!

    ReplyDelete
  58. හැබෑටම කෝ මේ මාරයා. මුන්දත් හොඳයි දේශපාලනේට. පත්තු කරලා පැත්තකට වෙලා බලා ඉන්නවා.
    ලස්ස පහට සුභ පැතුම්!

    ReplyDelete
  59. //මං මෙයිට කලින් වැඩ කරපු තැන හිටිය බඩු කාපර් කෙනෙක් තමයි සරා //

    වෙලාවට ඉස්පිල්ල ලොප් කරලා මගේ ජාමෙ බේරලා...මාරයට ස්තූති වේවා !

    හොද කාලීන කථා බහක්... මේ වගේ අස්සෙ මුල්ලෙ වහගෙන කථා කරන දේවල් තමයි වැඩිපුර කථාබහ කරන්න ඕනෙ...

    ප්‍රේමය නම් රාගයෙන් තොර සදඑළිය සේ අචින්තයි සේ කියලා ලිව්වෙ සුනිල් ආරියරත්නට ලෙඩක් හින්දයි කියලා මහාචාර්ය සුචරිත ගම්ලත් සුනිල් හිටපු සභාවකදිම කියලා, සුනිල් පුටුවක් උස්සලා ගහන්න ගිහිල්ලා යන්තමින් බේරා ගත්තා කියලා ඒ සභාවෙ හිටපු එකෙක් දවසක් මට කිව්වා...

    ReplyDelete
    Replies
    1. ඒක බොරුවක් සිරා... ඔය කතාවයි සුනිල්ට කුප්පමේනිය ටිකක් කන්න දුන්න නං ඔය විදියට සින්දුව ලියන්නැතෙයි කියලා කිව්වෙ බීබීසි සංදේශය ගීත විචාරයෙදි..

      Delete
    2. ඒක බොරුවක් නෙමෙයි දේශකයා... මම මේ දැනුත් මට විස්තරේ කියපු කෙනා අමතලා විස්තරේ ඇහුවා...

      නිමිත්ත සුනිල්ගෙ පොතක දොරට වැඩීමක්... පුස්තකාල ශ්‍ර‍වණාගාරයේ තමා පැවැත්විලා තියෙන්නෙ...සුනිල්ගේ ආරාධනයෙන් එහි පැමිණි ආරාධිත දේශකයා තමා මහාචාර්ය සුචරිත ගම්ලත්, ඔහුගේ අර අර්ථදැක්වීමෙන් කිපුණු සුනිල් පුටුවක් උස්සලා සුචරිත ගම්ලත් ගොයියට ගහන්න හදනකොට අනෙක් අය ගැටුම බේරලා තියෙනවා...

      නමුත් බොහෝ අය දෝෂාරෝපණය කරලා තියෙනවා සුනිල්ට... සභාව සන්සුන් උනාට පස්සෙ අයෙමත් ගම්ලත් කියලා තියෙනවා මට කලින් කිව්ව දේම තමයි අයෙමත් කියන්න තියෙන්නෙ කියලා...එවිට නම් සුනිල් ගොයියා සද්ධ නැතුව හිටියලු..

      මට මේ විස්තරේ කියපු කෙනා පුරුද්දක් විදියට පොත් දොරට වැඩීම් වලට සහභාගි වන වේදිකාවට සම්බන්ධ කෙනෙක්...

      Delete
  60. කොන්ඩම් නිකන් දුන්නනං වැඩේ ගොඩ

    ප.ලි.
    මේ පෝස්ට් එකටම අදාල නැති උනත් කිට්ටුවෙන් යන්න හරි මම මගෙ අදහස කියන්න පෝස්ට් එකක්ම දාපු නිසා ඔයිට වඩා කියන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. නිකන් දෙනවට වඩා වටින්නෙ
      නිදහසෙ ගිහිල්ල ගන්න පුළුවන් තත්වයෙන් ඒවා විකුනන්න ක්‍රමයක් හදන එක ඕනේ.
      අද ඕක ගන්න ගියහම විදින්න වෙන තත්වය
      හරි අපහසු දායකයි අපිටත්.
      කෙල්ලෙක් ගන්න ගියොත් ඉතින් තත්වෙ කියන්න ඕනේ නෑ නේ.

      ඉතින් ඔය තත්වෙ නිසා ගොඩක් උන් අවදානම ගන්න පෙළඹෙනවා

      Delete
    2. ඒ වගේද බඩ හෝදන්න උනාම ???

      Delete
  61. // අවිධිමත් ක්‍රමයන් මගින් සිදුවන ගබ්සාවකින් පසුව නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව නැතිව යාමට වැඩි ඉඩක් නොතිබීම... //
    එතන පොඩි mistake එකක් තියෙනවා වගේ .මෙහෙම නේද වෙන්න ඕනේ
    // අවිධිමත් ක්‍රමයන් මගින් සිදුවන ගබ්සාවකින් පසුව නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව නැතිව යාමට වැඩි ඉඩක් තිබීම... //

    ReplyDelete
  62. බොහෝම ස්තූතියි ලකියා... මං ඒක හදන්නම්...

    ReplyDelete
  63. මෙහෙමයි ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නැහැ. අනික මේක ආසියාවේ තියන තුන්වන ලෝකයේ රටක්. මේක සම්ප්‍රදාය එක්ක යන්නේ. හැබැයි ඔය කියන සම්ප්‍රදාය නැත්නම් මේ රටේ සංස්කෘතියත් නැහැ. ඒක වෙනම කතාවක්.
    ලිංගිකත්වය කියන්නේ හැමෝටම දැනෙන දෙයක්. හැබැයි ඒ දේ මානසික පිස්සුවක් විය යුතු නැහැ. ඕනෑවට වඩා ඕනෑම දෙයකට ලොල් වීම ජීවිතයක අවධානමක්. මොකද අපේ රටේ මිනිස්සු දකින විදිය වෙනස්. සමස්ථය හිතන විදියට බහුතරයේ අපිට හිතන්නම වෙනවා. යතාර්ථය ඒකයි..
    මමනම් කියන්නේ මේ රටේ ලිංගික අධ්‍යාපනයක් ඕනේ. ඔය කියන සමහර ගැටළු එතකොට අහවරයි..

    ReplyDelete
  64. මාර අය්‍යා ඔයට ගොඩාක් පින්.මට ඔයගෙන් ගොඩක් AHANNA තියෙනව.කරුනකරල ඔයව CONTACT KARAGANNA FB එකක් ටියෙනවනම්
    කියන්න.

    ReplyDelete