01 December 2012

බ්ලොග්වල කමෙන්ට් කරද්දී...

කවුද ඩෝ බ්ලොග්වලට නීති දාන එකා...?

මෙව්වා ඒම තමා... ඕන එහෙකුට ඕන හැටියකට ලියන්ට තමා තියෙන්නේ...

තෝ මොන හිපාටුවෙක්ද අපිට බණ කියන්ට..?
------------------------------------------------------

ඔන්න කල් ඇතිවම මේකට වැටෙන්ට ඇහැකි කොමෙන්ට් දෙක තුනක් මංම දාලා හිටියා... ඇත්තටම මේක ලියන්ට හිතුවේ මගේ හිතවත් කෙනෙක් මේ ලගකදී බුකියේ චැට් එහෙක දාපු ඉල්ලීමක් උඩම තමා...


  • මේ මාරෙ...
  • ඔය බ්ලොග්ස් වල කොමෙන්ට්ස් දාන බ්ලොග් කරුවො, යන යන හැමතැනම නැට්ට වගේ එල්ලගෙන යන එයාලගෙ ලින්ක්ස් ටිකට මොනා හරි කියන්නකෝ...
  • මට පේන්න බෑ
  • මට දෙකක් කියන්න හිතයි....ඒත් බැනුම් අහන්න වෙන නිසා නිහඬ වෙමි :v



ඔන්න ඔහොම තමා ඒ කියාපු කෙනා කිව්වේ... මං ඉතිං ඒ වෙලේම ඔය ගැන ලියන්ට හිතා ගත්තා... ඒත් වෙන වෙන වැඩ හින්දා වැඩේ පහු උනා... ඒත් අදත් බ්ලොග් කිහිපයක කමෙන්ට් කියවමින් යද්දී මට ඕක ආයේ මතක් උනා...

බ්ලොග් ලියද්දී සහ ඒවාට කමෙන්ට් කරද්දී අර විදියට කල යුතුයි..මේ විදියට කල යුතුයි කියලා නීති නැති වග ඇත්ත... ඒ වගේම අපි කැමති කැමති ඒවාම මෙතන සිද්ධ නොවන වගත් ඇත්ත... ඒත් පොදුවේ හුග දෙනෙකුට කරදරයක් වෙන දේවල් නොකර සිටීම තමුන්ගේ පැවැත්මට වඩා හොඳයි කියන දේ මං අත්දැකීමෙන්ම දන්න දෙයක්...

මංතුමත් දැන් බ්ලොග් ලියන්න ඇවිල්ලා.. හෝව් හෝව්..පොඩ්ඩක් හිටු හරියටම බලලා එන්න මේක පටන් ගත්ත දවස... 

හරි හොයා ගත්තා...

2009/11/08...

ඒ කියන්නේ අවුරුදු තුනක් කම්මුතුයි... ඒ අවුරුදු තුනට බ්ලොග් එක පාළුවට යන්න නොඇර පුළු පුළුවන් හැටියකට එක දිගටම ලියලා දැනට පෝස්ට් 700ක් පැනලා තව අටක් විතරත් ලියලා තියෙනවා... ඒ වගේම බ්ලොග් එකේ පිටු පෙරලපු ගාන කියලා බ්ලොගර් මාමා විසින්ම හදලා දීලා තියෙන කවුන්ටර් පොල්ලේ 488000ක් විතර සටහනක් තියෙනවා... (ඔය සඳහන් ප්‍රමාණය ගැන වෙනමම කතාවක් තියේ.. ඒක පස්සේ කියන්ට බැරියෑ) එතැනින් ගිහාම කියෝලා කස්ටිය දාපු කමෙන්ටු ප්‍රමාණය මේ වෙද්දී 28752යි කියලත් ඔන්න තියෙනවා.. එතැන මගේම කොමෙන්ටුත් ඇති සෑහෙන ප්‍රමාණයක්... ඒත් ඉතිං තුනෙන් එකකට වඩානං නැතිව ඇති.. (දන්නවනේ කොමෙන්ටුවලට උත්තර දෙන්නේ නැහැ කියලා අහගන්න බැනුං ටික... එහෙම උත්තර දුන්නනං ඔය ගාන ඔයිට හුගාක් වැඩි වෙන්ටත් ඇහැකි...)

හරි මේ පම්පෝරියක් ගැහුවා එහෙම නෙවෙයි... ඔය අවුරුදු තුනක් තිස්සේ මේ බ්ලොග් කෙරුවාව කොරලා මං හම්බ කොරං තියෙන ඒවයින් ටිකක් ගැන තමා කිව්වේ... (තව ඔයිට වඩා බොහෝමයක් දේ හම්බවෙලා තියේ... හොඳ වගේම නරකත්...)

ඔය ටික කිව්වේ වෙන එහෙකට නෙවෙයි... මෙච්චර කාලයක් ලියලා අත්දැකීමෙන් දැනගත්ත දෙයක් කියලා දාන්න ඕන කියලා හිතුන හින්දා...

----------------------------

අපි කවුරුත් මුලින්ම කරන්නේ බ්ලොග් කියවන එක.. එයින් පස්සේ කොහොම හරි කොමෙන්ටු කොට කොට ඇවිල්ලා අපි අපේම කියලා බ්ලොග් එහෙකුත් අටෝගන්නවා.. ඒ අටෝගෙන අපිත් අපිට හැකි විදියකට ඒක ලියනවා... හරි දැන් ඔන්න අපිත් බ්ලොග් කරුවෝ...

ඒත් එයින් ඉස්සරහට යන්න නං අපිට තව තල්ලුවක් ඕන වෙනවා.. ඒ තමා කියවන අයගේ ප්‍රමාණය වැඩි වීම... ඒ අය දක්වන ප්‍රතිචාර ප්‍රමාණය... ඒවත් යම් ආකාරයකින් මේක අඛණ්ඩව ගෙන යාමට උපකාර වෙනවා... හැබැයි තමන්ගේ සතුටට විතරක්ම ලියන කොට ඒවා ගැන ඒ හැටි හොයන්න ඕන නැහැ... ඒත් කාලයක් යද්දී තමන් සතුටට ලියන දේ තවත් අයගේ සතුටටත් හේතු වෙනවා කියලා දැන ගත්තම අපි ඉබේම ඒ අයගේ සතුටට ලියන්න හුරු වෙනවා... එහෙම උනාම ඉතිං ඒ අය අපි ඒ අය වෙනුවෙන්ම කියලා ලියන දේ බාර ගන්න හැටි තේරුම් ගන්න කැමතියි... ඒක දැන ගන්න තමා ප්‍රතිචාර වැදගත් වෙන්නේ... වැඩි ප්‍රතිචාර ලබන්න වගේම වැඩි පිරිසක් අපේ ලියමන් බලන තැනට ගේන්න අපි උත්සහ කරන්නේ ඒ හරහා... කොටින්ම කිව්වොත් බ්ලොග් එක නග්ගලා ගන්න...

ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් වැඩ සෑහෙන්න තියෙනවා... සින්ඩිවලට දැමීම... බුකියේ ෂෙයාර් කිරීම... වගේ දේවල් විතරක් නෙවෙයි එයිට වඩා බොහෝමයක් දේවල් කල හැකියි... අන්න එතනදී තමා අර මං මේක ලියන්න පටන් ගත්ත තැනට එන්නේ...

අනිත් අයගේ බ්ලොග්වල කොමෙන්ට් කිරීම...

ඔය කාරණය බොහෝම වැදගත් සාධකයක් තමන්ගේ බ්ලොගය නග්ගලා ගන්න ඕනනං... හැබැයි ඒක දැන් වෙද්දී නිකංම නිකං ලින්ක් එකක් දමා ඒමක් කියන තැනට පත්වීම තමා කණගාටුවට කාරනේ...

අපි බ්ලොග් ලියන්න එද්දී හිටිය හොඳම කමෙන්ට් කරුවන් අතර අමතක නොවන දෙන්නෙක් තමා දුකා සහ බිගුවා... දුකාවනං හුග දෙනෙක් දන්නවා උනත් සමහර විට බිඟුවව නොදන්න අය දැන් ඉන්න පුළුවන්... ඒත් මට තාම උන් දෙන්නවම එක වගේ මතක හිටින්න හේතුව තමා උන් දෙන්නම තියෙන හැම බ්ලොග් එහෙකම වගේ හොය හොයා ගිහින් කමෙන්ට් කිරීම... එතැනදී අළුත් පරණ බේදයක් තිබුනේ නැහැ... කාටත් හයියක් උනා...

හැබැයි වැදගත්ම දේ එහෙම කමෙන්ටුවක් දාලා අගට උන් එකෙක්වත් ලිව්වේ නැහැ "එන්න මගේ එක පැත්තේත් කැරකිලා යන්න" කියලා... හැබැයි එහෙම නොකිව්වට අපි නිරායාසයෙන්ම ගියා... ඒ ගිහින් එහෙමම ඒවායේ පදිංචිත් උනා... අදටත් දුකා හරි බිඟුවා හරි පෝස්ට් එකක් දැම්මද..ඒක මං කියවලා ඇති... හැකියාවක් ඇත්නං කමෙන්ටුවකුත් කොටලා එන්න අමතක කරන්නේත් නැහැ... ඇයි ඒ...?

ඒ තමා උන් දෙන්නාම අපේ ඒවයේ කමෙන්ට් කරපු ආකාරය... අපි ලියන දේට අදාලව උන් උන්ගේත් කමෙන්ටුව කෙටුවා... ඒක වෙළඳ දැන්වීමක් නෙවෙයි... මම ලියන්නේ කසිප්පු ගැනනං උන් කසිප්පු ගැනයි කමෙන්ටුව කෙටුවේ.. කසිප්පු ගැන උන්ට තියෙන අත්දැකීම... එහෙම නැත්තං කසිප්පුවලට උන්ගේ තියෙන විරෝධය ගැන උන් ලිව්වා...

ඒ කමෙන්ටු කලාවම තමා අවසානෙදි අපිටත් බෝ උනේ... දැන් ටිකක් කමෙන්ට් කරන අඩවි ගාන අඩු උනත් අදටත් මම කැමති ඒ ඒ පෝස්ට් එහෙකට ගිහින් ඒ පෝස්ටුවට අදාලව කතා කරලා එන එක තමා...  සමහර විට මං ලියපු කමෙන්ට් පෝස්ට් එකට වඩා දිග උන තැන් ඕන තරං තිබුනා... වචනවලට ලෝබ වෙලා කමෙන්ට් කරන ක්‍රමයක් තිබුනේ නැහැ... හැබැයි ඒ කමෙන්ටුවකට වියදං කරපු වචන කවදාවත්ම පාඩුවක් උනේ නැහැ... ඒක හොඳ ආයෝජනයක් උනා... බ්ලොග් එක පැත්තෙන්... අළුත් පිරිස මගේ බ්ලොග් එක හොයං ඇවිත් තිබුනේ අර දිග කමෙන්ටු හරහා... මමත් නිකංම වචන තුනෙන් කමෙන්ට් කරලා ලින්ක් එක දාලා ආවනං සමහර විට අර අයට මාව මග ඇරෙන්න තිබුනා... අනේ තොගේ රෙද්ද බලන්න එන්න අපිට බැහැ කියලා නිකං ඉන්න තිබුනා... ඒත් කියවන්න තරමට කොමෙන්ටුව ලිවුවම ඒ හරහා මූ කවුද කියලා බලන්න එන පිරිස වැඩියි.. ඒ ආවම එන කෙනාට බලන්න තරං අපේ බ්ලොග් එකේ යමක් තියෙනවනං ආව කෙනා ස්ථීර පදිංචිකාරයෙක් වෙලා තමා නවතින්නේ... 

මං කල්පනා කරන විදියටනං සින්ඩි හා බුකියටත් වඩා කමෙන්ට් හරහා එන අය වැඩියි... ඒ හින්දා කමෙන්ට් කිරීම කියන සාධකය බ්ලොග් වලදී වැදගත් කියලා කියන්න පුළුවන්... දැන් ඉතිං එහෙමයි කියලා දිගට හරහාට කමෙන්ට් කරන්න දුවන්න කියනවා නෙවෙයි... අපි දවසකට බ්ලොග් සීයක් බලලා කමෙන්ට් සීයක් කොටනවට වඩා බ්ලොග් සීයක් බලලා ඒවායින් අපිට කමෙන්ටුවකට හොඳ පසුබිමක් තියෙන බ්ලොග් 5ක හරි හමන් විදියට කමෙන්ට් කලානං ඒක අර කමෙන්ට් 100ට වඩා ප්‍රභලයි කියලයි මට මගේ අත්දැකීම් උඩ කියන්න වෙන්නේ...

එහෙම කලානං කමෙන්ට් එක අවසානෙට "එන්න අපෙනුත් මල් ගන්න" කියලා කියන්න මහන්සි වෙන්න ඕන නැහැ... කමෙන්ටුව හොඳයිනං ඇවිත් මලුත් අරං පදිංචිත් වෙයි...

කමෙන්ට් හරහා කල හැකි දේ කොච්චරද කියන්න හොඳ උදාහරනේ තමා "ඔබා අයියා" නොහොත් අපි කවුරුත් දන්න සනත් අයියා... ඔබා අයියා තමන්ගේ කමෙන්ට් හරහා හදාගත්ත රසිකයින් ප්‍රමාණය ඔහු බ්ලොග් එක හරහා හදාගත්ත ප්‍රමාණයට වැඩියි කිව්වොත් ඒක තමා හරි... ඇත්තටම ඔබා අයියට අමුතුවෙන් බ්ලොග් එක ගැන කියන්න තිබුනේ නැහැ... ඒ වෙද්දී ඔබා අයියගේ කමෙන්ට් වලින් පුද්ගලයවත් පුද්ගලයගේ ඇතුලේ ඉන්න ජොලි ගුඩ් බුවාව හඳුනගෙන හිටිය අය ඔබා අයියා බ්ලොග් එකක් කරන තැනට ඇදන් ගියා...

ඊ ළගට අපේ දෙමළ නයන්නේ ප්‍රසන්නයා... මං හිතන්නේ සිංහල බ්ලොග් අවකාශයේ වාර්ථාගත බ්ලොග් පෝස්ටුව හිමි තැනැත්තා... වචන පහයි..අවුරුද්දටම එකයි... හිට් සහ කමෙන්ට් නහුතෙට... ඒ වෙන මොනවත්ම නෙවෙයි කමෙන්ට් හරහා හරි හම්බ කල වටිනාකම... (ඔය ලකී ගොයියට උනත් ඒ වටිනාකම තියෙනවා..මෑන් තව ටිකක් නග්ගලාම වැඩේට බහින්න ඉන්නවා කියලා තමා කියන්නේ... )

ඊ ළගට මෑත කාලීන හොඳම උදාහරනේ "හිරුවා" 

පරණ බ්ලොග් එහෙක හිමිකාරියක් උනත් කාලයක් නොලියා ඉදලා ආයෙමත් ලියන්න ඇවිත් ටික දවසකින්ම හොඳට නැගලා යන බ්ලොගයක් කරගෙන යන මට්ටමට හිරු ආවෙත් කමෙන්ට් හරහා කිව්වොත්  වැරදි නැහැ. ඒක අද වෙනකොට බ්ලොග් ලියන කියවන අය පිළි ගනී කියලා  හිතනවා...

ඔය ටික උදාහරණයට ගත්තම ඇති... ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... මට කාටවත් කියන්න බැහැ කමෙන්ට් කරද්දී මෙහෙම කරන්න අරෙහෙම කරන්න කියලා.. හැබැයි කරන දේ හරියට කරන්න... ප්‍රතිඵලය හොඳටම හොදයි... මං කියන්නේ මටම තියෙන අත්දැකීම් සහ තවත් උදාහරණ ඇතිව... ඒ හින්දා කමෙන්ට් හරහා කට්ටිය තමන්ගේ බ්ලොගයට ගෙන්න ගන්න ඕනනං දකින දකින හැම බ්ලොග් එකේම තමන්ගේ ලින්ක් එක දදා යනවට වඩා ඒ ඒ බ්ලොග්වල ඒ ඒ ලිපිවලට අදාලව හොඳ කමෙන්ට් දෙක තුනක් ලියන්න... ප්‍රතිඵල තියේවී...

*

250 comments:

  1. කවුද ඩෝ බ්ලොග්වලට නීති දාන එකා...?

    ReplyDelete
    Replies
    1. රෙඩිමේඩ් කොමෙන්ටුවක් ලබාදීම ගැන මාරයාට ස්තුතියි

      මෙන්න මගේ අදහස..

      ඇත්තටම තමන්ගෙ කොමෙන්ටුව හරහා බ්ලොග් එකට හිට්ස් ගන්න කැමතිනං ඒක ආයෙ වෙනම ලින්ක් කරන්නෙ නැතිව තමන්ගෙ ප්‍රොෆයිල් එකටම ලින්ක් කරල තිබුනම හොඳටම ඇතියි කියලයි මමත් හිතන්නෙ..ආයෙ වෙනම නැට්ටක් එල්ලගන්නම ඕන නම් ඔය මුල් කාලෙ විතරක් විතරක් කලාම ඇතිනෙ..ඕක හැමදාම කරන එක නං කිසිම තේරුමක් නැහැ..


      Delete
    2. සමකය වටේ රවුමක් යන්න එන්න කියා ලිංකුවක් මං එල්ලන්න ගත්තේ මීට මාසයකට විතර පෙර සිටයි. මේ පෝස්ටුවෙන් කතා කරන්නෙත් ලිංකු එල්ලීම ගැනනේ. ඒ ගැන මගේ අදහස මේ සේරම කමෙන්ට් හරහා මමත් ඉදිරිපත් කොට තිබෙනවා.
      මෙන්න මගේ ලිංකුව
      එන්න සමකය වටේ රවුමක් යන්න

      Delete
    3. "ඒ ගැන මගේ අදහස මේ සේරම කමෙන්ට් හරහා මමත් ඉදිරිපත් කොට තිබෙනවා."

      ඈ බං කියපං බලන්න උඹගේ අදහස ඔය දාලා තියන ලින්ක් එකේ කොතනද තියෙන්නෙ කියලා. බං බූරුවෙක් උනාට තප්පුලන්න එපා. එතකොට හැමෝම දැන ගන්නවා උඹ බූරුවෙක් කියලා.

      Delete
    4. අතගාල බලපං ඔලුව.//මගේ අදහස මේ සේරම කමෙන්ට් හරහා මමත් ඉදිරිපත් කොට තිබෙනවා." // මේ ටික කියවා තේරුම් ගන්න්.

      Delete
  2. අහවල් එක ලියන අහවලා කියලා යටින් කෑල්ල දැන් හෙන ජනප්‍රිය වේගෙන යනවා ඈ.අපේ ඇටම් අයියත් මම දැක්කා ඕක අනුගමනය කරනවා (අනුකරණය නෙවේ).හැබැයි ඇත්තටම ඕක නිකම් විහිළුවක් වගේ.උදාහරණයක් පෙන්වන්න මම කැමති නැහැ නැත්තම් පෙන්වන්න තිබ්බා.පොඩි කොමන්ට් කෑල්ලක් දානවා සුපිරියි කියලා.යටින් අර ලින්ක් කෑල්ල.

    ReplyDelete
    Replies
    1. සුපිරියි කියලා
      දාලා මම ලින්ක් දැම්මේ නැ හරිද

      Delete
    2. නැහැ මම කිව්වේ වෙන කෙනෙක් ගැන ඒකනේ උදාහරණ පෙන්නුවේ නැත්තේ :D

      Delete
  3. උඹ ඉතින් කවදාවත් අපිට නරකක් කියුවේ නපුරක් කෙරුවේ නැනේ,

    අවවාදය ඉස්මුදුනින් පිලිගත්තා , මින් මතු අටමගේ ලින්ක් දැමීමක් නැත

    ReplyDelete
    Replies
    1. ඔන්න මම දාන අන්තිම ලින්ක් එක

      Delete
    2. නිසානයෝ මම තෝව ටවනමම අල්ලා ගන්නං . ඇ යකෝ පට්ට බ්ලොග් කාරයෝ ඉන්දැද්දි තොට උදාහරනෙට හිටියේ මම විතරද . හිටපිය මම හෙට අදේට එනවා බොලාගේ ගෙදර හොම්බට දෙකක් ඇනලා යන්ඩ

      Delete
    3. අටම්පහුරගෙ බ්ලොග් එකට යන තරමක් මම යන්නෙ අටම්ගෙ කොමෙන්ට් හරහා...හැබැයි ඔය යට තියන නැට්ට ක්ලික් කරල නෙවෙයි..උඩ තියන ප්‍රොෆයිල් එකෙන්,,

      (ආවානං කෝ යකෝ කොමෙන්ට් කියල අහන්න එපා..උඹට මහ ගොඩක් කොමෙන්ට් වැටෙනවනෙ.මේ තියෙන්නෙ මට කිසිදා අමතක නොවන, අටම්ගෙ මම දුටු මුල්ම කොමෙන්ටුව..)

      අටර්‍මපහුර April 15, 2012 1:31 PM
      යකෝ මාරයගේ බල්ලා කිරි බොන එකට කමෙන්ර්‍ටි කරන්නත් 100ක් විතර ඉන්නවා අපේ ර්‍බලොග් වලට කමෙන්ටි කරන්න එක බල්ලෙක් නැ.
      Reply

      Delete
    4. ස්තුතියි බං , මම දැන් මේකට හොදටම ඇබ්බැහිවෙලා , හවසට ගෙදර ඇවිත් 15ක් විස්සක් කියෙව්වේ නැත්තං මට නින්ද යන් නැ , ලියන වැඩේට වඩා මම කැමතියි කියවන්න . කමෙන්ට් නොකෙරුවට . මම කියවනවා ගමකට , මම කියවන සමහරක් බ්ලොග්කාරයෝ මට එක කමෙන්ට් එකක් වත් දීලා නැ , සමහරක් උන් පල බල්ලා කමෙන්ට් දීලත් තියනවා, ඒත් මම එව්වා කියවනවා ,

      මම කියවනවා මට කමෙන්ට් කලත් නොකලත්
      මාව ෆලෝ කලත් නොකලත් මම පස්සෙන් එළවනවා

      Delete
    5. මෙන්න අද කාලයේ ආධුනිකයාට වෙලා තියන දේ ප්‍රවීණයෙකුගේම ඇසින්.
      //යකෝ මාරයගේ බල්ලා කිරි බොන එකට කමෙන්ර්‍ටි කරන්නත් 100ක් විතර ඉන්නවා අපේ ර්‍බලොග් වලට කමෙන්ටි කරන්න එක බල්ලෙක් නැ.//
      දුක තමා අලුත් අපට රංජනි.

      Delete
    6. අයියෝ මේන් නලියගේ නැට්ට හැලිලා.. උඹ මාරයිනේ මාරේ...

      Delete
    7. මම නැට්ට දැන්ම හලන්නේ නැතෝ. මේ පිටුවේ එක තැනක ඇති මාතලං. පැහැදිලිවම මම මගේ අදහස මේ දිගටම කියලා තියනවා. ඔන්න එහෙනං මෙතැන දානවා.
      එන්න සමකය වටේ රවුමක් යන්න

      Delete
    8. ආයිත් මූ තප්පුලන්න අරං, කියන එක තේරෙන්නෙම නැති පාටයි.

      Delete
    9. ඊට කලින් තව පාරක් ඔලුව අතගාල බලපං අං දෙක එන්න ලගයි වගේ.

      Delete
  4. ක්මෙන්ට් හරහා බ්ලොග් වලට එන අයි වැඩි කියන එක නම් මමත් පිළිගන්නවා..ඇත්තම කිව්වොත් ඒක හරියට නිකන් දෙන තරමට තමයි ලැබෙන්නෙ වගේ...

    ReplyDelete
  5. මමත් ප්‍රතිපත්තියක් හැටියට කවදාවත් මගෙ කමෙන්ට් එකකදි මගේ බ්ලොග් එකට එන්න කියන ආරාධනය කෙලින්ම හෝ වක්‍රව දීලා නෑ.. අඩුම ගානෙ මම බ්ලොග් එකක් පටන් ගත්තු බවවත් කාටවත්ම කීවෙ නෑ. ( මට බ්ලොග් එකක් තියනවා කියලා මෙතන කියන්නෙත් ඒක නොකියා මේක කියන්ඩ බැරි නිසා :-) ) ඒත් මගෙ එකට ආපු පාඨකයො බොහොමයක් කමෙන්ට් හරහාම ආපු අය බවයි මගෙත් පිළිගැනීම. සින්ඩි වල සහය අල්පයි..

    ඒත්.. තමන්ගෙ බ්ලොග් එකේ ලින්ක් එකක් කමෙන්ට් එක යටින් දාන එකේනම් මම වැරැද්දක් දකින්නෑ.. ඒක නිකන් අපි ඊමේල් එකක යටින් සිග්නේචර් එකක් දානවා වගේ වැඩක් කියලයි මට හිතෙන්නෙ.. හැබැයි මමනම් එහෙම කරන්නෑ..

    එක එක අය විවිධයිනෙ..

    ReplyDelete
    Replies
    1. මම අඹව දන්නෙත් කමෙන්ට් එකක් හරහා ඇවිත්

      Delete
    2. මම අටම්ගේ බ්ලොගට ආවෙත් කමෙන්ට් එකක් හරහා..

      Delete
    3. මමත් කුරුන්ද පැත්තේ ගියේ කවුරුහරි කෙනෙක් සෙන්නා ලියන්නේ නෑ කියලා ආඩපාලි කියලා තියෙනවා දැකලා තමා... හි හි....

      Delete
    4. මම බ්ලොග් බලන්න පෙළඹුනේ අහම්බෙන් දුමී අයියගේ බ්ලොගේ දැකල. පස්සේ ඒකෙ තිබුණු කමෙන්ට් වලින් තමයි අනිත් බ්ලොග් වලට ගියේ..

      Delete
  6. මමනම් දැන් මෙතන 1 දාන්නෙත් නැහැ. :).

    සමහරුනම් කමෙන්ට් එකට යටින් ලින්ක් එකක් දාන්නේ. මම දැන් එහෙම කරන්නෙත් නැහැ. ඒ වුනත් එහෙම කලත් ඒකෙ එහෙමට වැරද්දක් දකින්නේ නැහැ මම. ඒත් ඉතින් අත්සන රචනාවක් වුනොත් ඉතින් අනුන්ගේ බ්ලොග්රචකයාගේ ඉඩ මංකොල්ල කෑමක් වගේ. අනිත් එක ඉතින් සුළුවට හරි, පෝස්ට් එකේ ලෝඩ් එක වැඩි කරනවා නේ..

    සමහරු ඉන්නවා කමෙන්ට් එකට අත්සන විතරක් ගහලා යන. අරුණි අක්කගේ පෝස්ට් එකකට කවුද ගිහින් "වෙනසකට මේ පැත්තේ ඇවිත් යන්න" වගේ මොකක් හරි ලින්ක් එකක් දාපු කෙනෙක්ගෙන් අහල තිබුනා "මොකක්ද ඒකෙ තියෙන වෙනස" වගේ දෙයක්... :)

    ඕව කිව්වට අර කලින් කිව්වා වගේ අවුරුද්දට පෝස්ට් 4ක් දාන මට නම් එක පෝස්ට් එකකට කමෙන්ට් 2,3 ආපු වෙලාවලුත් තියෙනවා. හැබැයි තවම ඔය ලින්ක් අත්සන් ගහපු කමෙන්ට් එකක්නම් ආවේ නැහැ. හේතුව පැහැදිලියි. කැලෑ පාරවල් වල බිල්බෝඩ් ගහන්නේ නැනේ.

    ReplyDelete
    Replies
    1. ආධුනිකයාට ලිංකුව දැමීමෙන් ලැබෙන දේ බොහෝයි.අඩුම තරමින් අනික් ආධුනිකයන් හා සම්බන්ධ වෙන්නවත් අවස්ථාව තියනවා.එය මාස කීපයක් කරගන යන එක වඩා ප්‍රයෝජනවත්.

      Delete
    2. ඇත්ත. ගොඩ දෙනෙක් සීමිත බ්ලොග් ගානකට සීමා වෙලා ඉන්නේ. මොනව් කිව්වත් ඇඩ් ඒක දකින පලවෙනි වතාවේ හරි ඇවිත් යනවනේ. එහෙම ආවම බ්ලෝග හොඳනම් නිතරම එන්න පටන් ගන්නවා...

      මම ලියන්නේ වර්ඩ්ප්‍රෙස් වල, ගුගල් ගිණුමට ඒක ලින්ක් කර ගන්න පුළුවන් කියල දැන ගන්නකම්, මමත් යටින් නම ලින්ක් කලා. පස්සේ ඒකත් නැවැත්තුවා....

      කොහොම වුනත් ලින්ක් එක විතරක් දාල යන එකනම් පැහැදිලිවම වැරදියි, පෝස්ට් එකට අදාළ දෙයක් කියන්නේම නැතිව.. එහෙම වුනාම නම් ලියන්නා කුපිත වෙනවනේ :)

      Delete
  7. මාරෙ මලයගේ මේ පෝස්ටුව හොදට හිතට වැදුණා.එයින් බොහෝ දේ ඉගනත් ගත්තා. මම බ්ලොග් ලියන්න ඇවිත් තාම මාස 4ක් නෑ.
    යම් යම් හේතු මත මමත් ලිංකුව එල්ලන්න ගත්ත කෙනෙක්. හැබැයි ඒකත් අසාර්ථක දෙයක් නොවෙයි. සැහෙන සාර්ථකත්වයක් තිබුණ දෙයක්.බ්ලොග් ලියන්ල ගන්න කලින් මමත් බ්ලොග් කියෙව්වා ඒවායේ හැඩ තල බැලුවා. ඒත් ලියන්න ගත් මුල්ම කාලේ ප්‍රතිචාර අඩු වු විට තමයි ලිංකු එල්ලන්න පටන් ගත්තේ.ඇත්තම කිව්වොත් බ්ලොග් ලොකයේ පරිනතයෝ කව්රුවත් අපේ පොස්ටුවකට කමෙන්ටුවක් දාන්න තරම් කාරුණික වුනේ නැ මුල් මාස දෙක තුන තුළ.ඒ අයගේ ලිපිවලට කෙතරම් කමෙන්ටු දැම්මත් ඒ අය හැරිලවත් බැලුවේ නැ පැත්ත පලාත. මා දැක තියනවා සමහර මා වැනිම ආධුනිකයන් ප්‍රවිනයන් තම බ්ලොගට ගෙන්නා ගන්න පෝස්ට් පවා ලියා තිබූ අවස්ථා.එවැනි තත්ත්වයන් තුළ ලිංකුව එල්ලීම යම් තරමක සාර්ථකත්වයක් නැතුවා නොවෙයි.
    ඒත් මේ දේ බාල දෙයක් බව නොවැටහෙනවා ම නොවේ.එය එසේ යැයි සිතෙන්නේ තම බ්ලොගයටත් යම් තරමක ට්‍රැෆික් ලැබෙනවිටයි.
    මාර මලයාට ස්තුතිවන්ත වෙන්නේ මේ දේ ඉතා සාධාරණව නිසි ක්‍රම වේද සහිතව පහදා දිම නිසයි.ඒත් අලුතින්ම බ්ලොග් පටන් ගන්න අයට මා කියනවා හැකිනම් මාසයක් දෙකක්වත් ලිංකුව එල්ලන්න කියලා. එය ඒ තරමටම සාර්ථකයි.ලිංකුව එල්ලිම සදා කල් කළ යුතු නැ. තරමක් දුරට හෝ ගොඩනැගෙන්න එය රුකුලක්.ඒත් පසු කාලිනව වැටහෙනවා එය අවිචාරවත් ක්‍රමයක් බව. කෙළින් මේ ගැන කියූ මාරයාට ස්තුතියි. මාරයාට චැටෙන් මේ වැඩේ හොඳ නැ කියු කෙනාට කියන්න තියෙන්නේ අපිත් දන්නවා ඒත්.....ඉතුරු ටික ඔන නැ.

    ReplyDelete
    Replies
    1. මම උඹ එනකං තමා බං මේ හිටියේ , උඹ එනවා කියලා මම දැන ගන හිටියා , මම යනවා නාන්ඩ

      Delete
    2. හරි මං තව පැයක් දෙකක් ඉන්නවා ඇහැරලා.

      Delete
    3. නැහැ මචෝ. මාරයා කියපු දේ මම මේ විදියට විග්‍රහ කරනවා. ඕන එකක් කලාට කමක් නේ ඒ පෝස්ට් එකට අදාලව කොමෙන්ට් එකක් දාල. උඹලා පුදුම වෙයි අපේ පෝස්ට් මුල් කාලේ බලන්න හිටියේ කී දෙනාද කියලා. (දැනුත් බලන එක අපරාදයක් කියලා සමහර අයට හිතෙනවා ඇතී) ලින්ක් දාන්න ඕන නෑ. ප්‍රෝෆයිල් පික්චර් එකත් එක්ක ආවම බොගක් දානවනම් ගඳ එනවා. මම නම් යන්නේ ඒ ගඳ ඔස්සේ. අරකෙත් ඇති වැරද්දක් නෑ. මම නම් කියන්නේ ගන්න තියෙන චාන්ස් එක ගන්න ඕන. ආයෙත් දාපන් සමකය වටේ රවුමක් යන්න එන්න කියලා. කිසි අවුලක් නෑ.

      Delete
    4. මමත් පට්ට අලුත්! මම කල්පනා කර කර හිටියෙ එහෙම එකක් දානවද නැද්ද කියල. මට හිතුන එහෙම එකක් දාන එක හරි නෑ කියල. ඉතින් මාරය්යගෙ පෝස්ට් එක දැකල ඒ අදහස හිතට ආපු එක කොච්චර හොඳයිද කියල හිතුන. ඒත් මේ කමෙන්ට් එක දැක්කම අනේ මන්දා කියල ආයෙත් හිතෙනව. :(

      Delete
    5. මම දකින විදියට නං පෝස්ට් එකට අදාල ලින්ක් එකක් දැමීමේ වරදක් නැහැ, ඒත් තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක වටේම දාගෙන යන එක නං එච්චර හරි යන්නෙ නැහැ වගේ.

      @මාතලන්,
      ඒ කොල්ලා හැදෙන්න යන කොට උඹ ආයිත් වලටම ඇදලා දාන්න හදනවා නේද බං?

      Delete
  8. මමත් ලින්ක් නම් දාන්නෙ නෑ... අනික මගේ බ්ලොග් එක වැඩි දෙනෙකුට අල්ලන්නෙත් නෑ... වැඩිම උනොත් සීයක් දෙසීයක් එයි දවසකට... ඉතිං මට මොකෝ....
    හැබැයි මම අන්තිමට ඇල්කෙමියා කියලා නං දානවා.. ඒ සමහර වෙලාවට මම කවුද කියලා අදාල බ්ලොග් එක හිමිකාරයා නොදන්න නිසා... නමුත් ලිංකු නං දාලා නෑ.. දාන්නෙත් නෑ....
    බලෙන් මිනිස්සු ගෙන්න ගන්න කඩේ ඉක්මනට වැහිලා යනවා... මගේ කඩේට එන මිනිස්සු ටික දෙනයි ඉන්නෙ.. නමුත් උන් හැමදාම එනවා.. ඒ ටිකට බඩු දීලා මම පාඩුවෙ කඩේ කරගෙන යනවා..

    ඇල්කෙමියා...

    පස්සෙ ලියමි.
    අනේ එන්න... අපේ බ්ලොග් එකත් බලලා යන්න එන්න...
    අනේ අපේ බ්ලොග් එකත් බලන්නකෝ...
    මේකෙත් තියෙන්නෙ අකුරු තමයි....
    අනේ එන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. අප්පච්චියේ මහත්තයො

      //වැඩිම උනොත් සීයක් දෙසීයක් එයි දවසකට//

      ඉතින් මදිද දෙයියෝ


      ඔයාලගේ පැත්තේ මම ඇවිත් ඇවිත් ගියා කාලයක් තිස්සේ

      ලගකදි දවසක මම දැක්කා ඔයාගේ කමෙන්ට් එකක් අටම්පහුරේ
      මං කොල්ලා අප්පටසිරි මුත් ඇවිත්

      හාමිනේ

      කවුද අනේ

      අර බස්රේඩියෝ එකේ මෙහෙම කියපු එකා



      කමෙන්ට් එකක් කොච්චර වටිනවද මහත්තයෝ ,



      Delete
    2. ඇත්තම කිව්වොත් අටං මගේ බ්ලොගට ඇල්කෙමි ආවෙත් මං ලිංකුව දැම්මට පස්සේ. ඉතින් ආධුනික අපට ඒ ලිංකුව හරිම ප්‍රෙයෝජනවත් වුණා.කොමෙන්ටුවක් බ්ලොග් ලියන එකාට හරිම වටිනවා. උත්තේජයක් ලැබෙනවා.බොහෝ පරිනත අයට නම් ඒවා දැන් ඒ හැටි ගානක් නැ. ඒත් ආධුනිකයාට වටිනවා

      Delete
    3. ඇත්ත... නලින් අයියගේ බ්ලොග් එක ගැන දැන ගත්තෙ ලිංකුවකින් තමයි... මට වැඩිය බ්ලොග් අස්සෙ කරක් ගහන්න බැරි නිසා මම නම් අළුත් බ්ලොග් ගැන දැන ගන්නෙ මේ වගේ ලිංකු වලින්.
      මමත් අර මුලින් කියපු කතාව අගය කරනවා...
      බ්ලොග් එක පටන් අරන් මුල මාස කිහිපයෙ තමන්ගෙ බ්ලොග් එක ඇඩ්වටයිස් කරාට කමක් නෑ... නමුත් දිගින් දිගටම එහෙම කරන්න ගියාමත් ටිකක් වෙන්න චාටර්...

      අටං...
      බස් රේඩියෝවෙ මම මොකක් හරි අවකැපෙන කතාවක් කිවුවද ?
      මම කිවුවෙ ඉතිං මට හිතෙන හැටි... මම ඉතිං ලද දෙයින් සතුටු වෙන මිනිහා... බ්ලොග් එකට ඉතිං එන කට්ටිය එනවා.. උන්ට මම ලියනවා... ටික දෙනෙක් හරි දැනුවත් වෙනවනං හොඳයි නෙ...
      මේ දවස්වල නං කතාවකට හිර වෙලා වෙන දෙයක් ලියන්න ඉඩක් ඇත්තෙම නෑ... මමත් ඒකට ඇබ්බැහි වෙලා... වෙන දෙයක් ලියන්න හිතකුත් නෑ...
      ඒ මදිවට මේ කතාව වැල වගේ ඇදිලත් යනවා.. ලේසියෙන් ඉවර වෙන එකකුත් නෙවෙයි.
      නමුත්, මටත් හිතෙනවා මගේ ලිපි වලට කොමෙන්ටු නැති වුනාම "අනේ මේ ලිපිය රසවත් නැද්ද" කියලත්....
      අපියි කියලා රහත් වෙලා නෑනෙ...

      Delete
    4. //බස් රේඩියෝවෙ මම මොකක් හරි අවකැපෙන කතාවක් කිවුවද//

      පිස්සුද අනේ අපේ හාමිනේ ඇහුවා කව්ද අනේ ඔය කියලා

      මම කියුවා මෙහෙම එකෙක් කියලා

      ඔයා එතන එහෙම නරක දෙයක් කියුවා යැ

      අනේ මම එයාට කැමතියි අප්පා සමහරක් එව්වා අරුණි නෝනා ලියන සමහරක් එව්වා වාගේ උනාට

      ඒක ඉතින් ඔයාලගේ වැරුද්දක් නෙමෙයිනේ

      මගේ දැනුමේ දිග පළල ගැන ප්‍රශ්නයක් මිසක්



      Delete
    5. කෙලින්න පුලුවන් තැන කෙලපන්.. ඒක තමයි දැන් සිස්ටම් එක. ඒකට විරුද්ධව යනවා කියන්නේ මෝඩ කමක්. ඉස්සර මේකේ හිටියෙ කී දෙනාද අද ලංකාවෙම 15000 කට වඩා ඉන්නවා. නමුත් කරුමය කියන්නෙ. ඒ එන අයට කියවන්න දෙයක් නෑ. උඹලගේ එකේ මේ කොමෙන්ට් එක එල්ලුවේ. උඹලා ඇඟට දැනෙන දෙයක් ලියන නිසා.

      Delete
    6. අනේ එන්නකෝ...........
      ඔන්න මාත් එනව හොඳේ :D

      Delete
    7. ඇල්ගේ පෝස්ට් මම නං ආසාවෙන් කියවනවා.. අර කතාව නම් නියමයි.. ඒත් කෝ.. සති ගානකින් දැක්‌ෙක් නෑ අප්ඩේට් එකක්... හි හි

      Delete
  9. "මටනම් අහන්න තියෙන්නේ හිට්ස් සහ කමෙන්ට්ස් තම්බලා කන්නද..?" කියලා තමයි.

    ඔන්න හිට් එහෙකටයි කමනෙට් එහෙකටයි කීය කීය හරි ගෙවනවනම් ටිකක් මහන්සි වුන හැකි.

    අනිත් කාරණේ දැන් බ්ලොග් අවකාශේ හිට්ස් සහ කමෙන්ට්ස් ලැබෙන්නේ අන්තර්ගතයට නෙමෙයි, හිතවත්කම් වලට.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++

      මං අද නිදියෙන් නැ

      Delete
    2. හිට්ස් නම් වැඩක් නෑ තමා ඒත් කමෙන්ටුව ලියන්නාට උත්තේජයක්. බැනල කමෙන්ටුවක් දැම්මත් ඒකත් වටිනවා.

      Delete
    3. එහෙමම කියන්න එපා මචෝ. නැත්තන් ඉතින් ටොයිලට් පේපර් එකක ලියලා පිහදාලා විසි කරන්න පුළුවන්නේ. මාලන් උඹ ලියනවා අම්බානක මදි..... මට කියන්න තියෙන්නෙ එච්චරයි.. අන්තර්ගතය ගැන නම් කතා කරන්න එපා. අනික උඹ අර අටමගල අස්සෙ දාන පෝස්ට් කාටවත් පේන්නේ නෑ..

      Delete
    4. ඒක කොච්චර උත්ප්‍රේරනයක්ද කියල කියන්ඩ ඕනි නෑ අප්ප. බ්ලොගක් පටන් ගත්තට ලියන්නෙ මොනවද කියලවත් මෙව්ව එකක් හිතේ තිබ්බෙ නෑ.පලවෙනි පෝස්ට් එක හසිත රීඩරෙට ඇඩ් කරල තිබුන. ඒක නිසා මට සුභ පතල යන්න 25ක් විතර ආව. මට හිතුන මොනව හරි දෙයක් කරන්න ඕනිමයි කියල. හිට්ස් වැඩක් නෑ. කමෙන්ට් සෑහෙන්න වටිනව.කමෙන්ට්ස් වලින් තමයි වැරදි අඩුපාඩු හැදෙන්නෙත්. හදාගන්නෙත්.

      Delete
    5. //අනිත් කාරණේ දැන් බ්ලොග් අවකාශේ හිට්ස් සහ කමෙන්ට්ස් ලැබෙන්නේ අන්තර්ගතයට නෙමෙයි, හිතවත්කම් වලට. // සමහර වෙලාවට මේකත් ඇත්ත කියල හිතෙනවා.

      Delete
    6. චැට් වලත් නැති, ෆේස් බුක් එකෙත් නැති මට නම් හිතවත්කමක් තියෙන එකෙක් කියලා එකෙක් නෑ මේ වෙනකොට බ්ලොග් අවකාශේ සෝරෝ මලයා ඇරෙන්න... ඔක්කොම වගේ ඉන්නේ මේ පෝස්ට් කියව කියව ගිහින්, කමෙන්ට් දදා ඉඳලා අඳුරගත්ත අය තමයි ඉතිං... ඒ හිතවත්කම නම් මට ලොකුම දෙයක්...

      Delete
  10. මම නම් තාම බ්ලොග් කියවන්නෙක් කියලා තමයි මම මටම කියවා ගන්නෙ..එහෙම කියවන කොට සහ කියවලා ඒ බ්ලොග් ලිපියෙන් ගන්න තියෙන දේ ගැන සහ ඒ අන්තර්ගතය අපේ ජීවිත, අත්දැකීම් එහෙම නැත්නම් අපි අහලා , කියවලා තියෙන දේ එක්ක යම් ඝට්ඨනයක් හරි එකමුතුවක් හරි වෙලා..ඒක අස්සෙන් අපේ සිතුවිලි හරහා අකුරු වෙලා එන දෙයක් ඒ බ්ලොග් පෝස්ට් එකට අදාලව ලියලා ගන්න ආතල් එක කොහොමත් බ්ලොග් පෝස්ට් එකක් ලියලා ගන්න එකට වඩා බොහොම ඉහලයි..ඒත් බ්ලොග් ලියන්ඩ ගත්තහම වැයවෙන්නෙ කියවන්න සහ කමෙන්ට් කරන්න තියෙන කාලය වෙන කොට...කියවීම එක්කෝ කමෙන්ට් කිරීම දෙකින් එකයි කෙරෙන්නෙ..එක්කෝ උඩින් පල්ලෙන් කියවලා කමෙන්ට් එකක් දානවා..නැතිනම් කියවලා කමෙන්ට් එකක් නොදා ඉන්නවා..ලියන්ඩ පටන් ගන්ඩ ඉස්සෙල්ලා අවුරුදු 2ක් විතර කියවමින් හිටිය එක අතෑරලා ලියන්ඩ ආවෙ ඇයි කියන එක ගැන විටින් විට පසුතැවිල්ලක් ඇති වෙනවා කිව්වෙ නැතොත් බොරුවක්..නිවීහැනහිල්ලේ බ්ලොග් එකක් කියවලා ඒකට කමෙන්ට් එකක් දාන එක තමයි අදටත් මට නැගලම යන වැඩේ..

    ReplyDelete
    Replies
    1. //ලියන්ඩ පටන් ගන්ඩ ඉස්සෙල්ලා අවුරුදු 2ක් විතර කියවමින් හිටිය එක අතෑරලා ලියන්ඩ ආවෙ ඇයි කියන එක ගැන විටින් විට පසුතැවිල්ලක් ඇති වෙනවා කිව්වෙ නැතොත් බොරුවක්..නිවීහැනහිල්ලේ බ්ලොග් එකක් කියවලා ඒකට කමෙන්ට් එකක් දාන එක තමයි අදටත් මට නැගලම යන වැඩේ//

      සහතික ඇත්ත වෙනිවැල් අයියේ

      මේ මගුල් අටවාගත්තේ නැත්තං කොච්චර කියවනවද අපි


      Delete
    2. මම මොනව හරි ලියන්න ඕනි කියල බ්ලොගට එන හැම පාරම ඒක නෙමේ කෙරෙන්නෙ. අනිත් අයගෙ ඒව කියවන්න පටන් ගන්නව. දන්නෙම නැතුව වෙලාව ගිහින්. මේ ආවෙත් පොස්ට් එකක් දාන්න. මොන..මෙන්න පහු ගිය ටිකේ කට්ටිය සෑහෙන්ඩ ලියල. ඉතින් කියෝල ඉවර කරල තමයි හැමදේම

      Delete
    3. ඒක නම් ඇත්ත වෙනි අන්කල්.. මොනවා උනත් කවුරු හරි ලියපු එකකට කමෙන්ට් එකක් දාද්දි තමයි මරු අදහස් එන්නේ ලියන්න... හි හි..

      Delete
  11. මේකනම් ඇත්ත කතාව! හැබැයි සමහර පොස්ට් දැක්කහම කමෙන්ට් එකක් දාන්නත් නිකම් අප්පිරියයි වගේ!

    ReplyDelete
  12. දැන් මාරයගේ ජොබ් එක මමද කරන්නේ . මම යනවෝ . නැත්තං ඇනෝලා පෙරලගෙන කෙලියි , යන්තං මාසයක් දෙකක් බේරිලා හිටියා

    ReplyDelete
    Replies
    1. යන්ට එපා සුදා..ඔහොම හිටහං.. කලින් එක ලියලා ඕනයට බාර දුන්නා.. මේක උඹ බාර ගනින්... :D

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. වැරදුනා ...

      ඕනයා කෝ ?? අරය ආපහු යනකම් වහං කරල තියල වගේ..

      Delete
    4. අටං මලේ යන්න එපෝ ඉන්ඩෝ.....

      Delete
    5. පොඩ්ඩක් හිටපං අටම්....උඹ තමා මේකෙ තරුව,,..උඹව එක රැයකින් සුපිරි තරුවක් කරන්න තමයි මාරයා මේ පෝස්ට් එක දාලා තියෙන්නෙ...

      Delete
    6. උඹ කියුවට පස්සෙනේ මාරයෝ ඒක දැක්කා , මට නං ඕනයව මාර රහයි බං , බලහන්කෝ කටේ දිවේ නොගෑවි කියලා දාන අපූරුව

      Delete
  13. සෑහෙන වටිනා පෝස්ටුවක්.

    මම බ්ලොග් වලට අලුත්ම අලුත් කෙනෙක්. මාරයා අයියගේ පෝස්ටුව හන්දා මටත් කියන්න දේවල් හුඟක් තියෙනවා කියලා හිතුනා.මම බ්ලොග් එක ලිව්වට මගෙ පෝස්ට් කියවන්න කවුරුත් උන්නේ නෑ. මට මතකයි මම ඉස්සරවෙලාම ලියලා මමම කියෙව්වා. එතකොට මම සින්ඩිය කියවන්න පුරුදු වෙලා උන්න නිසා බට්ටියගෙ පෝස්ටුවක් දැකලා ඒකට කමෙන්ට් කරන " ගමන් මගෙ පැත්තටත් වෙලාවක් තිබුනොත් එන්න " කියලා ලින්ක් එක තියලා ආවා.

    විශ්වාස කරන්න...බට්ටි ඇවිත් නිකම්ම නිකන් නැවතුනේ නෑ..තව රෑනක් එකම දවසෙදි අරගෙන ආවා..

    එක දවසකදි දහසකට වැඩී.. ඊ ලඟ දවසේ ඊටත් වැඩී...

    මගෙ පැත්තෙන් මට තෝරා ගැනිලි තිබුනේ නෑ..හැම බ්ලොගයකටම මම ගියා. ෆලෝව කෙනෙක් උනා. කමෙන්ට් දැම්මා...අදටත් එහෙම්මමයි..ඒක වෙනස් උනේ නෑ..

    කාවුරු මගෙ පෝස් කියෙව්වත් නැතත්...මම අනිත් අයගේ පෝස්ට් කියවනවා සහ කමෙන්ට් දාලා දිරිමත් කරනවා... මම ෆලෝව වෙලා කමෙන්ට් කරන සමහර අය කවදාවත් මගෙ බ්ලොග් එකේ පැත්ත පලාතේ ඇවිත් නෑ...තාම...

    ReplyDelete
    Replies
    1. ලිංකු එල්ලීමට එරෙහිව ප්‍රවීනයෝ අවි අමොරාගන ආවට ළිහිණි අපි ලියන්න ගත්ත කාලේ
      එකෙක් වත් පැත්ත පලාතක නැ.ඔයාට බටිටි උදව්කලා. ඒ වගේම මට උදව් කලේ අද බ්ලොග ලියන්නේ නැති හිරුහිමා. එයා තමා මගේ බ්ලොගට කටිටිය ගෙනත් දුන්නේ. එයා එන තැනට ලොකු පිරිසක් එනවා. ඒ නම මං සිහිපත් කලේ ආධුනික අපට කිසිම අහිතකින් තොරව උදව් කළ නිසයි.
      නැවතත් කියනවා බ්ලොගක් පටන් ගෙන මාස කීපයක් යනකම් ලිංකුව දාන්න එය ප්‍රථිපල සහිතයි.

      Delete
    2. ඔය වැඩේම මට කරලා මාව ඉස්සරහට ගත්තා RanDil එයා නිසා මාව ගොඩ දෙනෙක් දැනගත්තා මයේ හිතේ . මම දන්න තරමින් . http://atampahura.blogspot.com/2012/07/blog-post_08.html

      මෙන්න මෙතන මම කරපු ගොං කමක් හන්දා RanDil අදටත් මාත් එක්ක තරහද මන්දා .

      අනිත් අයගේ උදවු , කමෙන්ට් ලින්ක් , අපිට වටිනවා මේ ( ගතට සිතට උවටැන් කිරීමෙදි )

      Delete
    3. අට්ටමා අයියා දන්නවද...මාව තාම ඔය සිංහල බ්ලොග් සංසදයේ සින්ඩියට එකතු කර ගන්නෙ නෑ... ඉල්ලා හිටියා කීප සැරයක්..වැඩඩක් උනේ නෑ..ඊට පස්සෙ ඊ යකුත් දාලා දැනුවත් කලා..වැඩක් නෑ... ආයේ ඉතින් ඔහොම පස්සෙන් යන්න බෑනේ...ඒකට අලුත් සින්ඩි...නියමයි...අයදුම් කරපු ගමන් අපිව තල්ලු කරනවා...ස්තුති කරන්න ඕනෙ ඒ අයටත්...

      Delete
    4. උනුත් පිස්සු කෙලින්නේ. මගේ මේ දවස්වල කන පැලෙන්න වැදුන පෝස්ටුව ගලවලා දාලා. ඒ උනාට වෙන කුණුහබ්බ ලියපු උන්ගේ ඒවා එල්ලන් ඉන්නවා. මට තේරෙන්නෙ නෑ මොකක්ද පොලිසි එක කියලා...

      Delete
    5. ළිහිණි හත්මාලුවයි සිංහල බ්ලොග් සංසදයේ සින්ඩියයි ඔය එකෙක්වත් මාව ගත්තෙත් නැ වැදවැද ඉල්ලීමි කරනවා ගනන් ගන්නෙවත් නැ. ගන්න බැරි හේතුව කියන්නෙවත් නැ. ඒත් මාතලන් අපට ඒ උදව්ව කළා වගේම අලුත් සින්ඩිත් බොහොම හොදින්
      උදව් කළා.

      Delete
    6. ලිහිණි අක්කාගේ කතාවට මමත් නම් උඩින්ම එකඟයි. බ්ලොග් ලියන්න පටන් අරන් තවම මාස 4යි මම නම්. ඉස්සෙල්ලාම සිංහල බ්ලොග් කියනවනයට තමයි ඉල්ලුම් කලේ ඔයා වගේම මමත් ඊයකුත් දැම්මා,ටෙක් කතා වලදිත් අපේ අයියා එයාලට කිව්වා. කිසිම ප්‍රතිචාරයක් නෑ. මම නම් දැන් ඒ ගැන හිතන්නේත් නෑ.අර කිව්වා වගේ අලුත් සින්ඬි ඉල්ලුම් කරපු ගමන් ඇතුලත් කරන් තිබුනා.ඒ අයට නම් මම බොහොම ස්තූති වෙනවා එහෙම අත හිත දුන් එකට. ඒ වගේම තමා රෙඩ් අක්කා තමා මම බ්ලොග් ලියන්න පටන් ගත්ත ගමන් මට උදව් කලේ, එයා නිසා තමා අද සිත්තම් බලන්න යාළුවෝ ගොඩාක් එකතු වෙලා ඉන්නේ. හැබැයි මම නම් ඔය කියන විදියට කිසිම ලින්කුවක් නම් පාවිච්චි කලේ නෑ.මම ලියන ඒවා සින්ඬි වල යනවා ඒවා බලන්න කට්ටිය එනවා. හැබැයි මම ඒ එන කට්ටියගේ බ්ලොග් වලටම විතරක් නෙමේ යන්නේ හැමෝගේම පෝස්ට් බලනවා පුලු පුලුවන් විදියට ඔක්කෝටම කමෙන්ටුත් කරනවා හැබැයි ඒ මගේ පෝස්ට් වලට පෙරලා කමෙන්ට් එකක් බලාපොරොත්තුවෙන් නම් නෙමේ

      Delete
    7. මට උදව් කලේ Hasitha. පලවෙනි පෝස්ට් එකටම 25ක් විතර ආව. මාරම සන්තෝසයි. දිගටම මොනව හරි ලියන්න් ඕනි කියලත් හිතුන. තාම නම් සති 2යි. ලිව්ව පුලු පුලුවන් හැටියට. Hasitha මම හුගක් ණයගැතියි. අඩුම තරමෙ මාම කියවපු බ්ලොග් එකක්වත් නෙමේ හසිතය්යගෙ බ්ලොග් එක. මම දන්න කෙනෙකුත් නෙමේ. ඒත් මට එවෙලාවෙ දුන්නු තල්ලුව සෑහෙන්න වටිනව මට. ඊට පස්සෙ තමා මම Hasitha අය්යගෙ බ්ලොග පැත්තෙ යන්න පටන් ගත්තෙ, තව ගොඩාක් බ්ලොග් වලට යන්න පටන් ගත්තෙ, එතකන් කියෙව්වෙ බොහොම සීමිත බ්ලොග් ප්‍රමාණයක් විතරයි

      Delete
    8. සින්ඩි ගැන නම් මගේ දැනුම අන්තිමයි... ඒක නිසා මුකුත් කියන්නේ නෑ ඒ ගැන...

      මට උදවු කරපු අයගෙන් කීප දෙනෙක් දැං නං බ්ලොග් ලියන්නේ නෑ... ඒත් දෙවනි පාරට ආපු වෙලාවේ චමී, ඩූඩ් අයියා, මාරයියා තමයි උඩින්ම හිටියේ උදවු කරපු අයගේ ලිස්ට් එකේ... හි හි..

      Delete
  14. ලින්ක් එල්ලන් යන එක පීචන් වැඩක් තමයි. ඒත් ඉතින් මම එක කොමෙන්ට් උඩ දාන මාරයා ලින්ක් එකක් හෙලා දැකීම මාර ජෝක් එකක් අයිසේ

    ReplyDelete
    Replies
    1. මාරයා මේක සෘජවම හෙලා දැක නැ. වක්‍රව එයාගේ චැට් යාලුවා තමා මේ අවිය මාරයා හරහා එවන්නේ. ඒත් මාරයා ඉතාම සාධාරණ විදියට ඒ දේවල් පැහැදිලි කර දී තිබෙනවා.

      Delete
  15. බ්ලොග් ලියන්න පටන් ගන්න කාලේ එන කට්ටිය අඩු උනාම අපි උනත් ඉස්සර ටිකක් අවුක් උනා නම් තමයි.. ඒත් ඉතින් කාලයත් එක්ක ඒ දේවල් වෙනස් වෙනවා.. හැබැයි ගොඩක් අය ඇවිත් ෆලෝ නොකලට කමෙන්ට් නොකලට කියවලා යනවා..

    වැඩි දෙයක් ඕන නෑ.. දැන් බලහන් මාරයියේ, අවුරුදු 2 වැඩි මම ලියනවා.. උඹ මාව ෆලෝ කරනවද නෑනේ.. ඒ උනාට මන් දන්නවා මාරයා ඉදලා හිටලා හරි ඒ පැත්තේ ගොඩ වෙලා යන බව... :P

    ReplyDelete
    Replies
    1. ඒකනේ බලහංකෝ මූට පුක ඉරාගන මම කමෙන්ට් කරනවා , තාම මාවත් ෆලෝ කරේ නැනේ

      Delete
    2. ඉතිං බලමුකෝ වැඩේ හැටි.

      Delete
    3. මටත් ඒ සෙතේමනෙ... මේකව දිවියම කන්න එපෑ... ;)

      Delete
    4. අඩෝ ආන්ඩුවේ ප්‍රචාරන වැඩ මෙතන කරන්න එපා. කවුද මෙතන දිවි නැගුම ගැන කතා කල එලා. මාරේ නිට්ටඹුවෙන් සුදු වෑන් කට්ටක සෙට් කරහන්...

      Delete
    5. අපට මුලින්ම අත දුන් සින්ඩියක් තමා මාතලන් ගේ සින්ඩිය. මහ ලොකු පම්පෝරි සින්ඩි අපි වගේ අලුත් එවුන්ව ගනං ගන්නෙවත් නෑ.

      Delete
    6. මාතලන්ගේ සින්ඩියේ මම ඉන්නවද දන්නේ නෑ.. ඒත් මං හිතන්නේ මාතලන්ගේ බ්ලෝග් රෝලෙ මං ඉන්නවා නේද... අනේ මන්දා අප්පා.. ‌තේරෙන්නේ නැති මඟුල් වලට කට දාන්න හරි බයයි මේ දවස් වල.. හි හි

      Delete
  16. aththa mama nam pudgalikawa hama welema enna enna ennna
    kiya kiya daana blog walata yanne nathuwa giyaa..
    hodama de api hamoma me thiyena sindi keepeta
    athulath wena eka...
    man hithanne marayage boga hamoma balana nisaa
    marayama me mulu blog karayo hamotama
    post ekak daana
    " api hamoma sindiyakata yamu..: kiyala...

    mokada ekkenek inna sindiye anith kena naha, eya inna eke
    araya naha, araya inna eke meya naha...
    e nisaa api hamoma sahayogena danata thiyena sindi
    hama ehekama Reg wemu...
    meke watinakama gana oba thumama lipiyak
    liyanna...
    mokada eka goda denek dakeewi...

    ReplyDelete
    Replies
    1. අද සින්ඩි කියද ආධුනිකයන්ට උදව් කරන්නේ.හත්මාලුව සිංහල බ්ලොග් සංගමය තාම අපට වැද්දගත්තෙවත් නැ මාස 3ක් තිස්සේ ඉල්ලනවා. අඩුම තරමින් ප්‍රතික්ෂෙපනම් හේතුවවත් කියන්න තරම් සදචාරාත්මක වුනෙ නැ

      Delete
  17. හරි හත්ඉලව්වක්නේ
    දැන් කොමෙන්ට් හරියට දාන හැටි උගන්නන්නත් එනවද
    හෙටානිද්ද මම කාටවත් මෙහෙම කරන්න කියනව නෙමේ බ්ලොග් හරියට ලියන්නේ මෙහෙමයි මෙහෙමයිත් කියාවි

    මට ඕනනම් ලින්ක් දානව නැත්නම් දන්නේ නෑ
    බොට ඕන්නම් මකපං නැත්නම් උඩ කොටපං නැත්නම් නොකියවම හිටපං
    බොලේ මෙහෙම දෙයක් ඉවසගන්න බැරිනං සංවාදයක් කොරන්න කොහොමද

    http://hadageepotha.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ජයම වේවා තිස්ස සහෝදරයා

      Delete
    2. ඇයි මං අහන්නේ නලීන් මහත්තයෝ මේ නන්නාදුනන කෙනෙක් දාන ලින්කුවක් ඔරොත්තු දෙන්නැති උදවිය දෙයියනේ අඳුනගෙනහෙම හැබෑ ලෝකේ අප අතින් අත්වැරදීමක් වුණොත් පිහියෙන් අනීවිනේ - නැද්ද හොඳයි?

      නෑ අනින්නේ නෑ කියාවි ඒත් සමහරවිට නේද - අනේ මන්දා :-(

      Delete
    3. මෙන්න අටම්පහුර කියවලා කමෙන්ට් කරපු පලවෙනි එකා දාපු කමෙන්ට් එක

      තිස්ස දොඩන්ගොඩApril 5, 2012 10:07 PM
      රසයක් තියෙනව ඔබ ලියන එව්වෑයේ මටනම්
      ලියමු එහෙමනම් ඉඩ කඩ තියෙන හැටියට
      මම එනව බලන්න

      අනේ මන්දා

      ලින්ක් දාන එක හොදද නරකද කියලා

      කාලයක් මම කියවන්ඩ එන්ඩ කියලා ඇඩුවා

      තරු දැම්මා

      ලින්ක් දැම්මා

      මටනං හිතෙන්නේ මෙහෙමයි

      කැමති නැත්තං මකහල්ලා

      කැමතිනං තියහල්ලා

      අටම්පහුරෙනං එහෙමයි

      මොකද ඒක අටමගේ බ්ලොග් එකනේ

      Delete
    4. අනෙකුගේ බ්ලොගයකට යා හැකි පහසුම විදිය ලිංකුවයි.නැට්ට එබූ සැනින් අවශ්‍ය තැන.උඩ තැනින් යන්න තැන් දෙකකට ම යන්න වෙනවා.ඒක කරදරයි. සමහර ඒවා බ්ලොගර වලට ලින්ක් කරලා නෑ.මේ දේට අකමැති කෙනෙක් ඉන්නවා නම් එය නොබලා හිටින්න නැත්නම් කමෙන්ටුව මකලා දාන්න. මං මේ කියන්නේ මා වැනි අලුත් අයට.ලිංකුව දාන්න එන කෙනා ඒවි. වෙනත් කිසිම ක්‍රමයකට වඩා මෙය ප්‍රථිපල සහිතයි.

      Delete
    5. කොයි කවුරුක් මුල් කාලවල මේ විදියම තමා අටං. හරි ගියාට පස්සේ ඒවා අමතකයි. පැහැදිලිවම කියනවා ලිංකුව දැක්කොත් කාගෙ වුණත් මං එතැනට යනවා. මං ගාවට ගොඩක් දෙනෙක් ආවෙත් එහෙම තමා.

      Delete
    6. ඔව්වෑ හොඳ නරක වලින් කාරියක් නෑ අටං මහත්තයෝ
      කොටිංම මගේ මතේ නම් එහෙම ලිංකුවක් දැම්මට කිසිම අවුලක් නෑ කියල
      ඕං කොටිම්ම කිව්ව
      ලිංකුව පස්සේ ගිහින් පුස්වෙඩිල්ලක් කියල දැනගත්තොත් ආයෙ පස් පාගනවෑ

      ඒත් ඉතින් මිනිස්සු වෙනස්වෙනව

      එදා බීමත් කමට ඔජ වඩාපු කෙනෙක් හෙට බීමත් කම අතෑරියාම ලියන්නේ එදා ලියාපු දේ නෙමේ බීමත්කම ගැන හෙට
      එදාට, මේකා බේබද්දෙක් කියල කලින් පිටුපෑ උදවියට ඕං මෑතකදි අර ලිංකුව වැරදිලාවත් එබුනොත් "අප්පොයි අම්මේ මේකාගේ මතේ වෙනස්වෙලානෙව.." කියල එදා ඉඳන් ආයේ කියවාවි

      Delete
  18. මේ පොස්ට් එක මම මේ දවස්වල ගැඹුරට හිතුව වැදගත් කාරණයක් ගැන කතා කරලා තියනවා.මට තිබුන ප්‍රශ්නෙටත් මාරයියා නියම උත්තරෙත් දීල තියනවා.

    "හැබැයි තමන්ගේ සතුටට විතරක්ම ලියන කොට ඒවා ගැන ඒ හැටි හොයන්න ඕන නැහැ... ඒත් කාලයක් යද්දී තමන් සතුටට ලියන දේ තවත් අයගේ සතුටටත් හේතු වෙනවා කියලා දැන ගත්තම අපි ඉබේම ඒ අයගේ සතුටට ලියන්න හුරු වෙනවා... එහෙම උනාම ඉතිං ඒ අය අපි ඒ අය වෙනුවෙන්ම කියලා ලියන දේ බාර ගන්න හැටි තේරුම් ගන්න කැමතියි... ඒක දැන ගන්න තමා ප්‍රතිචාර වැදගත් වෙන්නේ..."

    අවන්කවම කතාකරනවා නම් අපිට කාටවත් නීති දාන්න තරම් සදාචාරාත්මක අයිතියක් නෑ.හැබැයි අදහස් පල කරන කෙනා දැනගන්න උවමනායි තමන්ට ලබල දීල තියන අවකාශය තුල වටිනා කමක් තියන අදහසක් ප්‍රකාශ කරන්න."නියමයි","මම අද එක" කියල දාන මෝඩ කොමෙන්ටුවකට වැඩිය විස්තර එක්කම ලින්කුවක් එල්ලපු කොමෙන්ටුවක වටිනාකමක් තියනවා කියල හිතනවා.

    ඇත්තම කියනවනම් ඉස්සර ඉඳලම මම මරේ අය්යාගේ ලිපි කියෙව්වත් කොමෙන්ටුවක් දාන්න හිතුනේ නැත්තේ කොමෙන්න්ටු පටන්ගන්නෙම කවුරු හරි හිපාටුවෙක් මම 1 කියල දාලා.මට එක දැක්කට පස්සේ එට එහාට කොමෙන්ටු කියවන්න හිතෙන්නේ නෑ.පස්සේ පස්සේ මට මෙහෙ ඇවිල්ලා හොරාට කියවලා යන එක පුරුද්දක් උනා.මක කොරන්නෙයි.හැබැයි මම උඩින් උපුටල දක්වපු ගැඹුරු දර්ශනයක් සරලව කියපු කෑල්ලට නම් පට්ටම ලයික්.එක කියන්න ඕනෑ ඉතින්.

    ReplyDelete
    Replies
    1. //,"මම අද එක" කියල දාන මෝඩ කොමෙන්ටුවකට වැඩිය විස්තර එක්කම ලින්කුවක් එල්ලපු කොමෙන්ටුවක වටිනාකමක් තියනවා කියල හිතනවා.//

      එකඟයි :)

      Delete
    2. "මම අද එක"
      මෙහෙම දැම්මහම ලියන කෙනාට හිතෙන්නෙ නැද්ද එයැය්ගෙ බ්ලොග කමෙන්ට් කරපු කෙනාට වටිනව කියල. :O
      එක උනාම සතුටු හිතෙන්නෙ නෑනෙ වැදගත් දෙයක් නෙම්යි නම්. අනේ මන්ද මම එහෙම හිතල කමෙන්ට් 2, 3ක් දාල තියෙනව මම කියෝන බ්ලොග් වල. මම් මෝඩයි :(

      Delete
  19. මාරයාගේ මේ පෝස්ට් එක ගැන අවුලක් හිතුන කෙනෙක් ඉන්න වානං

    මේක කියවන්න

    //මුලින්ම බ්ලොග් එකේ සෙටින්ග්ස් වලට ගිහින් මේ කමෙන්ට් කරන්න තියෙන විදිය වෙනස් කලානං ඒක අපට පහසුවක්...දැන් පෝස්ට් එක බලලා ආයෙම කමෙන්‍ට් බොක්ස් එක හොයාගෙන යන්න එපෑ..එහෙම නැතිව කමෙන්ට් බොක්ස් එක පෝස්‍ට් එකට යටින් ඔහේ පේන විදියට තිබුනනං වචන දෙකක් කොටලා දාන එක මහ දෙයක් නෙවෙයි...

    තව දෙයක් කියනවනං කමෙන්ට් ඉල්ල ඉල්ල ඉන්න එපා..ඒක තේරුමක් නැහැ..එහෙම දිගින් දිගට කියන්න ගියාම දාන්න හිතෙන කමෙන්ට් එක උනත් කොටන්න හිතෙන්නේ නැතිව යනවා මුගේ මල ඇඩියාව කියලා හිතලා... ලියන දේ ලියන්න මිනිස්සුන්ටත් ඒකට සම්බන්ධ වෙන්න හිතෙන විදියට...

    දැන් මේ නූල් කතාව මට අල්ලලා යනවා..මොකද මාත් තරමක් දුරට මහන්න කරන්න දන්න හින්දා.. එක වංගියක් ඔය ජිල්මාට් එක කලා කියලත් මට මතකයක් තියෙනවා...එහෙම මට යන්තං හරි මතකේ අවුස්සන දෙයක් තිබුනොත් ඒක කොටලා යනවා..ඒක වෙන්නේ මටත් හවුල් වෙන්න මෙතන දෙයක් තියෙන හින්දයි... එහෙම නැතිව ඔබ භෞතික විද්‍යාව ගැන හොනවා හරි බර සාර දෙයක් ලිව්වනං මං එතන මොනවා කොටන්නද.. යන්න යනවා ඇර... ඒ වගේ හැම මිනිහෙකුගේම මතකයන් අවුස්සන්න පුළුවන්..අදහස් එළීයට අදින්න පුළුවන් දෙයක් දෙන්න බලන්න..මං මේ බ්ලොග් එක මුල ඉඳලම කියෙව්වා..අටම් පහුරට හොඳ කතා මල්ලක් තියෙනවා...ඒක ටික දවසක් යනකොට මිනිස්සු ආසාවෙන් අල්ල ගනී..දවසින් දෙකෙන් හැම දේම වෙන්නේ නැහැ.කාලයත් එක්ක හුඟ දෙනෙක් එන්න පටන් ගනීවි..ආසාවෙන් කමෙන්ට් කරාවි..ඒ දේ වෙනකල් තමුන්ගේ රාජකාරිය තමා ලියන එක..හැබැයි පෝස්ට් එක අගට කමෙන්ට් දෙන්න කියන ටික උලුප්පලා කියලා ලිව්ව දේත් හෝදලා අරින්න එපා...

    එහෙම නැතිව මුල ඉදන්ම කමෙන්ට් ඕනනං මේ අත්දැකීම් නවත්තලා ලියන්න හොද කුණුහරප කතා ටිකක්..බඩු වැඩකරයි සිටි සිටි ගාලා... ඒත් ටික දවසක් යද්දී තමන්ටම එපා වෙයි කමෙන්ට් බලලා...

    ඔන්න ආවා..දිග කමෙන්ට් එකකුත් කෙටුවා... කියන්න තියෙන ටික බොහෝමත්ම පැහැදිලිව කිව්වා... ඉස්සරහා ඔබ සතුයි...

    අටම්පහුරා කියන නම හොඳ නමක් කාලයත් එක්ක යද්දී...ඒත් කාලයක් ඉන්නවද නැද්ද කියලා තීරනේ අටම්පහුරටම අයිති දෙයක්...

    ඔහොම යං...//

    ඔය මාරයාගේ බ්ලොග් එකේ මාව කියවන්න එන්න කියලා වැද වැටුන වේලාවේ මට මාරයා දුන්න කමෙන්ට් එක

    මම හරි පාරට වැටුනේ එය කමෙන්ට් එකෙන්

    ( එයි මාරයෝ දැන් මම හරි පාරෙද බං)

    ReplyDelete
    Replies
    1. ලින්ක් දාන්න එප‍ා කියපු හන්දා දැම්මේ නැ ඔය කමෙන්ට් එක තියෙන්නේ මෙන්න මෙතන

      http://atampahura.blogspot.com/2012/04/2.html

      Delete
    2. ලින්ක් එක දාන්න ඕන තැනට ලින්ක් එක දාන්න ඔන අටං

      Delete
    3. යකෝ අටමො , මම ෆලො කරන බ්ලොග් වලින් උඹෙයි සෑමගෙයි බ්ලොගවල් 2ට එන්න තමා අමාරුම. ලෝඩ් වෙන්නෙම නෑ රෙද්ද. :/
      තටමල තටමල හතර පස් සැරයක් රීලෝඩ් කරාම තමයි යන්තම් මෙවා වෙන්නෙ. :/
      මේ කමෙන්ට් එක දාන මොහොතෙත් වෙන ටැබ් එකක අර බෝලෙ රව්මට රව්මට කැරකෙනව විතරයි

      Delete
    4. මම කිසිම අමතර දෙයක් දාලා නැනේ බං , සින්ඩිවල බැනර් ටිකත් අයින් කරා , අමතර දෙයකට තියෙන්නේ ලින්ක්විතින් විතරයි, මොකද එහෙම වෙන්නේ

      Delete
    5. අටමගෙ අටමගලෙට ඊයෙ කොමෙන්ට් එකක් දාන්න මං දඟලපු දැඟලිල්ලක්.

      Delete
    6. මට නම් යන්න පහසුම බ්ලොග් එකක් අටම්ගේ බ්ලොග් එක . අමාරු ඒවා තමා මාතලන් , කතන්දර . ඒවාට යන්නේ ගුගල් ක්‍රෝම් වලින් .

      Delete
    7. ගුගල් ක්‍රෝම් තමා බ්ලොග් වලට ලෙඩ අඩුම...

      Delete
  20. හිට්ස් කමෙන්ට් ගන්න බලන් ඉන්න එක ගැන මට කියන්න නම් තියෙන්නෙ ඕකෙන් අහවල් මගුලක්ද කරන්න පුළුවන් කියල තමා...

    හැබැයි ඉතිං මං නොකලට තමන් දාන කමෙන්ට් එකත් එක්ක ලින්ක් එක දානව නම් මම කැමතී... මොකද හොඳ කමෙන්ට් එකක් තිබුනොත් ඒක දාපු මනුස්සයගෙ බ්ලොගේ පැත්තෙ ගිහින් මේ කවුද, මොනවද ලියන්නෙ කියල බලාගන්න ලේසී... හැබැයි ඉතිං පෝස්ට් එක එල, අපේ පැත්තෙත් එන්න වගේ එව්ව දැම්මට නම් යැවෙන්නෙ නෑ....

    ඒ වගේම මට හිතෙන එකක් තමයි හිට්ස් කමෙන්ට් හින්ද එන්න එන්නම හොඳ අන්තර්ගතයක් තියෙන බ්ලොග් අඩුවේගෙන යනවද කියන එක...

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හොදම අදහසකි. ඒත් අද සිංහල සයිබරය පිරිසක් භුක්තියට සවි කරන් ඉන්නේ. අලුතින් අප එකතු වි යමක් හැදුවත් ඒකාධිපති පිරිසක් එතැනට එන්නේ නෑ. අපි වගේ ආධුනිකයන්ව ගන්නෙත් නෑ. හොදම විකල්පය තමා තම මතයත් එක්ක ලිංකුව එල්ලිම.එය හැමදාම කරන්න ඕන නැ. ටිකක් හුරුවුණාම සියල්ල හරියනවා.

      Delete
  22. අනේ මන්දා මටනම් මොකුත් කියන්න හිතෙන්නෙ නෑ
    …මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. මාරයෝ මෙන්න මූ ලින්ක් එකක් දාලා

      Delete
    2. කමක් නැ අටං අලුත් අයට ලින්ක් එක මාර පිහිටක් ගෙන දෙනවා.

      Delete
    3. මූ අලුත්ද? :D

      Delete
  23. මේ මං යනවා පවුල කතා කරනවා . දවස් දෙක තුනකින්ම බැරි උනා

    ReplyDelete
    Replies
    1. අද අටංගෙ ලිංකුවට වැඩ හරි.....

      Delete
    2. මැසිමට තෙල දාලා නෑ.. මු අනුන්ගේ ඒවට දාන එකනේ කරන්නේ. ගෙදර එක පුල් අප්සෙට්....

      Delete
    3. ලොකු මාරියාවක් ඇවිත් වාරකං තිබ්බා අවුරුද්දක් විතර , යාන්තං වලාලය ලැබුවා විතරයි, මාරයාගේ මේ ගූ මුට්ටි කැඩිල්ලක් හන්දා අද පොරයටත් බඩුහරි ,

      ඔයා ඕකම බදාගන ඉන්ඩ කියලා ගැණී බුදියාගන්ඩ ගියා විතරයි

      පොඩි කෙල්ල නැකිට්ටා

      ලොකු කෙල්ල චු බරයි කියලා ඊලගට නැගිට්ටා

      අම්මපා මේ මාරයා හන්දා -කා ගන්ඩවත් නෑනේ යකෝ

      තොටනං කවදාවත් කසාදයක් බදින්ඩ ලැ‍බෙන්ඩ එපා

      අර චූටිටෝච් එකට වෙන එකෙක් බැට්රි කැල්ල රිංගවපං දෙයියනේ

      Delete
    4. දැන් වත් ඉක්මන් කොරහන් එහෙනං ..
      අපිත් යනවා දොයිය බබා වෙන්න...

      Delete
    5. එළම තමා..... මාරයා චූටි ටොචි එක ට දැං හීනෙං බැටරි දදා ඇති අපි මෙහේ ඇරගන්නවා.

      Delete
    6. අයියෝ අටමො...

      Delete
  24. එහෙනම් නලින් අපි මෙහෙම කරමු..
    කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දැනට
    ක්‍රියාත්මක වෙන හැම සිංහල බ්ලොග් එහෙකටම
    එන්න පුළුවන් සින්ඩියක් හදමු..මේකට ප්‍රචාරයක්
    දෙන්න තිබ්බා මට, ඒත් ඒකෙන් අපි බලාපොරොත්තු
    වෙන අය එන්නේ නැහැ...


    ඔබේත් මගෙත් අද්දැකීම්

    සිරාවට මේක දැක්කම මට ජීවිතේ පලවෙනි වතාවට link එකක්
    දාන්න හිතුනා...:D

    ඇත්තට අපි හැමෝම අඩුම තරමේ එකතු වෙලා මේ බ්ලොග් කාරයෝ
    ඔක්කොම ටික එක තැනකට එකතු කරගමු..මට උදව්වක් විදිහට add
    කීපයක් දාන්න පුළුවන් ඒත් ඒකෙන් රටේම විසිරිලා ඉන්න අයට පණිවිඩේ
    යන්නේ නැහැ කොලබ අයට ඇර..

    ReplyDelete
    Replies
    1. ලිංකුවට ජයම වේවා

      Delete
    2. දැම්ම එක හොදා බං මං මේක ෆලෝ කරලා තිබුන්නැ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. නැහැ අටමෝ මම ලින්ක් එක දැම්මේ නම් නිකන් විහුලුවට ..
      මම කවදාවත් ලින්ක් දාල නැහැ මගේ බ්ලොග් එක ගැන..
      හොදා අපේ පැත්ත ආව එක... මම නම් ඔහේ පැත්තකට
      වෙලා ඉන්නේ..කැමති කෙනෙක්ට එන්න ඉඩ දීල..
      ( ඒත් අනික් අයට එහෙම ඉන්න කියන්නේ නැහැ )
      ඒ මොනවා උනත් සෑම සිංහල බ්ලොග් කරුවෙක්ම ඉන්න ,
      එක විට updated බ්ලොග් 80 විතර පෙන්නන , අකුරු
      ලොකුවට තියෙන , අනන් මනං නැති , ඉක්මනට ලෝඩ්
      වෙන සින්ඩියක් උවමනා කර තිබේ...

      Delete
    5. සහතික ඇත්ත මචං

      ඉරිසියාව නැති

      පංගුබේරු නැති

      පොරටෝක් නැති

      හෑමෝටම අපේ කියලා හිතෙන එකක් ඕනමයි

      හදන විදිහ මම දන් නැ

      දන්න එකෙක් හදහල්ලා

      දාන්ඩ කියලා කියනකං ඉන්නේ නැතුව හැම එකාවම බලෙන් හරි ඔබපල්ලා

      බලහත්කාර සින්ඩිය වගේ එකක් දාමු නම විදිහට

      Delete
    6. අටං මාත් එකහිතින්ම ඒ නමට කැමතියි ඉල්ල ඉල්ල එන්න ඕන නැ දන්න නොදන්න හැම බ්ලොගක්ම ඇඩ් කරලා හදමු. මසුරං අදහස.

      Delete
  25. @silentsahan - අපි බලාපොරොත්තු වෙන අය කොහොමටවත් අලුත් එකෙකුගේ දේකට එන්නේ නෑ.අලුත් එවුන් කොහොම හරි ජාමේ ගොඩ දාගත්තාම ඒ අය එනවා.ඔයා බලන්න ඔයාගේ බ්ලොගට මේ කියන කීදෙනෙක් අඩුම තරමේ කමෙන්ට් එකක් වත් දාලද කියලා.

    ReplyDelete
  26. ඇනෝලා නැති සංවාද කොච්චර ලස්සන බලහල්ලා

    ReplyDelete

  27. නැහැ නලීන් ඇත්තටම මේ සිද්දියේදී මම තමා කට්ටිය එන
    එක ටිකක් අඩු කරලා තිබ්බේ...අද තමා මම Testing Transmission
    කියන දේ අයින් කරේ මගේ බ්ලොග් එකෙන් ..
    එහෙම දෙයක් දාල තිබ්බෙත් එන අයගේ කාලේ ඉතුරු
    කරන්න ..මොකද මගේ බ්ලොග් එක මම ටික දවසයි
    කරන්නේ..ඒක ඉක්මනට close කරනවා මම පොස්ට් කීපයක්
    දාල...

    ReplyDelete
  28. මාරේ අපිව මේකට පටලෝල ඔයා නිදි වගේ. (චූටි ටිචව මතක් වෙනව ඇති මේ වෙලාවේ)

    ReplyDelete
  29. පිස්සුද..මං නිදි නැහැ.. මේ පිහියක් මුවත් තියනවා මුවෙක්ව මස් කරන්න.. පෝස්ටුව උඹලටම බාරයි... :D
    මුවා මට බාරයි...

    ReplyDelete
    Replies
    1. මාත් මලක් ඇදලා ඉන්නේ. නිදි දෙව් දුව තාම ඇවිත් නෑ යහනට...

      Delete
    2. ඇයි දෙව්දුව ගමේ ගිහින්ද..? :D

      Delete
    3. හෙහ් හෙහ් හෙහ් ටවුමට ගිහින් අස්සක් මුල්ලක් නෑර සොයල අවාරේ අමාරුවෙන් සොයාගත්ත තුන්හුලස - මම උන්නේ මගදි නිවිල ගියා කියල - දැං මට නින්ද යයි

      Delete
    4. හිටහං හිටහං..හෙට උදේ දිහාවට මං දෙන්නං නියම ගින්න... :D
      අදට නිදාගනින්...

      Delete
    5. ගින්දර, රාජ කුමාරයා, [අනෙක් එක මොකක්ද බං?]

      මතකනේ සෙල්ලං ලෙල්ලං ඈ ඕං

      Delete
    6. මගේ ප්‍රචාරන කටයුත්තත් සාර්තකයි... තෑන්ක්ස් මාරේ මම යනවා දොයිය ගන්න. අරය ඇවිත් මට බයිය බබෝ කියනවා...

      Delete
  30. ගින්දර, සාමණේර , රාජ කුමාරය , නයි පැටියා...
    මම යනවා දොයිය බබා කරන්න..
    දැන් වෙලාව පාන්දර 1 පහු වෙලා නේද?
    මේවගේ වෙලාවල් නැහැ බන්...

    ReplyDelete
    Replies
    1. හපොයි දැන් දෙකටත් කිට්ටුයි - නිදාගන්ට නිදාගන්ට - ඉස්තූතියි අඩුපාඩුව පිරෙව්වට

      Delete
  31. //තුන්හුලස//

    මොකක්ද අප්පේ ඒ

    ReplyDelete

  32. තුන්හුලස් කිව්වට ඕක රවුමක් අගල් 4ක ඉතර :D

    ReplyDelete
  33. මාරේ තව මාසයක්වත් ලිංකුවනම් දාන්නම වෙනවා.ලොක්කංගේ ඒවයේ නැතත් අපි වගේම දුහුනන්ගේ අඩවිවලවත් දානවා.ඒ වගේම මේ කලාවට අලුත් දුහුනන්ගෙන් ඉල්ලා හිටිනවා ලිංකුව දාන්න කියලා. ඒ තැන් වලට එන්න අපිත් සැට් එකක්ම ඉන්නවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  34. ලින්ක් එකක් එක්ක දාපු කමෙන්ටුවකට වඩා ලින්ක් නැති කමෙන්ට් එකක ලස්සනක් තියනවා කියලා මට හිතෙනවා. හැබැයි නලින්, අටම් වගේ අයගේ අදහස් දිහා බැලුවම ලින්ක් දාන එක වැරදියි කියන්නත් බෑ. ඒකෙන සෑහෙන ප්‍රතිඵල ඔවුන්ට ලැබිලා තියන හැඩයි. ඒ හින්දා මගේ බ්ලොග් එකේ කවුරු හරි ලින්ක් එල්ලන එකටනං අමනාපයක්වත් තහනමක්වත් නෑ. ආධුනික අයට ඒක උදව්වක් වෙනවා කියලා මටත් හිතෙනවා (මෙහෙම කිව්වට මමත් ආධුනිකයෙක් තමා. ලින්ක් දාන වැඩේ මමනම් කරලා නෑ තාම).

    මාරයියලා බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලෙට වඩා දැන් කාලේ වෙනස්. ඉස්සර එහෙම ලියපු අතලොස්සක් දෙනා අද ප්‍රවීණයෝ වෙලා ඉන්නවා. ඒ කාලේ හැම තැනම හොයාගෙන ගිහින් කමෙන්ට් කරා කියපු දුකා, බිඟු උනත් දැන් එහෙම කරනවා කියලා මම හිතන්නේ නැහැ. එදා ඒ අය කරපු වැඩේ කරන වෙනත් අය අද ඉන්නවා. එක අතකට ඒක සාධාරණයි. හතු පිපෙනවා වගේ බ්ලොග් බිහි වෙනකොට ඒ අයත් වෙහෙසට පත් වෙනවා වෙන්න පුළුවන්.

    කොහොමහරි මට පෙනුන දෙයක් තමයි එක එක කාලෙට විවිධ බ්ලොග් පරම්පරා එනවා. මාරයියලා සහ අපි ඉන්නේ පරම්පරා දෙකක. සමහර අය ඔය පරම්පරා අතර සම්බන්ධය නිවැරදිව තියාගන්නවා. ඒත් ගොඩක් අයට ඒක කරන්න අමාරුයි. විශේෂයෙන්ම ඉහළ පරම්පරාව පහළ අයත් එක්ක මුහු වෙන්නේ නැති කොට ඒක කොහෙත්ම වෙන්නේ නැහැ. ඒක ඉතින් ස්වභාවය තමා. කාටත් වැරද්දක් කියන්න බැහැ. ඒ වගේ තත්වයකදී ලින්ක් දාන එක ගැන මම අහිතක් නොහිතන්නේ ඒකයි.

    ReplyDelete
    Replies
    1. සයුරි

      මම අනිත් අය අතරට ගියා වගේම , මම අනිත් අයව දැනගත්තා

      Delete
    2. ඔව්, ඒක තමා මම කිව්වේ සමහරු එහෙම කරනවා කියලා :)

      Delete
    3. මාරයියා කියල තියෙන විදියට ඇත්තටම දුකා අයියා අදටත් අළුත් අය කියල බලන් නැතුව නවක අයගෙ බ්ලොග් ඉඩක් ලැබුනොත් කියවනවා කියලයි මට හිතෙන්නේ. මොකද මමත් අළුත් බ්ලොග් ලියන්නෙක් වුනාට, දුකා අයියා මගේ පොස්ට් එකකට කමෙන්ට් කරලත් තියෙනවා මාව ෆලෝ කරලත් තියෙනවා. එහෙම අය කමෙන්ට් එකක් දැම්මම මට නම් පුදුම සතුටක් දැනෙනවා. වැරදි පෙන්නලා දීල නවකයින්ට අත දෙන ඒ වගේ අය හරි අඩුයි...

      Delete
    4. @සයුරි.... අද මා යම් තැනක වෙත්ද ඒ තැනට මා පැමිනිණියේ නවක සින්ඩි කරුවන් ලිංකුව දැමීම හා මගේ උත්සාහය නිසායි. ලියන්න ගත්ත මුල් කාලේ මමත් ආසාවෙන් හිටියා බ්ලොග් ලෝකයේ ප්‍රවීණයෙකුගෙන් බැනල හෝ වචනයක්. ඒත් එහෙම වුණේ නෑ.දවසකට 10ක් වත් බ්ලොගට ආවෙත් නෑ.ඔය අතරෙ තමා ගාමිණි අයියා කමෙන්ටුවක් හරහා මට ඩූඩ් ව හදුන්වා දෙන්නේ. ඒ අප එකම පාසලේ නිසාවෙන්. ඩූඩ්ගේ ආගමනයත් සමගම මගේ අඩවියට ආ පිරිස ටිකක් වැඩිවෙනවා. නමුත් ඒ වනවිට මා දිනකට වෙනත් අඩවි 50ක් වත් කියවනවා කමෙන්ට් කරනවා.
      ඔය අතරේ තමා හිරුහිමා මගේ අඩවියට එන්නේ. ඇයගේ ආගමනයත් එක්කම මාව කියවන්න ආ පිරිස බොහෝ සෙයින් ඉහළ යනවා.එය තවත් වැඩිවුනේ මා ලිංකුව එල්ලන්න ගත්තට පස්සෙයි.ඒ වගේම ලිංකුව එල්ලපු මා නෙත ගැටෙන් හැම තැනකටම මං යනවා.

      Delete
    5. // දුකා අයියා මගේ පොස්ට් එකකට කමෙන්ට් කරලත් තියෙනවා මාව ෆලෝ කරලත් තියෙනවා.//

      සමනලී, මම එහෙම කිව්වේ දුකා අයියා ගොඩක් නවක බ්ලොග් වල කමෙන්ට් කරනවා මම ලඟදි දැක්කේ නැති නිසා. මම ගොඩක්ම දැකලා තියනවා හිරු ගේ කමෙන්ට්ස්නම් හැම තැනම වගේ :)

      Delete
  35. ගුණාත්මක දෙයක් තියෙනවානම් ප්‍රචාරණය එච්චර අව්ශ්‍ය නෑ

    උදා :- හිස් අහස

    ReplyDelete
    Replies
    1. එහෙම දෙයක් තියනවා කියා හෝ දැනගන්න ප්‍රචාරනය අවශ්‍යයි ශශී

      Delete
  36. මම හිතන්නේ අපේ බ්ලොග් එක හොඳ නම් අපි කට්ටිය ගෙන්න ගන්න දඟලන්න ඕනේ නෑ. මාරයා කියනවා වගේ අහම්බෙන් ගොඩ වැදිලා එකක් කියෙව්වහම තව එකක් කියවන්න හිතෙන විදියට ලිවීම කරනවා නම්. මම මුල් දවස් වල ලියපු පොස්ට් දැන් තමයි සමහර අය කියවන්නේ. අනික අපි ලියන ඒවා අකාලික වෙන තරමට හොඳයි. ඒත් සමහර කාලීන මාතෘකා පස්සේ කිය්වද්දී ගතියක් නැති වෙන්න පුළුවන්. මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම තැනකට අලුතෙන් ගියාම එතන තත්වෙට හැඩ ගැහීම හෙමින් කරන්න ඕනේ. කපාගෙන යනවා වගේ දැක්කොත් ඕනෑම තැනක කැපිල්ල එනවා. තවත් දෙයක් තියෙනවා, සමහරු අපේ බ්ලොග් වලට කමෙන්ට් දාන්නේ එයාගේ බ්ලොග් එකටත් එයි කියන අර පිට කහ ගැනීමේ ක්‍රමයට. එහෙම වුනාම පොස්ට් දෙක තුනකට කමෙන්ට් කරලා පස්සේ හොයා ගන්නවත් නැතුව යනවා. මම කරන දේ හිතට එකඟව කරන කෙනෙක්. ඒ නිසා කිසිම කෙනෙකුගේ පොස්ට් එකකට ඔහේ නිකන් කමෙන්ට් කරන්නේ නෑ. මට ඒ ගැන අදහසක් පක්ෂව හෝ විපක්ෂව තිබෙනවා නම් කියන එක තමයි කරන්නේ. මගේ එක ටාගට් එකක් තියෙනවා. ඒ තමයි මාසෙකට පොස්ට් දහයක් දාන එක. හැබැයි දානවා කියල ඔහේ ඕන කෙහෙල් මලක් අකුරු කරලා වැඩක් නෑ. කියවන අයට යම් වටිනාකමක් තියෙන දෙයක් තමයි ලියන්න අවශ්‍ය. අදටත් මගේ බ්ලොග් එකේ සාමාජිකයි ගණන 124යි. ඒ අය කිසිම බලපෑමක් නැතිව සිය කැමැත්තෙන් එකතු වෙච්ච අය. සමහර නවක බ්ලොග් වල මේ වගේ දෙගුණයක් ඉන්නවා. ඒත් ඉලක්කමට වඩා වටින්නේ කැමැත්ත. බලන්න අඹගහයට කියන සින්ඩිකේටරයට තාම මගේ බ්ලොග් එක ඇතුලත් කර ගත්තේ නෑ. ඒත් මම දඟලන්නේ නෑ. එයාලට ප්‍රායෝගික ගැටළුවක් ඇති කියන එක තමයි මගේ විශ්වාසය.

    ReplyDelete
  37. මේ ලියපු දේ සැහෙන්න වටිනවා...මටත් ඔය ප්‍රශ්නේ හරියට තියෙනවා...ඒත් මගේ ප්‍රශ්නේ හරියන්න මේක සිංහලෙන් විතරක් ලියල මදි....ඔහොම තමන්ගේ බ්ලොග් එකට තල්ලුවක් දීගන්න ඈයෝ අපි ලියන ඒවා කියවලද කොමෙන්ට් කරන්නේ කියලත් හිතුනු වාර අනන්තයි....

    ReplyDelete
  38. මම නම් ඉතින් කාගෙ හරි බ්ලොගයක් දැක්කොත් ඒ පොස්ටුවට එයාව දිරිමත් වෙන්න කමෙන්ට් එක්ක දාලායි එන්නේ. හැබැයි ඉතින් මම ලියන බ්ලොගියේ පෝස්ටු තේරෙන අය විතරක් සහ ඒ ෆීල්ඩ් එකට උනන්දු වෙන අය විතරයි කමෙන්ට් වැඩිපුරම දාන්නේ කියලයි මට හිතෙන්නේ. එහෙමත් නැත්නම් නැගලා යන කාරණාවක් ලියන්න බැරි මගේ තියෙන දුර්වල කම හින්දාද කොහෙද කමෙන්ට් විස්සක් වත් එක පෝස්ටුවකට එන් නැ මගෙ හිතේ. ඒකනම් කාටවත් කරන චෝදනාවක් නෙවි. දැන් අවුරැදු තුනක් ගතවෙන්න කිට්ටු වෙලත් මං තාම පෝස්ට් සීයක්වත් හදාගන්න බැරිවෙලා තියෙන එකේ මම එහෙම කමෙන්ට් බලාපොරෝතතුවෙන් පෝස්ට් ලිවිම හා බ්ලොගියට සෙනග එන් නැ කියලා චෝදනා කරද්දි මට මතක් වෙන දෙයක් තමයි මම මෑතදි තමයි හැමකෙනාගෙම වගේ බ්ලාගි බලන්න අරන් කමෙනට් දාන්නගත්තෙත් කියන එක.බ්ලොගියට ත්ලලු නැතත් ඒ අය නිකම් දිරි ගැන්වෙන දෙයක් ලිවොත් ඇත්තටම ඒක හිතට හයියක් කියලා මට නම් හිතෙනවා.සුදීක කිවා වගේ මගේ බොහොමයක් පෝස්ටු කාලින මාතෘකා කියන පථයෙන් බැහැරව IT field එකේ ඉන්න සීමිත පිරිසක් ඉලක්ක වෙන පෝස්ටු නිසා මම නම් කිසිම විදිහක තරහක් අරෝවක් නැ මට කට්ටිය එකතු වෙන් නැති එක ගැන..හෙහේ



    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  39. link damala mage ahawal eka pennannaye.liyapuwa nethikota. Eth ithin indala hitala liyana dekata comment ekak danawata kemathei. Eth ithen link damala enna kiyala comment karawaganna lejjai.

    Maraiyage kathawata man ekangai.

    ReplyDelete
  40. මම දානවද නැද්ද කියල තාම හිතනව
    ඩිසිසන් ඊස් පෙන්ඩින්ග්..අවසන් තීරනේ ලගදීම .. :P

    ලෝඩින්..................................

    ReplyDelete
  41. කට්ටිය ඊයේ නයිටක් ඇදලා වගෙයි. මාරයා ලින්ක් වලට අකමැති බව කලින් කියා තිබුනා . ඒ එකාගේ කැමැත්ත . නරකද ලින්ක් නොදමනු කියල බෝඩ් එකක් එල්ලන එක අකමැති අය .
    බ්ලොග් ලිවිල්ල වත් කමෙන්ට් කිරිල්ලවත් අහවල් රාමුවක් යටතේ වෙන්න ඕන කියල නීති දාගන්න මේක ආණ්ඩුවේ කන්තෝරුවක් නොවේ නේ . එව්වයේත් ඔය චක්‍ර ලේඛන තිබ්බට කාටදැයි ඔව්වා මතක .

    කාර්යක්ෂම කඩ ඉම පැනගන්න පාඩම් කළා එයින් එහාට අමතකයි.

    ලින්ක් එකක් දැම්මම මන් නම් කැමතියි . ප්‍රොෆයිල් එකට ගිහින් යනවාට වඩා ලේසියි. ගිහින් බලනවා . හොඳ නම් බ්ලොග් රෝලේ එල්ල ගන්නවා . නැත්නම් නිකා ඉන්නවා .

    මට ඔය විචිකිච්චාව තිබුනා කියවන්න අය එයිදෝ කියල . වෙනස් දෙයක් ලිව්වොත් ලියන දේ රසවත් වුනොත් තමයි කියවන්න ආස වෙන්නේ . එයත් එක එක්කෙනාගේ රුචිය අනුව . අනික කමෙන්ට් එකක් දැම්මාම පොඩි ප්‍රතිචාරයක් දෙන එකත් වටිනවා . ගෙදෙට්ට එන මිනිහෙක්ට තේ එකක් දීම වගේ

    තේ එකක් දුන්නොත් ආයේ ගොඩ වෙන්න ආසයි. හැබැයි තේ එකට සිනි නැතුව ලුනු දාල හරි කටේ තියන්න බැරි බාල තේ කොළ වලින් දුන්නොත් හරි අනේ මන්දා මන් නම් මන් නම් ගියත් මිදුලේ ඉඳන් ගේ දිහා බලල එනවා මිසක් ආයේ කතා කරන්න නවතින්නේ නැහැ .

    තව මන් කියල ඉවර නැහැ . පොඩ්ඩක් ඉන්න ළමයින්ට උදේට කන්න දීල ආයේ එන්නම් .

    ReplyDelete
    Replies
    1. හරි ..

      මමත් ලින්ක් දානවා . සම්පුර්ණ බ්ලොගය නෙමේ . ඒ ලිපියට අදාළ දෙයක් මන් ලියා තිබුනොත් අහවල් එකකටද ආයේ මුල ඉඳන් කොටන්නේ ..මගේ ලිපියේ ලින්ක් එක දානවා . [ මුගේ බ්ලොග් එකේ නම් නෙමේ . එකපාරක් එපා කිව්වම ආයේ ලජ්ජා නැද්ද ]

      අදටත් මන් නම් කැමතියි අලුත් කෙනෙක් ඇවිත් කියවලා යනවට . මට නම් මහා හිට්ස් ගොඩක් නැහැ . නමුත් රසවත් කමෙන්ට් නම් මහා ගොඩක් තියෙනවා .

      සමහර බ්ලොග් තියෙනවා හිට්ස් ගොඩයි කමෙන්ට් අඩුයි . ඒ ඉතින් තේ දෙන්න කම්මැලි හෝ අකමැති උදවිය හෝ වැඩ අධික උදවිය . ඒ ඒ අයගේ කැමැත්ත සහ වෙලාව ඇති හැකි කම .

      ඔය මොනවා වුනත් ලින්ක් දැමීම ගැන මගේ අමනාපයක් නම් නැහැ .

      Delete
    2. බොහොම ආඩම්බරයි බින්දි. ඔබේ මේ වචන ටික නවකයන්ට දුන් තෑග්ගක් ලෙසයි මා සලකන්නේ.

      Delete
    3. // අනික කමෙන්ට් එකක් දැම්මාම පොඩි ප්‍රතිචාරයක් දෙන එකත් වටිනවා . //

      බින්දි,

      මම මේ ළඟදි පොඩි ගවේෂණයක් කළා... මම හිතන්නෙ ඔය කමෙන්ට් වලට ඇඩ්මින් පිළිතුරු සපයන හොඳ පුරුද්ද තියෙන්නෙ සිංහල බ්ලොග් අවකාශේ විතරමයි.. මම අනිත් ඒවා කිහිපයක්ම බැලුවා ඒත් එහෙම එකක් දැක්කෙ නෑ..

      Delete
    4. ගෙදෙට්ට එන අය ට තේ දෙන්නේ දකුණු ආසියාවේ විතරනේ .සුද්දගේ රටවල ගෙවල්වලට යන්නෙත් කලින් දැනුම් දීලනේ සෙන්නා . මන් කියන්නේ ඔය කොයිකත් එක එක්කෙනාගේ කැමැත්ත . ආයේ මෙහම වෙන්න ඕන කියල කියන්න අපි කවුද .

      සමහර ගෙවතු වල ලස්සන මල් හිටවනවා . මල් බලලා ගෙදරට ගොඩ වෙලා තේ බිලා යන්න ලැබෙනවා නම් කවුරුත් ආස වෙයි . හැබැයි සමහර විට අනගි මල් සහිත ගෙමිදුල් ගේට්ටුවෙන් පිට සිට අප නරඹන්නේ ඒවා ලස්සන නිසාමයි . සැඟවුන මල් උයන් අපමණ තියෙන්න පුළුවන් . ඒ ගැන හෝඩුවාවක් දුන්නට අපි තරහ වෙන්නත් ඕන නැහැ . ගිහින් ලස්සන මදි නම් ආයේ නොයා ඉන්න බැරිය .

      නලින් ..අපොයි මන් ප්‍රවීනයෙක් නම් නොවේ . මොකක්දෝ වාසනාවකට ටිකක් කියවන අය ලැබුනා . එච්චරයි . ප්‍රවීන නව්කා කියල බෙදනවට මන් කොහොමත් අකමැතියි.

      මගේ බ්ලොගය පටන් ගත්තු කාලේ මේ මාරයා රංග වගේ උදවිය බ්ලොග් ප්‍රමෝට් කරන්න හිතුව දවස් ..එය මට මාර වාසනාවක් වුනා . මේකා මේ ලින්ක් එපා කීවට ඔය වගේ වැඩ කරනවා .

      Delete
    5. සිංහල බ්ලොග් අවකාශේ අනිත් බ්ලොග් වලින් ගොඩක් වෙනස් බව මට තේරුණු දෙයක් සෙන්නා..මම උනත් මගේ ටෙක් බ්ලොග් එක (ඒක ඉංග්‍රීසි..මගේ ඇත්ත නමෙන් ලියන්නේ) මේන්ටේන් කරන්නේ වෙනස්ම විදියකට. ඒකට මිනිස්සු එන්නේ කවදාවත් මම දාපු කමෙන්ට් එකක් හරහා නම් නෙමෙයි. සර්ච් එන්ජින්වල එයාලා හොයන දේ සර්ච් කරාම ඒ ගැන මම නියමාකාර පෝස්ට් එකක් ලියල තියනම් ඒක හිට් වෙනවා. එහෙමයි ඒකට ට්‍රැෆික් එන්නේ.
      ඒවාට එන ගොඩක් අය තමන්ට ඕන දේ ඉගනගෙන යනවා. කමෙන්ට් එකක් දාන්නේ හරිම කලාතුරකින්. හිතුනොත් තෑන්ක් යූ පාරක් දානවා. වැඩි දුර ප්‍රශ්න තිබුනොත් අහනවා. මගෙත් ඒ බ්ලොගේට කමෙන්ට්ස් බලාපොරොත්තුවක් නෑ. තෑන්ක් යූ කියපුවට පෙරළා වෙල්කම් නොකිව්වට ඒ අයගේ අහිතකුත් නෑ. මම උනත් එහෙමයි ඒ බ්ලොග් වලදී. ඒවා ෆලෝ කරන්නත් වැඩි දුර උනන්දු නොවෙන්නේ ඒකයි. මගේ ඒකට කොහෙන්ද මන්දා ෆලෝවර්ස් ලා 80 ගානක් ඉන්නවා. ඒ ඔවුන්ට මගේ ක්ෂේත්‍රය වැදගත් වෙන නිසා වෙන්න ඕන. ඒත් මම ඔවුන්ගේ ඒවාට ගිහින් ෆලෝ කරන්න යන්නේ නැහැ මට අදාළ නැත්නම්. ඒ වගේම මම ෆලෝ කරපු එවුන් මාව ෆලෝ කරලද නැද්ද කියලා මම දන්නෙවත් නැහැ :)

      හැබැයි සිංහල බ්ලොග් ගත්තහම ඒක වෙනමම සංස්කෘතියක්. ඒවා කියවන්නේ ලියන්නේ අපේ ලංකාවේ අය විතරයි. ඉබේම හිතවත්කම් ඇති වෙනවා. බින්දී අක්කා කිව්වා වගේ ගෙදරට ගියාම අපි තේ එකක් බලාපොරොත්තු වෙනවා. මමත් කැමති නෑ එහෙම තේ නොදෙන අයට :)) කවුරු හරි කමෙන්ට් එකක් දැම්මොත් එයාගේ එකටත් ගිහින් බලන එක සිංහල බ්ලොග් වලදී ගොඩක් දුරට කෙරෙනවා. මේ දේවල් වලට ඇත්තටම මමත් කැමතියි. ඒවා හොඳ පුරුදු තමයි. හැබැයි සිංහල බ්ලොග් වලට විතරයි. අනිත් එව්වට එහෙම කරන්න ගියොත් නිකන් විකාරයක් වගේ පෙනේවි :)

      Delete
  42. ආප් මහත්තයා ඊයේ රෑත් මේකට කමෙන්ට් එකක් දාන්න ගියාම කෑ ගැහුවා දැං ඕකේ එල්ලෙන්‌ෙන් නෑ කියලා.. දැනුත් කෑ ගහනවා හා හා පටං ගන්නේ නෑ .. ආවම කරන්න ඔය වැඩේ කියලා.. ගමනක් යන්න තියෙනවා.. ආවම කමෙන්ට් එකක් අනිවාර්යයයෙන්ම දානවා.... හි හි

    ReplyDelete
    Replies
    1. ඔබ නැති අඩුවනම් හොදට දැනුන ඊයේ රැ.

      Delete
    2. පෝස්ට් එක මුලින්ම මම බලන කොට තිබ්බේ එක කමෙන්ට් එකයි.... ඒත් මට ඊයේ රෑ කමෙන්ට් එකක් දාන්න බැරි උනා.... මං පරක්කු උන එකෙන් මාරයියට ස්තූති කරන්න තිබ්බ චාන්ස් එක කමෙන්ට් 163 ක් පහු උනා..

      වෙන මොකටවත් නෙවෙයි ස්තූති කරන්නේ... මගේ කමෙන්ට් බලලා, ‌ප්‍රොෆයිල් එක දිගේ ඇවිත් අවුරුදු ගාණක් පරණ පොස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බ හින්දා.. එකේ තිබ්බෙත් “ දිග කමෙන්ට් දාපු එකී කවුද කියලා බලන්න ආවා” කියලා තමා... හි හි... ඒ වගේම කකාත් ඒ විදියටම මගේ බ්ලොග් එකට ඇවිත් තිබ්බා... මං දැක්කේ පස්සේ ඇත්තටම...

      ඒ වගේම මං පළවෙනියට බිලොග් එක ලියන්න ගත්තම මාව හොයා ගෙන ආපු දුකා අයියයි, ඉන්දික උපශාන්ත අයියයි, පබ්බත, අර “ම” යන්න වගේ කට්ටිය දැං ලියන්නේ කළාතුරකින් උනත් ඉඳලා හිටලා ඇවිත්, මං දාන පෝස්ට් එකක් කියවලා, දාන වචන දෙක තුනේ කමෙන්ට් එක හරි මට නම් පුදුම විදියට වටිනවා... ඒ කාලේ හිටපු ගොඩක් අය දැන් ලියන්නේ අඩුවෙන්... එයාලට තියෙන ප්‍රශ්න නිසා.. සමහර නම් ඇත්තටම කමෙන්ට් බලාපොරොත්තුවෙන් ලියන්නේ නෑ... ඒක මට දැනිලා තියෙන දෙයක්.. සමහර බ්ලොග් තියෙනවා ඉස්සර කමෙන්ට් පුදුම තරම් වැටුන, දැන් කමෙන්ට් එකක්වත් නැති, ඒත් තාමත් ලියන අයගේ.. මං ඒවා තාම කියවනවා.. සමහර විට කමෙන්ට් එකක් දාන්නෙත් මං විතරයි...

      Delete
    3. කොච්චර උනත් මම නම් පෝස්ට් එකක් දාලා බලං ඉන්නේ පළවෙනි කමෙන්ට් එක වැටෙන කම් හරි ආසාවෙන්... ඉස්කෝලෙ කාලේ ඉඳලම ලියපු දේවල් තිබ්බේ පොත් අස්සේ කොළ කෑලි වල... ඒවා කියෙව්වේ මං විතරයි... ඉතිං බ්ලොග් එකේ තව කෙනෙක් මං ලියපු එකක් කියවලා “ නියමයි” කියලා දැම්මත් මට හරි සන්තෝසයි... ඒ විතරක් නෙවෙයි.. මං හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා... අනිත් එක සාමාන්‍යයෙන් මං කමෙන්ට් කරපු ඒවා වලටත් ආයිත් ගිහින් බලනවා රිප්ලයි එකක් තියෙනවද කියලා... ඒ මගේ හැටි....

      කොහොමත් කියවිල්ල හරියට හුස්ම ගැනීම වගේ දෙයක් මට... බිලොග් 100කට වැඩිය ෆලෝ කරලා ඇති... සමහර බ්ලොග් වල පැල් බැඳගෙන පරණ පොස්ට් කියවනවා... හි හි...

      මම කමෙන්ට් නොදා මාරු වෙන්‌ෙන් සමහර දේශපාලන කතා තියෙන බ්ලොග් වලටයි කවිම තියෙන බ්ලොග් වලටයි තමයි.. අනේ කවි නම් මට දිරවන්නේම නෑ අප්පා.. ඉතිං.. “ නියමයි” කියලා විතරක් දාන එක හරි නැති නිසා මං සද්ද නැතුව එනවා... ඒත් කියවලා රස විඳිනවා...

      සමහර අයගේ වචන හැසිරවීමෙන්, අකුරු පටල පටලා දාන කමෙන්ට් වලින් තේරෙනවා මෙයා බ්ලොග් වලට අලුත් කෙනෙක් කියලා.. මං එතකොට ප්‍රොෆයිල් එක කොටලා බලනවා බ්ලොග් එකක් ලියන කෙනෙක්ද කියලා... ගොඩක් වෙලාවට ඒ වගේ බ්ලොග් වලට ගිහින් දාන පළවෙනි කමෙන්ට් එකේ අනිවාර්යයෙන්ම වර්ඩ් වෙරිෆි‌ෙක්ෂන් අයින් කරන හැටි දානවා මයි.. මොකද මට මතකයි කට්ටිය මට ලින්ක් දාන්න, වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න, අකුරු පාට පාට කරන්න වගේ දේවල් කියලා දුන්න හැටි... හි හි

      මේ පෝස්ට් එකේ මාරයියා කිව්වා වගේ, යටින් එල්ලන් ඉන්න ලින්ක් නම් අනේ මන්දා මට මඟ ඇරෙනවා... මොකද මම කියවන්නේ කමෙන්ට් එකනේ... ඉතිං කමෙන්ට් එකේ කියවන්න තරම් දෙයක් නොතිබුනොත් මට ලින්ක් එක දිහා බැලෙනවා අඩුයි.... ඒ කමෙන්ට් එක නිරායාසයෙන්ම ස්කිප් වෙනවා... ඒත් මම කියවන, වෙන කෙනෙක්ගේ බ්ලොග් එකක හරි, අලුත් කෙනෙක් ඇවිත් “ මාත් බිලොග් එකක් පටන් ගත්තා.. පුළුවන් නම් ඇවිත් යන්න.. ” කියලා කමෙන්ට් එකක් දාලා තිබ්බොත් මං අනිවාර්යයෙන්ම යනවා ඒ පැත්තේ..

      ඒ වගේම අනිත් බ්‌ෙලාග් වලත් මම ගොඩක් වෙලාවට පෝස්ට් එක විතරක් නෙවෙයි.. කමෙන්ට් ටිකත් මුල ඉඳලා අගටම කියවනවා... කියවන්න තරම් දෙයක් පෝස්ට් එකේ නොතිබුනත් කමෙන්ට් වල වටිනා දේවල් තිබ්ලා මට අහුවෙලා තියනවා.. හි හි..

      ඔය සින්ඩි කේස් එක නම් මට තාම තේරෙන්නේ නෑ.. මම කරන්නේ කාගේ හරි බ්ලොග් රෝලේ එල්ලිලා තියෙන ඒවයින් මුලින්ම අප්ඩේට් වෙලා තියෙන ඒවා මං ගිහින් නැති ඒවා නං, මාත් ඒවා දිගේ ගිහින් බලන එක.. කියවන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කියවනවා... රතු මාව අල්ලගෙන ගිහින් දා ගත්තා එයාගේ කමත සින්ඩියට... මං ඉතිං ලින්ක් එකකුත් එල්ලුවා මගේ එකේ.. එච්චරයි ඉතිං..

      ඔය සයුරි උඩ කියලා තියෙනවා වගේ මම හිතන්නේ මම බ්ලොග් පරම්පරා දෙකකට අයිතියි කියලා.. පරණ අය පොඩ්ඩෝ කාලේ මම ඒ අයව කියෙව්වා... මම ආයිත් එද්දි අලුත් කට්ටියක් ලොක්කෝ වෙලා.. අර හිටපු පොඩ්ඩො, ලොක්කෝ වෙලා අතුරුදහන් වෙලා.. ඒත් ඒ අයගෙන් සමහරු තාම ලියනවා.. මම හිතනවා මට ඒකෙන් යමක් තේරුම් ගන්න පුලුවන් කියලා.. ඒ අය තමන් ලොක්කෝ කියලා හිතන්නේ නෑ.. ඒ අය තාමත් පොඩ්ඩො එක්ක ඉන්න කැමතියි... පොඩ්ඩෙක් හැටියට මං කරන්න ඕනේ කියලා හිතෙන්නෙත් ඒක තමයි... ඉතිං මං ඒක කරනවා..

      මෙච්චර දිග කමෙන්ට් එකක් ලිව්වේ දුකා අයියටයි , ඉන්දික උපශාන්ත අයියටයි, “ම“ ටයි, පබ්බත ටයි, සෝරෝ මලයටයි මගේ ස්තූතිය පළකරන්නත් එක්ක... එයාලා තමයි මාව මුලින්ම ෆලෝ කළේ .. ඒ වගේම මට බැනලා, හොඳ කියලා, අවවාද දීලා, සාකච්ඡා වලට, වාද වලට පැටලිලා කමෙන්ට් දාන හැමෝටම බොහොම ස්තූතියි...

      ( මේවට කියන්නේ අනුන්ගේ පානින් එළිය බලනවා කියලා.. හි හි... මාරයියා තරහා වෙන්නේ නෑ නේ.. ඒක නිසා අවුලක් නෑ.. හි හි.. ‌නේද මාරයියේ......)

      Delete
  43. මමත් අළුතෙන් බ්ලොග් ලියන්නේ. ඒත් මම ලියනවට වඩා අනිත් අයගෙ බ්ලොග් කියවන්න ආසයි... කියවලා මට හිතෙන දේ මම කොටනවා. ඒ අයව ෆලෝ කරනවා. හිතේ පොඩි බලාපොරොත්තුවකුත් තියනවා ඒ අයත් මගේ බ්ලොග් එක බලන්න ඒවි කියල. එහෙම දෙයක් හිතේ නැහැ කිව්වොත් එක බොරුවක්. හැබැයි මම කියවන, ෆලෝ කරන, කමෙන්ට් කරන බ්ලොග් වලින් කීප දෙනයි මගේ බ්ලොග් බලන්නේ. එහෙම කියල මම ඒ අයගේ බ්ලොග් නොකියව ඉන්නෙත් නෑ. කමෙන්ට් කරන් නැතුව ඉන්නෙත් නැ. ඒ අයට කැමති නම් ඒවි මාව බලන්න. මම මට හිතෙන දේ ලියනවා.

    මගේ නම් අකමැත්තක් නැ කමෙන්ට් එක අගට තමාගේ ලින්ක් එක දා ගන්නවට. ඒක ඒ අයගෙ කැමැත්ත. මම නම් කවදාවත් ලින්ක් දාලා නෑ මගේ කමෙන්ට් එක යටට. ඒත් මම අකමැති නැ ඒ වැඩේට. තම තමන්, තම තමන්ට කැමති විදියටනේ දේවල් කරන්නේ. ඉතිං අපිට ඕක වැරදියි කියන්න බෑ. අනේ මන්ද ඒ මට හිතෙන හැටි.

    අර සින්ඩි වලට දාන එක ගැන කිව්වොත්, සමහර සින්ඩි වලට දාන්න බැ. හැබැයි අර මාතලන් අයියා නම් පටස් ගාලා එකතු කරනවා එයාගේ සින්ඩියට. ඒකට මාතලන් අයියට තුති. මම නම් ඒ වැඩෙත් ඇත හැරිය.

    ReplyDelete
  44. මමනං ඔය ලිංක් දාන්න යන්නෙ නෑ... මීට කළිං ඒක දැනගෙන හිටියෙත් නෑ.. ඒක දැනගත්තෙ චන්දන අයියගෙන්.. වැදගත් පෝස්ට් එකකට(මගේ නොවෙන්නත් පුළුවං) පාරක් කියන්න ගියහම ලිංකුව වැදගත් වෙනවා..

    ReplyDelete
  45. මම ලිපියක් පල කරන්නේ, විවේචනාත්මක සහ තවත් අදහස් එකතු කෙරෙන කමෙන්ට්ස් 10 ක් බලාපොරොත්තුවෙන්. මගේ ලිපියකට කමෙන්ට්ස් 10 ක් ආවොත් ඇති. එවිට මම දන්නවා කියවීමෙට අමතරව අදහස් දැක්වීමටත් මේ බ්ලොග් එකට කැමති හෝ අකමැති අය ඉන්නවා කියලා.බොහෝ දෙනෙක් මගෙන් ප්‍රශ්න ඇසීම තුලින්ම මට පෙනෙනවා දැනුම සොයා යන සෑහෙන පිරිසක් බ්ලොග් කියවන බව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අසමි දකිමි සොයමි ලියන විචාරක කියලා ලින්ක් එකක් දාන්නේ විචාරක කියන ලින්ක් එකේ තිබෙන්නේ මගේ ඊ මේල් ලිපිනයට ලින්ක් එකක් පමණක් වීම නිසයි.

      Delete
    2. මම විචාරක තුමාගේ බ්ලොග් එකට ආවේ ඒ ලින්ක් එක නිසා..

      Delete
    3. නලීන් අයියගේ බ්ලොග් එකට ආවෙත් එහෙම..

      Delete
  46. මාරයා අය්යගේ කතාවෙ ඇත්තක් තියේනවා...

    ReplyDelete
  47. අලුත් බ්ලොග් එකක් කොහෙංහරි හොයාගත්තොත් ගිහිල්ල බලල පෝස්ට් එක හොඳට ලියල තිබුණොත් බුක්මාක් කරගෙන ඉඳල පස්සෙ වැටෙන ‍පොස්ට්ටුත් ඒ සමානම තිබුණොත් ඒ බ්ලොග් එක ෆලෝ කරන්න පටං ගන්නව.
    ඒ වගේ අලුත් බ්ලොග් කීපයක්ම දැං ෆලෝ කරනෙ යනව. හැබැයි දවසක් දෙකක් කොමෙන්ට් දාල නිකං ඉන්නෙ නෑ.

    මගේ එකට ලිංක් දැම්මයි කියල කාටවත් වැඩක් තියෙනවැයි.

    ReplyDelete
  48. මමත් දැන් බ්ලොග් කෙරුවාවට බැහැල සෑහෙන කාලයක් වෙනවා. සින්හලෙන්නම් නෙමේ.
    ඇත්තටම මේක සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් තමයි. ලෝකෙත් එක්ක බලද්දී අපේ බ්ලොග් කලාව යන්නේ අමුතුම රටාවකට. සින්ඩියකට දාල කට්ටිය ගෙනල්ල, ෆලෝ කරන උන්ගෙන් ඇදගෙන යන එකනේ මෙහෙ වෙන්නේ. ඒත් ලෝකේ ගත්තම වැඩියෙන්ම එන්නේ සර්ච් එන්ජින් හරහා. ඉතින් කට්ටිය ගෙන්නන විදිහත් වෙනස්.

    අපේ ගොඩක් බ්ලොග් බ්ලොගර්. ඉතින් කොමෙන්ට් කලාට තමන්ගේ බ්ලොග් එකට ලින්ක් එකක් ගන්න නම් වෙනම දාන්න වෙනවනේ. ඒත් වර්ඩ්ප්‍රෙස් වල වගේ තිබ්බනම් ලින්ක් නොදැම්මට කොමෙන්ට් හරහා එන පිරිස වැඩියි.

    කොහොම කිව්වත් ගුගල් එකවුන්ට් ඒකෙන බ්ලොග් හොයාගෙන එන්නේ එහෙමත් අමාරු කාරයෙක් විතරයිනේ. ඉතින් "විචාරක" "සමකය වටේ" වගේ දාන එකේ වැරද්දක් නැහැ මං හිතන විදිහට නම්.

    නැත්තන් ඉතින් open ID එකෙන් comment කරන්න වෙනවා. ඒත් ඒක අපිට හුරු දෙයක් නෙමේනේ.

    තව දෙයක් කොමෙන්ට් කන්නද කියල කියනවනම් ඒක බොරු කතාවක්. අපි කවුරුත් රහත් වෙලා නැහැනේ. සිංහලෙන් ලියන්නේ සල්ලි හොයන්න නෙමේනේ ඉතින් කොමෙන්ට් එකකින් නේද බඩ පිරෙන්නේ?? බ්ලොග් ලියන අයගෙන් 80% ක් වත් එහෙම ඇති. ඔන්න කඩ්ඩෙන් නම් කොමෙන්ට් දැම්මත් එකයි නැතත් එකයි ආවනම් ඇති. සල්ලි හොයන්න මිසක් ආසාවට නෙමෙයිනේ කරන්නේ.

    ReplyDelete
  49. මාත් මේ බ්ලොග් ලෝකේ අවුරුදු තුනක විතර ඉදන් කරක් ගහනවා, පරන එකට යන්න කියලා, නමත් වෙනස් කරගෙන ආයෙත් පටන් ගත්තා බ්ලොග් එකක්,
    හතර අතේ තියන සියලුම බ්ලොග් කියවනවා, පහුගිය ටිකේ කොමෙන්ට් කරද්දී මාත් ඕක අගට ලින්කුවක් එල්ලුවා,
    මට නම් ඒකේ මහ අමුත්තක් පෙනෙන්නේ නෑ, මොකද මගේ බ්ලොග් එකේ හරි මම කියවන ප්ලොග් එකක් හරි ඔය ලින්ක් එකක් තිබ්බ කියලා අපේ අතින් පයින් යනවැය. ඕනි එකෙක් ක්ලික් කරපුදෙන් නැති එක පාස් කරන් කියවන් යන එකනේ තියෙන්නේ.

    කෝ මේ මගේ ඩෙනිම ලියන එකා මේ පැත්තේ ඇවිත් නෑ, නිවාඩු ගිය පාර තාම බිසී ඇති වෑන් එකත් බදාගෙන මෙහෙ වරෙන් අයියේ මේවට උත්තරයක් දීහන්

    ReplyDelete
  50. දෙපැත්තටම කියන්න ඕනේ තරම් කරුණු තියෙනවා. තමුන්ගෙ බ්ලොගේ තමුන්ගේ සටහනේ තමුන්ට ඕන දෙයක් එල්ල ගත්තහැකියි කියවන මිනිහට මොකෝ ? කියල කියන්න පුලුවන් උනාට කියවන කෙනා කමෙන්ට් කරන කෙනා නැත්නම් ලියන එකා මොකට බ්ලොගක් ලියනවද? දින පොතක් ලිවුවම මදැයි ?
    ඔය එල්ලන කෑල්ල ඉතින් පොරොජං වෙච්ච වෙලාවල් අනන්තයි..

    ReplyDelete
  51. අෆිටනම් ඉතින් මේවට කියන්ට දෙයක් නැහැ මොකෝ ලියනවයි කියලද ..:D
    හැබැයි ඉතින් අහුවෙන බ්ලොග් ටිකක් කියෝනවා කොමෙන්ටුත් කොටනවා වෙලාව තියෙන හැටියට.

    ReplyDelete
  52. හ්ම් .... උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා අහක දාන්නත් බෑ.

    මම නම් ඉතිං බ්ලොගක් ලියන්නෙත් නෑ, තවම ලියන අදහසකුත් නැති නිසා ඔය ප්‍රශ්නෙ නම් මට අදාල නෑ වගේ. කොහාමටත් මම ඔය සමහරක්ව ගැන ඕනවට වඩා වදවෙන්න යන්නෙත් නෑ, කාගෙ හරි පෝස්ට් එකක් දැක්කම එවෙලෙට මට හිතෙන දෙයක් ලියල යනව, හුඟක් වෙලාවට මම නම් කැමති ජොලියෙන් ඉන්න. ප්‍රශ්න හදාගන්නෙ මොටද?

    මාරයියගෙ බ්ලොග ගැන කිව්වොත් නම් මම දැකපු දෙයක් මුලින් එන අය ‘1‘ දාන එක. මුලදි මුලදි මට හිතුනෙත් මේක මහ ගොන් වැඩක් කියල. ඒත් ඒකට බනින අයත් ඉන්න බව දැක්ක නිසා පස්සෙ පස්සෙ නම් මම මුලින් ආවොත් අනිවා ‘මං 1‘ දානව. හැබැයි ගොඩක් වෙලාවට පෝස්ට් එක කියවල ඊට අදාලව මට හිතුනු දෙයකුත් යටින් නැවත කමෙන්ට් කරනව. අනෙක ඕනම තැනක ඉතිං පෝස්ට් එක කියවල හැමවිටම මහප්‍රාණ කමෙන්ට් කරන්නෙ නෑ, සමහරවිට වෙලාව තියෙන හැටියට ඔය මොකක් හරි විහිළුවක් කරල යන වෙලාවලුත් තියෙනව, ඉතිං සමහරුන්ට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලත්.

    ReplyDelete
  53. *
    මං ලියන්නා මලවන වෙනී..

    ReplyDelete
    Replies
    1. මෙකෙ මලවන නෙවෙයි ලියන කියන වෙනස් වෙන්ඩෝනි.. කොහොමද බන් කමෙන්ට් බොක්ස් එකක ලින්ක් එකක් දාන්නෙ ?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. <a href="http://liyanna-liyanna.blogspot.com/">මං ලියන්නා මලවන වෙනී..</a>

      Delete
    4. තැන්කූ රාමා ඒක කොපි කරලා තියා ගත්තා. ඕන්.. නොදන්න දෙයක් ඉගෙන ගත්ත දෙයත් ලොකු දෙයක් නෙ..

      Delete
    5. දැං ඉතිං වෙනී අයියගෙනුත් බේරෙන්න හම්බවෙන එකක් නෑ.

      Delete
    6. අපි බ්ලොග් ලෝකෙට ළදරුවො මල්ලි.. ඉතින් අපේ බ්ලොග් වලටත් කට්ටිය දුහන් ඇවිත් කමෙන්ට් කරනවනම් අපිත් කැමතී නොවැ..ඉටිහ්න් ටික කාලයක් යනකන් ඔය නැට්ට එල්ලන් හිටියට කමක් නෑලු කියන්නෙ..
      මං ලියන්නා ලියන වෙනී..

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. @Chandana : ඔවු ඒක වැරදිලා / නැතිව දැම්මේ පලවෙනි කමෙන්ට් එකේ, දෙවෙනි එකේ හරි ගැස්සුවා..

      මේ පැත්තෙත් ඇවිත් යන්න.

      Delete
  54. මේක මෙහෙමයි,,,ලින්ක් දාන එකටනම් සමහරු කැමතියි , තවත් අය අකමැතියි..බ්ලොග් එකේ අයිතිකාරයා අකමැතිනම් ඒ බ්ලොග් එකේ කොමෙන්ට් වලට ලින්ක් නොදා හිටියනම් වැඩේ ඉවරයිනේ නේද? තමන්ගේ සතුටට ලියන බ්ලොග් එකෙන් එයාට ලැබෙන සතුට අපිට නැතිකරන්න ඕනේ නැහැනේ...මෙතනදී මට නම් කවුහරි ලින්ක් එකක් මගේ එකේ දැම්ම කියල මටනම් කිසිම ගැටළුවක් නැහැ...ඒ මට හිතෙන විදිහ ...මොකද මේක මම ඒක කරන්නේ මගේ සතුටට හා දන්නා දේ අනෙක් අයට බෙදා දෙන්න..ඉතින් එහෙව් එකේ තව කාට හරි ලින්ක් එකක් දැමීමෙන් තියෙන්නේ සතුටක් නම් ඒකට මමත් අසතුටු වෙන්නේ මොකටද අයුබෝවන්ඩ්..හැබයි මෙහෙම එකක් තියෙනවා අර මාතලන් අයියා කිවා වගේ බ්ලොග් කොමෙන්ට් එකකට ලින්ක් එකක් එල්ලන්න..කාලය කනවට වඩා බ්ලොගර් ප්රෝපයිල් ඒකට බ්ලොග් එකේ නමට හරවා ගත්තනම් ඉවරයිනේ....එතකොට කියවන කෙනා දන්නවනේ මෙහෙනුත් ඇවිල්ලා කියල.. අනික තමයි කොමෙන්ට් ...මාරේ කියනවා වගේ කොමෙන්ට් එකකින් අපට ගොඩක් දේවල් දේවල් කරන්න පුළුවන් ..මම නම් කොමෙන්ට් එකක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ පෝස්ට් එක ලියන කෙනාට ඒකට පොඩි උත්තේජනයක් දෙන්න මොකද පෝස්ට් එකක් ලියන්න ගියම ඒකට කැප කරන කාලයට හා මහන්සියට පොඩි ඇගයීමක් කරන්න...හැම දේම "රහ" නැතිවෙන්න පුළුවන් නමුත් ඉව්වේ නැත්නම් කන්න දෙයකුත් නැතිවෙන්වනේ.....මොකද පෝස්ට් එකක් ලියන්න ගියහම් කරන කැපකිරීම මට හොදට තේරෙන නිසා ...ඒ කොමෙන්ට් එක කොච්චර දිගද ,කෙටිද කියන එක ගැනනම් මගේ වැඩි තැකීමක් නැහැ...මොකද හැමෝටම කාලයත් එක්ක කරන සටන නිසා ... කියන්න තියෙන දේ කෙටියෙන් කියල දාන එක තමයි ..මගේ නම් විදිහ ...තව දෙයක් බ්ලොග් එකකකට කොමෙන්ට් එකතු කිරීමේදී එහි විෂය පථයටම තමාගේ ඇති කැමැත්ත ...උදාහරණයක් විදිහට මට මුලින්ම ඇස යන්නේ තාක්ෂණික වශයෙන් ලියන බ්ලොග් එකකට මොකද මමත් එවැනිම දෙයක් කරන නිසා ...මට වගේම අනෙක් අයත් ඔයදේ ඔහොම තමයි ...තමාගේ කැමැත්තට තමයි මුලින්ම හිත යන්නේ.... නමුත් එහෙම කියල...අනික් දේවල් නොබලා ඉන්නේ නම් නැහැ.... පෝස්ට් එකක් නිකම් හරි බැලුවොත් එක වචනයක් හරි කියල යන්ඩත් අමතක කරන්නේ නැහැ... විශේෂයෙන් අලුත් පරණ බ්ලොග් කියල විශේෂයක් නැතුවම ඔයදේ මට කාලයට අනුව කරල තියෙනවා....ඊවගේමයි බ්ලොග් ෆොලෝ කිරිල්ලත් අලුත් පරණ රස නීරස බේදයකින් තොරව නොකරපු එකක් අහුවුනාද ෆොලෝ කලා මොකද එහෙම කලා කියල අපේ ඇගේ පතින් යනවද නේද? මොකද රහට ..උයන්ඩ යන කෙනාට ඒ සදහා ගෙදර අපි උදව් කරන්න එපැයි....ඉතින් ඔන්න ඔයටික තමයි මෙන්න මගේ පැත්තෙන් එකතු කරන්න තියෙන්නේ.....මේක තමයි බ්ලොග් අවකසේට ආව දා පටන් මම කොටපු දිගම කොමෙන්ටුව.....ඒකත් කොටා ගත්තේ බොහොම අමාරුවෙන් ........ජය......

    ReplyDelete
  55. මෙච්චර කාලයක් මම දැම්මෙත් නැහැ කමෙන්ට් වලට ලින්ක්. මොකටද නිකන් බල බල ඉන්නේ. බ්ලොගේ ලිව්වේ නැතත් දානවා කමෙන්ට් වලට ලින්ක්.

    අපේ පැත්තෙත් ඇවිත් යන්න එන්න

    ReplyDelete
  56. මන් නම් කමෙන්ට් එක්ක තමන්ගෙ බ්ලොග් එකේ ලින්ක් එක දාන එකට හරිම විරුද්ධයි..ඕන් නම් ඒ ලියල තියෙන ලිපියට අදාලව යමක් කමෙන්ට් කරලා ගියාට නම් කමක් නෑ.. මොකටද නැටි එල්ලන්නෙ ආයි කමෙන්ට් එකටත්..
    මං ලියන්නා ලියන වෙනී..
    :-D

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් 200ට කිට්ටුයි..

      Delete
    2. මේක ඇදන් යන් මල්ලි...දැන් චැට් ගෲප් මෙලෝ රහක් නෑ..
      මං ලියන්නා ලියන වෙනී..

      Delete
    3. වෙනි අයියා... මේ ඊයේ පෙරේදා දවසක ඔයාව මතක් කළා ඩූඩ් ආපු වෙලාවේ.ඔයා ඉන්න තැන ගැන මට කිව්වෙත් ඩූඩ් තමා.

      Delete
    4. ඒ පාර මේකත් බ්ලොග් ප්‍රමෝට් කරන මාරයියගේ අලුත් වැඩක් වගේ.. අම්මපා බිලොග් සති මොකටද... මේ වගේ පෝස්ට් දෙක තුනක් දැම්මම ඔය කට්ටිය ගානට ප්‍රමෝට් වෙන්නේ... හි හි....

      Delete
    5. බලන්න වාස්ට තැනක් නොදී ඉල්ලන් කාපු හැටි ? කවද්ද ලංකාවේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ ???

      Delete
    6. මේක ඇදගෙන යනවට මාරයාගේ හෝරාව ලියන මාරයා.. කැමති වෙන එකක් නෑ.

      Delete
    7. @Praසන්ன : එහෙම වෙන එකක් නැහැ. අයියගේ බ්ලොගත් ඇදගෙන යන්නේත් මාරයාගේ හෝරාව ලියන මාරයානේ..

      Delete
    8. ඔව් නලින් මල්ලි ඩූඩ් ෆැමිලි එකම එදා හවස හිටියෙ මගේ ඔෆිස් එකේ... ආයි එන්නම් කියලා ගියා තාම නම් ආවෙ නෑ..
      මං ලියන්නා ලියන වෙනී..

      Delete
    9. ප්‍රතිපත්තියක් හැටියට දැන් මම එක දාන්නේ නැති වුනාට ඔන්න 200 දානවා!!

      Delete