12 December 2012

බණ්ඩාරනායක චීස් කෑව හැටි...

දන්නවනේ ඉතිං මංතුමා සිකුරුටි කාරයා කියලා... ඔය සිකුරුටි ජොබ් එකේදී එක එක ජාතියේ උන්දලා එක්ක වැඩ කොරන්න වෙනවා... ඒ අතර ඇම්ඩන්ලා තමා වැඩි... අතරින් පතර හොඳ ෆිට් බුවාලත් නැතිවා නෙවෙයි... මං ඔය කලින් කතාවලදී සැරෙන් සැරේට මතක් කරලා තියෙන "සරා" ආන්න ඒ වගේ ජොලි බුවෙක්... සරා කිව්ව ගමන් ම‍ට මතක් වෙන අනිත් නම තමා "සෙනා"...

"සරා සහ සෙනා" කියන්නේ මං යටතේ හිටිය ටොප් බුලට් දෙකක්...

ආ තව එකක් මතක් උනා සරා සහ සෙනා කිව්වම... ඔය වගේම නැගලා ගිය නම් දෙකක් තිබුනා පහුගිය කාලේ අපේ බ්ලොග් අවකාසයෙත්... හැබැයි ඒ නම් දෙක වැඩියම දන්නේ "අන්තිම පේලිය" බ්ලොග් එක කියවපු උන්දලා තමයි... ඒ තමා "සරා සහ සනා"...

ඔතන සරා කියන්නේ අපි කවුරුත් දන්න අන්තිම පේලියේ "ජයියා" නොහොත් "සරත් ලංකාප්‍රිය" උන්නැහේ... "සනා" කියන්නේ අපි කාගෙත් ආදරයට ගෞරවයට ලක් වෙලා හිඳිමින් මෑතකදී අපි අතරින් සමු ගත්ත "සනත් විජේවර්ධන" නොහොත් කවුරුත් දන්න "ඔබා අයියා" (ඔබ්සවර්) ‍ට තමයි...

ඔය චරිත දෙක ගොඩ නංවන්නත්.. ඒ හා වටා අපූරු කතා ටිකක් රචනා කරන්නත් අපේ "ඕන මැන්ටල් චූටි පුතා"..එහෙත් නැත්තං "ඕනයා" ඇතුළු පිරිසක් මුල් උනා...

හරි ඒ කතාව පැත්තක තියමුකෝ...

ඔය සරා ඇවිල්ලා මල් සරා වගේ පොරක්... වයස පනහක් විතර උනාට පෙනුමින් හතලිහකට හතලිස් පහකට වඩා නැහැ... මිටි ටිකක් මහත... බෝලේ වගේ පෙනුම තියෙන නිතර හිනා වීගත්ත ගමන් ඉන්න කලු මෑන් කෙනෙක්... කාලයක් තැපැල් පියුං ජොබ් එකක් කොරලා..පස්සේ ඒක දමලා ගහලා ඔටු දේසේ ගෙහුන් හරි හම්බ කරගෙන ඇවිත් ගෙවල් දොරවල් හදලා අනුන්ගේ දේවල්වලටත් උදව් පදවු කරගෙන ඉන්න හාදයා... දැනටත් මෑන් මං ඉන්න තැනට හිටි හැටියේ ඇවිත් කතා බහ කරලා මගේ දුක සැප අහලා යනවා... පුදුම සංතෝසෙන් ඉන්න හාදයා... 

තිදරු පියෙක්... ළමයි දැන් ලොකු මහත් වෙලා හින්දාත්..පවුල විසින් දරුවනුත් එක්ක හවුලේ කරගෙන යන වියාපාරෙකුත් තියෙන හින්දා ඒ හැටි පවුල් බරක් ඇති හාදයෙක් නෙවෙයි... ඒ හින්දාම ඔය එහෙං මෙහෙං පිට ඔට්ටුවක් එහෙම අල්ලගෙන දැහැමින් සෙමින් ජීවත් වෙනවා... කාලයක් කන පැලෙන්න බීලා පාරවල් ගානේ වැටි වැටි ගිය අතීතයක් තිබුනා උනත් දැන් වෙද්දී අරක්කු කඳුළක්වත් නොබොන කාටවත් කරදරයක් නැති එක්තරා ආකාරයක චරිතයක්... (පිට ඔට්ටු අල්ලන එකාට හොඳ මිනිහෙක් කියපුවාම සමහර අයටනං දිරවන එකක් නැහැ.. ඒත් මට මේ ජීවිත කාලෙටම හම්බ උන බොක්ක පිරිසිදු මිනිහෙක් තමා සරා...  මට මෑන්ගේ පිට ඔට්ටු ඇල්ලීමෙන් ඇති වැඩක් නැහැ..)

සෙනා ඇවිල්ලා සරාට වඩා අමුතු බුවා...

මෑන් හෙන ඩෝපර්... පරසිදු සේනානායක පරපුරේ වර්ථමාන පුරුකක්... ගම දැදිගම.. හරිනේ... අර මහ සේනානායකලට නෑදෑකං තියෙන ඈයොම තමා...

මෑන් ඇවිල්ලා හිටපු ආමි කාරයා... රියදුරා... ඒ හැම දේකටම පස්සේ අන්තිමට මෑන් නැවතුනෙත් සිකුරුට්ටෙක් වෙලා...මෑන්ටත් වයස හතළිස් පහක් විතර ඇති.. හැබැයි එයිට වඩා පෙනුමයි...

සෙනාට බොන්න තියෙනවනං එයින් එහාට දෙයක් ඕන නැහැ... වත්තේ පිටියේ වී ටික..පොල් ටික තියෙන හින්දයි.. ගෑනිගේ පැත්තෙන් තල්ලුව තියෙන හින්දයි මෑන් ඒ හැටි ගෙදර දොර ගැන හොයන්නේ නැහැ... දරුවෝ දෙන්නයි... ලොකු පුත්තරයා දැන් නේවි එකේ.. කෙල්ල සාමාන්‍ය පෙළ සමත් වෙලා දැන් උසස් පෙල කරනවා මං හිතන්නේ... පිට ඔට්ටු ඇල්ලිලට පොඩි කැමැත්තක් තිබුනත් මෑන් ඒවට වියදං කරන්න කැමැති නැහැ... කසිප්පු වීදුරුවකට දාහක් හමාරක් වියදං කලත් වෙන දේකට රුපියල් දහයක් අදින්නෙත් ඇගෙන් ඇටයක් අදින්නැහේ... කොටින්ම බඩට කන්නේ නැහැ... ඒකෙත් බොන එක තමා කරන්නේ...

සරා වගේම සෙනාත් අතීත කතා මල්ලක අයිතිකාරයෝ... එයින් සරා තමන් දැකපු කියපු දේ විතරක් කිව්වා උනාට සෙනා අහපු කියපු දේත් රස කරලා කියන්න දන්න හාදයා.. ඔය ඩබල ලග ඉන්නවනං කිසි පාලුවක් නැතිව දවස ගෙවෙනවා.. ඒතරමට අපූරු කතා මලු දෙක... ඒ විතරක් නෙවෙයි අතර මගදී දෙන්නා පැටලෙනවත් එක්ක... දෙන්නා ඇවිලුනාම ඇදිලා යන කතා එයිට අපූරුයි... එහෙම වෙලාවට සෙනා පටන් ගන්නවා සරා කොටු පයින්න ගිහින් කෙල වෙච්ච කතා ටික කියන්න... සරා පටන් ගන්නවා සෙනා බොන්න ගිහින් කෙල වෙච්ච කතා ටික කියන්න... මට තියෙන්නේ පාඩුවේ අහං ඉන්න ගමන් දෙපැත්තටම ඉද හිට පෝර අහුරක් විසි කරන්න විතරයි... අහල පහල ඉන්න උනුත් සරයි සෙනයි පැටලුනා කියලා දැන ගත්ත ගමන් වැඩ දාලා ඇවිත් අහං ඉන්නේ.. ඒ තරමට ඔය වලිය හරි අපූරුයි... හැබැයි කවදාවත්ම දෙන්නා තරහා මරහා වෙන්නෙත් නැහැ.. ඒ වෙලාවට කියෙව්වා..හූ කිව්වා..හිනා උනා..එයින් පස්සේ ආයේ කලින් වගේම හිතවත්කමින් ඉන්නවා...

මං මේ මෙච්චර හෑල්ලක් ලියන් ආවේ සරාගෙයි සෙනාගෙයි කතාවක් ලියන්න නෙවෙයි..අපේ ඔය සෙනා විසින් එක පාරක් කිව්ව දෙයක් මතක් වෙලා...

සෙනා උග්‍ර යූ ඇන් පී කාරයා... (හැබැයි රනිල්ව පේන්න බැහැ... රනිල් ගැන කතා කල ගමන් උගේ අම්මට... අපිට පාරේ බැහැලා යන්න බැරි කලේ ඔය නපුංසකයා තමා කියලා පටන් ගන්නවා.. හැබැයි ඒ හැර අනිත් සියළුම යූ ඇන් පී නායකයින්ට පින් දිදී කතා කරන්නේ..)

මෑන්ට සිරි ලංකා කාරයින්ව පතුරු අරින්න බොහෝම මනාපයි... සිරි ලංකා කාරයින්ව විතරක් නෙවෙයි උන්දලගේ අම්මා මුත්තා හිටං පට්ට පතුරු අරින්න සෙනා කිසිම වෙලාවක පස්ස ගහන්නේ නැහැ... මේ කතාවත් එහෙම ඇදිච්ච එකක්..

කොටින්ම කිව්වොත් බණ්ඩාරනායක උන්නැහේට පලු යන්න බයින ගමන් තමා එක වංගියක් බණ්ඩාරනායක උන්නැහේගේ තාත්තා.. එහෙම නැත්තං මහ බණ්ඩාරනායක ගොයියගේ රෙද්ද හෝදන්න ගත්තේ...

මහ බණ්ඩාරනායක ගොයියා ඇවිල්ලා තමන්ගේ තත්වය නිසා බොහෝම ඉදිමුණ..පොඩි මිනිස්සුන්ට තලා පෙලා හිංසා කරපු.. සුද්දට කත් ඇදපු හාදයෙක් කියලා තමයි අදටත් පළාතේ ප්‍රසිද්ධ.. ඒ හින්දා මේක බොරු වෙන්නත් බැහැ.. හැබැයි   කිව්වේ සෙනා හින්දා ඇත්තමද කියලා කියන්නත් බැහැ... ඒත් කතාව මෙහෙමයි...

ඔය මහ බණ්ඩාරනායක ලොක්කා බොහෝම මනාපයිළු චීස් කන්න... චීස් කිව්වම කට්ටියම දන්නවනේ.. ඔය හිංගලෙන්නං වෙඬරු කියලා කියන්නෙත් චීස්ම තමා මං හිතන්නේ... පස් ගෝ රසයෙන් එකක්.. ඒ කියන්නේ කිරි වලින් හදන කෑමක්නේ... බටහිර රටවල්වල චීස් හදන්න ක්‍රම කිහිපයක් තියෙනවා මං හිතන්නේ... එක පාරක් මං දැකලා තියෙනවා පියනකින් වහලා වගේ හදාපු වංගෙඩියක දාලා කිරි ටික මෝල් ගහකින් කොට කොට ඉන්නවා... ඒක අති දීර්ඝ වැඩක්..කිරි ටික උකු වෙලා කැටි ගැහෙන්න සෑහෙන කාලයක් යනවා...

ආයේ වංගියක් කිරිවලට මුහුන් දාලා මුදෝලා ඒ මිදුන කිරිවල වතුර යනකල් මිරිකලා අරං පීඩනයට‍ ලක් කරලා කැටි ගස්සනවා...

ඒත් මේ මහ බණ්ඩාරනායක ගොයියා චීස් හදන් තියෙන්නේ නං එහෙම නෙවෙයි... (සෙනාට අනුව)

උන්දෑ චීස් හදාගෙන තියෙන්නේ මෙන්න මෙහෙමයි...

ඔන්න ඉතිං අළුත පැටියා වදාපු කිරි දෙන හොඳ වැස්සියෙක් තෝරලා අරං පැටියව දවසක් හෝ දෙකක් පමණ හාමත් වෙනකල්ම අහකින් බැදලා තියනවා වතුරවත් බොන්න නොදී... වැස්සිගෙන් කිරි දොවන්නෙත් නැහැ බිංදුවක්වත්...

ඔහොම තියලා වැස්සිගේ කිරි බුරුල්ල පුපුරන තරමට කිරි එකතු වෙලා තියෙන මට්ටමටයි.. පැටියා හාමත් වෙලා බඩ ගින්දරේම මැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දියි පැටියාව ලිහනවා...

දැන් ඉතිං අර මැරෙන ගානට හාමත් වෙලා ඉන්න වහු පැටියා තමුන්ගේ අම්මා වෙච්ච අර කිරි බුරුල්ල පිපිරෙන ගානට කිරි උනලා තියෙන වැස්සි ගාවට ගොහින් බඩ පිරෙන්නම කිරි බොනවා... උස්මුරුත්තාවට එනකල්ම...

ඔය අතරේ ඒ අහලම තැනක විශාල කල්දේරමක ලොකු වතුර එකක් උණු කරනවා ගින්දර බොහෝම සැරට දාලා...

වතුර එක පැහීගෙන ගොජ ගොජ ගාලා නටන කොට.. අර බඩ පිරෙන්නම මව් වැස්සිගෙන් කිරි බීපු වහු පැටියාව අල්ලලා පණ පිටින්ම ඔබනවා අර උණු වතුර කල්දේරමේ...

පැටියා මැරෙන එක ගැනවත් ඌට වෙන හිංසාව ගැනවත් කතා කරන්න දෙයක් නැහැනේ...

අන්න එහෙම උණු වතුර එකේ වහු පැටියව ගිල්ලවලා තැම්බෙන්න ඇරලා ගොඩට අරං ඉක්මනටම ඌව දෙපලු කරනවා... එහෙම දෙපලු කලාම අර අන්තිම ආහාර වේල හැටියට බීලා කුස පුරා පිරිලා තිබුන කිරි ටික කැටි ගැහිලා ගල් වෙලා තියෙනවා කියලයි කියන්නේ.. ඒ තමා මහ බණ්ඩාරනායකගේ චීස් පංගුව...

හිතා ගතෑකිනේ කොහොමද කියලා...?

ඔය තමා සෙනා විසින් ප්‍රකාශිත.. මා විසින් අසන ලද.. අද දින බ්ලොග් ගත කරන ලද හොරගොල්ලේ මහ වළව්වේ මහ බණ්ඩාරනායක උන්නැහේගේ චීස් නිෂ්පාදන ක්‍රියාවලිය... ඔන්න ඒකත් කියලා දැම්මා...

කතාව හදිසියේම මතක් කරන්නට හේතු උන බුකියේ චීස් ගැන අටමගලක් ලිවුව "නූතන විහාර මහා දේවි" නම් ලද "නදියාට" මගේ ස්තූතිය...
---------------------------------

මේ කතාව අතර මගදී ඇදුන නං ගං වලින් හැදින්වෙන අයගේ ලින්ක් සොය සොයා හිටින්නට කම්මැලි බැවින් ඒ ඒ අය තම තමුන්ගේ ලින්ක් ඔබා ගනිත්වා... එයට මාගේ විරෝධතාවයක් නැත...

42 comments:

  1. Replies
    1. ලෝක විනාසෙට කලින් යන්තම් 1.

      Delete
  2. මන් කීයද ??? එක වෙන්න නම් බෑ...


    මන් අරක ලියන අරයා..

    ReplyDelete
  3. හයියෝ සල්ලි. මහා කාලකන්නි වැඩක්නේ. එදාකාලේ ඉඳන් සුද්දට කත ඇද්ද මදිවට කාලකන්නි වැඩනේ මුන් කරලා තියෙන්නේ. එකනේ කෙල වෙලා ගියේ සෙට් එකටම.

    සරා ගැන කියනවනම් කොටු පැනිල්ල මිනිහගේ පෞද්ගලික ජීවිතේ දෙයක් අපිට අදාළ නැහැනේ. මනුස්සය හොඳනම් අන්න එකයි වැදගත්.

    ReplyDelete
  4. වෙඩරු කියන්නෙ චීස් වලට නෙවි බන්.බටර් වලට.

    ReplyDelete
    Replies
    1. චීස්වලට නේද කේජු කියන්නෙ ?

      Delete
  5. ඕකුන් කරපු පවු තවමත් විදවන්නෙ අපි, කොරපු උන් නෙවේ.

    ReplyDelete
  6. හෙන පව් කාර වැඩක්නේ බන් කරලා තියෙන්නේ

    මම නම් හිතෙන්නේ ඔය අතින් දාල කියපු හෙනම් හෙන කෙප්පක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එහෙම කරන කට්ටිය ඉන්නවා. නන්දසේන රත්නපාල මහත්මයාගේ "මේ ජිව්තයේදීම පලදෙන කර්මය" පොතේ එහෙම කරපු ගෝ ඝාතකයෙක් ගැන සඳහන්. ඕක පරණ ඩෙලිකසී එකක්... :P ... වසුපටවාගේ කුසයේ බිවු කිරි ඝන වී බෝලයක් මෙන් හැදෙන්නේ උණුවතුර නිසා නෙමේ. කුසයේ ඇති හයිඩ්රො ක්ලොරික් ඇසිඩ් නිසා ...

      Delete
    2. Acid නිසා නෙමෙයි , rennet එන්සයිමය හින්දා මචං

      Delete
    3. තැන්ක්ස් මචන් , රෙනෙට් ගැන කියෙව්වට පස්සේ අද ඉඳන් චීස් කන එක නවත්තන්න හිතුව :)

      ඇසිඩ් වලට කිරි කැටි ගැහෙන්නේ නැද්ද ?? ඉන්දියානුවන් පනීර් හදන්නේ කිරි වලට දෙහි යුෂ දාල කැටි ගස්සවල ....

      Delete
  7. අද මහා පුටුවේ රජ්ජුරුවෝ නැතුව,රැජින හිටිය කලේ උනානම් සුදු වෑන් එකක් මගින් මාරයාට ලෝකවිනාසේ සිදු කරවනවමයි..

    ReplyDelete
  8. ඔය ක්‍රමේ මිල්කෝ එකත් දැනගත්තොත් තමයි වැඩේ.

    මං අරක ලියන්නැති අරය.

    ReplyDelete
  9. මේක පිළිගන්න අමාරු කතාවක් මාරේ. අරූ තරහට කියන්න ඇත්තේ.අනේ ඒත් ඇයි සරාගේ රෙදි සේරම ගැලෙව්වේ. දැං ඌ පාරේ බැහැල යන්නේ කොහොමද

    ReplyDelete
  10. ඕක ඇත්තද නැත්තද කියන්න දන්නේ නෑ.. ඒත් චීස් හදන්න මුහුන් විදියට ඉස්සර ගත්‌ෙත් කිරි විතරක් බීපු වසු පැටියෙකුගේ ආමාශය කියන එක නම් අහලා තියෙනවා...

    මම ඔය කෑම බීම සමහර ජාති ගැන හැඟීමක් ඇති උනේ පොතක් කියවලා... එක එක රටවල් වල ඇයි මේ එක එක විදියේ කෑම ජාති ඇති උනේ කියන එක.. ඒවා එහෙම කන්න හේතුව.. ඒ අර ලෝරා ඉන්ගස්ල් වයිල්ඩර්ගේ පොත් සෙටි එක කියෙව්වාම....

    අද මේ අපි කොරන විකාරෙ මොකද්ද කියලත් හිතෙනවා ෆ්‍රිජුයි, රටින් ගේන කෑම ජාතියි පුරෝගෙන...

    ඒක නෙමෙයි... දැං ඊයේ වැඩේදි අපිට බ්ලොගේ බාර දීලා මාරයියා පැත්තකට වෙලා බලං හිටියනේ.. දැං දිගටම ඔය පුරුද්ද ගෙනියනවා එහෙම නෙවෙයි හරිද.... ?

    ReplyDelete
    Replies
    1. //අද මේ අපි කොරන විකාරෙ මොකද්ද කියලත් හිතෙනවා ෆ්‍රිජුයි, රටින් ගේන කෑම ජාතියි පුරෝගෙන...//

      ෆ්‍රිජු කියන්නෙ කෑමක්ද ????

      Delete
    2. ඔව්.. කජු වල අනිත් ජාතිය.. හි හි

      Delete
  11. මේක ඇත්තක් නම් ඉතින්... :(

    ReplyDelete
  12. බුවාගේ මුට්ටිය ඇල්ලිලේ එක ප්‍රතිපලයක් තමා බුවා ජීවත්වෙලා ඉන්දෙද්දීම සුද්දෝ "Ceylon turf club" බුවාගේ පිළිමය රෝයල් එක ඉස්සරහා හිටෝපු එක.

    ReplyDelete
  13. අනේ අම්මප..සිරි ලංකා කාරයෙක්ගේ හත් මුතු පරම්පරාවේ එහෙකුට හරි ආරෝවක් ඇති කථාවක් මාරයියාගේ බොලොගෙ තියෙනවා දැක්කහම තියන සනීපෙ. ලෝක විනාසෙ නම් දැන් සුවර් තමා.

    මේ ඒක නොවේ ආයිබොන්ඩ එතකොට එයා තමා නූතන විහාර මහාදේවි එහෙනම් ඈ...

    ReplyDelete
    Replies
    1. දැක්කේ නැද්ද රනිල් ලොක්කට මඩක් ගහල තිබුනේ.

      Delete
    2. රනිල් කියන්නේ නිල නොලත් අගමැති නොවැ. ඉතිං පොරට මඩක් ගැහුවා කියන්නේ බණ්ඩ පරම්පරාවට ගැහුවා වගේම තමා.

      Delete
  14. චීස් හදන්න වස් පැටවුන්ගෙන් දැනටත් rennet ගන්න බව කොහෙහරි තිබුණා. ලංකාවෙනං නෙමෙයි මං හිතන්නෙ. දැන් දශක කීපෙක ඉඳන් ලංකාව බෞද්ධ හින්දා ඕවා වෙන්නෙ නෑ.

    ReplyDelete
  15. මං හිතන්නේ ඕවා කාලා තමා චන්ද්‍රිකාල දැං ඔහොම ඉන්නේ...

    ReplyDelete
  16. නොදකින් උඹත් හිටපු ගමන් දාන කතා. යකෝ මිනිහෙකුට තියා මල යස්සයෙකුටවත් කරන්න පුළුවන් අසික්කිත වැඩක්ද බොල ඒ.....!

    අපි ගෞරව කරන බණ්ඩාරනායක කියන චරිතය ඔය වගේ රීරි මාංශ කන තිරිසනෙකුට දාව ඉපදුනා කියලා කොහොම හිතන්නද ?

    ReplyDelete
    Replies
    1. අන්න දුමී අයියා රෝන්ග් ටෝක් දානවා. උඹ කියන්න හදන්නේ බණ්ඩා ගේ තාත්තා වෙන එකෙක් කියලද?

      Delete
    2. නෑ එක අතකට එයාගේ දෝණියැන්දා මිනිස්සුන්ගේ රීරි මාංසේ කාපු කෑමට එහෙම වෙන්නත් බැරි කමක් නෑ. මොකද ජාන කියන ඒවා එක පරපුරකදි යට ගිහිල්ලා, තව පරපුරකදි උඩට එන්න පුළුවන්නේ.

      Delete
  17. චීස් වලට නම් කැමතියි ටිකක්. ඒත් ඔහොම නම් කවදාවත් එපා.

    එතකොට බන්ඩාරණායක පරම්පරාව එහෙම එකක්ද.

    ReplyDelete
  18. අනේ පව් වහු පැටියා ! ඒක ඇත්ත කතාවක්ද අප්පා
    :(

    ReplyDelete
  19. සමහර විට කතාව ඇත්ත වෙන්න පුළුවන්...මොකද මැරිලත් තාම කෙලින් කරන් ඉන්න..නෑ නෑ තා ම කෙලින් ඉන්න මනුස්සයනේ...

    ReplyDelete
  20. මේ කතාව සොලමන් වෙස්ට් ගේ තාත්තා ගැන නේද?
    මාතෘකාව "මහ බණ්ඩාරණායක චීස් කෑ හැටි" යනුවෙන් වෙනස් විය යුතුයි.

    ReplyDelete
  21. මේක ඇත්තද නැත්ද මන්දන්නෑ, ඇත්ත නම් මිනිහ කරපු අනිත් පවු කෙසේ වෙතත් මේක මිනිහගෙ වලටත් හෙන ගහන වැඩක්.

    ReplyDelete
  22. මේක වෙන්න පුලුවන් කතාවක් නෙමේ මාරයෝ

    ReplyDelete
  23. හෑ? මාරම චීස් හැදිල්ලක්නේ ඒක :O අදම තමා ඇහුවේ... ඔය මෙතර්ඩ් එකම පාවිච්චි කරලා(ක්‍රමේ ඇත්ත යයි උපකල්පනේ කළොත්) වහුපැටියා නොමර චීස් ගන්න සම්‍යප්‍රයෝගයක් මතක්වුණා. වහුපැටියාගේ බඩට යනකම් පොඩි බටයක් (Nasogastic tube)දාලා ඕනනම් කිරිටික ආයෙ ඇදලා ගත්තා නම් හරිනේ

    ReplyDelete
  24. මහ බණ්ඩාරනායක කියන්නේ හරි ආඩම්බරකාරයෙක් කියලා මාත් අහලා තියෙනවා. එයාගේ මිනිය වැළලුවා කියන්නේත් කෙළින් අතටලු. බණ්ඩාරනායක සමාධිය පහු කරලා නුවර පැත්තට යද්දී පාරේ දකුණු පැත්තේ පොඩි කන්දක් වගේ එකක් උඩ නොවැ මහ බණ්ඩාරනායකව වල්ලලා තියෙන්නේ...

    හැබැයි මහ බණ්ඩාරනායකගේ ආඩම්බරකාරකම් ඉදිරියේ නොසැලුණු මනුස්සයෙක් තමා ගම්පහ වික්‍රමාරච්චි වෙද මහත්තයා...

    ReplyDelete
    Replies
    1. ඒකත් තවත් හරබර ඉතිහාස කතාවක් වගේ නේද මල්ලි?

      Delete
    2. @ තොටියා

      හරබර ඉතිහාස කතාවක්ද මන්දා අයියා. කෝකටත් මම කතාව කියන්නම්කෝ.

      දවසක් මහ බණ්ඩාරනායක සේවකයෙක් පිටත් කරලා තියෙනවා වික්‍රමාරච්චි වෙද මහත්තයාව හොරගොල්ල වලව්වට කැඳවන්න. සේවකයා ගිහින් වෙද මහත්තයාට කිව්වලු හාමුදුරුවෝ හොරගොල්ල වලව්වට එන්න කිව්වා කියලා.

      වෙද මහත්තයා කිව්වලු හාමුදුරුවෝ කොහෙද වලව්වක ඉන්නේ හාමුදුරුවෝ ඉන්නේ පන්සලේනේ කියලා නොගිහින් හිටියාලු.

      පස්සේ මේක දැනගත්තු මහ බණ්ඩාරනායක අශ්වයා පිටේ ආවලු. කවුද මෙහෙම කතාවක් කිව්වේ කියලා අහපුවාම වෙද මහත්තයා නිර්භීතව ඉස්සරහට ගිහින් කිව්වලු මම තමා කිව්වේ කියලා. කොහොම හරි වෙද මහත්තයාගේ තියෙන සෘජු ගතිය නිසා මහ බණ්ඩාරනායක වෙද මහත්තයාට ගරු කළාලු.

      පස්සේ මහ බණ්ඩාරනායක ඇහුවලු මගෙන් වෙන්න ඕනේ උදව්ව මොකක්ද කියලා. ඒකට වෙද මහත්තයා කිව්වලු මට මගේ පාඩුවේ ඉන්න දෙන එක තමා ලොකුම උදව්ව කියලා :D

      Delete
    3. අදමයි මේ කතාවත් ඇහුවේ.. ස්තූතියි මල්ලි

      Delete
  25. හරිම කැමතියි මේකට

    ReplyDelete