15 December 2012

නයි කෙල්ල හා යුධ අනාථයෝ...

වැඩ අධික වීම හා නිවාඩු පාඩු වෙලාවේ ඌරු කොටුවක් බලාගන්නයි තියෙන හින්දා මේ දවස් දෙක තුනේ ලියන්න උනේ නැහැ...

ඊයේ ගියා චිත්තර පටියක් බලන්න... "ප්‍රතිරූ"

ඒ ගැන ලියනවද නැද්ද කියලා හිත හිත මෙතනට එද්දී තමා දැක්කේ අළුත්ම නිව්ස් කෑල්ලක්...

නයි කෙල්ලගේ නයි ඇරිල්ල...

මේ පහු ගිය ටිකේම එක එක ජාතියේ නිව්ස් අතරට අමුතු අමුතු ටොපික් එන්නේ...

නයා නටවන නයි කෙල්ල...

ලෝක විනාසේ...

උල්කාපාත වැහි...

ඉර ඩබල් වීම...

අමුතු යානා...

ඔන්න ඔහොම කේස්මයි අහන්න තියෙන්නේ... ඒ අතරින් මේ ටිකේ නැගලම යන එකක් තමා නයි කෙල්ල...

ඔන්න අද වෙනකොට නයි කෙල්ල ඇරලා තියෙන්නේ පට්ට නයි කියලා මහා හෙලිදරව්වක් කරගෙන... ආන් සුවර්ණවාහිනියේ ඒ ගැන ගිය මහා හොයා ගැනීම දැන් මහ ලොකුවට යනවා... අනේ උන්ගේ මෑණියන් වහන්සේලාට...

කොහේවත් ඉන්න කෙල්ලෙක් පොලිසියෙන් අල්ලං ගියා කියලා මහ ලොකුවට දැම්මෙත් උන්මයි.. මොකද අපි කිව්වද..

ඊට පස්සේ ඒකි කියන කියන හැම රෙද්දක්ම රටේ තියෙන වැදගත්ම දේ වගේ උස්සලා ගත්තෙත් උන්මයි.. මොකද අපි ගියාද ඒකි පස්සේ මයික් උස්සං..

ඒ කියන කියන හැම එකක්ම ඇත්ත වගේ දාලා මහ ලොකු රෙද්දක් හැදුවෙත් උන්මයි... 

දැන් උන්ම කියනවා මේකි හෙන පච කෙලලා තියෙන්නේ කියලා... ඉතිං අපිට මොකෝ...? ඒකි ඇත්ත කිව්වත් බොරු කිව්වත් ඒක අපිට කිසිම විදියකට බල පාන එකක්යෑ.. උන්ම හදලා උන්ම තලනවා... හරි ලොකු දෙයක් හොයා ගත්තා වගේ... ඒ මදිවට අරකිගේ ගමේය කියා ගත්ත වංගොහොන්සේලා ටිකක් ටීවී එකේ මූණ දා ගන්න හම්බු වෙච්ච ගමන් හරි ලොකු වීර පොරවල් වගේ ටෝක් දෙනවා... ඒකිගේම සීයා කියා ගත්ත නාකි හමෙක් තමුන්ගේම මිණිපිරීගේ රෙද්ද ගලෝනවා හරිම ආසාවෙන් හිනා වෙවී...

යකෝ උන් ඔය තරමට මේකිගේ රෙද්ද ටීවී එකේ ගලවනවනං ඒකි ඔය ගමේ ඉන්න කාලේ ඒකිගේ රෙද්ද ගලවන්න ඔය යක්කු කොයි තරං දඟලන්න ඇද්ද.. අනේ උන්ගේ සද්ගුණවත්...

ගමේ ඉන්න කාලේ උන්නද මලාද..කෑවද බිව්වද කියලා හොයපු නැති උන් දැන් ඒකිගේ ඉගෙනීමයි අරකයි මේකයි ගැන රිපෝට් දෙනවා... හරියට උන් ජීවිතේට බොරුවක් කියලා නැති පට්ට උපාසකයෝ ටිකක් වගේ... සීයා කියන නාකි හමා දැන් ඔහොමනං ඒකි ඉන්න දවස්වල ඒකිට මොනවා කරන්න හැදුවද කවුද දන්නේ... ඒකිට ගමේ උන් එක්කයි..සීයා එක්කයි ඉන්න බැරි කමටමද කොහේද පැනලා ඇවිත් කොළඹට වෙලා කීයක් හරි හොයං ජීවත් වෙද්දී බොරුවක් දෙකක් කිව්වා කියලා මොකද..? ඒ බොරු වලින් මං හිතන්නේ නැහැ ලංකාවේ එකෙකුටවත් ඇති වෙච්ච පාඩුවක් තියේ කියලා... මොකද ඒකි ඒ කිව්ව බොරුවලට අපි ඒකිට ආධාර දෙන්න ගියායෑ.. ඒකි ආවෑ අපෙන් හිඟමන් ඉල්ලං නයා බේරගන්න කියලා.. ඒකි ගේ ප්‍රශ්නේ ඒකි ඒකිගේ සේවා ස්ථානයේ ලොක්කන්ගේ උදව් ඇතිව විසඳගත්තා.. අහක ඉන්න ලපයි සිපයි ගිහින් ඒකිට මයික් අල්ලපුවාම ඒකි කටට එන දේවල් කියලා දැම්ම කියලා ඒවා හොයන්නේ බලන්නේ නැතිව මොන රෙද්දටද දැම්මේ උන්ගේ අර වාහිනියේ මේ වාහිනියේ...

උන්ම එහෙම දාලා දැන් හරියට විසි එක් වන සිය වසේ ලොකුම සොයා ගැනීම කලා වගේ අරකි කියන්නේ බොරු කියලා උඩ දාගෙන කියෝනවා...

----------------------------
ඇත්තටම මොකද මේ වාහිනී කාරයින්ටයි..පත්තර කාරයින්ටයි... අරුන්ටයි මුංටයි.. වෙලා තියෙන්නේ.. අරුං මුං කියලා කිව්වේ ජන මාජ්ජ වේදීයෝ කියාගෙන ඉන්න හැම එකාටම තමා.. දැන් පඳුරකට පයින් ගැහුවත් උන්දලා හත අට එකට විසිවෙන්නේ එළියට... ඉස්සරනං දේශපාලුවොත් එහෙමම හිටියා.. පස්සේ පුස් ස්ටාර්ලත් ඒ වගේ හිටියා..දැන් මුං ඉන්නවා එයිටත් එහා...

ඉතිං මේ ජන මාජ්ජ වේදී කියලා කියන උන්දලට ඇත්තටම මොකද වෙලා තියෙන්නේ..?

වෙලා තියෙන්නේ පින්වතුනි මුනුත් දැන් යුධ අනාථයෝ වෙලා...

ඔය යුද්ධ කාලේ ඒ යුද්දෙන් බැට කාපු පැති දෙකේම අය යුධ අනාථයෝ උනානේ... හැබැයි ඒ කාලේ බොහෝම හොඳින් වැජඹූන හෙන සෙට් එකක් හිටියා...
 දේශපාලකයන්ගෙන් පටන් ගත්තාම ආයුධ වෙලෙන්දෝ.. යුධ රහස් වෙලෙන්දෝ.. දෙයියනේ කියලා යුද්දේ විකුණං බඩ වඩා ගන්න බිහි උන ඇන් ජී ඕ කාක්කෝ සහ කාක්කියෝ... වගේ සෙට් එකට අමතරව මේ ජන මාජ්ජ කාරයොත් හිටියේ යුද්ධයේ පිහිටෙන් වේල පිරි මහගෙන.. යුද්ධේ ඉවර උනා විතරයි ඔය කියාපු හැම සෙට් එකකටම වෙන වෙන දේවල් හොයා ගන්න උනා තමුන්ගේ යැපීමට...

ඉතිං ජන මාජ්ජ කාරයොත් දැන් කාලෙන් කාලෙට මරු දේවල් උස්සං එනවා...

කවුරු මේකට මොනවා කිව්වත් අර සරත් ෆොන්සේකා උන්නැහේ අමාරුවේ දැම්ම සෙට් එකේ හරි බාගයක වගකීමත් ඔය ජන මාජ්ජ වේදී කියන සෙට් එකට හිමියි... ඒ මනුස්සයව අර වල් වරත්තුවෝ ටික උන්ගේ වැඩේ කර ගන්න කඩේ අරින්න සෙට් වේගන එද්දී ඒකට හුළං ගහලා පුම්බලා බැලුමේ කටට රබර් බෑන්ඩ් හිටං දාලා ගත්තේ ඔය ඈයෝ.. එයින් පස්සේ උන්දැව හිරේ ඇරියට පස්සේ ඒකත් ගානට විකුණං කෑවා.. එයින් පස්සේ පුළුවන් අනිත්ම සතේටම විකුණං කාලා දැන් උන්නැහේලේ ඇටයි හමයි විතරයි ඉතිරි උනාට පස්සේ උන්නද මලාද කියලා හොයන එකෙක් නැහැ..ඒ දවස්වල උන්නැහේ වටෙට තිබුන මයික් ගානයි කැමරා ගානයි ගණිනින්න බැරි තරං... ඒත් දැන්... මං කියන්න ඕන නැහැනේ..ප්‍රවෘත්ති අනං මනං බලන අය දන්නවා ඇතිනේ කාලය මැවු වෙනසක අරුමේ...

එයින් පස්සේ හිරුණිකා.. සීයට හය.. මේ දවස්වල දෝෂාභියෝගේ... ඒ කෙලි අතරේ කට්ටියක් රාවණාව වික්කා.. තව උන් ටිකක් පිටිදූවේව වික්කා... එක එකා අතට අහුවෙන ඕනම පඩංගුවක් විකුනං ජීවත් වෙනවා.. හැබැයි ඒ එකකවත් හරි වගකීමක්.. ඇත්තක් නැත්තක් ගැන කිසිම විදියක හෙවිල්ලකින් බැලිල්ලකින් තොරව... 

දැන් ඉතිං මුං අතට අහුවෙන නයි කෙල්ලෙක් නෙවෙයි ඒකිගේ යට ඇඳුම හිටං විකුණං කයි මල පෙරේතයෝ ටික...

ඒත් ඔය යක්කු වැරදිලාවත් අර කිරිපිටිවලට ඌරු තෙල් කලවං කරනවා කියලා කියන සීන්..එතකොට ඒ සීන් එක ඇත්ත කියලා පිළිගත්ත ෆොන්ටෙරා කාරයින්ගේ නිව්ස්..එතකොට අර ඇස්ට්‍රා මාගරින් වලට දාපු තහනම වගේ දේවල් මලාට අපිට කියන්නේ නැහැ... ඒවා කිව්වත් කියන්නේ නම් ගම් නැතිව... මාගරින් වර්ගයක්.. එක්තරා ආයතනයක්.. වගේ වහෙන් ඔරෝ කතා කියලා... හැබැයි මේ දුප්පත් කෙල්ලෙක් කන්න ‍බොන්න ටික හොයා ගන්න කොළඹ ඇවිත් ඇග විකුණලා හරි..නයි විකුණලා හරි කීයක් හරි හොයා ගත්තොත් උන්ගේ නම ගම උප්පැන්නේ විතරක් නෙවෙයි උපන් තැනටත් යනවා කැමරා අටෝගෙන... පුදුමයි ගිහින් අර කෙල්ලගේ මෑණියන්ගේ අහවල් එක පෙන්නලා "මෙන්න මේකෙන් තමා අරයා ආවා කියලා ගමේ මිනිස්සුනං කියන්නේ" කියලා නොකිව්වා...

මුංගේ අම්මගේ ජන මාජ්ජේ...

ඒ අස්සේ ආරංචි උනා බස් ගැමුණුට නෙලලා කියලා බස් කාරයොම... මොනවා කරන්නද වපුරපුවාම එපෑ නෙලා ගන්න... තව ලිස්ට් එකක් ඉන්නවා ගුටි කෑ යුතු.. හෙට අනිද්දට උන්ටත් වැදුනනං හරි සනීපයි අප්පා...

86 comments:

  1. Replies
    1. මාරයා ඔයාට වෙලා තියෙන්නෙත් මේ රටේ අනිත් බුද්ධිමත් කියාල හිතන් ඉන්න කොට්ඨාශයට වෙච්ච දේමයි . අවලන් වාහිනිය කරන්නේ අවලන් වැඩ කියන එකේ විවාදයක් නැහැ එත් මේ නයි කෙල්ල කරපු කියපු දේවල් ලඝු කරන්නත් බහ මොකද මේ දෙකයි පනහේ ගණිකාව කරපු දෙයින් අපේ ගම්වල ඉන්න අහිංසක ළමයි කි දෙනෙක් හින මවන්න ඇද්ද කරෝකේ ක්ලබ් එකකට ඇවිත් මේ ගෑනි වගේ ප්‍රසිද්ධ වෙන්න අනික මේ ගණිකාව කරේ ක්ලබ් කාරයට කඩේ ගියපු එක කොයි වෙලේකවත් මෙකි කිව්වද ක්ලබ් එක මෙහෙමයි ඇරෙහෙමයි කියල. මෙකි අනියමින් කිව්වේ ක්ලබ් ශෝක මෙන්න අපේ ශෝක ජිවිත් වගේ අවලන් වැඩක්.. මොනම දෙයක් නිසා වත් තමුන්ගේ ආත්ම ගරුත්වය පාවා දුන්න වෙසියෙක් ගැන මම පව් කියල හිතන්නේ නැහැ මොකද එහෙම උනොත් ඔයිට වඩා අනන්ත දුක් වළඳන එත් තමුන්ගේ ආත්ම ගරුත්වේ රුපියල් වලට පාවා නොදී මැරිච්ච සහෝදරියෝ ගැන මම දන්නා නිසාත් මේ වගේ ආත්මේ පාවා දුන්නු ගනිකාවට පව් කීමෙන් උන්ට අපහස කිරීමක් වෙන නිසාත්..
      අනික මතක තියා ගන්න්න ඉස්සර මිනිස්සු තමුන්ගේ ළමයි උඩ දාල බයිනෙත්තුව අල්ලදී ආගම ජාතිය පාවා නොදුන් මිනිස්සු හිටපු රටක්.. එත් කරුමෙට සුද්දට රට යට උන . එතැනදී සල්ලි වලට නිල තල වලට ආගම පාවා දීලා ජාතිය පාවා දීල ද්‍රෝහියෝ වෙච්ච කොට්ඨාශේ උඩ ආව. අන්න ඒ කරුමේ තමයි අපි අදත් ගෙවන්නේ .. මැණික් යට ගිහින් ගොම රිටි උඩට ආපු කරුමේ.. අදත් මහා තැන්වල වැජඹෙන්නේ සුද්දට පුක දීපු මුන් හැත්තෑ තමයි.. අනේ නොදකින් මේ කාලකන්නි

      දැන් ජාතිවාදී හරි මොන මගුලක් හරි කියල බැනපල්ලා.. උඹලා මානව හිතවාදී මම අන්තගාමි.. ඕනේ පුකක් එත් තොපි කියන්න බය ඇත්ත මම කියන්නේ .. මට බයක් නැහැ කවුරු මොනා කිව්වත් මේක තමයි කවුරුත් කියන්න බය තිත්ත ඇත්ත..

      Delete
    2. ඈ බං කොල්ලො....

      අර උඹේ බ්ලොග් එකේ එක එකාගේ ලිපි උස්සගෙන ඇවිත් දාන්නේ නැතුව ලියලා දාපන්කෝ මේවගේ පෝස්ට් එකක්... මම හිතුවා උඹට ලියන්න බෑ කියලා... හැමදාම දාන්නේ වෙන කවුරු හරි ලියපු එකක්... මේ කොටපු එක වගේ ලස්සනට කෙටුවනං අපිත් ඇවිල්ල කමෙන්ට් එකක් දානවනේ.... ...

      Delete
    3. //දැන් ජාතිවාදී හරි මොන මගුලක් හරි කියල බැනපල්ලා//

      ජාතිවාදි නෙවෙයි ගෝත්‍රිකයි කියන්න පුලුවන් , ආයෙ මොකො ඉතින් යක් පරපුරේ වුනාම ගෝත්‍රික නොවී කොහොමද ?

      Delete
    4. @යක්,

      දැන් ප්‍රශ්නේ දෙකයි පණහේ "එක" ගණිකාවක් ඉන්න එකද? නැත්නම්, ඔය කියන දෙකයි පණහක ගණිකාවකගේ කතන්දර, සීයට දෙසීයට අරං තප්පුලන මාධ්‍ය ආයතන "දහයක්" තියන එකද? එහෙම තප්පුලනකොට ඒවා අහ අහ දාහේ දෙදාහේ හීන මවන උඹ කියන ගම් වල අහිංසක ලමයි "සීයක්" ඉන්න එකද?

      Delete
    5. දැන් උඹ ඒ ගෑණී ගණීකාවක් කියන්නෙ හොඳට හොයලා බලලාද?

      Delete
    6. ක්ලියෝ පට්‍රා කියන ගණිකා මඩම ගැන මම හොඳට දන්නවා මට අවුලක් නැහැ කවුරු ඕකට ගියත් කවුරු ගණිකා කම් කරත් එත් මට දුක ඕව බලන් තව කොටසක් දුකට වැටෙන එක.. අනික තමුන්ගේ ආත්ම ගරුත්වේ පවා දුන්න කෙල්ලොන්ට මගෙන් නො චාන්ස් ඒ වගේම උන්ගෙන් ප්‍රයෝජන ගන්න එවුන්ටත් ඒ කතාවම තමයි.. ඔය එක කතාවක් වත් මට කිසි රහක් නැහැ ..අජූතයි @ හිරු අක්කේ ගිහින් බලපන් මගේ ලියපුවත් තියනවා .. ආදරණිය සොහොයුරිය , හලාල් සහ ඉස්ලාම් ආක්‍රමණ

      Delete
    7. @ තිසර ගණිකාව ගණිකාව නොකිය කුමාරි කියන ජන්මාධ්‍යටයි ...තමුන්ගේ ආත්ම ගරුත්වේ පාවා නොදී ඉන්න සහෝදරියන්ටත් අපහාස කරන දෙකයි පනහේ වෙසියන්ටයි .. දෙගොලොන්ටම ..

      Delete
  2. අද ඉතින් tv වල යන්නේ අනුන්ගේ කුණු තමා ,ඒ නයි කෙල්ලනම් පවු අප්පා ,ඇත්තටම ඉතින් අපිට වැඩක් නෑනේ ඒ කෙල්ල මොනා කරත්,පොලිසියේ උන්ටත් වෙන විසදන්න ප්‍රශ්න නෑ වගේ ගිහින් අර කොහෙවත් ඉන්න නයි කෙල්ලෙක් අල්ලලා නඩු දැම්මේ

    //පුදුමයි ගිහින් අර කෙල්ලගේ මෑණියන්ගේ අහවල් එක පෙන්නලා "මෙන්න මේකෙන් තමා අරයා ආවා කියලා ගමේ මිනිස්සුනං කියන්නේ" කියලා නොකිව්වා...//

    මේකටනම් මට හිනා,බලාගෙන මාරයියේ මේවා ලියන්නේ ,බෝලාටත් දෝෂාබියෝගයක් ගෙනෙයි

    ReplyDelete
  3. ඇයි ඔච්චර කෙන්තියෙන්?

    ReplyDelete
    Replies
    1. කියන්නෙ ඒකිනම් විකුනන්නේ උන් නම් ඇයි මෙතරම් කැළඹිල්ලක්.........

      Delete
    2. සාමාන්‍ය ජනතාවට කේන්ති නොයන එක තමයි ලංකාවට වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ ...
      :)

      Delete
  4. මේවා කියෝනකොට හිතෙන්නේ අනේ ඔය චැනල් නොබලන එකමයි හොඳ කියලා... පටන් ගත්ත කාලේ ඉඳලා මම බලලම නැති චැනල් දෙකක් තියෙනවා.. දෙරණ සහ ස්වර්ණවාහිනිය...

    මට නම් නිවුස් වලින් අප්පිරියම නිවුස් තියෙන්නේ අයිටීඑන් සහ සිරසේ

    බස් ගැමුණුට නෙලපු කතාව නම් බලන්න වෙනවා හොයලා....

    ReplyDelete
    Replies
    1. දෙරණ ස්වර්ණවාහිනියට වඩා සැහෙන්න හොඳයි නිවුස් වලින් , ඔය නයි කථා නෑ රටේ වැදගත් හෝ වැදගත් ලෙස විකිණිය හැකි දෙයක් තමයි යන්නේ . හිටපු ගමන් ට්‍රැක් පනිනවා , බිබිසියට නිවුස් උගන්වන්නත් යනවා ඒත් කැත ගතිය අඩුයි .

      Delete
    2. ඔය ඔක්කොටම වඩා අන්තිම ජරා චැනලය තමයි සිරස මම හිතන්නෙ කවුරුත් ඒ ගැන කියන්නෙ නැත්තෙ ඒ නම කියන්න ත් අප්පිරිය නිසාද මන්ද

      Delete
  5. නයි කෙල්ලගෙ විස්තරේ කියාගෙන එනකොට මම කියන්න හිතුවා වෙන මුකුත් නෙවෙයි, ජන මාධ්‍ය වලට විකුණන් කන්න නිව්ස් එකක් නැතිකම කියලා. ඒකම කියල තියෙන්නෙ. :D යුද්ධෙ නැති වුණයින් අසරණ වුණු තරම තමා.

    ReplyDelete
  6. /*යකෝ උන් ඔය තරමට මේකිගේ රෙද්ද ටීවී එකේ ගලවනවනං ඒකි ඔය ගමේ ඉන්න කාලේ ඒකිගේ රෙද්ද ගලවන්න ඔය යක්කු කොයි තරං දඟලන්න ඇද්ද.. */ ඇඬෙනව නේ?...

    ඔය කෙල්ලට නයා ආපහු හම්බුවුනාට පහුවෙනිද උදේ ඒකිව ගෙන්නල වෙනම ප්‍රෝගෑම් එකකුත් කලා දැක්කා (මොලේ නැති සිරසද කොහෙද?)

    ජනමාධ්‍යක් නෙමෙයි බන් අද කාලෙ තියෙන්නෙ ජඩ මාධ්‍යක්... කියන ටික කියල තියෙනව ලෙසටම....

    ReplyDelete
  7. උන්ට පිස්සු...

    ReplyDelete
  8. මමත් ක්ම්පනාකලේ යකෝ මෙහෙම එකියකට මේ තරම් ප්‍රචාරයක් දුන්නේ එතකොට අපිද? මන් නම් ඔය මල ජරාව බැලුවෙත්නෑ, අද තමයි බැලුවේ ඒකත ජඩ මාද්දියකාරයෝ අරගෙන කියපු නිසා, කොහෙවත් ගිය නයි රෙද්ද අස්සේ ගෙන දැන් කෑවෝ කෑවෝ කියල කෑගහනවා

    ReplyDelete
  9. ඒකනේ
    දැන් නිව්ස් නැති හින්දා චීත්ත කෑල්ලක් හරි අල්ලන් එක වෙන්න තමා ගොඩක් අය උත්සහා කරන්නේ.

    ReplyDelete
  10. ඒ මදිවට ඕකුන්ට සම්මාණත් දෙනවනෙ..!

    ReplyDelete
  11. ඔය ගොන් වාහිනියට පිස්සු බන් මාරයියේ .කෙල්ලෙක් නයෙක් ඇති කලා කියලා අපිට පාන්ද?දැන් නිය නටවන අහිකුණ්ටික මිනිස්සුන්ගේ ගෑණු උන්ගේ ළමයි නයා පැත්තටවත් යන්නේ නැතිවෙයි ඇයි මුන්ගෙන් බේරෙන්න බෑනේ කැමරා අල්ලනවානේ.

    ReplyDelete
  12. නයි කෙල්ලටද ඇති ආත්ම ගෞරවයට අපිද ගෞරව කල යුතුය...ඉරිදා පත්තරේකත් ඇය ගැන ලියා තියෙනවා මම දැක්කා..

    මම හිතුවෙ මාරයා ප්‍ර‍තිරූ ගැන ලියන්න හදනවා කියලා... කලිං වතාවල වගේ මේ වතාවෙත් චිත්තර පටිය බලන්න හිටියෙ හරියටම 8 දෙනාද ?

    ReplyDelete
  13. අපට මුකටද අලේ අනුන්ගෙ කුනු..දැන් කටිටියට කියන්න නිව්ස් නෑ..කොටින්ම මේ ළගදි නිව්ස් ඇඩර්ට් ගියෙ මොකක්ද එකක, බැලින්නම් එංගලන්තෙ විලියම් කුමාරයගෙ මිසිස් ප්‍රෙග්නට් වෙලා... ඉතින් අපිට මොකද?.. බට් ඔව්වා තමයි ලංකාවේ නිව්ස්.. (ඒකනේ මං කාර්ටූන් බලන්නෙ)

    ReplyDelete
  14. ලංකාවේ කිසිම මාධ්‍යක් නිවුස් කියන්නේ මොකක්ද කියල හරියට වටහාගෙන ගෙන නෑ . මුන්ට කියන්න තියෙන්නේ එකදෙයයි BBC,CNN ගාණට හැදෙන්න එපා උඹලට එච්චර හරියක් බෑ අඩුම වශයෙන් NDTV ගාණට වත් එන්න ට්‍රයි කරහල්ලා

    ReplyDelete
    Replies
    1. අනේ බුවෝ. ඊයේ ඇමරිකාවේ වෙච්ච වෙඩී තැබීම CNN එකෙන් රිපොර්ට් කළේ වැරදි මනුස්සයව මිනිමරුවා කරලා [පොඩ්ඩක් හොයලා බලපන්]. උගේ ෆේස් බුක් එකෙන් ගත්තු ෆොටො එක්ක. පස්සේ බැලින්නම ඒ මිනීමරුවගේ මල්ලි. ජනමාධ්‍ය කාරයෝ කොයි රටෙත් එකයි [අපේ රටේ අන්තයි, ඒක ඇත්ත]. හැමෝටම ඕන නිවුස් වලින් එක වෙන්න.

      Delete
    2. එහෙමද , කොහොම වුනත් ඔය මාධ්‍ය වල ප්‍රවෘත්තියක් පලකරන කොට සාමාන්‍යයෙන් දකින්න තියන සදාචාරය අපේ මාධ්‍ය වල නෑ . ඒ නිසා එක ගොඩට දැමීම නම් මම කිසිසේත් අනුමත කරන්නේ නෑ

      Delete
    3. @මාලන්
      ඇත්තටම මාලන් පොලිසියත් මුලින් රැවටුනා මිනී මරුවා අයියගේ හැදුනුම්පත අරගෙන අයියා විදියට පෙනී සිටිමින් මිනී මැරුමට ගිහින් තිවුනේ. ජනමාධ්‍ය කාරයෝ කොයි රටෙත් එකයි ඒක ඇත්ත අපේ රටේ වැඩේ තියෙන්නේ පිට රට තියන ඔක්කොම නරක දේවල් තෝරලා බේරලා කොපි කරනවා හොඳ දේවල් ගන්නේ නෑ.

      Delete
  15. පුරුද්දක් විදියට මම ඔය එක වාහිණියක්වත් බලන එකෙන් නෙමේ. ගෙදර ඉද්දිත් එහෙමයි. දැනුත් එහෙමයි.ප්‍රවෘත්ති කියන එක බලන්නෙ වැදගත් තොරතුරුමය විස්තර දැනගන්න මිසක් අනුන්ගෙ ඕපා දූප ගැන දැනගන්න නෙමේ. ගොසිප් කියන්නෙ ඕපාදූප කියනවටනෙ..ඒකට වෙනමම ඕපාදූප කියන වෙබ් අඩවි තියෙනවා. ඒත් මේ වාහිනී ටිකත් දැන් කියන්නෙ තොරතුරු නෙමේ ඕපා දූප. කාලෙකට අගය කරලා මහා ඉහලින් කියනවා.. මොකක් හරි නැට්ටක් අහු උනාම ආයෙම වැරදි කියනවා... ඕවා ඇහෙද්දී ඇඟේ මාළු නටෝගන්නවට වඩා හොඳයි නොබලා ඉන්න එක.

    ඒ කෙල්ල එක බොරුවක් බැරිනම් බොරු දාහක් කිව්වත් කාටවත් මොකද්ද තියෙන අමාරුව. ඒකි නයෙක් බැරිනම් පොළඟෙක් තියාගෙන හරි ඒකිගේ බඩ ගෝස්තරය හොයා ගන්නවා.ඒකත් මේ වාහිණී කාරයෝ මැජික් එකක් කරගෙන

    ReplyDelete
    Replies
    1. හම්මෝ කූල් ඩවුන් කූල් ඩවුන් ,මෙයාට තරහා ගිහින් තියෙන තරමක්

      Delete
    2. ඔයාට මළගෙයක් හරි මිනී මැරුමක් හරි දැනගන්න අවශ්‍ය නම් දෙපාරක් නොහිතා සෝමාවාහිනිය බලන්න...

      Delete
  16. ලංකාවේ ඉන්න තවත් එක් කුණුවෙච්ච ජාතියක් තමා ඔය.
    ජඩ මාධ්‍යවේදීන්....

    ReplyDelete

  17. විකුනන්න දෙයක් නැතුව අසරණ වෙලා ඉන්න ජන මාද්දිය වේදීන්ගේ බඩ ගෝස්තරේ ගැනත් හිතන්න එපෑ. අහිංසකයෝ ටික පවුනේ. උන්ටත් ඔන්න ඔහේ චිත්ත කෑල්ලක් වත් විකුණගෙන ඉන්න දීපන් බං

    ReplyDelete
  18. කතාව නම් ඇත්ත! අද මිඩියා වලට නිව්ස් නෑ වගේ මේ රෙද්දවල් හොයන්නේ!

    ReplyDelete
  19. මාරයියේ උඹ විකාර කතා කරන්න එපා බන්.
    මේක තමා ජාතික ප්‍රස්ණේ, තව දවසකින් ඔය උඹ කිව්වා වගේ අම්මාගේ අහවල එකත් චෙක් කොරලා බලයි. නයත් එක්ක පහුගිය ආත්මෙක තිබ්බ නෑදෑ කමකුත් හදයි.

    හෙට අනිද්දම මේකි ඉන්න ගෙහොරු පනීද දන්නේ නෑ, නාග මාණික්‍ය ගන්න. ඒක නිසා මාරයෝ නයා වගේ උතුම් සත්වයෙක් ගැන කියවෙන තැනක නිකන් හරුපකතා කොරලා කට වරද්දා ගන්න එප

    ReplyDelete
    Replies
    1. මාරයෝ උඹට තව අමතක වුන එක ජාතික ප්‍රශ්නයක් තිනවා, අර අපේ චතුරිකා කෙළියි, රොෂාන කොළුවගෙයි අවුරුදු හතක ප්‍රේමයට කෙළවිච්ච එකනේ බොල ජාතික ප්‍රශ්න

      Delete
  20. දයාබර මාරයා,
    ලංකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම මාධ්‍ය කටයුතු කරන්නේ මේ ආකාරයටම තමයි. මිනිස්සු කුණු රසයට කැමැතියි. ඒවා විකුණන්න පුළුවන්. නයි කෙල්ල ගැන ලියන මාධ්‍යවේදීන්ට බැණ වදිමින් බ්ලොග් ලියන ඔබ කරන්නේත් ඒ කුණු රසයම තමන්ගේ පෝස්ටුවට ඈදා ගැනීමයි. බලන්න පෝස්ටුවේ මාතෘකාව 'නයි කෙල්ල සහ යුධ අනාථයෝ'. නයි කෙල්ල කියපු හැටියේ අපේ උන් කඩාගෙන එන බව ඔබ දන්නවා. එකම බෝට්ටුවේ ඉදිමින් එහි පතුල ගලවන්නට උත්සාහ කරන්න එපා.'
    සමස්ත සමාජ ආධ්‍යාත්මයම පිරිහී තිබෙන යුගයක සහ ඔබේ මහින්ද සහ පිරිවර එය කුණු කරමින් එම කුණු නාමින් ඉන්නා යුගයක ජනමාධ්‍යවේදින්ගෙන් පමණක් උත්තුංගදේවල් බලාපොරොත්තු වීම සාධාරණද? මාධ්‍ය ආයතන කටයුතු කරන්නේ කවරාකාරයෙන්ද ඊට සාපේක්ෂ සහ සමාන්තරව යන ලෙස ඔබද කටයුතු කරමින් ඉන්නා බව පැහැදිලි. බඩා මල්ලිගේ කතා ,,දහ අට ++කතා ඔබත් හරි හරියට ලියා තිබෙනවා නේද ? ඔබේ බ්ලොග් අඩවිය බොහෝ පිරිසක් කියවනවා. ලංකාවේ ජනමාධ්‍ය ආයතන වල අවකල් හැසිරීමෙන් කණගාටුවට පතව සිටින ඔබ කළයුත්තේ දිගින් දිගටම ග්‍රාම්‍ය ආකාරයෙන් ඒවා විවේචනය කරමින් සිටීම නොව ජනමාධ්‍ය නම් මෙන්න මේ ආකාරයෙන් කටයිතු කළයුතු යැයි හැඟෙන පරිදි ඔබේ බ්ලොග් අඩවිය මෙහෙයවීමයි .
    .ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. රතූ වරද්දගෙන...

      මාරයගේ බ්ලොග් එක ජනමාධ්‍යයක් නෙවෙයිනේ.... ඒක ජනමාධ්‍යයක් උනා නම් මාරයට හිතෙන හිතෙන දේ ලියන්න හම්බුවෙන්නේ නෑ... මාරයා මෙතන කරලා තියෙන්නේ ‌මේ වෙන දේ එයාට පේන විදියට හිතෙන දේ ගැන... කමෙන්ට් බැලුවාම තේරෙනවා මේක බලන අයගෙත් බහුතරය දරන්නේ ඒ අදහස කියලා...

      ඒ ඇරෙන්න මේක ජනමාධ්‍ය හදන්න කරපු උත්සාහයක් කියලා මට පේන්නේ නෑ... මේවා බලන බහුතරයට හිතෙන දේ මාරයා ලස්සනට, ඒ ආවේගයෙන්ම ඉදිරිපත් කරලා තියෙනවා. එච්චරයි..

      කට්ටියට ඇඳිලා එන විදියේ මාතෘකාවක් දාගන්න එක එයාගේ දක්ෂතාවය සහ කැමැත්ත... බ්ලොග් එකක් ජනමාධ්‍යයක් විදියට හිතන එකත් මෝඩකමක්...

      හැබැයි ගොඩක් ජනමාධ්‍ය වල කතාවට ලක් නොවෙන මතෘකා මාරයා කතා කරන විදිය බැලුවාම මෙයා ස්වාධීන ජනමාධ්‍යවේදියෙක් උනාය කියලා වැරැද්දක් වෙයි කියලා මම හිතන්නේ නෑ...

      Delete
    2. රතු රජරට කියන දේ තේරුම් ගන්න මාලන්ට බුවාට පුළුවන් උනාට හුඟක් අයට මේක අහු වෙන්නේ නෑ. මං ඊයේ පෙරේද බ්ලොග් ලිපියක් දැක්කා ඔහු ලියල තිවුනේ ෆේස් බුක් එක හරහා වන ගැහැණු සමලිංගික ලිංගික සබදතා ගැන ලිපියක්. ඔහු මේක කරන්න ගැහැනියක් මෙන් ඔහුත් ව්‍යාජව ෆේස් බුක් එකේ තමනුත් පෙනී සිටිමින් සමලිංගික කෙල්ලෝ එක්ක චැට් කරලා තමයි මේ සමලිංගික ගැහැණු ගැන සමීක්ෂණය කරලා තියෙන්නේ. ලිපියේ අරමුණ මේවට අහුවෙන අහිංසක නංගිලාට අනතුරු හැඟවීම.එතකොට ඔහු උසස් අරමුණක් ඇතුව කරපු හින්ද ඔහුත් ව්‍යාජව ෆේස් බුක් එකේ තමනුත් ගැහැනියක් මෙන් පෙනී සිටලා අනුන් රැවටීම ඔහුට අනුව නිවරිදියි. කවුරුවත් ඒක එතන ප්‍රශ්න කරලත් නෑ. තමන් වැළඳගෙන ඉන්න දෘෂ්ටිවාදය දෘෂ්ටිවාදයක් කියල තමන්ටම තේරුම් ගන්න අමාරුයි.

      Delete
    3. @හිරු - ජනමාධ්‍ය = ජන -සන්නිවේදන මාධ්‍ය , බ්ලොග් එකකින්/වෙබ් සයිට් එකකින් කෙරෙන්නේ මොකක්ද?

      Delete
    4. බුවා.. ඔව්... ඒකෙදි ඔයා හරි.. මම එතනදි නම් ඇනගත්තා තමා... හි හි.. ඒත් මම කියන්න හිතපු දේ අනිත් ටිකේ කියවිලා තියෙනවා මං හිතන්නේ...

      Delete
    5. @උදිත

      ""තමන් වැළඳගෙන ඉන්න දෘෂ්ටිවාදය දෘෂ්ටිවාදයක් කියල තමන්ටම තේරුම් ගන්න අමාරුයි.""

      Agree with you 100%

      ඕක චාමි වෙනත් තැනක ලස්සනට කිව්වා. මේ තියෙන්නේ ඒක,

      """අපි සේරම ගමනක් යනවා. යන ගමන් අපිම කියනවා අන්න අරූ කොරගහනවා. අරූ බඩගානවා. අරූ අරූගෙ කරෙ යනවා වගේ ඒවා. හරියට එක තැනක ඉඳන් බලං ඉන්නවා වගේ. නමුත් අපිත් යනවා."""

      අපි හැමෝම ඉන්නේ සාපේක්ෂ චලිතයක. එහෙම චලනය වෙන ගමන් අපි අනිත් උන්ව නිශ්චලයි කියලා උපකල්පනය කරලා ඒ ගැන විචාරය කරනවා.

      Delete
    6. //කමෙන්ට් බැලුවාම තේරෙනවා මේක බලන අයගෙත් බහුතරය දරන්නේ ඒ අදහස කියලා... //

      හිරුවෝ, මේක තමයි කණගාටුවට කාරණාව. බහුතර අදහස කියන්නේ නිතරම නිවරදි අදහස නෙවෙයි. බ්ලොග් කොමෙන්ට් කියන්නේ තනිකරම පිටකසාගැනීම් බව හොදින් බැලුවොත් පෙනේවි. ඔයත් ඇතුළුව අපේ බොහෝ දෙනා කරන්නේ වැඅල යන අතට මැස්ස ගැහීම විතරයි හිරු.
      ,සුපිරියි- පට්ටයි- නියමයි- ඉතා වටිනා ලිපියක් මේ විදිහට පටන්ගෙන, කොමෙන්ට් කරන්න ලියන්න දෙයක් කල්පනා නොවුණම පෝස්ටුවෙන්ම කොටසක් කොපි පේස්ට් කරලා වචනයක් දෙකක් කියන එක තමයි බොහෝ දෙනා කරන්නේ.සිංහල බ්ලොග් ඇතුළේ අපි නොදැනුවත්වම කල්ලි ගැසීමක් තිබෙනවා. මම අදහන දේ නම් අප පෙනී සිටිය යුත්තේ පුද්ගලයන් වෙනුවෙන් නොවෙයි මතවාදයන් වෙනුවෙන්. අනෙකාගේ මතය සහ ඉදිරිපත්කිරීම් නිතරම ප්‍රතික්ෂේප කරන්නේයි කියලා මම කියන්නේ නෑ. නමුත් පෞද්ගලික සම්බන්ධතාවයන්ගෙන් මිදුනු අන්තර්ජාල අවකාශයේදීවත් අපි විවෘත මනසකින් ස්වාධීනව අදහස් පළකරන්නට පටන්ගන්න ඕනේ. අවුරුදු 60කට කිට්ටු කාලයක් පාලකයන් විසින් කඩා තිබෙන කොඳු බිඳ තිබෙන හිස් දිගහරින්නටත් වෙහෙසන්නටත් වර්තමාන වෙබ් පරම්පරාවවත් පුරුදු පුහුණු විය යුතුයි. මම මේ ටික කීවෙ ඉහත කොමෙන්ටුවෙන් උපුටාගෙන පේස්ට් කර ඇති කොටස ගැනයි.

      මාරයා ට තියා ඔහුගේ ආදරණීය ආඩම්බරකාර අප්පොච්චිටවත් බ්ලොග් ලියමින් ජනමාධ්‍ය භාවිතාව කණපිට ගැසිය හැකියැයි මම කියලා නෑ හිරු.මම කිව්වේ ලංකාවේ ජනමාධ්‍ය හැසිරීමේ අවජාතක ස්වරූපය ගැන ග්‍රාම්‍ය අන්දමින් විවේචනය කරන මාරයා අඩු තරමින් ඔහුගේ බ්ලොග් අඩවියවත් දිගින් දිගටම සුබාවිතව හසුරුවන්නට උත්සාහ කළ යුතු බවයි.වැදි බණ නවතා තමන් සම්මතෙහි පිහිටා සිටිය යුතු බවයි. ඒ අනුව වරද්දාගෙන තිබෙන්නේ මා නොවන බව හිරුට තේරෙනවා ඇති .

      Delete
    7. මේකනේ රතූ... ඔය බ්ලොග් කල්ලි කතන්දරේ මම නොදන්නවා නෙවෙයි... මම මෙතන මාරයා වෙනුවෙන් පෙනී ඉන්නෙත් නෑ... එහෙම පෙනී ඉන්න මට අවශ්‍යතාවයකුත් නෑ.. මම කිව්වේ ඔයාගේ අදහස ගැන මගේ අදහස විතරයි...

      මම දන්න තරමට අපි ගොඩක් වෙලාවට ඇඳිලා ගිහින් කියවන්නේ අපේ රුචිකත්වයට ළඟින් යන බ්ලොග් පෝස්ට්.. එහෙම ඒවට එකගත්වය පළ කරලා කමෙන්ට් එකක් දාන එක පිට කසා ගැනීමක් කියලා මම හිතන්නේ නෑ....

      එහෙම නොවෙන තැනකදි ඒ ගැන වාද විවාද කරන්නත් පසුබට වෙන්න දෙයක් නෑ...

      මාරයාගේ බ්ලොග් ලිවීමේ ශෛලිය එයාගේ දෙයක්... බඩා කතා, පන්සල් කතා වගේම මාර සරණියත් මාරයට ආවේණික ශෛලියකින් ලියන්නේ.. ඒ ශෛලිය තුළ කිසිම ග්‍රාම්‍ය බවක් මම දැකලා නෑ... මේ ඊයේ පෙරේදා ලියවිච්ච ලිංගිකත්වය ගැන පෝස්ට් එක උනත් හිටිස් කමෙන්ට්ස් වලට වඩා හොඳ සංවාදයක් ඇති වෙච්ච තැනක්..

      මෙතන මට නම් පේන්නේ මේවා බලන ගොඩ දෙනෙක්ගේ හිතේ තියෙන දේ මාරයා ලියලා තියෙනවා කියන එක විතරයි... ඉතිං මේක වැදි බණක් කියනවා කියලා කියන්නේ කො‌ෙහාමද... මේක හරියට පත්තරේ කොලමිස්ට් කෙනෙක් / කාටුන් ශිල්පියෙක් කරන වැඩක් වගේ.. යම්කිසි දෙයක් එයා දකින විදිය ලියලා තියෙනවා... මට මතක විදියට මේ වගේ ලියපු කොලමිස්ට්ලා හිටියා ලංකාවේ... නවලිය පත්තරේ මට මතකයි එහෙම කොලම් එකක් තිබ්බා...

      සුබාවිතව කියන එක ගැන කෙසේ වෙතත් මම දකින විදියට මාරයා වෙන කිසි කෙනෙක් කතා කරන්න උත්සාහ නොකරන මාතෘකා ගැන කතා කරනවා මම දැකලා තියෙනවා මේ බ්ලොග් එකේ... ඒවට ලොකුවට සංවාද, විවාදත් ගිහින් තියෙනවා... ඉතිං එතන ඔයා කියන විදියේ කොන්ද පණ නැති කමක් තියෙනවද....

      Delete
    8. @හිරු - මාරයා උන්නැහේ සංවාද කරන්නේ සංවාදයකදි අභියෝගයක් වෙන ඇනෝලව වහගෙන නේ , එතකොට බාගයක් කරදර ඉවරයි . ප්‍රවීණ බ්ලොග් කරු මාරයට අභියෝග කරන්න තරම් ඕනි කමක් නැති , අනේ මාරයියා අපේ බ්ලොග් එකෙත් කමෙන්ට් එකක් දාන්න කියල නොකියා කියන අයත් සංවාද වලට නෑ . බ්ලොග් හමු නිසා පෞද්ගලිකව හඳුනන හිත හොඳ මනුස්සයෙක් තරහ කරගන්න අකමැති අයත් නෑ . එතකොට කී දෙනාද ඉතුරු වෙන්නේ . මම ප්‍රොෆයිලයක් උනත් බ්ලොග් කරුවන් අතරේ ඇනෝ නිසා ඕනි මල දානයක් කියල දානවා , රතුරජරට , මාලන් වගේ අයත් ඒ පහසුකම තියන මම දන්න තරමින්

      Delete
    9. @රතු රජරට,
      //ලංකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම මාධ්‍ය කටයුතු කරන්නේ මේ ආකාරයටම තමයි. මිනිස්සු කුණු රසයට කැමැතියි. ඒවා විකුණන්න පුළුවන්//

      ලියනගේ අමරකීර්තිගේ "අර මිහිරි සීනු නාදය" පොතේ "යතුරු සිදුරක" කෙටි කතාව, ඔබ කියන යතාර්ථය කෙටිකතාවකින් ඉදිරිපත් කිරීමක්. රටේ සිදුවන ලිංගික අපචාර හෙළිදරව් කිරීමට නිර්මාණය වෙන වැඩ සටහනක්, ජනප්‍රිය වෙන්නේ ඒ තුලින් නැවත නැවත විඳිය හැකි අපි මතුපිටින් හෙලාදකින, ඒ උනත් යටි හිතින් රස විඳින කුණු රසය නිසයි. දැන් ඒ කතාවේ නම "යතුරු සිදුරක", යතුරු සිදුරකින් බැලීම කියූ පමණින්ම අපට දැනෙන්නේ කුතුහලයක්, ඒ එක්කම ඒ නමේ ලිංගික රසයක් තියනවා කියලා අපිට දැනෙනවා. යතුරු සිදුරකින් බලන්නේ අනුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් කියන එක ඒ නමේ ගැබ්වෙලා තියනවා. නමුත් ඒ කෙටිකතාව ලිවීම ගැන අපිට අමරකීර්තිට ඇඟිල්ල දික්කරන්න පුළුවන්ද? ඔබ කරන්නේ අර කුණු රසයම වෙනත් විදිහකින් විකිණීමක් කියලා? මම හිතනවා එහෙම වෙන්නේ නෑ කියලා. ඒ උපකල්පනය උඩ මම හිතනවා ඒකට හේතුව, අමරකීර්තිගේ සමස්ථ නිර්මාණ අවකාශය අරං බැලුවහම යමෙකුට වැටහෙනවා ඔහුගේ අරමුණ කුණු රසයෙන් ආතල් එකක් ගැනීම ගැන ලිය ලිය, එය මාර්කට් කිරීම නොවන බව.

      දැන් ඔබ කියලා තියන කාරණය ගත්තහම, සමාජ ප්‍රශ්නයක් ගැන කතා කරන හැම අවස්ථාවෙම ඔය කියන අවධානම එතන තියනවා. ඒකට හිට්ස් වැටෙනකොට ඔය කියන කාරණය වැඩි වැඩියෙන් පෙනෙන්න ගන්නවා.

      මේ ලිපිය ගැන මගේ තේරුම් ගැනීම මෙහෙමයි. මාරයා කියන්නේ පරමාදර්ශී චරිතයක් නෙවෙයි. එහෙම පෙනී හිටපු එකෙකුත් නෙවෙයි. (මම අලුතෙන් ගොඩ බැහැපු එකෙක් උනත්, හිටපු කාලය සලකලා මේ තේරුම් ගැනීම හරියි කියලා හිතනවා). ඒ වගේම, මාරයාගේ බහුතර ලිපි, තමන්ගේ අත්දැකීම් අලලා මිස සමාජ ශෝධනය අදහස් කරගෙන ලියපු ඒවත් නෙමෙයි. මාරයාගේ බස් වහර සරලයි. ශෛලිය රසවත්. ඕනෙම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සුවිශේෂී තරමක් විරල අත්දැකීම් ලැබූවෙක්. ඒ කාරණා උඩ මාරයාගේ ලිවීම ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වය, ඌ මොනවා ලිව්වත් ඌට කොමෙන්ට්ස්, හිට්ස් ගේනවා. කොමෙන්ට්ස් වලින් පෝස්ට් එකක වටිනාකම, එය සමාජගත වන අකාරය තේරුම් ගන්න බැහැ තමයි. එතැනදි, මාරයා ලියන මේ ලිපියට කොමෙන්ට්ස් වැටෙන්නෙත් වැඩි වශයෙන්ම ජනප්‍රියත්වය උඩ නිසා මිසක් ලිපියේ අන්තර්ගතය තේරුම් ගැනීම නිසා නොවෙයි කියන එක හරි.

      නමුත් විවිධ මාතෘකා ඔස්සේ, රසය මුල් කරගෙන ලිපි ලියන කෙනෙකුගේ ජනප්‍රියත්වය, ඔහුට සමාජයේ ඔහු දකින යම් යම් දෑ විවේචනයට බධාවක් කරගත යුතුද? බොහෝ වෙලාවට,අපිට විවේචනය කරන්න සිද්ධවෙන්නේ, පුළුවන් වෙන්නේ අපි වටේම තියන, අපිත් ඇතුලත්වෙන දේවල් ගැන නේද? තමනුත් අයිති කුලකයක් විවේචනය කිරීම, පතුල හිල් කර ගැනීමක් නම්, අපි හැමෝම අඩු වැඩි වශයෙන් කරන්නෙ ඒක නෙමෙයිද? සමස්ථයක් වශයෙන් ගත්තහම, මාරයා කුණු රසයෙන් හිට්ස් සොයා යන්නෙකු ලෙස ඔබට අවංකව හැඳින්විය හැකිද?

      Delete
  21. හ්ම් ... ඔන්න මේ සතියෙ ඉරිද පත්තරත් පිටු පුරෝලා දාලා තියෙනව, නයි කතන්දරේ. මුන් ඔක්කොටම පිස්සු. මමත් ටීවී බැලිල්ල නම් නවත්තල හුඟක් කල්. ඔය පිත්තලවාහිණිය නම් එදා ඉඳලම මහ චා .....ටර්. වෙන මොන චැනල් එකක් වැරදිලවත් බැලුවත් මම ඕක නම් බලන්නෙ නැහැ.

    // ඒ දවස්වල උන්නැහේ වටෙට තිබුන මයික් ගානයි කැමරා ගානයි ගණිනින්න බැරි තරං... ඒත් දැන්... //

    මම නම් ඒ දවස්වලත් ඔය උසාවි නාඩගම දකින දකින සැරේට කිව්වෙ ආණ්ඩුව මේ කරන්නෙ මහ ගොන් වැඩක් කියල. කොහොමටත් මේ ආණ්ඩුවෙ ඉන්න උන් අනාගන්න අනාගැනිල්ලෙ හැටියට උන්ටම හිතාගන්න බැරිව ඇති කොනක් පටක්.

    ReplyDelete
    Replies
    1. ඔය උසාවි නාඩගමය කිව්වෙ ෆොන්සේකා මහත්තය උසාවි ගේනකොට මාධ්‍යයත් එකතුවෙල එතන නටපු නාඩගමට, නැතුව මේ මේ දවස්වල සීජේ උදෙසා ආණ්ඩුව විසින් කරන අමර නා ගැනීම ගැන නොවන බව කරුණාවෙන් සලකන්න. :)

      (මුන් කරන ගොන් වැඩ තොගේ හැටියට වචනෙන් දෙකන් සිද්ධියක් සඳහන් කරන්නත් බැරි තරමට.)

      Delete
  22. ප්‍රවෘත්ති කියන්නේ හොඳට අලෙවි කළහැකි දෙයක් නේ. 'ප්‍රවෘත්තියක්, ලස්සන කෙල්ලෙකුගේ කොට ගවුම වගේ විය යුතුයි. පිටස්තරින් බලන අයගේ අවධානය දිනා ගැනීමට තරම් කෙටි වියයුතුයි. අවශ්‍ය දේ ආවරණය වන තරමට දික් විය යුතුයි' යනුවෙන් කියමනක් තියනවා මාධ්‍ය කලාවේ. මාධ්‍ය කාරයෝ තම මාධ්‍යය විකුණාගන්න බැරිවුනොත් ඒ මාධ්‍යය වහන්න වෙනවා. ඒ නිසා වැවේ නාන තමන්ගේ ආච්චි අම්මගේ ලොට තනයක් නිරාවරණය වුනත් උන් ඒක ප්‍රවෘත්තියක් කරගන්නවා.

    මේ ගෑනු ළමයා මෙන්ම මෙවැනි ළමයින් මේ තත්වයට පත්වන්නේ ඇයි කියන එක ගැන හොඳ සමාජ විග්‍රහයක් කරන්න එකෙක් එන්නේ නැහැ. මේ ලමයව කවුරු හරි දූෂණය කරලානම් ඒ කතාව බොහොම රසවත්ව ආලවට්ටම් දමමින් පියවරෙන් පියවර පල කරන්න අය ඉන්නවා ඕනේ තරම්. ඒ ළමයාගේ ඉතිරි අනාගතයත් මකබෑවෙනවා නේද කියලා ඔය මාධ්‍ය අයිති දේශමාන්‍ය, අචාර්ය, වල් නාකිච්චියෝ හිතන්නේ නැහැ.

    ඔබ ඕනේ තරම් දැක ඇති කළු, කැත, කොට, තරුණියක් නිරුවතින් පාරේ මියගියොත් මුන් දාන්නේ ඉතා රූමත් කියලයි. පරණ රතිඥ්ඥා පෙට්ටියක් පොලොව යට තිබිලා හම්බ උනොත් ලියන්නේ අධිබල බෝම්බයක් කියලා. මුන්ව ප්‍රතික්ෂේප කරන්න ජන වීඥ්ඥනය පුබුදු කරන්න අපි නිරතුරු උන්ගේ පහත් ජඩ බව හෙළි කල යුතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කටේ මල් මසුරං දාන්න ඕනේ මේ කියල තියන කතා ටිකට..

      Delete
    2. මාධ්‍ය මගින් ප්‍රවෘර්තියක් අලවි කිරීමට දාන අතිශෝක්තිය නිසා සමහර දේවල් බලන්න එපා වෙනවා. හොඳම උදාහරණයක් මම කියන්නම්. අපේ ගමේ ගෙදර තිබුනේ අකුරැස්ස දෙනියාය පාර අසල. එක දවසක් උදේ තරුණ ජෝඩුවක් යතුරුපැදියේ යනවිට වේගයෙන් පැමිණි වාහනයක හැපී අපේ ඉඩමට වැටුනා. අවාසනාවන්ත ලෙස දෙන්නම මැරුණා. අපේ ඉඩමේ ඒ හරිය පාරට වඩා 50cm තරම් පහල ඇති නමුත් මේ සිද්දිය පත්තර වල ගියේ "රිය අනතුරට ලක්වූ යුවල මහා ප්‍රතාපයකට වැටී මියයයි ලෙස" මාධ්‍ය මගින් පුවත් වාර්තා කරන්නේ කිසිම වගකීමක් විමර්ශනයක් තොරව. මේ දවස්වල එලි පෙනීම. ඉර දෙක පෙනීම වගේ දේවල් සනාථ කරන්නත් පෙර රතුවස්ස පිටසක්වල ප්‍රහාරයක්. මේවයින් වෙන්නේ මිනිසුන් නිකරුනේ බයවීම විතරයි.

      Delete
  23. හරිහමං නිවුස් දෙන එවුවට රේටිංස් නෑ...
    ලංකාවේ එවුං බලාපොරොත්තු වෙන්නෙත් කුණු..
    ලංකාවේ ජනමාධ්‍යවේදියෝ දෙන්නෙත් කුණු...

    ReplyDelete
    Replies
    1. @තරියා : මේකත් අර කුණුහරප පොස්ට් දානවා වගේ වැඩක් තමයි. හොඳ නිවුස් වගේම තමයි හොඳ බ්ලොග් පොස්ට්.

      රේටින්ග්ස් = හිට්ස්

      Delete
  24. මොණර වාහිනියෙ නිව්ස් හොඳ කාලයක් තිව්න. ඒ ගොඩක් ඉස්සර. දැන් උන් නිව්ස් නෙමේ එන්ටටේන්ට්මන්ට් ප්‍රොග්‍රෑම් එකක් කරන්නෙ. සමහර මිනිස්සුන්ටත් ඕනි අනුන්ගෙ කුණුකන්දල් වලින් ඔලුව පුරෝ ගන්නනේ. උන්ට නම් හොඳයි ඕවා. අල්ලපු ගෙදර ගෑනිට ඒ ගෙදර මිනිහ ගැහුව එකයි,ඌරු කොටුවකට ඌරෙක්ට උණු අසාදාරනයි. මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි කරන කතාවක ගොන් පාර්ට් එකයි පෙන්නන්න විතරයි උන් දන්නෙ.

    පොඩි මිනිහෙක් කරන පුන්චි වැරද්දක් රටට පෙන්නල ඒ මනුස්සයගෙ ගමේ ඉන්න නැති කරල දාල ආත්ම ගරුත්වය විනාස කරනව, ලොකු මිනිස්සු කරන මහා ප්‍රමානෙ වැරදි වලදි උන් නිදි.ඇයි මිනිස්සුන්ගෙ කඳුලු හූරගෙන කන එක.. නිව්ස් වල හැමදාම බිම පෙරලි පෙරලි අන්ඩන ඒව දානව. එකම අඳෝනාව. මගුල.. ඕවට වඩා පෙන්නන්න දේ වල් කොච්චර රටේ තියෙනවද?

    හිරු අක්ක කිව්ව වගේ අයි.ටී. එන් එකයි සිරසයි ගැනත් කතා කරන්න දෙයක් නැහැ.. දැනට යම් තරමකට හරි නිව්ස් වල ගුනාත්මක භාවය රැකගෙන තියෙනව ටී වී දෙරනයි, හිරු එකයි.. ඒකෙනුත් දෙරන ඉන්නව ඉස්සරහින්..

    සමීගේ පුංචි ලෝක‍ය

    ReplyDelete
  25. මෙතන තියෙන්නේ යුධ අනාත සීන් එකකට වඩා ලංකාවේ ඇත්ත නිවුස් එළියට දාන්න නොදෙන එක. උදාහරණයක් විදිහට මේ වෙලාවේ ද්වේශා-භියෝගය ගැන නිවුස් මීඩිය රිපොර්ට් කරන්නේ නැති තරම් ඒ වෙනුවට මොකක් හරි වෙන ගොන් පාර්ට් එකක් මාකට් කරනවා. එතකොට හැමෝම නයි නළ්ඟන, පියාඹන පිරිසි ගැන කියව කියව ඉන්නව මිසක් වෙන මාතෘකාවක් කතා කරන්නේ නෑ.

    පහුගිය කාලේ දිගින් දිගටම පෙනුනු දෙයක් තමයි රටේ මොකක් හරි සීරියස් දෙයක් වෙද්දි මීඩියා වලට කතා කරන්න වෙන නිවුස් එකක් තිබුනු එක. හදිස්සියෙම මැණික් මතුවුනා [උඩ ලේයර් එකේ විතරයි], ග්‍රීස් යක්කු මතුවුනා, කහවත්තේ එක දිගට මිනී මැරුම් වුනා, අයවැය කියවද්දි වැලිකඩ වෙඩි තබීම වුනා [ඒකෙන් අර හාමුදුරුවන්ව මරපු කඩු හොරත් මැරුනා], ඊට පස්සේ මේ ද්වේශ-භියෝගය වෙලාවේ තමයි එක පාරටම පියාඹන පිරීසි මතුවෙන්න ගත්තේ.

    මාරයල මහින්ද මාමගේ ටොපි කන බබ්බු වුනාට ඇහැ කන ඇරන් ඉන්න අනිත් මිනිස්සුන්ට මේ දේවල් හොඳට තේරෙනවා. කට වහගෙන ඉන්නේ කතා කරලා වැඩක් නැති නිසා. රටට හෙණ ගහපු දෙන් කියලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා.

    මේක උඹලගේ උන්ගේ රට වෙච්චි, හොඳට උලන් කන එකයි.

    මචන් නයිට් රේස් බලන්න ගියේ නැද්ද..?

    ReplyDelete
    Replies
    1. යන්නෙ මොකටද? අන්න සීඑස්එන් එකේ ඇහැ කණ පුරෝලා ලයිව් දෙනවා :)

      Delete
    2. එහෙම බෑ ගිහින්ම බලන්න තිබුනේ ආශ්චර්ය උදාවෙන හැටි , මාරයා තුමලානේ ඔය ආශ්චර්ය පිටිපස්සෙ හිටිය බලවේගේ

      Delete
    3. පොදු ජනයාට අයිති පාරවල් වල drag රේස් මං ඉන්න රටේ නම් තහනම්. කොල්ලෝ සෙට් වෙලා පොලීසියට හොරෙන් පාන්දර ජාමේ බොහොම අමාරුවෙන් drag රේස් කරන්නේ. ලංකාවේ ලයිසන් දීල drag රේස්. මාරයි නේ නයිට් රේස්

      Delete
    4. මටත් ඔය උදිත කියන තරහා තමයි අප්පා තියෙන්නේ.. බුවා කියනවා වගේ NFS ඊලඟ edition මේක වෙයිද දන්නේ නෑ...

      Delete
  26. උඹ ‍ගේන පොයින්ට් එක හරි මචං. උන්ම උඩදාල පයින් ගහනවා. උඩදානවටත් සල්ලි. පයින් ගහනවටත් සල්ලි. නයි නංගිත් පොඩ්ඩක් ඇඳගන්න ඇති. කවුරුත් එහෙමනේ.

    ReplyDelete
  27. ....//ඒවා කිව්වත් කියන්නේ නම් ගම් නැතිව... මාගරින් වර්ගයක්.. එක්තරා ආයතනයක්.. වගේ වහෙන් ඔරෝ කතා කියලා... හැබැයි මේ දුප්පත් කෙල්ලෙක් කන්න ‍බොන්න ටික හොයා ගන්න කොළඹ ඇවිත් ඇග විකුණලා හරි..නයි විකුණලා හරි කීයක් හරි හොයා ගත්තොත් උන්ගේ නම ගම උප්පැන්නේ විතරක් නෙවෙයි උපන් තැනටත් යනවා කැමරා අටෝගෙන...//...

    ඔන්න අපේ රටේ ජඩමාධ්‍ය. අපිට ඕනි දේ නෙවෙයි දෙන්නේ උන්ට ඕනි දේ.

    ReplyDelete
  28. පුදුමයි ගිහින් අර කෙල්ලගේ මෑණියන්ගේ අහවල් එක පෙන්නලා "මෙන්න මේකෙන් තමා අරයා ආවා කියලා ගමේ මිනිස්සුනං කියන්නේ" කියලා නොකිව්වා...ekanam wadi kal yanda kalin karai wage

    ReplyDelete
  29. ඇයි යකෝ උං මොකක්හරි විකුණල කීයක් හරි හොයාගෙන උංගෙ දරුපවුල් නඩත්තු කරන්න එපැයි. නැත්තං උඹ වගේ 2500 න් කන්නද උංටත් කියන්නෙ.

    ReplyDelete
  30. ස්වර්ණවාහිනිය කියන්නේ පොඩි දේ පත්තු කරලා ආතල් ගන්න එකක්. අනික දැවෙන ප්‍රශ්න වහන්න ඒව උපකාරිකරගන්න නාලිකාවක්.

    කියන කතා කියල යන කොටසින් කරන්නේ පාර්ලිමේන්තුවේ වැදගත් විවාද, හංගලා හිනා යන, පොරකන කෑල්ල විතරක් දාන එක.

    මේ යෝදි මොනව කලත් උන්ට පාන්ද බං. ගොසිප් එකේ මේ නිවුස් එකට උඩින්ම දාල තියෙන කමෙන්ට් එක නම් සිරා !

    ReplyDelete
  31. අපෝ ස්වර්ණවාහිණිය ගැන කතා කරල වැඩක් නෑ..උන් අපේ මනුස්සකම විකුණන් කනව

    ReplyDelete
  32. අයියේ මේක ගැන මට කියන්න තියෙන්නේ අන්තිමයි අවසානයි සුපිරියි කියල විතරයි එතනින් එහාට අගයකරනන් තරම් මගේ දැනුම ප්‍රමාණවත් නැහැ. මේක බොරු අගය කිරීමක් නෙවෙයි. සිරාවටම අපේ ගොඩ දෙනෙකුට හිතෙන නමුත් ලියන්න හිතන්නේ නැති දෙයක් ඔයා එළකිරි එකට ලියල. අපූරුයි.

    ReplyDelete
  33. රතු රටකජු කිව්වා ටික තමා හරි පොයින්ට් එක..
    මාරයා කරන්නෙත් ඒ ටිකම තමා .නමුත් මුදලට
    නොවෙන නිසාත් , මෙය බ්ලොග් එකක් නිසාත්
    ගැටළුවක් නැහැ.මහා විපතක් කරන්න මාරයට
    බැහැ..:)
    ඔය CNN මැදිරියක පරිසරය ගත්තොත් හිතා ගන්න බැහැ
    වෙන දේවල් news එකක් approve කරගන්න .
    එහෙම වෙලත් වරදිනවා. ජනමාද්‍ය වගකීම දරන්න බැරි අය ඒ තැන් වලට පත් උනාම එහෙම වෙනවා.පුද්ගලිකව ජනමාද්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරියා ( හිමිකරු   හෝ නම් කරන ලද්දෙක් ) කිසිම හදිනුම් කමකට යට නොවී ඉන්න ඕන..ඒකෙන් තමන්ගේ පුද්ගලික ජීවිතේට මාරු පහරක් වදිනවා..ඒ නිසා ගොඩක් දෙනෙක්
    කරන්නේ හැමෝම සතුටු කරන මාර්ගයේ යෑම.

    ReplyDelete
  34. කියල තියෙනව ලුණු ඇඹුල් ඇතුවම. ඇත්තටම ඒකි මොනව කලත් අපිට පාං යැ :D

    ReplyDelete
  35. හැමෝටම තියෙනවා තමන්ගේ න්‍යාය පත්‍රයක්. අන්න ඒක ඉස්සරහට දාලා තමයි ඔඋට් ටීවී,රේඩියෝ,පත්තර වැඩ කරන්නේ. මාධ්‍යවේදියෝ කියන්නෙත් ඉතින් ජීවත් වෙන්න රස්සාවක් කරන මිනිස්සු ටිකක් නේ. එයාලට සිද්ද වෙනවා බඩගින්න වෙනුවෙන් අර අයිති කාරයා කියන දේ කරන්න. මට හිතෙන්නේ රේටින්ග්ස් අනුව තමයි වැඩ සටහනක ඉදිරි ගමන තීරණය වෙන්නේ. රේටින්ග්ස් කියන්නේ එක අතකට ජනතාව ඉල්ලන දේ. මෙතන වෙන්නේ ජනතාව ඉල්ලන දේ දීම.

    ReplyDelete
    Replies
    1. මාධ්‍යවේදියො ජනතාවට ඉස්සරහින් ඉන්න ඕනි , ජනතාව ඉල්ලන දේ විතරක් නෙවෙයි ජනතාවට අලුතෙන් දේවල් "ඉල්ලවන්න " පුලුවන් වෙන්න ඕනි . නිලම් ලක්ෂපතිආරච්චි , මහාචාර්ය ගංගානාත්, ස්වර්ණවාහිනි මුල්යුගයේ හිටිය "රත්න" සෙට් එක ඔය හැකියාව තියන මිනිස්සු

      Delete
    2. ජනතාව ඉල්ලන දේ දීම පමනක් නේ නෙමෙයි මචං ඉල්ලන දේ දීමෙන් සමාජයට යහපතක් වේද යන්න සොයා බැලිය යුතුයි .නැත්නම් නිමල් ලක්ෂපති ආරච්චි පසුකාලීනව ඔහු කල දේ (සිරස නාලීකාව) වැරදුනු බැව් පිළිගත්තා හා සමාන වේවි ඒ වෙනකොට වියයුතු විපත සිදුවී හමාරයි.

      Delete
  36. වාහිණියේ උනුත් කන්න අදින්න එපැයි බන්

    ReplyDelete
  37. මාරයෝ, අර සරත් ෆොන්සේකා උන්නැහේ ගැන කියපු කතාවට නම් කටේ සතයක් දාන්න වටිනවා.

    මම ඔය කතාව කිව්වෙ, උන්දෑ හිරේ විලංගුවේ ඉන්න දවස්වලම තමයි. කොටින්ම අර අර්ජුන ගොයියයි, ටිරාන් ගොයියයිත් ෆුල් රොකට් පවර් එකෙන් වැඩේට බැහැලා හිටපු කාලේ....!

    බොරු නම් මෙන්න මේ ටික බලහං......!

    “ඉතින්.. මොකද උනේ....?”

    “මොකද උනේ තමයි... නිදහස් උනා විතරයි ජන රාළ තුමා හිරේ ඉන්නකං උඩ පැනපු ගෝතයෝ ටික උන්නැහේගේ පැත්තවත් බැළුවෙ නෑ. ඉස්සර එතුමා උසාවියට, ඉස්පිරිතාලෙට යනකන් කැමරා මානගෙන ෆොටෝ අල්ලන්න බලාගෙන හිටපු මාධ්‍යය වේදියෝ එකෙක්වත් එතුමාගේ ෆොටෝ එකක් ගහන්න පැත්ත පලාතක ආවෙ නෑනේ...බැරිම තැන එතුමා එළියෙ ඉන්නවට වඩා ඇතුල හොඳයි කියලා ආපහු ඉල්ලගෙන හිරේ ගියා....”


    කාලාර්ථයේ තීර්ථ යාත්‍රික දුමියා 2

    ReplyDelete
  38. නයිකෙල්ලගෙ ගමේ උන්ට දැන් ඉරිසියාවයි නයිකෙල්ල උඩ ගියා කියල..
    ගොන්වාහිනියට එක කෙලින් ප්‍රතිපත්තියක් නෑ
    කමෙන්ට් කරපු සමහරක් දෙනෙකුට පේන්නෙ කාත් කවුරුවත් කැති කෙල්ලක් ගනිකාවක් වෙලා ඒකි මේ රටේම ඉන්න කෙල්ලන්ට වැරදි ආදර්ශ දීල කරන වින්නැහිය විතරමයි...ලොකු ලොකු මැඩම්ලගෙ මඩම් ලොකු ලොකු ඒවනෙ..
    මොනව වුනත් බොරු සෝබනයයි හිතේ පුරවගත්තු කුහකකමයි නැතුව අසරණ වෙච්චි කෙල්ලකගෙ අසරන කම වෙනුවෙන් කතාකරපු මාරය මල්ලිට
    මල් මිටක්!
    සුපුරුදු විදිහටම ලියවිල්ල නියමයි මල්ලි

    ReplyDelete
    Replies
    1. අනේ අර "ක" යන්න (කැති) "න" යන්න විදිහට කියවල සොරි වෙන්න...

      Delete
  39. මාරයා කියන්න ඕන දේ කියන්න ඕන විදියට කියලා තියෙනවා.අද ජන මධ්‍ය කරන්නෙත් මහ විපතක් රටට.ජනප්‍රිය වෙන්න මොනවද නොකරන්නේ.ඔක්කොම පිස්සු බල්ලෝ වගේ.
    මනසින් දිවියට

    ReplyDelete
  40. මොකා කරත් මොකා වැරදි උනත් බොරු කියන එවුන්ව සාධාරණීකරනය කරන්න එපා බං.

    ReplyDelete
  41. මම මුලින් ම මාරයාගේ හෝරාවට ගොඩුනේ වර්ගපුර්නිකාව හරහා. එදා එන්දන් හැම දම වගේ මාරයාගේ විස්තර ටිකක් බලන්න එනවා. හැබැයි මේක තම මගේ මුල්ම කොමෙන්ට් එක.
    මාරයෝ මේ කියපු කතාව ඇත්ත තමි ඔය පිත්තල වාහිනියේ විතරක් නෙවේ ගොඩක් වාහිනී වලට මෝහිනී වැහිලා වගේ වැඩ කරන්නේ.

    ReplyDelete
  42. මේ ජඩමාධ්‍ය හිතන්නෙ උන් සර්වබලධාරී කියල.උන් කියනව මිසක් අපි කොමෙන්ට් දාන්නයැ.තාක්ෂනයෙ දියුණුවත් එක්ක මේ හොල්මන් ටික බලු වෙයි ලඟදිම

    ReplyDelete