17 December 2012

මෙතෙක් නොකියූ ඒ රහස... දැන් මං නිදහස්..

අවුරුදු දෙකකටත් වඩා කල් පාවිච්චි කරපු ලැප් මල්ලියාගේ කෑලි හැලෙන සයිස් එකට ආවා.. අර සරනේරු දෙකක් තියෙන්නේ පියන ඇහෙන වැහෙන..ඒවා තමා ලෙඩ දුන්නේ...එයින් එකක් මෙයිට හය මාසෙකට විතර කලින් පිපුරුවා.ඒත් අවුලක් අනේ නැහැ... ඇරෙනවා වැහෙනවා... වැඩ කරනවා.හදන්න පුළුවන්ද කියලා ගත්ත තැනට අරං ගියාම උන් ගාවත් ඒ ජාතියේ වෙන ඒවා නැහැ..කෑල්ලක් ගලෝලවත් හයි කරලා දෙන්න...

ඒ පාර මං හිත හදං ආවා ආයේ අනිත් එකත් ගිය දවසට මේක අල්ලලා අහකට දාලා තව එකක් හොයා ගන්නවා කියලා...

ඔන්න අන්තිමේදි දැන් දවස් හතරකට කලින් ඒකත් උනා... ඒ කියන්නේ අනිත් සරනේරුවත් ජලා හුටා උනා...

දැන් මේකේ ස්ක්‍රින් එක නිකං හුලගටත් වැහෙන සයිස්.. මං කල්පනා කලා එල් අකුරේ හැඩේට ප්ලේට් කෑල්ලක් නවලා මේකට හේත්තු කරං වැඩ කරන්නත්.. ඒත් ඒකත් කී දවසක් හරි යයිද කවුද දන්නේ... ඒ හින්දා ඕන එකක් කියලා තව ලැප් මල්ලියෙක් අරං එන්න හිත හදා ගත්තා..අනික ඉතිං මෙ වේලාවේ එපෑ අතේ තියන කීය හරි වියදං කරන්න.. ලෝක විනාසෙට තව දවස් කීයද.. එයින් පස්සේ සල්ලි කන්නයෑ...

එහෙම හිතලා දවසක් ඉක්ම යන්ට මත්තෙන් ඔන්න එකක් උස්සං ආවා ඇතුල් කෝට්ටේ පැත්තෙන්... තිබුන එකේ හැටියට මේක සෑහෙන්න හොඳයි...

කලින් තිබුන ටොෂිබා එකේ හාඩ් එක 60GB රැම් එක 512MB ප්‍රොසෙරේ 1.7 තිබුනා... වීජී එකනං තිබුනේ නැද්ද මංදා.. ඒකෙන් ගේම් ගැහැලි එහෙම කරන්න තියා හිතන්නවත් බැහැ... හැබැයි ඒ හින්දාම මං ගේම් ගහන එකෙන් ඈත් උනා... ඉස්සරනං වෙලාවක් අහු උන ගමන් ඔය තුවක්කුවක් අරං වෙඩි තිය තිය යන එකමනේ කොලේ...

ඒකටත් එක්ක මේක හොඳටම හොද කියන්නේ හාඩ් එක 250GB තියෙනවා..රැම් එක 2GB ප්‍රොසෙසරේනං කලින් ගානමද කොහේද... වීජී එකත් 256MB තියෙනවා... ඒ මදිවට වින්ඩෝස් සෙවන්... අරකේ වැඩ කරගෙන පාඩුවේ හිටිය මට මේක නිකං මොකක්ද වගේ...

හරි දැන් ඔන්න ඒ පුරස්නේ හරි... තව දවස් තුනක් තියේ මට මේකත් එක්ක සෙල්ලං කරන්න...
-------------------------

ලෝක විනාසේ...වෙයිද..?

මංදා..මමනං ඕවා දන්නේ නැහැ..හැබැයි එක්කෙනෙක්නං කැට තියලා කිව්වා ඕක වෙනවා කියලා... ඒ කවුද කියලා මතකද..?

එදා කවුරුවත්ම ඇහුවේ නැහැ ඒක කිව්වේ කවුද කියලා... පැහැදිලිවම තමුන් කවුරු කියලද හිතන්නේ කියලා අහලත් බොහෝම අයකට ඒක අහු උනේ නැහැ...

ඇත්තටම ඒක කිව්වේ කවුද..?

අද මං උත්තර දෙන්නං ඒක කිව්වේ කවුද කියලා... ඒ තමයි අර අරයා...

අරයා කිව්වේ අර නිල්ගල වනාන්තරයේ ඉන්න ගමන් හිටි හැටියේ කතා කරලා මාධ්‍යයට අදහස් දෙන කෙනා... ඇයි අප්පා මතක නැද්ද..? අර ලංකා සි නිව්ස් එකේ..එතැනින් ගියාම ගොසිප් නයින් එකේ එහෙම හිටි හැටියේ  ලිපි පිටින් දාන්නේ එයාගේ සාකච්ඡා එහෙම... ඔව් ඔව් ආන්න එයා...

නිර්නාමික තාපසතුමා...

දැන් කාට හරි ප්‍රශ්න තියෙනවද..?

තියෙනවනං ලැජ්ජ වෙන්න දෙයක් නැහැ අහන්න..මං තාපසතුමාට ප්‍රශ්න ටික දාලා ඔයාලට උත්තර අරං දෙන්නං.. එව්වා මට දැන් ටොයිස් වැඩ...

කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි දැන් තාපසතුමා මාරයට හේත්තුව දාගෙන ඉන්නේ කියලා... ඇයි දැන් සී නිව්ස්/ගොසිප් නයින් අතෑරලද කියලා...

ඔව් ඇත්තටම උන්නාන්සෙට ඒවා එපා වෙලා... අනික අමතක කරන්න එපා..අපි ඇවිල්ලා එකම සෙට් එකේ අයනේ.. ඒ කිව්වේ මංතුමා... ඒ තුමා සහ මීතුමා... අපි සැට් එකම රාවණා පාක්ෂිකයෝ නෙව.. අපි ඇවිල්ලා බොක්කෙන්ම අති උත්තම ශ්‍රී රාවණ රාජෝත්තමයාණන්ට බැහැලා වැඩ කරන ඈයො වෙච්චි... ඉතිං අපි ඉද්දී ආයේ මොටද සි නිව්ස් ගොසිප් නයින්... උන්නාන්සේ කෙලින්ම දැන් අපිවත් කොන්ටෑක් කොරනවා... ආන්න එහෙමයි අර ලිපිය මට හම්බ උනේ...

හරි එහෙමනං ඕන්න ලෝක විනාසෙට කලින් කාට කාටත් නොකියපු රහස කියලම දැම්මා... ආයේ හිතේ කහටක් තියා ගන්ට කාරි නැහැ.. එහෙමනං අපි කැපුනා.. කාට කාටත් සුභ ලෝක විනාසයක් වේවා..!

49 comments:

  1. Replies
    1. අඩේ මං 1 වෙලා...
      කවුද අර තාපස තුමා කිව්වෙ ? මට නම් තේරුනේ නෑ. විමල් මලයද ?

      ලෝක විනාසයක් වෙන්නෙ නෑ බොලව්. අව කැපෙන කතා නොකිය හිටු.

      Delete
  2. @ හිරු ඔන්න මම ලියපු එකක් ..
    හලාල් සහ මුස්ලිම් ආක්‍රමණ

    හලාල් කියන්නේ මුස්ලිමුන්ගේ ආක්‍රමණයේ එක අංශයක් බව අපි අවධාරණයෙන් කියනවා මොකද All Ceylon Jamiyyathul Ulama කියන සංවිධානය ලංකාවේ ආරම්භ කරේ වර්ෂ 2000 දී . ඉතින් 2000 වෙනකම් ලංකාවේ තම්බි කැවේ නැද්ද හලාල් නැතිව උන් බඩගින්නේ මැරුණද.. අන්න එක තමයි අපි කියන්නේ 2000 වෙනකම් හලාල් නැතිව කාපු තම්බි ඇයි මේ හලාල් නැතිව බැරි වෙලා තියෙන්නේ අපේ මෝඩ සින්හලයෝන්ට තේරෙන්නේ නැද්ද මුන් ටික අපිව ටික ටික ආක්‍රමණය කරනවා .. ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism...

    වැඩි විස්තර යක් අඩවියෙන් ...

    http://yakparapuresinhalayaa.blogspot.com/2012/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. මොකද යකෝ මේ කෑ ගහන්නේ.. හරි හරි.. මං ඔයා කියපු ලිපි ඔක්කොම බැලුවා.... ‌මේ දවස්වල හලාල් ගැන කියවලම, කතා කරලම අජීර්ණ වෙලා ඉන්නේ.. ඒක නිසා සද්ද නැතුව ආවා.... හි හි

      Delete
  3. ඕක තාපස ඇත්තට කිව්වේ මීවන තුමා......... 21 වෙනිදා දා උන්නැහේ හැංගිලා ඉන්න තැනකින් විසි වෙයි (ද) ?

    ReplyDelete
  4. එතකොට බඩාගෙ රහස?
    ඒක එලි නොකර යන්න එහෙම එපා ඕන්න, ආයිබෝං O_o

    ReplyDelete
  5. මාරෙ සරනේරු පුපුරපු ලැපෙන් ද එතකොට මෙච්චර කලක් ගේම දුන්නෙ... මගෙ ලගත් 1.7 Ghz P4 HP ලැපක් තිබ්බා ඒකෙ බැටරිය ජලා හුටා වෙලා (වචනෙ ඉස්සුවෙ මේ දැන්) බැටරිය නැතුව හොදට වැඩකරමින් තිබ්බ ලැප යාලුවෙකුට දුන්නා පින් තකා නොමිලේම...

    ඇත්තටම අර වර්ගපූර්ණිකාව ලිව්ව මීවන ගොයියා කෝ හැබෑටම අයෙමත් Area 51 වලට උස්සගෙන ගොහිල්ලද ? මට ඒත් නිකමට හිතුනා මේ දවස් වල අහසෙ පේන අද්භූත එළි වලටත් මේ මනුස්සයා සම්බන්ධද කියලා...

    ReplyDelete
  6. ෂික් ඉතරක් ! මහ ගොන් වැඩක් නෙව කරල තියෙන්නෙ 21 පහුවෙනකන් ඉවසන්නෙ නැතුව, දැන් ඉතිං ලෝක විනාශෙන් ලැපත් බේරගන්න ඒකත් උස්සගෙන දුවන්න එපෑයැ.

    ReplyDelete
  7. 1) කොහොමද ලෙනොවෝ එක හොඳයිද ?
    2) සෙලර් (ගයානි) ලස්සනයිද ?
    3) දැන් රාවනා රජතුමා නැගිට්ටට පස්සේ ආයෙත් රජකම ගන්ට යන්නේ චන්දෙකින්ද ?
    4) එතකොට මහරජතුමාට මොකද වෙන්නේ ?

    ReplyDelete
  8. අපරාදේ...ඕකට කීයක් විතර ගියාද...? දවස් දෙක තුනක් විතර බැලුවානම් ඉවරනේ...හි හී ලෝක විනාසෙ උනොත් ලැපාත් උස්සගෙනම විනාස වෙන්න...

    ReplyDelete
  9. අර කිව්වත්වගේ බඩාගෙ රහසත් 21ට කලින් හෙළිකරලා ගියොත් නරකද යන ලෝකෙට වැඩක් සිද්ද වෙන්න කියල,
    ඔබටත් සුභ ලෝක විනාශයක්ම වේවා...

    ReplyDelete
  10. හ්ම්ම් හ්ම්ම්...එතකොට විනාස වෙලා සුන්නදුලි වෙලාම යයිද?

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කෙලින්ම අම්බ්රෙල්ලා පව්ඩර් ... :D

      Delete
  11. අපරාදෙ ලැප් මල්ලියෙක් ගෙනාවෙ ! ලැප් නංගියෙක් නේද හෙව්වෙ ???
    මොන පිස්සුද ආයි ලෝක විනාසෙ වෙන්නෙ නෑ..බලා ගමු 22 වෙනිදාටම !

    ReplyDelete
  12. අපිය කොහෙන්ද ලැප්? ඒ වුනාට හොඳ මොඩිෆයි ඇරපු ලැට් එකක් නම් තියෙනවා හිටගෙන වුනත් ගියාහැකි!

    ReplyDelete
  13. මාරයියාගේ ලෝක විනාස ලිපිය මේල් වල යනවනෙ.. සමහර එවුන් ඒකත් සිරාවට අරන්..

    ReplyDelete
    Replies
    1. හරි යෝ...මාරයා ඒක සිරාවටම තමා බං කිව්වේ. ඕං උඹල ලිපියට කෝචොක් දාලා මාරයා ලෝක විනාසෙට කලින් සුවිසයිඩ් කර ගනීද දන්නෑ

      Delete
    2. අනේද් කියන්නෙ. හ..

      Delete
  14. අඩේ මාරයියේ කවුද බන් තාපසතුමා .මට නම් meter වෙන්නෙම නෑ .ලැප් ගැන කතාකරනවානම් ඇත්තටම කතා කරලා වැඩක් නෑ.වැසිකිලි ගියත් මේක අරන් යන්න හිතෙනවා .ඒ තරමට ඇබ්බැහි වෙලා

    ReplyDelete
  15. අඩේ මී ජයා මතක් කොලා කියහං. ලෝක විනාසෙට කලිං උම්මා එකක් දුන්නා කියහං. මගේ ලැපාගේත් අවසානේ ළගද මංදා....අර කවුද එකෙක කාටදෝ කවදද කොහෙදිදි කිව්වලුනේ අපි කොටන හැටි ලැපා දනී කියල (හරිද මංදා) එහෙම කියල ඕං ඔහේ හිතා හදා ගන්නවා.

    මං නම් ලෝක විනාසෙ සෙලිබෙරේට් කොරාන්න ලීස් කරල ලැම්බොගිනියක් ගත්තා. ආයි වාරික ගෙවන්න වෙන එකක්යැ.

    ReplyDelete
  16. ජයරත්න උන්දෑ නැතුව පාලුයි අප්පා..
    ලෝක විනාසෙට කලින් එකම එක පාරක් ආයෙම බලාගන්න තියෙනවනම් කොච්චර දදෙයක්ද..ලේ පිරිසිදු කරගෙනම අවසන් ගමන යන්න ලෑස්ති වෙන්න පුළුවන් :D

    ReplyDelete
  17. බොලා මේ ලැප් ගැන කියවනවා , මගේ කොම්පිතර් රාජයා දැක්කානං බොලා මට සම්මාන දෙනවා. (හුටා එකෙක් දැක්කා ,මේ කමෙන්ට් එක ඒකාගේ ඇස නොගැටේවා)

    ReplyDelete
  18. ලැප ලී පෙට්ටියක බස්සලා සර්පිනාව වගේ සරනේරු දාල හදල තිබ්බ අපේ එකෙක්.

    ReplyDelete
  19. එල එල පරණ ලැපෙන් මෙහෙම ලිව්වනම් අලුත් එකෙන් මොනවා කරයිද මාරය. ඒ පැත්තේ ලයිට් ඩිම් වෙනවා කියල ආරන්චියි මාරය අලුත් ලැප චාර්ජ් වෙන්න ගැහැහුවම.

    ReplyDelete
  20. මට පේන හැටියට තාපස තුමා ලෝක විනාසෙට කලින් විනාස වෙලා....

    නැත්නම් අනා වැකි වහින්න ඕන කාලයක් මේ...

    ReplyDelete
  21. අපරාදේ මේ දවස් දෙක තුනට අළුත් එකක් උස්සන් ආවේ.. ඕකත් ඔහොමම ඉන්නනේ තිබ්බේ..

    තාපසතුමා දැක්කේ නෑ ගොඩක් දවසකින්..

    ReplyDelete
  22. ලැපාට සුබ අනාගතයක් !!!

    ReplyDelete
  23. මාරයා, උඹේ පෝස්ටුවේ තියන ලින්ක් එක හොයාගන්න, හැම පේලියක් දිගේම මීයා හොලෝ හොලෝ දුවන්න ඕනේ. ඕක දාපන්කෝ වෙන පාටකින්, පැහැදිලිව.

    ReplyDelete
  24. සුභ ලෝක විනාසයක් වේවා! මට මැවිල පේනව ලෝක විනාසෙන් පස්සෙ එක අතක බිලි පිත්තද, අනික් අතින් ලැප් එකද උස්සන් දුවන හැටි.

    ReplyDelete
    Replies
    1. හි හි... කියලා වැඩක් නෑ... මටත් ඒක තමයි හිතුනේ.....

      Delete
  25. මේ ලෝක විනාශේ කීයටවත් 2012 නම් වෙන්නේ නෑ. මං ගත්ත කිස්ට් ජෑම් බෝතලේ එක්ස්පයරි ඩේට් එක 2013 තියෙන්නේ....දන්නවනේ කිස්ට් මාමා බොරු කියන්නේ නෑ..

    ReplyDelete
  26. එම්බා මාරය, හෙහ්. අපි හොයාගත්තා තාපසයට වෙච්චි දේ.. ඕං බලාගනු

    ReplyDelete
  27. අපිනං ඉතිං සැමදා ඩෙක්ස්ටොප් තමයි.

    ඇත්තටම අර මීවනපලා තුමාට මොකද උනේ. ඌ හැංගිලා බේරෙන්න හදන තැනට නේද උඹටත් එදාට එන්න කිවුවෙ.

    සුබ එවුව එකක් වේවා !

    ReplyDelete
    Replies
    1. http://spuwath.blogspot.com/
      මේකට මොකක්ද වෙන්නෙ බං.

      Delete
  28. අනේ මීවන ජයා ආගිය අතක් නැහැ හොයාගන්නවත් ඒකා උන්නද මාලාද දන්නේ නැහැ. මාරයියේ පොඩ්ඩක් හොයලා බැලුවනම් නරකද? අර රාවණාගේ අහවල් එක අරන් ආව දීමන්තරයින් එකාවත් උස්සන් ගිහින්ද දන්නේ නැහැ. හිකිස්.....

    ReplyDelete
  29. බලාගෙන ගියහම මාරයා තුමා ඉන්නේ අපට ඉස්සරහින් නෙව. මට තාම ලැපක් ගන්න බැරි උනා. :O

    ReplyDelete
  30. මාරයාත් මරුම ප්‍රාර්ථනාවක් තමයි ගෙනත් තියෙන්නේ.. ඇත්තටම අර කිව්ව තුමා ඉන්නම ‍ඕනි දවස් ටික නේ මේ.. ප්‍රමුදි කිව්වා වගේ ලේ ටිකක් පිරිසිදුකරගෙන යන තැනකට ගියැකී.. ආපහු මේ පැත්තට ගාටන්න කිව්වනං හොදයි නේද මාරයෝ..?

    ReplyDelete
  31. "අනික අමතක කරන්න එපා..අපි ඇවිල්ලා එකම සෙට් එකේ අයනේ.. ඒ කිව්වේ මංතුමා... ඒ තුමා සහ මීතුමා... අපි සැට් එකම රාවණා පාක්ෂිකයෝ නෙව.." -

    ඒක ඇත්ත. මට මී තුමා හමුවෙන්න ඕන. මාරයා කියන විදියට ලොව නොනැසේ. වැරදි අරුත් දී කෙප්ප කෙලීම යුතු නොවේ. මීයා 2012.12.12 දින කී කතාවද අනාගැනීමකි. එන කෙනෙක් ඇත. එසේම ලොව නැවත බිහිවීමක් ද වේ. ඒ සඳහා බොහෝ දෑ කරනු ඇත.

    මම මේක ලීවේ මීයා අල්ලා ගැනීමට මාරයා බිලි බා ගත යුතු නිසයි. ලබන සිංහල නව වසර ඇරඹුනු පසු මාරයා සොයා පෙරගමන් කරුවෙකු එනු ඇත. ඊට පසු සැබෑ මාරයෝ කිහිප දෙනෙක් ජීවකයන් ලෙස විත් මීතුමා ගැන අසනු ඇත. දෙන උත්තර මාරයාට හෝ බ්‍රහ්මයාට අත වැනීමක් වනු ඇත. (මාරයාගේ තොරතුරු මා ළඟ ඇත. )

    ReplyDelete
  32. ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබ තෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හා අවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් යටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.2දා උපන් ඔබට,හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම්

    ????????????

    ReplyDelete
  33. 22 පාන්දරට වෙනදට වගේ ඇහැරෙන්න හිත හදන් ඉන්නේ මං ,ඔව්ව කියලා මයේ හිත කඩන්ට එපා ..හුම් !
    :D

    ReplyDelete
  34. මම ඔන්න ලෝක විනසෙ ගැනනම් දන්නෙ නෑ.... හැබැයි ඔන්න ලැප්ටොප් ගැනනම් දන්නවා....... ඔය වගේ සරනේරු හිරවෙච්ච දෙකතුනක් නම් හැදුවා..... එකක් නම් හදන්න බැරිඋනා..... ඉතින් ඒකට ඔය කිවුව වගෙ කෑල්ලක් හයිකරල කෙලින් හිටෝල තියල දුන්නා........අරින්න වහන්න බෑ...... අපෙ උන් ඒකට කිවුවෙ රඹුක්පොතගෙ කන්නාඩිය කියල....

    ReplyDelete
  35. මටත් හිතෙන්නේ මාරයෝ බ්ලොග් කොටන්ඩ නම් ඩෙස්ක්ටොප් එකක් තමයි හරියන්නේ. මමත ටික දවසක් චූටි දුවගේ ලැප්ටොප් එකෙන් වැඩකලා. අන්තිමට මට හිතුනා ඒකට පිටින් කීබෝඩ් එකක් ගහගන්ඩ. හාපෝ අර පෑඩ් කෙලිය එපා උනා. ආපහු මමම ඇසේම්බල් කරගත්තා නියම ඩෙස්ක්ටොප් එකක්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  36. ග්ර්ර්ර්ර්ර්......
    අනාවැකි.....

    අය්යෝ සල්ලි. මේ සතියට මොන ලපද අප්පා. ඔය මොණරු දුසිම් ගණන් දීලා ගන්න තියෙන අමුර්ත පානයක්වත් ගත්තනම්. අර ලිස්ට් ඒකෙනුත් එකක් සම්පූර්ණ වෙනවා නොවැ.

    ReplyDelete
  37. මොනවා කිවත් මම නම් ඉතින් මාරයා කරපු වැඩේ අනුමත කරනවා ඔය දවස් ටිකට ගිරා කොළ (දැන් මොනරු අඩුයි ) ගොඩ ගහගෙන ඉන්නවට වඩා ඉතින් ඕවා වියදම් කරන එකනේ හොද...... තාම මාරයා 5000 කොළ ටික හොලවලවත් නැහැලු..... ඒවා ඉතින් හෙට අනිද්ද්ද්දට අර අභාවකාශේ කුටියක් ගන්න තියාගෙන ඉන්නවා කියලා තමා ආරංචිය.....

    ReplyDelete
  38. ලබන්නාවූ ලෝක විනාසය සාමය සතුට පිරි සුබම සුබ ලෝක විනාසයක්ම වේවා!!

    උඹ නිකං වත් ආවෙ නැ මාරයෝ අපේ පැත්තෙ.. අපි හැමදාම ඇවිත් ගියාට.. :(

    ReplyDelete
  39. ඔය බුකියෙ දාන කෑම ජාති දිරෝ ගන්න බැරුවද කොහෙද ලැප නම් අවසන් ගමන් ගොහින් තියෙන්නේ

    ReplyDelete
  40. අඩේ....කවුද බන් අර තාපසයා....
    මීටර් නෑ නෙ....
    බය වෙන්න එපා ඔය එක එක එකා මොක කීවත් 22 වෙනිදට උබල අපි පන පිටින්...
    ලැපා පරිස්සම් කොරගනින්....
    නට් හැලෙනකම් වැඩ දෙන්න එපා...

    ReplyDelete
  41. මේ රාවන ආවම උබට ලොකු තනතුරක් එහෙම හම්බු වෙයි නේ

    ReplyDelete
  42. මම මේ අද වෙනකං අමාරුවෙන් හිටිය.. කෝ තාපසයා??

    ReplyDelete