02 December 2012

පළාත් සභා...දඩිබිඩි පිංකං... දඹුළු ගෙහුං තලගොයි මැරිල්ල...

මේ කතාව පටන් ගන්නේ මෙහෙමයි.. ඔන්න මේ අපේ දන්න කියන කෙනෙකුට දැන් අවුරුද්දක විතර ඉඳන් පොඩි පහේ පුණ්‍ය සිතිවිල්ලක් පහල වෙලා තිබුනා... ඒක ඇවිල්ලා දානමය පිංකමක්... ඒ කියන්නේ මේ ඉගෙන ගන්න ළමයින්ට ලියන්න කොපි පොත් බෙදා දීමක් ගැන... ලොකුවට නෙවෙයි තමන්ට පුළුහං හැටියට සුළුවෙන් හෝ මේක කර ගන්න ඕන වෙලා තිබුනා... ඒත් ඉතිං ගිය අවුරුද්දේ මේක කරන්න හිතං හිටියට වෙන වෙන බාධාවල් ආව හින්දා ඒක කෙරුනේ නැහැ...

දැන් ඉතිං මේ අවුරුද්දත් ඉවර වෙන්න එනව නෙව... ඉස්කෝල නිවාඩු දෙන්න කලින් ලබන අවුරුද්දට ලියන්න ගන්නවත් පොත් ටිකක් දෙන්න උවමනාව ආයේ තදේට ඇවිත් තිබුනා...

මේ පහුගිය පෝය දවසේ අපි තුන් හතරදෙනෙක් හදිසියේම ගියා පාහියංගල... මෙයිට කලිනුත් මේ මෑතකදී පාහියංගල ගෙහුන් තිබුනත් එදත් ආයේම ගියා..ඒ කලින් ප්ලෑන් කොරලානං නෙවෙයි... කොළඹ ඉඳන් ආව සගයෝ තුන්දෙනෙක් මාව අරං යන්න ඇවිත්මං ඉන්න ප්ලේස් එකෙන් මහ පාරට දාන කොට තමා යන්න අතක් හෙව්වේ... කොහේ හරි ඇවිදින්න හිතං පාරට දැම්මට යන්නේ කොහේද කියලා කාටවත් අදහසක් තිබුනේ නැහැ... ඒත් ඉතිං අන්තිමේදී ඕන එකක් කියලා අපි පාහියංගල යන්න තීරණය කලා... ඒකට හේතුව උනේනං දන්සල් වැඳීම...

මොකද මෙයිට කලින් අපි ගිය දවසත් පෝයක්..එදා හොරණ ඉංගිරිය පැතිවල ඉඳන්ම හෝ ගාලා දන්සැල්..හැබැයි වෙසක් පොසොනුත් නෙවෙයි..නිකං සාමාන්‍ය පෝයක්... ඉතිං අපි හිතුවේ හැම පෝයටම පාහිංයංගල පැත්තේ දන්සල් තමා කියලා... ඒ හින්දා යමං දන්සැලකුත් වැඳගෙන පාහියංගල ආයේ වතාවක් බලං කියං එන්ට කිව්වම හැරෙවුවා ඒ පැත්තට...

ඒ යන ගමන් ඔන්න කිරිඳීවැල පහු කරද්දී එක්කෙනෙකුට ඕන උනා සුප්‍රසිද්ධ තුන්මං හන්දිය නොහොත් රදාවාන හන්දිය නරඹන්න... ඒ පාර හැරෙවුවා ඒ පැත්තට... පෙන්නුවා තුන්මන් හන්දිය... කට්ටිය දන්නවනේ මහගම සේකර උන්නැහේගේ උපන් ගම වෙච්ච රදාවානේ තුන්මං හන්දිය ප්‍රසිද්ධ උනේ මහගම සේකරයන් හින්දම තමා...

ඒකත් බලා කියාගෙන පිංතූර එහෙම අල්ලලා ආයෙත් පාරට වැටුනම මෙන්න කිරිඳිවැල පොලීසිය පහු කරනකොටම දන්සැලක්....

මාරි විස්කෝතු කාලා කොත්තමල්ලි එහෙම බීලා අපි යන්ට පිටත් උනා... උදේ පාන්දරම එකක් අහු උන හින්දා අපි හිතුවේ අදනං දන්සැල් දවසක්ම තමා කියලා...

ඒත් පින්වතුනි කියන්ට කණගාටුයි.. හැමදාම වෙසක් නැහැ පින්වතුනි... ඒ විතරක් නෙවෙයි හැමදාම පොසොනුත් නැහැ පින්වතුනි.. ඒ ඔක්කෝමත් හරි පින්වතුනි... අර දන්සැල ඇර වෙන කිසිම දන්සැලක් තිබුනෙත් නැහැ පින්වතුනි... අනාථයි නේද පින්වතුනි... ඉතිං අතින් කාලා පාහියංගලත් බලං ආයේ එන්ට උනා පින්වතුනි...

හරි ඒ එද්දී තමා මේ පොත් දීම ගැන කතාව ඇදුනේ... එදා 27 වැනිදා පෝය... දෙසැම්බර් 5ස් වෙනිදා වෙද්දී ඉස්කෝල නිවාඩු දෙනවා... එයිට කලින් මේක කරනවනං කරන්න ඕන... නැත්තං මේ අවුරුද්දෙත් වැඩේ ගැස්සෙනවා... ඒත් මට දෙසැම්බර් මාසේ මුල් සතියේ දවස්වල නිවාඩු නැහැ... ඒ හින්දා වැඩේකරනවනං අපිට ඉතිරි වෙලා තිබුනේ දින 3යි.. ඒ කියන්නේ 28/29/30... එයිනුත් 30 වෙනිදා තව කෙනෙකුට වැඩ... අන්තිමට 28 සහ 29 පමණයි...

මොනවා කියලා කරන්නද දැන් වැඩේ ඇදුන වෙලේ කරන්නත් එපෑ.. කෙලින්ම ආවා නිස්ටමුවට..මාව දාලා යන්න.. ඒ ගමන්ම මං එක්ක ගියා කස්ටියව නිස්ටඹුවේ පොත් කඩේකට..ගෙහුන් හොඳම පොත්වලින් අතේ තිබුන ගානට අරං දුන්නා පොත්.. හරි දැන් පොත් තියේ..ඒත් දෙන්නේ මොකාටද..?

හරි ඒවත් විසඳන්න පොරන්දු වෙලා කට්ටිය විසිර ගියා...

යන්න අත් දෙකක් තිබුනා..එකක් තමා පුත්තලම පැත්තට... ඔයිට කලින් මන්නාරං යද්දී දැකපු මල්විල කියන හරියේ දුෂ්කර මට්ටමේ පාසලක් දැකලා තිබුනා උනත් හරියටම ඒක අපේ වැඩේට හරියයිද කියලා විස්වාසයක් තිබුනේ නැහැ...

අනිත් අත තමා මං කවදත් කැමති ඇඹිළිපිටිය පැත්තට... මොකද ඉස්සර මං ගාව හිටිය පැවිදි ගෝලයෝ බර ගානක් ඔය ඇඹිළිපිටිය පැත්තෙන් මං හොයා ගත්ත අය... උන්නාසේලා බොහෝම අමාරුකං මැද ඉපදිලා පැවිදිවෙලා අමාරුවෙන් ඉගෙනගන්න අය.. ඒ වගේ පෞද්ගලික අත්දැකීම් ටිකක් මට ඇඹිළිපිටිය පැත්තේ ඇතුලට වෙන්න තියෙන ගම්මානවල තියෙන හින්දා ඒ පැත්තට යන එකත් නොදන්න පුත්තලං යනවට වඩා හොඳයි කියලා හිතුනා...

කොහොම හරි ගෙදර ඇවිත් වැඩපොලේ ඉන්න මගේ අනිත් සගයත් එක්ක කතා කරලා මං පහුවදා ඒ කියන්නේ 28 වෙනිදා වැඩට නොයා මේ ගමන යන්න දාගත්තා... එයින් පස්සේ පොත් පරිත්‍යාග කරන්න යන කෙනාටත් කිව්වා යං හෙටම කියලා... එයත් රෙඩී...

ඔන්න කොහොම හරි පහුවදා උදේ පාන්දරම අපි තුන්දෙනෙක් දැන් යනවා ඇඹිළිපිටිය බලා...

ආ කියන්න බැරි උනානේ... කලින් දවසේ රෑ මං ඉතිං ඇඹිළිපිටි යන්න කලින් ඔය කොටකෙතන පැත්තේ බුවෙකුටත් කෝල් කලා අපිට ඉස්කෝලයක් හොයා ගන්න පොටක් පාදගන්න... මොන... ඌ වැස්සට ඇර වෙන දේකට ඉස්කෝලේ ගෙහුන් නැති වග එළි උනේ ඒ වෙලේ තමා... ඒ විතරක්යෑ.. පොර කියාපි... අපේ පැතිවලනං සව්සිරියෙන් උතුරනවා..ඒ හින්දා ඒ පැත්තටනං ආධාර ඕන නැත කියලා...

අනේ ඉතිං බලෙන් උදව් කොරන්නයෑ...

හරි ඒ විතරක්යෑ.. ඔන්න ඔය යනගමන් වෙලක් මැද්දේ ගොඩක් තියෙන නගරයක හිටිය බ්ලොග් ලියන පොරක් හම්බවෙන්න ගියා... මංනං උන්දැව කලින් හම්බුවෙලා තියෙනවා.. ඒත් අපේ ගිය අනිත් දෙන්නා නොදන්න හින්දා තමා එක්ක ගියේ අදුන්වලා දෙන්න... හත් ඉලව්වේ... බ්ලොග්වල හිටු කියලා ටෝක් කලාට මොකද... මේ හාදයා අපි වචන සීයක් කතා කරද්දී යන්තං වචන තුනකට හතරකට වඩා පාවිච්චියක් නැහැ... ඒ මදිවට මාපට ඇගිල්ලෙන් පොලව හාරනවා හෑරිල්ලක්... අපි තව විනාඩි පහක් තව හිටියනං මෑන් පොල් වලක් හාරනවා ඇගිල්ලෙන්ම... ආයේ මොටද ටවුන් මැද්දේ පොල් වලවල්.. අපි එමින් ගමන් එඤ්ඤං කියං ඉක්මනට ගියා...(එමින් ගමනනං අපි මෑන්ට දඩයක් ගහං ආවා..ඒක වෙනම කතාවක්..)

කොහොම හරි අවසානෙදී ඔළුව හැරුන අතේ වගේ ගෙහුන් අපි ඇඹිළිපිටිය නගරයට ටිකක් මෙහායින් ඇති කොබ්බෑකඩුව හන්දියෙන් දකුණට දාලා පනාමුරේ පැත්තට ගියා... යකඩෝ මෙයිට අවුරුදු හතරකට පහකට කලියෙන් මං මේ පැත්තේ එද්දී තිබුනා වගේ නෙවෙයි ඒ පැත්ත සෑහෙන්න දියුණු වෙලා... පාර හැදිලා..පාර දෙපැත්තේ ගෙවල් අළුත් වෙලා... ඉස්කෝල උනත් කියන්න තරං අවුලක් නැහැ... ඒ පාරේ කිලෝමීටර් දහයක් ගියාම පනාමුරේ...

පනාමුරේට ගෙහුන් උනත් අපිට හරියන තැනක් අහු උනේ නැහැ.. ඒ පාර තවත් ඉස්සරහට ගියා.. ඒ කියන්නේ කොලොන්න පැත්තට... අර සුප්‍රසිද්ධ "මඩුවන්වෙල වළව්ව" පැත්තට.. කොහොම හරි මඩුවන්වෙල වළව්වට කිලෝ මීටර් දෙක තුනක් මෙහායින් පාරේ දකුණට හැරිලා කිලෝ මීටරයක් එක හමාරක් විතර ගියාම අපිට හම්බ උනා ගැලපෙන පාසලක්...

ඒ ගෙහුන් ඒ ඉස්කෝලේ විදුහල්පති තුමා එක්ක කතා බහ කොරලා වැඩේ සෙට් කරලා ගත්තා... අන්තිමට ඉස්කෝලේ නවය වසරේ පන්තියටයි.. දහය වසරේ පන්තියටයි දෙකටම ලබන අවුරුද්ද සඳහා ලියන්න කොපි පොත් පරිත්‍යාග කරලා අපිට එන්න පුළුවන් උනා... 

අද මේ කතාව ලියන්න ගත්තේ ඒ පාසල ගැන ලියන්න...

පාසලේ බාලාංසේ ඉඳන් 11 වසරටම පංති තියෙනවා... එකොළහ වසරේ ළමයි 4යි.. දහයේ ළමයි 12 යි නවයේ ළමයි 4යි.. ඔය ආදී පිළිවෙලට ළමයි 87ක් මුළු පාසලටම ඉන්නවා... ගුරුමණ්ඩලෙත් 14ක් විතර ඉන්නවා...

කණගාටු දායක කාරණය තමා අළුත් අධ්‍යාපන වැඩපිළිවෙල යටතේ මේ පාසලත් ඉදිරියේදී කනිටු විදුහලක් කරන්න තීරණය කර තිබීම... ඒ කියන්නේ දැනටත් පාසලේ හය වසර පන්තියක් නැහැ... ලබන අවුරුද්දේ ඉඳන් හය වගේම හත වසරත් නැහැ.. ඊ ළග අවුරුද්දේ ඉදන් හය/හත/අට පන්ති තුනම නැහැ...අවසානේදී වසර කිහිපයක් ඇතුලත මේ පාසලේ ඉහල පන්ති නැතිව යනවා...

ළමයි හතර පස්‍ දෙනා ඉන්න පාසලට මොකටද ඉහල පංති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්... ඒත් අවාසනාවන්ත කාරනය තමා එහෙමවත් තියෙන හින්දයි දැනට ළමයි හත් අට දෙනෙක් හරි ඉහලට ඉගෙන ගන්නේ.. තව ටික කලකින් ඒ පන්ති නැති උනාම සිද්ධ වෙන්නේ ඒ හරියේ ළමයි පමේ පන්තියෙන් පස්සේ ඈත ඉස්කෝල වලට යන්න තියෙන දුෂ්කරතාවය හින්දා පාසල් ගමන නවත්තලා ගම්මිරිස් වැලක් හිටෝගෙන.. හේනක් කොටං ඉන්න තත්වෙට වැටීම.. දැන් උනත් මේ පාසල තියෙන හින්දා කැලෑ ගම්මාන ඇතුලේ ඉඳන් එන ළමයි කොහොම හරි ඉගෙන ගන්නවා... ඒත් මේකත් නැති උනදාට උන් ආයේ කැලෑවටම යට වෙලා යනවා...

මේ පාසල පළාත් සභාවට අයිති එකක්... මධ්‍යම රජයට හා ඇමැත්තන්ට මේ පැතිවල තියෙන තත්වය තේරුම් ගන්න බැරිව උන් නීති රීති හදන එක කොහොම උනත් අඩුමගානේ පළාත් සභාවල ඉන්න උන්ටවත් තමුන්ගේ පළාතේ තියෙන විශේෂ තත්වයන් තේරුම් අරං ඒවාට හරියන හැටියට තමුන්ගේ පාසල් පද්ධතිය සකස් කර ගන්න බැරිනං මොන එහෙකටද උන්ගේ පළාත් සභා... අඩුමගානේ උතුරේ උන්දලා ඉඩම් හා පොලිස්බලතල ඉල්ල ඉල්ල නහිනවා.. මේ ඉන්න උන්දලට පාසල් ටික ලැබිලත් ඒ ටික පළාතේ ඇති තත්වයන්ට ගැලපෙන හැටියට හදාගන්ට බැරි එකයි කණගාටුව... උතුරු නැගෙනහිර කොහොම උනත් මුංදලගේ පළාත්සභා ටික අහෝසි කරලා දානවනං ඒකත් එකක්...

ඔන්න ඔය වගේ තත්වයක් තියෙන පාසලකට ගෙහුන් අපේ රාජකාරිය අහවර කොරලා දඹුළු ගිය එකේ තලගොයිත් මරන්න හිතලා අපි මඩුවන්වෙල වළව්වත් බලලා.. උඩවළවේ ජලාශය හා සංඛපාල රජමහා විහාරයත් බලා කියාගෙන ආපහු ආවා... මේ දවස්වල උඩවලවේ වාන් දොරටු ඇරලා... යෝධ ජල කඳක් හිත් පිත් නැති විදියට කැලේ පෙරලගෙන පහලට ඇදෙනවා.. ඒ දර්ශනයත් බලා කියාගෙන ආපහු කොළඹ එද්දී රෑ බෝවෙලා තිබුණා... ඔන්න ඔහොමයි දඩිබිඩි පින්කමේ වග...

100 comments:

  1. Replies
    1. අඩේ ... අටම් අයියා නම් ගම් ඇතුවම එළියට බැහැල, අනෙක ඊයෙ ඉඳන් ඔයා මේකෙද පදිංචිය. කෝ ... අර වල්ගෙ.

      Delete
    2. එක ගන්න තිබුනා. ඒත් වෙලා අරන් කමෙන්ටුවක් කෙටුවා.. :D

      Delete
    3. ම් ..... කවුද හැබෑට ඔය “වෙලක් මැද්දේ ගොඩක් තියෙන නගරයක හිටිය බ්ලොග් ලියන පොර“. මට මතක් වෙන්නෙම නෑනේ. හරි ... ඒක අල්ලල දාමුකො.

      අර පාසල්වල ඉහළ පන්ති නවත්වන එක නම් සරල කතන්දරයක් නෙවි නේද? පාසල් ඝනත්වය වැඩි දිස්ත්‍රික්කවල නම් ඕක වැඩි අවුලක් නෑ මම හිතන්නෙ, මේ අපේ පැතිවල වගේ. එකක් වැහුවොත් තව කිලෝමීටරයක් යද්දි තව පාසලක්, ඒ නිසා අවුලක් නෑ. ගොඩක් දුරට ඒකෙන් පරිපාලනය පහසු වෙනව වගේම සම්පත් නාස්තිය අවම වෙනව. වැඩපිළිවෙල හොදයි, ඒත් ඒක හැමතැනටම හරියන්නෙ නෑ,ඔය කිව්ව වගේ පළාත්වලදි ඒ ගැන වෙනමම අධ්‍යයනය කරල ළමයින් දෙමාපියන් අපහසුතාවයට පත්නොවෙන විදියට ක්‍රියාත්මක කරනව නම් හොඳයි.

      Delete
    4. @DDT : ඉස්කෝල වැඩේ පිළිවෙලකට කෙරෙන බවක් පෙන්න නැහැනේ.. අඩු පහසුකම් තියෙන ඉස්කෝල දියුණු නොකර වැඩි පහසුකම් තියෙන ඒවගේ ප්‍රාථමික වහනවා. ගමේ ළමයි ඇබිත්තක් ඉන්න ඒවගේ ඉහල පන්ති වහනවා. දෙමාපියෝ අඩු පහසුකම් තියෙන ඉස්කෝල වලට ළමයි ඇතුලත් කරන්න කැමති නැහැනේ. පොඩි පාසැල් දියුණු කරලා මේක කලානම් නිකන් අනන්නේ නැතිව... මුන් කරන වැඩෙන් තව දැන් තියෙන තරගේ අඩු වෙනවා නෙවෙයි උපරිමේට වැඩි වෙනවා..

      Delete
    5. මෙහෙමනේ රාමා, මම කලිනුත් කිව්වෙ මේ වැඩ පිළිවෙල හොඳයි ක්‍රියාත්මක කරන ක්‍රමේ අඩුපාඩු තිබෙනව කියලනේ. රටේ හැම පාසලක්ම සුපිරි පහසුකම්වලින් සමන්විතකරන්න පුළුවන් නම් හොඳයි, කිසි ප්‍රශ්නයක් නැහැ, අඩු තරමෙ මූලික පහසුකම්ටිකවත්, ඒත් ඒව කෙරෙන වැඩ නෙවිනේ. ඉතින් ඊළඟ පියවරේදි බලන්න වෙන්නෙ තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියල. එතනදි ග්‍රාමීය පාසල්වල එක පන්තියක ළමයි කීප දෙනෙක් ඉන්න තැනකට අඩුතරමෙ සියළුම විෂයන්වලට ගුරුවරුවත් දෙන්න පුළුවන්ද, ඒ නිසා ආසන්න පාසල් කිහිපයක ළමයින් එක පාසලකට අරන් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික සලසනවනම් ඒක සාපේක්‍ෂව හොඳයි කියල මම හිතනව. මම කලින් කිව්ව වගේ රටේ හැම දිස්ත්‍රික්කයකම තත්ත්වෙ එක වගේ නොවන නිසා අවශ්‍ය වෙන්නෙ අදාල කලාපවල තත්ත්වයන් ගැන සැලකිල්ලට අරගෙන ඒ ඒ පළාත්වලට හරියන විදියට මේ වැඩපිළිවෙලේ යම් යම් වෙනස් කම් කරගැනීම. මෙතනදි වඩා වැදගත් වෙන්නෙ ළමයින් සහ දෙමව්පියන් අධෛර්යමත් නොවන විදියට කටයුතු කිරීම. අවාසනාවට ඉතිං මොන බයිලෙ ගැහුවත් අන්තිමට වෙන්නෙ පරිපාලන දුර්වලකම් හින්ද හැම වැඩක්ම ඇනෙන එක.

      Delete
    6. @DDT : පැහැදිලිවම ඇත්ත. හරි දේ වැරදියට කරනවාට වඩා හොඳයි නොකර සිටීම මේ කාරණය සම්බන්ධව .. මේ අනන්නේ ළමයිගේ අධ්‍යාපනය නේ...

      Delete
    7. ඇ ඩිඩිටි උඹලටත් මගේ නැට්ට තමා පේන්නේ නේද

      අර බ්ලොග් වෝකර් මහත්තයගේ මහපතරන්ගේ වාගේ දිග නැට්ට පේන් නැ

      Delete
    8. බ්ලොග් වෝකර් මිසින් ඉන් ඇක්ෂන් නේ මේ දවස් වල... හි හි

      Delete
    9. බ්ලොග් වෝකර් මිසින් වෙනකංම ඉඳල තමා මේ ලින්කු ගැන ඇදල අරන් තියෙන්නේ !!

      Delete
    10. අඩෝව් ..... කවුද බ්ලොග් වෝකර් මහත්තයට සද්දෙ දාන්නෙ. අහුවෙන්නෙපා, හරිය. ඒ මනුස්සය මේ ඉඳල ඉඳල යාන්තම් නිවීහැනහිල්ලෙ නිවාඩුවකට සෙට්වුනා විතරයි, මුං එකතුවෙල මඩ ගහනව.

      Delete
    11. පාසල් කියන්නෙ "ලාභ ලබන ආයතන" විදිහට පවත්වාගෙන යන ඒවා නෙවෙයිනෙ. ඒ හින්දා එක ළමයෙක් හිටියත් ඒ ළමයට අවශ්‍ය ගුරුවරු, සම්පත් ලබා දෙන්න ඕන.
      ගම් පළාතක, විශේෂයෙන් කඳුකර පළාත්වල එහෙම ගමනාගමනය අපහසුයි. හුඟක් පැතිවල බස් සේවයත් හොඳ මට්ටමක නැහැ. තිබුණා වුණත්, ගමින් පිටට බස් එකක සැතපුම් කීපයක ගමනක් උදේ හවා යනවා එනවා කියන්නෙ වියදමක්. දුප්පත් පවුලකට ඒක දරන්න අමාරු වෙයි. අනික එහෙම ඈතක යනවා කියනකොටම, ළමයා උදේ නැගිටින වෙලාව වඩාත් කලින් වෙලා, ගෙදර එන වෙලාව වඩාත් පහු වෙනවා. අතරමගදි ආපදාවකට ලක් වීමට තියෙන ඉඩකඩ වැඩියි එක පැත්තකින්. ඒ වගේම ළමයට වෙහෙසත් වැඩියි. ඒක ඉගෙනීමට බාධාවක්. අනිවාර්ය පාසල් යැවීමේ වයස ඉක්මවූ ළමයෙක්ගෙ ඉගෙනීම නැවතීමට හේතුවක් වෙන්නට පුළුවන් මේ බාධාව.
      ගුරුවරු මදිනම් තව ගුරුවරුන් පුහුණු කරන්නට පුළුවන්නෙ. මොකද, ගුරු වෘත්තියට එන්නට කැමති හා සුදුසුකම් ලැබූවන් අඩුයි කියලා ගැටළුවක් නැහැනෙ අපේ රටේ.

      Delete
  2. බොහොම හොඳ වැඩක්.එකතු වුන සියලු දෙනාට යහපතක්ම වේවා..

    මම බ්ලොග් නොලියන් ලකීසිරි

    ReplyDelete
  3. Replies
    1. ආන්න මාත් මේ අහන්න හිටියේ...

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වෙලක් මැද්දෙ ගොඩක් තියෙන්නෙ පැල්මඩුල්ලෙද බං.!? ගොඩකවෙල.. :D

      Delete
    2. පැල්මඩුල්ලත් එහෙම තමා. කුට්ටපිටියේ වෙළෙන් පැනල ස්ටෑන්ඩ් එකටත් එන්න පුළුවන් නේද ??

      පැහැදිලියි අර ත්‍රිභාෂා අයිය ගැන මේ කියල තියෙන්නේ.. ගොඩකවෙල නේන්නම්. :D

      Delete
    3. අර වෙල මැද්දේ ටවුම පැල්මඩුල්ල නෙවෙයි ගොඩකවෙල වෙන්ට ඕනි... :D

      ඔය කොටකෙතන අයියා කිව්වට වඩා හැබෑව වෙනස්. මේ පැත්තේ ඇති නැති පරතරය බොහොමයි. තියෙන එවුන්ට ඉතින් සාගරේට තියෙනවා , ඒක වෙනම කතාවක්..

      ඔය පාසල් ප්‍රාථමික වැසීම මහ මඥ්ඥං තීරණයක්නේ. රත්නපුර නගරෙටම ප්‍රාථමික තියෙන පාසැල් ඉතුරු වෙන්නේ එකයිද,දෙකයිද කොහෙද. කොහෙද.. ගම් වලට වෙන්න තියෙන ළමයි අඩු පාසැල් නිකම්ම් වැහිලා යන එක තමා වෙන්නේ. අනේ ඔවුවා කතා කරලා ලේ කෝප කර ගන්ට ඕනි නැහැ.. තව අවුරුදු කීපෙකින් ළමයට ඉස්කෝලයක් නැති වුනොත් ගෙදර තියං උගන්නනවා..

      අන්තිමට කියන්න ඕනි, මේ කරලා තියෙන සද්කාර්යය ස්විශේෂයි.. හරි වටිනවා. කලින් ලෑස්ති කර ගන්නේ නැතිව මෙහා කොනට ඇවිත් හොයල හොයල පරිත්‍යාගය කරපු එක...

      අපි ඉන්නෙත් ටිකක් ලඟින්. ඓතිහාසික ප්‍රසිද්ධ ගමක. තිරිවානකැටියෙන් හැරෙන්න ඕන. දුර ගමනක් යන ගමන නාල යන්න පාර අයිනෙ ඓතිහාසික ඇල්ලක් එහෙම මේ හරියේ තියෙනවා. ආයේ මෙහෙන් ගියොත් නාල යන්න එන්න..

      Delete
    4. ඔව් ඔව් මෑන් ගැන තමයි කියන්නෙ... හරි ලැජ්ජ කාරයා.. ලැජ්ජාව වැඩි කමට මේකෙ කොමෙන්ට් කරලත් නෑ...( මේ. දවස් වල වාන් දොරටු ඇරලලු)


      මම බ්ලොග් නොලියන ලකීසිරි

      Delete
    5. හෙළ බසෙන් වාන කියන්නේ 'පිට කිරීමේ දොරටුව' කියන එකනේ. මම එදත් නොකිය හිටියේ වැරදි අර්ථයක් දෙන්න පුළුවන් නිසා...

      Delete
    6. මාත් දැන් අවුරුදු 25ක් තිස්සේ මේ කොන්ක්‍රීට් නගරේ මන් දන්නවයෑ ඉතින් අපේ පැත්තෙ ඉස්කෝලවල තත්වෙ මේ දවස් වල..අනික ඔය කාපු බීපු වෙලාවල් වලට ඕවා ඔළුවට එනවයෑ..මට හරියට සීන් එක මතක් උනෙත් පහු වෙනිදා..කොහොම හරි ලැබිය යුතු හොඳම ඉස්කෝලෙකට තමයි ලැබිලා තියෙන්නෙ කියලා මන් හිතනවා..
      අපොයි අර අර ගොඩක් තියෙන *කෙ වෙල අයියා තාම ලැජ්ජාවෙ වල වල් හාරනවද දන්නෙ නෑ...

      Delete
    7. මුං රෑ තිස්සෙ පෝස්ට් දැම්මට අපිට පේන්නෙ උදේටනෙ.
      ඇත්තට මේ මාරය මා ගැනද කියල තියෙන්නෙ.

      Delete
    8. කොහොමින් හරි කොටකෙතන අයියානම් කවුද කියල පැහැදිලියි. ඔය උඩින් උත්තර දීල තියෙන්නේ. :)

      Delete
    9. රාමට වැරදිලා වගෙයි. :D

      Delete
    10. නැහැ නැහැ.ප්‍රසන්න අයියේ මම කොටකෙතන අයියා කිව්වේ ඔයාට නෙවෙයි.

      මම මෙහෙම කිව්වා...

      "ඔය කොටකෙතන අයියා කිව්වට වඩා හැබෑව වෙනස්. මේ පැත්තේ ඇති නැති පරතරය බොහොමයි. තියෙන එවුන්ට ඉතින් සාගරේට තියෙනවා , ඒක වෙනම කතාවක්.."

      පස්සේ වෙනි අයිය ඇවිත් කියනවා...

      "මාත් දැන් අවුරුදු 25ක් තිස්සේ මේ කොන්ක්‍රීට් නගරේ මන් දන්නවයෑ ඉතින් අපේ පැත්තෙ ඉස්කෝලවල තත්වෙ මේ දවස් වල..අනික ඔය කාපු බීපු වෙලාවල් වලට ඕවා ඔළුවට එනවයෑ..මට හරියට සීන් එක මතක් උනෙත් පහු වෙනිදා.."

      Delete
    11. Raama prasaa ta ewwaa mewwaa kiyalaa maawa allanawa..
      Meaka leasiyen yanna dhenna epaa prasaa..
      :-)

      Delete
    12. :) මම නොකිව්වට හැමෝම දන්නවනේ කොටකෙතන අයියා කවුද ? ත්‍රිභාෂා අයිය කවුද කියන එක..

      Delete
    13. ප්‍රසා මේක අතාරින්න නම් එපා එක එක සැරේට එක එක ප්‍රොෆයිල් වලින් ආවට අපි නම් බය වෙයි..බස් එකේ පැල්මඩුල්ලෙන් යන කොට ගලක් හරි ගහ ප්‍රසා !

      මන් අර බ්ලොග් එක ලියන අරයා

      Delete
    14. බස් එක පැල්මඩුල්ලෙන් යනකොට ගල් ගහන්නෙ ගොඩකවෙල ඉඳන් වෙන්ටෑ.!?

      එන්න, අපේ පැත්තෙත් ඇවිත් යන්න. ගිහින් එන ගමන් වෙලා තිබුනොත් තේ එකක් බොන්න මේ පැත්තෙත් එන්න

      Delete
    15. ඔන්න ඔහෙ අල්ලල දාමු වෙනී අයිය. මේ දවස්වල කොටකෙතන පැත්තෙ අවුලක් නැති එකේ ආයෙ මොකටද?

      Delete
    16. එපා ප්‍රසා උඹේ ඔය හිත හොඳ වැඩි කම නිසානෙ උඹ හැමදාම බඩින් !
      ඈහ් ????!!!
      ආ බන් මේ සැරේ ළමයගේ මූණ මාරයා වගේ වෙයිද නැත්නම් අනිත් උන් දෙන්නා වගේ වෙයිද ? ගිය අනිත් උන් දෙන්නා කවුද බන් ??? :-D

      මන් අර බ්ලොග් එක ලියන අරයා

      Delete
    17. අනේ මන්දා මේව කොහෙන් කෙළවර වෙයිද කියලා...

      මම බ්ලොග් නොලියන ලකීසිරි

      Delete
    18. ඈහ් !!! එක කෙහෙල් කැනක් වැට පැන්නවද්ද හොරාට කලින්ම ????? :-D

      මන් අර බ්ලොග් එක ලියන අරයා...

      Delete
    19. අනේ මේ මම රටෙත් නැති එකා වෙච්චි කොට මාව ඕවට ගාවනවා නෙවෙයි... මම කියන්නෙ අර මහපට ඇඟිල්ලෙන් පොලව හාර හාර ප්‍රසා මාරයත් එක්ක නටල තියන නාඩගම ගැන..



      අනේ එන්න... අපෙනුත් මල් ගන්න...

      Delete
    20. ප්‍රසාට එච්චරම ලැජ්ජා හිතෙන්න තරම් මොන තරම් නම් නෝබිනා කතා කියන්න ඇද්දැයි කියලයි මන් මේ කම්පනා කලේ ලකියො..
      හැබෑටම !! බොලා මෙහෙ නෑ නොවැ..ඒත් කවුද දන්නෙ අර චොකලට් එහෙම ගෙනත් දීලත් තිබ්බෙ කවුරු කවුරු ලෝකයට හොරෙන් ආවද කියලා අපි දන්නෙ කෝමද අප්පා ????


      අනේ මගේ එකත් බලලා යන්ඩ එන්ඩ..මන් අර බ්ලොග් එක ලියන අරයා

      Delete
    21. ඔය අයියල දෙන්නම මතක තියා ගන්න දෙන්නටම අර වාණිජමය හන්දියක් පහු කරලා යන්න එන්න වෙන බව. අපිටට ඔය පැල්මඩුල්ලත් ලොකු නැහැ. ගොඩකවෙලත් ලොකු නැහැ. කහවත්තත් ලොකු නැහැ. දැන් මෙහේ හිටියට ඕව අපේ පාරම්පරික ප්‍රදේශ !! හරිය !!! අපේ කස්ටිය ඔව්වගේත් ඉන්නවා..

      ප්‍රොෆයිල් එක මාරු වුනේ, රාජකාරිමය ලියවිල්ලක් හොයා ගන්න අනිත් ගුගල් ගිණුමට මාරු වෙලා හිටි නිසා...

      @බුරා : කොහෙද පදිංචිය ? :)


      තර්ජන වලට බය නැති අරයා

      Delete
    22. අප්පේ රාමාගෙ ටියුබ් ලයිට් එක පත්තු වෙලා එන කොට අපි මේ හොයන්නෙ ප්‍රසා බඩ උනේ කවුරු අතින්ද කියලා බන් ????!!!!


      මන් අරක ලියන අරූ...

      Delete
    23. @ප්‍රසන්න : බලන්න, අර අයියා අරෙහෙම වල් විදියට හිතන එක පළාතටම ලැජ්ජාවක් නේහ්???

      Delete
    24. ඈහ් රාමා දැන් බොලා ආයිමත් කියන්නෙ ප්‍රසා කොටකෙතන පලාතෙ කියලද ????

      :-D

      Delete
    25. හිංගල කියවලා තේරුම් ගන්ට බැරි එකට මම මොනවා කරන්නද ??

      කොළඹ 7 හිටිය කියල මවු භාෂාව අමතක කරන්න එපා අයියේ.

      මේ පැත්තේ යන්න එපා සංවේදී අය

      Delete
    26. ඒ අවස්ථාවෙ ඒ වගේ වැඩක් වෙන්න පුලුවං කමක් තිබුණෙ නෑ වෙනී අයියෙ.
      අනික තුන්දෙනෙක්ම හිටියනෙ. :D

      මම අරක ලියන්නෑ බොලවු, ඒ පැත්තෙ යන්න එපා.

      Delete
    27. මල්ලි සිංහල වල තියෙන වටිනාකම තමයි...අපිට කන්ඩ ඕනි ඕනි හැටියට නම්මා ගන්ඩ පුළුවන් වීම..

      ප්‍රසාගෙ නැට්ට නම් ටොප් !


      මං අරක ලියන අරයා..

      Delete
    28. ඒක හරි.. (ඒ කිව්වේ සිංහල භාෂාව ගැන) :)

      Delete
    29. තුන් දෙනෙක් හිටිය නම් ඉතින් .......
      මල්ලිටම නේද අර එක පාරක සත්තුන්ගෙන් අතවරයක් පවා උනේ ???

      Delete
  5. කොල්ලා අද රෑ වැඩ වගේ.. හිටු කියලා පෝස්ට් එලි දකින්නෙ.. :)

    කරලා තියෙන්නෙ වටින පිංකමක්..

    ReplyDelete
    Replies
    1. හුටා! නැට්ට කෑල්ල එල්ලන්න අමතක වුනා..


      එන්න, අපේ පැත්තෙත් ඇවිත් යන්න :)

      Delete
    2. මේ නැට්ට වෙන කාගේද නේ :)
      ඒකත් මරු. :):)

      Delete
    3. අප්පද බොල බුරා ... ඒක උඹේද? බඩුම තමයි ! :)

      Delete
    4. බුරා නම් අහුවෙන හරියක හිටිය නම් ගුටි කනවා .

      Delete
    5. ඒ මක්කටැයි මේ අහිංසක මං ගුටි කන්නෙ බින්දියො.!?

      එන්න, අපේ පැත්තෙත් ඇවිත් යන්න. ගිහින් එන ගමන් වෙලා තිබුනොත් තේ එකක් බොන්න මේ පැත්තෙත් එන්න

      Delete
  6. කෝ ගමනේ පොටෝ එහෙම නැත්තේ ... කැමරාව දාලද ගියේ....

    ReplyDelete
  7. "උතුරු නැගෙනහිර කොහොම උනත් මුංදලගේ පළාත්සභා ටික අහෝසි කරලා දානවනං ඒකත් එකක්..."

    මල්ලි බැහැර වෙයිද අය්යගෙ අරමුණුවලින්... :D

    ReplyDelete
  8. පංසලේ හිටිය කාලේ කෙසේ වෙතත් මේ ගමන් බිමන් නිසා වැඩි කාලයක් නොගිහින් මාරයා තුමා සසර කළකිරිලා දේශපාලනයට එනවා සිකුරුයි..!

    ReplyDelete
    Replies
    1. හුහ් ... ආයෙ කොහාට එන්නද, දැන්ය කියල මොකෝ නිකන්ද? මාරයිය කුණු බැනුම් අහගෙන එතුම වෙනුවෙන් මේ බ්ලොග් අවකාශය තුළ කරන අරගලය පේන්නෑ වගේ නිකන් දෙකේ කොලේට දාලා කතාකරන්න එපා, හරිය. එතුමට ෂලකපු මිනිස්සුන්ට එතුම නොසලකා ඉන්නෑ, ඊළඟ පාර ලිස්ට් එකෙන් පාර්ලිමන්ට් යන්නත් බැරිනෑ.

      සුබ අනාගතයක් අයියා !

      Delete
  9. අගේ ඇති ක්‍රියාවක්..!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් 200 න් එහා තියන පෝස්ට් එකේ ලෝඩ් මෝ ක්ලික් කලාම loading කියල තියනවා. එච්චරයි. එච්චරමයි. ආයේ මොකුත් එන්නේ නෑනේ. ඇයි ඒ. මං කොටපු කමෙන්ටු 2 යටවෙලා. :) අනෙක් අනෙක් අයටත් එහෙමද..?

      Delete
    2. ඔව්නේ ..... මාත් ඔය නිකන් ඉන්නවට වල්පල් කමෙන්ට් තුනක්ද කොහෙද දැම්ම අද ඒකට. කෝ ... මකර කටට දාපු වගේ තමයි.

      Delete
    3. දුක තමයි.....මාටද එසේමය.

      Delete
    4. 200 වැනි කමෙන්ටුව කෙටුවේ මමය..

      Delete
    5. රාමා හින්දා තමයි මේ ඔක්කොම.. හි හි...

      Delete
    6. 200 දැම්මේ රාමා නේ.... රාවණා ඉතුරු කමෙන්ට් ටික ගිලලද කොහෙද... හි හි...

      Delete
    7. කස්ටිය මේකට තව කමෙන්ට් ටිකක් දානවල, මටත් ඕනෙ මේකෙ 200 කමෙන්ට් එක දාන්ට. ඇයි රාමට විතරක්, මට එක වෙන්න ඕන නෑ, මටත් ඕන 200 වෙන්න.

      Delete
    8. මාත් දෙකක් දැම්මා බොලව්.


      මන් අරක ලියන මේකා

      Delete
  10. යැස් ... මටත් එහෙමයි.. ලෝඩ් මෝ ක්ලික් කරල මෛත්‍රී බුදුන් බුදු වෙනකං කල්ප ගානක් බලන් හිටියත් ලෝඩින් මිසක් වෙන මොකුත් එන පාටක් නෑ..


    මම බ්ලොග් නොලියන ලකීසිරි

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි... හි හි.

      Delete
    2. මං හිතුවා මට විතරයි කියලා. :)

      Delete
  11. බොහොම වටිනා වැඩක් ... දායක වෙච්චි සියලු දෙනාට බුදුසරණයි.
    මෙතන දැන් නැටි ලෝකයක් වෙලානේ ... :D

    ReplyDelete
  12. එහෙනම් මාරයා ත් ඉඳලා හිටලා හරි පින් අතේ වැඩ දෙක තුනක් කරනවා එහෙනම් ඈ!

    ReplyDelete
  13. 13 එපා. කමෝන් මාරයා.

    - මීට විමලේ.

    ReplyDelete
  14. ෆොටො ටිකකුත් තිබ්බනම්නේ මරු.. කෝම උනත් හොද වැඩක්...

    ReplyDelete
  15. ඔය කොලොන්න පැත්ත විවිධ මහජන නියෝජිතයෝ රාශියක් බිහිකරපු පැත්තක්.නමුත් තවමත් ඔවුන් ප්‍රාදේශිය සංවර්ධනය ගැන හිතන පාටක් නෑ.වටින චාරිකා සටහනක්. අනිත් දවසේ මිත්‍රයා කොහේ හරි ගියාම අදාල පෙදෙසේ අය එක්කත් ටිකක් කතා කරලා ඔවුන්ගේ අදහසුත් එකතු කරනවනම් වඩාත් වටිනවා

    ReplyDelete
  16. Uba loku pinak karagena sepakuth ara..ela..jaya wewaa lokka..

    ReplyDelete
  17. හා අන්න පිංකං. යට ඉදගෙන මොකෝ මේ අපේ උප්පැන්න හොය හොය දාන්නේ.. හැක්..

    ReplyDelete
  18. ඔය ඉස්කෝල වැහිල්ල අපේ ගෙවල් පැත්තේ නම් හරිහමන් විදියට සිද්ධ උනාද කොහෙද... ඒකෙන් වැඩකට නැතුව පාළු වෙවී තිබ්බ ඉස්කෝලයක් දැං නැගලා ඇවිල්ලා තියෙනවා වගේ පේනවා... ඒත් ඉතිං අවාරෙට පොල් හැලෙන්නවා වගේ නේ ගෙවල් පැත්තේ යන්නේ.. ඒ යන්නෙත් යක්කු ගස් යන වෙලාවට... ඇත්ත තත්වෙ කොහොමද කියලා කියන්න තරම් තේරුමක් නම් නෑ....

    ReplyDelete
  19. මේකනං ඉතාම හොඳ වැඩක් තමයි.
    ඔය ඉස්කෝල වහල දැම්මට පස්සෙ ඒ ළමයි ඉගෙනගන්නෙ කොහෙන්ද කියල හොයන්න තරං මොලයක් තියෙනවනං ඒ මනුස්සය දැං තියෙන පළාත් සභාවලට සුදුසුකං නැති පුද්ගලයෙක් වෙයි.

    ගිහිල්ල එන ගමං ඔය ගමන ගිය දෙන්නෙක් අතරෙ මහා වලියක් ගියා කියලත් ආරංචියි. :D

    මං බ්ලොග් එකක් තිබ්බත් ඒක නොලියන Praසන්ன

    ReplyDelete
    Replies
    1. ආ... මහා වලිය ගැන ඊලඟ පෝස්ට් එකෙන්..


      මම බ්ලොග් එකක් නොලියන ලකීසිරි

      Delete
  20. ආ ඉස්සෙල්ලා කමෙන්ට් එකට නැට්ට එල්ලන්න බැරි උනා..

    මන් අහවල් බ්ලොග් එක ලියන අහවලා

    ReplyDelete
    Replies
    1. අයියා ඔය යට වචන දෙකක ‘අහ‘ කෑල්ල වැඩිපුර වැටිල, ඒක නිවැරදි කරානම් හොඳයි නේද?

      Delete
    2. මී අම්මපලා DDTයෝ උඹලටත් එක අකුරක් අඩුවෙන් වැඩියෙන් වැටුනොත් ඕක නම් පෙනේ හොඳට මෙතන ! හුහ්...

      මන් අර බ්ලොග් එක ලියන අරයා..

      Delete
  21. මාරයා මේ පාර නම් ඇදගෙනම නාලා . බ්ලොග් ලියන නොලියන හැම එකාම වලිග එල්ලගෙන ..

    පොත් බෙදීම නම් හොඳ වැඩක් . පාසල් වැසීම නම් නරක වැඩක් . පාසලක් වහනවා කියන්නේ හිර ගෙයක් අරින එකලුනේ .

    මාත් මෙහෙන් පොත් ටිකක් අරන් එන්න ඉන්නේ . ගොඩක් දුර යන්න ඕන නැහැ . අපේ අක්කා උගන්නන ඉස්කෝලේ වුනත් ඉන්නවා දුප්පත් ළමයි . අපේ දුවත් එයාගෙම සල්ලි වලින් පොතක් ගෙනත් ලංකාවේ ළමයෙක්ට දෙන්න කියලා . පොත පොඩි වුනත් සිතුවිල්ල හුඟක් ලොකු බව මට දැනුනා .

    ReplyDelete
    Replies
    1. අනේ මමනම් නැට්ටක් එල්ලුවෙ විහිලුවට වගේ, ෆන් එකක් ගන්න.මාරයට ඇදගෙන නාන්න සිද්ද කිරීමක් නම් නොවේ. ඒ පෝස්ට් එක මම නම් ගොඩක් අගය කරනවා. කමෙන්ට් කරන අයව දැනුවත් කිරීමක් නෙ කලේ.

      Delete
    2. නැහැ නැහැ මෙයා නාන්න අකමැති නැහැ . හොඳට නාල කාල ඉන්නේ . අනික විහිළුවක් කලාට තරහ වෙන්නෙත් නැහැ

      Delete
  22. මාරයියා ලෝක විනාසෙට කලියෙන් පිං කරගන්නව වගේ. පිං කරන්න තරම් පිනක් අපිට නම් නැත්ද කොහෙද මාරයියේ.

    ReplyDelete
  23. නියම වැඩක් මාරයා අයියේ.....

    ReplyDelete
  24. අපේ පැත්තෙත් ඔය ඉස්කෝල වහිල්ල ජයටම කෙරීගෙන යනවා මේ දවස්වල.
    ඕක නිසා ගමේ ළමයිට ගමෙන් සෑහෙන දුර ඉස්කෝලෙකට යන්න වෙලා තියෙන්නේ.එහෙම යන්නත් හරියට බස් එකක්වත් නෑ. :/

    එන්න එන්න අපේ පැත්තෙත් එන්න.

    ReplyDelete
  25. ඔය වගේ දඩිබිඩි පිං කම් අපිත් කරනවා ඉඳලා හිටලා :).
    අර බ්ලොග් කාරයා කව්ද කිව්වා නම්?

    ReplyDelete
  26. හොඳ පුණ්‍ය කර්මයක්. මාත් ඔය පැත්තේ කරක් ගහනවා. වෙල මැද ඉන්න ගොඩයානම් එක පාරින්ම අහු උනා. කොටකෙතන එකා අල්ලාගත්තේ කමෙන්ට් එකෙන්.
    ඔය ගොඩයගේ පින්තූරයක් මගේ බොගේ අද හෙටම වැටෙන්න නියමිතයි. කස්ටිය මොකෝ කියන්නේ ඒ ගැන?.



    මං බොගක් දාන මේකා

    ReplyDelete
  27. සාධු!! සාධු!!! සාධු!!!
    මෙව්ව හොඳ වැඩ :)

    ReplyDelete
  28. හොඳ වැඩක් නෙව .. සාධු සාධු
    අලුත් ටෙම්ප්ලේට් එක දැන් දැක්කේ ...
    අකුරුයි පසුබිමයි අතර කොන්ට්‍රාස්ට් එක වැඩියි වගේ
    කියෝනකොට ඇස් දන්න ගන්නේ මගේ විතරද මන්ද ?
    :)

    ReplyDelete