02 December 2012

කවදා කාපු ටකරංද..? මෙන්න මගෙනුත් තුට්ටු දෙකක්...

එදා මෙදාතුර බ්ලොග් ලියද්දී මංතුමා විසින් ලියලාම නැති අංශයක ලිපියක් මේ දාන්න යන්නේ...
                          ------------------------------------------------------------------
                           ------------------------------------------------------------------

පැහැදිලියි නේද...? කවදා කාපු ටකරංද..? මොන මගුල ලිව්වත් තාක්ෂණික ලිපි ලියලා තිබුනේම නැහැනේ... මේකත් හැබැයි මං ලියාපු එකක් නෙවෙයි මාත් දැනට කාලෙකට කලින් කොහේ හරි දැකලා මගේ බ්ලොග් එකේ එල්ල ගත්තු එකක්... මේක දාන්න හේතුව අපේ බ්ලොග් ලියන හිතවතෙක් මේක කොහොමද වැඩ කරන්නේ කියලා අහලා එවලා තිබුණ හින්දා.. ආයේ ඉතිං එක්කෙනෙකුට විතරක් කියා දීලා මොටද.. කවුරු කවුරුත් එක්ක බෙදා ගත්තම හරි නෙව...

මුලින්ම ඔයාලා කොරන්න ඕන මේ දීලා තියෙන කෝඩ් එක කොපි කරං ඒකේ සුළු වෙනස්කමක් කරන එක... ඒ තමා මේකේ අවසානයට වගේ තියෙන මෙන්න මේ කෑල්ල


ඔකේ ඔය red කියලා තියෙන තැනට තමුන් කැමති පාටක් දෙන්න පුළුවන්..ඒක තීරණය කරන්න ඕන තමුන්ගේ බ්ලොග් එකේ පාට අනුව... එයින් පස්සේ ඔය http://ctkumara.blogspot.com කියන තැනට තමුන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න.. ඒ හැර වෙන දේවල් වෙනස් කරන්න යන්න එපා... හරි දැන් අපේ කෝඩ් කෑල්ල හරි...

මේක ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි... මුලින්ම යන්න බ්ලොග් එකේ Layout කියන තැනට.. ඒකට යන්නේ අපි සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් එකක් දාන්න ගියාම අපේ වම්පැත්තේ තියෙන මෙනු එකේ පහල තියෙන Layout කියන තැනින්...

එහෙම ගියාට පස්සේ එනවා අපේ බ්ලොග් එකේ සැකැස්මෙන් තමුන් කැමති තැනක තියෙන Add a gadget කියන කොටුවක් උඩ ක්ලික් කලාම අපිට ලැබෙනවා වෙනම පුංචි වින්ඩෝ එකක්..එකේත් වම්පැත්තේ පොඩි මෙනු එකක් තියේ..ඒ මෙනු එකේ පලවෙනි එක තමා Basics කියලා තියෙන්නේ... ඒ යටතේ අපිට එක එක ජාතියේ ගැජට් බැජට් වගයක් බ්ලොග් එකට එකතු කරන්න පුළුවන්...ඒත් අපිට දැන් ඕන කරන්නේ ඒ යටතේ තියෙන HTML/Java script කියන පහසුකම...

අපි ඒ පහසුකම තෝරගත්තම අපිට ලැබෙනවා පොඩි පැනල් එකක්...එකේ Title කියන තැනට තමුන් කැමති දෙයක් කොටන්න පුළුවන්... Content කියන තැනට මං ඔය උඩ දීලා තියෙන කෝඩ් කෑල්ල දාලා සේව් කරන්න...එහෙම කරලා අර අපි ඕපන් කරන් හිටිය Layout පැනල් එකෙත් උඩ දකුණු අත පැත්තේ තියන Save arrangement කියන එකත් ඔබලා දාන්න.. එච්චරයි... එයින් පස්සේ ඔයාලටත් ඔයාලගේ බ්ලොග් එකේ මේ වෙනකොට දාලා තියෙන පෝස්ට් ගාණයි.. වැටිලා තියෙන සම්පූර්ණ කොමෙන්ට් ගාණයි හරියටම ගැන ගත්තෑකි... දැන ගත්තෑකි...

හරිනේ එහෙමනං... කැමති අයට ප්‍රයෝජනයට ගතෑකි...

තේරුනේ නැති උන්දලත් ඉන්නවද..?

-------------------
පසු සටහන...

කෝඩ් එක දාන්න ගියාට ඒක පේනනේ නැති හින්දා ඉමේජ් එකක් හැටියට දාන්න සිදු විය... ඒ කියන්නේ ඒක බලාගෙන අමුතුවෙන් කොටන්නම වෙන සීන් එකක් තියෙන්නේ... සිදුවන අපහසුතාවයට මාගේ බලවත් මෙව්වා එක...
------------------
මෙයින් ලද හැකි පාඩම...

තාක්ෂණික නං ඕනෑම නැත... :D

30 comments:

  1. අනේ මන්දා... මට නං ඕක තාම තේරුනේ නෑ... ඊළඟ මාසේ බයිට් ටික හම්බුනාම බලන්නම් ට්‍රයි එකක් දීලා... ඒත් ඕකේ එච්චර උවමනාවක් නම් නෑ මට...

    මාරයියේ.. කලින් එකේ කමෙන්ට් 200 න් එහා පේන්නේ නැති වෙන්නත් මොකක් හරි ගැජට් එකක්වත් එල්ලුවද...... 226ක් තියෙනවලු.... ඒත් අලුත් ඒවා පෙන්නන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මේක බයිට් කන සීන් එකක් නෙවෙයි සරල වැඩක් හිරුවෝ... ඇති වැඩකුත් නැහැ..ඒත් එක්කෙනෙක් ඉල්ලුව හින්දා ඔහේ කට්ටියටම දීලා දැම්මේ..ඕනනං වැඩක් ගන්න...

      කලින් පෝස්ට්එකේ කමෙන්ට් ඔක්කෝම තියෙනවා... පහලම තියෙන කොමෙන්ට් බොක්ස් එක යටින් තියේ Load more කියලා එකක්..ඒක උඩ කෙටුවම 200න් එහා ටික පේන්න ගන්නවා... මේ බ්ලොගර් බාප්පා 200න් එහා කොමෙන්ට් එහෙම හංගලා තියෙන්නේ..ආයේ ඉතිං මං කොරාපු දෙයක් නං නෙවෙයි ඕං...

      Delete
    2. 200 පස්සෙ එව්වා ලෝඩ් වෙන්නෙ නෑ නේ අනික් පෝස්ටුවෙ. :/

      Delete
    3. ඔන්න මාත් එල්ලුවා කෝඩ් කෑල්ල... ඔහෙ එල්ලිලා තියෙන්‌ෙන් නැතැයි නේ... හි හි..

      තැන්කියු මාරයියේ...

      Delete
  2. tube light wage. He he, balamu thawapaarak.

    ReplyDelete
  3. අනේ බං ඇස් දෙකට කඳුළු ආවා අම්මපා මේ කෝඩ් කෑල්ලයි උඹේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකයි දැකලා.....! අපේ ටෙකී මාරයා දිනේවා.....!

    රස සරණිය මෙන් ටෙක් සරණියත් ගෘහණියන් අතරේ ජනප්‍රිය වේවා.....!

    ReplyDelete
    Replies
    1. රස සරණිය නෙවෙයි දුමියෝ මාර සරණිය... හි හි

      Delete
  4. කරල බලන්න ඕන ..


    මම බ්ලොග් නොලියන ලකී

    ReplyDelete
  5. හි..හි..මාරයටත් හිතෙන එව්වා... අර ඔය විදියෙ ලිපිම ලියන කොල්ලො ටිකට බඩේ පාර දෙන්නද හදන්නෙ...!
    මටනම් වටිනවා එල්ලලා බලන්න ඕන.

    ReplyDelete
  6. //මෙයින් ලද හැකි පාඩම...

    තාක්ෂණික නං ඕනෑම නැත... :D //

    හික්ස්..... මේ පොස්ට් එකේ මම කැමතිම මෙන්න මේ කොටසට..... :)

    ReplyDelete
  7. මචන් code box එකක් ඇතුලට ඔය script එක දාපන් ...
    ඔතොකොට execute වෙන්නේ නැහැ ...
    උබ හිතනවද ඕක අපේ උන් ගහයි කියල පන කඩාන ..?

    ReplyDelete
  8. ah anith de load more karaata enne naha ban 200 ehaa...

    ReplyDelete
  9. ශහ්.. තැන්කූ ආ.... හොයමින් සිටි දෙයක්..

    ReplyDelete
  10. අයියේ මේකේ කෝඩ් එක කමෙන්ට් කරන්න හැදුවා එත් එරර් එකක් එනවා
    Your HTML cannot be accepted: Tag is not allowed: SCRIPT එක නිසා කෝඩ් එක කමෙන්ට කරන වැඩේ අත්හැරලා දැම්ම

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් බොක්ස් එකේ නිකංම ‍මේ ස්ක්‍රිප්ට් එක දාන්න බැහැ කොල්ලො.. එතනදි මේ ‍ස්ක්‍රිප්ට් එක execute කරන්න බලනවා, මොකද කමෙන්ට් බොක්ස් එකේ දාන HTML ටැග්ස් interpret කරන නිසා.. ඒකයි අර වගේ error message එකක් එන්නෙ..

      Delete
  11. හෆ්ෆේ එල එල ඈ! දාල බලමුකෝ එහෙනම්!

    ReplyDelete
  12. මචෝ, ඒ 'load more' script එක වැඩ කරන්නෙ නැහැ බං.. මම පාවිච්චි කරන්නෙ Chrome, සාමාන්‍යයෙන් ඒකෙ ඔය script එක වැඩකරනවා.. පොඩ්ඩක් බලන්න වෙයි..

    එන්න, අපේ පැත්තෙත් ඇවිත් යන්න :)

    ReplyDelete
  13. //මෙයින් ලද හැකි පාඩම...

    තාක්ෂණික නං ඕනෑම නැත... :D//

    යාන්තමට අපේ බඩේ පාර ගහන්නෙ නැතුව එහෙම හිතුවා...

    ReplyDelete
  14. HTML එකේ < වෙනුවට &lt සහ > වෙනුවට &gt; දමල කෝඩ් එක පෙන්නන්න පුළුවන්. එතකොට අවුලක් නැතිව කොපි පේස්ට් කරන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. < වෙනුවට &lt; ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
  15. කෝඩ් කෑලිනම් මේ වෙද්දි අරහං...

    ReplyDelete
  16. මාරේ අලුත් ප්‍රවර්ගයක් හදන්න වෙයි "මාර ටෙක්නොලොජි" කියලා මේ වගේ පොස්ට් දාන්න.
    රුපෙනම් පැහැදිලි මදි. ගූගූලේ හොයල බැලුවොත් නරකද කොහොමද Code එකක් බ්ලොග් එකක දාන්නේ කියලා.

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මම කපපු හෝඩුවාවලුත් තියලානෙ....ඊයා!

      Delete
    2. මට තේරුනේ නැ

      Delete
  18. ඕව කොටන්න ගිහිල්ල නයිලෝන් කෝඩ් එකක් තමා බෙල්ලේ ඔතා ගන්න වෙන්නේ

    ReplyDelete
  19. ඔබගේ HTML අවශ්‍යතා සඳහා විමසන්න 'චතුෂ ටෙක්නොලොජි සර්විස්'

    ReplyDelete
  20. අයියෝ මෙලෝ රහක් නැහැ.

    ReplyDelete
  21. <script style="text/javascript">
    function numberOfPosts(json) {
    document.write('ලිපි ගණන: <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');
    }
    function numberOfComments(json) {
    document.write('කමෙන්ට් ගණන: <b>' + json.feed.openSearch$totalResults.$t + '</b><br>');
    }
    </script>
    <font color="red"><script src="http://chandanadm.blogspot.com/feeds/posts/default?alt=json-in-script&callback=numberOfPosts"></script>
    <script src="http://chandanadm.blogspot.com/feeds/comments/default?alt=json-in-script&callback=numberOfComments"></script></font>

    මේකේ chandanadm.blogspot.com කියන තැන් දෙකට ඔයාලගේ බ්ලොග් ලින්ක් එක දෙන්න. Font color කියන තැන තියන red වෙනුවට කැමති පාටක් දෙන්න. JAVA SCRIPT එකකට ඔබා ගන්න.
    ඕන් කොලා..

    ReplyDelete