20 December 2012

වෙච්ච දේ...

“ඒයි මේ.."

“ඇයි මොකද..?"

“පොල්ලෙන් ගහනවා වගේ අහන්නේ නැතිව ඇයි මොකද කියල අහන්නකෝ..."

“හුටා... මං ඒ පොල්ලෙන් ගැහුවද... හරි හරි සුදූඌඌඌ කියන්නකෝ බලන්න මොකද කියලා..."

“ආන්න එහෙම එන්නකෝ මෙයා.. මේ ඒක නෙවෙයි..."

“ඒක නෙවෙයිනං කෝකද..?"

“ඔය ආයෙමත් පොල්ලෙන් ගහනවා වගේ..."

“සොරි සොරි මෙයා... කෝකද වස්තුවේ...?"

“හී හී... හරි හුරතල්... මේකයි..දැන් මෙහෙම හැමදාම හිටියැකිද..?"

"කොහොමද..?" 

ඔය ආයෙමත්... අනේ මංදා ඔයා එක්කනං කතා කරන්න බැහැ..."

“වැරි සොරි මෙයා..ඒ මං අහන විදියනේ.. පොල්ලෙන් ගහනවා නෙවෙයි..ඉතිං කියාගෙන යන්නකෝ බලන්න..."

“දැන් අපිට හැමදාම මෙහෙම හිටියැකිද පිළිවෙලක් නොවී... ඒ හින්දා අපි දැන් පිළිවෙලක් වෙන්න ඕන නේද..?"

“මොම් මොකක්..පිළිවෙලක්.. ඇයි දෙයියනේ දැන් පිළිවෙලක් නැතිවයෑ.. මේ බලන්නකෝ... ඔයා ලස්සනට ඇදලා කරලා ඉන්නවා... හරි පිළිවෙලයි... පිටින් බැළුවම කිසිම දෙයක් පේන්නේ නැහැ.නරකක් හිතෙන්නෙම නැහැ.. ඉතිං ඔයිට වඩා කොහෙද පිළිවෙලක්.."

“හරි නරකයි... මං කිව්වේ ඒකක් නෙවෙයි අනේ... අපි කවද්ද බඳින්නේ.."

“හුටස්... ඉස්මොල්ලේ යන කතා කියන්න එපා සුදූ මේ යහතින් ඉන්න වෙලාවේ... මේ හදිසියේ මොන බැඳිළිද..?"

“ඔයාටනං හැම එකම විහිළු... අපේ අම්මලා තාත්තලා අහන ප්‍රශ්න වලට මං මොනවද කියන්නේ.. හැමදාමත් මට එයාලට පුප්ප පුප්ප හිටියැකිද මට ඕන නැති මඟුලක් නැහැ කියලා... ඔයාටනං මේවා තේරෙන්නේ නැහැ..ඉහි ඉහි..."

“මලා..පටන් ගත්තා නේද ටැප් එක අරින්න... හා හා නාඬා... මං අඬන්න දෙයක් කිව්වෑ... අම්මපා මේ කසාඳේ කියන මඟුල හොයා ගත්ත එකා මට අහු උනානං අර ඇපල් නිව්ටන් එක්කම එකට තියලා හිටුවා පස් ගහනවා මං..අම්මපා..ඇත්තමයි... අපරාදේ අර රටක් වටින ධාතුසේන රජ්ජුරුවොන්ට මුං හිටුවා පස් ගැහුවේ..මරන්න තිබුනේ ඔය අරකයි මේකයි හොයා ගත්ත උන්වනේ... මුං මැරිලත් අපිට නිවනක් නැහැ.. ෂික්.."

“ඒකත් විහිළුවට ගත්තා... මට දැන් ජීවිතේත් එක්ක එපා වෙලා තියෙන්නේ... හැමදැම අම්මටයි තාත්තටයි සැර දාලා මට දැන් ඇති වෙලා... මට ගෙදර ගියත් සැනසීමක් නැහැ.. අම්මලා මාව කතාවට අල්ලගෙන බඳින්නේ නැද්ද අහනවා... ඔයා එක්ක හිටියත් සැනසීමක් නැහැ..කිසි දේක බරක් පතලක් නැහැ මං කියන කිසි දෙයක් කනකට ගන්නේ නැහැ... වැඩට ගියත් සැනසීමක් නැහැ... එතන උනුත් කවද්ද අපිට කේක් කිය කිය කරදර කරනවා.. මං දවසින් දවස වයසට යනවා... අහල පහල උන් බැදලා ළමයි හදං නිකං ඉන්නේ නැතිව මටත් ළමයි හදන්න එනවා... මටනං  දැන් මේ ජීවිතේ තිත්ත වෙලා.."

“හප්පා... ඔහොම අදින්න එපා ළමයා.. අර අහල පහල යන උන්වත් ඇදිලා එයි නහය දිගේ... හරි හරි අපි බඳිමු..එච්චරයිනේ ප්‍රශ්නේ... අද බ්‍රහස්පතින්දා නේද..? කච්චේරිය ඇරලා ඇති නේද..? කාට හරි කෝල් කරලා ගෙන්න ගමු සාක්කියට... නැත්තං කච්චේරිය අහල පහල ඉන්න දෙන්නෙක් අල්ලගෙන අත්සනක් දම්මව ගමු.. හා නැගිටින්න..යං.."

“මොකක්.. දැන් බඳින්න... මෙහෙම..අද..?"

“ඔව්..ඇයි... එතකොට ඔයාගේ ප්‍රශ්න ඉවරයිනේ... මං කැමති නැහැ ඔයා එක එකාගෙන් කතන්දර අහනවට..යං යං දැන්ම යං..."

“අනේ ඔයාට පිස්සුද අනේ.. අම්මලටවත් නොකියා... මේ හදිසියේ... අම්මපා මේ වගේ මනුස්සයෙක්... මටත් පිස්සු..රටේ වෙන මිනිස්සු නැතිවා වගේ මෙයාගේ කරේ එල්ලුනා.."

“හෝව් හෝව්... ඒ පාර මේ මොකද..කලින් බඳින්න කතා කලා.. දැන් බැහැ කියනවා.. මොකක්ද වදේ මේකේ තේරුම..? ඇයි දැන් අපිට බඳින්න බැරි..?"

“එහෙම කොහොමද..? එයිට කලින් ඔයා අපේ ගෙදර ඇවිත් අපේ අම්මලගෙන් අහලා ඉන්න ඕන.. එයින් පස්සේ එයාලත් කැමති විදියකට ටිකක් පිළිවෙලකට වෙඩින් එක ගන්න එපෑ... මොකද මං කියලා අනාථ කෙල්ලෙක්ද..? මටත් කියලා නෑදෑයෝ..යාළුවෝ ඉන්නවා නේද..?"

“මල සේක..එච්චර හරියක් කරන්න ඕනද..? හා එහෙමනං යං ඔයාලගේ ගෙදර.. මං අහන්නං අම්මලගෙන් දූ මට දෙනවද කියලා.. එච්චරයිනේ..?"

“ඔයාට පිස්සුද හැබෑට.. එහෙම ගහෙන් ගෙඩි එනවා වගේ එක පාරට ගිහින් අම්මලගෙන් එහෙමත් අහන්න... අනික එහෙම ගියාම එයාලා අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර ඔයාට තියෙනවද..?"

“ඒවා බලාගන්නේ මමනේ... යකෝ මං මෙහෙම හිටියට දැනුම මිනුම තරඟ කීයකට ගිහින් තියේද... දිනුවේ නැති එක වෙනම කතාවක්... මේ ප්‍රශ්න ටිකකට මං බය වෙනවද..? යං දැන්ම යං.."

“ මේ එහෙම නෙවෙයි... අද එපා.. ඔයා ඉරිදට එන්න අපේ දිහා... හැබැයි මතක ඇතිව ඔය වගේ එන්න එපා.."

“මොකක්.. මේ වගේ එන්න එපා... එහෙමනං කොහොමද එන්නේ..හතරගාතෙන්ද..? අනේ මංදා කාලෙකින් අඩියක් ගැහුවෙත් නැහැ තමා.. ඒත් ඉතිං ඔයා කියනවනං එහෙම නොකර කොහොමද.. මේ එයිට නරකද මං මේ විදියටම ඇවිත් පස්සේ ඔයාලාගේ තාත්තා එක්කම සෙට් වෙලා මොනවා හරි කලොත්... මාමණ්ඩිත් ජොලියට බර හාදයා නේද.. ෂැහ් ඒකත් හොඳයි..මං මෙහෙම ඇවිල්ලා එහෙදි වෙනස් වෙන්නං...?"

“ඒ පාර මරු දොඩවනවා... ඔහොම එන්න එපා කිව්වේ හතරගාතෙන් එන්න කියලා නෙවෙයි වදේ.. ටිකක් පිළිවෙලකට එන්න කියලා... කලිසමක් කමිසයක් ඇදලා.."

“හුටා.. යකෝ මං ඇඳලා තියෙන්නේ සීතාම්බර සළුවද..? මට විතරක් පේන ඔයාලට නොපෙනෙන ඇඳුම්ද..හත් ඉලව්වයි.. මෙච්චර වෙලා ඔයාලා මාව දැක්කේ ඇඳුම් නැතිවද.. විලි ලැජ්ජාවයි.."

“නැහැ අනේ... ඔය ඇදලා ඉන්න විදියට පට්ට ගිය ඩෙනිමක් අඳින්නේ නැතිව ටිකක් පිළිවෙලකට සූට් එකක් ඇඳලා ඔය බාටා කෑලි දෙක දාං එන්නේ නැතිව සපත්තු දෙකක් දාලා ලස්සනට එන්නකෝ..ටයි එකක්නං නැතිවට කමක් නැහැ..."

“හරි මඟුලක්නේ යකෝ මේක..මානව හිමිකම් උල්ලංඝණය කිරීමක්නේ... මදෑ මේ නිකං ඉන්න බැරිවට ගෑණු පරාණයකට කර ගැහුවා... මට දැන් වෙලා  තියෙන්නේ මකන කෑල්ලක් අරං මාවම මකලා ආයේම පැන්සලකින් ඇඳ ගන්න.. කොරගත්තයින් කොරගත්තේ නැහැ මෙහෙම ගොංකමක්.."

“හරි හරි සුදූ..කේන්ති ගන්නේ නැතිව එහෙමනං ඔන්න මං කිව්ව විදියට මේ ඉරිදට අපේ දිහා එන්න... මතක ඇතිව එද්දී අත් දෙක වන වන එන්නේ නැතිව හොදවැයින් කේක් ගෙඩියක් හරි ලොකු කෙසෙල් ඇවරියක් හරි අරං එන්න... කිරි හට්ටිනං එපා... අක්කගෙන් බේරගන්න බැහැ අහු උන ගමන් මූණේ ගාගන්නවා..."

“හනේ කාලේ වනේ වාසේ... අම්මලා අක්කලා නංගිලා ඔක්කෝමත් එකයි... හරි හරි ඕන මඟුලක් මං කේක් බැරිනං රොක් කේක් එකක් හරි අරං එන්නං.. මටත් සල්ලිවලින් වෙන කරන්න වැඩක් නැහැ මේ දවස්වල ගංගාව උතුරනවා වගේ සල්ලි උතුරනවනේ...හා..හා.."
-----------------------------------------------

මතු සම්බන්ධයි... කෙල්ලගේ ගෙදර ගිහින් මාරයාට මොකද උනේ.. මී ළග කොටසින් බලාපොරොත්තු වෙන්න...

58 comments:

  1. යකෝ හෙට ලෝක විනාසේ වෙනවා දාන මගුලක් අදම දාලා ඉවරයක් කරපන් :-D

    ReplyDelete
  2. ලෝක විනාසෙට කලිංවත් එක වෙයිද?

    ReplyDelete
    Replies
    1. මාරය ලෝක විනාසෙට කලිං විනාස වෙන්නද හදන්නෙ, නැත්තං හොට ෂුවර් එකටම ලෝක විනාසෙට ලෑස්ති වෙනවද?

      Delete
    2. ලේබලේ දැක්කෙ පස්සෙනෙ.
      මාරපාලනේ කිවුවට ඒ කෙල්ලනෙ මාරයව පාලනය කරන්නෙ.

      Delete
  3. හයියෝ ...... ලෝක විනාසෙ

    ReplyDelete
  4. ලෝක විනාසෙට කලින් කරන මගුලක් කරගනින්..

    ReplyDelete
  5. ශෝක් කතාව....:)

    ReplyDelete
  6. හි හි... අම්මපා මාරයා කිව්වට මේකත් අනිත් උන් වගේම මොළයක් නැති එකෙක් වගේ.... අර කෙල්ල මෙච්චර කියද්දිත් මේකා විහිළුවට ගන්නේ.. ඔහොම උන් නං නිකම් දුන්නත් එපා....

    ReplyDelete
  7. මාරයියාට මොකෝ උනේ? මේක ලියනවා කියන්නෙ මාරයියා තවම යහාතින් ඉන්නවා කියන එකනේ. එච්චරයි. නියමයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයත් මේකේ කමෙන්ට් දාලෝ :P

      Delete
    2. මාරයියා ඒ පැත්තේ ගියාට පස්සේ මදාරගේ බය නැති වෙලාද කොහෙද... හි හි

      Delete
    3. :පී මේ දෙන්නා එක නොට් කරන් ඉඳලා.

      Delete
  8. යකෝ බඳිනවට වඩා හොඳයි අර කවුද වගේ අනගාරිකව ජීවිතේ ගෙවනව..:) බැන්දම තව මොනව මොනව ගෙනියන්න වෙයිද දන්නෑ..

    ReplyDelete
  9. ලෝක විනාසය්......(21 නෙවෙය් )

    ReplyDelete
  10. මෙක මරු......

    අනිත් කථා මාලා වලට සිදුවූ දේ මේකටවත් නොවේවා............................

    ReplyDelete
  11. ලෝක විනාසෙ නම් මොන කෙංගෙඩියක් ද මේකනෙ යකෝ විනාසෙ....කොහොම හිටි කොල්ලෙක් ද මේ අපි වගේ වෙන්න යන්නේ.
    හයියෝ සංදුක්කාරේ.....
    කරුමේ කියන්නේ හිටගෙනම පල දෙන්න වගේ.....

    ReplyDelete
  12. පොල්ලේන් ගහනවා වගේ ඒවාට කැමති නැත්නම් පුතේ ප්‍රශ්නයක් ඈ...

    ReplyDelete
  13. චූචි චීචර් ගේ චූචි චෝච් එක - මීලඟ කොටස ලෝක විනාසයෙන් පසුව???

    ReplyDelete
  14. බ්ලොග් එකේ නම "මාරිගේ හෝරාව" කියල වෙනස් වේවිද..?? O.o

    ReplyDelete
  15. හුරේ මාරයාටත් මංගල සීනු ජය වේවා.

    ReplyDelete
  16. මඟුල මල මගුලක් වෙයි වගේ... :)

    ReplyDelete

  17. //“හරි හරි සුදූ..කේන්ති ගන්නේ නැතිව එහෙමනං ඔන්න මං කිව්ව විදියට මේ ඉරිදට අපේ දිහා එන්න..//.....
    මාරි නගා වර්ණ අන්ධතාවයෙන් පෙලෙනව වගේ...D

    ReplyDelete
    Replies
    1. නෑ මාරිට ඉන්වර්ට් වෙල පේන්නෙ. :D

      Delete
    2. නෑ බන් .මගුල ගැන ඇහුවම මාරයියා සුදුමැලි වෙන්ඩ ඇති

      Delete
  18. Total Comments: 29999
    මේක මාරයාගේ හෝරාවේ 30000 කොමෙන්ට් එකයි.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්ඩෙන් අර මැනටලේ දිනනවා...

      Delete
  19. අඩේ මමත් වතාවක් ඔහොම ගියා මෝදර පැත්තෙ කෙල්ලෙක්ගෙ ගෙදරකට . . අපරාදෙ කියන්න බෑ අවුරුද්දක් විතර යනකං කෑම, බීම සහ (නෑ එක්කොත් ඒව ඕනෙ නෑ)

    ReplyDelete
  20. අපොයි මරු විකාරෙන් දොඩවනවද ? හෙට එලිවෙන්න කලින් දෙවන කොටස දාන්න . නැත්නම් බලන්න කෙනෙක් නැතිවෙයි .

    ReplyDelete
  21. සුබ අනාගතයක් මචෝ... අපිත් ඔහොම ගියා... එහෙනුත් ඔහොම අපේ ගෙවල් පැත්තෙත් ආව..... ඊයෙ පෙරීද..... මගේ බ්ලොග් එකෙත් දාල ඇති.... සුබ මංගොලම් එහෙනම් මාරයටයි, මාරිටයි......

    ReplyDelete
  22. හෑ මාරෙ අයිය බඳින්නද යන්නෙ.එහෙනම් සුබ මංගලම් කිව්ව ඔන්න.

    ReplyDelete
  23. අපරාදේ අන්තිම මොහොතේ නේ සෙට් උනේ..... පට්ට ලිවිල්ල මචෝ... උපරිමයි....

    ReplyDelete
  24. මාතලන් කියල තියෙනව වගේ ම මරුවට ලියල තියෙනවා. ඊළඟ කොටසත් ඉක්මනට ම දාන්න.

    ReplyDelete
  25. ඔහු දරන දේශපාලන මතවාද පාක්ෂිකත්වය නිසා නිසා මාරයාට හරකෙක් මෝඩයෙක් කියන අයගෙන් මට අහන්නට ඇත්තේ මෙයයි. "තොපිට මේ වගේ ලස්සනට කතාවක් ලියන්න පුලුවන්ද ?" මමත් මාතලන් කිවූ දෙය නැවත නැවත කියමි පට්ට ලිවිල්ල මචෝ.
    කෙනෙකු දරා සිටින දේශපාලන දෘෂ්ටිවාදය නිසා ගොනා බල්ලා හරකා මෝඩයා කියන මහත්වරුන් ද ඉන්නේ යම් දෘෂ්ටිවාදයක් තුල මිස ඉන් පිටත නොවේ. මාරයා තුමනි. සිංහල බ්ලොග් අවකාශයේ කතන්දර කීමේ කලාව තුල අටම්පහුර ඔබෙන් උදුරාගත් කිරුල මේ ලිපිය සමග ඔබ නැවත දිනාගෙන ඇත.

    ReplyDelete
  26. පට්ටයි මාරේ.. මංතුමාටත් මේ ආකාරයේම ‍දෙබසකට මූන දෙන්න උනා පහුගිය දොහක.. ඉතිරි හරියත් දාමු‍කෝ බලන්න..

    ReplyDelete
  27. මාර පරාජය වත්ද??...
    ලියන එක නම් ලියල තියෙනවා නියමෙටම..

    ReplyDelete
  28. මාරයියේ මේ ලෝක විනාසේ වෙනුවෙන්ද?

    ReplyDelete
  29. ඊළඟ කොටසත් ඉක්මනට ම දාන්න.

    ReplyDelete
  30. මාර මල්ලියේ, මේ මොකද උනේ? මරඟන නැටුමකටවත් අහුඋනාද? මොනවා උනත් මාර විදිහට ලිය තියෙනවා

    ReplyDelete
  31. ඊළඟ කොටසේදී මාරයාට සත්‍යය වැටහී මේ මොන මඟුලක් දැයි අසා ඒ මඟුලටත් පයින් ගසා නැවත සුපුරුදු ජීවිතයට සපැමිණෙන සුඛාන්තයක් දැකීමට නොව ලොවේ පිරිමි සැමට උරුම දූඛාන්තයක් දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි..

    ReplyDelete
  32. nagitapan, me yaka maha dawaleth nidi

    ReplyDelete
  33. අන්තිම මොහොතේ ගැහුවා නේද මදනාය ඔලුවට?

    ReplyDelete
  34. ඒ මැරෙන්න කලින් ඉතුරු ටිනත් දාපන් මාරයියේ

    ReplyDelete
  35. හෙට මාරපරාජය කලොත් ඊ ළගට මාරපාලනයට ගන්න බලන්න
    දැන්ම ඉතින් ඔයදෙවල් කර නොගත්තොත් ....?

    ReplyDelete
  36. ඔය දැං නේ ඇත්ත කියන්නේ.මාරයා තනිකඩ ජීවිතේ සැපයි කියන්නේ අර නරියා මිදි තිත්තයි කියන්නා වගේ නේ.මේකා එක්ක කෙල්ලෙක් කෝමද ඉහ ගහලා ඉන්නේ.අන්තිම කතාවෙන් කියයි ඊට පස්සේ කාත් කාවුරුත් නැතුව මාරයා කාලයක් දුකෙන් ජීවත් උනා කියලා.

    ReplyDelete
  37. අනේ මාරයාටවත් නිදහසක් නැති හැටි..ගහපන් මාරයෝ ගහපන් කර ගහපන්.....ඔන්න බලා හිටපල්ලා මාරයා ළඟදීම බ්ලොග් ලියන ඒකත් අඩු කරන්න හදන්නේ...අයියෝ...........

    ReplyDelete
    Replies
    1. අඩෝ මාරයියේ දැන් // තනිකම ආත්මය කරගත්.. වින්දනීය මනසක උරුමය ඇතුව උපන්.. තවත් එක කරුමක්කාරයෙක්...// කියන එකෙන් තවත් එක කරුමක්කාරයෙක් කියන එක තියලා අනිත් ටික අයින් කලානම් හරි නේද?

      Delete
  38. අදම බැඳපන් මාරයියේ.. ලෝක විනාසෙ උනොත් මේකෙ ඉතුරු ටික කියවන්ඩ වෙන්න අපායෙ ඉඳන්..

    ReplyDelete
  39. අඩේ!! මාරයා ද මෙහෙම ගියේ???

    ReplyDelete
  40. පට්ටටම ලියලා තියෙනවා .ඇත්තටම හරිම දුක හිතෙන කතාවක් මාරයියේ .ඊලග කොටසත් ඉක්මනට ලියන්නෝ :D

    ReplyDelete
  41. මේකට නම දාන්න තිබුනෙ මාර පරාජය කියල.මොනව උනත් ලගදි කෙක්නම් කට්ටියටම කන්නසෙට්වේවි වගේ

    ReplyDelete
  42. අයියෝ කසාද බදින එක මෙච්චර කුජීතද ???

    ReplyDelete
  43. හික්....ඉතුරු ටිකත් ඉක්මනින් දාමු බලන්න.....

    ReplyDelete
  44. හී.. මාර කතාවක් නේ.. දෙබස් විතරයි :D

    ReplyDelete
  45. හෙහේ නියම කතාවක්..ඉකිමනටම අනිත් කතාවත් ඕනේ....

    නිරෝගි වේවා...සැප වේවා..

    ReplyDelete