21 December 2012

අපරාදේ...

දැන් ඉතිං හෙටත් වැඩට යන්න වෙනවා... ඉරිදට පොලේ යන්න වෙනවා... බයික් එක ඉදල හිටලවත් හෝදන්න වෙනවා. හප්පා රෙදි හෝදන්නත් ඕන... උයන්නේ නැතිව කන්න හැටියක් නැහැ... 

ඒ ඔක්කෝමත් හරි කියමුකෝ.. ඊයේ හවහා වැස්ස පෙනි පෙනි ඉක්මනට එන්න හදිසියට ගාලු පාරේ පේමන්ට් එක උඩින් බයික් එක පැදං ගිහින් පොලොසියට අහු වෙලා වෙච්ච කෙලිය... එක්කෝ ඌ දඩ කොලයක් දුන්නනං එකක්.. කෙලින්ම උසාවි... ලයිසම පොලීසියේ... අද මේක උනානං මම මැරෙන්නේ නීතිය ඉදිරියේ අච්චු නොකෙරුව මගේ ආදරුසමත් චරිතයත් ආරක්ෂා කරගෙන.. දැන් ඉතිං ජනවාරියේ ඉස් ඉස්සෙල්ලම හා හා පුරා කියලා ගෙහුං උසාවියක කූඩුවට නැගලා “වැරදිකරු සුවාමිනි" කියලා කියහංකෝ ලැජ්ජා නැතිව.. එයින් පස්සේ මමත් උසාවියක දඩුවමකට අහු වෙච්ච එකෙක්.. ෂික්.. ඒ හැම දේකින්ම නිදහස් වෙන්න තිබුන එක නේද මේ හේදිලා ගියේ...

දැන් ඉතිං ඒ ඔක්කෝම ඉවරයි...

හැමදේටම වඩා දුක වෙන එහෙකට නෙවෙයි..වැරදිලාවත් ඕකෙන් බේරිලා ඉතිරි උනානං... ඇදුම් ඇතිව හෝ නැතිව..ආතල් එකේ බිලී පිත්තකුත් අරං ඉතිරිවෙලා තියෙන කොහේ හරි දිය කඩිත්තකට බිලී කොක්ක දමාගෙන මහ හයියෙන් සිංදුවක් කියාගෙන ඉද හිට මාළුවෙක් අල්ලං අර පිහි දෙකෙන් එකක් අරං මාළුවාව සුද්ධ බුද්ද කොරලා..ගිනි ගලෙන් ගින්දර ටිකක් හදාගෙන රොඩු බොඩු ටිකක් අවුලවලා මාළුවාව පුළුස්සං කාලා හිතේ හැටියට ඇවිදලා..හිතුන තැනක වැටිලා නිදියලා පාඩුවේ ජිවත් වෙන්න තිබුන නේද කියලා හිතෙන එකනේ...

ඇයි දෙයියනේ දෛවය මේ තරං අකාරුණික...

මේ..ඒක නෙවෙයි ඔය මායා වරුන්ට අමතරව අර ඉන්කා වරු කියලා ජාතියක් හිටියා නේද..? නැද්ද උන්නැහේලවත් කොටාපු පරණ කැලැන්ඩර් එහෙම... අතර මගදී ගල අහවර හින්දා කොටන එක අතෑරලා දාපු...

නැහැ ඉතිං මං කියන්නේ අපිටත් කියලා හිත හදං ජීවත් වෙන්න මොනවාම හරි බලාපොරොත්තුවක් තියෙන්න එපෑ..නැද්ද මං අහන්නේ..?

76 comments:

  1. Replies
    1. අයියෝ ශල්ලි...ඔය වගේ කේස් වලට ලංකාවෙ උසාවි අරිනවද? :-O :-O
      වැරදි කරු ස්වාමීනී කිව්වැයින් පස්සෙ මොකද කරන්නෙ?

      Delete
    2. ඔව් ඔව් 1 තමා..:D

      පොලිසිවලට එක්තරා කෝටා එකක් තියෙනවා අනිවාර්යයෙන්ම උසාවි දවසට දාන්න ඕන නඩු ගාන වගේ... එතකොට වෙනම ටාගට් තියෙනවා දඩ ආදායම මේචරක් විය යුතුයි වගේ.. ඒකයි ඔය රෙද්දවල්... නැත්තං එවෙලේ දඩ ගහන සිස්ටම් එකක් ආවනං අපිටත් ලේසියි..රජයේ ආදායමත් ඉක්මන්.. අනවශ්‍ය නාස්තියත් අහවරයි...

      වැරදිකරු කිව්වට පස්සේ කෙලින්ම මෙච්චරයි දඩය කියනවා... එයින් පස්සේ මාව කූඩුවට දානවා..කාව හරි එක්ක යන්න ඕන දඩේ ගෙවලා ඒ රිසිට් එක කූඩුවට දීලා මාව එතනින් එළියට ගන්න...

      ඉස්සරම ඔය වගේ අනිත් අයගේ දඩ ගෙවන්න මං ඇති පදං ගම්මපහ උසාවියේ ගාටලා තියෙන හින්දා සිස්ටම් එකනං දන්නවා.. ඒත් දැන් ඒවත් වෙනස් වෙලාද දන්නේ නැහැ.. එක්කෝ වෙනස් වෙලා නැතිව ඇති.. මේක ලංකාවනේ.. තාමත් සුද්දා හදලා ගිය රූටින් එකේ දුවන දේවල්නේ වැඩි..

      Delete
    3. එහෙනම් ජනවාරි මාසෙ ඉඳලා අපට ආස්සරය කරන්න වෙන්නෙ හිරෙ විලංගුවෙ වැටුන මාරයෙක්ව නේද?!
      සන්තානම් මෑණියනීඊඊඊඊඊඊඊ!!!!!!

      Delete
  2. ///ගාලු පාරේ පේමන්ට් එක උඩින් බයික් එක පැදං ගිහින් ///

    අනේද කියන්නේ.. උසාවි දාලා බේරුනා ඇති...

    මං හිතන්නේ මාරයියා දාපු කොටම පෝස්ට් එකද කොහෙද මේක... හි හි

    ReplyDelete
    Replies
    1. උසාවි කේස් එකත් වෙනසක් වෙන ලකුණු ඊයේ රාත්තිරියේ පහල උනා... ඒ මේ බ්ලොග් පෝස්ට් එකටයි..බ්ලොග් කෙරුවාවටයි.. එකෙන් දැන හැදින ගත්ත “මිනිස්සු“ හින්දයි... බලමු හෙට වෙද්දී කිව්වැකි වෙච්ච දේ...

      නැහැ මං දාපු කොටම පෝස්ට් එක මෙන්න මේක...

      හැබැයි කොටම පෝස්ට් එකට තමා ඒ කාලේ වැඩිම ප්‍රතිචාර තිබුනේ... මෑතකදී තමා ඒක වෙනස් උනේ...

      Delete
  3. උඹට එහෙනං ෂුවර් එකටම අන්තරාදායී රිය පැදවීම දාල ඇති. කෙලිංද 1000 ක් දඩ. හැබැයි නඩුකාරය හොඳනං පෙරකදෝරුවට දෙන ගාන බේරගත්තහැකි. මොකද ඕකට පෙරකදෝරුවො ඇල්ලුවෙ නැතුව තමුං කෙලිංම ගිහිල්ල වරදකරු ස්වාමීනි කිවුවත් ගහන්නෙ ඔය දඩේමයි. අත්දැකීමෙං කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආ ... මෙන්න ආණ්ඩුව පෝසත් කරපු තවත් කෙනෙක්.

      Delete
    2. එවෙලෙම ලයිසන් එක අරන් රු.1000 ක දඩෙත් ගහලා සතියකින් විතර ලයිසන් එක නැවත දුන්නනම් වැඩේ හොඳ නැතිද? මේ දවස්වල උසාවි වලට නඩු විභාග අඩුද ඔය වගේ කේසුත් අරන් කාලෙ කකා ඉන්න?

      Delete
    3. හික් හික් ... නීතීඥ මහත්තුරුත් ජීවත්වෙන්නෙපාය.

      Delete
    4. සුදු ඉර කපල අහුඋන දවසක පොලිසියේ කෙනෙක් කිව්වා මෙන්න මෙහෙම ....
      "අනේ සර් , හවසට උසාවි කේස් දහයක් වත් ඕ.යි.සී මහත්තයට පෙන්නුවේ නැත්නම් අපිට කුණුහරුපෙන් බල්ලන්ට වගේ පලු යන්න බනිනවා.. අපිත් කියල මොනවා කරන්නද .. ඉහලින් එන ඕඩර්ස් නේ ?"

      පේමන්ට් එකේ ගියා නම් ඉතින් පොඩි පාඩමකුත් ඉගෙන ගත යුතුයි නේද ..හි හි :)

      Delete
    5. 1000යිද ප්‍රසා... මං මේ හරියටම දඩේ ගාන දන්නේ නැතිව හිටියේ... පෙරකදෝරුවෝනං කොහොමත් අල්ලන්නේ නැහැ..ඔය වාහන නඩුවලට මං යාළුවන්ගේ ඒවට බරට ගිහිං තියෙනවා... අපි කවදාවත් පෙරකදෝරුවෝ අල්ලන්නේ නැහැ.. වැරදිකරු කියන්න මොකටද පෙරකදෝරුවෝ... හැබැයි ඉතිං එහෙම අපි කූඩුවට නැගලා අපිම කතා කරද්දී අරුං කන්න වගේ බලං ඉන්නවනං තමා.. උන්ගේ 500 කෑල්ලක්නේ අහක යන්නේ... (දැන් 500ටත් වැඩිද දන්නේ නැහැ.. ඉස්සරනං ඒක තමා ගාන)

      ඔවෑන්නං පාඩං ඉගෙන ගන්නේ නැහැ බං මලාට.. මොකද නොදැන කරන දේවල් නෙවෙයිනේ... කරන්න දෙයක් නැති කමට කරන දේවල්... තෝරු මෝරු එක්ක යද්දි සෙනග නැත්තං පේමන්ට් එකෙන් අල්ලන එක කරන්න වෙනවා..ඒක ඉතිං බයික් එකක් පැදපු එකෙක්ම තමා දන්නේ... කරුමෙට ඉතිං කෙලවෙන වෙලාවල් තියෙනවා...

      Delete
    6. කිතුලට නැගපු එකාටත් නිදහසට කරුණු තිබුනලු... හි හි...

      Delete
  4. මොකද, හිතේ දුකට පැල් කවි කියවෙනව ද?

    බය වෙන්න එපා අනේ, අද දවස තාම ඉවර නෑ. අපි ප්‍රාර්ථනාකරමු කොහාම හරි ඕක වෙන්න කියල. :)

    උෂාවි යන්න? ඇයි අයියා අර පොලිස් කොස්සට කිව්වෙ නැත්ද මම අහ-වලාගෙ මිනිහෙක් කියල. :)

    ReplyDelete
    Replies
    1. දුකයි කියන්නේ පට්ට දුකයි බං... බලහං අදත් වෙනදා වගේම ඉර පෑව්වනේ... කොහොමට ආතල් එකේ ඉන්න තිබුන දවසක්ද මේ නාස්ති උනේ.. ෂිහ්...

      අයියාගේ නම කියලා බේරෙන්න මං කැමති නැහැ බං... අයියනං කියලා තියෙන්නේ ඕන තැනක..ඕන වෙලාවක කියන්න කියලා... ඒත් හරි නැහැනේ බං මේ වගේ කේස්වලට කතා කරන් එක නැද්ද මං අහන්නේ...
      (එහෙමවත් කියමු)

      Delete
  5. ඒ පොලිස්කාරයා මොකාද ඈ?? අන්න ආදරුසමත් නිලදරුවෝ..

    ReplyDelete
    Replies
    1. මොන ආදරුසමත්ද බං... මගේ කොලේ ලියද්දිම එතැනින් තව 10ක් විතර ගියා කිසි ගින්නක් නැතිව... කතා කර කර ඉන්න මට වෙලාවක් තිබුනේ නැහැ..වැස්ස පෙනි පෙනි හිටියේ... ඒත් එයින් විනාඩි පහක්වත් යන්න කලින් වැස්ස පටන් ගත්තා...

      Delete
  6. බය වෙන්න එපා මාරයියේ .මලින්ද මාම මොකක් හරි බලාපොරොත්තුවක් දෙයි හිත හදන් ජීවත් වෙන්න හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔක්කෝමත් හරි දැන් ඉතිං ආයෙම මුල ඉදන් උන්දැට සපෝට් කරන්නත් එපෑ.. එපා වෙනවා බං... මේ කිසි වදයක් නැහැනේ වැඩේ උනානං...

      Delete
  7. බය නැතුව ගිහින් දෝෂාභියෝගයට එකහෙළා විරුද්දයි ස්වාමිනි කිව්වනම් දඩ ගෙවන්න ඕනනෑලු

    ReplyDelete
    Replies
    1. දන්න කියන කිහිප දෙනෙක්ම දැන් ඔය කතාන කිව්වා නෙව... ට්‍රයි එකක් දෙන්න ඕන... හැබැයි දැන් ඔය ඕකට විරුද්ධ උන හැමෝගෙම ඒවට කත් අදින්න ගියොත්නං එතන තවත් අවුලක් වෙලයි නවතින්නේ.. අනේ මංදා කල ගුණ සලකලත් බැහැ..නොසලකලත් බැහැ... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...

      Delete
  8. යුෂ්මතා වැරදිකරු ද, නිවැරදි කරුද?

    ස්වාමිනි මං මුරකරු :D

    - එන්න අපේ පැත්තෙත් මම කිහිලිකරු බ්ලොග් එක ලියන වින්සන්කරු.

    ReplyDelete
    Replies
    1. හැබැයි මටනං කෙලින්ම ඔය මුරකරු කතාවත් කිව්වැකි තමා... :D

      Delete
  9. මේ.... මේ.... අර... මේ... ඔය අහවල් එකට ගෙනාපු.... කයි තෙල් බෝතලයක් එහෙම නෑ? දැන් ඉතිං උඹහැට වැඩක් නෑනේ ඒවයින්....

    ReplyDelete
    Replies
    1. පිස්සුද..ඒවා තියා ගන්නවා ඊ ළග එකට... හෙට අනිද්දම ඊ ළග දිනත් ප්‍රකාශයට පත් කරන්නේ නැතැයි කවුරු හරි... :D

      Delete
  10. `අතර මගදී ගල අහවර හින්දා කොටන එක අතෑරලා දාපු`...මේ අර කතාවක් තියෙන්නෙ ගල් යුගය ඉවර උනේ ගල් ඉවර වෙච්ච හින්ද නෙවේ කියල නේද මාරේ..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ ගල් තව තිබිලා..ඒත් හොඳට ගල් කපන්න දන්න උන් වද වෙලා ගිහිල්ලා... දැන් අවුලක් නැහැ මේ කාලේ ආයෙමත් හොද ගල්කාරයෝ බිහිවෙලා ඉන්න හින්දා අපිට ආයෙමත් ගල් යුගයකට යන්න පුළුවන්කම තියෙනවා... :D

      Delete
  11. ඕකනං උඹ රජතුමාගෙ මිනියෙක් කියල දැනගෙන උසාවියට ගෙන්න ගන්න කරපු මගඩියක්...!!! පරිස්සං වෙයං..!

    ReplyDelete
    Replies
    1. මටත් ඒ ගැන ෂැකයි... දෝසාභියෝගේ මගේ කර උඩින් යයිද මංදා... :D

      Delete
  12. ඔව් අප්පා.... අපරාදේ.... ඔය මගුල ආවේ නෑනේ....අපේ බලාපොරොත්තු ඔක්කොම කඩ කලා......

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ සමනළියේ.. ඇඩෙනවා...

      Delete
  13. ඇත්ත තමයි අපරාදේ.......

    ReplyDelete
    Replies
    1. හුම් හුම්.. දුක්ඛිතයි...

      Delete
  14. ලෝක විනාසය උනත් මෙවැනි පොලිස් කාරයන් සිටිය හැකිබව මං මීට පෙරත් මාරයට කිව්වානේ ඒක නිසා දුක්වෙලා පලක් නැහැ

    http://ctkumara.blogspot.com/2012/12/blog-post_3.html?showComment=1354550835067#c4777589566878876271

    ReplyDelete
    Replies
    1. ඉතිං බං මේක වෙන්නත් කලින් මූ මෙහෙම වැඩක් කල එකනේ අවුල..අඩුම ගානේ තව ටිකක් ඉවසලා හිටලා මේක උනායින් පස්සේ තිබුනේ නැද්ද ඕක කරන්න... ෂික්...

      Delete
  15. පොලොස් කාරයා පගාව ගන්නෙ නැතුව ඇත්තෙ ලෝක විනාසෙ වෙයි කියල බයට..

    ReplyDelete
    Replies
    1. ගන්න මං දෙන්න එපෑ... යන්න තිබුන හදිසියට මං ඒවට කතා කරන්න ගියෙත් නැහැ...

      Delete
  16. බය වෙන්න එපා ළඟදීම විනාශ කරලා දායි....

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කියනවනං ටිකක් විතර සැනසිමක් තියේ...

      Delete
  17. දුකා......යි අෆ්ෆා ලෝක විනාශේ කල් ගියානේ!

    ReplyDelete
    Replies
    1. හරියටම කල් ගිය දවස තාම දාලා නැහැ නේද බං..? ඵඟ දවසකනං හොඳයි.. කල් කල් යන්න ඔව්වා කොවුවත් කොහු කොහු වෙන්න ඉඩ තියේ...

      Delete
  18. හූ.. මම කිව්වනේ ඕක වෙයි කියලා.. දැන් ඉතින් උදෙන්ම ඇහැරලා වැඩට යා..

    ReplyDelete
    Replies
    1. කෙලවෙලා ඉද්දි හූ තියන්න එපා බං..හිතට මගේ දුකයි...

      Delete
  19. අදො.......... ඇයි ඒ ලෙවල් රිසාල්ට් බලන්න වෙනවා.. පේල් උණෝත් ආයි ක්ලාස් යන්න වෙනවා.. පාස් උණොත් රස්සාවක් කොරන්න වෙනාව.. මේව මතක් වෙනකොට ඇ‍ඬෙනවා

    ReplyDelete
    Replies
    1. කියන්න වදන් නැත.. කීදෙනෙක්ගේනං සුන්දර ප්‍රාර්ථනාවක්ද මේ ඇස් පනා පිටම බොඳ වෙලා ගියේ.. උඹේ කටෙත් පස්..මගේ කටෙත් පස්...

      Delete
  20. හයියෝ...... සල්ලි.... ලෝක විනාස වුනේ නැත්තෙ මොකද අප්පා.............

    ReplyDelete
    Replies
    1. කරුමේ..කරුමේ... වෙන මොකක්ද අපේම කරුමේ.. අපි එච්චරටවත් පින් කරලා නැද්ද කොහේද...

      පින් මදි වෙන්නැති සංසාරේ...

      Delete
  21. ඔව් බං මාත් බාස්ලට සල්ලි දෙන්න වෙලාව පහුවෙනකල් ඉන්න කල්පනා කරලත් ඔන්න ඔහේ දීලා දැම්මා.
    කාර්මික දෝශයක් නිසා ලෝක විනාසෙ 3013 ට කල් දාලයි කියලා කියන්නෙ.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නොදෝමකින්... ඒක තමා මේක වෙලා නැත්තේ... උඹ වෙලාවකට සල්ලි ගෙවන එකෙක්යෑ.. එහෙවු එකා වෙලාවට ගෙව්වම ලෝක විනාස කමිටුව තීරණය කරන්න ඇති ලෝක විනාසේ නොකරන්න...

      Delete
  22. //ගාලු පාරේ පේමන්ට් එක උඩින් බයික් එක පැදං ගිහින් පොලොසියට අහු වෙලා වෙච්ච කෙලිය//

    විලි ලැජ්ජා නැතුව කියන ලස්සන

    ReplyDelete
    Replies
    1. දැන් උඹ බබා ..... අනේ මගේ කට ....

      Delete
    2. අනේද කියන්නේ.. වරෙං නාවලා කුක්කු පොවලා දොයි කරන්න..උඹ බබා...

      Delete
  23. ඇයි යකෝ බූරු මාරයො.. තෝ අර මහ රජතුමාට කඩේ ගියපු posts වල links ටිකක් පොලිස් කාරයො දෙන්නට දුන්නනං හරිනෙ... එහෙනං උන් උසාවි ගිහිල්ලා කියයි උඹ පාරෙ හරියට යද්දි උන් තමයි කියලා pavement එකේ ගියේ... මෝඩයා! අච්චර කඩේ ගිහිල්ලත් හරියට වැඩක් කරගන්න බැරි හැටි. දැන් ඉතින් විඳවපං...

    ReplyDelete
    Replies
    1. හප්පට උඩු.. ඔය ඉන්නේ ඕන කරන එකා.. අනේ රත්තරං තාපසතුමෝ.. කෝ බං උඹ කිව්ව එක..? උඹ හින්දා තමා මේ හැම කෙලියක්ම...

      Delete
  24. කල්පනාවෙන් ඉස්සරහට දඩ විතරක් ගහලා නිකං ඉන්නෙ නැහැ ලකුණුත් දෙන සීන් එකක් එනවලු. ලකුණු වැඩි වෙන්න වැඩි වෙන්න ලයිසොම තහනම් කොරන කාලයත් වැඩි වෙනවලු ඒ වගේම උපරිම ලකුණු මට්ටමට ආවාම ලයිසොමට බඩු හම්බ වෙනවලු .......

    ReplyDelete
    Replies
    1. ඒ කේස් එකනං ටිකක් බායානක එකක් තමා.. ඕක දැන ගත්ත දවසේ ඉදන් මං වෙනදට වඩානං ඔය සංඥා ගැන එහෙමයි ඈත පේන වංගු සහ ඒවායේ අයින් ගැනයි හෙන කල්පනාවෙන් යන්නේ... කෝ ඒත් මේ වෙලේ නොහිතුව දෙයක්නේ උනේ...

      Delete
  25. අම්මපා මමත් ආසවෙන් හිටියේ ඔය මගුල වෙලා ඔක්කොම ටිකටම කෙලවෙලා යනකල්...කෝ මේ මගුල උනේ නෑනේ අම්මපා....

    ReplyDelete
    Replies
    1. එකෙක් කියලද.. අපි හැමෝගෙම එකම සුන්දර පැතුමට තමා මේ කෙල උනේ උමෝ...

      Delete
  26. හරි ඔන්න. මං ගානේ දෙසැම්බර් 29 ලෝක විනාශයක් දෙන්නම්. එදාටවත් ගෙදර හිටහං. ඉන්නේ නැතුව පස්සේ ඒක ඔට්ටු නෑ එහෙම කියන්නෑ ඕං.

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ එදාට මොනවා හරි කරගන්න හිතං ඉන්නවද..?

      Delete
  27. ආආආආ.. බේබිලා රේස් පැද්දට , කඩේ යන උන් පැද්දොත් දඩ. ...

    ReplyDelete
    Replies
    1. හිටහංකෝ මාත් රේසිං කාර් එකක් ගන්නකල්...

      Delete
  28. ලෝක විනාසෙත් අහවර එකේ අර චූටි ටෝච් එකට බැටිරිය දාන්න බලමු. තනියම ඉව්ව එකත් මදෑ මෙපමණ කාලයක්

    ReplyDelete
    Replies
    1. එහෙම දාන්න ගියොත්නං කොහොමටත් විනාසේ තමා...

      Delete
  29. මටත් ඔහොම වැඩක් 18දා සිද්ද උනා.ධර්මරාජය ලඟින් තියෙන short cut එකෙන් කාර් එක දැම්මේ ඉක්මනට නුවර ටවුම හරහා ගොස් උසාවිට යන්න. ත්‍රි විල් කාරයෙක් පාර එයාගේ අප්පාගේ බුදලය කියල හිතාගෙන පාර මැදින්ම හෙමින් යනවා. බොහොම ඉවසිලිමත්ව වැව රවුමට ඇතුල් උනාමත් ආයෙත් මේකා පර මැදම. කෙලින් සුදු ඉර කපා ගෙනම ඉස්සර කලාම ඉසසරහයින් trafic එකෙන් මාව නැවැත්තුවා.කාර් එක අයින් කරලා (බහින්නේ නැතිව) මම කිවා රාළහාමි උසාවියට යන්න පරක්කු වෙනවා එකයි දැම්මේ කියලා. ඔහොම ගියොත් උසාවියට තමයි යන්න වෙන්නෙ කිවුවත් මම කිවේ වැරැද්ද පිලි ගන්නවා මේ සැරේට සමා ව දෙන්න කියල. ඉතින් ශේප්. මම ඔය වගේ දෙතුන් වරක් trafic එකෙන්බේරිලා තියෙනවා හොඳින් කතා කරලා. මම අත්දැකීමෙන් කියන්නේ හොඳින් කතා කරලා ශේප් කර ගන්න පුළුවන්. ඒ උනත් මට ඉස්සරහ එකාව ලියනවා නම් මට බේරුමක් නෑ. මම මේ අද්දැකීමෙන් කියන්නේ. හොඳින් කතා කලොත් trafic පොලිසියෙන් බේරෙන්න පුළුවන්.(හැබැයි සිංහලෙන් කතා කරන්න ඉංග්‍රීසියෙන් කතා කලොත් වැඩේ හබක්) ඒ ගොල්ලන්ට බැන්නොත් හෝ පාට් දැම්මොත් ඉතින් කේස්ම තමා.

    සමරසේකර

    ReplyDelete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. අහෝ දුකකි.. මාර මල්ලියේ අපෝ මට උනදේ උඹ නිසා, ලෝක විනාසේ වෙයි කියල හිතාගෙන මමත් ගිහින් අර උබේ ලෝකවිනස බඩු ලැයිස්තුව ගත්තා. අපරාදේ බන්, දැන් මේ සුමානේ ජිවත් වෙන්න සල්ලිත් නැහැ. ඒ විතරක් යැ ඕක වෙන විදිය පොටෝ ටිකකුත් ගහගන්න කියලයි බලාගෙන හිටියේ.

    ReplyDelete
  32. බඩු හරි! උසාවියෙන් දායි අවුරුද්දකට හමාරකට හිරේ...කාලයක් යන කම් අපිට කතා සීරීස් එකක් කියවතහැකි හිරෙ වෙච්ච ජරමර ටික !

    ReplyDelete
  33. අනේ ඔහෙට ලෝක විනාසේ උන්නැද්ද ?මෙහෙ නම් වුණා ;)

    ReplyDelete
  34. අනේ අයියේ ලෝක විනාසේ උනානම් හොඳයි පොලිස් කාරයොන්ට අහුවෙනවට වඩා

    ReplyDelete
  35. දුකයි ඉතිං! ඒ උනාට රාජකාරිය ඉස්ට කරපු ඒ පොලිස් මහතාට මගේ ප්‍රමානය! මාරයාට සාතිශය මෙව්ව එක! අපේ පැත්තෙ ආවට තැක්ස් ලොක්ක :)

    ReplyDelete
  36. මම නීතිය ගැන දන්නේ බොහොම ටිකයි. ඒත් මම දන්නා එක දෙයක් තියෙනවා. "Practice goes above the Law" කියන එක. ඒ කියන්නේ නීති පොතේ මොනවා තිබ්බත් මේක එදිනෙදා පුරුද්දක් විදියට වෙනවා නම්, ඒක නීතිය විදියට පෙන්වන්න පුළුවන්. උසාවියේදී අභියෝග කරන්න පුළුවන් මේ වෙනුවෙන්. හැබැයි වැඩිය තෙල් පුච්චන්නේ නැතිව වැඩේ ගොඩ දා ගන්න එක තමයි කවුරුත් කරන්නේ. නැද්ද අපේ බ්ලොග් ලියන ලෝයර් මහත්තයෙක් එහෙම ?

    ReplyDelete
  37. ලෝක විනාසේ සිද්ද උනානන් හොඳයි කියන එවුන්ගේ පැත්තෙ තමයි මමත්. කරුමෙට නෙ උනේ නැත්තේ. උනානං ලබනසතියෙ විභාගෙ නෑ නොවැ

    ReplyDelete