22 December 2012

මතක හිටින්න කෑව කෑමක්...


මේ කෑම එක දැක්කම ඒ හැටි දෙයක් හිතෙන්නේ නැහැ නේද..?ඒත් ඒකත් එක්ක තියෙනවා අපූරු කතාවක්... ආන්න ඒ කතාවත් එක්ක තමා මට ඔය කෑම එක රහ වෙන්නේ...

------------------------------------------

අද උදේ උය උය  ඉන්න ගමන්නං මට මේක මෙහෙම ලියන්න හිතක් තිබුනේ නැහැ.. ඒත් උයා ගත්ත එක බෙදාගෙන කෑවට පස්සේ තමා යකෝ මේ ගැන ලියන්න ඕනනේ කියලා හිතුනේ... ඒ අපූරු අතීත මතකයක් එක්ක මේ කැම සම්බන්ධ හින්දා...

ඇත්තටම මේ සීන් එක උනේ බොහෝම අහම්බෙන්...

මං කලිනුත් කියලා තියෙනවනේ ඔය ඉස්කෝලේ යන එක නැවතුනායින් පස්සේ අතට අහුවෙන එක එක ජාතියේ වැඩ කොර කොර කිය කිය හරි හොයා සපයාගෙන කාලේ ගත කරපු වග... ඒ විතරක් නෙවෙයි නිකං ඉන්න කාලෙට මිනිස්සු ගෙදරට ඇවිදින් කතා කරං එක්ක යන වග ගොයං වැඩ කාලෙට... (හරි හරි මඩවන්න තමා ඉතිං)

එහෙම එක එක්කෙනාට නිකං කඹුරද්දී කාලයක් යනකොට කුලියට ගොයං කපන වැඩත් සෙට් උන වග මං කියලා ඇතිනේ... මෙන්න මේක අනෙත් ආන්න එහෙම සංදියක තමා...

වැඩි හරියක් හිතවත්කමටයි.. ටික හරියක් කුලියටයි කුඹුරු කප කප ඉන්න අතරේ දවසක් දා හදිසියේම වැඩ කර කර හිටිය කුඹුරක් අහලට ආව "පියා" අයියා මට කතා කොලා...

"ඩිංගක් මෙහෙට වරෙංකෝ රකුස් මල්ලියේ.." කියලා... (ඒ දවස්වල කස්ටිය මාව ඇමතුවේ රකුසා කියලා... ඒක උනේ චතුෂ චස්ස වෙලා අන්තිමට කොහොම හරි චස්ස රකුස් උනා... අන්තිමට රකුසා... ඕක ඉතිං සිංහලෙන් යකෙක් උනාට නිකං රකුසා කිව්වම ජපන් නමක් වගේනේ..මයෙත් මොකද කියලා මං ඉවසා වදාරලා හිටියා..)

"ඇයි බං පියා අයියේ කියාගෙන මාත් කප කප හිටිය දෑකැත්ත කරේ එල්ලං උන්දෑ හිටිය ඇළ කණ්ඩිය අහලට ගියා..."

"මල්ලියේ හෙට පිංකං කැපිල්ලක් තියේ..උදේම අපේ පැත්තට වරෙං ඕං"

"පිංකං කැපිල්ලක්.. ඒ මොකක්ද බං..?"

"මේ ගොයං කැපිල්ලක්ම තමා බං..උඹ වරෙංකෝ මං කියනවට.."

එහෙම කියලා "පියා" අයියා යන්න ගියා...

මාත් පහුවදා උදේ පාන්දරම මූණ කට හෝදං ගියා "පියා" අයියලයි අහ....

"පියා" අයියා තිරිවීලරේ එලෝන මනුස්සයා... බොහෝම සරල හාදයා.. කාටවත් කරදරයක් නැති.. උදව්වක් උපකාරයක් ඉල්ලුවහම නැහැ බැහැ නොකියා උදව් උපකාර කරන එකා.. ඒ හින්දා ඌ කිව්වම අපිත් ඉතිං උගේ වැඩකට නොයා හිටියේ නැහැ... කොහොම හරි එදා උදේ වැඩි කට්ටියක් හිටියේ නැහැ... පියා අයියයි..මායි තව එකෙකුයි.. ඔක්කෝම අපි තුන් දෙනයි...

බැලින්නං මේ ලියදි කෑලි දෙකක කුඹුරක් කපලා දීමක් තියෙන්නේ...

කුඹුර අයිති බොහෝම දුප්පත් පහේ වයසක ජෝඩුවකට... දුවා දරුවෝ දීග ගෙහුන් රටේ තැන් තැන්වල ජිවත් වෙන හින්දා උන්දලට මේ ජෝඩුව බලන්ට එන්ට ඒ හැටි කාලයක් නැහැ.. මුංදලා දෙන්නත් එකාට මෙකාට නැවෙන්න යන්නේ නැතිව තියෙන හැටියට කාලා වැටිලා නිදියන ඩබල... ළමයින්ට තිබුනා කියලා උන් මෙයාලට කොරපු මහ කෙංඩියක් නැහැ වගේම උන්ගෙන් අරක මේක ඉල්ලන්න ගියෙත් මෙයාලනං නෙවෙයි...

මෙතුවක් කාලයක් මේ ලියදි දෙකේ කුඹුරු කෑල්ල මේ ජෝඩුව තමන්ට පුළුහං හැටියට තනියම වපුරාගෙන කොලේ කපාගෙන හිටියත් මේ කන්නේ කුඹුර වැපුරුවට පස්සේ මහ උන්දෑ තරමක අසනීප ගානේ වැටිලා... ආච්චි අම්මට පුළුහං හැටියට කුඹුරට අළු පොහොර.. ගොම පොහොර යොදලා... වල් ගලෝලා..වතුර බැඳලා... ගොයම පරිස්සං කරගෙන තිබුනා.. ඒත් උන්දැට උනත් මේක තනියම කපලා පාහලා ගෙට ගන්ට හැටියක් නැති තැන තමා "පියා" අයියට දුක කියලා තිබුනේ... ඒත් නිකං නෙවෙයි අතේ තියෙන හැටියට කීයක් හරි දෙන්න මේක කපලා වී ටික ගෙට අරං දෙන්න කියලා... පියා අයියා හිත හොඳ මනුස්සයා වෙච්චි අපිටත් මේ වග කියලා දැන් නිකංම ගොයම කපලා දෙන්නයි සූදානම... මෙහෙම වැඩකදී කවදත් කර අරින ගතියක් නොතිබුන හින්දා අපි දෙන්නත් මේකට සැට් උනා...

උදේම පියා අයියලගේ ගෙදරින් පානුයි පොල් සම්බෝලෙකුයි කොටා බාලා තේ කහටත් බීලා අපි ගියා දෑකැති තුනකුත් අරං කුඹුරු කෑල්ලට... ගිහිං අහ අහ ඉන්නේ නැතිව පටන් ගත්තා කැපිල්ල... මෙන්න ටික වෙලාවක් යද්දී අර ආච්චි අම්මා එනවා කුඹුර දිහාවේ...

"හනේ පුතේ උඹලා අද එන වගක් කිව්වේ නැහැනේ... මං හිතුවේ නැහැ ඊයේ කිව්ව පරක්කුවට උඹලා අදම මේකට අත ගහයි කියලා... දන්නවනං මං මොනවා හරි උදේට හදං එනවනේ.. හිටහල්ලා මං විගහට කන්න මොනා හරි අරං එන්න" 

කියලා ගේ පැත්තට යන්ට හදද්දී පියා අයියා උන්දැව නවත්තගෙන අපි උදේට කාලා තේ කහට බීලාම ආව වග කිව්වා... දවල්ටත් මොනවත් හදන්න එපාය කුඹුරු මණ්ඩිය කෙලවරෙන් පාරට ගොඩ වෙලා තේ කඩෙන් මොනවා හරි කාලා ඇවිත් වැඩේ කරලා දෙන්නංය කියලා...

ඒත් අරුංදෑ නෙවෙයි ඒකට මනාප උනේ...

"තොපිට පිස්සුද යකුනේ... මේ වැඩ කරනවා මදිවට තව කඩෙන් කන්න.හිටහං මං තියෙන හැටියට දවල්ට කෑම ඩිංගක් හදං එන්න" 

කියලා උන්දෑ පිටත් වෙලා ගියා.. ඒ ගෙහුං ආයේ ටිකකින් තේ කහට ජොග්ගුවකුයි... වතුර කලගෙඩියකුයිත් ගෙනත් තියපි...

අවසානේ දවල් ඉර  මුදුන් වෙද්දී මෙන්න  උන්දෑ බැරි බැරි ගානේ ලොකු පංකොල මල්ලක අඩුම කුඩුම වගයක් ඇන්න ඇවිත් අපිට දවල් කයියට කතා කලා... ඕවිටේ තිබුන ලිදෙන් අත පය හෝදං අපිත් උන්දැගේ පුංචි පහේ කයිය කන්න සෙට් උනා...

ඇත්තටම ගොයං කයියකට ගියාම සමහර කුඹුරු කාරයෝ උපන් ගෙයි තියෙන කුම්මැහි කමට සමහර වෙලාවට කයිය හදනවා උනත් වැඩි හරියක් ගොයි මහත්තුරු කයි බත කියන එක දෙනවා ආයේ උස්මුරුත්තාවට එන තරමට කන්න.. කොහොමටත් ඔය කයි බතයි.. මල බතයි තරං මට වෙන කිසිම බතක රහක් නැහැ නෙව... දාන ගෙවල් බතයි දන්සැල් බතයි තියෙන්නේ එයිට පහලින්.. මගුල් බත එයිටත් පහළින් ඒ තමා මගේ ලිස්ට් එක..

මේ වයසක උන්දෑ මහා විසාලෙට නැතත් තමන්ට පුළුහං හැටියට පුංචි පහේ කයි බතක් හරි ගස්සං ඇවිත් තිබුනා... තම්බපු කුඹුරු හාල් බතට... උන්දැගේ ගෙදර හැදුන වැලක තිබුන කැකිරි ගෙඩියක් පහේ බැදලා උයලා... කට්ට කරෝල කටු හොද්දක් එක්ක පපඩං බැදගෙන එන ගමන් ගේ අහල තිබුන කොච්චි ගහක් හූරලා කොච්චි කරල් අහුරකුත් ඇන්න ඇවිත් තිබුනා...


කියන්න වචන නැහැ.. අරුන්දැගේ හිතේ තිබුන හිතවත්කමයි ලෙන්ගතුකමයි මුහු වෙච්ච ඒ වගේ බතක් ආයේ කවදාවත්ම මට කන්න උනේ නැති තරං... එහෙමත් රහක්.. කැකිරි වෑංජනෙයි කරෝල කටු හොද්දයි එක්ක බත් කන්දක් අනාගෙන..පපඩං තීරුත් එක්ක කොච්චි කරල් හප හප දුං විසි වෙවී එදා කාපු ඒ බත් එකේ රහ අදටත් මේක ලියන කොට මට දැනෙනවා... ඒ මං හිතන්නේ කෑමේ රහත් එක්කම අරුංදැගේ අත් ගුනෙයි හිත් ගුනෙයි දෙකම එකතු වෙච්ච හින්දා වෙන්ට ඕන...

ඒ කෑම වේලේ රහ අදටත් දැනෙන හින්දා තමා ඒ විදියට උයාගෙන කාලා බලන්න තාමත් මට හිත් දෙන්නේ... මං කෑම ගලපන්නේ අපේ තාත්තගේ ක්‍රමයට උනත් මේ වගේ අමතක නොවන විදියේ කෑම වේල් දෙක තුනක් හින්දා ඉඳ හිට ඒ ඒ විදියටත් උයලා බලන එක ඉබේම වගේ සිද්ධ වෙන දෙයක්... මේත් එදා ඒ ආච්චි අම්මා අපිට දුන්න කයි බත හින්දාම මතකයේ තිබිලා උයන කෑම වේලක් තමා...

උන්දලානං දැන් ජීවතුන් අතර නැතිවත් ඇති... ඒත් ඒ මතකයන් හැමදාටමත් මේ මාරයාගේ හිතේ කොනක තියෙනවා... බොහෝම රසවත්ව....



59 comments:

  1. Replies
    1. //කොහොමටත් ඔය කයි බතයි.. මල බතයි තරං මට වෙන කිසිම බතක රහක් නැහැ නෙව... දාන ගෙවල් බතයි දන්සැල් බතයි තියෙන්නේ එයිට පහලින්.. මගුල් බත එයිටත් පහළින් ඒ තමා මගේ ලිස්ට් එක.//
      අනිවා මචං...මටත් පොඩිකාලෙ කුඹුරු වැඩට උදව්වෙන්න ගියාම අම්ම..පන්කොල මල්ලෙ ගේන කැකුලු හාල් බත්ටිකයි,වෑන්ජනයි මතක් උනා...කොහොමත් ගොයම් කය්යක් කිව්වාම අපේ පැත්තෙ දානයක් ලෑස්තිකරනවා වගේ තමා...දකුනෙ කොහොමත් කැකුලු හාල වරදින්නෙ නෑ නොවැ.

      Delete
  2. කියල වැඩක් නෑ බං මේකනං නියම කෑම වේලක් තමයි.
    අනික ඒ වගේ වැඩ කරන වෙලාවට ඒ වගේ කෑම වේලක රහ කියල නිම කරන්න බෑ.

    ReplyDelete
  3. මම බැලුව පොලොසියෙන්වත් ආයේ කාලද කියලා.....

    ReplyDelete
  4. කයි බත් නම් ඉතිං මොනාද... කාල ඉවරවෙලා බඩට තට්ටු කරනකොට රබාන වගේ තමා... :)

    මලබත නම් සෙට් වෙන්නෙ නෑ... මතක ඇති කාලෙකින් මලබතක් කන්න ඉඳලත් නෑ,..

    ReplyDelete
  5. කැකිරි උයලා නම් නියම කෑමක් තමයි.මාත් ඔය කයි බත එක පාරක් කාලා තියෙනවා.සිරාවටම මාර රහයි.

    ReplyDelete
  6. ඔක්කොම හොදයි මාරයියෙ, ඔයා කෑම මතක් කරන වෙලාව තමයි හරියන්නෙ නැත්තෙ. ඇයි අප්ප.

    මට නම් අපේ අම්ම උයන කෑම තරම් මොනවත් රස නෑ. ඒත් කරුමෙට ඒව කන්ට වෙන්නෙ මාසෙට දවස් 5යි. සමහර වෙලාවට මාස දෙකකට සැරයක්.
    මම නම් දන්න තරමට ජීවිතේ ලොකුම දුක තමයි කඩෙන් කන්න වෙන එක. අවුරුදු ගානක් අත්විදිනව ඒක නම්.

    මාරයිය අතීතයට ආදරෙ කරන කෙනෙක්ද?

    ReplyDelete
  7. මට නිකං රස දැනෙනව දැනෙනව වගේ.දැන් නං බ්ලොග් 1 ලෝඩ් වෙනව.තැන්කුයි ඈ.

    ReplyDelete
  8. මට නිකං රස දැනෙනව දැනෙනව වගේ.දැන් නං බ්ලොග් 1 ලෝඩ් වෙනව.තැන්කුයි ඈ.

    ReplyDelete
  9. මාරය කොහොමත් දනට පිනට ලැදි එකානේ.....

    අර ප්ලේට් ලිශ්ට් එක මගේ ලිශ්ට් එකට 100% ම සමානයි.. හැබැයි පොඩි අවුලක් තියෙන්නේ කයි බතට හුඟාක් වෙලාවට සැට් වෙන්නෙ තම්බපු හාලේ බත් ( දුබුරු පාට ටිකක් ඇට ලිකු එක ) , හප්පේ ඇණ ගිලින්න වගේ.. හොදි එක්ක කවලන්වෙන්නෙත් නෑ ඇනෙන්නෙත් නෑ හරියකට .. එදාට ඉතින් පොඩ්ඩක් අවුල්... එහෙමයි කියල අපි අත අරියි ගේම.. කයියට අපේ පැත්තෙ බත් වගේම ඉතින් තම්බපු මඤ්ඤොක්ක අලයක් එහෙම වරදින්නේ කලාතුරකින්.. ඉතින් අර ගොදි මාළුපිණී එක්ක මඤ්ඤොක්ක ටිකක් යහමින්, බත් ඩින්ගිත්තක් බෙදාගෙන කනවා බුරිය ඉක්ක ගහන ගානට,..

    ආ වැදගත්ම දේ අමතක උනා කියන...

    කොච්චර කයි බත් කාල තිබ්බත් .. මං මීගොඩයට කුඹුරුවැඩ ගැන් මෙලෝ සංසාරේ දැනුමක් නෑ... දන්න එකම කෙරුවාව කැපිල්ල දාට ගොයන් තියන එකයි අදින එකයි විතරයි... එහෙමයි කියල ඉතින් කයියකට ආරදනා නොකර ඉන්නෙ නෑ කාරුත් ... බැරිවෙලාවත් ඉතින් මං කොල්ල කයි බතට ගියේ නැත්තං. කොත ගහපු බත් පිගානක් ගෙදරට වඩිනවා

    ReplyDelete
  10. මමත් පොඩි එකෙක් කාලේ කමතේ කාටුව නාගෙන, පිදුරු ගොඩේ පිනුම් ගසමින්, ගොම්පස් අල්ලමින්, මහ රෑ පැට්‍රොල් ලාම්පු එළියෙන් කොලගොන් ගහපු හැටි මතක් වුනා. ඒ වගේමයි කුරුණි පෙට්ටියේ අරන් එන, ගව් ගණනක් ඈතට සුවඳ විහිදෙන, අලුත් බත්, පොලොස් ඇඹුල, අල බැදුම, කුම්බලා හොද්ද, කැකිරි මාළුව, එක්ක බඩ පැලෙන්න ඇදබාපු හැටිත් මතක් වුනා. ඒ මතකය අවදි කලාට බොහොම ස්තුතියි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. කොලගොන් ගහපු හැටි මතක් වුනා

      මේ මොකද්ද අය්ය මේ... කොළ කියන්නේ මරදාන වගේ පොට් එකක්ද

      Delete
    2. ඔබ වැනි අද පරපුරේ අය පැරණි සිංහල යෙදුම් දැන නොසිටීම පුදුමයක් නොවෙයි. භාෂාව කොතරම් විකෘතිවී තිබේද යත් ගොන් යන වචනය වෛශ්‍යා යන වචනයටම බද්ධවී ගිහින්. ඒ ගැන ඇතිවන්නේ අනුකම්පාවක්. පෙළපොත් වලටම සීමාවී කටපාඩම් කර විභාග සමත්වන, අයට තම භාෂාවේ ඇති යෙදුම් පිලිබඳ ඇති දැනුම ඉතා අඩුයි.

      ගොයම් කපා, ඒ ගොයම් මිටි කමතට ගෙනත් ගොඩ ගසා, හරකුන් යොදා පෑගීමට සකස් කරන ලද ගොයම් ගොඩ, 'කොලය' නමින් හඳුන්වනවා. හරකුන් යොදා එම ගොයම් කොලය පාගලා තමයි වී ටික වෙන්කරගන්නේ. එසේ හරකුන් යොදා පෑගීමෙදී හරස් පේලියක් ලෙස, එකට බඳින ලද මී හරකුන් කීප දෙනෙක් තමයි යොදාගන්නේ. ඔවුන් එක කවයක් තුල සෑහෙන වෙලාවක් දැක්කිය යුතුයි. එසේ දැක්කීමට තමයි කියන්නේ කොලගොන් ගහනවා කියා.

      'පොට්' කියන්නේ ඉංග්‍රීසි වචනයක් නම්, එහි තේරුම 'කලය/මැටි බඳුන' කියන එකයි. මරදානේ එවැනි බඳුන් තිබෙනවාද? ඔබ එයින් ගන්න ප්‍රයෝජනය කුමක්ද?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. කොල ගොන් ගහනව කියන වචනෙ කොයි පලාතෙ භාවිතා වෙනවද කියල පැහැදිලි කරොත් නරකද? මොකද අපි දන්න කමත් බාසාවෙ ඔය වැඩෙට කියන්නෙ "කොළ මඩිනව, ගොයම් මඬිනව" නැත්තං "කොළ පාගනව" කියලයි.

      පොට් කියන්නෙ ඉංග්‍රීසියෙන් අරන් හදා කරල ගත්තු සිංහල වචනයක්. ඔබ දන්නව ඇති ඉංග්‍රීසියෙත් තියෙනව slang කියල යමක්. ඔය පොට් කියන එකත් අන්න ඒ වගේ slang එකක්. මුදලාලි, කඩ, පරිප්පු, අප්පච්චි වගේ මලයාලි වචනත් බේසම, බැනියම් වගේ ලන්දේසි වචනත්, විස්කිරිඤ්ඤ වගේ පෘතුගීසි වචනත් ලෝභ නැතුව භාවිත කරන පරණ මහතුන්ලට් පොට් අනිව ඩෙෆා වගේ වචන වලින් අලුත් අය බස නසනව පේන එකනෙ වැඩේ!

      Delete
    4. කොළ කියන වචනය මුලට එන යෙදුම් සබරගමු පළාතේ තිබෙනවා, කොලදින් = ගොයම් කැපීම, මදවීම සම්බන්ධ කටයුතු, කොලගොන් ගහනවා කියන එකත් ඒ පලාතෙමයි.

      සිංහල භාෂාවට වචන එකතුවීමේ කුමන නීතිය යටතේද ඔබ කියන (පොට්,ඩෙෆා, අනිවා,) වචන සෑදී ඇත්තේ කියන එකත් පැහැදිලි කලොත් හොඳයි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. ඉහත අදහස් දැක්වීමේ මදවීම යන්න මැඩවීම යනුවෙන් නිවැරදි වියයුතු බව කාරුණිකව සලකන්න. උපශාන්ත මහතාණෙනි. මා ඉංගිරිසි ඉගෙනගෙන ඇති ප්‍රමාණය අනුව slang යන වචනයට දෙන තේරුම් මෙසේය.

      1. informal language consisting of words and expressions that are not considered appropriate for formal occasions; often vituperative or vulgar

      2. a characteristic language of a particular group (as among thieves)

      3. fool or hoax

      4. abuse with coarse language

      මට තේරෙන ආකාරයටනම්, මේ පැහැදිලි කරදීම අනුව, සිංහල වචන අලුතෙන් slang ක්‍රමයට හැදුවොත් කොහොමට හිටීද?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    6. මේ මොකද මේ වෙන්නේ..... දෙන්නටම ටිකක් තරහා ගිහින් වගේ.... හි හි... තරහා ගන්න එපා ඉතිං.. පොඩි පොඩි වචන අවුල් වෙනවා නේ පරම්පරා දෙකක් අතර.. හිත් රිදෝ ගන්න ඕනේ නෑ....

      මාත් විචාරකතුමා ඔය ප්‍රශ්නෙට උත්තර දෙනකම් බලං හිටියේ.. මොකද ඔය වචනේ අහලා, යන්තම් තේරුමක් තිබුනත් හරියටම මතක තිබුනේ නෑ... මට මතකයි ඔය ගොයම් කොළේ වටේට අම්බරුවෝ යොදැගෙන, රෑ එළිවෙනකම් මැඬවීම කරන හැටි.. වී හුළං කරන හැටි එහෙම.... ඒත් දැං ඒ භාවිතා කරපු වචන නම් මතක නෑ.... අනිත් එක දැං නං ඔය ගොයම් කොළේ ගහන්නේ නෑ නේද.. කෙලින්ම අර සුනාමිය ගෙනල්ලා‌ නේ වැඩ කරන්නේ.. මං නං දැකලා තියෙනවා ඔය ඔක්කොම වැඩ ටික පොඩි කාලේ.. ඒත් දැං අපේ ගෙවල් පැත්තෙත් සුනාමිය ගෙනල්ලා තමයි ඔය වැඩ කරන්නේ.. මී හරක් ඇත්තෙත් නෑ....

      සිංහල භාෂාව කියන්නේ වෙනත් භාෂාවලින් චවන එකතු වෙලා පෝෂණය වෙච්ච භාෂාවක්... ඔය අතරට රස්තියාදු භාෂාවත් මේ රටේ තියෙනවා... මට මතකයි කාලයක් පත්තරේ ඒ ගැන ලිපි පෙලක් පළවුනා.. පත්තරේ නම් මතක නෑ මොකද්ද කියලා... නමුත් ඒකේ කියපු දෙයක් තමයි මේ වගේ දේවල් අපිට නවත්තන්න බෑ කියලා.. හැබැයි ඉතිං ඔය සමහර සාමාන්‍ය වචන වල “ඩබල් මීනින්ග්” එක අසභ්‍ය අර්ථයක් දෙන විදියට හැදිලා තියෙනකොට, අවශ්‍ය තැනකදි වත් ඒ වචන පාවිච්චි කරන්න බැරි වීමේ කරදරය නිසා තමයි කේන්ති යන්නේ....

      Delete
    7. ඔබේ අදහස් සමග එකඟ වෙමි.

      "හැබැයි ඉතිං ඔය සමහර සාමාන්‍ය වචන වල “ඩබල් මීනින්ග්” එක අසභ්‍ය අර්ථයක් දෙන විදියට හැදිලා තියෙනකොට, අවශ්‍ය තැනකදි වත් ඒ වචන පාවිච්චි කරන්න බැරි වීමේ කරදරය නිසා තමයි කේන්ති යන්නේ...."

      ඒකනම් හරියටම හරි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක


      Delete
    8. භාෂාවක් යනු ජිවත් වෙන හුස්ම ගන්නා සත්වයෙක් බඳු දෙයකි. කාලයෙන් කාලයට එහි සිදුවන වෙනස්වීම කාටවත් නැවැත්විය නොහැකිය ඉතා පරණ සිංහල පොතක් ගෙන බලන්න. එහි ඇති බොහෝ වචන සිංහල පාරිභාෂික වචන මාලාවෙන් හැලි ගොස් ඒවාට වෙන වචන ආදේශ වී ඇත. මෙය ජිවත් වන භාෂාවක ස්වභාවයයි. විචාරකයාට තියා සක්කරයාට වත් එය නැවැත්විය නොහේ. භාෂාවකට වචන එකතුවීමට , වෙනස් වීමට නීති , රීති , පටිපාටීන් තිබිය යුතුයි සිතනා මිනිසුන් භාෂාවක් ඇත්තේ කුමකටද වත් කියා නොදන්නවුන්ය.

      සෑහෙන තරමේ උගත් කමක් සහ වැදගත් කමක් ඇති මිනිසුන් අතර ඩබල් මිනින් වචන කිසිදු අපහසුවක් නොමැතිව එහි මුලික අරුත එන ආකාරයට භාවිතා කල හැකි බව අත්දැකීමෙන් දනිමි. එවැනි වචන භාවිතා කල විට අමනයන් මෙන් සිනා වෙන්නේ , ඔච්චම් කරන්නේ රස්සන්ය.... (Gutter Minded) . වචන භාවිතයේදී තමන්ගේ ප්‍රේක්ෂකයන් කවුරුන් දැයි හඳුනාගෙන සිටීම වැදගත් වේ....

      Delete
    9. ඔය ගොයම් කොලේකට මුවා වෙලා වෙඩි තියපු කතාව නේ ගොයම් කොලයක් පෙන්නලා මිනී මරපු එකා ගෙදර ඇරියේ.... කොහෙමෙයි අපේ ලෝයර්ස්ලා...

      Delete
    10. විචාරක,

      ඔබේ වයසට නොගැලපෙන ලෙස මීගොඩයා දුන් නොහික්මුණු පිළිතුර මම අගය නොකරමි, එයට එකඟද නොවෙමි. එහෙත් ඔබ වැන්නකු එයට මීට වඩා පරිනත ලෙස පිළිතුරු දී මඟහැර ගියානම් එය අප තුල ප්‍රසාදයක් ඇති කිරීමට තිබිනි.

      භාෂාව යනු නිරන්තරයෙන් අළුත් වෙන සජීවි ගසකි. එහි පැරණි කොල, පොතු හැලී නව දළු පොතු කලින් කලට ආවද කඳ සහ මුල එකම වේ. ඒ වෙනස දකින්නට සහ පිළිගන්නට සූදානම් නම් ඔබ මගෙන් ඇසු ප්‍රශ්ණ වල පිළිතුරු ඔබටම දැකිය හැකි වනු ඇත.

      Delete
  11. aiyalage oya rasawath athdakim widapu awasana paramparawa hatiyata api aththatama wasanawanthai kiyala hithenawa.apen passe lamainta harak ekka made natanta,kamathe hada eliye piduru gode sellam karanda,aga hirenakal kale awidinta awasthawak nathuwa giya.dan hadena lamain hagim danim nodenena yanthrika wela aththe ehema sundara dewal widinta nathi nisa wennathi..

    ReplyDelete
  12. මම නම් කැකිරි කන්නෙත් නෑ, කරෝල කන්නෙත් නෑ. නෑ කිව්වෙ ඉතිං නෑම තමයි. ඒත් තම්බපු හාලෙ බත්නම් කන්න ආසයි, පපඩම් නම් ඕන තරමක්. හැබැයි තෙල් බේරි බේරි තියෙන මාරයගෙ බත් එක දැක්කම මටත් බඩගිනි උනා.

    ReplyDelete
    Replies
    1. මෙයාගේ නොකන ලිස්ට් එකෙන් තවත් ටිකක්.. හි හි...

      Delete
  13. මාත් කැකිරි නම් කන්න ආස නැහැ... ඒත් මේ බත් පිගාන දැක්කම නම් කටට කෙල ඉනුවා...හික්....

    ReplyDelete
  14. සැබෑ කයියක් කන්න මම සිහින මවනවා. වෙලක් අයිනෙන් යන යන පාර මට සිහියට එනවා...ඒත් ස්ටිල් හෑඩ් නෝ ලක්. ඊලඟ ලෝකෙ විනාසෙට කලින්වත්...එහ්ම්ම්ම්ම්ම්!!!!!

    ReplyDelete
  15. අම්මපා මාරයියේ.. ඔයාගේ මේ පරණ කතා කියවනකොට මට නිකම්ම ඇඬෙනවා..

    ඇත්ත කතාව... අපිත් ඉස්සර යනවා නේ එහෙ ගෙදර ඒමිස් සීයාලගේ ගොයම් කපන දවසට.. මං නං කරන මඟුලක් නෑ කෝට්ටක් වන වන පාරට වෙලා බලං ඉන්න එක ඇරෙන්න.. ඒත් ඇඹුල බෙදනකොට ඒ ආච්චි අම්මා මටත් පැත්තකට කතා කරලා බත් බෙදනවා... වෙන කොහෙන්වත් කන්න එපා කියලා තිබ්බට ඔය බත් එක කනවට අම්මා නීති දාලා නැති නිසා මාත් ඇතිවෙන්න කනවා... ඒ ආච්චි අම්මා නැති උනත් හරි ඒ බතත් ඉවරයි... කුඹුරු කෙරුවාවත් ඉවරයි.. පස්සේ පස්‌ෙස් අනිත් ගෙවල් වල කුඹුරු වැඩ කරන කාලෙදි කෑවත් අර ඉස්සර රස නම් දැනෙන්නේ නෑ තමා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  16. මමනම් කයි බතෙන් ආසම උදේට දෙන ඉඹුල් කිරිබත් කන්න

    ReplyDelete
  17. දකින කොට කටට කෙල උනනවා. හප්පේ මාරයියේ ඔය කියාද මොකක්ද කියන එකට මාත් සෙට් වෙන්න ඕනේ ලන්කාවට ආව වෙලාවක.

    ReplyDelete
  18. පින්තූරේ දැක්කම බඩගිනි එනවනේ..:/

    ReplyDelete
  19. මාරයා කියන්නෙ බොහෝ ඇසූ පිරු තැන් තියන කෙනෙක්.. එහෙව් මිනිස්සු ලඟ ගොඩාක් අධ‍යාපනික දැනුමක් තියන මිනිස්සුන්ට වඩා දැනුමක් තියෙනව.. කතාවෙ සමහර තැන් ගොඩාක් හිතට දැනුන මරයෝ :)

    ReplyDelete
  20. මාර මචෝ, උඹේ කතා කියවනකොට මට හැමවෙලේම මාරයා තුලින් සුන්දර මිනිහෙක් පේනවා බන්.

    ReplyDelete
  21. යකෝ මාරයාගේ හෝරාව කියලා දාන්නෙ නැතුව රකුසාගේ හෝරාව කියලා මේකට දැම්මනං ඉවරනෙ...
    කැකිරි කන්න බැරි අය පිපිඤ්ඤා කන්න... ඒක හරි හොඳ කෑමක්...
    මටත් කමත් බත ගැන නම් අනන්ත අත්දැකීම් තියෙනවා... දවසක් රෑ එළි වෙනකල් පිදුරු ගොඩේ නින්දකුත් දාලා තිබුණා...
    ඉස්සර මී හරක් පස්සෙ දුවන එකත් හරිම විනෝදජනක දෙයක්...
    අනේ... කෝ ඒ තිබුණ අතීතෙ ?

    ReplyDelete
    Replies
    1. එයි උඹනම් නියම එකෙක් තමයි මචෝ.. පිපිඤ්ඤා කියල ලියන්න දන්නවනේ....

      Delete
  22. apita koyinda kayi bath kanna waasanaawak :( me pingana dakkahama nam kannamai hithenne :)

    ReplyDelete
    Replies
    1. පිගානද කන්න හිතෙන්නේ ?

      Delete
  23. කැකිරි කළු පොල් මාළුව... මම කැකිරි කන්න අකමැති නිසා අම්මා ඔය විදිහට උයලා දෙනවා.. එතකොට මාර රහයි..

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද අනේ කළු පොල්? අපේ ගෙදර ගෙන පොල් ඔක්කොම සුදු පාටයි.

      Delete
    2. කළුතෙල් පොඩ්ඩක් කවලම් කරහන්

      Delete
  24. goyam kai bathanam katha karanda deyak na machan

    ReplyDelete
  25. ගොඩාක් හොඳ බ්ලොග් එකක්.අපේ පැත්තටත් ඇවිත් යන්න එන්නකෝ.http://imalkiudana.blogspot.com

    ReplyDelete
  26. ඔයවගේ තැන්වලදි කන බතේ රස වැඩියි බං. ඒකයි. මං හිතන්නෙ ඕකෙ තියන විද්‍යාත්මක පැත්ත, මහන්සි වෙලා, බඩගිනිවෙලා ඉන්න වෙලාවට කන කෑම බොහොම රසවීම. කවදාවත් කයියක බතක් නීරස වෙලා තියනවද? මට නං නෑ.

    ReplyDelete
  27. bath eka dakkama nam asa hithenawa marayo....

    ReplyDelete
  28. බඩගිනි දැනුනා මාරයෝ මේක දැකලා! :)
    ඇත්තටම ඒ තමයි අත් ගුනෙයි හිත් ගුනෙයි දෙකම එකතු වෙලා එන ලස්සනම ගුනේ..."මනුස්සකම"

    ReplyDelete
  29. අපිටත් කුඹුරු ගානෙ ගාටල කාල පලපුරුද්ද තියෙනව ඈ..
    ඒත් ඔයවගේ නම් කෑමක් කාල නෑ..

    ReplyDelete
  30. රසවත් කෑම වේල...ඒ මං ඊයේ අර පතෝල එක හැදුවා..රසයි කිය කිය කෑවා කස්ටිය..

    ReplyDelete
  31. ඉඳලා හිටලා හරි කරෝලා බැදලා වේලිච්ච මිරිස් බැදුමකුත් එක්ක පොල් සම්බෝලේට සුදු බත් කද්දීත් මාර ෆීලින් එකක් එන්නේ.

    ReplyDelete
  32. රකුසා...!!! අපරාදේ කියන්ඩ බෑ ඒ කාලෙත් හොඳට ඇස් පෙනීම තියෙන යාළුවො ඉඳලා තියෙන හැඩයි..
    අපේ කුඹුරු වැඩ වල..උදේට ඉඹුල් කිරිබත් එහෙම නැත්නම් කෑලි කිරිබත් කට්ට සම්බල් එක්ක..දවල්ට හාල්මැස්සන් හොද්ද ඒකට දානවා ලපටි පොල් තීරු කරලා..කොස් තම්බලා තව වෑංජන 2-3ක් එක්ක..ප්‍රසිද්ධම අර හාල්මැස්සො හොද්ද තමයි..කරවල හොද්දත් හදනවා එමමයි ලපටි පොල් තීරු එක්ක..ඒ රහ ඒ කුඹුරු වැඩ එක්කම තමයි ඉතින් !

    ReplyDelete
  33. අත් ගුණෙයි යහ ගුණෙයි එකතු වෙලා හින්ද රසක් තියෙන්න ඇති. මමනං තම්බපු හාල් කන්නෙත් නෑ, කැකිරි කන්නෙත් නෑ, පපඩම් කන්නෙත් නෑ. කරවල් හොදිවලට මනාපෙකුත් නෑ. :D
    මොනව වුණත් යාළුවො ටික එකතු වෙලා කරලා තියෙන්නෙනම් හොඳ පින්කමක්. කාටවත් අත නොපා ජීවත් වෙන දෙන්නෙකුට බැරි කමක් දැනුණ විටකදි කළ ඔය උපකාරය බොහොම වටිනවා.
    රකුසා කියන එකනං ගැළපෙනවා.

    ReplyDelete
  34. සංවේදී ලියවිල්ලක් මාරෙ... මටත් ඔය ආරාධනය ආවා නම් දෙපාරක් හිතන්නෙ නැතුව භාරගන්නවා...මොකුත් කරගන්න බැරි තරමට අබල දුබල වෙච්ච වයසක ඇත්තන්ට උදව් කරන්න මමත් හරිම ආශාවෙන් ඉන්නෙ...

    මේ දවස්වල තුඹ කරවිල තියෙනවා වෙළද පොලේ...ඒවායින් රසට හදන්න පුලුවන් කෑමක් ගැන වට්ටෝරුවක් දැම්මොත් නරකද ?

    ReplyDelete
  35. ඉස්සර මිනිස්සු වැඩකට ගියහම කන්න දෙන එක දුන්නා ආයි නියමෙට. දැන් උං කන්න දේන්නේ වදෙන් බේරෙන්න. නැත්තන් දෙන ගානෙන් අඩු වෙන්න. මේකද බං පරිණාමවාදය කියන්නේ.....

    ReplyDelete
  36. මාරේ උඹේ ඇතුළාන්තයේ ඉන්නා සුපිරි මිනිසා බ්ලොග් ලෝකයේ ඇනෝලාට නොවැටහීම දුකක්. පට්ට කයිවාරු කාරයන්ට වඩා ක්‍රියාවෙන් ඒ දේවල් කළ ඔබට ප්‍රණාමය.

    ReplyDelete
  37. මෙන්න මගේ ඇස් දෙකෙන් වතුර එනවා කාලෙකට පස්සේ. ආයෙත් ලිවිල්ල පරණ ට්‍රැක් එකට වැටිලා. මාරයා නැවත් ඉපදිලා.. කරවල කටු හොද්ද එක්ක විතරක් උනත් බත් කන්න පුළුවන් මට නම්. ඔතන බත් හා ව්‍යාජනවල රසට වඩා තියෙන්නේ උතුම් මනුෂ්‍යත්වයේ රහ. ඒකයි මාරේ උඹට ඒ කෑම වේල අමතක නොවෙන්නේ...

    ReplyDelete
  38. යකෝ මාරවෙලාවක තමයි පොස්ට්එක සෙට්උනෙ.මම තාම දවල්ටත් කෑවෙනැහැ.අපිට කරන්ට් ආවෙ 10.45ට තාම වැඩ.චී මේකම සෙට් උනානෙ.

    ReplyDelete
  39. මමත් කයි බත කාල තියෙනවා පොඩි කාලේ .දැන් නම් එහෙම කයි බත දෙනවද මන්ද.දැන් ගොයම් කපන්න එනකොට ගෙවල් වලින් තම තමන්ගේ කෑම එක අරන් එනවද කොහෙදෝ
    මේ කෑමා පිගාන දක්කමනම් කාගෙන කාගෙන යන්න හිතුනා

    ReplyDelete
  40. // චතුෂ චස්ස වෙලා අන්තිමට කොහොම හරි චස්ස රකුස් උනා... අන්තිමට රකුසා...//

    චතුෂ චස්ස වෙලා අන්තිමට කොහොම හරි චස්ස යස්ස නොවුනු එක නොවැ පුදුමේ :D :D

    ReplyDelete
  41. කැකිරි ඇඹුලක් හදන හැටිත් ලියමුකෝ අයියේ..

    ReplyDelete