25 December 2012

මාරයා මාමා බලන්න ගොහිං... වෙච්ච දේ 2...

“මේ ඔන්න මං දැන් එනවා..ගෙවල් ගාව පාර අයිනේ ඉන්නේ... බල්ල ලෙහලා නං බැදලා දානවා... තමුසෙලගේ තාත්තට කියනවා වතුර වීදුරුවට මල් ටිකක් දාලා පෙරමගට එන්න කියලා...“

“ඔයාට පිස්සුද අනේ... මෙච්චර උදේ පාන්දර එන්න... තාම වෙලාව හතයි... මං මේ නැගිටින්න හිතුවා විතරයි... “

“මල මගුලක්නේ.. යකෝ වැදගත් වැඩකට යද්දී උදේම යන්න කියලනේ අපේ මහ උන්දලා කියලා තියෙන්නේ මං ඉතිං උදේම ආවා... ඒක නෙවෙයි තාත්තා බැදලාද..?“

“මොකක්..තාත්තා බැදලද..? තාත්තා බැන්දේ නැත්තං මං ඉන්නේ කොහොමද..? අපේ අක්කා ඉන්නේ කොහොමද..? මල්ලි ඉන්නේ කොහොමද..? ඔයා හිතුවද අපේ අම්මා තාත්තා වැද්දෝ කියලා කසාද නොබැද ළමයි හදන්න..?“

“සොරි සොරි..වැරදුනා මෙයා..ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. මං ඇහැවුවේ බල්ලා ගැන...මට පොඩ්ඩක් ටැපලුනා...“

“චික් විතරක්..ඔයාට බල්ලත් එක්ක මාරු වෙන්න අපේ තාත්තා ඇර වෙන කෙනෙක් හිටියෙම නැද්ද..?“

“හරි හරි වදේ මං කිව්වනේ ටැපලුනා කියලා.. අනික ඉතිං මාරු වෙන්න උනත් තාත්තයි මල්ලියි ඇර වෙන වැදගත් කෙනෙක් නැහැනේ ගෙදර... ඒ හින්දා ඕකට සමාව භාජනය කරලා ඇහැවුව ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ... නැත්තං උදේ පාන්දරම බල්ලට කියලා ඊටින් කරගන්න වෙන්නේ මට...“

“අනේ මේ අපේ බල්ලට ඔයාව ඊටින් කරන්න ඕන නැහැ ඌට හොඳට කන්න බොන්න දේවල් මෙහෙ තියෙනවා... ඔයා බය නැතිව එන්න ඌ මේ වෙලාවට පාර පැත්තේ ඇවිදින්න ගිහින් ඇති.. තව පැයකට  දෙකකට එන්නේ නැහැ...“

“ඇහ්..බල්ලා උදේම ඇවිදින්න යනවද... ඌ මරු බල්ලෙක්නේ... බල්ලා පාන්දරම ඇවිදින්න යනවා..කෙල්ල බුදි..අනේ මංදා..මං මේ ගන්න යන තීරණේ හරි එකක්ද කියලා... බල්ලෙක් හැදුවනං මීට හොඳා වගේ කියලත් හිතෙනවා...“

“මගේ යකා අවුස්සන්න එපා මේ උදේ පාන්දර... එනවනං එනවා..ගේට්ටුව ඇරලා ඇත්තේ... තාත්තා ඇති ටීවී බල බල... මං එන්නං ඉස්සරහට...“

“හා හරි හරි එහෙමනං ඔන්න මං ෆෝන් එක තිබ්බා...“

------------------------

“ආනේ මේයා උදෙන්ම ඇවිත්...අපි දන්නෙවත් නැහැ... තාත්තේ.... ටිකක් එන්නකෝ මෙහෙට...“

“ඇයි අප්පා මං දැන් ටිකකට කලින් කෝල් කරලා කිව්වේ එනවා කියලා... මේ ඩිංගට අමතක උනාද..?“

“කෑ නුගහ ඉන්නවා බූරුවෝ..තාත්තට ඇහෙයි..“

“හරි හරි..ආන්න එහෙම නම කියලා කතා කලානං මං තේරුං ග්නනවනේ.. මේ ඒක නෙවෙයි ඔයා අද හරි වෙනස්නේ... අදුරන්නත් අමාරුයි..ඇත්තටම කතා නොකලනං මං අදුරනොගන්නත් තිබුනා... වෙනදට දකිනවා වගේ නෙවෙයිනේ.. මූණත් නිකං කලු වෙලා... කොණ්ඩෙත් අවුල් වෙලා... ඇයි යට මලානික වෙලා.. ඒ මදිවට මූනේ තිබුන උපන් ලපෙත් නැහැ නේද..? මේ.. ඇත්තටම ඔයා ඔයාම නේද..?“

“අනේයි..... වද දෙන්න එපා අනේ උදේ පාන්දරම.. මං තාම මේ නැගිට්ටා විතරයිනේ... ඉන්නකෝ මං මූණ කට හෝදං මේකප් පාර දාං එනකල්..“

“එක අතකින් උදේම ආව එකත් හොඳයි... බඳින්න කලින්ම සැබෑ තත්වය දැක බලා ගන්න ලැබුන එකත් වටිනවනේ...“

“අනේ මේ...“

“ඇයි පොඩි දූ කෑ ගැහැවුවේ... ආ..මේ කවුද මේ...?“

“අංකල් මං මේ...“

“තාත්තේ මං අර පෙරේදා කිව්වේ මගේ යාළුවෙක් මෙහෙ එනවා කියලා.. මේ එයා..“

“ආ..ආ.. යාළුවෙක් කිව්වම මං හිතුවේ ගෑණු ළමයෙක් කියලනේ... මෙයාද ඒ..“

“ඔව් ඔව් මෙයා තමා ඒ... තාත්තේ මේ මාරයා... මාරයියේ..මේ අපේ තාත්තා..“

“මොකක් මාරයා... යකෝ තොට පිස්සුද යක්කු පෙරෙතයෝ මාරයෝ එක්ක දැන ඇදුනුංකං තියා ගන්න..“

“නැහැ නැහැ අංකල් මගේ නම ඒක නෙවෙයි..ඒත් ඉතිං මෙයා මාව අදුර ගත්තේ ඔය මාරයා කියන කෑල්ලෙන්නේ..“

“ආ ආ ඒක මිසක්... මං හිතන්නේ ඔය ලමයගේ වාසගම මාරසිංහ වෙන්ට ඇති..“

“නැහැ අංකල්..මාර සිංහ නෙවෙයි..ඕක මේ මං බ්ලොග් ලියන්න දාගත්ත නමනේ..“

“බ්ලොග් ලියන්න..? දැන් බ්ලොග් ගල් ලියනවද..? මං දැනං හිටියේ බ්ලොග් හදනවා කියලා විතරයිනේ... ඒත් ළමයෝ වියාපාරෙකට දාන්න හොඳද ඔය වගේ නමක්.. මාරයා බ්ලොග් ගල් කිව්වම මිනිස්සු සල්ලි දීලා ගනීද තමුන් හදන ගෙයකට..?“

“අනේ තාත්තේ.. බ්ලොග් කියන්නේ ඔය උලවු ගලකට නෙවෙයි.. ඒවා මේ ඉන්ටනෙට් එකේ කෙරෙන දෙයක්... මාරයියා බ්ලොග් ලියන කෙනෙක්... කොහේද මං කිව්වට තාත්තා කොම්පියුටරේ ටිකක්වත් ඉගෙන ගන්න එකක්යෑ...නැත්තං දැන ගන්න තිබුනා බ්ලොග් ගැන.. මාරයියා හෙනට ප්‍රසිද්ධයි බ්ලොග් ලියන අය අතරේ..“

“අනේ මං දන්න බ්ලොග් ගලක් නැහැ... ප්‍රසිද්ධයි කිව්වට කෝ අපි කවදාවත් අහලා නැහැනේ මෙහෙම නමක්...“

“දැන ගන්න තාත්තා බ්ලොග් කියවනවද.? නෙට් යනවද..? ෆේස් බුක් එකේ ඉන්නවද..? එහෙම ඉන්න එපෑ මාරයියා ගැන දැන ගන්න..“

“අනේ මේ උඹ මගෙන් උදේ පාන්දරම අහගන්නේ නැතිව ගිහින් මුණ කට හෝදං හිටහං..බලපං හැටි විතරක්... කුණු කෙල බේරෙනවා..“

“ඊ ඊ ඊ.. තාත්තා හරි නරකයි... මේ මාරයියා ඉන්න තැන මට ඔහොම කියනවද..? මං යනවා... මාරයියේ ඔයා තාත්තත් එක්ක කතා කර කර ඉන්න.. අරක ගැනත් කියන්න..“

“ඈ ළමයෝ මොකක්ද ඒ අපේ ළමයා කියලා ගිය අරක..“

“ආ ඒ ගැන කතා කරගන්න තමා අංකල් මං මේ අද ආවෙත්... එයාම තමා කිව්වේ කෙලින්ම ඇවිත් ගෙදරින් අහන්න කියලා..“

“හ්ම්ම්. කියමුකෝ බලන්න..“

“මෙහෙමයි අංකල්.මායි සුදු නංගියි දැන් අවුරුද්දක‍ දෙකක කාලයක විතර ඉඳන් දැන අඳුරනවා.. ඇත්තම කිව්වොත් මං එයාට කැමතියි.. එයත් එහෙම තමයි.. ඉතිං එයා කියනවා හැමදාම මෙහෙම ඉන්න බැහැ බඳින්න ඕන කියලා.. ඒකයි මං මේ ආවේ ඒ ගැන අංකල්ලට කියලා අවසර අර ගන්න..“

“මොකක්.. යකෝ මේකි මේ ගෙදර ඉන්නේ දෙකට ගැන ගන්න බැහැ වගේනේ... මෙච්චර හරියක් අවුරුදු දෙකක් තිස්සේ අපේ ඇස්වහලා කොලානං මේකි මේකිගේ අම්මගේම දූ තමා... ආ ආ ඒ කතා මෙතනට ඕන නැහැ ඒ කාලෙට ඉතිං ඒවා එහෙම තමා.. හරි හරි අපි කාරණේට එමුකෝ... කොහොම උනත් ඔය ළමයා කෙලින්ම ඇවිත් මේ ගැන අහපු එක හොඳයි... ඉතිං. මේ ළමයා ගැන විස්තරයක් අපි දන්නේ නැහැනේ... කියමුකෝ බලන්න කොයි පළාතෙද කියලා..“

“ආ අංකල්..මම උපන්නේනං සබරගමු පළාතේ...“

“ආ... සබරගමුව කිව්වා.. එහෙමනං මැණික් මුදලාලිලා වෙන්න ඇති... මේ...ඒයි..ඇහුනද.. මේ ළමයෙක් ඇවිත් ඉන්නවා.. තේ එකක් හදං එමුකෝ...“

“හපොයි නැහැ අංකල්.. මං සබරගමුවේ උපන්නට මොකද මගේ අම්මා තාත්තා බස්නාහිර පළාතේ අය..“

“ආ ආ ඒ කියන්නේ සබරගමුවේ ඉඩකඩං ඇති... ඒකයි මේ ළමයා සබරගමුවේ උපන්නේ.. බස්නාහිරත් නරක නැහැ.. ඒත් සබරගමුවේ ඉඩ කඩං තියෙද්දී බස්නාහිර ඉන්නේ මොකටද.. ඒ වෙන්න ඇති ඔය ළමයින්ගේ දෙමව්පියෝ සබරගමුවේ පදිංචියට යන්න ඇත්තේ..“

“අංකල් විකාර කියවනවනේ... සබරගමුවේ ඇති ඉඩමක් නැහැ... තාත්තාට සබරගමුවට මාරුවක් ලැබුන හින්දා ගියා මිසක්..“

“ආ.. එහෙමද... මාරුවිම් තියෙන්නේ ඉතිං රජයේ රැකියාවලනේ.. ඒ කාලේ රජයේ රැකියාවක් කියන්නේ ඉතිං බොහෝම ලොකු තනතුරක් තමා... ඉතිං ඉතිං තාත්තා මොන දෙපාර්ථමේන්තුවේද..?

“දෙපාර්ථමේන්තුවක් නෙවෙයි අංකල්.. මේ සීටීබී එකේ..“

“ඈ..එහෙමද.. හුම් හුම්.. මේ...ඒයි ඇහුනද... ඔය ප්ලේන්ටි දෙකක් හැදුවනං ඇති... පිටි බොන්න හොඳ නැහැ මෙලමයින් තියෙනවා...“

“ඉතිං අංකල් මං දැන් පදිංචියනං බස්නාහිර.. හැබැයි අම්මලා තාත්තලා එක්ක නෙවෙයි තනියම තමා... රස්සාව කරන්නේත් බස්නාහිරම තමා...“

“ආ ඒක හොඳයි.. දැන් රටේ වැදගත් රස්සාවල් තියෙන්නේ කොළඹට සිමා වෙලානේ... ඈත පළාත්වල ඉතිං කුඹුරු කොටන්න තමා තියෙන්නේ.. ඉතිං මේ ළමයා ආණ්ඩුවේ රස්සාවක්ද කරන්නේ..?

“නැහැ අංකල් ප්‍රයිවෙට්..“

“ආ දැන් ඉස්සර වගේ නෙවෙයි රජයේ රස්සාවල් වලට වඩා පෞද්ගලික අංශවල පඩි හොදයි... ඉතිං කොහේද රස්සාව කරන්නේ. කොම්පියුටර් අත පත ගානවා කිව්ව හින්දා ඒ සම්බන්ධ රස්සාවක් වෙන්න ඇති කරන්නේ..?

“අනේ නැහැ අංකල් කොම්පියුටර් අත ගාන්නේ රස්සාවටනං නෙවෙයි... මං මේ සිකුරිටි ජොබ් එක්ක කරන්නේ..“

“මොම් මොකක්...සිකුරිටි... ඒයි මේ ඇහුනද...? තේ එපා...තේ බොන්න තාම උදේ වැඩියි වගේ...“

“ඔව් අංකල්... සිකුරිටි...“

“අනේ අම්මපා දැන් හැදෙන කෙල්ලෝ... කොහෙන් හොයා ගන්නවද මංදා මේ මගුල්... පොඩ්ඩී..මෙහෙ වර...“

“නංගි බාත් රූම් එකේ තාත්තේ... එයාට ඒකෙන් එළියට එන්න තව වෙලා යයි.. ආනේ මේ කවුද මේ...“

“මේ උඹලගේ නංගි හොයාගෙන තියෙන මනමාලයා... එයා තමා මේ එන්න කියලා තියෙන්නේ මගුල් කතා කරගන්න..කෝ එතකොට අම්මා.. මං දැන් වරුවක් තිස්සේ කතා කරනවා...“

“අම්මා මල්ලිව ක්‍රිකට් ප්‍රැක්ටිස්වලට ගෙනිච්චානේ උදේම... ඇයි තාත්තට කිව්වේ නැද්ද..?“

“එයාට කොහේද මට ඕවා කියන්න මතක තියෙන්නේ යකෝ ඉරිදටවත් අර පොඩි එකාට නිදා ගන්න දෙන්නේ නැද්ද මේ යෝධි...“

“නැහැ නැහැ මල්ලිනං ගියේ නිදාගෙනම තමා..අම්මා තමා මල්ලිව වඩාගෙන ගියේ.. පිට්ටනිය ගාවදී අම්මා මලිල්ව ඇහැරවයි.. “

“මේ සුදු නංගිගේ අක්කා වෙන්න ඇති...“

“ඔව් ඔව් මං අක්කා තමයි... ඔයා දැක්ක ගමන් අදුරගත්තා නේද..? කොහොමත් අපි දෙන්නම එක වගේනේ.හැමෝම කියනවා. සමහරුනං මං එයාගේ නංගි කියලත් රැවටෙනවා...“

“නැහැ ඉතිං එයා වගේම හින්දා නෙවෙයි උදේ පාන්දරම මූණේ පාප්ප වගයක් ගාගෙන එළියට එද්දී මං අදුරගත්තා.. සුදු නංගි මට කියලා තියෙනවා අක්කාට අහුවෙන ඕන දෙයක් උරච්චි කරලා මූනේ උලා ගන්නවා කියලා... ඉතිං දැක්ක ගමන් ඇදුරුවා..“

“තාත්තේ... මේ බලන්නකෝ.. නංගි මෙහෙමත් නාදුනන අයට අපේ විස්තර කියනවද..? හිටපියකෝ මං අද ඕකි තියන්නේ නැහැ... “

“හා හා ලොකු දූ කොහේද ඔය දුවන්නේ... උදේ පාන්දරම නංගි එක්ක රණ්ඩු අල්ලන්නේ නැතිව ඉන්න.. මේ ළමයත් හරි පුදුම එක්කෙනෙක්නේ.. පොඩි දූ කිව්වා උනත් ඕවා දන්න වග එක පාරට කියනවද..? දැන් ඉතිං අද අක්ක නගෝ කෙහෙ වළු පටල ගත්තම අපිට ගෙදර ඉන්න වෙන්නේ නැහැ...“

“තාත්තේ... මේ අක්කා මට ගහනවෝ... අනේ... මාව බේරගන්ඩෝ..“

“අර අර..දැක්කද... මං හිතුවා හරි.. අද මේකේ විසුමක් වෙන්නේ නැහැ... ලොක්කී..අතෑරපං ඔය නංගිව...“

“අතාරින්න.. අතාරින්න තමා... මං තාම බදින්න හිතලවත් නැහැ... ඒත් මේකි ගෙදරට මිනිස්සු ගෙන්න ගන්නවා මදිවට ඒ අයට මං ගැන බොරුත් කියනවා... ඒකි බලන්න එන අය මාව දැකලා ඒකිව අතාරියි කියලා ඊරිසියාවටද කොහේද..? ඉහි ඉහි මටනං මේ ගෙදර ඉඳලා තිත්ත වෙලා.. මං යනවා ඔළුව හැරුන අතේ...“

“හා හා යනවනං ඔය මූණ හෝදන් පලයං දුවේ...පාරේ යන උන් බය නොකර...“

“හුහ්..තාත්තත් මට ඇදේටමයි කතා කරන්නේ... මං යනවා..ඉහි ඉහි...“

“හම්මේ ඇති යන්තං ගියා නේද ඇතුලට... මං හිතුවේ අද දවසම විනාසයි කියලා.. ඔයින් ගියා මදෑ... මේ පොඩි දූ මෙහෙ එනවා..“

“ඇයි තාත්තේ... මං තව හරියකට ලෑස්ති උනෙත් නැහැ...“

“ඔය ලෑස්ති උනා මදෑ.. මොකද අදම පෝරුවේ කටයුතු කරන්නද.. මෙහෙට වර..“

“ආ ඔන්න දැන්නං ඔයා ඔයා වගේ... දැන් තමා හරියම අඳුරගත්තේ.. උපන් ලපෙත් මතු වෙලා තියෙන්නේ..“

“තාත්තා ඉන්න තැනවත් විකාර නොකියා ඉන්න බැරිද..? ඇයි තාත්තේ කතා කලේ...?“

“ඈ බං පොඩ්ඩියේ.. මේ ළමයව කොහෙන්ද හොයා ගත්තේ.. බලහං හරි හමන් රස්සාවක්වත් නැහැ... ඉන්න හිටින්න ගෙයක් දොරක්වත් තියෙනවද මංදා..“

“ ආ ඉන්න තැනක් තියෙනවා අංකල්.. මං කුලියට ගෙයක් අරං ඉන්නේ... ඒක දෙන්නෙකුට ඉන්න ඇති.. පස්සේ කාලෙක ඕනනං තව ටිකක් ලොකු ගෙයක් කුලියට ගන්න බැරියෑ...“

“මොකක් කුලියට... හනේ බං පොඩ්ඩියේ... ඉන්න කියලා තමන්ගේ තැනක් නැහැ... අම්ම තාත්තා නැහැ... හරියකට රස්සාවක් නැහැ... උඹලා ජීවත් වෙන්නේ කොහොමද..?“

“ඒවා ඒ හැටි ප්‍රශ්න නෙවෙයිනේ තාත්තේ.. මෙයාට බ්ලොග් එකක් තියෙනවා... ඒක හුගක් හිට්ස් තියෙන බ්ලොග් එකක්.. අම්මෝ දවසකට වැටෙන කොමෙන්ට් ගොඩ...“

“මොකක්..මොකක් බං... කොමෙන්ට්..හිට්ස්..බ්ලොග්..ඒවා කතෑකිද බං බඩ ගින්නට...  ඒක තියෙන්නේ තමන්ගේම තැනකද..?“

“නැහැ තාත්තේ ඒක තියෙන්නේ ඉන්ටනෙට් එකේනේ... මං මෙයාව අදුරගත්තෙත් එහෙමනේ.. හම්මේ ඒකේ මෙයාට තියෙන තැන... තාත්තලා දන්නවනං තාත්තත් හැමදාම මෙයාගේ බ්ලොග් එක කියවයි..කමෙන්ට් කරයි... මමත් බ්ලොග් එකක් පටන් ගත්තේ ඒක දැකලා... දැන් මගේ බ්ලොග් එකටත් ටිකක් කට්ටිය ඉන්නවා.. හැබැයි මෙයිට වඩා කට්ටිය කලින් ආවා.. ඒත් මාරයියා එක්ක යාළු උනාට පස්සේ ඒක ප්‍රසිද්ධ කලාම කලින් ආව අයියලා දැන් කමෙන්ට් කරන්නේනං නැහැ... මොකද මංදා..?..“

“මං දන්න බ්ලොග් එකක් නැහැ.. දැන් ඒකෙන් හම්බ කලෑකිද..? ඔය කිව්ව හිට්ස්ද මොනවද සල්ලිවලට හැරෙවුවැකිද..?..“

“පිස්සුද තාත්තේ ඒවා එහෙම කරන්න බැහැ.. ඒත් මෙයා ඒ බ්ලොග් එකෙන් කරන්නේ එසේ මෙසේ වැඩ නෙවෙයි.. කෙලින්ම ආණ්ඩුවේ ලොකු ලොකු අය ගැන ලියන්නේ... ඒ අය මෙයා ගැන දන්නවා  හුගක්.. ඒකත් මදෑ..“

“ආ ආණ්ඩුවේ අය එක්ක ඇඳුරුංකං තියේද..? එහෙම කියන්න එපෑ කලින්... මේ දුවේ මේ ළමයට තේ එකක් හදං වරෙංකෝ... අම්මත් ගෙදර නැහැ...ඉතිං ඉතිං ළමයෝ... ඔය ළමයා ය කියන එකේ ලියන්නේ ආණ්ඩුවේ කොයි කොයි අය ගැනද..? ..“

“හරි හරි මං හදන් එන්නං...මං වතුර එකත් ලිපේ තියලා ආවේ...“

“ ආ අංකල් මංනං වැඩියම ඒකේ ලියන්නේ අපේ මහින්ද අයියා ගැන තමා... “

“මහින්ද කිව්වේ අර මහින්ද විජේසේකරද..? හ්ම්ම් ඒකත් නරක නැහැ..ලෙඩා දුකා උනත් පරණ සම්බන්ධකං ඇතිනේ... ඒවත් නරක නැහැ...“

“නැහැ අංකල් ඒ මහින්ද ගැන නෙවෙයි..“

“ආ එහෙමනං මහින්ද සමරසිංහ ගැන වෙන්න ඇති... හප්පා විජේසේකර ගොයයා එක්ක බැළුවම සමරසිංහ ඇමතිතුමාට මොනවා කරන්න බැරිද...බොහෝම හොඳයි...“

“නැහැ නැහැ අංකල් මං මේ මහින්ද අයියා කිව්වේ... ජනාධිප....“

“හම්මපා... යකඩෝ එහෙම කියන්න එපෑ... කවුද දන්නේ එච්චර හරියක්...  මේ පොඩ්ඩියේ... නිකංම නිකං තේ හදන්නේ නැතිව අර නෙස්ටමෝල්ට් ටිකක්වත් දාලා හදහං හොඳ රසට තේ එක... ඉතිං ළමයෝ ඔච්චර සම්බන්ධකං තියාගෙන ඇයි මේ මුර රස්සාවක් කරන්නේ... ආ හරි හරි සමහර විට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා ඇති ඔය ළමයට... ඔය වගේ තැනක ඉදන් මුර කරන ගමන් රටේ තොටේ සිද්ධ වෙන දේ ගැන හොයලා ලියනවට... එහෙමත් නරක නැහැ තමා...

“අනේ නැහැ අංකල්.. එහෙම ගෙවිමක්නං නැහැ.. මේක මං මේ කැමැත්තෙන් කරන දෙයක්... කොටින්ම මහින්ද අයියා දන්නෙවත් නැහැ මං මෙහෙම කරනවා කියලා...“

“පොඩ්ඩියේ... පරක්කු වෙනවනං ඔය නෙස්ට මෝල්ට් නැතිවට කමක් නැහැ.. නිකං කහට ටිකක් හරි අරං වරෙං...“

“ආ මං තේ හදලා ඉවරයි... නෙස්ට මෝල්ට්නං දැම්මේ නැහැ මෙයා කැමති ප්ලේන්ටිවලට හින්දා ප්ලේන්ටිම හැදුවා..“

“ඈ බං මෙච්චර මේ කාලයක් තිස්සේ උඹ ගෙදර ඉන්නවා.. මේ මං කැමති මොනවටද කියලා දන්නේ නැහැ.. ඒකටත් එක්ක වෙන අය කැමති ප්ලේන්ටිද අරකද මේකද කියලා දන්නවා... අනේ මෙහෙමත් ළමයි හැදුවනේ අපිත්... ඒක නෙවෙයි මොකක්ද මේ හොයං තියෙන්නේ... මේ ළමයා ආණ්ඩුවේ ලොකු ලොකු තැන් දැනං හිටියට කිසිම වාසියක් අරං නැහැනේ... මෙහෙමත් පුළුවන්ද ජීවත් වෙන්න... අද මං විතරක් ගෙදර හිටිය හින්දා හොඳට ගියා.. බැරිවෙලාවත් අර අම්මණ්ඩි ගෙදර හිටියනං මෙතන වසලා හමාරයි... උඹලා හොයා ගත්තට අපිට එහෙම ආවට ගියාට කැමැත්ත දෙන්න බැහැ.. අඩුම ගානේ ඔය දන්න කියන ලොක්කෙක්ගෙන් ආණ්ඩුවේ රස්සාවක්වත් ඉල්ලගෙන ආවනං මට මේ ගැන අම්මා එක්ක කතා කරන්නවත් තිබුනා.. දැන් මං කොහොමද මේ ගැන උන්දැ එක්කවත් කියන්නේ... මෙන්න කලින්ම කිව්වා..මටනං මේ ගැන මොනවත්ම වචනයක් කියන්න බැහැ.. උඹලා දෙන්නා කතා වෙලා කොහොම හරි මුලින් මේ ළමයව මනුස්සයෙක් කරගෙන හිටහං.. එයින් පස්සේ ඇවිත් අම්මත් ඉන්න දවසක මේ කාරනේ කියමු... එහෙම නැතිව මේක උන්දෑ එක්ක කියන්න මට බැහැ... ඔන්න මං කල් ඇතිවම කිව්වා.. දැන් ඔය ළමයා ඔය තේ එකත් බීලා  ගිහින් එන්ට.. මං යනවා පොඩි වැඩක් කරන්න...“

“හරි අංකල්...“

“මේ මොනවද අනේ අපේ තාත්තා එක්ක ඔයා කිව්වේ... ඔයාටනං පිස්සුද මංදා... දැන් මොකද අපි කරන්නේ... අනේ මංදා තාත්තා කියන කතාත් ඇත්ත.. ඔයා ඔහොම ඉන්නේ නැතිව ඔය ආණ්ඩුවේ අඳුරන අයට කියලා මොනවා හරි කර ගන්නකෝ... ඕක ලොකු දෙයක්යෑ... අනික හැමදේම සල්ලිවලට යන කාලේ... නිකං මොකටද එක එක්කෙනාට කඩේ යන්නේ... ගිහිං ඕක ලියනවට ගානක් ඉල්ල ගන්නකෝ..“

“මේ විකාර නොකියා ඔන්න ඔය තේ එක මෙහෙට දෙනවා... උදේ ඉදන් වතුරවත් නැහැ... යකෝ මගුල් කතා කරන්න එන්න කියලා මල මගුලකනේ මං පැටලුනේ...“

“ඉහි ඉහි... එයාටනං මොකද..මං එපෑ ගෙදර අයගෙන් බැනුං අහන්න.. දැන් අම්මා ආවම අක්කා මොන ජල්ලියක් අල්ලයිද දන්නේ නැහැ.. අදනං මට ගුටි කන්න වෙන්නේ අම්මගෙන්... අඩුම ගානේ තාත්තා කියනවා වගේ පිළිවෙලක් තිබුනනං අම්මා ටිකක් හරි ෂේප් කරගන්න තිබුනා.. කොහෙද මෙයාට තේරෙනවෑ ඕවා... මංම එපෑ හැමෝගෙන්ම බැනුං අහන්න...ඉහි ඉහි...“

‘හා හා අඩන්න කලින් තේ එක මෙහෙ දෙනවා... නැත්තං ඒකත් ලුනු රහ වෙයි... හරි හරි අඩන්නේ නැතිව ඉන්නවා.. මං ගිහිං මොකක් හරි පිළිවෙලක් කරං එන්නං.. ඕවා ඒ හැටි වැඩ නෙවෙයි... මං මේ උවමනාවක් නැතිව හිටියා මිසක්.. මං හෙට නැත්තං අනිද්දා අරලිය ගහ මන්දිරේ පැත්තේ ගිහිං පිළිවෙලක් කරං එන්නං.. දැන් හරිනේ...“

“හී හී.. ආ තේ එක.. හොද ළමයා..ආන්න එහෙම එන්න එපෑ... අනේ පරක්කු කරන්න එපා හොදද..? කවද්ද ඔයා එහෙ යන්නේ..?“

“හරි මං ලබන බ්‍රහස්පතින්දා දිහාවේ ගිහිං එන්නංකෝ... එතකොට කතාව ඉවරයිනේ..“

“හොද ළමයා..හී හී...“

“මේ එහෙනං මං ගිහින් එන්නං...තාත්තටයි අක්කටයි කියන්න මං ගියා කියලා...“ 

“හා..තාත්තටනං කියන්නං..ඒත් අර හෝන්තුවටනං කියන්න මට බැහැ...පරිස්සමින් යන්න.. ටටා...“

“ටටා...ඔයින් ගියා මදෑ...

----------------------------------

මතු සම්බන්ධයි...

48 comments:

  1. :D :D :D හිනා වෙලා බඩත් රිදෙනවා :D :D :D :D :D :D

    ReplyDelete
  2. හොඳ වෙලාවට මහින්දයිය හින්ද බේරුනේ. නැත්තං තේ තියා වතුරවත් නැතිවෙනව.

    උඹේ බ්ලොග් එකේ කොමෙන්ට් විකුණලද මගුල කරගන්න හදන්නෙ.

    එහෙනං බ්‍රහස්පතින්ද අයිය හම්බෙලා මොනවහරි ඉල්ලගනිං ඉක්මනට.

    ReplyDelete
  3. ඒ පරස්තාවත් එහෙනම් ඉවරයි වගේ...

    ReplyDelete
  4. හිනා වේවී කියෙව්වා
    මාර පරාජයක්ද?

    ReplyDelete
  5. මේ ඇත්තම සීන් එකක්ද?

    ReplyDelete
  6. විහිලුවෙන් විහිලුවෙන් මූ මොකාටද මේ එන්නේ?.........

    ReplyDelete
  7. මාරය අයියා, බ්‍රහස්පතින්දා අරලිය ගහ මන්දිරේට යන්නෙ බණ අහන්න ද?
    කොහොම හරි කමක් ‍නෑ වැ‍ඩේ ගොඩ දාගෙන එන්න.....

    ReplyDelete
  8. මට නම් පේන්නෙ තමන්ගේම අත්දෑකීමත් වගේ.... අනේ හොදයි කාටහරි හරියනව නම්,,,අහා මම අදමයි මේ පෑත්තෙ අවේ....

    ReplyDelete
  9. බ්ලොග් එකයි කමෙන්ට්, හිටිස් ටිකයි විකුණලා ඔච්චර දෙයක් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද... හි හි....

    හැබැයි ඉතිං එහෙම කරගන්න පුළුවන් නම් මාරයියා ගොඩ තමයි.....

    ReplyDelete
  10. මාමගේ කීම අහලා මාරය මනුස්සයෙක් වෙයිද?

    මාරේ අය්යේ උපරිම රහයි.. මේක... ඔය බර සාර මහප්ප්‍රාණ මල විකාර කියවනවට වඩා.... වැඩ අස්සෙ හිරවෙලා භාගෙට මැරිල ඉද්දි මෙහෙම එකක් කිව්වහම ටිකක් ඔලුවවත් හැදෙනවා...

    හුඟක්ම කැමති මතුසම්බන්දයි කෑල්ලට :ඩී

    මේක කියවද්දි මතක් උනා සඳරේණුවට සංක අමරජිත් ලියපු කොමිටල් විජිතය සහ අපේ සිතුම් පැතුම් මලය ලියන රයිටර්ගේ කතා මාලාව

    ReplyDelete
  11. හත් ඉලව්වේ මාරයියේ නියමයි. ඇත්තටම චන්ද්‍ර අනගිරත්න මහත්තයනේ නරලොව හොල්මන් කියෙව්වට පස්සේ ඒ ශයිලියට ලියවුන කතාවක් රසවින්දමයි මම ඔයාගේ බ්ලොගේ කියවපු හොඳම පොස්ටුව එල කියන්නේ මැක්සා කියන්නේ උපරිමයි බොල.

    ReplyDelete
  12. අලංකාර ලෙස රචනා කොට ඇති කතාන්දරයකි...මනා පරිචයක් ඇති ලේඛකයෙකි...සමහර විට මෙය තේරෙන බසින් අති නිසා මේවා පොතක පත්තරයක ගියත් කිසිකලෙක සම්මාන නම් ලැබෙන්නේ නැත...

    ReplyDelete
  13. මාත් හරි ආසයි දෙබස් වලින් පිරුනු කෙටි කතා වලට. ඒවා හරිම තාත්විකයි. මාරයියා නියමෙටම ලියලා තියනවා

    ReplyDelete
  14. මම ඕකනේ හැම දාම කියන්නේ බ්ලොග් කියන වචනය හරි නෑ කියල. ලංකාවේ මිනිස්සුන්ට ඕක ඇහෙන්නෙම බ්ලොක්ගල් වගේ. අන්න කර ගත්තනම් මාමණ්ඩි. නැන්දම්මත් සුපිරියි වගේ.

    ReplyDelete
  15. අම්මප කොහෙන්ද බන් උබට මේවා හිතෙන්නේ

    ReplyDelete
  16. මාරයෝ, මාම නම් දෙවියෙක්. තව ටික කාලෙකට උබව බේරල.
    මාම බ්ලොගිය බැලුවොත් නම් හැමදාටම බේරෙන්න පුලුවන්.

    බොගෙ සුදු නගාට අක්ක විතරයැ ඉන්නෙ. නගාල නෑද?

    ReplyDelete
  17. බොරුවට වගේ ලිව්වට මේක නං මූට ඇත්තටම වෙච්ච සීන් එකක්ද කොහෙද!

    ReplyDelete
  18. ඒකත් ජය සිරි මංගලං කිව්වලු. අපි යමු බං කඩේ....අපේ ආරස්සාවට ඇනෝල ඉන්නවනේ.

    ReplyDelete
  19. අර කිවත් වගේ මටත් හිතෙන්නම මේ සිද්ධිය නම් ඇත්ත කියලයි......

    ReplyDelete
  20. ඇත්තටම මාරයෝ උබලට මෙච්චර වෙලාව කොහෙන්ද බන්
    පොස්ට් දාන්න?මචන් පත්තර වල තීරු ලිපි වලට හරි මේ දේවල්
    දාපන් බන්.අපරාදේ බ්ලොග් වල විතරක් හිර වෙන එක.

    ReplyDelete
  21. නියමයි මලයා...අරලියගහ ගිහින් මොනව වෙයිද කියල තමයි දැන් හිත හිත ඉන්නෙ....

    ReplyDelete
  22. සැලෙන්ඩ එපා මාරයියේ .බෝතලයක් කාරිය අරන් ගියානම් මාමන්ඩිව ෂේප් කරගන්න තිබුනා කියල හිතෙන් නැද්ද ?

    ReplyDelete
  23. අන්න කර ගත්ත වැරැද්ද....
    කේක් එකක් අරන් ගියේ නෑනෙ... ඉතිං කොහොමද වැඩේ හරි යන්නෙ ?
    කොහොම වුනත් බොහොම ආදරෙන් ඉන්න දෙන්නෙක් වගේ... අර මුල් දෙබස් ටිකෙන්ම තේරුණා...
    කොහෙද අප්පා මාමණ්ඩි ඉන්නෙ ? වනාතමුල්ලෙද ?

    ReplyDelete
  24. හි හි... මාර ලව් එකක්නේ... සෝ රොමෑන්ටික්... බලන්න මාමණ්ඩි කොච්චර බාල්දි දැම්මත් මාරයියා වැඩේ ගොඩ දාගන්නේ නැද්ද කියලා..
    නැද්ද මාරයියේ...

    ReplyDelete
  25. හප්පට සිරි! උඹ බ්‍රහස්පතින්දා ද යන්නේ?මම සිකුරාදා දිහාට ගිහින් එන්නයි කම්පනාව!
    අපරාදේ කිරි තේ එක! :D
    හැබැයි උඹට උයන්න කරන්න පුළුවන් කිව්වනම් තාත්තා ඩුව දෙයි! ;)

    ReplyDelete
  26. කවුද මාරයියේ මේ බ්ලොග් ලෝකේ උඹේ බ්ලොග කියෝලා උඹට කැමති වෙච්ච කෙල්ල??? මේකනං ශුවර් එකටම ගොතපු කතාවක්.

    ReplyDelete
  27. බොරු මොකටද මේක කියවනකොට මට මතක් උනේ ඒ කාලේ මාරයා අයියා මොනරු කොළ 7,8ක් ෆෝන් එකට දාගෙන කතා කරපු නංගී බබා ගැන..... අනේ මොනවා උනත් මේ කෙල්ල නම් එහෙම කරන්න එපා අෆ්ෆා....

    මොනවා උනත් පෝය දා අරලිය ගහ මැදුර පැත්තේ ගියොත් ජොබ් එකක් කෙසේ වෙතත් බන ටිකක් නම් අහලා එන්න පුළුවන් වෙයි...

    ReplyDelete
  28. //කොණ්ඩෙත් අවුල් වෙලා... ඇයි යට මලානික වෙලා..//

    මේක ප්‍රින්ටිං මිස්ටේක් එකක් වෙන්ටැ.

    කතාව නං සුපිරි. දෙවැනි කොටස ඉක්මනින්ම බලාපොරොත්තු වෙමු.

    ReplyDelete
  29. මාමණ්ඩියයි බල්ලයි මාරු වුනාලු......පරිස්සමෙන් මාරයියේ ඊ ළඟට නැන්දම්මා , නෑනා කාට මාරු වෙයිද දන් නෑ.....

    ReplyDelete
  30. ඊළඟ කෑල්ල තවත් රසවත්....
    බලමුකෝ බල්ලා මල්ලෙන් එළියට පනීද කියලා..

    ReplyDelete
  31. හෙහේ පට්ට කතාව. ඇත්තට ඇයි මේක 2 කියලා දැම්මේ නැත්තේ . කලින් එකේ දෙවෙනි එකනේ. මාත් මාරයට කලියෙන් යන්න ඕනේ අරලිය ගහ පැත්තට. ඇත්තට අක්කලා මිසක් නංගිලා නැද්ද ඈ##. කමක් නැ ඉතින් අක්කගේ වයස කොහෙමෙයි...පට්ට කතාව....

    ReplyDelete
  32. මේ කතාව මෙච්චර දිගයි කියල කියවද්දි දැනුනෙ නැහැ බං..

    :ඩී

    ReplyDelete
  33. ගුටි කාලා ආපු පාටක් පේන්නේ

    ReplyDelete
  34. අනේ මාරේ මං ගැනත් කියහන්.. ඕන නම් චරිත සහතිකත් අරන් එතෑකි....

    ReplyDelete
  35. :D ඇති ප්ලේන්ටියක්වත් හම්බුණා. එතකොට ඊලඟට මාරයා අරලියගහ මන්දිරේටද වැහෙන්නෙ?

    ReplyDelete
  36. හික්ස්....මදැයි ඔයින් ගියා....හික්.....
    මාරම රසවත් කතාවක් මාරයියේ.....

    ReplyDelete
  37. මේක බලපුහාම චන්ද්‍ර අනගිරත්න මහත්තයව මතක් වෙනව​​. අනේ මන්ද​.

    ReplyDelete
  38. This comment has been removed by the author.

    ReplyDelete
  39. මාර කතාවක්නෙ. කොළ පාට ඇහැට ටිකක් අමාරුයි. //මාරයා මාමා බලන්න ගොහිං... වෙච්ච දේ 2...// නම් කෝ එක ??

    ReplyDelete
  40. එක හුස්මට කියවන් ගියා .... සුපිරියි :)

    ReplyDelete
  41. උදේ පාන්දර එලම තමා....

    පුදනකොටම කාපි යකා කියල සිකුරිටි ජොබක් කරන්නෙ නොකිය, ජෝතිෂ්‍ය බුවෙක් කිව්වනං ඔහොම වෙන්නෙ නෑ මාරෙ අයියෙ... :)

    ReplyDelete
  42. එක රස්සාවක් විතරක් කිවුව නිසා නේ මාමණ්ඩි අකැමත්ත පෙන්නුවේ. කේන්දර බලන කතාව-උයන්න පුළුවන් බව-රට වටා බයිසිමොටෝවෙන් චාරිකා කරන බව කිවුවා නම් ලකුණු ටිකක් එකතු කර ගන්න පුළුවන් වෙන්නත් තිබුණා.

    කොහොම හරි කැමැත්ත ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  43. ඈ බන් මාරයෝ.. බොලගේ අර පරණ සිවුර ඇඳගෙන මේ බුරහස්පතින්දා බණ කියන්ට යනවයි අය්යලගේ ගෙදර ? අපිත් ටෙලිවිසෝන් එකෙන් බලන්නම් කෝ.

    ReplyDelete
  44. රස්සාව කෙසේ වෙතත් මහින්ද අයියගෙන් ලියුමක් වත් අරගෙන පලයන් මාරයෝ...
    "මේ ලිපිය රැගෙන එන තැනැත්තාට උඹේ දුව දිය" කියලා...

    ReplyDelete
  45. හුටා.. යකෝ කසාද බදින්නත් ජනාධිපති අදුරන්න ඕනද..

    ReplyDelete
  46. ආ බං මාරයියේ මාත් මේ කල්පනා කලේ මටත් කියන්න වෙන්නේ මේ ටිකමද කියලා.. හැබැයි මහින්ද මාමා ගැන කිවුවොත් මටනම් දුවන්න තමා වෙන්නේ..

    ReplyDelete