26 December 2012

පෙණ නඟින ජිවිතය...




බියර් නොමැති ජීවිතයක් කුමක් වැනි...
රුවල නැතිව පාවෙන ඔරු කඳක් වැනී...
බියර් තිබෙන කල ජීවිතෙ කුමක් වැනි...
හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී...

පසෙකින් සිහිල් සුළගින් පිරි ෆෑන් එක...
අනිත් පසින් බෝල වඩේ පීරිසිය...
ඒ මැද්දෙන් බැදපු මිරිස් කරල් ඇත...
මෙයිට වඩා තව සැපයක් කොයි ඇද්ද...

දුක සැප කුමක් වූවත් නිති ලගින් සිටී..
මිතුරන් ලෙසින් සැමදා තනි රැකිය හැකි..
දුක මෙන් සැපෙත් කිසිදා අත් නොම හරිතී..
නුඹ වන් තවත් කිසිවෙක් මේ ලොවම නැතී..

කලකින් සිහි උනේ නුඹගේ මිතුරු දම...
ලගින් සිටිය අය මට පිටු පාපු කල...
දුක සැප දෙකෙහි සැමදාටම ජීවකය.
බියර් වඩිය නුඹමය මගේ ජීවිතය...


34 comments:

  1. හ්ම් ... මාර ජීවිතය.

    ReplyDelete
  2. මාමණ්ඩි දූව දෙන්න බෑ කියල වගේ :)

    ReplyDelete
  3. උංකුංවලට වැඩිය ටිකක් හොඳයි!

    ReplyDelete
  4. සයිඩර් බීල තියෙනවද?

    ReplyDelete
  5. චූටි ටීචර් මිස් වෙලා වගේ...

    ReplyDelete
  6. මන් හිතුව අද කවි සැට් එකක් වැටෙයි කියලා..........:)

    ReplyDelete
  7. බියර් වඩියි නුඹ වෙත මල් තුරුණු වියේ..
    නුඹට නොදැන ලෙඩ ගොඩකුත් ගෙනෙයි මලේ..
    ලඟින් සිටිය අය බොට පිටු පාපු ලෙසේ...
    ලෙඩත් සමග බියරය පිටු පායි මලේ...

    ReplyDelete
  8. වැඩ පටන් අරන් වගේ....

    ReplyDelete
  9. බියරය ගෑන කවි කියමින් මොකද මත..
    ගෑහෑනුන් නෑද්ද ලොව නුබලට පෙනෙන රග...
    බියරය සමග හාදව දිවි ගෙවන කල..
    අවසන ලග වගෙයි පරලොව වෙතට යන......

    ReplyDelete
  10. ටින් ඒකක් ගත්විට
    දැනෙයි රස්නය යන්තම් කනට
    වැඩිපුර ගත්විට
    එනව බන්ඩිය ඉදිරියට

    ඉන්න බෑ විටින් විට
    දුවන්න වෙනව චූ කරන්නට
    ගල්-පොල් කිට්ටුවට
    එන්නට හැකිද බියර් වලට!

    ReplyDelete
  11. සුරාමේරයෙන් අරඹමි
    ළඟදිම කාමයෙ හැසිරෙමි
    බ්ලොගය පුරා බොරුද කියමි
    මාමාගෙ දුව හොරෙන් ගෙනෙමි
    ඊට පස්සෙ සතුන් මරමි
    මාර මිෂන් එක සපුරමි.....

    ReplyDelete
  12. මම නං මුකුත් කියන්නේ නෑ.....

    ReplyDelete
  13. අදනම් මාර මලයට තදටම දුකක් හිතට වැදිල වගේ.

    ReplyDelete
  14. බියර්ද අරක්කුද
    නැත්නම් කසිප්පුද
    මොන දේ කියෙවුවද
    දුක හැර දෙයක් වෙද

    ඇඟ ඇතුල පිච්චිලා
    ලෙඩ ගොඩක් වට වෙලා
    දුක් විඳින කොට බලා
    සැනසෙයිද පෙර සිහි වෙලා

    ReplyDelete
  15. අහා එන්ඩෝ බියර් බොන්ඩ එන්නෝ..
    අද මාර අයිය බියර් බොන්න දෙනෝ...

    ReplyDelete
  16. අර කාපු කෑම එක දිරවගන්න වෙන්න ඇති මේක පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  17. බොනකං බියර් ජීවිතයත් කුමක් වැනී..
    හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී..
    වෙරි හිඳුනම ජීවිතයත් කුමක් වැනී..
    රුවල නැතිව පාවෙන ඔරු කඳක් වැනී..

    ReplyDelete
  18. මාරයා අයියා සෙට් වෙන්නේ පොෂ් පොරවල් එක්ක විතරනේ නැත්තම් නත්තල් හින්දා අපිටත් සෙට් වෙන්න තිබ්බා කලින් කිව්වා නම් :)

    ReplyDelete
  19. සුරා වේ සොමියත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්
    (ජන කවියකි.)

    ReplyDelete
  20. හෙහ් ...නරක නෑ වඩිය :)

    ReplyDelete
  21. සුරාමේරය මජ්ජපමාදට්ටානා. අයියේ..... :)

    ReplyDelete
  22. අපිට කොයින්ද පූසෝ තොර මාළු කිව්වලු හප්පේ ඉරිසියාවේ පැලෙනවා අප්පා....

    ReplyDelete
  23. Heta bar wahanawane,korana ekak ada thamai onna...

    ReplyDelete
  24. ගමේ කෑම හදනා හැටි කිව්වා එකා
    කටට කෙල උනන රූපත් දැම්ම එකා
    අහසින් වැටෙන වැහි පොදයක් දැක්ක එකා
    බියර් බීලා වෙරි වේදෝ අද මේකා

    ReplyDelete
  25. හපොයි තාත්තේ... මදැයි කොලා..නොදන්න නිසා කට වසා ගනිමි..

    ReplyDelete
  26. හ්ම්...මලයටනම් නත්තල් ‍වගේ.....

    ReplyDelete
  27. ඇත්ත කතාවක්නේ අප්පා...බියර් නැතුව ඉඳලා වැඩකුත් නෑනේ....ඒක නෙවෙයි 27 වෙනිදා එද්දිත් ඕවා ගේනවද?

    ReplyDelete
  28. බියර් බිව්වම බඩ එනවා/ බොනකං හුජ්ජ කරන්න ඕනෙ....ඒ නිසා මම නම් කැමති නෑ.... මට ලයික් ඊට වඩා සැර ඒව්වට.... ඒත් ඉදලා හිටලා...

    ReplyDelete
  29. මොනවා තිබුනත් බියර් එකට ගහන්න එකක් නෑ අප්පා...

    ReplyDelete
  30. බියර් එපා සෙම ඇවිස්සෙනවා

    ReplyDelete
  31. එක හරි බං...... බියර් එකෙන් වෙන දේ වෙන එවායින් වෙන් නැහැ තමා.

    ReplyDelete
  32. බියර් තිබෙන කල ජීවිතෙ කුමක් වැනි...
    හැටට හැටේ යන ලැම්බෝගිනිය වැනී...

    ReplyDelete