03 December 2012

මගේ ලෝක විනාස ලයිස්තුව... ඔහෙලටත් තියේද..?

පිහි දෙකයි... එකක් මන්නයක්.. අනික පොඩි මේස පිහියක්..


සයිස් කීපයකින් බිලී කොකු දහයක් විතර...

කිත්තං නූල් පන්දුවක්...

ගිනි ගල් කෑල්ලක්...

ලුනු කිලෝවක් හෝ එයිට වැඩි...

කැන්වස් රෙද්දක්...

---------------------------

මේක මේ අපි කීප දෙනෙක් දැන් ටික දවසකට කලින් බුකියේ ගෲප් චැට් එහෙක කතා බහ කොර කොර ඉන්න වෙලාවක ඇතිවෙච්ච කතා බහක්... ඒ කියන්නේ මොන විදියකින් හරි ලෝක විනාසේ මේ විසි එක් වැනිදට සිද්ධ උනොත් මොකද කරන්නේ කියන එක... එක එක්කෙනාට එක එක අදහස් තිබුනා... අනිත් ඒවා පැත්තක තියමුකෝ.. මෙන්න මගේ පැත්තෙන්...

ලෝක විනාසේ වෙයිද නැද්ද..?

මේ ලොකේ වෙන්න බැරි කිසිම දෙයක් නැති හින්දා ඕක වෙන්න උනත් පුළුවන්... අනික මේ දවස්වල පහල වෙන නිමිති ඒ හැටි හොඳ මදි.. බඩු බනිස් වෙන්ට බැරි නැහැ... කෝකටත් සූදානං පිට හිටියම වරදක් නැහැනේ...

හරි එහෙමනං මොකද එදාට කරන්නේ..?

එදා‍ට නෙවෙයි එයිට සතියක්වත් තියා හොඳවෑයින් අරක්කු බෝතල් ටිකක් අරගන්න ඕන... ඇයි යකෝ තව ජීවත් වෙන්න කාලයකුත් නැත්තං ෂුවර් එකටම බැස්ටිය හම්බු වෙනවනං..ආයේ මොකටද නොබී ඉඳලා.. කර්පට් වෙන්න ගහන්නයි තියෙන්නේ..?

එතකොට එදාට..?

ආ එදාටත් බෝතලයක් දෙකක් ඉතිරි කරගන්න ඕන.. හැබැයි උදේම බීලා බැහැ... බඩු මල්ල ලෑස්ති කර ගන්න ඕන...

ඇහ්..මොකක්ද ඒ බඩු මල්ල..?

ඇයි යකුනේ වැරදිලාවත් ඕකට අහු වෙලා නොමැරි ඉතිරි උනොත් අනාගතේ රැකෙන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි... විදුලිය නැති... තෙල් නැති...ආහාර මිලදී ගන්න නැති... කොටින්ම මෙලෝ මිනිහෙක් නැති ලෝකෙක ඉතිරි උනොත් තනියම යැපෙන්න විදියක් හොයා ගන්ට ඕන නේද..?

ආන්න ඒ හින්දයි ඔය උඩ තියෙන බඩු ලැයිස්තුව...

කොහොමටත් ලෝක විනාසේ උනොත් එයින් පස්සේ මේක දාලා අළු වෙලා යයිද කාන්තාරයක් වෙයිද මොන හුට්ටප්පරයක් වෙයිද කියලා කියන්න බැහැනේ... ඒත් පොඩි හරි බලාපොරොත්තුවක් තියා ගන්න වෙනවා ජලජ ජීවීන් ගැන... මතුපිට ගොඩබිම ඉන්න උන් සුවාස් උනත් මුහුදුවල හරි ගංගාවල්වල හරි මාළු එකෙක් දෙන්නෙක් හරි ඉතිරි උනොත් උන් ඉක්මනට බෝවෙයි... ඒ හින්දා කරකුට්ටං වෙච්ච ගස්වල පොතු කාලා හරි ඉන්න ගමන් පුළුවන් හැටියකට දඩයමක් කරගන්ට බලන්ට වෙනවා... මාළු ඇල්ලීම එතනදී ප්‍රධානයි... වැරදීමකින් හරි සත්තුත් ඉතිරි වෙලා හිටියොත් දුන්නක් හදා ගන්න ඕන.. පිහියක් තියේනං ඒක ඒ හැටි අවුලක් නෙවෙයි... ලී වල පට්ටා අරං දුන්නක් බැඳගෙන ඒකෙන් වැඩක් ගන්ට හැකියාව තාම මට තියේ...

ගිනි ගල් කෑල්ල ඕන වෙන්නේ අල්ල ගන්න මොකා හරි පුළුස්සගෙන හරි කන්ට ගින්දර ඕන හින්දනේ.. ගිනි පෙට්ටි තියා ගන්න එක කෙටිකාලීනයි..ලයිටර් උනත් එහෙමයි.. ඒත් ගිනි ගල් කෑල්ලකින් එයිට වඩා කාලයක් වැඩ ගතෑකි ටිකක් දුෂ්කර වැඩක් උනත්...

එතකොට ලුනු... ලුනු ටිකක් තියෙන එක කෝකටත් හොදයි.. නැති උනොත් මුහුද අයිනට ගිහින් පස්වලින් පොඩි ලියදි කෑල්ලක් හදලා ඒකට මුහුදු වතුර මොන ක්‍රමයකින් හරි ගෙනත් දාලා වාස්ප කරගෙනවත් හදා ගන්ට වෙනවා... අපි ඒ හැටි නොහිතිවට අපිට ලුනු නැතිව ඒ හැටි කාලයක් ඉන්න අමාරුයි... අනිත් රසවලට වඩා ලුනු රස මිනිස් දිවට නැතිව බැහැ... ඒකනේ අර ඉස්සර කාලේ වනගත තපස්වරු හිටන් කාලෙකට සැරයක් ගම් වදින්නේ..ලුනු ඇඹුල් සේවනයට කියලා...

කැන්වස් රෙද්ද ඉතිං කෝහේ හරි එලාගෙන ඒකම පොරොගෙන දොයියන්ට තමා... පස්සේ කාලෙක ඇදන් ඉන්න ඇදුං දිරාපත් වෙද්දී අර රෙද්දම කෑලි කරලා ගැට ගහගන්ට බැරියෑ... ඇඳුන්නං නැතත් ඒ හැටි අවුලක් නැහැ.. මොකද මොකා දකින්න කියලද.. කොහොමත් අපි ඇදුං අදින්නේ අපිට ඕනවට වඩා අනිත් උන්ට ඕන හින්දනේ.. නැත්තං දැන් උනත් බැරියෑ නිදහසේ ජීවත් වෙන්ට...

ඔය ටික තිබුනොත් අනිත්වා කොහොම හරි ගැට ගහ ගතෑකි... කාලයත් එක්ක තැනින් තැනට ඇවිදලා ඉතිරි වෙලා තියෙන සම්පත් හොයගෙන ඒවායින් ප්‍රයෝජනය ගන්ට බැරියෑ... වගාවට හොඳ බීජ හොයා ගන්ට පුළුවන් උනොත් මොනවා හරි වවන්ටත් ඇහැකි... ගෙවල් හදනවා කියන එකනං ඒ හැටි වැඩක් නෙවෙයි... පොඩි කාලේ  අපේ ගමේ හදාපු කටු මැටි ගෙවල් දෙක තුනකට අත් උදව් දීලා මට අත්තිවාරං පාගන හැටියි.. පන්දලං බැදලා මැටි බෝල බොල් අනලා බිත්ති නැග්ගිල්ලයි කරන්ට දැනුම තියේ... වහල ගැහීමනං ගේමක් නැහැනේ... මන්නේ තියේනං..වල් ලී කොල අතු තියේනං පැල් කොටයක් අටෝ ගතෑකි...

එහෙම බැළුවම වේල පිරිමහගන්නයි ආරස්සාව සල‍සගෙන ජීවත් වෙන්ටයි මහ ගොඩක් ජාති ඕන නැහැ.. අනික බඩු වැඩි වෙන්ට වෙන්ට ජීවිතේ ලේසි වෙන්නෙත් නැහැ... ආන්න ඒ හින්දා උවමනාම කියන ඔය ටික විතරයි මගේ ලයිස්තුවේ තාමනං තියෙන්නේ... අනිත්වා ඒ ඒ පරිසරයෙන් හොයා සපයාගන සකස් කර ගැනිල්ලක් තමා තියෙන්නේ...

ආන්න ඒ හින්දයි ඔය බඩු ටික එකතු කරගන්ට ඕන...

හරි එහෙම කරලා ඊ ළගට..?

ඊ ළගට ඉතිං කරන්නේ ඔය බඩු ටික ඒකට හරියන බැග් එහෙක දාගෙන අර ඉතිරි බෝතල් දෙකත් අරගෙන නගිනවා මේ අහල පහල තියෙන ලොකු ගලක් උඩට... එයින් පස්සේ තියෙන්නේ නිවී හැනහිල්ලේ ෂොට් එකක් දාගෙන.. ලෝක විනාශ සජීව ප්‍රසංගය බලන එක තමා.. මියෙම්වා රැකෙම්වා කියලා... හිටියොත් හිටියා.. මලොත් මලා...

හැබැයි වැඩිය හොඳ සුවාස් වෙලාම යන එක තමා.. ජීවත් වෙන්න මැරෙනවට වඩා සෑහෙන මහන්සියක් දරන්ට ඕන... අනික තනියම හිටහල්ලකෝ... බුකියත් නැහැ.. බ්ලොග් එකත් නැහැ... ගල්වල තමා අකුරු කොට කොට යන්න වෙන්නේ...

ඇඩෙනවා නේද පින්වතුනි..?

ඒත් අඩලා බැහැ පින්වතුනි..එන දේකට සැට් වෙන්න ඕන..හරි දැන් මාත් සුවාස් වෙලා ඔහේලා කවුරු හරි ඉතිරි උනොත් කියලා හිතෙද්දී මොකද හිතෙන්නේ..? මෙහෙම ලයිස්තුවක් තියේද ඔහේලටත්..?

241 comments:

  1. ඇයි ඕයි ඕකට ජෝක්කු දෙක තුනක් දාගත්තේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ජොක්කු මොටද ඒ කාලෙට... ගහනවා අමුඩ...

      Delete
    2. නෑ මං කිව්වේ ඉතින් එතකොට ටාසන් වගේ ඉන්න පුළුවන්නේ

      Delete
    3. ඒකට කොහොම හරි හං කෑල්ලක් හොයා ගන්න වෙනවා...

      Delete
    4. තනියෙන් ඉන්නවනං මොකටද ඉතින්?

      Delete
    5. මට නෙවෙයි සයුරි..මේ මුංටනේ ඕන වෙලා තියෙන්නේ...

      Delete
    6. මමත හිතන්නෙ ජොක්කු දෙතුන් දෙනෙක් ඕනෙ වෙයි. මොකද, තනියම ඉතුරු වෙන්නෙ නැතුව තව එකම හරි ගෑනු පරානෙකුත් ඉතුරු උනොත් නිතරම කැන්වස් රෙද්දෙන් ටෙන්ට් ගහන් ඉන්න එක හරි නෑනෙ

      Delete
    7. තනියෙන් උනත් හෙලුවෙන් හෙම ඉන්නවා නෙවෙයි ඕන්.. !

      Delete
  2. මාරයියා කිව්ව වගේ මං නං කරන්නේ බෝතල් දෙක තුනක් තියාගෙන කරපට් වෙන්න ගහන එක තමා.. තව සිගරට් පැකට් දෙක තුනකුත් තියාගන්නවා.. ගිනි ගලක් එක්කම ලයිටරේකුත් තියාගන්නවා.. මහ ඉඩක් යන එකක්යැ...

    මොකද දන්නවද... මෙච්චර රහ කර කර, දවස් ගනං සෙට් වෙලා, බෝතලේ ආතල් එක කිය කිය මුන්දැලා ගන්න ඔය කියන තාලේ ආතල් එකක් මට තාම තේරෙන්නේ නැති නිසා සුවාස් වෙන්න කලින් ඒ ආතල් එක මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ කියලා හිතෙනවා..

    මං අහන්නේ ඒක නරක අදහසක් නෙවෙයි නේද...?

    ReplyDelete
    Replies
    1. කිසිසේත්ම නරක අදහසක් නෙවෙයි හිරුවෝ.. ඒක තමා හොඳම දේ...

      Delete
    2. හපොච්චියේ.... මැරෙන මොහොතේ පිරිතක් අහන් බැන පොතක් කියවන්නැතුව නටන්න හදන නාඩගමක්.
      ලෝක විනාසේ නොවුනොත්, හිරුවා අවු:හැට හැත්තාවක් ඉඳලා අන්තිම මොහොතේ මී මුනුබුරෙකුට ඔය යෝජනාව දානවලු "යන්න ඉස්සෙල්ලා ගන්න ආතල්" කියලා. හික් හික්..

      Delete
    3. බණ පිරිත් නං දැනටත් මේ රේඩියෝවල යන ඒවා අහන්නේ නහුතෙට.. එදාටවත් වෙනසක් තියෙන්න එපෑ...

      Delete
    4. පිරිත් බණ අහද්දි හිතට එන ඒව වල රිස්ක් එක ගන්නවට වැඩිය හොදයි අකම් ඔය බෙලෙක්ක දෙක තුනක් වට කරගෙන දෙල් කොල ගොඩේ හරක් දුවනවා වගේ රෙකෝඩ් කරලා තියෙන සින්දු කියන ජාතියෙන් එකක් අහනවා... අඩු ගානේ හිතට නිවනයි.. හි හි..

      Delete
    5. හරි දැං.... ඔය ලිස්ට් එක හදන්න කලින් කවුරු හරි කියමු බලන්න ඔය කියන ලෝක විනාසේ වෙන්නේ මොන ක්‍රමේටද කියලා... I am legend,day after tomorrow, deep impact වගේ ඒවයින් මොන ජාතියේ ලෝක විනශයක්ද කියලා...

      ඒ අනුව තමා බේරුනොත් ඕනේ කරන බඩු ලිස්ට් එක තෝරන්න ඕනේ....

      Delete
    6. ඇයි මගේ කලින් ලිපියක් තිබුනේ...

      Delete
    7. අඩෝ මාරයා අපි නිදිමාරගන කමෙන්ට් කරනකොට උඹ මුවෝ මස් කරනවා , චීත්ත කෑල්ලක් ආපුවහම පැල් බැදගන රිෆ්ලයි

      අනේ අම්මපා මගේ කටට එන කුණුහරප මෙතන කොටන්ඩ බෑ බොලවු

      Delete
    8. චුට්ටක් විතර කොටමු

      Delete
    9. කියලා වැඩක් නැත...



      මම බ්ලොග් නොලියන ලකීසිරි

      Delete
    10. සත්‍යය නොවහලා කියු අටමාට ජය !!

      Delete
    11. අටම් අයියාට මගෙත් ඡන්දය.

      මමත් මේ කියන්න හැදුව විතරයි, අපි කමෙන්ට් කරපුදාට නෝ රිප්ලයි, ඩිංගිත්තක් පරක්කු වෙච්ච දාට කස්ටිය මඟුල් කාලා වලං පිඟනුත් හෝදල ඉවරයි.

      දැඩි ව හෙලා දකිමි !

      Delete
    12. මාරයියේ.. අපේ මහත්තය අහනවා කේන්දර බලන පොත් ටික ඔය ලිස්ට් එකේ නැද්ද කියලා... හැබෑට ඒ ටික අමතක උනාද.......

      Delete
    13. බොල අටමෝ... යකෝ ඔය චෝදනාව අනිත් පැත්තට කොලානං තමා අවුල... කොහොමද වැරදිලාවත් ගෑණු පරාණ කියන්ට ගත්තොත්.."මාරයා කොල්ලෙක් කමෙන්ට් කොලොත් තමා පැල් බැඳගෙන උත්තර ලියන්නේ ගෑණු අපි මොනවා ලිව්වත් ගණන් ගන්නේ නැහැ" කියලා...

      බොලත් චීත්තයක් ඇදන් වර..මං උත්තර දෙන්නං සිටි සිටි ගාලා.. එහෙම නැතිව බොගේ ඔය දාගෙන ඉන්න පින්තූරේ දැක්කම පැල් බැඳගෙන උත්තරයක් ලියන්න හිත දෙනවද බොල..? සික්...

      Delete
    14. කේන්දර පොත් මොකටද බං විනාස වෙච්ච ලෝකෙකට..? ලෝක විනාසේ උනාට පස්සෙවත් ආතල් එකේ ඉන්න තියෙන්න ඕන..ඔය පොත් පත් වැඩ නැතිව... මංනං ලෝක විනාසෙට කැමතිම ඕකයි... නිදහස් කාලයක්...

      Delete
  3. සුවාස් කිව්වම මං උන්නෙ චිවාස් රීගල් වගේ එකක් කියලා

    ReplyDelete
    Replies
    1. ඔය සුවාස් කියන වචනේ කොපිරයිට් තියෙන්නේ අපේ ගමේ හිටිය අයිය කෙනෙකුට... සුවාස් කියන්නේ සුවර්ගස්ත කියන එකෙ ෂෝට් කට් එක...

      Delete
  4. හුහ් ලිස්ට් එකක් හදලා වැඩ පටං ගන්ඩ ඕනි....

    ReplyDelete
    Replies
    1. පුමාද වෙන්ට එපා..අන්තිම දවස් වෙද්දී අරක්කු බෝතලේ රුපියල් ලක්ෂෙට දෙකට යයි කියලයි ආර්ථික විශේෂඥයෝ කියන්නේ...

      Delete
  5. යකෝ එක කියන්න එනකොට පහ වෙලානේ. මුන් මේකේ පදිංචි වෙලාද මන්දා.

    ReplyDelete
    Replies
    1. විල් ස්මිත්ගේ "I AM LEGEND" ෆිල්ම් එක මතක් උනා. "රොබින්සන් අන්දරය" බලද්දිත් මේ ගැන හිතලා තියෙනවා. කාත් කවුරුවක්වත් නැති පාලු දූපතක (කෙල්ලෙක් එක්ක) තනියම ජීවිතේ ගැට ගහගන්න හැටි. පට්ට කට්ටක් කන්න වෙයිනේ.

      Delete
    2. විල් ස්මිත්ගේ ෆිල්ම් එකනං මාත් බැළුවා.. කෝකටත් අනිත් අයත් ඒ වගේ ඒවා දෙක තුනක් බලලා ලෑස්ති වෙනවනං වඩා හොඳයි...

      Delete
    3. අම්මපා.. මටත් මතක් උනේ ඒක.. කෙල්ලො නම් එපා.... මිනිස්සු මල වද.. විල්ට වගේ හොඳ බලු රාළ කෙනෙක් හිටියනම් ඇති...

      Delete
    4. හොහ්.. හොහ්.. කෙල්ලෝ ඕනි කොල්ලෙක් නම් නේ......

      Delete
    5. අනේද කියන්නේ... මංනං ඉතිං ඕකෙන් බේරුනොත් ජීවත් වේනනේ අර ගලිවර්ගේ සුවිසැරියේ වගේ තාත්තයි තාත්තගේ මැප් එකයි හොයං යනවා වගේ.. කොයි ලෝකේ හරි ගෑණු පුළුටක් ඉතිරි වෙලාද කියලා හොයං යන්න තමා... නැත්තං අර බෝතල් දෙකම බීලා එදාම ගලෙන් පහලට පනිනවා සැපයි... :D

      Delete
    6. ++++++
      මාත් ඔයින් එකෙක්.

      Delete
    7. චික් .. මුන්ට වර්ගයා බෝ කරන එක විතරයි හිතේ තියෙන්නේ.... මෙහෙමත් ජාතියක්...

      හි හි....

      Delete
    8. නැත්නම් දෙය්යනේ කොහොමද මිනිස් පරපුර පවත්වාගෙන යන්නේ

      Delete
    9. චී චී..කවුද කිව්වේ වර්ගේ බෝකරන කතාවක්... ඒක බෝවෙනවනං ඔහේ වෙයි.. මංනං මේ වෙන එහෙකට...

      Delete
    10. අනේ හිරුවෝ බලා ගත්තහැකි තොපි රෑනක් එක්ක එක මිනිහෙක් ඉතුරු උනොත් පැය විසිහතරෙන් එකා සුවාස් වෙන හැටි

      Delete
    11. අනේ ඒ එකා මං වෙනවනම් ....චෝයි අප්පා ........

      Delete
    12. හි හි.. අටමට තේරුනා..... හැබැයි ඌට පැය විසි හතක් ආයුෂ තියෙයි කියලා නම් මම හිතන්නේ නෑ... හි හි..

      Delete
    13. ෂෙහ් ... එතකොට මටත් පුළුවන් විල් ස්මිත් වගේ මුව දඩයමේ යන්නත්.

      Delete
    14. @ හසරැල්,

      ෴ අනේ ඒ එකා මං වෙනවනම් ....චෝයි අප්පා ........ ෴

      අර හිරගෙදරක කාන්තා වාට්ටුවක් පැත්තට උඹව උස්සල විසිකරන්න ඕන, මට මැවිල පේනව උඹ හවහට එළියට එනහැටි. :)

      Delete
    15. මටත් මැවිලා පේනවා මචන් එලියට එන්න කලින් වෙන ඒවා

      Delete
    16. නොදකින් මුන් නම්....! ලංකාවේ අනාගත පරම්පරාව නේද මුන්.....?

      Delete
    17. කියලා වැඩක් නැත දුමී අයියා..මේක විනාස වෙන එකමයි කාරිය...

      Delete
    18. තව විනාශ වෙන්න දෙයක් නෑ වගේ...

      Delete
    19. මාරයා විතරක් ඉතුරු උනොත් ඉතින් ඉතුරු වෙලා ඉන්න සත්තුන්ටත් මාරයගෙ මූණුවර තියෙන පැටව් හම්බ වෙයි සට සට ගාලා...

      Delete
  6. කැපෙන ආයුධ කිහිපයක් , කිණිහිර, මයින හම ආදිය -- ඉතිරි වෙන එවුන කොල්ල කන්න , බැරිම වුනොත් මරාගෙන කන්න

    උක් දඬු හා සීනි තොග - කෙටි කාලීනව සීනි තොගය, දිගුකාලීනව උක් දඬු වගාව , කෑම නැතත් බොන්න ඕනි ඉතිරි වෙන එවුන්ට , ලෝක විනාසෙන් පස්සේ කට්ටියක් ඉතුරු වුනොත් නැගලාම යන බිස්නස් එක තමා පෙරිල්ල...

    තව මතක් වුනොත් කියන්නම්... ලබන සතියේ ඉඳං ඕව එකතු කරනවා...

    ReplyDelete
    Replies
    1. කොහොමටත් උණු වෙලා ගියොත් ඇරෙන්න ආයුධනං සෑහෙන ප්‍රමාණය ලොකේ ඉතිරි වෙන්ට ඇහැකි.. ඒ හින්දා යකඩ කර්මාන්තයක් වශයෙන් කරන්න උවමනා වෙන එකක් නැහැ කරන්න වෙන්නේ ටිකක් ඇවිදලා බලන එකයි...

      පෙරන එකනං පෙරනවා පුතෝ ලුනු වතුරෙන් හරි... ඒක මහ දෙයක්ද අපිට...

      පරක්කු වෙන්න එපා... කෝකටත් හොඳා සූජානම...

      Delete
  7. හසරැල් කිව්වා වගේ ජෝක්කු දුසිමකුත් මම නම් දාගන්නවා මල්ලට.නැත්තම් අපරාදෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් හදිසියට තේ ගොට්ටක් වත හදාගන්න බැරිය ,නේද ?

      Delete
    2. නිකං තේරුමක් නැති වැඩ කරන්න එපා.. ඒකට ගනින් හොඳ වෑයින් අමුඩ ලේන්සුවක්.. හුගාක් දේට පාවිච්චි කොලෑකි...

      Delete
  8. මේ ලිස්ට් එක කොපි කරලා අපිත් හදා ගත්තට තරහක් නැනේ..... අහ්හ්හ් තරහ උනත් ඉතින් බැරිවෙලාවත් දෙන්න විතරක් ඉතුරු උනොත් ඉතින් ඒ තරහ අමතක කරලා ජිවත් වෙන විදිහක් හිතන්න වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. කොපි කොලාටනං මොකද..? තව කී දවසටද..? මෙව්වා තියං මලවං කන්නයෑ...

      Delete
  9. මතක ඇතිව ලැපයි, ඩොංගලේකුයි ගන්නත් ඔනේ... නැත්නම් නෙට් යන්නේ අහවල් එකින්යැ..

    ReplyDelete
    Replies
    1. එහෙමනම් ඉතින් හුලන් ටෙල් තමා නෙට්වර්ක් එක විදිහට ගන්න වෙන්නේ.....

      Delete
    2. ඒවා හරියන්නේ නැහැ..කෙලින්ම ගල්වල තමා බ්ලොග් කොටන්නේ...

      Delete
    3. ඇයි බන් ගල් ඉතුරුවෙලා අනිත් ඒවට හෙන ගහනවද

      Delete
    4. ගණන් ගන්න එපා බන්ස්ලා.....! ඔය කොහෙන්හරි ලැපක් දෙකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ මැරිච්ච එවුන්ගේ. ඊට පස්සෙ පියර් ටු පියර් හරි නෙට් එකක් හදාගන්න බැරියෑ.....!

      Delete
    5. හොයා ගන්නනං පුළුවන් වෙයි..ඒත් ඉක්මනටම නරක් වෙයි නේද බං..:D

      ගල් ෂුවර් කරන්න පුළුවන් සුජියා අනිත් ඒවට වඩා.. අනික ඔය කොල කෑලි අනං මනං ඉතිරි උනත් ඒවා පරිස්සං කරන්න කරදරයිනේ... එහෙමද ගල්... අනික කවදා හරි දවසක මොකෙක් හරි ඉතිහාසේ හොයද්දී පිලිගන්නේ ගල්වල කොටපුවා මිස අනිත් දේවල් නෙවෙයිනේ...

      Delete
    6. කොහොමත් ඉතින් ගල්වල කොටපුවා/කොටපු හැටි පස්සේ කාලෙක මතක් වෙනකොට හෙන ආතල් තමයි.....

      නැද්ද මං අහන්නේ.....

      Delete
    7. චිහ්ක්... ලෝකෙ විනාස උනාට පස්සෙත් ගල් වල කොටන්නයි හිතන් ඉන්නෙ !!!

      Delete
  10. ලෝක විනාසේ කියන්නේ ලෝකෙම විනාස වෙන එකනේ ආයේ එකෙක් දෙන්නෙක් ඉතුරු වෙනවනං ඒක ලෝක විනාසයක් නෙමෙයි ඊට අඩු විනාසයක්! :D

    බ්ලැක් ලේබල් බෝතලයක් ඔට්ටුයි මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙන්නේ නෑ! කවුද එන්නේ මාත් එක්ක ඔට්ටු අල්ලන්න?

    ReplyDelete
    Replies
    1. හරි බං..උනොත් සම්පූර්ණ තමා..ඒත් කරුමෙටවත් හිටියොත්...

      අනේ උඹේ බ්ලැක් ලේබලේ... ආවා මෙතන මගේ ලෝක විනාස ආතල් එක කන්ට.. දුප්..:D

      Delete
    2. ඒක තමා බන් ,පූසන්ට පන නමයක් තියෙන නිසා මූනම් බේරෙයි තමා ,අඩෝ ඔට්ටු අල්ලනවනම් දේශීය දෙයක් ඔට්ටු අල්ලමු හරිය ,අපි කොහේ ගියත් හොද දේශ මාමක උන් හරිය

      Delete
    3. මාරයියාගේ බහට රැවටී මේ අනගි අවස්‍ථාව මගහැර නොයන්න! මේ ඔබේ දිවියේ අවසාන බ්ලැක් ලේබල් බෝතලය විය හැකියි! :D

      Delete
    4. නෑ .. චිප්....

      හි හි...

      Delete
    5. මූ ඒ අස්සේ මාළු බාන්ට හදනවා...

      Delete
    6. හසරැල් : හරි එහෙනං උඹත් එක්ක මල්(පූජා කරන එව්වා) ග්‍රෑම් 100ක් ඔට්ටු අල්ලනවා! :D

      Delete
    7. කවුද බන් මේ හිරු කොමෙන්ට් කරන හැම වෙලාවේම ලග ඉදන් කිචි කවන එකා

      Delete
    8. කවුරුත් නෑ බං... මං තනියම තමා කිචි කවා ගන්නේ... හි හි...

      Delete
    9. වෙන කවුද ඉතිං අර අහවලා මිසක්...

      Delete
    10. @ පූසා -ආන්න එහෙම වරෙන් මචන් ,කොහොමත් අපිට ඔය මල් වට්ටි වෙන්දේසි ඔගනයිස් කරලා පුරුදුයි

      Delete
    11. This comment has been removed by the author.

      Delete
    12. ආහ්! සමාවෙයං මචං අර වරහනේ තියෙන වචන තුන අගට "නෙමෙයි" කියලා වැදිලා නෑ! :D :D

      Delete
    13. මටත් සමාවයන් මචන් මගේ කොමෙන්ට් එකේ මල් සහ වෙන්දේසි අතරට වට්ටි කියල වැදිලා ,:D

      Delete
    14. ලෝකේ විනාස උනොත් ගංජා හේනුත් නැත්තටම නැති වෙයිද....? බයේ බෑ අප්පා....!

      Delete
    15. එව්වනං විනාස වෙයි.. ඒත් ඇටයක් දෙකක් හරි ඉතිරිවෙලා ආයේ හැදෙන්නේ නැතෑ නේද..? අපි ඒ ගැන සුභවාදී බලාපොරොත්තු තියා ගමු... ලෝකෙට වටින්නේ ආන්න එහෙම සුභවාදී බලාපොරොත්තු තමා...

      Delete
  11. ලෝක විනාසේ වෙනවා නම් ගන්නේ මොනවාද කියල හිතාගන්න බෑ... ලැයිස්තුවෙ බඩු ටික දාගන්න කන්ටේනර් එකකුත් ඕනේ වෙයි...හෙට මැරෙනවා කිව්වත් තන්හාවේ නම් අඩුවක් නෑ...කිව්වත් වගේ බැරිවෙලාවත් බේරුනොත්

    ReplyDelete
    Replies
    1. මං නොදන්නවද බවලත් උදවිය ගැන... ඔය කතාව අර කිව්ව ගෲප් එක ඇතුලේ යද්දී එක්කෙනෙක් ඒකට බෝට්ටුවකුත් එල්ලුවා... එකේ නොබුනේ පෘතුවිය විතරයි... අනිත් ඔක්කෝම තිබුනා...

      Delete
    2. අපේ ගම හාමිනේගේ ලිස්ට් එක ඇහුවොත් එහම මට නම් ලෝකේ විනාසේ ඩප්පියක් ගහලා හරි නවත්තන්න වෙනවා.....!

      Delete
    3. අම්මපා දුමී අයියේ..මට මේ ජනනියගේ කොමෙන්ටුව දැක්ක ගමන් උඹවයි අක්කණ්ඩියි මතක් උනා.. ඇයි යකෝ අර ලංකාවට එද්දී අරං එන බඩු ලිස්ට් එකේ හැටියට ලෝක විනාසේට කලින් හදන ලිස්ට් එක කොහොමද කියලා හිතා ගතෑකිනේ... ඇල්පෙනෙත්තක්වත් අඩු නැතිව තියෙයි එකේ...සමහර විට හුරතලේට හදන්න අලි පැටියෙක් දෙන්නෙක් එහෙමත් හිටින්න බැරි නැහැ...

      Delete
  12. මාරය්යේ මතක ඇතිව ඇස් කන්නාඩිය දාගනින් ,අපි ඉන්න හින්ද හොදා බොලාට ඕව මතක් කොරන්න

    ReplyDelete
    Replies
    1. ආ කණ්ණාඩියේ කේස් එකත් ගන්නෝ ,තව චුට්ටෙන් අමතක වෙනවා

      Delete
    2. ඒක තමා මුලින්ම විසි කරලා යන්නේ.. පුළුවන් තරං ස්වාභිවික විදියට ඉන්න ඕන... නැත්තං කණ්නාඩිවලට හුරු වෙලා ඕක කඩලා ගිය දාට ආයේ මොකාගෙන්ද අළුතින් හදා ගන්නේ..?

      Delete
    3. එහෙනම් බන් ඇදුම් ටිකත් ගලෝගෙන ඉමු අපි ලෝකවිනාසේ වෙලාවට ,එතකොට උපරිම ස්වාබාවිකයි ඈ.....

      Delete
    4. මං කොහොමත් ඔය ඇදුං ගැන ඒ හැටි මහන්සි වෙන එකෙක් නෙවෙයිනේ බං... නිදහස ලැබුනම ඒක උපරිම විදින්න ඕන...

      Delete
    5. දැට්ස් රායිට් .........

      Delete
    6. //එහෙනම් බන් ඇදුම් ටිකත් ගලෝගෙන ඉමු අපි ලෝකවිනාසේ වෙලාවට ,එතකොට උපරිම ස්වාබාවිකයි ඈ...//

      හසරුල්

      හැබැයි බොලා මට හිනා වෙන්නැ හරිද , මගේ වම් ඇටේට වඩා දකුණු ඇටේ ටිකක් පහතින් එල්ලිලා තියෙන්නේ

      Delete
    7. එකට කමක් නැහැ මචන් අපි ඒකෙ එල්ලිලා උන්චිලි පදින්න එන්නේ නැහැ

      Delete
    8. කවුරු හරි උංචිලි පැදලා වෙන්ඩැති මයේ හිතේ..ඔය ඔෆ්ෆ් බැලන්ස් ගිහින් තියෙන්නෙ !

      Delete
  13. http://channel.nationalgeographic.com/channel/doomsday-preppers/

    මේකේ ඉන්නවා මේ වගේ පොරවල් ..

    මාරතුමා දඩයම් යුගෙන්ම පටාන් ගන්න යන්නේ .

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඕවා බලන්න බයිට් නැහැ මේ දවස්වල... :D

      වැඩේ සිද්ධ උනොත් ඉතිං ආදී මුතුන්මිත්තන්ගේ ක්‍රමයට යනවා මිස වෙන මොනවා කරන්නද..?

      Delete
  14. හත් ඉලව්වේ අයියේ කසිප්පු බූලියකුත් දාගත්තොත් නරකද? ඇඬේනවා තනි ඇහැට

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෝරලේ මහත්තයෝ මාත් කියන්නේ ,අපේ උන් කොච්චර පරගැති වෙලාද කියලා ,දේශීය දේකට කිසිම තැනක් නැහැ

      Delete
    2. ඒවා අවුලක් නැහැ... අරං යන්න ඕන නැහැ.. ගෙහුන් පෙරා ගන්නවා...

      Delete
    3. අපෝ උබේ පෙරිල්ල , මම දැක්කනේ අර පෝස්ට් එක

      Delete
    4. ඒක කොරන වෙලාවට ගැනට කොරලා තියෙයි පුතේ.. මං ඇවිල්ලා පිට්ටු බම්බුවෙනුත් පෙරපු එකා... ඔව්වා ඉතිං ලියන්ට ඇහැකියෑ...

      Delete
  15. ආදම් වගේ නිකම් තනියම ගලක් උඩ ඉඳලා බෑ මාරයෝ. ඒව කෙනෙකුත් අරන් යන්න ඕනේ. නැවතත් ලෝකය ජනාවාස කිරීමේ වගකීම මාරයා සතුයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. හපෝ..එහෙම නොකරන එකමයි කාරිය... ආයේම වතාවක් මුල ඉදන් ලෝකේ හූරං කන්න වෙන්නේ...

      Delete
    2. ඒක හරියන් නැ විචාරක . ඒ ටෝච් එකට වෙන එකෙක් බැට්රිය දාලා . මූ මුවෝ මරණ අතරේ

      Delete
    3. අපිත් බලාගන හිටියේ අටං කොහෙද මුට මුවෙක් දැක්කොත් චූටි ටෝච් එකත් අමතක වෙනවනේ

      Delete
    4. එක එක ඒවා බේරං අරං යන්ට බැහැ..බේරිලා හිටියොත් පිහිටක් වෙනවා මිස... ඇයි යකෝ අපිම කියලා එක්ක ගියොත් හැම වෙලේම කියන්න ගනී.."ඔයා හින්දා තමා මං මේ කරදරේ වැටුනේ.." කියලා.. අපි නොදන්න ස්තිරී පරාණ... එයිට හොදා හිටියොත් හොයා ගත්තා..නැත්තං ඔය පුරුදු විදියටම ඇදගෙන ගියා...

      Delete
  16. ඇයි බන් ඩ්‍රයිවින් ලැය්සන් එක ,මොකද වැරදිලාවත් බයිසිකලෙත් ඉතුරුවෙලා උබ ඒක පැදගෙන යනකොට පොලිසියේ එකෙක් අත දාල නැවත්තුවොත් මොකද කොරන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඉන්ෂුවරන්ස් එකත් අවුරුදු පහකටවත් දාගෙනම යන්න ඕන...

      Delete
  17. මන් නම් අත් දෙක වන වනා බලන් ඉන්නවා ඕඅක ඇවිත් මා ව විතරක් බේරුනොත්..ඔය ඉතුරු වෙලා තියෙන සුපර් මාකට් එකකට වෙලා ඉතුරු කාලෙ ජීවත් වෙනවා.. ලොකු සුපර් මාකට් එකක් ළඟට වෙලා ඉන්ඩෝනි ඔය දවසෙම !

    ReplyDelete
    Replies
    1. අය්යා ඉතින් කොහොමත් හොරා කන්න දස්සයනේ ,බලාගෙන CTK රහස් පරීක්ෂකයෝන්ට අහුවෙන්න බැරි නැහැ

      Delete
    2. යකෝ වෙනියෝ ඔව්වායේ තියෙන්නේ වැඩිහරියක් පරන බඩු අනිවා අඹ අපිට කලින් සුවාස් වෙනවා

      Delete
    3. චෙහ්..CTK පරීක්ශකයන්ගෙන් බේරෙන්නත් ඕනි...පරණ බඩු කන්ඩත් බෑ...මගේ පැලෑන ගහපු තැනම් ජබොහ් උනා නොවැ !

      Delete
    4. වෙනී අයියේ, වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා.... උඹ ඔය කොළඹ හතේ කෑම කන විදිහට නම් දෙසැම්බර් 21 වෙන්න කලින් සෙට්ට පොච්චි වෙනවා සිකුරුයි...!

      Delete
    5. වෙනියට මං උත්තර දෙන්න දෙයක් නැහැනේ.. ඔය හම්බවෙලා තියෙන්නේ...

      Delete
    6. අප්පට සිරි එහෙම වෙයිද ? මන් හිතන් හිටියෙ ඉතින් මේක විනාශ වෙන්ඩ ඉස්සරින් ඔය කන්න තියෙන දේවල් ටික කාලා ඉන්න එපාය කියලයි..ආයි මොන ලෝකෙ යයිද කවුද දන්නෙ මලාට පස්සෙ ??

      Delete
  18. තාම එහෙම ලිස්ට් එකක් හදා ගත්තේ නෑනේ.... දැන්වත් ඒ ගැන හිතල බලන්ඩ ඕනි....

    ReplyDelete
    Replies
    1. ඔයාව දාන්ඩද අපේ ලිස්ට් එකට

      Delete
    2. ප/ලි
      වරදවා හිතන්න එපා අපිට වැඩට කාවහරිත් ඕන

      Delete
    3. හික්.....මොන වැඩටද?

      Delete
    4. අර සෑම් ගොයියා කියන්නේ ඇත්ත උඹලගේ කැතහිත්

      මම මේ කියුවේ ගෙදර වැඩට

      Delete
    5. ගෙදර වැඩ කිව්වේ බං ගෙදර ගෑණි කරලා දෙන වැඩ ටිකටද ? විනාසයෙන් පස්සෙ නැත්නම් ගෙදරක් ඉතුරු වෙයි කියලා හිතන්න බැඇනේ....!

      Delete
    6. ගෑණි කරලා දෙන වැඩටනං මූ එකක් නෙවෙයි පුළුවන්නං දහයක්වත් අරං යයි...

      Delete
    7. හහ්..... හිතේ ඇති අපිට කියල වැඩ කොරෝ ගන්න... ඔය ලෝක විනාසෙන් පස්සේ ඉතුරු වුනොත්,අළුත් ලෝකෙදි කොල්ලන්ට කියල තමා ගෙවල් වල වැඩ කොරෝ ගන්නේ.... දැන ගන්නවා හොදා කට්ටියම....

      Delete
  19. මංනං මේ සිරාවට කියන්නේ

    මම බයිසිමොටෝවට ෆුල් ටෑන්ක් ගහලා ,කැන් එකකටත් ගහනවා පෙට්රල් . ළමයින්ට ඕනම දේවල් දාගන්නවා , සිකරට් පැකට් දෙකතුනක් එක්ක බෝතල් දෙකතුනක් ගන්නවා , පොඩි මැෂින් කෑල්ලක් ගන්නවා ගෑණිට , මගේ ආයුද බෑග් එක ගන්නවා , ( මට මොනවද බැරි )

    අඩෝ අපි තමා එතකොට ලෝකයේ ඉන්න පෝසත්ම පවුල.

    යනවා දළදා මාලිගාව ලගට

    මොකද එක පඩියෙක් කියනවා මම අහගන දළදාව විනාස වෙන්නේ නැ කියලා

    අපි හතරදෙනා දළදාව ලගටම වෙලා ඉන්නවා

    (අටමා මේ කියන්නේ අවුට් ඔෆ් ජෝක්)

    කියන්න බැරි උනා එක එක ජාති වලින් ඇට පැකට් ටිකක් මම දැනටම ඇරගන තියෙන්නේ

    කමෙන්ට් වලට ෆොටෝ කෑළි දාන හැටි මම දන් නෑ නැත්තං දානවා

    ReplyDelete
    Replies
    1. ෆොටෝ දාන්න දෙන්නේ නැහැනේ බං. බ්ලොක් කරලා තියෙන්නේ.. ෆොටෝව කොහාට හරි අප්ලෝඩ් කරලා ලින්කුව මෙතන දාන්න.. අර ලින්කුවට වුනත් කමක් නැහැ.

      Delete
    2. බයිසිකලේ යනවනම් අනිවාර්යෙන් ලැය්සන් එක ගනින්

      Delete
    3. අපරාදෙ බන් ඇට පැකට් ගත්තෙ... මේ දවස් වල ආණ්ඩුවෙන් ඇට පැකට් බෙදාගෙන යනවනෙ නොමිලේ (අපිටනම් ලැබුනා)...

      Delete
    4. උඹටනං අටමෝ ලෝක විනාසේ අමුතුවෙන් වෙන්ට දෙයක් නැහැ වගේ බං ඔය ලිස්ට් එකේ හැටියට... යකෝ දළදාව විනාස නොවුනට මාළිගාව විනාස නොවෙන්නේ නැහැ... අනික ළගට වෙලා හිටියා කියලා උඹ දළදාවේ කෑල්ලක් වෙනවද..? අනික උඹ ඔය කියන සෙට් එකේ හැටියටයි..ලිස්ට් එකේ හැටියටයි දළදාව වටේ වර්ග මීටර් දහයක දොලහක ප්‍රමාණයක් ආරස්සා වෙන්ට එපෑ...

      Delete
  20. නොමැරි ඉතුරු වුනාට කමක් නෑ...උඹ බිත්තර හොයාගන කුකුල් කොටුවල රිංගලා අහුවෙන්න එපා..ඔම්ලට් දාන්න තාච්චි ඉල්ලගෙන අපේ අහ එන්නත් එපා..




    මම බ්ලොග් නොලියන ලකීසිරි

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ බිත්තර හොයං උඹව හොයන්න එන්නේ නැහැ...

      Delete
  21. බෝතල් උස්සන් දඟලන්නෙ මොකටද බං...මල් දෙකතුනක් අරන් තියාගත්තනම් ....දිව්‍යලෝකෙ ඉඳන්ම විනාසය බලාගත්තෑකි..1

    ReplyDelete
    Replies
    1. මට බය මල් වගාවන් ඔක්කොම විනාස වෙයිද කියලා.... එහෙම වෙන එකක් නෑ නේද ?

      Delete
    2. ඒ අදහසත් පංකාදුයි තමා...

      මල් වගාව ගැන ඒ හිටැ විස්වාසයක් තියන්ට බැහැ දුමී අයියා...

      Delete
    3. මන් නම් මල් හේනක් ළඟට වෙලා ඉන්නවා.. ඕක ගිණි ගත්තොත් ඒ එක්කම මටත් සුවාස් වෙන්න පුළුවන් නෙ..

      Delete
  22. මම නම් පැත්තකට වෙලා හොඳ වොඩ්කා බෝතල් දෙකක් හිස් කරනවා :D :D

    ReplyDelete
    Replies
    1. හපොයි ඔයා ඕක කලින් එහෙම කරනවා නෙවෙයි. නියම දවස බලලා කරන්න. ලෝක විනාශේ ඉක්මන් කරන්නේ මොකටද ??

      Delete
  23. එදා කිව්ව විදියට ඕක සිද්ද වෙන්නේ හවස් වරුවක නේද? ඒ කියන්නේ හොඳම හරිය එන්නේ රෑ නේ... ගිනි ගල් පත්තු කරල ගින්දර අරං සෙට් වෙන්න කලින් එදා රෑ ගොඩ දාගන්න පැට්‍රෝල්මැස් ලාම්පුවක් හොයා ගත්තොත් නරකද? නැත්නම් පස්සේ දවසක එදා රෑ තමයි රෑ කියල කළුවරේ කරපු සීන් තමා කියන්න වෙන්නේ...

    මම නම් ඉතින් දෙයියනේ කියල නිදාගන්නව.. බොන්නේ කරන්නෙ නැති නිසා නිදිපෙති ටිකක් වත් ගහල නිදාගෙන බලනව.. නැඟිටිනකොට පණ තිබ්බොත් ඊට පස්සේ මොකද කරන්නේ කියල කම්පනා කරල බලන්නයි ඉන්නේ...

    උඹ ඔය මොනව කලත් අන්තිම මොහොතේ කොල්ලා මේක ගොඩදානව කියල මටනම් බුදු ෂුවර්...

    ReplyDelete
    Replies
    1. එයිට ලේසියි බං නයිට් විෂන් එකක් හොයා ගන්නවා.. දැන්ම තියා දන්න කියන උන්ට කියලා බලන්න ඕන...

      යකෝ එදාටවත් බීහං... නොබී හිටියා කියලා අහවල් ලබ්බක් හම්බු වෙනවටද..?

      Delete
    2. නොබොන එකාට නොබොන එක බොහොම වටිනවා... ලෝක විනාසය වෙනුවෙන් උන් නොබොනවත පාවා දෙන්නේ නැහැ..

      Delete
    3. පිස්සුනං කෙලින්ට එපා... මෙහෙම වෙලාවකවත් නොබොනවනං ඇති වැඩක් තියේද..? කොහොම හරි පොවන්ට ඕන...

      Delete
    4. ඇයි හත්වලාමේ ලෝක විනාශයක් ආයේ බලන්න හම්බ වෙනවා කියල එකක්යැ... වන් ඇන්ඩ් ඔන්ලි ලෝක විනාශේ සිහි බුද්ධියෙන් බලං ඉන්න ඕන.. බොන එවුනුත් එදාට නොබී ඉන්න ඕනි.. ඉතුරු වුනොත් පස්සේ බොන්න බැරියැ

      Delete
  24. මං ලෝක විනාසේ ගැන ලියන මාරයා

    ReplyDelete
    Replies
    1. යකෝ වැදගත් උපදේස ටිකක් දුන්නම ඒ ගැන කල්පනා කොරලා බලලා හැදියවු...

      Delete
  25. බැරි වෙලා හරි ලෙකේ විනාස වෙලා උඹත් මැරුනොත් මාත් මැරෙනවා වතුර වලකට පනලා හරි. ලුණු කන්නැතිව නම් හිටියෑකි, යකෝ මේ වගේ හැඟීම්බර, රසබර, වේදනාබර පෝස්ට් එකක් කියවන්නෙ කොහොමද උඹ නැතිව....?

    ReplyDelete
    Replies
    1. පනිනවත් වෙලා ලොකු වතුර වලකට පැනහන් මල්ලියෙ !

      Delete
    2. ඔව් ... ඔව් .... මතක ඇතුව ජීවිතාරක්‍ෂක කබායක් ඇඳගෙනම පනින්න. නැත්නම් ගිලිල මැරෙයි. :)

      Delete
    3. මේ හදීසියේ එක්ස්ට්‍රා ලාජ් ජීවිත කබායක් හොයාගන්න එක තම්යි පුරස්නේ...!

      Delete
    4. මාත් මේ කියන්න හැදුවේ දුමියගේ බඩ වැහෙන්න තරම් වතුර තියෙන වතුර වලක් හොයා ගන්න පුළුවන් වෙයිද කියලා....

      මෙයා ඊයේ රෑ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ මේකේද කොහෙද.... හි හි...

      Delete
    5. තෙල් ප්‍රමාණය වැඩිනම් පා වෙන්ටත් ඉඩ තියේ...

      Delete
    6. ලෝක විනාසේ වෙන්ට කලින්ම දුමියට ගගේ මූදේ පනින්ට වෙයි වගේ මේ කියන කතා ඇහුවම...

      Delete
    7. ඒ කිව්වහම මතක් වුනේ. ඔය ග්‍රහකයක් මුහුදට වැටුනොත් මෙගා සුනාමි එන්ට පුළුවන්ය කියනවා නේද ?

      මීටර් දෙතුන්පන්සිය ගණනක් උස රළ වලින් බේරෙන්නේ කොහොමද ?

      Delete
    8. බේරෙන්ට කිසිම ට්‍රයි එකක් දෙන්නේ නැහැ බං.. බේරුනොත් විතරක් තමා අර ටික ඕන වෙන්නේ...

      Delete
  26. මාරයියෙ උබ ඉතුරු උනොත් මට මිස් කෝල් 1ක් ගහපන් හොදේ. මගෙ හැමදාම ලයින් එක කපලනෙ.

    මගෙ ලැයිස්තුවේ නම් ඔව්ව නෑ. පෝන් 1යි, චාජර් 1යි, මල්ටි සොකට් 1යි විතරයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මතක ඇතිව කොම්පැණි දෙක තුනේම සිම් ටිකකුත් අරං පලයං.. ආ ෆෝන් කාඩ් ටිකකුත් ගනින් වැඩිපුර... සුභ ලෝක විනාසයක් වේවා..!

      Delete
  27. හොදට හිතල බැලුවා. නරකද ඕකට තව මල් කෑල්ලකුයි පාවට්ටා කොළ දෙක තුනකුයිත් එක් කරගත්තනං.එතකොට ලෝකේ විනාස වුණත් අපි දිව්‍ය ලොකේ.ඒයි අපි ඉතුරුවුනොත් බාබකිව් පාරකුත් දාමු මාලු ඉන්නවනේ මතක ඇතිව ගිනි ගල දාගන් කොල්ලෝ.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ලෝක විනාසෙන් පස්සේ මුලින්ම කරන්නේ දිගුකල් පාවිච්චි කල හැකි වඩාත් සාර්ථක දිව්‍ය ‍ඖෂධයක් හොයා ගන්න එක තමා... එහෙම නැතිව ජීවත් වෙන්ට ඇහැකිද..?

      Delete
    2. ත්‍රයිලෝක විජයම් තමා බේත....

      Delete
  28. /*පොඩි කාලේ අපේ ගමේ හදාපු කටු මැටි ගෙවල් දෙක තුනකට අත් උදව් දීලා මට අත්තිවාරං පාගන හැටියි.. පන්දලං බැදලා මැටි බෝල බොල් අනලා බිත්ති නැග්ගිල්ලයි කරන්ට දැනුම තියේ... වහල ගැහීමනං ගේමක් නැහැනේ...*/

    පුළුවන් නම් ඔන්න ඕක කරන හැටි කියල දීපන් අයියෙ... පට්ට ආසාවක් තියෙනව කටුමැටි ගහල, බිමට ගොම ගාල වහලෙට පොල් අතු හෙවිල්ලපු පැල් කොටේකට... ඉඩම හරි... දැනුම තමා නැත්තෙ...

    ReplyDelete
    Replies
    1. අයියෝ හරිම ලේසියි කරලා දෙන්ඩ පුළුවන්

      අරක්කු ලොරියක් ගෙනත් බාලා කෝල් එකක් දියං

      Delete
    2. මැටි අනනන්ද අටම් අරක්කු

      Delete
    3. වෙලාවක රූප සටහන් ආධාරයෙන් හරි කරන්න බලන්නං සාතන් මලයා.. ලෝක විනාසෙට කලින් දැම්මොත්නං කාට කාටත්වැඩක් වෙයි නේද..?

      අටමට ලොරියක අරක්කු දෙන වෙලේ මට ඔන්න ඔය බෝතල් දුසිමක් එවහං මලයා මං ඇවිත් කරලා දෙන්න.. (අපි ලාංකීක)

      Delete
  29. ඔය ලෝක විනාසේ සම්බන්ධව මටත් යාලුවෙක්ගෙන් හොඳ වැදගත් උපදෙසක් හම්බු උනා..ඒ කාලෙට නිකමටවත් ලංකාවට යන්න හිතනන්වත් එපාලු. ඒ මොකෝ ඇමරිකාවේදී මැරුනොත් යන්නේ ඇමරිකාවේ දිවිය ලෝකෙලු. ලංකාවේදී මැරුනොත් ලංකාවේ එකටලු යන්නේ. ඉතින් ආපහු වීසා ගන්න දඟලන්න ඕන නෑ නේ කෙලින්ම ඇමරිකාවේ දිවිය ලෝකෙටම ගියාම.

    ReplyDelete
    Replies
    1. ඒක සෑහෙන්න පිළිගත හැකි කාරණයක්... දැන්ම තියා අපේ දුමී අයියලට අනතුරු අගවලා තියන්න වෙයි... උන් අර කාන්තාරේ මලොත් කාට කියන්නද..?

      Delete
  30. මම නම් ලයිටර් පෙට්ටි 50 ක් ගන්නවා...ඒ ඇති..අනිත් ඒවා කොහෙන් කොහෙන් හරි හොයා ගන්න බැරිය..ඔය ගල් වලට ගල් අතුල්ලන ඒවා කෝටු අතුල්ලන ඒවා මට නම් අරහන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේවල් උස්සං යන්න අමාරුයි බං...ඒ හින්දා හැකි තාක් සරලව ගෙනියන්න ඕන...

      Delete
  31. හරියන්නේ නෑ.. මම මේවා දමලා ගහලා හිහින් අර කෙල්ලව බැද ගන්නවා.. ඔන්න ඕක තමයි මගේ ලිස්ට් එක...

    ReplyDelete
    Replies
    1. ඒකට කියන්නේ ලෝක විනාසේ කලින් එනවා කියලා... (කෙල්ල මේක බල්නනේ නැහැ නේද..එක දවසකුත් තව පොඩ්ඩෙන් මං ගුටි කනවා)

      Delete
  32. මම එක කතාවක් අහල තියෙනවා පොල් මුදලාලි කෙනෙක ගැන. ඒ පොල් මුදලාලිට වයිෆ් කියලා ළඟදී ලෝක විනාසේ වෙනවා කියල.මිනිහා කුණු ලොබයාලු. ගත කටටම කියල

    "මමයි පොල් කඩන චන්දරයි ඉතුරු වෙලා මුළු ලෝකෙම විනාස වුනත් මට කමක් නෑ" කියල.

    ReplyDelete
  33. මට නම් මොකුත්ම එපා.... ඕක කොහොම වෙනවද මොනවා වෙනවද කියලා දන්නෙ නෑනෙ. ඉතින්, අරහෙම උනොත්, මෙහෙම උනොත් කියලා එක එක ජාති ගන්න ගියහම ලිස්ට් එක දිග්ගැහෙනවා. බේරුනොත් හිඟාකාලා හරි ජීවත් වෙන්න බැරියැ... මට තරමකට සිංදුවක් දෙකක් කියාගන්න ඇහැකි...

    ReplyDelete
    Replies
    1. ෂා ෂා..හරි අපූරු ප්ලෑන් එක... තව ටිකක් හොඳට පුහුණු වෙන්ට.. ඒක නෙවෙයි නරකද රබානක් ගත්තොත්... වැඩේට පිහිටක් වෙන්ට ඇහැකි...

      Delete
  34. ලෝකේ විනාස වෙයිද නොවෙයිද කියල අන්සුවර් පිට ඉන්නකන් , උඹේ හදහන බලාගනින් කො මාරක අපලයක් එහෙම යෙදිලා තියනවද කියලා . තුන් හතර දෙනෙක්ගේ කේන්දර අරගෙන බලහන් උන්ටත් එහෙමද කියලා . උන්ට අපල වෙලා උඹට නැත්නම් ඒ කියන්නේ බඩු මල්ල ඕනි වෙන්න ඉඩ තියනවා . උන්ට වගේම උඹටත් අපල නම් බෝතල් විතරක් ඇති !

    ReplyDelete
    Replies
    1. ඒකනං සෑහෙන්න වටින උපදේසයක් තමා...

      Delete
  35. කිසිසේත් පිළිගත නොහැක... ඔය ඉඳගත්ත ගල පෙරළුණොත්???අනික බඩු ලිස්ට් එක රැකගන්න ක්‍රමයක් හරියට පහදාදී නැත... පිළිගන්ට බැරියෝ.......

    ReplyDelete
    Replies
    1. එව්වා කියන්ට බැහැ.. මේක මේ වැරදිලාවත් බේරුනොත් විතරක්..අනික ගල උඩට නගින්නේ බේරෙන්ට නෙවෙයි... වැඩේ හොඳට බලා ගන්ට සහා පහසුවෙන් විනාසයට ඉලක්ක වෙලා සුවාස් වෙන්ට... ඒත් ඉතිං කරුමේ කියන එක බලවත් උනොත් ඒ කරලත් බේරෙන්ට බැරි නැහැ නෙව... එහෙම උනොත් තමා අර ටික ඕන වෙන්නේ...

      Delete
    2. ස්වාස්‌ වෙන අය යන්නේ ස්වාසිලන්තෙටද ?

      Delete
    3. කලින්නං සුවාස් උනාම යන්න තිබුනේ ස්වාසිලන්තේ විතරයි.. ඒත් ලගකදී අර උගන්ඩාවෙනුත් ගෙන්නලා ගැහුවනේ ගිවිසුමක්.. දැන් කැමති අයට එහෙටත් ගියෑකි... ද්වීපාර්ශ්වික අන්තර් සම්බන්ධතාවය ඔස්සේ...:D

      Delete
  36. මට නම් හිතෙන්නේ, ලෝකේ විනාස වෙනවනම්, ලංකාවට ගොඩක් වෙලාවට සුනාමියක් තමයි එන්නේ...! ඒ නිසා මගේ ලයිස්තුවේ මුලින්ම තියෙන්නේ, බර අඩු කිමිදුම් කට්ටලයක්!බේරිලා ඉන්න ලැබුනොත්, ගල් යුගයෙන් ජිවිතේ පටන්ගන්න එක ගැන හිතන්න බැරිය.....

    මරු කමෙන්ට් ටික....

    ReplyDelete
  37. මමත් අදම බෝතල් දෙක තුනක් ගෙනත් තියාගන්න ඕනේ ..ලෝක විනාසෙන් පස්සේ බාරුත් නැහැනේ ...

    ReplyDelete
  38. උඹල ඔක්කොම සුවාස් වෙලා මමයි බබා මන්ත්‍රී තුමියයි, දකුණු පලත්සබා මන්ත්‍රී තුමියයි ඉතරක් මේ ලෝකෙ ඉතුරු වෙනවනම්.....

    ReplyDelete
  39. බෝතල් නම් ඕනි නෑ,
    මමයි තව ලස්සන ලෙලි පොඩිත්තෙකුයි ඉතිරි වුනොත් ඒ මැදැයි

    ReplyDelete
  40. මට නම් ඕනි ෆුට්බෝලෙකුයි මොබිටෙල් සිම් එකකුයි විතරයි....

    ReplyDelete
  41. සිරාවට මාරයා අයියේ ලෝකේ විනාසවෙලා... මාත් එක්ක තව කම්මැලි කමට අඩියක් ගහන්න කොල්ලෙකුයි.... ආතල් එකට ගහන්න ( ඒටික ඕනේ නෑ ) ඉතුරු උනානම් මරු

    ReplyDelete
  42. මේකෙ කොමෙන්ට් කරන හැම එකාම ලැපක් හරි බ්ලොග් කියවන්න පුලුවං ෆෝන් එකක් හරි ළඟ තියාගත්තනං ලෝක විනාසෙං පස්සෙ ඉතුරු උනොත් ආයෙ මේ වැඩේ පටංගන්න බැරියැයි.

    කොහොමත් ලයිෆ් ජැකට් එකක්නං දාගෙන ඉන්න වෙනව. උල්කාවක් වැදිල එකපාර සුවාස් වෙනව ‍වගේ නෙමෙයිනෙ සුනාමියක්වත් ඇවිල්ල වතුරෙ ගිලුනොත්.

    එහෙනං 22 හම්බවෙමු.

    මම අරක නොලියන අරය.

    ReplyDelete
  43. මම නම් ආසයි මාරයත් එක්ක අර මාරයට කොක්ක දාන ඇනෝ කෙනෙකුත් ඉතුරු උනානම්... මම බූතයෙක් වෙලා හරි ඒ ආතල් එක ගන්නවමයි... ඔයාලා හිතන්නේ එහෙම උනොත් මක්ක වේවිද....?

    ReplyDelete
    Replies
    1. එදාට ඇනෝ ඇනෝ වෙන්නේ නැහැ... හොඳ පාප මිත්‍රයෙක් වෙයි..



      Delete
    2. ඇනොයි, මාරයයි මාරුවෙන් මාරුවට ගලේ කොට කොට ඉදියි. මාතලන් බුතයෙක් වෙලා තුෂ්නින්බුතව බලා ගෙන ඉදියි. වෙන මොනා වෙන්ඩද ?

      Delete
  44. ඔන්න මාරයා හිතන දේවල්. ලුණු.. යකෝ ලෝක විනාස උනාම ලුණු ගන්න මුදක් කෝ... ලිස්ට් එකට දාපිය ලුණු කැට ටිකකුත්

    ReplyDelete
  45. ඔක්කොම හොදයි, අදහසත් හොදයි, හැබැයි කොල්ලෝ බයවෙන්න එපා, ලෝක විනාසයක් එන්නේ නැහැ. මන් මේ බොහොම විශ්වාසයෙන් කියන්නේ.

    මන් අද කිව්වා කියලා ලියලා තියා ගනින්. අපි 22 වෙනිදා මේ වගේම මුණ ගැහෙනවා.

    ReplyDelete
    Replies
    1. සික් විතරක්, අපි එක එක විදිහට ලෝක විනාසෙ වෙයන් කියල ප්‍රාර්ථනා කරනව ඒ අස්සෙ මේව දාල ආතල් එක කඩනව. උබ ඔය ඉස්තීරුවෙන්ම කියනව ඇත්තෙ චොකලට් එකක එක්ස්පයර් date එක දෙසැම්බර් 21 න් පස්සෙ දවසක් දාල තියනව දැකල වෙන්ඩ ඇති.

      Delete
  46. ගොඩක් හිනා ගියා බන් පොස්ට් එකයි
    කමෙන්ට් ටිකයි කියවන් යද්දී ...
    තෑන්ක්ස් මෙයා ...

    ReplyDelete
  47. ඕක උනාම මොකෝ නොවුණාම මොකෝ කොයි එකත් කියල එහෙනම් එදාට බොමු ඈ..... :D

    ReplyDelete
  48. 100 වෙනි එකයි 200 වෙනි එකයි ඕන් මගෙන් !

    ReplyDelete