31 December 2012

හොඳ අවුරුද්දක නිමාව....ස්තූතියි...

2012 අවුරුද්ද ගෙවිලා අවසන් වෙන්ට තව තියෙන්නේ පැය දහයකට වගේ ආසන්න කාලයක්... මෙච්චර දවස් ගානක් ගෙවිලා ගිය වේගේ හැටියට ඔය පැය ගාන යයි සුටුස් කියනකොට...

කොහොම උනත් ගෙවිච්ච අවුරුද්ද ගාන ආයෙමත් කල්පනා කලොත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ මගේ ජිවිතේ ගෙවුණු අවුරුදු වලින් හොඳම අවුරුද්දක් විදියටයි...

ජිවිතේ හැමදාමත් බලාපොරොත්තු උන නිදහස උපරිමයෙන්ම විඳපු අවුරුද්දක්... පුංචි කාලේ ඉදලා හිතේ තිබුණ ලොකුම ආසාවක් උනේ කවදා හරි දවසක බයිසි මොටෝ එහෙක නැගලා රට වටේ කරක් ගහන එක... අපේ දෙවැනි මහප්පගේ පුතණ්ඩියා..එහෙමත් නැත්තං අපේ අයියා කාරයගේ බයික් එකේ පිටි පස්සේ එල්ලිලා මං මුලින්ම කතරගම ගියේ මට වයස අවුරුදු 15 ක් විතර ඇති කාලේ වෙන්ට ඕන.. ඒ වගේමයි ඒ ගමන කවදාවත් අමතක නොවෙන්න අපි දෙන්නටම අපූරු සිද්ධියකට මුහුණ දෙන්ටත් උනා.. ඒ තමා මාතර පෙනී පෙනී බයික් එක අනතුරකට ලක් වීම...

අපි ගියේ අයියගේ 125 ට්‍රේල් බයික් එකේ... ඌත් හිමිං යන්න දන්නෙම නැහැ... විසි වෙලා යයි කියලා තියෙන බයට ඌව දෝත බදලා අල්ලං ඉන්න ගමන් මගේ ඇස් දෙක නිතර නවතින්නේ මීටර් කටුව උඩ... ඒක සීය පැනලා යද්දි පුදුම ආතල් එකක් මට තිබුනේ... කොහොමටත් ගමනෙන් වැඩි හරිය ඕක තිබුනේ 120 හරියේම තමා... ඒත් ඇත්තටම ඌ ගැන මට තිබුණ විස්වාසේ හින්දම වේගේ වැඩි උනා කියලා මට අවුලක් තිබුනේ නැහැ... කොහොමත් හයියෙන් යන්ට මං බොහොම කැමතියි... ඉස්සර බස් එහෙකට නැගලා ඒක කොටනකොට මට ඩැයිවර්ගේ අම්මා අප්පා සිහි වෙනවා... හිටි හැටියේ කඩි කුලප්පුව හැදිලා වගේ කඩාගෙන බිදගෙන රේස් එකක් යන්ට ගත්තම දැනෙන සංතෝසේ... අම්මේ ඒ වෙලාවට දෙයියන්ට කියන්නේ අතර මග හෝල්ට් වල බහින්ට කට්ටිය නැති වේවා කියලා... එහෙම හිටියොත් ඒ අයට බහින්ට බස් එක නවත්තන්ට වෙනවනේ... ඒකයි...

කොහොම හරි මාතර නගරයට කිට්ටුවදී අපි වේගයෙන් යද්දි මාතර පැත්තේ හිටං අපි ඉන්න පැත්තට ආව කොලපාට තුන්සක් රියක් ඒකේ ආව කාව හරි පාරේ අනිත් පැත්තේ බස්සලා එක පාරටම රවුමක් කරකෝලා හැරෙව්වේ නැද්ද ආපහු මාතර පැත්තට.. කෙටියෙන්ම කිව්වොත් මූ පාර හරහා කැපුවා හිටි හැටියේම... අයියා කාරයට කර ගන්න දෙයක් තිබුනෙම නැති තරං... ලොක්කෝ අල්ල ගනින් හොදට වගේ කියනවා මට මතකයි... මෑන් අතේ පයේ තියෙන උපරිම ශක්තිය දාලා ගැහුවා බ්‍රේක්... කොහොම හරි අපි හැප්පුනේ නැහැ... ඒත් ගිය වේගයට බ්‍රේක් ගැහුවට බයික් එක පැත්තට ඇල වෙලා විසිවෙලා ගියා... මට මතක මාව බඹරයක් වගේ කැරකිලා ගිය එක තමා... මගේ පිටේ ලොකු බෑග් එහෙක දෙන්නගෙම රෙදි අනං මනං දාලා තිබුනේ... ඉබ්බෙක්ගේ කටුව පැත්ත හරවලා කැරකුවා වගේ මමත් බඹර චක්‍රයක් වගේ කැරකිලා ගිහින් කෙලින් විසි උනේ පාර අයිනේ කොන්ක්‍රිට් කානුවට.. කොහොම හරි එදා අතක් පයක් නොකැඩී බේරුනා.. බයික් එකත් මාතර උයන් වත්ත හරියේ තැනකින් සුළු සුළු රෙපෙයාර් එහෙම කරගෙන අපි ආයෙම කතරගම ගියා... ඒක මට අමතක නොවෙන ගමනක්... ඒ වගේම පුංචි උන් එක්ක ගමන් යන්න අකමැති..පුංචි උන්ව ගමන් ගෙනියන්න අකමැති උන් අතරේ අපේ අයියා කාරයා මාවත් දාං ඔය ඕන අහක යන්ට කැමති වීමම මට ලැබුන ලොකු චෑන්ස් එකක් උනා...  අපරාදේ කියන්න බැහැ අපේ තාත්තත් පරිස්සං වෙන්ට කියලා දෙන්නටම කිව්වා ඇර කවදාවත් මාව නවත්ත ගත්තේ නැහැ..ඌත් එක්ක යන්ට ඇරියා...

එහෙම ගමන් ගිය මට දිගින් දිගටම ඇවිදින්ට ආසාව තිබුනත්.. ඒ ආසාව ඉතාමත් හොදින් ඉස්ට කරගන්ට උනේ ගිය අවුරුද්දේ තමා... තව ඉතිං එහෙම ඇවිදින්ට යන්ට උවමනා ගමන් වලින් කිහිපයක් තමා ඉතිරි වෙලා තියෙන්නේ... එහෙම බැළුවම මටනං මේ ගත උන අවුරුද්ද අන්තිම හොදයි... හොඳට කාලා බීලා ජොලියේ ගත වෙලා ගිය අවුරුද්දක්.. ඒ වගේම අවුරුදු 16 දී 17දී වගේ කාලෙදි බැලුවට පස්සේ වැඩිම චිත්තර පටි ගානක් හෝල් වලටම ගොහින් බලාපු අවුරුද්දත් මේකම තමා... මේ අන්තිම මාස දෙකක විතර කාලෙට සැවොයි එකේම ත්‍රීඩී ෆිල්ම් 3ක්ම බැළුවා කියහංකෝ.. ඊයේ තමා අන්තිම එක බැළුවේ... හොබිට්... ඒකත් ගති කතාව...

ඒ වගේම කාලෙක ඉදන් තිබුන කැමරාවක අඩුව සපිරුන..අවුරුද්දත් මේකම තමා...ඇති පදං ගමන් බිමන් යන්ටයි..පොටෝ අල්ලන්ටයි... ලැබුන මේ අවුරුද්ද කෑමෙන් බීමෙන් හා අනික්තු සෑම දෙයින්ම වගේ සපිරුන සුභ අවුරුද්දක් උනා... ඒ වගේම ඒ ඒ ගමන් බිමන් වලට හවුල් වෙන්ට කැමති ඕන අහක යන්ට බය නැති යාළුවෙකුත් මේ අවුරුද්ද පුරාවටම හිටියා... ඒකත් අමතක කරන්ටම බැහැ...

ඒ දේවල්වලට අමතරව මම බොහෝම සතුටෙන් කරගෙන යන මේ බ්ලොග් කෙරුවාවටත් මේ අවුරුද්ද ඉතාමත් හොදයි... බ්ලොග් එක පාළුවට යන්ට නොදී වසරේ මුල පටන් අග දක්වාම ලියන්ට මොනවාම හරි මට ලැබුනා... ඒ වගේම ඒ ලියාපු හැම එකම කියවලා කතා බස් කරලා යන්ට හොඳ යාළු මිත්තරයෝ ටිකකුත් මේ අවුරුද්ද පුරාවටම හිටියා... ඒ හැම කෙනෙකුටම බොහෝමත්ම ස්තූතියි කියලා කියන්ටත් මේක හොද අවස්ථාවක්...

බොහෝමත්ම ස්තූතියි හිත මිත්‍රයිනි...

ඉතිං එළඹෙන අවුරුද්ද ජයද නැද්ද කියන එකට වඩා ගෙවුන..ගත කරපු අවුරුද්ද කොයි තරම් හොඳද කියන කාරණය ගැන සිහිපත් කරමින්ම මම මේ වර්ෂයට සමු දෙනවා... එළඹෙන වර්ෂය කොයි විදියට මගේ ජීවිතේට ආවත්.. ගත උන අවුරුද්දේ සතුට ගැන හිතමින් සංතෝෂයෙන්ම මේ අවුරුද්දට සමු දෙනවා...

ලබන්නා වූ නව වසර සියළුම බ්ලොග් ලියන කියවන ඔබ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා...!

ආයුබෝවන්....

51 comments:

  1. Replies
    1. ඔවු ඉතිං උඹටනං මේ අවුරුද්දෙ කිසි අඩුපාඩුවක් නෑ කියල මූනු පොත බැලුවහම තේරෙනව. ලබන අවුරුද්දෙත් ඒ වගේම හිතේ තියෙන දේවල් ඉෂ්ට කරගන්න හැකිවේවා කියල පතනව.

      එහෙනං ඔන්න මාත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල පැතුව.

      Delete
  2. හැමදාමත් මාරේ වර්ථමානය කටුකලෙස තමා අපේ හදවත් වලට දැනෙන්න්. ඒත් කාලයක් යනකොට එදා වර්ථමානය අතිතයක් වෙනවා. එදාට අප පසුකළ අතීතය මිහිරියාවක් ගෙන දෙනවා. සොඳුරු අවුරුද්දක නිමාවේ ලබන්නා වූ වසරත් සොඳුරු බර වේවා ඔබටත් බ්ලොග් ලියන සැමටත්.

    ReplyDelete
  3. ඔබටත් සුභ නව වසරක් වේවා..!
    ඇයි ලැපකුත් ගත්ත කිව්ව නේද..?

    ReplyDelete
  4. ඔබටත් සියලු බ්ලොග් වාසින්ටත්
    නිදුක් නිරෝගී , සතුට සෞභාග්‍ය සපිරි, සුභ නව වසරක්ම වේවා...
    මේ වසරේදී සියලු පැතුම් ඉටුවී යුගදිවී මංපෙත වෙත පානගන්න ලැබේවා...!!!!!!!!!!!!

    ReplyDelete
  5. ම්ම්ම්... මට නම් අලුත් අවුරුද්දක් කියලා එච්චර වෙනසක් තේරෙන්නේ නෑ මේ පාර.. ගෙදරටම වෙලා ඉන්න හින්දා වෙන්නැති.. ඒත් ඉතිං මාරයියටයි මේකේ වලි දාගන්න සෙට් එකටයි සුබ නව වසරක් වේවා කියලා නොකියා බෑ නේ.. හි හි...

    ඔන්න එහෙනං...

    මාරයියටයි, අනිත් කට්ටියටයි සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  6. එළඹෙන නව වසර ඔබටත් සුභ නව වසරක් වේවායි පතමි.......

    ReplyDelete
  7. සුබ නව වසරක් වේවා...මේ අවුරුද්දේ වත් මෙව්වා එකක් කරගන්න ලැබේවා...

    ReplyDelete
  8. එළඹෙන 2013 වර්ෂය මාරයා අයියාටත්,සෑම සියළු දෙනාටමත් සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
  9. එහෙනම් සුභ අලුත් අවුරුද්ද වේවා !

    ReplyDelete
  10. ඇයි වළලු දාපු අතකින් කෑම එහෙම කන්නත් පුළුවන් උනා නේද? :P
    කොහොමින් හරි ලබන අව්රුද්ද මීටත් වඩා හොද වෙන්න කියල සහ තනිකඩ ජිවිතේට සමුදෙන්න ලැබේවා කියලත් ඔන්න සුභ පතනවා..

    ReplyDelete
  11. පහුගිය අවුරුද්දටම හරියන්න අද හොඳ කට්ටක් කන්න වෙනව මට නම්...

    මේ අවුරුද්ද විදිහටම එන අවුරුද්දත් උඹට සුභම වේවා කිව්වා !...

    ReplyDelete
  12. වෑඩියෙන් බ්ලොග් ලියන්න පුලුවන් වෙන අලුත් අදහස් ගලාගෙන එන සුභම සුභ නව වසරක් වේවා....

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා...!

    මග නතරවුනු කතාමාලා ටික නව වසරේ
    වත් සම්පූර්න වේවා

    ReplyDelete
  14. මාරයා අයියටත් සතුට පිරිණු සුබ නව වසරක් වේවා !

    ( ඒ වගේම වැඩි වැඩියෙන් ගමන් යන්න ලැබේවා..)

    ReplyDelete
  15. මම බ්ලොග් ලෝකෙට ඇවිදින් හරියටම අවුරුද්දක් වෙනවා හෙටට. ඉතිං මේ අව්රුද්ද පුරාවට කියවපු, මගේ ලිවිල්ලට ගුරු කොට ගත්ත, මගේ බ්ලොග් එකට හොඳ කමෙන්ට් ලැබුන තැනක් තමයි මාරයා සහ මාරයාගේ හෝරාව. ඉතිං මෙහි පහුගිය අව්රුද්දෙ පල වෙච්චි හැම ලිපියක්ම බලපු කමෙන්ට් කරපු අයෙක් විදියට, බ්ලොග් බලන ඇයගේ රස වින්දනයට කිසිදු ලාභ ප්‍රයෝජනයක් නැතිව කරපු මේ මෙහෙය අපි අගය කරන්න ඕනේ. එහෙනම් ලබන්නාවූ නව වසර මාරයා සහ සමාගමට සියලු යස ඉසුරින් සපිරි සුබ නව වසරක් වේවා !!!!

    ReplyDelete
  16. උඹටත් එසේම වේවා....!!!

    මේ වසරේවත් අමාරුවේ වැටේවා.....!!!

    ReplyDelete
    Replies
    1. උඹලට නැති නිදහස ඌට තියනවයි කියල ඉරිසියා කරන්න එපා බන් :p

      Delete
    2. ඇත්තටම මටනම් මූ එක්ක තියන ඉරිසියාවක්...කොහොම හරි බැදපං.

      Delete
  17. මාරයා අයියටත් අනතුරු කරදර වලින් තොර සුභ නව වසරක් වේවා කියල පතනවා.

    ReplyDelete
  18. සුබ නව වසරක් වේවා !!

    හොබිට්ස් මේ අවුරුද්දේ බලපු හොඳම චිත්‍රපටිය මට නම් . 2012 බලපු චිත්‍රපටි ගැන ලියල දාන්න හිටිය දවසේ වෙන අටමංගල්ලයක් ලියන්න වෙලා ඒක මඟ හැරුණා . මතක ඇති කාලෙකින් චිත්‍රපටි හෝල් එකට ගිහින් 'සිංහල ෆිල්ම්' එකක් නොබලපු අවුරුද්ද 2012

    ReplyDelete
  19. සුඅ අළුත් අවුරුද්දක් වේවා මාරේ අයියා

    ReplyDelete
  20. සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  21. කොයි දේ තිබුනත් ඔබාගෙ කොමෙන්ටුවක් නැති පොස්ට් එක පාලුයි. 2012 නැතිවෙච්ච හොඳ දෙවලින් එකක් ඒ.

    මාරයාට 2013 ඉන්දියාවෙ යන්ට ලැබේවා!!!(මේ කිව්වට මමත් ඉන්දියාවෙ ගිහිං නැහැ)

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මට හම්බ උන හොදම සුභ පැතුම...
      මේ අනිත් උන් මාව අමාරුවේ දාන එව්වා ප්‍රාර්ථනා කොරන අස්සේ... ඕක කොහොම හරි ඉස්ට වෙනවනං මරු... උත්සහයක් දාලා බලන්න ඕන...

      Delete
  22. මේ අවුරුද්ද මටනම් හැම අතින්ම ඉතාමත් හොඳ අවුරුද්දක් උනා . මගේ ඉලක්ක කරා යන්න පුලුවන් උනා . ඒ වගේම ඉතාමත් නිරෝගීව ගත කල වසරක් . නව වසරත් එහෙම උනොත් කොතරම් හොඳද කියල හිතෙනවා .
    …මාරයාටත් , බ්ලොග් අව්කාශයේ සියලුම මිතුරු මිතුරියන්ටත් සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා !

    ReplyDelete
  23. මාරයා සහ සමාගමට සියලු යස ඉසුරින් සපිරි සුබ නව වසරක් වේවා !!!!
    සුදීකත් එක්ක මමත් එකතුවෙනවා

    ReplyDelete
  24. මාරයට අළුත් අවුරුද්ද ජයම වේවා!!

    ReplyDelete
  25. ඇත්තටම සතුටුයි බන් උඹට සතුටින් ගෙවන්න පුළුවන් වුනා කියන එක. උඹේ අර නිදහස ගැන නම් තියෙන්නේ පට්ටම ඉරිසියාවක් කියල උඹ මුලිච්චි වුනාමත් මං කිව්වනේ.

    2013 අවුරුද්දත් උඹේ ජීවිතේ සතුටුදායකම අවුරුද්දක් වේවා කියල පතනවා. දැන්වත් බැදහං. නැත්නම් පොඩි එවුන් (නීත්‍යානුකූල ) මොන්ටිසෝරි ගෙනියන්න වෙන්නේ හැරමිටියෙන්. බ්ලොග පැත්තෙන් ගත්තොත් අපෙන් සුද්ධ සිංහල නාහ බඩාගෙ කථා තව දාපං.

    ReplyDelete
  26. මට ඕකේ අනිත් පැත්ත මාරය අය්යේ :( .. ජීවිතේ ගෙව්ව කුජීතම අවුරුද්ද...
    ජනවාරි 2 මේ ඔටු දේසෙට පය ගැහුවත් හරි මට කෙලවෙලා ගියා...
    අනේ සතියට දවස් හතරක් වැඩකරල ඒකත් 9.30 - 4.00 රටවටේ බයිසි මොටෝවේ ගිය මගේ තරුණ ජීවිතේ කවුද දෙය්යනේ හිතුවේ මෙහෙම හිරවෙලා අහිකුණ්ටක ජීවිතයක් ගතකොරන්න ලැබෙයි කියලා

    යන්තම් හරි පිහිටට හිටියේ මෙහෙදි හම්බ වෙච්ච යාළුවො ටික තමා.. උන් හම්බ උනෙත් බ්ලොගර් ට පින් සිද්ද වෙන්න

    තැන්කිව් බ්ලොගර්

    ReplyDelete
  27. ඔබටත් තවත් සුභ වසරක් වෙයි එන වසරත්. එහෙනම් සුභ 2013 වේවා!!!

    ReplyDelete
  28. මට නම් මේ අවුරුද්ද එක දුක්බරම අවුරුද්දක්. එකට හේතුව මම බ්ලොග් එකේ ලියන්නම්. ඒ කොයික වෙතත් ඔබ තුමාට සුහම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  29. සිතු පැතූ දේ ඉෂ්ට වෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා අයියා

    ReplyDelete
  30. අනේ උඹටත් සුභ වේවා මේ අවුරුද්දත්.......

    ReplyDelete
  31. දැං නම් මාතර ඔය හුරතල් නෑ. අඟල් 10න් දහයට පොලිසියෙන්. අපරාදෙ කියන්න බෑ මුන් නම් ජරා පප්පල නෙවෙයි...

    අනික දැං පාරවල් සුපිරියට හදල කන්න නැතත්..

    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  32. සුබ අලුත් අවුරුද්දක් වේවා මාරයෝ

    ReplyDelete
  33. ඔබටත් 2013 වසර සතුට සෞභාග්‍යය පිරුණු සුභ නව වසරක් වේවා මාරයියේ

    ReplyDelete
  34. මාරය අයියටත් 2013 අළුත් අවුරුද්ද සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  35. සුභ නව වසරක් වේවා...!

    ReplyDelete
  36. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    මාරයාටත් සුභ පැතුමක්!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
  37. එහෙනං මාරයෝ, කවි තෙල් ඉතිරෙන, අලුත් අලුත් රෙසිපි ඉදෙන, මයිල් කෙලින්වෙන කතා කියවන්න ලැබෙන, රටවටේ සවාරි යන්න ලැබෙන... අලුත් අවුරුද්දක් වේවා එහෙනම්.

    ReplyDelete
  38. ඔබටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
  39. aie doo munu pothe kello tika dana comment ewath adu paduwak na neda umbata

    ReplyDelete
  40. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  41. (කු)මාරයා ට සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  42. සියළුම දෙනාට නැවතත් ස්තූතියි... ඔන්න අළුත් එක පටන් ගත්තා.. දැන් ඉතිං ඇදගෙන යං...

    ReplyDelete
  43. මාරයා නොදැන සිටියට මේ අවුරුද්ද තුල මාරයාගේ සියලු ලිපි බලපු කෙනෙක් තමයි මම. මාරයාට සහ සියලු සත්වයන්ට සුබ නව වසරක්

    ReplyDelete
  44. මාරයගෙ ලිපි මුල ඉඳන්ම වගේ බලපු කෙනෙක් මම. ඉස්සර නහයෙන් අඬපුව.. බීපූ කතා.. කුරුළු හමුදාවෙ කතා ඔය හැම එකක්ම...
    මොනව උනත් ගිය අවුරුද්ද ගොඩක් දෙනෙක්ට ඉතාම හොඳ අවුරුද්දක් බව පේන්න තිබුණ කවුරුත් නොකිව්වට. මටත් හිටි ගමන් මරාල කීපයක් වැටුනට හොඳයි කිව්ව හැකි අවුරුද්දක් ගෙවිල ගියේ...
    ඉතිං පරක්කු වෙලා හරි ඔන්න මමත් මාරයටයි බ්ලොග් සහෘදයින් සෑම සියලු දෙනාටමත් අලුත් අවුරුද්දට සුබ පැතුව ඕං. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!

    ReplyDelete